අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
President Reviews CBSL Salary Hike Decision - In a country where the average monthly household income is modest, the CBSL staff’s proposed salary hike surprises many. President Ranil Wickremesinghe, al...3 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...8 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...10 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...10 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...14 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...15 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...16 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...16 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.16 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"8 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස9 years ago
-
-
#10 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස12 years ago
-
ආදරය විදින්න..........13 years ago
-
අපේ ලෝකය....13 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...8 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ
Sunday, April 28, 2013සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:53 AM 0 comments
Labels: අදහස
ත්‍රස්ත වූවෝ භ්‍රාන්ත වීම
Monday, February 4, 2013
හඳගමගේ විකල්ප සිනමා ප්රකාශනය
"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?
අජිත් ගලප්පත්ති
චර්යාව අවුල් නොකරගෙන, එනම් අක්‍රමවත් නොකරගෙන යම් ඉච්ඡාභංග අවස්ථාවක් පිළිගැනීමේ හැකියාවක් යමකු තුළ තිබිය යුතුයෑයි මතයක් ඇත. frustrstration tolerance යනුවෙන් විග්රහ කෙරෙන්නේ එම චිත්ත ස්වභාවයයි. විශේෂයෙන්ම හඳගම වැනි දේශපාලන සිනමාකරුවකු තුළ එම චිත්ත ශක්තිය තිබීම අත්‍යාවශ්‍ය වනු ඇත. සංස්කෘතිය පමණටම දේශපාලන සංස්කෘතිය ද වරින් වර, කලින් කල මුහුදු රැල්ලක් මෙන් උස්පහත්වීම නිරායාස ස්වභාවික තත්ත්වයකි. අනපේක්ෂිත ලෙස උදම් රළ ප්‍රහාරයක් වනුයේ වුවද මෙම සැඩ සොඳුරු රළ පෙරළීම ය. දේශපාලන සංස්කෘතිය ඉහල පහල යමින් අඩුවැඩි වන නියාමයකි. දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු වන ස්වභාවයට කීකරුව දේශපාලන සිනමාකරුවකු එසේ උච්ඡාවචනය (fluctuation) විය යුතුද. ඒ කෙසේද යන අවධාරණය අප හමුවෙහි නැගෙයි. සිනමාකරුවකුගේ එබඳු උච්චාවචනයක් තුළින් අන් ආකාරව විද්‍යාමාන විය හැක්කේ සිය දෘෂ්ටිමය ඒකග්‍රතාවය පිළිබඳ අර්බුදයක් ද විය හැකිය. එවිට පොදු සමාජය එම නිර්මාණකරුවාව සැමදා එකසේ වැළඳ නොගැනීමට ද ඉඩ තිබේ. "ඉනියවන්" තුළින් අප දකින අද්‍යතන අශෝක හඳගමානුකූල ඉරණම පිළිබඳ ව තීරණ ගැනීමට අප ඉක්මන් විය යුතු නැත.
ව්‍යර්ථනය නොහොත් frustration යනු කුමක්ද? එය සිනමා ප්‍රකාශකයකු සතු දෘෂ්ටිමය ඒකග්‍රතාව සමග බඳවා විග්රහයට ගතයුතු තරම් බරපතල අර්ථයක් ගනී. මෑත කාලයේ අප අත්වින්ඳා වූ ජනප්‍රිය දේශපාලනමය හැලහැප්පීම්වල බරපතලභාවයට සාපේක්ෂව සිනමා ප්‍රකාශකයකුගේ දෘෂ්ටිමය ඒකග්‍රතාව දුබල කරන්නට තරම් ප්‍රබල වූවක් ලෙස ව්‍යර්ථනය යන්න විමසිය හැකිය. "ඉනියවන්" ට වස්තු විෂය වනුයේ ප්රභාකරන් මරා දැමුවාට පසු එම මුදාගත් භූමියෙහිම හිස ඔසවන අන් ප්‍රභාකරන්ලාගේ ත්රස්තවාදයයි.
ප්රභාකරන්ට එසේ වෙතැයි අප විශ්වාස නොකළ කාලයක් ද විය. අප බහුලව ගෙවා දමා ඇත්තේ එවන් කාලයක් නොවේද? ජනප්‍රිය යුද ස්මරණ දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකාරිකයින් මෙතරමින් වෙනස් වෙතැයි අප එදා සිතුවාද? මේ බලගතු ජනප්‍රිය දේශපාලකයින් යුද සමයේ කොහි වීද? සිය ගරිල්ලා වස්ත්රාභරණ උනා දමා රාජ්යාරක්ෂාව මැද එම ගරිල්ලා ත්‍රස්තවාදින් මෙබඳු ෆුල් සූට් දේශපාලනයකට පිවිසෙතැයි සිහිනෙන්වත් අප සිතුවේද? විරුද්ධ පාක්ෂිකයාගේ වේදිකාවෙන් දේශපාලන ගමන් අරඹා බලගතු වූ තොරම්බල් තාරකාවන් පාලකයින්ගේ දෑත් ශක්තිමත් කරන විසිතුරු ජවනිකා මෙගා ටෙලි සංස්කෘතියේවත් තිබේද? මෙයාකාරව සංස්කෘතියටත් වඩා අධිවේගයෙන් දේශපාලන සංස්කෘතිය වෙනස් වන විට සමාජයීය ක්‍රියාකාරී ත්රස්තවාදීහු බියගුල්ලන් බවට පත්වෙති. එසේම සමාජීය බියගුල්ලෝ ත්‍රස්ත වෙති. -අක්ෂරය, තනිතටුව" වැනි ප්‍රබල දේශපාලනමය මිසයිල තැනූ අශෝක හඳගම "විදූ" වැනි චිත්‍රපටයක් (ළමා චිත්‍රපටයක්) තනාවි යෑයි කිසිසේත්ම නොසිතූ අය වික්ෂිප්ත වූහ. "ඉනියවන්" උභතෝකෝටික වන්නේ මෙවන් වික්ෂිප්ත වූවන්ට ය. හඳගම මෙම තත්ත්වය විස්තර කරන්නේ 'කරකවා අතහැරි' ස්වභාවයක් ලෙසය.
මෙම සිනමා විප්ලවකරුවාට එසේ පැවසීමට සිදුවන්නේ ඇයි? සිය සිනමා චර්යාව වෙනස් කරගන්නේ නම් ඒ ඇයි දැයි සොයමු.
ව්‍යර්ථනය (රෙමිඑර්එසදබ) යනු බලාපොරොත්තු සුන්වීම නිසා ඇතිවන චිත්ත තත්ත්වයකි. තමා අපේක්ෂා කළා වූ ආධාර, අනුබල නොලැබීම හා අධෛර්යය කරනු ලැබීම, අසහනය, අතෘප්තිය නිසා ඇතිවන සිත් ස්වභාවය වනුයේ ව්‍යර්ථනය නොහොත් ඉච්ඡාභංගයයි. න්‍යෂ්ටාපේක්ෂාව යනුවෙන් දැක්වෙන්නේද එයයි. ව්‍යර්ථනයට පත් තැනැත්තා ආක්රමණකාරී විය හැක. එසේම කලකිරීමෙන් යුතු අක්‍රීයව, අකර්මන්‍ය වීමටද ඉඩ ඇත. ඉච්ඡාභංගයට පත් තැනැත්තා ආක්රමණකාරී හෝ පසුගාමී වන්නේ පරාජිතයකු වූ විටය. ත්‍රස්තවාදියකු හෝ බියගුල්ලකු වන්නේ තම අභිප්රායයන් කඩවීමෙන් ලද සිත් තැවුල නිසාය. තවෙකකු ඝාතනය කිරීම සඳහා අධි බලැති කාල බෝම්බ සවිකළ ඇඳුම් කට්ටලයක් ඇඟලා ගන්නට තරම් ආත්ම ශක්තියක් ලැබෙන්නේ එවන් පරාජිතයකුට පමණි. ඔවුහු මේ වෙද්දී අතුරුදහන් ව ඇත. එවන් බෝම්බකරුවන්ට අද පැවැත්මක් නැත. එහි අදහස යුද වාතාවරණයක් නැති බව නොවේ. යුද්ධයේ ස්වරූපය වෙනස් වී ඇත. හඳගම "ඉනියවන්" තුළින් පවසන්නේ එයයි. ත්‍රස්තවාදියකු නිර්මාණය කරන්නේද බියගුල්ලකු නිර්මාණය කරන්නේද මෙම නෂ්ටාපේක්ෂිත සමාජ දේශපාලන ස්වරූපයයි. ත්රස්තවාදියා බියගුල්ලන් භ්‍රාන්තකොට ස්ව පැවැත්ම සා¹ ගන්නේත්, ආත්මාශයෙන් (ego instinct) යුක්තව බියගුල්ලන් වහා ත්‍රස්ත වී තමා පාගාගෙන සිටින අධි බලැති බෝම්බකරුවන්ව නිෂ්ක්‍රිය කොට දමන්නේද මෙම සමාජ ස්වරූපය මයි."ඉනියවන්" බිහි වන සමාජය මෙපරිදිය.
"භ්‍රාන්ත" යනු භ්‍රමයට පත් හා වැරදි අවබෝධය ඇති යන අර්ථ ගනී. වේගයෙන් කැරකෙන හෝ සැලෙන යන අර්ථයෙන් (whirled) අවුල් ජාලය ලෙස ද මෙය විග්රහ කෙරෙයි. භ්රමනය, සිතෙහි හටගත් කරකැවිල්ල, හැරීම වෙස් වීම ඇඹරිල්ල (revolved or turned) යන අර්ථද මෙයට අදාළ වෙයි. වැරැද්ද, දෝෂය, ප්‍රමාද දෝෂය, වරදවා වටහා ගැනීම, වරද්දා ගැනීම (mistaken) යනුවෙන් හැඳින්වෙන්නේද මෙයයි. මුළාවීම, රැවටීම, (deluded) මංමුළාවී, අයාලේ යන, අපැහැදිලිව දොඩවන, අවුල්ව සිතන, අවධානයෙන් තොරව හිත තැන්තැන්වල යැම මාර්ගයෙන් පිට පැනීම හා නිදැල්ලේ යන වැනි අර්ථ ගන්නා wandering යන විග්රහයද "භ්‍රාන්ත" යන්නට ගැනේ. "ඉනියවන්" තුළ අප දකින්නේ "භ්‍රාන්ත" වූවන් ය. පුනරුත්තාපනය කෙරෙන ත්රස්තවාදීයා යනු මෙහි "භ්‍රාන්ත" වූවෙකි. සමාජයීය ත්‍රස්තවාදියාගේ හදිසි භ්‍රාන්තවීම කෙබඳු අර්ථ ගන්නේදැයි මෙම විවිධ අර්ථ මතින් අපට නිර්ණය කළ හැකිය. ව්‍යර්ජිකෘත (frastrated) සමාජ දේශපාලන රාමුවක් තුළ චිත්‍රපටයක හා සිනමාකරුවකුගේ වලංගුභාවය පිළිබඳ තත්ත්වය වටහා ගැනීම සඳහා ද එය ඉවහල් කොට ගත හැකිය.
සමාජය සමග යම් විරෝධයකින් පසුවන පීඩිතයකු එනම්, බියගුල්ලකු එවන් විරෝධයකට හේතු වූ කාරණාවන්ට එරෙහිව ත්‍රස්ත වන කවර නම් හෝ ක්‍රියාකාරියකු තම එකම ගැලවුම්කාර වීරයා ලෙස තකයි. පීඩිතයාද වීරයාද වසනුයේ එකම බල රාමුවකය. මෙවිට පීඩිතයාත්, වීරයාත් අනොන්‍ය ව එකිනෙක මත යෑපෙයි. යම් මොහොතක වීරයාද පීඩිතයෙක්. තම විරෝධය ප්‍රකාශ කරන්නට හෝ තමා අපේක්ෂා කරන සමාජය නිර්මාණය කරගැනීමට හෝ නොහැකි වීම මෙම පීඩිතයා හුදෙකලා කොට අසරණ කරයි. සමස්ත බහුතරය ම තමා හැර තමා විරෝධය පාන්නා වූ සමාජය අනුමත කරන විට ඔහු අසරණව නිහඬ වෙයි. මෙකී අසරණකම නිහඬකම බියගුළු ස්වභාවයක් දක්වා වර්ධනය වන්නේ බහුතරයකගේ පිළිගැනීම අඛණ්ඩව පෙරට වර්ධනය වන අතරවාරයේය. මෙම බියගුල්ලා එකවරම ත්‍රස්තවාදියකු බවට පත් වීමට ඉඩ තිබේ. එසේම ත්‍රස්ත වීම යනු බියගුළු වීමේ පෙරමග සළකුණක් ද විය හැකිය.
දේශපාලනික සිනමාකරුවකුගේ ප්‍රබල දේශපාලනමය ප්රකාශනයක් හමුවෙහි වහා ත්‍රස්ත වන බියගුල්ලකුගේa මානසික තත්ත්වය කෙබඳුද? තමා හමුවෙහි සැණෙකින් මතු වූ මෙම ක්ෂණික ත්රස්තවාදියා පිළිබඳව ත්‍රස්ත වන බියගුල්ලා විසින් යම් අහංකාරමය හැඟීම් ඇතිකර ගනී. මෙකී තත්ත්වය සහ අහංකාරය තුළ ඔහුගේ සමාජ සම්බන්ධතා පාලනය වෙයි. පීඩිතයාට වීරයා ආක්රමණිකයෙකි. එකී ආක්රමණශීලීභාවය පීඩිතයාගේ බියගුළු බවත්, පීඩාකාරී බවත්, මුලුගැන්වුණු බවත් මොහොතකට පලවා හැර පීඩිත බවම ක්ෂණික ත්‍රස්ත බවකට පෙරළෙයි. මෙතැන් සිට ස්වල්ප කාලයක් පුරා පීඩිතයා ත්‍රස්තවාදියෙකි. නන් විධ ආක්රමණිකයෝ සමාජය ද, එහි වසන්නන්ද තැති ගන්වති. ආක්‍රමණිකයකුගේ ස්වභාවය ඔහු බලහත්කාරයෙන් කඩා වදින්නෙකි. ඔහු අනෙකාව යටත් කර ගැනීම සඳහා සටන් කරන්නෙකි.
ඔහු භීතිය උපදවන්නෙකි. ඔහු බියගුල්ලන් තැති ගන්වන්නෙකි. ''අනුන් තැතිගන්වා කටයුතු කරවාගත යුතුය" යන ඇදහීම ත්රස්තවාදයයි. ත්රස්තවාදියා රාජ්‍යවිරෝධී කැරලිකරුවෙකි. එනම් ජනතාව විසින් පිළිගත් සංවිධිත දේශපාලන ඒකකයට එරෙහි වූවෙකි. නිරායුධ අබල දුබල පීඩිත ජනතාව සන්නද්ධ ත්‍රස්තවාදියකු ව නිර්මාණය කරන පසුබිම මෙබඳුය. බියගුල්ලන් ත්‍රස්ත කොට සිය ආක්‍රමණශීලී විප්ලවය සම්මත සංවිධිත ව්යqහයන්ට එරෙහිව අඛණ්ඩව පවත්වා ගැනීම අද "ඉනියවන්" තුළින් සිය සිනමා චර්යාව පෙන්වන හඳගමගේ සිනමා ව්‍යායාමය විය. ඔහුගේ චිත්‍රපටය විරෝධාකල්පයකි.
අශෝක හඳගමගේ සිනමා ප්‍රකාශන විධිය හා ඉන් සමාජය තුළ සිදු කෙරෙන බලපෑම විග්රහ කරන්නෝ ඒකමතික ව ගන්නා පොදු විනිශ්චය වනුයේ ඔහු විප්ලවකරුවෙක් ය යන්නයි. එනම් ඔහුගේ සිනමා කාර්යය විප්ලවීය කර්තව්‍යයක් වන බවය.
විප්ලවීය ආක්රමණිකයා බියගුල්ලන් ත්‍රස්ත කරනුයේ පවතින ක්‍රමය කනපිට හැරවීම අභිප්‍රායෙනි. සිනමා ප්රක්ෂේපන යන්ත්‍රය යනු රූපවලින් වෙඩි තැබිය හැකි තුවක්කුවකැයි අදහන සිනමාකරුවන් අතර අතීතයේ හඳගමද සිටියේය. ඔහු තමා ඉදිරියෙහි දෑස් අයා සිටින මෙරට පොදු ජනතාව හමුවෙහි තබන රූපාවලිය මෙම ජනතාව තුළ විරෝධයක් ඇති කළේය. බියගුල්ලා තුළ ඇතිවන විරෝධය හා තැති ගැන්ම ආක්රමණික සිනමා-කරුවකුගේ අභිලාශයයි. මෙකී විරෝධය සමාජ බලවේගයක් ලෙස ප්රබලව ඉස්මතු විය යුතුය. ජීවිතය වෙනස් කළ හැකි බලයක් චිත්‍රපටය තුළ තිබිය යුතුය. ජනතාවගෙන් ඈත්වූ කලාවක් තිබිය හැකි නොවේය යන්න ජනතාව සඳහා කලාව හසුරුවන්නන්ගේ ඇදහිල්ලයි. නිර්ධන පන්තිය තුළ විවිධ පීඩන හට ගනී. හඳගම මෙම පීඩනය නිමිත්ත ලෙස නිතර තම ප්රකාශනයට උපයෝගී කර ගත්තේය. පීඩිතයා හෙවත් නිර්ධන පන්තිකයා මුදා ගැනීම ජනතා කලාකරුවාගේ ආක්‍රමණිකත්වයට පසුබිම් අභිලාශය සකස් කරයි. විප්ලවීය ප්‍රකාශකයකුගේ විප්ලවීය ප්රකාශනයක් යනු බියගුල්ලන් අභිමුව නැගෙන අභියෝගයකි. මෙම අභියෝගයට බියගුල්ලන් දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය මත එම විප්ලවීය ප්රකාශනයේ පැවැත්ම තීරණය වෙයි. බියගුල්ලකුට ත්රස්තවාදියා වීරයකු වන්නේ සිය බියගුළුකම යටපත් කොට ත්‍රස්ත වීම සඳහාය. "ඉනියවන්" තුළින් අපට මෙම බියගුල්ලා මෙන්ම ත්‍රස්තවාදියාද මුණගැසෙයි. මෙවේලෙහි එම බියගුල්ලා හෝ ත්රස්තවාදියා සැකකරුවකු ලෙස පමණක් ගැනීම සෑහෙයි.
මුල්ම චලන චිත්රාවලිය දුටු ආදි කාලීන පොදු ජනයා ත්‍රස්ත වී එදෙස බලා සිටි වග අප අසා ඇත. ත්‍රස්ත කිරීම යනු "ත්රස්තවාදියා" යන ප්‍රචලිත ප්රතිරූප සීමාවෙන් ඔබ්බෙහි තිබෙන පුළුල් අරුත් සහිතය. මෙම පුළුල් සිත්හි කොනක තබාගත් විට අපට හඳගම හෝ පතිරාජ හෝ විමුක්ති හෝ ලෙස්ටර් හෝ අන් කවරාකාර විප්ලවීය සිනමාකරුවකු වුවද ත්‍රස්ත වීම හා අනෙකාව ත්‍රස්ත කිරීම නිර්භයව පුළුල් විග්රහයකට ගත හැකිය.
"ත්‍රස්ත" යනු මහත්සේ පුදුමයට පත්වීමකි. මවිතයෙන් විස්මිතව ගල් ගැසුනාක් මෙන් වීමයි. චිත්‍රපට වෙසින් සපැමිණි දැවැන්ත අභියෝග වලට මුහුණ දී තම බියගුළු ස්වභාවයට එරෙහි වී සක්‍රිය වන්නට හා ත්‍රස්ත වන්නට අප කැමතිය. මෙවිට එම චිත්‍රපටය යනු අපට නිර්දය ආක්රමණයකි. බියගුල්ලන් ත්රස්තවාදීන් බවට පෙරළුE සිනමාකරුවා වීරයකු බවට අගැයීම නිරායාසයව සිදුවන්නකි. "ඉනියවන්" නරඹද්දී හඳගම කොතැන සිටින්නේදැයි සොයා බලන්නට අප යොමු වන්නේ එම නිසා නොවේද?
ඇතැම් විටෙක යම් විප්ලවීය චිත්‍රපටයක් යම් බියගුල්ලකුට තම බියගුළුකමින් අත් මිදිය නොහැකි තරම් වූ බලවත් අභියෝගයක් විය හැකිය. මෙවිට ත්‍රස්ත වූ වීරයාගේ අනුගාමිකයින් වී සක්‍රීය වූ බියගුල්ලන් එනම්, ත්රස්තවාදීන් වූ බියගුල්ලන් නොවෙනස් වූ බියගුල්ලාව දකින්නේ කොදෙව් චිත්තධාරියකු, දුබලයකු හෝ යථාර්ථය සාවද්‍ය ලෙස අර්ථකථනය කොටගෙන එහිම මුලාවූවකු ලෙසය. මෙබඳු වූ බියගුල්ලන් හමුවෙහි ඇතැම්විට වීරයා පරාත්ම විකාරයෙන් පසුවන්නෙකි. ඔහු තම හැඟීම් සහ ආවේගයන් අන්‍යයන්ට ප්රක්ෂේපනය කරයි. "විදූ" ට පෙර හඳගමගේ චිත්‍රපට විලාසය තුළින් අප ඔහුව හඳුනා ගත්තේ ආක්‍රමණශීලීව හැසිරෙන්නෙකු (aggressive behavior) වශයෙනි. බෙබඳු ආක්‍රමණිකයකුගේ අසංඥතාවට එකම හේතුව විය හැක්කේ සමාජ විෂමතාවයම නොවිය හැක. සමාජ විෂමතාවය "තනිතටුව" හා අක්ෂරය බිහිවූ යුගයේ මෙන්ම "ඉනි අවන්" බිහිවෙන යුගයේද පෙරටත් වඩා ප්රබලව මතුව ඇති බව ත්‍රස්තවූවන්ද බියගුළුව මුළුගැන්වූවන්ද දනී.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:28 AM 0 comments
Labels: අදහස, චිත්‍රපටිය
මහ සමයම මහා සම්ප්රදාය සොයා යන ගමනක ආරම්භයයි
මහාචාර්ය ආරියරත්න ඇතුගල
"මහ සමයම" මේ ගැමි යාතුකර්ම, තුළින් ජනනය වූ ජන නාට්‍ය සාම්ප්‍රදායන්ට රංග භූමියක් සදන්නට නිර්මාණය වූ ඔපෙරාවකි.
මහසොහොන් සමයමෙහි සමයම් යාම තුනකි. ඒ හැන්දෑ සමයම, මහ සමයම හා අලුයම් සමයම යනුවෙනි. "මහ සමයම" නටන්නේ මධ්‍යම රාත්‍රියේය .
පුරාණොක්තිය හා යාතුකර්ම ගැන වෙසෙස් හැදැරීමකින් පසු "මහ සමයම ඔපෙරාව" නිමැවෙන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගල අතිනි. පෙබරවාරි 01, 02, 03 දිනවල, මහසමයම නෙලුම් පොකුණ රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතය.
ශ්‍රී ලාංකීය වේදිකාවේ නවතම ඔපෙරා අත්දැකීම පිළිබඳ මේ සංවාදගත වන්නේ එහි නිර්මාණකරු මහාචාර්ය ආරියරත්න ඇතුගලය.
සංවාදය - උදේශ සංජීව ගමගේ
මහ සමයම ශ්‍රී ලාංකීය වේදිකාවට අලුත් කියෑවීමක් වන්නේ කොහොමද?
මෙහි අන්තර්ගතය අපේම ඉතිහාසයෙ තිබුණු පුරාවෘත්තයක්. ඒ වගේම මේ වනවිට වේදිකාවට භාවිත නොකළ සහ වේදිකාව ප්‍රතික්ෂේප කරන ලද යාතුකර්මවල එකතුවෙන් තමයි මහ සමයම ගොඩනැඟෙන්නේ. සරලව කිව්වොත් පුරාණෝක්තිය හා යාතුකර්මවල එකතුවක්. අපේ පැරැණි කතාවක් තිබෙනවා. ඊශ්වර සහ අසුර අතර සටනේදී අසුරගේ මියගිය සිරුරේ අලුගොඩින් තමයි "මහසෝනා" උපදින්නේ කියලා. මෙතැනින් තමයි මේ නාට්‍යයට වස්තු බීජය ඉපැදෙන්නේ.
අපි අපේ කලාවන් නිරීක්ෂණය කරද්දී පැහැදිලිව දකින්න තිබෙන දෙයක් තමයි මහ සාම්ප්රදායයන් අමතක කර දැමීම. මූලිකවම ටෙලිනාට්‍යකරුවකු ලෙස මම ඒ තුළත් දැක්කේ යම් නොදියුණුකමක්. මහ සමයම බිහිවෙන්නේ එවැනි පසුබිමකයි.
අපි මේක ඊටත් වඩා පුළුල් අර්ථයකින් ගන්න ඕන. පූජාකර්ම තුළ රංගනය හා ප්රසාංගිකත්වය කොහොමත් ගැබ්වෙලා තිබෙනවා. වික්ටර් ටර්නර් ඇතුළු බටහිර මානව විද්‍යාඥයන් පූජාකර්ම නූතන නාට්‍ය කලාවට වැදගත් බව කියන්නේ ඒ නිසයි. මේ පූජාකර්මවල තිබෙන පරා රෝපණ මූලාශ්‍ර නාට්‍ය රස විඳීම සඳහා වැදගත් බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඔබ කිව්වා වගේ "වික්ටර් ටර්නර්" සංස්කෘතික නාට්‍ය (cultural
tweature) හා පූජාකර්ම නාට්‍ය (Rituals Drama) ගැන අධ්‍යයනයකින් පසුවයි මේ අදහස් පළ කරන්නේ.
මහසමයම සමගම ඔබ "එටික්" (etic) නාට්‍යවේදය ගැන සංකල්පය ගැන හඳුන්වා දෙනවා. මෙය මහසමයම සමග ගලපා ගත යුත්තේ කොහොමද?
අපි පුරාණෝක්තියට, මිත්‍යාවට, පුරාණ ඉතිහාසයට පිටස්තරයෝ හැටියටයි සැළකිය යුත්තේ. මේ සියල්ල අපි අපේ දේ හැටියට සැලකුවත්, ඇත්තටම අපි ඉන්නේ මේ සියල්ලටම පිටින්. නමුත් අපි පුරුදු පුහුණුවෙලා ඉන්නේ, අපිව පුරුදු කර තිබෙන්නේ දේශීය උරුමකම් සමග බැඳුණු තණ්හාවකින් මේවා දිහා විශාල සංස්කෘතිමය බැඳීමකින් බලන්නත්, රකින්නත් පමණයි. ඒ නිසාම අපි ඒවා කෙරෙහි බාහිර නිරීක්ෂකයන් වන්නේ නෑ. එහෙම නොවෙන තාක් අපිට මේවා වටහාගන්නත් බෑ. එහෙම නැත්නම් ඒවායෙහි ඇති බොහෝ දේවල්වලට අපි වහල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම පොදු මානයන්a ඔස්සේ සංසන්දනාත්මක අධ්‍යයනවලට ප්‍රවේශය ගන්න "එටික්වේදය" අපට උදව් වෙනවා.
වාග් විද්‍යාඥ "කෙනෙත් පික්" භාෂාවත් සංස්කෘතියත් ගැන අධ්‍යයනයක යෙදෙමින් එමික් (Emic) සහ එටික් (Etic) කියන සංකල්ප හඳුන්වලා දෙනවා. එමික් කියන වචනය බිඳිලා එන්නේ Phonemic (ශබ්දාණුමය) කියන වචනයෙන්, "එටික්" කියන වචනය බිඳිලා එන්නේ Phonetic ශාබ්දික එහෙමත් නැත්නම් ශබ්දය පිළිබඳව වන වචනයෙන්. කිසියම් සංස්කෘතික හැසිරීම් හෝ විශ්වාස පිටතින් සිට පර්යාවලෝකනය කිරීම etic යන වචනයේ සරල අර්ථයයි. මෙය අද භාෂාව, සංස්කෘතිය ආදිය පර්යේෂණය කරන්න යොදා ගන්නා නව ක්‍රමවේදයක්.
නමුත් ඔබ කියනවා බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථිකරණ ස්වභාවයක් මහසමයමේ තිබෙන බවක්.
ඔව්, එවැන්නක් මේ නාට්‍යය තුළ තිබෙනවා. එයින් මතු කරන්නේ බ්‍රෙෂ්ට් සඳහන් කරන දුරස්ථිකරණය (alienation) යන්නෙහි නියම අර්ථයෙනුයි. ඒ කියන්නේ එහි නියම අර්ථය "සුවිශේෂීකරණය" කියන එකයි. ජර්මන් භාෂාවේ .Verfremdungseffekt. කියන නාට්‍යවේදය ඉංගී්රසි භාෂාවට පරිවර්තනය වන්නේ alienation - දුරස්ථිකරණය නමිනුයි. ඒක නිවැරැදි පරිවර්තනයක් නෙවෙයි. එවිට ජර්මන් භාෂාවෙන් අර්ථගන්වන දේ සිංහල භාෂාවට එන්නේ සුලබ වූත්, පොදු වූත් දේ ප්‍රේක්ෂකයා හමුවේ නුහුරු, අපූර්ව බවට පත් කිරීමේ නාට්‍ය තාක්ෂණය ලෙසිනුයි. මේ මූලධර්මය මහ සමයමටත් අදාළයි.
ඒ අර්ථයෙන් ගත්තොත් එහි තිබෙන්නේ ආගන්තුක බවක්...?
ඔව්, ඒ නිසාම මම මෙය දුරස්ථිකරණය කියන වචනයට වඩා "ආගන්තුකකරණය" ලෙස හඳුන්වන්න කැමැතියි. බ්‍රෙෂ්ට් කරන්නේ අප දන්නා දේට විශාල ආගන්තුක බවක් දීමයි. මේ වචනය ගැන සංවාදයක් ලෝකයේ තිබෙනවා. මම යමක් දන්නව නම් මට ඒක තේරෙන්නේ නෑ. නමුත් සියුම්ව හැදෑරුවොත් එය අවබෝධ කරගන්න පුළුවන්. කිසියම් කලා කෘතියක තිබෙන පඨිතයන් ඉතා සියුම් කැබැලිවලට කඩා හඳුනාගන්නා වූ දේ තමයි වැදගත්. ඒ කියන්නේ සමස්තය නෙවෙයි. අපි කලා කෘතියක කුඩා කොටස් තමයි රස විඳින්නේ. මේ කුඩා කොටස්වලට යම්කිසි ආගන්තුක බවක් ලබාදීමයි කරන්නේ. "හුණුවටයේ කතාව" කවුරුත් නොදන්න කතාවක් නොවෙයි. ඒත් බ්‍රෙෂ්ට් ඒකට අලංකරණයක් දෙනවා. ආගන්තුකකරණය මගින්.
"මහසමයම" ඔපෙරාවක්, ඔබ ඔය සඳහන් කරන පූජාකර්ම ආදිය ඔපෙරාවක් සමඟ බද්ධ කිරීම සංකීර්ණ කටයුත්තක්. මේක අභියෝගයක් නොවෙයිද?
ඔව් අභියෝගයක්. නමුත් මම විශ්වාස කරනවා අපි ඒ අභියෝගය ජයගත යුතු කාලයක් ඇවිත් තිබෙන්නේ කියලා. අපි ගත්තොත් ලෝකයේ නාට්‍ය කලාව ඉතා වේගයෙන් දියුණු වේගෙන යනවා. ඒතA අපි තවමත් දිළිඳු තත්ත්වයකයි ඉන්නෙ. ඉන් පැහැදිලිවන්නේ අපි නිර්මාණකරණය අතින් කොයිතරම් පොහොසත් වුණත් අපි ගමන් කරන්නේ බොහොම පටු සීමාවක බවයි. ලෝකය පුරාම තාක්ෂණික වශයෙන් දියුණුවූ වේදිකා නිර්මාණයවී තිබෙනවා. මේවා සමග අපි ගනුදෙනු කරන්නේම නැති තරම්. ලෝකයේ නාට්‍ය කලාව ගත්තොත් ඔපෙරා හා බැලේ තමයි ප්‍රධානම භූමිකාව කරන්නේ. සම්භාව්‍ය කියන ලක්ෂණ දකින්න ලැබෙන්නේ ඒවායේ. අපිට ඒවා ඒ හැටියෙන්ම ගන්න ඕන නෑ. අපිට බැරිද මහා සම්ප්රදායක් හොයාගෙන යන්න. "මහ සමයම" ඔපෙරාවක් විදියට ගොඩනැගෙන්නේ එහෙමයි. මම පූජාකර්ම, ශාන්තිකර්ම මේ හැම එකකම භාවිත වන වෙස් මුහුණ, ගොක්කොළ මේ ආදී දේවල් නව අර්ථයකින් හා නව මානයකින් "මහ සමයම" ඔපෙරාවේදී භාවිත කරනවා. මෙහෙමයි මම මහා සම්ප්රදාය හොයාගෙන යන්නේ.
ඔබ හොයා ගෙන යන මහා සම්ප්රදාය එදිරිවීර සරත්චන්ද්‍රයන් ශෛලීගත නාට්‍යයෙන් හඳුන්වා දුන් මහා සම්ප්‍රදායට වෙනස් වෙන්නේ කොහොමද?
එදිරිවීර සරත්චන්ද්‍රයන් ඒ සම්ප්රදාය ගෙනාවා. ඒත් ඔහුට ඒ සඳහා වේදිකාවක් තිබුණේ නෑ. ගී‍්‍රසිය ගත්තොත් ආරම්භයේ සිටම රංග භූමිය අතිශය විශාලයි. ඒවා තුළ තමයි මහා නිර්මාණ බිහිවෙන්නේ. මම සොයාගෙන ගියේ සහ මට තිබුණු අභියෝගය තමයි මේ මහා සම්ප්රදාය හොයාගෙන යන එක සහ නූතන වේදිකාව ජයගන්නේ කොහොමද කියන එක.
ඔබ එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ස්පර්ශ කළ නොහැකි තැනක් සොයාගෙන යන්නේ නූතන තාක්ෂණය හා සම්ප්රදාය ගලපාගන්නට උත්සාහ දරණ අතරවාරයේමයි. මේ අභියෝගය ජයගන්නේ කොහොමද?
මම මේ අද්දැකීම ගන්නේත් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගෙන්මයි. ලයනල් වෙන්ඩ්ට් රඟහල එක්තරා සමාජ පැලැන්තියක් හා ඉංගී්රසි පංතිය නියෝජනය කළ වකවානුවක ඔහු ඒ වේදිකාවට ගේන්නේ ගැමි නාඩගමක් වගේම අනිත් පැත්තෙන් ඔපෙරාවක්. ඔහු අත්හදා බලා තිබෙනවා අපේ සම්ප්රදාය ලෝකයට ගෙන යන ආකාරය. මූලිකවම අපේ වේදිකා නාට්‍ය කලාව යාතුකර්ම ආදිය පිළිගන්නේ නෑ. බලි තොවිල්වල සංවාද වේදිකාවට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ ඇයි? ඒවායේ කාව්‍යමය ගුණය නෑ කියලා අපිට බටහිරින් උගන්වා තිබුණා. නමුත් අපේ බලියක, සොකරියක, නාඩගමක තිබෙන නාට්‍යමය ගුණය විශ්වීයයි. ඒ නිසයි මා කල්පනා කළේ මෙය නූතන වේදිකාව සමග ගලපාගන්න ඕන කියලා. මා උත්සාහ කළේ අපේම මානයකින් මේක වේදිකාවට ගෙන එන්නයි. ඒ නිසාම මට සරත්චන්ද්‍රයන්ගේ අතීතයත් නූතන වේදිකාවත් අතර ගනුදෙනුව සක්‍රීය එකක් කරන්නයි ඕන වුණේ. ඒ නිසා මම හිතන්නේ සරත්චන්ද්‍රයන්ට ස්පර්ශ කරන්නට නොහැකි වූ තැනකට ගියා කියනවට වඩා ඔහු ඉදිරියට ගෙන යන්න හිටිය තැනකට අපි යා යුතුයි කියන එකයි ඉස්මතු විය යුතු කියලා.
අපේ රටේ ඉතාම සුළුතරයක් පමණයි ඔපෙරාවක් කැන්ටාටාවක්, මුද්‍ර නාට්‍යයක් නැරැඹීමට යොමුව සිටින්නේ. මහසමයම අපේ ප්‍රේක්ෂකාගාරය මඟහැර යන බවක් හිතෙන්නේ නැද්ද?
රටකට සම්භාව්‍ය ගුණය තිබෙන කලාවන් පෝෂණය කිරීම කියන එක ඉතාම අවශ්‍ය දෙයක්. බටහිර රටක ඔපෙරාවක් බලන්න ඕනෑම සමාජ ස්ථරයකට මැදිහත් වෙන්නට පුළුවන්. අපේ රටේ ඇති නැති පරතරය වැඩියි. බටහිර රටවල ඕනෑම කෙනකුට රසවිඳීමේ ඕනෑකම තිබෙනවා. අපි රසවිඳීමේ වුවමනාව මිනිසුන් තුළ ඇති කළ යුතුයි. එය පංති භේදයෙන් මැනිය යුත්තක් නොවේ. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය ඔපෙරාවක් හැටියට පිළිනොගන්තේ ඇයි කියන එකයි මගේ තර්කය. ඒවා නාට්‍යයන් නොවෙයි. ලෝකයේ තිබෙන ඔපෙරා සම්ප්‍රදායෙන් තමයි ගෙනාවේ. සිංහයා, සිංහබා කියන්නේ ඔපෙරාවේ හඬ. සිංහයා නටන්නේ අපේ නැටුම් සම්ප්රදායක් නෙවෙයි. එයා නටන්නේ ජපානයේ නෝ කබුකි. නමුත් ඒවා අපේ නාඩගම් සාම්ප්‍රදාය සමග ගලපලයි ගෙනාවේ. සරත්චන්ද්‍රයන් ඒක කිව්වේ නෑ. ලංකාවේ මහා සම්ප්රදායේ ඔපෙරාවක් ඇතිවුණු මුල්ම අවස්ථාව තමයි මනමේ, සිංහබාහු, කියන්නේ. ඔහු එය පේරාදෙණියේ "වලට" සීමා නොකර ලයනල් වෙන්ඩ්ට් රඟහලට ගේනවා. එතැනදී තමයි මේ සංවාදය මතුවන්නේ. සමහර අය තර්ක කරනවා අපේකම මේ නිසා නැතිවෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ දේවල්වලට වැඩි ආරක්ෂාවක් ලැබීමයි.
ගී්රක නාට්‍ය මූලධර්මයන් අභිබවන්නට හැකි නාට්‍යමය දෘෂ්ටිවාදයක් අපේ පූජාකර්මවල තිබෙනවා. මහසමයම ඔපෙරාව මෙය යථාර්ථයක් බවට පත් කරන්න කොයිතරම් දුරට හේතු වේවිද?
අපේම කියන දේවල් අපේ කියන පදනමට වඩා විශ්වීය පදනමින් නාට්‍යවල භාවිත කරන්න ඕන. අපට ජාත්‍යන්තරය සමග මීටත් වඩා පුළුල් විදිහට ගනුදෙනු කිරීමේ හැකියාව තිබිය යුතුයි. අද ශ්‍රී ලාංකීය වේදිකාවටත් අවශ්‍ය වන්නේ එවැන්නක්. අපේ නාට්‍ය කලාව විවෘත ආර්ථිකයට බිහිවීමේ සිට අද දක්වාම රැඳෙන්නේ චූල සම්ප්‍රදායකයි. නිර්මාණකරුවන්ට මහා නිර්මාණයකට එන්න තිබෙන බාධා වැඩියි. දේශීය වේදිකාවට නව මං පෙත් හොයාගෙන යන්න මෙය හැරවුම් ලක්ෂයක් වේවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා. අප මේ හරහා සංවාදයක් ගොඩනඟා ගත යුතුයි. වඩා හොඳ නිර්මාණයක් කිරීමේ අභිලාශයයි මා සතුව තිබුණේ. විශාල පිරිවැයක් ගියා. රාජ්‍යය මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන් ගණනාවක් මීට මැදිහත් වුණා. මෙහි පිටපත සමග අවුරුද්දක් විතර පර්යේෂණ කරන්න මට සිද්ධ වුණා.
මෙය නූතන වේදිකාවට ගැලපෙන නාට්‍යයක්. නෙලුම් පොකුණ වැනි දැවැන්ත වේදිකාවක් සමඟ කරන ගනුදෙනුව අපේ දුප්පත් වේදිකාව සමඟ කරන්න බෑ. අපේ ප්‍රේක්ෂකයන්ට මේක අසාධාරණයක් නෙවෙයිද?
ජාත්‍යන්තරයේ තිබෙනවා, කොතරම් දුර වුණත් රඟහලේ තිබෙන පහසුකම් බලා නාට්‍ය නරඹන්නට එන පුරුද්දක්. වසර පුරාම ඒ රඟහල්වල එකම නාට්‍යයක් රඟ දැක්වෙනවා. එවිට ඒ සඳහා සූදානම් වුණු රසික කණ්ඩායම් ගොඩනැගෙනවා. රසවින්දනය වෙනුවෙන් ඒක හොඳ ශික්ෂණයක්. රසවිඳීම වෙනුවෙන් ඒක වැරැදි දෙයක් නෙවෙයි. අපිට තැනින් තැනට යන්න ලංකාවේ දියුණු වේදිකා නෑ. නමුත් මම කියන්නේ තැනින් තැනට යන නාට්‍ය විතරක්ම තිබිලා මදි. නෙලුම් පොකුණ වැදගත් වෙන්නේ මේ අර්ථයෙන් මිස පටු තැනක ඉඳලා බලනකොට නෙවෙයි. අපි මේ පවතින තත්ත්වය අතික්‍රමණය කරන්න ඕන. නෙලුම් පොකුණේ තිබෙන සංගීත ප්‍රසංග නරඹන්නට ප්‍රේක්ෂකයන් එන්නේ බොහෝ දුර ඉඳලා විශාල මුදලක් ගෙවා ගෙන. අපිට වේදිකා නාට්‍ය සඳහා ඒ වගේ තත්ත්වයක් ගොඩනගන්න බැරි ඇයි? මම හිතන්නේ මගෙන් පස්සේ එහෙම ප්‍රවණතාවක් ගොඩනැගෙයි.
Divayina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:18 AM 0 comments
සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති
| සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති |
"මහ සමයම" නාට්‍ය හරහා මම සමාජගත කරන්නේ මහසෝනාගේ උත්පත්ති කතාව. ඊශ්වර ළඟ බැලමෙහෙවර කම් කරපු අසුර නමැති පුද්ගලයා ඊශ්වර දැහැනෙන් මිය යනවා. ඊශ්වරගේ අග්නි ජාලාවකින් තමයි ඔහු මිය යන්නේ. ඒ ඔහු දැවී ගිය අළුවලින් මහසොහොන් සමයම උත්පත්තිය ලබනවා. මගේ "මහ සමයම" නාට්‍ය තුළ ගැබ්වෙලා තියෙන්නේ එම ප්‍රස්තුතයයි.
"මහ සමයම" තුළ වත්මන් දේශපාලන චරිත ඉන්නවාද? විවිධ ආකාරයට දකින්න පුළුවන් කෘතියක් මේක. සමාජමය දෘෂ්ටියකින් වගේම දේශපාලන දෘෂ්ටියකිනුත් මෙම නාට්‍ය දකින්න පුළුවන්. මතුපිටින් නොපෙනෙන ගැඹුරු ප්‍රවේශයක් මෙහි අන්තර්ගතයි. දේශපාලනමය දෘෂ්ටියෙන් බැලුවොත් "මහ සමයම" කවුද? දේශපාලනමය පැත්තටම මෙය සීමා කරන්නට බැහැ. අපි හැමෝ තුළම මහසෝනා කියන චරිතය ඉන්නවා. විටින් විට එම චරිතයන් මතු වෙන අවස්ථා තියෙනවා. දේශපාලන නෙතින් බැලුවත් විවිධ දේශපාලනඥයන් තුළින් මෙම චරිතය ඉස්මතු වන අවස්ථා තියෙනවා. අදෘශ්‍යමාන පැතිකඩක් නාට්‍යකරණයට යොදාගන්න හිතුවෙ ඇයි? අද සමාජෙ වෙසෙන බොහෝ දෙනෙක් අපේ ගැමි කලාව සහ යාතුකර්මවල අන්තර්ගත දේවල් හාස්‍යයට ලක්කරමින් වලංගු නැති ගණේට දාලා තිබෙනවා. බටහිර ක්‍රමයට නතුවෙලා අපේම දේ ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙලා. අපේ වෙස් මුහුණු අපි අගය නොකොට සුද්දන්ට විකුණනවා. නමුත් ඒ වෙස්මූණු තුළ ගැබ්වෙලා තියෙන මනෝවිද්‍යාත්මක සහ කලාත්මක ගුණයන් බොහෝ දෙනෙක් දකින්නේ නෑ. නිර්මාණකරුවන් හැටියට අපිට වගකීමක් තිබෙනවා වියැකී යන ඒ ගැමි කලාවට නැවතත් පුනර්ජීවනයක් දෙන්න. මගේ මේ වෑයමත් ඒකයි. වර්තමානය වන විට විවිධාකාරයෙන් යුතු නාට්‍ය කරළියට එනවා. ඒවා තුළ සහ මෙ නාට්‍යය අතර තිබෙන වෙනස මොකක්ද?
වේදිකා නාට්‍ය ගොඩක් එනවා. නමුත් ප්‍රබල කතිකාවතක් ගොඩනඟන්න තරම් නිර්මාණ බිහිවෙන්නෙ නෑ. සීමිත පිරිසක් ඉන්නවා හොඳ නිර්මාණකරණයට යොමු වුණ මම ජනසන්නිවේදන විෂය උගන්වන ගුරුවරයකු හැටියට අපේ සම්ප්‍රදායික දේවල ඇති ගුණ අගුණ විශ්ලේෂණය කරනවා. එසේ විශ්ලේෂණය කරන කොට තමයි මට මෙම ප්රස්තුතය හමු වුණේ. අපි නාට්‍යකරණයේ නියැළෙන්න ඕනේ ජාත්‍යන්තර නාට්‍ය කලාව සහ ශ්‍රී ලාංකේය මුල්නාට්‍ය කලාව හරි හැටි හැඳිනගෙනයි. සමාජය තුළ කතිකාවතක් ගොඩනැඟෙන තරමෙ නාට්‍යයක් කරනවා නම් එහි සාර්ථකත්වයක් තිබෙනවා. මම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කලාව දුටුවෙක් හැටියට මෙවන් වෙනසක් කළ යුතුයි කියලා හිතුවා.
"මහ සමයම" නාට්‍යයේ නළුවරණය කොහොමද කළේ? "මහ සමයම" නාට්‍ය තුළ පරම්පරා 9ක් නළු නිළියො රඟපානවා. ප්‍රවීණයන්, නවකයන් දෙපිරිසම මේ තුළ සිටිනවා. ඊශ්වර චරිතය චන්න විජේවර්ධනත් උමාගේ චරිතය ඉන්දිකා උපමාලිත් රඟ දක්වනවා. ජැක්සන් ඇන්තනී, ශි්රයන්ත මෙන්ඩිස්. නිස්සංක දිද්දෙණිය, සඳුන් විජේසිරි, චතුරිකා පීරිස්, මාධනී මල්වත්ත ආදී ප්රමුඛ පෙළේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් "මහ සමයම" නාට්‍ය තුළ රංගනයෙහි නියැළෙනවා. "මහ සමයම" නාටය සඳහා නෙලුම් පොකුණ රඟහලම තෝරා ගත්තේ ඇයි? මෑත කාලයක් වෙනකල්ම ලංකාවේ වේදිකාව පිළිබඳ ගැටලු තිබුණා. නමුත් නෙලුම් පොකුණ රඟහල තුළ ඇති නූතන තාක්ෂණය උපයෝගි කොට ගනිමින් දැවැන්ත නිර්මාණ කරන්න පුළුවන්. ඔපෙරාව වගේ ලොව සම්භාව්‍යය කෘති මෙරට තුළත් නිර්මාණය කරන්න ඕනේ. නෙලුම් පොකුණ රඟහල ඒ සෑම නිර්මාණයක් සඳහාම විශාල තෝතැන්නක්. මෙම නාට්‍ය තුළින් ඔබ අවසානයේ බලපොරොත්තු වෙන්නේ මොකක්ද? මෙය සමාජය තුළ සාකච්ඡාවට බඳුන්වන කෘතියක් වුණොත් එය නූතන නාට්‍ය ක්ෂේත්රයේ වර්ධනයට ඵලදායී වේවි. මම බලාපොරොත්තු වෙන්නේ එයයි.
Mawbima
|
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:17 AM 0 comments
‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්
‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:16 AM 0 comments
පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්වා
Sunday, February 3, 2013
පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්වා
''සුජාත දියණි'' කියන්නෙ අපේ රටේ නිර්මාණය වෙච්ච නාට්ටියක් නොවුණත් මේ වෙන කොට විශාල ප්‍රේක්ෂක පිරිසක් ඒක වටා රොක්වෙලා ඉන්නවා. පිච්චර් පිස්සා පුංචිකාලෙ ඔෂින් බලන්න කොච්චර ආසද කියල එකපාරටම හිතුනා. ඒ වගේ තමයි මේකත්· ඒ දවස්වල ඔෂින් කී සැරයක් නං රූපපෙට්ටියෙ පෙන්නුවද? ඒත් අපේ කිසිම කෙනෙකුට ඒක බලලා ඇති වුණේ නෑ. සුජාත දියණිත් එහෙම එකක් බව දැනටමත් ඔප්පු කරල ඉවරයි. මේ නාට්ටිවලට මේ තරම් අපේ කට්ටිය කැමැති ඇයි කියලා පිච්චර පිස්සා කල්පනා කරා· මිනිස්සුන්ගෙ අව්‍යාජ බව සිරිත් විරිත්, ගති පැවතුම්, වගේ දේවල් නිසියාකාරව තේරුං අරගෙන මිනිස්සුන්ගෙ ජීවිත විනිවිද දකින නිසා ඒවට අපේ කට්ටිය කැමැති වෙනවා ඇති. හැබැයි එක කාලයක් තිබුණා අපේ කට්ටිය අර ඉන්දියානු බඩවැල් නාට්ටි ටික මෙලෝ සිහියක් නැතුව බලපු· හැබැයි ඒ කට්ටියයි මේ කට්ටියයි වෙනස් කියල නං පිච්චර පිස්සා දන්නවා.
මීට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා පෙන්නපු ''පළිඟු මැණිකේ'' ටෙලිනාට්ටිය පිච්චර් පිස්සට එක පාරටම මතක් වුණා. ඒ නාට්ටියෙන් අපේ කලා ශිල්ප ජන ඇදහිලි ශාන්තිකර්ම වෙදකම් ගැන මොනතරම් අපූරුවට විග්රහ කෙරුවද? ඇයි අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ වෙදහාමිනේ ටෙලිනාට්ටියෙන් දේශීය වෙදකම ගැන ''අඬුබස්නාමානය ටෙලිනාට්ටියෙන් අපේ ඉපැරණි සටන් කලාව ගැන මොනතරං විග්රහ කෙරුවද? ඒ හැම නාට්ටියක්ම ප්‍රේක්ෂක ජනතාව තදින්ම වැළඳ ගත්තෙ අපේ ජීවන සුවඳ ඒවායෙන් දැනුන හින්දා. දඬුබස්නාමානය ටෙලිනාට්‍ය විකාශය වුණාට පස්සේ කීදෙනෙක් ''අංගම්පොර'' උගන්නන පන්ති දැම්මද? අදටත් කීදෙනෙක් ඒ සටන් ක්‍රමය උගන්නලා ජීවත් වෙනවද? ඒක තමයි කලා නිර්මාණයකින් සිදුවිය යුතු සේවය. හැබැයි මත්කුඩු ගැන කරපු ටෙලිනාට්ටියකට පස්සෙ කට්ටිය මත්කුඩු උරන්න ඕන කියලා නොවෙයි පිච්චර පිස්සා කියන්නෙ සමාජයට දැනෙන නිර්මාණ නිර්මාණකරුවෝ බිහි කළ යුතුයි කියලා.... මුලින් පිච්චර පිස්සා කිව්ව ''සුජාත දියණි'' වගේ නාට්ටි බලලා ඒවායෙන් යම් උද්දීපනයක් අරගෙන අපි නිර්මාණ බිහිකළ යුතුයි කියලයි පිච්චර පිස්සගෙ කල්පනාව. ඒවගේම ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියල හිතන නිසාවෙන් සුජාත දියණි දිහා බලන්න එපා කියලත් පිච්චර් පිස්සා කියනවා. සුජාත දියණි ටෙලි නාට්ටියෙ හොඳ කියන බොහෝ පිරිසක් හිටියත් ඒකට දොස් කියන අපේ වැඩබැරි ටාසන්ලත් ඉන්නවා. අපි අපේ කමත් එක්ක ශක්තිමත්වෙලා අපේ අනන්‍යතාව අපිට දැනෙන අපිවම අපිට විනිවිද පෙනෙන නිර්මාණ බිහි කරන්න පෙළඹෙනවා හැරෙන්න ''සුජාත දියණි'' ට සාප කරන එක නෙවෙයි කරන්න ඕන.
පිච්චර් පිස්සා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:17 PM 0 comments
Labels: අදහස
මම විශාල සමාජ පෙරළියක් කළා
මහා සිංහලේ වංස කතාවෙන් මම විශාල සමාජ පෙරළියක් කළා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:12 PM 0 comments
Labels: අදහස
‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්
‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:11 PM 0 comments
Labels: අදහස, චිත්‍රපටිය
‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා
Saturday, January 26, 2013
‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:39 AM 1 comments
විශිෂ්ටයි (ඔබ වන් පියෙකු ලද කැලණිය)
Wednesday, January 2, 2013
කැලණිය විශ්ව විද්‍යාලයේ
දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
නලින්ද ධර්මරත්න මහතා
එහි අධ්‍යයන සිසු සිසුවියන්ගේ විභාග ගැටලු වලට
පියෙකු මෙන් දයාබරව කඩිනම් පිලියම් යොදමින්
කටයුතු කරනු අහම්බෙන් දුටිමි.
අප ඇස් පින් කල බව හගිමි.
ඔබ වන් පියෙකු ලද කැලණිය රමණීය වන බව සපථ විනි.
බොහෝ දෙනාගේ දැනගැනුම් පිණිස ලියා තැබුවෙමි.

සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:11 AM 0 comments
Labels: අදහස
ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ
ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ
මේවාට වගකිව යුතු වන්නේ කවුද?
- ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ කතා කරයි
අප මේ පිළිබඳව කතා කළා. ඒ කලා ක්ෂේත්රය තුළ සුවිශේෂී නමක් දිනූ ප්‍රවීණයකු සමග. ඔහු ජයලාල් රෝහණ.
* කලා ක්ෂේත්රය තුළ සිදුවන මේ සිදුවීම් දිහා බලා සිටින ඔබට මොනවද හිතෙන්නේ...? මොනවද හිතෙන්නේ කියන කාරණය තුළ කියන්න බොහෝ දේ තිබෙනවා. නමුත් මම මෙහෙම කියන්නම්. මේ විදිහට සිදුවීම තුළින් ප්රේක්ෂකයාත් අනාථ වෙනවා. කලාවත් අනාථ වෙනවා. රටත් අනාථ වෙනවා.
කලාකරුවා ඔහුට අයිති නැහැ. අයිති රටටයි. ඔහු හෝ ඇය පෞද්ගලික ජීවිතය තුළ ගන්නා වූ තීරණ පිළිබඳව රටට වගකිව යුතුයි. බුද්ධිමත් ප්‍රේක්ෂකයා කලාකරුවන්ව පිළිගන්නේ ඔහුට හෝ ඇයට අවශ්‍ය ජනප්‍රියත්වය ලබාදෙන්නේ රටට යහපත් දේ ලැබේවි කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය තුළ ඔවුන් ජීවත්විය යුතුයි.
නමුත් මට හිතෙනවා අද සිදුවන්නේ ඒ දේ නමෛයි කියලා. අද ජනප්‍රිය කලාකරුවන් දික් කසාදය සාමාන්‍ය දෙයක් කියන පණිවුඩය රටට දෙනවා. ගණිකා වෘත්තියේ යෙදිලා තුට්ටු දෙකට රඟපාන ගමන් ආත්ම ගරුත්වය විනාශ කරගැනීම සාමාන්‍ය දෙයක් බව කියල තිබෙනවා.
මම මේ කියන්නේ සමස්ත නළු නිළියන් ගැන නමෛයි. නළු නිළියන් මුවාවෙන් ඉන්න රුපියල් 500ට මූණ පෙන්නලා නිළියෝ කියලා නළුවෝ කියලා හිතාගෙන ඉන්න 'මෙගා කෙල්ලෝ කොල්ලන්ටයි'. ඒ අය නළු නිළියෝ නමෛයි. 'මෙගා කෙල්ලෝ, මෙගා කොල්ලෝ'
මේ පිරිසට මොළේ නැහැ. වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැහැ. මොළේ තිබුණත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ නිසි අධ්‍යාපනක් නැතිකම. ඕ ලෙවල්, ඒ ලෙවල් පාස් වුණාට මොළේ ලැබෙන්නේ නැහැ.
අද මේ නිසාම සැබෑ නළු නිළියන්ට තිබෙන ගෞරවය පවා ප්‍රේක්ෂකයා තුළින් ඉවත්වෙලා.
ගාමිණී ෆොන්සේකා මහත්තයා හැබෑ රංගන ශිල්පියෙක් හැටියට මේ ක්ෂේත්රයට, නළු නිළියන්ට අතිවිශාල ගෞරවයක්, ගාම්භීරත්වයක් ලබාදෙන විදිහට වැඩකළා. මහ පාරේ බැහැලා යද්දී මිනිස්සු ඒ ගාම්භීරත්වයට ගෞරව කළා. සැලකුවා. ඒත් මේ මෙගා කෙල්ලෝ කොල්ලෝ ටික මොනවද කළේ...? මූණ ජනප්‍රිය කරගන්න ටෙලි නාට්‍යයකට ඔළුව දාගන්න දහ ජරා වැඩ සේරම කළා. සේරම තවදුරටත් කරනවා. මාධ්‍ය තුළ නළු නිළියෝ හැටියට ඔවුන්ව නම් කරලා කරන කියන සියලු දුරාචාර නොහොඹිනා වැඩ ප්‍රසිද්ධ කරනවා. 'ගණිකා මඩම වටලයි. මෙගා නිළිය දැලේ' කියලා.
මේකට මම ජනමාධ්‍යයට දොස් කියන්නේ නැහැ. මාධ්‍ය තුළින් නිතරම උත්සාහගන්නේ සූක්ෂ්ම ලෙස යමක් ඉස්මතුකොට පෙන්වන්නයි. තමන්ගේ ප්‍රවෘත්තියට ආකර්ෂණයක් ලබා දෙන්නයි.
නමුත් 'නිළිය' කිව්වහම අපේ ගෞරවනීය නිළියක් වන අයිරාංගනී සේරසිංහ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන්ට සිදුවන්නේ කුමක්ද? ඔවුන් ගෞරවයෙන් ගොඩනගාගත් ක්ෂේත්රයට ඒ වෘත්තියට සිදුවන්නේ කුමක්ද?
* ඔබ කියන්නේ මේවා නිසා ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙනවා කියලද?
ජාතික රූපවාහිනිය අපේ රටට එන්න කලින්, අපේ රටේ ජනප්‍රිය වී තිබුණේ වේදිකා නාට්‍යයයි. මේ නාට්‍ය කලාව 1982 පසුව කඩා වැටුණා. ඒකට වක්‍රව බලපෑවේ ඒ නාට්‍ය කලාව තුළටත් අද මේ තියෙන රෝගය බෝවී තිබුණු නිසයි. අවසානයේදී ප්‍රේක්ෂකයා ඒ තුළින් ඈත් වුණා.
අද ඒ කාලයට වඩා මොළේ නැති මිනිස්සු, සල්ලි පස්සේ දුවන මිනිස්සු, හා ලිංගිකත්වයට බර මෙගා කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා මේ අය ජනප්‍රියවෙන්න විවිධ දේ කරනවා.
මම පුංචි උදාහරණයක් කියන්නම්. ඇමෙරිකාවේ හොලිවුඩ්වල එක්තරා නළුවෙක් හිටියා. ඔහු ගැන පත්තරවල මාධ්‍යවල එතරම් ප්රවෘත්ති පළ වුණේ
අන්තිමට ඔහු ගැන හැම මාධ්‍යයකම තොරතුරු පළ වුණා. එදා පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු මෙහෙම කිව්වා. මා ගැන කිසිදු මාධ්‍යයක තොරතුරු පළවුණේ නැහැ. මම මේ දේ කළේ ඒ නැති ජනප්‍රියත්වය ගන්නයි කියලා.
මෙන්න මෙහෙම අය තමයි අද අපේ කේෂ්ත්‍රයේ වැඩිපුර ඉන්නේ. ඇතැමුන් ප්‍රසිද්ධියේ වැරදි කරනවා. ඇහැව්වහම නෑ කියනවා. ඒකටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේවා බොහොම බාල, ජරා වැඩ. ක්ෂේත්රයට ආදරෙයි නම් ප්‍රේක්ෂකයාට ආදරෙයි නම් මෙහෙම කරන්නේ නැහැ.
මේ නිසා බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් අයින් වෙනවා. ඔවුන් සැටලයිට් ටෙලිවිෂන් ඔස්සේ වෙනත් දේවල් බලන්න පුරුදු වෙනවා. කවුද එතකොට වැරදි. සැටලයිට් ටී.වී. වලට බැණලා හරියන්නේ නැහැ නේද?
දැන් ටෙලි නාට්‍ය ක්ෂේත්රය ඉවරයි. 2013 අවුරුද්දෙන් පස්සේ ඉවරෙටම ඉවරයි. අද නිෂ්පාදක මහත්වරුන් යැයි කියා ගන්නා පිරිසක් ඉන්නවා. අධ්යක්ෂවරු යැයි කියා ගන්න පිරිසක් ඉන්නවා. ඔවුන් වැඩ කරන්න කැමති මෙගා කෙල්ලෝ කොල්ලෝ එක්ක. මොකද හැම පැත්තෙන්ම වාසියි. රුපියල් දවසට 500 විතර දීලා, මූණ පෙන්වන විදිහට චරිතයක් දුන්නහම කරනවා. ඒ අය මූණ පෙන්නලා වෙනත් මාර්ගවලින් සල්ලි හම්බ කර ගන්නවා. මොකද එතකොට මෙයාලා නිළියොනේ.
ඊට අමතරව අද කලා ක්ෂේත්රය තුළ ශීඝ්‍රයෙන් සමලිංගිකත්වයක් බිහිවෙලා ඉවරයි. අද වැඩ තියෙන්නේ ඒ අයටයි. එහෙම නම් මේ හැම දේකින්ම රටට දෙන පණිවුඩය මොකක්ද? විනාශය නේද?
අද තරුණ මෙගා කෙල්ලෝ කොල්ලෝ ලිංගිකත්වය පස්සේ දුවන්නේ පිස්සු හැදිලා වගේ. ක්ෂේත්රයට එන්නේ ඒවාට. මේක සුරංගනා ලෝකයක්නේ කියලා හිතලා. ඒ නිසාම අද ලොරි ගානට මෙගා කෙල්ලෝ කොල්ලෝ බිහිවෙලා. ඔවුන් කරන දහ ජරා වැඩ ඉවත් බවක් නැහැ. අන්තර් ජාලයට ගියාම ඒවා අපිට ලෙහෙසියෙන් පහසුවෙන් බලා ගන්න පුළුවන්. එදා අපේ ප්‍රවීණ නළු නිළියන් කලා නිර්මාණය කුමක් හෝ වේවා කොන්දේසි ඇතිවයි වැඩ කරන්න ගියේ. අද එහෙම නැහැ. මෙගා කෙල්ලෝ කොල්ලන්ට වෙනත් අය කොන්දේසි දානවා. තත්ත්වය ඔහොමයි.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:35 AM 0 comments
Labels: අදහස, ජීවිත විත්ති
‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා
‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:28 AM 0 comments
Labels: අදහස, චිත්‍රපටිය

