----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label සාහිත්‍යය. Show all posts
Showing posts with label සාහිත්‍යය. Show all posts

හෙට නැවත එයි

Monday, February 4, 2013

සුලභ අත්දැකීම් ඇසුරෙන් පුලුල් ජීවනාර්ථයක්‌ මතු කරන හෙට නැවත එයි

ගාමිණී වේරගම

කර්තෘ ( බුද්ධදාස ගලප්පත්ති

සරසවි ප්‍රකාශකයෝ - නුගේගොඩ

"හෙට නැවත එයි" බුද්ධදාස ගලප්පත්තිගේ සිව්වන කෙටිකතා සංග්‍රහයයි. මේ නිසා බුද්ධි කෙටිකතාවට ආධුනිකයකු ලෙස සැලකිය නොහැකියි. ඔහුගේ මෑතකාලීන කෙටි කතා විමසුමේ දී ඉස්‌මතු වන ප්‍රධාන ලක්‍ෂණ කිහිපයක්‌ තිබේ. ඔහුගේ තේමා බොහෝවිට සුලභ ස්‌වභාවයක්‌ හිමි කර ගනී. මේ සුලභ බව ඇසුරින් මනුෂ්‍ය ස්‌වභාවය පමණක්‌ නොව සමාජමය අනුභූතීන් ද මතු කොට ගැන්මට රචකයා නිරන්තරයෙන් ප්‍රයත්න දරයි. මේ ප්‍රයත්න විටෙක සාර්ථක වෙතත් විටෙක ගැඹුරු ජීවන අත්දැකීමක සීමාවේ නවතියි. එයට හේතුකාරක වන සාධක කිහිපයකි. සමහර අවස්‌ථාවල රචකයාගේ අත්දැකීම් දැයි සිතෙන පමණට පුද්ගල ස්‌වභාවය ඉස්‌මතු වේ. කෙටිකතා නිර්මාණයේදී මේ දුර්වලතාවක්‌ නොවෙයි. එහෙත් මේ පුද්ගල ස්‌වභාවය යටපත් කරමින් පොදු අනුභූතියක හැඩතලවලට පිවිසීම රචකයාගේ කාර්යය වෙයි. දෙවනුව රචකයා බොහෝ විට තම තේමාවන් විකාශනයේ දී චරිත කිහිපයකටම ප්‍රමුඛතාව දෙයි. රචකයාට මේ සෑම චරිතයක්‌ම එක්‌ ලෙසින් වැදගත් වේ. සෑම චරිතයක්‌ම එක්‌ ලෙසින් විකාශනයට අවධානය යොමු කිරීම නිසා කේන්ද්‍රීය අත්දැකීමට විසුරුණු ස්‌වභාවයක්‌ අත්වෙයි. සමහර විටෙක කේන්ද්‍රීය චරිතය යටපත්ව වෙනත් චරිතයක්‌ මූලික වීමෙන් කෙටිකතාව අවසන් වන අවස්‌ථා ද දැකිය හැකිය. එමෙන්ම අත්දැකීම යටපත්ව රචකයා ඉස්‌මතු වන අවස්‌ථා ද දැකිය හැකිවෙයි. එබඳු අවස්‌ථාවල එක්‌වන අනුචිත වර්ණනා නිසා කතාවේ හරය යටපත් වේ.

මේ ලක්‍ෂණ සමහර විටෙක රචකයකුගේ නිර්මාණාවේශය සීමා කරන්නට හේතුවන්නකි. එහෙත් බුද්ධිගේ කෙටි කතා විමසුමේ දී මේ ලක්‍ෂණ කිසියම් මට්‌ටමකට පාලනය කරන්නට හේතුකාරක වන හැඩතලද පවත්නා බව පෙනී යයි. එහි දී මූලික වන්නේ සුලභ අත්දැකීමක්‌ ඇසුරින් වුව කිසියම් පුළුල් ජීවනාර්ථයක්‌ මතුකොට ගැනීමට දැරෙන ප්‍රයත්නයයි. මනුෂ්‍ය ස්‌වභාවය ද විටෙක සමාජමය ගුණයද එවන් අවස්‌ථාවල කෙටි කතාවේ මූලික ගුණය බවට පත්වෙයි. දෙවනුව රචකයා විසින් උපයුක්‌ත බස්‌වහරයි. ඔහුගේ බස නිරවුල් ය. රසවත් ය. අර්ථ පූර්ණ ය. එහෙයින් කේන්ද්‍රීය අත්දැකීමට අපූරු කතා රසයක්‌ හිමිවෙයි. එපමණක්‌ නොවේ. ඔහු සියුම් යටිපෙළක්‌ පවත්වා ගන්නේද මේ බස්‌වහර ඇසුරේය. සමහර විටෙක අත්දැකීමේ නොමැති යටි අරුත් ද මේ බස්‌වහරෙන් නිරායාසයෙන් මතු වේ. බුද්ධි මා දකින අයුරින් අති සාර්ථක කවියේදීය. ඔහු සියල්ලටම ප්‍රථමයෙන් කවියකු ලෙස දැක්‌විම අයුක්‌තිසහගත නොවෙතැයි සිතමි. කවියා ඉතා සංයමයෙන් බස හසුරුවන්නෙකි. එක්‌ වදනකින් අරුත් සියයක්‌ මතුකොට ගැන්මට ඔහු සමත් ය. එක්‌ අනුචිත වදනක්‌ සාර්ථක කවියක තිබිය නොහැකියි. බුද්ධි කවියෙන් කෙටිකතාවට මේ බස ගෙන එන්නට විශාල උත්සාහයක යෙදෙන බව පෙනේ. ඔහුගේ සමහර කෙටිකතා අනුචිත වර්ණනාවලින් චරිත විස්‌තර කිරීම්වලින් යුක්‌තය. එවැනි අවස්‌ථාවල බස අත්දැකීමේ බිඳ වැටීමට හේතුවක්‌ වේ. එහෙත් ඔහුගේ සාර්ථක කෙටි කතාවල ප්‍රධාන ගුණය වන්නේ ද අවස්‌ථාවෝචිතව නිර්මාණාත්මකව හසුරුවන බස්‌ වහරයි. එබඳු අවස්‌ථාවල කෙටි කතාව අප තුළ සියුම් භාවමය කම්පනයක්‌ ඇති කරන්නට ජීවිතාවබෝධයක්‌ ජනිත කරන්නට හේතු වේ.

''හෙට නැවත එයි'' කෙටිකතා සංග්‍රහයේ නිර්මාණ විමසුමට මා එළඹෙන්නේ බුද්ධිගේ කෙටි කතාවල පොදුවේ ගැබ්වන සාධනීය ලක්‍ෂණ ද නිෂේධනීය ලක්‌ෂණ ද සන්දර්භය ලෙස ගනිමිනි.

'දවසක්‌ නිමාවෙයි' අත්දැකීමේ අපූර්ව බවක්‌ නැත. එහෙත් උපයුක්‌ත බස්‌ වහර නිසා එය ආසාවෙන් කියවිය හැකි නිර්මාණයක්‌ බවට පත්වේ. (බුද්ධිගේ සියලු කෙටිකතා මේ ගුණයෙන් නම් අනූන බව කිව යුතුය) තම රෝගී බව නිසා දියණියගේ ආසාව ඉටුකළ නොහැකිව තැවෙන පියකු මෙහිදී අපට හමුවේ. අසනීප බව නිසා සේවයට නොයාමෙන් ඔහුගේ ගැනුම්කරුවන් ද අහිමි වී ගොසිනි. එහෙත් කුඩා දැරියක නිසා ඔහුගේ අභිමතාර්ථය ඉටු කර ගැනීමට හැකිවෙයි. මෙය කාබුලිවාලා වැනි නිර්මාණයක්‌ සිහියට නගන්නකි. වෙළෙන්දා හා දැරිය අතර සම්බන්ධතාව මෙයට වඩා සියුම්ව ගොඩනැගුවේ නම් ගැඹුරු ජීවන දර්ශනයන් මතු කර ගැනීමට අවකාශ තිබූ බවක්‌ දැනේ. වෙනත් අවස්‌ථා විග්‍රහය නිසා මේ මානය රචකයාගෙන් ගිලිහේ. ඒ සීමාව තුළ වුවද පියකුගේ හදගැස්‌ම පිළිබඳ කිසියම් ශෝක ජනක හැඟêමක්‌ අප තුළ දනවන්නට රචකයා සමත්වෙයි. ඒ ඔහු සෝමදාසගේ චරිතය ද අධ්‍යාත්මය ද විග්‍රහයට භාවිත කරන සංවේදී බස නිසාය.

'අවමගුල් චාරිකාව' මේ සංග්‍රහයේ එන සාර්ථක කෙටිකතාවකි. එය තියුණු සමාජ දැක්‌මකින් යුක්‌තය. එමෙන්ම මනුෂ්‍ය ස්‌වභාවයන් පිළිබඳ සියුම් උපහාසයකින්ද හෙබියේයි. අත්දැකීම බැලූ බැල්මට අපූර්ව නොවේ. එහෙත් රචකයා එය ඉදිරිපත් කරන ස්‌වභාවය තුළ ඒ සුලභ බව යටපත්ව යයි. තම සගයකුගේ පියාගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට යන මිතුරු සේවකයන් එහි ප්‍රධාන චරිත කොටගැනේ. රැකියාවෙන් හෙම්බත්ව සිටින පුද්ගලයන්ට දුර ගමනක්‌ යැමට ලැබෙන අවස්‌ථාව ඒකාකාරී ජීවිතයෙන් පලායැමට ලැබෙන මහඟු ප්‍රස්‌තාවකි. එය මංගල්‍යයක්‌ ද අවමංගල්‍යක්‌ද යන්න වැදගත් වන්නේ නැත. අවමංගල්‍ය උත්සවයකට යන මේ පිරිස ද අවස්‌ථාව පැහැර හරින්නේ නැත. මධුවිතෙන් ද රසවත් ආහාර පානයෙන් ද සන්තර්පණය වීමට, මුහුදේ ස්‌නානය කරමින් ගිම් නිවා ගැනීමට ඔවුන් පසුබට වන්නේ නැත. ගමනේ මුල් අරමුණ ඔවුන්ගේ මනසින් ගිලිහේ. මළ ගෙදරට යන විට එහි සියලු කටයුතු අවසන් ය. එයද එතරම් භාරදූර ලෙස ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. මෙහි උත්ප්‍රාසය වනුයේ මෙබඳු අවස්‌ථාවක්‌ ලැබුණේ නම් මළගෙදර ගෙහිමියා ද මේ කාර්යය සමග මෙලෙස ම හැසිරෙන බව අප දන්නා නිසා ය. මේ කෙටිකතාව සමාජ ජීවිතයෙන් හෙම්බත්ව සිටින මිනිසුන් දෙස සදය අනුකම්පාවෙන් බැලීමක්‌ වැන්න. මේ අප කවුරුත් සිරව සිටින පාශයයි. එයින් ස්‌වල්ප වේලාවකට හෝ අත්මිදෙන්නට අසතුටු වන්නේ කවුරුන් ද? පුද්ගල අත්දැකීමක්‌ පොදු අත්දැකීමක්‌ බවට පරිවර්තනය වන්නේ ඒ ආකාරයටයි. සියුම් උපහාසාත්මක දැක්‌මකින් ද යුක්‌තව වර්තමානය විවරණය කළ ද මෙහි එක්‌ දුබලතාවක්‌ වන්නේ බාහිර විග්‍රහ නිසා කේන්ද්‍රීය අත්දැකීම මදක්‌ යටපත්ව යාමයි. නිදසුනක්‌ දක්‌වතොත් මෙහි ප්‍රධාන චරිතය සුමින්ද ය. එහෙත් මේ කතාව අවසන් වන්නේ විල්සන් කේන්ද්‍රීය චරිතය බවට පත් කරමිනි. මේ විසුරුණු බව නොවන්නට අවමගුල් චාරිකාව කෙටි කතාවේ ගුණය තවත් වැඩිවනු නිසැකය.

'දෙදෙනාම දියණියෝ' කෙටිකතාවටද විෂය වනුයේ ජීවිතය පිළිබඳ අනුවේදනීය අත්දැකීමකි. දරුවන් නැති සොවින් පෙළෙන යුවළක්‌ දරුවකු හදා ගැනීමට ගත් විට ඔවුන්ට ද දරුවකු ලැබේ. එහෙත් ඔවුන්ගේ දරුවා රෝගීව මියයාමත් සමග හදාගත් දරුවාද අහිමි වීමේ බිය ඔවුන්ට ඇතිවේ. මේ තේමාව අපූරුය. ජීවිතය පිළිබඳ අනුවේදනීය අනුභූතීන් උත්පාදනයට සමත් ය. එහෙත් රචකයා අපේක්‍ෂා කළ කම්පනය අප තුළ ඇති නොවේ. එයට එක්‌ හේතුවක්‌ වන්නේ උචිතානුචිත බව නොසලකා සියලුම චරිත එක්‌ ලෙසින් විග්‍රහයට යොමු වීමයි. දෙවනුව තිලක්‌ගේ හා පූර්ණිමාගේ ප්‍රේම ජීවිතය පිළිබඳ තොරතුරු වර්ණනා කේන්ද්‍රීය අත්දැකීමට අදාළ නොවීමයි. රචකයා කතා රසය පවත්වා ගනී. එහෙත් අත්දැකීමේ සියුම් බව සිඳ ගනී.

මේ කෙටිකතා සංග්‍රහයේ හොඳම නිර්මාණය ලෙස මා අගයන්නේ පුංචි කුසුමලතා කතාවයි. එය රචකයා 1975 ලියුවක්‌ බව සඳහන් වේ. මේ නිර්මාණය හයිකු කවියක්‌ වැන්න. අත්දැකීම හා ඉන් නිපන් සංවේදී කම්පනය, උපයුක්‌ත බස්‌වහර හා ඉන් කේන්ද්‍රීය අත්දැකීමට හිමිවන අර්ථ ප්‍රකාශනය ඉහළ තලයක පවතී. එක්‌ අනුචිත වර්ණාවක්‌ නොව අනුචිත වදනකුදු දැකිය නොහේ. ජීවිතය ගැට ගසා ගැනීමේ ප්‍රයත්නය නිසාම ජීවිතය අහිමි කර ගන්නා සෝමදාස, කටුක දුක්‌ අනුභව කරන සෝමාවතී, රෝගී දැරිය අපගේම ළබැඳියන් බවට පත්වෙයි. අනපේක්‌ෂිත අයුරින් සිදුවන සෝමදාසගේ මරණය අපගේ ආශ්වාසය මොහොතකට නතර කරවයි. ඉන්පසු කුමක්‌ සිදුවේද? මෙය අපට දැරිය නොහැකියි. රචකයා මේ හාස්‌කම කරන්නේ කෙටිකතාවේ ආකෘතික හැඩය බුහුටි ආකාරයෙන් භාවිත කිරීම මගිනි. චරිත හසුරු වන ආකාරය, බස භාවිතය මගින් මතු කෙරෙන සංඥාර්ථ විසින් මේ ඉහළ තලයකට පිවිසේ. බුද්ධි විසින් වගා කර ගත යුතුව තිබූ ගුණ මේවායි. වර්තමානය වන විට ඔහු වෙනස්‌ ආකෘතියකට පිවිසීමෙන් කෙටිකතාකරුවකු ලෙස අත්කර ගත හැකිව තිබූ කීර්තිය යටපත් වූයේ යෑයි කීම අසාධාරණ නොවෙතැයි සිතමි.

'එය එසේ සිදුවිය කෙටිකතාව' ප්‍රේමලාල් මූලික කරගත්ත ද එය ද උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ප්‍රධාන කොටගත් නිර්මාණයක්‌ නොවේ. මෙය බුද්ධිගේ කෙටිකතාවල නිරන්තරයෙන් දැකිය හැකි ලක්‍ෂණයකි. එහෙත් සමහර කෙටි කතා ඉල්ලා සිටින්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. 'එය එසේ සිදුවිය' එබඳු කෙටි කතාවකි. එසේ වූයේ නම් අත්දැකීම වඩා සංවේදීවීමට අවකාශ තිබිණි. මේ කෙටිකතාව අතිශයින් පුද්ගල ස්‌වභාවයක්‌ හිමිකර ගනී. මෙහිදී එය දෝෂයක්‌ නොවනුයේ අත්දැකීමට හානිකර නොවන නිසයි. මීයන්ට තැබූ විෂ බෙහෙත් කා දැමූ සුරතල් බල්ලා මියයාම මෙහි වස්‌තු බීජයයි. අත්දැකීම සියුම් කම්පනයක්‌ ඇති වන ආකාරයෙන් විකාශය නොවූවද උපයුක්‌ත බස්‌ වහර රසවත්ය. එහෙයින් කතා රසය මෙහි දි මූලික ගුණය බවට පත්වේ. සුරතල් බල්ලා අහිමි වීම පිළිබඳ දැරියගේ ශෝකයට මූලිaකත්වය ලැබුණේ නම් වඩා සංවේදී අත්දැකීමක්‌ බවට පත්වීමට අවකාශ තිබිණි.

'ටෙලි නිළිය' වර්තමාන කලා ලෝකය පිළිබඳ රචකයාගේ අත්දැකීම් මෙන්ම ගවේෂණශීලී දැක්‌ම ද ප්‍රකට කරයි. එහි ප්‍රථම භාගය ඉතා සාරවත්ය. චරිත හඳුන්වා දෙන ස්‌වභාවය අගනේය. චාරු නිසංසලා, µSලීෂියා ආන්ටි, පුෂ්පමාලා, හරේන්ද්‍ර ප්‍රධාන චරිතවල හැසිරීම් රටාවන්, චෛතසිකයන් මැනවින් ඉස්‌මතු වේ. වර්තමානයේ රූප මාධ්‍යයට පිවිසෙන තරුණ තරුණියන් මුහුණ දෙන ව්‍යසනය පිළිබඳ සියුම් කම්පනයක්‌ද ඉන් ගම්‍ය වේ. කෙටි කතාව මේ මුලික හැඩතලවලින් පිටතට පනින්නේ අවසන් අදියරේය. චාරු හරේන්ද්‍රට නතුවීම, සහාය අධ්‍යක්‍ෂකට නතුවීම ක්‌ෂණික වූවද අභව්‍ය නොවේ. එය කෙටි කතාවේ ස්‌වභාවය විසින්ම ඉල්ලා සිටින සිදුවීම් ය. එහෙත් හරේන්ද්‍ර ලියුකේමියා රෝගියකු බවට පත්වීම, චාරු විවාහ කරගැනීමට සතුටු වීම ආකස්‌මිකව, බලයෙන් එබ්බවූ සිදුවීම් බවට පත්වේ. මෙහෙයින් චාරු මුහුණ දෙන ගැටලුවේ මානුෂික හා සමාජමය ස්‌වභාවය යටපත් වේ. ඉන් ගම්‍ය වනුයේ නවකතාවකට උචිත චරිත හා සිදුවීම් කෙටිකතාවකට බලයෙන් එබ්බවූ ආකාරයකි. එසේ නොවන්නට ටෙලි නිළිය මේ සංග්‍රහයේ වඩාත් සාර්ථකම නිර්මාණයක්‌ වනු නිසැකය.

'ජීවිතේ සුන්දරයි' පෞද්ගලික අත්දැකීමක්‌ මොහොතින් පොදු අනුභූතියක්‌ බවට පත්වන විරල අවස්‌ථාවකි. මෙය චරිතය මරා දමමින් රචකයා ඉස්‌මතු වන අවස්‌ථා ද තිබෙන නිර්මාණයකි. එහෙත් ඉන් කෙටිකතාවකට අවැඩක්‌ සිදු වී නැත්තේ ය. වියපත් යුවළකගේ ප්‍රේමය පිළිබඳ තේමාව තුළ කිසියම් සමාජමය දැක්‌මක්‌ ද ගැබ්වෙයි. සමාජය මෙවැනි සම්බන්ධතාවන් අවලෝකනය කරන්නේ කෙසේද? විවාහ වන වයසේ දියණියක සිටින පියෙක්‌, යෞවනය ඉක්‌ම වූ අවිවාහක ස්‌ත්‍රියක්‌ වෙත සමාජ ඇස යහපත් වන්නේ නැත. මේ සමාජ ආකල්පයන්ට ඉඳුරා නතුවන පුද්ගලයන්ට ජීවිතයේ සතුට, සැනසුම දුරස්‌ය. එහෙත් ඒ සීමාවන් අතික්‍රමණය කළ හැක්‌කේ කීදෙනෙකුට ද? එබඳු චිත්ත ධෛර්යක්‌ වඩවාගත හැක්‌කේද? එහෙත් රචකයා අපට කියනුයේ මේ ද මිනිසුන් බවය. මිනිස්‌ හැසිරීම්වලට වයස බාධකයක්‌ නොවේ. ඔවුන්ටද සෙනෙහස, මිත්‍රත්වය අවශ්‍යයි. මේ චරිතවල හැසිරීම් රටාවන් කෙටිකතාව විසින් ඉල්ලනු ලබන සීමාවන් ඉක්‌මවන අවස්‌ථාවන් තිබුණ ද එයින් කෙටි කතාවේ මුඛය අරමුණට හා හැඩයට එතරම් හානියක්‌ වී නැත. ජීවිතය පිළිබඳ සියුම් කාංසාජනක හැඟêම් ජනනය කරන නිර්මාණයකි. උපයුක්‌ත බස ද අත්දැකීම හා අවියෝජනීයව බැඳී පවතී.

බුද්ධිගේ කෙටි කතා ජීවිතය දෙස විවිධ මානවලින් නිරීක්‌ෂණය කරන්නට දරන ප්‍රයත්න සේ හඳුනාගැනුම අසීරු නොවේ. ඉඳහිට නිෂේධනීය ලක්‍ෂණ නිසා කේන්ද්‍රීය අත්දැකීම ලුහුවූවද සමස්‌තයක්‌ ලෙස බුද්ධි කෙටිකතාව විෂය යෙහිලා දක්‌වන කුසලතා අගනේය. ජීවිතය හා සමාජ හැඩතල කෙරේ ඔහුගේ තියුණු දැක්‌ම පමණක්‌ නොව මනුෂ්‍ය ස්‌වභාවය අරභයා ඔහුගේ දයාබර බවද මේ කෙටි කතාවල ප්‍රමුඛ ලක්‍ෂණ සේ හඳුනාගැනුම අසීරු නොවේ. කෙටිකතාවේ ආකෘතික පක්‍ෂය පිළිබඳ ද ඔහුගේ දැනුම, අවබෝධය ප්‍රමාණවත්ය. 'පුංචි කුසුමලතා' මනා නිදසුනකි. මෙහෙයින් ඉදිරියේ දී මෙයට වඩා ප්‍රබල ආදර්ශී කෙටි කතා ආස්‌වාදනයට අපට අවස්‌ථාව ලැබෙනු ඇත.





READ MORE - හෙට නැවත එයි

විකුම්සිහ වත අධ්‍යාපනික ප්‍රදර්ශනය

Tuesday, November 27, 2012


කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශය මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරනු ලබන "විකුම්සිහ වත" හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණය 2012 නොවැම්බර් 28 බදදා සහ නොවැම්බර් 29 බ්‍රහස්පතින්දා යන දෙදින තුළ කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

2012 නොවැම්බර් 28 බදාදා

පෙ.ව 09.00 : සමාරම්භක උළෙල[ K2-003 ශාලාව]


පෙ.ව 10.00 : මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සාහිත්‍ය මෙහෙවර" මැයෙන් අනුස්මරණ දේශනය - දේශක කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතා [K2-003 ශාලාව]

ප.ව 2.30 : විරාගය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]

2012 නොවැම්බර් 29 බ්‍රහස්පතින්දා

පෙරවරු 8.30 : ගම්පෙරළිය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]

පෙරවරු 10.30 : කලියුගය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]

ප.ව 2.30 : යුගාන්තය චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම. [K3-001 ශාලාව]


[මෙම සියලුම චිත්‍රපටි නොමිලේ නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවේ]

පුස්තකාල හා විඥාපන විද්‍යා ශිෂ්‍ය සංගමය මේ සඳහා ඔබට සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටී.

වැඩි විස්තර සඳහා 011-2917712 දුරකතන අංකයෙන් විමසන්න.
READ MORE - විකුම්සිහ වත අධ්‍යාපනික ප්‍රදර්ශනය

භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!

Friday, November 16, 2012


 

කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි.
මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා නිපුණතාවය වැඩි දියුණු කිරීමේත්, නිර්මාණශීලී කලා ප්‍රකාශන හැකියාව තවත් ඉහලට ගෙන ඒම වෙනුවෙන් වූ භාෂා කලා ඇකඩමියක අවශ්‍යතාව ඇති ව තිබේ.

මේ වන විට භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර අවසන් ය. මෙම ඇකඩමියේ අරමුණ භාෂාව සහ සාහිත්‍ය කලා අවබෝධයෙන් පිරිපුන් නිර්මාණකරුවන්ගෙන් සපිරි නව පරපුරක් මගින් අප රටේ සංස්කතෘතික ජීවිතය සාරවත් කිරීම සහ සුරක්ෂිත කිරීමයි.
2013 වසරේ ජනවාරියේ ඇකඩමියේ අධ්‍යයන කටයුතු ඇරඹීමට සැළසුම් කර තිබේ. ඔබ මේ පණිවුඩය සියළු දෙනා වෙත ගෙන යන්න. ඔවුන් සමග ඔබත් ඊට සම්බන්ධ වන්න. අපි සදා නොවෙනස් මිතුරු මිතුරියන් ලෙස එකට වැඩ කරමු!
මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රමුඛ වි‍ශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන, භාෂා සාහිත්‍ය කලා ඇකඩමියෙහි අධ්‍යයන කටයුතු ජනවාරියේදී ඇරඹීමට නියමිත ය. මෙහි පාඨමාලා පහත පරිදි වේ.

පළමු පියවර (ඩිප්ලෝමා)

සම්භාව්‍ය සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය, සිංහල සාහිත්‍ය ඉතිහාසය

දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)-

ලෝක සාහිත්‍ය (රුසියානු,ඉංග්‍රීසි,ඉන්දියානු,අප්‍රිකානු) ,භාෂාවේ ඉතිහාසය,කලාවේ ඉතිහාසය, කලා විචාරය

ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම්

කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන් ඇදුරියන්,වෘත්තීයවේදීන් වෘත්තීයවේදිනියන්,සරසවි සිසුන් සිසුවියන්, පාසල් ගුරුවරුන් ගුරුවරියන්, උසස් පෙළ සිංහල සිසු සිසුවියන්,කලා රස වින්දනය අගයන වැඩිහිටියන්.
සති අන්තයේ එක් දිනක් බැගින් කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂයය සන්ධාරය හේතුවෙන් පාඨමාලා කාලය වසර දෙකකට වඩා වැඩි වනු ඇත.
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී මාධ්‍ය/කලා/අධ්‍යපාපන ක්ෂේත්‍ර වල,රැකියා සඳහා තෝරා ගැනීමේදීත් ඒවායේ උසස්වීම් දීමේදීත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත.
ආසන සීමිත ගනනක් බැවින් ඔබේ අයදුම්පත් නොපමාව එවන්න.
brahaspathi@ymail.com
වැඩි විස්තර සඳහා 
 
 
Oththuwa - http://www.arunalla.tk


READ MORE - භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!

අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

Saturday, October 20, 2012


අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

රසාංගනී සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගලගේ ආදරණීය බිරිය
මෙවර ‘දෘෂ්ටිකෝණය’ විශේෂාංගය වෙන් වනුයේ අපේ රටේ අතිශය ජනප්‍රිය පුද්ගලයෙකුගේ ජීවිතය බෙදා හදාගන්නා ආදරණීය බිරියක් වෙනුවෙනි. ඔහු මේ රටේ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයා යැයි කිව්වත් නිවැරදියි. එපමණක් නොවෙයි අපේ රටේ නවකතා කලාවේ, ගීත රචනා ක්ෂේත්‍රයේ මෙන් ම සිනමාවේ ද කිසියම් වූ විප්ලවීය වෙනසක් සිදු කළ අයෙක්. ඔහු උපුල් ශාන්ත සන්නස්ගල. මෙවර ‘දෘෂ්ටිකෝණය’ ට එක්වන්නේ ඔහුගේ ප්‍රිය බිරිය වන රසාංගනී ප්‍රදීපිකා සන්නස්ගලයි.
ඔබ උපුල් ශාන්ත සන්නස්ගලගේ බිරිය වන්නට කලින් ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම රසාංගනී ප්‍රදීපිකා කොඩිකාර. මගේ ගම ගාල්ල කොටුව. ඉගෙන ගත්තේ ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ. හත් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා මමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ.
ඔබත් සන්නස්ගලත් අතර මුල් ම හමුවීම සිදුවුණේ කොහොමද?
මට මුලින් ම ඔහු හමුවුණේ විශ්ව විද්‍යාලයේදී. අපි දෙන්නම ඒ කාලේ කොළඹ විශ්ව විද්‍යාලයේ එකම වසරේ සිසුන්. මගේ යාළුවෙක් හිටියා ප්‍රියන්ති කියලා. එයා දවසක් මට උපුල්ව හඳුන්වලා දුන්නා. මෙයා තමයි උපුල් මෙයා පත්තරේට එහෙම ලිපි ලියන කෙනෙක් කියලා.
ඊට පස්සෙ ඔබ දෙදෙනා ප්‍රේමවන්තයින් වුණා ද?
ටික කාලයක් අපි යාළුවෝ විදියට ආශ්‍රය කළා. ඔහොම ඉන්න අතරේ දවසක් උපුල් මට එයාගේ ප්‍රේමය ප්‍රකාශ කළා. උපුල් සමඟ කරපු ආශ්‍රයේදී ඒ වෙනකොටත් මට දැනිලා තිබුණා අපි දෙන්නටම එකවගේ සිතුවිලි තිබෙන, එකවගේ හිතන ස්වරූපයක් තිබුණා කියලා. ඒ නිසා ඔහු මට ප්‍රිය මනාප පුද්ගලයෙක්
වෙලා තිබුණේ. මට හිතුණා ඔහු මට ගැළපෙනව කියලා. ඒ නිසා මමත් ඔහුට කැමැති වුණා.
ඔබ දෙදෙනා විවාහ වුණේ කවදාද?
1991 දී.
විවාහයෙන් පස්සෙ පදිංචි වුණේ කොහේද?
විවාහයෙන් පස්සෙ පන්නිපිටියේ කුලී ගෙදරක තමයි අපි දෙන්නා පදිංචි වුණේ. මම රැකියාවක් කළේ නෑ. උපුල් විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ ඉඳන් ම ටියුෂන් කළානේ.
විවාහ ජීවිතය ගත කරද්දී සන්නස්ගලගේ ගති ස්වභාව වෙනස් වුණා ද?
නෑ. එදා හිටිය උපුල්ම තමයි. හැබැයි ඔහු වගකීම් වැඩියෙන් දැරුවා. විවාහ වන තුරු ම මමත් ඒ තරම්ම සමාජයේ තැලී පොඩි වුණු අත්දැකීම් ඇති ජීවිතයක් ගත කළේ නෑ. ඒ නිසා ගෙදර බොහෝ වගකීම් එයා ගත්තා. ගෙදරට බඩු මුට්ටු ගෙන ඒම පවා. නමුත් දැන්නම් එයා ඒ සියල්ලම මගේ පිට පටවලා තිබෙනවා. අපේ ආදරයේ වෙනසක් නෑ. නමුත් එයා ගත කරන අතිශය කාර්ය බහුල ජීවිතය නිසා නිවාඩු පාඩුව අපි සියලු දෙනාටම එකට ඉන්න තිබෙන අවස්ථාව අඩුයි. නමුත් අපි සැහැල්ලුවෙන් නිදහසේ ජීවත්වෙනවා.
සැමියෙක් විදියට ඔහුගේ ඔබ දකින සුවිශේෂතා මොනවාද?
තමන්ගේ බිරිය කියලා ඔහු මට ඉතාම ඉහළින් ගෞරව කරනවා. ඒකට මම ගොඩක් ආසයි. මම දන්න බොහෝ සැමියන් ඉන්නවා තමන්ගේ බිරියට ගෞරව නොකරන. එවැනි ගෞරවයක් ඔහු මට පිරිනැමුවේ නැතිනම් මෙච්චර කල් මම ඔහුත් එක්ක ඉන්න එකකුත් නෑ.
ඔබලාගේ විවාහ ජීවිතයට දැන් වසර 21 කුත් ගතවෙලා. මේ ගෙවුණු කාලය ඇතුළත අඩදබර - ආරවුල් හිත් අමනාපකම් ඇතිවෙලා තිබෙනවාද?
අඩ - දබර නම් කවදාවත් ඇතිවෙලා නෑ. ඒත් හිත් රිදීම් අමනාපකම් නම් ඇතිවෙලා තිබෙනවා. බොහෝ විට එවැනි දේ ඇතිවෙන්නෙත් ඔහුගේ කාර්ය බහුල කම නිසාවෙන්. මට මතකයි අපි විවාහ වුණු මුල් කාලේ මගේ අක්කාගේ වෙඩින් එකට මට යන්න වුණේ තනියම. දැන් අවුරුදු තුනකට විතර උඩදි මගේ අම්මා නැති වුණා. මළ ගෙදරට ආවට හත් දවසෙ දානෙට එයාට එන්න බැරි වුණා. ඒ වගේ වෙලාවට එයා හිටියා නම් හොඳයි නේද? කියලා මට හිත් රිදීම් ඇතිවෙනවා. ඒ මොනව වුණත් ඉතින් ඔහුගේ කාර්ය බහුලකමත් මම අවබෝධ කරගෙන ඉන්නේ.
තාත්ත කෙනෙක් විදියට ඔහු දරුවන්ගේ යුතුකම් ඉටු කරන්නේ කොහොමද?
මම හිතන්නේ ඔහු ඒත් මටත් වැඩිය හොඳට ඉටු කරනවා කියලයි.
ඔහු හිතුවක්කාරයෙක්ද? කේන්තිකාරයෙක් ද?
කේන්ති යනවා නම් හරි අඩුයි. ඒත් දැන් මට හිතෙනවා බයිපාස් එකෙන් පස්සෙ ටිකක් කේන්ති යනවද කියලත්. හැබැයි ඔහු හිතුවක්කාරයෙක් තමයි.
READ MORE - අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

මකරන්ද සාහිත්‍ය උළෙල 2012

Friday, July 20, 2012

මකරන්ද සාහිත්‍ය උළෙල 2012

මකරන්ද ලේඛක රසික හවුල විසින් සංවිධානය කරනු ලබන සත් වැනි සාහිත්‍ය උළෙල 2012 ජුලි 28 දා පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්‌වා බොල්ගොඩ පෙන්ත්හවුස්‌ රිසෝට්‌ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. මෙවර වැඩසටහනෙහි විශේෂත්වය වනුයේ ප්‍රකට විදෙස්‌ කවි කිවිඳියන් කිහිපදෙනකු ද මීට සහභගිවීමයි.

ආචාර්ය මමතා ජී. සාගර් (දකුණු ඉන්දියානු කිවිඳියකි), මහාචාර්ය පොන්පේන් හන්ට්‍රකුල් (තායිලන්ත කිවිඳියකි) සහ රීඩා කේ. ලියම්සි (ඉන්දුනීසියානු කවියෙකි) යන අයගේත් ආරියවංශ රණවීර සහ රන්න ශ්‍රී විෙ-සිංහ යන ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ කිවිවරුන්ගේත් සහභාගිත්වයෙන් මෙවර කවිය පිළිබඳ නව කතිකාවතකට මඟ විවර කෙරෙනු ඇත.

මේ උළෙල නිමිත්තෙන් කෘති කිහිපයක්‌ ජනගත කෙරේ. ඒ මෙසේය. එතෙර රොන්සුණු (කාව්‍ය පරිවර්තන), සාහිත්‍ය විචාර සංහිතා (මකරන්ද සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහී ලිපි), මකරන්ද කවි සරණිය iii වෙළුම.

මූලික දේශනවලට අමතරව "මගේ නිර්මාණ ජීවිතය හා සාහිත්‍ය මැයෙන්" පැවැත්වෙන විවෘත කතා බහ සඳහා පහත නම් සඳහන් විද්වත්හු සහභාගි වෙති. නන්දන වීරසිංහ, ජයන්ත චන්ද්‍රසිරි, නිලාර් එන්. කාසිම්, චන්ද්‍රගුප්ත තේනුවර, අශෝක හඳගම, ආචාර්ය ලියනගේ අමරකීර්ති, අනෝමා රාජකාරුණා, විපුලි නිරෝෂණී හෙට්‌ටිආරච්චි, බුද්ධදාස ගලප්පත්ති, මාලින්ද සෙනෙවිරත්න, මහාචාර්ය සමන්ත හේරත්, නීල් විෙ-රත්න.

මකරන්ද සිසු නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය, සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය, සිංහල කාව්‍යකරණයේ දියුණුව උදෙසා කැපවෙමින් ප්‍රවීන හා නවක ලේඛක ලේකාවන් විශාල පිරිසකගේ කාව්‍ය ග්‍රන්ථ පළකරමින් මහඟු මෙහෙවරක්‌ ඉටු කළ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා ඇගයීමට ලක්‌ කිරීම, ඇතුළු අංග ගණනාවක්‌ මේ වැඩසටහනට ඇතුළත් වේ. එමෙන්ම රාජ්‍ය සංගීත කණ්‌ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සංස්‌කෘතිකාංග කිහිපයක්‌ද වැඩසටහනට ඇතුළත්ය. ඉහත කවීන්ගේ නිර්මාණ ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ විසිනි. එදින කවි සමුළුවට සහභාගි වන්නන්ගේ නව නිර්මාණ සඳහා කවි කැටපත්පවුර විවෘත කෙරේ.

28 දා දවස පුරා පැවැත්වෙන මේ උළෙලට සමගාමීව 29 දා පෙ.ව. 1.00 ට විදෙස්‌ හා දේශීය සාහිත්‍යකරුවන්ගේ සහභාගිත්වයෙන් කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයේදී සාහිත්‍ය හමුවක්‌ පැවැත්වේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ සාහිත්‍ය සේවය ගැන කෙටි පිළිසඳරක්‌ද, එම ලේඛකයාගේ ජීවන තොරතුරු ඇතුළත් වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම ද මේ වැඩසටහනට ඇතුළත්ය. දකුණු පළාතේ ප්‍රකට සාහිත්‍යධරයන් රැසක්‌ සහභාගි වන ගාල්ල ගල්ලෑල්ලේ අය විසින් මේ කැඳවීම සිදු කරනු ලබයි.

30 දා පෙ.ව.10.00 සිට ප.ව. 1.00 දක්‌වා කටියාව යාය 6 දුටුගැමුණු විදුහලේදී සාහිත්‍ය උළෙලක්‌ සංවිධානය කර ඇත. ප්‍රකට ලේකා ශාන්ති දිසානායක මූලික අධ්‍යාපනය ලැබුවේ මේ විදුහලේය. එදින ඇගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඇගයීමක්‌ද සිදු කෙරේ. එමෙන්ම මකරන්ද සාහිත්‍ය උළෙල 2012 නිමිත්තෙන් සංවිධානය කරන ලද සිසු නිර්මාණ තරගයෙහි ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමද, විදුහලේ පුස්‌තකාලයට අවශ්‍ය උපකරණ හා පොත් ප්‍රදානය කිරීමද එදින සිදු කෙරේ. මේ උළෙල සඳහා ද දෙස්‌ විදෙස්‌ සාහිත්‍යකරුවන් රැසක්‌ සහභාගි වීමට නියමිතය.

28 දා පැවැත්වෙන උළෙල සඳහා සහභාගිවීමට කැමැති අය 0773527337, 0725022970, 0718202542 දුරකථන අංකයට කතාකර පැමිණීම තහවුරු කිරීමට කාරුණික වන්න.
READ MORE - මකරන්ද සාහිත්‍ය උළෙල 2012

විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්

Thursday, July 5, 2012



විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්
මහාචාර්ය විමල් දිසානායක

සංවාදය - සුලෝචන වික්‍රමසිංහ

ඉතා අවිවේකී මොහොතක හදිසියේ හමුවූ මහාචාර්ය විමල් දිසානායක සිය නවතම කෘතිය වන "නිහඬ නිම්වළල්ල" අරබයාද වෙනත් සාහිත්‍ය කරුණු අරබයාද පළකරන ලද අදහස්‌ කීපයක කෙටි සාරාංශයන් පහත පළවේ.

ඔබගේ නවතම කෘතිය "නිහඬ නිම්වළල්ල" ලෙස නම් කෙරේ ඇයි?"

නිම්වළල්ල යන සිංහල වචනය Horizon කියන ඉංගී්‍රසි වචනයේ පරිවර්තනයක්‌. මෙම පදය සාහිත්‍ය තුළ දාර්ශනික සංකල්පයක්‌ ලෙස යොදාගන්නවා. මෙහි මූලික අර්ථය නම් කිසියම් ශාස්‌ත්‍රීය සාකච්ඡාවක්‌ සිදුවිය යුත්තේ පැහැදිලි සීමා ඇතුළත බවයි. මෙම ශාස්‌ත්‍රීය සීමාවක්‌ හඳුන්වා දීම සඳහා නිම් වළල්ල යන පදය භාවිතා කෙරෙනවා. මේ ග්‍රන්ථයේ අරමුණ සාහිත්‍යයත් ඉතිහාසයත් අතර පවත්නා සම්බන්ධය විග්‍රහ කිරීම. අප බොහෝ විට ඉතිහාසය සලකන්නේ සාහිත්‍යය කෘතියක පසුබිම හැටියටයි. එහෙත් නවීන සාහිත්‍යවේදීන් පෙන්වා දෙන්නේ ඉතිහාසය සාහිත්‍ය කෘතියක පසුබිම නොවෙයි. එහි අර්ථයේම වැදගත් කොටසක්‌ බවයි. මේ කරුණ සනාථ කිරීමට මා මේ ග්‍රන්ථයේ ඇතුළත් ලිපි සියල්ලෙන්ම උත්සාහ දරා තිබෙනවා.

ඔබ ඉතිහාසය යන්නෙන් හඳුන්වන්නේ දේශපාලන ඉතිහාසය පමණක්‌ද?

කොහෙත්ම නැහැ. මේ සංකල්පය ඉතා පුළුල් එකක්‌. දේශපාලන ඉතිහාසය එක්‌ අංශයක්‌ පමණයි. මේ හැරුණු විට සංස්‌කෘතික, බුද්ධිමය ඉතිහාසයද වැදගත් තැනක්‌ ගන්නවා. මෙම ලිපි සංග්‍රහයෙන් මා ඒ පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. මෙම ලිපි සංග්‍රහයෙන් ඉතිහාසය යන සංකල්පයෙහි සංකීර්ණ ස්‌වභාවයත් එය සාහිත්‍යයට බලපාන ආකාරයත් පෙන්නුම් කිරීමට මා උත්සාහගත්තා.

එය තවදුරටත්a පැහැදිලි කළොත්?

ඉතිහාසය පිළිබඳ සාම්ප්‍රදායික මතය නම් එය අපක්‌ෂපාතී වූත් මධ්‍යස්‌ථ වූත් විස්‌තර කථනයක්‌ බවයි. වෙනත් වචනවලින් පවසද තොත් අප පොළොන්නරු යුගය පිළිබඳ කරුණු විමසීමේදී ඉතා මධ්‍යස්‌ථ ලෙස ඒ යුගයේ පැවැති ආර්ථික, සාමාජික, සංස්‌කෘතික ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මෙහි කිසියම් සත්‍යයක්‌ ඇති බව පිළිගත යුතුයි. එහෙත් වර්තමාන ඉතිහාසවේදීන් කියා සිටින්නේ ඉතිහාසය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මධ්‍යස්‌ථ විස්‌තර කථනයක්‌ නොවන බවයි. මීට ප්‍රධාන හේතු 2 ක්‌ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඉන් පළමුවැන්න තමයි, අප බොහෝ විට ඉතිහාසය සම්පාදනය කරන්නෙ භාෂාව මගින් වීම. භාෂාව මාර්ගයෙන් අතීතය නිරූපණය කිරීමේදී අනිවායයෙන්ම ලේඛකයාගේ පුද්ගලත්වයෙන් කොටසක්‌ ඊට ඇතුළු වෙනවා. එම නිසා ඉතිහාසයකින් අපේක්‌ෂිත මධ්‍යස්‌ථ භාවයට හානියක්‌ පැමිණෙනවා.

දෙවැන්න තමයි කිසියම් යුගයක්‌ පිළිබඳ ඉතිහාසයක්‌ රචනා වීමේදී ඒ යුගය හා සම්බන්ධ හැම සිදුවීමක්‌ම ඊට ඇතුල් කරන්න බැහැ. ඇතැම් සිදුවීම් ඇතුල් කිරීමටත් ඇතැම් සිදුවීම් බැහැර කිරීමටත් සිදුවෙනවා. මෙම තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම පුද්ගල ආත්මීය ලක්‌ෂණ හා වින්දනය ඊට ඇතුල් වෙනවා. මේ හේතුව නිසා නවීන ඉතිහාසවේදීන් ප්‍රකාශ කරන්නේ ඉතිහාසය මධ්‍යස්‌ථ විස්‌තර කථනයකට වඩා පුද්ගල ආඛ්‍යාන ස්‌වරූපයක්‌ ගන්නා බවයි.

ඔබ එසේ ප්‍රකාශ කළත් අප රටේ බොහෝ විචාරකයන් හා ප්‍රබන්ධ කතාකරුවන් ඉතිහාසය සාකච්ඡා කරනුයේ දේශපාලන දෘෂ්ඨිකෝණයකින්.

සාහිත්‍යයත් ඉතිහාසයත් අතර ඇතැමුන් තුළ මිථ්‍යා විශ්වාසයක්‌ තියෙනවා. එනම් සාහිත්‍ය හුදෙක්‌ සමාජ යථාර්ථවාදී ලක්‌ෂණයන්ට සීමා විය යුතුයි කියල. මෙය දුර්මතයක්‌. ඊට හේතුව විවිධ වර්ගයේ සාහිත්‍ය කෘතිවල විවිධ ස්‌වරූපයෙන් ඉතිහාසය ප්‍රවිශ්ඨ වෙනව. උදාහරණයක්‌ ලෙස ගතහොත් ගාර්සියා මාකේස්‌ ගේ ඇතැම් කෘති අද්භූත කාල්පනික ආඛ්‍යාන රටාවක්‌ අනුගමනය කරනවා. නමුත් ඒ අතරම ඒවායේ ඉතිහාසයේ ක්‍රියාකාරීත්වය මැනවින් නිරූපණය වී තිබෙනවා. එම නිසා සාහිත්‍යයත් ඉතිහාසයත් අතර සම්බන්ධය හුදෙක්‌ යථාර්ථවාදී කෘතිවලට පමණක්‌ සීමා කරන්න බැහැ.

අප හැමවිටම වාගේ සාහිත්‍ය සම්බන්ධව නිර්ණායක ගොඩනගා ගැනීමට උත්සාහ ගන්නේ බටහිර රටවල් ඇසුරින්. පෙරදිගින් එවැනි උදාහරණ හෝ නිර්ණායක සොයා ගැනීමට නොහැකිද?

අපේ රටේ සාහිත්‍ය විචාරයෙහි තිබෙන ප්‍රබල දුර්වලතාවයක්‌ නම් අප හැමවිටම නිදර්ශන, ප්‍රවණතා, නිර්ණායක යනාදිය බටහිර සාහිත්‍යයෙන් පමණක්‌ ලබාගැනීම. බටහිර රටවල විශිෂ්ට සාහිත්‍ය කෘති නිර්මාණය වී ඇති බව සත්‍යයක්‌. එහෙත් ඒ අතරම ඉන්දියාව, ජපානය වැනි ආසියාතික රටවලත් ලතින් ඇමරිකානු හා අප්‍රිකාවෙන් උසස්‌ නිර්මාණ බිහිවන බව අමතක කළ යුතු නැහැ. අපේ සාහිත්‍ය සාකච්ඡාවලදී විචාරයන්වලදී මේ රටවල නිපදවන උසස්‌ කෘති පිළිබඳවද සාකච්ඡා විය යුතුයි. උදාහරණයක්‌ වශයෙන් ජපානයේ සිටින ජනප්‍රිය ලේඛකයෙක්‌ වන හරුකි මුරකමි සලකා බලන්න පුළුවන්. අමුතු ආකාරයේ පරිකල්පන ශක්‌තියක්‌ උපයෝගී කරගනිමින් යථාර්ථවාදී හා අද්භූතවාදී සම්ප්‍රදායක්‌ එක්‌ තැන් කරමින් ඔහු බිහිකොට ඇති සාහිත්‍ය කෘති අපගේ විමර්ශනයට ලක්‌විය යුතුයි.

"ඉතිහාසය" පද්‍ය සාහිත්‍යයටත් බලපවත්වනවාද?

ඉතිහාසයේ බලපෑම පද්‍ය සාහිත්‍යයේත් පැහැදිලි ලෙස දක්‌නට ලැබෙනව. එය නවකතා සාහිත්‍යය තරම් ප්‍රබල ලෙස මතු නොවුණත් පද්‍ය සාහිත්‍යයේද එය වලංගු සාධකයක්‌. වෙනත් වචනවලින් පවසතොත් කවියකුගේ නිර්මාණ ශක්‌තියත් ඓතිහාසික විඥනයත් අතර ඇති සමබන්ධය සාහිත්‍ය විචාරයේදී අපගේ පරීක්‌ෂණයට ලක්‌විය යුතුයි. එපමණක්‌ නොවේ. සිනමාවටත් එය වලංගු කරුණක්‌. සිනමා ව්‍යාකරණයේ එක්‌ මූලික ලක්‌ෂණයක්‌ නම් සමෝදානයයි. (පදබඒටැ) මෙහි අර්ථය එකිනෙකට වෙනස්‌ සංකල්ප රූප දෙකක්‌ සංඝටනය කොට නව අර්ථයක්‌ මතු කිරීමට උත්සාහ කිරීමයි. මෙය චිත්‍රපට කලාවේ මුල් අවධියේ පටන් දක්‌නට ලැබෙන ලක්‌ෂණයක්‌. ඉතිහාසය හා සාහිත්‍යය අතරද දක්‌නට ලැබෙනුයේ මෙවැනි සම්බන්ධතාවක්‌.

සාහිත්‍යය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව තුළ ජන සාහිත්‍යය, මිථ්‍යා කතාවලට හිමිවන ස්‌ථානය කුමක්‌ද?

ජන සාහිත්‍ය හා මිථ්‍යා කතා සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව ශක්‌තිමත් කිරීමක්‌. ලතින් ඇමරිකානු රටවල බිහිවූ මායා යථාර්ථවාදය නමැති ආඛ්‍යාන සම්ප්‍රදාය ගොඩනැගීමේදී ඒ රටවල පාරම්පරික ජන සාහිත්‍යය මිථ්‍යා කතා යනාදිය එම රටවල ලේඛකයන්ට දැඩි බලපෑමක්‌ කළා. ඒ ඇසුරින් ඔවුන් විශාල ආභාෂයක්‌ ලැබුවා. නොබෙල් ත්‍යාගය දිනාගත් ගාර්සියා මාකේස්‌ වරක්‌ ප්‍රකාශ කළා තමාගේ නවකතාවල ආඛ්‍යාන රීතිය සකස්‌ කිරීමට සම්පූර්ණයෙන්ම බලපෑවේ සිය මිත්තනිය කුඩා කල කියූ ගැමි කතා හා සුරංගනා කතා බව. එමෙන්ම ඔහුගේ නිර්මාණ තුළ තවත් විශේෂ ලක්‌ෂණයක්‌ තියෙනව. ඔහු යථාර්ථවාදය ඉක්‌මවා අද්භූතවාදී ලක්‌ෂණ යොදා ගන්නවා. ඒ සඳහා ඔහු එක්‌ උපක්‍රමයක්‌ යොදා ගන්නවා. එනම් භාෂාවේ රූපක වාක්‍යාර්ථ බවට පත්කිරීමයි. උදාහරණයක්‌ වශයෙන් "ප්‍රවෘත්තිය ගලා යයි" යන්න රූපකයක්‌ වුවත් ගාර්සියා මාකේස්‌ "ප්‍රවෘත්තිය ගලා යයි" යන රූපණය ව්‍යර්ථයෙන් ගෙන "ප්‍රවෘත්තිය" පොළොව දිගේ, දොරවල් යටින්, ගලායන අයුරු භෞතික පදනමක පිහිටා නිරූපණය කරනවා. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අද්භූත ස්‌වරූපය ආරෝපණය වෙනව.

අද අපේ සාහිත්‍යය විචාරය ගැන ඔබගේ අදහස කුමක්‌ද?

අද මෙරට සාහිත්‍ය විචාර කලාවේ දක්‌නට ලැබෙන එක්‌ දුර්වලතාවක්‌ නම් නිර්මාණාත්මක සාහිත්‍ය කෘතිය ආරම්භක ස්‌ථානය කරගනු වෙනුවට කිසියම් සාහිත්‍ය සංකල්පයක්‌ ආරම්භක ස්‌ථානය ලෙස ගෙන එය සාහිත්‍ය නිර්මාණය මත ආරෝපණය කිරීමයි. මෙයින් සිදුවන්නේ නිර්මාණයටත් විචාරයටත් හානියක්‌. සාහිත්‍ය විචාරය ඇරඹිය යුත්තේ කිසියම් සාහිත්‍ය නිර්මාණයක්‌ කියවා පළමුව තමා ලබන වින්දනය තුළින්. එම වින්දනය විග්‍රහ කිරීමේදී විවිධාකාරයේ සංකල්ප උපයෝගී කරගන්න පුළුවන්. මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක්‌ වනුයේ බොහෝ විට අපේ රටේ විචාරකයන් මේ විවිධ සාහිත්‍ය විචාර සංකල්ප ගැඹුරු ලෙස අධ්‍යයනය නොකොට කනින් කොනින් අසා සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමෙන් මහත් හානියක්‌ වන බවයි.

අද සිංහල ලේඛක පරම්පරාව ගැන ඔබේ අදහස කුමක්‌ද?

හොඳට ලියන අය ඉන්නව. එහෙත් ඒ අයට නිසි මාර්ගෝපදේශයක්‌ නැහැ. තමන්ට කැමති කැමැති විදියට සාහිත්‍ය කෘති නිර්මාණය කරනවා. ලේඛකයාට ලිවීමේදී තමන්ට කැමති ලෙස ලිවීමේ නිදහසක්‌ තිබිය යුතුයි. එහෙත් අවසානයේදී එම කෘතිය අපූර්වත්වයෙන් තොර වේ නම්, අවම වශයෙන් කියවීමට පවා බැරිනම් එවැනි කෘතිවලින් වැඩක්‌ නැහැ. මෙහිදීද විචාරයේ අවශ්‍යතාව පැනනගිනවා. පුවත් පත්, විශ්වවිද්‍යාල හරහා මෙය නියම මගට ගත හැකි වුවත් එවැනි කිසි තැනකින් එවැනි නිර්ණායක ගොඩ නැගෙන්නෙ නැහැ. විවිධ සංකල්ප, මිනුම් දඬු පිළිබඳ හරවත් ලෙස කෙරෙන සාකච්ඡා වෙනුවට කෙරෙනුයේ පාඨකයා බිය කරන සංවාද. අපට නරක කෘතියකින් හොඳ කෘතිය තෝරා ගැනීමට හැකි වුවත් හොඳ කෘතියකින් විශිෂ්ට කෘතිය තෝරාගන්න බැහැ.
READ MORE - විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්

බකමූණා වීදි බසියි

Tuesday, July 19, 2011

රාජිත දිසානායක නවතම නාට්‍ය නිර්මාණය,
බකමූණා වීදි බසියි
අගෝස්තු 4,5,6 සවස 7:00ට
ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී.


Freedom Theater Group ඉදිරිපත් කිරීමක්.

Rajitha Disanayaka’s latest drama
‘Bakamuna Veedi Basee’
will be staged on August 4, 5 and 6 at 7.00 p.m.
at Lionel Wendt, Colombo.
The cast includes Priyankara Ratnayake,
Jayani Senanayake,
Sham Fernando,
Dharmapriya Dias and several others.
Music by Kapila Poogalaarchchi.






READ MORE - බකමූණා වීදි බසියි

අහුබුදු පබැඳූ සිනමා සින්දූ

Saturday, June 4, 2011

"මගේ සංදේශය චිත්‍රපටයේ සියලුම ගීත අරිසෙන්
අහුබුදු රචනා කළා. සුනිල් ශාන්තයන් ගේ තනු යටතේ
ආර්. මුත්තුසාමි සංගීතය නිර්මාණය කළ එම ගීත
"සංදේශය" චිත්‍රපටයට මහත් ආලෝකයක්‌ ගෙන දුන්නා"

- ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌

අරිසෙන් අහුබුදු වන් ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලේ සිංහල ආචාර්යවරයකු ලෙස එදා සේවය කරත්දී එතුමන්ගේ ශිෂ්‍යයකු ලෙස හෙළ බස හැදෑරූ අග්‍රගන්‍ය සිනමා නළු ගාමිණි ෙµdන්සේකා මහතා (ගාමිණීගේ නිවසේදී) හමුවූ අතීත මොහොතකි.

ලක්‌මාතාව අපට දායාද කරදුන් සමාජයට පලදායක වූ දරුවන් තමා නියෑළි නොයෙකුත් ක්‍ෂේත්‍රයන්හි එම කාර්යයන් තුළ ඉහළින්ම වැජඹෙමින් මුළු ජාතියම අවදි කරද්දී ක්‍ෂේත්‍ර ගණනාවක්‌ පුරා රැඳෙමින් රටත්, ජාතියත් දැනුවත් කළ තවත් එක්‌ උදාර පුරුෂයකු අපගෙන් නික්‌ම ගියේ රටටම ඵලදායක වූ නැණවත් මල් පොකුරේ රටම සුවඳවත් කළ තවත් එක්‌ මල් පෙත්තක්‌ මල් පොකුරට අහිමි කරමින් ඒ අඩුව තවකෙනකුට පිරවීමට නොහැකි අයුරින් විශාල හිඩැසක්‌ ද තබමිනි. ඉතිහාසයේ සාහිත්‍යයේ පැති ගණනාවක්‌ පුරා පැතිර ගිය එම දැනුම් සම්භාරය ඔහුගේ ගීත රචනා තුළ ද පැහැදිලිවම දකින්නට ලැබිණි.

ගුවන් විදුලි ගීතයක්‌ වූ සුනිල් ශාන්තයන් ගැයූ ලංකා ලංකා පෙම්බර ලංකා, වලාකුලින් බැස, එම්බා ගංගා නවතිනු, තෙල් ගාලා හිස පීරන්නෑනෝ, කුමාරතුඟුන්ගේ අගේ වැනි ගීත රචනා සහ වෙනත් ගායක ගායිකාවන් ගැයූ ගීත රචනා අතුරින් මගේ අවධානය යොමු කරනු ලබන්නේ එතුමා ලියූ චිත්‍රපට ගීත ස්‌වල්පයේ විචිත්‍රත්වය වෙත ඔබේ අවධානය යොමු කරලීමටය.

සංදේශය - 1960, දරුවා කාගේද? -1961, සැනසිලි සුවයම් - 1966, නාරිලතා - 1969, කවුද හරි? - 1969 පාරාවළලු - 1969 වීර පුරන්අප්පු - 1978, හඳයා -1979. චිත්‍රපට අට සඳහා රචනා වූ එම ගීත ප්‍රමාණය 24 ක්‌ පමණ වුවද කුමරතුඟුවන්ගේ හෙළ හවුල් භාෂා ව්‍යවහාරය හා බැඳි නිවැරැදි පිරිසිදු බසින් ගීත රචනයෙහිලා ගීත රචනය තුළ පැවැතිය යුතු සංවේදිතාව පිළිබඳ ආදර්ශ රූප මවමින් ප්‍රේමය පිළිබඳවම හැඟුම් පළ කරනු පිණිස අවට පරිසරය විචිත්‍රකොට මැනීමට පෙළැඹෙමින් ජාතිය වෙනුවෙන් දිවි පිදීමට රණබිම කරා යොමුවන මුවට අතිශයින් උචිත වූ පද පෙළ රචනා කරමින් පබැඳුණු එම ගීතයන් මෙසේ වෙන් වෙන්කොට ඉදිරිපත් කරනු ලබන්නේ සෑම පැතිකඩක්‌ම ඔස්‌සේ විහිද ගිය ඔහුගේ රචනා ශෛලිය පිළිබඳව අපගේ ගෞරව පූර්වක නමස්‌කාරය ද එතුමා වෙත පුදකරමිනි.

කවදත් එතුමා තුළ දකින්නට ලැබුණු දේශාභිමානය මෙලෙසින් සිනමා ගීතයට නැඟේ.

"උගුල් අකුල් බාධා දැකැ නැහැ අප නවතින්නේ

අකුල් කැපීමෙනුයි කැලේ එළි කළ යුතු වන්නේ....."

- අලුත් හඳක්‌ උදා වුණා - පාරාවළලු

"පුලතිසි රාවණ කුලයෙන් එන්නෝ

ගාමිණි පැරකුම් මුනුපුරු වන්නෝ

අපි මේ බිම පතිsයෝ......"

- පැරකුම් සයුරේ - පාරාවළලු

"වැලි මිරිකා තෙල් ගත්තෝ

යකඩ විකා දිය ගත්තෝ

සත් සමුදුර ජය ගත්තෝ

එදා අපේ මුතු මිත්තෝ..."

- ජය අපටයි ලංකාවේ - වීරපුරන්අප්පු

ලියෑවුණු රණ ගීතය මෙසේ පෙළගැසෙයි.

"එකෙකුන් අපගෙන් නැසුවොත් හතුරන්

උන්ගෙන් සියයක්‌ හෙළාපියව්

කඩුවට කඩුවයි හීයට හීයයි

පපුවට පපුවයි දී පලයව්......"

- කෝ හතුරෝ - සංදේශය

ඉතිහාසය ගැන ලිවීමේදී එතුමාට රාජසිංහයන්, පෘතුගීසීන්, ඉංගී්‍රසීන් කියා භේදයක්‌ තිබුණේ නැත.

අහුබුදු

"රුසිරු පෙතන්ගොඩ උයනට අනේ ළංවුණා

නපුරු උණකටුව පතුලේ ඇනී වණවුණා

එක්‌වැ සිටි පිරිස මතුරා විසද වැඩි වුණා

රාජසිංහ දෙවි නාමෙත් ගියා නැතිවුණා"

- කටේ කිරි සුවඳ - සංදේශය

පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ

අපි ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ......"

- පුරුතුගීසිකාරයා - සංදේශය

"බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ

ඉංගී්‍රසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට

සැරසෙව් රාලේa........"

- විරිඳු පෙළ - වීර පුරන්අප්පු

සැනසිලි සුවය චිත්‍රපටය සඳහා ලියා ඇති

නිති මා දල්වන පහනේ භක්‌ති ගීතයෙන්

"වැඩිහිටි කන්දේ වෙසෙන සුරින්දේ

ඇයි දුක දෙන්නේ පිහිට නොවන්නේ

රක්‍ෂා පතුරා දෙවිඳේ

නිති එළියෙන් මා සනසන්නේ........"

සිංහල අවුරුදු උත්සවයට එළැඹෙන්නේ මෙසේය.

"ගමේ සවිය මුළු වැරැදී කඹේ අදී දෙකට බෙදී

යටි පිල යනවා පැරදී නඟමු හෝයියා.....

හෝයියා හෝයියා හොහෝ හෝයියා......"

- නව වසරේ කිරි ඉතිරේ- දරුවා කාගේද?-

සිනමා ගීතාවලිය තුළ පෙම් ගීත සහ විරහ ගීත සඳහා ඇති ඉල්ලුමට එතුමා සපයන්නේ මෙම පෙම් ගීතයන් සහ

"විල් කුමරි රැල්ල නඟා රඟාලා

ඇගෙ මිහිරා එන මඟමයි බලන්නේ

කඳුරුලියා ඈම සොයා ඒ

කන්ද උඩින් පියාසලාලා

මාගේ සූQදා - මාගේ සූදා තවම නෑ....

- රෑන ගිරා රෑන අඹේ මී බිබී - සංදේශය

"සිය මනමාලිට කොහා තුරුල් වී

කොහෝ කොහෝ හඬලයි

මී අඹ ලඹ දෙන කොළ යහනේ

යුවළ නිදාගනිතෙයි......."

- පුන්සඳ එළියයි එනමද සුළඟයි - සංදේශය

"ගැහැනිය රකිනා ගුණදම් කඳෙන්

දෙවියන්ගේ පවා බැල්ම ලැබේ

හොඳ හිතින් පෙම් කළොත් සාරා

හොඳ කෙරුවෙත් මේ ලොව හොඳ වෙනවා..."

- සොම්නස සුළඟේ පාවෙනවා - සැනසිලි සුවය

විරහ ගීතයන් ය.

"මේ ලෝකේ හැටි පිරිමින්නේ

මල් සොයමින් යන මී මැසි වාගේ

පෙම් මිහිරෙන් මා හද නහවාලා

ඇයි ගියේ මේ මා වෙත නොබැඳී...."

- මා මැවූ පෙම් මාළිගා - සැනසිලි සුවය

"ආදරේ බිඳ හැරියෙ ඇයි මේ ලෝකයා

පැතුම ඇතුවට එය නොගන්නේ මෝඩයා

සුවය ලැබුමට පාර පෑදී ඇති දිනේ

මැණික දැකලත් එය නොගන්නේ ඇයි දනා...."

- සාගරේ මැද පීනුවා - සැනසිලි සුවය

"මා පැතූ සොඳුරිය තරහ වුණාදෝ

මා ආසා දේවල් නැස ගියාදෝ

ගලාවි උතුරා මගේ රුධිරේ

විඳින්න බැරි මේ දුක්‌නේ මේ ලෝකේ........"

- සිතූ පැතූ දේ නැසී ගියාදෝ - සැනසිලි සුවය -

ප්‍රේමයේ අවසන් ප්‍රතිඵලය නැළවිලි ගීතය නොවේද?

"සුරංගනාවනුයි වලාකුළ ඔසවාගෙන එන්නේ

හඳ මාමයි සිනාසිසී රිදී පාන අල්ලන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා......"

- සුදට සුදේ වලාකුළයි - සංදේශය-

"චූටි බබාලා නිදිද බලා හීන හඬින් රස හීන මවා

තරු කුමරියෝ රැස්‌ සලඹ සලා රඟදෙතිs නිල් අහසේ...."

- දොයි දොයි බිලිඳෝ - නාරිලතා

චමත්කාර රූ මවාලන මෙම ගීතයන්ට ළමා හා තරුණ වයස්‌ භේදයක්‌ ඇතිවේ යෑයි සිතිය නොහැක.

"ඒ කන්දත් අපේ තමයි

මේ කන්දත් අපේ තමයි

කඳුයායම අපේ තමයි අපේ රාඡ්ඡේ..."

- රැජින මමයි අපේ රාඡ්ඡේ - සංදේශය

"බකමූණා හූම් හූම් හිඹුටු හඬයි හූම් හූම්

බුම්මාගෙන හූම් හූම් ඔක්‌කෝටම හූම් හූම්

කප්පරකට පුවක්‌ පුවක්‌ කොරවක්‌කයි පුවක්‌ පුවක්‌

මට විටකට නුදුන් පුවක්‌ අපි තරහයි පුවක්‌ පුවක්‌......"

- මීමැස්‌සා රූං රූං - දරුවා කාගේද?

"අපේ සුන්දර ළමා ලොවේ මල් සිනා පිපී සැලේ

දිවා රැයේ මාවතේ ගුටි බැට කන්නේ ඇන බැණගන්නේ අත්වැල් බැඳගන්නේ."

- සිඟිති ලොවේ සුරතල් -හඳයා

"ලොක්‌කො අපියි ලොක්‌කො අපියි අපි ගමට

ලොක්‌කො අපියි ලොක්‌කො අපියි හෙට රටට

පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස්‌ ඇටේ

හායි හූයි ගෑව නේද ගම්මිරිස්‌ ඇටේ........."

- කවුද කවුද දැන් ලොක්‌කෝ - හඳයා

අප සැමට සිතන්නටද යමක්‌ ඉතිරි කරමින් කවුද හරි? චිත්‍රපටයේ නාමාවලිය සඳහා ලියා ඇති මෙම ගීතය ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපට මුහුණදීමට සිදුවන පරම සත්‍යය නොවේද? මෙය ජීවිතයේ සදාකාලයටම වලංගු වන අදහස්‌ කැටිවුණු ගී පදමාලාවක්‌ නොවේද?

"නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළැනෙ ලෝකේ

වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ

දිනුම් පෙන්න අතේ දුරයි කැපී වැටෙන්නේ

වැටුණුq ඉරට රුවන් ඉරයි වැටී පෙනෙන්නේ

දාදු දමන්නේ

දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ

වාසනාව නාග කටේ ඇයි බිය වෙන්නේ

බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ

පිනට හැරෙන්නේ

පියෙන් පියට දාදු පෙනේ කපටි ගැට වැටේ

ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ

වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ

දාම දිනන්නේ

ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ නැත්ත මගින් ඇත්ත නැඟී සිටී අන්තිමේ විනිස දවස පැමිණිදාට කර්මයා අසයි කවුද හරි?

මෙම ගීත රචනා සඳහා සංගීතයෙන් සුනිල් ශාන්ත (ගීතනු) ආර්. මුත්තුසාමි, මොහොමඩ් සාලි, ප්‍රේමසිරි කේමදාස, සිසිර සේනාරත්න, සෝමදාස ඇල්විටිගල, සෝමපාල රත්නායකද ගායනය සඳහා ධර්මදාස වල්පොල, ලතා වල්පොල, එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල, මොහිදින් බෙග්, මන්සූර් රාජබාලි, සුධර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නන්දා මාලිනී, අයිවෝ ඩෙනිස්‌, වික්‌ටර් රත්නායක, නාරද දිසාසේකර, සුනිල් එදිරිසිංහ, බන්ධුල විඡේවීර යන ගායක ගායිකාවන් ද දායකත්වය සපයන ලදී.

මොරටුවේ මැල්කම් ප්‍රදිනාන්දු


Copy Rights - Divayina

READ MORE - අහුබුදු පබැඳූ සිනමා සින්දූ

අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌ ඕනෑකර තිබේ

Thursday, April 21, 2011

අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌
ඕනෑකර තිබේ


20 සියවසේ ආරම්භයත් සමඟ අපගේ නවකතා කෙටිකතා ප්‍රබන්ධ කලාව වැඩුණේ එම රචකයන් බටහිර නව සාහිත්‍යාංගයන්ගෙන් ලද සුහද ආභාසයෙන්ය. ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස, පියදාස සිරිසේන, සයිමන් ද සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ආදී එම පුරෝගාමී ප්‍රබන්ධකරුවන්ගේ මුල් නිර්මාණයන් විමසන කල්හි පෙනී යන මූලික ලක්‍ෂණය වන්නේ ඔවුන් බටහිර සාහිත්‍යයේ දුර්වල අනුකාරකයන් නොව කිසියම් ස්‌වාධීන ප්‍රකෘතියක්‌ සියක්‌ ලකුණක්‌ ඇත්තවුන් පිරිසක්‌ බවය.

ඓතිහාසික චරිත, වැඩවසම් සමාජ චරිත හා නැගී ආ වෙළෙඳ සමාජයේ චරිත සිතුවම් කරමින් දේශීය ආඛ්‍යාන රටාවකින් පළල් පාඨක සමාජයක්‌ දිනා ගන්නට ඔවුහු සමත් වූහ. එඩ්ගා ඇලන් පෝ මෝපසාන් වැනි යුරෝපීය නවීන කතාකාරයන්ගේ චරිතාවේක්‍ෂණයන්ගෙන් නුවණක්‌ ලැබූ ඔවුන් තමා අවටැති සමාජයේ සුහද චරිතයන් නිරූපණය කිරීම පාඨක සම්භාවනාවට හේතුවිය. මිතුරන් දෙදෙනකු ධනාශාවෙන් මැණික්‌ ගලකට ලොබ බැඳීමෙන් එකිනෙකා, විනාශයට පත්වන සැටි ඩබ්ලිව්. ඒ. සිල්වාගේ "වෛරෝඩිය" කෙටි කතාවෙන් නිරූපණය විය. හේමපාල මුනිදාස "ගනුදෙනුව" කෙටි කතාවෙන් සිතුවම් කරන්නේද ඉඩමකට හා ගෙයකට සම්බන්ධ ගනුදෙනුවකින් උපරිම වාසිය ලැබීමට වයස්‌ගත මුදලාලියකු හා ප්‍රභූ කාන්තාවක ඔවුනොවුන්ගේ මරණය පතන සැටිය. ටී, ජී. ඩබ්ලිව්. සිල්වා "නම්බු පිස්‌සුව" කෙටි කතාවෙන් පින්තූරගත කරන්නේ ව්‍යාජ බුද්ධියෙන් හිස උදුම්මාගත් ඇමතියකු හා පුතෙකුගේ චරිතයන්ය. ජනහිතකාමී ගැමි වෙදරාළ කෙනෙකුගේ අපූරු චරිතයක්‌ සිල්වාගේ "පුරුද්ද" කතාවෙන් හමුවෙයි. මෙසේ අප පය ගැසූ සමාජයේ විවිධාකාර ජන චරිතයන් අපූර්වත්වයෙන් නිරූපණය කිරීමට ඔවුන් සමත්වූයේ නිරෝගී කතා කලාවකට පදනම් දමමින්ය. කියවන සාහිත්‍ය සමාජයක්‌ බිහිවූයේ එසේය.

එහෙත් අපගේ නවකතා - කෙටිකතා ප්‍රබන්ධ කලාවේ දෙවැනි භාගය වන විට සාහිත්‍යකරුවන් බටහිර නව සාහිත්‍ය ප්‍රවණතාවල වහලුන් වී සියක්‌ බව නසා ගත් සැටි අද අපට පරීක්‍ෂා කළ හැකිය. මෙයින් සිදුවූයේ පාඨකයා නව සාහිත්‍ය භූමියෙන් එපිටට පළවා හරිනු ලැබීමයි. විශිෂ්ට බටහිර නවකතාකරුවකු චින්තකයකු ජීන් පෝල් සාත්‍රේ මේ නිර්මාණ ප්‍රවේශය හඳුන්වා ඇත්තේ "නිෂ්ක්‍රීය පාඨක භාවිතය යන සංකල්පයෙන්ය. එහිදී තවදුරටත් පාඨකයා හෝ ඔහුගේ ආස්‌වාදය වැදගත් නොවේ. ලේඛකයා පුද්ගලවාදීව තමා උදෙසා ම ලියයි. සමාජ සත්තාවෙන් දුරස්‌ථ වූ මේ රෝගාතුර ලිවීමෙන් කල්පනා ලෝක සාහිත්‍යයක්‌ බිහිවූ සැටි අපි දනිමු. ආරම්භයේදී ප්‍රකට සාහිත්‍යකරුවෝ පවා මේ රෝගී ලිවීමට ගොදුරු වූහ.

සමාජයෙන් විශාලත වූ අන්තර්ගතික තරුණයකු කුහුඹුවන් නිරීක්‍ෂණයට යොමුවන සැටිත්, කුහුඹුවන් විනාශ කළ පසු ඔහු කුහුඹුවන්ගේ ප්‍රහාරයක්‌ මායා දර්ශනයකින් අත්විඳින සැටිත් මඩවල රත්නායකගේ "කුහුඹුවෝ" කෙටි කතාවෙන් දැක්‌වේ. විවාහ වී දැවුරුද්දක්‌ ගෙවෙනු පෙර විවාහක ස්‌ත්‍රිය උඩුමහලෙන් පැන දිවි තොර කරගත්තේ කිසිදු නිශ්චිත හේතුවක්‌ නැතිව බව කේ. ජයතිලක "අතීරණ" කතාවෙන් දක්‌වයි. නැටුම් ඉගෙනීමට යන බිරිඳ කෙරේ පුරුෂයා ඇතුලු සිතින් මවා ගන්නා දරුණු සැක සංකා අවසානයේදී පදනම් විරහිත බව ඔහුට ම පසක්‌ වන ආකාරයයි සරච්චන්ද්‍ර මුද්‍රd නාටකය" කෙටි කතාවට නගා ඇත්තේ, මොවුන් සියලු දෙනා ප්‍රොයිඩ්ගේ මනෝ විග්‍රහයේ අඳුරු සෙවණැලි තුළ ලගිමින් පුද්ගල විඥානයේ මනෝභ්‍රම - මනෝaභ්‍රාන්ති මවා පාමින් පාඨකයා කෙප්ප ලෝකයකට තල්ලු කළහ. අද බොහෝ නවීන රචකයින් වෑයම් කරනුයේද නූතනයාගේ මානසික තත්ත්වයන් - ආවේශයන් වඩාත් සියුම් ව කියා පාමින් "මනෝ විද්‍යාත්මක" සාහිත්‍යකරණයක්‌ නිපදවීමටය. මෙවැනි ව්‍යාජ ප්‍රවණතාවකින් ආධ්‍යාත්මික රීතියෙන් ලියෑවෙන මානව හිතවාදය පතුරුවන සාහිත්‍ය කලාවක්‌ ගොඩනැගිය නොහැකි බව අද බිහිවන අංගවිකල නිර්මාණයන්ගෙන් වටහා ගැනීම උගහට නොවේ.

මා මේ ප්‍රවේශය ගත්තේ, ගියනුගියාවෙන් මිදී තමාගේම නිදහස්‌ රීතියකින් ලියන නව කෙටි කතාකරුවකුගේ ලිවීම විමැසුමකට හසුකරන අදහසින්ය. දූලාගේ තාත්තා" නමින් සිය පළමු කෙටිකතා සංග්‍රහය රචනා කළ සුනිල් ගුණවර්ධන දැන් "රේස්‌ ආච්චි" නමින් අලුත් කතා පොතක්‌ ලියා ඇත. මේ කතා අභ්‍යන්තරයෙහි සංකීර්ණ දිවි ගැටුම් නොවේ. සූක්‍ෂම මානසික අවස්‌ථා නොවේ. එබඳු කතා අභ්‍යන්තරයක්‌ ද නැත. ඇති වැදගත් දේ කුමක්‌ද? ඒ අන් කිසිත් නොව අප හා ජීවත් වන එහෙත් අප හොඳින් හඳුනාගෙන නැති ස්‌ත්‍රී පුරුෂයන්ගේ අපූර්ව ජීවන චරිතයන්ය. මෙහිදී කතාකාරයා අද සාහිත්‍ය මේසයට නොවරදවා ම එන යන කථාංගයන් - රීතීන් - රචනොපක්‍රමයන් සිතාමතා වැඩට නොගනී. ඔහුගේ කතා තාක්‍ෂණයෙහි, කතුරු මුවාත්කාරයකු ගේ තාක්‍ෂණයට වැඩි ගැඹුරක්‌ නැත්තකැයි මට වරෙක සිතේ. එය මිහිරි පානයක්‌ නොව වැලි පිස හැර අමුවෙන් කෑ හැකි ධාන්‍යයක්‌ මෙන්ය. නූතන ආසාදනයන්ට ගොදුරු නොවීමට ඔහුගේ වටිනාකමක්‌ සේ ගත යුතුය.

..... ඇගේ නම ශෝබාය. එය අතිශයින්ම ඇයට ගැලපෙන නාමයකි.

...... රේස්‌ සීයා හා රේස්‌ ආච්චි අපේ ලෝකයේ වීරයෝ වූහ.

.......... පෙරේරා නෝනා නුගේගොඩ ජම්බුගස්‌මුල්ල ග්‍රාමයෙහි උපන් තැනැත්තියකි.

......... මේ සියල්ලෝ එකම තැනක ගෙවල් තුනක වෙසෙන දරුදැරියෝය.

රචකයා මෙසේ ලියන්නේ නූතනවාදී ආඛ්‍යාත රටා ගණන් නොගන්නා සැටියකින්ය. ඔහු ලියන්නේ තමාගේම වචනවලින්ය. අද බොහෝ දෙනා ලියන්නේ අනුන්ගේ වචනවලින්ය. ඔහු මේ කතා ලියා ඇත්තේ සමාජ පදිකයෙහි යන එන මිනිසුන් ගැහැනුන් අතරෙහි වෙනස්‌ මුහුණුවර වෙනස්‌ ගති පැහැ ඇත්තවුන්ගේ චරිත වර්ගයක්‌ ගැනය. ඔවුන්ගේ ප්‍රකෘති චරිත ලක්‍ෂණයන් පාඨකයන්ගේ කුහුල් සිතට හසුවන්නේමය.

පාසල් චාරිකාවකට සහභාගී වන්නට වරම් නොලද සිසුවා පාඨකයාගේ චරිත තුළට නැද්ද?

මිසිලින් නම් සරාගී වින්නඹුව තරුණ ගැටවුන්ගේ "රියෑදුරු පාසල" ලෙස හැඳින්වුවද ගමේ එවුන්ගේ තුවාලවලට ගෙදරදීත් බේත් දමන්නේ ඇයමය.

පෙරේරා නෝනා ඇගේ නුගේගොඩ මායිම්වත්තේ ගෙවල් පේළිය කුලියට දෙන්නේ මුලදී එක බඩවැල කඩාගත්තවුන් සේ ඇසුරු කරමින්ය. අවශ්‍ය වූ විට නිවැසියන් ඉක්‌මනින් යවා ගෙවල් නිදහස්‌ කර ගන්නා කලාව ද ඇය දනී.

එයාගෙ ඔක්‌කොම කෙරුවාවල් එළිවුනාට පස්‌සෙ මං එයාව නීතියට කොටු කරල දුන්නෙ. පොලිසියට ගෙනහිල්ල හිරේ විලංගුවෙ වැටිච්චාවේ මං මේ සේරම කළේ කොහොමද? මනමාලයකුට හසු වූ පද්මිනී නම් ස්‌ත්‍රියකටය ඔබ මේ සවන් දෙන්නේෘ

පුතෙකු තාත්තාව දකින්නේ පුදුමාකාර සුකුමාර චරිතයක්‌ ලෙසටය. මේ තාත්තාට ඕනෑ වූ විට ඇඳුම් පැළදුම් අරන් දෙන්නේ මවය. කමිසය සාප්පුවේදී තෝරා දී ඇඳුම් මසන්නා ළඟට එක්‌ක යයි. ඇඳුම් මසන්නා ඔහුට කලිසම මසන්නේ අවුරුදු ගණනක සිට පොතේ ලියා ඇති මිමිවලටය. අලුත් ඇඳුම් ඇන්ද දවසකට මේ තාත්තා නුගේගොඩ ගිහින් එන්නේ සිතේ සතුටටය.

මසකට වරක්‌ නඩු තීන්දුව ප්‍රකාර විහාරස්‌ථානයට යන ස්‌ත්‍රිය නීතියෙන් වෙන් වූ පුරුෂයාට පැය කීපයකට පොඩි පුතාට බාරදී බලා සිටින සැටි කියන කතාවක්‌ පාඨකයාගේ සිත අවුලන්නේ නැද්ද?

මේ කෙටිකතාවල ජීවත්වෙන මේ මිනිස්‌සු ගැහැණු බොහෝ කල් ජීවත්වෙති. ඔවුන් ඒ අර්බුදවලින්ම මිය යන්නේ නැත. කතුවරයා ද කෘතිය තුළ මිය යන්නේ නැත. හේතුව ඔහු චරිතයන්ට අප්‍රමාණ මානව දයාවක්‌ හිමිකරදෙන නිසාය. තමා මවන ඒ චරිතයන්ට වග කියන නිසාය. ඔහු තුළ මිනිස්‌ චරිතවලට සත්කාරක අරමුණක්‌ ඇති නිසාය. සුනිල් ගුණවර්ධනගේ කෙටිකතා මිනිස්‌ චරිතයන් දැකිය හැකි නැරඹුම් සඳැල්ලකැයි මා කියන්නේ ව්‍යාජෝක්‌තියක්‌ ලෙස නොවේ.

කොළඹ වීථි දිගේ ඇවිද යන මහල්ලෙකි. සිහි විකල් ඔහු එකම වචන කිය කියා අයාලේ ඇවිදී. අයියෝ මනුස්‌ස ජීවිත... මරදානෙදි මිනිස්‌සු මැරුව. බෝධිය ළඟදි මිනිස්‌සු මැරුව. අයියෝ මනුස්‌ස ජීවිත. මේ ත්‍රස්‌තයෙන් කම්පිත පුරවැසි මනසය.

.... සිරිතුංග විවාහ වූයේ අම්මාගේ බලේටය. විවාහයෙන් පසුවද ඔහු වැඩිපුර නිදා ගත්තේ අම්මාට ලංවය. මේ වගෙ මනුස්‌සයෙක්‌ මේ ලෝකෙ කාටවත්ම ලැබෙන්නේ නැහැ. මට සැමියා වුනේ මගෙ පෙර පිනකට... සිරිතුංගගේ බිරිඳ කියයි. අම්මා මියගියදා ම ඔහුද කෑගසාගෙන බිම පතිත විය.. අනේ මගෙ අම්මේ මාත් එනවා.

..... ධර්මසේන බිරිඳට වද හිංසා දෙන නිසා දෙමුපියෝ කරුණාවතීව නිවසේ රඳවා ගිනිති. උඹට දෙන්න මෙහෙ ගෑණු නැහැ. කාලකන්නි ජඩය බිරිඳ එක්‌ක යැමට ආ ඔහුට මවුපියෝ බැණ වදිති. එහෙත් කරුණාවතී ඔහු සමඟම යයි... දැන් තාත්තලට මාව අයිති නැහැ. ගැහැව්වත් බැන්නත් මං එයා එක්‌ක යනවා.

යථාර්ථයෙන් ජීවය කැවුණු මේ කතා අධිකරණ සාලාවක ඇසෙන ජීවන සංසිද්ධීන් හා සාමානයෑයි මට සිතේ. සුනිල් ගුණවර්ධන ගේ මේ ලිවීමේ යටි පෙළ චර්යා ධර්ම පද්ධතියක්‌ හා තරව පිහිටියකි. මහා ධාරානිපාතයකදී අගුපිලක්‌ නොලැබ පැටවුන් වැදූ බළල් අම්මා වතුරේ ගසාගෙන යන ඇස්‌ නෑරිය පැටවුන් කටින්වත් ඩැහැගෙන යා නොහැකිව කම්පාවෙන් බලා සිටී. කෙටිකතාකරු ඇය දකින්නේ නූතන පටාචාරාවක ලෙසටය. නව සාහිත්‍යයෙහි ඇතුළත් විය යුත්තේ චර්යා ධාර්මික අගයකැයි අයින්ස්‌ටයින් පවසයි. බටහිර සාහිත්‍යකලා ආධ්‍යාත්මයෙන් පිරිහුණේ ඒවා මානවීය සාර දහමින් වියෝ වූ නිසාය. ෂේක්‌ස්‌පියර් ගේ හා ඩොස්‌ටවුස්‌කිගේ උත්තම සාහිත්‍යයට මූලික වූයේ එම නාටක - නවකතාවල සිටින මිනිස්‌ චරිතයන් සාර දහම්වල සළු පැළඳ සිටින නිසායෑයි ඔවුන් උදාර මානවීයත්වයක්‌ පිළිබිඹු කරන නිසායෑයි සාත්‍රේ ප්‍රකාශ කළේය.

සුනිල් ගුණවර්ධනගේ "හැන්ඩලීන් මහත්තයා" කෙටි කතාවේ විෂය චරිතය වන්නේ නුගේගොඩ දෙල්ගහවත්තේ කුලී නිවැසියකු වූ බර්ගර් ජාතිකයාය. කොම්පැනියක ලිපිකරුවකු වූ ඔහුගේ ජීවිතයේ විනෝදකාමී ජීවන රටාව හා පවුලේ ගැටුම් වැටුම්ද හෙළිකොට ඇත්තේ ව්‍යාජ රචනා විලාසයකින් නොව ජන චරිත පොතක්‌ පෙරළා දක්‌වන සමාජ විත්ති ගවේශකයකු ලෙසටය. ජනගහනයෙන් බිංදුවකැයි මෙරට බහුජනයා විසින් නොසලකා හරිනු ලබන මෙරට විශේෂ ප්‍රජා කොටසක්‌ වූ බර්ගර් සමාජය නියෝජනය කරන කාල්මලර් නම් ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි ලේඛකයා පිළිබඳ දීප්තිමත් හෙළිදරව්වක්‌ අඩංගුව ඇත්තේ අපේ විශිෂ්ටතම තීරු ලේඛකයා වූ නීල් විෙ-රත්නයන් ළඟදී පළකළ "දෙබසේ දෙබස" නම් ලිපි සංග්‍රහයේය. කන්ද උඩරට මුල්ගම්පොළ ගෙදර නිහඬ ලිවීමක යෙදෙන කාල් මලර් ඔහුගේ තුන් ඈඳුතු නවකතාවෙන් ශ්‍රී ලාංකික බර්ගර් ජන ශ්‍රේණිය ප්‍රතිරූපණය කොට ඇත්තේ අව්‍යාජ දේශීය කතා රටාවකින් යෑයි නීල් විඡේරත්න පවසයි. ආයතනික ලේඛකත්ව පුහුණුවක්‌ නැති කාල්මලර්ගේ ලිවීමද අව්‍යාජත්වයෙන් පිරිපුන් බව පවසයි. බර්ගර් ජනයා ජීවිතයේ උපරිම සතුට විඳින ජීවන ශෛලියක්‌ ඇති ජන කොටසක්‌ බව කාල්මලර් ලියන විට, මට සෝමරත්න බාලසූරියගේ "සිහිනෙන් අවදිවීම" නම් කෙටි කතාවද සිහිවේ. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වූ ගුණරත්න මහතා, බිරිඳ හා දරුවන් පෝදා පන්සල් ගිය සන්ධ්‍යාවක නිවසේ කොන්ක්‍රීට්‌ වහල් තලයට වී දෙවන මහල සාදාගන්නට බැරිවීම ගැන කෙඳිරිලි සිතකින් පසු වෙද්දී ඔහු සොයා එන අසල්වැසි බර්ගර් ජාතිකයා එක මධුවිතක්‌ ඔහුගෙන් ඉල්ලා සිටී..... සර් මට සමාවෙන්න මම සර්ගෙ නේබර්. තියෙනව නම් එක පොඩි අඩියක්‌ දෙන්න. මම ගත්ත යන්න ගියා. සර්ට කරදරයක්‌ කරන්නෙ නැහැ.....

සුනිල් ගුණවර්ධනගේ "හැන්ඩලින්" මහත්තයා මෙම බර්ගර් ජන වර්ගයා වෙත දයාර්ලූ බැල්මකි. බර්ගර් ජාතිකයෝ සිංහල දෙමළ දෙජාතීන් සමඟ මිත්‍රශීලිව වෙසෙති. කිසි කලෙක සමාජ ගැටුම්වලට නොගියහ. ඔවුන් කිතු දහමින් ලද මානව භක්‌තිය ඊට හේතු වන්නට ඇත. වැඩිපුර නූගත් ඔවුහු වැඩිදෙනා සමාගම්වල සේවයෙහි නියුක්‌තයෝය. පුද්ගලික පාසල්වලදී සිංහල දරුවන් ඉංග්‍රීසි කතාව උගත්තේ ලන්සි දරුවන්ගෙන්ය. බටහිර සංස්‌කෘතියේ විනෝදකාමීත්වය ඔවුන්ගේ ජීවන ස්‌වරූපයකි. කෙටිකතාකරු මේ දිවි තතු සංවේදීව චිත්‍රනය කරන්නේ නාටකීය ලෙසිනි.

.......... හැන්ඩලීන් මහත්තයා කලබලයකින් තොරව වාසය කරයි. ඊට හේතුව ගෙවල් හිමියා ද ඔහුට ආදරය කිරීමයි. "අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි. නිතර පවසන ඔහු මධුqවිතක්‌ ගෙන දරු මල්ලන් හා කා බී නටා විනෝද වෙයි. වියෝලේ මා සනසන වියෝලේ...... හැන්ඩලින් මහතාව දමා ගිය බිරිඳ ඔහුගේ පඩි දවසට ගෙදර එයි. රස මසවුළු සාදා දෙයි. මුදල් ඉල්ලයි. ගෙදර කෝලාහල ද ඇතිවේ.... අයියෝ ඩැඩා මමීට ගහන්න එපා. ඇය පිටව ගොස්‌ ඊළඟ පඩි දවසට නැවත එයි.... සියල්ල අවසන් වූ පසු කිසිවක්‌ සිදුනොවූ සේ හැන්ඩලින් මහත්තයා සුපුරුදු පරිදි උදැසන සේවයට පිටව යයි කියා කතාව අවසන් කොට ඇත. මේ අපේ ජීවිතවලට කතා කරන කෙටිකතා නොවේද? ඒවා පශ්චාත් නූතන බහුබූත නොවේ.

සුනිල් ගුණවර්ධනගේ "රේස්‌ ආච්චි" කෙටි කතාවෙන් අපට හමු වන්නේද එදා දේශීය වෙළෙඳ පන්තියේ නැගීමත් සමඟ පොහොසත් වූ කඩයක්‌ හෝටලයක්‌ හා ගෙවල් පේළියක්‌ හිමි වයස්‌ගත යුවලකි. දරු මල්ලන් නැති ඔවුහු දුප්පත් නෑ. මිතුරන්ට උදව් කරති. මේ දෙදෙනා එදා ජනප්‍රියව පැවැති රේස්‌ ඔට්‌ටු ඇල්ලීමෙන්ද ධනය ලැබීමට වාසනාවන්ත වෙති. ධනය ඉපැයීමෙන් මෙන්ම ධන දානයෙන්ද එකවර සතුට ලබන මේ දෙපළගේ චරිත කතාකරු විදහා පාන්නේ ඒ ආධ්‍යාත්ම සංකීර්ණය ඒ ධර්මතාව වටහා ගත් අන්තර්ඥානයකින්ය. මහලු වයසේදී මේ දෙදෙනා කුලීකරුවන් වූ නිවැසියන්ටම සහන මිලකට ගෙවල් අයිතිකර ගන්නට ඉඩ ලබා දෙති. හෝටලය ව්‍යාපාරය ගොඩනැගු ඥාති පුතුන්ටම දෙති. ගෙය හිතවත්ම නෑයාට දෙති. දෙන්නා මහලු නිවාසයකට ගොස්‌ ජීවිත සන්ධ්‍යාව තුටින් ගත කරති. කථකයා පසු කලෙකදී මේ මිනිසුන් වාසය කළ ගෙවල් දොරවල් බැලීමට යයි. එවැන්නක්‌ සොයා ගත නොහැකිය. කාලය හා මුදල් ලෝකය කෙතරම් වෙනස්‌ කර ඇද්ද යන අවසන් වැකිය කතාකරුගේ හදින් නැගි සෝ සුසුමක්‌ වැන්න.

ධනේශ්වර මඩ ගොහොරුවේ ගිලුණු බටහිර සමාජ භූමියෙන් මතුවූ පශ්චාත් නූතනවාදී සාහිත්‍ය ප්‍රවණතා මිනිසා පා රඳවා ගෙන සිටින මානව දහම් - සාර දහම් පදනම්වලින් ගැලවී විසිවූ බවත්, එම අධියථාර්ථවාදය වැනි මතවාදයන් භාෂාවට හා සාහිත්‍යයට මහත් විනාශයක්‌ කළ බවත් ජීන් පෝල් සාත්‍රේගේ තියුණු විචාරයට හසුවිය. එම විචාර පත පොත මෙහි ව්‍යාප්ත වී නම් ඉකුත් සමයෙහි බොරු ගොස නැගූ අනුකාරකයින්ට අල්පායුෂයක්‌වත් නොලැබෙනු ඇත. විදග්ධ සළු පිළිවලින් තොර, සුනිල් ලියා ඇති මේ චාම් සරල චරිත කතා අපේ සමාජ සත්තාව ඇත්ත කරන දේශීය ලකුණින් යුත් ප්‍රබන්ධ සාහිත්‍යයක්‌ බව අද දවසේ රසිකයාට හොඳින් අවබෝධ වනු ඇත. නිර්මාණකරුට අරමුණක්‌ නැත. අරමුණ කෘතියමය. සාරධර්ම, පණිවුඩ,මතවාද නැත. ශ්‍රී ලංකාවේ ආර්ට්‌ නැත..." ආදී ව්‍යාජ නූතනත්වයට ගොදුරුවීමෙන් සාහිත්‍ය කලාව නොසෙවුනා කැඩපතක්‌ වී යෑයි අමරසේකර නැගූ හඬ තේරුම් ගැනීමට දැනටමත් ප්‍රමාද වැඩිය. අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌ ඕනෑ කර තිබේ.


පරාක්‍රම කොඩිතුවක්‌කු


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්‌ ඕනෑකර තිබේ