----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය

Sunday, November 17, 2013

චොගම් සමුළුවෙන් පස්සේ
2013 නොවැම්බර් මස 16 15:20:49 | දීපා අධිකාරී

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ  කිරුළ සඳහා තරග වදින   අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන්  තිස්තුන් දෙනෙකු  අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. 
මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත්  මැරීන් ලෝෆෙලීන් මෙනවියද  වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.
මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම්  ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර  ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි  වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී  යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.
සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය  විසින්  ගුවන්තොටුපොළ සේද මාවතේදී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.
මෙම  සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද  මෙරටට පැමිණියහ.
 යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1  ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.
මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත්  මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි  අවස්ථාව මෙය වෙයි.
ප‍්‍රංශ යුවතියන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා නිල චාරිකා  සහකරු ලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයද, නිල සත්කාරක සේවා සහකරු ලෙස සිනමන් හෝටල් හා රෙසෝට්ස් ජාලය කටයුතු කරයි.
මෙම සංචාරයේදී සිනමන් ලොජ් හබරණ හා සිනමන් බේ බේරුවල යන සිනමන් හෝටල්හි මෙම පිරිස නවතැන් ගැන්මට අපේක්ෂිතය. විශේෂයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණයට හා වනජීවී උද්‍යාන වලට මධ්‍යගතව පිහිටා ඇති සිනමන් ලොජ් හබරන ඔස්සේ අතිශය සුන්දර සංස්කෘතික විවිධත්වය හා වනජීවී සුන්්දරත්වය සංචාරයට එක්කරන අතර සිනමන් බේ බේරුවල හරහා රන් පැහැ වෙරළ තිරයක විවේකී සුන්දරත්වය ලගා කරමින්  සුර්්‍යාලෝකය විඳිමින්  මුහුද හා වෙරළ හරහා මොවුන් යොමු කිරීමට කටයුතු කර ඇත.
2014 වසරේ මිස් ෆ‍්‍රාන්ස් කිරුළ දිනාගන්නා ජයග‍්‍රාහිකාව මෙම සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිනෙන අතර එහිදි සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරමින් මෙරටදි මෙන්ම ප‍්‍රංශයේදී ද විවිද වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය.
සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම අලෙවි ප‍්‍රධානී හා උප සභාපති දිලිප් මුද්දෙනිය මහතා පැවසූවේ මෙම උත්කර්ශවත් අන්තර්ජාතික ඉසව්ව සඳහා නිල සත්කාරන සේවා සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් වන බවයි.
2014 මිස් ෆ‍්‍රාන්ස් තරගාවලිය ඔස්සේ   ශ‍්‍රී ලංකාව උසස් තත්වයේ ගමනාන්තයක්  ලෙස ගෝලීය වශයෙන් අවධානයට පත්  වන බවත් ඔහු පැවසීය.
මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරමන්නන් කරා ගෙන යා හැකි වන බවත් කීය.
 තමන් ඇතුළු සමස්ත සිනමන් කාර්‍ය මණ්ඩලයම මෙම සුන්දර යුවතියන් පිළිගෙන ඔවුන්ට හරවත් අත්දැකීමක් සමීප කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් කීවේය.












READ MORE - සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’

‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’
2013 නොවැම්බර් මස 03 14:37:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුතු දවසෙයි. එදා අවමගුල් උත්සවයට පැමිණ සිටි සියල්ලන්ටම කසුන් ආචාර කළා. මා ළඟටත් ඇවිත් අත්දෙක එක්කාසු කරලා ආචාර කළා. වචනයක්වත් කතා කරන්න තරම්, ශක්තියක් ඔහුට තිබුණෙ නැහැ. එය ඇත්තෙන්ම අතිශය දුක්බර මොහොතක් වුණා. ඒ වන විට කසුන් සංගීත ක්ෂේත‍්‍රයට ඇවිල්ලා හිටියෙ නැහැ. පස්සෙ කාලෙක එයා දක්ෂතා ඇති කෙනෙක් කියලා ආරංචි වුණා.”

වත්මනෙහි සංගීත ක්ෂේත‍්‍රයේ අපට හමුවන රත්තරන් හඬක් වන කසුන් කල්හාර ගැන, මිහිරිතම හඬක් ඇති ගී කෝකිලාවක වන බුන්කා සම්මානයෙන් පිදුම්ලද උරේෂා පවසන්නෙ ඒ විදියටයි. අද මගේ ඇසින් විශේෂාංගයට කසුන් ගැන උරේෂා තවත් කියන්නෙ මොනවද බලමු.

 උරේෂා කසුන් එක්ක මුලින්ම ගීතයක් ගැයුවෙ මොන අවස්ථාවකදී ද?
”ආදරණීය වස්සානය” චිත‍්‍රපටයෙ යුග ගීත සඳහා තමයි මුලින්ම මට කසුන් එක්ක ගීතයක් ගයන්න ලැබුණෙ.


 එදා ඒ ගීතය නිර්මාණය කරද්දී මොනවද වෙච්ච සිදුවීම්?
දයානන්ද පෙරේරා මහතාගේ ශබ්දාගාරයේදී තමයි පටිගත කිරීම් සිදුවුණේ. සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්තයත් හිටියා. ගීතය වෙනුවෙන් අපි පෙර පුහුණුවක් කළා. ගීතය විකාශය වන කාලය විනාඩි දෙක තුනක් වුණාට හැඟීම්බර ගායනයක් නිසා ඒ හැඟීම් දැනවීම ගැන අපි දෙන්නම හිතුවා. ඒ නිසා අපට ඊට උපරිම සාධාරණය කරන්න පුළුවන් වුණා. ඒ ගීතයෙන් මතුවන ආදරණීය හැඟීම උපරිමයෙන් දෙන්න පුළුවන් වුණේ, සංගීතය සහ ඒ හැඟීම් ගායනය නිසයි.


 ඔහු මොන වගේ කෙනෙක්ද? කා එක්කවත් හිනාවෙන්නෙ නැති ආඩම්බරකාරයෙක් කියලත් සමහරු කියනව නේද?
මට සිටින හොඳම යාළුවෙක්. ඇත්තටම කසුන් කියන්නෙ හරි නිවිච්ච තැන්පත් චරිතයක්. වැඩිය කතා නැහැ. කතාකරන්නෙ අවශ්‍ය තැනට, අවශ්‍ය දේට විතරයි.  




 ඔබ කියන්නෙ ඔහු ආඩම්බර නැහැ කියලද?
ඔහු හරි සරල පුද්ගලයෙක්. ආඩම්බරයි කියලා හිතෙනවා ඇත්තෙ ඔහු අර ඉස්සෙල්ලා කිව්ව විදියට හැසිරෙන නිසා වෙන්න ඇති. ක්ෂේත‍්‍රයේදී කිසිම ආඩම්බරකමක් නැතිව උදව් කරන කෙනෙක්. මොකක් හරි ප‍්‍රසංගයක් පවත්වන්නට පෙර ඒ ගැන කතා බහ කරලා ඊට හොඳට පෙර සූදානම් වන කෙනෙක්.


 ආධුනිකයින්ට උදව් කරනවද?
ආධුනික ප‍්‍රවීන කියලා භේදයක් නැහැ. එයා කා එක්කත් සුහද හොඳ පුද්ගලයෙක්. එයාගෙන් ආධුනිකයින්ට වගේම සමහර පළපුරුදු අයටත් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.


 ඒ මොනවගේ දේවල්ද?
කසුන් ප‍්‍රසංගයකට එන්නෙ ලැහැස්ති පිටයි. තමුන්ගෙ ගායනය ගැන ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. ඒත් මතුපිටින් දැක්කාම එහෙම නෙවෙයි කියලා හිතෙන්න පුළුවනි. ගායන ක්ෂේත‍්‍රයේ සමහර අය තමා ආටිස්ට් කියලා කැපී පේන්න කරන දේවල් තියෙනවා. සමහර විට කන බොන විදිය පවා වෙනසක් කරන්න හදනවා. ඒත් කසුන්ට ඒ ”ස්ටාර්” හෙවත් තරු සංකල්පය නැහැ. ඇඳුම පවා අඳින්නෙ තමුන්ගෙ පහසුවටයි. එයා ගායනයෙන් කැපී පේන්න මිසක් බාහිර අලංකරණ ආටෝප වලින් කැපී පේන්න හදන කෙනෙක් නෙවෙයි. ගායනය ඉස්මතු කරන කෙනෙක්.


 ඔහුගෙ ගායනය ඔබ දකින්නෙ කොහොමද?
අතිශයින්ම හැඟීම්බර ගායකයෙක්. හැඟීම් ගයන්න හැමෝටම බැහැ. කසුන් විශේෂිත වෙන්නෙ ඒ හින්ඳමයි.


 ඔහුගෙ ඔබ කැමතිම ගීතය මොකක්ද?
ඔක්කෝම ගීත එක වගේ ලස්සනයි. ඒත් ”ආදරණීය වස්සානේ” ගීතයට ගොඩාක් කැමතියි.


 බොහෝ දෙනා කියන්නෙ ඔබගෙ හඬට යුග ගී ගයන්න සුදුසුම හඬ කසුන්ගෙ කියලයි. ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඇත්තටම ඒක හරි. අපි දෙන්නට ගීත පවා ලැබෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.


 ඔබ හැර තව කා එක්ක යුග ගී ගයන්න කසුන්ගෙ හඬ ගැලපෙනවද?
ඒක එක එක්කෙනාගෙ දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවනි. කොහොම වුනත් නිරෝෂා විරාජිණී අක්කගෙ හඬත් කසුන්ගෙ හඬට වඩාත් ළඟ බව මට හැෙඟනවා.


 ගැයුම සහ සංගීත අධ්‍යක්ෂණයට හැර කසුන් වෙන මොනවට දක්ෂයි කියලද ඔබ හිතන්නෙ?
එයාගෙ දෙමාපියන්ගෙන් ලද සංගීත ඥානය එක්ක කසුන්ගෙ මුළු ආත්මයම දක්ෂ සංගීතයටයි. ඒ හැර වෙන මොනවට ද දක්ෂ කියලා මම දන්නෙ නැහැ.


 කසුන්ට වඩාත් ගැලපෙන්නෙ මොනවගේ ඇඳුමක් කියලද හිතන්නෙ?
මම හිතන්නෙ එයා මේ අඳින විදිය වඩාත් හොඳයි.

READ MORE - ‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’