----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’

Sunday, November 17, 2013

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’
2013 නොවැම්බර් මස 03 14:37:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුතු දවසෙයි. එදා අවමගුල් උත්සවයට පැමිණ සිටි සියල්ලන්ටම කසුන් ආචාර කළා. මා ළඟටත් ඇවිත් අත්දෙක එක්කාසු කරලා ආචාර කළා. වචනයක්වත් කතා කරන්න තරම්, ශක්තියක් ඔහුට තිබුණෙ නැහැ. එය ඇත්තෙන්ම අතිශය දුක්බර මොහොතක් වුණා. ඒ වන විට කසුන් සංගීත ක්ෂේත‍්‍රයට ඇවිල්ලා හිටියෙ නැහැ. පස්සෙ කාලෙක එයා දක්ෂතා ඇති කෙනෙක් කියලා ආරංචි වුණා.”

වත්මනෙහි සංගීත ක්ෂේත‍්‍රයේ අපට හමුවන රත්තරන් හඬක් වන කසුන් කල්හාර ගැන, මිහිරිතම හඬක් ඇති ගී කෝකිලාවක වන බුන්කා සම්මානයෙන් පිදුම්ලද උරේෂා පවසන්නෙ ඒ විදියටයි. අද මගේ ඇසින් විශේෂාංගයට කසුන් ගැන උරේෂා තවත් කියන්නෙ මොනවද බලමු.

 උරේෂා කසුන් එක්ක මුලින්ම ගීතයක් ගැයුවෙ මොන අවස්ථාවකදී ද?
”ආදරණීය වස්සානය” චිත‍්‍රපටයෙ යුග ගීත සඳහා තමයි මුලින්ම මට කසුන් එක්ක ගීතයක් ගයන්න ලැබුණෙ.


 එදා ඒ ගීතය නිර්මාණය කරද්දී මොනවද වෙච්ච සිදුවීම්?
දයානන්ද පෙරේරා මහතාගේ ශබ්දාගාරයේදී තමයි පටිගත කිරීම් සිදුවුණේ. සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්තයත් හිටියා. ගීතය වෙනුවෙන් අපි පෙර පුහුණුවක් කළා. ගීතය විකාශය වන කාලය විනාඩි දෙක තුනක් වුණාට හැඟීම්බර ගායනයක් නිසා ඒ හැඟීම් දැනවීම ගැන අපි දෙන්නම හිතුවා. ඒ නිසා අපට ඊට උපරිම සාධාරණය කරන්න පුළුවන් වුණා. ඒ ගීතයෙන් මතුවන ආදරණීය හැඟීම උපරිමයෙන් දෙන්න පුළුවන් වුණේ, සංගීතය සහ ඒ හැඟීම් ගායනය නිසයි.


 ඔහු මොන වගේ කෙනෙක්ද? කා එක්කවත් හිනාවෙන්නෙ නැති ආඩම්බරකාරයෙක් කියලත් සමහරු කියනව නේද?
මට සිටින හොඳම යාළුවෙක්. ඇත්තටම කසුන් කියන්නෙ හරි නිවිච්ච තැන්පත් චරිතයක්. වැඩිය කතා නැහැ. කතාකරන්නෙ අවශ්‍ය තැනට, අවශ්‍ය දේට විතරයි.  




 ඔබ කියන්නෙ ඔහු ආඩම්බර නැහැ කියලද?
ඔහු හරි සරල පුද්ගලයෙක්. ආඩම්බරයි කියලා හිතෙනවා ඇත්තෙ ඔහු අර ඉස්සෙල්ලා කිව්ව විදියට හැසිරෙන නිසා වෙන්න ඇති. ක්ෂේත‍්‍රයේදී කිසිම ආඩම්බරකමක් නැතිව උදව් කරන කෙනෙක්. මොකක් හරි ප‍්‍රසංගයක් පවත්වන්නට පෙර ඒ ගැන කතා බහ කරලා ඊට හොඳට පෙර සූදානම් වන කෙනෙක්.


 ආධුනිකයින්ට උදව් කරනවද?
ආධුනික ප‍්‍රවීන කියලා භේදයක් නැහැ. එයා කා එක්කත් සුහද හොඳ පුද්ගලයෙක්. එයාගෙන් ආධුනිකයින්ට වගේම සමහර පළපුරුදු අයටත් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.


 ඒ මොනවගේ දේවල්ද?
කසුන් ප‍්‍රසංගයකට එන්නෙ ලැහැස්ති පිටයි. තමුන්ගෙ ගායනය ගැන ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. ඒත් මතුපිටින් දැක්කාම එහෙම නෙවෙයි කියලා හිතෙන්න පුළුවනි. ගායන ක්ෂේත‍්‍රයේ සමහර අය තමා ආටිස්ට් කියලා කැපී පේන්න කරන දේවල් තියෙනවා. සමහර විට කන බොන විදිය පවා වෙනසක් කරන්න හදනවා. ඒත් කසුන්ට ඒ ”ස්ටාර්” හෙවත් තරු සංකල්පය නැහැ. ඇඳුම පවා අඳින්නෙ තමුන්ගෙ පහසුවටයි. එයා ගායනයෙන් කැපී පේන්න මිසක් බාහිර අලංකරණ ආටෝප වලින් කැපී පේන්න හදන කෙනෙක් නෙවෙයි. ගායනය ඉස්මතු කරන කෙනෙක්.


 ඔහුගෙ ගායනය ඔබ දකින්නෙ කොහොමද?
අතිශයින්ම හැඟීම්බර ගායකයෙක්. හැඟීම් ගයන්න හැමෝටම බැහැ. කසුන් විශේෂිත වෙන්නෙ ඒ හින්ඳමයි.


 ඔහුගෙ ඔබ කැමතිම ගීතය මොකක්ද?
ඔක්කෝම ගීත එක වගේ ලස්සනයි. ඒත් ”ආදරණීය වස්සානේ” ගීතයට ගොඩාක් කැමතියි.


 බොහෝ දෙනා කියන්නෙ ඔබගෙ හඬට යුග ගී ගයන්න සුදුසුම හඬ කසුන්ගෙ කියලයි. ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඇත්තටම ඒක හරි. අපි දෙන්නට ගීත පවා ලැබෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.


 ඔබ හැර තව කා එක්ක යුග ගී ගයන්න කසුන්ගෙ හඬ ගැලපෙනවද?
ඒක එක එක්කෙනාගෙ දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවනි. කොහොම වුනත් නිරෝෂා විරාජිණී අක්කගෙ හඬත් කසුන්ගෙ හඬට වඩාත් ළඟ බව මට හැෙඟනවා.


 ගැයුම සහ සංගීත අධ්‍යක්ෂණයට හැර කසුන් වෙන මොනවට දක්ෂයි කියලද ඔබ හිතන්නෙ?
එයාගෙ දෙමාපියන්ගෙන් ලද සංගීත ඥානය එක්ක කසුන්ගෙ මුළු ආත්මයම දක්ෂ සංගීතයටයි. ඒ හැර වෙන මොනවට ද දක්ෂ කියලා මම දන්නෙ නැහැ.


 කසුන්ට වඩාත් ගැලපෙන්නෙ මොනවගේ ඇඳුමක් කියලද හිතන්නෙ?
මම හිතන්නෙ එයා මේ අඳින විදිය වඩාත් හොඳයි.

0 comments:

Post a Comment