----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

චතූ පබා දිල්හාරා - 'විජය කුවේණි'

Saturday, July 6, 2013

ගැමි චරිතයක් කරන්න ආසයි

අද The Gallary සමඟ එක්වන්නේ චතූ පබා දිල්හාරා ය. කුඩා කල පටන්ම කලාවට අසීමිතව ආදරය කළ පබා ප්‍රසිද්ධ වේදිකාවට පා තබන්නේ රත්නසිරි පරණවිතානගේ සිද්ධාර්ථ වේදිකා නාට්‍ය හරහා ය. ඉන්පසුව ටෙලිනාට්‍ය බොහොමයක චරිත මවා පබා සිනමාවට පිවිසෙන්නේ 'විජය කුවේණි' චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමිනි. එමෙන්ම ලංකාවේ ජනපි‍්‍රය රූප රචනා මෙන්ම වෙළෙඳ දැන්වීම් සඳහා ද පබාගේ රුව එක්ව තිබේ.
* කොහොමද මේ ගමන පටන්ගන්නෙ...
පුංචිකාලෙ ඉඳලම කලාවට අසීමිතව ආදරය කළා. ඒ නිසාම නිරතුරුවම චිත්‍රපට වේදිකා නාට්‍ය වගේම ටෙලිනාට්‍ය නරඹන්නටත් කාලය වෙන්කර ගත්තා. පාසල් කාලයේ පොත පත කියවන්නටත් පුරුදුවෙලා හිටියා. මගේ රංගන ගමනේ ආරම්භය සිදු වුණේ රත්නසිරි පරණවිතානයන්ගේ සිද්ධාර්ථ වේදිකා නාට්‍යයෙන්.
* ඔබ රංගනය සහ නිරූපණය හදාරපු කෙනෙක්ද?
රංගනය නිරූපණය වගේම නර්තනය පිළිබඳත් මා හදාරා තියෙනවා. ඒ වගේම දිනෙන් දින දියුණු වන මේ ක්ෂේත්‍ර පිළිබඳ නිරතුරුවම මා ස්ව අධ්‍යයනයක යෙදෙනවා.
* කලාවට සම්බන්ධ වීම ගැන තෘප්තිමත්ද?
මේ සුන්දර රටේ ඉපදිලා අපේ ජනතාව පිනවන්න ඉඩක් ලැබීම භාග්‍යයක්..
* කලාවට සම්බන්ධ නොවුණා නම්...
අලෙවිකරණය සම්බන්ධ රැකියාවකට යොමු වේවි.
* රංගනයට අමතරව මොනවද කරන්නෙ?
කැලණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. ඒ වගේම අන්තර්ජාල රූපවාහිනී සේවාවක නිවේදිකාවක් ලෙසටත් කටයුතු කරනවා.
* කලාව සහ ව්‍යාපාර කියන්නෙ ක්ෂේත්‍ර දෙකක්..
කලා කටයුතු කරන අතරේ ව්‍යාපාර ගැනත් ඉගෙන ගන්නෙ ඉදිරියෙදී මේ ක්ෂේත්‍ර දෙකම හොඳින් හදාරා ශක්තිමත් ගමනක් යන්නටයි.
* ඔබගේ පි‍්‍රයතම නිළිය ?
චාන්දනී සෙනෙවිරත්න
* ඒකට හේතුවක් තියෙනවද?
එතුමියගෙ රඟපෑම හරිම තාත්විකයි. ඒවගේම ඒ ඒ චරිතවලට ඇය අනුගත වෙන්නෙ ඉතා හොඳ අධ්‍යයනයකින් වග නරඹන ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ නිසා මම ඇයට ආදරය කරනවා, ගරු කරනවා වගේම ඒ රඟපෑමෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.
* මෑත කාලයේ ඔබේ හිත තදින්ම බැඳුණු චරිතයක් තිබෙනවාද?
ස්වයංජාත ටෙලිනාට්‍යයේ ජගත් චමිල රඟ පෑ වෙනස්ම ආකාරයේ චරිතයට මං කැමැතියි.
* ඔබ තවත් නර්ථන ශිල්පිනියක්ද?
රිද්මි නර්තන කණ්ඩායමට එකතුවෙලා කටයුතු කරනවා.
* ඉදිරියේදී රඟපෑමට කැමැතිම චරිතයක් තියෙනවද?
ඉතාමත් දුෂ්කර ගමක ඉපිද හැදී වැඩී අනේක දුක් දෝමනස්සවලට මුහුණ දෙන අවසානයේ තම ජීවිතය ජය ගන්න තරුණියකගේ චරිතයක් නිරූපණය කරන්නට කැමැතියි.
* ඉදිරියේ දී ඔබට දීර්ඝ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබෙන්නට යන බවත් ආරංචියි..
ඔව්. එය තාමත් තියෙන්නෙ සාකච්ඡා මට්ටමේ.. ස්ථිර වූ වහාම සරසවියට කියන්නම්.

0 comments:

Post a Comment