----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි

Friday, September 7, 2012


මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි

ghostරැජින නියෝජිත සුරංජිත් ගුණසේකර 2001 වසරේ මාර්තු 26 සඳුදා පෙරවරුවේ ‘‍ලේ හලන භූතයකු’ ඇතැයි මහත් ආන්දෝලනයකට ලක් වූ මහනුවර බාලිකා පාසලට පිවිසෙන විට උදෑසන පාසල ආරම්භ වී මඳ වේලාවක් ගතවී තිබිණ.බාහිර වශයෙන් කිසිදු විශේෂත්වයක් පළ නොවුවද මෙම භූත සංසිද්ධිය මත පාස‍ලේ ගුරු සිසු ප්‍රජාව තුළ පැවැති ප්‍රකම්පනීය බව නිසා දෝ හාත්පස දැඩි නිහැඩියාවක ගිලී ඇති අයුරක් අප නියෝජිතයාට වටහා ගත හැකි විය. මෙවන් පසුබිමක් යටතේ පාසලට පැමිණ පිටස්තරයන් කෙරෙහි එහි ගුරු ශිෂ්‍ය ප්‍රජාව අතිශය සංවේදී වීම ඉතා සාධාරණ ය. එහෙත් සුරංජිත් සමඟ එහි ගිය දේශකයා එම පාසලට එතරම් ආගන්තුකයකු නොවූ නිසාදෝ ඔවුන්ගේ එම පැමිණීම කිසිවකුගේ විශේෂ අවධානයට ලක් වූ බවක් නොපෙනිණ.
ඒ කෙසේ හෝ එම පාස‍ලේ ගුරු සිසුන්ගේ සහ දෙගුරුන්ගේ මෙන්ම ජනමාධ්‍යයන් මගින් සමස්ත ජාතියේම මානසික කම්පනයක් ඇති කළ මෙම භූත සංසිද්ධිය යථාර්ථවාදීව ග්‍රහණය කර ගැනීමට පෙර එහි ස්වරූපය නිවැරදිව හඳුනාගත යුතු ය. එහිදී එම පාස‍ලේ කිසිවකුටත් අමුත්තක් නොහැඟෙන පරිදි සුරංජිත් වරින් වර සිය ජංගම දුරකථනය මඟින් ම’වෙත කරුණු ඉදිරිපත් කළේ ඒ සඳහා මට පහසුවක් ලබා දෙමිනි. 
එහිදී මගේ අවධානයට ලක්වූ කරුණු අතුරින් විශේෂතම කරුණු දෙකක් විය. ඉන් පළමුවැන්න ‍ලේ ගැලීම සම්බන්ධ එම භූත ක්‍රියාව එම පාස‍ලේ හත්වන ශ්‍රේණියේ එක් පන්ති කාමරයකට පමණක් සීමාවීම ය. එම පන්ති කාමරයට හැරුණු කොට පාස‍ලේ වෙනත් පන්තියකට, විද්‍යාගාරයකට, ක්‍රීඩාගාරයට හෝ ශ්‍රවණාගාරයට හෝ ප්‍රධාන කාර්යාලයට ඒ භූත බලපෑම එල්ල වී තිබුණේ නැත. 
ඒ සම්බන්ධයෙන් මගේ අවධානයට ලක්වූ දෙවන කරුණ වූයේ එම ‍ලේ හැලීම දිවා කාලයේ පාසල් කාලය තුළ දීම සිදුවීම ය. මුල සිටම එකම රටාවකට අනුව පමණක් සිදු වී තිබූ මෙම ක්‍රියා විදුහලට පිටස්තරයන් ඇතුළු කර ගැනීම සපුරා තහනම් කිරීමෙන් පසුව ද ඒ අයුරින්ම සිදුවී තිබිම මගේ විශේෂ අවධානයට ලක්විය. ඒ අනුව මට මූලිකව වටහා ගත හැකිවුයේ එසේ ‘‍ලේ හලන භූතයා’ කවුරුන් හෝ එම පාසල් ගොඩනැගිල්ල සහ එම පන්ති කාමරය ඇසුරේම ජීවත්වන එම පාසල් ප්‍රජාවෙන්ම අයකු බවය. 
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ආගම් සහ ජාතීන්ට අයත් ගුරු සිසු ප්‍රජාවකින් සමන්විත වුවද එය සිංහල බෞද්ධ ගුරු සිසු බහුතරයකින් යුතු බෞද්ධ ධාරාවේ පාසලකි. එබැවින් එහි බොහෝ දෙනකු මෙම භූත සංසිද්ධිය පිළිබඳව බෞද්ධ දෘෂ්ඨි කෝණයෙන් බැලීමට පෙළඹීම ඉතා ස්වභාවික ය. එබැවින් සුරංජිත් සමග එම පාසලට ගිය දේශකයා දුරකථනයෙන් ඇමතූ මම එම විද්‍යාලයීය ප්‍රජාව හමුවේ එකී භූත සිද්ධිය පිළිබඳව බෞද්ධාගමික අර්ථකථනයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියෙමි. එවිට එම විදුහ‍ලේ පාලනාධිකාරියේ අනුමැතිය ඇතිව සුරංජිත් ද සමග එම අද්භූත ‍ලේ ගැලීමට සම්බන්ධ පන්ති කාමරය සමීපයට ගිය දේශකයා එහි සිටි කිහිප දෙනකු සමඟ එබඳු කතාබහක් ඇරඹීය. 
ඒ අතරේ එම දේශකයාට ද රහසින් සුරංජිත්ට නැවත දුරකථන ඇමතුමක් ගැනීමට මට සිතිණ. එම දේශකයා සමග කතා බස් කරමින් සිටින අතරේ තරමක් විශේෂිත හැසිරීමක් පළ කරන්නියක එම පිරිසේ සිටිය හැකි බැවින් ඇය සම්බන්ධයෙන් විශේෂයෙන් සංවිභාගශීලී වන ලෙස එම ඇමතුම මගින් මම ඔහු දැනුවත් කළෙමි. ඒ මෙබඳු අද්භූත සිදුවීම් 
ගවේෂණයේ දී මා ලත් පූර්ව අත්දැකීම් අනුව ය. මගේ එම දැනුම් දීමෙන් විනාඩි කිහිපයකට පසු මට යළි සුරංජිත්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එමගින් ඔහු පවසා සිටියේ එම පිරිස අතරේ හිඳින එක්තරා තැනැත්තියක තරමක් උද්වේගකර අයුරින් හැසිරෙනු තමන්ට හොඳින්ම පෙනෙන බවය. ඒ අනුව ඔවුනට නොදැනෙන සේ එහි ගොස් එම කතා බහට කන්දෙමින් එය රහසින් පටිගත කර ගන්නා ලෙස මම සුරංජිත්ට දන්වා සිටියෙමි. 
එම කාන්තාව ගුරු ශිෂ්‍ය සහ සෙසු කාර්ය මණ්ඩලය ආදී වශයෙන් සැදුම්ලත් එම විද්‍යාලයීය ප්‍රජාවේම සාමාජිකාවකි. නමුදු මාධ්‍ය සදාචාරය අනුව ඇය පිළිබඳ ඉන් ඔබ්බට යමක් මෙහි විස්තර කළ නොහැක. 
ඒ කෙසේ හෝ ඇය කලින් මෙම විද්‍යාලයීය ආගමික කටයුතු වලදී සක්‍රිය භූමිකාවක් දරා තිබිණ. එහෙත්, පසුකාලීනව එම විද්‍යාලයේ සිදුවූ පරිපාලනමය වෙනස්කම් මත ඒ භූමිකාව ඇයට අහිමිව ඇත. එය ඇගේ පෞරුෂයට 
සෘජුව බලපා තිබේ. තම දායකත්වයෙන් යුතුව නිසි අයුරින් සිදුවූ එම පාස‍ලේ ආගමික වත් පිළිවෙත් දැන් නිසි පරිදි සිදු නොවීම මත  විදුහල වෙත මෙම අමනුෂ්‍ය බලවේග යොමුවීම පුදුමයක් නොවන බව එම තැනැත්තිය එම දේශකයා සහ අප නියෝජිත සුරංජිත් හමුවේ පවසා තිබේ. ඒ අන්‍යයන් අතුරින් විශේෂයෙන් මතුවෙමිනි. පෞරුෂ අර්බුද නිසා ව්‍යාකූල මනැස් ඇත්තෝ කතාබහෙන් සහ හැසිරීම් වලින් සෙස්සනට වඩා වෙනස් විශේෂිත 
ලක්ෂණ පළ කරති. එහෙත්, ඒ බව මනාව හැඳින හැක්කේ ඔවුන් හා වැඩිදුරටත් කතාබස් කිරීමෙනි. එබැවින් මගේ ඉල්ලීම මත ඇය හා වැඩිදුර කතාබස් කළ සුරංජිත්ට ඇය කියා ඇත්තේ පාසලට මෙවන් භූත උවදුරක් එල්ල වන බව තමන් කල් ඇතිවම දැන සිටි බව ය. එමෙන්ම ඒ පිළිබඳව පාස‍ලේ පාලනාධිකාරිය දැනුවත් කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බව ය. එමෙන්ම මෙම පාසලට වින කරන භූතයන් සමග කතාබස් කිරීමේ
අධිමානසික ශක්තියක් තමන් සතු බව ද ඇය  දේශකයා හමුවේ පවසනු සුරංජිත්ගේ පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන් විය. 
“එසේ නම් ඔබ පවසන භූතයන් ඔබ ලවාම මේ කාරිය කරවනවා වෙන්නත් පුළුවන්” මෙහිදී දේශකයා ඇසූ පැනයට ඇය කිසිදු පිළිතුරක් නොදී නිහඬ වී ඇත. දැන් එම භූත ක්‍රියාවට මුල් වන චරිතය කුමක්දැයි පැහැදිලිය. ඒ අනුව අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම දේශකයා සහ සුරංජිත් දැනුවත් කළ මම යළි මෙම පාස‍ලේ කිසිදු භූත ක්‍රියාවක් සිදු නොවිය යුතු බවට ඇයට රහසිගත තරවටුවක් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි. එමෙන්ම ඔවුන්ගේ එම ක්‍රියාව කෙතරම් සාර්ථකව සිදුවූයේද යන්න පිළිබඳව කොළඹ සිටි මා තුළ නිවැරදි නිශ්චයක් නොවිණි. එබැවින් සුරංජිත් සතු ජංගම දුරකථනය ඇය අතට පත් කරවූ මම ඇය ඇමතීමි. 
භූතයා ඔය ඉස්කෝ‍ලේ අහිංසක දරුවන්ට කරපු වින්නැහිය හොඳටම ඇති. භූතයා නොදන්නවාට අපි මේ වන කොටත් භූතයාගේ පින්තූර අරගෙන කටහඬත් පටිගත කරලයි තියෙන්නේ; අපි දැන් ඉඳන්ම ඔය භූතයා ගැන හොඳ හෝදිසියකින් ඉන්නවා, හැබැයි හොඳට මතක තියා ගන්න මේ මොහොතේ ඉඳන් ඔය භූතයාගෙන් ඔය ඉස්කෝලෙට හරි වෙන තැනකට හරි පුංචි හරි බලපෑමක් වුණොත් අපි ඔය භූතයගේ පින්තූරෙයි විස්තරෙයි පත්තරේට දානවා. භූතයට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි විදිහට”
දුරකථනය මගින් ඉහත සඳහන් පණිවුඩය ඇයට සන්නිවේදනය කර දුරකථනය විසන්ධි කළෙමි. ඉන්පසු එම තැනැත්තිය කෙරෙන් යම් බියපත් බවක් පළවන අයුරුත් ඇගේ මුහුණට දහඩිය නැංවෙන අයුරුත් තමන් හොඳින් දුටු බව සුරංජිත් කීය. එමෙන්ම ‘මහනුවර බාලිකාවේ ‍ලේ හලන භූතයා’ගේ එම ක්‍රියාවලිය එතැනින්ම හමාර වූ අතර එමගින් අපට සියයට සියයක්ම සනාථ වූයේ එය ඉහත සඳහන් තැනැත්තිය විසින්ම සිදුකරන ලද්දක් බව ය.

තිලක් සේනාසිංහ
Lakbima
READ MORE - මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි

රටේට රට ලණුවක්

Sunday, June 10, 2012

රටේට රට ලණුවක්


දයාරත්න රටගෙදර කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන සුන්දර කලාකරුවෙක්. හිත හොඳ මනුස්සයෙක්. කවුරුත් ආදරයට ‘රටයා’ යැයි හඳුන්වන මොහු ළඟදී දවසක ටිකක් කලබල වෙලා.
ඒ අපූරු සිදුවීමක් නිසා.
ළඟදී දවසක ඔහුගෙන් උදව්වක් බලාපොරොත්තුව පැමිණි මිත්‍රයෙක් ඔහු වෙනත් මිත්‍රයෙක් ළඟට යොමු කළා. ‘මචං මගේ යාළුවකුට උදව්වක් කරපං’ උදව්වට පැමිණි මිතුරා රටයාගෙ අනෙක් මිතුරා හමු වෙන්න ගියේ ඉන් පස්සෙ. ටික වෙලාවකින් උදව්ව බලාපොරොත්තුව පැමිණි මිතුරා රටයා අමතා ‘මොකක්ද මේ කළේ? උඹ මාව යැව්වේ මාර පිස්සු මනුස්සයෙක් ළඟටනේ’ කියල කිව්වලු. රටයට හිතා ගන්න බෑ. මොකක්ද වුණේ කියලා. රටගෙදර මේ වෙලාවෙ හිටියෙ මඟුල් ගෙදරක.
ඒ කල්පනාවේ ඉන්න කොට අනෙක් මිතුරාගෙන් ද රටයාට ඇමතුමක් ලැබුණේ පෙර කී ප්‍රශ්නයටමයි. රටයා කරකවල අත හැරියා වගේ. මොකද වුණේ කියල හිතා ගන්න බෑ. පස්සෙ දවසක රටයා මේ දෙමිතුරන්ගෙන් අයෙක් හමු වෙන්න ගියාලු. පුදුමෙ තමයි, මෙන්න අර අනෙක් මිතුරත් එතන. යාළුවො දෙන්න දීපු ලණුව රටයා කාලා. කිසිම දෙයක් දන්නෙ නැතුවනේ රටයා බය වෙලා තියෙන්නෙ. අර මිත්‍රයෝ දෙදෙනාම දිගු කලක සිට යහළුවො. රටයා ඒක දැනගෙන ඉඳල නෑනෙ. දැනගත්ත නම් මෙහෙම වෙනවද? යාළුවො දෙන්නගේ ලණුවට රටයා මුවින් නොබැන ඉවසගෙන ඉඳල.

Sarasaviya
READ MORE - රටේට රට ලණුවක්

අනේ මට රංසි දාලා යන්න බෑ

Sunday, May 29, 2011

අද අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ බොහෝ තරුණ ගැහැනු ළමයින්ට හා විවාහක ස්ත්‍රීන්ට පවතින රෝගයක් පිළිබඳවයි. මේ ගැන අප මෙතෙක් අනාවරණය නොකළ ද මේ අද්භූත රෝගය ස්ත්‍රීහූ බහුතරයක් වැලඳී පීඩා විඳිති. ඒ නිසා ම මේ ගැන නොලියා සිටීම එවැන්නන්ට සිදු කරන අසාධාරණයකැයි සිතේ.

ඒ තමන්වෙත සිහිනෙන් පිරිමියෙකු පැමිණීමක් ගැනය.බොහෝ කාන්තාවෝ ස්වකීය රහස්‍ය භාවය රකින ලෙස ඉල්ලා සිටිමින් සියල්ල විස්තර කරති. මෙසේ පැමිණෙන පුද්ගලයා ගේ බෙල්ලෙන් උඩ කොටස නොපෙනෙන බව සමහරු කියති. තවත් අය කියන්නේ විදේශගතව සිටින තම ස්වාමි පුරුෂයාගේ් ස්වරූපයෙන් පැමිණෙන බවය.

සමහර කාන්තාවෝ කියන්නේ එවැනි පුද්ගලයෙකු දුටු විට “ඉතිපි සෝ” ගාථාව කියන විට ඔහු අතුරුදහන් වන බවය. තවත් අය කියන්නේ තමන්ට එවැනි පුද්ගලයෙකු නොපෙනුනත්, නොපෙනෙන කෙනෙකු විසින් ශරීරය ස්පර්ශ කරන බවත්, තද කරන බවත්, ගෙල මිරිකන බවත්ය.

මෑතදී එක්තරා කාන්තාවක් අමුතුම කතාවක් අනාවරණය කළාය. “මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්. අපි බොහොම සන්තෝසයෙන් ජීවත් වුණා. කලකට පසු මහත්තයා අනියම් සම්බන්ධතාවල පැටළුණා. බැරිම තැන මම ආගම දහමට නැඹුරුව ජීවත් වුණා. අවසානයේ මහත්තයා රෝගුතර වුණා. ඒත් මම කරුණාවෙන් ඔහුට සාත්තු සප්පායම් කළා. ඔහුගෙන් ලාභ ප්‍රයෝජන ගත් අය අහක බැලුවා. ඔහු ඒ අවසාන කාලයේ තමන්ගෙන් මට සිදු වූ වැරදි අඩුපාඩු වලට දුක් වුණා. ඇඬුවා. මට වැඳ මගෙන් සමාව ඉල්ලුවා. අවසානයේ ඔහු මිය ගියා.

”දැන් එයා මා සොයා ගෙන එනවා. ඔහු එන බව මට දැනෙනවා. ඒ වෙලාවට ගඳක් වහනය වෙනවා. ආ... ඔයා ඇවිත් ඉන්නවා නේද? කියලා මම අහනවා. ඔහු මා සමඟ කතා කරනවා. එතකොට මම කියනවා ඔයා ඉස්සර කරපු වැරදි නිසා මම දැන් ආගමිකව ජීවත් වෙනවා. මම ඔයාට කළ අවවාද එදා පිළිගත්තේ නැහැ නේ. දැන් මට කරදර කරන්න එපා කියලා. ඒත් එයා එනවා. එයාගෙ ඉඩම, ගේ දොර නිසා වෙන්නැති එන්නේ. මගේ ළඟට එන්න එපා කීවා ම මට හිරිහැර පීඩා කරනවා. මා ලවා යම් යම් දේ කරවනවා. මට ඒවා නොකර ඉන්නට බැහැ.”

”මම ඔහුට පින් දී හොඳ තැනකට යවන්න උත්සාහ කරනවා. ඒත් දැඩි තණ්හාව ආශාව නිසා ඔහුගේ සිත පිනට යොමු වෙන්නේ නෑ. ඔහු සමඟ තවත් දෙතුන් දෙනෙක් එනවා. උනුත් මට හිරිහැර කරනවා. බැරි ම තැන ඇදුරන් ගේ පිහිට සෙව්වා. ඔවුන් රුපියල් විසි තිස් දාහ අය කරමින් ශාන්ති කර්ම කළත් සතියකට වඩා කරදරයක් නැතුව ඉන්න බැහැ.”

මේ වැනි අයට බෞද්ධ පිළිවෙත් මගින් සහනය ලබා ගන්නා හැටිත්, ඒ අමනුෂ්‍යයන් කෙරෙහි තරහවකින් තොරව ඔවුන් සතුටු කොට යහපත් තැන්වලට යවන ආකාරයත්, එවැනි උපදෙස් දෙන තැන්වලට යොමු කළත් මේ අය සුව වූ පසු කතා කරන්නේ නැත. ඒ පිළිවෙත් කරන විට ඇති වන වෙනස්කම් හා සහනයන් ගැන කියන්නේ නම් තවත් කෙනෙකුට සහනය ලබා දීමේ දී ඒ අත්දැකීම් ගවේෂණවල දී මහෝපකාරී වේ.

තවත් සමහරු සහනයක් ලැබුණු විට ඒ අමනුෂ්‍යයා වෙනුවෙන් කළ යුතු යුතුකම් මඟ හරිති. එවැනි අයට ඊළඟට කරදර ගලා එන්නේ දෙගුණ තෙගුණ වීමෙනි. මෙවැනි අය ස්වකීය පූර්ව අකුසල කර්ම විපාක ලාබෙට අහෝසි කර ගන්නට උත්සාහ කරති. අනුන්ගේ කර්ම විපාක හෙවත් කෙනෙකුට ඉවත් කළ නොහැකිය. එය තමන් ම උත්සාහයෙන්, ධෛර්යයෙන් හා කැපවීමෙන් කුසල කර්මයන්හි යෙදී යටපත් කළ යුතුය. මුදලින් ද කළ නොහැකිය.

එවැනි සමහරු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානවලට ගොස් උපදෙස් හරියාකාර ඉටු කොට එසේ අමනුෂ්‍යයන් ලෙස එන සංසාරික ඥාතීන්ට පින් අනුමෝදන් කොට පෙර පින් මතක් කොට සිටින තත්ත්වයෙන් උසස් තත්ත්වවලට පත් කරති. එසේ සුගතිගාමීවන එවැනි සත්ත්වයෝ අපට ද පින් දෙති. නැතත් එය අපට ද කුසලයකි.

මේත් ඒ වාගේ ම කතාවකි. මේවා කතන්දර ලෙස කියවා බලා ඉවත ලිය යුතු නොවේ. ඒ ගැන නුවණින් සිතා තේරුම් ගත යුතුය. මේ කතාවෙන් අනාවරණය වන්නේ සිතේ ප්‍රබලතාවයයි. සිතට සිතුවිලි ගලා ඒම සිතේ ස්වභාවයයි. එහෙත් එවැනි සිතුවිල්ලක් ප්‍රබලව තදින් අල්ලා ගෙන සිටීම “උපාදානය” ලෙස බුදු දහමේ හඳුන්වා දී ඇත.

”උපාය දන්නෝ අපායෝ නොවැටෙති” යි කියමනක් ජනවහරේ ද පවතී. මෙය මරණාසන්න මොහොතේ පහළ වන චුති චිත්තය නිසා දුගතිගාමීවීම වළක්වා ගැනීමට ද හේතු විය හැකිය.

රංසි ඒ පවුලේ එක ම දියණියයි. මවු පිය දෙදෙනා ගේ ආදරය හා රැකවරණ මැද හැදුණු වැඩුණු ඈ කාගේත් ආදරය කරුණාව දිනා ගත් ප්‍රසන්න යුවතියක් වූවාය. පැහැපත් වූවාය. දුටුවන් සිත් ගන්නා අඟ පසඟින් යුක්ත වූවාය. මේ වන විට උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියාය.

හිටි හැටියේ ඇගේ ප්‍රසන්නතාව ගිලිහෙමින් මුහුණ අඳුරු පැහැ ගැනුණි. රාත්‍රි හිනෙන් බය වී තිගැස්සී අවදි වූවාය. රාත්‍රි නින්දේදී ඇඟ තද කිරිම්, බෙල්ල මිරිකීම් ආදිය ඇයට දැනුණි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ නමුත් ස්ථිර සුවයක් නොලැබුණි. “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියවා තිබුණු ඇගේ මව, පියා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට රංසි කැඳවාගෙන ගියාය.

පළමු දිනයේ ඇගේ ශරීරයට අමනුෂ්‍යයෙකු ආරූඪ වුව ද කතා කිරීමේ ශක්තියක් නොවීය. ඒ නිසා මස් මාළු, කරවල, බිත්තර, උම්බලකඩවලින් වැළකී බෝධි පූජා 21 ක් පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ ගුප්තාත්මය කතා කළේය.

”කව්ද මේ ශරීරය තුළ ඉන්නේ?”

”මම... ම... බැහැ... කියන්න බැහැ”

”ඇයි බැරි?”

”එතකොට මාව පන්නවා. මම රංසි දාලා යන්න කැමති නැහැ. මට එයා එක්ක ඉන්න ඕනෑ. අනේ! මාව පන්නන්න එපා”

”නැහැ පන්නන්නෙ නැහැ. කව්ද කියන්නෝ”

”මම සිරිසේන”

”සිරිසේන කියන්නේ කව්ද?”

”මම රංසි ගෙ ඉස්කෝලෙ ගේට්ටුවේ සිකියුරිටි කරපු සිරිසේන”

”ඉතින් සිරිසේන ඇයි රංසිගෙ ඇඟට රිංගුවේ. ඒක මහා පාපයක්. දැන් රංසි අසනීප වෙලා. සිරිසේන පව් කළ නිසා දුගතිගාමී වෙලා. සිරිසේන රංසිගෙ ඇඟට රිංගපු නිසා රංසි ලෙඩ වෙලා. ඒක සිරිසේනට මහා පාපයක්. දැන් සිරිසේන ප්‍රේතයෙක්.”

”ආ... මම ප්‍රේතයෙක්?”

”ඔව් දැන් සිරිසේන ප්‍රේතයෙක්. ඔහොම හිටියොත් රංසි මැරිලා යාවි. සිරිසේන තවත් දුගතියට ගිහින් නිරයේ ගින්නෙන් දැවි දැවී දුක් විඳින්න වේවි. සිරිසේන මෙහෙම වෙන්න හේතුව කියන්නකෝ”

”මහත්තයා මම ඉස්කෝලෙ ගේට්ටුවෙ රස්සාව කළේ, රංසි ලස්සනයි. හුරුබුහුටියි. අඟ පසඟ හරිම සම්පූර්ණයි. මගේ ගෑනිගේ මොන ලස්සනක්ද? රංසිගෙ ලස්සන. මගේ ඇස් දෙක රංසිව බලන්න ආසාවෙන් ඉන්නේ. රංසි එන්නේ කොයි වෙලාවෙද කියලා බල බලා ඉන්නේ.

”ඉතින් ඒක රංසි දන්නේ නෑ, මම තනියම ආසාවෙන් රස වින්ඳා. සමහර දාට මම “ගුඩ් මෝනිං” කියනවා. රංසිත් “ගුඩ් මෝනිං” කියලා යනවා. ඒ කටහඬත් හරිම මිහිරියි.”

”ඉතින්?”

”ඉතින් දවසක් මගේ බයික් එක එක්සිඩෙන්ට් වෙලා මම මැරුණා. මට ඒ වෙලාවෙ රංසිව මතක් වුණා. මම උපන්නේ් ගේට්ටුව ළඟ. දවසක් රංසි බැදපු රට කජු කකා යන කොට මම රංසිගෙ ඇඟට රිංගුවා. දැන් මම ඉන්නේ රංසිගෙ ඇඟේ. රංසිගෙ ශරීරයෙ තියෙන දේවලින් ම යි ජීවත් වෙන්නේ.”

”සිරිසේන”

”ඇයි?”

”සිරිසේන ඕක තමයි ස්වභාවය. සිරිසේනගෙ ඇස් දෙක ලස්සන රූපයක් දැකලා තණ්හාව ආශාව හට ගත්තා. ඒ ලස්සන රූපයට සිත වැටුණා. ඒක උපාදාන වුණා. දැඩි අල්ලා ගැනීමක් වුණා. සිරිසේනගේ් ඒ ආශාවෙන් බැඳුණු සිත මරණාසන්නයේ චුතිචිත්තය ලෙස ඉදිරිපත් වීම නිසා දුගතියේ උපන්නා. දැන් ප්‍රේතයෙක් ලෙස අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න වෙනවා.” යි නාගොඩ විතාන මහතා විස්තර කළේය.

”අවුරුදු ලක්ෂ ගණනක්?”

”ඔව්! රංසි මේ ලෙඩෙන් මැරුණොත් ඒ පාපයත් සිරිසේනට. එතකොට අවුරුදු කෝටි ගණනක් දුක් විඳින්නත් වේවි. බුද්ධාත්තර ගණනාවක්.”

”අනේ! මහත්තයෝ එහෙම නම් මේ දුකෙන් මිදෙන්නෙ කොහොමද?”

”හොඳයි. එහෙම නම් අපි රංසි ලවා දානයක් දී සිරිසේනට පිං අනුමෝදන් කරවන්නම්. ඒ පිං අරගෙන කොහේ හරි බෝධියක් ළඟට ගිහින් පිනට දහමට සම්බන්ධ වෙන්න.”

”හොඳයි මහත්තයෝ, හෝඳයි. මම මීට පස්සේ රංසිට කරදර කරන්නේ නැහැ සත්තයි.”

දානයක් දී පිං අනුමෝදන් කිරීමෙන් සිරිසේනගේ භූතාත්මය රංසිගේ ශරීරයෙන් ඉවත්ව කැලණියේ බෝධීන් වහන්සේ ළඟට ගියේය.

දැන් රංසිට දුඟද (ප්‍රේත ගඳ) දැනෙන්නේ නැත. ඇගේ යට ඇඳුම්වලින් දුඟ ද වහනය වන්නේ නැත. හීනෙන් බය වන්නේ නැත. නැවත හොඳින් අධ්‍යාපන කටයුතු කර ගෙන යන්නීය. රංසි සුවපත් වූවාය. සිරිසේන ගේ ප්‍රේතාත්මය ද ඉන් මිදී සුවපත් වූයේය. එය ද රංසිටත් පවුලේ අයටත් කුසලයක් විය.

READ MORE - අනේ මට රංසි දාලා යන්න බෑ

ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ

Wednesday, May 4, 2011

මිනිබිරියගේ කතාවෙන් ආත්තම්මාටත් ගුරුවරියටත් හීන්දාඩිය දාලා

අවුරුදු හතරක් පමණ වයසැති කුඩා දිය‚ය සහ ඇගේ ආච්චි බසයේ වාඩි වූ අතර යාබද අසුණේ සිටියේ තරුණ පෙනුමැති කාන්තාවකි. ඇය කිහිප විටක් කුඩා දැරියට මදහස පා කතා කිරීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ විය. පසුව තම අතේ තිබූ සතුන්ගේ පිංතූරු අඩංගු පොතක් රැගෙන බලන්නට වූවාය. ටික වේලාවකින් දැරියද පිංතූරු පොත දෙස එබී බලන්නට විය.

මද වේලාවකින් කාන්තාව —බබා මොන්ටිසෝරි යනවාදැ˜යි ඇසුවාය. දැරිය —නැහැ මම ඉස්කෝලේ යනවා˜ කීවාය. එවිට ආච්චි —ඇයි දුව බොරු කියන්නෙ. දුව මොන්ටිසෝරි යනවා කියලා ඇන්ටිට කියන්න˜ යැයි කීවාය. දැරිය —මම බොරුවට ස්කෝලේ යනවා කියලා කීවේ. මම යන්නේ මොන්ටිසෝරියට˜ යැයි සිනහවෙමින් පැවසුවාය.

—හා කමක් නැහැ. ඔයාගේ ගුරුතුමියගේ නම මොකක්ද˜ කාන්තාව විමසූ විට දැරිය නම කීවාය. මෙසේ කාන්තාව නොයෙකුත් ප්‍රශ්න ඇසූ අතර දැරිය ඒවාට පිළිතුරු දුන්නාය. අසන්නට ප්‍රශ්න නොමැති වූ නිසා කාන්තාව නිහ~ විය. දැන් දිය‚යගේ වාරයයි. —ඇන්ටිගේ නම මොකක්දැ˜යි ඇය ඇසූ කළ කාන්තාව නම කීවාය. —ඔයා රඬාවක් කරනවාද?˜ දැරියගෙන් තවත් පැනයකි. —ඔව් මම ගුරුවරියක්˜ කාන්තාව පිළිතුරු දුන්නාය. —ඔයා ගුරුවරියක් නෙමේ. ඔයා බොරු කියන්නේ.˜ දැරිය කීවාය. —ඇයි එහෙම කීවේ˜ කාන්තාව විමසූ අතර එයට පිළිතුරු දුන් දැරිය —ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ. එයාලා අඳින්නේ සාරි.˜ යැයි කීවාය.

කාන්තාව මුවින් නොබැන සිටි අතර ඇය දෙස හොඳ විපරමින් බැලු දැරිය —ඔයා කොන්ඩේ ඩයි කරලා නේද ඉන්නේ.˜ යැයි ඇසුවාය. කාන්තාවගේ මුහුණ ඇඹුල් විය. එය දුටු දැරිය, —ගණන් ගන්න එපා ඇන්ටි මෙහෙම හිටියට අපේ ආත්තම්මාත් කොණ්ඩේ ඩයි කරලා ඉන්නේ˜ යැයි කීවාය. ආච්චිට හීන් ඩාදිය දමන්නට වූ අතර බසයේ සමහරු සිනාසෙන්නට වූහ. වහා දිය‚ය නැගිටුවා ගත් ආත්තම්මා ඉදිරියෙන් ඇති බස් නැවතුමෙන් බැස්සාය.

කි්‍රස්ටෝපර් සීපියන්
අනුරාධපුරය

Copy Rights - Lankadeepa
READ MORE - ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ

ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

Thursday, April 28, 2011

මම තැපැල්හලට යමින් සිටියෙමි.

දැරියක් බළල් පැටවකු අත දරා පාර අයිනේ සිටියා ය.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’ ඇය මඟ යන එන්නන්ගෙන් ඉල්ලා සිටියා ය.

කවුරුත් ඇය දෙස බලා, ඇගේ බස ගණන් නොගෙන ම තම ගමන යන්නට වූහ.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’

ඇය මගෙන් ද ඉල්ලීම කළා ය.

මම නැවති ඇගෙන් තොරතුරු විමසිමි.

’අනේ නැන්දෙ, මම පූස් පැටියන්ට හරිම ආදරෙයි. ඒ හින්දයි මං මේ පැටියව දුර ඉඳල ගෙදර අරං ආවෙ. ඒත් අම්ම කියනව, “එපා. උගෙ නැට්ට කැතයි” කියල. අනේ නැන්දෙ මේ සතාව ඔයා අරං යන්ඩ’

ඇය බළල් පැටවා මට දිගු කළා ය.

මම බළල් පැටවාගේ වල්ගය දෙස විමසිල්ලෙන් බැලීමි. කතාව ඇත්තකි. උගේ වල්ගය අගින් දෙකට බෙදී තිබේ. හරියට පියරු මලක් මෙනි.

අහිංසක දැරියගේ ඉල්ලීමට පිටු නොපෑ හැකිය. ඒ ඇරත්, බළල් පැටවාට මගේ හිත ගියේ ය.

එතැන් පටන් ඒ බළල් පැටවා අපේ ගෙදර සුරතලා බවට පත්වූයේ ය. කෙමෙන් ඌ ලොකු මහත් වූයේ සිත් අලවනසුලු සුන්දරත්වයක් උරුම කර ගනිමිනි.

තරුණ වියට එළඹි මේ හුරතලා දිනක් හිටිහැටියේ ම අතුරුදහන් වූයේ ය. සොයා බැලුව ද හමු නොවීය. මට දැනුණේ පාළුවකි. උගේ කෝප්පය හා පිඟාන නෙත ගැටෙන විට හිතට ශෝකයක් එන බැවින් මම ඒවා නොපෙනෙන තැනක සැඟවූයෙමි.

සති කිහිපයක් ගෙවී ගියේය.

රැයක බළල් හුරතලාගේ හඬ ඇසිණ. මම දොර හැරියෙමි. ඌ මා දෙපයේ ඇතිල්ලෙන්නට වූයේය. ඌ කියන කතාව මට නොතේරිණ.

කෝප්පය හා පිඟාන යළි එළියට ගන්නට කාලය ආවේය.

බළල් හුරතලා යාබද ගෙදරක බළල් හුරතලියක හා පෙමින් වෙළී ඇති බව මට වැටහිණ.

විටෙක ඌ වත්ත පහළට ගොස් යාබද නිවසෙහි වෙසෙන බළල් හුරතලිය අමතයි. එවිට ඇය ඔහු වෙත දිව එන්නීය. දෙදෙනා මුහුණට මුහුණ ළං කරගෙන මොන මොනවාදෝ කියා ගනිති.

බළල් හුරතලිය මවක වන ලකුණු පහළ වී ඇති බව පසුදිනෙකදී මට වැටහිණ.

දවසක් රෑ වැස්සේ ය. මම කුටියෙහි පියන් පතක් පමණක් විවර කොට පොතක් කියවමින් සිටියෙමි.

කළු පැහැති සතෙක් කටින් යමක් ඩැහැගෙන කවුළුවෙන් කුටියට වැදී යහන යට සැඟවෙනු මට පෙනිණ. මම විදුලි පන්දම ගෙන එල්ල කළෙමි. කාරණය මට පසක් විය. බළල් හුරතලිය මවක වී සිටී. ඇය පැටවා ද රැගෙන පියා ගේ නිවසට ම පැමිණ ඇත.

මම පරණ තුවායක් ගෙන තෙමී සිටි පැටවා ද මව ද පිසදැමීමි. අනතුරු ව කාඩ්බෝඩ් පෙට්ටියක් සොයාගෙනැ’විත් දෙදෙනාට සුව පහසුව සැලසීමි.

මම මවට කෑම ටිකක් දුනිමි. ඇය වගේ වගක් නැතිව අඩවන් දෑසින් බලා සිටියා ය. පැටවා ඇගේ කුසට පයින් අනිමින් කිරි උරා බොමින් සිටියේ ය. ඇය ඔහු තුරුලු කොටගෙන මවු සෙනෙහස විඳින්නීය. ඉතින් ඇයට මොන කෑමක් ද?

කෙටි කලක් ගතවිය.

බළල් පියා, මව සහ දියණිය සතුටින් විසූහ.

බළල් පියා දැන් ඉස්සර මෙන් පිඟානේ කෑම සියල්ල ගිල නොදමයි. ඌ කන්නේ බාගයකි. ඉන්පසු ඌ අමුතු හඬක් නංවයි.එවිට බළල් බිරිය පැමිණ සැමියා ඉතිරි කළ කොටස මහත් කැමැත්තකින් කා දමා තම මුහුණ සැමියාගේ මුහුණට ළං කරගෙන සිටින්නී ය.

විටෙක මට එදා බළල් පැටවා දුන් දැරිය සිහිපත් වෙයි. ඇය කොතැනක සිටිනවා දැයි නොදනිමි. ඇතැම් විට තැපැල් කන්තෝරු පාරේ දී ඇය අහම්බෙන් මුණගැසෙනු ඇති. එවිට මම ආරංචිය දෙමි.

’අනේ නැන්දෙ මටත් ආසයි බලන්ඩ! ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?’ ඇය එසේ කියනු ඇත.

ඇගේ මුහුණේ පිපෙන සතුට මට විඳගත හැකි ය.

සොබාදහම අපට කෙතරම් සුන්දර දේ දී තිබේ ද? විමසුම් ඇසත්, මැදිහත් සිතත්, අවබෝධයත් ඇත්නම් අපට ඒවායේ මිහිර විඳගත හැකිය.

Copy Rights - Silumina
READ MORE - ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

ඉර බැසීම

Saturday, April 16, 2011

’ඔයා කොහෙන්ද චිත්‍ර අඳින්න ඉගෙන ගත්තෙ?” තම පන්තියේ සිසුවියන් කීප දෙනෙකු සමඟ අමා පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රමිලා ‘ඉර බැසීම’ නම් වූ අමාගේ චිත්‍රය නරඹමින් සිට ඒ අසලට පැමිණි අමාගෙන් ඇසීය.

”මම ඉගෙන ගත්තෙ එංගලන්තෙදි” අමා මඳක් ආඩම්බරයෙන් දෙඋර සොලවා කීවාය.

”මං හිතුවා හරි. ලංකාවේ ඉර බහින්නෙ නං මේ විදියට නෙමෙයි” ප්‍රමිලා කීවේ කට ඇද කරමිනි.

READ MORE - ඉර බැසීම

පුංචි අනුකම්පාව

Wednesday, April 13, 2011

මම බසයක හිඳ සිටියෙමි.

මට පිටුපස අසුනෙහි තරුණ මවක්, ඇගේ මව යැයි පෙනෙන වියපත් මවක් සහ ඇගේ පුතු යැයි සිතිය හැකි දරු පැටියෙක් හිඳ සිටියහ.

ඉදිරි නැවතුමකදී අන්ධ ගායකයෙක් සහ දැරියක් බසයට නැඟුණහ.

සිය ගමන් මල්ලෙන් රබානක් සහ ගෙජ්ජි වැලක් පිටතට ගත් අන්ධ ගායකයා රබාන තුමූම තබාගෙන ගෙජ්ජිවැල දැරියට දුන්නේ ය.

ඉක්බිති, බසයේ හඬ පරයා රබන් හඬ ද, ගෙජ්ජි හඬ ද නැඟෙන්නට විය. අන්ධ ගායකයා ගීයකට මුල පිරුවේය.

බසයේ ගමන වේගවත් විය. අන්ධ ගායකයා ගයන ගමන්ම අසුන් කොනකට බර දී සිරුර සමබර කර ගත්තේ ය.

ගීය අවසන් විය. දෙවැන්න ඇරඹිණ. එය ද අවසන් වී තෙවැන්න පටන් ගැනිණ.

දැරිය ද ගෙජ්ජිවැලෙන් තාලය අල්ලමින් විටින් විට ගායනයෙන් සහාය වූවාය.

මඟීන් බොහොමයක ගේ හිත් උණු වූවා සේ විය. ඔවුන් ගේ අත් මුදල් පසුම්බි හා සාක්කු වෙත ගියේ එහෙයිනි.

මේ අතර මට පිටුපස අසුනේ හුන් වියපත් මව මුනුබුරා අමතන හඬ මට ඇසිණ.

”පුතේ, අර අංකල් ළඟට ආවම මේ සල්ලි දෙන්ඩ!’

ඊළඟට ඇසුණේ දරුවාගේ කටහඬ ය.

’අම්මත් සල්ලි දෙන්ඩකො! කෝ මට දෙන්ඩකෝ! මං දෙන්නං’

ඒ සමඟම මවගේ හඬ ද ඇසිණ.

”ආච්චි සල්ලි දුන්නනෙ පුතාගෙ අතට. ඒ ඇති!”

දරුවා එබසට එකඟ නොවීය.

”බෑ. බෑ. අම්මත් දෙන්ඩ ඕනෑ!’

මඳ නිහැඩියාවක් පැවතිණ. දරුවා යළිත් මවගෙන් සල්ලි ඉල්ලුවේය.

අම්මා ද දරුවාගේ කරදරයෙන් බේරෙන්නට කීයක් හෝ දෙන්නට ඇත.

දරුවා එය රිස්සුවේ නැත.

’මේක කාසියක්නෙ! සල්ලි කොළයක් නෙමේනෙ! ආච්චි වගේ සල්ලි කොළයක් දෙන්ඩකෝ!’

එහෙත් මව ද යටත් වීමට කැමැති නොවූවාය.

’කමක් නෑ පුතේ. ඔය කොළෙයි, කාසියයි දෙකම දෙන්ඩ! ඒ ඇති!’

එවර දරුවා ආච්චි අම්මාට නඩුව කීවේය.

’ආච්චියෙ, අම්ම ලෝබයිනේ! ආච්චි වගේ සල්ලි කොළයක් දුන්නෙ නෑ. පොඩි කාසියක්නෙ දුන්නෙ’

එබස මා මුවගට සිනා පොදක් ගෙනාවේය. තරුණ මවට ලජ්ජා හිතෙන්නට ඇත. ඇය ද සල්ලි කොළයක් දුන්නා ය.

”හොඳ අම්ම! දැං එක වගේ සල්ලි කොළ දෙකයි! එකක් අර අක්කට! අනික එයාගෙ තාත්තට!’

කැලණියේ ධර්මාලෝක මාවතේ, නයනා දීප්ති ගුණරත්න මෙනෙවිය විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරිනි.


Copy Rights - Silumina - Nelum Wila

READ MORE - පුංචි අනුකම්පාව