----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...

Tuesday, February 5, 2013


සුජාතා අත්තනායක මහත්මිය විසින්
සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය.....
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය විසින් සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය හා සංයුක්‌ත තැටිය සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාට කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ටවර් හෝල් රඟහල පදනමේ දී පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. මෙම උත්සව අවස්‌ථාවට ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‌ෂ ජනරාල් ඩග්ලස්‌ සිරිවර්ධන මහත්ම, මහත්මීන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

Divayina
READ MORE - ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ

Monday, February 4, 2013


නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ

ප්‍රවීණ පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායක ගේ පරිවර්තන කෘතිය ‘නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ (THE LEGEND OF THE MAN WITH NI NAME – GRANK CHANDLER/JOE MILLARD) මේ මස 5 වැනි අඟහරුවාදා උදේ 10.00ට කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.
’නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ නමින් ඔබ අත පත්වන මෙම ග්‍රන්ථයට පාදක වී ඇත්තේ කතුවරයන් දෙදෙනකු විසින් ලියන ලද බටහිර ගොපලු චිත්‍රපට තුනකට පාදක වූ නවකතා තුනකි.

READ MORE - නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ

පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

Thursday, July 5, 2012

 
ගෙවිඳුගෙන් පැහැදිලි කිරීමක්‌

අකුරට බුහුමන් කරන්න

පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

ගුණදාස අමරසේකරයන් ගේ අලුත් ම නවකතාව, රූපාන්තරණය හෙවත් සෝමදේව ගේ සංක්‍රාන්තිය නවකතාව දොරට වැඩි උලෙළේදී§ මා පොදුවේ ජනමාධ්‍යයන් ගෙන් ද විශේෂයෙන් පුවත්පත්වලින් ද කළ ඉල්ලීම ගැන 'වටමඬල' සාහිත්‍ය අතිරේකයේ නිරෝධ දැක තිබුණේ සම්පූර්ණයෙන් ම නිෂේධාත්මක ලෙස ය. පුවත්පත් කතුවරුන් ගේ, පුවත්පත් කලාවේදීන්ගේ ශුද්ධ වූ කටයුත්තට මුදලාලි කෙනකු ගේ අවිනීත මැදිහත්වීමක්‌ ලෙස ය. නිරෝධ සිය -චින්තාවලී තීරුවෙහි මගෙන් පිළිතුරු ඉල්ලා කළු අකුරෙන් මුද්‍රණය කර තිබූ ප්‍රශ්නවල හරයෙන් මෙන් ම ඊට පෙර ''... පුවත්පත් කතුවරුන්ට උපදෙස්‌ දීමට තරම් පොත් මුදලාලි කෙනකුට සදාචාරාත්මක අයිතියක්‌ ඇත්දැයි නිරෝධ කල්පනා කරයි'' ආදි ලෙස එන වැකිවලින් ද ගම්‍ය කරන්නේ එ බව ය. එ දින උත්සවයට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයට දරාගැනීමට අපහසු තරම් පිරිසක්‌ එක්‌ රොක්‌ වුව ද දිවයින පාඨකයන් හා සලකන විට එ ඉතා සීමිත පිරිසක්‌ බැවින් මා කළ ඉල්ලීම කුමක්‌ දැ යි නොදන්නා පාඨකයන් හමුවේ ප්‍රශ්න කරනු ලැබීමත් පිළිතුරු බැඳීමත් සදාචාරාත්මක නොවන හෙයින් එ දින මා කළ ඉල්ලීමෙහි, ප්‍රකාශයෙහි හරය ඔබ පාඨකයන් ඉදිරියේ පළමු ව තැබිය යුතු ය යි සිතමි.

මා එම සභාව හමුවේ තැබූ ප්‍රශ්නය වූයේ කිසියම් අත්වැරැද්දක්‌ නිසා රිය අනතුරක්‌ වූ විට එය මුල් පිටුවේ වාර්තා කරන පුවත්පත්, අපරාධකරුවන් ගේ ක්‍රියාකාරකම් මුල් පිටුවේ පළ කරන පුවත්පත්, ක්‍රීඩකන් ගේ දක්‌ෂතාවන් මුල් පිටුවේ පළ කරන පුවත්පත්, ලේඛකයන් සම්බන්ධයෙන් උදාසීන වන්නේ මන්ද කියා ය. විශේෂයෙන් ම ලේඛකයා මත රඳා පවතින පුවත්පත් සිය ජීවිත කාලය ම ලේඛන කලාවට කැප කොට එහි විශිෂ්ටතා අත්පත් කරගත් අමරසේකරයන් වැනි විශිෂ්ටයකු ගේ සාහිත්‍යමය ක්‍රියාකාරකම් සඳහා මුල් පිටුවේ ඉඩ විවර කළ යුතු නො වේ ද කියා ය. එහිදී අපට පුවත්පත් ඇතුළු සියලු ජනමාධ්‍යවලින් ඇති තරම් ප්‍රචාරය ලැබුණු බවත් එ දින උත්සව ශාලාව පිරී ඉතිරී යැමට තරම් සහෘදයන් සහභාගී වීමට එය ද හේතු වී ඇති බවත් ඊට අදාළ ප්‍රචාරය ලබාදුන් සැමට කෘතඥ වන බවත් ස`දහන් කළ මා කියා සිටියේ ප්‍රශ්නය ප්‍රචාරය පිළිබඳ ව නො ව ප්‍රමුඛතා පිළිබඳ ව බව ය. අවසාන වශයෙන් මා සභාව හමුවේ තැබුවේ විශිෂ්ටතා දක්‌වන ක්‍රීඩකයන්ට මුල් පිටුව හිමි වන විට විශිෂ්ටතා දක්‌වන ලේඛකයන්ට එ තැන නොලැබේ නම් අපේ ළමා පරපුර ලේඛනයට යොමු වේ ද යන ප්‍රශ්නය ය" රටේ අනාගතය වෙනුවෙන් මේ තත්ත්වය නිවැරැදි විය යුතු නො වේ ද යන්න ය.

දැන් අපි නිරෝධ ගේ ප්‍රශ්නවලට යොමු වෙමු.

1. ඔබේ ප්‍රකාශන ආයතනය මුද්‍රණය කරනු ලබන පොත් ප්‍රකාශයට පත් කරන්නේ නොමිලේ බෙදාහැරීමට ද?

නිරෝධ මගෙන් මෙසේ අසන්නේ මුල් පිටුවේ පළ කරන්නේ මොන ම ආර්ථික වටිනාකමක්‌වත් නැති දේවල් නිසා ද? මුල් පිටුවේ පළ වන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මිල මුදල් අය කිරීමෙන් තොර ව යෘ අපරාධකරුවන් මිනී මරන්නේ මුදලට නොවේෘ ප්‍රතිපත්ති ගරුකව යෘ පසුගිය දා සනත් ජයසූරිය හින්දි නිළියක හා රඟනු මුල් පිටුවේ ම පළ කර තිබුණේ ඔහු එ ස`දහා මුදල් අයකර නොතිබුණු නිසා යෘ එ රංගනය මාතර ඡන්ද දායකයන් පිනවීම ම අරමුණු කර ගත්තක්‌ නිසා යෘ

හිතවත් නිරෝධ, ක්‍රීඩකයකු ගේ පින්තූරයක්‌ පළ වන විට එය ඔහු ගේ, ඔහු වෙනුවෙන් කටයුතු කරන එජන්ත ගේ, ඔහු ඇඳ සිටින සපත්තුවේ නැති නම් අතේ ඇති පිත්තේ ආදි වූ සියල්ලෙහි වෙළෙඳ වටනාකම වැඩි කිරීමට හේතු වේ. ලේඛකයකු ගේ සුවිශේෂතා ඇගයීමේ දී ද එ ආකාරයට ම ඔහු ගේ

පොත්, එවා ප්‍රකාශයට පත් කරන ආයතන ආදි සියල්ලට යම් වෙළෙඳ අගයක්‌ ද එකතු වන බව පැහැදිලි ය. ලක්‌ෂ ගණන් උපයන දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට, ක්‍රීඩකයන්ට මුල් පිටුව විවෘත වෙද්දි ඔවුන් උපයන දෙයින් සොච්චමක්‌වත් නොඋපයන ලේඛකයන්ට මේ ආර්ථික ක්‍රියාවලිය පෙන්වා එ දොර වැසීම යුක්‌ති සහගත වන්නේ කෙසේ ද?

මෙයට අමතර ව අප නොමිලේ බෙදා හැරීමටත් පොත් මුද්‍රණය කරන බව නිරෝධට මතක්‌ කිරීමට සිදු ව තිබීම කණගාටුවට කරුණකි. වටමඬලට මේ තාක්‌ අප එවූ පොත් නොමිලේ මිස බිල්පත් සමඟ එවූයේ නෑ නො වේ ද? අප ප්‍රකාශයට පත් කරන සෑම පොතකින් ම මුද්‍රණය කරනු ලබන පිටපත් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක්‌ මුද්‍රණය කරනු ලබන්නේ නොමිලේ බෙදා දීමට ය" පුවත්පත් කතුවරුන්ට, සාහිත්‍ය පිටු සංස්‌කාරකවරුන්ට, විචාරකයන්ට හා විද්වතුන්ට ලබා දීමට ය. එ ක්‍රියාවලිය ද පොතේ අලෙවියට බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අප එ කාර්යයෙහි නියෑළෙන්නේ ප්‍රචාරයට වඩා බුද්ධිමය දායකත්වයක්‌, සමාජ කාර්යභාරයක්‌ අපේක්‌ෂාවෙන් ය.

දෙ වන ප්‍රශ්නය සළකමු.

2. පොතක්‌ එළිදක්‌වන ප්‍රවෘත්තියක්‌ පුවත්පත්වල සාහිත්‍යයට ම අදාළ පිටුවේ පළ වීම ප්‍රමාණවත් නැති ද?

සාහිත්‍යය ප්‍රවෘත්ති සාහිත්‍යය පිටුවට ක්‍රීඩා ප්‍රවෘත්ති ක්‍රීඩා පිටුවට ආදි ලෙස එ එ ප්‍රවෘත්ති එ එ පිටුවට සීමා වේ නම් මුල් පිටුව තිබෙන්නේ කුමක්‌ වෙනුවෙන් ද? රටේ ජාතියේ අවධානය යොමු විය යුතු ප්‍රමුඛ කාරණ වෙනුවෙන් බව අප ගේ හැඟීම යි. එහිදී දේශපාලනඥයකු, ක්‍රීඩකයකු විශිෂ්ටතා දක්‌වන විට ඔහුට විවර වන මුල් පිටුව ලේඛකයකු, රංගධරයකු, චිත්‍ර ශිල්පියකු, සංගීතඥයකු විශිෂ්ටතා අත්පත් කරගන්නා විට ඔවුන්ට ද විවර විය යුතු ය. එය ඔවුන් වෙනුවෙන් කරන දෙයකටත් වඩා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් වූ කරුණක්‌ ලෙස ය අප දකිනුයේ. ආසියාවේ සංස්‌කෘතියට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ජපානයේ ප්‍රමුඛතම පුවත්පත් ආයතනයකින් පිරිනමනු ලබන සම්මානය මේ වසරේදී සිබිල් වෙත්තසිංහ මහත්මියට හිමිවීම සම්බන්ධයෙන් අප ගේ පුවත්පත් ලබා දුන් ප්‍රමුඛතාව කුමක්‌ ද යන්න මේ ප්‍රශ්නයෙහි අදාළත්වය මොනවට කියාපායි.

තුන් වන ප්‍රශ්නයට යොමු වෙමු.

3. පොත් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශයකයා අලෙවියෙන් ආදායමක්‌ ලබන හෙයින් අමරසේකරයන් බඳු ලේඛකයකු ගේ කෘතියක්‌ හෝ එළිදකින අවස්‌ථාවක පුවත්පතක මුල් පිටුවේ දැන්වීමක්‌ පළ කිරීමට තරම් පොත් ප්‍රකාශකයකුට මැදිහත්මක්‌ කළ නොහැකි ද?

මෙලෙස වෙළෙඳ දැන්වීම් ගැනත් කොලම් සෙන්ටි මීටරයේ රුපියල් සත මිල ගැනත් කතා කරමින් නිරෝධ ඉටු කරන්නේ පුවත්පත් කලාවේදියකු ගේ කාර්යභාරය ද? වෙළෙඳ කළමනාකරුවකු ගේ කාර්යභාරය ද? ඔබ කියන්නේ පොතක වටිනාකම, ලේඛකයකු ගේ වටිනාකම පුවත්පතක කතු මඬුල්ල තීරණය කරනවාට වඩා පොත් ප්‍රකාශකයකු ගේ මුදල් වැය කිරීමේ හැකියාව මත තීරණය වීම සුදුසු බව ද? නිරෝධ ඔබ පෙනී සිටිය යුත්තේ පොත් ප්‍රකාශනය මුදලාලිකරණය වීම වෙනුවෙන් ද? ඉන් මුදාගැනීම වෙනුවෙන් ද?

හිතවත් නිරෝධ, රූපාන්තරණය කෘතිය එළිදැක්‌වූ උත්සව සභාවේදී මා කළ ආයාචනයේ හරය වන්නේ අකුරට බුහුමන් කරන්න යන්න ය. කුමාරතුංග මුනිදාසයන් දරුවන්ට ලියූ ඒ කවි පදයේ අරුත ජාතියක්‌ ලෙස ක්‍රියාවට නැගීSමේ අවශ්‍යතාවය ය. ලේඛනය මත රඳා පවතින පුවත්පත්වලට එහිදී ප්‍රමුඛතම වගකීමක්‌ හිමිවන බව ජනමාධ්‍ය විෂයෙහි ප්‍රවීණයන්, පුවත්පත් කතුවරුන් හා කලාවේදීන් හමුවෙහි සිහිපත් කරලීම ය. මා මුදලාලියකු වේ වා, නො වේ වා, එ ආයාචනය ගැන මැදිහත් ව සිතනු මැනවි.

ගෙවිඳු කුමාරතුංග


READ MORE - පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය

විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය

'අර මිහිරි සීනු නාදය' කියවූයෙමි

චින්තක රණසිංහ

නොනිදන අවධිය

ටෝල්ස්‌ටෝයි, දොස්‌තයෙවුස්‌කි, සාත්‍ර වැනි උසස්‌ නිර්මාණකරුවන්ගේ උසස්‌ බවට එක්‌ හේතුවක්‌ වන්නේ තමා පය ගසාගෙන සිටින තමාගේ ආධ්‍යාත්මික, භෞතික ලෝකය අවංකව, නිර්භයව හා තීක්‌ෂණ ආකාරයෙන් විවේචනයට ලක්‌ කිරීමයි. මේ කෙටිකතාවෙන් අමරකීර්ති කරන්නේ ද එබඳු ආත්මීය ආභ්‍යන්තරික තීක්‌ෂණ විවේචනයයි. එම විවේචනය උචිත කලාත්මක සංයමයකින් සිදු කිරීමට හෙතෙම සමත් වේ. ලාංකේය සරසවි පද්ධතියේ ගුරු සිසු දෙප්‍රජාව මතු නොව අලස මධ්‍යම පාන්තික මානසිකත්වය ද මෙහි දී කර්කශ ලෙස විමර්ශනයට ලක්‌වේ. ඉන්ද්‍රජාලික, මනෝජාල හෝ කුමන අද්භූතයක්‌ වේවා භාවිත කළ යුත්තේ අප අවට ගලායන ජීවිතය විනිවිදීමට මිස එහි යථාව මායාවෙන් වසා දැමීමට නොවේ. අමරකීර්ති ආවේගශීලී විවේචකයකු වන නමුත් සංයමශීලී නිර්මාපකයකු ලෙස මෙම ප්‍රශ්නයට මුහුණ දේ.

'නොනිදන අවධිය' එනම් කතාවේ නමම ප්‍රධාන වශයෙන් ද්විත්ව අර්ථ ලබාදේ. එක්‌ අර්ථයක්‌ නම් කතාව ලියා ගුරුවරයාට බාරදෙන විදර්ශන ප්‍රේමසිරි ගේ 'නිදා නොගැනීමේ කාලය හෙවත් සිකියුරිටි කාලයයි'. අනෙක නම් කතාවේ තේමාව ඇසුරින් මතුකරගත හැකි පේරාදෙණියේ ස්‌වර්ණමය යුගය සහ වර්තමාන අවධිය පිළිබඳ සන්සන්දනාත්මක තත්ත්වයයි. ඒ අනුව මේ පසුකරන්නේ නොනිදා අවධියෙන් පසුකළ යුතු සංකීර්ණ අවධියයි. ස්‌වර්ණමය යුගය ලෙස පසුවී ඇත්තේ අනාගත අලස යුගයකට පදනම දමන්නා වූ කාලයකි. දැන් ඇත්තේ නොනිදා අවධිව සිට එළඹෙන සිහි බුද්ධියෙන් විවේචනයේ නිරත වීමයි. ඒ නිසා එක්‌ අතකින් මෙය විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදියයි. විදර්ශනලා හන්තානයේ මහාචාර්යවරුන්ට පවා හේතු සහිතව අභියෝග කරන්නේ මේ යුගයේය.

අතිශය පටු වූ ලෝකයක ගුරුන් හා සිසුහු කල් ගෙවති. ඒ ලෝකයේ සීමා ඔවුන් විසින් පනවා ගනිමින් දිගු කාලීනව නඩත්තු කෙරේ. සටහන් දීම, ප්‍රශ්නෝත්තර ක්‍රමයේ විභාග, පොත් නොකියවීම හා නොගැඹුරු දේ පමණක්‌ ඉගෙනීම, බාහිර උපාධි වෙළෙ¹ම මෙසේ නඩත්තු කරන අලස අධම ක්‍රමයේ සංරචකයෝ ය. විදර්ශන ප්‍රේමසිරි වීරයකු වන්නේ මෙම ඒකාකාරී නීචත්වය පවතින ආචාරධර්ම උල්ලංඝනය කරමින් හෝ විනාශ කර දැමීම තුළය. එය එක්‌ අතකින් වෙනත් මාදිලියක විකල්ප ආචාරධර්ම රාමුවකට පණ දීමකි. රාත්‍රියේ කථිකාචාර්යවරුන්ගේ නිවෙස්‌වලට ඇතුල්වන විදර්ශන හොරකම් නොකරයි. ඒවායේ ඇති ද්‍රව්‍යමය ක්‍රියා පටිපාටිය අවුල් කරයි. ලුණු සීනිවලට මුසු කරයි. කිරිපිටි පාන්පිටි එකට දමයි. ඔරලෝසුවල වෙලාව වෙනස්‌කරයි. එලාම් වෙනස්‌ කරයි. කොම්පියුටර්වලට 'පොල්බූරුවා' වැනි පාස්‌වර්ඩ් දමයි. ගෘහ භාණ්‌ඩ තැබූ ස්‌ථාන වෙනස්‌ කර පද්ධතියම වියවුලෙන් වියවුලට ඇද දමයි. හන්තාන කේන්ද්‍ර කොටගත් ගුරු සිසු ප්‍රජාවගේ මතු නොව බහුතර ශාස්‌ත්‍රපීඨ ප්‍රජාවගේ ජීවිත මෙම කතාවේ නිරූපිත චරිතයන්ගේ ජීවිතවලට අසමාන නොවේ. විවෘත සංවාදයක්‌ හෝ නව දැනුම නිර්මාණය කිරීම වෙනුවට ඒ තුළ ඇත්තේ ගුඩු පොල්ගෙඩි දැක්‌මකි. අලස වතකි. කතුවරයා විදර්ශන ලවා එක්‌ තැනක මෙසේ පවසයි.

"ඊළඟට මං වැඩේ දුන්නේ සෝමානන්දයට. ඌත් කරෝලකාරයා වගේම වැඩකට නැති එකෙක්‌. උගේ සංස්‌කෘතික ත්‍රිකෝණෙ තමයි, නිල නිවාසේ - ධර්මරාජෙ - අධ්‍යයන අංශෙ. ඔච්චර තමයි උගේ ලෝකෙ. අයිවර් ජෙනිංස්‌ලා මුන්ට ක්‌වාටර්ස්‌ හදලා දීලා අපිට හොස්‌ටල් හදලා දෙන්න ඇත්තේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි හරි හරි ශාස්‌ත්‍රීය සංවාද කරයි කියලා වෙන්ට ඇති. ඒකට අපි උන් ක්‌වාටර්ස්‌වල බුදි. අපි හොස්‌ටල්වල බුදි. උනුත් කරන්නේ බොරු. අපිත් කරන්නේ බොරු.- අර මිහිරි සීනු නාදය 58 පිටුව

මේ කතාව කියවද්දී මට සිහි වුණේ මීට වසර කීපයකට පෙර ස්‌වදේශීය සේවයෙන් විකාශය වූ ගුවන්විදුලි නාට්‍යයකි. එහි කතා පුවත ශාස්‌ත්‍රීය පර්යේෂණවල නිරත නොවී වරප්‍රසාද විඳින මහාචාර්වරු සොය සොයා මරණ දඬුවම් පමුණුවන අයෙකු පිළිබඳවයි. විදර්ශනගේ මෙහෙයුම ද එම කතාව සිහි කරයි. එසේ ම සරසවියට එන අතළොස්‌සක්‌ හෝ බුද්ධිමය නැඹුරුවක්‌ සහිත ශිෂ්‍යයින් එහි පවතින බුද්ධි හීන රටාවෙන් ඉතාමත් ඉක්‌මනින් කලකිරෙන ආකාරය පෙන්වයි. ඔවුන් සිකියුරිටිකාරයින් වන්නේ මේ දුෂ්ඨ අධ්‍යාපන ක්‍රමය නිසා නොවේද යන්න මෙහිදී මැනවින් විදාරණය වේ.

අමරකීර්ති මෙහිදී ඉලක්‌ක දෙකක්‌ සාර්ථකව ජයගනී. එකක්‌ නම් හොඳ සාහිත්‍ය කෘතියක්‌ නිර්මාණය කිරීමයි. අනෙක නම් ආත්මීය අභ්‍යන්තරික විවේචනයක්‌ තමාද නියෝජනය කරන සරසවි ප්‍රජාව වෙත ගෙන ඒමය. මේ දෙකම අතිශය වැදගත් ය.

අලුත් ලෙච්චමී

පංති අනන්‍යතාව, ජාතික අනන්‍යතාව මෙන්ම සංස්‌කෘතික අනන්‍යතාව ද අතිශයින්ම සංකීර්ණ යුගයක්‌ පසුකරන ප්‍රජාවකට වැදගත් විය හැකි කතාවකි 'අලුත් ලෙච්චමී'. ජනතාවාදය යටතේ ඉතාමත්ම සරල ස්‌ථානයකට ඌණනය කළ මේ අනන්‍යතා කතුවරයා වෙනත් ප්‍රවේශයකින් ප්‍රතිනිර්මාණය කරන්නේ සමකාලීනත්වය නමැති සාධකය ඉහළින්ම තබා ගනිමිනි. අවසානයේ දී ලෙච්චමීගේ ඉරණම උපතේ සිට විකාශය වූ දරදඬු ඉරණමක්‌ බව හෙළිදරව් වන අතර ප්‍රභූ හා නිර්ප්‍රභූ ලෙස ජාතීන් දෙක අතර පවතින ගැටුම නිරූපණය වේ. එසේම මිනිසා විවිධ තත්ත්ව, භූමිකාවලට ආරෝපණය වීම සහ ඒවා තුළදී ඔහු හෝ ඇය ලබන අනන්‍යතා පිළිබඳ සාකච්ඡාවකට මේ කතාවෙන් පදනම වැටේ. මෙබඳු ප්‍රවේශ සහිත කෙටිකතා සිංහලයේ විරලය. ජස්‌ටින් පියරත්නගේ 'නූතන ගුඅර්නිකා' කෙටිකතා සංග්‍රහයේ එන 'ගැබ්ජියේ වැඩ කළ දෙමළ තරුණයා' පිළිබඳ කතාව අමරකීර්තිගේ කතාව සමඟ සමාන්තර තේමාවක්‌ ගන්නා ආකාරය නිරීක්‌ෂණය කළ හැකිය.



සුවඳ දුම් දැල

ලංකාවේ දේශපාලන නායකත්ව පොරය තුළ වර්තමානයේ වැඩෙන අර්බුදය පැරණි ප්‍රභූ - නිර්ප්‍රභූ අර්බුදයට පිටින් පවතින සුවිශේෂ අර්බුදයක්‌ ලෙස මේ කතාව තුළ සාකච්ඡාවට ලක්‌වේ. එහෙත්, ඒ සඳහා භාවිත කෙරෙන සංකේත ඇතැම් විට චරිත හා සිදුවීම් තීව්‍ර කරන්නේ ද, නැතහොත් ව්‍යාජ ඉන්ද්‍රජාලික සංකේතයක්‌ සේ මතුවන්නේ ද යන සැකය මට ඇතිවේ. නිදසුනක්‌ සේ විජිතගේ වෛරය සංකේතවත් කිරීමට යෙදූ 'නයා'ගේ සංකේතය නොතිබුණ ද මෙම කතාවේ විකාශයට හානියක්‌ නොවේ යෑයි යන මතය මම දරමි. අමරකීර්තිගේ කතා කලාවේ මුල සිටම පවතින එක්‌ අර්බුදයක්‌ ලෙස මෙම අධි ආරෝපිත සංකේත භාවිතය දැකිය හැකිය. අවශ්‍ය පමණට කතාව හැසිරවිය හැකි අවස්‌ථාවල පවා අනවශ්‍ය සංකේතවලට ඔහු ප්‍රියකරන විට මට සිහිපත් වන්නේ සයිමන් නවගත්තේගම ගේ ඇතැම් කතාය. මේ කතාවේ පවතින තේමාත්මක අගය හා සෞන්දර්යාත්මක අගය අතර පවතින පරස්‌පරය සාහිත්‍යමය කෘතියක්‌ ලෙස කතාව පහතට ඇද දමයි. ගල්බනිස්‌ සහ නෙක්‌ටෝ ආත්මීය ලෙස කතාවට ගැලපුනත් නයා නැතිව කතාව ගොඩනැඟීමට විශාල අවකාශයක්‌ තිබුණි.

කුඩා කල ලැබූ අපහාස, පරිහාස වැඩිහිටි වියේ දී මතුවීම ස්‌වභාවිකය. බරපතළ කාරණා පැවසීමට සංයමශීලීව වනිතාර්ථ මතුකළ හැකි සංකේත නිර්මාණය කිරීම සතුටකි. පහත වාක්‍ය කීපය එයට කදිම උදාහරණයකි.

'විජිත බණ්‌ඩාර බේකරියෙ නතර වුණා. ජිනදාස මාමා ගල්බනිස්‌ ඕනෑ තරම් කන්න දුන්නා. නෙක්‌ටෝත් දුන්නා. - අර මිහිරි සීනු නාදය 104

මනෝ විද්‍යාව, මනෝ විශ්ලේෂණය ටොන් ගණනින් වපුරන - එහෙත් එයින් සාහිත්‍යයට දැනෙන හරවත් කිසිවක්‌ නොවන මෙවන් යුගයක මේ කතාව දීර්ඝ වශයෙන් විවරණය කිරීමට මනෝ විද්‍යාව ගෙනඒමේ හැකියාව පවතී. එහෙත් ඒ මෝස්‌තරයක්‌ ලෙස නොව කතා නිර්මාණය තුළ මනෝ විද්‍යාව යොදාගත හැකි සේ නිර්මාණය කර ඇති පඨිතමය ශක්‌තිය නිසාය.


රතුවන් රත්නවල්ලි

පුරාණෝක්‌තියක්‌ පරිශීලනය කරමින් තීව්‍ර සාහිත්‍ය කෘතියක්‌ විය හැකි තරමේ නවීනෝක්‌තියක්‌ නිර්මාණය කිරීමට අමරකීර්ති දක්‌වන හැකියාව මෙම කතාවේ දී කැපී පෙනේ. පුරාණෝක්‌ති බහුභූත ලෙස භාවිත කරමින්, එය ව්‍යාජ මෝස්‌තරයක්‌ බවට පත්කරවන සාහිත්‍ය ප්‍රජාවක්‌ වෙසෙන සමාජයක මෙය අගය කළ යුතු තත්ත්වයකි. මේ කතාවේ දී ද අපට හමුවන්නේ 'නොනිදන අවධිය' කතාවේ එන ආචාර්ය ප්‍රජාවේම තවත් එක්‌ සාමාජිකයෙකි. එහෙත් කතාව තීව්‍ර වන්නේ 'අලුත් ලෙච්චමී' මෙන්ම මේ කතාවද ස්‌ත්‍රී දෘෂ්ඨියෙන් ප්‍රකාශ කළ නිසාය. ඒත් මේ කතාවේ හරය බුද්ධිමය පරපුරක්‌ ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින මේ පිරිස කොයිතරම් අනුකම්පාවට ලක්‌විය යුතු අධම ගනයේ සමාජ සංස්‌කෘතික භාවිතයක්‌ සහිත මුග්ධ ප්‍රබෝධකයන් පිරිසක්‌ ද යන්නයි. මේ මුග්ධ ප්‍රබෝධකයන්ගේ උපවිඥනය තුළ එකකුත්, උඩු සිතේ තවත් දෙයකුත් ක්‍රියාත්මක වේ. මේ කතාව නිම වන්නේ එම යටි සිත උඩු සිතට පිවිසීමෙන් වන මාධ්‍ය විකාරයකිනි.

මෙහි එන චරිත සියල්ල අනුකම්පාවට ලක්‌විය යුතු හා අනුකම්පාවට ලක්‌විය හැකි ආකාරයෙන් නිරූපණය කර තිබීම සුවිශේෂ තත්ත්වයකි. විශේෂ චරිතයක්‌ ලෙස මාතලේ කච්ෙච්රියේ වැඩ කරන සුගත් සැලකිය හැකිය. ඔහු දක්‌ෂකම් ඇති, එහෙත් නිසි තැනට ඒමට නොහැකි වූ රටපුරා විසිරී සිටින විවිධ චරිතවල ගුණාංග මැනවින් සංකලනය කිරීමෙන් උපන් චරිතයකි. කතාව කියන්නිය ඔහු සමඟ ගොඩනඟා ගන්නා දුරකථන ඇසුර ෙ€දවාචකයක්‌ බවට පත්වූ ජීවිතවල ජීවන ලාලසාව ගැන ගැඹුරින් යමක්‌ පවසයි.

'එලූ පැදුර' මෙරට සරසවි ඇදුරන් එක්‌ව මාධ්‍ය මඟින් ගෙන යන මහ විගඩම් පිළිබඳ හොඳ සංකේතයකි. ශාස්‌ත්‍රීය යන පදයට අයත් නොවන ජනප්‍රිය ව්‍යාජ මලු ගණනින් පවසන ඔවුහු ඒවා ගැනම පී.එච්.ඩී. ලියා ආචාර්ය උපාධිද ලබති. දැනුම ගවේෂණය වෙනුවට විහිර් ගවේෂණය කරති. සද්ධර්මරත්නාවලිය, ජාතක පොත පෙරළා හුදු තොරතුරු පමණක්‌ එක්‌රැස්‌ කරති. පහත කොටස උපහාසය හෝ පරිහානිය වෙනුවට මෙරට විද්වතුන්ගේ සහ ඔවුන් ගෙන යන ව්‍යාජ විද්වත් ජීවිතයේ ෙ€දවාචකය හෙළිකරයි. අමරකීර්ති එය කියනාකාරයට මා තුළ හටගන්නේ පහන් සංවේගයකි.

'ඒකෙන් පස්‌සේ තමයි මානෙල් හිතන්න පටන් ගත්තේ ඇත්තටම රත්නෙ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ විවාහෙන් පස්‌සෙනෙ නේද කියලා. ඊට කලින් ලියලා තිබුණේ කවුරුවත් දන්නෙ නැති නිසÄස්‌ පොතක්‌ එයාලගේ තාත්තාම අච්චු ගහලා දීලා තිබුණේ - රස්‌සාවේ ස්‌ථරිර වෙන්ඩ සම්මුඛ පරීක්‌ෂණයට ගෙනියන්ඩ. බැඳිලා අවුරුදු තුන යනකොට තමයි එයාගේ පොතක්‌ කොළඹ ප්‍රකාශකයෙක්‌ භාරගත්තෙ. - අර මිහිරි සීනු නාදය 117 පිටුව

මේ කෙටිකතා සංග්‍රය ගැන ලිවීමට තවත් බොහෝ දේ ඇතත් දැනටමත් ලිපිය විශාල වශයෙන් දික්‌ වී ඇති නිසා මෙයින් නවතිමි. අමරකීර්තිගේ භාෂාව ගැන විශේෂයෙන් ඉදිරියේ දී ලිවීමට අදහස්‌ කරමි.



සමාලෝචනය

අමරකීර්ති මේ කතා සංග්‍රහයේ ගත් සියලුම උත්සාහයන් පශ්චාත් - යටත්විජිතවාදී ව්‍යාපෘතිය තුළ මෙරට මුහුණ දෙන අර්බුදයේ විවිධ ස්‌වරූප ඉස්‌මතු කිරීමට ගත් ප්‍රයත්න දැකිය හැකිය. Post Colonial Poetry in English hk fmd; wrUñka Rajeev S.patke, Alpert Wendt ගෙන් උපුටා ගන්නා පහත කොටස අමරකීර්තිගේ උත්සාහය හඳුනා ගැනීමට කදිම න්‍යායික ප්‍රවේශයක්‌ යෑයි සිතමින් මම නවතිමි.

‘For me, the post in post - colonial does not just mean after, it also means around,
through, our of, alongside, and against'

අවසානයි


READ MORE - විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය

සමනළියක් තනිවෙලා.....

Saturday, June 16, 2012

‘භාග්‍යා’ ජූනි කලාපය නිකුත් වේ!


නැවුම් සඟරාමය ආස්වාදයක් පාඨකයාට ලබා දෙනු පිණිස පළවන ‘භාග්‍යා’ මාසික සඟරාවේ අලුත්ම කලාපය දැන් නිකුත් වී ඇත. දක්ෂ ලේඛක ලේඛිකාවන් වන තරංගා දිසානායක (ප්‍රාර්ථනා සිහිනේ), ඇන්ටන් ප්‍රසාද් සමරනායක (කළු නැට්ටුක්කාරි), ජෝජ් රොබ්සන් ද සිල්වා (සමනළියක් තනිවෙලා), සංජීවනී අටුළුගම (සඳක් සේ පායා) ලියන රසබර නවකතා ‘භාග්‍යා’ සඟරාවට ඇතුළත් වෙයි.


READ MORE - සමනළියක් තනිවෙලා.....

‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී


‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී

මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් සිංහල නාට්‍ය ඉතිහාසය (1867 සිට 1911 දක්වා) අළලා ලියන ලද ‘සිංහල නාට්‍යයේ විකාශනය’ නම් වූ ග්‍රන්ථයේ තෙවැනි මුද්‍රණය පසුගියදා එළිදුටුවේය. මහාචාර්ය කාරියවසම් සිංහල නාට්‍ය ඉතිහාසය අළලා මෙහි ඉතිරි කොටස් දෙක ද මීට ඉහත ලියා ඇත. ‘විසි වසරක නාට්‍ය හා රංග කලාව‘ (1911 – 1931), ‘විසිපස් වසරක නාට්‍ය හා රංග කලාව‘ (1932 – 1956) එම කෘති දෙකය. මේ සියලු ග්‍රන්ථ මරදානේ එස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන වන්නේය.
READ MORE - ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී

තිසර තන නැත අද

Thursday, April 21, 2011









මාගේ හංසධේනුව
ශක්‌තික සත්කුමාර


කැලණි විහාරය දෙසින්

සැඳෑ අඳුර ගාටන විට සරසවියට

ගල් බංකුවේ වාඩි කරවාගෙන නුඹ

කාටත් නොපෙනෙන්න කෙනිත්තු

තිසර තන නැත අද



දුකක්‌ දැනී මා කඳුළු සලන විට

පෙම්බස්‌ දොඩා නිරතුරු

මවක ලෙස මා ළයේ හොවා

දාහක්‌ ගින්දර නිවූ

පිනැති උස්‌ ළය නැත අද



අපේ මංගල රාත්‍රියේදී

රමණ සුවයෙන් ඔකඳව

තුරුලට ගත් විට නුඹව

ඉගිළෙන්න තැත් දැරූ

හංස ජෝඩුව නැත අද



කිරි ඉල්ලා පුතු හඬන විට

දිවියම පසෙක දා දුවවිත්

උකුළේ හොවාගෙන පුතුව

බඩගිනි නිවා ඔහු සැනසූ

කිරි දුන් පියයුරු නැත අද



රෝහලට යන විට

මහත් වේදනාවක්‌ නුඹට දී

මස්‌ වැදලි දෙකක්‌ ලෙස වෙන් ව ගිය

ඒ පිළිකා පියයුරු නැතත්

සදා කල් නුඹ මගේ හංස
ධේනුව




ශක්‌තික සත්කුමාර නව සාහිත්‍ය නිර්මාණ පරපුර නියෝජනය කරන අංකුර නිර්මාණකරුවෙකි. කවියකු, කෙටිකතාකරුවකු ලෙස මෙන්ම විචාරකයකු ලෙසද ඔහු සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ සරනු දක්‌නට හැකිය. වෙඩි වැදුණ පන්හිඳ, අඳුර යන කාව්‍ය සංග්‍රහ හා කළු මකරා නමින් පළකරන ලද කෙටිකතා සංග්‍රහය තුළින්, නිර්මාණකරණයේ ඔහු සතු හැකියාවන් හඳුනාගැනීමට අවස්‌ථාව ලැබේ. ශක්‌තික සත්කුමාර විසින්, බෞද්ධ කෘති කිහිපයක්‌ද විචාර කෘතියක්‌ ද පළකොට තිබෙන බව, ඔහුගේ ග්‍රන්ථ නාමාවලියෙහි සඳහන් වේ. නිර්මාණකරණයේදී ඔහු විසින් දැනටමත් කාව්‍ය සංග්‍රහ දෙකක්‌ පළකොට තිබීමෙන්ද, නිරන්තරව ඔහුගේ කාව්‍ය නිර්මාණ පුවත්පත් කවි පිටු අතර දක්‌නට ලැබීමෙන්ද ඔහු තම ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය ලෙස කවිය තෝරාගෙන ඇතැයි අපට අනුමාන කරන්නට හැකිය. මෙවර කවි මිහිර සඳහා මා විසින් තෝරා ගන්නා ලද මාගේ හංස
ධේනුව නම් නිර්මාණය උපුටා ගන්නා ලද්දේ 2011 ජනවාරියේදී ඔහු විසින් නිර්මාණය කොට, සදීප ප්‍රකාශනයක්‌ ලෙස කාව්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ව ඇති අඳුර නම් කාව්‍ය එකතුවෙනි. හංසධේනුව නම් වූ නිර්මාණය ඔස්‌සේ කාන්තාවකගේ පියයුරු යුවළක්‌ පිළිබඳ සාමාන්‍යයෙන් පාඨකයනට කියවීමට නොලැබෙන අපූරු අත්දැකීමක්‌ කරා අප සිත් යොමු කරවීමට කවියා උත්සාහ ගෙන ඇති බව පෙනේ.

කාන්තාවකගේ ළැම, පියයුරු, දෙතන පිළිබඳ රචනාකරන ලද බොහෝ නිර්මාණ අපට හමුවේ. කවි සමයේදී බොහෝ අවස්‌ථාවල කාන්තාවකගේ පියයුරු හංසයන්ට උපමා කිරීම සිදුවී ඇති බව සංදේශ කාව්‍ය විමසන කල පෙනේ. සිරිරහල් හිමියන්ට අනුව, කාන්තාවක්‌ සතුවන්නේ තිසර තනයි. (නිසි පුළුලුකුල රියසක වැනි තිසර තන... යනුවෙන් සැලළිහිණි සංදේශයේදී කියෑවේ.) ජනකවියාද ස්‌ත්‍රියකගේ පියයුරු පිළිබඳ අභිරුචියකින් වර්ණනා කළ බවට බොහෝ නිදසුන් හමුවේ. එක්‌ නෙළුම් කවියකදී කවියා කාන්තා පියයුරු දකින්නේ ඝනරන් කුඹුදෙකක්‌ ලෙසයි. "නුහුරු ලියේ නුඹෙ ඝනරන් කුඹුදෙක - ළමැද පුරා නටතෙයි තාලා.... යනුවෙනි. තවත් නෙළුම් කවියකදී, ජනකවියා කාන්තා පියයුරු තිසර උපමාව හා සම්බන්ධ කොටගනී. "කැකුළු තිසරු ඔසරියෙන් වසාගෙන, රුකුළු වළලු දැතේ නද දීගෙන" යනුවෙන් ජනකවියා සෘජුවම පියයුරු තිසරුන්ට උපමා කරයි. සංදේශ කවීන්, ජනකවීන් මෙන්ම චිරන්තන සම්භාව්‍ය කවීන්ද කාන්තා පියයුරු වර්ණනා කොට ඇති අන්දම පිළිබඳ කව්සිළුමිණෙහි සැඳෑ නිසා වැණුම් සමඟ ප්‍රිය ප්‍රියාවන්ගේ මධුපාන උත්සවය පැවැති අයුරු නිරූපිත හයවන සර්ගයේ ඇතැම් කවියක්‌ සාක්‌ෂි දරයි. "කෙනකන ගී නඟමිනි පෙද නඟමිනි නැමෙත් - පියවුරු ළඟාය වුවන් සමඟාය තෙපියුම් වන්..." සමහර කතුන් ගීත ගායනා කරමින්, පන්දු ගසමින් නැමෙනවිට ඔවුන්ගේ පියයුරු යුවළට ළං වූ මුහුණද සමඟ පියුම් තුනක්‌ මෙන් දිස්‌විණැයි කව්සිළුමිණි කවියා පවසයි. එහෙත් ශක්‌තික සත්කුමාර කවියාට මේ පියයුරු පෙනෙන්නේ කෙසේද?

මගේ හංස
ධේනුවකවියාගේ පෙම්වතියයි. බිරිඳයි. ඔහුගේ දරුවන්ට කිරි පෙවූ මවයි. මේ හංස ධේනුවට අද සිදුවී ඇත්තේ කුමක්‌ද? කවියාට ඈ හංසෙධේනුවක්‌ සේ පෙනෙන්නේ ඈ තම ළමැදෙහි හංසයින් දරාසිටි බැවින් බව පාඨක අපට වැටහේ. කවියා ඉතා අපූරුවට තම අත්දැකීම අවස්‌ථා කිහිපයකින් නිරූපණය කිරීමට ගත් උත්සාහය සැබැවින්ම, ප්‍රස්‌තුත විෂය සමඟ මනාව බද්ධ වේ. පෙම්වතිය සමයේ දී ඔහුට ඇගේ පියයුරු තිසර තනය. සරසවි පෙම්වතියක්‌ව සිටි අවධියේදී කවියා ඇගේ ළමැද කොනිත්තන්නේ රහසිනි. කැලණි විහාරය දෙසින් සරසවියට අඳුර ගාටන විට යයි ඔහු පවසයි. එම තිසර තනම ඔහු දුකට පත්වූ මොහොතක, එහුගේ හිස රඳවා දුක්‌ ගින්දර නිවයි. කවියා එහිදී ඇගේ තිසර තන දකින්නේ පිනැති උස්‌ ළය ලෙසයි. ඔවුන්ගේ ප්‍රේමයේ කූටප්‍රාප්ත අවස්‌ථාව වන විවාහ රාත්‍රියේදී ඔහු විසින් ඈ තුරුලට ගත් කල, හංසයින් බඳු දෙපියයුරු ඉගිලෙන්න තැත් දැරූ බව පවයි. පෙම්වතිය මවක්‌ වූ පසු, කිරිඉල්ලා හඬන පුතුගේ පවස නිවන්නට, ඔහු උකුළේ හොවා ගෙන ඈ කිරි දී ඇත්තේ කිරි පිරි පියයුරිනි. එහෙත් අද ඈ සතු වූ මේ දෙපියයුරම ඇයට අහිමි වී තිබේ. එහෙත් පියයුරු නොවූ පමණින්, තම ප්‍රේම පුරාවෘත්තාන්තයේ කතා නායිකාව වූ ඇය වෙත ඔහු තුලා වූ ආදරය ඔහු වෙතින් පළා ගොසින්ද? ආදරය බැඳී රදා පවත්නේ මසැසට හසුවන සිරුරක කිසියම් වූ අංගයක්‌ සමඟද නැත්නම් මසැසට මෙන්ම මනසටද හසුවන උත්තරීතර ආදර සංකේතයක්‌ සමඟද යන්නට කවියා අපූරු පිළිතුරක්‌ දෙයි.

"රෝහලට යන විට

මහත් වේදනාවක්‌ නුඹට දී

මස්‌ වැදලි දෙකක්‌ ලෙස වෙන්ව ගිය

ඒ පිළිකා පියයුරු නැතත්

සදා කල් නුඹ මගේ හංස
ධේනුව..."

පෙම්වතුන් ලෙස ජීවිතය ගෙවූ අවධියේදී හොරෙන් රහසින් පහස සොයන්නට උත්සාහ ගත් ළමැදම, දුක්‌ තැවුල් නිවන්නට, මුහුණ හොවා ගන්නට ඉඩ සැලසූ ළමැදම, ප්‍රථම රාත්‍රියේදී තුරුලට ගෙන සිප සනහන්නට සිතූ කල, ඉගිලෙන්නට තැත් කළ හංස යුවළම, පසු කලෙක තම පුතුගේ පවස නිවන්නට, උත්තරීතර මාතෘත්වයෙන් කිරි දුන් දෙපියයුරුම, ඔහුට දැන් අහිමි විය. එපමණකින්, ඔහුගේ ආදරය නිමාවට පත්වීද? සුබා තෙරණියගේ දැසට ලොබ බැඳි පුරුෂයාට ඈ තම දැස උදුරා දුන් පසු ඔහුට ඒ දැසෙහි වටිනාකමක්‌ වීද? ගැහැනියකගේ ළමැදට පියයුරු ආභරණයක්‌ සේ ආලෝකයක්‌ ගෙන දුන්නද, පුරුෂ ආකර්ෂණයට ලක්‌වුවද පියයුරු පමණක්‌ වෙන්කොට ගත් කල එහි කිනම් සුන්දරත්වයක්‌ අගයක්‌ වේද? රෝගී තත්ත්වයට පත්වී දෙපියයුරු ඉවත්කරන ලද්දේ මුත් කවියාගේ ආදරය ඉන් අවසාන නොවන බව පැවසීමෙන්, ඔවුනගේ ආදරයේ සැබෑ උත්තරීතර ගති සොබාව මතුවී පෙනේ. පෙම්වතියක ,බිරිඳක, මවක ලෙස ඔහු ඈ වෙත බැඳ සිටියේ, ඈ සතු වූ පියයුරු යුවළ නිසා පමණක්‌ විය නොහැකිය. ඈ ඔහුගේ ජීවිතයේ පංගුකාරියයි. කොටස්‌කාරියයි. ඔහු පුතුගේ මවයි. පියයුරු යුවළ ඈ සතු එක්‌ බාහිර කායික වස්‌තුවක්‌ පමණි. එහෙත් ඊට යටින් ඇති ඇගේ හදවත දෙපියයුරු සමඟ ඉවත් වී ගොස්‌ නොමැත. හදවත මසැසට හසු නොවනාමුත් මනසට හසුවේ. සැබෑ ආදරය එයයි. ඔහුට ඈ තවමත් පෙර පුරුදු හංස ධේනුවමයි. සාම්ප්‍රදායික කාව්‍ය නිර්මාණ අතර බොහෝ කල හමුවන වස්‌තුවක්‌ මුඛ්‍ය කොට ගෙන ජීවිතයේ අනිත්‍ය ස්‌වභාවය මෙන්ම ආදරයේ උත්තරීතර බවද නිර්මාණය කිරීමට ශක්‌තික සත්කුමාර කවියා විසින් ගන්නා ලද සාර්ථක උත්සාහයක්‌ ලෙස මෙම නිර්මාණය දකිමි.

බුද්ධදාස ගලප්පත්ති


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - තිසර තන නැත අද

"තුන් වැනි සීනුවට පෙර"

"හයිකු" කවියට නෑකම් කියන
"තුන් වැනි සීනුවට පෙර"


ශ්‍රී ලාංකික සාහිත්‍ය භූමිකාවේ ගජමන් නෝනාගේ සුලකුණ අතික්‍රමණය කිරීමට තබා ඊට සමීපවීමටවත් ශක්‍යතා සහිත කිවිවරියක නොපහළවීම ජාතියේ අභාග්‍යයක්‌ බව කිවමනා ය. පවත්නා වූ ආර්ථික හා දේශපාලන හේඩාවෙන් ඔත්පල වූ සමාජයක සාහිත්‍යයේ පවතින යථා රූපීත්වයෙන් පවත්නා සමාජයට කළ හැකි මෙහෙය යම් ප්‍රමාණයකින් වටහාගෙන තිබුණේ මොනිකා රුවන්පතිරණ පමණි. කැපවීම සත්‍යාභ්‍යාසය බඳු ගුණාංග වර්ධනය කරගන්නේ නම් එබඳු පින් ඇත්තියකගේ කෘතියක්‌ රස විඳීමට මෑතදී මා වෙත භාග්‍යයක්‌ උදා විය. ඒ "තුන්වෙනි සීනුවට පෙර" නම් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය මෑතදී අප වෙත තිළිණ කළ උපුලා රත්නායක නම් ප්‍රතිභාවන්තියයි.

ඇගේ කාව්‍යය නිර්මාණ චාරිකාවේ වඩා නිර්මාණශීලිත්වයෙන් දීප්ත අංශයවනුයේ "හයිකු" කාව්‍යය සම්ප්‍රදාය බව පෙනේ. නූතන පුවත් පත් කවි පිටු අතර ඇගේ නම දක්‌නට නොලැබුණ ද ඇය සිංහල හයිකු කවියේ එකම කිවිඳිය ලෙස නම් කරන්නට මේ කවි පොතෙහි කවි ප්‍රමාණවත් වෙයි. ශුභාරංචිය, රසඥතාව, දඩබිමේ දී, විකෘති, කටුස්‌සා, දැක්‌ම, විග්‍රහය, බෙරය, බැමි, රැල්ල, කැස්‌බෑවා සහ කිකිළිය, බඳු නිර්මාණ විමසීමේ දී ඈ සතු හයිකු නිර්මාණ කුසලතාවය මොනවට පැහැදිළි වෙයි,

දඩබිමේ දී

නොවන්නට දඩයමක්‌

වන්න දඩයක්‌කරුවෙක්‌

ජපන් කාව්‍යය සම්ප්‍රදායෙහි මේ හැඩය එක්‌ කාෙව්‍යාaත්තියක හැඩයක්‌ පමණක්‌ අරා සංක්‍ෂිප්ත ගුණයෙන් පෝෂණය ව මහරුත් නංවන්නකි,

රසඥතාව

දිවි ඇති තුරාවට

වළඳෙ බැස සිටියද

කිසිදු රසයක්‌

නොහඳුනයි

හැන්ද

උදුලා කිවිඳිය ගේ ඉහත නිර්මාණ දෙක ඇය මේ කාව්‍යය ඇඳුමෙහි සන්නාලි ගුණයෙහි කෙතරම් නිපුණ ද යන්න පසක්‌ කරවන්නකි.

ඇගේ බොහෝ නිර්මාණ කවි ලකුණුවලට ද වඩා ගීත ලකුණු කෙරෙහි නෑ කමක්‌ දක්‌වයි. නාට්‍ය හා රංග කලාව විෂයයෙහි ප්‍රායෝගික ක්‍රියා කාරිත්වයෙහි ලද ආභාසය මීට බලපාන්නට ඇතැයි සිතිය හැකිය. තමා විසින් පාසල් පන්ති කාමර තුළ ද එකී ක්‍ෂේත්‍රයේ විවිධ තරගවලට ද ඉදිරිපත් කළ නාට්‍යයන්හි ගීත ද මේ කාව්‍යය සංග්‍රමය තුළ අන්තර් ගතවේ.



සොරා ගෙන සුව නින්ද සැනසුම

නිරා දුක්‌ ගෙන දුන් දිනේ

මරා දැම්මේ මසිත් පව්වෙන්

හෙළා සොරෙකුට බැඳි සෙනේ



එසේම "කදීර්" යනුවෙන් නම් කර ඇති පහත සඳහන් කාව්‍යය කොටස ඇතුළත් නිර්මාණය ද ඇගේ නිර්මාණ ප්‍රභාව මනාව ස්‌ථුව කරවන්නකි



සොළොස්‌ කලාවෙන් සපිරුණු

පුන් සඳවන් පුතුනේ

සහස්‌වරක්‌ යෑයි උපදිනු

සිරිලක්‌ රන් දෙරණේ



මෑත ඉතිහාසය තුළ අනභිභවනීය සැබෑ දේශමාමකයකු ලෙස දේශප්‍රේමි ජනතාවගේ සිත් සතන් තුළ පැළපදියම් විය යුතු ලක්‍ෂමන් කදිරගාමර් නම් සැබෑ ශ්‍රී ලාංකික පුත්‍රයා පිළිබඳ ඇගේ සිත කම්පා වන ආකාරය ඉන් විෂද වේ.

එසේම විශාරද ගුණදාස කපුගේ නම් සොඳුරු ගාන්ධාර්වවේදියා පිළිබඳ ලියෑවුණු "කොවුලාණෙනි" අප සැමගේ අවධානයට යොමු විය යුතු නිර්මාණයකි.

මෙසේ සිය ප්‍රථම නිර්මාණ සංග්‍රහයෙන් ම නවකයකුට ඔබ්බෙන් අනාගතය පිළිබඳ මහත් බලාපොරොත්තු අප හද තුළ නංවන ඇය මේ නිර්මාණ සමුච්චය තුළ දී ලීනා අයිරින් සපුතන්ත්‍රී කිවිඳිය සිය අකල් වියෝවෙන් විරාමය තැබූ නිර්ධන පාංතික දේශපාලන සීනු නාදය ද මෙහි සෑම පද්‍යය පන්තියක්‌ ඇසුරෙහි රැව් පිළිරැව් දීම ද ඇගේ සුවිශේෂී අනන්‍යතාවක්‌ වග මෙහි ලා සනිටුහන් කරනු කැමැත්තෙමි.

රණතුංග මල්ලවආරච්චි


© Copy Rights - Divayina "Watamadala"


READ MORE - "තුන් වැනි සීනුවට පෙර"

මිනිසුන්ට පමණයි

ඔමර් ඛයියාම්ගේ - රුබායියාට්‌ කවි පොත ඇසුරින්


ඉංග්‍රීසි පරිවර්තනය- එඩ්වරිඩ් පිට්‌ස්‌ජෙරල්ඩ්ගේ
සිංහල පරිවර්තනය- ජී. බී. සේනානායක / විනී විතාරණ

ඛයියාම්ගේ ජීවන දර්ශනය

ජීවිතය එකත් පසකින් කුරුටු ගානා විට මිනිසාට තවත් පසකින් තර්කය සහ ඥනය ඒකාබද්ධ වන බව ලියොටාඩ්ගේ තර්කය විය. එකී ජීවිතයේ මිනිසා විසින් අවශෝෂණය කරගනු ලබන තම රුචි අරුචිකම් මත පරිකල්පනය තුළින් නිර්මාණය වන බව රහසක්‌ නොවේ. ඛයියාම්ගේ (ඔමර් ඛයියාම්ගේ) රුබායියාට්‌ කවි පොතද එසේම ය. එනම් ඔහු වටා පරිකල්පනය වූ සමාජ වස්‌තූන්ද, සිතිවිලි ද ඔහුගේ පන්හිඳෙන් ප්‍රතීයමාන විය. එනම් ගී පොත, මීවිත, රෝසමල් සහ ස්‌ත්‍රිය යි. ඛයියාම්ගේ රුබයියාටය වැදගත් වන්නේ ඕනෑම සමාජ ස්‌ථරයක ජීවත් වන ඕනෑම කෙනෙක්‌ට කියවා රස විඳිය හැකි සමාජය අනාවරණය (discovery/finding) ඒ තුළින් ගම්‍ය වන බැවිනි. සරලව කියන්නේ නම් "කාලක්‌ ගහන මිනිසුන්ටද කාලක්‌ නොගහන මිනිසුන්ටද" ඛයියාම් සමීප විය.

ඛයියාම්ගේ ජීවිත දර්ශනයේ මූලාංකුර වැපිරෙන්නේ තර්කය, ඥනය ප්‍රතිබද්ධ පරිසරයක නොව ඒ වටා ගෙතී ඇමුණුන පුද්ගල යථාර්ථයෙන් බව බොහෝ විචාරකයන්ගේ ප්‍රධාන තර්කයක්‌ විය. එනම් විඥනවාදී තර්කනයෙන් බැහැර වූ පරිකල්පීය ජීවිතය යි. එය ආගණනය (computation) වූ කතාන්දරයකි. (story) හුදෙක්‌ එය සුඛපරමවාදී යෑයි අපට තර්ක කළ නොහැක. ඔහුගේ ගී පොත ඒ අතරින් සමාජමය පරිකල්පනය විවර කරවාලයි. ඔහු මරණය දකිනුයේ වැළඳ ගත යුතු සදාතනික මිහිරියාව ලෙස වුවද ඒ සඳහා කැප කළ යුතු සුඛපරමවාදී බවක්‌ නොමැති වූ විලසයි. ඔහු තම ගී පොත තුළින් මතුපිටින් තවරනුයේ මෙකී යථාර්ථයයි.

ගසක සෙවණෙහි පූපයක්‌ ගෙන

සුරා බඳුනක්‌ හා කවි පොතක්‌ ගෙන

ළංව හිඳී මට

ඔබ වනයෙහි,

ගී ගයන කල්හි,

වනය දෙව් ලොවකි.

(සේනානායක, XI- P 28)

ඛයියාම් අමතනුයේ ඔහු වටා ඇති සමාජයටය. එය පූපයක්‌, සුරා බඳුනත්, කවි පොතක්‌ රැගෙන ආ ඔහු දුටු ඇය යි. ඛයියාම් කතා කරයි ඔහු නිහඬව විඳියි. ඉපදුණේ කැපවී මිථ්‍යාවටද... ඔහු අසයි. එනිසාම ඔහුගේ කවි පොතේ ඇති අලංකාරෝක්‌තිය (rhetoric) ගසක සෙවණක්‌ සේ වැතිරෙයි. මේ ඛයියාම්ගේ නිහඬ දැක්‌ම වේ. ඔහු මෙසේ ලියයි.

මෙන්න

මා නුවණ බිජුවට ගෙන

මිනිසුන් හා එක්‌වූ ගෙන

වපුරා ගෙන

කය වෙහෙසා

වසාගෙන

ලබාගත් අස්‌වැන්නක සැටි

දිය මෙන් අවුත් සුළඟ මෙන් යමි.

(සේනානායක, XXVIII- P 37)

ඛයියාම් ප්‍රකාශ කරන ජීවිත හරය ගී පොත තුළ අතීයමාන වෙයි. ඔහු තම දර්ශනයෙන් හුවා දක්‌වන්නේ ඥනය තර්කය අභියස දියාරු වී යන පුද්ගල අභිරුචීන්ය. එය නූතන මනෝ විද්‍යා පරිකල්පනය හා ප්‍රතිබද්ධ කරන විට ඉඩ් (Id) පිනවීම හා සුපර් ඊගෝ (Supper Ego) අතර ඇති අවිඥනික බලරෝධනය මවාපායි. ඛයියාම් දක්‌වන ජීවිත යථාර්ථය මෙයයි. එනම් "සුළඟ මෙන් අවුත් දිය මෙන් යාමේ" ක්‍රියාවලිය (Process) යි.

ඛයියාම් දක්‌වන ප්‍රධානම ආලිප්තය මීවිතයි. මිනිසකු උපත ලැබුවේ සුඛපරම ලෝකය තුළය. ඔහු උරුම කර ගන්නේ තමා රැගෙන ආ ජීවිතයද? නොඑසේ නම් තමාට හිමිවූ ජීවිතයද? ඛයියාම් විසන් තර්ක කරයි. චිත්තරූපය (mental image) සොලවයි. ඔහු මධුවිත අමුර්තය ලෙස දක්‌වන්නේ මෙනිසාය. එය හුදෙක්‌ "සුරා සොඬකු" ප්‍රතීයමාන නොකරයි. ඔහු විසින් මවාදෙන පරිදර්ශනය ඉතා වැදගත් වෙයි.

ජීවන උල්පත දැනගන්න

මැටි බඳුන වෙත ගිය මට

මගෙ තොල මත තොලට

ළං කළ විට ඒ මැටි බඳුන කී

"මැරී නොඑන නිසා යළි

දිවි තිබෙන තුරු බොන්න සුරා..."

(සේනානායකල xxxiv-p 40)

ඉහත පද්‍ය ආකෘතිය මඳක්‌ විමසන විට අපට ගම්‍ය වන ප්‍රධානම ඛයියාම්ගේ සුරාවිත තර්කනය ඉතා පැහැදිලිව ප්‍රතීයමාන වේ. එනම් ඛයියාම් ජීවිතයේ ආරම්භය දැන ගැනීමට සොයා යා යුතු එකම හරය සුඛ විහරණය බව ප්‍රකාශ කරයි. එය හුදෙක්‌ මැටි බඳුන්ක පමණක්‌ නොව ප්‍රාණ වායුවෙන් සැදුම්ලත් මිනිසා සමඟ ආත්මීයව ප්‍රතිබද්ධ වූ සුරා බ\qනක්‌ බව ඛයියාම් විසින් ප්‍රකාශ කරයි. "මැරී නොඑන නිසා යළි දිවි තිබෙන තුරු බොන්න සුරා..." යෑයි මැටි බඳුන ප්‍රකාශ කරන තර්කය ඛයියාම්ගේ ජීවිතය යි. පුද්ගලයා උපත ලැබුවේ මියයැමට නම් මියගිය පසු යළිත් මෙම ආත්මය ලබාගත හැකිද? ඉන් නැවත ලබාගත නොහැකි තෘප්තිකර ආශාවත්, සුරා බඳුන් මිනිසාට හිමි නොවේ. ඛයියාම් අසන්නේ කියන්නේ තාවකාලිකව හෝ ඔහුගේ සිතුවිලි අවරෝධනය කරදෙන බවය. එනිසා ඔහු පණ්‌ඩිතයන්ගෙන් අසයි. සුරාව නොබොන පණ්‌ඩිතයාද සුරාබී මියගිය පුද්ගලයා ද වළලනු ලබන්නේ එකම හිස්‌ පස්‌ බිමක බවයි.

ඛයියාම් කාලානුක්‍රමය (Chronology) මිට මොළවයි. මධු විතින් සොලවන ඔබේ බුද්ධිය සදාචාරය තුළ කැටි කරන්නේ රෝස මලිනි. ඔහු සුරා සොඬකු නොවන්නේ මෙනිසාය. ඔහු සුරාවෙන් මත් නොවීමටත් ලෝකය දැකිය යුතු බවත්, ඒ තුළින් විනිවිද දකින සෞන්දර්යත් ප්‍රතිබද්ධ කරයි. ඛයියාම්ගේ මීවිත තර්කය පූර්ණය වන්නේ රෝස මලිනි.

බලන්න

හිර නැඟුණ විට

එක දහසක්‌ මල් පිපී,

තව දහසක්‌ මල් වැටී

ගිය සැටි.

ගිම් කල මේ මුල් මසෙහි

රෝස මල් පිපෙන්ට වෙයි.

එහෙත් මේ මසෙහි ජම්සිද් සමග තයිකොබොද් මෙලොවින් පැහැර ගැනෙයි.

සේනානායක ( VIII-P-27)

ඛයියාම් මීවිත පුරවන්නන්ගේ පාර්ශ්වයට එක මොහොතක පැමිණෙයි. ඔහු ඔවුන්ගේ වීරයා වෙයි. දැන් ඔහු ඔවුන්ව සොලවයි. ඔවුන්ට කතා කරයි. මීවිත පුරවන්නන් ඔහුට ඇහුම්කන් දෙන්නේ ඔහු ඔවුන්ගේ යථාර්ථය දුටු නිසාය. දැන් ඔහු කියන මේ යථාර්ථයද භාග්‍යයක්‌ බව මීවිත පුරවන්නන්ට පැහැදිලි වෙයි. ඔහු තම පරිකල්පන මධ්‍ය යොදාගනු ලබන්නේ හුදෙක්‌ සියුමැලි වර්ණවත් රෝස පෙති අතරින් දිග හරින ජීවිතයේ ශෘංගාරාත්මක ඉසව්වකට නොව ඒ තුළින් ගම්‍ය කරනුයේ පුද්ගලයාත්, මරණයත්, තර්කයත් අතර ඒකාබද්ධ වූ සනාථන සත්‍යයි. "ගිම් කල මේ මුල් මසේ - රෝස මල් පිපෙන්නට වෙයි..." යෑයි ඔහු ප්‍රකාශ කරන්නේ මෙනිසාය. එය හුදෙක්‌ රෝස මලට පමණක්‌ සිදු කිරීමට හැකි වූ ඒකපාර්ශ්වීය ක්‍රියාවක්‌ නොව "බලන්න හිර නැඟෙන විට එක්‌ දහසක්‌ මල් පිපී..." යෑයි ඔහු තර්කනයට හසුකර පෙන්වන ජීවන දෘෂ්ටිය ඉතා වැදගත් වේ. ඔහු පෙන්වයි. ජම්ඩිද් ද තයිකොබාද් ද අද නැත. ඔහුගේ පදාර්ථය (matter) ද පරමාදර්ශය (ideal) දැන් අවදි වේ. මධුවිත පිරූ මධුවිත ලෝලීන් ඇස්‌ ඇර බලයි. මෙනිසාම ඛයියාම් සුරා සොඬුන් නිර්මාණය කළා නොව ඔවුන්ට කතා කළා පමණි.

ඛයියාම් මෙකී ජීවන දර්ශනය ප්‍රධාන හර පද්ධතීන් ගලපා දක්‌වන වැදගත් පද්‍ය ආකෘතියක්‌ ලෙස පහත පද්‍ය නිදසුන් දේ.

මා දොරකඩ පැමිණියද

යතුර සොයාගත නොහැකි විය

මා නිරයට පැමිණියද

එය පලා දක්‌නට නොහැකි විය

අප කතා කළාක්‌ මෙන් දැණුනි

කථාවක්‌ එහි නොවීය



ඉක්‌බිති අප දෙදෙන

තොපිත් මමත්

දෙදෙන නැතිවිය.

(සේනානායකල XXXII-P-39)

ඛයියාම්ගේ ජීවන හරය ප්‍රධාන සංකල්ප රූප තුළ හුවා දක්‌වමින් ඔහු ඉදිරිපත් කළ හරය ඉහත පද්‍ය පාඨයෙන් මනා ලෙස ප්‍රතීයමාන වෙයි. ඔහු දක්‌වන පරිදි පුද්ගලයාගේ ඉපදීමේ මුල සොයාගත නොහැකි විය. මරණය ඇති බව පෙන්වන නමුත් එය පළා යා නොහැක. එය නියතාර්ථය (precision) වේ. රෝස මල මීවිත, ස්‌ත්‍රිය මෙන්ම කවිපොත එක්‌ පාර්ශ්වයකින් සුඛවිවරණය ගෙන ඔහුට මිදී යා ගත හැකිදැයි සහෘදයාගේ ඥනය තර්කනයට ලක්‌ කරයි. නමුත් ඛයියාම් දක්‌වන්නේ සුඛපරමවාදී දෘෂ්ටියේම අතකොළුව ජීවිතය නොවන බවයි. කාලය විහඟෙකි. ජීවිතය මකුළු හුයකි. ගමන සුන්‍යතාව කරා ඇදී යන තවලමයි. ලෝ වැස්‌සන් පෙණ පිඬකි, තර්කය වඳ මැහැලියයි, දෛවය ජීවන ගමන ලියා ලූ ඇඟිල්ලකි. රෑ දහවල ටැම් ය. මේ ඔහුගේ පරිදර්ශනයයි. එනිසා ඔහුගේ මීවිත, රෝසමල්, ස්‌ත්‍රිය මෙන්ම කවි පොතද පණ්‌ඩිතයන්ද අමතයි. මෙනිසා ඔහුගේ දැක්‌ම හා පද්‍ය කුමන අංශය නියෝජනය කරන්නේ දැයි සහෘදයාට තර්කයක්‌ ලැබෙයි.

ද්‍රව්‍ය වාදයද? (materialist)

දෛවවාදයද? (fatalist)

ශුන්‍ය වාදයද? (nihilist)

අදේවවාදීද? (athiest)

සුඛ පරමවාදීද? (hedonist)

මේ නිසාම ඛයියාම්ගේ පද්‍ය ආකෘතිය කවිපොත, ස්‌ත්‍රිය, මීවිත, රෝසමල් ලෙස ලොව බැලීම අනුචිත වේ. ඒවා එකිනෙකට ස්‌වාධීනව කථිකාවට ලක්‌වේ. ආවේදක (affective) අක්‍රීය කරයි. විටක උපකල්පනය (assumption) මවයි. ඥනය වඳ මැහැලියක්‌ ලෙස දකින්නේ මෙනිසාය.

පෙන්ලෙවි වහරට සමීපව µsට්‌ස්‌ගෙරල්ඩ් මෙය පරිවර්තනය කරන්නේ දෛවවාදී මෙන්ම සුඛපරමවාදී ප්‍රපන්චයක්‌ ඛයියාම්ගේ සංකේත තුළ ඒකාබද්ධ වන බැවිණි. ජීවන දෘෂ්ටියට මෙන්ම සමාජ දෘෂ්ටියටද ඔහු කතා කරයි.



රූපක (metaphors)

දෘෂ්ථාන්ත (all egories)

සංස්‌පර්ශ (impact)



මෙනිසා ඉහත අංශ තුනම ඛයියාම්ගේ පද්‍ය තුළ ප්‍රතීයමාන වේ. ව්‍යාජ ආගමික දෘෂ්ඨාන්තයෙන් මිදී මාක්‌ සේ පරාරෝපණය මධුවිතින් පිරිමැද්දා යෑයි සහෘදයාට සිතෙන්නේ මෙනිසාය.

විනී විතාරණයන් සිය පරිවර්තනයේ තැනක මෙසේ සනිටුහන් කරයි.

"කම්කටොලින් බර සංකීර්ණ නිර්මාණයන් වන ලෞකික යථාර්ථය දෙස ඔමර් ඛයියාම් නෙත් යොමු කරයි. විටින් විට වෙනස්‌ වන මනෝභාව සමූහයක්‌ ඉන් ගම්‍ය වේ. වරක මෙය විසඳිය නොහැකි ගැටලුවක වෙලී සිටින්නන් ගැන ඔහු දුක්‌ වෙයි. වරක සිනාසෙයි. වරක, මොහොතක තැවෙයි. ඒත් ඒ සියල්ල සිසාරාම ඔහු විද්‍යමාන දෘෂ්ටිය වන්නේ අපරිමිත අනුකම්පාවයි..." (රුබෙයියාට්‌ - විනී විතාරණ පරිවර්තනය)

මෙනිසාවෙන් ඛයියාම්ගේ රුබෙයියාටය "කාලක්‌ ගහන මිනිසුන්ටත්, කාල නොගහන මිනිසුන්ටත්" නැවත තම සිතුවිලි ප්‍රති නිර්මාණය (recostruction) කරදෙයි. කවි ලියන මිනිසුන්ද, කවි නොලියන මිනිසුන්ද රුබෙයියාටය කියවන්නේ ඒ නිසාමය.


ආශ්‍රිත ග්‍රන්ථ

සේනානායක ජී.බී., රුඛයියාට්‌ පරිවර්තනය, (1993), එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන පාර, කොළඹ.

වෙනුර සනත් කුමාර
සමාජ විද්‍යා අධ්‍යයන අංශය,
රුහුණ සරසවිය


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - මිනිසුන්ට පමණයි

මහරජ ගැමුණු

Saturday, April 16, 2011

මහරජ ගැමුණු නවකතාව තුළ මා භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා
ආචාර්ය ගුණදාස අමරසේකර

ඓතිහාසික නවකතාව අපට හුරු පුරුදු සාහිත්‍යාංගයක්‌. ගිය සියවසේ සිව්වන සහ පස්‌වන දශක තුළ එය ඉතා ජනප්‍රිය සාහිත්‍යාංගයක්‌ව පැවැති බව අපි දන්නවා. ඩබ්ලිව්. ඒ සිල්වා මහතා අතින් විජයබා කොල්ලය, අවිචාර සමය ආදී වූ කෘති නිර්මාණය වූයේ මේ යුගයේදී. මාර්ටින් වික්‍රමසිංහ අතින් අතිශයින් ජනප්‍රිය වූ "රෝහිණී" නවකතාව ලියෑවුණේ මේ යුගයේදී. හේමපාල මුණිදාස අතිනුත් මේ අවධියේ ඓතිහාසික නවකතා ලියෑවුණු බවයි මගේ වැටහීම. මේ යුගයේදී මේ දශක දෙක තුළ මෙවැනි ඓතිහාසික නවකතා ලියෑවුණේ කුමන හේතුවක්‌ නිසාද යන්න අප විසින් සොයා බැලිය යුතුයි. එයට නියත හේතුවක්‌ තිබෙනවා. ඒ අවධියේදී තමයි නිදහසට පෙර පැවැති අපගේ ජාතික සටන කිසියම් උච්ච අවස්‌ථාවකට පත්ව තිබුණේ. අනගාරික ධර්මපාලතුමා විසින් ගිය සියවසේ මුල් දශකයේ ඒ ආරම්භ කළ ජාතික සටන තාවකාලිකව යටපත් වී ගොස්‌ යළි මතු වුණේ මේ සිව්වන හා පස්‌වන දශකයේදීයි. එසේ මතුවුණු ජාතික සටනේ ප්‍රතිඵලයක්‌ වශයෙනුයි 56 දේශපාලන විපල්වය සිදුවුණේ. ඒ ජාතික සටනේදී ජනතාවගේ ජාතික විඥනය පුබුදු කිරීමට ඉහතින් සඳහන් කළ නවකතාකරුවන් විශාල සේවයක්‌ කළ බව අප විසින් පිළිගත යුතුයි.

ජයන්ත චන්ද්‍රසිරි

මේ නයින් බලනවිට ඒ ජාතික සටනේ තෙවන අවස්‌ථාව සනිටුහන් කරන වත්මන තුළ ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" යන මේ නවකතාව බිහිවීම අපට අවබෝධ කරගත හැකියි. ඒ අතින් බැලුවම මේ නවකතාව යුගයේ ඉල්ලීම උඩ බිහිවූ නිර්මාණයක්‌ ලෙස සලකන්නට පුළුවන්.

මේ නවකතාව ගැන කතා කිරීමට පළමු නවකතාවත්, ඉතිහාසයත් ඒ දෙක අතර ඇති සමානත්වයත් එමෙන්ම වෙනසත් ගැන කරුණු කීපයක්‌ සඳහන් කළොත් ප්‍රයෝජනවත් වෙතියි සිතනවා. විශේෂයෙන්ම නවකතා නමින් බාලයන්ගේ මනසේ බිහිවන කල්පිතය, "කෙප්ප", සම්මානයෙන් පිදෙනු ලබන මේ යුගයේදී එවැනි අදහස්‌ දැක්‌වීමක්‌ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්.

හැම නවකතාවක්‌ම මූලික වශයෙන් ඓතිහාසික වාර්තාවක්‌ය කියන්න පුළුවන්. සමාජ ඓතිහාසික ලේඛනයක්‌ය කියන්න පුළුවන්. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව ක්‍රිස්‌තු පූර්ව පළමු වෙනි සියවසේ අනුරාධපුරය ආශ්‍රිත ඓතිහාසික වාර්තාවක්‌ වන්නා සේම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය දහනව වන සියවසේ ලංකාවේ දකුණු පළාත පිළිබඳ ඓතිහාසික වාර්තාවක්‌ වෙනවා. මේ නිර්මාණ දෙකටම නියත දේශයක්‌, නියත කාල වකවානුවක්‌, නියත ඓතිහාසික පසුබිමක්‌ ඇති බව අපට පෙනෙනවා.

මෙය නවකතාව පිළිබඳ මූලික ලක්‍ෂණයක්‌. නවකතාව යනු නියත ඓතිහාසික සමාජ ගර්භාෂයක්‌ තුළ බිහිවන්නක්‌. එසේ නැතිව අවකාශයක්‌ තුළ එසේ නැත්නම් කිසිවකුගේ මනෝ ලෝකයක්‌ තුළ බිහි වන්නක්‌ නොවෙයි. ඕපපාතික මනස්‌ පුතෙකු නොවෙයි.

මේ කාරණය මා අවධාරණය කළේ අද මේ රටේ නවකතා නමින් බිහිවන ඊනියා සම්මානවලට පාත්‍රවන නවකතා සලකා බලායි. මේවා ඇත්ත වශයෙන් හැඳින්විය යුත්තේ නවකතා නමින් නොව කල්පිත කතා නැත්නම් "කෙප්ප" ලෙසයි. මෙය මගේ හිතේ, අප පේරාදෙණි නවකතාවෙන් ලබාගත් දායාදයක්‌. එයට මුල් වූයේ සරච්චන්ද්‍රයන් ගේ චින්තනය ය කියා මා හිතනවා. මොකද සරච්චන්ද්‍රයන් නවකතාව දුටුවේ ඓතිහාසිකය සමාජ සත්තාව නමැති ගර්භාෂය තුළින් බිහිවන්නක්‌ ලෙස නොවෙයි. නවකතාවක ඇති සමාජ ඓතිහාසික තොරතුරු ඔහු දුටුවේ පාඨක විශ්වාසනීයත්වය දිනා ගැනීම සඳහා යොදාගනු ලබන බාහිර ආලේපයක්‌ ලෙසයි. ඔහු පියදාස සිරිසේන නොවැදගත් නවකතාකරුවකු ලෙස බැහැර කළේ මේ විශ්වාසනීයත්වය නමැති කෝදුවෙන් මැන බලායි. මේ හානිකර පේරාදෙණි උරුමයෙන් ගැලවීමට අපේ නවකතාකරුවනුත්, විචාරකයනුත් තවම සමත් වී ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ තත්ත්වය ස්‌ථාපිත වීමට තවත් හේතුවක්‌ තමයි පසුගිය ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ මෙන්ම දැනුත් බටහිර ලෝකය තුළ බිහිවන නවකතා, බටහිර තුළ බිහිවූ මේ නවකතාව මේ යුගය තුළ බටහිර වසා පැතිරුණු ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස සලකන්න පුළුවන්. ඒ ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වූයේ "පුද්ගලවාදය" (ෂබාසඩසාමකසිප) ඒ ධනවාදය තුළ වැසුණු සාහිත්‍යකරුවන් අතින් සිදුවූයේ මේ "පුද්ගලවාදයට" ආවැඩීමයි. මේ ධනවාදී සමාජය තුළ වැඩුණු පුද්ගලයා ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස නොව සමාජයෙන් විනිර්මුක්‌ත වූ සමාජය ඉක්‌මවා සිටීමේ ශක්‌තිය ඇති පුද්ගලයකු ලෙස නිරූපණය කිරීමටයි මේ සාහිත්‍යකරුවන් තැත් කළේ. මේ යුගයේ බිහිවූ කාµaකා, ලොරන්ස්‌, කැමූ, ජීඩ් ආදී නවකතාකරුවන් අතින් සිදුවූයේ මෙයයි. ඒ නවකතාකරුවන් ධනවාදී සමාජය විසින් ශේ්‍රෂ්ඨ සාහිත්‍යකරුවන්, දාර්ශනිකයන්, චින්තනකයන් ලෙස හුවා දැක්‌වීම අපට අවබෝධ කරගන්නට පුළුවන්. අද වන විට මේ තත්ත්වය පෙරටත් වඩා දරුණු වී ඇති බවයි මගේ වැටහීම. අද පශ්චාත් නූතනවාදය හමුවේ නවකතා පුද්ගලවාදය කේන්ද්‍ර කොටගත් සමාජය ඉතිහාසය නොතකා හරින නිර්මාණයක්‌ වී ඇතුවා පමණක්‌ නොව නවකතාවේ ස්‌වභාවය ද අභියෝගයට ලක්‌ කරන තත්ත්වයක්‌ උදාවී තිබෙනවා. එයට ඇති හොඳම උදාහරණය තමයි මිලාන් කුන්දීරා විසින් ලියා ඇති මේ රටේ ඉන්නා දීන අනුකාරකයන් විසින් ද පුදනු ලබන .ඔයෑ aරඑ දෙ එයෑ භදඩැක. නමැති කෙප්පය. ඒ කෙප්පය නිරුවත්කර එළි දැක්‌වීමේ සමත් විචාරකයන් අද බටහිර ලොව තුළ නැත. අද බටහිර විචාරකයන් වශයෙන් ඉන්නේ මහාචාර්ය ග්‍රැහම් හµa (ඨර්ය්ප Hදමටය) දක්‌වා ඇති පරිදි පොත් වෙළෙන්දන් විසින් පෝෂණය කරනු ලබන µqල් බ්‍රයිට්‌ මහාචාර්යවරුනුයි. මේ µqල් බ්‍රයිට්‌ මහාචාර්යවරුන් පිරිසක්‌ ලොවට මුදා හැරියොත් ඕනෑම තුට්‌ටු දෙකේ නවකතාකරුවකු ටොල්ස්‌ටෝයි කෙනකු ඩෙස්‌ටර්වස්‌කි කෙනකු කළ හැකි යෑයි ග්‍රැහැම් හµa පැවැසුවේ මෙයට විසි වසකට පෙරයි. අද සිදුවෙමින් පවතින්නේ මෙයයි.

මේ දීර්ඝ විස්‌තරයෙන් මා හෙළි කිරීමට තැත් කළේ නවකතාව නමැති සාහිත්‍යාංගය ඓතිහාසික සමාජ සත්තාව පදනම් කරගත් ඒ ගර්භාසය තුළින් බිහිවන නිර්මාණයක්‌ බවයි. වෙන වචනයෙන් කියනව නම් නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ විය යුතුයි. එය ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකරන නිර්මාණයක්‌ විය යුතුයි.

මෙහිදී ඔබ තුළ ප්‍රශ්නයක්‌ මතුවන්න පුළුවන්. නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ නම් කුමකට ද අපි නවකතා කියවන්නේ? ඉතිහාස ග්‍රන්ථ කියෙව්වාම ප්‍රමාණවත් නොවේද? ඉතිහාසඥයන් ගෙන් විනා නවකතාකරුවන්ගෙන් වැඩක්‌ ඇද්ද?

මෙයට පිළිතුරු සැපයීමට නම් අපි ඉතිහාසයත් නවකතාවත් අතර ඇති සමානත්වය දකින අතරම ඒ දෙක අතර ඇති වෙනසක්‌ දැකගත යුතුයි. නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වන්නේ කෙසේද කියා දැකගත යුතුයි.

නවකතාකරුවා දෙයාකාරයකින් ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වෙනවා. මේ දෙදෙනා ඉතිහාසය දෙස බලන ආකාරය සහ ඉතිහාසයට දෙන අර්ථ කථනය උඩයි මේ වෙනස ර¹ පවතින්නේ.

ඉතිහාසඥයා ඉතිහාසය දෙස බලන්නේ එදා පැවැති තත්ත්වය ඒ සමාජය ඒ යුගය තුළ සිටගෙනයි. ඒ යුගයෙන් ඒ තත්ත්වයෙන් බැහැරව සිටගෙන නොවේ, වර්තමානයේ සිටගෙන නොවෙයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ එයට හාත්පසින් වෙනස්‌ ස්‌ථාවරයක තැනක ඉඳගෙනයි. නවකතාකරවා ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ සිටගෙනයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව එයට කදිම උදාහරණයක්‌.

ජයන්ත චන්ද්‍රසිරි ඒ ගැමුණු යුගය දෙස බලන්නේ අද අප මුහුණ දෙන වර්තමානයේ සිටගෙනයි. වර්තමානය නමැති කණ්‌ණාඩිය තුළිනුයි ඔහු ඒ දෙස බලන්නේ. කොටින් කියතොත් පසුගිය කාලය තුළ අප ගොදුරු කරගත් ප්‍රභාකරන් ගේ මිලේච්ඡ ත්‍රස්‌තවාදය මේ රට තුළ නොතිබෙන්නට චන්ද්‍රසිරි අතින් මෙය නොලියවෙන්නට ඉඩ තිබුණාය කියා මට හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකර ආරක්‍ෂා කරන අතරම අපගේ වර්තමානය ඒ මතට ආරූඪ කර ඇතැයි කිසිවකුට පෙනී ගියහොත් එය සාධාරණයි.

නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වන දෙවන කරුණ නම් ඔහු ඓතිහාසික සමාජ සත්තාව මුල් කරගෙන ඉදිරිපත් කරන අර්ථ කථනයයි. ඉතිහාසඥයා එහෙම අර්ථ කථනයක්‌ දීමට තැත්කරන පුද්ගලයෙක්‌ නොවෙයි. ඔහු කිසියම් අර්ථ කථනයක්‌ දීමට තැත් කළත් එය බාහිරින් ගන්නා ලද අර්ථ කථනයක්‌ නොවෙයි. ඒ ඉතිහාසය තුළින්ම සකසා ගන්නාලද අර්ථ කථනයක්‌. ඒ අතින් ඔහු නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු වෙනවා. නවකතාකරුවා එසේ නොවෙයි. නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු නොවෙයි. ඔහු තම අදහන දර්ශනය චින්තනය අනුව ඒ තමා අබියස ඇති ඉතිහාසය නව අර්ථ කථනයකට භාජන කරනවා. නව අයුරකින් බැලීමට අපට සලස්‌වනවා. මෙයින් නවකතාකරුවා දරන දර්ශනය චින්තනය ආගමික දර්ශනයක්‌ වෙන්න පුළුවන්. ටෝල්ස්‌ටෝයි සිය නවකතා නිර්මාණය කළේ එවැනි දර්ශනයක පිහිටායි. වෙනත් නවකතාකරුවකුගේ දර්ශනය සමාජවාදය මාක්‌ස්‌වාදය මුල් කරගත් දර්ශනයක්‌ වෙන්න පුළුවන්. අපගේ ශේ්‍රෂ්ඨ නවකතාකරුවා වන මාර්ටින් වික්‍රමසිංහ සිය දර්ශනයට පදනම් කරගන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියයි. ඒ සභ්‍යත්ව විඥනයයි.

මෙහිදී ජයන්ත චන්ද්‍රසිරි සිය දර්ශනය, චින්තනය ගොඩනඟාගෙන ඇත්තේ සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය උඩ බව මට පෙනෙනවා. ඔහු ගැමුණු මහරජුගේ සිතුම් පැතුම්, ආකල්ප, ක්‍රියාකාරකම් ආදී වූ සියල්ල අර්ථ කථනය කරන්නේ සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥනයේ පිහිටායි. ඒ නිසා මේ නිර්මාණය අන්තය ඉක්‌මවා සිටින වත්මන් අපට අතිශයින් අදාළ නිර්මාණයක්‌ ලෙස මා දකිනවා.

ඒ ගැන කතා කිරීමට පළමු මේ නවකතාවේ සන්දර්භය ගැනත් කෙටියෙන් සඳහන් කිරීමට මා කැමතියි. මෙහිදී චන්ද්‍රසිරි යොදාගෙන ඇත්තේ අපට හුරු පුරුදු ගතානුගතික සන්දර්භයට වඩා වෙනස්‌, චිත්‍රපට-සිනමා සන්දර්භය බව පෙනෙනවා. ඒ නිසා ඇතැමකු මෙය නවකතාවක්‌ නොව තිර නාටක රචනයක්‌ ලෙස බැහැර කරන්නට පුළුවන්. එය අසාධාරණයි. වත්මන් නවකතාකරුවා වත්මන් ජන විඥනයේ ඇති සන්නිවේදන මාර්ග යොදා ගැනීම වරදක්‌ ලෙස මා දකින්නේ නැහැ. එය වරදක්‌ නොවෙයි. අපගේ නවකතාවේ පරිනාමයට ඉවහල් වන්නක්‌. අවසානයේදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඒ නව සන්දර්භය සාර්ථක ද නැද්ද යන්නයි. මේ සන්දර්භය අනුකාරකයන් යොදා ගන්නා "ඉන්ද්‍රජාල තාත්විකත්වය" වැනි බහුබූතයක්‌ නොවේ.

සෑම උසස්‌ සාහිත්‍ය නිර්මාණයක්‌ තුළම නොකියා කියන පණිවිඩයක්‌, අනාගත දැක්‌මක්‌, මාර්ටින් වික්‍රමසිංහයන් ගේ වචනයෙන් කීවොත් භවිෂ්‍යත් විදර්ශනාවක්‌ ගැබ්වී තිබෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය තුළත් මම එවැනි භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා. චන්ද්‍රසිරි මෙහිදී ඉඟියෙන් දක්‌වන්නේ අපගේ අනාගත ගමන් මග කෙබඳු එකක්‌ විය යුත්තක්‌ද යන්නය කියා මා සිතනවා. යම් සේ අප ප්‍රභාකරන් නමැති ආක්‍රමණිකයාගේ ත්‍රස්‌තවාදයෙන් ගැලවුණේ, ගැමුණු මඟ, සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥන මත ගොඩනැඟුණු ගැමුණු මග අනුගමනය කිරීමෙන් නම් අපි අපගේ අනාගතය ගොඩනඟාගත යුත්තේ ඒ ගමන්මග අනුව යමින් බවයි මේ නවකතාව මගින් පෙන්නුම් කරනු ලබන්නේ. ඒ භවිෂ්‍යත් විදර්ශනාවයි මේ නවකතාව තුළ ඇත්තේ.

මෙය අප විසින් මේ අවස්‌ථාවේ ඉතා ගැඹුරින් වටහා ගත යුත්තක්‌ බවයි මා හිතන්නේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුල් වූයේ දෙමළ ජාතිවාදය පමණක්‌ නොවේ. අප දිගින් දිගටම නිදහස ලැබීමෙන් පසුවත් අනුගමනය කළ දීන අනුකරණයි. ඒ දීන අනුකරණයේ ගැළුණු අප කළේ ස්‌වාධීන දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ජාතියක්‌ විසින් ගත යුතු සිය අතීත උරුමය සොයා යැම නොව විජාතිකයා අප විනාශ කිරීම පිණිස තනා දුන් ඊනියා පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසු පස්‌සේ යැමයි. ඒ පක්‍ෂ ක්‍රමය බහුතර ජනතාව වන සිංහලයා බෙදා වෙන් කර නිෂ්ක්‍රීය කිරීමට මුල්වූ බව, ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ට, අධමයන්ට නිවහනක්‌ සාදා දී ඇති බව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අප තලා පෙළා යටත් කිරීමට විදේශිකයන්ට කෙවිටක්‌ වී ඇති බව දැන්වත් අපට පෙනී යා යුතුයි. එබැවින් මේ දීන අනුකරණය නවත්වා අප අපගේ උරුමය වෙත වහ වහා ගමන් නොකළොත් අප ආසියාවේ ආශ්චර්යය වීම කෙසේ වුව අපට අනාගත පැවැත්මක්‌ තිබිය හැකිද යන්න මට නම් ප්‍රහේළිකාවක්‌. ජයන්ත චන්ද්‍රසිරි ගේ මේ කෘතියෙන් කරනු ලබන්නේ අපට මෙය මතක්‌ කර දීමය කියා මා හිතනවා.

ජයන්ත චන්ද්‍රසිරි විසින් විරචිත "මහරජ ගැමුණු" ඓතිහාසික නවකතාව දොරට වැඩීමේ සහෘද සම්භාෂණයේදී ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් පවත්වන ලද මුඛ්‍ය දේශනය ය.

ඡායාරූපය- සුරංග කුරුප්පුආරච්චි



Copy Rights - Divayina

READ MORE - මහරජ ගැමුණු

තමුන්නාන්සේ දැං හදන්නෙ මේ අම්මන්ඩි මගේ කරේ ගහන්ඩ ද...?

Wednesday, April 13, 2011

පොත - හාස්‍ය නිර්මාණ කලාව

කර්තෘ - එච්.ඩී. විජයදාස

හඬක් : මීළඟ සීන් එක කාලගෝල දික්තලා හා දික්පිටියා ද ගඟකින් එතරවීම ගැනයි. ගංගා සීන් එක, තාත්විකව නිරූපණය කිරීමට ප්‍රමාණවත් වතුර ලබාගතහොත් කලටුවාව හා ලබුගම ජල මට්ටම යළිත් පහත බසිනු ඇතැයි කොළඹ නගර සභාව විසින් අනතුරු හැඟවීමක් කර ඇති නිසා ගංගා සීන් එක කපා දමා ප්‍රේක්ෂකයන් කෙළින් ම මහෞෂධ පඬිතුමාගේ ඔෆිස් කාමරය වෙත ගෙනයමු.

මහෞෂධ : සියලු සිද්ධිය ඇතැඹුලක් සේ දකිමි. තීන්දුව මගේ පන්හිඳ තුඩ’ග ඇත. එහෙත් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස නඩුව සවිස්තරව විචාරමි.

එම්බල කාලගෝලය, තගේ සිත් වේදනාවේ තරම මම දනිමි - ප්‍රාණය හා සමාන අඹු සිඟිත්ත අනෙකෙකු විසින් පැහැර ගනු ලැබීම තරං හද කකියවන වේදනාවක්...

කාලගෝල - නෑ නෑ පොඩ්ඩක් වත් මට දුක නෑ...

මහෞෂධ : මොනවාහ්! තොපගේ ප්‍රියම්ඹිකාව නැතිවී යාම ගැන තොපට වේදනාවක් නෑ...?

කාලගෝල - අබමල් රේණුවක දුකක් නෑ. ඇත්තම කියනවනං මට ඕනෑ කරලා තිබුණේ මේ ගෑනි කොහාට හරි තොලොංජි කරල දාන්ඩයි - ඒකටමයි ගඟ ගාවට එක්ක ආවෙත්...

මහෞෂධ : මගේ කාර්යය පහසු වුණා - දැන් දික්පිටියා කැඳවනු...

දික්පිටියා - ස්වාමීනි...

මහෞෂධ : මා තොප වරදවා තේරුම් ගත්තාට මට කමාකරව, මා සිතා සිටියේ තොප මේ කාන්තාව බලහත්කාරයෙන් පැහැරගෙන යන ලදැයි කියායි. දැන් තගේ අලුත් පෙම්වතියගේ අතගෙන සිත් සේ කම්සැප අනුභව කරව...

දික්පිටියා - මොනව...? තමුන්නාන්සේ දැං හදන්නෙ මේ අම්මන්ඩි මගේ කරේ ගහන්ඩ ද...?

මහෞෂධ : අශ්චර්යයකි. මට මගේ දෙසවන් ඇදහිය හැකි ද? දික්පිටිය, තා කියන්නේ තා මේ කාන්තාව නොරිසි බව ද!

දික්පිටියා - ඒකත් අහන්ඩ එකක් ද ස්වාමීනි...?

මහෞෂධ : එසේ නම් ගං තෙරදී තොප ඇය හා ඒ තරම් කුළුපඟව හැසුරුණේ ඇයි...?

දික්පිටියා - ඒ මගේ ඇස් පෙනීමේ දුර්වලකමක් නිසා සිදුවුණු අත් වැරැද්දක් ස්වාමීනි...

මහෞෂධ : විස්තර කරව...

දික්පිටියා -මං මගේ ගර්ල් ෆෙ‍්‍රන්ඩ් එනකං රිවර් බීච් එකේ කැරකි කැරකි හිටිය. ඈතට මේ දික්තලාව දැක්කේ දිවියාංගනාවක් වගේ. ළඟට ඇවිල්ල බැලුවාම මට අදහස වෙනස් කර ගන්ඩ සිද්ධ වුණා. ඉතිං නිකංම හැරිල යන්ඩ බැරි හන්ද එයාගේ සාරියේ බෝඩරේ ගැන කතා කළා. ඒ අතර වාරේ එයා ඇහැව්ව රිවර් එක ක්‍රොස් කරන්ඩ හෙල්ප් කරන්ඩ පුළුවන් ද කියල. මොනව කරන්නඩ ද ඉතිං මං උදව් කළා. යන ගමං මගෙං ඇහැව්ව මං බැඩ්මිංටන් ගහන්ඩ දන්නවද කියල. මට කා එකක් තියනවද කියලත් ඇහැව්ව. එච්චරයි...

මහෞෂධ : මට තී ගැන අනුකම්පාවයි දික්තලා. තී වැනි අහිංසක ගැමි යුවතියකගේ් හදපත්ලෙං ගලා යන ප්‍රේම ගංගාව සරු කෙතකට නොවැටී ඉවත ගලායාම මේ මිහිකත ගිගුම් දෙන අපරාධයක්...

දික්පිටියා - අසරණ මට අනුකම්පා කරන්න ස්වාමීනි. මගේ ශෝක ගීතය ඔබවත් අහන්න ස්වාමීනි...

මහෞෂධ : පැහැදිලිව ගායනා කරව!...

දික්තල - ගඟ අයිනෙ ඈත වැලිතලාවේ ඉන්න මේ දික්පිටියාව දැක්ක විතරයි, කාලගෝලය ළඟ ඉන්න බවක් වත් මට මතක නැතුව ගියා.

මහෞෂධ : තරුණ කණකොක් සුදක් සේ පැහැදිලියි. ප්‍රථම දර්ශනයෙන් ම....

දික්තල - අන්න හරි, ප්‍රථම දර්ශනයෙන් ම මං ආලයෙන් මුසපත් වුණා.

මහෞෂධ : ඔහුගේ ආරෝහ පරිණාහ දේහය නිසා...?

දික්තල - නැහැ නැහැ ඔහුගේ මොඩ් කොණ්ඩයයි ෂර්ට් එකයි නිසා...

මහෞෂධ : එහෙත් දික්පිටියා තිට පෙරලා ප්‍රේම නොකරන නිසා තිගේත් දික්පිටියාගේත් විවාහයට... ආශිර්වාද කරන්ට මගේ අභ්‍යන්තර චිත්තය පසු බා සිටිනවා.

දික්තල - ඒ වුණාට දික්පිටිය මට කිට්ටුවෙලා ගඟ ක්‍රොස් කරන කොට මං පැහැදිලිව දැක්ක...

මහෞෂධ : දික්පිටිය ගේ දෑස් ප්‍රේමයෙන් සලිත වූ බව?

දික්තල - නැහැ. කොණ්ඩේට ඩයි දාල බව, ෂර්ට් එකත් මේ ;ලීකල් එකක්. මට දැං ඌව පෙන්නන්ඩ බෑ...

මහෞෂධ : ප්‍රීතියි, ප්‍රීතියි, ප්‍රශ්නය නිරාකරණයයි. සේවකය, මේ කාන්තාව කැටිව ගොස් ඇගේ මාපියන්ට භාරකරව...

දික්තල - අයියෝ ස්වාමිනි, එපා එපා ඊට වඩා හොඳයි මාව පෙති පෙති ගහල ගඟටම දාන එක...

මහෞෂධ : කිමෙක්ද තිට ඇවැසි කාලගෝලය කැටුව යන්ට ද...?

දික්තල - නැහැ...

මහෞෂධ : එසේ නම් දික්පිටියා...?

දික්තල - සමන් දෙවියනේ නැහැ...

මහෞෂධ : එසේ නම්...?

දික්තල - මට, මට, මට මෙහෙම ඉන්ට ඕනෑ මං ශෝට්හෑන්ඩ් ටයිපිං දන්නව...

මහෞෂධ : සේවකය, මට : මට සිසිල් පැන් බඳුනක් ගෙනව...


Copy Rights - Silumina

READ MORE - තමුන්නාන්සේ දැං හදන්නෙ මේ අම්මන්ඩි මගේ කරේ ගහන්ඩ ද...?

කොළඹ සරසවියේ සරසානන්දකර ප්‍රඥාවර්ධක සන්ධ්‍යාව

Tuesday, April 12, 2011

කොළඹ සරසවියේ සරසානන්දකර ප්‍රඥාවර්ධක සන්ධ්‍යාව

වසර හතළිස්‌ හතකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ පූජාවලිය ප්‍රථම දේශනය පැවැත්වූ දිනයේ එම ශාලාවේ සිටි උපාධි අපේක්‍ෂකයන්ටද, දේශකයාටද මහත් කායික අපහසුවක්‌ දැනුණි. එදා එහි සිසිලස දනවන මෙවලම් නොවිණි. ගත සරතැස නිවන්නට අවශ්‍ය විදුලිය උපකරණ සියල්ල තිබියදී එවැනි සන්ධ්‍යාවක්‌ පසුගිය දවසක යළි දැනුණි. ඒ කාගේවත් වරදක්‌ නිසා නොවේ. ශාලාවෙහි උපකුලපතිනිය ප්‍රමුඛව දෙදහසකට වැඩි ශ්‍රාවක පිරිසක්‌ විස්‌මයාන්විතව ඉවසීමකින් සමන්ත හේරත් ආචාර්යවරයා, දීප්ති වික්‍රමසිංහ ආචාර්යවරිය හා එක්‌ව සංවිධානය කළ zචමත්කාරZ නම් වූ සම්ප්‍රකාශක සංගීතාස්‌වාදක සන්ධ්‍යාව නැරැඹුහ. කොළඹ විශ්වවිද්‍යාලය 1968 දී ආරම්භ වුවත්, එම බිමෙහි වැජඹුණු ලංකා විශ්වවිද්‍යාල ආයතනය 1934 දී ආරම්භ කළ සංගීත කලා නාට්‍ය හා නර්තන ව්‍යාපාරයේ අග්‍රඵලයෙහි රසාස්‌වාදය එදින අපට ආස්‌වාදය කළ හැකි විය. එදා zමේලාZ නම් වාර්ෂික උළෙලට රසය ගෙනාවාහු, භාරතයට ගොස්‌ සංගීතය හා නර්තනය හදාළ කලාකරුවෝය. සරණගුප්ත අමරසිංහ, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, සූරියශංකර් මොල්ලියගොඩ, ප්‍රේමකුමාර් එපිටවෙල, වසන්ත කුමාර් හා පණීභාරත ද ඒ මේලාවන්ට එක්‌ වූහ. එදා උපකුලපති, ආචාර්යවරු හා උපාධි අපේක්‍ෂකයෝ එක්‌ව කලා බීජයක්‌ රෝපණය කළාහුය. එය අද ව්‍යාප්ත මහා වෘක්‍ෂයක්‌ බවට පත්ව ඇති සැටියක්‌ අපට පෙනුණි.

zචමත්කාරZ - සරසානන්දකර සන්ධ්‍යාවට නිමිති වූයේ අර්ධ ශතවර්ෂාසන්න කාලයක්‌ තුළ ශ්‍රී ලාංකික සංගීත කලාවට, ගායනයට හා ප්‍රාසංගික කලා ක්‍ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක්‌ ඉටු කළ නිහතමානී කලා නිර්මාතෘ ආචාර්ය වික්‌ටර් රත්නායකට සම්භාවනා ප්‍රදර්ශනයයි. මෙවැනි උළෙලකදී බොහෝ විට දැකිය හැක්‌කේ තමන් කැමති ගී අසන්නට එන ලෝලයන් පිරිසකි. එහෙත් මේ සන්ධ්‍යාව අපට ගෙනාවේ රසය පමණක්‌ නොවේ. ශාලාවට ඇතුළු වූ හැම රසිකයකුම ගීත රසාස්‌වාදය වින්දාහුá තමන් නොගෙනා දැනුමක්‌ ද ශාලාවෙන් පිටව යද්දී ගෙන ගියහ.

කොටස්‌ තුනකින් සැදුණු මේ සන්ධ්‍යාව සඳහා සහභාගි වුණු විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ඉවසීම, රසාස්‌වාදක ශක්‌තිය හා සහභාගිත්වය අගය කළ යුත්තකි. උපකුලපතිනිය ද තම උපාධි අපේක්‍ෂකයන්ගේ මේ ගුණය ගැන ජනප්‍රිය වීමේ අදහසකින් තොරව ප්‍රකාශ කළාය. පළමුවැනි කොටස සඳහා ගීත කිහිපයක්‌ ගායනා කෙරුණි. එහිදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහානාම වික්‍රමසිංහ ආචාර්යවරයා ප්‍රමුඛ ගායක වාදක මණ්‌ඩලය දේශීය සංගීත ක්‍ෂේත්‍රයට වික්‌ටර් රත්නායකයන් ප්‍රවේශ වීම දක්‌වා අවස්‌ථා කිහිපයක්‌ රසිකයන් මනසට කා වැද්දවූහ. සමහර අවස්‌ථා රවිබන්ධු විද්‍යාපති ඇදුරුතුමාගේ නර්තන වින්‍යාසය ප්‍රක්‍ෂේපණය කළ නළු නිළියන් විසින් ආලෝකවත් කරන ලදී.

zචමත්කාරZ සන්ධ්‍යාවෙහි ද්විතීය භාගය වෙන් වූයේ වික්‌ටර් රත්නායක සංගීතවේදී ආචාර්යවරයාටය. දුර බැහැර පෙදෙසක සංගීතය පිළිබඳ අයන්නවත් නොදන්නා පාසල් ගුරුවරුන් අතරින් පටන් ගත් තම සංගීත ජීවිතයේ විවිධ අවස්‌ථා මතු කරන ගීතාවලියක්‌ ඔහු තෝරා ගෙන තිබුණි. දිවි මගෙහි හත් වැනි දශකාභිමුඛව සිටියදීත්, ඔහුගේ හඬ විකෘත නොවුණු වග - අද ගයන්නේ එදා යෞවනයේ සිටි තරුණ ගායකයාම බව - අපට ප්‍රත්‍යක්‍ෂ විය. මින් දශක පහකට එහා දවසක මීගමු හරිශ්චන්ද්‍ර විද්‍යාලයයේ කලා උළෙලකට ගිය විට ඔහු ගැයූ හඬම මෙදිනද මට ශ්‍රවණය කළ හැකි විය.

ආචාර්ය වික්‌ටර් රත්නායක තම ගී තනු නිර්මාණයේදී යොදා ගත් භාරතීය හා අපරදිග සංගීතය ගැනද අප දැනුම්වත් කළේය. ශ්‍රී ලංකාවේ සරල සංගීතය යෑයි හඳුන්වන විෂය ක්‍ෂේත්‍රයට ගරු ගම්භීර භාවයක්‌ මෙන්ම එය ව්‍යක්‌ත සම්භාව්‍ය ශෛලියේ ඒක දේශයක්‌ බවද රත්නායකයන්ගේ ප්‍රකාශනවලින් හෙළි විය. මෙරට සංගීත අධ්‍යාපනඥයන් ස්‌වකීය නිර්මාණ ගැන මෙලෙස අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් සංගීත රසිකයාට එහි ඇති නිර්මාණාත්මක ගුණයද අවබෝධ කර ගත හැකිය. පාසල් ජීවිතයේ වික්‌ටර් ලෝලියකු වූ ශිෂ්‍යාවක්‌ - අද වෛද්‍ය පීඨයේ ආචාර්යවරියක්‌ - තමා වික්‌ටර්ගේ ගී ගායනා කළ නමුත් මෙවැනි ශාස්‌ත්‍රීය කාර්යයක්‌ ගීතයට සම්බන්ධ වී ඇතැයි නොදත් බව මට පැවසුවාය. මෙවැනි ප්‍රබුද්ධ භාවයක්‌ සංගීත රසාස්‌වාදයක්‌ සමග එක්‌ කළ හැකි නම් කෙතරම් අගේද?

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පොලීසියේ කඳුළු ගෑස්‌වලට හා බැටන් ප්‍රහාරවලට ලක්‌වීමට රුචිකර පිරිසක්‌ ලෙස හැඳින්වෙන යුගයක පැය තුනකටත් වැඩි කාලයක්‌ දහදියෙන් පෙත්තර වී නිසලව සිටි දෙදහසකට වැඩි පිරිසකගේ නායිකාව වීමට ලැබීම ගැන මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය ප්‍රසාදයට පත් විය යුතුය. සමන්ත හේරත් ආචාර්යවරයාද සංවිධායක මණ්‌ඩලයද නූතන විශ්වවිද්‍යාල පද්ධතියට ආදර්ශයකි. අප රටේ කලා රසඥතාව වගා දිගා කළ යුත්තාහු ඔව්හුය. ඔවුන්ගේ එම කාර්යභාරය අගය කිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සතු යුතුකමකි.

මහාචාර්ය තිස්‌ස කාරියවසම්


Copy Rights - Divayina

READ MORE - කොළඹ සරසවියේ සරසානන්දකර ප්‍රඥාවර්ධක සන්ධ්‍යාව

මම ඉතිහාසය හොයා ගෙන ගියේ ඔය රැළි සුළි එන්න කලින්

Wednesday, April 6, 2011

ජයන්ත චන්ද්‍රසිරි

සම්මානනීය කලාකරුවකු ලෙස ජයන්ත චන්ද්‍රසිරි හඳුන්වා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. අදටත් ඔහු කළ නිර්මාණවලින් මිදී ටෙලිනාට්‍ය හෝ සිනමාවක් පිළිබඳ කතා කළ නොහැකි තරම්. ඔබේ අපේ මතකයේ රැඳුණු ප්‍රතිභාපූර්ණ නිර්මාණ කිහිපයක් කළ ජයන්ත පසුගිය කාලයේ ‘දුටුගැමුණු’ ඉතිහාස කතා පුවත සිනමාවට නගන්න උත්සාහ කළා. ඒත් එය අතරමඟ ඇන හිටියා. නමුත් ජයන්ත දුටුගැමුණු කතා පුවතෙන් මිදෙන්න සූදානම් නැතිවග හැඟුණේ ‘මහ රජ ගැමුණු’ නමින් ඔහු ලියූ නවකතාව නිසයි. මේ සංලාපය ජයන්ත චන්ද්‍රසිරි වටා ගෙතුණේ ඒ සියල්ලට විසඳුමක් ලෙසින්.

කතාබහට ප්‍රවිෂ්ටයක් ලෙස මා කැමැතියි ‘මහ රජ ගැමුණු’ යනු කුමක්දැයි පැහැදිලි කරගන්න.

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙකක් දෙන්න මා කැමැතියි. එකක් මා තිර රචනය කළ චිත්‍රපට කතාවක් ඇසුරින් මා විසින්ම ගොඩනඟන ලද නවකතාවක් විදිහට.

අනෙක ‘මහ රජ ගැමුණු’ යනු කුමක්දැයි ඔබ අසනවිට මා තුළ දැල්වෙන අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයටම අයත් චිත්ත වේගයකට අදාළ මහාර්ඝ වස්තුවක් විදිහට.

ඇත්තටම ‘මහ රජ ගැමුණු’ කියන්නේ මේ රටේ මෙතෙක් වාසය කළ සහ වාසය කිරීමට නියමිත සියලුම මනුෂ්‍යයන්ගේ හදවතේ ස්වරූපය බව මගේ විශ්වාසයයි.

ක්‍රි.පූ. දෙවන සියවසේ පටන් අද දක්වාත් අපගේ සමාජ දේශපාලන හා භාවමය ජීවිත පෝෂණය කරන මේ උදාර මනුෂ්‍ය චරිතය මනුෂ්‍ය චරිතයක් වශයෙන්ම නව කලා සංවාදයකට ගෙන එන්නයි මට අවශ්‍ය වුණේ.

නමුත් ඔබ ඒ සඳහා කරන්න හිටියේ සිනමාපටයක්.

ඔව් මම දැනුත් හිතනවා ඒ සඳහා මගේ ප්‍රබලම මාධ්‍යය සිනමාව බව. චිත්‍රපටය නිර්මාණය කිරීම වෙනුවෙන් මා මගේ සියලුම සන්නිවේදන මෙවලම් මුවහත් කරමිනුයි හිටියේ.

ඉතින් එය නොකෙරුණේ ඇයි?

ඒකටත් මට පිළිතුරු දෙකක් දෙන්න පුළුවන්. එකක් නම් මා තවමත් නොදන්නා හේතු මත මෙය නිෂ්පාදනය කිරීමට පැමිණි කීප දෙනෙක්ම වැඩේ අතහැරීම. අනෙක් සහ සැබෑම හේතුව විදිහට මා දකින්නෙ මේ කෘතියේ සාරාර්ථය වටහාගත නොහැකි කෙනෙකුට මෙම කෘතිය නිෂ්පාදනය කිරීමේ භාග්‍යය උදානොවන බවයි.

ඔබේ ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යයෙන් ‘මහ රජ ගැමුණු’ නිර්මාණය කිරීමට නොහැකි වූවාට ඔබ තුළ යම් කලකිරීමක් කනගාටුවක් තියෙනවාද?

මෙහෙමයි මුලින්ම මම ඒ ගැන අතිශයින්ම කනගාටු වුණා. හැබැයි ඒ මෙය නවකතාවක් වශයෙන් සතිපතා පුවත්පතක පළවනතුරු පමණයි. මා බලාපොරොත්තු නොවූ අතිවිශාල පාඨක ප්‍රජාවක් ‘මහ රජ ගැමුණු’ කියවුවා. සිනමාවෙන් මට කළ නොහැකි වූ භාවමය සන්නිවේදනය සාහිත්‍ය හරහා කරන්න ඒ නිසා මට පුළුවන් වුණා. මේ අතිවිශාල පාඨක ප්‍රජාවේ ඉල්ලීම වුණේ එය ග්‍රන්ථයක් වශයෙන් එළිදක්වන්න කියලයි.

බොහෝ විද්වතුන් මට ඒ බව කිව්වා. නමුත් නවකතාව පුවත්පතේ පළවුණාට පස්සේ මට හිතුණේ අර මුලින්ම කියපු උතුම් කාර්යයෙහිලා මගේ භූමිකාවේ කොටස අවසන් කියලයි.

ඒත් එය ග්‍රන්ථයක් වශයෙන් එළිදක්වන්න ගෙවිඳු කුමාරතුංග ගන්න උත්සාහය දැක්කහමයි මට දැන් හිතෙන්නේ තවම මගේ රාජකාරිය අවසන් නැහැ කියලා.

මෑත කාලීන අපගේ සිනමාව දිහා බැලුවහම ඓතිහාසික කතා පුවත් වටා සිනමා කෘති නිපදවීම ඉතා සුලබ බව පෙනෙනවා. මෙය නිකම් රැල්ලක් වගෙයි. ඔබ උත්සාහ කළෙත් ඒ රැල්ලට එකතු වෙන්නද?

නැහැ මම ඓතිහාසික පුවත් ඇසුරින් ටෙලිනාට්‍ය නිර්මාණය කළේ ඉතිහාසය පිළිබඳ රැලි තබා සුළිවත් නැති කාලයකයි. මගේ මුල්ම චිත්‍රපටය ‘අග්නිදාහය’ පවා ඓතිහාසික පසුබිමක නිර්මාණය වූවක්. මට ඔය ප්‍රශ්නයට නම් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ආපහු හැරිලා මම ආව ගමන්මඟ දෙස බලන්න කියලා විතරයි.

හැබැයි ඔය එකක්වත් මම කළේ ඓතිහාසික නිර්මාණකාරයකුය කියන ලේබලය යටතේ ඉන්නට නෙමෙයි. ඒවා හැමවිටම මට තවත් දරාගෙන සිටිය නොහැකි කලා ප්‍රකාශන වූ නිසා. මම අහන්නම් කලාකරුවකුගේ කලා ප්‍රකාශනය කියන්නේ මොකක්ද? ඔහු තමා ජීවත්වන සමාජයේ සෙස්සන් වෙනුවෙන් කළ යුතු ඔහුගේ යුතුකම හා වගකීමයි. මගේ හැම නිර්මාණයකදීම මම ඒ සමාජීය යුතුකම අවංකවම ඉටුකළා කියන විශ්වාසය මට තියෙනවා. අදත් පාරට බැස්සහම ‘වෙදහාමිනේ’ ගැන ‘දඬුබස්නාමානය’ ගැන කතා කරන මිනිස්සු මට තාමත් හමුවන්නේ ඒකයි.

සැබවින්ම ගැමුණු රජතුමා පිළිබඳ ඔබගේ දර්ශනය මොකක්ද? එතුමා ජාතිවාදියෙක් ද නැතිනම් වීරයෙක් ද?

මා තුළ තියෙන්නේ දීර්ඝ පිළිතුරක්. මා ව්‍යාජයන් පිළිබඳ විශ්වාසයන්ගෙන් මුසපත් වන්නෙක් නොවෙයි. එසේම සත්‍යය විනිවිද දුටු කළ ලෝකයේ මොන කලා මතවාදයකින්වත් තිරිංග දමා නතර කළ හැකි අයෙක් ද නෙමෙයි.

ගැමුණු රජතුමා ජාතිවාදියෙකුයි යන්න සහ දුෂ්ටයෙකුයි යන්න සැක නොකරන ලද අගතිගාමිත්වයක (unsuspected Bias) ප්‍රචාරයක්. එසේම එය සමහර බටහිර අනුකාරක විද්වතුන්ගේ දුර් නිරීක්‍ෂණයක්. මේ සැක නොකරන ලද අගතිගාමිත්වය වංශ කතා රචනා කරන්නට පෙර කාලයේ පටන්මත් පැවතියා. ඒ වගේම ඒ අගතිගාමි ප්‍රචාර යම් යම් ආකාරයෙන් වංශකතා තුළටත් පැමිණියා.

ඒ අමූලික පච ප්‍රචාරවලින් ගැමුණු රජතුමාගේ චරිතය සියුම් ලෙස ඝාතනය කොට ඇතිවා පමණක් නොවෙයි එතුමන්ගේ ප්‍රතිමල්ලවයා වූ එළාර රජතුමා මහා ධාර්මික වීරයකු බවටත් පත්කොට තිබෙනවා. හංසයා දියෙන් කිරි වෙන් කරගන්නා සේ මේ යථාර්ථයට එබී බලන්නෙකුට පෙනෙනවා ගැමුණු රජතුමා විස්මය ජනක මානව හිතවාදියෙක් බව, ජාතිවාදියෙක් නොව ජාතිකත්වය ආරක්‍ෂා කළ අයෙක් බව. අන්‍ය ජාතීන්ට, සංස්තෘතීන්ට ගරු කළ අයෙක් බව.

යුද්ධය පිළිබඳව එතුමා දරූ අදහස් ලෝකයේ කිසිදු පාලකයකු සතුව නැහැ. ශ්‍රමය පිළිබඳ එතුමා තුළ තිබුණේ අපූරු ආකල්පයක්.

රජකම අතහැර ගොවිකමට ගිහින් ශූර ගොවියෙකුව සිට අන්තිමට මඩ සෝදාගෙන යළිත් රජකමට ආව විශ්මය ජනක නර වීරයෙක් ගැමුණු කියන්නේ.

අප දැන්වත් එතුමාට ‘දුටු - ගැමුණු’ කීම නතර කළ යුතුයි.

මහ රජ ගැමුණු’ තුළින් ඔබ මේ වීරයාව සදා පාදා ගන්න උත්සාහ කරනවා කියලයි මට හිතෙන්නේ.

ඒ විතරක් නෙමෙයි මේ ඉතිහාසය නැවත පිරික්සන්නට මා ඔබව පොලඹවනවා. මක්නිසාද ඔබට ඔබව හොයාගන්න හැකිවෙන්න. අප හැමෝටම අපව හොයාගන්න හැකිවෙන්න.

අවසන් වශයෙන් මම මෙහෙම අහන්නම්. මේ සියල්ල ඔබ සිදුකරන්නේ ඔබේම පරිකල්පනයක් වශයෙන්ද? නැතිනම් ඓතිහාසික තොරතුරු ඔස්සේද?

මා සතු ඓතිහාසික තොරතුරු අසීමිතයි. එහෙත් ඒ සියලු තොරතුරු එකට ඇමිණිය නොහැකිවා වගේම එසේ නොකළ යුතුත් වෙනවා. අනෙක සාහිත්‍ය කෘතියක් අන් සියල්ලටම ප්‍රථමව සාහිත්‍ය කෘතියක් විය යුතුය යන්නත් මා විශ්වාස කරනවා. ඒත් ඒ සියල්ලමත් මිනිසා සහ ලෝකය පිළිබඳ මගේ දෘෂ්ටියට යටත්.

READ MORE - මම ඉතිහාසය හොයා ගෙන ගියේ ඔය රැළි සුළි එන්න කලින්

පොත්පත් ඩොට්කොම්

Saturday, March 12, 2011

“කියවීම, මිනිසා සම්පූර්ණ කරයි” යන්න අර්ථ ගැන්වීම සඳහාද කාර්ය බහුල වටාපිටාව තුල වුවද පහසුවෙන්, ලෝකයේ ඹ්නෑම අන්තයක සිට, ඹ්නෑම මොහොතක සිංහළ මාධ්‍යයේ පාඨකයන්ට, කියවීමට අවස්ථා ගොඩනැංවීමත් සිංහළ පොත්පත් ලබා ගැනීමට අපහසු පිරිස් වෙත ඒවා ලබාගැනීමට මංපෙත් විවර කිරීමත් ඔවුන් ඊ-කියවීම (e-reading) හා ඊ-පොත් (e-book) යන සංකල්ප වෙත හුරු කිරීමත් පොත්පත් සම්බන්ධ විවිධ සේවා එකම ස්ථානයකින් සිදුකර ගැනීමේ පහසුකම් (One Stop Shop) ලබාදීමත් පොත්පත් ඩොට්කොම්’හි (pothpath.com) මෙහෙවරයි.

http://www.pothpath.com/
http://www.pothpath.com/images/events/publish.jpg

http://www.pothpath.com/images/events/100mini%20library.jpg

Contact Us

PO BOX. 2249,

COLOMBO, SRI LANKA.

READ MORE - පොත්පත් ඩොට්කොම්

කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’

කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’ කපිල කුමාර කාලිංග

කලකට පසු කැලණි සරසවියට ගියේ එහි සිසුවකු වන ගාමිණී බස්නායකගේ ‘මධුමල් සුවඳ’ නමැති කෙටිකතා එකතුව පිළිබඳ කතාබහට සහභාගි වීමටය.

ඔහු කල්තියාම මට පොතක් එවා තිබුණි. උඩින්පල්ලෙන් කියවා එය පසෙක තැබූ මම උත්සවය පැවැති 28ට දෙදිනකට පෙර යළිත් කියැවීම සඳහා පොත සෙවීමි. එය නුවරය. මා කොළඹ ය. ගාමිණීට දුරකථනයෙන් ඇමතූ මම සිදුවූ ප්‍රමාදය ගැන පවසා තවත් පොතක් ලබාගත හැකි මඟක් විමැසීමි.

”පොතක් එවන්න බැරිකමක් නැහැ. ඒත්, නෙට් (Net) එකෙනුත් පොත බලන්න පුළුවනි.”

ගාමිණී කීවේය.

අම්පාරේ, මහඔය, සේරංකඩ මහා විද්‍යාලයෙන් කැලණි සරසවියට ආ ගාමිණී බස්නායක නම් වූ තරුණ සිසුවා ඔහුගේ පළමු කෙටිකතා එකතුව අන්තර්ජාලයෙන් කියැවිය හැකි බව දන්වා සිටීම මා තුළ ඇති කළේ විමතිය මුසු සතුටකි. ඒ වනවිටත් පොත්පත් වෙබ් අඩවියෙන් (pothpath.com) 800 දෙනෙකු පමණ ‘මධුමල් සුවඳ’ කියවා හෝ දැක තිබූ බව පසුව දැනගන්නට ලැබුණි.

කෙනෙකුගේ මුල් කෘතියේ ගුණාගුණ කෙසේ වුවද ඉන් ඔහු ලබන්නේ මහත් ආස්වාදයක් බව අත්දැකීමෙන් දනිමි.

ගාමිණීගේ කෙටිකතා ගැන ප්‍රධාන දේශනය කරන්නට පැමිණ සිටියේ ප්‍රතිභාපූර්ණ ලේඛකයකු වන කේ.කේ.සමන් කුමාරය.

මා ‘දවස’ කතු මඬුල්ලේ සේවය කරන අවධියේ එක් දිනෙක (1987 පෙබරවාරි 15) සමන් ඔහුගේ මුල් කෘතිය පිරිනැමීමට එහි පැමිණියේය. සතියකට හෝ දෙකකට පසු යළිදු පැමිණියේය.

”පොත කියෙව්වද?”

”තාම නෑ සමන්. හෙට අනිද්දා කියවනවා”

අජිත් තිලකසේනගේ කෙටිකතාවලින් චමත්කාරයට පත්ව සිටි මට සමන්ගේ කෙටිකතා තුළින් ද පෙනුණේ පොඩි අජිත් කෙනෙකි. ඒ බව මම බොහෝ දෙනාට දැනුම් දුන්නෙමි.

සමන්ගේ කෙටිකතා එකතුවේ නම ‘සර්පයකු හා සටන්වැද’ විය. සමකාලීන මිත්‍ර ජනයා අතර එය කොතරම් ජනප්‍රිය වී ද යත් සමන් කුමාරට ‘සර්පයා’ යනුවෙන් නමක් ද පටබැඳුණි.

ගාමිණීගේ පොතේ වැඩේ සඳහා මා කැලණි ගියේ සමන් සමඟය. එදින උදෑසන ඔහු මට දුරකථනයෙන් කතා කළේය.

”කපිල.. මම මේ සර්පයා කතාකරන්නෙ..”

සමන් කුමාරගේ මුල්පොත ඔහු ‘සර්පයෙකු’ බවට පත්කළේ එසේය.

’70 දශකයේ ප්‍රේමය’ දොරට වඩින දා එය පිළිගැන්වීම සඳහා මා ඇරැයුම් කළේ සයිමන් නවගත්තේගමයන්ටය. මා ඔහුට මගේ පොත පිළිගැන්වූ පසු ඔහු ද මට පොතක් පිරිනැමුවේය. ඒ නවගත්තේගමයන්ගේ මුල්ම කෙටිකතා එකතුව වූ ‘මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාවෙ‘හි (1960) දෙවැනි මුද්‍රණයේ පිටපතකි! එදා මට නොවැටහුණත් පසුකලෙක නවගත්තේගමගේ සියුම් සරදම වටහා ගතිමි.

සරසවි පිවිසුම් පෙළ ශිෂ්‍යයකුව සිටියදී ලියන ලද ‘ඔහුගේ කතාව‘ට පසුව නවගත්තේගමගේ පොතක් මුද්‍රණයෙන් පළවන්නේ ඊට එකොළොස් වසරකට පසුවය. ඔහුගේ ම වචනයෙන් කියනවා නම් එය මංගල මොහොතකි.

දැන් දැන් පොත් ප්‍රකාශනය සුලභය. ඒ අතර හොඳ පොත් දුලබය. පිටු දහයක පහළොවක ළමා කතාවක් ලියාගත්තෝ ද උත්සව පවත්වා දොරට වැඩීම් කරති. එබඳු තැනක ප්‍රධාන අමුත්තා “සාහිත්‍යකාමී” ප්‍රාදේශීය සභාපතිතුමාය. නොඑසේ නම් කලා රසික, පොලිස් ස්ථානාධිපතිවරයාය! අනෙක් උදවිය නෑදෑයෝය.

තවත් සමහර දොරට වැඩීම්, තනිකරම පිටකසා ගැනීම්ය. කතුවරයා ගොනාට ඇන්දවීම්ය.

මේ නිසා ම පොත කියැවීමට පෙර ඒ පිළිබඳ දේශනා බාර ගැනීම ද භයානක යැයි සමන් කුමාර කියා සිටියේය.

READ MORE - කැලණි සරසවියේ ‘මධුමල් සුවඳ’

කරුණාසේන ජයලත් 1928 - 1994

Wednesday, August 25, 2010

කරුණාසේන ජයලත් 1928 - 1994

‘ගොළු හදවත’ නවකතාවෙන් තරුණ හදවත්වලට නැවුම් අත්දැකීමක් එක් කළ ජනප්‍රිය නවකතාකරුවකු වූ කරුණාසේන ජයලත් කෘතහස්ත සිනමා ලේඛකයකු, විචාරකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ලෙස ද අමරණීය මතක සටහනක් ඉතිරි කළ විශිෂ්ටයකු විය.

1928 ජනවාරි 10 වැනිදා හොරණ කුඹුකේදී උපත ලැබ, හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ජයලත් ‘සිංහල ජාතිය’ පුවත්පතින් පත්‍ර කලාවට පිවිසියේය.

1962 දී ‘ගොළු හදවත’ නව කතාව රචනා කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ජයලත් මුව දඩයම, ලස්සන ඇස්, බඹා කොටූ හැටි, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි, හතුරු සිතක්, රිදී නිම්නය ඇතුළු අකුරු හයේ නවකතා 14 ක් පමණ රචනා කළේය. මින් ‘ගොළු හදවත, ගැහැණු ළමයි, බඹා කෙටූ හැටි, රිදී නිම්නය හා යහළු යෙහෙළි සිනමා කෘති බවට ද පත් විය. 1994 අගෝස්තු 24 වැනිදා රාත්‍රීයේ මේ විශිෂ්ට කලාකරුවා රෝහල් ඇඳක් මත දී දෙනෙත් පියා ගත්තේය.

උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19


READ MORE - කරුණාසේන ජයලත් 1928 - 1994

විනිශ්චය ගැන කියන්න බැරි නම් විනිශ්චයකරුවන් කුමටද?

Thursday, July 22, 2010

විනිශ්චය ගැන කියන්න බැරි නම්
විනිශ්චයකරුවන් කුමටද?

ආරියවංශ රණවීර

ජීවිතයේ අඩසියවසක්‌ ඉක්‌ම ගිය කල නිර්මාණකරණයට පිවිසි ආරියවංශ රණවීර කාව්‍ය කෘති දහතුනක්‌ කරමින් අද වනවිට මෙරට කවියකු ලෙස පෙනී සිටී. "කවි කිහිපයක්‌", "සම්මිශ්‍රණ", "ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ", "සඳ ඇබින්දක්‌", "ඉමක්‌ හා මලක්‌", "අතු ඉති", "ඔයබඩ වවුල්ලු", "තිත්", "ඉම් පෙදෙස්‌", "කතිකා", "එළිමහන් කවි හා ගුහා කවි", "දොළොස්‌ රළ", "දෝතක්‌ කවි" ඔහු ලියූ කාව්‍ය කෘති දහතුනයි. ඒ හැරුණු විට ඔහු දැන් "විසිරි මිණි" (ජපන් කාව්‍ය)", "ලිලැක්‌ මල් (රුසියන් කාව්‍ය)", "මිණි පැමිණි (ජපන් කාව්‍ය)", "මග දෙපස (චීන කාව්‍ය)" යන කාව්‍ය පරිවර්තනද, "ඊඩිපස්‌ රජ", "ඇන්ටිගනි", "ට්‍රොaජන් ගැහැනු", "තීබ නාට්‍ය ත්‍රිකය" "ඔරෙස්‌ටියා නාට්‍ය ත්‍රිකය" යන නාට්‍ය පරිවර්තන ද, "රන් රෝස", "වනපෙත අඬ ගසයි", "එක්‌දහස්‌ නවසිය අසූහතර", "රන්සුණු" යන ගද්‍ය පරිවර්තන ද, "ඇමෙරිකානු කවියට පෙරවදනක්‌", "සංස්‌කෘතිය හා ගොඩ්සිල්ලාකරණය" යන විචාර ග්‍රන්ථ ද කරමින් ක්‍ෂේත්‍ර ගණනකට පියවර තබා තිබේ. ඔහුගේ අලුත්ම විවරණාත්මක කෘතිය "කවිය සහ කවියා" යි. නුගේගොඩ සරසවි ප්‍රකාශනයක්‌ වන එය ඇමෙරිකානු කවීන් දහතුන් දෙනකුගේ කාව්‍ය රචනාවලින් සමන්විතය. මේ ඔහුගේ කවි මඟ පිළිබඳව අප කළ සංවාදයකි.

ප්‍රශ්නය - ඔබට අනුව "කවිය" යනු කුමක්‌ද?

පිළිතුර - කවිය යනු මට අනුව මනුෂ්‍ය හදවතේ භාෂාවයි. මනුෂ්‍යයාට හැඟීම් පහළවන්නේ බාහිර අරමුණු සමඟ ගැටීමෙනුයි. බාහිර අරමුණුවලින් අපට ලැබෙන හැඟීම් පිළිබඳව ඇතිවන ඉතාම ගැඹුරු ප්‍රකාශනය කවියයි.

ප්‍රශ්නය - ඔබගේ නවතම කෘතිය "කවිය සහ කවියා" යන්නයි. මෙම කෘතියෙන් ඔබ ඉංගී්‍රසි සහ ඇමෙරිකානු කවීන් 13 දෙනකු කවිය පිළිබඳව දැක්‌වූ විවිධ මානයක්‌ ගෙනහැර දක්‌වනවා.?

පිළිතුර - බටහිර කවිය පිළිබඳව තිබෙන සිංහල පොත්පත් හරි අඩුයි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්ය එම්. ජී. සිරිමාන්න මහතා බටහිර කවිය ගැන පොතපත පළ කළා. ඔහුගෙන් පසු මේ අංශය පිළිබඳව සිංහල පොත් පළවුණේ නැහැ. මේ අඩුව යම් පමණකින් හෝ පිරිමහන්නයි මට වුවමනා වුණේ. කවිය පිළිබඳ දේශන කරද්දී මට අපේ පාඨකයන්ගේ දුර්මතයක්‌ පෙනුණා. ඔවුන් සිතනවා බටහිර කවිය, අපේ කාව්‍ය ක්‍රමයට ආගන්තුකයි කියලා. එය වැරැදි මතයක්‌ කියන්නයි මට ඕන වුණේ. කවිය යනු අපට පමණක්‌ වෙන්වුණු දෙයක්‌ කියලා පටු වැටවල් බැඳ ගැනීම වැරැදියි. කවිය ලෝක උරුමයක්‌.

ප්‍රශ්නය - ඔබට අනුව කවිය යනු හද බසයි. නමුත් ඔබගේ කාව්‍ය සහ අපේ සමකාලීන කවීන්ගේ කෘති දෙස බැලූ විට දැනෙන දෙයක්‌ තමයි කවිය පිළිබඳව ඔබේ අර්ථදැක්‌වීමට එතරම් සාධාරණත්වයක්‌ ඔබගෙන් හෝ අනෙක්‌ කවීන්ගෙන් ඉටු වී නොමැති බව. නිදසුනක්‌ ගනිමු. තිස්‌ වසරක යුද්ධයේ ෙ€දවාචක පසුගිය කාලයේදී අප ඇස්‌ දෙකෙන් දුටුවා. නමුත් මෙතෙක්‌ ඔබේ කවියෙන් යුද්ධයේ ෙ€දවාචකයන් ලියෑවී නැහැ.?

පිළිතුර - (මඳක්‌ නිහඬව සිට) යුද්ධය ගැන හොඳම කවි ලියවෙන්නෙත්, ලියවිලි තියෙන්නෙත් යුද්ධයේ නිරත වූ කවීන්ගෙන්, මම මේක කියන්නේ බටහිර කවීන් දෙස බලලයි. එංගලන්තයේ ෂීග් ප්‍රිඩ් සැසුන් , රූපට්‌ ගෲ වැනි කවීන් යුද්ධයේ අත්දැකීම් ගැන කවි ලියා තිබෙනවා. අපේ කවීන් යුද්ධය ගැන අසා තියෙනවා විතරයි. ඒ අයට යුද්ධය ගැන අත්දැකීම් නැහැ. යුද්ධය අත්වින්ද ද්‍රවිඩ කවීන් අතින් නිර්මාණ බිහිවී තිබෙනවා ද? කියා මා දන්නේ නැහැ.

ප්‍රශ්නය - යුද්ධය තිබුණේ උතුරේ විතරක්‌ නොවේ. කොළඹත් බෝම්බ පිපිරුණා. මිනිස්‌සු මැරුණා?

පිළිතුර - කොහොම නමුත් මට යුද්ධය දුරස්‌ථයි. මා අතින් කවි විශාල සංඛ්‍යාවක්‌ ලියෑවී තිබෙනවා. ඒ කවි අතර බොහෝ අය නොදන්න, ඔබ කියන යුද කවි දෙක තුනක්‌ ලියෑවී තිබෙනවා. එකක්‌ තමයි "යුද බිම පසු කර සරණාගත කඳවුරට පැමිණි පුතාගෙන් පියා ඇසූ ප්‍රශ්නය" නමින් මා ලියූ කවිය. ඒ වගේම "සින්දු කියන මාළු ගොළුවෝ", "පොලිස්‌ මෙනෙවියගේ තුවක්‌කු පාඩම", "මඩකලපුව රාත්‍රිය" යන නමින් යුද්ධය ගැන මට දැනුණු ප්‍රමාණයෙන් මම කවි ලියුවා.

ප්‍රශ්නය - කවි ලියන්න අත්දැකීම් ඕනමද?

පිළිතුර - ඔව්, නමුත් මම කියන්නේ නැහැ යුද්ධයේ ෙ€දවාචකයක්‌ ගැන කවි ලියන්න යුද්දෙට යන්න ඕනම කියලා. නමුත් මා මුලින් සඳහන් කළ බටහිර කවීන් යුද්ධය ගැන කවි ලිව්වේ යුද අගල්වල හිඳිමිනුයි.

ප්‍රශ්නය - ඔබ කවි පරිවර්තකයෙක්‌. කිසියම් බසකින් ලියෑවුණු කවියක්‌ වෙනත් බසකට පරිවර්තනය කළ හැකිද?

පිළිතුර - එකවරම ඔය ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරය "බැහැ" කියලයි. කවියා භාවිත කරන රූපක සහ විශේෂණ ඒ ඒ භාෂාවට විශේෂයි. ඒ බස තවත් බසකට පෙරළන්න බැහැ. ෆේ‍රdස්‌ට්‌ කියන කවියා කියනවා "පරිවර්තනයේදී වාෂ්ප වෙන්නේ කවියා" කියලා. නමුත් මේ ගැන යම් කෙනකුට ප්‍රශ්න කරන්න පුළුවන්. කාලිදාස හෝ එලියට්‌ පරිවර්තනය කරන්න බැහැ කියල අඩුපාඩු සහිතව හෝ ඔවුන්ගේ කෘති පරිවර්තනය නොකළොත් අපි අපේ කවිය තුළම තනි වේවි. කවදාවත් මුල් කවිය ඒ ගුණයෙන්ම වෙනත් බසකට පරිවර්තනය කරන්න බැහැ. ඒක හරි. නමුත් පරිවර්තනයේදී හැකිතාක්‌ දුරට කවියේ සාරයවත් රැක ගැනීමට පරිවර්තකයා උත්සාහ කළ යුතුයි.

ප්‍රශ්නය - ඔබ ජපන් "හයිකු" කවි බොහොමයක්‌ සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. මේ හරහා ඔබ කෙටි කවිය අපට ගෙන ඒමට උත්සාහ දැරුවත් එය අසාර්ථක වෑයමක්‌ වූ බවට විචාරකයන්ගේ අදහස වුණා?

පිළිතුර - සංක්‍ෂිප්ත බව කවියක තිබිය යුතු සුවිශේෂ ගුණාංගයක්‌ ලෙසයි මා දකින්නෙ. හැබැයි සංක්‍ෂිප්ත බව කියන්නේ කවියේ වචන අඩු බව නොවේ. සුදුසු වචන පමණක්‌ ගෙන නුසුදුසු වචන හැළීමයි. උදාහරණයක්‌ විදියට හයිකු කවිය ගත්තොත්, ඒක මාත්‍රා 17කින් සැදි පෙAළි තුනක කවියක්‌. "හයිකු" කවිය යනු ලෝකයේම තිබෙන සංක්‍ෂිප්තම කවියයි. එය සිංහලයට පරිවර්තනය කරන්න මා උත්සාහ කළේ කවියේ සංක්‍ෂිප්ත බව රැකගෙන බොහෝ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් කියන අදහස පෙන්වන්නයි. ඒ මිසක්‌ සිංහල භාෂාවෙන් හයිකු කවි ලියන්න පුළුවන් කියල පෙන්වන්න නොවේ. ඇත්තටම මේක ඇතැම් අය දැක්‌කේ වැරැදි විදියට. අද හයිකු කවි ලියෑවෙන්නේ ජපානයේ පමණක්‌ නොවේ. ඇමෙරිකාවේ, යුරෝපයේ අද හයිකු ආකෘතියෙන් කවි ලියෑවෙනවා.

ප්‍රශ්නය - අද කෙටි කවි කියා කවි ලියන අපේ බොහෝ දෙනෙක්‌ කරන්නේ එකිනෙකට නොගැලපෙන නිකන් වචන පේළි දෙක තුනක්‌ ලියන එක පමණයි?

පිළිතුර - ඒක මම පිළිගන්නවා. ඔවුන් ලියන්නේ සංක්‍ෂිප්ත කවි නොවේ. ඔවුන් කරන්නේ මොකක්‌දෝ ගැටලුවක්‌ විසඳනවා වගේ වැඩක්‌. මොවුන් ලියන කවි නිසා සංක්‍ෂිප්ත කවියට බරපතල හානියක්‌, සිදුවෙනවා.

ප්‍රශ්නය - පසුගිය මාසයේදී කොළඹ පැවැති "ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන" කවි සැඳෑවකට සහභාගි වීමට අපට අවස්‌ථාව ලැබුණා. එහිදි අප දුටු දෙයක්‌ තමයි ශබ්ද නඟා කවි කියෑවීමෙන් කවියක්‌ හොඳින් රස විදිය හැකි බව. කවි සැඳෑවන් ඔබට අනුව යල් පැනගිය එකක්‌ද?

පිළිතුර - හොඳින් කවි රස විඳින්න නම් ශබ්ද නඟා කියෑවීම අවශ්‍යයි. නමුත් කවි ගායනා කිරීමට ලොකු පරිචයක්‌ අවශ්‍ය වෙනවා. කවි ගායනා කිරීම සින්දු ගායනා කරනවා වගේ ලේසි නැහැ.

අපේ පාඨකයන් අද වැඩිපුරම ආකර්ෂණය වෙලා තියෙන්නේ විද්යුත් මාධ්‍යයට. නමුත් විද්යුත් මාධ්‍යය කවියට තැනක්‌ දෙන්නේ නැහැ. රූපවාහිනිය ගීතවලට දෘශ්‍ය රූප (ඪසිම්ක) දමා ඒවා ප්‍රචාරය කරනවා. ඒවා ගැලපෙන නොගැලපෙන එක වෙනම කතාවක්‌. ඒත් කවියටත් ඒක ගන්න බැරිද? කවියෙන් නිතරම මැවෙන්නේ දෘශ්‍ය රූප. මේකට ඉංගී්‍රසියෙන් කියන්නේ .Reජසඑසබට එයෑ ඡදැප. කියලා .Resසඑසබට. යනවචනයට සිංහල භාෂාවේ වචනයක්‌ නැහැ. කවිය කියෑවීම කිව්වොත් එම අදහස එන්නේ නැහැ. කවිය ගායනා කිරීම කිව්වොත් එන්නේ වැරැදි අර්ථයක්‌. මේ දෙකටම අතරමැදි අදහස්‌ එන වචනයක්‌ .Reජසඑසබට එයෑ ඡදැප. එකට යොදා ගන්න ඕනෑ. මේ ආකාරයට කවිය දෘෂ්‍ය රූප යොදාගෙන රූපවාහිනි මාධ්‍යයෙන් ඉදිරිපත් කළොත් කවියට විශාල පාඨක පිsරිසක්‌ එකතු කරගන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබ නාට්‍ය පරිවර්තන කිහිපයක්‌ කර තිබෙනවා. ඉන් පරිවර්තන තුනකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා. නාට්‍යකරුවකු නොවී නාට්‍ය කෘති පමණක්‌ පරිවර්තනය කිරීමේ අරමුණ කුමක්‌ද?

පිළිතුර - අපේ රටේ නාට්‍ය සාහිත්‍යය තිබෙන්නේ බොහොම නොදියුණු තත්ත්වයක. මට ඕන වුණේ මේ නාට්‍ය සාහිත්‍යය පෝෂණය කරන්නයි. පරිවර්තනය කළ නාට්‍ය කිහිපයක්‌ වේදිකා ගත වුණා. "ට්‍රොaජන් කාන්තාවෝ" නාට්‍යය ධර්මසිරි බණ්‌aඩාරනායකගෙනුත් "ඊඩිපස්‌" නාට්‍යය අතුල පීරිස්‌ ගෙනුත් වේදිකා ගත වුණා. අද විශ්වවිද්‍යාල පහක නාට්‍ය කලා උපාධියට ඉගැන්වීම් කෙරෙනවා. එම උපාධියට පෙනී සිටින සිසුන්ට මගේ නාට්‍ය පිටපත් බොහෝ ප්‍රයෝජනවත් වී තිබෙනවා. ඒ වගේම නාට්‍ය කලා උපාධි පාඨමාලාවේ නිර්දේශ කෘති හැටියට තියෙන්නේ මගේ නාට්‍ය කෘතියි.

ප්‍රශ්නය - සාහිත්‍ය සම්මාන සංකල්පයට ඔබ නම් කැමැති ඇති....?

පිළිතුරු - සාහිත්‍යකරුවන්ට සම්මාන දීම අවශ්‍යයි. අපේ රටේ සාහිත්‍යකරුවන්ට කරන එකම අගය කිරීම තමයි සම්මාන දීම. වෙනත් රටවලත් සාහිත්‍යකරුවන් ඇගයීමට විවිධ නම්වලින් බොහෝ සම්මාන පිරිනමනවා. නමුත් අපේ රටේ සිදුවන්නේ රජය මගින් කරන අගය කිරීම පමණයි.

සම්මාන දීමෙන් නිර්මාණකරුවන්ගේ කාර්යයට යම් දිරිගැන්වීමක්‌ හිමිවන බව කිව යුතුයි. සම්මාන දීමේ ක්‍රමවේදය ගැන විවිධ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. සම්මානයක්‌ දුන්නේ කොතැනද ඒ හැම තැනම ඔය ප්‍රශ්න තිබුණානෙ. නමුත් සම්මාන, විවේචනවලින් හැකිතාක්‌ දුරට අඩු කරගන්නවා නම් තමයි ගොඩක්‌ හොඳ.

මෙපමණ කාලයක්‌ සම්මාන දීමේදී මතුවුණු විවේචන දෙස බැලූ විට පෙනෙන දෙයක්‌ තමයි නිර්දෝෂී කළ යුතු බොහෝ තැන් තිබෙන බව. මගේ අදහස නම් මීට පෙර සම්මාන සඳහා තෝරාගත් කෘති පිළිබඳව නැවත සාකච්ඡාවක්‌ කළ යුතුයි.

සාහිත්‍ය කෘති විනිශ්චය කරන්නන්ට ඒ කෘති තේරූ විධි ක්‍රමය ගැන පාඨකයා ඉදිරියට ගිහින් කියන්න පුළුවන් වෙන්න ඕනෑ. නමුත් ඒක අපේ රටේ මේ වෙනතෙක්‌ වුණේ නැහැ.

ප්‍රශ්නය - රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී කෘති සඳහා සම්මාන පිරිනමන්නේ රජයේ සාහිත්‍ය මිනුම් දඬුවලට අනුවයි. මේ මිනුම් දඬු නිසා සාහිත්‍යකරුවන්ට සාධාරණත්වයක්‌ ඉටුවෙයි කියා ඔබ සිතනවාද?

පිළිතුර - නිර්මාණ තෝරා ගැනීම හැමවිටම සිදුවන්නේ පුද්ගල බද්ධවයි. මේ නිසා හැමෝම පිළිගන්න මිනුම් දඬු අපට හදන්න බැහැ. මෙහිදී කළ යුත්තේ හැකිතාක්‌ දුරට තත්ත්වය නිර්මල කිරීමයි. හැබැයි සාහිත්‍ය කෘති විනිශ්චය කළ පුද්ගලයන් නිර්භයව හෙළි කිරීමට සාහිත්‍ය අනුමණ්‌ඩලයට හැකියාව තිබිය යුතුයි.

ප්‍රශ්නය - ඔබත් සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූවා. ඔබ සංස්‌කෘතික ලේකම් ලෙස කටයුතු කරද්දී අප රටේ සාහිත්‍යය නඟාසිටුවීමට කළේ මොනවාද?

පිළිතුර - (මඳක්‌ නිහඬව සිට) ඒක මෙතැනට කියන්න අවශ්‍ය ද?



ප්‍රශ්නය - සංස්‌කෘතික ලේකම් ධුරයේ කටයුතු කරමින් කළ කාර්යයන් පිළිබඳව ඔබට කීමට යමක්‌ තිබෙනවාද?

පිළිතුර - සංස්‌කෘතික ලේකම් ලෙස මා කළ කාර්යයන් ගැන කතා කරන්න මම කැමැති නැහැ. මම මේ කියන ටිකවත් පළ කරන්න අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ. මම අහවල් අහවල් දේ කළා. මේ මේ දේවල් කරන්න බැරිවුණා කිව්වොත් ඒක දැන් ඒ තනතුරේ ඉන්න අයටත් හොඳ නැති වෙන්න පුළුවන්. සාකච්ඡාවට ඒක නුසුදුසු වෙන්නත් පුළුවන්. ඒක මම කිව්වොත් ඒක මගේ පුරසාරමක්‌ විතරක්‌ වේවි.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබට කියන්න කිසිවක්‌ නැහැ...?

පිළිතුර - අපොයි කියන්න බොහෝ දේවල් තියෙනවා. මම ඒක ඔබට පෞද්ගලිකව කියන්නම්. ඒ කතා ප්‍රසිද්ධ කරන එක හරි නැහැ.

ප්‍රශ්නය - වසර 25 ක පමණ ඔබගේ නිර්මාණකරණයේ ගමන් මග දෙස ආපසු හැරී බැලුවොත් කුමක්‌ද ඔබට හිතෙන්නේ?

පිළිතුර - මගේ නිර්මාණ ආශාව කුළුගැන්වුණු කාලය තමයි ගෙවී ගිය අවුරුදු විසිපහක කාලය ඒ කාලය තුළ මා කළ නිර්මාණ ගැන මම, සෑහීමකට පත්වෙනවා. මගේ නිර්මාණවලින් අපේ සාහිත්‍යයට යම් වැදගත්කමක්‌ ඇති නිර්මාණ කෙරුණා කියල මට හිතෙනවා. ඒක ගැන මට නිහතමානී සතුටක්‌ දැනෙනවා.

ප්‍රශ්නය - ඔබට නිහතමානී සතුටක්‌ තිබෙන්නේ ඔබේ පොත්වලට සම්මාන ලැබුණු නිසාද?

පිළිතුර - අනේ· නැහැ. නමුත් මම මෙහෙම හිතනවා. යම් පුද්ගලයකුගේ ජීවිත කාලය බොහොම කෙටියිනේ. අපිට ක්‍රියාශීලිව කටයුතු කළ හැකි කාලය ජීවිත කාලයෙන් අඩකටත් වඩා අඩුයි. මේ කාලය තුළ ඔහුට තමන්ගේ නිර්මාණ කිරීමට ලැබෙන්නේ කුඩා කාලයක්‌. මේ කෙටි කාලය තුළ මා කළ නිර්මාණයන්ට යම්කිසි ඇගයීමක්‌ වෙනවා නම් එයයි මගේ සතුට. මම කළ නිර්මාණ පිළිබඳ ඇගයීම සම්මානයට වඩා මට වටිනවා.

ප්‍රශ්නය - සාහිත්‍ය සම්මාන ගැන කතා කරන විට ඒ පිළිබඳව ඔබට එල්ල වූ ප්‍රබල චෝදනාවක්‌ තිබෙනවා. ඔබ සංස්‌කෘතික ලේකම් ධුරයේ කටයුතු කරමින් ඔබ පරිවර්තනය කළ වනපෙත අඬ ගසයි" කෘතියට සම්මානයක්‌ ලබා ගන්නවා. එය සදාචාරාත්මක ද?

පිළිතුර - ඔය සම්මානය ලැබුණු දවස්‌වල මම සංස්‌කෘතික ලේකම්වරයා ලෙස කටයුතු කළා තමයි. නමුත් සාහිත්‍ය අනුමණ්‌ඩලය මගින් කරන කෘති තෝරා ගැනීම්වලට කිසිම අයුරකින් මම මැදිහත් වුණේ නැහැ. ඒ කතාව විශ්වාස කරන එක හෝ නොකරන එක වෙනම වැඩක්‌. මගේ පොතට සම්මාන ගන්න මම මැදිහත් වුණේ නැහැ කියලා නළලේ අතගහලා මට කියන්න පුළුවන්. මගේ පොතට සම්මානය ලැබිලා කියලා මම දැනගත්තේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රතිඵල මාධ්‍යයයට නිකුත් කළ දවසෙයි. සාහිත්‍ය අනු මණ්‌ඩලයේ සභාපතිතුමාත්, මමත් එදා එතන හිටියා. ප්‍රතිඵල මාධ්‍යයට නිකුත් කරද්දී මගේ පොතට සම්මානයක්‌ හිමිවෙලා කියලා දැනගත්ත ගමන් මම ඒ මොහෙතෙදීම මාධ්‍යයට ප්‍රකාශයක්‌ කරලා කිව්වා මගේ පොතට සම්මානයක්‌ ලැබීම මට සතුටක්‌, නමුත් සංස්‌කෘතික ලේකම් ධුරයේ සිටින තාක්‌ කල් මම මේ සම්මානයත්, ඊට හිමි මුදලත් භාර ගන්නේ නැහැ කියල.

අද වනවිට "වනපෙත අඬ ගසයි" කෘතිය හතරවැනි මුද්‍රණයත් පළවී තිබෙනවා. නමුත් පොතේ කිසිම තැනක මම අද වනතුරු සඳහනක්‌ කර නැහැ. අහවල් අවුරුද්දේ එම කෘතියට රාජ්‍ය සම්මාන හිමි වුණා කියලා.

ප්‍රශ්නය - නමුත් ඔබ සම්මානය ප්‍රතික්‍ෂේප කළා කියලා මාධ්‍යයට කිව්වාට මාධ්‍යයේ පළ වූයේ ඔබ සම්මානය ලබාගත්තා කියලයි ?

පිළිතුර - මා කියූ දේ නිවැරැදිව මාධ්‍යයේ පළ වුණේ නැහැ. සම්මානය ප්‍රතික්‍ෂේප කරමින් කළ කතාව පාඨකයකුට සැකයක්‌ උපදවන ආකාරයෙනුයි පත්තරවල පළ වුණේ. මේ කතාව අල්ලාගෙන ඇතැම් අය මාධ්‍යයට කියා තිබුණා ලේකම්වරයා කියන දේවල් වෙන්නේ නැහැ, ඔය මොන බොරු කතාද කියලා.

සාකච්ඡා කළේ රසී වීරසිංහ


READ MORE - විනිශ්චය ගැන කියන්න බැරි නම් විනිශ්චයකරුවන් කුමටද?