----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා

Friday, June 14, 2013

පුහුණුවේ තරම

’තව ටික දොහකින් දර්ශන පුහුණුවකට ඉන්දියාවේ යනවනෙ. එතකොට විශ්ව විද්‍යාලෙ නිවාඩුව ඉවර වුණාම ප්‍රමෝද් සබරගමු යනවා. ඔයා උදේට හොඳටෝම දවල් වෙලා නැගිටලා අන්තිම මොහොතේ ලැහැස්ති වුණාම, කවුද නිරාශා, ඔයාව කාර් එකෙන් බැංකුවට ගිහින් ඇරලවන්නෙ? ඒකනෙ ළමයො මම ඔයාට කිව්වේ ඉක්මනට ඩ්‍රැයිවින් පුරුදු වෙන්නෙයි කියල.’ ශාන්ති තම දියණියට එසේ කීවේ වාහන පැදවීමට අකැමැති තම සැමියා දෙස සාවඥ බැල්මක් හෙළමිනි.
’ඉතින් අම්මට පුළුවන්නෙ, කාරෙක එළවාගෙන යන්ඩ. ඇයි අම්මාට තියෙන්නෙ බරවාහන ලයිෂන් එකක් නේද?’ ප්‍රමෝද් ඇසුවේ සිනාසෙමිනි.
’ඔව්, උඹලගෙ අම්මට ඒක කරන්ඩ බැරිකමක් නැහැ. හැබැයි පුතෝ එතකොට මට සිද්ධවෙනවා අර බයිසිකල් රේස් තියෙන වෙලාවට කෙරෙන්නා වගෙ, වාහනයකට ලවුඩ්ස්පීකරයක් බැඳගෙන කෑගහ ගහා යන්ඩ, පාරේ යන මිනිස්සුන්ටයි, වාහන වලටයි වහාම පාරෙන් ඉවත් වෙන්ඩ කියල.’ චන්ද්‍රසිරි කීවේය.

වාසනාව

’මේක නං හරිම පුදුමයක් අනේ. අපේ අම්මා ඔය ටීවී එකේ යන කුකරි වැඩසටහන් බලලා අලුත් කෑමක් හැදූ දවසටමයි මට බැංකුවේ මොකක් හරි පාටි එකක් යෙදිලා දවල් කෑම එපා කියල අම්මට කියන්න සිද්ධ වෙන්නෙ. එක අතකට ඒත කොයිතරං වාසනාවක්ද, නේද?’ අකිලා තමා සමඟ බැංකුවේ සේවය කරන දක්‍ෂිණා සමඟ කීවේ තේ බොමින් සිටියදීය.
’මොකක්ද අනේ ඒකෙ තියෙන වාසනාව? ඒකෙන් වෙන්නෙ අම්මා හදන රස කෑම කන්ඩ ඔයාට නොලැබෙන එකනෙ.’ දක්‍ෂිණා පුදුම වෙමින් කීවාය.
’ඒක ම තමයි වාසනාව ළමයො. ඒවා කාලා බඩ නරක්වුණාම මම කොහොමද පහුවැනිදට බැංකුවේ රාජකාරි කරන්නෙ?’ අකිලා සිනාවෙමින් විමසුවාය.

කොච්චර කල්ද?

අජිත් තමා සුනඛයෙකැයි තරයේ අදහමින් සුනඛයකු විලසින් හැසිරෙන්නට වූයෙන් ඔහුගේ බිරිය ඔහු වෛද්‍යවරයකු වෙත රැගෙන ගියේය.
’ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා. කෑම පිඟාන බිම තියලා නැමිලා හොම්බ පිඟානෙ අතුල්ල අතුල්ලා කෑම කන්ඩයි මම කැමැති. මම චූ කරන්නෙත් එක අණ්ඩක් උස්සගෙන.’ අජිත් වෛද්‍යවරයා හමුවේ කියවාගෙන ගියේය.
’මිස්ටර්ට මේ විදියට හිතෙන්ඩ වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද?’ වෛද්‍යවරයා නළල රැළිගන්වමින් ඇසීය.
’මම පැටියා කාලෙ ඉඳලා ඩොක්ටර්.’ අජිත් ඉව අල්ලමින් කීවේය.

ඉහළම ප්‍රයෝජනය

’මිස්ටර් රන්ජිත්, ඔයාගෙ අලුත් සීඩී එකෙන් මම ඉහළම ප්‍රයෝජනයක් ගත්තා.’ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීම අවසානයේ චන්දිමා, රන්ජිත් හට කීවේ සිනාසෙමිනි.
’ඇත්තද? ඒ කියන්නෙ ඒකෙ තියෙන සින්දු ටික හොඳටෝම රස වින්ඳා?’ රංජිත් ඇසුවේ ආඩම්බර සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
’එහෙම දෙයක් නෙමෙයි. අපේ ගේ පිටිපස්සෙ බොහොම සරුවට හැදුණු කෙහෙල් පඳුරක් තියෙනවා. පහුගිය දවස්වල දෙමලිච්චෝ රංචුවක් ඒ කෙහෙල් පඳුර වටේ පහුරු ගාන්ඩ පුරුදුවෙලා, උන්ව එළවා ගන්ඩ විදියක් නැතුවයි මම හිටියේ. අපෙ හස්බන්ඩ්ගෙ කීමට මම ඔයාගෙ සී.ඩී. එක නූලකින් ඒ කෙහෙල් පඳුර ළඟ එල්ලුවා. දැන් එක දෙමලිච්චෙක් වත් ඒ කිට්ටුවට එන්නෙ නැහැ.’ චන්දිමා පැහැදිලි කළාය.

ඇයි ඇහුණේ නැද්ද?

’හෙට උදේ වෙනකොට මේ වැස්ස හොඳටෝම පායයි.’ නොකඩවා ඇද හැලෙන මහ වැස්ස නිසා සීතලක් දැනුණු කීර්ති දෑත් පොරවා ගනිමින් තම බිරියට ඇසෙන සේ ස්ථිර ස්වරයකින්, උස්හඬින් කීවේ දෑස් කරකවා ඇය දෙස බලමිනි.
’දැන් දවස් දෙකක් තිස්සෙ ඉවරයක් නැතුව එක දිගටම වහින මේ වැස්ස නවතිනවා කියල ඔය තරම් ෂුවර් කරලා කියන්නෙ, ඇත්තටම ඔයාට ඔල්මාදෙ ද?’ මාධනී ඇසුවේ තම සැමියාගේ තකතීරු කතාවටත් වඩා ඔහු එය කී විසුළු ස්වරූපය දැක කෝප වෙමිනි.
’ඇයි ඔයා රේඩියෝ එක අහගෙන නේද හිටියේ. දැන් ටිකකට කලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිව්වේ මේ වැස්ස තව සුමානයක් දිගටම පවතිනවයි කියල.’ කීර්ති කීවේය.

Silumina

0 comments:

Post a Comment