
(1).jpg)
.jpg)
වත්මනෙහි සංගීත ක්ෂේත‍්‍රයේ අපට හමුවන රත්තරන් හඬක් වන කසුන් කල්හාර ගැන, මිහිරිතම හඬක් ඇති ගී කෝකිලාවක වන බුන්කා සම්මානයෙන් පිදුම්ලද උරේෂා පවසන්නෙ ඒ විදියටයි. අද මගේ ඇසින් විශේෂාංගයට කසුන් ගැන උරේෂා තවත් කියන්නෙ මොනවද බලමු.
.jpg)
”ආදරණීය වස්සානය” චිත‍්‍රපටයෙ යුග ගීත සඳහා තමයි මුලින්ම මට කසුන් එක්ක ගීතයක් ගයන්න ලැබුණෙ.
.jpg)
දයානන්ද පෙරේරා මහතාගේ ශබ්දාගාරයේදී තමයි පටිගත කිරීම් සිදුවුණේ. සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්තයත් හිටියා. ගීතය වෙනුවෙන් අපි පෙර පුහුණුවක් කළා. ගීතය විකාශය වන කාලය විනාඩි දෙක තුනක් වුණාට හැඟීම්බර ගායනයක් නිසා ඒ හැඟීම් දැනවීම ගැන අපි දෙන්නම හිතුවා. ඒ නිසා අපට ඊට උපරිම සාධාරණය කරන්න පුළුවන් වුණා. ඒ ගීතයෙන් මතුවන ආදරණීය හැඟීම උපරිමයෙන් දෙන්න පුළුවන් වුණේ, සංගීතය සහ ඒ හැඟීම් ගායනය නිසයි.
.jpg)
මට සිටින හොඳම යාළුවෙක්. ඇත්තටම කසුන් කියන්නෙ හරි නිවිච්ච තැන්පත් චරිතයක්. වැඩිය කතා නැහැ. කතාකරන්නෙ අවශ්‍ය තැනට, අවශ්‍ය දේට විතරයි.
.jpg)
.jpg)
ඔහු හරි සරල පුද්ගලයෙක්. ආඩම්බරයි කියලා හිතෙනවා ඇත්තෙ ඔහු අර ඉස්සෙල්ලා කිව්ව විදියට හැසිරෙන නිසා වෙන්න ඇති. ක්ෂේත‍්‍රයේදී කිසිම ආඩම්බරකමක් නැතිව උදව් කරන කෙනෙක්. මොකක් හරි ප‍්‍රසංගයක් පවත්වන්නට පෙර ඒ ගැන කතා බහ කරලා ඊට හොඳට පෙර සූදානම් වන කෙනෙක්.
.jpg)
ආධුනික ප‍්‍රවීන කියලා භේදයක් නැහැ. එයා කා එක්කත් සුහද හොඳ පුද්ගලයෙක්. එයාගෙන් ආධුනිකයින්ට වගේම සමහර පළපුරුදු අයටත් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.
.jpg)
කසුන් ප‍්‍රසංගයකට එන්නෙ ලැහැස්ති පිටයි. තමුන්ගෙ ගායනය ගැන ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. ඒත් මතුපිටින් දැක්කාම එහෙම නෙවෙයි කියලා හිතෙන්න පුළුවනි. ගායන ක්ෂේත‍්‍රයේ සමහර අය තමා ආටිස්ට් කියලා කැපී පේන්න කරන දේවල් තියෙනවා. සමහර විට කන බොන විදිය පවා වෙනසක් කරන්න හදනවා. ඒත් කසුන්ට ඒ ”ස්ටාර්” හෙවත් තරු සංකල්පය නැහැ. ඇඳුම පවා අඳින්නෙ තමුන්ගෙ පහසුවටයි. එයා ගායනයෙන් කැපී පේන්න මිසක් බාහිර අලංකරණ ආටෝප වලින් කැපී පේන්න හදන කෙනෙක් නෙවෙයි. ගායනය ඉස්මතු කරන කෙනෙක්.
.jpg)
අතිශයින්ම හැඟීම්බර ගායකයෙක්. හැඟීම් ගයන්න හැමෝටම බැහැ. කසුන් විශේෂිත වෙන්නෙ ඒ හින්ඳමයි.
.jpg)
ඔක්කෝම ගීත එක වගේ ලස්සනයි. ඒත් ”ආදරණීය වස්සානේ” ගීතයට ගොඩාක් කැමතියි.
.jpg)
ඇත්තටම ඒක හරි. අපි දෙන්නට ගීත පවා ලැබෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.
.jpg)
ඒක එක එක්කෙනාගෙ දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවනි. කොහොම වුනත් නිරෝෂා විරාජිණී අක්කගෙ හඬත් කසුන්ගෙ හඬට වඩාත් ළඟ බව මට හැෙඟනවා.
.jpg)
එයාගෙ දෙමාපියන්ගෙන් ලද සංගීත ඥානය එක්ක කසුන්ගෙ මුළු ආත්මයම දක්ෂ සංගීතයටයි. ඒ හැර වෙන මොනවට ද දක්ෂ කියලා මම දන්නෙ නැහැ.
.jpg)
මම හිතන්නෙ එයා මේ අඳින විදිය වඩාත් හොඳයි.
0 comments:
Post a Comment