READ MORE - මාස්ටර් ගැන අහන්න, 23 රාත‍්‍රී 8ට බස් Radio අහන්න
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
President Reviews CBSL Salary Hike Decision - In a country where the average monthly household income is modest, the CBSL staff’s proposed salary hike surprises many. President Ranil Wickremesinghe, al...3 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...8 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...10 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...10 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...14 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...15 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...16 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...16 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.16 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"8 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස9 years ago
-
-
#10 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස12 years ago
-
ආදරය විදින්න..........13 years ago
-
අපේ ලෝකය....13 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...8 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මාස්ටර් ගැන අහන්න, 23 රාත‍්‍රී 8ට බස් Radio අහන්න
Tuesday, January 22, 2013සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:41 PM 0 comments
පැට්රික් කෝ?
Wednesday, January 2, 2013
පැට්රික් කෝ?
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:31 AM 0 comments
Labels: ජීවිත විත්ති, මතක සැමරැම්, සංගීතය
සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා
සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි මග තොටේ ඔබ දකින ගැහණියයි
Friday, September 7, 2012
මග තොටේ ඔබ දකින ගැහණියයි
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගේ අගේ ඔබ මට මැ අගේ
විශාරද නන්දා මාලිනිය ජනතාවාදී කලාකාරියක ලෙස කලක පටන් හඳුන්වන්නේද ඈ රටේ තැලෙන, පෑගෙන අසරණ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නියක නිසාය. ඊට ඇගේ පවුල් පසුබිමද හේතු වන්නට ඇත. ඈ හැදී වැඩුණේ කොටහේන කාසෙට්‌ටි වත්තේ දුප්පත් මුඩුක්‌කු ගෙදරකය. පියා කෝට් බාස් කෙනෙකි. නැතිනම් කබා මහන සන්නාලියෙකි. කබා මසා ඉතිරිවන රෙදි කැබලිවලින් පියා කොට කලිසම්ද මසයි. අහල පහල ඇති හැකි නිවෙස්‌වලට ගොස් ඒ කොට කලිසම් විකිණුවේ අද අප ඉදිරියේ දැවැන්ත චරිතයක්‌ව සිටින නන්දාය. එදා සමහරු ඇයට දොර වැසූහ. නිවසටවත් වැද්දා ගත්තේ නැත. අද ඇයට ඕනෑම දොරක් විවෘතවී ඇත. ඇය නිවෙසකට එන්නේ නම් ඒ තරම් ගෞරවයක් නිවැසියෙකුට තවත් ඇද්ද? දෛවය කැරකෙන්නේ එළෙසිනි. එදා අත්විඳි අසරණකම පුංචි මිනිසාගේ දහඩිය කඳුළ ඇයට තවමත් හුරු පුරුදුය. ඈ ඒ මිනිසුන් වෙනුවෙන් ගී ගයන්නේ ඒ නිසාය.
දහසක් ඉපදී මියයන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මා මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි
මියෑදෙන්නේ නැත්තේ කවුද. අපි හැම මිය යන්නෙමු. ඒත් අපේ ක්‍රියාකාරකම් මිය නොයන්න වුන් සේය. මියයන බව පසක් කරගෙන සිටින ඈ ඒ ගැන ගයන්නීය. ඈ වැන්නවුන් නොමියෙන්නේ ඒ නිසාය.
අවුරුදු විසි දෙකකට පසුව ඇය ඒකපුද්ගල ගීත ප්‍රසංගයක් ඇරැඹුවාය. අවුරුදු දෙකකට කලින් ශ්වේත රාත්‍රිය නමින් අරඹන්නේ ඒ ප්‍රසංගයයි. දැන් එහි සමාප්තිය එළඹ තිබේ. ශ්වේත රාත්‍රියේ ගතවූ ප්‍රසංග විසිහතරට මෙන්ම ඉදිරි අවසන් ප්‍රසංග දෙක දැසින් දකින්නටද පිරිස පොරකති. අපේ රටේ සුභාවිත ගී පිපාසාවෙන් මෙතරම් සෙනඟක් සිටීද... පුදුමයකි.... සතුටකි.
සුභාවිත ගීය දසත සුවඳ හමන මලක් සේ පිපී හිනැහෙද්දී ඒ මල යටකර දමා අවරගනයේ ගීය නමැති හතු පිපෙන්නට විය. හොඳ ගීය ජන සවනින් මෑත් කර කුණු ගීය සවනට සමීප කරවන්නට අපේ රටේ එෆ්.එම්. චැනල්වලට තරගයක් තිබිණි. මේ තරගය ඇරැඹුවේ සිරස එෆ්.එම්. බව කණගාටුවෙන් හෝ නොකියාම බැරිය. සිරස අලුත් වැඩක් කරන්නට උපන් හපන් නාලිකාවකි. ඔවුන් කළ හොඳ වැඩ සේම නරක වැඩද සෙසු නාලිකා කොපි කරන්නට විය. හොඳ ගීය යට කරමින් කුණු ගී මතු කරන්නට සෙසු නාලිකාද පටන් ගත්තේ ඒ අනුකරණ පුරුද්දටය.
එහෙත් සිරස එෆ්. එම්. වරද පිළිගත්තේය. තමන් කළ වරද නිවැරදි කිරීමේ යහපත් කටයුත්තට ඔවුන් නොපමාව අතගැසීය. ඒ අනුව සිරස යළි සුභාවිත ගීයට තැන දෙන්නට පටන් ගත්තේය. ඒ ගැන නන්දා මාලිනිය මෙසේ කියන්නීය.
සිරස අවරගනයේ ගීතවලට පත් වුණා වගේම හොඳ වැඩත් කළා. නැවතත් බුද්ධිමත් ශ්‍රාවකයාට යම්කිසි හොඳ දෙයක් දිය යුතුය යන අදහසින් සිරස මියෑසි අරණ, මියෑසි තටාකය, පහන්කන්ද වැනි වැඩසටහන් කරද්දී තමයි "ශ්වේත රාත්‍රියට" මට ආරාධනා කළේ. ඒක මට ලොකු අවස්‌ථාවක් වුණා. මට තනිව ප්‍රසංගයක් කරන්න ශක්‌තියක් නෑ. "ශ්වේත රාත්‍රිය" පිළිබඳ අපි මාස දහයක් සාකච්ඡා කළා. අන්තිමේ අපි කැමැති ලෙස ප්‍රසංගය කරන්න සිරස කැමැති වුණා.
සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙළන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුන කුසුම්
ශ්වේත රාත්‍රියට ඒ නම යෙදුනු ආකාරයත් අපූරුය. නම් කිහිපයක් කිහිප දෙනෙකුම යෝජනා කර ඇත. ඒ සියල්ල ලියූ තුණ්‌ඩු උඩ දැමීමෙන් පසු නන්දා මාලිනිය එක තුණ්‌ඩුවක් ඇහිඳ ගත්තාය. එය දිලීප අබේසේකර විසින් යෝජනා කළ නම ඇති තුණ්‌ඩුවය. එය ශ්වේත රාත්‍රිය විය.
නන්දා මාලිනිය ශ්‍රවණාරාධනා ප්‍රසංගය කළේ පණ්‌ඩිත් අමරදේවයන් සමගිනි. ඒ නවසිය හැත්තෑ එකේ අගෝස්‌තු 26 දා ඇරැඹි ශ්‍රවණාරාධනා පස් මසක් සාර්ථකව පැවැත්විණි. ඉක්‌බිති අමරදේවයන් ඉන් නික්‌ම ගියහ. නන්දාවන් හැත්තෑ තුනේ ජනවාරි 19 දා පටන් ශ්‍රවණාරාධනා තනිව කළාය. හැත්තෑ නවයේ මැයි 22 දා පන්සිය තිස්‌වැනි ප්‍රසංගය පවත්වා ශ්‍රවණාරාධනාවෙන් ඕ සමුගත්තාය.
පිනි විසිරෙන විට වටහාගනු මැන
දෙනෙතින් කඳුලැල් ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්...
ප්‍රේමය, විප්‍රයෝගය... දුක, වේදනාව ගීයෙන් ගයන්න ඈ තෝරා ගත්තේ සත්‍යයේ ගීතයයි. අසූ එකේ අගෝස්‌තු 29, 30, 31 අඛණ්‌ඩව දින තුනක් ලුම්බිණි රඟහලේ පවත්වමින් සත්‍යයේ ගීතය ඇරැඹු ඕ... හරියටම වසර තුනක් ගිය තැන අසූ හතරේ අගෝස්‌තු 29, 30, 31 තෙදින ලුම්බිණි රඟහලේදීම ඉන් සමුගත්තාය.
අසූ හත, අසූ අට, අසූ නවය මෙරට අධර්මිෂ්ඨ යුගයකි. භීෂණයෙන් වෙළාගත් කාලයකි. තරුණ සිරුරු මහමග තැන තැන දැවෙන්නට පටන් ගත්තේය. මව්වරු තම තරුණ දූ පුතුන් ගැනත් බිරින්දැවරු සැමියන් ගැනත් දැඩි වේදනාවෙන් යුක්‌තව සිටි කාලයකි.
මගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුළාවෙන් සිටින්නී
විමුක්‌තිය නාමයෙන් හඬන්නී
දැවෙන සිත් සතන් සනසාලන්නට සිතන්නී... ඈ පවනක් වී ආවාය. අසූ හත ජුනි 26, 27, 28 අඛණ්‌ඩව දින තුනක් ලුම්බිණි රඟහලේ ඉදිරිපත් කරමින් ඕ පවන ඇරැඹුවාය.
"පවන" ගැන නන්දා මාලිනිය මතකය අවදි කළාය. "අලුතින්ම ගීත විසිපහක් හදලා අලුත්ම තනුකරලා තමයි පවන කළේ. අපි කතා කළේ අපේ දේශපාලනය. එදා ඒ පීඩාවෙන් අපිත් වින්දා. මේ ගීත විසිපහම ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. පවන කරද්දී අපි හුඟක් මෝරලා. අදහස් උදහස් මෝරලා. අපිට දේශපාලන චින්තනයක් තිබුණා. රටේ පැවැති අඳුරු යුගය, අයුක්‌තිය, අසාධාරණය, භීෂණය මේ හැම දෙයක්‌ම කියන්න පවන අපට වේදිකාවක් වුණා. ඒත් පවන අපට දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවුණා. අසූඅටේ දෙසැම්බර් 11, 12, 13 දර්ශන තුනක් පවත්වා පවන අවසන් කරන්න තීරණය කළත් පැවැති වාතාවරණය අනුව එය කළ නොහැකි බව තේරුණා. අපි කඩිමුඩියේ පවන යුගල කැසට් දෙකක් හදලා එකොළොස්‌වැනිදා ලුම්බිණියේ 3.30 දර්ශනයක් පමණක් පවත්වලා කැසට් පට එළියට දැම්මා. පවන එතැනින් නැවතුණා.
සඳ එළිය ගඟක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඬු නටයි
අනේ අපි කවදාක
හිනැහෙමුද ඒ රටේ
හිනැහෙන මිනිසුන් ඇති රටක් උදෙසා ගී ගැයූ ඇයට භීෂණය හමුවේ මව්බිම අතැර යන්නට සිද්ධ වූවාය. ඈ පමණක්‌ද නොව ධර්මිෂ්ඨ රාජ්‍යයක් උදෙසා තරුණයන්ගේ විමුක්‌තිය උදෙසා පවනට ගී ලියූ මහැදුරු සුනිල් ආරියරත්නයන්ටද ඈ සමගින්ම රටින් පිටව යන්නට සිදුවූවේය.
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි
හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ
විශාරද නන්දා මාලිනිය ඇගේ සිව්වැනි ඒකපුද්ගල ගී ප්‍රසංගය "ශ්වේත රාත්‍රිය" අරඹන්නේ පවනින් වසර විසි දෙකකට පසුවය. අවරගනයේ ගී වලින් පිරී පවතින කතරක අතරමංව සිටින ශ්‍රාවකයාට ශ්වේත රාත්‍රිය දිය පොදක් වන්නට පටන් ගන්නා බව ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැති පළමු ප්‍රසංගයෙන්ම පසක් විණි. රඟහලේ ගේට්‌ටු සහ තාප්ප මතින් පැන ශාලාව වෙත පැමිණෙන්නට පොර කෑ රසික පිරිස් අස්‌වසාලමින් ප්‍රවේශ පත්‍ර ඇති නැති සියලු දනන්ට ශ්වේත රාත්‍රිය නරඹන්නට එදා සිරස ඉඩකඩ සැලැසීය. ජෝන් ද සිල්වා රඟහලේ අසුන් අතර ඇති හිඩැසේ බිම හිඳ... මේ පිරිස දැහැනකට සමවැදුණු සේ ශ්වේත්‍ර රාත්‍රිය විඳිද්දී මේ ඉන්නේ මොහොතකට පෙර රඟහලේ ගේට්‌ටුව අසල කළ කෝළහාල කළ පිරිසමදැයි සැක සිතිනි.
ඈ ගී ගැයුවාය. ශ්වේත රාත්‍රිය ප්‍රසංග වාර විසි හතරකට රට පුරා සැරි සරමින් නන්දා මාලිනිය ගී ගයද්දී සිරස එය මාකටිං වැඩක් බවට පත්කර නොගැනීම ආදර්ශයකි. පැසසිය යුත්තකි. ශ්වේත රාත්‍රිය වේදිකාවේ හෝ ශාලාව තුළ කිසිදු වෙළෙඳ ආයතනයක දැන්වීමක් නැත. අඩුම තරමේ සිරස ලාංඡනය ද නැත. ශ්වේත රාත්‍රිය ඔවුන් ඒ තරමටම ගරු කොට සැලකූහ. එය සුභාවිත ගීය රැක ගැනීමට සිරස ඉදිරිපත්වන බවට ඉඟියක්‌දැයි සිතේ. එය එසේමනම් මෙතෙක් සිරස අනුකරණය කළ අනෙක් නාලිකාද සිරසේ මේ ප්‍රයත්නය අනුකරණය කළ යුතුමය.
ශ්වේත රාත්‍රිය 14 වැනිදා අවසන් වේ. ඉන්පසුව නන්දා මාලිනිය කුමක් කරන්නීද... සමාජය සුවපත් කිරීමේ මෙහෙවරින් ඕ යළි ඈත් වන්නීද...
සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි
වෙරළ වෙත සැපත් මා
දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි නිවාලන්න
යාත්‍රාව පදවන්න මා සමග එක්‌වන්න...
අද සමාජයටත් පවනක අවශ්‍යතාව ඉපිද ඇත. ඒත් ඒ සඳහා ඈ සූදානම්ද යන්න ප්‍රශ්නයකි.
අද සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මගේ කිසිම ප්‍රියතාවක් නෑ... මම ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ. ඒත් මගේ විෂය වන ගීතය තුළින් පක්‍ෂ පාට භේද නැතිව කතා කරනවා. මේ යන රටාව අනුව පවන වැන්නකට වැඩි බරක් තියෙනවා. වෙනසක් ඇත්තටම ඕනෑ. ඒ වෙනස කොයි විදිහද කියන්න මට තේරෙන්නේ නෑ. පවනම ආයේ කරන්නත් බැහැ. පවනේ ගැයූ ගීත මම ශ්වේත රාත්‍රියේත් ගායනා කළා. දැන් මම හුස්‌මක් ගත යුතුයි.
විලක් උනත් නිල් දියරැළි විලක් නොවේ
මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසළොස්‌වක සඳක් නොවේ
රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ
ශ්වේත රාත්‍රිය සජීවීව බලන්නට කැමති ඒත් ඊට අවස්‌ථාව නොලද තවත් සුවිශාල පිරිසක් සිටී. ඒ අය වෙනුවෙන් ශ්වේත රාත්‍රිය සමුගැනීමේ ප්‍රසංගය සජීවී පටිගත කිරීමක් තව මසකින් ඩීවීඩී තාක්‍ෂණයෙන් එළිදක්‌වන්නටද සූදානම්ය.
විවේකයක්‌ද නොලබා එක එල්ලේ ගීත විසිපහක් ඈ "ශ්වේත රාත්‍රියේදී" ගයන්නීය. පසුබිම සිට ඇයට සංගීතය සපයන සුරේෂ් මාලියද්ද ඇතුළු වාද්‍ය ශිල්පීන්ද ඇගේ ගී හඬින් පෙර නොලැබූ ජීවයක් ලැබ සිටී.
ශ්වේත්‍ර රාත්‍රිය ප්‍රසංගය ඈ අරඹන්නේද ප්‍රේක්‍ෂකාගාරය අමතමිනි. ඒ කලා වැවේ වටිනා ජල බිඳක් බෝධියේ අගනා බෝ පතක් තරමටම ශ්‍රාවකයා සලකමිනි. ඈ ශ්වේත රාත්‍රිය නිමා කරන්නේ සුරම්‍ය වූ සඳකිරණට සෞම්‍ය තරු එළියකට ප්‍රේක්‍ෂකයා සම කරමිනි.
ඔබයි රම්‍ය සඳකිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...
අජිත් අලහකෝන් - Divayina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:54 PM 0 comments
Labels: ජීවිත විත්ති, පුවත්, සංගීතය
“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!
Thursday, September 6, 2012
මගේ ප්‍රසංග මෙපමණ වාර ගණනක් පවත්වන්න ලැබීම ම ආශ්චර්යයක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:41 AM 0 comments
Tribute to the maestro
Friday, July 20, 2012
|
|
|
Amarasiri
Peiris
|
“This is not a musical show which merely entertains people. We will be inviting the lyricist, music director and have a discussion on the song and its theme. Professsor Sarath Wijesooriya will be the compeer of the evening. This will help the audience to appreciate the song. We want to inculcate this value in our university students,” he added.
While appreciating Amarasiri Peiris who has made a vast contribution to the field of music, the event will be a fundraiser to upgrade the Biotechnology Laboratory of Department of Chemistry, University of Colombo to meet the modern state-of-art facilities for Life Science research.w
“More than 100 research students including both undergraduates and graduates would benefit each year through this project. We believe that it is our responsibility to stabilize the institute. Thus we create molecular biology products such as Recombinant proteins, Enzymes, DNA extraction kit, RNA extraction kits which we sell to hospitals and other universities,” Weerasekara said.
Commenting on why science students are involved in organizing a musical event, Weerasekara says a scientist is a person who can appreciate arts and literature. “You can not separate arts and science. Even science students should learn to appreciate literary works,” he added.
Meanwhile, the veteran singer feels fortunate to participate at this event. “Most of my life I have been a violinist although I had the talent for singing. When the opportunity came my way to sing I grasped it eagerly as I love singing. There onwards I have made a lot of contributions to this field. I was a playback singer for many films and teledramas and have won several awards. However I feel my work is not adequately appreciated. Media does not talk of my works in an appreciative manner. Amidst such a situation I feel privileged to be invited to sing at a mega musical event of this nature. It is a great opportunity and am looking forward for it. I will present few songs from my latest album Ganga Gala Yaden to the audience,” he said.
Chief Organiser of the event, Gayan Parakrama thanked Dr. N. V. Chandrasekharan, Professor K. R. R. Mahanama and all the students for their tremendous support rendered to him in organising the event.
“Nalaka Anjana Kumara and the crew will provide music for the evening. This is bound to be a unique experience for the audience,” he said.
Daily News is the official media partner of the event. Tickets can be obtained at Sarasavi Bookshop (Nugegoda and Dehiwala), Sadeepa Bookshop Borella, Godage Book Emporium Maradana and Salaka Senkada.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:47 AM 0 comments
"ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....
"ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....
"අපි ඔක්‌කොම රජවරු...
ඔක්‌කොම වැසියෝ...
තුන් සිංහලයම නෑදෑයෝ...."
නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ පැවැත්වුණු වික්‌ටර් රත්නායකයන්ගේ "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ද පෙරේදා පැමිණියේය. එම සොඳුරු මොහොත හා ප්‍රසංගයේ තවත් අවස්‌ථාවක්‌ද මෙහි දැක්‌වේ.
Divaina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:38 AM 0 comments
Labels: මතක සැමරැම්, සංගීතය
සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!
Divaina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:37 AM 0 comments
Labels: ජීවිත විත්ති, සංගීතය
මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා
Thursday, July 19, 2012
මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා
ගාමිණී ෆොන්සේකා ‘ස’ ප්‍රසංගය නරඹමින්
|
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:42 PM 0 comments
Labels: ගායකයෝ, මතක සැමරැම්, සංගීතය
වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා
වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා
නොමියෙන ගායන පෞරුෂයක්
‘ස’ ප්‍රසංගය හතළිස් වසරක් පැවතීම වික්ටර්ගේ පරම විජයග්‍රහණයක්
‘ස’ ප්‍රසංගය ආධුනිකයන්ට අභ්‍යාසයක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:41 PM 0 comments
Labels: අදහස, මතක සැමරැම්, සංගීතය
‘ස’ප්‍රසංගයේ රස කතා
‘ස’ප්‍රසංගයේ රස කතා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:40 PM 0 comments
Labels: අදහස, මතක සැමරැම්, සංගීතය
වයි දිස් කොලවරි ඩී
Friday, January 20, 2012
|
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:23 PM 6 comments
Labels: සංගීතය
ස්වර ගමන තීරණය වන්නේ ජාතියක කතා ලීලාව අනුවයි
Friday, May 6, 2011
ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
* ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් අපටම අනන්‍ය වූ සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමේ කාර්යයට සක්‍රීයව දායක වෙමින් දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙයක් ඉටුකළ මහා සංගීතවේදියෙකි. ඔහු විසින් දශක පහකට අධික කාලයක් පුරා ගීතයෙන් හා සංගීත නිර්මාණයෙන් සුවහසක් රසිකයන් අමන්දානන්දයට පත් කළේය.
ඉන්දියානු මහා සම්ප්‍රදායෙන් තමන් ලත් දැනුම අනාගත පරපුරට දායාද කිරීමේ අපේක්ෂාවෙන් අමරදේව භාර අරමුදල බිහිව ඇත. මෙහි එක් පියවරක් ලෙස ජාත්‍යන්තර මට්ටමේ සංගීත ශිල්පීන් ඇසුරු කිරීමට අපගේ තරුණ සංගීත ශිල්පීන්ට අවස්ථාව සලසා දීමට අමරදේව පදනම මූලිකව ක්‍රියා කරයි. පහත පළවන්නේ ඒ පිළිබඳව අමරදේවයන් දැක්වූ අදහස්ය.
* කිසියම් ක්ෂේත්‍රයකට විශිෂ්ට දායකත්වයක් ලබාදිය හැක්කේ කවර හැකියාවන්ගෙන් යුත් කලාකරුවන් හටද?
කිසියම් ක්ෂේත්‍රයක කූට ප්‍රාප්තියට පත් කලාකරුවෙක් වීමට නම් ඔහුට අනිවාර්යෙන්ම ජන්මයෙන් ලබන වාසනා ගුණය තිබිය යුතුයි. සාහිත්‍ය, සංගීතය, චිත්‍රය ආදී සෑම කලා මාධ්‍යයකටම මෙය අදාළයි.
කෙනෙක් තුළ එලෙස තිසර්ග සිද්ධ ප්‍රතිභාවක් තිබුණ ද එය හඳුනා ගැනීමට විශිෂ්ට ගණයේ ගුරුවරුන්ගේ ඇසුරට යොමුවිය යුතුයි. ඊට අමතරව කලාකරුවෙක් කිසියම් ක්ෂේත්‍රයක නිරන්තර අභ්‍යාසයේ යෙදෙන්නේ නම් ඔහුට එම ක්ෂේත්‍රයේ ඉහළ තලයට පිවිසිය හැකි වෙනවා.
නව සිසු පරපුරට අවැසි එම ව්‍යුත්පත්ති සම්පත්තිය ලැබීමට උසස් තලයට පිවිසි ගුරුවරුන්ගේ ආභාෂය ලබාදිය හැකි ආයතන බිහිවිය යුතුයි.
* වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඔබ ඉන්දියාව වෙත යොමුවූ අවස්ථාවේ එහි සක්‍රීයව පැවැති ප්‍රධාන ගුරු කුලයක් ගැන කිව්වොත්?
සම්භාව්‍යය සංගීතය උගත්වන ගුරුකුල කිහිපයක් තිබුණා. ඒවා අතරින් උත්තරභාරතීය සංගීතය ඉගැන්වීමේ ප්‍රධානම මධ්‍යස්ථානය වූයේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩේ ආයතනයයි. ශාන්ති නිකේතායතනයේ වඩාත් අවධානය ලක්වූයේ වංග සංගීතය ගැනයි. හින්දුස්ථානී සංගීතය ඉගැන්වූයේ එක්තරා ප්‍රමාණයකට පමණයි.
ඉන්පසුව එහි සිසුන් භාත්ඛණ්ඩේ වෙත යොමු කෙරෙන ක්‍රමයක් තිබුණා. දක්ෂිණ භාරතීය සංගීතය හා නර්තනය උගන්වනු ලැබුවේ අඩෙයාර්හි විෂ්ණු දිගම්බරම් ආයතනයෙන්. ඩී. ඩී. පලුක්කාර්, දිගම්බරන් වැනි සංගීතඥයන් එහි කටයුතුª කළා. මේ එක එක ගුරුකුල අතර භාරතීය සංගීතයේ විවිධ ශෛලීන් උගන්වනු ලැබුවා.
* ඔබ ඉන්දියාවේ කොපමණ කලක් සංගීතය හැදෑරුවාද?
1953 ඔක්තෝම්බර්වල ගියේ. 1958 දී උපාධිය ලබාගෙන පෙරළා පැමිණියා.
* භාරතයේ ඔබේ ගුරුවරුන් කවුද?
එවකට භාත්ඛණ්ඩේ සරසවියේ විදුහල්පතිව සිටි රතන ජංකර් පඬිතුමාගෙන් හා පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද ජෝග් යටතේ ගායනය හා වයලින් වාදනය ඉගෙනීමට අවස්ථාව ලැබුණා.
* ඔබේ සංගීත කෞශල්‍ය වර්ධනය කර ගැනීමට ඉන්දීය අධ්‍යාපනය බලපෑවේ කොහොමද?
ගායනය හා වාදනය යන අංශ දෙකෙන්ම මට නියම වශයෙන් ගුරුකුල ඇසුර ලැබුණේ භාත්ඛණ්ඩේ අධ්‍යාපනයේ දී. ඉන්දියාවට යාමට පෙර ලංකාවේදී නිර්මාණ සංගීතය පිළිබඳ හොඳ ආභාසයක් මට ගවුස් මාස්ටර්ගේ ඇසුර නිසා ලැබුණා. ඔහුව මට “අශෝක මාලා” චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කිරීමට හා තනු නිර්මාණය කිරීමටත් සහය සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතුª කිරීමටත් අවස්ථාව ලබා දුන්නා.
* ඉන්දීය අනුකාරක සංගීතයෙන් සිංහල චිත්‍රපට කර්මාන්තය ගලවා ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය කොහොමද?
ගවුස් මාස්ටර් ඉන්දීය ජාතිකයෙක්. අපිට උචිත වාද්‍ය සංගීතයක් බිහිකර ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඔහුගේ තනු නිර්මාණ රසපූර්ණයි. අපට ගැලපෙන නිර්මාණ රීතියක ලක්ෂණ ඔහුගේ සංගීතයේ දකින්නට ලැබුණා.
* ඔබ ඇතුළු මෙම යුගයේ භාරතීය අධ්‍යාපනයට යොමුවුණු සංගීතඥයන් වඩා ප්‍රමුඛතාවයක් දෙනු ලැබුවේ දේශීය සංගීතයක මූල බීජ මතුකර ගැනීමට නොවේද?
ඉන්දියාවෙන් ලැබුණු අධ්‍යාපනය ඒ ආකාරයෙන්ම ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍යතාවයක් හින්දුස්ථානී සංගීත අධ්‍යාපනය ලද මට මෙන්ම ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනියන් හට තිබුණේ නැහැ.
තනු නිර්මාණයේ දී මූලික වෙන්නෙ කතා කරන භාෂාවයි. ස්වර ගමන තීරණය වන්නෙ ජාතියක කතා ලීලාව අනුවයි. දේශීය සංගීතයක් ගොඩනඟා ගත හැක්කේ එය සොයා ගත හොත් පමණයි.
* ව්‍යවහාරික සංගීතයේ දී ඔබ කිසියම් රාමුවකට කොටු නොවී විවිධ සංගීත සම්ප්‍රදායන්ගේ ආභාෂය ලබන බවක් දකින්ට ලැබෙනවා. එහි දී ඔබ සාමකාලීනයන්ගෙන් මතු කරන්නට උත්සාහ කළ මතවාදයෙන් බැහැර වූයේ ඇයි?
මම ඉන්දියාවේදී භාරතීය මහා සම්ප්‍රදායට අමතරව කර්ණාටක සංගීතය පිළිබඳවත් අධ්‍යයනය කළා.
මගේ මව හා පියා ආගම් දෙකකට අයත්වීම නිසා මට කුඩා කාලයේ සිට ම සංස්කෘතීන් දෙකක් ඇසුරේ වැඩෙන්නට අවස්ථාව ලැබුණා. නිර්මාරණාත්මක සංගීතයේ දී මම එක සම්ප්‍රදායකට සීමා නොවී විවිධ සම්ප්‍රදායන් ආභාශය කරගෙන නිර්මාණ බිහි කළා. නමුත් ඒ සෑම එකක ස්වාධීන ලක්ෂණ පෙන්වන්නේ මා මුලින් සඳහන් කළ පරිදි මෙරට ජනතාවගේ භාෂණ ලීලාව ග්‍රහණය කර ගැනීමට සමත් වූ නිසාය සිතනවා.
සමහර අවස්ථාවල දී හින්දුස්ථායි සංගීතයේ ආභාෂයට අමතරව බටහිර සංගීතයේ ආභාෂය ලබා ගත්තා. බොහෝ දෙනා නොදන්නා වුවත් ‘පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා ගීතය’ නිර්මාණය කළේ බයිලාවේ තාලයට අනුවයි. මෙතනදි වැදගත් වෙන්නේ අපි ආශ්‍රය කරන සම්ප්‍රදාය නොවෙයි. නිර්මාණයයි.
* ඔබගේ ගීත අවසරයකින් තොරව විවිධ ප්‍රසංගවලදී තරුණ තරුණියන් ගායනා කරනවා. මේ ගැන ඔබ කිසියම් පියවරක් ගැනීමට අදහස් කරනවාද?
මම මේක ගැන බලන්නේ උපේ්ක්ෂාවෙන්. තරුණයන් මගේ ගීත ගායනා කරන්නේ ඔවුන් ඒවාට ඇලුම් කරන නිසයි. ඉතින් ඒ අවස්ථාව මම වළක්වන්නේ ඇයි? ගීතයක් පවතින්නට නම් එය නැවත නැවතත් ගායනා විය යුතුයි. ඒ කාර්යයට තරුණ පිරිස යොමුවීම ගැන ඇත්තටම මම සතුටුයි.
නමුත් ඉතාම ස්වල්පයක් දෙනෙක් මේ ගීත ආශ්‍රයෙන් විකෘති නිර්මාණ බිහි කිරීමට උත්සාහ කරනවා. මම ඒකට විරුද්ධයි. එවැනි සමහර අවස්ථාවල දී ජනාධිපතිතුමා ඍජුවම මැදිහත්වෙලා ඒ තත්ත්වය නැවැත්වීමට පියවර ගත්තා.
චන්දන ජයවීර
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
Copy Rights - Dinamina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 11:42 PM 0 comments
Labels: ජීවිත විත්ති, මතක සැමරැම්, සංගීතය
අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ
Thursday, April 28, 2011
අපි නාට්‍ය හදන්නේ පණ්ඩිතයන්ට නොවේ
රෝහණ බැද්දගේ
ජන සංගීතය වර්තමාන පරම්පරාවට සමීප කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක් දක්වා ඇති රෝහණ බැද්දගේ මහතා සිය ගුරු දිවිය තුළදී නර්තන ශිල්පය ලබාදී ඇති සිසු පිරිස දහස් ගණනකි. දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය රැසක නර්තන අධ්‍යක්ෂණය කර ඇති හෙතෙම බොහෝදෙනා නොදන්නේ වූවද රංගන ශිල්පියෙකුට අමතරව නාට්‍ය නිෂ්පාදකයෙක් ලෙස ද වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධව ඇත. ‘බළල් සාස්තරේ’ හා ‘ගල් වැලි’ නාට්‍ය ද්විත්වය ඒ අතරින් ප්‍රමුඛය. ඔහු ලියා අධ්‍යක්ෂණය කළ ‘රාළහාමි’ නාට්‍ය ඉදිරියේදී ප්‍රදර්ශනයට වීමට නියමිතය. මේ සාකච්ඡාව පළවන්නේ ඒ නිමිත්තෙනි.
* සම්ප්‍රදායික ජන රංගය නූතන වේදිකාවට ගෙන ආවේ කොහොමද ?
එදා මිනිස්සු ජන නාට්‍යය බැලුවේ කමතේ වටරවුමට ඉඳගෙන. අපි දැන් අලුත් වේදිකාවට මේ නාට්‍යය ගෙන එන කොට නූතන රංගාලෝක ක්‍රම නාට්‍යයට ගැලපෙන විදිහට සාදා ගන්න ඕන. නූතනයේ තාක්ෂණික වශයෙන් අපිට ලැබිලා තිබෙන වාසිය පාවිච්චි කරන්න ඕන. ඒකට පයින් ගහන්න බැහැ. ජන රංගය පැරණි සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් නූතන වේදිකාවට අවශ්‍ය විදිහට සකස් කර ගත යුතුයි. මම “රාළහාමි” නාට්‍යය නිෂ්පාදනය කිරීමේදී ඒ දේ කළා.
* ඔබේ නවතම නාට්‍ය නිෂ්පාදනය සඳහා ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය යොදා ගත්තේ ඇයි ?
අපිට උරුම වුණු අපේකම තියෙන්නේ ගැමි රංගය තුළයි. ඒ අපේ දේ නැවත මිනිස්සුන්ට අදුන්නා දෙන්න සිද්ධ වෙලා. කන බොන දේ හිටන් දැන් හැම දේම වෙනස් වෙලා. අපේ කෑම බීම, ඇඳුම මොකක්ද කියල මිනිස්සුන්ට කියා දෙන්න සිද්ධ වෙලා. බෙහෙත් පැළෑටියක් වත් හඳුනන්නේ නැති තරමට අපේකම දැන් ඈත් වෙලා. ඒ නිසා නැවත මේවා හඳුන්වාදීම එක පැත්තකින් අපේ යුතුකමක්. කොයිතරම් සමාජ විපර්යාසයක් වෙලා තිබුණත් අපේ දෙය පෙන්වා දුන්නහම ඒක මිනිස්සු ඉවෙන් වගේ හඳුනාගෙන අගය කරන බවට මට විශ්වාසයක් තිබෙනවා.
* ශෛලිගත සම්ප්‍රදායෙන් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම අභියෝගයක් වන්නේ කෙසේද ?
ශෛලිගත සම්ප්‍රදාය ආශ්‍රයෙන් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම වර්තමානය වන විට කරුණු කිහිපයක් නිසා අභියෝගයක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ සිටින නළු නිළියන් බොහෝ දෙනෙක් ආභාෂය ලබන්නේ ටෙලි නාට්‍යයෙන්. ඔවුන්ට ගැමි නාට්‍යය කලාව පිළිබඳ කිසියම්ම හෝ අවබෝධයක් නැහැ. තාලයකට ඇවිදගෙන ඇවිත් රිද්මයකට දෙබසක් කියන්න ඔවුන් දන්නේ නැහැ. ඒ අභියෝගයට මුහුණ දීමට මටත් සිදු වුණා. පදයක් ගහලා අඩිය තියන හැටි කියලා දුන්න. නළු නිළියන් අතර ඔවුනොවුන්ගේ සංවාද පවත්වන හැටි ප්‍රේක්ෂකයන් නාට්‍යයට සම්බන්ධ කර ගන්න හැටි. මේ සේරම මම කරලා පෙන්නුවා. ඒ අනුසාරයෙන් තමන්ගේ චරිතය නිර්මාණය කරගන්න කිව්වා. ඒක මම කරපු දේ ආපහුකරන්න කියන එක නෙමෙයි. එහෙම නැතිව ජන නාට්‍යය කලාව උගන්වන්න බැහැ. නළුවන්ට ස්වාධීනව රංගනයක් කිරීමට ඉඩ දීම මේ නාට්‍යය කලාවට ගැලපෙන්නේ නැහැ. ඒක හොඳයි අලුත් නාට්‍යයවලට.
* ශෛලිගත නාට්‍යය සම්ප්‍රදායට එරෙහිව නැඟෙන ප්‍රබල චෝදනාවක් වන්නේ වර්තමාන සංකීර්ණ ජීවන අත්දැකීම් එමගින් ප්‍රකාශ නොවේය යන්නයි. මගේ නාට්‍යය තුළින් පවා කියවෙන්නේ දශක ගණනාවකට පෙර තිබුණු පරිසරයක් පිළිබඳවයි.
හැම යුගයකටම ආවේණිත ජීවන රිද්මයක් තිබෙනවා. හුඟක් පරිවර්තන ඇති වෙලා තිබෙන්නේ ඒ රිද්මයේ තිබෙන වෙනස නිසයි. අද තියෙන්නේ පාවිච්චි කරලා අයින් කරන සංස්කෘතියක්. බලන්න ලියන්න පාවිච්චි කරන බෝල්ට් පොයින්ට් පෑනක් වුණත් ලියලා විසි කරනවනේ. අධ්‍යාත්මික සංවර්ධනයට වඩා ලෝකස්වාදයට නැඹුරු වෙච්ච සමාජයක්නෙ තියෙන්නෙ. ගැමි නාට්‍යය තුළින් ගැඹුරු ජීවන යථාර්ථයක් කියැවෙනවා. විදග්ධයන් තුළ මතයක් තියෙනවා සරලව යමක් කරන්න බැහැ කියලා. අපි නාට්‍යය හදන්නේ විදග්ධ සමාජයට පමණක් නොවෙයි. මම නාට්‍යය හදන්නේ වියතුන්ටයි. ගැමියන්ට දෙගොල්ලන්ටම රස විඳින්නයි. වියතුන්ට විතරක් නාට්‍යය කිරීමෙන් පොදු ජනතාව නාට්‍ය කලාවෙන් ඈත් වෙනවා. ගැමි නාට්‍යය කලාව හරහා අපි උත්සාහ කරන්නේ මිනිසුන්ගේ පොදු මානුෂික ගුණාංග සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමටයි.
* ජන රංගයේ දක්නට ලැබෙන උපහාසය ඔබේ නාට්‍යයට ගෙනාවේ කොහොමද?
උපහාසය ගැමි නාට්‍යයෙන් වෙන් කර ගත නොහැකි අවියෝජනීය අංගයක්. එය හොඳින්ම දැනෙන තැනක් තමයි කෝලම් නාට්‍යය. එදා සමාජයේ තිබුණු ප්‍රභූ චරිත උපහාසයට ලක් කිරීමට ගැමි කලාකරුවන් යොදා ගත්තේ කෝලම් නාට්‍යයි. ඔවුන් එය කිරීමට කදිම අයුරින් වෙස් මුහුණු උපකාරී කළා. ඒනිසා හාස්‍යයට ලක් කරන්නා අන්‍යයන්ට හඳුනා ගත නොහැකි වුණා. ගැමි කලාකරුවා එදා සමාජයේ තිබුණු ප්‍රභූ චරිත විවේචනය කළේ සංයමයක් සහිතවයි. ඔවුන් උපහාසය මතු කළාට කිසි විටෙකත් අපහාසයක් කළේ නැහැ. “රාළහාමි” නාට්‍යයේදී මම උත්සාහ කළේ මේ චරිත ගර්හාවට ලක් නොකර ඔවුන් දෙස උපහාසයෙන් බැලීමටයි.
චන්දන ජයවීර
ඡායාරූප
ලලිත් සී. ගමගේ
සිතුවම - අරවින්ද සේනාධීර
copy Rights - dinamina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:57 PM 0 comments
Labels: ජීවිත විත්ති, මතක සැමරැම්, වේදිකාව, සංගීතය
නිරෝෂාගෙන් සංගීත ඇකඩමියක්
Saturday, April 16, 2011
“මේක තවත් සංගීත පන්තියක් හෝ විදුහලක් නම් නොවෙයි. විවිධ සංගීත විලාසිතා අපේ රටේ වරින්වර මතුවෙලා නැති වී යනවා. ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දී අඛණ්ඩ පැවැත්මක් ඇති කරගෙන සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවරව රැදෙන්න පුහුණු කිරීමටයි මම මගේ මේ ඇකඩමියෙන් අපේක්ෂා කරන්නේ.
අද ප්‍රාසාංගික ගායන විලාසිතාවක් පවතින්නේ. ඒ අනුව ගායනය මෙන් ම වේදිකාව භාවිතා කළ යුතු අයුරු ආදී අවශ්‍ය බොහෝ ගුණාංග මේ ඇකඩමියෙන් උගන්වනවා.
හිරුණි
Copy Rights - silumina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:28 PM 0 comments
Labels: ගායිකාවෝ, ජීවිත විත්ති, සංගීතය
Sinhala Song Library
Thursday, April 14, 2011

Sunil Edirisinghe - Sadakada Pahanaka
Neela Wickramasinghe - Silin Bilin
Neela Wickramasinghe-Susata Baranin
Karunarathna Divulgane - Atheethaya Sihinayak Pamanai
Somathileka Jayamaha - Nuga Sewanak
Somathileka Jayamaha and Neela Wickremasinghe - Piyaman Keruwemu
Neela Wickremasinghe -Master-Sir
Narada Disasekera -Mulu-hadin-mama
Victor Rathnaka - Hitha Mithuru Sulanga
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 5:48 PM 0 comments
Labels: සංගීතය
රන්වල බලකාය Three (‘ත‍්‍රී’)
ත‍්‍රීසිංහලයේ
ත‍්‍රිවිධ සම්ප‍්‍රදායේ
තුන්කල් යා කෙරුම උදෙසා
රන්වල බලකාය ඉදිරිපත් කරන
‘ත‍්‍රී’ ප්රසංගය
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:00 PM 0 comments
මියගිය නැඟණිය වෙනුවෙන් බ්‍රේල් ක්‍රමයෙන් ගීත ලියන අන්ධ සොහොයුරා
Wednesday, April 13, 2011
පුංචි නඟේ අප හැරදා
යන්න ගියේ ඇයි...?
දෙනෙතේ මගේ
කඳුළැල් උතුරා ගියේ ඇයි...?
ඒ අවුරුදු පහේදී සිදුවුණ මතකය දිනේෂ්ගේ හිතේ තාමත් අද ඊයේ වගෙයි. ඒ නිසා ම සිය හිතේ නළියන සිතුවිලි ඔහු පද වැලකට ගොනු කළේ ආදරණීය නංගිට ඇති සෙනෙහස නිසාමයි. දිනේෂ්ගේ පුංචි නංගි ඔහු හැරදා දිනේෂ්ව තනිකර යාවි යැයි කවමදාකවත් ඔහු හිතන්න නැතුව ඇති.
ඒ වගේ ම එලෙස හිතන්න තරම් වයසක් දිනේෂ්ට එදා තිබුණෙත් නැහැ. එහෙත් අද ඔහු සිය එකම නංගි වෙනුවෙන් ලියූ මේ පදවැල් ඔහුගේ හඬින් ම ගීතවත් කරන්නේ සිය තනිකමත් සහෝදර සෙනෙහසක ඇති අපූර්ව බවත් අපට කියමින්.
අද ‘හදවතක වේදනාවේ’ හෙළිදරව්ව මෙතෙක් අපි ඔබට ලියූ කතාවලට වඩා හාත්පසින් ම වෙනස් කියලා ඔබට හිතේවි.
එහෙත් මෙලොව එළිය දකිනකොට ම ලෝකය දකින්නට ඔබට වාසනාව ලැබුණත් එය කෙටිකලකින් ම ඔබෙන් ඈතට පලාගියොත් මොනවා නම් ඔබට හිතෙයි ද? එහෙත් දිනේෂ් තරංග ද සොයිසා ආදරණීය තරුණයාට ඊට පිළිතුරු ලබාදෙන්නට පුළුවන් බව අපි විශ්වාස කරනවා. ඒ ඇයි කියන දේ ඔහුගේ සිතුවිලි වචනවලට පෙරළෙන විට ඔබට තේරුම් ගන්නට පහසු වේවි.
“දැන් මගේ වයස අවුරුදු 26 ක්. මම ඉපදුණේ 1983 අගෝස්තු මාසේ 18 දා. මම ඉපදිලා මාස දෙකකට විතර පස්සේ මගේ ඇස්වල සුද ඇවිල්ලා තියෙනවා. ඒකට සැත්කමකුත් කරලා. එතනින් පස්සේ මට කණ්ණාඩි පාවිච්චි කරගෙන ස්කෝලේ යන්නත් පුළුවන් වුණා. මම පාසල් ගියේ පාණදුර රාජකීය විද්‍යාලයට. සාමාන්‍ය පෙළ විභාගය දක්වා මම ගියේ මේ විද්‍යාලයට. ඇත්තම කිව්වොත් මට විභාගයටත් පෙනී ඉන්න පුළුවන් වුණා.
එහෙත් මෙතුවක් කලක් තමන්ට හැකි පමණින් ඉගෙනීම් කටයුතු කරගෙන ගිය තම ජීවිතයට අඳුරු සෙවණැල්ලක් සෙමෙන් සෙමෙන් පතිත වෙමින් තිබෙන බවත් දිනේෂ් දැන හිටියේ නැහැ.
“විභාගයට පාඩම් කරන දවස්වල මගේ ඇස්දෙක හොඳටම රිදෙන්න ගත්තා. ඊට පස්සේ ජයවර්ධනපුර රෝහලේ ‘වාරියපොල’ කියන දොස්තර මහත්තයාට පෙන්නුවා. එතනදී තමයි දැනගත්තේ මට අයි ප්‍රෙෂර් තත්ත්වයක් තිබෙන බව. 98 අවුරුද්දේ ආයෙත් මගේ ඇස් සැත්කමකට භාජනය කළා.
යහමින් සමාජය දකිමින් වටාපිටාවේ ඇති සුන්දර බව දකින්නත් කලක් දිනේෂ් අපි ඔබ වගේ ම වාසනාවන්ත වුණා. නමුත් එය ඔහු මෙලොව එළිය දැක වසර 16 ක් වැනි කෙටිකලකට පමණක් සීමා වුණේ ඇයි ද කියන කාරණය ඔබ අප කවුරුත් නොදන්නා දෙයක්.
එච්.ඒ. පුණ්‍යදාස සොයිසා වගේ ම චිත්‍රා සොයිසා ආදරණීය මව්පියන් දෙපළ තමන්ට ඇති එකම දරුවාගේ දෑස් පාදමින් යහමින් සමාජයට දායාද කරන්න කළ හැකි හැම දිරියක් ම ගත්තේ දාරක සෙනෙහසින්. එහෙත් ඒ බලාපොරොත්තු ක්‍රමයෙන් බොඳව යන්නට ගන්නේ හිටි ගමන් දිනේෂ් ගේ දෑස් නොපෙනී යන්නටම ගිය නිසයි.
“අපේ දුව කුඩා කාලේදීම අපිට අහිමි වුණා. දැන් අපි දෙන්නටම ඉන්න එකම පුතා දිනේෂ් පුතායි. ඒත් පුතාගේ දෑස් මේ විදිහට අන්ධවෙලා යනවා කියලා දැනගත්තම අපිට උහුලන්නේ නැතුව ගියා.
කරන්ට පුළුවන් හැමදේම මේ දරුවා වෙනුවෙන් අපි කළා. මේක අපේ කරුමේ මහත්තයෝ. කරන්නට දෙයක් නැතුව මේ දරුවගේ අනාගතය කොහොම හරි ගොඩනගන්න ඕන නිසයි එතනින් පස්සේ පුතා රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කළේ.
දිගු කලක් යහමින් ලෝකය දකිමින් හිටපු දිනේෂ්ට මේ ගමන පූර්ව අත්දැකීමක් වුණා. තමන්ට හිමි දෑස්වලින් යහමින් ලෝකය දැකපු දිනේෂ්ට හිටපු ගමන් අඳුරු ලොවක සිට හැම දේම බෙදා හදාගන්නට සිදුවුණා.
“මට ඒක නුහුරු අත්දැකීමක්. ඒත් මොනවා කරන්නද එතන හිටපු හැමෝම මං වගේ අය. ඒක මම ඉක්මනින් ම තේරුම් ගත්තා. ලැබුණේ මේ දේ නම් ඒක භාරගන්න වෙනවනේ. මාසයක් විතර යද්දී මට මේ අලුත් යාළුවන් එක්ක ඉන්න, බ්‍රේල් වලින් ලියන්න සියලු දේ පුරුදු වුණා. ඒ 2005 අවුරුද්දේ. මුලදී ලොකු දුකක් දැනුණත් පස්සේ ඒකට මම හුරුවුණා.
කෙනෙකුට මෙහෙම දෙයක් වෙනකොට සමහර විටක ජීවිතය හැරදා යන්නත් ඒ අය පෙලඹෙන අවස්ථා මේ සමාජයේ අප දැක තිබෙනවා. ඒත් ලැබුණු දේ ජීවිතයට වාසනාවක් කරගන්න උත්සාහ කරන අපේ කාලයේ තරුණයෙක් විදිහට දිනේෂ් පාඩම් රැසක් සමාජයට කියාදෙන බව අමතක කරන්න එපා.
“කුඩා කාලයේ ඉඳලම සංගීතයට ලොකු ඇල්මක් මගේ තිබුණා. මම ඒක අත්හරින්න උත්සාහ කළේ නැහැ. මම හිතුවා මගේ ඇස් දෙකට පෙනීම නැති වුණත් මගේ හැකියාව නැති කරගන්න බැහැ කියලා. ඒ නිසා අමිල ඉන්ද්‍රජිත් ගුරුතුමා යටතේ අද වෙනකොටත් මම සංගීතය හදාරනවා.”
මේ වෙනකොට දිනේෂ්ගේ එකම බලාපොරොත්තුව තම සංගීත දිවිය ආලෝකවත් කරගනිමින් ජීවිත අභියෝගයට මුහුණ දෙන එක.
ඒ නිසා ම ඔහු මේ වෙනකොටත් තමන් ම බ්‍රේල් ක්‍රමයෙන් පද රචනය කළ ගී හතරක් සංගීතවත් කරමින් ඔහුම ගයන්නට තරම් සමතෙක් බවට පත්වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ ගීත මේ වෙනකොටත් අන්තර්ජාලය ඔස්සේ ලෝකයාට ඇහෙමින් පවතින බවත් ඔබට කිව යුතුයි.
“මම දන්නවා මා තුළ හැකියාවන් ගොඩක් තියෙන බව. දැන් මට ඇස් පෙනේනේ නැහැ. මේවා කරන්න බැහැ කියලා ඒ හැකියාවන් අහක දමන්න මට බැහැ.
අම්මයි තාත්තයි මට දෙන ආදරය, සෙනෙහස මාව හැමදාම ශක්තිමත් කරනවා. මගේ ලොකුම හීනය ඉක්මනින් ම ගීත ඇල්බමයක් නිකුත් කරන එක. මට ඒකට ආර්ථික ශක්තියක් නැහැ. අපේ අම්මටයි තාත්තටයි ඒ දේ කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒත් මට ඒ ආශාව ඉටු කරගන්න කවුරුහරි පිහිට වෙනවා නම් ලොකු පිනක්.”
දිනේෂ් නිකම්ම නිකම් අන්ධ තරුණයෙක් නොවන බව ඔහුට ලැබී ඇති සම්මාන ඵලක මෙන් ම සහතික පත් රැසක් සාක්ෂි දරනවා. ඒ විතරක් ම නොව පාණදුර
පදනම සංවිධානය කළ වේදිකා නාට්‍ය තරගයේ දිවයිනේ ජනප්‍රියම නළුවා ලෙස ද ඔහු ‘ජීවිත පාරුව‘ නාට්‍යයෙන් සම්මානයට පාත්‍ර වන්නේ විනිසුරුවන් ද මවිතයට පත් කරමින්. ඒ ඔහු ගේ දෑස් නොපෙනෙන බව කිසිවකු දැන නොසිටි නිසයි.
සිය මව හා පියා සමඟ |
“මට හොඳට ඇස් පෙනීම ලැබිලා මේ සමාජය හොඳින් දැකපු කෙනෙක්. ඒත් ඒ වාසනාව නැතිවුණා කියලා මම දැන් දුක් වෙන්නේ නැහැ. මගේ ශක්තියෙන් මම නැඟිටිනවා. මම ඉල්ලන්නේ එකම එක දෙයයි.
ඒ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ ඇස් පෙනීම දෙන්න පුළුවන් ද කියලා බලන්න. ඒ වගේ ම මගේ හීනය ගීත ඇල්බමය කරන්න මට අත්උදව්වක් දෙන්න කියන දේ විතරයි.
දිනේෂ් ගේ කතාව මෙවන් කෙටි සටහනකට අපි ගොනු කළේ ඔහු දිරියෙන් මේ සමාජයේ පයගහන්න උත්සාහ කරන තරුණයෙක් නිසයි. ඒ වගේ ම ජීවිතයට ලැබුණු සියලු දේ අභියෝගයක් ලෙස ඔහු භාරගෙන ඇති නිසයි.
අපි හැමෝම වගේ ම යහමින් ලෝකය දකින්න ඔහු වාසනාව ලැබුවත් හිටි ගමන් ඒ වාසනාව ඔහුගෙන් ඈතට පලා ගියේ ඇයි ද කියන දේ තවමත් කවුරුත් නොදන්නා දෙයක්. අද අපි මේ සටහන ඔහුගේ හදවතට නැගුණු සිතුවිල්ලකින් සමාප්තිය තබන්නේ මෙවන් දිරිය තරුණයන්ට හදවතින් ම ආචාරය කරමින්.
නෙත් පුරා ආදරෙයි
දැල් වුණ සිහිනයේ
පිබිදුණා ජීවිතේ
මා ඔබගේ ලෝකයේ ... මා ඔබේ...
වසන්ත ජයසිංහ ආරච්චිගේ
ඡායාරූප - විමල් කරුණාතිලක
Copy Rights - silumina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 2:51 PM 1 comments
Labels: ජීවිත විත්ති, සංගීතය
වැඩක් කරන මිනිස්‌සුන්ට වැඩ කරන්න නොදෙන විචාරකයොත් ඉන්නවා
Tuesday, April 12, 2011
රියෑලිටි අපේ රටට සුදුසුයි
බොහෝ කලාකරුවන්ගේ දරුවන් බැබළෙන්නේ ඒ දෙමව්පියන්ගේ එළියෙනි. නමුත් ජනනාත් වරකාගොඩ යනු තම පියා වන විජයරත්න වරකාගොඩගේ හෝ තම මව වන චිත්‍රා වරකාගොඩගේ එළියෙන් බැබළෙන චරිතයක් නොව. තමාගේ අනන්‍යතාව සොයා අපූරු ගමනක යෙදෙන කලා කුසලතාවන්ගෙන් සපිරි නිර්මාණශිල්පියෙකි. එනිසාම ඔහුට අපේ අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන යැමට පසුගිය කාලය පුරාවටම ඉඩ ප්‍රස්‌ථාව හිමිවුණා. බොහෝ දෙනා ආදරණීය ලෙස අමතන "ජනා" මේ දවස්‌වල මොනවාද කරන්නේ කියලා දැනගන්න අපි අදහස් කළා.
ජනා කොහොමද තොරතුරු ?
මගේ ගීත ඇල්බම් දෙක වන "පිනවන්ට සවන්" නූර්ති ගී සංයුක්‌ත තැටිය හා "මැණිකා" කියන සංයුක්‌ත තැටියෙත් වීඩියෝ ගීත පටිගත කිරීමට සූදානම් වෙනවා. තවද මගේ ශබ්දාගාරයේ පටිගත කිරීම්වලටද දායක වෙනවා. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලේ අපේ රටට හිමිව තිබූ අවස්‌ථාවට සහභාගි වුණා.
"පිනවන්ට සවන්" සහ "මැණිකා" ගීත එකතු දෙක ගිය අවුරුද්දේ නේද එළිදක්‌වනවා කිව්වේ ?
ඇත්තටම ඒක මගේ අතපසුවීමක්. මම නොයෙකුත් සංචාරවලදී පවා ඒ ගීත එකතු දෙක ගැන කතාබහ කළා. නමුත් තවමත් ලංකාවේ වෙළෙඳපොළට එය නිකුත් කරගන්න බැරිවුණා.
මෙවර අවුරුද්දට ඔබ මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ ?
ඉසුරු ජයරත්න, සහන් රන්වල සහ මාත් එකතුවෙලා ගීතයක් නිර්මාණය කළා. අපි තුන්දෙනාම දැන් තාත්තලා. ඒක හින්ද අපේ දරුවන්ට අතීත උරුමයන් දායාද කරන්නෙ කොහොමද යනුවෙන් අර්ථ දැක්‌වෙන ගීතයක් තමයි නිර්මාණය කළේ.
ජනනාත් වෘත්තියෙන් සංගීත නිර්මාණකරුවෙක් විතරද?
වෘත්තීයමය කලාකරුවෙක් කිව්වොත් නිවැරැදියි. මම සංගීතය, බෙර කලාව, ශබ්ද පරිපාලනය කියන අංශ තුන ගැනම හැදෑරීමක් කර තිබෙනවා. ඊට අමතරව වැඩසටහන් ඉදිරිපත් කිරීමටද දායක වෙනවා.
මොන දේ කළත් ඔබගේ අනන්‍යතාව තිබෙන්නේ තාල වාද්‍ය භාණ්‌ඩ වාදනය සඳහායි. එහෙම නේද?
එහෙම බෙදා වෙන් කරනවට මම කැමැති නැහැ. ජනතාව විසින් සමහර වෙලාවට එහෙම බෙදා වෙන් කරගන්න හදනවත් ඇති. කොහොමටත් මගේ ගොඩක් නිර්මාණ බිහිවෙන්නෙ තාල වාද්‍ය භාණ්‌ඩ සමග. සංගීත අංශයේ නිර්මාණ දැන් තමයි බිහිවෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් සංගීත අංශයේ නිර්මාණත් බිහිවුණහම එහමෙ බෙදා වෙන් කිරීමක් සිදුවෙන එකක් නැහැ.
තාල වාද්‍ය භාණ්‌ඩ අංශයෙන් කොපමණ දුරක් ගිහින් තිබෙනවාද?
තාල වාද්‍ය භාණ්‌ඩ ගැන අත්දැකීම් ලබලා තිබෙනවා. ලෝකෙ වටේ සංචාරය කරලා දවුල, තම්මැට්‌ටම, ගැටබෙර, පහත රට බෙර කියන හතර ගැන අධ්‍යයනය කළා. ඒ හතර තමයි ලෝකෙ ජයගන්න තිබෙන භාණ්‌ඩ හතර. එය අපේ ලංකාවට උරුම වූ බෙර වර්ග හතරක්. ඒවා අධ්‍යයනය කරලා මා විදෙස් රටවලදී ලොකු වැඩකොටසක් කර තිබෙනවා. තවත් අත්දැකීම් ලබාගෙන ඉදිරියට යන්න තමයි සූදානම.
ලාංකීය දේ ජාත්‍යන්තරට ගෙන යන්න ඔබට ගොඩක් ඉඩ ප්‍රස්‌ථාව ලැබෙනවා. එයින් උපරිම දෙයක් කරනවා කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම. මම ගොඩක් දුරට වැඩකරන්නේ චන්න
විඡේවර්ධන් සමග. ඔහුට තමයි ගොඩක් ජාත්‍යන්තර සබඳතා ඇතිවන්නේ වගේම ආරාධනා ලැබෙන්නේ. ඉතිං ඔහු සමග මම නිරතුරුවම වැඩකරන නිසා ඔහුගේ සියලුම සංගීත ඛණ්‌ඩ මම තමයි නිර්මාණය කරන්නේ.
නමුත් ලෝක කුසලානයට ඔබ ඉදිරිපත් කළ අංගය ගැන විචාරකයන් විවිධ මත පළ කළා නේද?
ඔව්. ඕන විචාරකයෙකුට විවිධ මත පළකරන්න පුළුවන්. මා දකින හැටියට අපේ රටේ වැඩක් කරන මිනිසුන්ට වැඩක් කරන්න
දෙන්නේ නැති ජාතියක් සිටිනවා. ඔවුන් වැඩක් කරන්නෙත් නැහැ. එවැනි පුද්ගලයන්ට පුළුවන් විචාරක ලිපි ලියන්න විතරයි. මට හැඟෙන හැටියට අපිට ලැබුණු සුළු ඉඩප්‍රස්‌ථාව ඇතුළත් අපේ අගංයන් සියල්ලම වගේ ලෝකයට පෙන්වීමට කටයුතු කළා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි නම් ඒවාට සැලෙන්නේ නැහැ. අනික අපි කරන දේ හරි කියලා අපි දන්නවා.
ඇයි මේ රියෑලිටි වේදිකාවේ විනිසුරුවෙක් ලෙස කටයුතු කරන්නේ ?
රියෑලිටි වේදිකාවල විනිසුරුවෙක් වෙන්න කියලා ආරාධනා ලැබුණා. ඉතිං මා ලබාගත් දැනුම අනුව යම්කිසි කෙනෙකු විනිශ්චයට ලක්‌කරලා ඔවුන්ව දැනුවත් කරන්න එවැනි වැඩසටහන්වලට සහභාගි වෙනවා.
රියෑලිටි වැඩසටහන් අපේ රටට සුදුසුයි කියලා හිතනවාද?
ඇත්තටම සුදුසුයි. මොකද දන්නවාද?. අපි කලාවට පැමිණියේ ස්‌වෝත්සාහයෙන්මයි. අපිට අතහිත දෙන්න කවුරුවත් හිටියේ නැහැ. අපි කුසලතාවන් පෙන්වල යමක් කරපු නිසානෙ මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නේ. එවැනි දක්‍ෂයන් දහස් ගණනින් ගම්වල සිටිනවා. ඔවුන්ට අතහිත දෙන්න කෙනෙක් නැහැ. එවැනි පුද්ගලයන්ටත් හැකියාවන් පෙන්වන්න රියෑලිටි වේදිකාව හොඳ අවස්‌ථාවක්.
අද කාලේ ඕනෑම ජනප්‍රිය චරිතයක් තම ජනප්‍රියතාව රැකගන්න ඕනෑම දෙයක් කරනවා. ඔබත් එහෙමද?
අපි කරන දේ උපරිමයෙන් කිරීම තමයි ජනප්‍රියතාවට සහ ර¹ පැවැත්මට හේතුව. හෑල්ලුවට ලක් කරලා සුළුවෙන් හිතලා යමක් කරන කලාකරුවන් ඇගයීමට ලක්‌කෙරෙන්නේ නැහැ. මා උගත් දේ හරියට කරන්න තමයි හැම තිස්‌සේම උත්සාහ කරන්නේ. එහෙම වුණොත් තමයි ජනප්‍රියත්වයේ ර¹ පැවැත්ම දිගමට පවතින්නේ.
මේ සියලු වැඩකටයුතු මැද්දේ දුවගේ සහ බිරිඳගේ වැඩකටයුතුවලට කාලය වැයකරන්නෙ
කොහොමද?
ඉතාමත්ම කාර්ය බහුල ජීවිතයක් ගෙවන මම දවසට පැය දෙක තුනක් ඔවුන්ගේ
වැඩකටයුතුවලට කාලය වෙන්කර ගන්නවා. මොකද මේ මොන දේ කළත් අන්තිමේ ඉතුරු
වෙන්නේ පවුල් ජීවිතය විතරයි. අනික මම කාලසටහනක් අනුව වැඩකරන්නේ නැහැ. මට පුළුවන් අවස්‌ථාවල ඔවුන්ගේ වැඩකටයුතුවලට දායක වෙනවා.
අද දවසේ ලාංකීය ගායන ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ ?
රියෑලිටි වැඩසටහන් හරහාත් ගායක ගායිකාවන් බිහි වී ගෙන එනවා. මමත් එවැනි රියෑලිටි වැඩසටහන්වල විනිසුරුවෙක් ලෙස වැඩකරල තිබෙනවා. එහිදී දැක්‌ක දෙයක් තමයි යමක් හදාරලා ක්‍ෂේත්‍රයට පිවිසෙන පිරිස
බොහොම අඩුයි කියලා. 75% ක්‌ම යම්කිසි හර පද්ධතියකින් තොරවයි රියෑලිටි
වැඩසටහන්වලින් තරු
බිහිවෙන්නේ. සහජ කුසලතාව පමණක් ඔවුන්ගේ ඇඟේ තිබෙනවා.
දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන
copy Rights - Divayina
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:41 PM 1 comments



