Archives
-
▼
2012
(376)
-
▼
November
(40)
- සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා
- සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල
- ඇත්තටම අපි අතරමං වෙලා
- මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්
- ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ ...
- යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදී
- ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය ගෝවේ හි දී
- විකුම්සිහ වත අධ්‍යාපනික ප්‍රදර්ශනය
- නිදි යහන කැළඹෙයි සමඟ තිරයට එන නිෂානි
- ගණිකාවො හිටියෙ නැත්තං ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැ...
- නදීශා - රීල් ඇන්ඞ් ට්‍රැක්
- නදීශා හේමමාලි රඟපෑ තෙළිඟු චිත්‍රපටිය
- ආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . .
- කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි
- මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා
- මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ
- BMICH X'Mas 2012 - Life Style Shopping Expo
- 17 වැනි සුමති සම්මාන උළෙල
- ක්‍රිස් - 3 නිසා රිතික් අනතුරක
- පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය ...
- සරලා කවුද
- ‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද?
- Post 1 - ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි
- Post 2 - ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි
- බඩගින්නේ හිටියත් තාත්තගේ සින්දු කුණු කොල්ලෙට විකුණ...
- දේපළ හරිහම්බ නොකළාට සැනසිල්ලේ ජීවත් වෙනවා
- රඟපාන්න ආවේ සල්ලි හොයන්න නෙමෙයි
- F M අලුත් වෙයි
- මාව වැරැදියට තේරුම් ගන්න එපා
- තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී...
- හිතුවක්කාර ජන නායකයා
- භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!
- අපි අදටත් මනමේ සිංහබාහු බලන්නේ ඒ වගේ පිටපත් අපට නැ...
- ශිහාන් උත්තර බඳී
- 2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්රදානෝත්සවය
- ඕක ලේඩීස් නෙ
- ‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද?
- ආපුවම ගාණ කඩා ගන්නවා
- මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි
- සුනිල් ආර්.ගමගේ ලියූ ඔබ පෙම් කරනා ගී රැසක් දැන් එක...
-
▼
November
(40)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
ආපුවම ගාණ කඩා ගන්නවා
Thursday, November 1, 2012
අර්ජුන් කමලනාත්
අර්ජුන් කමලනාත් ජනපි‍්‍රය නළුවෙක් මෙන්ම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ද වෙයි. ඔහුගේ කුලුඳුල් චිත්‍රපට නිර්මාණය ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ ළඟදීම තිරගත වීමට නියමිතය. මේ, සමකාලීන සිනමා කර්මාන්තය අළලා අර්ජුන් සමඟ කරන්ට යෙදුණු කතාබහකි.
සනත් ගුණතිලක හා රවින්ද්‍ර රන්දෙනිය හැරුණුකොට අපේ සිනමා කර්මාන්තයේ ප්‍රශ්න ගැන කතා කරන එකම චිත්‍රපට නළුවා බවට අද පත්වෙලා ඉන්නෙ ඔබ.
ඒක එහෙම යැයි මමත් හිතනවා. ඊට හේතුව මම සිංහල සිනමාවට ඕනැවට වඩා ආදරය කිරීම. හුඟක් නළු නිළියන්ට මේ ක්ෂේත්රය ගැන පොදු හැඟීමක්, ආදරයක්, භක්තියක් නැහැ. ඔවුන් රඟපෑවා; ගෙදර ගියා. එච්චරයි. රඟපාන්න චිත්‍රපට නැත්නම් මෙගා ටෙලි නාට්‍යයක හරි රඟපානවා. එහෙම සිස්ටම් එකක් අද තියෙන්නෙ. සිංහල සිනමාව ගැන මට තියෙන්නේ ඇම්මක්. ඒ ඇම්ම දැන් මටම කරුමයක් වෙලා.
ඉස්සර නම් නළු නිළි හවුල් තිබුණා; චිත්‍රපට නිෂ්පාදක බලමුළු තිබුණා?
තමන්ගේ චිත්‍රපටයක ප්‍රදර්ශනය ළංවෙනකොට කවුරුත් සංගම්, බලමුළු දාගෙන කෑගහනවා. චිත්‍රපටය ආපුවම ගාණ කඩා ගන්නවා. ඊට පස්සේ ඔය මොන පොදු හවුලක්වත් නැහැ.
අද චිත්‍රපට කර්මාන්තයේ යථාර්ථය මොකද්ද?
අද චිත්‍රපට 50 ක 60 ක පෝලිමක් දක්නට ලැබෙනවා. අද හදන චිත්‍රපටයක් තිරගත කරන්න වෙන්නෙ 2016 දී. ඉතිං ආයෝජකයන් චිත්‍රපට නිෂ්පාදනයට එක්වන්නේ නැහැ. මොකද; ඔවුන්ට ඕනැතරම් වෙනත් ආයෝජන අවස්ථා තියෙනවා. මට නම් පේන විදියට මෙහෙම ගියොත් තව අවුරුදු 10 ක් යනකොට සිංහල සිනමාව කියා දෙයක් නැත්තටම නැතුව යාවි.
මොකද්ද මේ පෝලිමට බලපාලා තියෙන්නේ?
චිත්‍රපටයක පිටපත් 50 ක් මුද්‍රණය කරලා දවස් 100 ක් දුවාගන්න කොට අනිත් චිත්‍රපට පෙන්වන්නේ කොහෙද? ඒකයි මේ ප්‍රශ්නයට හේතුව. මෙතැන තියෙන්නේ තනිකරම ආත්මාර්ථය. අද වෙනකොට අපේ සිනමාව තියෙන්නේ ප්‍රපාතයක ගැට්ටේ. අපේ සිනමාව වළ පල්ලට දාලා ‘ආසියාවේ ආශ්චර්ය’ ගොඩනඟන්න බැහැ.
සිනමා කර්මාන්තය ගැන ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයක් තියෙනවනේ?
අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඉන්න එකම උත්තමයා එතුමා විතරයි. ඒත් එතුමා වටේ හැමදාම ඉන්න ‘සෙට්’ එකත් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරලා තවදුරටත් වැඩක් නැහැ. ඒ අය පැටිස් කනවා; තේ බොනවා, ගෙදර යනවා. බලනකොට වෙච්ච දෙයක් නැහැ. අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා හිටිනවා ඔය සෙට් එකත් එක්ක කතා කළා දැන් ඇති, කරුණාකරලා දෙවැනි පෙළත් එක්ක කතා කරන්න කියලා.
ඇයි පාර්ලිමේන්තුවෙත් ඉන්නවනේ, සිනමා කර්මාන්තයට සම්බන්ධ අය?
ඒ අය මොනවද සිනමාවේ ප්‍රශ්න ගැන කතා කරලා තියෙන්නෙ කියලා මට කියන්න.
චිත්‍රපට සංස්ථාවෙන් දැන් මොනව ද වෙන්නෙ?
කොහොමද සභාපතිවරයෙක් ඉන්නෙ? එයා අද ඉන්නවා; හෙට නැහැ. ඕවා දේශපාලන පත්වීම්නේ. අඩුම ගාණේ සභාපතිවරයෙක් අවුරුදු තුනක්වත් එක දිගට ඉන්න එපායැ. ඊත් වඩා හොඳ දේ තමයි චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම. එතකොට කවුරු ආවත්, කොච්චර කාලෙකට ආවත් කාටත් ඒ ප්‍රතිපත්තිය මත පිහිටලයි වැඩ කරන්න වෙන්නේ.
චිත්‍රපට බෙදා හැරීම දැන් තියෙන්නේ පෞද්ගලික අංශයේනේ. ඔබ හිතනව ද පෞද්ගලික අංශයෙන් සිංහල සිනමාවට යහපතක් වෙනවා කියලා.
යහපතක් වෙලා තියෙන්නේ සිනමාවට නෙමෙයි. ඔය කියන පෞද්ගලික අංශයේ බෙදාහරින සමාගම්වලටයි. ඒ අය තමයි ගොඩ ගිහින් තියෙන්නේ. සමහර සමාගම් චිත්‍රපට ප්‍රදර්ශනයෙන් 55% ක් ගන්නවා. ඉතිං නිෂ්පාදකවරයාට ඉතිරි වෙන්නේ කීය ද? චිත්‍රපට සංස්ථාව යටතේ බෙදාහැරීම තිබ්බ යුගයේ මේ වගේ දේවල් වුණේ නැහැ. එතැන ක්‍රමවේදයක් තිබුණා. නිෂ්පාදකවරු තව තව චිත්‍රපට හැදුවා.
ඇයි චිත්‍රපට සංස්ථාවටත් ප්‍රදර්ශන මණ්ඩලයක් (රිද්මා) තියෙනවා නේද?
තියෙනවා. ඒත් ඔබ දන්නව ද ඔවුන්ට කොළඹ නගරයේ එක සිනමාහලක්වත් නැහැ.
එතකොට ඔබ හිතන්නේ චිත්‍රපට බෙදාහැරීම නැවතත් රජයට ගත යුතුයි කියල ද?
අනිවාර්යයෙන්ම. හැබැයි හරි නීති රාමුවක් යටතේ, අදට ගැළපෙන ක්‍රමවේදයකට අනුව එය පවත්වගෙන යා යුතුයි කියන මතයේයි මම ඉන්නේ.
සාමාන්‍යයෙන් රාජ්‍ය අංශයේ තියෙන්නේ නාස්තිය, දූෂණය, අකාර්යක්ෂමතාව, නිලධාරීවාදය නේද?
ඔව් නිලධාරීවාදය තදින්ම තියෙනවා. සමහර චිත්‍රපටවල ඩබිං කරන කොටම රිලීස් ලෝන් එක දීලා ඉවරයි. එවැනි අක්‍රමිකතා සිද්ධ වෙනවා. ඒත් සාපේක්ෂව ගත්තම තවමත් රාජ්‍ය අංශය හොඳයි. රාජ්‍ය බැංකු, රාජ්‍ය රක්ෂණ, රජයේ රෝහල්, ආණ්ඩුවේ ගමනාගමන සේවා ගැන ජනතාව අතර තවමත් කිසියම් විශ්වාසයක් තියෙනවා.
අද සිනමාහල්වලට ගොස් චිත්‍රපට නරඹන පේ්රක්ෂක පිරිස අඩු වෙලා ද? එහෙමත් නැත්නම් වැඩි වෙලා ද? මොකද්ද ඒ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම්?
චිත්‍රපට බලන්න පේ්රක්ෂකයෝ ඉන්නවා. ඒත් තියෙන සිනමාහල් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. දැනට තියෙන්නේ සිනමාහල් 125 ක් පමණ ප්‍රමාණයක්. එයිනුත් සිනමාහල් 100 ක් විතරයි සාර්ථකව පවත්වගෙන යන්නේ. දැන් බලන්න බිබිලේ කියන්නේ වැඩිම සිංහල ජනගහනයක් ඉන්න ප්‍රදේශයක්. ඒත් ඒ ගමට සිනමාහලක් නැහැ.
පස්සර දී මට ළමයි 300 ක් එක්ක කතා කරන්න ලැබුණා. ඔවුන්ගෙන් සිනමාහලකට ගිහින් චිත්‍රපටයක් බලපු ළමයි අත උස්සන්න කියලා කිව්වම දෙන්නයි අත ඉස්සුවේ. අද හුඟ දෙනෙක් සිංහල චිත්‍රපට බලන්නේ ඩී වී ඩී වලින්.
ඔබ දන්නවද ‘සුදු හංසි’ චිත්‍රපටයේ ඩී වී ඩී 20දාහකට වඩා ප්‍රමාණයක් විකිණිලා තියෙනවා. ‘කිව්ව ද නහී නොකිව්ව ද නහී’ චිත්‍රපටයත් එහෙමයි.
ඇයි ළඟදි සිනමාහල් 200 ක් හදන්න ඉන්දියාවෙන්ඕර්ණධ් ව්‍යාපෘතියක් ආවේ. ඒකට මොකද වුණේ?
සිනමා කර්මාන්තයේ ඉන්න සමහර ලොක්කෝ ජරාව ඉල්ලපු නිසා ඒ ව්‍යාපෘතිය ඇණහිටියා. ඒ ලොක්කන්ට ඕනැ සිනමාව දියුණු කරන්න නෙමෙයි. මොකකින් හරි ගාණ කපා ගන්න.
සමහර සිංහල චිත්‍රපටවලට තිබෙන නිර්මාණාත්මක දුර්වලකමුත් මේ සිනමා අර්බුදයට හේතු වෙලා තියෙනවා.
ලංකාවේ වැඩිම වියදමක් දරලා හැදුවයි කියන චිත්‍රපටය මං බැලුවා. ඒක බල්ලෙකුට බලන් ඉන්න බැහැ. ඒ තරමටම ලැජ්ජයි. වියදම් කරපු මුදල ඒ චිත්‍රපටයෙන් පේන්නේ නැත්නම් චිත්‍රපටයෙන් වැඩක් නැහැ.
මට හිතෙන විදියට ඒ ගොල්ලෝ වියදම් කරලා තියෙන්නේ වෙන වෙන ‘ආතල්’ ගන්න වෙන්න ඕනැ. ඒකත් බජට් එකට දාලා වෙන්නැති.
කොහොම හරි දැන් අපේ කතාවෙන් පැන නඟින අවසාන විසඳුම චිත්‍රපට බෙදාහැරීම ආයෙත් චිත්‍රපට සංස්ථාවට ගන්න ඕනැ කියන එකයි?
ඔව්. ඒක තමයි දැනට පේන විසඳුම. පෞද්ගලික අංශය අසාර්ථකයි කියන එක (සිංහල සිනමාවට සැලසෙන යහපත සම්බන්ධයෙන්) දැනටමත් ඔප්පු වෙලා ඉවරයි.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:16 PM
Labels: චිත්‍රපටිය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment