මල්වඩම් අනවශ්‍යයි
නාට්‍ය නිෂ්පාදක, සංවිධායක ප්‍රියන්ත රංජන්

මේ සතියේ අලුත් අවුරුද්ද නිසා ගමේ නෑදෑ හිත මිතුරන් සමඟ ගත කරන්නත් කාලය වෙන් කෙරෙනවා. ලබන විසි වෙනිදා අලුත් වේදිකා නාට්‍යය වන ‘මල් වඩම් අ(න)වශ්‍යයි’ වේදිකා නාට්‍යයේ රිහසල් පටන් ගන්න සූදානම් කරලා තියෙනවා.
ඊට අමතරව අනෙකුත් නාට්‍ය වන රූකඩ රාජ්ජේ, කොළොම් පුරය, දෙව්ලොව යනකං ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම වේදිකා ගත කරන්නත් දින නියම කර ගෙන තියෙනවා.
මේ සතියේ මගේ උපන් දිනය යෙදිලා තිබුණත් එදිනත් වේදිකා නාට්‍ය රිහසල් සමඟ ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණත් එදාට බෝධි පූජාවක් පවත්වලා පුණ්‍ය කටයුත්තක යෙදෙන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා.
http://www.sarasaviya.lk/2014/04/17/?fn=sa1404179
0 comments:
Post a Comment