අනෙකුත් සියල්ලට දක්ෂ වුවද, ඇයට වෛද්‍යවරියක වීමේ අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. ඉන්පසුව තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටි ඇය ජනසන්නිවේදනය හා පෞරුෂ වර්ධනය සම්බන්ධව ද තොරතුරු තාක්ෂණය සම්බන්ධව ද උපාධි ලබා ගත්තාය. මේ කාලය වන විට සංගීතය මෙන්ම ගායනය ගැන ඇයට තිබුණේ ලොකු උනන්දුවකි. ගෙදර පරිසරයේදී සංගීතයේ වින්දනීය වූ බොහෝ දේ අසන්නට ලැබීම ඊට හේතුව විය. කේමදාස මාස්ටර්ගේ සංගීතයට වෙසෙසින්ම ඇළුම් කරන්නට ඇය පටන් ගත්තේ මෙකී සමයේදීය. ඒ ඇළුම් කිරීම මෙන්ම කේමදාස මාස්ටර් යටතේ සංගීතය උගෙන ගැනීම යථාර්ථයක් කර ගත්තාය. අනතුරුව මාස්ටර්ගේ ‘අග්නි’ ඔපෙරාව හරහා කරළියට පිවිසියාය. එලෙසින් පිවිසි ගමනේ අද ඇය ‘‘රතු හැට්ටකාරිය’’ වී සිටින්නීය. සුබුද්ධි ලක්මාලි ඇයගේ නමය. සහතිකෙන්ම ගැයුමට හා රැඟුමට ඇය අපූරු කුසලතාවයක් දක්වන්නීය.දී කිරි දී කිරි
දී කිරි දී කිරි
ගෙනාවා දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.....
කලා ක්ෂේත්රයේ බොහෝ දෙනා ඔබ ගැන කතා කරන්න පටන් ගත්තෙ ‘‘අග්නි’’ ඔපෙරාව නිසා? එහෙම නේද?කේමදාස ශුරීන්ගෙ ඒ ඔපෙරාව සමග ගායන මෙන්ම රංගන හැකියාව පෙන්නුම් කරන්න මට පුළුවන් වුණා. එහිදී ප්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි මෙන්ම ඉන්දිකා උපමාලි ප්‍රවීන ශිල්පිනිය සමගත් තවත් ප්රවීනයින් එක්කත් කටයුතු කරන්න ලැබුණා. ඒ සියල්ල ජීවිතයට පන්නරයක් වුණා. ඉන්පසුව කමල් අද්දරආරච්චි මහතා මගින් මහේන්ද්‍ර පෙරේරා රංග වේදියානන් හඳුනා
ගන්න ලැබුණා. ඔහුගේ ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලිනාට්‍යයට තෝරා ගත්තෙ ඉන්පසුවයි.
ඉන්පසුව රඟපෑ නාට්‍ය සහ වෙනත් නිර්මාණ මොනවද?බොහෝ දේ ලැබුණා. ඒත් දොඩංගොඩ බාර ගත්තා වගේ, ඒ ඔක්කොම බාර ගත්තෙ නැහැ. මට කළ හැකි යැයි හැෙඟන චරිත තෝරා ගත්තා. සුදත් රෝහණගේ ‘‘ගිරිකුල’’, උපාලි ගම්ලත්ගෙ ගුරුගීතය නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට අමතරව අපේ හිත මිතුරන්ගේ ආරාධනා අනුව කමල් අද්දරආරච්චි සහ අපි පැදුරුසාජ්ජ්වලට ගී ගයන්න ගියා. පෞරුෂ වර්ධනය සහ දිරි ගැන්වීම් වැඩ සටහන් සඳහා ඇඟළුම් ක්ෂේත්රයේ සොයුරු සොයුරියන් දිරි ගැන්වීමේ වැඩ සටහන් පෙළක් කළා. මේ අතර වාරයේදී තමයි වේදිකා නාට්‍ය සඳහා ආරාධනා ලැබුණෙ.
රතුහැට්ටකාරී නාට්‍යයද?උදයසිරි වික්‍රමරත්නගෙ ‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයෙ පිටපත තමයි මුලින්ම ලැබුණෙ. රතුහැට්ටකාරි ලැබුණේ ඒ අතරවාරයේදීයි.
රතුහැට්ටකාරී නාටය ඊට පෙර ඔබ නරඹලා තිබුණද?ඇත්තටම නරඹලා තිබුණෙ නැහැ. ඒත් යම් යම් කොටස් රූපවාහිනියෙන් නරඹලා තිබුණා.
ඔබ හිතනවාද ඔබට මේ නාට්‍යයට සාධාරණය ඉටු කරන්න හැකිවූ බව?
යම්තාක් දුරකට හිතෙනවා. ඒත් ප්‍රවීන රංගවේදිනී අනුලා බුලත්සිංහල වැනි විශිෂ්ට ශිල්පිනියක කළ දේ ප්‍රතිනිර්මාණය කිරීම අසීරුයි. ඒත් ලූෂන් බුලත්සිංහල මහතා කිව්වෙ ඔයාලට පුළුවන් දේ කරන්න කියලයි. මම හිතන්නෙ අපේ ඇතුළාන්තයේ තියෙන දේ එතුමා උකහා ගත්තා.
රතුහැට්ටකාරී නාට්‍යයේ ඔබගෙ සිත්ගත් දෙබසක කොටසක් සඳහන් කළොත්?‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත්‍රයේ කෙල්ලක්’’
‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයේ රඟපාන චරිතය ගැන යමක් කිව්වොත්?එහි චරිත තුනක් විතරයි තියෙන්නෙ. මම නියෝජනය කරන්නෙ ‘‘සිහිනය’’ කියන චරිතයයි. ‘‘අපට සිහිනයක් අයිති කරගන්න බැහැ...... ඒත් සිහිනයකට අපිව අයිති කරගන්න පුළුවනි’’
ඒ සිහින අතරේ අද වන විට ඔබගේ සැබෑ ජීවිතයේ තිබෙන සිහින මොනවද?අවංකවම කිව්වොත් සැබෑ ජීවිතයේ මගේ සිහිනය ‘‘නිවස’’ සාදා ගැනීමයි. ඒ සිහින නිවසේ අම්මා තාත්තා සතුටින් තැබීම ලොකුම සිහිනයයි.
ජීවිතය සහ කලාව ඔබ දකින්නේ කොහොමද?එක්තරා විදියකට ගත්තොත් ජීවිතය කියන්නෙ කලාවක්. එහි රිද්මය හඳුනාගෙන ජීවත් වුනොත් එය වින්දනය කළ හැකි වේවි. කලාව ගැන කතා කළොත් මට නම් කලාව කියන්නෙ ජීවිතයයි.
.jpg)
.jpg)



පිච්ච මලක තියෙන පිවිතුරු සුන්දරත්වය කොතරම් නම් අපූරුද? ඒ පිච්ච මලේ සුවඳ තවත් එමලේ ආකර්ෂණය වැඩි කරනවා. මෙතරම් පිවිතුරු පිච්ච මල්වලට තම ජීවිතය පුරාවටම ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ ආගමනය සිදුවන තුරු වෙනදා මෙන්ම සරසවිය ඡායාරූපාගාරයට වී අම්බලන්ගොඩ ශ්‍යාංගා භාෂිනී, කුලියාපිටිය කපිල ජයවිලාල්, කෙරමිණිය චන්ද්‍රසිරි මානවඩු හා කරන්දෙණියේ සඳමාලි ඇඟිලි ගනිමින් සිටියි.
‘දූ දරුවෝ දීප්ති නේද ඔබට වාසනාව ගෙනාවේ?’ චන්ද්‍රසිරි මෙතෙක් වේලා නිහඬව සිට එය බිඳිමින් විමසුවා.

යථාර්ථවාදී ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලබා දෙමින් ඔහුගේ හඬින් ගීතවත් වූ රසබර ගීතාවලියේ සුවිශේෂ තැනක් හිමි කර ගන්නා “අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන” ගීතය මුලින්ම ගයමින් ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන “සොඳුරු අතීතය” අවදි (ආරම්භ) කරනු ඇත. ඉන්පසු “පාවී පාවී මේ එන්නේ” – “සැනසුම් සුසුමන්” – “ජීවිතේ අමධාරා” – “ඔබ හා මෙමා” – “රුවට රුවේ සකුරා ඉවුරේ” – “හඳුනා ගත්තොත් ඔබ මා” – “රත්තරන් නෙත් දෙකින්” – “අම්බරේ දිලි දිලී” – “අම්මා සඳකි” වැනි ගී ගයමින් ඔහු සිය ශ්‍රාවකයන් ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යමින් ගීතයෙන් ජීවිතය උගන්වනු ඇත. උදාවන මෙම 11 වැනිදා සවස කොළඹ මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී “රසඳුන” පාඨක ඔබටත් ඔහු ගීතයෙන් ජීවිතය කියා දෙන අයුරු රස විඳින්නට පැමිණිය හැකි ය. මෙම “ස්වර වර්ණ” සිය සිතුවිලි සමඟින් වර්ණ ගන්වන්නට ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න මෙලෙස අප සමඟ එක් වන්නේ ඔබට ඒ සඳහා “එන්න” කියා ඇරයුම් කරමින් ය.
ක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.
