රූපමය කලාවේ අසිරිය විඳින්න එන්න
කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය අංශයේ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක කියන්නේ, මැයි 11 වැනිදා සිට 14 වැනිදා දක්‌වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී රඟ දක්‌වන්නට නියමිත නාට්‍ය උළෙල ශ්‍රී ලාංකේය ප්‍රේක්‌ෂකයන්ට හිමිවන දුර්ලභ අවස්‌ථාවක් බවය. ඒ "ඊඩිපස්" හා "ඇන්ටිගනී" යන නාට්‍ය දෙකම දවස් දෙකක් තුළ එකවර නැරඹීමේ හැකියාව ලැබීමයි. "ඊඩිපස් හා ඇන්ටිගනී" නාට්‍ය උළෙල එකිනෙක බැඳුණු නාට්‍ය දෙකක් වීම ඊට හේතුවයි. "ඊඩිපස්" හා "ඇන්ටිගනී" සමග ඉතා විශිෂ්ට ස්‌වතන්ත්‍ර නාට්‍යයක් ද වේදිකාගත වීමට නියමිතය. ඒ "ජනේලයෙන් පනින්නද?" නාට්‍යයයි.
රූපමය කලාවේ ආශ්චර්යය විඳගන්න ඔවුන් ඔබට ආරාධනය කරන්නේ එහෙයිනි. ඒ අනුව 3.30 සහ 6.30 දර්ශන සඳහා නාට්‍යය බැගින් වේදිකාගත කිරීමට නියමිතය. මේ ප්‍රියංකර රත්නායක සමග ඒ .... පිළිබඳව කළ සංවාදයකි.
සංවිධානය කිරීමට නියමිත නාට්‍ය උළෙල ගැන යමක් දැනගන්න කැමතියි.
මේ නාට්‍ය උළෙල ගැන කතා කළොත් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය විෂය පටන් අරගෙන අවුරුදු අටක් නමයක් විතර වෙනවා. ඒ කාලය තුළ අපි කලා උළෙලවල්වලදී නාට්‍ය කළා. එතැනදී බොහෝ වේලාවට සිද්ධ වුණේ විශ්වවිද්‍යාලයෙන් පිටතදී කරපු නාට්‍ය ගෙනැල්ලා උත්සවයක් හැටියට පවත්වන එක. ඊට පස්‌සෙ කාලෙක අපි කළේ විශ්වවිද්‍යාලයෙන් පිට නාට්‍ය එකක් හෝ දෙකක් සමග අප විසින්ම නිෂ්පාදනය කළ නාට්‍ය ඒ උළෙලට තිබ්බ එක. එතැනදී බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා ඔයාලා ඇයි මේවා විශ්වවිද්‍යාලය ඇතුළේ විතරක් පෙන්වන්නේ? ඇයි පිටතදී මේවා නොපෙන්වන්නේ කියලා. ඒකට හේතුව පහුගිය කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවෙච්ච නාට්‍ය. විවිධ නාට්‍ය උළෙලවල්හිදී ජයග්‍රහණයන් හා සම්මාන අත්පත් කරගැනීමත්, ප්‍රේaක්‌ෂක ප්‍රතිචාර හා විද්වත් විචාරවලට පාදක වීම. ඒවාට බොහෝ විට මුල් වුණේ විශ්වවිද්‍යාලයේ ළමයි හා ගුරුවරු.
මේවාට පාදක කරගත්තේ ලෝකයේ විශිෂ්ටතම නාට්‍ය පරිවර්තනයන්. මේකට විශාල ප්‍රේක්‌ෂකයෝ පිරිසක් විශ්වවිද්‍යාලයෙන් පිටත සමාජයේ ඉන්නවා. "අද වගේ දවසක ඇන්ටිගනී" ඒ වගේ ප්‍රතිචාර, අවධානය යොමු කරගත් නාට්‍යයක්. මම හිතන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පුනරුදයන් හා වර්ධනයෙන් පසු කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය ගැන බොහෝ දෙනෙක් කතා වුණා. මෙන්න මේ වගේ කාරණා නිසා අපි තීරණය කළා කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළේ ළමයි, ගුරුවරු පමණක් නොවෙයි, අපෙන් ඉවත්ව ගිය විද්‍යාර්ථින් සමග පවා එකතු වෙලා නාට්‍ය උළෙලක් පවත්වන්න.
මේ වෙනකොට පැරණි පරිවර්තන නිෂ්පාදනයන්, හෝ වේදිකාගත කළ පරිවර්තන නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීම ප්‍රවනතාවයක් විදියට දකින්න ලැබෙනවා. මොකක්‌ද මේකට හේතුව.
ඒකට විශේෂ හේතුවක් තියෙනවා. දැන් ඇන්ටිගනී ගත්තොත් මීට පෙර නිෂ්පාදනය කර තිබෙන්aaනේa සෝමලතා සුභසිංහ මහත්මියයි. ඒ නාට්‍ය බලපු අයට දැනෙයි ඇන්ටිගනී නාට්‍ය තුළ ඇති සුවිශේෂි වෙනස.
ආචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ විවේචනයකදී සඳහන් කළේ අපි නිෂ්පාදනය කරපු නාට්‍ය බලා සිටියදී කිනම් මොහොතක හෝ එය පරිවර්තනයක් ලෙස තමන්ට නොහැඟුණු බවයි. ස්‌වතන්ත්‍රයක් වන තරමටම ලාංකීය ලක්‍ෂණ සහිතයි කියලයි ඔහු කියන්නේ. දැන් එයින් කියෑවෙන්නේ නැහැ සෝමලතා සුභසිංහ මහත්මියගේ ක්‍රමවේදය දුව_ලයි කියලා. එයාගේ ක්‍රමවේදය එකක්. අපි නිෂ්පාදනය කළ ක්‍රමවේදය එකක්. දැන් ගත්aaතොත් බර්නාඩ්ගේ සිපිරි ගෙය එහි සියලුම චරිත කාන්තාවන්. ඉතිං ඒක මට කරන්න හිතෙනවා සියලුම චරිත වලට පිරිමි දාලා. ඒක මට තිබෙන වෙනම ඇසක්. අපි මේවා නැවත නැවත කරන්නේ ජීවිතයට අර්ථ සපයන නිසයි. නාට්‍යයක රූප ඔබ දකින විදිය සහ මා දකින ආකාරය වෙනස්. මමත් බර්නාඩාගේ සිපිරි ගෙය නිෂ්පාදනය කළා. රංජනී ඔබේසේකර මහත්මිය එය නිෂ්පාදනය කළා. නමුත් අනෙක් අය ගීත ආදිය නැතුව කරපු "බර්නාඩා" මම කළේ ගීතමය නාට්‍යයක් හැටියටයි. ඒකත් යම් ආකාරයකට ප්‍රේක්‍ෂකයාගේ ආකර්ශන අවස්‌ථාව දිනාගත්ත නාට්‍යයක්. නාට්‍යයක් නිෂ්පාදනයේදී එය කළ හැකි ආකෘතිය මේ යෑයි කාටවත් කියන්නට බැහැ. ඇත්තටම පිටපත නොවෙයි නාට්‍ය කියන්නේ. ඔබට වුණත් ඇන්ටිගනී දැක්‌කොත් හිතෙයි මේක මේ විදියටත් කළොත් හොඳයි නේද කියලා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයය එක් යුගයක දක්‌නට ලැබුණු නාට්‍ය පුනරුදය හා සමාන තත්ත්වයක් කැලණියේ දකින්නට ලැබෙන බව ඔබ කිව්වා. ඒත් පේරාදෙණියේදී අපිට දකින්නට ලැබුණු එදිරිවීර සරත්චන්ද්‍ර මහතාත් ස්‌වතන්ත්‍ර නාට්‍ය වෙනුවට අපිට කැලණියේදී දකින්න ලැබෙන්නේ බටහිරට නැඹුරු පරිවර්තන නාට්‍ය මාලාවක් කියලා යමෙක් චෝදනා කළොත් ඒකට උත්තරය මොකක්‌ද?
ඔය කතාවේ වැරැද්දක් තියෙනවා. යම් පරිවර්තනයක් ගත්තොත් එය යම් රටක නිෂ්පාදනය වන්නේ ස්‌වතන්ත්‍රව තමයි. දැන් අපි මනමේ ගත්තොත් එය ස්‌වතන්ත්‍රයක්‌ද? මනමේ නාඩගම, කෝළම, ජාතකයත් තියෙනවා. එතකොට ජාතකයෙන් කෝළම හැදිලා ඒකෙන් නාඩගම හැදිලා ඊටත් පස්‌සේ තමයි නාට්‍ය හැදෙන්නේ. ඒත් මනමේ කරන්න සරත්චන්ද්‍ර මහත්මයාට බලපාන්නේ බටහිර සංගීත නාට්‍ය ජපානයේ "නෝ", "කබුකි" නාට්‍ය බලලා. කරපු අධ්‍යයනයන්, මොකද ඒ කාලයේ ඔහුට ඒවා හදාරන්න අවස්‌ථාවක් ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් මනමේ ලංකාවේද ඒත් නැහැ. එය ඉන්දියානු පසුබිමක් තිබෙන නාටයHක්.
නමුත් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි ප්‍රශ්න නොකරන්නේ. අපිට වැදගත් වන්නේ නාට්‍යයේ පසුබිම නොවෙයි, පරිවර්තනද ස්‌වතන්ත්‍රද කියන එක නොවෙයි. ඒ නාට්‍ය අපේ ජීවිතවලට කොතරම් වැදගත්ද කියන එක විතරයි. මේ වගේ මට වෙනත් දේ ගැන කතා කරන්න පුළුවන්. "තියටර්" කියන්නේ ලැන්ග්වේඡ් එකක් නැතිනම් භාෂාවක්. එතකොට එයින් ආමන්ත්‍රණය කරන්නේ ඒ නාට්‍ය වටා පෙළ ගැසෙන සංස්‌කෘතිය.
බොහෝ නාට්‍ය උළෙලවල් සීමාවන්නේ කොළඹට ප්‍රේක්‍ෂකයා පවා බොහෝවිට පෙළ ගැහෙන්නේ නාගරික පසුබිමක් සහිතවයි. එතකොට කොහොමද, මේ වගේ නාට්‍ය පාසලක පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක් මතුවනවා නේද?
මේ මොහොත වනවිටත් නාට්‍ය කලාව රැඳී පවතින්නේ නාට්‍ය කරුවාගේ උනන්දුව මතයි. ඔවුන්ගේ කැපවීම සහ ඔවුන් පූර්ණකාලීනව නාට්‍ය වෙනුවෙන් කරන මෙහෙය මතයි. ඒත් ලෝකයේ බොහෝ රටවල නාට්‍ය කියන්නේ විශිෂ්ටතම කලා මාධ්‍යයක්. එහිදී ඉන්දියාව ඇතුළු බටහිර රටවල් නාට්‍ය කරුවන්ට අවශ්‍ය පහසුකම් හා සේවා ලබාදීම ඒ රටවල රජයන් කළ යුත්තක්‌සේ සැලකෙනවා.
එය රාජ්‍ය මට්‌ටමෙන් සහ පෞද්ගලික මට්‌ටමෙන් ලැබෙනවා. නමුත් අවාසනාවකටවත් අපේ රටවල ඒක සිද්ධවෙන්නේ නැහැ. අද අපේ රටේ සමාජයේ සිද්ධවෙන බොහෝ ව්‍යසනයන්ට හේතුවත් කලාවට නොලැබෙන මේ සහාය වෙන්න පුළුවන්. මිනිස්‌සු කලාව විඳින්න පුරුදු වෙලා හිටියනම් තමන්ගේ දරුවයි බිරිඳයි මරලා වත්තේ වළලන්නේ නැහැ. පවුල් පිටින් ඝාතනය කරන්නේ නැහැ. සොරකම් - වංචා කරන්නේ නැහැ. මිනිස්‌සුන්ගේ මනස හදන්න නීති වලින් බැහැ.
කොහොම හරි අපි උත්සාහ ගන්නවා මේ නාට්‍ය උළෙල දිගු ගමනක ආරම්භයක් කරන්න. රට වටේම ප්‍රේක්‍ෂකයන් මේකට ගොනු කරගන්න.
උදේශ සංජීව ගමගේ
ඡායාරූපය - සජිත් ජයසේකර
Copy Rights - Divayina
0 comments:
Post a Comment