----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

මාස්ටර් ගැන අහන්න, 23 රාත‍්‍රී 8ට බස් Radio අහන්න

Tuesday, January 22, 2013



READ MORE - මාස්ටර් ගැන අහන්න, 23 රාත‍්‍රී 8ට බස් Radio අහන්න

පැට්රික් කෝ?

Wednesday, January 2, 2013


පැට්රික් කෝ?

“පුළුන් වගේ සුදු රැවුල දිගයි”, ‘සිසිල් සුළං පාවී...’ වැනි ජනප්‍රිය නත්තල් ගීත ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු තමයි පැට්රික් දෙනිපිටිය කලාකරුවා.
ඔහු පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හැමවිටකදීම ඔහු දැන් කෝ? පැට්රික්ට මොකද වුණේ? යනුවෙන් විමසනු ලබයි. පැට්රික් ගේ පුතෙකු වන මහේෂ් දෙනිපිටිය තම පියා ගැන පසුගිය දා අපිත් එක්ක කතා බහ කළා.
“මගේ පියා දැන් පදිංචිව ඉන්නේ මගේ අම්මයි නංගියි සමඟ කැනඩාවේ. තාත්තා දැඩි ලෙස රෝගීව සිටි නිසා කැනඩාවේ දීර්ඝ කාලීන වෛද්‍ය සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තාත්තා මේ රටේ නැති නිසා ඔහුගේ නිර්මාණ බුද්ධිමය දේපළ අයිතීන් සමහරුන් කොල්ල කෑමේ නිරත වෙනවා.
දැනට ලංකාවේ ජීවත් වන මගේ වැඩිමහල් සහෝදරයා සමඟ මම පියාගේ බුද්ධිමය දේපළ, නිර්මාණ ආරක්ෂා කිරීම උදෙසා ඉදිරියේදී යම් පියවරක් ගැනීමට අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ පියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. එය මගේ යුතුකමක්”.

READ MORE - පැට්රික් කෝ?

සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා


සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

ආචාර්ය වික්ටර් රත්නායක,විශාරද අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ගී ගයන ‘සුගීතා’ ස්වර දැහැන ජනවාරි මස 05 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කැලණිය විශ්ව විද්‍යාලයීය 78 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙය සංවිධානය කරයි.
 Silumina
READ MORE - සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි මග තොටේ ඔබ දකින ගැහණියයි

Friday, September 7, 2012


ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහණියයි







කලා වැවෙන් ගත් දිය දෝතක්‌ සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක්‌ සේ
අගේ අගේ ඔබ මට මැ අගේ
ශ්වේත රාත්‍රිය ඇරැඹෙන්නේ එලෙසිනි. පළමු ප්‍රසංගය මෙන්ම ගතවූ ප්‍රසංග විසිහතරත් ඉදිරියේදී පැවැත්වෙන අවසන් ප්‍රසංග දෙකත් ඈ අරඹන්නේ තම දෙනෙත් ඉදිරියේ සිටිනා හුදී ජන සමූහයා අමතමිනි. ඇයට මේ ප්‍රේක්‍ෂකයා වටී. කලා වැව අපට වටින්නේ යම් සේද ඉන් දෝතට ගන්නා දිය පොදත් එලෙස වටී. ඒ දිය දොaත සේම ජනතාවත් වටින බව ඈ කියන්නීය. ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය අපට කොතරම් අගනේද ඒ බෝධියෙන් වැටෙනා බෝ පතත් අපට වටී. එලෙසින්ම තමා ඉදිරියේ සිටිනා ජනතාවද ඕ අගයන්නීය.

විශාරද නන්දා මාලිනිය ජනතාවාදී කලාකාරියක ලෙස කලක පටන් හඳුන්වන්නේද ඈ රටේ තැලෙන, පෑගෙන අසරණ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නියක නිසාය. ඊට ඇගේ පවුල් පසුබිමද හේතු වන්නට ඇත. ඈ හැදී වැඩුණේ කොටහේන කාසෙට්‌ටි වත්තේ දුප්පත් මුඩුක්‌කු ගෙදරකය. පියා කෝට්‌ බාස්‌ කෙනෙකි. නැතිනම් කබා මහන සන්නාලියෙකි. කබා මසා ඉතිරිවන රෙදි කැබලිවලින් පියා කොට කලිසම්ද මසයි. අහල පහල ඇති හැකි නිවෙස්‌වලට ගොස්‌ ඒ කොට කලිසම් විකිණුවේ අද අප ඉදිරියේ දැවැන්ත චරිතයක්‌ව සිටින නන්දාය. එදා සමහරු ඇයට දොර වැසූහ. නිවසටවත් වැද්දා ගත්තේ නැත. අද ඇයට ඕනෑම දොරක්‌ විවෘතවී ඇත. ඇය නිවෙසකට එන්නේ නම් ඒ තරම් ගෞරවයක්‌ නිවැසියෙකුට තවත් ඇද්ද? දෛවය කැරකෙන්නේ එළෙසිනි. එදා අත්විඳි අසරණකම පුංචි මිනිසාගේ දහඩිය කඳුළ ඇයට තවමත් හුරු පුරුදුය. ඈ ඒ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නේ ඒ නිසාය.
 
දහසක්‌ ඉපදී මියයන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක්‌ වෙමි
මා මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

මියෑදෙන්නේ නැත්තේ කවුද. අපි හැම මිය යන්නෙමු. ඒත් අපේ ක්‍රියාකාරකම් මිය නොයන්න වුන් සේය. මියයන බව පසක්‌ කරගෙන සිටින ඈ ඒ ගැන ගයන්නීය. ඈ වැන්නවුන් නොමියෙන්නේ ඒ නිසාය.

අවුරුදු විසි දෙකකට පසුව ඇය ඒකපුද්ගල ගීත ප්‍රසංගයක්‌ ඇරැඹුවාය. අවුරුදු දෙකකට කලින් ශ්වේත රාත්‍රිය නමින් අරඹන්නේ ඒ ප්‍රසංගයයි. දැන් එහි සමාප්තිය එළඹ තිබේ. ශ්වේත රාත්‍රියේ ගතවූ ප්‍රසංග විසිහතරට මෙන්ම ඉදිරි අවසන් ප්‍රසංග දෙක දැසින් දකින්නටද පිරිස පොරකති. අපේ රටේ සුභාවිත ගී පිපාසාවෙන් මෙතරම් සෙනඟක්‌ සිටීද... පුදුමයකි.... සතුටකි.

සුභාවිත ගීය දසත සුවඳ හමන මලක්‌ සේ පිපී හිනැහෙද්දී ඒ මල යටකර දමා අවරගනයේ ගීය නමැති හතු පිපෙන්නට විය. හොඳ ගීය ජන සවනින් මෑත් කර කුණු ගීය සවනට සමීප කරවන්නට අපේ රටේ එෆ්.එම්. චැනල්වලට තරගයක්‌ තිබිණි. මේ තරගය ඇරැඹුවේ සිරස එෆ්.එම්. බව කණගාටුවෙන් හෝ නොකියාම බැරිය. සිරස අලුත් වැඩක්‌ කරන්නට උපන් හපන් නාලිකාවකි. ඔවුන් කළ හොඳ වැඩ සේම නරක වැඩද සෙසු නාලිකා කොපි කරන්නට විය. හොඳ ගීය යට කරමින් කුණු ගී මතු කරන්නට සෙසු නාලිකාද පටන් ගත්තේ ඒ අනුකරණ පුරුද්දටය.

එහෙත් සිරස එෆ්. එම්. වරද පිළිගත්තේය. තමන් කළ වරද නිවැරදි කිරීමේ යහපත් කටයුත්තට ඔවුන් නොපමාව අතගැසීය. ඒ අනුව සිරස යළි සුභාවිත ගීයට තැන දෙන්නට පටන් ගත්තේය. ඒ ගැන නන්දා මාලිනිය මෙසේ කියන්නීය.

සිරස අවරගනයේ ගීතවලට පත් වුණා වගේම හොඳ වැඩත් කළා. නැවතත් බුද්ධිමත් ශ්‍රාවකයාට යම්කිසි හොඳ දෙයක්‌ දිය යුතුය යන අදහසින් සිරස මියෑසි අරණ, මියෑසි තටාකය, පහන්කන්ද වැනි වැඩසටහන් කරද්දී තමයි "ශ්වේත රාත්‍රියට" මට ආරාධනා කළේ. ඒක මට ලොකු අවස්‌ථාවක්‌ වුණා. මට තනිව ප්‍රසංගයක්‌ කරන්න ශක්‌තියක්‌ නෑ. "ශ්වේත රාත්‍රිය" පිළිබඳ අපි මාස දහයක්‌ සාකච්ඡා කළා. අන්තිමේ අපි කැමැති ලෙස ප්‍රසංගය කරන්න සිරස කැමැති වුණා.

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙළන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුන කුසුම්

ශ්වේත රාත්‍රියට ඒ නම යෙදුනු ආකාරයත් අපූරුය. නම් කිහිපයක්‌ කිහිප දෙනෙකුම යෝජනා කර ඇත. ඒ සියල්ල ලියූ තුණ්‌ඩු උඩ දැමීමෙන් පසු නන්දා මාලිනිය එක තුණ්‌ඩුවක්‌ ඇහිඳ ගත්තාය. එය දිලීප අබේසේකර විසින් යෝජනා කළ නම ඇති තුණ්‌ඩුවය. එය ශ්වේත රාත්‍රිය විය.

නන්දා මාලිනිය ශ්‍රවණාරාධනා ප්‍රසංගය කළේ පණ්‌ඩිත් අමරදේවයන් සමගිනි. ඒ නවසිය හැත්තෑ එකේ අගෝස්‌තු 26 දා ඇරැඹි ශ්‍රවණාරාධනා පස්‌ මසක්‌ සාර්ථකව පැවැත්විණි. ඉක්‌බිති අමරදේවයන් ඉන් නික්‌ම ගියහ. නන්දාවන් හැත්තෑ තුනේ ජනවාරි 19 දා පටන් ශ්‍රවණාරාධනා තනිව කළාය. හැත්තෑ නවයේ මැයි 22 දා පන්සිය තිස්‌වැනි ප්‍රසංගය පවත්වා ශ්‍රවණාරාධනාවෙන් ඕ සමුගත්තාය.

පිනි විසිරෙන විට වටහාගනු මැන
දෙනෙතින් කඳුලැල් ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්...

ප්‍රේමය, විප්‍රයෝගය... දුක, වේදනාව ගීයෙන් ගයන්න ඈ තෝරා ගත්තේ සත්‍යයේ ගීතයයි. අසූ එකේ අගෝස්‌තු 29, 30, 31 අඛණ්‌ඩව දින තුනක්‌ ලුම්බිණි රඟහලේ පවත්වමින් සත්‍යයේ ගීතය ඇරැඹු ඕ... හරියටම වසර තුනක්‌ ගිය තැන අසූ හතරේ අගෝස්‌තු 29, 30, 31 තෙදින ලුම්බිණි රඟහලේදීම ඉන් සමුගත්තාය.

අසූ හත, අසූ අට, අසූ නවය මෙරට අධර්මිෂ්ඨ යුගයකි. භීෂණයෙන් වෙළාගත් කාලයකි. තරුණ සිරුරු මහමග තැන තැන දැවෙන්නට පටන් ගත්තේය. මව්වරු තම තරුණ දූ පුතුන් ගැනත් බිරින්දැවරු සැමියන් ගැනත් දැඩි වේදනාවෙන් යුක්‌තව සිටි කාලයකි.

මගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුළාවෙන් සිටින්නී
විමුක්‌තිය නාමයෙන් හඬන්නී

දැවෙන සිත් සතන් සනසාලන්නට සිතන්නී... ඈ පවනක්‌ වී ආවාය. අසූ හත ජුනි 26, 27, 28 අඛණ්‌ඩව දින තුනක්‌ ලුම්බිණි රඟහලේ ඉදිරිපත් කරමින් ඕ පවන ඇරැඹුවාය.

"පවන" ගැන නන්දා මාලිනිය මතකය අවදි කළාය. "අලුතින්ම ගීත විසිපහක්‌ හදලා අලුත්ම තනුකරලා තමයි පවන කළේ. අපි කතා කළේ අපේ දේශපාලනය. එදා ඒ පීඩාවෙන් අපිත් වින්දා. මේ ගීත විසිපහම ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. පවන කරද්දී අපි හුඟක්‌ මෝරලා. අදහස්‌ උදහස්‌ මෝරලා. අපිට දේශපාලන චින්තනයක්‌ තිබුණා. රටේ පැවැති අඳුරු යුගය, අයුක්‌තිය, අසාධාරණය, භීෂණය මේ හැම දෙයක්‌ම කියන්න පවන අපට වේදිකාවක්‌ වුණා. ඒත් පවන අපට දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක්‌ උදාවුණා. අසූඅටේ දෙසැම්බර් 11, 12, 13 දර්ශන තුනක්‌ පවත්වා පවන අවසන් කරන්න තීරණය කළත් පැවැති වාතාවරණය අනුව එය කළ නොහැකි බව තේරුණා. අපි කඩිමුඩියේ පවන යුගල කැසට්‌ දෙකක්‌ හදලා එකොළොස්‌වැනිදා ලුම්බිණියේ 3.30 දර්ශනයක්‌ පමණක්‌ පවත්වලා කැසට්‌ පට එළියට දැම්මා. පවන එතැනින් නැවතුණා.

සඳ එළිය ගඟක්‌ වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඬු නටයි
අනේ අපි කවදාක
හිනැහෙමුද ඒ රටේ

හිනැහෙන මිනිසුන් ඇති රටක්‌ උදෙසා ගී ගැයූ ඇයට භීෂණය හමුවේ මව්බිම අතැර යන්නට සිද්ධ වූවාය. ඈ පමණක්‌ද නොව ධර්මිෂ්ඨ රාජ්‍යයක්‌ උදෙසා තරුණයන්ගේ විමුක්‌තිය උදෙසා පවනට ගී ලියූ මහැදුරු සුනිල් ආරියරත්නයන්ටද ඈ සමගින්ම රටින් පිටව යන්නට සිදුවූවේය.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි
හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ

විශාරද නන්දා මාලිනිය ඇගේ සිව්වැනි ඒකපුද්ගල ගී ප්‍රසංගය "ශ්වේත රාත්‍රිය" අරඹන්නේ පවනින් වසර විසි දෙකකට පසුවය. අවරගනයේ ගී වලින් පිරී පවතින කතරක අතරමංව සිටින ශ්‍රාවකයාට ශ්වේත රාත්‍රිය දිය පොදක්‌ වන්නට පටන් ගන්නා බව ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැති පළමු ප්‍රසංගයෙන්ම පසක්‌ විණි. රඟහලේ ගේට්‌ටු සහ තාප්ප මතින් පැන ශාලාව වෙත පැමිණෙන්නට පොර කෑ රසික පිරිස්‌ අස්‌වසාලමින් ප්‍රවේශ පත්‍ර ඇති නැති සියලු දනන්ට ශ්වේත රාත්‍රිය නරඹන්නට එදා සිරස ඉඩකඩ සැලැසීය. ජෝන් ද සිල්වා රඟහලේ අසුන් අතර ඇති හිඩැසේ බිම හිඳ... මේ පිරිස දැහැනකට සමවැදුණු සේ ශ්වේත්‍ර රාත්‍රිය විඳිද්දී මේ ඉන්නේ මොහොතකට පෙර රඟහලේ ගේට්‌ටුව අසල කළ කෝළහාල කළ පිරිසමදැයි සැක සිතිනි.

ඈ ගී ගැයුවාය. ශ්වේත රාත්‍රිය ප්‍රසංග වාර විසි හතරකට රට පුරා සැරි සරමින් නන්දා මාලිනිය ගී ගයද්දී සිරස එය මාකටිං වැඩක්‌ බවට පත්කර නොගැනීම ආදර්ශයකි. පැසසිය යුත්තකි. ශ්වේත රාත්‍රිය වේදිකාවේ හෝ ශාලාව තුළ කිසිදු වෙළෙඳ ආයතනයක දැන්වීමක්‌ නැත. අඩුම තරමේ සිරස ලාංඡනය ද නැත. ශ්වේත රාත්‍රිය ඔවුන් ඒ තරමටම ගරු කොට සැලකූහ. එය සුභාවිත ගීය රැක ගැනීමට සිරස ඉදිරිපත්වන බවට ඉඟියක්‌දැයි සිතේ. එය එසේමනම් මෙතෙක්‌ සිරස අනුකරණය කළ අනෙක්‌ නාලිකාද සිරසේ මේ ප්‍රයත්නය අනුකරණය කළ යුතුමය.

ශ්වේත රාත්‍රිය 14 වැනිදා අවසන් වේ. ඉන්පසුව නන්දා මාලිනිය කුමක්‌ කරන්නීද... සමාජය සුවපත් කිරීමේ මෙහෙවරින් ඕ යළි ඈත් වන්නීද...

සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි
වෙරළ වෙත සැපත් මා

දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි නිවාලන්න
යාත්‍රාව පදවන්න මා සමග එක්‌වන්න...

අද සමාජයටත් පවනක අවශ්‍යතාව ඉපිද ඇත. ඒත් ඒ සඳහා ඈ සූදානම්ද යන්න ප්‍රශ්නයකි.

අද සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මගේ කිසිම ප්‍රියතාවක්‌ නෑ... මම ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ. ඒත් මගේ විෂය වන ගීතය තුළින් පක්‍ෂ පාට භේද නැතිව කතා කරනවා. මේ යන රටාව අනුව පවන වැන්නකට වැඩි බරක්‌ තියෙනවා. වෙනසක්‌ ඇත්තටම ඕනෑ. ඒ වෙනස කොයි විදිහද කියන්න මට තේරෙන්නේ නෑ. පවනම ආයේ කරන්නත් බැහැ. පවනේ ගැයූ ගීත මම ශ්වේත රාත්‍රියේත් ගායනා කළා. දැන් මම හුස්‌මක්‌ ගත යුතුයි.

විලක්‌ උනත් නිල් දියරැළි විලක්‌ නොවේ
මලක්‌ උනත් සුවඳක්‌ ඇති මලක්‌ නොවේ
සඳක්‌ උනත් පසළොස්‌වක සඳක්‌ නොවේ
රටක්‌ උනත් මගෙ රට වැනි රටක්‌ නොවේ

ශ්වේත රාත්‍රිය සජීවීව බලන්නට කැමති ඒත් ඊට අවස්‌ථාව නොලද තවත් සුවිශාල පිරිසක්‌ සිටී. ඒ අය වෙනුවෙන් ශ්වේත රාත්‍රිය සමුගැනීමේ ප්‍රසංගය සජීවී පටිගත කිරීමක්‌ තව මසකින් ඩීවීඩී තාක්‍ෂණයෙන් එළිදක්‌වන්නටද සූදානම්ය.

විවේකයක්‌ද නොලබා එක එල්ලේ ගීත විසිපහක්‌ ඈ "ශ්වේත රාත්‍රියේදී" ගයන්නීය. පසුබිම සිට ඇයට සංගීතය සපයන සුරේෂ් මාලියද්ද ඇතුළු වාද්‍ය ශිල්පීන්ද ඇගේ ගී හඬින් පෙර නොලැබූ ජීවයක්‌ ලැබ සිටී.

ශ්වේත්‍ර රාත්‍රිය ප්‍රසංගය ඈ අරඹන්නේද ප්‍රේක්‍ෂකාගාරය අමතමිනි. ඒ කලා වැවේ වටිනා ජල බිඳක්‌ බෝධියේ අගනා බෝ පතක්‌ තරමටම ශ්‍රාවකයා සලකමිනි. ඈ ශ්වේත රාත්‍රිය නිමා කරන්නේ සුරම්‍ය වූ සඳකිරණට සෞම්‍ය තරු එළියකට ප්‍රේක්‍ෂකයා සම කරමිනි.

ඔබයි රම්‍ය සඳකිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...

අජිත් අලහකෝන් - Divayina
READ MORE - ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි මග තොටේ ඔබ දකින ගැහණියයි

“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!

Thursday, September 6, 2012


මගේ ප්‍රසංග මෙපමණ වාර ගණනක් පවත්වන්න ලැබීම ම ආශ්චර්යයක්

විශාරද නන්දා මාලිනී
“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!
විශාරද නන්දා මාලිනී ගායන ශිල්පිනියගේ සිවුවැනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගයේ අවසන් ප්‍රසංග වාරය මෙම 14 වැනිදා සවස 6.30 ට රත්මලාන, ස්ටයින් ස්ටුඩියෝහි දී පැවැත්වේ.
සිංහල සංගීත ක්ෂේත්‍රයේ ගායන ප්‍රතිභාවෙන් අනන්ත වූ ඇය අපි “හෙළයේ මහා ගායිකාව“ යයි හඳුන්වමු. ඒ ඇය ගායනා කළ සුභාවිත ගීතාවලියෙන් අපේකම ලොවට කියා පෑ නිසා ය. එපමණින් නොනැවතී ලෙයින්, මසින් නිර්මිත සැබෑ මිනිසුන්ගේ හැඟීම් සමඟ ඇය ගීතමය ගනුදෙනුවක් ආශ්චර්යවත් අයුරින් කරන්නීය. එවැනි ආශ්චර්යයන් අඩ සිය වසරකටත් වැඩි තම සෞන්දර්ය චාරිකාවේදී ඈ විසින් සිදු කරනු ලබන ඉසව්ව වී ඇත්තේ ඒක පුද්ගල ගීත ප්‍රසංග කලාවයි. මීට ඉහතදී ඇය ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” – “සත්‍යයේ ගීතය” සහ “පවන” ඒක පුද්ගල ගීත ප්‍රසංග මෙන්ම “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය ද ආශ්චර්යයක් බවට පත් කරමින් ඈ ඉන් සමුගන්නීය. එහෙයින් මෙවර “ස්වර වර්ණ” වර්ණවත් කරන්නට අපි ඇයට ආරාධනා කරමු. ඇය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී ය.
”මගේ හතර වැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය වන ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයට පුදුමාකාර ප්‍රතිචාරයක් ගීත රසික රසිකාවියන්ගෙන් ලැබෙනවා. බොහෝ විට ප්‍රසංගය අවසන් වුණත් සමහර රසික පිරිස් තවදුරටත් රැඳී ඉන්නවා, ප්‍රසංගය නිම නොවීය යි සිතා. සුභාවිත ගීතයට කැමැති බුද්ධිමත් රසික ජනතාව දැන් මේ රටේ ප්‍රචලිත ගීත රැල්ල ප්‍රතික්ෂේප කරන බව මේ ප්‍රසංගයට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.
”ගුණාත්මක ගී පිපාසයෙන් ශ්‍රාවකයින් පෙළෙන මෙවන් වකවානුවකදී ඔබගේ “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය දර්ශන වාර විසිපහක් වැනි අඩු ගණනකින් නිමා කිරීම අසාධාරණයක් නොවේ ද...?
”ගීත ශ්‍රාවකයින්ගේ පැත්තෙන් පමණක් බැලුවොතින් අසාධාරණයි තමා. ඒත් මෙහි තව පැත්තක් තිබෙනවා. ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය මගේ මීට පෙර පැවැත් වූ අනිකුත් ප්‍රසංග වගේ අපේ පෞද්ගලික මුදලින් පැවැත්වූ ප්‍රසංගයක් නොවේ. ‘සිරස’ එෆ්.එම්. ආයතනයයි මෙම ප්‍රසංගය කළේ. ඔවුන්ට බැහැ එකම ගායිකාවකගේ ප්‍රසංගයක් දිගටම පවත්වන්න. ඒ වගේම අපි මුල ඉඳලම ගිවිස ගෙන තිබුණු අයුරු කටයුතු කරන්න ඕනේ. ඒ අනුව ප්‍රසංග වාර විසිපහකින් ‘ශ්වේත රාත්‍රිය’ නිම වෙනවා.
”ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
”ඔව්. මගේ ‘පවන’ ප්‍රසංගයෙන් සමුගෙන අවුරුදු විසි දෙකකට පසුව තමයි ‘ශ්වේත රාත්‍රිය’ 2010 සැප්තැම්බර් 14 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ආරම්භ කළේ. බුද්ධිමත් ගීත ශ්‍රාවකයින් වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න ‘සිරස’ මාධ්‍ය ආයතනයට ඕනෑකමක් තිබුණා සේම වෘත්තීය ගායන ශිල්පිනියක් වශයෙන් මටත් ප්‍රසංගයක් කිරීමේ වුවමනාවක් තිබුණා. මම ඉතාම වගකීමෙන් මේ කියන්නෙ – ‘සිරස’ ආයතනය ඔවුන්ගේ දීර්ඝ මාධ්‍ය භාවිතයේ අත්දැකීම් ද ඇසුරු කරගෙන ‘ශ්වේත රාත්‍රිය’ හොඳින් ඉදිරිපත් කරන්න සංවිධාන කටයුතු කළා. වාද්‍ය ශිල්පී සම්බන්ධීකරණය, ආලෝකකරණය මෙන්ම ශබ්ද පරිපාලනය ආදී සියලුම කටයුතු නිසියාකාරව සිදු කෙරුණා. ඔවුන් ගෞරවනීය අයුරින් ඔවුන්ගේ කටයුතු ඉටු කළා. මෙම ප්‍රසංගය නිසා මගේ ජීවිතය අලුත් වුණා. ගායිකාවක් ලෙස ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය ඉදිරිපත් කිරීමෙන් මා විශාල තෘප්තියක් ලැබුවා.”
මෙම ප්‍රසංගයෙන් “සිරස” ලාභ උපයන්න ඇති නේද..?
”මම හිතන්නේ සිරසට වුවමනා වුණේ ලාභ උපයන ප්‍රසංගයක් කරන්න නෙමේ. ඔවුන්ගේ වෑයම වුණේ ගුණාත්මක ගීත ප්‍රසංගයක් ශ්‍රාවකයින්ට ඉදිරිපත් කිරීමයි. ගීත රසික රසිකාවියන්ගේ සහභාගීත්වය ඉහළම මට්ටමක පැවතියත් “සිරස” ආයතනය මේ ප්‍රසගයෙන් ලාභ ඉපයුවේ නැහැ. එක් අවස්ථාවක ප්‍රසංගයෙන් ලද මුදල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළා.
මේ වනවිට වැඩිම ඒක පුද්ගල ගීත ප්‍රසංග ප්‍රමාණයක් සමාජ ගත කළ ගායන ශිල්පිනිය ඔබයි. ඒ පිළිබඳ ඔබේ මතකය ?
”සාමූහිකව ගීත ප්‍රසංග පැවැත්වීමෙන් අපේ ගීත ශ්‍රාවකයින්ට යහපත් ප්‍රයෝජනයක් ලබා දෙන්න හැකිද කියන ප්‍රශ්නයට මගේ සිතුවිලි අතර මම පිළිතුරු සොයමින් උන්නු කාලයකදී තමයි මට අමරදේව සර් සමඟ ‘ශ්‍රවන ආරාධනා’ ද්වි පුද්ගල ගීත ප්‍රසංගය කරන්න ලැබුණේ. ටික කාලයකට පසු අමරදේව සර්ගේ දිවියේ කාර්ය බහුලකම නිසා එතුමා නැවතුණා. එතුමා වැනි දැවැන්ත ශිල්පියකු නැතුව දිගටම කරගෙන යාම මහත් අභියෝගයක් වුවත් අවසානයේ මට සිදු වුණා තනියම එම ප්‍රසංගය පවත්වා ගෙන යන්න. 1973 ජනවාරි මාසයේ ලුම්බිණි රඟහලේදී මං එම අභියෝගයට මුහුණ දුන්නා. එදා සිට පන්සිය තිස් වාරයක් ‘ශ්‍රවණ ආරාධනා’ පවත්වා 1979 මැයි මස 22 වැනිදා ලුම්බිනියෙන්ම එම ප්‍රසංගය නිමා කළා. එදා ප්‍රසංගය ‘සූරිය’ ලේබලය යටතේ එල් පී (L.P) තැටියකටත් ඇතුළත් වුණා.”
ඉන්පසු ඔබ දිගු කාලයක්ම ප්‍රසංග වේදිකාවෙන් ඈත් වී සිටියා
”අවුරුදු හතක් අටක් විතර උන්නා. මම ආසා නැහැ එළිමහන් ප්‍රසංගවල ගී ගයන්න. කවුරු කිව්වත් එළිමහන් ප්‍රසංග, මංගල උත්සව, පි‍්‍රයසාද වැනි අවස්ථාවල මං ගී ගයන්නේ නැහැ. එහෙම ඉන්න අතරේ 1981 අගෝස්තු 29, 30, 31 දින තුනේදී ලුම්බිණියෙන්ම ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය ආරම්භ කළා. නවතම ගීත යොදා ගෙන කරපු එම ප්‍රසංගයේ තේමාව වුණේ ‘ආදරයේ විරහ වේදනාවේ දුකේ සහ සතුටේ සත්‍යය කුමක් ද’ යන වගයි. සුනිල් (මහාචාර්ය සුනිල් ආරියරත්නයන්) තමයි ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ සෑම කටයුත්තක්ම ඉටු කළේ, එකම ගීත සමුච්චයක් එක දිගටම ගයද්දී මටම එපා වෙලා 1984 අගෝස්තු 29, 30, 31 යන දින තුනේ ලුම්බිණියේදීම සමුගැන්මේ ප්‍රසංග මාලාව පවත්වා එම ප්‍රසංගයත් නිමා කළා. ඒ වනවිට ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය පන්සිය වාරයක් පවත්වා තිබුණු අතර ‘සිංග්ලංකා’ කැසට් පට යුගළයකටත් එය ඇතුළත් කෙරුණා.”
නැවතත් ප්‍රසංග වේදිකාවෙන් දුරස්වී වසර කිහිපයක්ම හිඳ “පවන” සමඟ ඔබ ශ්‍රාවකයින් ඇමතුවේ මේ රටේ ඉතාම අඳුරු යුගයකදී?
”මගේ වෘත්තිය තුළ තිබෙන්නේ දේශපාලනයයි. භීෂණයෙන් දූෂණයෙන් මේ මුළු රටම අඳුරු වී තිබුණු එම යුගයේ අවශ්‍යතාවයක් වී තිබුණා අපේ චින්තනය හා දේශපාලන අදහස් ආදි හැඟීම් පවසන්න. එවකට පැවැති තරුණ අසහනය පාදක කරගෙන භීෂණයට, දූෂණයට, අයුක්තියට එරෙහි හඬක් වෙන්න මට සුනිල් අලුත්ම ගීතාවලියක් ලියා දායකත්වය ලබා දුන් හින්දා 1987 ජුනි 26, 27, 28 දිනවලදී ලුම්බිණියෙන් ම ‘පවන’ ප්‍රසංගයත් ඇරැඹුවා. උණුසුම් ප්‍රතිචාර මැද අවුරුද්දක කාලයක් ඇතුළතදී ‘පවන’ ප්‍රසංගය දෙසිය පනස් වාරයක් පැවැත්වීමට අපට පුළුවන්කම ලැබුණා. හරියටම අවුරුද්දකට පසු 1988 ජුනි මාසයේ දිවා දර්ශන වාරයක් පවත්වා ‘පවන’ ප්‍රසංගයත් අවසන් කළා. එම ප්‍රසංගයත් සංයුක්ත තැටියකට ඇතුළත් වුණා.”
ඔබ ගැයූ ඔබේ පි‍්‍රයතම ගීත මොනවා ද?
”එහෙම ප්‍රශ්නයක් අහන එක අසාධාරණයි. මම ගයන හැම ගීතයකටම කැමැතියි. අකැමැති ගීත මම ගයන්නේ නැහැ. විවිධ කාලවකවානු අනුව සුදුසු ගීත මං ගායනා කරනවා. මා ගැයූ ‘අයන්න කියන්න’ ගීතයෙන් ලොකු ධර්මයක් දරුවන්ට කියා දෙනවා. තවත් උදාහරණ කියනවා නම් ‘මිරිවැඩි සඟලක්’ ගීතයෙන් මෙන්ම යුද්ධයක ඡායාවක්වත් නැති යුගයකදී මා ගැයූ ‘උඩඟු ලියන්’ ගීතයෙන් ද ස්පර්ශ කිරීමට හැකි වූ මානව හැඟීම් සමඟ ඒ ඒ කාල වකවානුවලදී හැම ගීතයක් ම මගේ පි‍්‍රයතම ගී බවට පත් වෙලා තියෙනවා.
ඔබ මෙතෙක් ගයා ඇති ගී පද රචනා වැඩි ගණනක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ගී සංකල්පනා වීමේ රහස කුමක්ද..?
”ඒ රහස වසර හතළිහක් අපි එකම මඟක පැමිණීමයි. එතුමාගේ ගී සංකල්පනය ප්‍රබලයි. ගුණාත්මකයි. මා ගායනා කර ඇති දහසක් පමණ වන ගීත අතර වෙනත් ගී පද රචකයින්ගේ ගී සංකල්පනා ඇත්තේ සියයක් පමණ විය යුතුයි. සුනිල් ආරියරත්නයන්ගේ ගීත කලාව තමයි මගේ ගීත කලාවට ලැබුණු ලොකුම දායකත්වය. එතුමාගේ මුල්ම ගී පද රචනය වූ ‘සකුරා මල් පිපිලා’ ගැයුවෙත් මමයි. එදා සිට අද වනතුරුත් අපි අපේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන එකම මඟක මේ සෞන්දර්ය චාරිකාවේ යෙදී සිටිනවා.”
ඔබේ ගීත සඳහා ඔබම සාර්ථක තනු නිර්මාණය කර ගත් ගායන ශිල්පිනියක ලෙසින් හැකියාව පෙන්නුම් කළ ඔබ අනිකුත් ගායක ගායිකාවන් උදෙසා තනු නිර්මාණය නොකළේ ඇයි...?
”කිහිප දෙනකුට නිර්මාණ කිහිපයක් කර දුන්නා. එමෙන්ම මා ගයන ‘මිහි මඬලේ’ – ‘සාරි පොඩිත්තක්’ – ‘සකුරා මල් පිපිලා’ වැනි ගී සියයක පමණ තනු නිර්මාණය කරගත්තේ මමමයි. ඒත් ගායනය මිස තනු නිර්මාණය මගේ කාර්යභාරය නොවේ - නේ. එම නිසා ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තිබුණේ නැහැ.
ඔබ පවත්වා ගෙන යන සංගීත ආශ්‍රමයෙන් වැඩිහිටියන්ට සුවිශේෂ පණිවිඩයක් ලබා දෙනවා නේ...?
”මගේ සංගීත ආශ්‍රමයෙන් දරුවන්ගේ මොළයට පෝෂ්‍යදායී කලාත්මක ආහාර සපයා දීමකුයි මම කරන්නේ. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයන්ට දක්ෂ නැති වුවත් බලෙන් හෝ තම දරුවන් එවැනි විෂයයන්ට යොමු කරන්න වැඩිහිටියන් වගබලා ගන්න ඕනේ. අපිට සෞන්දර්ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ යහපත් ආශ්‍රය ලැබුණු හින්දා තමයි අද මේ තරම් දුරක් මේ ගමන එන්න පුළුවන් වුණේ. අපේ දරුවන්ටත් අපි වර්තමානයේ සිටින දැවැන්ත සැබෑ සෞන්දර්යවේදීන්ගේ ඇසුර ලබා දුන්නොත් තමයි ඔවුන් යහපත් මිනිසුන් වී ප්‍රයෝජනවත් මෙහෙවරක් සමාජයට ඉටු කරන්නේ.”
දිළිඳු දැරියක, යුවතියක මෙන්ම අප්‍රමාණ දුක් ගැහැට වේදනා ඉසිලූ ගැහැනියක ද වශයෙන් ජීවිතයේ විවිධ කඩඉම් පසුකර ආ ගමන් මඟ පිළිබඳ අද ඔබට හැඟෙන්නේ කෙලෙස ද..?
”දරිද්‍රතාවයෙන් පෙළුණු දෙමව්පිය යුවළකගේ දරුවෙක් ලෙසින් සිට මේ දක්වා ආ ගමනේදී විඳි සියලුම දුක් ගැහැට මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. මගේ තාත්තා (වින්සන් පෙරේරා) කෝට් මැසූ ටේලර්වරයෙක්. අම්මා (එමලි පෙරේරා) සමඟ තාත්තා අප නව දෙනකුගෙන් යුතු පවුල ජීවත් කරවන්න විශාල වෙහෙසක් දැරුවා. තාත්තා හම්බ කරපු සුළු මුදලෙන් ණය නොවී අපව ජීවත් කරපු අයුරින් මම පාඩම් ඉගෙන ගත්තා. ආසාවට අයිස්ක්‍රීම් ඉලුල්වාම ‘අද මං ළඟ සල්ලි නැහැ’ කියා කෙළින්ම කියන්න තාත්තාට පුළුවන්කම තිබුණා. ඔහු බොරු මවාපෑම් කළේ නැහැ. අපිටත් කන්න නැතුව සිටිද්දී දවසක් ලේනුන් කාපු ගස්ලබු ගෙඩියක් දැකලා ඒක කඩා දෙන්න කීව්වාම තාත්තා කිව්වේ ‘කුරුල්ලන්ට තියමු’ කියලා. මං ඒ අපූර්ව පාඩම් ඉගෙන ගත්තේ ජීවන තක්සලාවෙන්. ඒ නිසා මා තුළ සිටින්නේ මගේ තාත්තාම විය යුතුයි.
අද මේ ගෙදර ලුණු කැටය පවා මම යහපත් කලාවකින් උපයා ගත්තේ. මම මගේ සංගීත ආශ්‍රමයේ පන්ති කරගෙන එයින් ලැබෙන දෙයින් සෑහීමට පත්වෙනවා.
මේ පුංචි දූපතේ ගැහැනියකට ඒක පුද්ගල ගීත ප්‍රසංග හතරක් මෙපමණ වාර ගණනක් කරන්න ලැබීමම ජයග්‍රහණයක්, ආශ්චර්යයක් කියලයි මට හැඟෙන්නේ.”
READ MORE - “ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!

Tribute to the maestro

Friday, July 20, 2012

‘Gandharvaabhinandana 2012’ , a classical musical event featuring Amarasiri Peiris, one of the most prominent maestros in local classical music will unfold for the second time on July 20, 6pm onwards at Nawaragahala, Royal College. The show is organized for the second time by Direct Intake of Molecular Biology and Biochemistry students of University of Colombo in hands with ChemSoc and Department of Chemistry (University of Colombo).
Amarasiri Peiris
“The first show was staged in March 2010 with Sunil Edirisinghe one of the most popular singers of Sri Lankan classical music. This is an annual event of the university. Our objective is to appreciate someone who has done a valuable service to our culture. Even though there are musical awards there is no platform that appreciate great personalities,” said Vajira Weerasekara, lecturer, Molecular Biology.
“This is not a musical show which merely entertains people. We will be inviting the lyricist, music director and have a discussion on the song and its theme. Professsor Sarath Wijesooriya will be the compeer of the evening. This will help the audience to appreciate the song. We want to inculcate this value in our university students,” he added.
While appreciating Amarasiri Peiris who has made a vast contribution to the field of music, the event will be a fundraiser to upgrade the Biotechnology Laboratory of Department of Chemistry, University of Colombo to meet the modern state-of-art facilities for Life Science research.w
“More than 100 research students including both undergraduates and graduates would benefit each year through this project. We believe that it is our responsibility to stabilize the institute. Thus we create molecular biology products such as Recombinant proteins, Enzymes, DNA extraction kit, RNA extraction kits which we sell to hospitals and other universities,” Weerasekara said.
Commenting on why science students are involved in organizing a musical event, Weerasekara says a scientist is a person who can appreciate arts and literature. “You can not separate arts and science. Even science students should learn to appreciate literary works,” he added.
Meanwhile, the veteran singer feels fortunate to participate at this event. “Most of my life I have been a violinist although I had the talent for singing. When the opportunity came my way to sing I grasped it eagerly as I love singing. There onwards I have made a lot of contributions to this field. I was a playback singer for many films and teledramas and have won several awards. However I feel my work is not adequately appreciated. Media does not talk of my works in an appreciative manner. Amidst such a situation I feel privileged to be invited to sing at a mega musical event of this nature. It is a great opportunity and am looking forward for it. I will present few songs from my latest album Ganga Gala Yaden to the audience,” he said.
Chief Organiser of the event, Gayan Parakrama thanked Dr. N. V. Chandrasekharan, Professor K. R. R. Mahanama and all the students for their tremendous support rendered to him in organising the event.
“Nalaka Anjana Kumara and the crew will provide music for the evening. This is bound to be a unique experience for the audience,” he said.
Daily News is the official media partner of the event. Tickets can be obtained at Sarasavi Bookshop (Nugegoda and Dehiwala), Sadeepa Bookshop Borella, Godage Book Emporium Maradana and Salaka Senkada.

Daily News - ARTSCOPE
READ MORE - Tribute to the maestro

"ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....


"ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....
"අපි ඔක්‌කොම රජවරු...
ඔක්‌කොම වැසියෝ...
තුන් සිංහලයම නෑදෑයෝ...."




නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ පැවැත්වුණු වික්‌ටර් රත්නායකයන්ගේ "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ද පෙරේදා පැමිණියේය. එම සොඳුරු මොහොත හා ප්‍රසංගයේ තවත් අවස්‌ථාවක්‌ද මෙහි දැක්‌වේ.

Divaina
READ MORE - "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....

සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!

ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත් නායකයන්ගේ "ස" ප්‍රසංගයට සමුදීමේ සමාප්ති  ප්‍රසංගයක්‌ නෙළුම් පොකුණ මහින්ද රාජ පක්‍ෂ රඟහලේදී පෙරේදා (18) පැවැති අවස්‌ථාවේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා, වික්‌ටර් රත්නායකයන්ට සිය හෘදයාංගම ප්‍රණාමය පළ කළ අයුරු.

Divaina
READ MORE - සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!

මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා

Thursday, July 19, 2012


මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා

ආචාර්ය වික්ටර් රත්නායක ‘ස’ ප්‍රසංගයේ මතක මැදින්
ආචාර්ය වික්ටර් රත්නායක නම් වූ ඔහු සිංහල ගීත ක්ෂේත්‍රය කිසියම් වෙනසකට ලක්කළ ප්‍රවීණ සංගීතවේදියෙකි. පෙර අපර දෙදිග සංගීත මූලාශ්‍ර ඇසුරු කරගනිමින් හෙළයට ආවේණික වූ සංගීත ආරක් බිහි කිරීමට මුල්වූ ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ මියුරු ගීත සංඛ්‍යාව සිය ගණනකි. 1973 වසරේ ඇරඹි වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය මෙරට පමණක් නොව ලොව රටවල් විශාල සංඛ්‍යාවක ඉතා සාර්ථකව වේදිකාගත විය.
“ස” ප්‍රසංගයට වසර 39 ක් සපිරෙන ජූලි 20 වැනිදා එම ප්‍රසංගයට සමුදීමට වික්ටර් රත්නායක සැරසේ. වික්ටර් රත්නායකයන් සමඟ අප රසඳුන වෙනුවෙන් සංවාදයකට එක්වූයේ “ස” ප්‍රසංගය පිළිබඳවත් ඔහුගේ අතීත සංගීත දිවිය පිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ අරමුණෙනි.
”ස” ප්‍රසංගයේ ආරම්භය සිදු වුණේ කොහොමද?
ඒ; 1973 අවුරුද්ද. ඒ දවස්වල ඒක පුද්ගල ප්‍රසංගයක් තිබුණේ නෑ. පණ්ඩිත් අමරදේවයන් සහ විශාරද නන්දා මාලිනිය එක්ව ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” ප්‍රසංගය ඒ දිනවල ඉතාම සාර්ථකව දිවයින පුරාම වේදිකාගත වුණා. ඒ කාලයේ මගේ ළඟින්ම සිටි මිතුරන් තමයි, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර කේ. විජේතුංග, ආර්.ආර්. සමරකෝන්, හරිශ්චන්ද්‍ර වීරසිංහ, චින්තන ජයසේන වැනි අය. දිනපතාම නොවුණත් සතියකට දින දෙකක් හෝ තුනක් අපි කට්ටිය එකට හමුවුණා. එහෙම හමුවුණු දිනවල අපි අලුත් ගීත නිර්මාණය කළා, විවිධ මාතෘකා පිළිබඳව කතා කළා. දවසක් ඒ වගේ අපි කට්ටිය හමුවුණු වෙලාවක ඔවුන් මට කිව්ව “වික්ටර් ඔයාට පුළුවන්නෙ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න කියල.
ඒ වනවිට කවුරුවත් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වා තිබුණේ නෑ. ඒ දිනවල මගේ ගීත ඉතාම ජනපි‍්‍රයයි. ඒ වන විට මම විවිධ ශෛලියේ, විවිධ මාතෘකා යටතේ ගීත ගයල තිබුණා; බුදුගුණ ගීත, මව්ගුණ ගීත, පිය ගුණ ගීත, ප්‍රේම ගීත, දේශාභිමානී ගීත වැනි විවිධ මාතෘකා ඔස්සේ රචනා වුණු ගීත මම ගයල තිබුණා. ඒ නිසයි මගේ හිතවතුන් යෝජනා කළේ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න.
ඉන්පසුව මේ ප්‍රසංගයට විවිධ නම් යෝජනා වුණා. සප්ත ස්වරයේ ඕනෑම ස්වරයක් මත “ශ්‍රැති ස්වරය වන ස ස්වරය පිහිටුවිය හැකි” නිසාත්, “සප්ත ස්වරයේ මුල් අකුර ස නිසාත් මෙම ප්‍රසංගය “ස” ප්‍රසංගය ලෙස හැඳින්වීම සුදුසු බව යෝජනා කළේ මා මිත්‍ර චින්තන ජයසේන. ඒ විදියටයි මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය “ස” ප්‍රසංගය බවට පත්වුණේ. මුල්ම “ස” ප්‍රසංගය පැවැත්වුණේ 1973 ජූලි මස 20 වැනිදා ලුම්බිණි රඟහලේදී.
”ස” ප්‍රසංගය දිගින් දිගටම පවත්වන විට ඔබ අවිවේකී වන්නට ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. රටේ සෑම ප්‍රදේශයකින් ම “ස” ප්‍රසංගයට ඉල්ලුමක් ඇති වුණා. රසික රසිකාවියන් සිය ගණනින් “ස” ප්‍රසංගය වටා රොක්වෙන්න පටන් ගත්තා. සතියට දින කීපයක්ම “ස” රටේ විවිධ ස්ථානවල වේදිකා ගත වුණා. ඒ නිසා “ස” ප්‍රසංගයට සම්බන්ධ සියලුම දෙනා අතිශය කාර්ය බහුල වුණා. මම “ස” ප්‍රසංගයටම යොමුවෙලා ඉන්න විට මගෙ දරුවන්ගෙ සියලුම කටයුතුත් ගෙදර දොරේ වැඩ කටයුතුත් බලා කියාගෙන මගේ වැඩවලටත් උපරිම විදියට මගේ බිරිඳ චිත්‍රා උදව් වුණා. ඇය මගේ පසුපස නොසිටින්නට “ස” ප්‍රසංගයට මෙපමණ දුරක් එන්න ලැබෙන්නෙ නෑ. ඇය මා පසුපස සිටි යෝධ සෙවණැල්ලයි.
”ස” ප්‍රසංගය පවත්වන විට ඔබට රසික ප්‍රතිචාර උපරිම විදියට ලැබෙන්න ඇති...?
”ස” ඇරඹුණු දා ඉඳලම රට තුළදි පමණක් නොවේ, විදෙස් රටවලදි පවා පුදුම විදියේ රසික ප්‍රතිචාර ලැබුණා. “ස” අපි ආරම්භ කළේ ප්‍රසංග සිය ගණනක් පවත්වන අදහසින් නෙමෙයි. මෙපමණ කාලයක් “ස” පැවැත්වූවේ ප්‍රසංගය නැවැත්විය නොහැකි වූ නිසයි. “ස” සමඟ රට වටා යන විට සමහර පළාත්වලදි මගේ ලේන්සුව හතරට ඉරල සිහිවටන ලෙස රසික රසිකාවියන්ට දෙන්න සිදු වුණා. ඒ දවස්වල මගේ කොණ්ඩය ගොඩක් තිබුණා. ඇතැම් ප්‍රසංග අවසන් වෙලා සමරු පොත්
අත්සන් කරන විට මට දැනිල තියෙනව මගේ කෙස් වලින් අදිනව. ඒ විදියට මගේ කෙස් ගසුත් සමරු ලෙස තබාගත් රසික රසිකාවියන් සිටියා. “ස” ප්‍රසංගය නිසා දහස් ගණනකගෙන් මට ලැබුණු ආදරය ගෞරවය අසීමිතයි. ඒක මතක් වන විට සිතට දැනෙන්නෙ හරිම සතුටක්.
”ස” ප්‍රසංගය පරම්පරා 3 ක් රස වින්දා නේද?
ඔව් “ස” ප්‍රසංගයට දැන් අවුරුදු 39 යි. මීට අවුරුදු 39 කට පෙර වැඩිහිටියන් ලෙස සිටි පිරිසත් තරුණ පිරිසත් “ස” ප්‍රසංගයේ ගීත රස විඳ තිබෙනවා. එදා තරුණ පිරිසගේ දරුවන් අද “ස” රස විඳිනවා. එතකොට පරම්පරා 3 ක් “ස” ප්‍රසංගයේ ගීත රස විඳිනවා. කිසියම් රටක කලා කරුවකුට හැකි නම් පරම්පරා 3 ක රසික පිරිස් සනසවන්න ඒක විශාල භාග්‍යයක්. එවැනි දෙයක් කරන්න ලැබීම ගැන අද මම සියුම් ආඩම්බරයෙන් බුක්ති විඳිනවා.
සිංහල සිනමාවට ඔබෙන් ලැබුණු දායකත්වය අඩුයි නේද?
අඩුයි කියන්න අමාරුයි. ඒ මොකද මම චිත්‍රපට ගීත 100 ක් පමණ ගයල තියෙනව. ඒ වගේ ම චිත්‍රපට 16 ක පමණ සංගීතය නිර්මාණය කරල තියෙනව. මාතර ආච්චි, හුලවාලි, තවලම, සරුංගලේ වැනි චිත්‍රපට ඒ අතරින් සුවිශේෂයි. නමුත් කියන්න කනගාටුයි ඒ චිත්‍රපටවල සංගීතය නිසි ඇගයීමකට ලක් නොවුණු බවයි මගේ හැඟීම. මගේ සිනමා සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ සුවිශේෂී ශිල්පියෙක් තමයි සුනිල් එදිරිසිංහ. ඒ විදියට බලන විට සැලකිය යුතු මට්ටමකින් සිංහල සිනමාවේ සංගීතයට දායක වී තිබෙනවා.
මෑතදී ඇරඹුණු රියැලිටි වැඩසටහන්වලට ඔබ විරුද්ධ ඇයි?
තරු බිහි කරන සංගීත වැඩසටහන්වලට මම එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මෙලෙස තරු බිහි කිරීම ලාංකේය තාරුණ්‍යයේ කොඳු නාරටිය කඩා බිඳ දැමීමක් ලෙසයි මම දකින්නේ. අපි තාරුණ්‍ය පෙලඹිය යුත්තේ නිර්මාණාත්මක ලෝකය බිහි කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරගන්නා විදියටයි. එසේ නැතිව මීට අවුරුදු පනහකට හැටකට එහා ජනපි‍්‍රය ශිල්පීන් ගායනා කළ ගීත කළු මැද මැද කියන්න පුහුණු කළාට කලාවට සෙතක් වෙන්නේ නෑ.
එවිට තාරුණ්‍යයට තම අනන්‍යතාව ගොඩනඟාගන්න ලැබෙන්නේ නෑ. මම සංගීත ක්ෂේත්‍රයට එන විට අමරදේවයන්, සුනිල් ශාන්තයන්, සූර්ය සංකර් මොල්ලිගොඩ, එච්.ඩබ්ලිව්. රූපසිංහ වැනි ස්වතන්ත්‍ර ගීත ගායනා කළ හොඳ ශිල්පීන් පිරිසක් සිටියා. මමත් ඒ ශිල්පීන්ගේ ගීත ගායනා කර කර සිටියා නම් අද වික්ටර් රත්නායක කෙනෙක් නෑ. ඒ නිසා මම කවදත් අනුන්ගේ ගීතවලින් බැබළෙන ශිල්පීන් ශිල්පිනියන් අනුමත කරන්නේ නෑ. අනුන්ගේ ගීතවලින් කවුරු හරි බැබළෙනවා නම් ඔහු හෝ ඇය සැමදාම ආධුනිකයෙක්. එම පුද්ගලයා කවදාවත් ප්‍රවීණයෙක් වෙන්නේ නෑ.
ගාමිණී ෆොන්සේකා ‘ස’ ප්‍රසංගය නරඹමින්

ඔබ තාරුණ්‍ය සමඟ තරහද?
නැහැ කවදාවත්ම නැහැ. තාරුණ්‍ය තමයි රටක ජීවනාලිය. නමුත් තාරුණ්‍යයේ ඉඳගෙන, “කංසා බොන්ට හොඳා”, “තනමල්විල මල්” කියල ලියන, ගයන අයට මම දොස් කියනවා. ඒ මොකද මේ රටේ සදාචාරයක් තියෙන්න ඕනනෙ. ඒවා ගීත නෙමෙයි වාත. ඒ වගේම බඩ වියත රැකගන්න අනුන්ගේ ගීත ගයන අයටත් මම දොස් කියනවා. එහෙම නැතිව මම තාරුණ්‍ය එක්ක කවදාවත්ම තරහ නෑ.
”ස” ප්‍රසංගය නවත්වන්න සිතුවේ ඇයි?
කිසියම් ගායන ශිල්පියකුගේ ගීත රසික රසිකාවියන් අතර පවතින්නේ ඔහුගේ ගායන හැකියාව, පැහැදිලි උච්චාරණය, තනුවල ඇති අලංකාරවත් බව සහ ගීතයේ ඇති භාවමය ගුණය නිසයි. මේ ලක්ෂණ කා තුළ වුවත් සැමදා පවතින්නේ නෑ. එයයි මේ ලෝකයේ ස්වභාවය. “සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි” කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඒ ධර්මතාව මටත් පොදුයි. ඒ අනිත්‍යතාව අපටත් එන බව දැන දැන තොල් පැටලි පැටලි වචන උච්චාරණය නිවැරදිව කළ නොහැකිව ගීත ගායනා කිරීම හරිද? රසික රසිකාවියන්ගේ සතුට පතා දෙන දේ රසිකයාට සතුට නොලැබෙන තත්ත්වයෙන් නොදීමට අප වග බලාගත යුතුයි. එසේ නොවුනහොත් සිදුවන්නේ ශිල්පියා කෙරෙහි රසිකයා අනුකම්පාවක් දැක්වීමයි. ශිල්පියකුට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ගෞරවයයි. “ස” ප්‍රසංගයේ අවසානය සටහන් කරන්නේ ඒ ගෞරවය මා තබා ගත යුතු නිසයි.
මෙම 20 වැනිදා ප්‍රසංගයෙන් පසුව ඔබ සංගීත කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වෙනවාද?
එදින සිදුවන්නේ මගේ “ස” ප්‍රසංගයේ සමාප්තිය සටහන් කිරීමයි. “ස” ප්‍රසංගයෙන් සමුගැනීමයි. නමුත් ඉන් ඉදිරියටත් වික්ටර් රත්නායක කියන සංගීත ශිල්පියා තනු නිර්මාණය කරමින්, සංගීතය අධ්‍යක්‍ෂණය කරමින්, ගීත ගයමින් ගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. 20 වැනිදා සිදුවන්නේ “ස” ප්‍රසංගය නමැති බාරදූර කටයුත්තෙන් ඉවත් වීමයි.
ගායන ශිල්පියෙකු සංගීතවේදියෙකු ලෙස ඔබ මෙතෙක් දුර පැමිණි ගමන පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
අතිශයින්ම තෘප්තිමත්. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් නෙමෙයි. කිසියම් කලා ශිල්පියකු තමා නිරතවී සිටින ක්ෂේත්‍රය පිළිබඳව හොඳින් හදාරා ඇත්නම්, ඒ දැනුම හැකියාව අන් අයටත් ප්‍රදානය කර ඇත්නම්, තම හැකියාවෙන් රසිකයා පිනවා ඇත්නම් එම ශිල්පියාට තෘප්තිමත් විය හැකියි. මොහිදීන් බෙග්, අමරදේව, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ජෝතිපාල, එඩ්වඩ් වැනි ශිල්පීන්ගේ සිට උරේෂා රවිහාරි වැනි මෑත යුගයේ ශිල්පිනියන් දක්වා මම මගේ නිර්මාණ දායාද කරල තියෙනව. මගේ නිර්මාණාත්මක හැකියාවෙන් මම විතරක් කීර්තිය ප්‍රසංසාව ලබාගෙන නෑ. මේ නිසා මම ඉතාම තෘප්තිමත් කලාකරුවෙක්.
READ MORE - මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා

වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා


වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා

කුලරත්න ආරියවංශ
මම උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න ශිෂ්‍යයෙකුව සිටි කාලයේදී තමයි මුලින්ම වික්ටර් අයියගේ ගීතවලට ආකර්ෂණය වුණේ. අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ කලා උලෙළක් සංවිධානය කළා. ඒ කලා උලෙළට ගීත ගායනා කරන්න ආරාධනා කරන්න වික්ටර් අයියව මුණගැහෙන්න ගියා. එතකොට වික්ටර් අයියා කොළඹ ආවම ඉන්නේ සේන වීරසේකර මහත්මයාගේ ගෙදර. එතැනදි තමයි ඉස්සරලම වික්ටර් අයිය මට මුණගැහෙන්නේ. එදා ඔහු අපේ ආරාධනාව පිළිඅරගෙන කිසිදු මුදලක් ගන්නෙත් නැතුව ඔහුගේ වියදමින්ම කලා උළෙලට ඇවිත් ගීත කියලා ගියා.
ඒ පළවැනි හමුවීමෙන් පස්සෙ මම ගීත රචකයෙක් විදියට අබේවර්ධන බාලසුරිය සමඟ සමීපව කටයුතු කරන කාලේ මට නැවතත් වික්ටර් අයියව මුණගැහෙනවා. එතකොට වික්ටර් අයියා ‘ස’ ප්‍රසංගය පටන් අරගෙන. ඒ කාලේ මම රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර වැන්නන්ගේ මිතුරු සමාගමයට වැටිලා මමත් ‘ස’ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා.
ඊට පස්සෙ තමයි මට වික්ටර් අයියට ගීත ලියන්න අවස්ථාව ලැබෙන්නේ. වික්ටර් අයියගේ ඇසුර මගේ රසවින්දනය දියුණු කර ගැනීමට වගේම ඔහුට ගීත රචනා කිරීමෙන් ගීත රචකයෙක් විදියට ඉදිරියට පැමිණෙන්නටත් ලොකු පිටුබලයක් වුණා.
ඒ කාලේ ‘ස’ ප්‍රසංගයත් එක්ක මමත් රට වටේ ගියා. ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට එක්ව සිටි ආනන්ද වීරසිංහ ඒ කාලේ මහියංගණේ ඉස්කෝලෙක වැඩ කළේ. බොහෝ අවස්ථා තිබුණා ඔහුට ‘ස’ ප්‍රසංගයට පැමිණෙන්නට නොහැකි වුණු. එවැනි අවස්ථාවල ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට මමත් එක්වුණා.
ඒ කාලේ ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ.විජේතුංග, කේ.ඩී.කේ.ධර්මවර්ධන වැන්නන්. ඉතාම කාර්ය බහුල ජීවිත ගත කළ මේ අයත් එක්ක හැම සති අන්තයකම ලංකාවේ කොහේ හරි ‘ස’ ප්‍රසංගය කරන එක අතිශය අමාරු කටයුත්තක් වුණා. සමහර දවසට මේ කාටවත් නිවේදන කටයුතු සඳහා පැමිණෙන්නට නොහැකි වුණා.
එවැනි අවස්ථාවක දවසක් මට වික්ටර් අයියා කිව්වා ‘ඉතින් කුලේට පුළුවන්නේ නිවේදන කටයුතු කරන්න’ කියලා. ඒ වගේ ‘ස’ ප්‍රසංග ගණනාවක මම නිවේදන කටයුතුත් කළා. ‘ස’ත් සමඟ ගත කළ ඒ අතීත ජීවිතය ඉතාම සුන්දර මතකයක්.
වික්ටර් අයියා ගායකයෙක් වශයෙන් ගත්තම හරිම පරමාදර්ශි පුද්ගලයෙක්. ඔහුගේ හඬ පෞරුෂය, රසික ගෞරවයට කැළලක් නොවන අයුරින් හැසිරුණු හැටි දිහා බැලුවාම ඔහු හරිම පිවිතුරු චරිතයක් කියලා මට හිතෙනවා. ගායකයෙක් වශයෙන් ගත්තත්, පුද්ගලයකු වශයෙන් ගත්තත් ඔහුගේ පැවැත්ම අපට හරිම ආඩම්බරයක් රැගෙන එනවා. එවැනි කෙනෙක් සමඟ සමීප ඇසුරක් ගොඩනඟා ගන්නට අපිත් එක පැත්තකින් වාසනාවන්ත වෙලා තිබෙනවා.
’ස’ ප්‍රසංගය නවත්වනවාය කියන එක, එක පැත්තකින් මට විශාල කනගාටුවක්. නමුත් මේකට වෙන විකල්පයකුත් නෑ. මේක තමයි වික්ටර් අයියාගේ පෞරුෂයේ හැටි. මේ තීරණයට අපිට හිස නමන්න වෙනවා.

නොමියෙන ගායන පෞරුෂයක්

බුද්ධදාස ගලප්පත්ති
එක්දහස් නවසිය හැටේ දශකයේ හිරිමල් යෞවනයේ සිටි අපේ පරම්පරාව වික්ටර් රත්නායක ගේ මධුර ස්වරයට ලොබ බැන්දේ ආදරය කළේ කොයි විදියට ද ජීවිතයේ සැඳෑ සමයේ පසුවන අද දවසේ ද අපි ඔහුගේ හඬට ලොබ බැඳ සිටිනවා.
ඔහුගේ මධුර ගායනාවට බැඳි ආදරය අත් නොහැර සිටිනවා. කෙතරම් දිගු කාලයක් ගෙවුණත්, යෞවනයේ දී පෙම් බැඳි යුවතියක් අහිමි වුවත් ඇගේ ආදරය පිළිබඳ මිහිරි මතකයෙන්, සැමරුමින් අත්මිදිය නොහැකි ලෙසම වික්ටර්ගේ පේ‍්‍රමාන්විත මධුර ස්වරයෙන් ගැයුණු ගීතාවලියේ බහුතරයකින් ඈත්වන්නට අපට සිත් දෙන්නේ නැහැ. දිනෙන් දින අපි ඒ ගී මිහිරට ළං වෙනවා.
අතීත සුවඳින් හද පුරවා ගන්නවා. වික්ටර් ගැයූ ගී දැන් අයිති ඔහුට නෙමෙයි. ඒවා දැන් රසික ප්‍රජාව සතු අගනා වස්තූන්. ඔහුට ‘ස’ ප්‍රසංගය අත්හිටුවන්නට හෝ නැවැත්වීමට අයිතිය තිබුණත් එතෙර මෙතෙර සුවහසක් රසික ජනයා අත් පත් කොටගෙන ඇති ඔහුගේ ගායන මාධූර්යය උදුරා ගැනීමට අයිතියක් නැහැ.
වික්ටර් රත්නායක යනු නොමියෙන ගායන පෞරුෂයයි.

‘ස’ ප්‍රසංගය හතළිස් වසරක් පැවතීම වික්ටර්ගේ පරම විජයග්‍රහණයක්

ප්‍රේම් දිසානායක
ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත හා ආචාර්ය පණ්ඩිත් අමරදේව යන සංගීතඥයන් හෙළි පෙහෙළි කළ මෙරට සිංහල ජන සංගීත ගමන් මඟේ දිශානතිය වෙනත් මානයකට යොමු කළ පොදු ජන සංගීතඥයා වික්ටර් රත්නායකයි.
එදා මෙදා තුර වික්ටර් රත්නායකයන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ගායනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් හා තනු නිර්මාණයෙන් කළ මෙහෙවර අද්විතීයයි. වික්ටර් ගේ ‘ස’ ප්‍රසංගය 70 දශකයේ පටන් අද දක්වා වසර 40ක් පුරා දර්ශන වාර 1500කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට හැකි වීමෙන්ම මෙම කරුණ සනාථ වෙනවා. එවැනි සාර්ථක මංසලකුණු සටහන් කළ ඒක පුද්ගල ප්‍රසංගයක් ලංකාවේ මෙතෙක් පැවැත්වී නැහැ. දශක හතරක් පුරා ෂක්ටර් අසීමිත රසික ජන ප්‍රසාදයක් මැද මෙම ප්‍රසංගය අති සාර්ථකව පවත්වාගෙන ඒමේ සුවිශේෂත්වය නම් සුමියුරු ගායනය, මධුර සංගීතය සහ ප්‍රසංග පෞරුෂයෙන් පමණක් ‘ස’ ප්‍රසංගය සුවිශේෂිත වීමයි.
අද වෙනත් සංගීත ප්‍රසංග පවත්වාගෙන යාම සඳහා බාහිරින් එල්ලා ඇති ආරිච්චි බෝරිච්චි අලංකරණවලින් තොරව ‘ස’ හතළිස් වසරක් අඛණ්ඩව පැවැත්වීම වික්ටර්ගේ සංගීත හා ගායන කෞශල්‍යයේ පරම විජයග්‍රහණයක් බවට විවාදයක් නැහැ.
වික්ටර් ‘ස’ සමාප්තිය සනිටුහන් කරන්නට ස්වයං තීරණයකට එළඹෙන්නේ වර්තමාන ප්‍රසංග කලාවේ පවතින මෙවන් විපරීත විලම්බීත මැද ‘ස’ ප්‍රසංගය විජයග්‍රාහී මට්ටමක පවතිද්දීයි. ගායන පෞරුෂයෙන් හා ප්‍රාසාංගික හැඩරුවින් පොහොසත්ව සිටිද්දීත් සමුගැනීමේ තීන්දුවකට එළඹෙන්නට වික්ටර් ගත් අභීත තීන්දුව ඔහුගේ නිවැරැදි සංගීත ඥානයේ සහ නිහතමානීත්වයේ සංකේතයක් බව පැහැදිලියි.

‘ස’ ප්‍රසංගය ආධුනිකයන්ට අභ්‍යාසයක්

ගීතනාත් කුඩලිගම
වික්ටර් රත්නායකයන්ගේ ඇසුරට පත්වන ඕනෑම ගීත රචකයකුට මධුර මනෝහර තනුවක් නිර්මාණය වන ආකාරයේ පද වැලක් ගොතන්නේ කෙසේ දැයි යන අභ්‍යාසය නිතැතින්ම ලබා ගැනීමට හැකිවෙනවා. සර්පිනාවේ සරපුවරු මත ඇඟිලි තුඩු එහෙම මෙහෙ යවමින් ඔහු තමන්ගේ හදවතේ ඇති මාධුර්ය ගුණය ඇඟිලි තුඩු අගින් සර්පිනාවට කවමින් රසවත් තනුවක් නිර්මාණය කරන්නේ අතිශය චමත්කාරයක් මවමින්.
බොහෝ කාලයක් තිස්සේ ඔහු සමඟ නිර්මාණකරණයේ යෙදෙමින් මා ලද ඒ අභ්‍යාසය එසේ කැටිකර දැක්වීමට පුළුවන්. සමහර විට සර්පිනාව ඉදිරියේ හිඳිමින් ඔහු ගොතන අපූර්ව ගී තනුවට උචිත පදමාලාවක් යෙදීමේ විරල අභ්‍යාසය මම ඔහු නිසා ලබා තියෙනවා. පදමාලාව කලින් ලබාගෙන තනුවක් නිර්මාණය කරන අයුරු දැක ඇතිවා වගේම කලින් තනුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවද ඊට පදවැලක් ගෙතීමේ අභ්‍යාසයද මා ඔහු නිසා ලබා තියෙනවා.
වික්ටර් අයියා (මා ඔහු අමතන ආකාරය) හා බැඳුණු මේ දිගු ඇසුරේ අග්‍ර ඵලය ඔහු වැනි ගාන්ධර්වයකුගේ චරිතාපදානය සංගෘහිත කිරීමේ අවස්ථාව මට හිමි වීමය. ඔහු වෙනුවෙන් ගීත සියයක් රචනා කළාටත් වඩා එය මහත් භාග්‍යයක් කොට මා සිතනවා. මගේ සාහිත්‍ය ජීවිතයේ එය මා ලැබූ ජයග්‍රහණයක්. එය කෙතරම් සාර්ථක ව්‍යායාමයක් වීද යත් 2003 වර්ෂයෙන් පටන් ගෙන 2011 වන විට එහි තුන්වන මුද්‍රණය කරා යෑම තරම් තෘප්තියක් රචකයකුට තවත් තියෙනවද?
මට හිතෙන්නෙ ‘ස’ ප්‍රසංගය සංගීතය පුරුදු පුහුණු වන ආධුනිකයන්ට අභ්‍යාස ආයතනයක් වගේ. ‘ස’ ප්‍රසංගයෙන් ඔහුගේ සමු ගැනීම මට දැනෙන්නෙ ඒ අභ්‍යාස ආයතනය හදිසියේ වසා දැම්මා වගේ හැඟීමක්.
READ MORE - වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා

‘ස’ප්‍රසංගයේ රස කතා


‘ස’ප්‍රසංගයේ රස කතා

තල් රා ටිකක්...
අධික ජනප්‍රසාදයක් දිනා ගත් ‘ස’ ප්‍රසංගය එතෙක් සිංහල ගී ප්‍රසංගයක පහස නොලැබූ යාපනයේ සුප්‍රකට වීරසිංහම් ශාලාවේ දී ද පැවැත්වීම සඳහා වරම් ලැබිණ. ශිල්පීන් ඒ සඳහා පිටත් වූයේ ඊට පෙර දින රාත්‍රියේ ය. මධ්‍යම රාත්‍රිය ඉකුත් වන තෙක් සිනා කතාවෙන් පිරුණු බස් රථය කෙමෙන් නිහඬ වූයේ එකා දෙන්නා නින්දට වැටුණු බැවිනි. මද වේලාවකින් රියැදුරු සහ රථයේ සහායකයා හැරෙන්නට බස් රථයේ සිටි සෙසු සියල්ලෝ ම තද නින්දක ගිලී සිටියෝ ය.
ඔවුන් යළිත් ඇහැරෙන්නට පටන් ගත්තේ වටින් ගොඩින් එළිය වැටෙන්නට හෝරාවකට පමණ පෙර ය. බසයේ ජනෙල් පියන් අතරින් එළිය බැලූ ශිල්පීන් හට අඳුරේ වුව ද කෙමෙන් කෙමෙන් වෙනස් වන පරිසරය දර්ශනය විය. බැලූ බැලූ අත පෙනෙන, තමන්ට නුහුරු නුපුරුදු තල් ගස් දැකීමෙන් අමුතු ප්‍රබෝධයක් ලද ශිල්පීන් රථයේ රියැදුරු හට කථා කොට රථය නවත්වා ගත්තේ වඩාත් හොඳින් පරිසරය විඳ ගැනීමේ අපේක්ෂාවෙනි. කඳු ගැටයක මුදුනේදී බස් රථය නැවැත්විණ.
මඳ අඳුරේම බසයෙන් බැසගත් සංගීත ශිල්පීහු අවට සිරි නරඹන්නට වූහ. හීන් සිසිලසක් දැනී දෑත් පොරවා ගෙන වටපිට බැලූ එක් සංගීත ශිල්පියකු හට පාරේ මඳක් ඉදිරියෙන් හිසේ තලප්පාවක් දවටා ගත් කිසිවකු වාඩි වී සිටිනවා පෙනුණි. යාපනයේ වැසියකු දැකීමෙන් හිතට නැඟුණු අදහසක් ද ඇතිව ඔහු වෙත ගිය සංගීත ශිල්පියා තමාට පිටුපා වාඩි වී සිටි තැනැත්තා දෙස බලා උගුර පාදා මෙසේ ඇසීය.
“ලොකු උන්නැහේ, අපිට බැරිවෙයි ද මෙහෙන් හොඳ තල් රා ටිකක් හොයා ගන්ඩ? ඔහේ මෙහෙ කෙනෙක් නිසා ඒ ගැන තොරතුරු දන්නවා ඇතිනෙ.”
වාඩි වී සිටි තැනැත්තා නැගිට්ටේ තලප්පාව ගලවා අතට ගනිමිනි. හේ සංගීත ශිල්පියා දෙස බලා සාවඥ සිනාවක් මුවඟට නංවා ගත්තේ ය.
“ඇයි මහත්තයා... මම මහත්තයලා ආපු මේ බස් එකේ ඩ්‍රැයිවර්නෙ.” එසේ කියූ රියැදුරා බස් රථය වෙත ගොස් රියැදුරු අසුනට ගොඩ වුණේ ය.
ලාභයි වට්ටක්කා
ඒ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය අම්පාරේ හාඩි ටෙක්නිකල් ආයතන ශාලාවේ පැවැත්වූ දිනයයි. ඊට පෙර දින රැයේ කොළඹින් පිටත් වූ ශිල්පීන් රැගත් බස් රථය අම්පාරට ළඟා වූයේ ප්‍රසංගය දින හිමිදිරියේ ය.
උදේ ආහාරයෙන් පසු අම්පාර නගරයේ ඇවිදින්නට ගිය සංගීත ශිල්පීන් හට නගර මධ්‍යයේ පොළක් දකින්නට ලැබුණි. එක් සංගීත ශිල්පියකු ගේ වැඩි අවධානය යොමු වූයේ පොළේ එක් කෙළවරෙක අහස උසට ගොඩ ගැසූ වට්ටක්කා තොගයක් අලෙවි කරමින් සිටි වෙළෙන්දෙකු වෙත ය. ඔහු එම වෙළෙන්දා වෙත ගොස් වට්ටක්කා ගෙඩියක මිල විමසීය. ලොකු වට්ටක්කා ගෙඩියක මිල රුපියල් පහකි. සංගීත ශිල්පියා හට එය අදහාගත නොහැකි විය. තමා පදිංචි කොළොන්නාවේ හන්දියේ වට්ටක්කා ගෙඩියක මිල රුපියල් සියයකට ආසන්න බව සිහිකළ හෙතෙම දෙවරක් නොසිතා වට්ටක්කා ගෙඩි දෙකක් ම මිලදී ගත්තේ ය. ඉතා අසීරුවෙන් ඒවා බස් රථය වෙත ගෙනැවිත් එහි මුල්ලක තැන්පත් කළේ ය.
සාර්ථක ප්‍රසංග වාර දෙකකින් පසු රාත්‍රි ආහාරය ද නිමවී අම්පාරෙන් පිටත් වූ බස් රථය කොළඹට ළඟාවෙද්දී පසු දිනට එළි වී තිබුණි. සාමාන්‍යයෙන් ශිල්පීන් නිවෙස්වලට ඇරලවන්නේ රාත්‍රියේදී බස් රථය කොළඹට ළඟා වුවහොත් පමණි. ඒ අනුව ශිල්පීන් එදින පිටකොටුවෙන් බැස යා යුතු විය. බස් රථය පිටකොටුවේ නවත්වද්දී අප සංගීත ශිල්පියාට තරු පෙනුණේ තමා හට එතැන් සිට කොළොන්නාව දක්වා තම සංගීත භාණ්ඩය, ඇඳුම් බෑගය සහ වට්ටක්කා ගෙඩි දෙක ගෙන යා යුතුව ඇති බව සිහිපත් වීමෙනි. ඔහු කළ යුතු අන් පිළියමක් නොදැක ටැක්සියක් නවතා තම ආම්පන්න සියල්ල ද එහි පටවා ගෙන තම නිවෙස බලා පිටත් විය.
ඔහු කොළොන්නාවේ තම නිවෙස අසලදී ටැක්සියෙන් බැස, තම ආම්පන්න සියල්ල ද බිමට බා, ටැක්සි ගාස්තුව ලෙස රුපියල් දෙසීයක් ද ගෙවා නිවෙසට පිය මැන්නේ තමාට ම සිතින් සාප කර ගනිමිනි. අප සංගීත ශිල්පියා හට වට්ටක්කා ගෙඩි දෙක සඳහා රුපියල් එකසිය අනූ පහක් වැය වී තිබිණ.
Silumina
READ MORE - ‘ස’ප්‍රසංගයේ රස කතා

වයි දිස් කොලවරි ඩී

Friday, January 20, 2012


Why this Kolavari

Hello Boys . . I am Singing Song
Soup Song . . Flop Song

Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?
Rhythm Correct . . .
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Maintain This . . .
Why This Kolaveri? Dee

Distance’la Moon’nu Moon’nu
Moon’nu Color’ru White’tu
White’tu Background Night’tu Night’tu
Night’tu Color’ru Black’ku
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?

White’tu Skin’nu Girl’lu Girl’lu
Girl’lu Heart’tu Black’ku
Eyes’su Eyes’su Meet’tu Meet’tu
My Future Dark’ku . . .
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?

Mama, Notes Eduthuko . . .
Apdiye Kaila Snacks Eduthuko
Papapa Papapapa Papapa Pa Pa
Seriya Vaasi
Super Mama Ready . . Ready 1 2 3 4,
What A Change Over Mama
Ok Mama . . . Now Tune Change’ju . . .


Kaila Glass’su, Only English’sa
Hand’la Glass’su
Glass’la Scotch’chu
Eyes’su Full’la Tear’ru
Empty Life’Fu, Girl Come’mu
Life’fu Reverse’su Gear’ru
Love’vu Love’vu Oh My Love’vu
You Show To Me Bow’vu
Cow’vu Cow’vu Holy Cow’vu
I Want You Here Now’vu
God I am Dying Now’vu
She Is Happy How’vu
This Song’gu For Soup Boys’su
We Don’t Have Choice’su

Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee

Flop Song

Ni Tamil . . . Only English’su . . .

ඔවුන්ට තිබුණේ එක් මවුස බොත්තමක් තෙරපීම පමණි. යූ ටියුබය වහා ඉදිරියට පැමිණ සෙසු සියල්ල ඉටු කර දී තිබුණි. පසුගිය නොවැම්බර් 16 වැනිදා ඒ උමතුව පටන් ගැනුණි.

පළමුව ඉන්දියාවත්, දෙවනුව අනෙකුත් බොහෝ රටවල

තරුණ පරම්පරාව එකම ගීතයක් මුමුණන්නට පටන් ගති. ඒ තාලයට හිස වනමින් උමතුවේ ඉතිරි අඩ ද සම්පූර්ණ කිරීමට නියමාකාරයෙන් කටයුතු යෙදුණි. කවුරුත් කාගෙනුත් ඇසුවේ එකම සරල පැනයකි.

‘වයි දිස් කොලවරි ඩී?’

සැබවින්ම කුමක් ද මේ මිනීමරු ආශාව? ඇයි මෙතරම් ප්‍රචණ්ඩ ආශාවක්?

අතිශය ප්‍රකට දමිළ නළුවකු වන ධනුෂ් තම නවතම චිත්‍රපටය ‘3’ වෙනුවෙන් ගායනා කළ ‘කොලවරි’ ගීතය සැබැවින්ම අහම්බයකි. 18 වියැති අනිරුද් රවිචන්ද්‍ර පළමුව සංගීතය නිර්මාණය කළේය. ඒ සඳහා ඔහු භාවිත කළේ දකුණු ඉන්දියානු ජන ගායනා රටාවන් සහ බටහිර සංගීත භාණ්ඩයන්ගේ සම්මිශ්‍රණයකි. එමෙන්ම පැරැණි දකුණු ඉන්දියානු සංගීත භාණ්ඩ බොහොමයක් ද අනිරුද් භාවිතයට ගෙන තිබුණි. ඒ අතර නදාස්වරම් නම් දිගු නලාව, ශෙහානි නම් නලාවක්, උරුමී සහ තවීල් නම් බෙර විශේෂ දෙකක් මේ සඳහා යොදා ගෙන තිබුණි.

අනිරුද් විසින් ශබ්දාගාරයේ සිට තමා නිර්මාණය කළ සංගීතය ධනුෂ් හට ඇසෙන්නට සැලැස් වූ විට ධනුෂ් එක් වරම ‘වයි දිස් කොලවරි’ නමින් ගැයුම පටන් ගති. ඒ සංගීතයට නියමෙට කැපෙන වචන තිබුණේ ධනුෂ් ළඟ බව අනිරුද් ඒ මොහොතේම තීරණය කරනු ලැබීය. නළුවා ගායකයකු වූයේත්, ගීත රචකයකු වූයේත් මේ අහම්බයෙනි.

මා ගීතය ලියූ හැටි ධනුෂ් කියන්නේ මේ ආකාරයෙනි. ‘මම කොලවරි සිංදුව ලියද්දී මුලින්ම මතක තියා ගත්තේ දමිළ ශබ්ද කෝෂයේ තියෙන ඉංග්‍රීසි වචන ගැනයි. ඒ වචන ගීතයේ රිද්මෙට ගැළපෙන්න තැන් තැන්වල දාලා වාක්‍යය හදා ගත්තා. නොහිතුව විදිහට ඉතාමත් ඉක්මනින් මං සිංදුව ලිව්වා. ඒත් මේ සිංදුව මෙච්චර ජනප්‍රිය වෙයි කියලා නම් කවදාවත් හිතුවෙ නෑ. ඇත්තටම මට මේක හරි පුදුමයක් වුණා.’

ඔහු ගයන්නේ දමිළ සහ ඉංග්‍රිසි එකට අනාගත් අසම්පූර්ණ භාෂාවකිනි. එනම් ටැන්ග්ලිෂ්වලිනි.ඔහු මෙය හඳුන්වන්නේ ‘සුප් ගීතය’ නමිනි.

දමිළ භාෂාවේ යෙදෙන යෙදුම් අතර සුප් යන්න අර්ථ ගැන්වෙන්නේ පෙම් සබඳතාවක් බිඳ වැටුණු තරුණයෙක් හඳුන්වන්නටය. ‘3’ නමින් හඳුන්වන ධනුෂ්ගේ නවතම සිනමාපටයේ මුලික කතාන්දරයේ සිටින්නේ ද මෙවන් පරාජිත පෙම්වතෙකි.

ඔහු තම ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීමෙන් ඉක්බිතිව බීමතින් ගයන ‘වයි දිස් කොලවරි ඩී’ ගීතය සිනමාපටය තිරගත වීමට පෙර එළිදැක්වීමට ඔවුන් තුළ අදහසක් නොතිබූ මුත් කුමක් හෝ හේතුවක් මත එම ගීතය කවුරුන් විසින් හෝ අන්තර් ජාලයට මුදා හැර තිබුණි. ඉන් කිහිප දිනකට පසුව ධනුෂ් ඇතුළු චිත්‍රපට කණ්ඩායම කොලවරි ගීතයේ නිල වීඩියෝව යූ ටියුබ් වෙත මුදා හරින ලදී.

මොහොතකින් සියලුම සමාජ ජාල වෙබ් අඩවි, බ්ලොග් අඩවි, ඊ-මේල ආදිය මගින් කොලවරි ගීතය ලෝකයේ සියලුම අහු මුලු කරා පැතිර යාම ඇරැඹුණි. ගීතය නිකුත් කර පළමු සතිය ඇතුළත පමණක් යූ ටියුබය හරහා මේ වීඩියෝව නැරැඹූ සංඛ්‍යාව මිලියන 1.3 කි. මිලියනයකට අධික ෆේස් බුක් බෙදා ගැනීම් ප්‍රමාණයකි. 2012 වසර ආරම්භය වන විට යූ ටියුබය හරහා මිලියන 30 ක් මේ ගීතය නරඹා තිබුණි. වැඩිම වාර ගණනාවක් ජංගම දුරකතන හරහා බාගත කළ ගීතය ලෙස ‘කොලවරි ඩී’ පත් වූයේ අසුරු සැණිනි. ගීතය නිකුත් කර නොබෝ දිනකින්ම එහි වෙනත් භාෂාවල දිගුවන් ද දැක ගත හැකි විය. ජපානය, නවසීලන්තය ආදී රටවල පවා මේ ගීතය ඇති කළ බලපෑම සුලුපටු නොවේ. එය සුන්දර උමතුවක් තරමටම පැතිර යන්නට විය.

කොලවරි ගීතය නිකුත් වීමත් සමඟ ම ඉන්දියාව පුරා හෑෂ් ටැග් භාවිත කරමින් ට්වීටර් දස දහස් ගණනක් සයිබර්ගත කර තිබුණි. ටයිම් මැගසිනය සහ බී. බී. සී ය පවා ‘කොලවරි ඩී’ ගැන තම අවධානය යොමු කර තිබිණි. සත්‍ය වශයෙන්ම කිවහොත් ධනුෂ් රඟන ඉදිරියේදී නිකුත්වීමට නියමිත ඔහුගේ නවතම සිනමාපටයවත් මෙතරම් ජනප්‍රියත්වයක් හිමි කර ගනී යැයි කිව නොහැකිය.

මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන පසුගියදා යූ ටියුබය විසින් කොලවරි ගීතයට රන් සම්මානයක් පිරිනමනු ලැබීය.

‘. . . වයි දිස් කොලවරි . . . කොලවරි ඩී . . .’

ධනුෂ් අසන්නේ පැනයකි. ගීතය නිවා දමා මා නික්මෙමි. ඔබට ඒ පැනයට පිළිතුරු සැපයිය හැකිය. නැත්නම් යළිත් යූ ටියුබය හරහා ගීතය නැරැඹිය හැකිය.

‘3’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ධනුෂ්ගේ භාර්යාව අයිශ්වර්යායි. මේ අයිශ්වර්යා යනු දෙමළ සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත්ගේ වැඩිමහලු දියණියයි. ගායිකාවක ද වන අයිශ්වර්යා ගේ මුල්ම අධ්‍යක්ෂණය ‘3’ ය. ඈ මෙන්ම තවත් සිනමාකාරිණියක වන ඇගේ නැඟණිය සෞන්දර්යා ද ‘කොලවරි’ ගීතය යූ ටියුබ් මගින් දකිද්දී ඔබට පෙනෙනු ඇත. මේ ගීතය පුරා ගීතය ගයද්දී ධනුෂ්ට සිදුවන වැරැදීම, ලැබෙන උපදෙස් සියල්ලම අසන්නට සැලැස් වේ.

READ MORE - වයි දිස් කොලවරි ඩී

ස්වර ගමන තීරණය වන්නේ ජාතියක කතා ලීලාව අනුවයි

Friday, May 6, 2011

ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

* ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් අපටම අනන්‍ය වූ සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමේ කාර්යයට සක්‍රීයව දායක වෙමින් දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙයක් ඉටුකළ මහා සංගීතවේදියෙකි. ඔහු විසින් දශක පහකට අධික කාලයක් පුරා ගීතයෙන් හා සංගීත නිර්මාණයෙන් සුවහසක් රසිකයන් අමන්දානන්දයට පත් කළේය.

ඉන්දියානු මහා සම්ප්‍රදායෙන් තමන් ලත් දැනුම අනාගත පරපුරට දායාද කිරීමේ අපේක්ෂාවෙන් අමරදේව භාර අරමුදල බිහිව ඇත. මෙහි එක් පියවරක් ලෙස ජාත්‍යන්තර මට්ටමේ සංගීත ශිල්පීන් ඇසුරු කිරීමට අපගේ තරුණ සංගීත ශිල්පීන්ට අවස්ථාව සලසා දීමට අමරදේව පදනම මූලිකව ක්‍රියා කරයි. පහත පළවන්නේ ඒ පිළිබඳව අමරදේවයන් දැක්වූ අදහස්ය.

* කිසියම් ක්ෂේත්‍රයකට විශිෂ්ට දායකත්වයක් ලබාදිය හැක්කේ කවර හැකියාවන්ගෙන් යුත් කලාකරුවන් හටද?

කිසියම් ක්ෂේත්‍රයක කූට ප්‍රාප්තියට පත් කලාකරුවෙක් වීමට නම් ඔහුට අනිවාර්යෙන්ම ජන්මයෙන් ලබන වාසනා ගුණය තිබිය යුතුයි. සාහිත්‍ය, සංගීතය, චිත්‍රය ආදී සෑම කලා මාධ්‍යයකටම මෙය අදාළයි.

කෙනෙක් තුළ එලෙස තිසර්ග සිද්ධ ප්‍රතිභාවක් තිබුණ ද එය හඳුනා ගැනීමට විශිෂ්ට ගණයේ ගුරුවරුන්ගේ ඇසුරට යොමුවිය යුතුයි. ඊට අමතරව කලාකරුවෙක් කිසියම් ක්ෂේත්‍රයක නිරන්තර අභ්‍යාසයේ යෙදෙන්නේ නම් ඔහුට එම ක්ෂේත්‍රයේ ඉහළ තලයට පිවිසිය හැකි වෙනවා.

නව සිසු පරපුරට අවැසි එම ව්‍යුත්පත්ති සම්පත්තිය ලැබීමට උසස් තලයට පිවිසි ගුරුවරුන්ගේ ආභාෂය ලබාදිය හැකි ආයතන බිහිවිය යුතුයි.

* වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඔබ ඉන්දියාව වෙත යොමුවූ අවස්ථාවේ එහි සක්‍රීයව පැවැති ප්‍රධාන ගුරු කුලයක් ගැන කිව්වොත්?

සම්භාව්‍යය සංගීතය උගත්වන ගුරුකුල කිහිපයක් තිබුණා. ඒවා අතරින් උත්තරභාරතීය සංගීතය ඉගැන්වීමේ ප්‍රධානම මධ්‍යස්ථානය වූයේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩේ ආයතනයයි. ශාන්ති නිකේතායතනයේ වඩාත් අවධානය ලක්වූයේ වංග සංගීතය ගැනයි. හින්දුස්ථානී සංගීතය ඉගැන්වූයේ එක්තරා ප්‍රමාණයකට පමණයි.

ඉන්පසුව එහි සිසුන් භාත්ඛණ්ඩේ වෙත යොමු කෙරෙන ක්‍රමයක් තිබුණා. දක්ෂිණ භාරතීය සංගීතය හා නර්තනය උගන්වනු ලැබුවේ අඩෙයාර්හි විෂ්ණු දිගම්බරම් ආයතනයෙන්. ඩී. ඩී. පලුක්කාර්, දිගම්බරන් වැනි සංගීතඥයන් එහි කටයුතුª කළා. මේ එක එක ගුරුකුල අතර භාරතීය සංගීතයේ විවිධ ශෛලීන් උගන්වනු ලැබුවා.

* ඔබ ඉන්දියාවේ කොපමණ කලක් සංගීතය හැදෑරුවාද?

1953 ඔක්තෝම්බර්වල ගියේ. 1958 දී උපාධිය ලබාගෙන පෙරළා පැමිණියා.

* භාරතයේ ඔබේ ගුරුවරුන් කවුද?

එවකට භාත්ඛණ්ඩේ සරසවියේ විදුහල්පතිව සිටි රතන ජංකර් පඬිතුමාගෙන් හා පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද ජෝග් යටතේ ගායනය හා වයලින් වාදනය ඉගෙනීමට අවස්ථාව ලැබුණා.

* ඔබේ සංගීත කෞශල්‍ය වර්ධනය කර ගැනීමට ඉන්දීය අධ්‍යාපනය බලපෑවේ කොහොමද?

ගායනය හා වාදනය යන අංශ දෙකෙන්ම මට නියම වශයෙන් ගුරුකුල ඇසුර ලැබුණේ භාත්ඛණ්ඩේ අධ්‍යාපනයේ දී. ඉන්දියාවට යාමට පෙර ලංකාවේදී නිර්මාණ සංගීතය පිළිබඳ හොඳ ආභාසයක් මට ගවුස් මාස්ටර්ගේ ඇසුර නිසා ලැබුණා. ඔහුව මට “අශෝක මාලා” චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කිරීමට හා තනු නිර්මාණය කිරීමටත් සහය සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතුª කිරීමටත් අවස්ථාව ලබා දුන්නා.

* ඉන්දීය අනුකාරක සංගීතයෙන් සිංහල චිත්‍රපට කර්මාන්තය ගලවා ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය කොහොමද?

ගවුස් මාස්ටර් ඉන්දීය ජාතිකයෙක්. අපිට උචිත වාද්‍ය සංගීතයක් බිහිකර ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඔහුගේ තනු නිර්මාණ රසපූර්ණයි. අපට ගැලපෙන නිර්මාණ රීතියක ලක්ෂණ ඔහුගේ සංගීතයේ දකින්නට ලැබුණා.

* ඔබ ඇතුළු මෙම යුගයේ භාරතීය අධ්‍යාපනයට යොමුවුණු සංගීතඥයන් වඩා ප්‍රමුඛතාවයක් දෙනු ලැබුවේ දේශීය සංගීතයක මූල බීජ මතුකර ගැනීමට නොවේද?

ඉන්දියාවෙන් ලැබුණු අධ්‍යාපනය ඒ ආකාරයෙන්ම ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍යතාවයක් හින්දුස්ථානී සංගීත අධ්‍යාපනය ලද මට මෙන්ම ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනියන් හට තිබුණේ නැහැ.

තනු නිර්මාණයේ දී මූලික වෙන්නෙ කතා කරන භාෂාවයි. ස්වර ගමන තීරණය වන්නෙ ජාතියක කතා ලීලාව අනුවයි. දේශීය සංගීතයක් ගොඩනඟා ගත හැක්කේ එය සොයා ගත හොත් පමණයි.

* ව්‍යවහාරික සංගීතයේ දී ඔබ කිසියම් රාමුවකට කොටු නොවී විවිධ සංගීත සම්ප්‍රදායන්ගේ ආභාෂය ලබන බවක් දකින්ට ලැබෙනවා. එහි දී ඔබ සාමකාලීනයන්ගෙන් මතු කරන්නට උත්සාහ කළ මතවාදයෙන් බැහැර වූයේ ඇයි?

මම ඉන්දියාවේදී භාරතීය මහා සම්ප්‍රදායට අමතරව කර්ණාටක සංගීතය පිළිබඳවත් අධ්‍යයනය කළා.

මගේ මව හා පියා ආගම් දෙකකට අයත්වීම නිසා මට කුඩා කාලයේ සිට ම සංස්කෘතීන් දෙකක් ඇසුරේ වැඩෙන්නට අවස්ථාව ලැබුණා. නිර්මාරණාත්මක සංගීතයේ දී මම එක සම්ප්‍රදායකට සීමා නොවී විවිධ සම්ප්‍රදායන් ආභාශය කරගෙන නිර්මාණ බිහි කළා. නමුත් ඒ සෑම එකක ස්වාධීන ලක්ෂණ පෙන්වන්නේ මා මුලින් සඳහන් කළ පරිදි මෙරට ජනතාවගේ භාෂණ ලීලාව ග්‍රහණය කර ගැනීමට සමත් වූ නිසාය සිතනවා.

සමහර අවස්ථාවල දී හින්දුස්ථායි සංගීතයේ ආභාෂයට අමතරව බටහිර සංගීතයේ ආභාෂය ලබා ගත්තා. බොහෝ දෙනා නොදන්නා වුවත් ‘පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා ගීතය’ නිර්මාණය කළේ බයිලාවේ තාලයට අනුවයි. මෙතනදි වැදගත් වෙන්නේ අපි ආශ්‍රය කරන සම්ප්‍රදාය නොවෙයි. නිර්මාණයයි.

* ඔබගේ ගීත අවසරයකින් තොරව විවිධ ප්‍රසංගවලදී තරුණ තරුණියන් ගායනා කරනවා. මේ ගැන ඔබ කිසියම් පියවරක් ගැනීමට අදහස් කරනවාද?

මම මේක ගැන බලන්නේ උපේ්ක්ෂාවෙන්. තරුණයන් මගේ ගීත ගායනා කරන්නේ ඔවුන් ඒවාට ඇලුම් කරන නිසයි. ඉතින් ඒ අවස්ථාව මම වළක්වන්නේ ඇයි? ගීතයක් පවතින්නට නම් එය නැවත නැවතත් ගායනා විය යුතුයි. ඒ කාර්යයට තරුණ පිරිස යොමුවීම ගැන ඇත්තටම මම සතුටුයි.

නමුත් ඉතාම ස්වල්පයක් දෙනෙක් මේ ගීත ආශ්‍රයෙන් විකෘති නිර්මාණ බිහි කිරීමට උත්සාහ කරනවා. මම ඒකට විරුද්ධයි. එවැනි සමහර අවස්ථාවල දී ජනාධිපතිතුමා ඍජුවම මැදිහත්වෙලා ඒ තත්ත්වය නැවැත්වීමට පියවර ගත්තා.

READ MORE - ස්වර ගමන තීරණය වන්නේ ජාතියක කතා ලීලාව අනුවයි

අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ

Thursday, April 28, 2011

අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ

රෝහණ බැද්දගේ

න සංගීතය වර්තමාන පරම්පරාවට සමීප කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක් දක්වා ඇති රෝහණ බැද්දගේ මහතා සිය ගුරු දිවිය තුළදී නර්තන ශිල්පය ලබාදී ඇති සිසු පිරිස දහස් ගණනකි. දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය රැසක නර්තන අධ්‍යක්ෂණය කර ඇති හෙතෙම බොහෝදෙනා නොදන්නේ වූවද රංගන ශිල්පියෙකුට අමතරව නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙස ද වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධව ඇත. ‘බළල් සාස්තරේ’ හා ‘ගල් වැලි’ නාට්‍ය ද්විත්වය ඒ අතරින් ප්‍රමුඛය. ඔහු ලියා අධ්‍යක්ෂණය කළ ‘රාළහාමි’ නාට්‍ය ඉදිරියේදී ප්‍රදර්ශනයට වීමට නියමිතය. මේ සාකච්ඡාව පළවන්නේ ඒ නිමිත්තෙනි.

* සම්ප්‍රදායික ජන රංගය නූතන වේදිකාවට ගෙන ආවේ කොහොමද ?

එදා මිනිස්සු ජන නාට්‍යය බැලුවේ කමතේ වටරවුමට ඉඳගෙන. අපි දැන් අලුත් වේදිකාවට මේ නාට්‍යය ගෙන එන කොට නූතන රංගාලෝක ක්‍රම නාට්‍යයට ගැලපෙන විදිහට සාදා ගන්න ඕන. නූතනයේ තාක්ෂණික වශයෙන් අපිට ලැබිලා තිබෙන වාසිය පාවිච්චි කරන්න ඕන. ඒකට පයින් ගහන්න බැහැ. ජන රංගය පැරණි සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් නූතන වේදිකාවට අවශ්‍ය විදිහට සකස් කර ගත යුතුයි. මම “රාළහාමි” නාට්‍යය නිෂ්පාදනය කිරීමේදී ඒ දේ කළා.

* ඔබේ නවතම නාට්‍ය නිෂ්පාදනය සඳහා ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය යොදා ගත්තේ ඇයි ?

අපිට උරුම වුණු අපේකම තියෙන්නේ ගැමි රංගය තුළයි. ඒ අපේ දේ නැවත මිනිස්සුන්ට අදුන්නා දෙන්න සිද්ධ වෙලා. කන බොන දේ හිටන් දැන් හැම දේම වෙනස් වෙලා. අපේ කෑම බීම, ඇඳුම මොකක්ද කියල මිනිස්සුන්ට කියා දෙන්න සිද්ධ වෙලා. බෙහෙත් පැළෑටියක් වත් හඳුනන්නේ නැති තරමට අපේකම දැන් ඈත් වෙලා. ඒ නිසා නැවත මේවා හඳුන්වාදීම එක පැත්තකින් අපේ යුතුකමක්. කොයිතරම් සමාජ විපර්යාසයක් වෙලා තිබුණත් අපේ දෙය පෙන්වා දුන්නහම ඒක මිනිස්සු ඉවෙන් වගේ හඳුනාගෙන අගය කරන බවට මට විශ්වාසයක් තිබෙනවා.

* ශෛලිගත සම්ප්‍රදායෙන් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම අභියෝගයක් වන්නේ කෙසේද ?

ශෛලිගත සම්ප්‍රදාය ආශ්‍රයෙන් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම වර්තමානය වන විට කරුණු කිහිපයක් නිසා අභියෝගයක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ සිටින නළු නිළියන් බොහෝ දෙනෙක් ආභාෂය ලබන්නේ ටෙලි නාට්‍යයෙන්. ඔවුන්ට ගැමි නාට්‍යය කලාව පිළිබඳ කිසියම්ම හෝ අවබෝධයක් නැහැ. තාලයකට ඇවිදගෙන ඇවිත් රිද්මයකට දෙබසක් කියන්න ඔවුන් දන්නේ නැහැ. ඒ අභියෝගයට මුහුණ දීමට මටත් සිදු වුණා. පදයක් ගහලා අඩිය තියන හැටි කියලා දුන්න. නළු නිළියන් අතර ඔවුනොවුන්ගේ සංවාද පවත්වන හැටි ප්‍රේක්ෂකයන් නාට්‍යයට සම්බන්ධ කර ගන්න හැටි. මේ සේරම මම කරලා පෙන්නුවා. ඒ අනුසාරයෙන් තමන්ගේ චරිතය නිර්මාණය කරගන්න කිව්වා. ඒක මම කරපු දේ ආපහුකරන්න කියන එක නෙමෙයි. එහෙම නැතිව ජන නාට්‍යය කලාව උගන්වන්න බැහැ. නළුවන්ට ස්වාධීනව රංගනයක් කිරීමට ඉඩ දීම මේ නාට්‍යය කලාවට ගැලපෙන්නේ නැහැ. ඒක හොඳයි අලුත් නාට්‍යයවලට.

* ශෛලිගත නාට්‍යය සම්ප්‍රදායට එරෙහිව නැඟෙන ප්‍රබල චෝදනාවක් වන්නේ වර්තමාන සංකීර්ණ ජීවන අත්දැකීම් එමගින් ප්‍රකාශ නොවේය යන්නයි. මගේ නාට්‍යය තුළින් පවා කියවෙන්නේ දශක ගණනාවකට පෙර තිබුණු පරිසරයක් පිළිබඳවයි.

හැම යුගයකටම ආවේණිත ජීවන රිද්මයක් තිබෙනවා. හුඟක් පරිවර්තන ඇති වෙලා තිබෙන්නේ ඒ රිද්මයේ තිබෙන වෙනස නිසයි. අද තියෙන්නේ පාවිච්චි කරලා අයින් කරන සංස්කෘතියක්. බලන්න ලියන්න පාවිච්චි කරන බෝල්ට් පොයින්ට් පෑනක් වුණත් ලියලා විසි කරනවනේ. අධ්‍යාත්මික සංවර්ධනයට වඩා ලෝකස්වාදයට නැඹුරු වෙච්ච සමාජයක්නෙ තියෙන්නෙ. ගැමි නාට්‍යය තුළින් ගැඹුරු ජීවන යථාර්ථයක් කියැවෙනවා. විදග්ධයන් තුළ මතයක් තියෙනවා සරලව යමක් කරන්න බැහැ කියලා. අපි නාට්‍යය හදන්නේ විදග්ධ සමාජයට පමණක් නොවෙයි. මම නාට්‍යය හදන්නේ වියතුන්ටයි. ගැමියන්ට දෙගොල්ලන්ටම රස විඳින්නයි. වියතුන්ට විතරක් නාට්‍යය කිරීමෙන් පොදු ජනතාව නාට්‍ය කලාවෙන් ඈත් වෙනවා. ගැමි නාට්‍යය කලාව හරහා අපි උත්සාහ කරන්නේ මිනිසුන්ගේ පොදු මානුෂික ගුණාංග සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමටයි.

* ජන රංගයේ දක්නට ලැබෙන උපහාසය ඔබේ නාට්‍යයට ගෙනාවේ කොහොමද?

උපහාසය ගැමි නාට්‍යයෙන් වෙන් කර ගත නොහැකි අවියෝජනීය අංගයක්. එය හොඳින්ම දැනෙන තැනක් තමයි කෝලම් නාට්‍යය. එදා සමාජයේ තිබුණු ප්‍රභූ චරිත උපහාසයට ලක් කිරීමට ගැමි කලාකරුවන් යොදා ගත්තේ කෝලම් නාට්‍යයි. ඔවුන් එය කිරීමට කදිම අයුරින් වෙස් මුහුණු උපකාරී කළා. ඒනිසා හාස්‍යයට ලක් කරන්නා අන්‍යයන්ට හඳුනා ගත නොහැකි වුණා. ගැමි කලාකරුවා එදා සමාජයේ තිබුණු ප්‍රභූ චරිත විවේචනය කළේ සංයමයක් සහිතවයි. ඔවුන් උපහාසය මතු කළාට කිසි විටෙකත් අපහාසයක් කළේ නැහැ. “රාළහාමි” නාට්‍යයේදී මම උත්සාහ කළේ මේ චරිත ගර්හාවට ලක් නොකර ඔවුන් දෙස උපහාසයෙන් බැලීමටයි.

READ MORE - අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ

නිරෝෂාගෙන් සංගීත ඇකඩමියක්

Saturday, April 16, 2011

‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන් විනිශ්චයට සම්බන්ධ වී සිටින ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී ආධුනික ගායක ගායිකාවන්ට ප්‍රයෝජනවත් වන සංගීත ඇකඩමියක් ආරම්භ කිරීමේ මූලික කටයුතු වල මේ දිනවල නියැලී සිටී. නිරෝෂා ඒ පිළිබඳ පැවසුවේ මේ අයුරු ය.

“මේක තවත් සංගීත පන්තියක් හෝ විදුහලක් නම් නොවෙයි. විවිධ සංගීත විලාසිතා අපේ රටේ වරින්වර මතුවෙලා නැති වී යනවා. ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දී අඛණ්ඩ පැවැත්මක් ඇති කරගෙන සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවරව රැදෙන්න පුහුණු කිරීමටයි මම මගේ මේ ඇකඩමියෙන් අපේක්ෂා කරන්නේ.

අද ප්‍රාසාංගික ගායන විලාසිතාවක් පවතින්නේ. ඒ අනුව ගායනය මෙන් ම වේදිකාව භාවිතා කළ යුතු අයුරු ආදී අවශ්‍ය බොහෝ ගුණාංග මේ ඇකඩමියෙන් උගන්වනවා.

Copy Rights - silumina
READ MORE - නිරෝෂාගෙන් සංගීත ඇකඩමියක්

Sinhala Song Library

Thursday, April 14, 2011



Sunil Edirisinghe - Sadakada Pahanaka


Neela Wickramasinghe - Silin Bilin


Neela Wickramasinghe-Susata Baranin


Karunarathna Divulgane - Atheethaya Sihinayak Pamanai


Somathileka Jayamaha - Nuga Sewanak


Somathileka Jayamaha and Neela Wickremasinghe - Piyaman Keruwemu


Neela Wickremasinghe -Master-Sir


Narada Disasekera -Mulu-hadin-mama


Victor Rathnaka - Hitha Mithuru Sulanga
READ MORE - Sinhala Song Library

රන්වල බලකාය Three (‘ත‍්‍රී’)

ත‍්‍රීසිංහලයේ
ත‍්‍රිවිධ සම්ප‍්‍රදායේ
තුන්කල් යා කෙරුම උදෙසා
රන්වල බලකාය ඉදිරිපත් කරන
‘ත‍්‍රී’ ප‍්‍රසංගය




READ MORE - රන්වල බලකාය Three (‘ත‍්‍රී’)

මියගිය නැඟණිය වෙනුවෙන් බ්‍රේල් ක්‍රමයෙන් ගීත ලියන අන්ධ සොහොයුරා

Wednesday, April 13, 2011

පුංචි නඟේ අප හැරදා

යන්න ගියේ ඇයි...?

දෙනෙතේ මගේ

කඳුළැල් උතුරා ගියේ ඇයි...?

අවුරුදු පහේදී සිදුවුණ මතකය දිනේෂ්ගේ හිතේ තාමත් අද ඊයේ වගෙයි. ඒ නිසා ම සිය හිතේ නළියන සිතුවිලි ඔහු පද වැලකට ගොනු කළේ ආදරණීය නංගිට ඇති සෙනෙහස නිසාමයි. දිනේෂ්ගේ පුංචි නංගි ඔහු හැරදා දිනේෂ්ව තනිකර යාවි යැයි කවමදාකවත් ඔහු හිතන්න නැතුව ඇති.

ඒ වගේ ම එලෙස හිතන්න තරම් වයසක් දිනේෂ්ට එදා තිබුණෙත් නැහැ. එහෙත් අද ඔහු සිය එකම නංගි වෙනුවෙන් ලියූ මේ පදවැල් ඔහුගේ හඬින් ම ගීතවත් කරන්නේ සිය තනිකමත් සහෝදර සෙනෙහසක ඇති අපූර්ව බවත් අපට කියමින්.

අද ‘හදවතක වේදනාවේ’ හෙළිදරව්ව මෙතෙක් අපි ඔබට ලියූ කතාවලට වඩා හාත්පසින් ම වෙනස් කියලා ඔබට හිතේවි.

එහෙත් මෙලොව එළිය දකිනකොට ම ලෝකය දකින්නට ඔබට වාසනාව ලැබුණත් එය කෙටිකලකින් ම ඔබෙන් ඈතට පලාගියොත් මොනවා නම් ඔබට හිතෙයි ද? එහෙත් දිනේෂ් තරංග ද සොයිසා ආදරණීය තරුණයාට ඊට පිළිතුරු ලබාදෙන්නට පුළුවන් බව අපි විශ්වාස කරනවා. ඒ ඇයි කියන දේ ඔහුගේ සිතුවිලි වචනවලට පෙරළෙන විට ඔබට තේරුම් ගන්නට පහසු වේවි.

“දැන් මගේ වයස අවුරුදු 26 ක්. මම ඉපදුණේ 1983 අගෝස්තු මාසේ 18 දා. මම ඉපදිලා මාස දෙකකට විතර පස්සේ මගේ ඇස්වල සුද ඇවිල්ලා තියෙනවා. ඒකට සැත්කමකුත් කරලා. එතනින් පස්සේ මට කණ්ණාඩි පාවිච්චි කරගෙන ස්කෝලේ යන්නත් පුළුවන් වුණා. මම පාසල් ගියේ පාණදුර රාජකීය විද්‍යාලයට. සාමාන්‍ය පෙළ විභාගය දක්වා මම ගියේ මේ විද්‍යාලයට. ඇත්තම කිව්වොත් මට විභාගයටත් පෙනී ඉන්න පුළුවන් වුණා.

එහෙත් මෙතුවක් කලක් තමන්ට හැකි පමණින් ඉගෙනීම් කටයුතු කරගෙන ගිය තම ජීවිතයට අඳුරු සෙවණැල්ලක් සෙමෙන් සෙමෙන් පතිත වෙමින් තිබෙන බවත් දිනේෂ් දැන හිටියේ නැහැ.

“විභාගයට පාඩම් කරන දවස්වල මගේ ඇස්දෙක හොඳටම රිදෙන්න ගත්තා. ඊට පස්සේ ජයවර්ධනපුර රෝහලේ ‘වාරියපොල’ කියන දොස්තර මහත්තයාට පෙන්නුවා. එතනදී තමයි දැනගත්තේ මට අයි ප්‍රෙෂර් තත්ත්වයක් තිබෙන බව. 98 අවුරුද්දේ ආයෙත් මගේ ඇස් සැත්කමකට භාජනය කළා.

යහමින් සමාජය දකිමින් වටාපිටාවේ ඇති සුන්දර බව දකින්නත් කලක් දිනේෂ් අපි ඔබ වගේ ම වාසනාවන්ත වුණා. නමුත් එය ඔහු මෙලොව එළිය දැක වසර 16 ක් වැනි කෙටිකලකට පමණක් සීමා වුණේ ඇයි ද කියන කාරණය ඔබ අප කවුරුත් නොදන්නා දෙයක්.

එච්.ඒ. පුණ්‍යදාස සොයිසා වගේ ම චිත්‍රා සොයිසා ආදරණීය මව්පියන් දෙපළ තමන්ට ඇති එකම දරුවාගේ දෑස් පාදමින් යහමින් සමාජයට දායාද කරන්න කළ හැකි හැම දිරියක් ම ගත්තේ දාරක සෙනෙහසින්. එහෙත් ඒ බලාපොරොත්තු ක්‍රමයෙන් බොඳව යන්නට ගන්නේ හිටි ගමන් දිනේෂ් ගේ දෑස් නොපෙනී යන්නටම ගිය නිසයි.

“අපේ දුව කුඩා කාලේදීම අපිට අහිමි වුණා. දැන් අපි දෙන්නටම ඉන්න එකම පුතා දිනේෂ් පුතායි. ඒත් පුතාගේ දෑස් මේ විදිහට අන්ධවෙලා යනවා කියලා දැනගත්තම අපිට උහුලන්නේ නැතුව ගියා.

කරන්ට පුළුවන් හැමදේම මේ දරුවා වෙනුවෙන් අපි කළා. මේක අපේ කරුමේ මහත්තයෝ. කරන්නට දෙයක් නැතුව මේ දරුවගේ අනාගතය කොහොම හරි ගොඩනගන්න ඕන නිසයි එතනින් පස්සේ පුතා රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කළේ.

දිගු කලක් යහමින් ලෝකය දකිමින් හිටපු දිනේෂ්ට මේ ගමන පූර්ව අත්දැකීමක් වුණා. තමන්ට හිමි දෑස්වලින් යහමින් ලෝකය දැකපු දිනේෂ්ට හිටපු ගමන් අඳුරු ලොවක සිට හැම දේම බෙදා හදාගන්නට සිදුවුණා.

“මට ඒක නුහුරු අත්දැකීමක්. ඒත් මොනවා කරන්නද එතන හිටපු හැමෝම මං වගේ අය. ඒක මම ඉක්මනින් ම තේරුම් ගත්තා. ලැබුණේ මේ දේ නම් ඒක භාරගන්න වෙනවනේ. මාසයක් විතර යද්දී මට මේ අලුත් යාළුවන් එක්ක ඉන්න, බ්‍රේල් වලින් ලියන්න සියලු දේ පුරුදු වුණා. ඒ 2005 අවුරුද්දේ. මුලදී ලොකු දුකක් දැනුණත් පස්සේ ඒකට මම හුරුවුණා.

කෙනෙකුට මෙහෙම දෙයක් වෙනකොට සමහර විටක ජීවිතය හැරදා යන්නත් ඒ අය පෙලඹෙන අවස්ථා මේ සමාජයේ අප දැක තිබෙනවා. ඒත් ලැබුණු දේ ජීවිතයට වාසනාවක් කරගන්න උත්සාහ කරන අපේ කාලයේ තරුණයෙක් විදිහට දිනේෂ් පාඩම් රැසක් සමාජයට කියාදෙන බව අමතක කරන්න එපා.

“කුඩා කාලයේ ඉඳලම සංගීතයට ලොකු ඇල්මක් මගේ තිබුණා. මම ඒක අත්හරින්න උත්සාහ කළේ නැහැ. මම හිතුවා මගේ ඇස් දෙකට පෙනීම නැති වුණත් මගේ හැකියාව නැති කරගන්න බැහැ කියලා. ඒ නිසා අමිල ඉන්ද්‍රජිත් ගුරුතුමා යටතේ අද වෙනකොටත් මම සංගීතය හදාරනවා.”

මේ වෙනකොට දිනේෂ්ගේ එකම බලාපොරොත්තුව තම සංගීත දිවිය ආලෝකවත් කරගනිමින් ජීවිත අභියෝගයට මුහුණ දෙන එක.

ඒ නිසා ම ඔහු මේ වෙනකොටත් තමන් ම බ්‍රේල් ක්‍රමයෙන් පද රචනය කළ ගී හතරක් සංගීතවත් කරමින් ඔහුම ගයන්නට තරම් සමතෙක් බවට පත්වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ ගීත මේ වෙනකොටත් අන්තර්ජාලය ඔස්සේ ලෝකයාට ඇහෙමින් පවතින බවත් ඔබට කිව යුතුයි.

“මම දන්නවා මා තුළ හැකියාවන් ගොඩක් තියෙන බව. දැන් මට ඇස් පෙනේනේ නැහැ. මේවා කරන්න බැහැ කියලා ඒ හැකියාවන් අහක දමන්න මට බැහැ.

අම්මයි තාත්තයි මට දෙන ආදරය, සෙනෙහස මාව හැමදාම ශක්තිමත් කරනවා. මගේ ලොකුම හීනය ඉක්මනින් ම ගීත ඇල්බමයක් නිකුත් කරන එක. මට ඒකට ආර්ථික ශක්තියක් නැහැ. අපේ අම්මටයි තාත්තටයි ඒ දේ කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒත් මට ඒ ආශාව ඉටු කරගන්න කවුරුහරි පිහිට වෙනවා නම් ලොකු පිනක්.”

දිනේෂ් නිකම්ම නිකම් අන්ධ තරුණයෙක් නොවන බව ඔහුට ලැබී ඇති සම්මාන ඵලක මෙන් ම සහතික පත් රැසක් සාක්ෂි දරනවා. ඒ විතරක් ම නොව පාණදුර

පදනම සංවිධානය කළ වේදිකා නාට්‍ය තරගයේ දිවයිනේ ජනප්‍රියම නළුවා ලෙස ද ඔහු ‘ජීවිත පාරුව‘ නාට්‍යයෙන් සම්මානයට පාත්‍ර වන්නේ විනිසුරුවන් ද මවිතයට පත් කරමින්. ඒ ඔහු ගේ දෑස් නොපෙනෙන බව කිසිවකු දැන නොසිටි නිසයි.

සිය මව හා පියා සමඟ

“මට හොඳට ඇස් පෙනීම ලැබිලා මේ සමාජය හොඳින් දැකපු කෙනෙක්. ඒත් ඒ වාසනාව නැතිවුණා කියලා මම දැන් දුක් වෙන්නේ නැහැ. මගේ ශක්තියෙන් මම නැඟිටිනවා. මම ඉල්ලන්නේ එකම එක දෙයයි.

ඒ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ ඇස් පෙනීම දෙන්න පුළුවන් ද කියලා බලන්න. ඒ වගේ ම මගේ හීනය ගීත ඇල්බමය කරන්න මට අත්උදව්වක් දෙන්න කියන දේ විතරයි.

දිනේෂ් ගේ කතාව මෙවන් කෙටි සටහනකට අපි ගොනු කළේ ඔහු දිරියෙන් මේ සමාජයේ පයගහන්න උත්සාහ කරන තරුණයෙක් නිසයි. ඒ වගේ ම ජීවිතයට ලැබුණු සියලු දේ අභියෝගයක් ලෙස ඔහු භාරගෙන ඇති නිසයි.

අපි හැමෝම වගේ ම යහමින් ලෝකය දකින්න ඔහු වාසනාව ලැබුවත් හිටි ගමන් ඒ වාසනාව ඔහුගෙන් ඈතට පලා ගියේ ඇයි ද කියන දේ තවමත් කවුරුත් නොදන්නා දෙයක්. අද අපි මේ සටහන ඔහුගේ හදවතට නැගුණු සිතුවිල්ලකින් සමාප්තිය තබන්නේ මෙවන් දිරිය තරුණයන්ට හදවතින් ම ආචාරය කරමින්.

නෙත් පුරා ආදරෙයි

දැල් වුණ සිහිනයේ

පිබිදුණා ජීවිතේ

මා ඔබගේ ලෝකයේ ... මා ඔබේ...


වසන්ත ජයසිංහ ආරච්චිගේ
ඡායාරූප - විමල් කරුණාතිලක

Copy Rights - silumina
READ MORE - මියගිය නැඟණිය වෙනුවෙන් බ්‍රේල් ක්‍රමයෙන් ගීත ලියන අන්ධ සොහොයුරා

වැඩක්‌ කරන මිනිස්‌සුන්ට වැඩ කරන්න නොදෙන විචාරකයොත් ඉන්නවා

Tuesday, April 12, 2011

ජනනාත් වරකාගොඩ

රියෑලිටි අපේ රටට සුදුසුයි

බොහෝ කලාකරුවන්ගේ දරුවන් බැබළෙන්නේ ඒ දෙමව්පියන්ගේ එළියෙනි. නමුත් ජනනාත් වරකාගොඩ යනු තම පියා වන විජයරත්න වරකාගොඩගේ හෝ තම මව වන චිත්‍රා වරකාගොඩගේ එළියෙන් බැබළෙන චරිතයක්‌ නොව. තමාගේ අනන්‍යතාව සොයා අපූරු ගමනක යෙදෙන කලා කුසලතාවන්ගෙන් සපිරි නිර්මාණශිල්පියෙකි. එනිසාම ඔහුට අපේ අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන යැමට පසුගිය කාලය පුරාවටම ඉඩ ප්‍රස්‌ථාව හිමිවුණා. බොහෝ දෙනා ආදරණීය ලෙස අමතන "ජනා" මේ දවස්‌වල මොනවාද කරන්නේ කියලා දැනගන්න අපි අදහස්‌ කළා.

ජනා කොහොමද තොරතුරු ?

මගේ ගීත ඇල්බම් දෙක වන "පිනවන්ට සවන්" නූර්ති ගී සංයුක්‌ත තැටිය හා "මැණිකා" කියන සංයුක්‌ත තැටියෙත් වීඩියෝ ගීත පටිගත කිරීමට සූදානම් වෙනවා. තවද මගේ ශබ්දාගාරයේ පටිගත කිරීම්වලටද දායක වෙනවා. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලේ අපේ රටට හිමිව තිබූ අවස්‌ථාවට සහභාගි වුණා.

"පිනවන්ට සවන්" සහ "මැණිකා" ගීත එකතු දෙක ගිය අවුරුද්දේ නේද එළිදක්‌වනවා කිව්වේ ?

ඇත්තටම ඒක මගේ අතපසුවීමක්‌. මම නොයෙකුත් සංචාරවලදී පවා ඒ ගීත එකතු දෙක ගැන කතාබහ කළා. නමුත් තවමත් ලංකාවේ වෙළෙඳපොළට එය නිකුත් කරගන්න බැරිවුණා.

මෙවර අවුරුද්දට ඔබ මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ ?

ඉසුරු ජයරත්න, සහන් රන්වල සහ මාත් එකතුවෙලා ගීතයක්‌ නිර්මාණය කළා. අපි තුන්දෙනාම දැන් තාත්තලා. ඒක හින්ද අපේ දරුවන්ට අතීත උරුමයන් දායාද කරන්නෙ කොහොමද යනුවෙන් අර්ථ දැක්‌වෙන ගීතයක්‌ තමයි නිර්මාණය කළේ.

ජනනාත් වෘත්තියෙන් සංගීත නිර්මාණකරුවෙක්‌ විතරද?

වෘත්තීයමය කලාකරුවෙක්‌ කිව්වොත් නිවැරැදියි. මම සංගීතය, බෙර කලාව, ශබ්ද පරිපාලනය කියන අංශ තුන ගැනම හැදෑරීමක්‌ කර තිබෙනවා. ඊට අමතරව වැඩසටහන් ඉදිරිපත් කිරීමටද දායක වෙනවා.

මොන දේ කළත් ඔබගේ අනන්‍යතාව තිබෙන්නේ තාල වාද්‍ය භාණ්‌ඩ වාදනය සඳහායි. එහෙම නේද?

එහෙම බෙදා වෙන් කරනවට මම කැමැති නැහැ. ජනතාව විසින් සමහර වෙලාවට එහෙම බෙදා වෙන් කරගන්න හදනවත් ඇති. කොහොමටත් මගේ ගොඩක්‌ නිර්මාණ බිහිවෙන්නෙ තාල වාද්‍ය භාණ්‌ඩ සමග. සංගීත අංශයේ නිර්මාණ දැන් තමයි බිහිවෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් සංගීත අංශයේ නිර්මාණත් බිහිවුණහම එහමෙ බෙදා වෙන් කිරීමක්‌ සිදුවෙන එකක්‌ නැහැ.

තාල වාද්‍ය භාණ්‌ඩ අංශයෙන් කොපමණ දුරක්‌ ගිහින් තිබෙනවාද?

තාල වාද්‍ය භාණ්‌ඩ ගැන අත්දැකීම් ලබලා තිබෙනවා. ලෝකෙ වටේ සංචාරය කරලා දවුල, තම්මැට්‌ටම, ගැටබෙර, පහත රට බෙර කියන හතර ගැන අධ්‍යයනය කළා. ඒ හතර තමයි ලෝකෙ ජයගන්න තිබෙන භාණ්‌ඩ හතර. එය අපේ ලංකාවට උරුම වූ බෙර වර්ග හතරක්‌. ඒවා අධ්‍යයනය කරලා මා විදෙස්‌ රටවලදී ලොකු වැඩකොටසක්‌ කර තිබෙනවා. තවත් අත්දැකීම් ලබාගෙන ඉදිරියට යන්න තමයි සූදානම.

ලාංකීය දේ ජාත්‍යන්තරට ගෙන යන්න ඔබට ගොඩක්‌ ඉඩ ප්‍රස්‌ථාව ලැබෙනවා. එයින් උපරිම දෙයක්‌ කරනවා කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම. මම ගොඩක්‌ දුරට වැඩකරන්නේ චන්න

විඡේවර්ධන් සමග. ඔහුට තමයි ගොඩක්‌ ජාත්‍යන්තර සබඳතා ඇතිවන්නේ වගේම ආරාධනා ලැබෙන්නේ. ඉතිං ඔහු සමග මම නිරතුරුවම වැඩකරන නිසා ඔහුගේ සියලුම සංගීත ඛණ්‌ඩ මම තමයි නිර්මාණය කරන්නේ.

නමුත් ලෝක කුසලානයට ඔබ ඉදිරිපත් කළ අංගය ගැන විචාරකයන් විවිධ මත පළ කළා නේද?

ඔව්. ඕන විචාරකයෙකුට විවිධ මත පළකරන්න පුළුවන්. මා දකින හැටියට අපේ රටේ වැඩක්‌ කරන මිනිසුන්ට වැඩක්‌ කරන්න

දෙන්නේ නැති ජාතියක්‌ සිටිනවා. ඔවුන් වැඩක්‌ කරන්නෙත් නැහැ. එවැනි පුද්ගලයන්ට පුළුවන් විචාරක ලිපි ලියන්න විතරයි. මට හැඟෙන හැටියට අපිට ලැබුණු සුළු ඉඩප්‍රස්‌ථාව ඇතුළත් අපේ අගංයන් සියල්ලම වගේ ලෝකයට පෙන්වීමට කටයුතු කළා. ඕන කෙනෙකුට ඕන දෙයක්‌ කියන්න පුළුවන්. අපි නම් ඒවාට සැලෙන්නේ නැහැ. අනික අපි කරන දේ හරි කියලා අපි දන්නවා.

ඇයි මේ රියෑලිටි වේදිකාවේ විනිසුරුවෙක්‌ ලෙස කටයුතු කරන්නේ ?

රියෑලිටි වේදිකාවල විනිසුරුවෙක්‌ වෙන්න කියලා ආරාධනා ලැබුණා. ඉතිං මා ලබාගත් දැනුම අනුව යම්කිසි කෙනෙකු විනිශ්චයට ලක්‌කරලා ඔවුන්ව දැනුවත් කරන්න එවැනි වැඩසටහන්වලට සහභාගි වෙනවා.

රියෑලිටි වැඩසටහන් අපේ රටට සුදුසුයි කියලා හිතනවාද?

ඇත්තටම සුදුසුයි. මොකද දන්නවාද?. අපි කලාවට පැමිණියේ ස්‌වෝත්සාහයෙන්මයි. අපිට අතහිත දෙන්න කවුරුවත් හිටියේ නැහැ. අපි කුසලතාවන් පෙන්වල යමක්‌ කරපු නිසානෙ මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නේ. එවැනි දක්‍ෂයන් දහස්‌ ගණනින් ගම්වල සිටිනවා. ඔවුන්ට අතහිත දෙන්න කෙනෙක්‌ නැහැ. එවැනි පුද්ගලයන්ටත් හැකියාවන් පෙන්වන්න රියෑලිටි වේදිකාව හොඳ අවස්‌ථාවක්‌.

අද කාලේ ඕනෑම ජනප්‍රිය චරිතයක්‌ තම ජනප්‍රියතාව රැකගන්න ඕනෑම දෙයක්‌ කරනවා. ඔබත් එහෙමද?

අපි කරන දේ උපරිමයෙන් කිරීම තමයි ජනප්‍රියතාවට සහ ර¹ පැවැත්මට හේතුව. හෑල්ලුවට ලක්‌ කරලා සුළුවෙන් හිතලා යමක්‌ කරන කලාකරුවන් ඇගයීමට ලක්‌කෙරෙන්නේ නැහැ. මා උගත් දේ හරියට කරන්න තමයි හැම තිස්‌සේම උත්සාහ කරන්නේ. එහෙම වුණොත් තමයි ජනප්‍රියත්වයේ ර¹ පැවැත්ම දිගමට පවතින්නේ.

මේ සියලු වැඩකටයුතු මැද්දේ දුවගේ සහ බිරිඳගේ වැඩකටයුතුවලට කාලය වැයකරන්නෙ

කොහොමද?

ඉතාමත්ම කාර්ය බහුල ජීවිතයක්‌ ගෙවන මම දවසට පැය දෙක තුනක්‌ ඔවුන්ගේ

වැඩකටයුතුවලට කාලය වෙන්කර ගන්නවා. මොකද මේ මොන දේ කළත් අන්තිමේ ඉතුරු

වෙන්නේ පවුල් ජීවිතය විතරයි. අනික මම කාලසටහනක්‌ අනුව වැඩකරන්නේ නැහැ. මට පුළුවන් අවස්‌ථාවල ඔවුන්ගේ වැඩකටයුතුවලට දායක වෙනවා.

අද දවසේ ලාංකීය ගායන ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ ?

රියෑලිටි වැඩසටහන් හරහාත් ගායක ගායිකාවන් බිහි වී ගෙන එනවා. මමත් එවැනි රියෑලිටි වැඩසටහන්වල විනිසුරුවෙක්‌ ලෙස වැඩකරල තිබෙනවා. එහිදී දැක්‌ක දෙයක්‌ තමයි යමක්‌ හදාරලා ක්‍ෂේත්‍රයට පිවිසෙන පිරිස

බොහොම අඩුයි කියලා. 75% ක්‌ම යම්කිසි හර පද්ධතියකින් තොරවයි රියෑලිටි

වැඩසටහන්වලින් තරු

බිහිවෙන්නේ. සහජ කුසලතාව පමණක්‌ ඔවුන්ගේ ඇඟේ තිබෙනවා.


දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන


copy Rights - Divayina

READ MORE - වැඩක්‌ කරන මිනිස්‌සුන්ට වැඩ කරන්න නොදෙන විචාරකයොත් ඉන්නවා