අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
President Reviews CBSL Salary Hike Decision - In a country where the average monthly household income is modest, the CBSL staff’s proposed salary hike surprises many. President Ranil Wickremesinghe, al...3 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...8 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...10 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...10 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...14 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...15 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...16 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...16 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.16 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"8 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස9 years ago
-
-
#10 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස12 years ago
-
ආදරය විදින්න..........13 years ago
-
අපේ ලෝකය....13 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...8 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
Tuesday, June 18, 2013සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:04 PM 0 comments
Labels: මතක සැමරැම්
ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!
Sunday, April 28, 2013
ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!
ඉරාණි අබේසේකර
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:55 AM 0 comments
Labels: මතක සැමරැම්
ගැලරියේ පේ්රක්ෂකයෝ මට හූ කිව්වා
Tuesday, March 26, 2013
වරකාගොඩ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත්‍රපටය පිළිබඳ තොරතුරු ‘‘මතක පොතට’’ කියන්නට සිය මතකය අවදිකළේ මෙහෙමයි.
මේ චිත්‍රපටය තිරගත කෙරුණේ 1965 වසරේ අගෝස්තු මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ චිත්‍රපට නළුවෙකුව සිටි ආනන්ද ජයරත්න කතාව හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත ගායනය කළා අමිතා වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප්‍රනාන්දු.
ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ්‍රියානි අමරසේන සහ වික්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’ සහ ‘‘නිධානය’’.
අමරදාස සිල්වා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:16 AM 0 comments
Labels: චිත්‍රපටිය, මතක සැමරැම්
සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී
මගේ දෝනිට බඩගිනිද පුතේ...”
නිළිය වෙත ආ නාට්‍යයේ නිෂ්පාදක කීවේය.
විමලා සමග රඟපෑවේ රොම්ලස්ද සිල්වා නම් නළුවෙකි. ඔහුට සහෝදර නිළියගේ හැට්ටයේ බොත්තම ගැලවී ඇති බව පෙනිණි.
හැට්ටෙ බොත්තම... හැට්ටෙ බොත්තම
සුජාතා හා රංජනී.. |
”ඒ සියල්ල නිහඬව කියා පාන්නේ සුජාතාවගේ දක්ෂකමය.”
සුජාතාගේ ආදරණීය සැමියා නවරත්න මාහට පොතක් ගෙනවිත් දෙයි. ටවර්හෝල් නූර්ති ගී නම් වූ එම පොත මම අතට ගතිමි. එහි කතුවරිය සුජාතා අත්තනායකය.
එහෙත් ඒ ගැන නොඅසමි.
මේ වනවිට සුජාතාගේ අක්කා ප්ලොරිදේවි ද ටවර් හෝල් කණ්ඩායමේ නාට්‍ය ශිල්පිනියකි. මේ නිසා පුංචි සුජාතාටද රංගනය ගායනය සහ නර්තනය යනු අමුතු දේවල් නොවේ. ටවර් රඟහලේ දකින නාට්‍යය ගෙදර ඇවිත් රඟපාන්නටත් හින්දි චිත්‍රපටියක් බලා ඇවිත් එහි ගීතය ගයමින් නටන්නටත් සුජාතාට උපන් හපන්කම් තිබිණි.
අක්කටත් හොඳට නටන්න පුළුවනි. ඒ ආභාෂය මටත් තිබුණා. ඒ හින්ද පුංචි කාලෙදිම මමත් නැටුම් පන්තියකට ගියා. ශාන්ති කුමාර් තමා මගේ ගුරුවරයා. එයාගෙ පංතියෙ මගෙත් එක් ඒ කාලේ ඉගෙන ගත්තු හුඟාක් අය පස්සේ කාලෙදි හුඟාක් ජනප්‍රිය වුණු ශිල්පීන් බවට පත් වුණා. ශ්‍රීමතී රසාදරී, කාන්ති ලංකා, ගීත බාලි වගේ අය ඒ පංතියෙ ඉගෙන ගත්තා
‘මතකද ඒ නාට්‍යයෙ නම?
වයස අවුරුදු නමයේදී නාට්‍යයක රඟපෑ පුංචි සුජාතා ඊට වසර දෙකකට පසුව ගීතයක් ගායනා කරමින් ගායිකාවක බවටද පත් වූවාය. ඇය මුලින්ම ගැයූ ගීතය සාධු දන්ත දා නම් වූ බොදු බැති ගීතයකි.
පුංචි සුජාතා ඒ අයුරින් ඇරඹූ කලා ගමනේ ඉදිරිය බොහෝ අලංකාර විය. ඇය කථක් වැනි ශාස්ත්‍රීය නැටුම් සම්ප්‍රදායක්ද උගත්තාය. නර්තනය, ගායනය, වාදනය, යන සෑම අංගයක්ම සුජාතාට අතැඹුලක් වැනිය. සිංහල, හින්දි දෙමළ මෙන්ම බෙංගාලි ගී ද ඕනෑම එකක් නිවැරැදි ශ්රැතියට ගැයීමේ දුර්ලභ හැකියාව මේ ශිල්පිනිය සතුය. ඇය ඉදිරිපත් කළ ඇසි මිහිර ප්රසංගත් ඉන්දියාවේ නාග්පූර් නුවර දී ඉදිරිපත් කළ සුජාතා ස්වර සංගීත් ප්රසංගවලදීත් ඇය විවිධ භාෂාවලින් ගී ගැයුවාය. මේ මොන බසකින් ගැයුවත් ඒ ගී වෙන කාගේවත් ගී නොවීමද විශේෂත්වයකි.
”මගේ අම්මා 1993 දී නැතිවුණා. ඔය අතරෙ අපි අවුරුදු විස්සක් විතරම හිටියෙ ඇමරිකාවෙ. මේ වෙද්දි හැම දෙයක්ම එපා වෙලා මං හිටියෙ. හේතුව වුණේ මගේ පුතාගෙ වියෝගය. මේනිසයි මේ පොත එළියට ඒම මේ තරම් ප්‍රමාද වුණේ.
”මම මගේ ප්රසංගවලදීත් සිතාරයත් පියානෝවත් වාදනය කරනවා.” ඇය කීවාය.
සටහන - ශාන්ත කුමාර විතාන
ඡායාරූප හා ඡායාරූප පිටපත් කිරීම - පුෂ්පා වීරසේකර
සුජාතා අම්මා සමග.... |
සුජාතා ප්ලෝරිදේවි සහ ලලිත්. |
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:15 AM 0 comments
Labels: ගායිකාවෝ, මතක සැමරැම්
ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ
Sunday, March 24, 2013
ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:25 AM 0 comments
Labels: මතක සැමරැම්
අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්
අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ක්ලේෂය ඕගේ නෑවේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
එවිටම පවසනු මුවින් ඔබේ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:23 AM 0 comments
Labels: මතක සැමරැම්
නිහඬව නික්ම ගිය සුන්දර මිනිසා ඊබට් විඡේසිංහ
Tuesday, February 5, 2013
සංජීව මතඟවීර - නෝනාගම
සුවහසක් සහෘද කලාකරුවන්ගේ, සිනමා ලෝලීන්ගේ හා ඥති හිතවතුන්ගේ සෝ සුසුම් මැද ප්‍රවීණ හා සම්මානනීය වේෂ නිරූපණ ශිල්පී ඊබට් විඡේසිංහයන් ඊයේ දැයෙන් සමුගත්තේය.
සැත්තෑ එක් වසක තම ජීවන ගමනේ පනස් එක් වසක්ම ඊබට් විඡේසිංහ සිනමාව හැඩ කිරීමට තම දායකත්වය ලබා දුන්නේය.
මහනුවර පාතදුම්බර කොස්ගම සුන්දර ගම් පියසෙහි විසූ අරුනෝලිස් විඡේසිංහ හා ඇලන් ජයවර්ධන යුවළගේ දරුවන් නම දෙනා අතරින් සිව්වැන්නා ලෙස උපත ලැබූ ඊබට් විඡේසිංහ, පාසල් දිවිය තුළම සිය කලා හැකියාවන් පෙන්නුම් කළේය. පාසල් වේදිකාවේ සිය රංගන හැකියාව විදහා දැක්වූ ඔහුගේ ඊළඟ අභිප්‍රාය වූයේ ලංකාවේ ප්‍රකට රංගන ශිල්පියකු වීමටය. ඒ සිහින සඵල කර ගන්නට ඔහු සිය සොහොයුරු වන රංගන ශිල්පී එඩ්මන් විඡේසිංහයන් සමඟින් කොළඹට ආවේය. නමුත් ඔහුගේ දෛවය වෙනස් කරන්නට ඒ කොළඹ ගමන සමත් වූයේය.
ආතර් සී. ක්ලාක්, තිස්ස ලියනසූරිය, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණයන් අතර වන් ඊබට් සෙරන්ඩිබ් සිනමා ආයතනයෙහි සහාය කලා අධ්යක්ෂවරයකු කාර්මික ශිල්පියකු, සහාය වේෂ නිරූපණ ශිල්පියකු ලෙස තම සිනමා ගමන ආරම්භ කළේය. එහෙත් විඡේසිංහයන්ගේ රංගන සිහිනය යටපත් කරන්නට ඔහුට නොහැකි විය.
"පුතා.... රංගනය නොව දැතේ රැකියාවක් ඉගෙන ගැනීම ඔයාගේ අනාගතයට සුදුසුයි..." වේශ නිරූපණ ශිල්පී ශේෂා පලිහක්කාර මහතා දුන් ඔවදන පිළිගත් විඡේසිංහ ඔහු යටතේ සහාය වේෂ නිරූපණ ශිල්පියකු ලෙස චිත්‍රපට ගණනාවකම කටයුතු කළේය. තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද "සාරවිට" සිනමා කෘතියේ ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කිරීමට ලද වරම ප්‍රයෝජනයට ගත් ඊබට් තම රංගන සිහිනය යටපත්කර ගනිමින් වේෂ නිරූපණ ශිල්පියකු ලෙස තම සිනමා ගමනට ප්රවිශ්ඨ විය.
ජෝ අබේවික්රමයන් වෙස් ගන්වමින් ඇරැඹුණු එම ගමන හුලවාලි, දැස නිසා, සිරිබෝ අයියා, බඹරු ඇවිත්, අපේක්ෂා, අහසින් පොළවට, සිකුරුලියා, ගඟ අද්දර, බද්දේගම, සරුංගලේ, නොමියන මිනිසුන්, සිසිල ගිනිගනී, පවුරු වළලු, පුරහද කළුවර, කෙළිමඬල, ආදී එදා සිට අද දක්වා තිරගතවූ චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වූ නළු නිළියන් රැසක් වෙස් ගන්වන්නට ඔහුට හැකිවිය. ඔහු අතින් වෙස් ගැන්වුණු රංගන ශිල්පියකු නොමැත්තේනම් ඒ අතළොස්සක් පමණකි. මේ අතරතුර ඇතැම් සිනමා හා ටෙලි නාට්‍ය හරහා තම සිහිනය වූ රංගනය සැබෑ කර ගන්නටද ඊබට් ට හැකියාව ලැබිණි.
සාරවිටින් ඇරැඹුණු ඊබට්ගේ ගමන මෑතකදී නිර්මාණය කෙරුණු සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ "වෛශ්යාමනී" චිත්‍රපටය දක්වා විහිදිනි.
තම අත්හදා බැලීම්, නව සොයා ගැනීම්, පොතපත හා සිය දක්ෂතාවය ඔස්සේ ශ්‍රී ලංකාවේ වේෂ නිරූපණ කලාව දිනෙන් දින නවමු මාවතකට ගෙන එන්නට ඊබට් විඡේසිංහයන්ට හැකියාව ලැබුණේය.
වේෂ නිරූපණ වෘතAතීය ගරුත්වයෙන් යුතු වෘත්තියක් බවට පත්කරන්නට ඔහු ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වූයේය. අසාධාරණය ඉදිරියේ හිස නොනැමූ ඊබට් තම වෘත්තීය ගරුත්වය හා එහි අනාගතය රැකගන්නට නොපැකිලිව ඉදිරිපත් විය. විදේශ සිනමා නිෂ්පාදනයන් කිහිපයකට ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු ඒ ඔස්සේ විදේශ සිනමාවේ වේෂ නිරූපණ ශිල්ප ක්‍රමද ලංකාවට හඳුන්වා දුන්නේය.
විඡේසිංහයන්ගේ නිබඳ අධිෂ්ඨානය වූයේ වේෂ නිරූපණය ඉගැන්වීමට ජාතික මට්ටමේ වැඩපිළිවෙළකට දායක වීමටයි. ඒ සඳහා ඔහු කීපවරක් උත්සාහ දැරුවද බලධාරීන්ගේ උදාසීනත්වය හමුවේ එය සාර්ථක වූයේ නැත. එහෙත් ඔහුගේ ගුරු හරුකම් ලැබූ කිහිප දෙනකු අද ලංකාවේ දක්ෂ වේෂ නිරූපණ ශිල්පීන් බවට පත්ව ඇත. පසුගිය 26 වැනිදා ඊබට් විඡේසිංහයන්ගේ ප්‍රිය බිරිඳ වන සරෝජනී විඡේසිංහගේ හැටවන උපන් දිනය යෙදී තිබුණේය. විඡේසිංහයන්ටත්, සරෝජනීටත් හොරා ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීරගේ නිවසේ ඒ වෙනුවෙන් උපන්දින සාදයක් නිර්මාණය විය. සන්ධ්‍යාවෙහි සරෝජනීටත්, ඊබට්ටත් ඊට ආරාධනා ලැබිණි. සාදය සංවිධානය කර තිබුණේ සරෝජනීගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥතීන් විසිනි. ඊට පනස් දෙනෙකු පමණ එක්ව සිටියේය. එහිදී වඩාත් ප්‍රීති වූයේ විඡේසිංහයන්ය. කවදත් සොඳුරු මිනිසකු වූ ඔහුට සිය ඥතීන් ඉදිරියේ ගී ගැයීමට සිදුවිය. ඔහු එක දිගට ගීත 21 ක් ගායනා කළේය. අවසන් වරට ඔහු ගැයුවේ "බුද්ධං සරණං ගච්ඡාමි" ගීතයයි. විදේශයන්හි සිටින ඥතීන්ද අන්තර් ජාලය ඔස්සේ සාදයට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම්වලට ගී ගයන්නටද ඊබට් ට සිදුවිය. සාදය 27 වැනිදා අලුයම 3.30 දක්වා පැවැත්විණි. සාදය අවසානයේ ඊබට් සැමට ස්තුති කර කතාවක්ද පවත්වා සිය නිවසට ගියේ සිය බිරිඳද සමගය. මඳ වේලාවක් නින්දේ පසුවූ විඡේසිංහ ජලය පානය කිරීම සඳහා මුළුතැන්ගෙයට ගොස් සිටියේය. එහෙත් ඒ වන විට ලතෙක් ඇති මෙම සුන්දර මිනිසාගේ හදවත නතරවී තිබිණි. සුවහසක් සිනමා ලෝලීන්ගේ ගෞරවය දිනාගත් සහෘද කලා ශිල්පීන්ගේ ආදරය දිනාගත් ඥති හිත මිතුරන්ගේ හදවත පැහැරගත් සුහද මිනිසා අද අවසන් ගමන් යන්නට සූදානමින් සිටී. එහෙත් ඔහුගේ අතින් හැඩ ගැන්වුණු සිනමා නිර්මාණ ඉදිරියේදී රසිකයන්ට රස විඳින්නට හැකියාව ලැබෙනු ඇත. ඔහුගේ නම සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙනු ඇත.
ප්‍රවීණ රංගන ශිල්පියකු වන ටෝනි රණසිංහයන් ඊබට්ගේ සේයාරුවක ලියා තිබූ වැකියක් මා හට සිහිවෙයි.
"නන් වෙස් මැවීම් කළ හැක්කේ දෙවියන්ට පමණි. නමුදු ඊබට්ගේ වෙස් මැවීම් ඉදිරියේ දෙවියෝද මවිත වෙති."
සොඳුරු සහෘදයාණෙනි... අපි ඔබට නිවන්සුව පතමු.·
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:38 PM 0 comments
Labels: මතක සැමරැම්
අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා
Monday, February 4, 2013
| අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා |
ධම්ම ජාගොඩයන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේදීම වේදිකා නාට්‍ය කිහිපයක් නිර්මාණය කළද ඔහු ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන්නේ 1963 වර්ෂයේදී අමෙරිකන් ජාතික ටෙනිස් විලියම්ග්ගේ නාට්‍යයක් අනුවර්තනය කර අධ්‍යක්ෂණය කරමිනි. වෙස් මුහුණු නමින් නාට්‍ය ඉතිහාසයේ ලියැවී ඇති මෙම නාට්‍යය එවකට සිටි දැවැන්ත නිර්මාණකරුවන්ගේ නිර්මාණ අභිභවා සම්මානයට පාත්‍ර විය. ධම්ම ජාගොඩ සිංහල සහ ඉංගී්රසි භාෂාවන් ද්විත්වයෙන්ම එක හා සමානව මා වැඩ කිරීමේ සූරයෙක් විය. මෙය ඔහුගේ පසුකාලීන නිර්මාණයන් සඳහා මහෝපකාරී විය. කෝලම් හා නාඩගම් නාට්‍ය සම්ප්රදාය, තාත්විකවාදී හා අධිතාත්විකවාදී රීතින් මෙන්ම යුරෝපයේ නව රැල්ලක් ලෙස හඹා ගිය කෘෘර නාට්‍ය සම්ප්රදාය මනා ලෙස අධ්‍යයනය කරමින් එම නාට්‍ය සම්ප්‍රදායන් අනුසාරයෙන් වේදිකා නාට්‍ය කිහිපයක් නිර්මාණය කිරීමට ධම්ම පෙලැඹුණේය. 1971 කැරැල්ලේ නැඟිටීම පිළිබඳ ඇතිවූ සංවේදී බව හේතුකොට ගෙන මළවුන් නැඟිටියි යනුවෙන් නාට්‍යයක් ඔහු විසින් නිර්මාණය කළද එය මහජන ප්‍රදර්ශනය සඳහා තහනම් කරන ලදී.
ධර්මසේන පතිරාජයන්ගේ පිටපතකට අනුව නිර්මාණය කරන ලද කොරා සහ අන්ධයා නාට්‍යයද, හොටබරි යුද්ධය, පරස්තාව, පෝරිසාදයා, සකලජන සහ මුහුදු පුත්තු නව නිර්මාණය යන වේදිකා නාට්‍යයන් ධම්ම ජාගොඩයන් අතින් නිර්මාණය වූ වේදිකා නාට්‍යයන් ලෙස නාට්‍ය ඉතිහාසයේ ලියැවී ඇත. ධම්ම ජාගොඩයන්ගේ පාංශු දේහධාරී ශරීරය සහ ඔහුගේ මුවපුරා රැඳුණු ලස්සන සිනහව මෙන්ම මනා ලෙස හඬ පාලනය කරගනිමින් ගායනා කිරීමේ හැකියාව ඔහුව ප්‍රාණජීව නළුවකු බවටද පත් කෙළේය.
වෙසෙසින්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙහි වැදි රජු ලෙස ඔහු කරන ලද වේදිකා රංගනය සදානුස්මරණීය වේ. රංගන ශිල්පියකු වශයෙන් ඔහු සිනමා රංගනයට ද පසුකලකදී පිවිසුණේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කරන ලද මඩොල් දූව, ආචාර්ය තිස්ස අබේසේකර විසින් නිර්මාණය කරන ලද මහගෙදර සහ මංමුළාවැල් යන සිනමා පටයන් ධම්ම ජාගොඩයන් රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ වේ. (මංමුළාවැල් සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයන් අතට පැමිණීමට පෙර 1983 ජාතිවාදී කලබල සමයේදී විනාශයට පත්වීම අවාසනාවන්ත සිද්ධියකි.
එමෙන්ම නාට්‍ය විෂය පිළිබඳ ධම්ම ජාගොඩයන්ගේ පරිචය අනාගතයේදී එම විෂය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිරසර මාවතක් විවර කළේය. 70 සමගි පෙරමුණ රජය යටතේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා සමඟ ධම්ම එක්වී දිවා රෑ වෙහෙස නොබලා කෙටුම්පත් කරන ලද නාට්‍ය හා රංග කලා විෂය අදටත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටත් උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් එම විෂය අරබයා පරිපූර්ණව තිබෙන එකම විෂය නිර්දේශය වේ. එමෙන්ම නාට්‍ය හා රංග කලාවට අදාළ පාරිභාෂික ශබ්ද කෝෂයක් සම්පාදනය කිරීම නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු කරන ලද තවත් මෙහෙවරක් විය. එම අත්පොත අදත් විද්‍යාර්ථීන් අතරේ පරිහරණය වීම අති සුවිශේෂ වේ. ධම්ම ජාගොඩ සතු වූ නිවැරැදි සමාජ දැක්මට අත්වැල සපයන්නේ ඔහුගේ මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටියයි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය පියසීලී විජේගුණසිංහ, විජය ඩයස් සහ ආනන්ද වක්කුඹුර වැනි සමකාලීනයන් සමඟ විප්ලවවාදී කොමියුස්ට් පක්ෂයේ සක්‍රිය සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම ධම්ම සතු වූ දේශපාලන දෘෂ්ටිය පදම් කළේය. මෙම දේශපාලන අස්ථානය මඟින් සෑම විෂයක්ම විච්ඡේදනය කරමින් අධ්‍යයනය කිරීමට ඔහු සතු නිසඟ හැකියාව ඔපමට්ටම් කරන ලදී. 70 දශකයේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය යටතේ තිලක් ජයරත්නයන් විසින් නිෂ්පාදනය කරන ලද රූපණ මණ්ඩපයෙහි වැඩසටහන් මෙහෙවන්නා වූයේ ධම්ම ජාගොඩයන්ය. තත්කාලීනව නිර්මාණය වූ කලා නිර්මාණයන් පිළිබඳ මූලික වශයෙන් විමසා බැලීමක් මෙම වැඩසටහන් මාලාවට ප්රස්තුත වූ විෂය ක්ෂේත්රය වේ. මැදිවියට පත්, පරිණත ධම්ම ජාගොඩගේ ජීවිතයෙහි ඊළඟ කඩඉම වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරියෙන් දිවෙන පාර මාරුවී ජාතික රූපවාහිනියට ගොඩවීම වේ. කලාවේ සියලු න්‍යායන් හා අත්දැකීම් පොදි බැඳගෙන එය ඔහුගේ දේශපාලන විඥානයෙන් ගැටගසාගෙන රූපවාහිනී මාධ්‍යයට සම්ප්‍රාප්ත වූ ධම්ම ජාගොඩයන් නව මාධ්‍යය ජාතියට හිතෛෂී ආකාරයෙන් මෙහෙයවීමේ යුග කාර්යභාරය ආරම්භ කෙළේය. මෙයට සමගාමීව ටෙලි නාට්‍යය යන නම රූපවාහිනී මාධ්‍යට හඳුන්වා දෙමින් ධම්ම ජාගොඩයෝ ටෙලි නාට්‍යකරණය ආරම්භ කළහ. ධම්ම ජාගොඩගේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍යය පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය වේ.
තත්කාලීන සමාජ ගර්භය දේශපාලනිකව ප්‍රශ්න කිරීමට ආචාර්ය ධර්මසේන පතිරාජයන් තම කලා භාවිතය සිනමා මාධ්‍යයට යොදා ගත්තේ යම්සේද ඔහු හා එකම දේශපාලන අස්ථානයක හිඳිමින් කලා ක්ෂේත්රයේ අහුමුලුවල සැරීසැරූ ධම්ම ජාගොඩ ටෙලා නාට්‍ය මාධ්‍යය භාවිත කරමින් දේශපාලනිකව සමාජය ප්‍රශ්න කිරීමට සක්‍රිය විය. 1977 ජේ.ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයට යම්තම් වසර 10ක් සපිරෙන විට මෙම අර්ථ ක්‍රමයෙන් විනාශ වූ ජනතාවගේ ආධ්‍යාත්මික ගැඹුරෙන් ප්‍රශ්න කිරීමට ධම්ම ඉදිරිපත් වීම ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ නියැළී සිටින අප සැමට ඓතිහාසිකව පූර්වාදර්ශයක් ශේෂ කර ඇත. දශක 30 කට වඩා අප අත්විඳින වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය හේතුවෙන් වඩා වඩාත් තීවු ආකාරයෙන් ශුද්ධ වූ කලාව විනාශ කරමින් දිනෙන් දින එය බිළී බා ගන්නා අයුරු දෘශ්‍යමාන සත්‍යයක් වී ඇත.
වෙළෙඳපොළ ආර්ථිකයෙන් පෝෂණය වූ තැරැව්කාරයන්ගේ ප්රාග්ධනයට ග්‍රාමීය මෙන්ම නාගරික අහිංසක කලාකරුවන්ගේ ජීවිත බිලිවෙමින් පවතී. ඔවුන්ගේ නිර්මාණ කුණු කොල්ලයට විකිණෙන ප්‍රවණතාවක් සමාජ ගතවී ඇත. පට් පට් ගා සල්ලි හොයන සූරසේනලා විවෘත ආර්ථිකයේ බල මහිමයෙන් දසත බිහි වූහ. ඔවුහු වෙළෙඳපොළ ආර්ථිකයේ නිර්මිත වූ සංස්කෘති අංගෝපාංගවලින් ආඪ්‍ය වී ගමට ගියහ.
ගැමි කලාකරුකරුගේ කලා නිර්මාණවලට අඩු මුදලක් ලබා දෙමින් නගරයේදී වැඩි මුදලක් තම සාක්කුවට දමා ගැනීම පිණිස ඔවුහු සැමවිට පෙළගැසී සිටිති. අඥාන සූරසේන පන්තිය කලා ක්ෂේත්රයේ පමණක් නොව සියලු ක්ෂේත්රයන්හි තීන්දු තීරණ ගන්නා තීරක බලවේගය වශයෙන් ස්ථිතික වී ඇත. කාන්තාවන්ගේ රූසපුව වෙළෙඳ භාණ්ඩයක් ලෙසද ඔජවඩවමින් අහිංසක පවුල් කුටුම්බය දෙදරවීමට පවා සූරසේන ප්රාග්ධනය පොහොසත් වී ඇත.
එහෙයින් ධම්ම ජාගොඩ යනු රූපවාහිනි මාධ්‍ය ඉතිහාසයේ බිහිවුණු එකම දේශපාලන නාට්‍යකරුවා ලෙස සඳහන් කිරීමට මම දෙවරක් නොසිතමි. සෝමවීර සේනානායක නමැති සූර පිටපත් රචකයා මඟින් පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය ලියා ගනිමින්, එයට ඔහු සතු වූ දේශපාලන දෘෂ්ටිය මුසු කරමින් ධම්ම ජාගොඩයන් විසින් කරන ලද මෙම ඓතිහාසික කාර්යභාර්යය අමරණීය වේ.
එහෙත් එවකට පැවැති විජය රූපවාහිනී සම්මාන උළෙලේදී කලා සක්විත්තන්ගේ බලපුළුවන්කාරකමට ධම්ම ජාගොඩයන්ගේ නිසඟ කලා හැකියාව පරාජය විය. එදින ඔහුගේ දෑස කඳුළෙන් තෙත් විය. ඔහු මා හා ෙදාඩමලු වූ සැන්දෑවන්හිදී අනාගතයේදී කලාවට සිදුවෙන්නා වූ ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ අවස්ථාවන් බොහෝ විය. කලාකරුවන්ගේ අනාගත ඛේදවාචකය තේමා කරගනිමින් මිහිකතගේ දරුවෝ ප්‍රාසාංගික ටෙලි නාට්‍යය ඔහු විසින් නිර්මාණය කරන ලදී. 1987 කළු ජූලිය හේතුවෙන් සිඳීබිඳී ගිය සිංහල - දෙමළ අනේයාන්‍ය සහෝදරත්වය යළි ගොඩනැංවීමේ පරම අභිලාෂයෙන් හෙන්රි ජයසේනයන්ගේ තිර නාටකයක් පාදක කර ගනිමින් සඳක කතාවක් මැදිරි ටෙලි නාට්‍යය නිර්මාණය කරමින් ධම්ම ජාගොඩයන් විසින් තමන්ගේ දේශපාලන දැක්ම නැවත වතාවක් ජනතාව ඉදිරියට රැගෙන එන ලදී.
ටෙලි නාට්‍යකරණයෙන් පරිබාහිරව සිංහල ගැමි කලාව රූපවාහිනී මාධ්‍යයට ගෙන ඒමේ පරමාර්ථය පෙරදැරිව ගැමි රඟමඩල විචිත්රාංග වැඩසටහන් පෙළ ධම්ම ජාගොඩයන් විසින් නිර්මාණය කරන ලදී. මේ සඳහා ගැමි නාටකයන් සොයාගෙන එළිමහන් රූගත කිරීමේ බස්රථය නියරවල් දිගේ අෑත ගම්දනව් ඔස්සේ පිටත් කිරීමට කටයුතු කිරීම ඔහු විසින් ජන කලාව වෙනුවෙන් කරන ලද මහඟු වියමනක් ලෙසට ඓතිහාසිකව සනිටුහන් වී ඇත.
එමෙන්ම කැලණි පාලම, හුනුවටයේ කතාව, වෙස්සන්තර, දික්තල කාලගෝල, පරාස්ස, අහසින් වැටුණු මිනිස්සු වැනි නාට්‍ය ක්ෂේත්රයේ මතක සටහන් තබා ඇති නාට්‍ය නිර්මාණ රූපවාහිනි මාධ්‍යයට ගෙන ඒමෙන් ධම්ම ජාගොඩයන් නැවත වතාවක් වේදිකා ක්ෂේත්රයට කරන ලද සේවාව සදානුස්මරණීය වශයෙන් ලියැවී ඇත. ජාතික රූපවාහිනිය ස්ථාපිත වූ අවධියේම ධම්ම ජාගොඩ වැනි නිර්මාණකරුවන් රූපවාහිනී මාධ්‍යය හැසිරවීම නොරිස්සූ පිරිස් බෝවීමේ ප්‍රවණතාවක් ඇති විය. ධම්ම ජාගොඩයන්ගේ දේශපාලනය පිළිබඳ හේතුවෙන් රූපවාහිනිය අතහැර ගොස් නැවත වතාවක් රංග ශාලිකා පාසල ප්‍රතිෂ්ඨාපනය කිරීමට ධම්ම ජාගොඩයන්ට සිත් වූ අවස්ථාවන් බොහෝ විය.
මෙයට වසර 25කට පෙර වියෝ වූ ධම්ම ජාගොඩයන් විසින් නාට්‍ය ක්ෂේත්රයටත් වෙසසින්ම රූපවාහිනී මාධ්‍යයටත් කරන ලද මහඟු මෙහෙවරෙහි අල්පමය කරුණු කිහිපයක් මෙසේ ලියා තබන විට මතකයට නැඟෙන්නේ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙහි ඔහුගේ රූපමය භාෂාවයි. සමීප රූප, මාධ්‍ය රූප, දුර රූප යන මේ රූප වර්ගීකරණයෙන් ඔහු කරන ලද වියමන රූපවාහිනී මාධ්‍යය හදාරන්නට පෙළපොතක් වී අවසානය.
සූරසේනලාගේ පට් පට් ගා උපද්දන ප්රාග්ධනය විසින් එය ගිලගන්නා වූ ධනේශ්වර පාලනය, සනාතන දහමක් ලෙස අප ජීවිත වටා භ්‍රමණය වන ආකාරය රූපවාහිනී මාධ්‍යයෙන් විචක්ෂණ අයුරින් අපට කියා දුන් ධම්ම ජාගොඩ කලාකරුවාණනි, ඔබ අමරණීයයි.
http://www.mawbima.lk
|
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:29 AM 0 comments
Labels: මතක සැමරැම්
හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා
Saturday, January 26, 2013
හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:46 AM 0 comments
Labels: චිත්‍රපටිය, මතක සැමරැම්
ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි
ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි
රන් තැටියක් වාගෙ දිලෙනවා
දිදි දිලි නිවෙනවා
නිවි නිවි දිලෙනවා
රන්තරු රෑ අහසෙ බැබලෙනවා...!
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:45 AM 0 comments
Labels: ගායකයෝ, මතක සැමරැම්
පැට්රික් කෝ?
Wednesday, January 2, 2013
පැට්රික් කෝ?
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:31 AM 0 comments
Labels: ජීවිත විත්ති, මතක සැමරැම්, සංගීතය
අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට
Saturday, December 8, 2012
අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට
මලහත්ඉලව්වක් වෙලෝ ...
කවුද මේ කීරා?
ඔහුගේ ඇත්ත නම ලක්ෂ්මන් අමරසේකර. ලක්ෂ්මන් මීට ප්‍රථම අපට හමු වූයේ වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ අලිඩොං හැටයට.
එදා අලිඩොං, අද කීරා? එහෙම නේද?
පුංචි තිරයේ මං මේ වන විට මං හිටි නාට්‍ය දෙකයි විකාශය වූයේ. ඒ වැස්ස නුඹ වගේ සහ සේපාළිකා. ඒ දෙකම මාව හිතුවටත් වඩා රසිකයන් අතරට ගෙනිච්චා. අලිඩොංට වඩා කීරාගෙ ස්වරූපය වෙනස්. කල් ක්‍රියාව ද වෙනස්. හැබැයි දෙකම හාස්‍යට බරයි.
ඇයි මිනිස්සු හිනස්සවන්න පුළුවන් චරිත ඔබට ලැබෙන්නේ?
මගේ ස්වරූපය නිසා වෙන්න ඇති. මොහාන් නියාස් මහත්මාගේ අලුත්ම ටෙලි නාට්‍ය වන ඉසුරු විමානෙත් මං රඟපාන්නේ එවැනි චරිතයක්. හැබැයි මේවා විවිධ ශෛලීන් යටතේයි මං රඟපෑවේ.
කොහොමද ඔබට කීරාව හිමි වුණේ?
අලිඩොංව ලබා දුන් අපේ නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහත්තයම තමයි කීරගෙ චරිතයට මට ඇරැයුම් කළේ. ඔහු මට කීරගේ ස්වරූපය කිව්වා. ඊට පසුව මං කොණ්ඩෙ කපලා රැවුල වවලා වෙනස් වුණා. සේපාළිකා අධ්යක්ෂ ජනක චමින්ද මහත්මා චරිතය දියුණු කළා. විශ්වනාත් විජේසූරිය වේශ නිරූපණය කොට කීරාව තවත් අපූර්වත්වයක් එක් කළා. සේපාළිකා පටන් ගත් දින සිට මේ දක්වා කීරා ඉන්නවා. ඉහත මහත්වරුන්ටත් අපේ ඇඳුම් නිර්මාණ ශිල්පී චාමින්ද වාස් සොයුරාටත් තුති පුදනවා කීරාව මේ තත්ත්වයට ගේන්න උදවු කළාට.
කීරාව නිරූපණය කරද්දී හරි අපූරු සිදුවීම් රැසකට මුහුණ දුන්නා කියලා ආරංචියි?
එක සීන් එකක් තිබුණා මාව ගැටගහලා කපිල සිගේරා ගිනි පෙළෙල්ලක් අරගෙන මගෙ මුණට ළං කර කර මාව බය කරන. කුස්සියේ මාව ගැට ගැහැව්වා. සීන් එක පටන් ගත්තා. ඔය අතරවාරයේ ගිණි පෙළෙල්ලේ පුංචි අඟුරු කෑල්ලක් මගේ සරමට වැටුණා. කවුරුවත් ඒක දැක්කේ නැහැ. දැන් මට තේරෙනවා ශරීරයේ යට කොටසින් දුම් දානවා. බොලේ සරම ඇවිලෙනවා. දඩි බිඩි දාලා කට්ටියට කියලා මං ලිහාගෙන වතුර වලකට පැන්නා. නැතිනම් මගේ ශරීරයේ භාගයයි ඉතුරු වෙන්නේ.
තව දවසක් මුදලාලි හැටියට රඟන දයාසිරි හෙට්ටිආරච්චිට ගොමවලින් ගහන්න තිබුණා. මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.
හොඳම කතන්දරේ ඒක නෙවෙයි. මෙන්න මේක. මට අමුඩයක් ඇඳගෙන මඩ නාගෙන දුව ගොස් සුරාජ් මාපව බදාගන්න සීන් එකක් කරන්න වුණා. එදා මුලු ගමම එතැන. මට හරි ලැජ්ජයි. ජනක කිව්වා බය නැතුව සීන් එක කරමු කියලා. මුලින්ම තිබ්බේ මඩ නාගන්න. හොඳටම මඩ නාල වැව් බැම්ම දිගේ දුවලා දුවලා ගිහින් සුරාජ්ව බදා ගත්තා. පිටපතට අනුව ඔහු මාව තල්ලු කරන්න ඕනේ. මාව වැටුණේ බොරළු ගොඩකට. නිකමට හිතලා බලන්නකෝ අමුඩෙකුත් ඇඳගෙන බොරළු ගොඩකට වැටුණම කොච්චර ශෝක්ද කියලා.
සැබෑ ජීවිතයේදී අපහසුතාවයන්ට ලක්වෙලා නැතිද?
තියනවා තියනවා. මං ඉස්සර ඉඳලා ‘අතුල මාමා’ නමින් පෙර පාසල් ආශ්‍රිතව ප්‍රසංගයක් පවත්වනවා. දිනක් ඒ වගේ ප්‍රසංගයක් කරන්න ගිය වෙලාවක පිස්සෙක් පිස්සෙක් කියලා මාව ඇතුළට ගත්තේ නැහැ. වෙලාවට එතැන හඳුනන කෙනෙකු ඉඳලා කතා කළා. මගේ ගම කෑගල්ලේ. උදේ හවස යන්නෙ එන්නෙ කෝච්චියේ. කීරා වගේ නෙවෙයි මං ඩෙනිමයි ටී ෂර්ට් එකයි අඳින්නේ. එතකොට කෝච්චියේ මං දන්න අයවත් මාව දන්නෙ නැහැ වගේ ඉන්නවා.
දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ?
ඔව්. දැන් මගේ ක්ෂේත්රය මේක. හැකි පරිදි ලැබෙන චරිතයකට සාධාරණයක් ඉටු කරමින් රඟපානවා.
මේවාට අමතරව ඔබේ අලුත් වැඩ කටයුතු මොනවාද?
ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. මට ගැයීමේ හැකියාවකුත් තියනවා. ඒක ගැන දැනගෙන රන්සිළු ආයතනයේ අප නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහතාගේ මැදිහත් වීමෙන් කැසට් එකක් නිකුත් කළා. ඒකෙ නම ‘කළු කූඹියෝ තෙල් කූඹියෝ’.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:55 PM 0 comments
Labels: Gossip, මතක සැමරැම්
මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්
මලට බඹරෙකු සේ සිතට එන
ගායන ශිල්පියෙකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණකරුවෙකු, වාදකයෙකු සහ සංගීතඥයෙකු ලෙස සිය ප්‍රතිභාවෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙයක් ඉටු කළ ඔහු ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධනය. කවුරුත් දන්නා නමින් නම් ක්ලැරන්ස් විජේවර්ධනය.
1943 අගෝස්තු තුන්වැනිදා හපුතලේ දී මෙලොව එළිය දුටු ක්ලැරන්ස් සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූවේ ය. පාසල් වියේ දී සංගීතයට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් විනෝද ගමන් යාමටත් බෙහෙවින් පි‍්‍රය කළ ක්ලැරන්ස් ගිටාරයක් දකින්න සිත තුළ පැවති ආසාවට මිතුරෙකුගේ ඇඳුම් සෝදා දුන් අයුරු 1980 වසරේ දී ඔහු වෙනුවෙන් පළ කළ “මල්පියලි” සඟරාවේ විශේෂ කලාපයට අප සමඟ පැවසුවේ නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගෙනය.
සැබැවින්ම ඔහු නිහතමානි, සරල මිනිසෙකු වූවේ යයි අපි සිතමු. වයස අවුරුදු එකොළහේ දී පළමු වරට ගිටාරයක් වාදනය කළ ක්ලැරන්ස් 1996 දෙසැම්බර් 13 වැනිදා ජීවිතයෙන් සමුගෙන යනතුරු ගිටාරයට පෙම් කළේය. සුමියුරු ගී තනු දහස් ගණනක් මවන්න ගිටාරය ඔහු සහාය කර ගත්තේය.
සංගීත කණ්ඩායම්, චිත්‍රපට රූපවාහිනී නාට්‍ය, පටි සහ තැටි සඳහා ක්ලැරන්ස් ගී පද රචනය, තනු නිර්මාණය සහ ගායනය යන ත්‍රිවිධාකාරයෙන් කර ඇති දායකත්වය පිළිබඳව තොරතුරු බිඳක් මෙම සමරු සටහනේ මෙලෙස අකුරු කිරීම වටී යයි සිතමු.
හැටේ දශකයෙන් ඇරඹෙන ඔහුගේ ප්‍රසිද්ධ සංගීත චාරිකාවේ මුලින්ම “මුන්ස්ටෝන්” කණ්ඩායම සමඟ කළ නිර්මාණ ද ඉන්පසු “ගෝල්ඩන් චයිම්ස්” - “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සහ “මදාරා” කණ්ඩායම් සමඟ කළ නිර්මාණ ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රයත්වයට පත්විය. එම ගී අතර “වන දෙව් ලිය තුරුලේ” - “කාගෙද ගොන් වස්සා” - “මම එදා ගොසින්” - “දිල්හානි දුවනී” - මංගෝ කළු නැන්දේ” - “රුවන්පුරය” - කිම ද නාවේ” - “ගමෙන් ලියුමක් ඇවිල්ලා” - “උඩරට නිළිය හැඩ වගේ” - “මා ආදරෙයි නංගියේ” වැනි ගී මුතු සිය ගණනකි.
ක්ලැරන්ස්ගේ කණ්ඩායම් සංගීත දිවියේ ස්වර්ණමය යුගය වූ හැත්තෑව දශකයේ දී ඔහුගේ විවාහය ද (1972 මැයි 15 වැනි දා ශීලා රම්‍යදාස සමඟ) සිදු වූ අතර චිත්‍රපට සංගීත අධ්යක්ෂණයට එක් වීම ද සිදු විය. ඒ 1975 දී “සිකුරුලියා” චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා වෙමින්ය. එම චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා “කොමල ලියා සිකුරුලියා” ගීතය අද ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රය ගීතයක් වන අතර “අපේක්ෂා” (1978) - “හලෝ ශ්‍යාමා” (1982) - “චලිත රංගාලි” (1985) වැනි චිත්‍රපට සඳහා ද ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේය. ඔහුගේ සිතැඟි සත්සරින් රිද්ම ගත වූ ක්ලැරන්ස්ම ගැයූ “සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි” ගීතය මෙන්ම “සඳ තනිවෙලා” සහ “කලක් ඇවෑමෙන් පෙරුම් පුරා” (මිල්ටන් මල්ලවආරච්චි සමඟ ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක) - “ඔකඳ වෙලා සිත” (ඇන්ජලින්) - “සොඳුරු ලොවට මල් වැහැලා” (එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක) - “වසන්තයේ මල් කැකුළයි” (ඉන්ද්‍රානි පෙරේරා) වැනි ගීත ද තවමත් රසික ආදරය දිනාගෙන ඇති සුමියුරු චිත්‍රපට ගීත වේ.
කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත “දිලීප පොඩි පුතු” ගීතය ගයමින් ඒකල (තනි) ගීත ගායනයට එක් වූ ක්ලැරන්ස් “මලට බඹරෙකු සේ” - “මුව හසරැලි සාගරේ” - “හද විලේ ඔබ පිපුණා” - “සිහින ලොවක් දුටුවා මතකයි” - “රන් දුනුකේ මල” - “රන් සමනලයින් ඉගිලෙනු දැක මට” - “දුව මා වගේදෝ” - “හිරු පිබිදෙන විට” (මාලිනියේ) - “හින්දි වදන් මියුරු සරින්” - “දිනෙක මේ නදී තීරේ” වැනි රසබර ගීතාවලියක් සිය හඬින් ගීතවත් කළේ ය. ඔහු ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය “ජනක හා මංජු” චිත්‍රපටය සඳහා ලතා වල්පොල සමඟ ගැයූ “ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑ වේ” ගීතය සහ තනිව ගැයූ “සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා” ගීතය ද ගීතලෝලීන්ගේ සිත්ගත් ගීතය.
“සුසීමා” සහ “නිදිකුම්බා මල්” ටෙලි නාට්‍ය සඳහා ද සංගීත නිර්මාණයෙන් දායක වූවේ ක්ලැරන්ස් ය. මෙම ටෙලි නාට්‍යයේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය ගීතය ගැයීමෙන් පසුව වැනි ප්‍රතිභාසම්පන්නයෙකුගේ තනුවකට ගීතයක් ගයන්න ලැබීම පිළිබඳව මහත් සතුටින් කළ ඇගයීම තමාට චිත්ත පී‍්‍රතියක් වූ වග එකල ක්ලැරන්ස් අප සමඟ නිහතමානීව ප්‍රකාශ කළේ ය. “සුසීමා” ටෙලි නාට්‍ය සඳහා ක්ලැරන්ස් නිර්මාණය කළ “දේවතාවන් සිතන දේවල්” (ක්ලැරන්ස්) - “සිතේ සුසුම් නිවනා ගායනා” (ක්ලැරන්ස් සමඟ ජැක්සන් ඇන්තනී) - “රෑ තාරකාවෝ මුමුණා කියයි” (ජැක්සන් සමඟ ජෝර්ජ් සේනානායක) සහ “දෑස පියා ගත් කල මැවෙන්නෙ ඔබෙ රුව“ (ජැක්සන් සහ ජෝර්ජ්) ටෙලි නාට්‍ය ගීත ක්ෂේත්රයේ අමතක කළ නොහැකි රසබර ගී නිර්මාණය.
වර්තමානයේ දී ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත සම්බන්ධව පැන නැඟී ඇති සිද්ධි කිහිපයක් ද වේ. ගායන ශිල්පී ඇනස්ලි මාලේවන අධිකරණ නඩුවේ නඩු විභාගයකට මුහුණ දී සිටින අතර ගායන ශිල්පී රජිව් සෙබස්තියන් අධිකරණ නියෝගයක් අනුව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බුද්ධිමය දේපළ වෙනුවෙන් විජේවර්ධන පාර්ශ්වයට වන්දි මුදලක් ගෙවමින් සිටියි. එමෙන්ම “ටොරානා” ආයතනයට එරෙහිව කෝටියක වන්දි මුදලක් අය කර ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශ්වය කටයුතු යොදා ඇත. මේ අතර ලාංකිකා පෙරේරා, අනිල් භාරතී, පි‍්‍රයා සූරියසේන සහ “මේරියන්ස්” නලීන් පෙරේරාට ද ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳව එන්තරවාසි යවා තිබේ.
මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ද ඇත. එනම් වර්තමානයේ ක්‍රියාත්මක වන “බුද්ධිමය දේපළ පනත” පණ ගැන්වීමට අතීතයේ දී ක්ලැරන්ස් ද දායක වූ වගයි. එහෙත් තවමත් අප රටේ සංගීත ක්ෂේත්රයේ නියැළෙන ගායක ගායිකාවන්, ගී පද රචකයින් සහ සංගීතඥයින් බුද්ධිමය දේපළ පනත පිළිබඳ නිසියාකාර හැදෑරීමක් කර හෝ වැටහීමක් ලබා නොමැති හෙයින් එදා ක්ලැරන්ස් කළ එම යහපත් දායකත්වය පිළිබඳ ඇගැයීමක් මෙතෙක් කෙරී නොමැත. එහෙයින් අවම වශයෙන් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් සලසා ඇති ප්‍රතිපාදන පිළිබඳ පමණක්වත් දැන සිටීම සංගීත ක්ෂේත්රයේ නියුතු සැමට යහපත් වේ යැයි අපි යෝජනා කරමු.
ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් පැන නැගී ඇති තවත් ප්‍රධාන සිද්ධියක් වී ඇත්තේ ඔහුගේ නිර්මාණ නව පරපුරේ ගායක ගායිකාවන් ගායනය කිරීම ය. මේ වන විට “කඳු පාර ඈත අයිනේ” (සංඛ දිනෙත්) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ගීත විද්‍යුත් මාධ්‍ය මෙන්ම දුරකථන රිංගින් ටෝන්ස් මඟින් ද නිතර ශ්‍රවණය කළ හැකිව තිබේ. එමෙන්ම මෙම 15 වැනි දා පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී එළිදැක්වීමට නියමිත “ක්ලැරන්ස් නිර්මාණ” (අංක - 1) ගීත ඇල්බමයෙන් ද ක්ලැරන්ස් නිර්මාණය කළ “මැණිකේ සුදු මැණිකේ” (සමන් ද සිල්වා) - “ඔබෙන් පමණි මා දුටුවේ” (අතුල අධිකාරි) - “සිහිල් නුවන් තුළ” (ඉසුරු ජයරත්න) - “විකසිත වත කමලේ” (උදේශ් ඉන්දුල) - “නිරංජලා කාටදෝ” (සුරේන්ද්‍ර සමඟ අමිලා) - “එක දවසක් මා දුටුවා” (ගයනි මධුෂානි) - “සුළඟේ පාවී” සහ “මී විත පුරවා” (උදේශ් නිලංග) - “මා ආදරෙයි නංගියෙ” (සන්තුෂ් සමඟ උමාරියා) - “පැතුම් පිරීලා” (අජිත් බණ්ඩාර) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ජනපි‍්‍රය ගීත 14 ක් ඉදිරිපත් කෙරුනු ඇත.
ක්ලැරන්ස්
ගීතෝපහාර ප්‍රසංගය
15 වැනිදා
මියුසියස් විද්‍යාලයීය
ශ්‍රවණාගාරයේ දී!
|
විජේවර්ධන පවුලේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙම 15 වැනිදා සවස 7 ට මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනයට ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක, ටී. එම්. ජයරත්න, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා, රනිල් මල්ලවආරච්චි, චාන්දනී හෙට්ටිආරච්චි, අතුල අධිකාරී, ශ්‍යාම් ෆොන්සේකා, වින්ස්ලෝ සික්ස්, සමන් රත්නවීර සහ දමයන්ත කුරුප්පු ඇතුළු නව පරපුරේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද එක්වන අතර ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ “විෂන්” විසින් ය. කථනය කැළුම් ශ්‍රීමාල් විසින් කරනු ලබන මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන බුද්ධිමය දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස කටයුතු කරන සිරි හෙට්ටිආරච්චි විසින්ය.
එයාට ලෝකෙන්ම වටින්නේ දුව තමයි!
”ක්ලැරන්ස් මුලින්ම සින්දු ලියන්න ගත්තේ මටයි. ඒ කාලේ එයා පදිංචි වෙලා උන්නේ අපේම ගෙදරකයි. අපි දෙන්නා අතරේ ආදරයක් ඇතිවුණා. ‘කිමද නාවේ’, ‘සිහින් සිනාවයි’, ‘සුදු මැණිකේ’ වගේ ගීත එයා මට ලියූ ගීතවලින් සමහරක්. මා වෙනුවෙන් එයා අන්තිමට ලියූ ගීතය ‘මගෙ සිරියාවතී’ ගීතය යි. ‘ක්ලැරන්ස් සිහිවටන’ (2) ඇල්බමයට එයා ඒ ගීතය ගායනා කළා වගේ මට මතකයි. ඒ වගේම අමාලි දුව වෙනුවෙන් ක්ලැරන්ස් ‘දුවනී’ – ‘අමිලා දුවේ’ – ‘ඔබ පරදා’ වැනි ගීත කිහිපයක්ම ලියා ගායනා කළා. ඔය එක සින්දුවකදී ක්ලැරන්ස් දුවට තිබුණු එයාගේ ආදරය හෙළි කරනවා. “ලෝකෙන්ම වටින්නේ දුව තමයි” කියලා.
”ක්ලැරන්ස් ගේ බුද්ධිමය දේපළ පිළිබඳව පැන නඟින ගැටලුවලට මුහුණ දීමට මමත් අමාලි දුවත් මේ රටේ නැති නිසා අපි දෙදෙනා වෙනුවෙන් ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි සිරි හෙට්ටිආරච්චි ඇටෝර්නි බලකරු ලෙස පත්කර තිබෙනවා. ඔහු ඉතා හොඳීන් එම කටයුතු කරගෙන යමින් ක්ලැරන්ස්ගේ අයිතිවාසිකම් සුරකිනවා.”
ක්ලැරන්ස්ගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක්
එහෙත් එම අදහස් නිවැරැදි නැහැ. නව පරපුරේ දක්ෂයින් ලවා ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනය කරවීම හේතුවෙන් ඔහුගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක් සිදු වෙනවා. එම නිසා ක්ලැරන්ස් ගේ නිර්මාණයන්ට සාර්ථක පැවැත්මක් තිබෙනවා.”
”බුද්ධිමය දේපළ පනතෙන් සලසා දී තිබෙන ප්‍රතිපාදන යටතේ ක්ලැරන්ස් ගේ නිර්මාණ නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ දී සහ විකෘති කිරීම් සිදුවන අයුරු නැවත පටිගත කිරීම් ආදිය කර භාවිත කිරීමේ දී සියලුම ගායක ගායිකාවන්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
දැනට ‘ටොරානා’ ආයතනයට එරෙහිව පැවරූ නඩුව අප ජයග්‍රහණය කර තිබෙනවා. අප කළ ඉල්ලීම් දාහතෙන් දාසයක්ම අපට ලබාදීමට මහාධිකරණය නියෝග කර ඇති අතර ළඟදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම රජීව් සෙබස්තියන් හට ක්ලැරන්ස් ගේ ගී නොගයන ලෙස අධිකරණය මඟින් නියෝග කර ඇති අතර ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, ප්‍රියා සූරියසේන, අනිල් භාරතී, ලංකිකා පෙරේරා, නලින් පෙරේරා වැනි ගායක ගායිකාවන්ටත් නීතිඥයින් මඟින් දැනුම් දී තිබෙනවා ක්ලැරන්ස් ගේ ගී ගායනා නොකරන ලෙස, මේ සියලුම කටයුතු අප කරගෙන යන්නේ ක්ලැරන්ස් ගේ නිර්මාණ අයිතීන් ඔහුගේ හිමිකරුවන්ට ලබා දීම උදෙසා සහ එම ගීත මතු පරම්පරාවට දායාද කර දීමේ යහපත් චේතනාවෙනුයි.”
ක්ලැරන්ස් ගී තනු හැදුවේ රසවත් ශෛලියකටයි!
ක්ෂණිකව ස්වර මාරු වීම ක්ලැරන්ස්ගේ තනුවල මා දුටු සුවිශේෂ ලක්ෂණයක්. එම නිසා ඔහුගේ තනු එකවර වටහාගන්න අමාරුයි.”
“ක්ලැරන්ස්ගේ සංගීතයට ‘අපේක්ෂා’ චිත්‍රපටයේ ‘සඳ තනිවෙලා’ - ‘කලක් ඇවෑමෙන්’ සහ ‘රෑ සීතලයි’ වැනි ගී ගැයීමට ලැබීම නිසා එදා මම හරි සතුටට පත්වුණා.
ක්ලැරන්ස් මට ගයන්න නිර්මාණය කර දුන්නු ‘පුංචි පුතා මගෙ ඉස්කෝලේ’ - ‘මාලී මනමාලී’ - ‘මා පෙර සසරේ’ - ‘ඔකඳ වෙලා සිත’ සහ ‘ඉමල් පුතා’ ඇතුළු හැම ගීතයකටමත් මම ආසයි.”
අංක එක ක්ලැරන්ස්
ගී පද රචනය, තනු නිර්මාණය, ගායනය, සංගීත අධ්‍යක්ෂණය මෙන්ම ගිටාර් වාදනයටත් ක්ලැරන්ස් සතුව තිබුණු දක්ෂතාව සම කරන්න වෙන කවුද ඉන්නෙ...? ක්ලැරන්ස් විතරමයි. ක්ලැරන්ස් නොම්මර එක. ඉන්පසු අංකයක් තමයි වෙනින් කාට වුණත් හිමි වෙන්නේ.”
“මගේ ගායන ජීවිතයට සම්පූර්ණ අතහිත ලැබුණේ ක්ලැරන්ස්ගෙනුයි. මගේ සමහර ගීත පටිගත කරද්දී ක්ලැරන්ස් ආවේ එතුමාගේ වියදමිනුයි.
එතුමා නැති වීම ලොකු පාඩුවක්. එම පාඩුව පෞද්ගලිකව මට දැනෙනවා වගේම අද අපේ සංගීත ක්ෂේත්රයටත් දැනිලා තිබෙන බව පැහැදිලිව හැඟෙනවා.”
සුවිශේෂ අනන්‍යතාවක් ක්ලැරන්ස්ට තිබුණා!
එවැනි මා පි‍්‍රය කළ තවත් දෙදෙනෙකු තමයි ස්ටැන්ලි පීරිස් සහ සරත් දසනායක. ක්ලැරන්ස්, ස්ටැන්ලි සහ සරත් යන තිදෙනා එක මල් කිනිත්තක් කියලයි මට හැඟෙන්නේ.”
“පේ‍්‍රමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක වැනි අපේ ප්‍රතිභාපූර්ණ සංගීතඥයින් සැමටම වෙන වෙනම අනන්‍යතා තිබුණා. නිර්මාණයක් ඇහෙද්දීම අපට කියන්න පුළුවන් එම නිර්මාණය ඔවුන් අතරින් කා විසින් නිර්මාණය කරන ලද්දක් ද කියන වග. ක්ලැරන්ස් විජේවර්ධනයනුත් සිය අනන්‍යතාව නිර්මාණය තුළ සලකුණු කර තබන්නට සමර්ථ වුණා.
මොනතරම් ප්‍රතිභාවක් තිබුණත් තමන්ට අවිනිශ්චිත හෝ නොදන්නා යමක් වේ නම් දන්නා අයෙකුගෙන් විමසා දැනගන්න තරම් නිරහංකාර මහත්මා ගතිගුණ එතුමාගේ පැවති බව මා පෞද්ගලිකව අත්දැක තිබෙනවා.
එතුමා මට නිර්මාණය කර දුන් හැම නිර්මාණයකටම මං කැමැතියි. එතුමා ගැයූ ගී අතරින් ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’ ගීතය මං ආසාම ගීතයක්. මමත් එතුමා වෙනුවෙන් පැවැත්වෙන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගයට සහභාගි වෙනවා.”
‘සන්ෆ්ලවර්’ නම දුන්නේ ක්ලැරන්ස්
ඊට පෙර මා ඔහුට පි‍්‍රය කළේ කලාකරුවෙකු ලෙස පමණයිනේ. මුණ ගැහිලා කතාබහ කළාට පස්සේ ඔහු මගේ පි‍්‍රයතම පුද්ගලයෙකු ද වුණා. ක්ලැරන්ස් අයියා තමයි අපේ සංගීත කණ්ඩායමට ‘සන්ෆ්ලවර්’ නම දුන්නෙත්.
කාලයක් අපි ක්ලැරන්ස් අයියා සමඟ එකට වැඩ කළා. ඒ අපේ කණ්ඩායමට වැඩ නොතිබුණු අවස්ථාවල දී. ඉන්පසු අපේ දැන හැඳුනුම්කම දිගටම තිබුණත් මට ක්ලැරන්ස් අයියාගෙන් කරගන්න ලැබුණේ එකම එක ගීතයක් (වේදිකාව ජීවිතේ අපේ”) විතරමයි.”
“ක්ලැරන්ස් අයියා අපේ සංගීත ක්ෂේත්රයට එතෙක් නොපැවති නැවුම් සංගීත ශෛලියක් ගෙන ආවා. ඔහු කරපු හැම නිර්මාණයක්ම වාගේ ජනපි‍්‍රය වීම සුවිශේෂයි.
ක්ලැරන්ස් අයියා ඔහුට නිර්මාණය කර ගත් ගීත පමණක් නෙමේ වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණය කළ ගීතත් ඉහළම ජනපි‍්‍රයත්වයකට පත් වුණා. මේ තරම් ජනපි‍්‍රය ගීත ප්‍රමාණයක් නිර්මාණය කළ ක්ලැරන්ස් අයියා වගේ වෙන කෙනෙකු නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.”
ක්ලැරන්ස්ගේ නිර්මාණයන්ට නව සංගීතයෙන් දායක වීමට ලැබීම භාග්‍යයක්!
එවැනි නිර්මාණ එකතුවක (“ක්ලැරන්ස් නිර්මාණ” අංක - 1 ගීත ඇල්බමයේ) සංගීතය සපයන්න මා හට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් ;ලස මා සලකනවා.
මුලින්ම මට මේ භාග්‍ය උදාකර දුන් ශීලා විජේවර්ධනටත්සිරි හෙට්ටිආරච්චිටත් මං ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මට කීවේ මුල් නිර්මාණ විකෘති නොකර නව සංගීතය සපයන්නයි. මම ඉතාම පරිස්සමින් මුල් නිර්මාණවල රසය රැකගෙන වර්තමාන පරම්පරාවට ගැළපෙන අයුරින් මේ ඇල්බමයේ ගීත සංගීතවත් කළා.
පරම්පරාවෙන් පරම්පරාවට පැවතීමට සුදුසු සර්වකාලීන වටිනාකමක් ක්ලැරන්ස්ගේ නිර්මාණවල ඇති බවයි මගේ හැඟීම.”
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:45 PM 0 comments
Labels: ගායකයෝ, මතක සැමරැම්

