තුරු වදුලු අතරින් රන් තැටියක් වගේ දිලෙන වෙසක් සඳ ලස්සනයි. බුතව යාල මහ කැලෑවේ
මඩවගුරක හරි හැටි කන්ඩ දෙයක් නැතිව මං ඉන්නවා. පහුගිය දවසක මං කතා කළ දේවල් ගැන
ඔයගොල්ලො හරියට කතා කළා. කොටින්ම මගේ කතාව නැඟලා ගියා. ඒත් කිඹුල්ලු වන අපේ ආත්මය
ජීවිතය දවසින් දවස බැහැලා යන බවයි මට දැනගන්ඩ තියෙන්නෙ. නිල්වලා ගඟේ හිටපු මාව මේ
මඩ වගුරට ගෙනත් දැම්මට මට අපේ සනුහරේ කට්ටියේ කඳුළ සුසුම තවත් හොඳට තාමත් දැනෙනවා.
ඒ දැනෙන්නේ සුළඟේ තරංග මඟින්.
වීථි, මාවත් දිගේ දන්සල් පවත්වන පන්සලක් පන්සලක් ගානේ මහා පින්කම් කරන මේ වෙසක්
දවසෙ බෞද්ධ රටේ ඔබට මට කියන්න තියෙන්නෙ තවත් දුක්බර කතාවක් විතරයි. ඒත් මින් මත්තෙ
මං කවදාවත් ඔයගොල්ලන්ට කතා කරන්නෙ නෑ. අපේ සනුහරේ අන්තිම එකා මියගියත් මං මේ මඩ
වගුරේම මිය ඇදුණත් ආයිත් නම් කවදාවත් මං ඕගොල්ලන්ට කතා කරන්නෙ නෑ. ඒ නිසා මගේ මේ
අවසන් ඇමතුම කන් ඇරලා අහගන්ඩ.
නිල්වලා ගඟේ මගේ සනුහරේ කට්ටිය දැන් ඉන්නේ පුදුමාකාර බයකින්. ඒ බය මගේ හුදෙකලා බයට
වඩා බොහොම වෙනස්. පසුගිය 26 දා ඉඳන් 28 වැනිදා විතර වෙනකොට අපේ සනුහරේ 5 දෙනෙක්
මැරිලා නිල්වලා ගඟේ පාවුණා. ඊටත් පස්සෙ තවත් දෙන්නෙක්. කොහොමද? මේ දේ වෙන්නෙ. සමහර
උපාසක ඇත්තො “අනේ අපොයි!” කියද්දි තවත් සමහරෙක් “හොඳ වැඩේ” කියනවා.
බඩගින්න පිපාසය නිසා ඕගොල්ලන්ගේ ගම් කොලණියට ඇවිත් ගල්කටස් පාර කන, හක්කපටාස් වලින්
හොඬවැල විනාශ කරගන්නා අලිහාමිලාට වගේම අපිත් අද බඩගින්න නිසාම මිය යනවා. මං
මුලිනුත් කීවනෙ අපි මාංශභක්ෂක සත්තු කියලා. අපට නිල්වලා ගඟ විතරයි. ඕගොල්ලන්ට මුළු
මාතර පුරවරයම තියෙනවා.
දැන් නිල්වලා ගඟේ කිඹුලුන් අල්ලන මෙහෙයුම ඉවරයි. දැන් ක්‍රියාත්මක කරන්නෙ කිඹුල්ලු
මරන ක්‍රියාදාමය. මාලිම්බඩ හා තවත් ගඟ ඉවුරේ තැන් කීපයක ඉන්න බල්ලො ටිකටත් දැන්
ඉතින් මරණ වරෙන්තු. උඹලා දන්නවද? ඒ මැරිච්ච අය අතර ගැබ්බර කිඹුලියක් ද හිටියා.
බල්ලගෙ ඇඟේ විස බෙහෙත් කවලා ඌට විස බෙහෙත් පොවලා කට්ටිය දැන් උන්ව ගඟට දානවා.
බඩගින්නෙ ඉන්න අපේ අය මේ කිසි දෙයක් දන්නෙ නෑ. කුසගිනි දරාගන්ඩ බැරිව බල්ලව
ගිලිනවා. මේ විදියට දැන් අපේ සනුහරේ හත්දෙනෙක් ඉවරයි.
මේවා අහස පොළොව නුහුලන අපරාධ. මං දන්නා හැටියට නියම බෞද්ධයො බඩගින්නෙ ඉන්න කෙනකු
මරනවා තියා කෑම ගනිමින් ඉන්නා කෙනෙකුට බනින්නෙවත් නෑ. බුදුහාමුදුරුවො සම්බුද්ධත්වයට
පත්වෙලා 2600 සපිරෙන පෝය නේද? මේක. කිඹුල්ලු ටික මරලා අවසානයේ ඔය කට්ටිය සොයන
විමුක්තිය මොකක්ද?
අපි වෙනුවෙන් කතා කරන්නෙ ඒ පැත්තෙ පරිසර හිතකාමීන් කීපදෙනෙක් විතරයි. මාලිම්බඩ උතුර
පරිසර හිතකාමීන්ගේ සංගමය එහෙම තැනක්. ඒත් ඒ අයටත් මේ තුට්ටු දෙකේ වැඩේ ගැන කටඅරින්න
බැරිවෙලා. මොකද ලොකු ලොකු තානාන්තර තියෙන අය මේ වැඩේට අනුබල දෙනවා.
කිඹුල්ලු වුණත් අපටත් මිනිසුන්ට වගේම ආත්මාභිමානයක් තියෙනවා. දිගින් දිගටම විලාප
නඟන්නට අපි කැමැති නෑ. වීරයො වගෙ මරණයට මුහුණ දෙනවා ඇරෙන්ඩ. හැබැයි අපි මැරුණට
පස්සෙ ඕගොල්ලන්ගෙ බාල වැඩ නවත්තපල්ලා. නැත්නම් ගඟ අපවිත්‍ර වෙන එක වළක්වන්න බෑ. මගේ
ආත්මගරුත්වය රැකගන්ඩ හිතලා මං එදා ටිකක් හැංගුවා. දැන් නම් ඒ ටිකත් කියන්ඩ කාලෙ
ඇවිත්. මොනවා කරන්ඩද? ආයිත් මං කතාකරන්නෙ නෑනේ මියැදුණත්.
ගං ඉවුරේ තියෙන ගෙවල් සියල්ලේම අය ගඟට දැමූ අපද්‍රව්‍ය, මස්කටු, බිත්තර කටු විතරක්
නොවේ තවත් බොහෝ අපිරිසුදු දේ අපි බඩගින්නට කෑවා. ඒකෙන් ගංපතුල පිරිසුදු වුණා. පතුලෙ
අපද්‍රව්‍ය රැඳුණෙ නෑ. වතුර පල්වුණේ නෑ. පරිසර සමතුලිතතාව ඒකෙන් රැකුණා. අපි ටික
මියගියාට පස්සෙ නිල්වලාව පල්වළක් වේවි. ඒ විතරක්ද? මං ඉස්සෙල්ල වතාවෙ කීවෙ නෑ
ඕගොල්ලෙ ගඟ අයිනෙ එම්බාම් කරපු මිනීවල කොටස් අතුනුබහන්, බඩවැල් හා මස්වැදලි ගඟට
හොරෙන් වීසි කළා. අපි ඒවත් කෑවා. ඒවා කනකොට තමයි මිනීමස්වල රසය අපට ආවෙ. වියළි
දරදඬු ඇටකැබලි මෙහෙම නම් පණ ගහන මස් කොහොම වේවිද අපට හිතුණා. ඉතින්! අපිත් බඩගින්නට
කඩා පැන්නා තමයි.
ඒත් ඒකට දඬුවම මේ විදියට අපේ වැඩිහිටියන්, තරුණයන්, ගැහැනුන් හා දරුපැටියන් මරා
දැමීමද? නිල්වලා ගඟේ ගහගෙන පහළට ගිය අපේ කට්ටියගෙ මළසිරුරු හම ගහලා හම ගන්ඩ
කට්ටියකුත් ඉන්නවලු. වස දීලා මරන නිසා මස් ටික මුදාහරිනවා. නැත්නම් ඒ මස් ටිකත්
උඹලා බුදිනවා ඒකාන්තයි. එහෙම බැලුවාම කිඹුල්ලු වන අපට වඩා උඹලා තිරශ්චීනයි.
බරබ්බස් නිදහස් කරලා ජේසුස් ඇණගසන්න තීන්දුව දීලා අත සෝදාගත් පිලාත් රජ්ජුරුවන්ට
වගේ උඹලාට පාපයෙන් නිදහස් වෙන්ඩ බෑ. මේක බුද්ධ රාජ්ජේ. බුදුන්ගේ තෙමඟුල සිහිකරන
දවස.
ඔය ලොකු ලොකු ශීත කාමරවල කට්ටිය මේවා කටකතා කීවට ඒක දැන් කවුරුත් දන්නා රහසක්.
වැඩියෙන්ම මේ රහස දන්නෙ ගඟේ ඉන්නා කිඹුල්ලුයි ගංඉවුරේ දඩාවතේ රැඳුණු බලුකුක්කොයි
විතරයි.
මං මේ වෙසක් දවසේ නුඹලාට පොඩි බණකුත් කියන්නම්. පාපයක් සිද්ධවෙන්ට කාරණා පහක්
සම්පූර්ණ වෙන්ඩ ඕනෑ. පර පණ නැසීම සම්පූර්ණ කරන්නෙ මෙහෙමයි. උඹලා අප කිඹුලන් බව
දන්නවා. අපට පණ තිබෙන බවත් දන්නවා. අපි සත්ත්ව කොටසක් කියලත් දන්නවා. ඔන්න එක. ඊළඟට
උඹලා අපව මරන්ඩ චේතනාවක් ඇතිකර ගන්නවා. ඒ චේතනාව ඇතිව තමයි අපේ 7ක් දැන් මැරුවෙ.
එතකොට දෙවැන්නත් හරි. ඊළඟට සතා මරන උපක්‍රමයක් සකසා ගන්නවා. ඒකත් ඉතින් මං
කිව්වානේ. ඔන්න තුන්වැන්නත් හරි. ඊළඟට ඒ උපක්‍රමයෙන් සතා මරනවා. දැන් හතරවැන්නත්
හරි. ඊළඟට සතා මරපු එක ඉවසනවා. ඒක කමක් නෑ කියලා හිතනවා. ඔන්න! පස්වැන්න. දැන්
කාරණා පහම මේ විදිහට සිද්ධ වෙලා ඉවරයි.
සමහර ඇත්තො මේවා මෙහෙම වෙන්නෙ නෑ කියලා බෑඟිරි ගහන්නෙ බොරුවට. ඒ තමයි අර 5 වැනි
කාරණාව. ඒවා ඉවසන එක.
හැබැයි! දිට්ඨධම්ම වේදනීය කර්මය පස්සෙන් එනවා. ගොනා පසුපස එන කරත්ත රෝදය වගේම ඔබ
පසුපසින් මේ දුක ලුහුබඳීවි.
නිල්වලා ගඟේ අපේ සනුහරේ ගෙනගිහින් දාන්ඩ තැනක් නෑ කියලා අපව මරා දාන්ඩ තීන්දු කරන
එක වීරකමක් නොවෙයි. ඒක බියගුලුකමක්. අතීසාරෙට අමුඩ ගහන වැඩවලින් වැඩක් නෑ. නුඹලා
එහෙම කළත් අපේ සනුහරේ වඳකරන්ටත් බෑ.
වෙසක් සඳ ලස්සනට අහසේ පායා එනවා. මගේ හිත සැහැල්ලු කරගන්ඩ මට හිතෙනවා. නුඹලා වවන දේ
නුඹලාව කපාගනීවි.
මදුරුවන්ට මල් පැණි බොන්ට උගන්වන්ඩ බෑ. අපි කොහොමත් මාංශ භක්ෂකයො. අපි මෙච්චර කල්
ජීවත්වුණු විදිහට මාළුවෙක් කාගෙන අහිංසක විදියට ආයිත් ජීවත්වෙන්ඩ අපට ඉඩදියල්ලා. මේ
මාගේ අවසන් ලියමනයි. බුතව මහ කැලේ නිරාහාරව මැරුණත් අපේ සනුහරේ වෙනුවෙන් මේ වචන
ටිකත් කීවෙ.
Archives
-
▼
2012
(376)
-
▼
May
(61)
- ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
- තාල 2012 ප්‍රසංගයේ මිහිර..
- "මං අහිංසක ගැහැණියක් බොලව්"
- සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැ...
- තිළිණ කඳුළු
- ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ
- දමිතා ඩුබායි- මැලේසියා
- ෂෙරිල් ගමේ කෙල්ලෙක්ලු
- අංජුලාගේ ජීවිතේට වෙනසක් ඕනෑලු!
- උඩින් යන්න කැමති චමුපා
- Menakaaaaaaaaaaaaaaaaaaaa............................
- මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක
- චේතනා රණසිංහ Live in Concert
- සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්"
- හෘදය සාක්ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්"
- මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව
- සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රිය...
- Dilini Lakmali
- Super Six
- සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි
- මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ
- ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා
- විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ
- ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
- ‘සොකරි සිය අභිමානවත් 200 වැනි දැක්ම 20 වැනිදා ටවර් හි
- ටෙලි විෂනයට 23 දා හිරු උදා වෙයි
- රොඩ්නිට ලණුවක්
- ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා
- මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.
- උදාරි සෙන්තොසාවේ සන්තොසින්
- සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ
- ඒ කතාව අමූලික බොරුවක්
- බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?
- ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී
- රන්ජන් ගැහැනු චරිතයක
- ගැහැනු විතර ද චපල ?
- නර්තන පූජාවක් 12 වැනිදා
- මේ අරගල බඩගෝස්තරවාදීයි
- සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා
- මං පොලිසියේ තණකොළ ගැලෙව්වා
- බහිරවයෙක් කාර් එකේ නිදි
- සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර
- ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’
- ගයත්රිට ආදරය කරන අහසක් තියෙනවලු
- MOKAK.....??? Gossip News Ekak....?
- මේ වෘත්තිය ස්ථිර නැහැ.ඒත් අපි ජිවත් වෙන්නේ මේකෙන්
- ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද?
- මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි
- ලංකා ආර්ට් වෙතින් නාට්‍ය e පුස්ථකාලයක්
- අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට
- ළමා හඬින් බොදු බැති ගී
- රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි
- මෙන්න කොට්ටම්බා ස්ටාර්
- ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද?
- මොකටද බය වෙන්නේ. ඕවට බෙහෙත් තියෙනවා. -
- සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි.
- ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන
- ‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන...
- දයාන්ගේ නිවස ගිනි අරන්
- ලංකා ආර්ට් තහනමට ලක්වෙයිද...???
- ලෙස්ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය....
-
▼
May
(61)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට
Saturday, May 5, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment