පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලූවෙ ‘ලු’
කුවණ්ණා..
හිරු සඳු ම පමණක් ම
දෙස් දිදී වළදැමුව
අතීතය කිසිවෙකුත් නො දන්නා
ඒ රහස ගුගුරපන් කුවණ්ණා
(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය සංකල්පනාවකින්)
ඉතිහාසයේ අන් කවරදාටත් වැඩියෙන් මේ දිනවල දිනපතා පුවත්පත් හා පුවත්
වෙබ් අඩවි කෙරෙහි අවධානය යොමු කළ විට ‘ඉතිහාසය සොරකම් කිරීමේ’ සිදුවීම් වලට
අදාළව බොහෝ උණුසුම් පුවත් දිග හැරෙනු දැකිය හැකිය. රට වටා නිධන් සොරකම්,
කිසිවෙකුගේ හෝ ඕනෑ එපාකම් මත ආරක්ෂක අංශ නිධන් හාරන බවට සාධාරණ සැක සංකා
සහිත සිදුවීම්, ජාතික කෞතුකාගාරයෙන් ඓතිහාසික වටිනාකමකින් යුතු කඩු
සොරාගැනීම, ආණ්ඩුව විසින් නිධන් හෑරීම කළ යුතු බවට ආණ්ඩුව නියෝජනය කරන
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද
හිමියන් ප්‍රද්ධියේ පිළිගැනීම, පුරාවස්තු කොල්ලකන්නන් අත්අඩංගුවට ගැනීමට
නොහැකි ආණ්ඩුවක ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය විසින් ‘පුරා වස්තු
පිළිබඳ නීති’ සංශෝධනය කිරීම, නීති සංශෝධනය වුවත් දඬුවම් ලබන්නට කිසිවෙකුත්
නැති නිසා බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ගෙන්වන ලද යන්ත්‍ර නිධන් හෑරීම සඳහා
යොදාගැනීම දක්වාම මෙම මෙම වැඩපිළිවෙළ කූටප්රාප්තියට පත්ව තිබේ.
බලය ඇති පිරිස් පවත්නා බලය තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන්
මිථ්‍යාදෘෂ්ටික ඇදහීම් ඓතිහාසික වටිනාකම් සමග ඈඳාගැනීම නිසාත්, බලය නැති
පිරිස් එකී බලය අත්පත් කර ගැනීම උදෙසා දිගින් දිගටම සාම්ප්‍රදායික චාරිත්‍ර
වාරිත්‍රවල එල්බගෙන කටයුතු කිරීම නිසාත්, මේ දෙපාර්ශවය ද ඇතුළත්ව අඩු වැඩි
වශයෙන් අතරමැදියන් හුදු ආර්ථික වාසි අරභයාද ඉතිහාසය සොරකම් කිරීමේ නිරතව
සිටිති. බැලූ බැල්මට නීති විරෝධී ලෙස පෙනෙන හා ඒ බව නීති පොත්වල ලියා ඇති
මුත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙයි. මෙම නීති විරෝධී කටයුත්තේ නො යෙදන
උදවිය පවා පවත්නා දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ කොහේ කොතනකින් හෝ නිධානයක් හෝ
මතුවී තමාට වාසනාව ගෙන එනු ඇතැයි යටි සිතින් ආශාකරමින් සිටිති. මෙම
ක්‍රියාවලියට සංස්කෘතික සමපාතිත්වය මේ මොහොතේ ප්‍රධාන ධාරාවේ සිනමාව විසින්
නොපැකිළිව සපුරාලමින් තිබේ.
ඓතිහාසික සිදුවීම්, පුරාණෝක්ති, සාම්ප්‍රදායික කතන්දර දැවැන්ත සිනමා
නිර්මාණයන් ලෙස කරළියට නැගෙමින් ඇත. එමගින් බරපතළ සමාජ- දේශපාලනික විරෝධයක්
මතු නොකෙරෙන නිසාත්, පාලකයින්ගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළට ඓතිහාසික
යුක්තියුක්ත භාවයක් ලබාදීම නිසාත් බලය ඇති පිරිස් මෙම සිනමාවට කැමතිය.
පවත්නා තත්ත්වය අර්ථ දක්වා ගන්නට දැනුමක් හෝ තත්ත්වය වෙනස් කිරීමට
වැඩපිළිවෙළක් හෝ නැති , සාම්ප්‍රදායික, වැඩවසම් හා මිථ්‍යාදෘෂ්ටික ඇදහීම්,
විශ්වාසයන් තවදුරටත් කරපින්නාගෙන වේලාව එනතුරු බලා සිටීමේ කාංසාව මෙමගින්
තාවකාලිකව සමනය කරන නිසාම බලය නැති පිරිස් ද මම සිනමාවට කැමතිය. මෙම
දෙපාර්ශවම ඇතුළත් විය හැකි හා ඇතැම්විට සෘජු සබඳතාවක් නොදක්වන සිනමාකරුවන්
යයි කියා ගන්නා අතරමැදි වෙළෙඳුන් හුදු ආර්ථික ලාභය පමණක් පෙරදැරිකරගෙන
දිගින් දිගටම සිය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් සිටිති.
මින් පළමු ගණයේ පිරිස් තමන් කරන්නේ නීති විරෝධී හා සදාචාර විරෝධී
කටයුත්තක් බව දැන දැන තමන් කෙරෙහි වූ වරදකාරී හැඟීමෙන් යුතු වූවන් වන අතර ඒ
නිසාම ඇතැම්විට රාජ්‍ය බලයද තවත් විටෙක දේශපාලන බලයද උපයෝගී කරගනිමින්
නීතියෙන්ද, තමන් කෙරෙහි එල්ලවිය හැකි චෝදනා වලින්ද ඇඟ බේරා ගැනීම සඳහා
උත්සාහයක් ගනිමින් සිටිති. එකී උත්සාහයන් අතැම්විට වඩ වඩාත් තමාව ම
හෙළිදරව් කරමින් හත්පොළේ ගාගන්නා සිදුවීම්ද විය හැකිය. ඒවා බොහෝවිට කිසියම්
කෙනකු විසින් මහවිලච්චියේ විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදා නිධන් හෑරීමෙන්
පසු විටෙක පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාද, තවත් විටෙක පොලිස්පතිවරයාද විසින්
නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන වලට සමාන විය හැකි අවස්ථා වැඩිය.
එහෙත් දෙවෙනි ඝණයේ ඊනියා සිනමාකරුවන්ට හෘද සාක්ෂියක් නොමැති නිසා
වරදකාරී හැඟීමක් දැනවීමක් සිදුනොවන අතර තමන් තවදුරටත් ජාතියේ දේශයේ යුග
මෙහෙවරක් ඉටුකරනු ලබන දේශප්‍රේමීන් ලෙස පෙනීසිටීමට හැකියාව ලැබෙනු ඇත.
වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ තමාට කළ කී හැකි දෙයක් නැතිවා වුවද
ඊනියා පොදු ජනයාට පළමු ගණයේ පිරිස් අපරාධකරුවන් යයි කියනු හැකි මුත්(එල්ලාවල මේධානන්ද
හිමි හැරුණු විට) දෙවෙනි ගණයේ පිරිස් විසින් සිදුකරනු ලබන මංකොල්ලය
කිසිසේත්ම වටහාගනු නොහැකිය. ඒ නිසාම මොවුන්ට ජාතක කතා පොත, පුරාණෝක්ති,
බුදු දහම, ඇදහිලි හා විශ්වාස, පත එකට සිඳ මිලි. මීටර් 35 පටල පටයේ අතුරා
රිසි සේ අනුභව කළ හැකිය. එය කෙතරම් ලාභදායි කළු කඩ ව්‍යාපාරයක් වී ඇත්ද යත්
එක් චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට හෝ මත්තෙන් ඊළඟ කෘතිය ආරම්භ කළ
හැකිය. සුගත් සමරකෝන්ගේ ‘විජය කුවේණි’ තිරගත වන්නට පෙර ‘රාවණා පුවත’වෙනුවෙන්
අත දිගහැර මුදල් වියදම් කරන්නට නිෂ්පාදකයා ඉදිරිපත්වීම එක් නිදසුනක් පමණි.
සිනමා කර්මාන්තය කඩාවැටී ඇති බවට අවලාද නැගෙන රටක එය සැනසිලිදායක පුවතක්
වනු ඇති වුවත් එය විසින් පසක් කරනු ලබන කෲර යථාර්ථය වැඩියෙන් භයානක බැව්
බොහෝ දෙනකුට නොවැටහෙයි.
විජය කුවේණි පුරාවෘත්තය
ඇතැමුන් අභූත චෝදනා එල්ල කළද සුගත් සමරකෝන් විසින් ලාංකේය ඉතිහාසය
විකෘති කර ඇතැයි අපි නොකියමු. මන්දයත් ලාංකේය ඉතිහාසය යනුම විකෘතියක්
බැවින් එහි කිසිවෙකුටත් අමුතුවෙන් විකෘති කිරීමට තරම් දෙයක් ඉතිරිව නොමැති
බැවිනි.
වසර 2500 ටත් වැඩි නිර්මල සංස්කෘතියක්, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇතැයි කියන දේශප්‍රේමීන් විසින් නිතර දෙවේලේ කරතබාගෙන යන ‘මහාවංශයට’ අනුව විජය යනු විෂමාචාර ගති ගුණවලින් හෙබි විකෘති අදහස් ඇති අයෙකි.
‘විජයෝ විසමාචරෝ ආසි තම්පරිසා පිච
සහසාකි අනෙකාසි දුස්සහානි කාරිම සුතේ’
මෙම පාලි යෙදුමට අනුව විසමාචරෝ ආසි යනු ‘විකෘති අදහස් ඇත්තෝ’ යන්නයි.
තම්පරිසාපිච යනු ‘ඔහුගේ පිරිසද විකෘති අදහස් ඇත්තෝය ’ යන්නයි. සහසාර්කි යනු
‘ස්ත්‍රී දූෂණ, මං පැහැරීම, ගම්පැහැරීම වැනි සැහැසිකම් කරන්නෝය’ යන්නයි.
විජය තම්බපණ්ණියට ගොඩබසින විට මෙහි ‘නසන්ති මනුජා ඵත්ථ’(මෙහි මිනිසුන් නැත)
යි මහාවංශ කතුවරයා ලියා ඇත. මෙහි වාසය කර ඇත්තේ යක්ෂණියන්ය. වලාහස්ස
ජාතකයට අනුව තම්බපණ්ණි දිවයිනේ විසූ යකින්නන් නැව් බිඳ විපතට පත්වූ
වෙළෙන්දන් මරා ඔවුන්ගේ මස් අනුභව කොට ඇත. (ජාතකට්ඨ කතා පිටු-92-93).
සිංහලයේ ආරම්භය ගැන කියන බෞද්ධ සංස්කෘත කෘතියක් වන ‘දිව්‍යදානය’
යෙහි සිංහ කේශරී නම් රජුට හමුවන්නේ රාක්ෂියකි. රටේ ඉපැරණිම වංශ කතාව වන
දීපවංශයට අනුව විජය ලක්දිවට ගොඩබැසීමේ කතා පුවත සඳහන් වුවද එහි යක්ෂණියන්
හමුවූ බවක සඳහන් නොවේ.
ඒ අනුව විජයට කුවේණිය හමුවීමේ කතාව හෝ ඔහු පඩු රජ දූ කුමරියක් විවාහ කර ගැනීමක් පිළිබඳ දීපවංශයේ නැත. තතු මෙසේ තිබියදී ආචාර්ය ශිරාන් දැරණියගල පෙන්වා දුන් පරිදි විජයාගමනයට වසර 300 ට පෙර මෙරට දියුණු ගම්මානයක්, ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එහෙත් ආචාර්ය ජී. සී මෙන්ඩිස්ට අනුව විජයාගමනය හා බැඳුණු ඓතිහාසික පුවත් හුදු කථාන්දරයක් පමණි. හෙතෙම මෙසේ ලියයි.
‘විජය පුරාවෘත්තයෙන් සැබෑ සිද්ධීන් කිසිවක් ගැන සාක්ෂි නො ලැබෙන
බවත්, එය එක් කෙනකු හෝ ඊට වැඩිදෙනකු හෝ විසින් රචනා කරන ලද මනඃකල්පිත
කථාන්දරයක් බවත්, එහි රචකයන් තත්කාලීන ඉන්දියාවත් ලංකාවත් ගැන දැන සිටි
කරුණු අනුව ගලපා ඒ කතා පුවත සකස්කර ඇති බවත්, මිනිස් ගති හා මිනිස් කටයුතු
ගැන ඔවුන් පිළිගෙන සිටි අදහස් හා විශ්වාසයන් ඒ කථාන්දර කෙරෙහි බලපා ඇති
බවත් අපට නිගමනය කළ හැකිය. ’
(ලංකා ඉතිහාසයේ ගැටලු/පිටුව.58)
මේ අනුව ලාංකේය ඉතිහාසය තුළ විජය සෙවීමේදී අප විශ්වාසය තැබිය යුත්තේ
දීපවංශ කතුවරයා කෙරෙහිද, මහාවංශ කතුවරයා කෙරෙහිද, ජාතක කතාකරුවා කෙරෙහිද,
දිව්‍යදාන කතුවරයා කෙරෙහිද, ශිරාන් දැරණියගල කෙරෙහිද, ජී. සී මෙන්ඩිස්
කෙරෙහිද යන්න පැහැදිලි නොවේ. එහෙත් එක් දෙයක් පැහැදිලිය. මේ මොහොතේ අප පය
ගසා සිටින නිශ්චිත දේශපාලන, සමාජීය කාරණාවන්ට අදාළව අප විසින් අතීතය දෙස
ප්‍රිස්මයකින් බලනා බවය. වෙනත් අයුරකින් සඳහන් කරතොත් අපේ අතීතය අපට රිසි
අයුරින් කපා කොටා කිරා මැන ආඛ්‍යානයක් ලෙස ගොඩනගන බවය. සැබවින්ම එය
ඓතිහාසික ක්‍රියාවලියක් නොව කාලීන අවශ්‍යතාව මත සිදුකරනු ලබන තක්කඩි
ක්‍රියාවකි.
මේ මොහොතේ අප ගෙවාදමමින් සිටින්නේ 21 වන සියවසයි. ලාංකේය භූ දේශපාලන
සිතියම තුළ කප්කෙළක් ගැටලු හා අර්බුදවලට හේතුව ලෙස දකුණේ ජන සමාජයට
පිළිගන්නට බලකරනු ලැබූ උතුරේ ප්රභාකරන් හා ඔහුගේ අනුගාමිකයින්ගේ
ක්රමවිරෝධී දේශපාලනය නන්දිකඩාල් කළපුවෙන් හමුවූ ප්රභාකරන්ගේ හිස්
කබලත් සමගින් අවසාන වූ යුගයක ය. යුද්ධය නිමාවී තෙවසරක් ඉක්ම ගොස් ඇතත්
ලාංකේය සමාජයේ ඔඩුදුවා ඇති අර්බුද විසඳීමට තබා හඳුනාගන්නට හෝ සමත්භාවයක්
නොදක්වන පාලකයින් මෙන්ම අනුගාමිකයින් ප්රභාකරන් නොමැති කාංසාවෙන් පෙලෙමින්
සියලු අර්බුදවලට හේතු ආරෝපණය කිරීම සඳහා මහා සතුරෙක් සොයමින් සිටින
යුගයකය. එකී සතුරා විටෙක අල්ලපු වැටේ අන්‍යාගමිකයා විය හැකිය. මුන්නේශ්වරම කාලි කෝවිලට එරෙහි හඬ, දඹුල්ල
පුද බිමේ ඉස්ලාමීය ඉදිකිරීම් වලට එරෙහි හඬ එහි දෘෂ්ටිවාදී ප්‍රකාශනයන්වලට
මෑත කාලීන නිදසුන්ය. එසේම අමෙරිකාව ප්රමුඛ බටහිර අධිරාජ්‍යවාදයද මේ මොහොතේ
වඩා ඔසවා තැබිය හැකි හොඳම ගණයේ සතුරෙකි. මෙම සතුරන්ට මුහුණදීම හෙවත් තමාගේ
බාධාව හෝ නොහැකියාව අනුන්ට ආරෝපණය කොට පාලනයේ ඒකමිතිකභාවය තවදුරටත් ආරක්ෂා
කරගැනීම සඳහා අනාගත දැක්මක් නොමැති පාලකයින්ටත් ජාතියකටත් කළ හැක්කේ පැරණි
හමස් පෙට්ටිවල බහා ඇති පුරාණෝක්ති, මිථ්‍යා ඇදහීම්, විඤ්ඤාණවාදී භාවිතාවන්
කෙරෙහි පසුබැසීමය. ඒවා මහාර්ඝ වස්තුන් හා ජාතික උරුමයන් සේ උලුප්පා
දැක්වීමය. එහෙත් එහිදී ඒවා තවදුරටත් පැරණි සංදර්භයන්හි පැරණිම අර්ථයෙන් ,
පැරණි මාධ්‍යයක ඔස්සේම ගෙනහැර පෑ නොහැකිය. මන්දයත් අප 21 වන සියවසේ
පුරවැසියන්ය. එබැවින් කළ යුත්තේ පුස්කොල පොත්වල පන්හිඳෙන් කුරුටු ගා
කළුමැද කියවූ කතන්දර අලංකාර පිටකවර සහිත මුද්‍රිත අකුරු බවට පත්කිරීමය.
අන්තර්ජාල ගත කිරීමය. අතීතයේ පිරිසක් මැද මහ හඬින් කියවූ , රඟ දැක්වූ ජාතක
කතා හෝ පුරාණෝක්ති මි. මි 35 සෙලියුලොයිඞ් පටලපට ඔස්සේ සිනමාශාලාවකට ගෙන
ඒමය. එහිදී ඇතැම් පුරාණෝක්ති, කතන්දරවල අන්තර්ගයෙන් මේ මොහොතට අවාසිදායක
කොටස් හළා වාසිදායක කොටස් එකතුකර ගැනීමත්, ඒවාට නව අර්ථකථන දීමත් නිතැතින්
සිදුවෙයි. එවිට අතීතයේ කෙඳිරිගෑම් වර්මානයේ මහා හඬක් බවට පත් කළ හැකිය. මේ
මොහොතේ සිදුවෙමින් පවත්නේ එයයි. සුගත් සමරකෝන් ට ‘විජය කුවේණි’ගෙන
ඒමේදී ‘මහාවංශය නොකී අපේ වංශයේ රැජිනකගේ කතාව’ යනුවෙන් එහි තේමා පාඨය සටහන්
කරන්නට සිදුවීමේ රහස එයයි. ‘මුන්නේශ්වරම් කාලි කොවිලේ වාර්ෂික පුද පූජා
සඳහා රැගෙන ගිය එළුවන් කුකුළන් දේවාල භූමියේ මරාදැමීම බලාසිටීම සිංහල-
බෞද්ධ අපට තරම් නොවේ’ යයි කියා එකී සතුන් මස් කඩයට දැක්කීම සඳහා තම
හිතවතුන්ට ලබාදුන් ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා ‘විජය කුවේණි’
චිත්‍රපටයට නොමිලේම රංගන දායකත්වය ලබාදීමේ අරුමය එයයි. එබැවින් වඩා වැදගත්
වනු ඇත්තේ මහාවංශය කරතියාගෙන ගියවුන්ම එය බිමින් තැබූ තැන කොතනද යන්න
පිරික්සීමයි.
විජය කුවේණි සිනමා සිත්තම හා කාලීන අවශ්‍යතාව
වසර 2500 ටත් වඩා ඉපැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇතැයි
කියනා සිංහල ජාතිය විජය නමැති දාමරිකයෙකුගෙන් පැවත එන්නේයයි විශ්වාස කිරීම
දැන් දැන් හිතට මදිය.
විජය යනු එසේ මෙසේ දාමරිකයෙකු නොව කළ සැහැසිකම් ඉවසනු නොහැකිව මහජනයා
විසින් කරන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙස පිය රජු විසින් එළවා දැමූ එකෙකු
බව පිළිගැනීම බොහෝ වේදනාකාරිය. අනෙක් අතට විජයගේ පියා වන සිංහබාහු
තිරිසනෙකුට(සිංහයෙකුට) දාව උපන් විකෘතියකි. (ප්‍රකෘතිය තිරිසනෙකු ම විය
හැකිව තිබිණි.) එසේම සිංහබාහු සහේට ගනු ලැබුවේ තමාගේම සොහොයුරිය වූ සිංහ
සීවලී කුමරියයි. කුවේණි ආච්චිය ද තමන්ට මදන කුලප්පුව සෑදීම නිසා සනුහරේම
කඩුගෑම සඳහා විජය වෙනුවෙන් මහන්සි වී ඔහුටම හාන්සි වූවාය. එබැවින් එකී
ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ම අශිෂ්ට හා පාවාදීමේ ක්‍රියාදාමයකිනි. අපරාධ
වැලකිනි. රජමාළිගයෙන් එළවාදැමූ දරු දෙදෙනා වන ජීවහත්ථ හා දිසාලා යන අයිය
නගෝද එකට පවුල් කෑමෙන් වැදි ජනයා පැවත එන බව කියැවෙයි. මෙකී කතන්දර සියල්ල
මේ මොහොතේ සිංහල- බෞද්ධ අභිමානයට කැළලකි. අල්ලපු වැටේ අන්‍යාගමිකයා සමග
රණ්ඩු අල්ලද්දී එය අවාසියකි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් පාඨ කියද්දී
ශිෂ්ටත්වයට තරම් නොවන සිදුවීම් නිසා වචන ගොත ගැසෙන්නට ඉඩතිබේ. ඉදින් මෙම
පුරාණෝක්ති, ලියැවිලි වහ වහා වෙනස් කළ යුතුය.
ජැක්සන් ඇන්තනීගේ ‘අබා’ගෙන් ඇරඹි ‘මහින්දාගමනය’ , ‘කුසපබා’ ආදී රැල්ල පිළිබඳ ඔදවැඞී සිටින අප පරපුරේ සිනමා විචාරකයෙකු වන නුවන් නයනජිත් ‘විජය කුවේණි’ සලරුවේ වැදගත්කම හා නිර්මාණශීලිත්වය පිළිබඳ කදිම අටුවාවක් ලියයි. එහි තැනක මෙසේ සඳහන් ය.
‘තරුණ පෙළත්, මතු පරම්පරාවත් මේ ව්‍යසනයෙන් රැකගනු පිණිස සියලූ
ප්‍රඥාවන්තයන් ඒකරාශීව ධර්ම- විනය සංඝායනාවක්, භාෂා සංඝායනාවක් හා ඉතිහාස
සංඝායනාවක් සිදුකිරීම කාලීන වශයෙන් අතිශයින් ඖචිත්‍ය වේ. මන්ද යත් අපේ
සැබෑ ඉතිහාසය භාරතීයයන්ගෙන් මතුනොව විවිධ බටහිර ජාතීන්ගෙන් හා නව යටත්
විජිතවාදය වපුරන්නන්ගෙන් විකෘති වී ඇති බැවිනි. ’
(සිළුමිණ/පුන්කලස/27-05-2012 )
නුවන් පෙන්වාදෙන පරිදි භාරතීයයන් හා නව යටත්විජිතවාදය වපුරන්නන් නිසා
විකෘතිවී ඇති ඉතිහාසය පරවන කෘති කිරීම උදෙසා සුගත් සමරකෝන් දක්වා ඇති
උත්සාහය කෙටියෙන් හෝ විමසා බැලිය යුතුය.
‘ විජය කුවේණි’ කතාව චිත්‍රපටය ආරම්භයේ කුවේණිය විජය සමග ද්වන්ධ සටනක්
කරයි. වෙනත් අයුරකින් කිවහොත් ඉපැරණි ඉතිහාසයේ ලාංකේය ස්ත්‍රිය පිරිමියාට
අභියෝග කරයි. ඔහු සමග කරට කර සටනක් දෙයි. බටහිර ස්ත්‍රීවාදි කතිකාව
ගොඩනැගෙන්නටත් මත්තෙන් අපේ රටේ ස්ත්‍රිය පිරිමියා සමග කරට කරට සිටි බව
එයින් ගම්‍ය කෙරෙයි. එය සුද්දන්ට චණ්ඩි පාට් එකක් දැමිය හැකි තරමේ ආඩම්බර
විය හැකි කරුණකි. එහෙත් හිටි අඩියේම ඇඳට ගොඩවෙන්නට මත්තෙන් පිරිමියාට වැඳ
නමස්කාර කරයි. රැජිනක් වුවද රජෙකුට යටත්ව සිටිය යුතු බව සුගත්ගේ වැඩවසම්
පිරිමි මනස ආඛ්‍යානයට කරදර කරයි.
‘තිගේ නම කුමක්ද.. ? ’
‘ක්වේණි’
‘ක්වීන් ’කියන්නේ රැජිනක් කියන අර්ථය. ඒ කියන්නේ ඔබ රැජිනක්’
විජය රජු නොපැකිළිව කියා සිටියි.
බටහිර අධිරාජ්‍යවාදීන් පෙරදිගට කඩාවදින්නට ප්‍රථම විජය රජු ඉංග්‍රීසි
දැන සිටි බව එයින් පසක්වෙයි. ඒ නිසාම මෙම සිනමා ප්‍රවණතාව තවත් ඉදිරියට
යද්දී ‘සුද්දන්ට ඉංග්‍රීසි උගන්වා ඇත්තේ ද අපිම ය’ යන්න පෙන්වා දෙන්නට හැකි
වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.
දිව්‍යදානයට අනුව ලක්දිව රාක්ෂයින් සිටි බව පැවසීම, මහාවංශයට අනුව
යක්ෂයින් සිටි බව පැවසීම, රටේ ආදිතමයන් රාවණ යුගයේ මිනී මස් වැළඳූ බව
රාමායණයේ සටහන්ව තිබීම, සිංහලයින් විජය නම් දාමරික පිටස්තරයාගෙන් පැවත ඒම
මේ යුගයේ දේශප්‍රේමයට මරුපහරක් නිසාම සුගත් ඒ පිළිබඳ සවිඥානික වෙයි.
ඒ අනුව විජය පැමිණෙන විට තම්බපණ්ණියේ පාලකයෙකුගේ විවාහ මංගල්‍යයකි. එය
යක්ෂද්වීපයද, හෙළදීපයද යනුවෙන් විටෙන් විට හඳුන්වාදෙන භූමියේ පාලක පක්ෂයේ
ප්‍රධානියෙකු(මර්වින් සිල්වා) නව යුවළට ආශිර්වාද කොට අවසානයේ පවසන්නේද
මෙවැන්නකි.
‘මේ යක්ෂද්වීපයේ හෙළ භූමියේ හෙළදරුවන් දහස් ගණන් බිහිවේවා.. ’
ඒ අනුව විජය පැමිණෙන විටත් මේ රටේ සිටියේ සිංහලයින් යයි පැවසීම මේ
මොහොතේ වඩා වැදගත්ය. ඔවුන් ව්යවවහාර කරන්නේද පැහැදිලි සිංහලය. ‘සිංහල
සාහිත්‍යයේ නැගීම’ කෘතියේ හෙළයේ මහා ගත්කතුවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ
‘විජය කුමාරයාට පෙර ලක්දිව විසූවන්ගේ භාෂාව හෝ විජය කුමාරයාගේ ඔහුගේ
පිරිසගේ භාෂාව හෝ කුමක්විය හැකිදැයි නිශ්චය කළ හැකි නොවේ. ’ යයි පැවසීම
වැරදිය. සිංහලයාට මදි පුංචි කමකි. ඒ නිසාම මහා ගත් කතුවරයාට වැරදුණු තැන
නිවරදි කරමින් සුගත් සමරකෝන් හෙළදිව සිටියවුන් ද, මෙරටට ගොඩ බසිනවුන් ද පිරිසිදු සිංහල කතා කළ බව ‘විජය කුවේණි’ සිනමා කෘතියෙන් පෙන්වාදෙයි.
අනෙක් අතට මහා වංශයද, රාමායණයද දක්වන පරිදි මෙරට ආදිතමයන් ම්ලේච්ඡ මිනී
මස් බුදින්නන් බවට ගෙනහැර පාන තොරතුරු වෙනුවට නිරන්තරයෙන් පලතුරු අනුභව
කරන පිරිසක් අපට මුණගැස්වීමට තරම් චිත්‍රපටය පැරණි පුරාණෝක්තීන්වලට වඩා
ඉදිරිගාමීවෙයි. පලතුරු ආහාරයට ගන්නා උදවිය මස් මාංශ ආහාරයට ගන්නා උදවියට
වඩා අහිංසකය. තම ස්වාමිදුවට ආහාරපාන ගෙන එන කුවේණියගේ සහායිකාව හෙවත්
සිස්සපටිකාගේ පලතුරු කූඩයේ තිබී අවසාන මොහොතේ මිනිස් අතක කොටසක් බිම වැටුණද
එය කුමන්ත්රණයක ප්‍රතිඵලයක් විනා සැබවින්ම ඔවුන් මිනී මස් බුදින්නන් නොවන
බව සිනමාකරුවා අපට ඒ වන විටත් ඒත්තු ගන්වා අවසන් ය. ඒ නිසාම ඇය
ප්‍රේක්ෂකයාගේ අනුකම්පාවට පාත්‍ර වෙනවා මිසක වෛරයට පාත්‍ර නොවේ.
‘අපේ හෙළ භූමිය ආක්‍රමණය කළ පාහරයෝ’ විජයගේ සේනාවේ ග්‍රහණයට නතුවූ පුරාණ හෙළයෝ කෑ ගසා කියති.
‘මා අසා තියෙනවා තා සතෙකුගේ පුතෙකු බව’ විජයට එරෙහිව අවසන් සටනට
නායකත්වය දුන්නු හෙළයා සමුරායි වරයෙකු සේ සිය අතින් පිහියෙන් ඇණ ගෙන මිය
යන්නට මොහොතකට පෙර විජයට කියා සිටියි. එය කිව යුතුව තිබුණේ විජයගේ පියාට
වුවද, පුතු විසින් එකී පණිවිඩය පිය රජු කරා ගෙනයාවි යයි සිතූ නිසා හෝ පිය
පුතු මාරුවීම නිසා හෝ එසේ කියවනු ලබයි.
ඒ අනුව අප විජය නමැති පිටස්තර ආක්රමණිකයාගෙන් පැවත එන්නන් නොවේ. මෙරට
සිංහලයාගේ ඉතිහාසය විජයාගමනයට පෙර සිටන් පැවත එන බව අධ්යක්ෂවරයා අපට එයින්
ගම්‍ය කරවයි. අනෙක් අතට චිත්‍රපටය තුළ අවසන් වතාවටත් විජයගේ මාළිගාවට
ස්වදේශිකයන් විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයට මත්තෙන් ඊට නායකත්වය දුන්
ජුතින්දර විසින් බලා කියා ගත් දරුවන්ට කියන්නේ ‘හෙට දවසේ ඉර බැසගෙන යන්නට
මත්තෙන් අප යළි නො පැමිණියහොත් උඹලා අර ඈත පෙනෙන සිරිපාද අඩවිය දෙසට ගිහින්
ජීවත් වෙයල්ලා’ කියාය. ඒ නිසාම ‘විජය කුවේණි’ චිත්‍රපටය තුළ මෙරට ස්වදේශීය
ජාතිකයන් සියල්ල සමූල ඝාතනය නොවී කුඩා දරුවන් පිරිසක් ඉතිරිවන බව පසක්
කරවයි. එනම් ‘පුලින්දයන්’ බවට පත්වූ ජීවහත්ථ- දිසාලාට අමතරව පැරණි සිංහල පරපුර අඛණ්ඩව පවතින බව සුගත් සමරකෝන්
අපට උගන්වයි. එබැවින් විජයගෙන් පැවත එන්නේ යයි කියනු ලබන නිසා මේ මොහොතේ
කිසිවෙකුට යම් අවනම්බුවක් වීනම් විජය කුවේණි චිත්‍රපටය තුළින් එකී වරදකාරී
හැඟීම සමනය කරගන්නට අවස්ථාව උදාවේ.
විජය කුමරු ලංකාවට ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බවට මහා
වංශයේ සඳහන් වුවද, චිත්‍රපටය තුළ කුවේණියගේ ඇඳුම් සිල්ක් රෙද්දෙන් නිමවා
තිබීමෙන් හා ඇයගේ රෝස පැහැති යට ඇඳුම පවා පැහැදිලිව පෙන්වීමෙන් රෙදි
කර්මාන්තයෙන් හා සංස්කෘතිමය වශයෙන් අප මහා වංශයට වඩා ඉදිරියෙන් සිටි බව
පෙන්වා දෙයි. එබැවින් මෙම චිත්‍රපටය සැබවින්ම අපට පෙර නොවූ විරූ අභිමානයක්
දනවයි.
දැරූ වියදම සලරුවේ පිළිබිඹු වේද.. ?
විජය කුවේණි චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර පවසන පරිදි
චිත්‍රපටය සඳහා වැය වී ඇති මුදල මිලියන 50 කි. (සරසවිය/03-05-2012) එහෙත්
චිත්‍රපටයේ රූප රාමු දෙස බැලීමෙන් එවැනි පිරිවැයක් දරා ඇති බවක් නොපෙනෙයි.
එබැවින් නිෂ්පාදකවරයාට කොකා පෙන්වා සැබෑ අයවැයට පිටින් මිලියන ගණනින්
තමාගේ සාක්කුවට දා ගන්නට සුගත් සමරකෝන්ට හැකිවීදැයි සැක සිතෙයි.
ජනප්රවාදයේ පැවත එන මනස්ගාතයක් වුවද වඩා නිර්මාණාත්මකව කාලය හා අවකාශය
පිළිබඳ නිවරදි තක්සේරුවකින් යුතුව මේ සා මුදලක් ආයෝජනය කොට ඉදිරිපත් කළේ
නම් ස්වදේශිකයන්ගේ ආගමික ප්‍රතිමා හා ඉන්දියානු ආක්රමණිකයන්ගේ ආගමික
ප්‍රතිමා සමාන ලක්ෂණ පෙන්නුම් නොකරනු ඇත. ඔවුනොවුන් එකම භාෂාවක් කතා නො
කරනු ඇත. ලී පතුරු ගසා සාදා තිබුණු කුවේණියගේ මාලිගාවට නවීන ලී බඩු
නොපැමිණෙනු ඇත. කුවේණිය, විජය සමග නිදිවැදුණු දාට පහුවෙනිදා සිට ලී පතුරු
මාලිගය වෙනුවට නවීන මාලිගාවක් ඉදිවන්නේ නැත. (ඉදිවුණු අයුරක්- ඒ සඳහා
කාලයක් ප්‍රේක්ෂකයාට නොපෙන්වයි) කුවේණියගේ ඇඳුම් සිල්ක් වනු නැත. කුවේණිය
සහ දරු දෙදෙනාගේ රාජාභරණ සියල්ල රුපියල් 1000 ටත් අඩු මුදලකට පිටකොටුව පදික
වේදිකාවෙන් ලබා නොගනු ඇත. මෑත කාලයේ වෙළඳ පොළට පැමිණි සුළං සීනු(Wind
Chimes) මාළිගාවේ එල්ලෙන්නේ ද නැත. කෙසේ හෝ අවාසනාවකට ඒ සියල්ලත් තවත්
බොහෝ විහිළු සහගත අඩුම කුඩුම ද සමගින් විජය කුවේණි නිමවා ඇත.
ජනප්‍රවාදයේද, වංශකතාකරුවන් විසින් ලිවීමෙන්ද නිර්මිත විජය- කුවේණි
ප්‍රබන්ධය පිළිබඳ පසුකාලීනව පැවත ආ කාංසාවන්ට හේතු භූත වූ කරුණු දෙකක්
තිබුණි. පළමුවැන්න නම් විජය, කිසිදු කෙලෙහිගුණයක් නොදක්වා තමාට රටේ
නායකත්වය අරන් දුන්නු කුවේණිය එළවා දැමීමයි. දෙවැන්න නම් මදන කුලප්පුව
හේතුවෙන් තම වර්ගයා පාවා දුන් බවට කුවේණියට එල්ලවන චෝදනාවයි. චිත්‍රපටය තුළ
මෙම කාරණාවන් දෙකට ද පැහැදිලි පිළිතුරක් ගොනු කිරීමට අධ්යක්ෂවරයා උත්සාහ
දරා තිබේ.
‘කුවේණිය හෝ මාගේ දරු දෙදෙනා මේ මාළිගයෙන් පිටමං කරනා කිසිදු තීරණයකට මං ඉඩතියන්නේ නෑ. තොපි කැමති වෙන්නත් එපා .. ’
විජය රජු වරෙක රාජ සභාවේදී කියා සිටියි.
‘මාගේ අතින්ම මාගේ වර්ගයා වූ තොපි නසන්නට මට කඩුව දෙන්නට ඉඩසැලැස්සුවේ තොපි’
කුවේණිය තම වරදකාරී හැඟීම එසේ සමනය කරගනියි.
චිත්‍රපටය තුළ කුවේණිය එළවාදැමීමේත්, මදුරාපුරයෙන් කුමාරියක් කැන්දාගෙන
ඒමේත් කුමන්ත්‍රණය දියත් කරනු ලබන්නේ උපතිස්ස මහ පඬි පුමුඛ අමාත්‍යවරුන්
ය. තමාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත්වන බව දන්නා කුවේණිය පිටුපා යන උපතිස්ස
පඬිට කෙළගසයි. අවසාන මොහොතේ තමා මාළිගයෙන් පිටවෙන මොහොතේද ඇය වැළපෙන්නේද,
ශාප කරන්නේද විජය රජුට නොව තමා හා විජය බිඳ වූ අමාත්‍යවරුන්ටය.
උපදේශකවරුන්ටය. කුවේණිය එළවාදැමූ පසු ඇය ඈතින් ඈතට යනු දකින විජය බෙහෙවින්
කැළඹීමට පත්වෙයි. මේ අනුව ‘පාලකයා වැරදි නැත. වැරදිවලට පොළඹවන්නේ වටේ සිටින එවුන්ය’ යනුවෙන් අද දවසේ ඇසෙන කතාවට මෙම සිනමා කෘතිය සමපාතවෙයි.
‘ආයෙත් මේ රටට යුද්ධ ඕන නෑ.. මට ඕන සියලුම දෙනා සමග සාමදානයෙන් මේ රට
ගොඩනගන්නටයි’ ඒකාධිපති රාජාණ්ඩු පාලකයෙකු වූ විජය රජු විටෙක කියයි. එහෙත්
එය ක්‍රියාවට නංවන්නට සිදු නොවෙයි.
හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි’ නාටකයේ තිරය වැසී යන්නේ පොතේ ගුරුගේ පහත
වාක්‍ය ඛණ්ඩයත් සමගිනි. එබැවින් තිරය වැසී ගියද ප්‍රේක්ෂකයාට සිතන්නට බොහෝ
දේ ඉතිරි කර තබා යන්නට හෙන්රි කල්පනා කළේය.
'බොහෝ දේ සිදුවූ අතීතේ- වැළලිලා ඇත අන්ධකාරේ
පොළෝ පස් යට උනුන් කඳුළැලි
ලෙයත් දහඩිය එකට මුසුවී..'
මහා වංශය නොකී කතාවක් කියන බව පැවසූ සුගත් සමරකෝන් ‘විජය කුවේණි’
චිත්‍රපටය අවසන් කරනු ලබන්නේ ‘වසර 28 ක් රජ කළ විජය රජු දරුවන් නො ලබාම
අවසානයේ ජීවිතක්ෂයට පත්විය’යනුවෙන් මහා වංශ කතුවරයා කියන කතා පුවත ම වාක්‍ය
ඛණ්ඩයක් ලෙස තිරය මත ප්රක්ෂේපණය කිරීමෙනි. මිය යන්නට මොහොතකට පෙර ද විජය
රජුට කුවේණිය සහ දරු දෙදෙනා සිහිපත්වීමෙන් තමා පසුතැවෙන බවක් ප්‍රේක්ෂකයාට
ගම්‍ය කෙරෙයි. වටේ සිටින්නවුන්ගේ වැරදි උපදේශයන් හා නොමග යැවීම් නිසා හෝ
වැරදි කළ පාලකයින් අවසාන මොහොතේ ද විඳවනු ඇතැයි උපකල්පනය කොට ‘එරෙහිවීම’
වෙනුවට ‘හිත හදාගැනීම’ සඳහා මෙම සිනමා කෘතිය බෙහෙවින්ම අගනේ ය.
‘කන්න ඕනෑ වුණු විට කබරගොයාද තලගොයා කරගන්නවා’ යනුවෙන් පුරාණ ගැමි
කියමනක් ඇත. අතීතයේ වැරදි නිවරදි කිරීම මේ මොහොතේ යුග අවශ්‍යතාවක් බව
වගකිවයුත්තන් පුන පුනා ප්‍රකාශ කරන බැවින් එකී කියමන මෙසේ නිවැරදි කළ
හැකිය.
‘කන්න ඕනෑ වුණු විට මහා වංශයද තලගොයා කරගන්නවා’ යනුවෙනි.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
Archives
-
▼
2012
(376)
-
▼
June
(72)
- කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන...
- "ජනේලෙන් පනින්නද"
- ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.
- ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්කෘතියක අත්දැකීම...
- ‘මිස් වර්කින් ගර්ල්’
- ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා
- ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?
- ජන කරළිය නාට්‍ය උළෙල
- ඩෝප් ලයිස්තුව
- විජය කුවේණී උපහාර උළෙල 25 දා
- අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි
- ◄ කැපවීම ►
- ”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”
- අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි
- ප්‍රංශ සිනමා උළෙල
- මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්
- ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.
- Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවං...
- රහස් උදවිය වේදිකාවට
- ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...?
- දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්.....
- සමනළියක් තනිවෙලා.....
- ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී
- ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී
- ඔෂීන් යළිත්
- තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැන...
- නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ
- ලීසයි මමයි සමානයි
- ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.
- සුදු නංගිට පත්වීමක්
- බිමල්ට සැලියුට්
- මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්
- සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........
- ‘ගෝනි එලුවා’
- දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව
- අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු
- කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ...
- සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී
- සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා
- ලුම්බිණි රඟහලේ අවුලක් නෑ
- ආඩම්බරකාරයා ලුම්බිණි එයි
- කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා
- "බොක්ස්"ගැන ඔයාලා මොකද හිතන්නේ
- "බොක්ස්" ගැන තව ටිකක්.........
- "රහස් උදවිය"++++++++++++++++පියල් කාරියවසම්
- ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර.
- වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්
- රටේට රට ලණුවක්
- 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා
- විජය මවන්නට සුගත් මා ඝාතනය කළා
- Rajitha Disanayake Drama Festival
- දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු
- තරු විසිරුණු සුපර් සික්ස් මංගල දර්ශනය දා
- ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය
- සිග්නිස් උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව
- බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරයක්
- වීරයා මැරිලා - සිහින හොරු අරන් - බකමූණා වීදි බසී
- අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා
- ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සි...
- ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා
- කතාව ඇත්තද?
- ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් එළි දකී
- 36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින්
- මම එදා අත කැඩෙන්න ගුටි කෑවා
- විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්ථිර නැහැ!
- Colour සූදානම්....!
- නොමිලේ Domain names
- පබෝදගේ කොට කලිසම සහ කකුල
- ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ
- සිහින පියාපත් වංචාවක දුරකතන ඇමතුමෙන් හොරේ එළි වෙලා
- අවසන සිදු වූයේ සියල්ලන්ම කැමැති දේය.
- සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල
-
▼
June
(72)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි - [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]
Tuesday, June 19, 2012සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:37 PM
Labels: බූන්දිගෙන්
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment