----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජීවිත තුනක් එක් කතාවක් "කර්ම"

Friday, October 12, 2012


ජීවිත තුනක් එක් කතාවක් "කර්ම"

කටුකත්වය මෙන්ම
බලාපොරොත්තුව දෝත
දරාගත් පියල් තම සිහිනය
දෙවුරේ එල්ලා ගනිමින්
කොළඹට පැමිණියේය.
නාට්‍යකරුවකු වීම හිත තුළ ගුලි කොට ඔබා ගත් පියල් සිහිනය දිගේ බොහෝ දුර ඇවිද්දේය.
නිරතුරුවම නාට්‍යකරුවකු වීම ජීවිතය කරගත් හේ තමාගේ නවාතැන් පොළ සිතිවිලි වේදිකාව බවට පත්කර ගත්තේය.
තමාගේ දිගු, පුළුල් නිශ්කලංක නවාතැනහි බිත්තියෙන් එහා පස ජීවත් වූයේ පෙම් යුවළකි. පෙම්වතා නදීය.
නදී ලංකාවේ නමගිය සංගීතඥයෙකි.
වෙනස්ම හැඩයක වෙනස්ම ආරක සංගීතය අතර ජීවත් වූ නදීගේ පෙම්වතිය අමන්දාය.
කලක් විදේශගතව සිට ලංකාවට පැමිණෙන අමන්දා තමාගේ ජීවිතය බවට පත්කර ගන්නේ නදී හා ගෙවන හෝරා කිහිපයය.
නදී සමඟ එක් නිවෙසේ වෙසෙන අමන්දා පිළිබඳ පියල්ගේ පාවෙන සිත ඇදී යන්නේ ටික කලක් ඇවෑමෙනි.
බිත්තියෙන් වෙන් වූ කාමරයේ පෙම් යුවළක් ගෙවන ජීවිතය ගැන සිතන පියල්, අමන්දාට ප්‍රේමයෙන් පසුවන්නේ තමාගේ ජීවිතයේ ස්වයං වරදකාරී හැඟීම් පහකර ගැනීමේ අටියෙනි. තමාගේ ජීවිතයේ ඇති වූ රික්තකය පුරවා ගනු වස් පියල් කෙමෙන් අමන්දාගේ ජීවිතයට එබෙයි.
මේ අතරතුර අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙණ බව දැනගන්නා නදී අමන්දා වෙනුවෙන් පෙර තිබූ ඇල්ම සහ සෙනෙහස සීමා කරයි. කෙමෙන් ශේෂ වන ප්‍රේමය හමුවේ අමන්දාගේ ජීවිතය ගලා යයි.
තමන්ගේ බාහිර රූපශ්‍රීය ක්‍රමයෙන් වියැකී ගිය ද වෙනස් නොවන පියල්ගේ ප්‍රේමය හුදු ලිංගික කාරණයක් බව සිතන අමන්දා පියල් සමඟ බැඳේ. අමන්දාට අවශ්‍ය වන්නේ පියල් ඉන් මුදාලීමය.
මේ අතරතුªර අමන්දා නදී නිසා ගැබ් ගනී. නදී ගේ විරුද්ධතා මත අමන්දා දරුවා බිහි කරන්නට තීරණය කරයි. නමුදු පිළිකා රෝගයට ප්‍රතිකාර ලබන අතරතුර දරුවකු බිහි කිරීම ප්‍රයෝගික නොවන තැන්හි අමන්දා පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම පසෙකලා දරුවා ගැබෙහි පෝෂණය කිරීමට තීරණය කරයි.
තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්.
එක් පසෙක තනිකඩ තරුණයෙක්.
අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි.
බිත්තියෙන් එහා ජීවිතවලට එබී බලන තනිකඩයාගේ ජීවිතයත්, අනෙක් පස පමා වූ යෞවනයේ මඟහැරුණු බලාපොරොත්තු, මේ සියල්ල අතරතුර තනිකඩයා හා බිත්තියෙන් එපිට ගැහැනිය ඔවුනොවුන්ගේ ජීවිත තුළ තමන්ගේ අවකාශය දැකීමත්, අවසානයේ අනුන්ගේ ජීවිත තුළ තමන් සෙවීමට උත්සාහ කළ තිදෙනා එකිනෙකාගේ ජීවිත විනිවිද දැකීමත් එකම චිත්‍රපටයකට ගොනු වී තිබේ.
විවිධ හැලහැප්පීම්, කඩඉම්, සිතිවිලි සහ ප්‍රේමය ඔස්සේ දිවෙන කර්ම අන්තර් ජාතික සම්මාන කිහිපයකින් පිදුම් ලත් චිත්‍රපටයකි.
රංගනය – මිෂෙල් හර්ෆ්ට්, ජගත් මනුවර්ණ, නදීක ගුරුගේ
අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි
තිර රචනය – ප්‍රසන්න ජයකොඩි, ජගත් මනුවර්ණ
කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – නදීක ගුරුගේ, සුමුදු ගුරුගේ
සංස්කරණය – රංගන සිංහාරගේ, භාතිය දුනුසිංහ, සුදේශ් කුමාරසිංහ
කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න
සහාය අධ්‍යක්ෂණය – අසෝක ආතාවුදහෙට්ටි
වේශ නිරූපණය – නාරද තොටගමුව
කැමරාකරණය - චින්තක සෝමකීර්ති
නිෂ්පාදන කළමනාකරණය - නිශාන්ත පද්මකුමාර
නිෂ්පාදන සම්බන්ධීකරණය - නිරෝෂන් වෙලගෙදර
නිෂ්පාදන විධායක - රසිත ජිනසේන
නිෂ්පාදනය - සිලෝන් තියටර් හෝල්ඩින්ස් (පුද්) සමාගම, ස්කයි එන්ටර්ටේනර් (පුද්) සමාගම, මැජික් ලැන්ටර්න් (පුද්) සමාගම

Sarasaviya
READ MORE - ජීවිත තුනක් එක් කතාවක් "කර්ම"

ප්‍රතික්ෂේප

Thursday, October 11, 2012


alt
පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ දක්‍ෂ යොවුන් රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගටය. ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රංගනය උදෙසාය. උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්‍රකටය.
දෙරණ සිනමා සම්මානය ලැබුණු මොහොතේ ඔබට මොකද හිතුණේ කියල මුලින්ම කියන්න...?
මේ වනවිට මම රඟපාලා තියෙන්නෙ සිනමා නිර්මාණ කීපයක පමණයි. ‘සිංහාවලෝකනය’, ‘මහින්දාගමනය’, ‘කලර්’, ‘භවතරණය’ ඒ සිනමා නිර්මාණ. ‘භව තරණය’ චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ ළඟදි. දෙරණ සිනමා උලෙළේදි මට ලැබුණේ මගේ පළමු සිනමා සම්මානය. ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ, මට සම්මානයක් ඇති කියලා. ඒ සම්මානය ගන්න වේදිකාවට යද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේ ම මීටත් වඩා හොඳම, කැපවීමකින් රංගන කටයුතුවල යෙදෙන්න ඕන කියන හැඟීම මට ඒ වෙලාවෙ ඇති වුණා. ඒ සම්මානය මගේ රංගන ජීවිතයට ලොකු ආලෝකයක්.
මේ දවස්වල ඔබ දායක වී සිටින නිර්මාණ මොනවාද?
මේ දවස්වල ‘පබලු පාලම’, ‘යර්ස් මැඩම්’, පිනි වැස්සක්’ යන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණු “කලර්” චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. කොහොමද හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවද එහි රංගනයට?
’කලර්’ චිත්‍රපටයේ චරිතවල නම් නෑ. මම නිරූපණය කරන චරිතය උපතින් තරමක් දිළිඳු චරිතයක්. ඇය පොහොසත් තරුණයකුට ආදරය කරනවා. ඒ තරුණයාත් ඇයට ගොඩක් ආදරය කරනවා. තරුණ වියේදී හදවතින්ම ආදරය කරලා ඔවුන් එක් නොවුණත් ඔවුන් අතරේ තිබුණු ආදරය මැරෙන තෙක් ම අමතක වෙන්නේ නෑ. වයසට ගියත් ඒ ආදරය අමතක කරන්න බෑ. මගේ චරිතය තම පෙම්වතාට හදවතින්ම ආදරය කරන චරිතයක්. සමාජයේ මුල්බැසගෙන තිබෙන දෙයක් තමයි සල්ලි තිබෙන පුද්ගලයින්ගේ සිත් තුළ අවංක ආදරයක් නැතැයි කියන එක. ඒක එසේ නොවන බව ‘කලර්’ චිත්‍රපටයේ මගේ සහ මගේ පෙම්වතාගෙ චරිතවලින් පැහැදිලි වෙනවා. මගේ පෞද්ගලික අදහසත් ඒකයි. අවංක ආදරයට මුදල් හදල්, බලය කිසිම බලපෑමක් නොකරන බවයි මම හිතන්නෙ. ‘කලර්’ චිත්‍රපටයේ මගේ රංගනය ගැන ගොඩක් දෙනෙක් මට හොඳ කිව්වා. ඒ ගැන මට සතුටුයි.
පසුගිය දවස්වල ඔබ එකදිගටම රූපගත කිරීම්වල සිටියා නේද?
ඔව්. ඒ දේවින්ද කෝන්ගහගේ කියන තරුණ දක්ෂ නර්මාණකරුවාගේ චිත්‍රපටයේ සහ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට. ඒ ‘භව තරණය’ චිත්‍රපටය සහ ‘භව සිද්ධාන්ත’ ටෙලිනාට්‍යය. මේ තමයි එකම පසුතලයක එකවර නිර්මාණය වුණු පළමු චිත්‍රපටය සහ ටෙලිනාට්‍යය. මම හිතනව මේ නිර්මාණවලට දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සුවිශේසී අවස්ථාවක් කියලා. මේ චිත්‍රපටයට සහ ටෙලිනාට්‍යයට තේමාව වෙලා තියෙන්නෙ එකම කතාවක්. එය එක්දහස් අටසිය ගණන්වල ඉඳල දිගහැරෙන කතාවක්. මෙම එක් එක් නිර්මාණයක චරිත 4 ක් නිරූපණය කරනවා. මේවා බෞද්ධ දර්ශනය තේමා කර ගනිමින් නිර්මාණය වුණු නිර්මාණ. මාස 8 ක් පමණ නුවර, මාතලේ, අනුරාධපුරය, කොළඹ කියන ප්‍රදේශවල එහි රූපගත කිරීම් සිදුකළා.
ඒ කාලය තුළ ඔබ වෙනත් නිර්මාණයකට ගියේ නැතිද?
ඔව්. කිසිම නිර්මාණයක් මම ඒ කාලය තුළ බාර ගත්තේ නෑ. එසේ සම්පූර්ණ අවධානය යොමු කළේ ඒ නිර්මාණයට. මගේ ෆෝන් එක පවා මම නවාතැනේ දාලයි ගියේ. මේ කාලයේ නිර්මාණය වන බිස්නස් ටෙලිනාට්‍ය අතරේ ‘භවතරණය’ වැනි නිර්මාණ කෙරෙනවා අඩුයි. ඉතින් එවැනි චරිතයක් ලැබුණාම මම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා.
පසුගිය කාලය තුළ ඔබ ඓතිහාසික වගේම මීට අවුරුදු ගණනාවකට ඉස්සර කාලය පසුබිම් කරගෙන කළ නිර්මාණ කීපයකටම දායක වුණා නේද?
ඔව්. මම ඉතාම කැමැත්තෙන් ඒ නිර්මාණවලට දායක වුණේ. එහෙම චරිත ලේසියෙන් රඟපාන්න බෑ. ඒ යුග පිළිබඳ, ඒ යුගවල තිබුණු භාෂා පිළිබඳව අවබෝධයක්, හැදෑරීමක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි චරිත කීපයක්ම මට ලැබුණා. මම ඒවා සතුටින් බාරගත්තා.
දැන් එකදිගට හැදෙන ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?
දැන් හැදෙන බොහොමයක් ටෙලිනාට්‍ය නිර්මාණ නෙමෙයි. මමත් පසුගිය කාලෙ ඔයවගේ ටෙලිනාට්‍යල රඟපෑවා. නමුත් ආපසු හැරි බලද්දි කනගාටු හිතෙනව. හැබැයි සල්ලි නම් හම්බ වුණා. මේ ටෙලිනාට්‍යවලින් අලුත් පිරිසකට අවස්ථා ලැබෙනවා. ඒක හොඳයි. නමුත් මේ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ශිල්පීන්ටවත් ඒවා බැලීමෙන් ප්‍රේක්ෂකයින්ටවත් ඇති වැඩක් නෑ. මම හිතන්නෙ ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරයක් ගොඩනඟාගත් ශිල්පීන් මේවාට නොයා යුතුයි. ඒ වගේ ම මම හිතනව ප්‍රේක්ෂකයින් ළඟදීම මේ ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරයි කියලා.
ඔබට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැතිද?
මම කළොත් කරන්නෙ හොඳ නිර්මාණයක්. අද තියෙන බාල ටෙලිනාට්‍ය රැල්ල නිසා නාළිකාවල හොඳ නිර්මාණයකට ඉඩ ලබාගැනීම අමාරුයි. ඒ නිසා දැන්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නෑ.
කලාව තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු?
අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වැනි නිර්මාණකරුවන්ගේ කෘතින්වලට දායකවීමේ ආශාවක් මට තියෙනවා. ඒ වගේම මිනිසුන්ට දැනෙන රංගනයන් ඉදිරිපත් කරමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි බලාපාරොත්තුව.
ජීවිතය තුළ ඔබට බලාපොරොත්තු ඉලක්ක ගොඩක් ඇති නේද?
නැහැ. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ. අද දවස පටන් ගත්තාම ඒ දවස ඇතුළත කරන්න තියෙන දේවල් හොඳින් කරනව. හෙට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ. මැරෙනතෙක් මම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කරනවා. අද මැරුණත් මම හරිම සතුටින් ඉන්නෙ.
-උපුටා ගැනීම -රසඳුන -
READ MORE - ප්‍රතික්ෂේප

රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නෑ


alt
නිලියක් උන එක ගැන ඔබ සතුටු වෙනවද? මම ඇගෙන් ඇහුවා.'අපොයි ඔව්... ලබන ආත්මෙත් නිළියක්වෙන්න ඕන කියලයි මම ප්‍රර්ථනා කරන්නේ.' ඇය හැගීම්බරව කිව්වා. ඊට පස්සේ අපි බෝහි දේ කතා කළා. අද U-Focusවෙන් වෙන්නේ අගේ කතාව වෙනුවෙනුයි. ඇය 'ඉතින් ඊට පස්සේ' ටෙලියේ දේදුණු. මේ දවස්වල නම් 'ෆෙන්ෂුයි ගෙදර' සාමාජිකාවක්. අගේ නම උමයංගනෑ වික්‍රමසිංහ.
උමයන්ගනා, ලංකාවේ නිළියක් උන එක ගැන ඔබ සතුටු වෙනවද?
ඔව්, මම ඒ ගැන බොහොම සතුටු වෙනවා. ඒ හින්දා මම ලබන ආත්මෙත් නිළියක් වෙන්නයි ප්‍රර්ථනා කරන්නේ.
ඔබ ඇයි නිළියක් වුණේ?
ඒක අහම්බයක්.
ඒ කියන්නේ ඔබට නිළියක් වෙන්න පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුනේ නැහැ?
නැහැ.
අහන්බෙන වගේ නිළියක් වුණු හැටි කියමුද?
මම උසස් පෙළ කළේ විද්‍යා විෂයන්ගෙන්. විභාගේ ඉවර කරලා මම සෞඛ්‍ය අමාතංශයේ ඖෂධවෙදිනියක් විදිහට පුහුණු වුණා. ඒත් මගේ අම්ම එහෙම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ කලාකාරිනියක්. ඔය වෙලාවේ නෙයිනගේ සුදුවේ කණ්ඩායමේ පුහුණුවීම් තිබුනා. මමත් ඒවා බලන්න සුදර්ශියට ගියේ මම අසා නිසයි. අන්තිමේදී මම නෙයිනගේ සුදුවේ සාමාජිකාවක් වුණා. ඒක තමයි මගේ ආරම්භය. එතනින් පස්සේ දිගින් දිගටම මට වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබුණා.
ඖෂධවේදිනියක් වෙන්න බැරි වුණු එක ගැන ඔබට පසුතැවීමක් නැද්ද?
අනේ නෑ. මම මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවහම නිළියක් වීම නිසා මට බොහෝ දේ ලැබුණා. ඉතින් ඒ නිසා මට පසුතැවෙන්න හේතුවක් නැහැ.
උමයංගනා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක්. මේ තුනෙන් ඔබ වඩා කැමති මොකටද?
ගායිකාවක් කියන හැඳින්වීම මට තවම හරියට අදාල කර ගන්න බෑ. මොකද මට සින්දු කියන්න පුළුවන් වුණාට ඒ තුළ විශාල හැදෑරීමක් නෑ මට. ඒ නිසා රංගන ශිල්පිනියක් විදිහටයි , ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටයි මාව හඳුන්වනවට තමයි මම කැමති.
ඔබ වඩා තෘප්තිමත් වෙන්නේ රංගනයෙන්ද? නිවේදනයෙන්ද?
මේ දෙකම ලොකු වගකීමක් ඇතිව කරන්න ඕන කටයුතු දෙකක්. ඉතින් එතනින් වඩා කැමති මොකක්ද කියන එකට මට උත්තර දෙන්න අමාරුයි. මම ඒ කටයුතු දෙකම හරි කැමැත්තෙන් කරන්නේ.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?
එහෙම කියන්න පුළුවන්.
රංගන ශිලිපිනියන්ට ඇත්තටම සාර්ථක පවුල් ජීවිතයක් නෑ කියන කතාව ඇත්තක්ද?
බොරුවක්.
එහෙම කියන්නෙ කොහොමද ඔබ?
හොද පවුල් ජීවිතයක් ගත කරමින් තමන්ගේ රංගන ජීවිතය අරගෙන යන ඕන තරම් රංගන ශිල්පින්, ශිල්පිනියෝ ඉන්නවා. රංගනය කියන්නේ සාමාන්‍ය රැකියාවක්. වෙනසකට තියෙන්නේ මොවුන් ජනතාව දැන හඳුනගන්න පිරිසක්. ඉතින් මේ දේ කළා කියල අපි අපේ පෞද්ගලික ජීවිතය අවුල් කර ගන්නේ නැත්නම් එච්චරයි.
ඔය කියන දේ ඔබට කරන්න පුළුවන් වෙලා තියෙනවද?
ඔව්, මම මගේ පවුල් ජීවිතයට රංගනය අභියෝගයක් කරගන්නේ නැහැ. මොකද සාමාන්‍ය රැකියාවක් කරන අනෙක් කාන්තාවන් වගේ අපේ වෘත්තීය තුළත් අපි කටයුතු කරන්නේ.
alt
රංගනය කියන්නේ උදේ 8.00 ට ගිහින් හවස 4.30ට ගෙදර එන රැකියාවක් නෙවෙයි?
ඒක ඇත්ත. හැබැයි එතනදී රෑ 12.00 වෙනකල් ෂුටින්වල ඉන්නවද. රැයක් දවාලක් නැතුව දිගින් දිගටම වැඩ කරනවද කියන එක තීරණය කරන්න ඕන අපි. මම ඒක හරියට බැලන්ස් කරගෙන යනවා.
සාර්ථක රංගනයක් වෙනුවෙන් ඔබ ඕනෑම කැපකිරීමක් කරන්න සුදානම්ද?
සාර්ථක රංගනයක් වෙනුවෙන් මම කැපවීමක් කරනවා. හැබැයි ඒ මගේ සීමාවන් තුළ.
මොනවද ඔබේ ඒ සීමාවන්?
අංක ඒක තමයි මට මගේ චරිතයට ප්‍රතිරුපයට හානි වෙන කිසිවක් මම කරන්නේ නෑ. ප්‍රතිපත්තියක් විදිහට මම අංග නිරාවරණය වෙන විදිහේ ඇඳුම් අඳින්නේ නැහැ.
ඔබ ඔය කියන සීමාව තුළ ඉඳගෙන ඉතා සීමිත පරාසයක චරිත විතරයිනෙ එබට බාර ගන්න පුළුවන්?
වෙන්න පුළුවන්. ඒත් මම රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නැහැ. මට මගේ පුද්ගලික ජීවිතය වැදගත්. ඊටත් හොඳ චරිතයක් කරන්න කරන්න ඇඟ පෙන්නගෙන දඟලන්න ඕනෑ නැහැ. මම මගේ පරාසය තුළ හරියට රඟපානවා.
වේදිකාවෙන් රංගනයට ආව ඔබ ඇයි අද වේදිකාවෙන් දුරස් වෙලා?
ඇත්තටම මම ඔතෙලෝ, හැම්ලට් වගේ නාට්‍යවල ඉඳලා ඒ තුළින් හොඳ පන්නරයක් ගත්තා. වොයිස් ට්‍රේනින්, ශාරීරික අභ්‍යාස ලැබුණා. ඒත් මම දැන් ටෙලිනාට්‍යයත් එක්ක කාර්යබහුල නිසා ඒ වෙනුවෙන් වෙන් කරන්න තියෙන ඉඩකඩ අඩුවෙලා.
ඇයි ඔබ පුංචි තිරයට විතරක් සීමා වෙන්නේ?
ඒකත් මට තියෙන කාර්යබහුලත්වය එක්ක එන ප්‍රශ්නයක්. මට එකදිගට චිත්‍රපටවලට ආරාධනා ලැබෙද්දී මම ටෙලිනාට්‍යවලට දින දීලා ඉවරයි. ඉතින් මට චිත්‍රපට මගහැරුණා. ඉදිරියේදී නම් ඉඩකඩ ලැබෙන විදිහට ඒ නිර්මාණවලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.
alt
මේ දවස්වල ඔබේ රංගන කටයුතු කොහොමද?
ෆෙංෂුයි ගෙදර ෂූටින් තියෙනවා. දැනුත් ඒකේ ෂුටින් ඉවර වෙලා එන ගමන්. ඊට අමතරව පියවි ටෙලිනාට්‍යයේ වගේම ඉටිමල් නාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඊට අමතරව ඉතින් සුපුරුදු විදිහට ශ්‍රී ටී.වී. එකේ ප්‍රවෘත්ති කිවේදන කටයුතු කරගෙන යනවා.
ඔබ ටෙලිනාට්‍ය බලන කෙනෙක්ද?
ඔයව්, විවේකයක් ලැබුණු වෙලාවට මම ටෙලිනාට්‍ය බලනවා.
මේ දවස්වල එහෙම බලන ටෙලිනාට්‍ය මොකක්ද?
මේ දවස්වල නම් මම බලන්නේ ෆෙංෂුයි ගෙදරයි, පියවි නාට්‍යයි. ඒ නාට්‍ය දෙක මං ඉන්න හින්දා බලනවා නෙවෙයි. ඇත්තටම ඒ නාට්‍ය දෙකේ වෙනසක් තියෙනවා. ඒකයි මං බලන්නේ.
ප්‍රේක්ෂිකාවක් විදිහට ටී.වී. එක ඉස්සරහා වාඩි වුණහම ඔබේ රඟපෑම් ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
තරමක් දුරට. ඒත් හැමවෙලාවෙම් මම හිතනවා මේක මට මීටත් වඩා හොඳට කරන්න පුළුවන් නේද කියලා
උමයංගනා කවදා හරි රංගනය එපා වුණොත්?
එක දිගටම වැඩ තියෙද්දී නම් මේක මහා කරදරයක් කියලා හිතෙනවා.ඒත් මට රඟපෑම නම් තවම එපා වෙලා නැහැ. කවදාහරි එපා වුණොත් එදාට තීරණයක් ගන්නවා ඉතින්.
-උපුටා ගැනිම :රන්දිව පුවත්පත-
READ MORE - රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නෑ

"කර්ම" - ප්‍රසන්න ජයකොඩි සිනමා නිර්මාණයක්


අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය   Ranjith Page Cargills (Ceylon), Sky Entertainers (Pvt) Ltd, Magic Lantern (Pvt) Ltd

විධායක නිෂ්පාදනය - රසිත ජිනසේන

තිර රචනය - ප්‍රසන්න ජයකොඩි, ජගත් මනුවර්ණ

සහය අධ්‍යක්ෂණය- අශෝක අතාවුදහෙට්ටි

සංස්කරණය - භාතිය දුනුසිංහ, රංගන සිංහරාජ, සුදේශ් කුමාරසිංහ

සංගීතය - නදීක ගුරුගේ, සුමුදු ගුරුගේ

කලා අධ්‍යක්ෂණය- සුනිල් විජේරත්න

සිනමාත්මක ඡායාරූපකරණය - පාලිත පෙරේරා

තාක්ෂණික උපදේශක - නිලාන් කුරේ

අංගරචනය - නාරද තොටගමුව

නිෂ්පාදන කළමනාකරණය - නිෂාන්ත පද්මකුමාර

කැමරාකරණය - චින්තක සෝමකීර්ති

ඇඳුම් නිර්මාණය- රසිත ජිනසේන

පද රචනා - ජයරුවන් බණ්ඩාර

ගායනය - නදීක ගුරුගේ

නිශ්චල ඡායාරූපකරණය - ජයන්ත් ධර්මවර්ධන
alt
ප්‍රසන්න ජයකොඩිගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘කර්ම‘ ඔක්තෝබර් 12 වැනිදා සිට රීගල් ප්‍රමුඛ සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමාහල්වලදී ප්‍රදර්ශනය ඇරඹේ.
“තම මවගේ වියෝව පිළිබඳ ස්වයං වරදකාරී හැඟීමක පසුවන පියල් තම ජීවිතය තුළ ඇති වනු ලැබූ රික්තය පුවනු වස් යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැනගන්නා ඇගේ පෙම්වතා වන නදී තුළ ඇය කෙරේ පෙර තිබූ ඇල්ම කෙමෙන් අඩුවෙන්නට පටන් ගනී.
තම බාහිර රූප සොබාව කෙමෙන් වැයැකී ගියද පියල් තමා කෙරේ ඇති හැඟීම් හුදෙක්ම ලිංගික කාරණයක් බව සිතනා අමන්දා පියල්ව ඉන් නිදහස් කිරීමේ අටියෙන් ඔහුව පොළොඹවා ගනී.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙනා මරණාසන්න රෝගියෙකු බවත්, ඈ දැනටමත් එක් පියයුරක් ඉවත් කළ තැනැත්තියක් බව දැනගන්නා තමා තම මව හා සංවාසයේ යෙදුනා මෙන් හැඟීමකින් කම්පාවට පත් වේ.
තමා තුළ ඇති වූ වරදකාරී හැඟිමෙන් නිදහස් වනු වස් පියල් විසින් අමන්දාව ඇගේ මරණය දක්වා රැක බලා ගනු ලබයි.
මානව සම්බන්ධතා පිළිබඳව තමා තුළ මුල්බැසගත්තා වූ දුර්මත පසෙක ලා පියල් තම මවගේ අභාවය යථාර්ථයක් ලෙස භාරගැනීමට පෙළඹේ.
‘කර්ම සිනමා කෘතිය මේ වන විට ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකම නියෝජනය කරන්නට තෝරාගනු ලැබූ සිනමා නිර්මාණයකි.
අධ්‍යක්ෂණය-ප්‍රසන්න ජයකොඩි
නිෂ්පාදනය-සිලෝන තියටර් හෝල්ඩින්ස්(පුද්.)සමාගම/ ස්කයි එන්ටර්ටේනර් (පුද්.) සමාගම/ මැජික් ලැන්ටර්න් (පුද්.) සමාගම
තරරචනය-ප්‍රසන්න ජයකොඩි/ ජගත් මනුවර්ණ
කැමරා අධ්‍යක්ෂණය-පාලිත පෙරේරා
කැමරාකරණය- චින්තන සෝමකීර්ති
සංස්කරණය- රංගන සිංහාරගේ/ භාතිය දුනුසිංහ/ සුදේශ් කුමාරසිංහ
සංගීත අධ්‍යක්ෂණය- නදීක ගුරුගේ/සුමුදු ගුරුගේ
සහය අධ්‍යක්ෂණය- අසෝක අතාවුදහෙට්ටි
වේෂ නිරූපනය- නාරද තොටගමුව
නිෂ්පාදන විධායක- රසිත ජිනසේන
නිෂ්පාදන කළමනාකරණය- නිශාන්ත පද්මකුමාර
නිස්පාදන සම්බන්ධීකරණය- නිරෝෂන් වෙලගෙදර
රංගනය- මචෙල් හර්ෆ්ටි, ජගත් මනුවර්ණ, නදීක ගුරුගේ
altalt
altalt


සම්මානනීය සිනමා අධ්යක්ෂවරයෙකු වන ප්රසන්න ජයකොඩිගේ දෙවන සිනමා නිර්මාණය වන "කර්ම" චිත්‍රපටය මෙම වසරේ අගෝස්තු මාසයේ දී පමණ තිරගතවීමට නියමිතව ඇත.මෙම සිනමා නිර්මාණය මෙවර අන්තර්ජාතික රොටඩෑම් සිනමා උළෙල ඇතුළු සිනමා උළෙලවල් කිහිපයක් නියෝජනය කරයි. ජගත් මනුවර්ණ, මිෂෙල් හාෆ්ට්, නදීක ගුරුගේ "කර්ම" චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන අතර අවන්ති දිල්රුක්ෂිකා සමරතිලක, නදීෂා යාපාගේ, බුද්ධික මහේෂ් අබේරත්න, දුමිඳු තේජා හංගවත්ත, එරික් මදනායක. තේජා හර්ෂණී හේරත්, චේතනා නිමන්ති, සුජානි ශශිකා. ආරියරත්න පෙරේරා, ලෙලුම් රත්නායක, කෙනත් ඩි සිල්වා, සාරංග අෂේන් කුරේ, විරාජ් මාලිංග, පියුම් ලක්මාල් වීරසිංහ, සුරංග ගුණතිලක, ඩෙන්සිල් පෙරේරා, ප්‍රියන්ත රත්නායක, රවීන්ද්‍ර තන්තිරිගේ, වර්නන් අබේසිංහ සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයයි. කොළඹ, ගාල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල රූගත කෙරුණු "කර්ම" චිත්‍රපටයේ සමස්ත රූගත කිරීමේකටයුතු සඳහා දින 30 පමණ කාලයක් ගතව ඇති අතර චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මාස 05 ට ආසන්න කාලයක් ගතව තිබේ. චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ 260 ක පමණ පිරිවැයක් දරා ඇති බව ද සඳහන්ය.
 
"කර්ම" සිනමා නිර්මාණය පිළිබඳව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මහතා අද දෙරණ සමග මෙසේ අදහස් දැක්වීය.

"අපේ ජීවිතවල බලාපොරොත්තුවල ඇරියස් එකක් තියෙනවා. ඒ නොලැබුණු දේ අපි හොයනවා. එවැනි චරිත කිහිපයක් පිළිබඳව මෙම චිත්‍රපටය ගොඩනැගෙනවා. "සංඛාරා" චිත්‍රපටය වගේම "කර්ම" චිත්‍රපටයත් මගේ ආත්ම ප්‍රකාශනයක් ලෙස කළ නිර්මාණයක්. පොදුවේ සියලුම ප්‍රේක්ෂකයින්ට රසවිඳිය හැකි ලෙස මෙම චිත්‍රපටයේ ආකෘතිමය ස්වභාවය තුළ යම් වෙනසක් සිදුකර තිබෙනවා. A සිට Z දක්වා ගලායන කතා ස්වරූපයක් මෙම චිත්‍රපටයේ නෑ. පරිච්ඡේද 04 ක් යටතේ මෙහි කතාව ගොඩනැගෙනවා. පරිච්ඡේද 03 ක් එකම කාලයක් යටතේ ඉදිරිපත් කරනවා. චිත්‍රපටය නරඹන සියලුම ප්‍රේක්ෂකයින්ට එකම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්, ප්‍රේක්ෂකයා සමග හුවමාරු කරගත හැකි දේ තවත් වැඩිකිරීමේ අරමුණින් මෙම ආකෘතිමය ස්වභාවයේ වෙනස සිදුකර තිබෙනවා"        
READ MORE - "කර්ම" - ප්‍රසන්න ජයකොඩි සිනමා නිර්මාණයක්

ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,


හදවතින්ම ආදරය කළොත් ඒ ආදරය හැමදා පවතිනවා

පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ දක්‍ෂ යොවුන් රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගටය. ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රංගනය උදෙසාය. උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්‍රකටය. උදයන්ති අපගේ සිනමා ක්ෂේත්‍රයට පායා එන තරුවක් වැනිය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ උදයන්ති සමඟ කළ කතාබහ වෙනුවෙනි.
දෙරණ සිනමා සම්මානය ලැබුණු මොහොතේ ඔබට මොකද හිතුණේ කියල මුලින්ම කියන්න...?
මේ වනවිට මම රඟපාලා තියෙන්නෙ සිනමා නිර්මාණ කීපයක පමණයි. ‘සිංහාවලෝකනය’, ‘මහින්දාගමනය’, ‘කලර්’, ‘භවතරණය’ ඒ සිනමා නිර්මාණ. ‘භව තරණය’ චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ ළඟදි. දෙරණ සිනමා උලෙළේදි මට ලැබුණේ මගේ පළමු සිනමා සම්මානය. ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ, මට සම්මානයක් ඇති කියලා. ඒ සම්මානය ගන්න වේදිකාවට යද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේ ම මීටත් වඩා හොඳම, කැපවීමකින් රංගන කටයුතුවල යෙදෙන්න ඕන කියන හැඟීම මට ඒ වෙලාවෙ ඇති වුණා. ඒ සම්මානය මගේ රංගන ජීවිතයට ලොකු ආලෝකයක්.
මේ දවස්වල ඔබ දායක වී සිටින නිර්මාණ මොනවාද?
මේ දවස්වල ‘පබලු පාලම’, ‘යර්ස් මැඩම්’, පිනි වැස්සක්’ යන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණු “කලර්” චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. කොහොමද හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවද එහි රංගනයට?
’කලර්’ චිත්‍රපටයේ චරිතවල නම් නෑ. මම නිරූපණය කරන චරිතය උපතින් තරමක් දිළිඳු චරිතයක්. ඇය පොහොසත් තරුණයකුට ආදරය කරනවා. ඒ තරුණයාත් ඇයට ගොඩක් ආදරය කරනවා. තරුණ වියේදී හදවතින්ම ආදරය කරලා ඔවුන් එක් නොවුණත් ඔවුන් අතරේ තිබුණු ආදරය මැරෙන තෙක් ම අමතක වෙන්නේ නෑ. වයසට ගියත් ඒ ආදරය අමතක කරන්න බෑ. මගේ චරිතය තම පෙම්වතාට හදවතින්ම ආදරය කරන චරිතයක්. සමාජයේ මුල්බැසගෙන තිබෙන දෙයක් තමයි සල්ලි තිබෙන පුද්ගලයින්ගේ සිත් තුළ අවංක ආදරයක් නැතැයි කියන එක. ඒක එසේ නොවන බව ‘කලර්’ චිත්‍රපටයේ මගේ සහ මගේ පෙම්වතාගෙ චරිතවලින් පැහැදිලි වෙනවා. මගේ පෞද්ගලික අදහසත් ඒකයි. අවංක ආදරයට මුදල් හදල්, බලය කිසිම බලපෑමක් නොකරන බවයි මම හිතන්නෙ. ‘කලර්’ චිත්‍රපටයේ මගේ රංගනය ගැන ගොඩක් දෙනෙක් මට හොඳ කිව්වා. ඒ ගැන මට සතුටුයි.
පසුගිය දවස්වල ඔබ එකදිගටම රූපගත කිරීම්වල සිටියා නේද?
ඔව්. ඒ දේවින්ද කෝන්ගහගේ කියන තරුණ දක්ෂ නර්මාණකරුවාගේ චිත්‍රපටයේ සහ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට. ඒ ‘භව තරණය’ චිත්‍රපටය සහ ‘භව සිද්ධාන්ත’ ටෙලිනාට්‍යය. මේ තමයි එකම පසුතලයක එකවර නිර්මාණය වුණු පළමු චිත්‍රපටය සහ ටෙලිනාට්‍යය. මම හිතනව මේ නිර්මාණවලට දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සුවිශේසී අවස්ථාවක් කියලා. මේ චිත්‍රපටයට සහ ටෙලිනාට්‍යයට තේමාව වෙලා තියෙන්නෙ එකම කතාවක්. එය එක්දහස් අටසිය ගණන්වල ඉඳල දිගහැරෙන කතාවක්. මෙම එක් එක් නිර්මාණයක චරිත 4 ක් නිරූපණය කරනවා. මේවා බෞද්ධ දර්ශනය තේමා කර ගනිමින් නිර්මාණය වුණු නිර්මාණ. මාස 8 ක් පමණ නුවර, මාතලේ, අනුරාධපුරය, කොළඹ කියන ප්‍රදේශවල එහි රූපගත කිරීම් සිදුකළා.
ඒ කාලය තුළ ඔබ වෙනත් නිර්මාණයකට ගියේ නැතිද?
ඔව්. කිසිම නිර්මාණයක් මම ඒ කාලය තුළ බාර ගත්තේ නෑ. එසේ සම්පූර්ණ අවධානය යොමු කළේ ඒ නිර්මාණයට. මගේ ෆෝන් එක පවා මම නවාතැනේ දාලයි ගියේ. මේ කාලයේ නිර්මාණය වන බිස්නස් ටෙලිනාට්‍ය අතරේ ‘භවතරණය’ වැනි නිර්මාණ කෙරෙනවා අඩුයි. ඉතින් එවැනි චරිතයක් ලැබුණාම මම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා.
පසුගිය කාලය තුළ ඔබ ඓතිහාසික වගේම මීට අවුරුදු ගණනාවකට ඉස්සර කාලය පසුබිම් කරගෙන කළ නිර්මාණ කීපයකටම දායක වුණා නේද?
ඔව්. මම ඉතාම කැමැත්තෙන් ඒ නිර්මාණවලට දායක වුණේ. එහෙම චරිත ලේසියෙන් රඟපාන්න බෑ. ඒ යුග පිළිබඳ, ඒ යුගවල තිබුණු භාෂා පිළිබඳව අවබෝධයක්, හැදෑරීමක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි චරිත කීපයක්ම මට ලැබුණා. මම ඒවා සතුටින් බාරගත්තා.
දැන් එකදිගට හැදෙන ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?
දැන් හැදෙන බොහොමයක් ටෙලිනාට්‍ය නිර්මාණ නෙමෙයි. මමත් පසුගිය කාලෙ ඔයවගේ ටෙලිනාට්‍යල රඟපෑවා. නමුත් ආපසු හැරි බලද්දි කනගාටු හිතෙනව. හැබැයි සල්ලි නම් හම්බ වුණා. මේ ටෙලිනාට්‍යවලින් අලුත් පිරිසකට අවස්ථා ලැබෙනවා. ඒක හොඳයි. නමුත් මේ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ශිල්පීන්ටවත් ඒවා බැලීමෙන් ප්‍රේක්ෂකයින්ටවත් ඇති වැඩක් නෑ. මම හිතන්නෙ ක්ෂේත්‍රයේ කිසියම් ස්ථාවරයක් ගොඩනඟාගත් ශිල්පීන් මේවාට නොයා යුතුයි. ඒ වගේ ම මම හිතනව ප්‍රේක්ෂකයින් ළඟදීම මේ ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරයි කියලා.
ඔබට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැතිද?
මම කළොත් කරන්නෙ හොඳ නිර්මාණයක්. අද තියෙන බාල ටෙලිනාට්‍ය රැල්ල නිසා නාළිකාවල හොඳ නිර්මාණයකට ඉඩ ලබාගැනීම අමාරුයි. ඒ නිසා දැන්ම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නෑ.
කලාව තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු?
අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වැනි නිර්මාණකරුවන්ගේ කෘතින්වලට දායකවීමේ ආශාවක් මට තියෙනවා. ඒ වගේම මිනිසුන්ට දැනෙන රංගනයන් ඉදිරිපත් කරමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි බලාපාරොත්තුව.
ජීවිතය තුළ ඔබට බලාපොරොත්තු ඉලක්ක ගොඩක් ඇති නේද?
නැහැ. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ. අද දවස පටන් ගත්තාම ඒ දවස ඇතුළත කරන්න තියෙන දේවල් හොඳින් කරනව. හෙට මොනව වෙයිද කියල මම දන්නෙ නෑ. මැරෙනතෙක් මම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කරනවා. අද මැරුණත් මම හරිම සතුටින් ඉන්නෙ.
READ MORE - ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,

එක ගෙදරක හිටියත් අපි මුණ නොගැසෙන දවසුත් තියෙනවා


-කුමාරි මුණසිංහ
කුමාරි මුණසිංහ විදියට ඔබේ පවුල් පසුබිම ගැන සඳහන් කරනවද?
මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අපි පදිංචිවෙලා හිටියේ ගණේමුල්ලේ. සාමාජිකයින් අටදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා මම. ගැහැනු හතර දෙනෙක් සහ පිරිමි හතරදෙනෙක් තමයි අපේ පවුලේ ඉන්නේ.
ඔබ ජැක්සන් ඇන්තනීව හඳුනාගන්නේ කොහොමද?
අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට තමයි මුලින්ම හඳුනාගත්තේ. ජැක්සන් උසස් පෙළ කලා පංතියේ හිටියේ. මම උසස්පෙළ විද්‍යා පන්තියේ හිටියේ. ඒ වුණාට පාසලේ නාට්‍ය වැඩසටහන්වලදී, සංගීත වැඩසටහන්වලදී අපි දෙන්නා නිතරම මුණ ගැසුණා. ඒ වුණාට ඒ කාලේ අපි දෙන්නා අතර ප්‍රේමයක් ගොඩනැගිලා තිබුණේ නෑ. ලොකු හිතවත්කමක් විතරයි තිබුණේ.
ඒ කාලේ හිටපු හිතවත් ජැක්සන්ගේ ගතිගුණ කොයි වගේද?
බොහොම කෙළිදෙලෙන් ජීවිතය ගෙනියපු කෙනෙක්. ඒ වුණාට අපේ පුංචි පුංචි ප්‍රශ්න සඳහා බුද්ධිමත් විසඳුම් ලබාදුන්න කෙනෙක් ඔහු. ඒ කාලේ ඉඳන්ම ලස්සන, උස, සුදු කෙනකුට මගේ ප්‍රේමය හිමිවෙන්න ඕන කියන බලාපොරොත්තුවක් මගේ තිබුණෙ නෑ. ඊට එහා ගිය අමුතු ගති පැවතුම් තිබුණ කෙනෙක් ගැන තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. මම බලාපොරොත්තු වුණ ගති පැවතුම්වලට ලොකු සමීපතාවයක් ජැක්සන්ගේ ගති පැවතුම්වල තිබුණා. අපි දෙන්නට දෙන්නා අපි දෙන්නගේ ප්‍රශ්නවලදී උත්තර හොයන්න උදව් වුණා. ඒ හින්දා තමයි අපි දෙන්නටම දෙන්නා විශේෂ වුණේ.
ඔය දෙන්නගේ ප්‍රේම සම්බන්ධය ඇතිවුණේ කොහොමද?
අහවල් දවසේ කියලා දිනයක් කියන්න බෑ. සමීපව ඇසුරු කරනකොට ඉබේටම ඇතිවුණා. මම දවස් දෙක තුනක් දැක්කෙ නැත්නම් ජැක්සන් හොයලා බලනවා. ජැක්සන් කතා කළේ නැත්නම්, දැක්කේ නැත්නම් මම හොයනවා. ඔය වගේ අපි දෙන්නට දෙන්නා නැතුව බැරිව ගියා.
එතකොට ආදරය ප්‍රකාශ කළේම නැතිද?
අපි දෙන්නා යාළුවෝ විදියට සමීපව ඇසුරු කරත්දී ජැක්සන්ටත් වෙන ප්‍රේමවන්තියක් හිටියා. මටත් වෙන ප්‍රේමවන්තයෙක් හිටියා. අපි දෙන්නම මේ ප්‍රේමයෙන් බැට කාලා හිටියේ. අපි අතර වැඩිපුර කතා බහට ලක් වුණෙත් මේ ගැනමයි. අපි දෙන්නට දෙන්න මේ ප්‍රශ්න විසඳගන්න උදව් කර ගන්නකොට අපි දෙන්නම හිතුවා අපි දෙන්නා එකතු වුණොත් මේ ප්‍රශ්න ඉවරයිනේ කියලා.
ඊට පස්සෙ ඔය දෙන්නා ප්‍රේමවන්තයෝ වුණා. එහෙම නේද?
නෑ. තවදුරටත් යාළු මිත්‍රකම් පවත්වත්දී සම්බන්ධයක් නොමැතිවත් අපි දෙන්නට පද හැදෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි හිතුණේ එහෙම වුණාට වරදක් නෑ කියලා.
මේ ප්‍රේම සම්බන්ධයට මවුපිය ආශිර්වාදය ලැබුණද?
අපෝ නෑ. දෙපාර්ශ්වයෙන්ම දැඩි ලෙස විරෝධතා මතු වුණා. ජැක්සන් කතෝලික. මම බුද්ධාගමේ. නමුත් අපේ අප්පච්චි මේ සම්බන්ධය දිහා වෙනස් විදිහකට බැලුවා. මිශ්‍ර නොවුණු පවුල්වල විවාහයෙන් බුද්ධිමත් දරුවන් බිහිවෙනවා කියලා අපේ අප්පච්චි දැඩි ලෙස විශ්වාස කළා. ඒ නිසා අපේ සම්බන්ධයට අප්පච්චි යම් තරමක ළිහිල් ප්‍රතිපත්තියක් දරුවා.
විවාහයට මවුපිය කැමැත්ත ගත්තේ කොහොමද?
අපේ සම්බන්ධයට කොච්චර විරුද්ධ වුණත් අපි දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි වුණා. අපි ගෙදරට හොරෙන් කොහොම හරි මුණ ගැහුණා. අන්තිමේ අම්මල තාත්තල තීරණය කළා කොච්චර කිවුවත් මේක නවත්වන්නේ නැති නිසා කැමැත්ත දෙන්න. ඊට පස්සේ අපිට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ලැබිලා විවාහ වුණා.
විවාහයෙන් පස්සෙ ජැක්සන් වෙනස් වුණාද?
විවාහවෙන්න කලින් තිබෙන ගතිගුණ ඒ විදියටම විවාහයෙන් පස්සෙත් පවත්වාගෙන යන්න කාටවත්ම බෑ. පවුල් බර දැනෙනකොට, දරු මල්ලො ලැබෙනකොට මේ වටපිටාව තුළ ඕනම මනුෂ්‍යයෙක් වෙනස් වෙනවා. මම හිතන්නේ නෑ කාටවත්ම එහෙම ඉන්න පුළුවන් කියලා. ඒ වුණත් පාටියකට වගේ ගිහින් ජැක්සන් ළිහිල් වෙච්ච ගමන් පරණ ජැක්සන් මතු වෙනවා.
ජැක්සන් වෙනත් නිළියන් එක්ක රඟපාද්දී ඔබට ඊර්ෂ්‍යා හිතෙනවද?
කවදාවත් නෑ. මම දන්නවා ඒක රඟපෑමක් විතරයි කියලා. මමත් නිළියක් විදියට වෙනත් කෙනකුට ප්‍රේම කරන විදියේ රංගනයන් කරන්න වෙලා තිබෙනවා. කලාවට සම්බන්ධ නැති කෙනෙක් වුණා නම් සමහරවිට මට එහෙම හිතෙන්න තිබුණා.
කලා ක්ෂේත්‍රයේ සිදුවන දේවල් ඔබ දෙදෙනා සාකච්ඡා කරනවද?
වෙලාවක් තිබුණොත් කතා කරනවා. ඒත් බොහෝවිට අපිට එහෙම කරන්න වෙලාවක් නෑ. සමහරදාට දෙන්නට දෙන්නා මුණ ගැහෙන්නෙත් නැති තරම්. මම නින්දට ගියාම ජැක්සන් එනවා. ආපහු උදේට උයලා පිහලා මම ඔෆිස් එනවා. අපි ගෙවන්නේ කාර්ය බහුල ජීවිතයක්.
ජැක්සන් සමඟ ගෙවන විවාහ ජීවිතේ පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම. ජැක්සන් කියන්නේ මතු මතුත් මගේ ස්වාමියා ලෙසින් ප්‍රාර්ථනා කරන පුද්ගලයෙක්. ජැක්සන්ගේ වරදක් දකිනවා නම් මම දකින්නේ එයා දරුවන්ට අසීමිතව ආදරය කරන නිසා ඔවුන්ගේ වැරැදි බොහෝවිට වරදක් ලෙසින් දකින්නේ නැති එක විතරයි.
ජැක්සන් දඩබ්බර ගතිගුණ තිබෙන හිතුවක්කාර චරිතයක්ද?
නෑ. ඔහු දඩබ්බරත් නෑ. හිතුවක්කාරත් නෑ.
ජැක්සන් ඇන්තනි කියන පුද්ගලයාව ඔබ දකින්නේ කොහොමද?
ඔහු හරියට හඳුනාගත් ඕනම ගැහැනියක් ඒ වගේ පුරුෂයෙක් තමාගේ සැමියා කරගන්න කැමැතිවෙයි. එහෙම කැමැති වුණත් වැඩක් නෑ. එයා මගේයි.
READ MORE - එක ගෙදරක හිටියත් අපි මුණ නොගැසෙන දවසුත් තියෙනවා

ලොජ්වී නාට්‍ය කිරීමේ ප්‍රවණතාවය

Wednesday, October 10, 2012



ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි ලොජ් නොවුණොත් නාට්‍යයත් නෑ

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත්
මායා දේවි, නාග ගුරුළා, දෝන කතරිනා, දෙවෙනි මහින්ද , වාසුදේව, යසෝදරා, ජගන්මා ආදි රාජ්‍ය සම්මාන දිනූ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය කළ කේ. බී. හේරත්ගේ් නවතම රංග නිර්මාණය “ කළු කුමාරී” ගැන ඔහු හා කළ කතාබහකි.
මේ මොහොතේ නිෂ්පාදනය වන සෑම නාට්‍යයක්ම පරිවර්තන පිටපත් ආශ්‍රයෙන් නිෂ්පාදනය වන නාට්‍ය බවට පත්ව ඇත. ස්වතන්ත්‍ර නාට්‍ය රචනයේ නියඟයට එරෙහිව සාරවත් නාට්‍ය බිහි වන්නේ කලාතුරකිනි. කේ. බී. හේරත් එවැනි නාට්‍ය රැසක් සිංහල වේදිකාවට දායාද කළ නාට්‍යකරුවෙකි.
කේ. බී. ඓතිහාසික මුලාශ්‍ර සිය නිර්මාණ සඳහා යොදා ගැනීමට බෙහෙවින් අභිරුචියක් දක්වයි. දෝන කතරිනා, දෙවෙනි මහින්ද, යසෝදරා, එවැනි ඓතිහාසික පුරාවෘත්ත ආශ්‍රය කරගෙන ඔහු නිර්මාණය කළ නාට්‍ය කිහිපයකි. ඉතා පරිස්සමින් ප්‍රවේශවිය යුතු අඩවියක් වන ඉතිහාස කතා පාදක කරගෙන නිර්මණකරණයේ නිරතවීමට කේ. බී. සමතෙකි.
මෑත කාලීනව සිංහල සිනමාවේද ඓතිහාසික කතා තේමා කරගෙන නිර්මාණ බිහි වෙතත් ඔහුගේ හා මෙම සිනමාකරුවන්ගේ් ප්‍රවේශය අහසට පොළොව තරම් දුරස්ථය.
කේ. බී. ඔහුගේ නවතම නිර්මාණය සඳහා වස්තු විෂය සපයා ගන්නේ ජනශ්‍රැතියෙන් ගත් විත්ති කතාවක් ඇසුරෙනි. ඒ “ කළු කුමාරි” සංකල්පයයි.
බොහෝවිට අපට ජනසම්මතයේදි හමුවන්නේ “ කළු කුමාරියක්” නොව “ කළු කුමාරයෙකි”. කේ. බී. ජනශ්‍රැතියට සීමා නොවන්නෙක් නිසා සිය නිර්මාණ අවශ්‍යතාව අනුව පැරණි සංකල්පය ගලපා ගත්තේ ද යන කුකුසක් මට ඇති විය. එම කුහුල පැනයක් බවට පත් කොට මම පෙරළා ඔහුට ඉදිරිපත් කරමින් සංවාදය ඇරඹුවෙමි. එයට ඔහුගේ පිළිතුර මෙසේ ය.
“ කළු කුමාරි “ යන්නත් අපේ ජනශ්‍රැතියේ එන භාවිතාවක්. තොවිල් සම්ප්‍රදාය ආශ්‍රිතව කවි හැටියට එන විත්ති කතා රැසක් අපේ ජනශ්‍රැතියේ තිබෙනවා. මේ නාට්‍ය සකස්ව ඇත්තේ එලෙස එන ‘ කළු කුමාරි’ යන සංකල්පය යොදා ගෙනයි. නමුත් නාට්‍ය ගොඩනැඟීමේදී මම කළුකුමාරි අදහස මට කියන්න අවශ්‍ය දෙය ගොඩනඟන්නට භාවිතා කළා.”
කේ. බී. හේරත්ගේ නාට්‍යයක් නැරඹීම කතන්දරයක් ශ්‍රවණය කිරීමේ රුචිය ඉක්මවා යන නාට්‍යමය අත්දැකීමක් නිසා විත්ති කතා වෙතින් ඉවත්ව ඔහුගේ ප්‍රවේශය ගැන විමසිය යුතුය.
“ මේ නාට්‍යයෙන් මට අප ඉදිරියේ තිබෙන ඉතාම වැදගත් දේශපාලන ප්‍රශ්නයක් ගැන නරඹන්නන් සමඟ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මේ වන විට අපේ සමාජය ඒකාකාරීත්වයකට හා පීඩනයකට ලක්ව ගිලන්ව ඇති සෙයක් පෙනෙනවා. මේ අනතුර ලංකාව ඇතුළු තුන්වෙනි ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙනවා. යම් යම් අන්තර්ජාතික බලවේග ඔවුන්ගේ ආර්ථික සැලසුම් මඟින් හා මාධ්‍ය භාවිතයෙන් තුන්වැනි ලෝකයේ රටවල් නිද්‍රාශීලීත්වයට පත් කර තිබෙනවා.”
වේදිකාවේදී ඝට්ටනය අවශ්‍යමය. ඉදින් ගැටුමකින් තොරව නාට්‍යයට ඉදිරියට ගලා යාමක් නැත. ශූර රචකයෙක් චරිත හා සිදුවීම් ගැටෙන්නට සලස්වන්නාක් මෙන් කේ. බී. ප්‍රේක්‍ෂක අප වෙත ඉදිරිපත් කරන අදහස්ද විවාදාත්මකය.
“ කළු කුමාරි” නාට්‍ය එක්තරා ආකාරයකින් බැලුවිට ඔහුගේ අනෙකුත් නාට්‍ය ගමන් කළ ධාරාවේම ගමන්කරන තවත් නාට්‍යයකි. එසේම තවත් ආකාරයකින් බැලුවිට ඔහුගේ අනිකුත් සියලුම නාට්‍යයන්ට පමණක් නොව වර්තමාන සිංහල වේදිකාවේ නිෂ්පාදිත නාට­්‍යයන්ට වෙනස් මානයක්ද “ කළු කුමාරි” නාට්‍යයේ ඇත.
සාම්‍ය ඇත්තේ පැරණි මිථ්‍යාමතික කතාවක් මෙම නාට්‍යයටද පාදක වීමෙන්ය. වෙනස් වන්නේ අර්ධ ශෛලිගත ස්වභාවයෙන් බැහැරව වෙනත් ආකෘතියකට ගමන් කිරීම කේ. බී. දරා ඇති උත්සාහයේය.
“පශ්චාත් නව්‍යවාදී අදහස් අපේ සාහිත්‍යයට කලකට පෙර එක්ව තිබුණත් නාට්‍යයට අපි මේ දක්වා යොදාගෙන තිබුණේ් නැහැ. එයට හේතුව රංග කලාව සඳහා පශ්චාත් නව්‍යවාදී අදහස් පසුකාලීනව එකතු වීම බලපාන්න ඇති. මේ නාට්‍යයේ නිශ්චිත ස්ථානයක් හෝ කාලයක් නැහැ. වෙනකක් තබා නිශ්චිතව නම් කළ හැකි චරිත “ කළු කුමාරි” නාට්‍යයේ නැහැ. චරිත යෙදෙන්නේ සංකේත හැටියටයි. ජනශ්‍රැතිය මට වැදගත් වුණේ් මෙහිදියි.”
ඔහුගේ මුල් කාලීන නාට්‍ය ජනතාවාදී එළඹුමක් දැකගත හැකි වූවත් පසු කාලීන නිර්මාණ ඊට වඩා පුළුල් ප්‍රවේශයක් දක්වනවා. කේ. බී. වැනි වියපත් පරිණත නාට්‍යකරුවකු ගෙන් වර්තමානයේ පශ්චාත් නූතනවාදී අදහස් සමඟ ගනුදෙනුවක් බලාපොරොත්තු විය නොහැකියි. ඔහු අප තුළ බලාපොරොත්තු දල්වන නාට්‍යකරුවකු වන්නේද මෙලෙස ප්‍රේක්‍ෂකයන් ඉල්ලා සිටින දෙයට වඩා යමක් ප්‍රදානය කරන නාට්‍යකරුවෙක් නිසායි.
ඔහුගේ නාට්‍ය එකමිටකට ඒකරාශී කර මෙසේයැයි දක්වනවාට කේ. බී. තුළ එතරම් කැමැත්තක් නැහැ. ඔහු ඒ ගැන කියන්නේ වර්තමාන නාට්‍ය කලාව විවිධ රංග ශෛලීන්ගේ එකතුවක් නිසා කිසියම් නාට්‍යකරුවකු අසවල් ආකාරයේ නාට්‍යකරුවෙක් යැයි නම් කළ නොහැකි බවයි. ඊට තවත් ඌන පූර්ණයක් ඉදිරිපත් කරමින් ඔහු තවදුරටත් පවසන්නේ මෙම නාට්‍යයේ මෙන්ම ඔහුගේ අනෙකුත් නාට්‍යයන්හිද රංග ශෛලිය කිහිපයක ලකුණු දක්නට ලැබෙන බවයි. තමන් නාට්‍ය ආකෘතීන් අනුව රංග විලාසිතා ගොඩනඟන්නේ නැති බවත් නාට්‍යට අනුව රංග විලාසයන් යොදා ගන්නා බවත් පවසනවා.
ඔහු සමඟ කතා බහ කිරීම රංගනය හා වේදිකාව ගැන විශාල හැදැරීමකට යොමු කරවන්නක්. විශ්වවිද්‍යාල කිහිපයක හා ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ දීර්ඝ කාලයක් ආචාර්යවරයෙක් හැටියට සේවය කිරීමෙන් ලබා ගත් හුරුව එයට හේතුවන්නට ඇත.
මෙයට දශක කිහිපයකට පෙර නාට්‍යයක් නිෂ්පාදනය කිරීම නාට්‍යකරුවන්ගේ මිත්‍ර සමාගම රැස්වන තැනකි. වර්තමාන කාර්ය බහුල වටා පිටාව තුළ එවැනි නාට්‍ය බිහිවීමට අවකාශයක් නැත. කේ. බී. ගේ අලුත් නාට්‍ය නිෂ්පාදනය වන්නේ ද එම ප්‍රවණතාවයට යටත්වය. නළු නිළියන් ඒකරාශි කරගෙන දින කිහිපයක් ඇතුළත ලොජ්වී නාට්‍ය කිරීමේ ප්‍රවණතාවය ගැන ඔහු මෙසේ කියයි.
වේදිකා නාට්‍යවල රඟපෑමෙන් නළු නිළියන්ට යැපෙන්න ක්‍රමයක් නැහැ. ඔවුන් ආර්ථික පැවැත්ම හදාගන්නේ ටෙලි නාට්‍යවල රඟපාලා. ඒකට අපිට විරුද්ධ වෙන්න බැහැ. මම ලොජ්වල නාට්‍ය හදන්න යොමු වුණේ ඒ නිසයි. මම නාට්‍ය පිටපතක් ලියන්න වසරක් පමණ ගන්නවා. පුහුණුවකට යන්නේ පිටපතේ සියලු වැඩ අවසන්වීමෙන් පසුවයි. ලොජ්වල නාට්‍ය පුහුණු වීම් කළේ මූලික පුහුණුවකට පසුවයි. ඒ නිසා ප්‍රේක්‍ෂකයන්ට අසාධාරණයක් වන්නේ නැහැ. “ කලාකරුවා ආර්ථික බලවේග සමඟ කරන නිරන්තර අරගලය “ කළු කුමාරි එහි කරන සඳහන නැවත සිහියට නංවමින් කේ. බී. සංවාදයට විරාමයක් දුන්නේය.

READ MORE - ලොජ්වී නාට්‍ය කිරීමේ ප්‍රවණතාවය

මම දැන් "කළු කුමාරි"

මම දැන් "කළු කුමාරි"මාධනී මල්වත්තගේ
වේදිකාවේ ආභාෂය ලබමින් රංගනයට ආ දක්‍ෂ මෙන්ම පළපුරුදු රංගන ශිල්පිණියක්‌ ලෙසට මාධනී මල්වත්තගේ හඳුන්වාදෙන්න පුළුවන්. මෑත කාලයේ වේදිකාවේ සිටින ප්‍රබල භූමිකා කිහිsපයෙහි එක්‌ අයෙකු ලෙසත් ඇය තවත් අයුරකින් හඳුන්වා දිය හැකියි. ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූ සුද්දෙක්‌ ඔබ අමතයි, බූරුවා මහත්තයා, දික්‌තල කාලගෝල, කැළණි පාලම වේදිකා නාට්‍ය සමගින් රටවටා යන මාධනී මේ දිනවල ටෙලිනාට්‍යය නිළියක්‌ ලෙසටත් නිර්මාණ කිහිපයකම සිටීම නිසා කාර්යබහුල වෙලා.

වේදිකා නාට්‍යය කිහිපයකම රඟපෑවත් කේ.බී හේරත්ගේ අලුත් වේදිකා නාට්‍ය වන කළු කුමාරි නාට්‍යය සඳහා ඇය සම්බන්ධ වන්නේ වේදිකාවේ ඇය නැතිවම බැරි චරිතයක්‌ නිසාවෙනුයි. කාලෙකට පසුව ටෙලිනාට්‍යය රැසකටම ද ඇය සම්බන්ධ වී සිටිනවා. ඒ අතරින් කිහිපයක්‌ ලෙසට විමලරත්න අධිකාරිගේ නව නිර්මාණයකටත්, සමන් කුමාර ලියනගේගේ මොණරතැන්න ටෙලිනාට්‍යයත්, සුමුදු වෙල්ලාවලගේ හුස්‌ම සහ ඔක්‌සිජන් ටෙලිනාට්‍යයත්, අනුර මාධව ජයසේකරගේ නව නිර්මාණයකටත්, අජිත් ලොකුගේගේ ටෙලිනාට්‍යයකටත් සම්බන්ද වී සිටිනවා. මේ අතරින් කිහිපයක්‌ විකාශනය වන අතරේ ඇය රංගනයෙන් එක්‌ වී සිටිනවා.

වසර දොළොහක්‌ පමණ වන ඇගේ රංගන ජීවිතේ එකවර මෙපමණ ටෙලිනාට්‍ය ප්‍රමාණයක රඟපෑ පළමු අවස්‌ථාව මෙය නිසා මේ දිනවල මාධනී ගොඩක්‌ වෙහෙසකාරී කාලයක්‌ ගත කරන බවයි ඇය අප සමග පැවසුවේ. රංගන කටයුතු එසේ සිදුවෙද්දී මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය (ඇඩික්‌) මගින් සිදුකිරීමට නියමිතව ඇති කෙටි නාට්‍යය උළෙල සඳහා නාට්‍ය තෝරා ගැනීමේ දී විනිශ්චය මණ්‌ඩලය නියෝජනය කරන සමාජිකාවක්‌ ලෙසටත් ඇය කටයුතු කරනවා.

Divayina
READ MORE - මම දැන් "කළු කුමාරි"

කවුද මේ කළු කුමාරි...........................???

පීඩාවට පත් මිනිසුනට බැල්ම හෙලන්න කලු කුමාරි එනවා
කේ. බී. හේරත්


මායාදේවි, නාගගුරාලා, දොaන කතිරිනා, දෙවැනි මහින්ද, වාසුදේව, ජගන්මා, ඔබට මතකද වේදිකාවේ සැරිසරන්නන්ට මේ නාට්‍ය අමතක වන්නට හේතුවක්‌ නැත.

කේ. බී. හේරත් හැදූ නාට්‍ය දහය අතරින් කිහිපයක්‌ පමණි ඒ කේ. බී. හොඳ නාට්‍යකරුවෙක්‌ මෙන්ම ජනප්‍රිය තිරකතා රචකයෙක්‌ද වේ.


කවුද මේ කළු කුමාරි

කලු කුමාරිත් කලු කුමාරයා වගේම අපේ ජනශ්‍රැතියට සම්බන්ධ චරිතයක්‌. මේ චරිත දෙකම සම්බන්ධ වෙන්නේ උත්පත්තියට. ඉතින් මේ ජනශ්‍රැතියේ එන කලු කුමාරි තමයි මගේ නාට්‍යයට පාදක කර ගත්තේ.

මොකක්‌ද මේ නාට්‍යය තියෙන වෙනස

මේ නාට්‍යයේ චරිත, ස්‌ථාන කල්පනිකයි. කාලය අවකාශය අතික්‍රමණය කරලා සෑම චරිතයක්‌ම සංකේත මිස ජීවත්ව සිටින පුද්ගලික චරිත නොවේ. අපේ සමාජයේ පවතින යථාර්ථය ගැන කියන්න තමයි මම මෙය භාවිත කරන්නේ.

එතකොට මොකක්‌ද කලු කුමාරි සමාජයට දෙන පණිවිඩය.

අද සමාජයේ මිනිස්‌සු පීඩාවට පත්වෙලා. පීඩාව ඉවසා දරාගෙන සිටීම නිසා අපේ සමාජය වඩාත් භයානක ව්‍යසනයකට ගොදුරු වෙනවා. ඒ ගැන තමයි කලු කුමාරි නාට්‍යයෙන් කියන්නේ. අද කාලේ මිනිසුන් ක්‍රියාශීලී නැහැ. සෑම පීඩාවක්‌ම ඉවසා දරාගෙන ඉන්නවා.

ඔබ පැවැසුවා මෙහි චරිත සංකේත කියලා. ඒත් ඔය කියන විදිහේ චරිත නේද අද සමාජයේ තියෙන්නේ.

ඔව්. තියෙනවා වෙන්න පුළුවන්. මේ නාට්‍ය බලද්දී සමකාලීන චරිත මතක්‌ වෙනවා.

දේශපාලනය ගැනත් කතා කරනවද?

තනිකරම දේශපාලන ආර්ථික කතාවක්‌ මතුපිටින් නොකියන දේ ඉතා ගැඹුරින් කතා කරනවා.

මොකක්‌ද ඔබේ මේ නාට්‍යයට යොදාගත් ශෛලිය.

කලින් කීවා වගේ පශ්චාත් නාට්‍යවාදී ශිල්ප ක්‍රම, කාලය අවකාශය ආක්‍රමණය කරන ජනශ්‍රැතිය මගින් යථාර්ථය කීම වැනි විශේෂ වූ අත්හදා බැලීමේ ශෛලියක තමයි කලු කුමාරි තියෙන්නේ.

චරිත ගැන කතා කළොත්

නලින් ප්‍රදීප් උඩවෙල, මාදනී මල්වත්ත, සුමිත් රත්නායක, µර්නි රෝෂනි, බන්දුල විතානගේ සහ බාහිරව ජනකායක්‌ නියෝජනය කරන ගායක කණ්‌ඩායමක්‌ සිටිනවා.

ඔබ පෙරකී ශිල්පීන් අතිශය කාර්ය බහුල අය. ඔවුන්ව රඳවා ගැනීම අභියෝගයක්‌?

ඒක ගැටලුවක්‌ තමයි. මේ අය වේදිකාවට ලැදි අය නලින්, සුමිත් සහ මාදනී මා සමග වේදිකාවේ කලක්‌ සිටි අය. නලින් හොඳම නළුවා වුණා. මගේ දෙවැනි මහින්ද නාට්‍යයේ මාදනී ජගන් මා නාට්‍යයෙන් හොඳම නිළිය වුණා. ඔවුන් වේදිකාවට ආදරෙයි. ඒ නිසා කුමන වැඩ කටයුත්තක්‌ තිබුණත් වේදිකාවට කාලය ලබා ගන්නවා. ඒත් ඒක අති දුෂ්කර කාර්යයක්‌.

අද නාට්‍ය කලාවේ පිබිදීම ගැන ඔබේ අදහස?

රූපවාහිනියේ කඩා වැටීම සහ පාසල්, විශ්වවිද්‍යාලවල නාට්‍ය කලාව ඉගැන්වීම මත නාට්‍ය බලන්න එන ප්‍රමාණය ඉහළයි. එය සාධනීය ලක්‍ෂණයක්‌. ඒත් රට වටා යන නාට්‍ය ගුණාත්මකද යන්න ප්‍රශ්නයක්‌. අපි ප්‍රතික්‌ෂේප කරන ටෙලි නාට්‍ය කලාවේ නළු නිළියන් යොදාගෙන නාට්‍ය හදලා ඒවා රට වටා ගෙන යැමෙන් ප්‍රතිඵලයක්‌ ලැබේවිද. එවැනි නාට්‍ය ශාලාවට ප්‍රේක්‍ෂකයන් ගෙන්වා ගැනීම පැත්තෙන් වරදක්‌ නැහැ.

කලුකුමාරි රට වටා යනවද

ව්‍යාපාරයක්‌ ලෙස ගෙන යන්න අදහසක්‌ නෑ. අපේ රටේ නාට්‍ය කලාවට ආදරය කරන නාට්‍ය කලාවෙන් කලාත්මක වින්දනයක්‌ ලබන ප්‍රේක්‍ෂක පිරිසක්‌ ඉන්නවා. විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් කොටසකුත් ඉන්නවා. එවන් පිරිසක්‌ වෙත කලු කුමාරි ගෙන යා හැකියි. රට හැමතැනම පෙන්වා ආදායම් ලබනවාට වඩා ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ ලබාදීමේ මට්‌ටමින් කරන්න තමයි මම කැමති.

ඇයි ඔබ නාට්‍යයක්‌ කරන්න වසර තුන හතරක්‌ කල් ගත කරන්නේ.

මම නාට්‍ය දහයක්‌ කළා. ඒ හැම එකක්‌ම අවුරුදු දෙක තුනක පරතරයක්‌ ඇතිව කළේ. ඒ නාට්‍ය සියල්ලටම හොඳම ස්‌වතන්ත්‍ර පිටපත ලෙස සම්මාන ලැබුණා. එසේ සම්මාන ලැබූ කෙනෙක්‌ තවත් නැහැ. මට නාට්‍යයක්‌ කරන්න කලින් පර්යේෂණ කළ යුතුයි. ඒ සඳහා කල් ගත වෙනවා. අනෙක්‌ කරුණ තමයි අද අපිට නාට්‍යයක්‌ කරන්න බැරි තරම් වියදම් සැරයි. ඒ සඳහා නිෂ්පාදකයෝ සොයා ගැනීම අසීරුයි. ඒත් කලු කුමාරි සඳහා සිරිනිට්‌ එන්ටර්ටේන්මන්ට්‌ ආයතනය ඉදිරිපත්ව සිටිනවා. ඒ ආයතනය කලාවට ආදරය කරන කිහිප දෙනෙක්‌ගේ එකතුවක්‌.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2012/08/19/meewitha01.html
READ MORE - කවුද මේ කළු කුමාරි...........................???

“කළු කුමාරි” අපට කියන්නේ වත්මන් සමාජ ඛේදවාචකයයි


කේ. බී. හේරත්
සුදු කරල්, මායාදේවී, නාග ගුරුළා, දෝන කතරිනා, දෙවෙනි මහින්ද, වාසුදේව, යශෝධරා, ජගන්මා ඇතුළු නාට්‍ය ගණනාවක් රචනා කොට නිර්මාණය කළ කේ.බී. හේරත් ප්‍රවීණ නාට්‍යවේදියෙකි, සම්මානනීය රචකයෙකි. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (B.A) උපාධිය ලැබූ ඔහු මෙරට විශ්වවිද්‍යාල රැසක නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්යවරයෙකි. ඉතිහාසය හා ජනශ්‍රැතිය ඔහුගේ බහුතර වේදිකා නාට්‍ය නිර්මාණවලට මතු නොව ටෙලි නළු තිරරචනා සඳහා ද පාදක විය. පාරමී දම්, ඉසිවර අසපුව, ඉඳුරු දොර, ඉන්ගම්මාරුව, ඉසිවර රණ කෙළි, ගජමන් නෝනා ඇතුළු හරවත් ටෙලි නළු විශාල සංඛ්‍යාවක තිර රචනා කළ කේ.බී. ස්වකීය අභිනව නාට්‍ය නිර්මාණය වූ “කළු කුමාරි”  ඔක්තෝම්බර් 24 හවස 6.30 ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී  වේදිකා ගත කිරීමට සූදානම් වේ.
මගේ නවතම නාට්‍යය කළු කුමාරි. මෙය ජනශ්‍රැතියෙහි කළු කුමාර සංකල්පය සමඟ බැඳී තිබෙන්නක්. ස්ත්‍රීන් ගැබ් ගැනීමට සම්බන්ධ මෙහි කතා පුවත් අඩංගුයි. කළු කුමාර බණ්ඩාර විත්තිය නමින් පැරණි ලියකියවිලි තිබෙනවා. ඒ ජනශ්‍රැතිය ආශ්‍රයෙන් වර්තමාන අපේ වටපිටාව ගැන විග්‍රහ කරන්නයි “කළු කුමාරි” නාට්‍යයෙන් මා උත්සාහ කරන්නේ. පැරණි ජනශ්‍රැතිය මීට පාදක වූවත් නූතන නාට්‍යමය ආකෘතියකින් තමයි මා මේ නාට්‍යය නිර්මාණය කළේ.
නලින් ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්ත, ෆර්නි රෝෂණී, බන්දුල විතානගේ, සුමිත් රත්නායක, දුලාංජලී විජේසේන, නිශාන් දේවපි‍්‍රය, පින්සර සමරසේකර, උදිත සමීර, කැලුම් ගම්ලත් ආදීන් මෙහි චරිත නිරූපණයෙන් දායක වෙනවා. “සෙරනිටි” වෙනුවෙන් මේ නාට්‍යයට අර්ථ පතීත්වය දැරුවේ බණ්ඩාර ඇහැළියගොඩ, එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු ආදී මහත්වරුන්. දැනට අපට අත්දකින්නට ලැබෙන සමාජ, දේශපාලන, ආර්ථික තත්ත්වයන් මෙමඟින් විග්‍රහයට ලක්වෙනවා.”
ශෛලිගත (poetic theatre) හා තාත්වික (Theatre of Illusion) යනුවෙන් නාට්‍ය කලාවෙහි පවත්නා බෙදිල්ල වෙනුවට මේ සම්ප්‍රදායන් ද්වයෙහි මුසුවක් අද ඇතැම් නාට්‍යවල දක්නට ලැබෙනවා.
”ඔව්. එවැනි තාත්වික හෝ ශෛලිගත ලෙස නාට්‍ය කලාවේ පවත්නා බෙදීම් මෑත කාලයේ ගිලිහී ගොස් තිබෙනවා. ශෛලීන් බොහොමයක මිශ්‍රණයක් තමයි අද දක්නට ලැබෙන්නේ. මගේ “කළු කුමාරි” නාට්‍යය ”Theatrical” එනම් රංග පරම බවට බටහිර හොයා ගත් යම් යම් උපක්‍රම භාවිතයෙන් නව අත්හදා බැලීමක් ලෙසයි නිර්මාණය වුණේ. මෙහි ගීත සමඟ භාවිත වන රංග වින්‍යාසයන් දක්නට ලැබෙනවා.”
ඔබ මෙතෙක් “සුදු කරල්” සිට ‘කළු කුමාරි” දක්වා නිර්මාණය කළ නාට්‍ය සියල්ලම ස්වතන්ත්‍රයි. පරිවර්තන හෝ අනුවර්තන මඟින් අවශේෂ පෙර අපර දෙදිග නිර්මාණ ඉවහල් කොට නොගෙන ඍජුවම අපේ සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය එමඟින් කුළුගැන්වීමට ඔබට හැකි වුණා.
”මං නාට්‍ය දහයක් නිර්මාණය කොට තිබෙනවා. සුදු කරල් නාට්‍යයෙන් ආරම්භ කළේ. මේ සියලු නාට්‍ය ස්වතන්ත්‍රයි. “සුදු කරල්” නාට්‍යයත් ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වුණා. මා නිර්මාණය කළ නාට්‍ය දහයෙන් නවයක්ම රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර පිටපතට හිමි සම්මානය ලබා ගත්තා. මං හිතන්නේ කවුරුවත් ඒ ආකාරයට සම්මාන ලබා ගෙන නැහැ.
මුල් අවධියේ මා අධ්‍යාපනය ලැබුවේ ඉංගිරිසි මාධ්‍යයෙන්. පරිවර්තන නාට්‍ය ඕනෑ හැටියේ රචනා කරන්න පුළුවන්. 1962 මං පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් “සිංහබාහු” නාට්‍යය ආරම්භ කළ කාල වකවානුවේ. නාට්‍ය කලාවට යොමු වීමට මා පෙලඹවූයේත් ඒ පසුබිම තමයි. පරිවර්තන නොකරන්නේ පරිවර්තන නාට්‍ය හොඳ නැති නිසා නොවෙයි. නමුත් මට දැනෙන දේ වඩාත් හොඳින් මගේ ස්වතන්ත්‍ර නිර්මාණයකින් කුළුගැන්වීමට පුළුවන්.”
නාට්‍යයකට සුදුසු හොඳ පිටපත් නොමැති නිසා පරිවර්තනයට වඩා පෙලඹෙන බව ඇතැම් නාට්‍යවේදීන් පවසනවා. ප්‍රතිභාපූර්ණ පිටපත් රචකයන්ගේ රික්තය වේදිකාවට පමණක් නොව චිත්‍රපටයට හා ටෙලි නළුවටත් අද බලපා තිබෙනවා.
”ඔව්. ලංකාවේ මෙය අතිවිශාල ගැටලුවක්. අපේ පරිණත නාට්‍යවේදීන්ට පවා පිටපත් රචනා කරගැනීමේ දුෂ්කරතා තිබෙනවා. හොඳ අධ්‍යක්ෂවරයකුට තිර පිටපතක් රචනා කරගැනීමට දුෂ්කර වීම පුදුමයක් නොවෙයි. ලංකාවේ නාට්‍ය රචකයන් අඩුයි. වෙනත් බොහෝ රටවල නිෂ්පාදකයන් සඳහා නාට්‍ය ලියන රචකයන් සිටිනවා. ඔවුන් නිෂ්පාදකයන් නොවෙයි. තරුණ සේවා සභාව සහ යොවුන් නාට්‍යකරුවන් ගැන බැලුවහොත් ඒ අතර අත්හදාබැලීම් කරන පිරිස් බොහොමයක් සිටිනවා. නමුත් ඒ කෙටි නාට්‍ය සඳහා පමණයි. නමුත් දීර්ඝ නාට්‍ය සඳහා රචකයන් නොමැති තරම්. එය ගැටලුවක්.
මේ බොහෝ කෙටි නාට්‍ය ආකෘතිකමය වශයෙන් ඉදිරි පියවරක් තබා ඇතත් අන්තර්ගතය අතින් පවතින දුබලතාව කැපී පෙනෙනවා නේද?
”එය සත්‍යයක්. මේ තරුණයන් රැඩිකල් වීමට උත්සාහ කරනවා. බටහිරෙන් උරා ගන්නා ශෛලියක් මතයි ඔවුන් බොහෝවිට රැඳී සිටින්නේ. හැබැයි මේ අතර ඉතා හොඳ අත්හදාබැලීම් සිදු කරන තරුණයන් සිටිනවා. වසර 12 ක් මා යෞවන සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ නාට්‍ය පිටපත් බලනවා. රාජ්‍ය නාට්‍ය උලෙළෙත් මං වැඩ කරලා තියෙනවා. තරුණයන් ප්‍රවීණයන්ටත් වඩා එහා ගිහින් කෙටි නාට්‍ය කලාවේ ප්‍රවණතා ඇති කරලා තිබෙනවා. ඔවුන් ඉහළ ගණයේ කෙටි නාට්‍ය රචනා කරලා නිෂ්පාදනය කරනවා. නමුත් දීර්ඝ නාට්‍යවලදී මේ රචනා කෞශල්‍යය දකින්න ලැබෙන්නේ නැහැ. අනෙක උවමනාවට වඩා ආකෘතියට නතු වීමේ දෝෂය ඇතැම් කෙටි නාට්‍යවල දක්නට ලැබෙනවා.”
නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාලයීය මට්ටමේ පාඨමාලා හා නාට්‍ය පාසල් හරහා පවතින ශාස්ත්‍රීය ආලෝලනය ගැන ඒ පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ඔබගේ ආකල්පය කෙබඳුද?
”දැනට වසර 6 ක පමණ කාලයක සිට කැලණිය, සෞන්දර්ය, ශ්‍රීපාලි වැනි විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව පිළිබඳ වසර 4 ක ගෞරව උපාධි පාඨමාලා දක්නට ලැබෙනවා. මීට අමතරව තරුණ සේවා සභාවේ, ටවර් හෝල් පදනමේ නාට්‍ය පාසල් තිබෙනවා. මේවා ඔස්සේ කිසියම් ආකාරයෙන් ශාස්ත්‍රය දන්නා පිරිසක් බිහිවී සිටිනවා. ප්‍රාදේශීය නාට්‍ය නරඹද්දීත් මෙය පැහැදිලියි. මේ ශාස්ත්‍රීය අධ්‍යයනය තමයි නාට්‍ය කලාවේ දියුණුවට බලපාන්නේ.”
ඔබ බොහෝ නාට්‍ය සඳහා ඉතිහාසයෙන් සුපෝෂණය ලැබූ බව පැහැදිලියි.
”මායාදේවි නාට්‍යය නිර්මාණය කළාට පසුව “දෙවැනි මහින්ද”, “දෝන කතරිනා”, “වාසුදේව“, “යශෝධරා” වැනි නාට්‍ය ඓතිහාසික කතා පුවත් ඇසුරෙන් මා නිර්මාණය කළා. අපට ලැබෙන අත්දැකීමක් විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙලා එහි යථා තත්ත්වය සොයා ගන්න සෑහෙන කාලයක් ගතවෙනවා. ඉතිහාසයේ එවැනි තැන් අපට විමර්ශනය කොට සොයා ගත හැකියි. ෂේක්ස්පියර් වැනි නාට්‍යකරුවකු ගෙන බැලුවොත් ඔහු බොහෝ නාට්‍ය සඳහා පාදක කොට ගත්තේ ඓතිහාසික කතා පුවත්. මේ සඳහා මට බලපෑ පෞද්ගලික හේතුවක් තිබෙනවා. එනම් මා විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධියට හැදෑරුවේ ඉතිහාසයයි. “නාග ගුරුළා”, “කළු කුමාරි” වැනි නාට්‍ය සඳහා ඇසුරු වූයේ ජනශ්‍රැතියයි.
”කළු කුමාරි” නාට්‍යය ඔස්සේ සනිටුහන් වන පශ්චාත් නව්‍යවාදී නැඹුරුව ඔබගේ නාට්‍ය කලා දිවියේ වෙනත් පැතිකඩක් සටහන් කරාවි යැයි මට හිතෙනවා.
ජනශ්‍රැතිය ඉවහල් කොට ගෙන බටහිර පශ්චාත් නව්‍යවාදී ලේඛකයන් තමන්ට දැනෙන යථාර්ථය විග්‍රහ කළා. ලතින් ඇමරිකානු, චෙකොස්ලොවැකියානු, අපි‍්‍රකානු නවකතාකරුවන්, නාට්‍යකරුවන් පශ්චාත් නව්‍යවාදී ව්‍යුහයන් සඳහා ජනශ්‍රැතිය භාවිත කළා. ලංකාවේ සයිමන් නවගත්තේගමත් එහි ඇසුර ලැබුවා. මේ පශ්චාත් නව්‍යවාදී ව්‍යුහාත්මක අර්ථය මා “කළු කුමාරි” සඳහා උපයුක්ත කොට ගත්තා. චරිත පුද්ගලයෙක් නොවී සංකේතයක් වීම, කාලය හා අවකාශය තොර වීම, ශෛලීන් සම්මිශ්‍රණය වීම ආදී පශ්චාත් නව්‍යවාදී ලක්ෂණ මේ නාට්‍යයෙහි දක්නට ලැබෙනවා. පශ්චාත් නව්‍යවාදයේ ආභාසය මුලින්ම මා ලැබූ නාට්‍යය මෙයයි.”
ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස අද්‍යතන ටෙලි නාට්‍ය කලාව මුහුණපා ඇති අර්බුදය ගැන ඔබට බොහෝ දේ කියන්නට ඇති. අද බොහෝ අවර ගණයේ ටෙලි නාට්‍යවලට පිටපතක් ඕනෑ නැහැ. නිළියකට වුණත් කතාව තීරණය කළ හැකියි. උදාහරණයකට සැබෑ ජීවිතයේදී ප්‍රධාන නිළිය ගර්භනී වුවහොත් ටෙලි නාට්‍යයේ ඇගේ චරිතය කාලයකට අතුරුදන් වෙනවා.
”අද ටෙලි නාට්‍ය ලියන බහුතරයක් රචකයන් ලෙස මා පිළිගන්නේ නැහැ. ඉතා බාල වර්ගයේ නවකතා ලියූ උදවිය අද ටෙලි නාට්‍ය කලාවට බැහැලා. සාහිත්‍ය දැනුම පිළිබඳ පරිහානියත් මීට බලපෑවා. ඉතා හොඳ විදග්ධ නවකතා ලියන පිරිසක් අපට සිටිනවා. නමුත් ඔවුන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට දායක නොවීම අභාග්‍යයක්.
ආරම්භයේ සිටම ඉතා හරවත් ටෙලි නාට්‍ය ලියූ, නිර්මාණය කළ පිරිසක් අපට සිටිනවා. ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක තිර රචනා ලියුවේ මමයි. බොළඳ ආදරය පාදක කොට ගෙන හරසුන් ටෙලි නාට්‍ය මා ලියුවේ නැහැ. ඒවා සියල්ල ඉතිහාසය හෝ ජනශ්‍රැතිය පාදක කොට ගත් පර්යේෂණ, අත්හදාබැලීම්. සිනමාවේදී මා සම්බන්ධ වූයේ වසන්ත ඔබේසේකරගේ “දොරකඩ මාරාව“ චිත්‍රපටයේ තිර රචනය සඳහායි. රාජ්‍ය හෝ පෞද්ගලික රූපවාහිනි නාලිකා අද භාර ගන්නේ බොළඳ අවර ගණයේ ටෙලි නාට්‍ය බව පෙනෙනවා. සාහිත්‍ය හැදෑරීමෙන් දුරස්වීම නිසා හොඳ තිර රචකයන් අද හිඟයි. මගේ තිර පිටපතක් මං දෙන්නේ තෝරා ගත් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ට පමණයි.
නැත්නම් තිර පිටපතට හානි සිදුවෙනවා. කියන්නත් ලැජ්ජයි. අද බොහෝ ටෙලි නාට්‍යකරුවෝ දර්ශන තලයට ඇවිත් බලනවා, ඒ අවට කවුද ඉන්නෙ කියලා. ඉන්පසු අහල පහල ඉන්න නළු නිළියන්ට සුදුසු පරිදි කතාව සකස් කරනවා. ඕලාරික චරිත, ඕලාරික සිද්ධි ඇතුළත් කරනවා. මෙගා, රියැලිටි හරහා ධනවාදී ලිබරල් ආධිපත්‍යය අද තරුණ පරපුර ගිලගෙන. අවට සිදුවන විනාශය දැක දැකත් අපේ රටේ ජනතාව ඇහැකන පියාගෙන ඉන්නවා. ඔවුන්ට ගැඹුරු දේශපාලන දැනුමකුත් නැහැ. “කළු කුමාරි” හරහා මං කතා කරන්නේ මේ ඛේදවාචකයයි. මෙය අන්තර්ජාතික සැලසුමක්. රජය මැදිහත්වී මේ තත්ත්වය පාලනය නොකළොත් මුළු රටම විනාශයි.
අනුන්ගේ ගීතයක් ගයලා රු. කෝටියක් උපයන තරුණයෙක් අද ඉන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 30 ක් නාට්‍ය කරලා නාට්‍යයක් කරන්න රු. ලක්ෂ 4 ක් නැති මං වගේ මිනිහෙක් ඉන්න පුළුවන්. නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීම භාරව සිටි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිතිපතා සිටියේ පරාක්‍රම නිරිඇල්ලයි, මමයි. ජෝන් ද සිල්වා රඟහල වැනි රඟහලක් (ප්‍රේක්ෂකයන් 700 – 800 කට නැරඹිය හැකි) අපි එහිදී ඉල්ලා සිටියා. නමුත් අපට එය ලැබුණේ නැහැ. ඒ රඟහල ඉල්ලුවේ නෙළුම් පොකුණට අමතරවයි. නෙළුම් පොකුණ රඟහලේ නාට්‍යයක් වේදිකා ගත කිරීමට මෙරට බහුතරයක් නාට්‍යවේදීන්ට වත්කමක් නැහැ. බස්නාහිර පළාත් සභාව සමඟ එක්වී මීට කලිනුත් අපි ස්ටැන්ලි තිලකරත්න මාවතේ රඟහලක් හැදුවා. මේ රඟහල නාට්‍ය පෙන්වන්න විවෘත කරලා අවසානයේ කිසිම නාට්‍යයක් නොපෙන්වා වගකිව යුත්තන් පෞද්ගලික නාලිකාවකට විකුණා දැමුවා. අද එතැන මෙගා ටෙලි නාට්‍ය තැනෙනවා. ඉතිං මේවා අපි කාට කියන්නද?”
READ MORE - “කළු කුමාරි” අපට කියන්නේ වත්මන් සමාජ ඛේදවාචකයයි

"කළු කුමාරි"


















කේ බී හේරත් නාට්‍ය නිර්මාණය
 "කළු කුමාරි" 
ඔක්තෝම්බර් 24 හවස 6.30 ට 
බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී .

රංගනය 
මාධිනි මල්වත්ත,
ෆර්නි රෝෂිනි, 
සුමිත් රත්නයක,
නලීන් ප්‍රදීප්,
චන්ද්‍රසෝම බින්දුහේවා ,
පින්සර සමරසේකර,
දුලාංජලී විජේසිංහ,
නිශාන් දේශප්‍රිය,
උදිත ලියනගේ, 
කැලුම් කල්හාරි

සංගීතය
ශාන්ත පීරිස් .
READ MORE - "කළු කුමාරි"