----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label අළුත් සිංදු. Show all posts
Showing posts with label අළුත් සිංදු. Show all posts

තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී දොරට වඩී මාධ්‍යාව්දිනී තිළිණි අතුකෝරල විසින් රචිත ගී කවි කෘතිය ‘සැඳෑ සක්මන’ ලබන 18 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය. ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ ආරම්භක සන්නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි තිළිණි අතුකෝරල ගුවන් විදුලි නාලිකා, වෙබ් අඩවි කිහිපයකට සිය දායකත්වය ලබා දී ඇති අතර මේ වන විට ඒෂියන් මිරර් වෙබ් අඩවියේ සිංහල අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙස කටයුතු කරන්නීය.

Monday, November 19, 2012

තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී දොරට වඩී

මාධ්‍යාව්දිනී තිළිණි අතුකෝරල විසින් රචිත ගී කවි කෘතිය ‘සැඳෑ සක්මන’ ලබන 18 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.
ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ ආරම්භක සන්නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි තිළිණි අතුකෝරල ගුවන් විදුලි නාලිකා, වෙබ් අඩවි කිහිපයකට සිය දායකත්වය ලබා දී ඇති අතර මේ වන විට ඒෂියන් මිරර් වෙබ් අඩවියේ සිංහල අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙස කටයුතු කරන්නීය.

READ MORE - තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී දොරට වඩී මාධ්‍යාව්දිනී තිළිණි අතුකෝරල විසින් රචිත ගී කවි කෘතිය ‘සැඳෑ සක්මන’ ලබන 18 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය. ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ ආරම්භක සන්නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි තිළිණි අතුකෝරල ගුවන් විදුලි නාලිකා, වෙබ් අඩවි කිහිපයකට සිය දායකත්වය ලබා දී ඇති අතර මේ වන විට ඒෂියන් මිරර් වෙබ් අඩවියේ සිංහල අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙස කටයුතු කරන්නීය.

දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව

Saturday, June 16, 2012

දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව


සිඳු පතුලේ කිමිද සැඟවී
නිල් දියඹ පීර පීරා
සොයමි නුඹව මා//
කිඳුරංගනාවියේ

නිදි යහනේ දී වුවත් තම පෙම්වතිය හා තුරුළුව සිටින්නට සිහින දකින මෙම පෙම්වතාගේ ශෘංගාරාත්මක සිහින ජවනිකාව මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ‘සිඳු පතුළේ කිමද සැඟවී’ යන නමින් ඕනෑම අයෙකුට නැරඹීමට අවස්ථාව ලැබී ඇත. මුළුමනින්ම දිය යට රූගත කර ඇති මෙම සංගීත වීඩියෝව සම්මානනීය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනීගේ දෙවැනි සිනමා නිර්මාණය වූ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ ඇතුළත් ගීතමය දර්ශනයකි.
චිත්‍රපටය සඳහා රොමාන්තික ස්වභාවය වඩාත් ඉස්මතු කර පෙන්වීමට අවශ්‍ය වූ නිසා මෙවැනි වෙනස්ම ආරයක උපක්‍රමයක් යොදා ගත් බව ඉනෝකාගේ අදහසයි. ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සඳහා මෙවැනි සංගීත වීඩියෝවක් යොදා ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර මුළුමනින්ම දිය යට රූගත කරන ලද ප්‍රථම සංගීත වීඩියෝව ද වෙයි. මෙම චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රංගනයෙන් එක්වන උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගම දක්ෂ නර්තන ශිල්පීන් හා කිමිදීමට ඇති දක්ෂතාව නිසාත් ඔවුන්ගේ ඒ දක්ෂතාවයෙන් මේ සිනමා කෘතිය සඳහා උපරිම ඵල ප්‍රයෝජන ගැනීමට මේ අවස්ථාව යොදා ගෙන ඇති බව ඉනෝකා අප හා පැවසුවාය.
ගීතමය ජවනිකාවක් රූගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය නම් තෝරාගත් හෝ නිර්මාණය වූ ගීතයට අවශ්‍ය ලෙස රූගත කිරීම සිදු කිරීම වුවත් මෙම දර්ශනයේ ද පොදු ක්‍රමවේදය අබිබවා යමින් දින 06 පුරාවට පුහුණුවකින් පසු පැය 6 රූපගත කිරීමෙන් අනතුරුව ඒ දර්ශනයට ඔබින ගීතයක් නිර්මාණය කර පටිගත කර ඇත. මේ දර්ශන පෙළට ඉනෝකා කොතරම් ඇලුම් කළා ද යත් ඒ දර්ශනය වෙනුවෙන් පැයක් වැනි කෙටි කාලයක් තුළදී ඈ අතින් මේ ගීතයේ පද නිර්මාණයව ඇත.
මෙම ගීතය ඉනෝකාගේ තෙවැනි ගී නිර්මාණය වන අතර මෙහි තනුව හා ගායනයෙන් නදීක ගුරුගේ සහ නවක ගායිකාවක වන දේවශ්‍රී ද සිල්වා එක් වෙති. සංගීතයෙන් නදීක ගුරුගේ රුවන් වීරසේකර, ලෙලුම් රත්නායක, නාලක ජයසිංහ හා ලසන්ත කාරියවසම් එක් වී ඇත. විනාඩි 04කට නිර්මාණය වූ මෙම ගීතමය දර්ශනය සඳහා විශේෂිත වූ, කැමරා ආලෝකය, තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන ඇති අතර ඒ සඳහා චන්දන ජයසිංහ කැමරාකරණයෙන් එකතු වී ඇත. මෙම රූප දර්ශනය ‘දිය මුද්‍රා අංගයක්’ ලෙස නිර්මාණය කර ගැනීමට ඉනෝකාට අවශ්‍ය වී තිබුණ හෙයින් ඒ සඳහා නර්තන වින්‍යාසයෙන් උපදෙස් ලබාගෙන ඇත්තේ ගයාන් ශ්‍රීමාල් නමැති යොවුන් නර්තන ශිල්පියාගෙනි.


READ MORE - දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව

පාසල් කාලයේ සංගීතය කළේ පිස්සුවෙන් වගේ

Tuesday, March 15, 2011

http://www.navaliya.com/2011/01/10/7-page.jpg
READ MORE - පාසල් කාලයේ සංගීතය කළේ පිස්සුවෙන් වගේ

අමරදේවයන් ගැයූ දළදා ගීතය හා සුනාමි ගීතය සංගීත තැටියකට නැඟෙයි

Friday, September 10, 2010

ජගත් මෝහිනි – මධුර භාෂිණී’ මේ අපි කවුරුත් අද සරස්වතී දේවියට වන්දනා කරන ගීතයයි. මේ ගැඹුරු අමර ස්වරය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේමය. එයින් ඇරඹෙන මධුර ගීතාවලිය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’, ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන’, ‘බඹරෙකු ආවයි’, ‘දස්කොන් සකි සඳ’, ‘පසළොස්වක සඳ’ ආදී වූ මියුරු ගී රස හා බැඳේ.

දේශයේ අග්‍රේෂ්වර ගාන්ධර්වයාණන් වන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ මේ මියුරු ගීතාවලිය පසුගිය දිනක අප සවන්පත් මෝහනයට පත් කළේ ඔහුගේ අමරණීය ගී දහසයක් ඇතුළත් ’බඹරකු ආවයි’ සංයුක්ත තැටිය පසුගියදා නිකුත් වීමෙන් පසුවය.

වැදගත් හරවත් නිර්මාණ රැසක් කවදත් ශ්‍රාවකයන් හමුවට එහි රසය නොනැසෙන අයුරින් තිළිණ කරන්නට උත්සාහ දරන සරත් කොතලාවලගේ ‘ටොරානා’ ආයතනයේ නිෂ්පාදනයක් ලෙස එය දොරට වැඩුණේ බොරැල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර් හිදී පැවැත්වුණු චාම් උත්සවයකදීය.

මේ අවස්ථාව වර්ණවත් කරන්නට පැමිණි ආචාර්ය පණ්ඩිත් අමර දේවයන්ගේ සම්ප්‍රාප්තිය අතිශයින්ම වැදගත් විය. වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන මෙහි අඩංගු බොහෝ පැරණී, ජනපි‍්‍රය ගීත මීට මාස තුනකට පමණ ඉහතදී අමරදේවයන් විසින් නව සංගීත සංයෝජනයට ගායනා කරන ලද ඒවා විය. දශමයකුදු වෙනස් නොවී, ඒ රසය ඒ ආකාරයෙන්ම පැවතෙන අයුරින් අමරදේවයන්ගේ අමර සරය හැඬවී තිබීම මෙහි තිබුණු සුවිශේෂිත්වයම විය.

ශි‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත ‘ජගත් මෝහිනී’ (සරස්වතී ගීතය) ගීතයෙන් ඇරඹෙන අමර ගීතාවලිය මහගම සේකරයන්ගේ ‘ඈත කඳුකර හිමව් අරණේ’, ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’, ‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන’, ‘ඔබේ දෑසයි ඔබේ දෑසයි’, ‘ඔබ මා තුරුලේ’ යන ගීතවලින් වඩ වඩාත් රසාලිප්ත වේ.

මඩවල එස්. රත්නායකයන්ගේ ‘බඹරෙකු ආවයි’ මෙන්ම ඩෝල්ටන් අල්විස් ශූරින්ගේ ‘පෙම්බර මා පුතණුවනේ’ පදවැල් ද මෙම ගීත සමුච්චය සඳහා අමරදේවයන් යළි ගයා තිබේ. ‘දස්කොන් සකි සඳ’ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතය) ‘පසළොස්වක සඳ’ (ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය) යන මියුරු යුග ගීත මේ ගීත එකතුවට විශාරද නීලා වික්‍රමසිංහ සමඟ යළි ගයා තිබීමද සුවිශේෂීය. විශාරද චරිතා පි‍්‍රයදර්ශනී පීරිස් සමඟ මෑතකදී ගැයූ ගීතයක්ද මේ අතර වේ.

මේ ගීත එකතුවේ අනෙක් සුවිශේෂිම කාරණය වනුයේ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කළ ගීතෝපකායක් ලෙස මෙහි අඩංගු වන දළදා ගීතයයි. එය මින් පෙර කිසිදු සංයුක්ත තැටියකට ඇතුළත් නොවූවකි.

”දන්ත ධාතූන් වහන්සේ උදෙසා ගායනා කළ මෙම ගීතය මීට ප්‍රථම මම මහනුවරදි දළදා වහන්සේ උදෙසා පූජා කළා. මේ ගීතය මට රචනා කළේ ඩබ්ලිව්.ඒ. අබේසිංහ ශූරින්. එහි යුග ගායනය සඳහා විශාරද නන්දා මාලිනි ඇතුළු පිරිස එක්වෙනවා.

මම අන්තිමට සංයුක්ත තැටියක් එළි දැක්වූයේ 2002 වර්ෂයේදී. ඒ ‘වැලිතල අතරින්’ සංයුක්ත තැටිය. අවුරුදු 8 කින් තමයි මේ සංයුක්ත තැටිය එළි දකින්නේ. අලුත් නිර්මාණ කිහිපයකුත් එක්ක මේ සංයුක්ත තැටිය එළි දක්වන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තිබෙනවා.” දළදා ගීතය ලියවුණේ ඩබ්ලිව්.ඒ. අබේසිංහයන් අතින්. ගීතයේ පසුබිම ගැන අබේසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේය.

”මේ ගීතය මගේ අතින් ලියවුණේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේ ලෙස නෙරංජන් විජේරත්න මහතා වැඩ කරන කාලයේ. දියවඩන නිළමේ තුමාගේ ළඟම මිත්‍රයකු වූ ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න මහතා තමයි මේ ගීතය නිර්මාණය කරන්නට මැදිහත් වුණේ. මුලින්ම මේ ගීතය පණ්ඩිත් අමර දේවයන් තනියම ගායනා කළේ. දැනට අවුරුදු 04 – 05 ට ඉස්සර තමයි රෙකෝඩ් කළේ.”

පණ්ඩිත් අමරදේවයන් පසු පස රැඳෙමින් ඔහු ආදරයෙන් බලා කියා ගන්නේ දයාබර බිරිඳ විමලාවන්ය. ඔහුට මෙන්ම ඔහුගේ නිර්මාණයන්ට ද බෙහෙවින් ආදරේ කරන විමලාවන් මෙම නිර්මාණ කාර්යයේදිත් ඔහු පසු පස නිබඳවම රැඳීහුන් බව අපට දැන ගන්නට ලැබුණි. විශේෂයෙන්ම මේ ගීත තේරීමේදී අමරදේව පවුලේ රංජන අමරදේව ඇතුළු පිරිසගේ සුවිශේෂි අවධානය යොමුවූ බවද පැවසිණ.

මානවසිංහයන්, මහගමසේකර, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස් හා ඩබ්ලිව.ඒ. අබේසිංහයන්ට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි උදයසිරි පතිරණ හා යමුනා මාලිනි පෙරේරා මෙහි සෙසු ගී පද රචනා කර තිබේ.

සරත් ද අල්විස් මහින්ද බණ්ඩාර සංගීතවේදීන්ගේ ගීත අධීක්ෂණයෙන් යුතුව හේමලාල් ගීතදේව, විද්‍යා මුණසිංහ හා රංග දියබලනගේ ටොරානා ශබ්දාගාරයේදී ‘බඹරෙකු ආවයි’ ගීතාවලිය පටිගත කර ඇත. මෙම ගීත 16 න් 15 ගේම ගී තනු නිර්මාණය පණ්ඩිත් අමරදේවයන්ගේමය.


READ MORE - අමරදේවයන් ගැයූ දළදා ගීතය හා සුනාමි ගීතය සංගීත තැටියකට නැඟෙයි

දීපිකා ප්‍රියදර්ශනීගෙන් ඔබට "සුදු හංසිනී"

Thursday, September 9, 2010


ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියක වන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ගේ නවතම ගීත ඇල්බමය "සුදු හංසිනී" සැප්තැම්බර් 18 වැනිදා සවස 6.30 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ එළිමහන් පෙරටු පරිශ්‍රයේදී එළිදැක්‌වේ. දීපිකා විසින් ගායනා කරන ලද නවතම ගීත 16 ක්‌ මෙම ගී එකතුවට ඇතුළත් කර ඇති අතර එහි සුවිශේෂතා පිළිබඳව අපි ඇයගෙන් ම විමසුවෙමු.


"මෙහිදී එදා මෙදාතුර මා වෙනුවෙන් ගීත ලියූ ප්‍රතිභාපූර්ණ ගීත රචකයින් පස්‌ දෙනෙක්‌ මම තෝරා ගත්තා. ඒ අයගේ අලුත් ම ගීත මගේ "සුදු හංසිනී" ගී එකතුවට ඇතුළත් වෙනවා. මහාචාර්ය සුනිල් ආරයරත්න, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රී, සුනිල්


ආර්. ගමගේ සහ බන්දුල නානායක්‌කාරවසම් යන ගී පද රචකයින්ගේ මම මෙහිදී තෝරා ගත්තා. "සුදු හංසිනී" ගී එකතුවේ තනු නිර්මාණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසින් සිදු කළා. නවීන තාක්‌ෂණ ඔස්‌සේ සංගීත සංයෝජනය කළේ සුරේෂ් මාලියද්ද යි. යුග ගායනයෙන් දායක වූයේ අමල් පෙරේරා සමග භාතිය හා සංතුෂ් දායක වුණා. වැඩි කාලයක්‌ අරගෙන හොඳම දෙයක්‌ කරන්නයි මට අවශ්‍ය වුණේ."


දීපිකා මීට පෙර " සිනා පොදක්‌" , "සරෝජා", "මල් වරුසා" , "නුඹට ඉන්නෙ මං විතරද" යනුවෙන් ගීත ඇල්බම හතරක්‌ ද එළිදක්‌වා ඇති අතර ඊට විශාල ඉල්ලුමක්‌ අදටත් පැවතිම විශේෂත්වයකි.


"මගේ ගායන ජීවිතය ආරම්භ වුණේ කළුබෝවිල ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙනුයි. දහම් පාසලේ හැම ගායන තරගයකටම මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. රත්නපුරේ සීවලී ස්‌වාමින් වහන්සේ සහ අතුල රන්සිරිලාල් මහතා දහම් පාසලේ ආචාර්යවරු ලෙස එදා මගේ හැකියාවන් හදුනාගෙන මට දිරිය දුන්නා. ගුවන් විදුලි වැඩසටහන් වලට සම්බන්ධවෙන්නත් මට අවස්‌ථාව ලැබුණා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ මම ඉගෙන ගත්ත කාලය කවදාවත් අමතක කරන්න බැහැ. පාසල් කාලයේදී කරන්න බැහැ. පාසල් කාලයේදී ගායන අංශයෙන් සමස්‌ත ලංකා ජයග්‍රහණ රැසක්‌ මම ලබාගෙන තිබෙනවා. ඊට පස්‌සේ විශාරද නන්දා මාලනී, ඩන්ස්‌ටන් ද සිල්වා, රෝහණ වීරසිංහ යන ගුරුවරු යටතේත් මම සංගීතය ප්‍රගුණ කළා."


විජය ධර්මශ්‍රීගේ භාග්‍ය ටෙලි නාට්‍ය සඳහා ආනන්ද වීරසිරි සමග දීපිකා ගැයූ "ආජුතපර ලාහිලා" ගීතය ගැයීමෙන් පසු විශාල ජනප්‍රියත්වයක්‌ දීපිකාට හිමි විය. ගුවන් විදුලියේ ඒ ශේ්‍රණියේ ගායිකාවක වන ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රවේදී හා ශාස්‌ත්‍රපති උපාධි ලබාගෙන ඇති අතර භාත්කණ්‌ඩ සරසවියෙන් ගායනය පිළිබඳ ප්‍රථම පංති විශාරද උපාධිය හා සංගීත ඩිප්ලෝමාව ද ලබාගෙන තිබේ. පානදුර ගොරකාන, නුගේගොඩ අනුලා යන විද්‍යාවල සංගීත ගුරුවරියක ලෙස කටයුතු කළ විශාරද දීපිකා මේ වන විට කොළඹ විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය වන්නීය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක පසුබිම් ගීත ගායනා කර ඇති ඇය ශ්‍රී ලංකාවේ ඉහළම සම්මාන


රැසක්‌ ද ලබාගෙන සිටින්නී ය. එපමණක්‌ නොව ශ්‍රී ලාංකික සංගීතය උදෙසා සිදු කළ මෙහෙවර උදෙසා 2000 වසරේ සම්භාව්‍ය ජපාන බුන්කා සම්මානය ද ඇයට හිමි විය.


වල් බිහිවි ඇති සංගීත ක්‍ෂේත්‍රයේ උඩුගං බලා පිහිනා යන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ වැනි ශිල්පිනියන් සංගීත ක්‍ෂේත්‍රයට පමණක්‌ නොව අපේ රටට ද මහත් ගෞරවයක්‌ ගෙන දෙන අගනා පහන් තාරකාවක්‌මයි ඇයට අපි සුභ පතමු.

තුෂාරී කළුබෝවිල
ඡායා - නාරද අමරතුංග



Source
- නවලිය
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
READ MORE - දීපිකා ප්‍රියදර්ශනීගෙන් ඔබට "සුදු හංසිනී"

to ROCK your musical soul and break your heart

Monday, July 5, 2010


Date:
Saturday, August 21, 2010
Time:
6:00pm - 10:30pm
Location:
at LUMBINI HALL , GAMPAHA
City/Town:
Gampaha, Sri Lanka
READ MORE - to ROCK your musical soul and break your heart

2010 FIFA පාපන්දු තරගාවලියේ නිල ගීතය

Monday, June 21, 2010


2010 FIFA
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය වන්නේ ’waka waka’ (This Time for Africa) ගීතයයි.

කොලොම්බියානු ගායිකාවක, ගී රචිකාවක, සංගීත අධක්‍ෂවරියක, ගීත පටිගත කිරීමේ නිෂ්පාදිකාවක මෙන්ම නැටුම් ශිල්පිනියක වන Shakira Isabel Mebarak Ripll සහ දකුණු අපි‍්‍රකානු සංගීත කණ්ඩායමක් වන ෆෙ‍්‍රෂ්ලි ග්‍රවුන්ඩ් (Freshly ground) විසින් ඉංගී‍්‍රසියෙන් සහ ස්පාඤ්ඤ යන භාෂා ද්වියෙන්ම ගයා ඇත.

සාම්ප්‍රදායික අපි‍්‍රකානු සොල්දාදුවන්ගේ ගීතයක් වන ’Zangalewa’ ඇසුරෙන් නිර්මාණය කර තිබේ.

2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උලෙළේදී ගැයුණු මෙම ගීතය යළිත් ජූලි 11 වැනිදා ජොහැන්නස්බර්ග් නුවර සොකර් සිටි ස්ටේඩියම් හි අවසන් මහා තරගයට පෙර ගායනා කරනු ඇත.

සෝනි මියුසික් ආයතනය මඟින් මැයි 31 වැනිදා 2010 FIFA ලෝක කුසලාන වෙනුවෙන් නිකුත් කළ ’Listen up’ ගීත ඇල්බමයට ඇතුළත් කර ඇති මෙම ගීතය ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියා, බෙල්ජියම, ස්පාඤ්ඤය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක වඩාත් ජනපි‍්‍රය ගීතය බවට පත්ව තිබේ.

එසේම ශකිරා විසින් ගායනා කළ ’Hips Don’t lie’ ගීතය 21 වැනි ශතවර්ෂයේ වඩාත් සාර්ථකම ගීතය ලෙස හඳුන්වයි.

ග්‍රැමී සම්මාන 2 ක්, ලතින් ග්‍රැමී සම්මාන 7 ක් දිනා ඇති ශකිරා ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ගේ ජයග්‍රහණය සමරා ලින්කන් අනුස්මරණ වේදිකාවේදී පැවැති උත්සවයේදී (steve wonder) ස්ටීව් වොන්ඩර් සමඟ ගී ගැයීමට තෝරාගෙන තිබුණි.

shakira waka waka official song fifa 2010 video.wmv

READ MORE - 2010 FIFA පාපන්දු තරගාවලියේ නිල ගීතය

ශාලිත සහ මහේෂ් එක්ක අපිත් යමුද ලෝකෙ වටේ...???

Tuesday, June 15, 2010

මෙන්න ලංකා කලා දිනපොතට ඉතාමත් හදිසියෙන් ලැබුණු පුවතක්.
මෑත කාලීනව ලංකාවේ සංගිත කලාවේ නව වෙනසක් ඇතිකළ,
ශාලිත සහ මහේෂ් ගායක දෙපල,
මෙවර ලෝකෙම හෙල්ලීමකට ලක් කරමින්
ලෝකේ වටේ චාරිකාවක් යාමට තීරණය කර ඇති බව,
අපගේ අන්තර්ජාල පුවත් සේවයට මාධ්‍ය නිවේදනයක් එවා ඇත.

"එහි ඇති අතිශය මවිත කරනසුලු සිද්ධිය වන්නේ
ඔවුන් චාරිකාව අවසානයේ හදට යාමටද
තීරණය කර තිබීමයි.
ඔවුන් හදට ගියාට අපට කමක් නැත.
එහෙත් ඔවුන් හදට ගොස් බැරිවීමකින් හෝ
එහි කඩයක්වත් දැමුවහොත්
එය මේ වකවානුවේ සිදුවූ ඇග කිලිපොලා යන සිදුවීමක් ලෙස
ඉතිහාස ගත වනු ඇත"

READ MORE - ශාලිත සහ මහේෂ් එක්ක අපිත් යමුද ලෝකෙ වටේ...???