1962 දී සිංහල සිනමාවට එක්වුණු මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘ රන්මුතු දූව ‘ මෙරට කලා ක්ෂේත්‍රයට අපූරු කලාකරුවන් ගණනාවක් දායාද කරන්නට සමත් විය.
මයික් විල්සන්, තිස්ස ලියනසූරිය, ශේෂා පලිහක්කාර, වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂ නිෂ්පාදකවරු ලාංකීය චිත්‍රපට ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට මුල් පියවර තැබූවේ ‘ රන්මුතු දූව ‘ චිත්‍රපටය තුළිනි.
ලාංකික ජීවන පරිසරය හා සැසෙඳන නව විනෝදාත්මක සිනමා රීතියක් සමඟ එළිදුටු ‘ රන්මුතු දූව ‘ චිත්‍රපටය, එවකට ‘ ගාමිණී ෆොන්සේකා ‘ නම් රංගන ශිල්පියා, මෙරට රසික සමාජයේ වීර ප්‍රතිරූපයක් ලෙස දැවැන්ත ආකාරයෙන් ස්ථාපිත කරන්නට සමත් වූ පළමු චිත්‍රපටය යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
එසේම ජොඅබේවික්‍රම, ජීවරාණි කුැකුලසූරිය, ගේන් ගුණරත්න වැනි නළු නිළියන් අතිශය ජනපි‍්‍රයත්වයට ගෙන එන්නට මෙන්ම ‘ විශාරද ඩබ්.ඩී.අමරදේව, චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරයකු හා ගී තනු රචකයකු ලෙස වඩාත් ජනපි‍්‍රය තලයකට ගෙන එන්නටත් ‘ රන්මුතු දූව ‘ සමත් වූ බව පැහැදිලියි.
රන්මුතු දූව මෙරට සංගීත ක්ෂේත්‍රයට කළ තවත් ප්‍රතිඵලදායකත්වයක් වන්නේ, ‘ගලන ගඟකී ජීවිතේ’ නම් සදා නොමැකෙන ගීතය සමඟ, ‘ නන්දා මාලනී සහ නාරද දිසාසේකර ‘ නම් විශිෂ්ට ගායක යුවලක් හඳුන්වා දීමයි.
ගීතය නම් අපූරු කලා මාධ්‍යය මගින් මතුකරන රසයත්, ජීවිතයක් ගලන ගංගාවක් බව පසක් කළ, නැවතත් ඒ බව රසිකයින් හට කියා දුන්, මෙරට ප්‍රබල ගායක ප්‍රතිරූපයක් වූ ‘ නාරද දිසාසේකර, පසුගියදා අපෙන් සදහටම ඈත්ව ගියේ, එක් අතෙකින්, මෙරට ගීත ක්ෂේත්‍රයට දැවැන්ත පාඩුවක් ද, අනක් අතින් සදා නොමියෙන රසාලිප්ත ගීත ගණනාවක මිහිරි මතකයක පොහොසත්කම ද ඉතිරි කරමිනි.
කුඩා අවදියේ සිටම ගීතය හා සංගීතය කෙරේ ආශක්ත වූ නාරදට ඒ සඳහා ප්‍රබල බලපෑමක් වූයේ එවකට මෙරට සමාජයේ ප්‍රචලත වෙමින් පැවති සුනිල් ශාන්ත සහ ආනන්ද සමරකෝන්ගේ නව ගී ආරයි.
කුඩා නාරදගේ සවනත්, ගී රසභාවයනුත්, ඒ මහා ගායකයින්ගේ ගීත රාවය දෙසට ඇඳී යමින් තිබුණි. පාසලේ විද්‍යා විෂයන් උගත්තේ වුවත්, නාරද ඊට පරිබාහිරව සංගීතය ද උගත්තේය. පසුකලෙක ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පටිගත කිරීමේ ඉංජිනේරුවකු සේ රැකියාවට එක් වූ නාරද දිසාසේකර ගායකයකු බවට පත්වූයේ මේ ගුවන් විදුලියේ පරිසරයත්, තම ගායන හා සංගීත ආශාවත් අතර මුසුවකින් යයි පැවසිය හැකිය.
1954 දී ගුවන්් විදුිලයේ සරල ගීත පරීක්ෂණයෙන් ද ඉහළින් සමත් වූ නාරද එම යුගයේදීම තම පළමු ගීතය පටිගත කළේය. ‘ චන්දන ඇඟ ගාලා ‘ නම් අදත් ජනපි‍්‍රය එම ගීතය, නාරද දිසාසේකර නම් ගායකයා මෙරටට දායාද කළ ගීතය විය.
මේ ගීතය එදා ඉතාම ජනපි‍්‍රය වීමත් සමග නාරද තම ගායන දිවියේ ඉදිරි පියවර ක්‍රමයෙන් තබන්නට වූයේය. ගුවන් විදුලියේ විශාරද අමරදේවයන් විසින් ආරම්භ කළ නව ආරක සංගීත වැඩසටහන් ගණනාවකට නාරද සිය කටහඬ එක කළේ ආශාවෙනි. සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් විසින් ගොඩනැගූ නව දේශීය ගී ආර මෙන්ම විශාරද අමරදේව, ඩන්ස්ටන් ද සිල්වා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, කරුණාරත්න අබේසේකර, මඩවල එස්. රත්නායක වැනි ප්‍රබලයින්ගේ ඇසුර, නාරදගේ ගායන දිවිය පෝෂණය කරන්නට මනාව දායක විය.
විශාරද අමරදේවගේ ආරාධනයෙන් ‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ ගීත ගායනයට එක්වීම නරද දිසාස්කර ගායකයාණන්ගේ ගායන චාරිකාවේ සුවිශේෂ මංසන්ධියක් හා ප්‍රබල ජයග්‍රහණයක් විය.
‘ රන් මුතු දූව ‘ චිත්‍රපටය සඳහා ඔහු ගායනයෙන් එක් වූ ‘ ගලන ගඟකි ජීවිතේ’ පාරමිතා බල සහ පිපී පිපී රේණු නටන ‘ යන ගීත චිත්‍රපටය තිරගතවීමත් සමග මෙරට රසික ජනයා අතර දැවැන්ත ප්‍රසාදයක් දිනාගත් අතර 1964 ප්‍රථම සරසවිය සම්මාන උළෙලේදී ‘ රනමුතු දූව ‘ චිත්‍රපටය වෙනුවෙන් හොඳම ගායකයාට හිමි සරසවිය සම්මානය ලැබුවේ නාරදය. එය නාරද සැමදා අපරිමිත තෘප්තියකින් සිහිපත් කළ මතකයක් විය.
ඉන්පසු නාරද දිසාසේකර මෙරට චිත්‍රපට පසුබිම් ගායනයේ අපූරු අවස්ථා ගණනාවක් සටහන් කළේය. ‘ගමන නොනිමෙයි’ (සිකුරු තරුව) ආදර නිල් දෑසේ’ (මනමාලයෝ) ‘ අයියලා සහ අක්කලා (රෑන ගිරව්) ‘ සවිබල යකඩ මගේ ‘ (පාරා වළලු ) ලස්සන සැමදේ (හතර කේන්දරේ) වැනි චිත්‍රපට ගීත ගණනාවක් මගින් මෙරට චිත්‍රපට පසුබිම් ගී ගායකයකු ලෙස පැහැදිලි මුද්‍රාවක් තබන්නට ඔහු සමත් විය.
ඊට අමතරව ‘ හතර කෙන්දරේ ‘ සහ සඳ නැඟ එද්දී ‘ යන චිත්‍රපටවල සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස ද ඔහු මතක සටහන් තබා ඇත. ‘ සඳ නැග එද්දී සහ’ ග්‍රීන් එමරල්ඩ් ‘ යන චිත්‍රපටවලට තම රංගන හැකියාව මුසු කරන්නට ද ඔහු සමත් විය.
‘ නාරද දිසාසේකර ‘ නම් සුවිශේෂී ගායකයා හැටේ දශකයේ මෙරට සිනමාවේ, සංගීතයේ ඇතුලු ලලිත කලා මාධ්‍යයන්හිි පිළිබිඹුවුණු අර්ථයත්, රසභාවයත්, ජන සම්ප්‍රදායේ පදනමත් එක්තැන්වුනු ස්වර්ණමය යුගයකින් උපත ලද සම්පතක් විය.
ඔහු තම ජීවිතය තුළට රැගෙන ගියේද, තම ජීවිතය පුරා නැවත නැවත භාවිතා කළේ ද ඒ අර්ථය හා රසය එක්වූ යුගයෙන් රැගෙන ආ කලා සංස්කෘතික ආකල්පය. තම කලා භාවිතාවේ එකදු අවස්ථාවක හො ඒ අර්ථ රස සුසංයෝගයෙන් තොර හුදු වෙළෙඳ වටිනාකම් මුල් වූ ගීත ගායනා කරන්නට ඔහු මුව විවර කළේ නැත. ‘ ගලන ගඟකි ජීවිතේ, ‘ පිපී පිපී රේණු නටන, ‘ ගමන නොනිමෙයි, මේ භවයෙදි මුළුදිය දූයේ, ‘ මුළු හදින් මම, චන්ද්‍ර බිම්බයුරු, ආදර නිල් දෑසේ, වැනි නාරද දිසාසේකර ගායනා කළ බොහෝ ගීතවලින් අපට පසක් වන්නේ ඒ ගීතවලින් අප භාව ආවේග අවුස්සන සුළු ස්වභාවයක් නොව භාවයන් සතපවාලීමේ, මානව පේ‍්‍රමය මුසු වූ රසයකි.
ප්‍රබල පෝෂණයක් ලද යුගයකින් බිහි වූ නාරද දිසාසේකර නම් විශිෂ්ට ගායකයා, මෙරට ගීතයට අමිල මෙහෙවරක් කොට අප හැර ගියේ, රසික ජනයාට ජීවිතය වෙත ආදරයක්, දයාවක් ඇති කරවන නිර්මාණවලියක් මෙරටට දායාද කරමිනි. ඒ මහා ගායකයා අද අප අතර නැතත් ඒ සොඳුරු ගී රාවයේ නම් ගමන නොනිමෙනු ඇත.
3 comments:
Narada Obata Niwan Suwa Lebewa.....
Aadara Nil desa Piyaagaththada Oba Sabanda......?
-Vinod-
I all thе time used tο stuԁy post
in nеωs ρаpеrs
but now as I am a user of internet theгefoге fгοm noω I am using net fоr
postѕ, thаnks to web.
Нere iѕ my ѕite; How To Find Cheap Hotels
Post a Comment