මර්දනය ඇතිවෙද්දී නිර්මාණකරුවා
තුළ උපක්‍රම ගොඩනැඟෙනවා
නාට්‍යවේදී පියල් කාරියවසම්
නාට්‍යවේදී පියල් කාරියවසම්ගේ නවතම නාට්‍ය නිර්මාණය "රහස්
උදවිය" ලබන 12 වැනිදා සහ 13 වැනිදා සවස 7.00 ට ලයනල්
වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වෙයි. රාජ්‍ය සම්මානලාභී නළු
නිළියන් වන කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, අනසුයා
සුබසිංහ සහ ගිහාන් ප්‍රනාන්දු රංගන දායකත්වය සපයන මෙහි
සංගීතය නදීක ගුරුගේ විසිනි. වේදිකා පසුතල නිර්මාණයෙන්
රුවන් බණ්ඩාර රණසිංහ, ආලෝකකරණයෙන් බන්දුල හේවගේ, වෙස්
ගැන්වීමෙන් ප්‍රියන්ත සිරිකුමාර, වේදිකා පරිපාලනයෙන් සංජය
හෙට්ටිආරච්චි රංග වස්ත්‍ර නිර්මාණයෙන් සහ නිෂ්පාදන
කළමනාකරණයෙන් ගයා නාගහවත්ත ඇතුළු පිරිසක් එක්වෙති. සම
අනුග්‍රහය සුනේත්‍රා බණ්ඩාරනායක පදනම විසිනි. වේදිකාව
මෙන්ම ලේඛනය ද සිය ප්‍රකාශන මාධ්‍ය කොටගත් පියල් "ආචාරී
සීයා දුටු දිදුලන අන්ධකාරය" කෙටිකතා සංග්‍රහය (රාජ්‍ය
සම්මාන) සහ "වීදුරු කුඩු කැවුණු කලෙක" නමින්a නවකතාවක් ද
රචනා කළේය. "කොන්තරාත්තුව" (1994) "මට එරෙහිව මම" (2000 -
රාජ්‍ය සම්මාන) "මාස්ටර් බිල්ඩර්" (2006) පියල්ගේ වේදිකා
ප්‍රකාශනයි. මේ සංවාදය "රහස් උදවිය" නාට්‍ය ප්‍රථම
වේදිකාගත කිරීම නිමිත්තෙනි.
අපි රහස් උදවිය" තේමාත්මකව විග්රහ කරගමු
මේ නාට්‍යයේ අවස්ථා තුනක් තියෙනවා. නූතන, මධ්‍යම පාංතික
සහ නාගරික ජීවිත හතරක් පසුබිම් කරගෙනයි මෙහි චරිත විකාශය
වෙන්නේ. තේමාත්මකව ගත්තොත් මං හිතනවා තිස් අවුරුදු
යුද්දෙකට පස්සේ මේ මොහොතේ ලංකාවේ තියෙන්නේ ග්ලෝරියස්
ඇබ්සර්ඩිටි (glorious absurdity) එකක්. එහෙමත් නැත්නම්
ආශ්චර්යාත්මක විකාරරූපී භාවයක්. දේශපාලනික සහ සමාජීය යන
හැම පැත්තකින්ම මේ තත්ත්වය දකින්න පුළුවන්. නපුර නැති
කරන්න කියලා මිනිස්සු තවත් නපුරටම යන තත්ත්වයකුයි අද
පවතින්නේ. මේක යම් ආකාරයකට මතු කළ හැකි ආඛ්‍යානයකුයි මම
ගොඩනඟන්න උත්සාහ ගන්නේ. කතන්දරයකට වඩා නාට්‍යයේදී අවස්ථා
තුනක් රූපණය වෙනවා. නාට්‍යමය අවස්ථා එකකට වැඩි ගණනාවක්
දකින්න පුළුවන්. එක වස්තු විෂයක් වටා ගොඩනැගෙන
නාට්‍යයක් නොවෙයි මේක. ලංකාවේ මේ මොහොතෙ අපි ජීවත් වෙන්නේ
කොයි වගේ ප්රතිවිරෝධතාවන් එක්කද, මේවා අතර තියෙන
සහසම්බන්ධය මොකක්ද.... ඔය වගේ කාරණා ටිකක් ගැන කතා
කරන්නයි මම උත්සාහ කරන්නේ.
තවත්
පැත්තකින් ගත්තොත් කාලය අවකාශය ඉක්මවා යන ගති ලක්ෂණ
ගොඩක් පළ කරනවා. මම පසුගිය කාලේ කළ සාහිත්‍යමය අධ්‍යයනයත්
සමග බටහිර ලතින් ඇමරිකානු සහ ඉන්දියානු කතා කලාවේ ආභාෂයන්
මේකට එකතුවෙලා තියෙනවා කියා මා විශ්වාස කරනවා. මේ
නාට්‍යයේදී මම එක්තරා ආකාරයකට මායාව පාවිච්චි කරනවා.
සියලුම කලාවන් අතරින් මායාව තියෙන හොඳම තැන වේදිකාවයි.
කාලය අවකාශය අතර එහෙ මෙහෙ පැන යථාර්ථය විනිවිද දකින්න
උපක්‍රමයක් හැටියටයි මම මායාව පාවිච්චි කරන්නේ.
චරිත ගැන කතා කළොත් මෙහි චරිත පාවිච්චි කරන්නේ සංකේත
හැටියට. උදාහරණයක් හැටියට එකම ගැහැණියගේ යුග දෙකක්
නිරූපණය කෙරෙනවා. අතීතය සහ අනාගතය හැටියට එයින් කියෑවෙන්නේ
අපේ දෙමව්පියෝ ගත්ත ඓතිහාසික තීරණ නිසා අපි අද පීඩා
විඳිනවා. ඒ වගේම අපි අද ගන්න නරක තීරණ නිසා අනාගත ලෝකයට
නපුරක් එක්ක වාසය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ මිනිස්
ජීවිතයට මේ මොහොතේ දේශපාලනයෙන් මිදෙන්න බැහැ. ගී්රක
නාට්‍යකරුවා ඉරණම කියන එක තේරුම් ගත්තේ යම් බලවේගයක්
විසින් පාලනය කරන තත්ත්වයක් හැටියට. නමුත් අපි දන්නවා අපේ
ඉරණම පාලනය කරන්නේ අප විසින්ම තීරණය කොට උත්කර්ෂයට නංවන
සංකල්පවලින්. අප විසින්ම ස්ථානගත කරන ආයතන සහ සමාජ පද්ධති
විසින් තමයි මේ ඉරණම තීරණය කරන්නේ. ඒ දේශපාලන පක්ෂවෙන්න
පුළුවන්. ව්‍යවස්ථාදායක, විධායක හෝ අධිකරණය වෙන්න
පුළුවන්, පවුල වෙන්න පුළුවන්, ආගමික නිකාය ආශ්රිත ආයතන
වෙන්න පුළුවන්. මේ සියල්ල විසින් අපේ ඉරණම අද තීරණය කරනවා.
මේ කාරණා සංවාදයකට ලක් කිරීමකුත් රහස් උදවිය ඔස්සේ සිදු
කෙරෙනවා.
පියල් වසර හයකට පසුවයි වේදිකා නාට්‍යයකට ප්‍රවේශ වෙන්නේ.
මීට ඉහතදී කෙටි කතා සංග්‍රහයකින් සහ නවකතාවකින් ඔබේ
ප්රකාශනය සමාජගත කළා. මේ පවතින සමාජ, දේශපාලනික ගතිකයන්
යළි නාට්‍යයකින් පළ කළ යුතුයි කියන තීරණයකට එළැඹුණේ ඇයි?
නවකතා සහ කෙටිකතා වගේ සාහිත්‍යාංගයකින් සමාජයට කළ හැකි
බලපෑම ඓතිහාසිකවම වෙනස්වෙලා තියෙනවා. උදාහරණයකට අපේ ලංකාව
වගේ සමාජයක් ඇතුළේ අපි පොත් දාහයි මුද්‍රණය කරන්නේ. ඒකත්
විකිණෙන්න සෑහෙන කාලයක් යනවා. සංස්කෘතිකමය වශයෙන් නවකතාව
අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙලා නෑ. කෙටිකතාවත් එහෙමයි.
නමුත් ලෝකයේ එහෙම නෑ. ඉන්දියාව වගේ රටක වුවත් අන්‍ය
භාෂාවලින් තරුණ පිරිස ලියන, එනම් මලයාලම්, උර්දු, කොංකනි,
ඩොග්රි වගේ භාෂාවලින් ලියන නවකතා කෙටිකතා පවා ඉතා
ඉක්මනින් ඉංගී්රසි භාෂාවට පරිවර්තනය වෙලා ජාත්‍යන්තරයට
යනවා. නමුත් නවකතාවක් නොකියවන එක අඩුවක් විදිහට දකින
තරුණ පිරිසක් අපේ රටේ නෑ. තවත් පැත්තකින් ලෝකයම විෂුවල්
මීඩියා කියන එකට ඇදී යමින් පවතිනවා. අපි උසස් පෙළ පංතිවලට
එනකොට රුසියානු පරිවර්තන සම්පූර්ණයෙන්ම කියවලා අවසන්. ඒත්
අද ඒක වෙනස්වෙලා. හුඟක් අය උත්සාහ කරන්නේ "ෂෝට්
µsල්ම්ස්" කරන්න. අසූ ගණන්වලින් පස්සේ විෂුවල් මීඩියා
එකෙන් උපන් දරුවා ඉන්නේa. නමුත් කොහොම වුණත් මේ පාඨක
ප්‍රේක්ෂක සමාජයට කිසියම් ආකාරයකින් අපි සමීප විය යුතුයි.
ඊට මාධ්‍යයක් විදිහට තමයි මම නාට්‍ය තෝරා ගන්නේ. නවකතාවකට
වඩා ඉතා ඉක්මනින් ප්‍රතිචාර ලබන්න නාට්‍යයකින් පුළුවන්.
සිනමාවෙන් ඊටත් වැඩියි. සාහිත්‍යයේ දී නාට්‍ය කියන මාධ්‍ය
අමතක කරන්න බැහැ. ලෝකයේ පැරණිම සාහිත්‍ය බවට පත් වන්නේත්
නාට්‍ය. නාට්‍යවල තවත් විශේෂත්වයක් තමයි ප්‍රේක්ෂකයා සහ
නිෂ්පාදකයා කියන දෙදෙනාම එකට හැදෙන්නේ. හරියට පොතක්
සංස්කරණය කරනවා වගේ දර්ශන වාරයක් වාරයක් පාසා
ප්‍රේක්ෂකයා වගේම නිෂ්පාදකයාත් ප්‍රතිපෝෂණය වෙනවා, අලුත්
වෙනවා.
මේ නාට්‍යයේ පාත්‍රවර්ගයා ලෙස තෝරා ගැනෙන්නේ චරිත හතරක්,
ඉනුත් කාන්තා චරිත තුනක් හා එක් පුරුෂ චරිතයක් ලෙසයි
ඉදිරිපත් කෙරෙන්නේ. මේ තෝරා ගැනීම ඔබේ ප්රකාශනය වනිත
කරන්න කොයි තරම් උදව්වක් වෙනවාද?
ඕනෑම නිර්මාණකරුවෙක් උත්සාහ කරනවා. තමන්ගේ ප්රකාශනය
හැකිතාක් සියුම්ව සහ සරලව සමාජගත කරන්න සහ ගොඩනඟන්න. මේ
නාට්‍යයේ කේන්ද්‍රය වෙන්නේ ගැහැනිය. මොකද මා දුටුවා පසුගිය
අවුරුදු තිස් ගණන තිස්සේම ගැහැනු භූමිකාව සමාජ
ප්‍රගතශීලී ස්ථාවරයකට ඇවිත් තිබෙනවා. උදාහරණයකට
ස්වාධීනත්වයට කාන්තාව හුඟක් නැඹුරු වෙලා තියෙනවා.
සටන්කාමීත්වයට නැඹුරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි
මිනීමැරුම් හුඟක් වැඩිවෙලා තියෙන්නේ. පිරිමි ආත්මයට මේක
දරා ගැනීමේ අපහසුවක් තියෙනවා. මට අවශ්‍ය දේශපාලනික හා
සංස්කෘතික කාරණා ටික මෙන්න මේ චරිතවලින් කියනවා. මේවා
චරිතවලටත් වඩා කිසියම් සංකේත පද්ධතීන් ලෙස හඳුන්වන්න
පුළුවන්. තව පැත්තකින් වේදිකා සාහිත්‍යයේ පාවිච්චි කරන
ලොකුම වචනයක් තමයි අයිරනි (Irony) නැත්නම් උත්ප්රාසය. මේ
"ඩ්‍රැමටික් අයිරනි" (dramatic
irony) එක වේදිකාවේදී ඉතා වැදගත්.
මගේ ප්රකාශනය උද්දීපනය කිරීම සඳහා මම ජනශ්රැතිය පාවිච්චි
කරනවා. ගායනා, සිද්ධි, අවස්ථා පාවිච්චි කරනවා. ඒ කරන්නේ ඒ
ගායනා උත්කර්ෂයට නංවන්න නොවේ. ඒවා ඇතුළේ තියෙන වනිතාර්ථ
මතුකරගන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා. දොර නාරින් අමල්
බිසෝ.... කිව්වාම ඒ ගෙදර දොර නොවේ කියලා. එයින් ඔබ්බට ගිය
සංකේතාර්ථ දනවන මානව විද්‍යාත්මක සාධක තියෙන කාරණා
ගණනාවක් අපේ කතා කලාවේ වගේම ඕනැම රටක දකින්න තියෙනවා. අද
කතාකාරයෝ කරන්නේ එබඳු දේ අරගෙන ඒවා ඇතුළේ තියෙන
උත්aප්‍රාසය මතු කරන්න උත්සාහ කරන එක. මමත් ඒ දේ කරනවා
සමහර නාද ගායනා සහ සංගීතය ආශ්‍රය කරගෙන.
මේ නාට්‍යයේදී ඇතැම් කාරණා ඉදිරිපත් කිරීම සඳහා
උපක්‍රමයක් ලෙස ඔබ ඉන්ද්‍රජාලික තත්වයන් භාවිතයට ගන්නවා
කියා කියනවා. එබඳු උපක්රමයන්ට යැමට ඔබට සිද්ධ වෙන්නේ
සෘජුව කියාපෑමේ නිදහස යම් ආකාරයකට සීමා වී ඇති නිසා. අද මේ
තත්ත්වය අනාගතයේ අපට කෙබඳුÊප්‍රතිඵලයක් උදා කරයි කියලාද
ඔබ කල්පනා කරන්නේ...?
මර්දනය හෝ බාධා ඇතිවන්න, ඇතිවන්නයි විවිධ වර්ණවත් උපක්‍රම
නිර්මාණකරුවා තුළ ගොඩනැගෙන්නේ. ඒ අභියෝග එන තරමට නිර්මාණ
කරුවා සූක්ෂම වෙනවා. මම කැමැති නැහැ. 'කලාකරුවා' කියන
වචනෙට සමාජය ඇතුළෙ ඉන්නේ ක්‍රියාධරයන්. ඒ
ක්රියාකාරීත්වයන් ඉදිරියේදී විවිධාකාරයෙන් වෙනස් වේවි.
සමාජය ගරා වැටෙනකොට ඝාතනය උත්කර්ෂයට නැංවෙන සමාජයක් ඇතුළෙ
ජීවිතය තවතවත් දිදුලන එකයි වෙන්නේ. එසේ දිදුලන බව පෙන්වන්න
නිර්මාණකරුවෝ තවත් විවිධාකාර උපක්රමයන් සොයා ගනීවි.
උදාහරණයක් විදිහට අති මර්දනයක් තිබෙන ඉරානය වගේ රටක
බලන්න සිනමාව කොයි තරම් ඉදිරියට ගිහින් තියෙනවාද කියලා.
ඉරාන සිනමාකරුවෝ කතන්දර කියන්නෙ නෑ. ඔවුන්ගේ චිත්‍රපට
හරියට හයිකු කවි වගේ. දර්ශන තුන හතරක් පෙන්වලා මතු කරන
උත්ප්රාසය ඉතා ප්‍රබලයි. එබඳුÊතියුණු දැක්මක් අපේ
නාට්‍යකරුවෝ ඇති කර නොගත්තොත් තමන්ගේ කාර්ය සාර්ථකව ඉටු
කරන්න බැරි වෙනවා. මේ ක්‍රියාදාමයේදී අපි මර්දනයට ලක්
වෙන්න පුළුවන්. එය මගහැර යන උපක්‍රම අප සොයාගත යුතුයි.
උදාහරණයක් විදිහට මේ දිනවල මම කියවනවා මාරියෝ වර්ගාස්ගේ
"ඩෙත් ඉන් අන්දීස්" කියන නවකතාව ඊට අනුව අන්දීස්
කඳුවැටිය හරහා ආණ්ඩුව අධිවේගී මාර්ගයක් කපාගෙන යනවා.
ඇත්තටම කරන්නේ මාර්ගය කපන ගමන් සැන්ඩිවිස්කා ගරිල්ලා
ව්‍යාපාරය ගැන තොරතුරු හොයන එකයි ඒක මර්දනය කරන එකයි. මේ
කතාව කියන්න වර්ගාස් පාවිච්චි කරන්නේ බ්ලැක් කොමඩි
(ඊක්ජන ඤපැdහ) එකයි. නවකතාව කියවද්දී පේනවා අපි ගතකරන
මොහොත කොයි තරම් හාස්‍යජනකයිද කියලා. අපිට හිනා යන්නේ අපේ
තියෙන දුර්වලතාවලට. මා හිතනවා ඉදිරි ලෝකය කියවන්න මේ
උත්ප්රාසාත්මක ක්‍රමය වඩාත් හොඳයි කියා.
ඔබ කොයිතරම් උත්සාහයක් දරනවාද ඔබේ ප්රකාශනය
සෞන්දර්යාත්මක අන්තයකින් ඉදිරිපත් කරන්නට?
හැම නාට්‍යකරුවකුම තමන් කියන්න හදනදේ කීම සඳහා සෞන්දර්ය
වේදයක් සොයාගන්න ඕනේ. අප මෙතෙක් භාවිත කළ සාම්ප්‍රදායික
සෞන්දර්ය මාධ්‍යයන්ගෙන් ඒ සඳහා සහාය ලැබිය නොහැකි නම්
වෙනත් සෞන්දර්ය විෂයන් භාවිතයට ගන්න සිදු වෙනවා. විශේෂයෙන්
නාට්‍ය කියන්නේ සෞන්දර්ය විෂයන් ගණනාවක් එක්තැන් කරන
තැනක්. ඒ සෞන්දර්යවේදය හොයා ගන්න නම් මූලිකව කළ යුතු
කාර්යයක් තමයි අපි මේ කරන්නේ වේදිකාව තුළ නුතන
ශාන්තිකර්මයක් කරන එකයි කියා ප්‍රේක්ෂකයාට අරුත්ගැන්වීම.
එහිදී ලෝකයේ අනිත් රටවල මේ සෞන්දර්ය භාවිතයන් සිද්ධ වෙන්නේ
කොහොමද ඒවා අපේ රටට ගැලපෙන ආකාරයට ගොඩනඟන්න ඕනෑ කොහොමද
කියන එක සොයා ගත යුතුයි. උදාහරණයක් විදිහට ළමයින්ගේ ලෝකය
ඇතුළේ සම්ප්‍රදායික "ලොජික්" එකක් නැහැ. අපි කරන්නේ
ඔවුන් ලොජික් එකකට හරවන එකයි. නමුත් එයින් ඔබ්බට ගිය
පරිකල්පනීය ලෝකය ඇතුළේ ඔවුන් වෙනත් සත්තාවන් ගණනාවක්
අවබෝධ කර ගන්නවා. මේ තියෙන නපුර තේරුම් ගන්න නම්
සෞන්දර්යවේදියාට පුළුවන් වෙන්න ඕනේ එබඳු මටසිලිටි
තත්ත්වයකට පත්වෙන්න.
කලාකරුවෙක්, එසේත් නැතිනම් ඔබ අදහස් කරන ආකාරයේ
ක්‍රියාධරයෙක්ට සමාජයේ සිදුවන දේ සම්බන්ධයෙන් සහෘදයා අවදි
කිරීමේ වගකීමක් තිබෙනවා. ඒ වගකීම නිසි අයුරින් ඉටුවීම
සමාජය වෙනස් කිරීමට ප්‍රබල දායකත්වයක් දෙනවායෑයි කීවොත්
නිවැරදිද?
කලා ක්රියාධරයන්ට සමාජයට යම් බලපෑමක් කළ හැක්කේ ඉතා
සුළු මට්ටමින් ලෝක මට්ටමින් ගත්තත් එහෙමයි. අනෙක්
වාස්තවික තත්ත්වයන් ලෝකය තුළ නිර්මාණය වෙන්න ඕනෑ. කලා
කෘතිවලින් සහ කලාවේ නියෑලීම තුළ ජන සමාජයට යම් උත්තේජනයක්
ඇති නොකරනවාය කියා කියන්න බැහැ. දියුණු යුග තුනක් ගැන
ඉතිහාසයේ සඳහන් වෙනවා. ගී්රක, ඉලෙසබෙතානු සහ රුසියානු
කියන මේ යුගවල විශාල වෙනස්කම්වලට මිනිස් සමාජය පාත්‍ර
වෙනවා. උදාහරණයක් විදිහට ඩිකන්ස්ගේ නවකතා නිසා එංගලන්ත
පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණ ඇති වෙනවා. අපෙත් එබඳු
චරිත, සිද්ධි තිබෙනවා. අද දේශපාලන විග්රහයේදී ඕනෑම රාජ්‍ය
තන්ත්රයක පැවැත්මේ මූලික සාධකයක් ජනමාධ්‍ය විසින් ඉෂ්ට
කරනු ලබනවා. මේ නිසා නිර්මාණාත්මක ක්රියාධරයන්ට කළ හැකි
දේ ඇත්තේ එක්තරා ප්‍රතිශතයක් පමණයි. සමාජීය වෙනස්කම්
වෙන්න නම් විශාල දේශපාලන බලවේග වශයෙන් සමාජ අවශතාවන් ඇතුව
ගොඩනැගෙන්න ඕනෑ.
සංවාදය
- නිරෝෂන් හැඳලගේ
ඡායාරූප - සුජාතා ජයරත්න
Irida Divayina
Archives
-
▼
2012
(376)
-
▼
June
(72)
- කෙනෙහිලිකම් කරනවයි කියලා මම චිත්‍රපට හදන එක නවත්වන...
- "ජනේලෙන් පනින්නද"
- ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.
- ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්කෘතියක අත්දැකීම...
- ‘මිස් වර්කින් ගර්ල්’
- ඉස්සරහට යනකොට නම් චුට්ටක් බය හිතුණා
- ලින්ඩ්සේ ලොහාන් වැඩ වරද්දා ගනීද?
- ජන කරළිය නාට්‍ය උළෙල
- ඩෝප් ලයිස්තුව
- විජය කුවේණී උපහාර උළෙල 25 දා
- අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි
- ◄ කැපවීම ►
- ”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”
- අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි
- ප්‍රංශ සිනමා උළෙල
- මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්
- ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.
- Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවං...
- රහස් උදවිය වේදිකාවට
- ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...?
- දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්.....
- සමනළියක් තනිවෙලා.....
- ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී
- ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී
- ඔෂීන් යළිත්
- තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැන...
- නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ
- ලීසයි මමයි සමානයි
- ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.
- සුදු නංගිට පත්වීමක්
- බිමල්ට සැලියුට්
- මහාචාර්ය පැට්රික් රත්නායක කරන හෙළිදරව්වක්
- සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........
- ‘ගෝනි එලුවා’
- දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව
- අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු
- කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ...
- සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී
- සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා
- ලුම්බිණි රඟහලේ අවුලක් නෑ
- ආඩම්බරකාරයා ලුම්බිණි එයි
- කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා
- "බොක්ස්"ගැන ඔයාලා මොකද හිතන්නේ
- "බොක්ස්" ගැන තව ටිකක්.........
- "රහස් උදවිය"++++++++++++++++පියල් කාරියවසම්
- ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර.
- වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්
- රටේට රට ලණුවක්
- 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා
- විජය මවන්නට සුගත් මා ඝාතනය කළා
- Rajitha Disanayake Drama Festival
- දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු
- තරු විසිරුණු සුපර් සික්ස් මංගල දර්ශනය දා
- ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය
- සිග්නිස් උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව
- බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරයක්
- වීරයා මැරිලා - සිහින හොරු අරන් - බකමූණා වීදි බසී
- අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා
- ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සි...
- ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා
- කතාව ඇත්තද?
- ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් එළි දකී
- 36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින්
- මම එදා අත කැඩෙන්න ගුටි කෑවා
- විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්ථිර නැහැ!
- Colour සූදානම්....!
- නොමිලේ Domain names
- පබෝදගේ කොට කලිසම සහ කකුල
- ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ
- සිහින පියාපත් වංචාවක දුරකතන ඇමතුමෙන් හොරේ එළි වෙලා
- අවසන සිදු වූයේ සියල්ලන්ම කැමැති දේය.
- සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල
-
▼
June
(72)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
"රහස් උදවිය"++++++++++++++++පියල් කාරියවසම්
Sunday, June 10, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment