Archives
-
▼
2013
(98)
-
▼
June
(10)
- ‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’
- ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් ව...
- ’අභීත දියණිය’
- ඇය සෙනාලි
- සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් ය...
- ||| යං ||| ඔව්, අපි කුණුහරුප පත්තරයක් |||
- භාග්‍යාගේ පරණ මතකය
- ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා
- ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න
- තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ
-
▼
June
(10)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
MM2 Trading Values Guide: Current Knife and Gun Value Rankings - Well, let me tell ya, if yer lookin’ to trade in MM2, that there is a game where folks like to swap all sorts of knives and guns. Now, one thing you gotta ...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’
Tuesday, June 18, 2013සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:12 PM 0 comments
ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය
විදුල ළමා ගුවන් විදුලියේ උදෑසන විකාශය
දැන් ඔබට පෙරවරු 05.30 සිට පෙරවරු 08.00 දක්වා
Fm 107.5 Mhz
ඔස්සේ සවන් දිය හැකියි.
එසේම ඒ පිළිබදව ඔබ දක්වන
ආකල්ප නව යෝජනා ඇතොත් අපට ලියා දැන්වීම මගින්,
උදා විකාශය ගුනාත්මක බවින් ප‍්‍රචාරය කිරීමට
හැකිවන බව දන්වා සිටිමු.
විදුල ශ‍්‍රාවක සමීක්‍ෂා
විදුල ළමා ගුවන් විදුලිය
ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව
කොළඹ 07
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:11 PM 0 comments
’අභීත දියණිය’
පුංචි කුමාරයාට වෙන දේ හරියට මට වෙනවා වගෙයි
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:08 PM 0 comments
ඇය සෙනාලි
එංගලන්තයේ හිටපු නිසා මගේ රංගනය ගැන සැකයක් සෝමේ අංකල්ට තිබුණා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:07 PM 0 comments
Labels: Gossip, චිත්‍රපටිය
සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:04 PM 0 comments
Labels: මතක සැමරැම්
||| යං ||| ඔව්, අපි කුණුහරුප පත්තරයක් |||
Friday, June 14, 2013
යං
ඔව් ! අපි කුණුහරුප පත්තරයක් http://www.mawbima.lk/82-0-news-list.html |
අපිට දැන් ගොඩක් දේවල් පේන්නෙ කුණුහරුප
විදියට. ඒ මේ සිස්ටම් එකේ හැටි. සොසේජස් ඉස්සරහ, කොස් කුණුහරුපයක්, අභීත
දියණිය ඉස්සරහ ගමේ රේණුකා කුණුහරුපයක්. ඒක හරි ස්වාභාවිකයි. පරණ භාවිතාවන් ඉස්සරහ, අලුත් දේවල් සමාජගතවෙන කොට ඒක ගොඩක් අයට පේන්නෙ කුණුහරුපයක් විදියට. යං කියන්නෙත් එහෙම ආඛ්‍යානයක්. මීට අවුරුද්දකට ඉස්සරහ අපි ඒ ආඛ්‍යානයට බොහෝ දේ සොයා බැලුවා. ලංකාවේ තාරුණ්‍යයට තිබෙන මුද්‍රිත මාධ්‍ය අතරෙ අපි කොහොමද අපේ ඉඩ වෙන්කරගන්නෙ කියලා. මුලින් මුලින්, ෆෝටි නෝටි ඇන්ටිලාගෙනුත් හදවතින් විතරක් නෙවෙයි කේශනාලිකාවලින්, ඇටමිදුළුවලින්ම වයසට ගිය අන්කල්ලාගෙනුත් කනපැළෙන්න බැනුම් තිබුණත් අපේ යං සමාජය අපේ ආඛ්‍යානය වැලඳ ගත්තේ පට්ට ආදරේකින්. කෙල්ලන්ට රේන්ද මහන්න - මල් මහන්න ඇන්තූරියම් වගා කරන්න කියන කාරණාවලට එහා ගිය කොල්ලන්ට සිල්ලර කතා ලියනවට එහා ගිය වෙන ලියවිල්ලක් අපි ගොඩනැඟුවා. කොටින්ම කියනවානම් අපිට වුවමනා වුණේ භාෂාවේ පොරිටික. එහෙමත් නැත්නම් රැස් ටික අපේ කුලකයට අරන්යන්න. ඉලෙක්ට්‍රොනික් මීඩියා, මෙච්චරටම හිට් කාලෙක අකුරුවලට තියෙන වටිනාකම් වැඩි වුණේ ඒ රැස් නිසා. අපිට ආපු සියලු බැරියර්වලට මුහුණ දෙන්න අපිට ශක්තියක් වුණේ අපේ ප්‍රධාන කර්තෘ වන තුෂාර ගුණරත්න මහත්මයා. ඒ වගේම උපුල් ජෝශප් ප්‍රනාන්දු මහත්මයා. ඒ දෙන්න නැත්නම් ජාතික පුවත්පතක අපට මෙච්චර හිතුවක්කාරකම් කරන්න බැරි වෙනවා. කවුරු කොහොම කිවුවත් කවුරු කොහොම හිතුවත් අපේ යං සමාජය ගැන අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම කවදාවත් අපි අමතක කරන්නෙ නෑ. මඟහරින්නෙත් නෑ. වෙළෙඳපොළ ඇතුළෙ කොල්ලො කෙල්ලො කියන්නෙ මාරම මාර්කටින් බේස් එකක්. ටෙලිවිෂන් එක දිහා පැයක් වාඩිවෙලා බලා හිටියොත් තරුණයා නිර්මාණය වන විදිය හිතාගන්න පුළුවන්. උගේ ඇඳුම් පැලඳුම්, කනබොන විදි, හෙයා ස්ටයිල්, වෙඩින් එක ගන්න විදි, ලව් කරන විදිය, පරණ කෑල්ලට වඩා ඊළඟ කෑල්ල රසයි කියන විදිය, අපිට බලාගන්න පුළුවන්. ඒ නිසාම ලස්සන ශරීර අපිට හැම තැනම දකින්න පුළුවන්. දැන් කොල්ලො කෙල්ලො පට්ට විදියට පැෂන් කරනවා. උන් ඇත්තටම ලස්සනයි. නමුත් අපිට වුවමනා වුණේ ඒ ලස්සන ශරීරයට අලුත් ඔළුවක් බද්ධ කරන්න. කෙටියෙන්ම කියනවනම් තමාගේ ප්‍රේමවන්තියට තරමට අනිත් සමාජයටත් පට්ට විදියට LOVE කරන සමාජයක් බිහිකරන්න අපට අවශ්‍යයි. ටෙලිෆෝන් නම්බරයක් විතරක් බවට පත් වුණු ජීවිතේ, අලුතෙන් මානව සම්බන්ධතා හදාගන්න කුලකයක් නිර්මාණය කරන්න අපට අවශ්‍යයි. ඒ සඳහා යං ජෙනරේෂන් එක අපි සූදානම් කරනවා. ඒ අරගලයේ අලුත්ම ක්‍රියාදාමය තමයි අපේ Class එකට යං Program එක. Class එකට යං තුළත් ලංකාවෙ කෙල්ලො කොල්ලො ලක්‍ෂයකට අපි සෘජුවම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පටන් ගත්තෙ ගාල්ලෙන්. ඒ මැයි 21. ඊට පස්සෙ ජුනි මාසෙ 22 අපේ දෙවැනි Class එකට යං වැඩසටහන නුවර උපුල් ශාන්ත සන්නස්ගලගෙ Class එකේ සුහුඹුල් මානව මානවිකාවන් දෙදහසකගේ සහභාගිත්වයෙන් සිදුකරනවා. අපි එතැනදී LOVE ගැන, මානව සම්බන්ධතා ගැන, කවි, ගීත ගැන කතා කරනවා. ඒ වැඩසටහන කොතරම් ජනප්‍රියද කිව්වොත් ජූලි මාසෙ තිස්සමහාරාමයටත්, අගෝස්තු බළන්ගොඩත් පැවැත්වීමට දැනටමත් දින වෙන් වෙලා ඉවරයි. ඒ තැන්වලට ගියාම අපේ යං සමාජය අපිට කියන්නෙ ඔයාල පත්තරයක් නෙවෙයි ජීවිතයක් කියලා. ඒ තරමටම ඔවුන්ට අපි ළංවෙලා. ඔව්... අපි දේශපාලනිකයි. ඒ දේශපාලනයේ පරමාදර්ශය ආදරය පමණයි. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අරගල කරනවා. ලංකාවේ බහුතරයක් අම්මල තාත්තලාට වැටහෙන්නෙ නැති බහුතරයක් සුචරිතවාදීන්ට වැටහෙන්නෙ නැති මේ කුණුහරුපය අපේ යං සමාජය ආදරයෙන් වැලඳගන්නවා. අපේ කුලකය අපිත් එක්ක යං. ජයවේවා! සංජක ප්‍රසාද් ෙදාලේවත්ත |
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:21 PM 0 comments
භාග්‍යාගේ පරණ මතකය
භාග්‍යා හෙට්ටිආරච්චි ජනප්‍රිය යොවුන් නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කලා ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් නොදන්න කරුණක් තමයි ඇය ගායනයට බොහෝ සෙයින් දක්ෂ බව.
භාග්‍යා සංගීතය ප්‍රගුණ කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේයි. කේමදාස මාස්ටර් ගේ ඔපෙරාවන්හිත් භාග්‍යා සිය දක්ෂතා විදහා පෑවා.
පසුගිය දිනෙක ඇගේ සංගීත දිවියේ අපූරු මතකයක් ගැනත් භාග්‍යා අපිත් එක්ක පවසා සිටියා. “කේමදාස සර් හැමදාමත් කැමැතියි වෙලාවට වැඩ කරන්න. අපේ සංගීත පන්ති පැවැත්වුණේ කොළඹ ජනකලා කේන්ද්‍රයේ දීයි.
ඇත්තටම කේමදාස සර් යටතේ ගෙවුණු ඒ කාලය හරිම සුන්දරයි. විනෝදජනකයි. සර් කැමති නැහැ. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පරක්කු වෙලා පන්තියට එනවට. මං හැමදාමත් පන්තියට එනකොට පරක්කු වෙනවා. ඉතින් මාව දැක්කහම සර් බනිනවා. ඒ හින්දා පස්සේ පස්සේ මම කරන්නේ ජනකලා කේන්ද්‍රයේ පන්ති පැවැත්වෙන හෝල් එකේ ජනේලයෙන් පැනලා පන්තියට ඇතුල් වෙන එක. පන්තියේ ළමයි වටවෙලා ඉන්න විට සර්ට ජනේලය පේන්නේ නැහැ.
ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. ෙප්‍ර්මසිරි කේමදාස වැනි මහා සංගීතඥයෙකු ගෙන් සංගීතය හදාරන්න ලැබීම මං ලැබූ වාසනාවක් ලෙසයි මම සලකන්නේ. එතුමා ලබාදුන් සංගීත ඥානයෙන් ඉදිරියේ දී උපරිම ප්‍රයෝජන ලබාගෙන ගායන අංශයෙනුත් ඉදිරියට යන්නට මම උත්සාහ කරනවා.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:20 PM 0 comments
ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා
පුහුණුවේ තරම
’තව ටික දොහකින් දර්ශන පුහුණුවකට ඉන්දියාවේ යනවනෙ. එතකොට විශ්ව විද්‍යාලෙ නිවාඩුව ඉවර වුණාම ප්‍රමෝද් සබරගමු යනවා. ඔයා උදේට හොඳටෝම දවල් වෙලා නැගිටලා අන්තිම මොහොතේ ලැහැස්ති වුණාම, කවුද නිරාශා, ඔයාව කාර් එකෙන් බැංකුවට ගිහින් ඇරලවන්නෙ? ඒකනෙ ළමයො මම ඔයාට කිව්වේ ඉක්මනට ඩ්‍රැයිවින් පුරුදු වෙන්නෙයි කියල.’ ශාන්ති තම දියණියට එසේ කීවේ වාහන පැදවීමට අකැමැති තම සැමියා දෙස සාවඥ බැල්මක් හෙළමිනි.’ඉතින් අම්මට පුළුවන්නෙ, කාරෙක එළවාගෙන යන්ඩ. ඇයි අම්මාට තියෙන්නෙ බරවාහන ලයිෂන් එකක් නේද?’ ප්‍රමෝද් ඇසුවේ සිනාසෙමිනි.
’ඔව්, උඹලගෙ අම්මට ඒක කරන්ඩ බැරිකමක් නැහැ. හැබැයි පුතෝ එතකොට මට සිද්ධවෙනවා අර බයිසිකල් රේස් තියෙන වෙලාවට කෙරෙන්නා වගෙ, වාහනයකට ලවුඩ්ස්පීකරයක් බැඳගෙන කෑගහ ගහා යන්ඩ, පාරේ යන මිනිස්සුන්ටයි, වාහන වලටයි වහාම පාරෙන් ඉවත් වෙන්ඩ කියල.’ චන්ද්‍රසිරි කීවේය.
වාසනාව
’මේක නං හරිම පුදුමයක් අනේ. අපේ අම්මා ඔය ටීවී එකේ යන කුකරි වැඩසටහන් බලලා අලුත් කෑමක් හැදූ දවසටමයි මට බැංකුවේ මොකක් හරි පාටි එකක් යෙදිලා දවල් කෑම එපා කියල අම්මට කියන්න සිද්ධ වෙන්නෙ. එක අතකට ඒත කොයිතරං වාසනාවක්ද, නේද?’ අකිලා තමා සමඟ බැංකුවේ සේවය කරන දක්‍ෂිණා සමඟ කීවේ තේ බොමින් සිටියදීය.’මොකක්ද අනේ ඒකෙ තියෙන වාසනාව? ඒකෙන් වෙන්නෙ අම්මා හදන රස කෑම කන්ඩ ඔයාට නොලැබෙන එකනෙ.’ දක්‍ෂිණා පුදුම වෙමින් කීවාය.
’ඒක ම තමයි වාසනාව ළමයො. ඒවා කාලා බඩ නරක්වුණාම මම කොහොමද පහුවැනිදට බැංකුවේ රාජකාරි කරන්නෙ?’ අකිලා සිනාවෙමින් විමසුවාය.
කොච්චර කල්ද?
අජිත් තමා සුනඛයෙකැයි තරයේ අදහමින් සුනඛයකු විලසින් හැසිරෙන්නට වූයෙන් ඔහුගේ බිරිය ඔහු වෛද්‍යවරයකු වෙත රැගෙන ගියේය.’ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා. කෑම පිඟාන බිම තියලා නැමිලා හොම්බ පිඟානෙ අතුල්ල අතුල්ලා කෑම කන්ඩයි මම කැමැති. මම චූ කරන්නෙත් එක අණ්ඩක් උස්සගෙන.’ අජිත් වෛද්‍යවරයා හමුවේ කියවාගෙන ගියේය.
’මිස්ටර්ට මේ විදියට හිතෙන්ඩ වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද?’ වෛද්‍යවරයා නළල රැළිගන්වමින් ඇසීය.
’මම පැටියා කාලෙ ඉඳලා ඩොක්ටර්.’ අජිත් ඉව අල්ලමින් කීවේය.
ඉහළම ප්‍රයෝජනය
’මිස්ටර් රන්ජිත්, ඔයාගෙ අලුත් සීඩී එකෙන් මම ඉහළම ප්‍රයෝජනයක් ගත්තා.’ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීම අවසානයේ චන්දිමා, රන්ජිත් හට කීවේ සිනාසෙමිනි.’ඇත්තද? ඒ කියන්නෙ ඒකෙ තියෙන සින්දු ටික හොඳටෝම රස වින්ඳා?’ රංජිත් ඇසුවේ ආඩම්බර සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
’එහෙම දෙයක් නෙමෙයි. අපේ ගේ පිටිපස්සෙ බොහොම සරුවට හැදුණු කෙහෙල් පඳුරක් තියෙනවා. පහුගිය දවස්වල දෙමලිච්චෝ රංචුවක් ඒ කෙහෙල් පඳුර වටේ පහුරු ගාන්ඩ පුරුදුවෙලා, උන්ව එළවා ගන්ඩ විදියක් නැතුවයි මම හිටියේ. අපෙ හස්බන්ඩ්ගෙ කීමට මම ඔයාගෙ සී.ඩී. එක නූලකින් ඒ කෙහෙල් පඳුර ළඟ එල්ලුවා. දැන් එක දෙමලිච්චෙක් වත් ඒ කිට්ටුවට එන්නෙ නැහැ.’ චන්දිමා පැහැදිලි කළාය.
ඇයි ඇහුණේ නැද්ද?
’හෙට උදේ වෙනකොට මේ වැස්ස හොඳටෝම පායයි.’ නොකඩවා ඇද හැලෙන මහ වැස්ස නිසා සීතලක් දැනුණු කීර්ති දෑත් පොරවා ගනිමින් තම බිරියට ඇසෙන සේ ස්ථිර ස්වරයකින්, උස්හඬින් කීවේ දෑස් කරකවා ඇය දෙස බලමිනි.’දැන් දවස් දෙකක් තිස්සෙ ඉවරයක් නැතුව එක දිගටම වහින මේ වැස්ස නවතිනවා කියල ඔය තරම් ෂුවර් කරලා කියන්නෙ, ඇත්තටම ඔයාට ඔල්මාදෙ ද?’ මාධනී ඇසුවේ තම සැමියාගේ තකතීරු කතාවටත් වඩා ඔහු එය කී විසුළු ස්වරූපය දැක කෝප වෙමිනි.
’ඇයි ඔයා රේඩියෝ එක අහගෙන නේද හිටියේ. දැන් ටිකකට කලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිව්වේ මේ වැස්ස තව සුමානයක් දිගටම පවතිනවයි කියල.’ කීර්ති කීවේය.
Silumina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:19 PM 0 comments
ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න
ක්ලැරන්ස්ගේ පැමිණීමෙන් අපේ කණ්ඩායමට ලොකු වටිනාකමක් එකතු වුණා
දශක හතරක් ඉක්ම ගිය ඔවුන්ගේ සංගීත කණ්ඩායම සහ සංගීත ජීවිතය පිළිබඳ ලාංකිකා සමඟ මේ කතා බහ පෙළ ගැසෙනුයේ, ඒ නිමිතිකොට ගෙනයි.
අවුරුදු 42 ක් ගතවෙලත් ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම තවම කාර්ය බහුලයි...
ඇත්තටම ඒ ගැන අපිට තියෙන්නෙ සියුම් ආඩම්බරයක්. මොකද අවුරුදු 42 ක් ම නොකැඩී පවත්වාගෙන ආ සංගීත කණ්ඩයමක් අපි. ඒකට ප්‍රධාන හේතුව තමයි පවුලක් හැටියට මාත් චානකත් ආ මේ ගමන. අදටත් ඕනෑම ප්‍රසංගයකදී අපේ ඒ පවුලේ කැපවීම තිබෙනවා.
අනික මගේ අයියා විජිත්, දැන් කණ්ඩායමේ නැති වුණාට ඔහු ගෝල්ඩන් චයිම්ස් හි ආරම්භක ඩ්‍රම්ස් වාදකයා. චානක, ආරම්භක බේස් ගිටාර් වාදකයා.
අපේ කණ්ඩායමේ එදා පටන් ම එකම නිත්‍ය ගායිකාව මම. ඒ වගේ ම ක්ලැරන්ස් සම්බන්ධවීමත් සමඟ අපේ සංගීත කණ්ඩායමට ලොකු වටිනාකමක් එක් වුණා.
ක්ලැරන්ස්ගේ මුණ ගැසීම සිදුවුණේ...
චානක සහ මගේ අයියා ‘බීකන්ස්’ කණ්ඩායමේ වැඩ කළ කාලයේ. ඔවුන් බටහිර ගීත ගැයූ, ඉලෙක්ට්‍රික් ගිටාර් පාවිච්චි කළ සංගීත කණ්ඩායමක්. දවසක් චානකත් මගේ අයියාත් ‘ප්ලේ’ කළ මඟුල් ගෙදරකම ක්ලැරන්ස් සහ ඇනස්ලි ආරාධිතයන් හැටියට ඇවිත් තිබුණා. පසුව ඔවුන් ගීත ගායනා කරද්දී තමයි චානකලා එක්ක බොහොම හිතවත් වෙලා තියෙන්නෙ. එතකොට තමයි ක්ලැරන්ස්ට හිතිලා තියෙන්නෙ මේ ‘ස්ටයිල්’ එකට ඉලෙක්ට්‍රික් ගිටාර් වාදනයත් කණ්ඩායම් සංගීතයට යොදා ගත්තොත් හොඳයි කියලා. මොකද ඒ වෙනකොට කිසිම කෙනෙක් බොක්ස් ගිටාර් හැරෙන්නට කණ්ඩායම් සංගීතයට ඉලෙක්ට්‍රික් ගිටාර් යොදා ගත්තෙ නැහැ. ක්ලැරන්ස් ඒ පාර තමයි අයියටයි චානකටයි ආරාධනා කළේ.
ඔවුන් ඔහු වැඩ කළ ‘මූන්ස්ටෝන්ස්’ කණ්ඩායමට එක්වෙලා අවුරුදු තුනකට වඩා එකට වැඩ කළා. ඊට පස්සෙ 1969 තමයි, ක්ලැරන්ස්, චානක සහ මගේ අයියා ‘මූන්ස්ටෝන්ස්’ කණ්ඩායමෙන් ඉවත් වෙලා ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම හැදුවේ. එතකොටත් ක්ලැරන්ස් අපි එක්ක අවුරුදු තුනක් විතර වැඩ කළා. අපෙන් අයින් වෙලා වෙන සංගීත කණ්ඩායමක් හැදුවා කියලා ඔහුත් සමඟ තිබූ අපේ හිතවත්කම ඔහු මියෙන තුරුම අබමල් රේණුවක් තරම් හෝ අඩු වුණේ නැහැ. අදටත් ක්ලැරන්ස්ගේ බිරිය ශීලා සහ දුව අපි එක්ක හිතවත්කම් සම්බන්ධතා පවත්වනවා.
‘ගෝල්ඩන් චයිම්ස්’ හා ඔබේ සම්බන්ධය ඇති වන්නේ...
ක්ලැරන්ස් රත්නපුරේ කෙනෙක් නිසා අයියයි චානකයි එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ අපේ ගෙදර නතර වුණා. සංගීත පුහුණුවලට වගේ ම මාව බලන්නත් එක්ක චානකත් හැමදාම හවසට අපේ ගෙදර ආවා.
එහෙම ආව වෙලාවට අපි දෙන්නා කළේ එයා ගිටාර් එක වයද්දි මං ගායනා කළ එක. අපි දෙන්නගේ මේ වැඩේ දැකපු ක්ලැරන්ස් කිව්වා, ‘ආයේ මොකටද පිටින් ගායිකාවක් හොයන්නේ. මේ ඉන්නෙ ගෙදරම කෙනෙක් කියලා. බෑන්ඩ් එක පටන් ගත්තට නමක් දාලා තිබුණෙ නැහැ. සූරිය ලේබල් අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය තමයි ‘රන් සීනු හඬ’ අර්ථය ඇති ‘ගෝල්ඩන් චයිම්ස්’ නම දැම්මේ. ඒ 1970 දී.
ඒ වෙනකොටත් කණ්ඩායමට බැඳෙන්න මගේ කිසිම අදහසක් තිබුණෙ නැහැ. නමුත් ක්ලැරන්ස් ගෙ උනන්දුව නිසා බෑන්ඩ් එකට මං නිත්‍ය වශයෙන් එකතු වුණේ 1971 මුල දී. අපිට රටේ විවිධ පළාත්වල ප්‍රසංග ලැබුණා. බොහොමයක් ප්‍රසංග තියෙන්නෙ රෑට. ඒකට මගේ අම්මලා තාත්තලා ටිකක් අදිමදි කළා. ඊට පස්සේ මගේ තාත්තා කිව්වා, ‘ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න...’ කියලා.
1971 දෙසැම්බර් පළමු වැනිදා. අපි විවාහ වුණා. ඒ චානකගේ උපන් දිනය දවසෙ. එදා රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ අපේ මංගල දිව්‍ය පූජාව වෙලාවේ ගායනා කරන්න ක්ලැරන්ස් හදලා දීපු, රන් සීනු හැඩ වී රිදී සීනු හැඬවී - ආදරයට මැදිවී දෙහදක් එක්වුණා...’ ගීතය පසු කලෙක තැටි ගත කළාම අතිශය ජනප්‍රිය වුණා.
එදා මංගල දිව්‍ය පූජාවේ මේ ගීතය ගායනා කළේ ‘ලාබම්බාස්’ සහ ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම එක්වෙලා. කොහොම හරි විවාහයෙන් පස්සෙ තමයි, මගේ ගායන ජීවිතය කාර්ය බහුල වුණේ.
පෝෂණය වුණේ. කණ්ඩායම් සංගීතයට රසිකයන් අතිශය ලෙස බැඳිලා හිටි යුගයක් නිසා අපිට රටපුරා හරියට ‘ෂෝස්’ තිබුණා. අනික මම ළාබාල වයසින් විවාහ වෙච්චි නිසයි මේ තරම් දුර ගමනක් සාර්ථකව එන්න පුළුවන් වුණේ.
එහෙත් ඔබ වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්...
දැන් මම බැංකු සේවයෙන් විශ්‍රාම අරන්. ඒත් අවුරුදු 39 ක් මං ලංකා බැංකුවේ සේවය කළේ ඉතාම සතුටින්. තෘප්තියෙන්.
විවාහයත් එක්කමයි මට බැංකුවේ රස්සාව ලැබුණෙත්. ඒ වෙලාවෙ මං ටිකක් බය වුණා. දැන් කොහොමද මං කණ්ඩායමත් එක්ක වැඩ කරන්නෙ කියලා. ඒත් චානකත් හිටි නිසා කිසිදු ප්‍රශ්නයක් නැතිව ප්‍රසංගවලට නොකඩවා සහභාගි වුණා.
උදේ ඉඳන් හවස් වෙනකල් රැකියාව කරලා රාත්‍රියේ තමයි මං ප්‍රසංගවලට ගියේ. ආවේ පාන්දර හතරට වුණත් උදේ ලෑස්තිවෙලා ආයේ වැඩට ගියා.
අවුරුදු 39 කට පස්සෙ රැකියාවෙන් විශ්‍රාම ගන්නදා මං මගේ ආයතනයේ සියලුම සහෘදයන් වෙනුවෙන් ප්‍රසංගයක් කරලයි සමුගත්තෙ.
බැංකු ජීවිතය අදත් මට බොහොම මිහිරි අතීතයක්.
ඒ, සංගීත ජීවිතය නිසා මං කවදාවත් රස්සාව අවුල් කර ගත්තෙ නැති නිසා.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:18 PM 0 comments
තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ
තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ
ජනප්‍රියතම නිළියවිමේ සතුට දැන ් ඔබට දැනෙන්නේ කොහොමද?
මේ මගේ කලා ජීවිතයේ ලැබුණු පළමු සම්මානය, හදවතින් ම නැඟෙන ඉතාම අහිංසක සතුටක් මම දැන් විඳිනවා.
මෙම සම්මානය ලැබෙයි කියන විශ්වාසයත් බලාපොරොත්තුවත් තිබුණා ද?
ඇත්තෙන් ම එහෙම කිසිම විශ්වාසයක් බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. ජනප්‍රියම නිළියන් තිදෙනා අතරේ මම ඉන්න බව මට දැනගන්න ලැබුණේ කතරගම ප්‍රදේශයේ ‘අළු බඳුන’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වල යෙදිල ඉන්න විටයි. ඒ සති දෙක මම ගතකළේ කතරගම.
සම්මානය ගන්න වේදිකාවට ගොඩ වනවිට ඔබට දැනුණු හැඟීම...?
මට මේ දැනුත් ඒ සිදුවීම මතක් වෙනවා. විශාල සතුටකින් මගෙ හිත පිරිල තිබුණා. ඒ වගේ ම පුංචි තැති ගැම්මකුත් තිබුණා.
මෙම සම්මානය ඔබට හිමිවීම පිළිබඳ ඔබ ස්තුතිවන්ත වෙන්නෙ කාටද?
මම පළමුවෙන් ම ස්තුතිවන්ත වෙන්නෙ මගෙ අම්මටයි තාත්තටයි. ඒ මොකද ඔවුන් මට රංගනයට එන්න ඉඩ දුන්නට. විශේෂයෙන් ම මගේ තාත්තා කැමැති වුණේ නෑ මම රංගනයට එනවට. ඒ වගේ ම මගේ මේ සම්මානයේ අයිතියෙන් වැඩි කොටසක් ස්වාධීන රූපවාහිනියට හිමියි. ස්වාධීන රූපවාහිනියේ ජනප්‍රියත්වය නිසාම තමයි මට මේ සම්මානය හිමිවුණේ. ඒ නිසා ස්වාධීන රූපවාහිනි ආයතනයේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම මට එස්.එම්.එස්. මනාප ලබාදුන් මගේ රසික පිරිසටත් මම ස්තුතිවන්ත වෙනවා.
මේ ලැබුණු සම්මානය ඔබට බරක් ද? කොහොමද ඔබ මේ ලැබුණු ජනප්‍රියත්වය ආරක්ෂා කරගන්නේ?
මේ ලැබුණු සම්මානය මගේ හිතට බරක් කියල මම හිතන්නේ නෑ. මම හිතන්නේ ඒක මගේ හිතට විශාල ශක්තියක් කියලයි. ඒ වගේ ම මෙය මාව තව තවත් ධෛර්යට පත් කරන සම්මානයක්. ඒ වගේ ම ප්‍රේක්ෂකයින් මාව ජනප්‍රියම නිළිය ලෙස අභිෂේක කිරීම මට විශාල අභිමානයක්. මම විශ්වාස කරන දෙයක් තමයි ‘අළු බඳුන’ ටෙලිනාට්‍යයේ මගේ රංගනය මේ සම්මානයට හේතු වුණා කියන එක. ඒ නිසා ඉදිරියේදීත් මම ගුණාත්මක හොඳ නිර්මාණවල රැඳෙන්න ඕන කියන හැඟීම මට තියෙනවා.
ඔබ දැන් ජනප්‍රියම නිළිය වුණා. දක්ෂතම නිළිය වෙන්න බලාපොරොත්තුවක් නැති ද?
රංගන ශිල්පියෙකුගේ හෝ ශිලිපිනියකගේ එකම බලාපොරොත්තුව තමයි දක්ෂතම නිළියට හිමි සම්මානයට හිමිකම් කීම, ඒ සඳහා දක්ෂතාව වගේ ම වාසනාවත් තියෙන්න ඕන. ඒ සඳහා මම මගේ ජීවිතයට තව තවත් විශාල වශයෙන් අත්දැකීම් එකතුකර ගන්න ඕන. එම සම්මානය සඳහා මම තවම ඉන්නේ පළමු අදියර කියලයි මම හිතන්නේ.
ඔබ මොනවද මේ දිනවල කරන්නේ?
අපේ නිෂ්පාදනයක් වන ‘අළු බඳුන’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ ‘හීන හතයි’ වැඩසටහන ඉදිරිපත් කරන්න දායක වෙනවා.
ඔබේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන ආයතනයෙන් ඇයි ‘අළු බඳුන’ වැනි ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න තීරණය කළේ.
ගොඩක් දෙනෙක් අහන කතාවක් තමයි, දැන් සෑම නාළිකාවකම පෙන්වන එක රැල්ලට නිෂ්පාදනය කර ඇති ආකාරයේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කළේ නැත්තේ ඇයි ද කියන කතාව. අපේ පළමු නිෂ්පාදනය 'සුළඟ'. අපට ඕන වුණා ‘සුළඟ’ ටෙලිනාට්‍යයෙන් පසුව වෙනස්ම ආකාරයක් ගත් උසස් නිර්මාණයක් කරන්න. එහිදී වැයවන මුදල පිළිබඳ අපි හිතුවේ නෑ. අපට ඕනෑ වුණේ හොඳ දෙයක් කරන්න. ඒ නිසයි අපි ‘අළු බඳුන’ නිර්මාණය කළේ.
දැන් ඔබ නිවේදන කටයුතුවලින් දුරස්වෙලා ද?
'හීන හතක්' වැඩසටහනට පමණයි මම දැනට දායක වෙන්නේ. ඒ; රංගනයට වගේ ම නිර්මාණකරණයට වැඩි කාලයක් ගත කරන්න සිදුවෙලා තියෙන නිසා. නමුත් මම නිවේදන කටයුතුවලින් සම්පූර්ණයෙන් ම දුරස් වෙලා නෑ.
දැන් තනිවම හිටිය ඇති නේද?
ඔව් ඒක නම් එහෙම තමයි. ඒත් තවම තනිය මකන්න කවුරුත් හම්බ වුණේ නෑ.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:17 PM 0 comments