සිංහබාහු, සංස්කෘතික
ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය
මහාචාර්ය ගාමිණී කීරවැල්ල
මා
සිංහබාහු නාටකය මුලින්ම නැරඹූයේ පේරාදෙණිය සරසවියේ නවක සිසුවකු
ලෙස 1968 දීය. ඉන්පසුව දිවයිනේ නොසිටි කාලපරිච්ඡේද හැර වසරකට
හෝ දෙවරකට වරක්වත් නැවත නැවත මා සිංහබාහු නාටකය පේරාදෙණිය
සරසවියේ එළිමහන් රඟහලේදී නරඹා ඇත. එම ඉතිහාසය දෙස නැවත හැරී
බලා නූතන ශ්‍රී ලංකාවේ සංස්කෘතික - දේශපාලන වපසරියේ
දැවැන්තයකු වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඓතිහාසික භූමිකාව
පිළිබඳ කෙරෙන සංකථනයට එකතුවක් කිරීමට දරන ප්රයත්නයකි, මෙය.
ප්‍රථම වරට මා සිංහබාහු නාටකය නැරඹූ කාලය වූකලී ඒ
සරච්චන්ද්‍රයන්ගේ කීර්ති කදම්භය සරසවි බිම සිසාරා දිදුළමින්
පැවති අවධියයි. ඒ වන විට එදිරිවීර සරච්චන්ද්‍රයන් පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා විය. ඔහු
පළමු වසර සිංහල විෂය හදාරන සිසුන්ට කලා රසාස්වාදය පිළිබඳ දේශන
මාලාව පැවැත්වීය. එය එම විෂය හදාරන සිසුන් අතර පමණක් නොව
පොදුවේ සියලුම සිසුන් අතර ඉමහත් ජනප්‍රිය දේශන මාලාවක් විය.
එයට සවන්දීම සඳහා අන් පීඨයන්ගෙන් පවා සිසුන් පැමිණි අතර
අසුනක් ලබා ගැනීමට පවා අපහසු වන අයුරින් කලාගාරය එම දේශනවලදී
සිසුන්ගෙන් පිරී ඉතිරී තිබිණි. පාසලෙන් සරසවියට පා තබා මසකට
පමණ පසු එළිමහන් රඟහලේ රඟ දැක්වූ සිංහබාහු නාටකය මට එතෙක්
අත් නොවිඳි අපූර්ව අත්දැකීමක් ලබා දුන්නේය. එක හුයක ඇමිණි
මුතු ඇට පෙළක් සේ ඉදිරියට ඇදී යන නාටෙHdaචිත අවස්ථා මෙන්ම ඒ
හා බැඳුණු මධුර ගීත, සුගම එහෙත් ව්‍යක්ත භාෂාව අප සැම මොහොතකට
වෙනම ලෝකයකට ගෙනයැමට සමත් විය. ඒ සමඟම අප වෙනත් සංස්කෘතික
තලයකට ගොඩවූයේය යන හැඟීමක් මෙන්ම මෙය අපේ උරුමය යෑයි එක්තරා
ආඩම්බරයක්ද හිතට ඇතුළු විය.
සිංහබාහු නාටකය හා සංස්කෘති ප්රාග්ධනය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මේ දක්වා
ආ ගමන දෙස බලන කල පැහැදිලිව පෙනී යන්නේ සරච්චන්ද්‍රයන් හා මනමේ
හා සිංහබාහු පසු - විජිත ශ්‍රී ලංකාවේ සංස්කෘතික දේශපාලන
අවකාශය තුළ නිශ්චිත ඉඩකඩක් වෙන්කරගෙන ඇති බවයි. එයට හේතුව ඒවා
නෛසර්ගික කලා කෘතීන් වූ නිසාම පමණක් නොවේ. ඇත්තෙන්ම ඒවා
සදාතනික අගයකින් යුත් කලා කෘතීන්ය. එනමුත් වඩාත් වැදගත් වන්නේ
සිංහබාහු හා මනමේ 1956 න් පසුව දේශපාලන හා සමාජ බලය අත්පත්
කරගෙන ප්රමුඛත්වයට පත් වූ අතරමැදි සමාජ ස්ථරයන්ගේ සංස්කෘතික
ප්රාග්ධනයේ වැදගත් සංරචක බවට පත්වීමයි. අද විශ්වවිද්‍යාල
උපකුලපතිවරුන්, රාජ්‍ය සංස්ථා සභාපතිවරුන්, පරිපාලන තලයේ ඉහළ
නිලධාරීන් මෙන්ම දේශපාලන "ප්‍රභූවරුන් විසින් තමන්ද සංස්කෘතික
ජිවීන් බව පෙන්වීමට හා සංකේතාත්මක සංස්කෘතික ප්රාග්ධනයට
තමන්ටද හිමිකාරිත්වයක් ඇති බව පෙන්වීමට දර්ශකයක් ලෙස යොදාගනු
ලබන්නේ සිංහබාහු හා මනමේ ගීත කටපාඩමින් කීමට තමන්ටද ඇති
හැකියාවයි. එසේ වන්නේ සිංහබාහු, මනමේ, අමරදේවයන්ගේ ගීත,
ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ චිත්‍රපට, මාර්ටින්
වික්‍රමසිංහයන්ගේ නවකථා, චිත්‍රසේන වජිරාගේ නැටුම් පසු විජිත
ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම 1956 න් පසුව, දේශපාලන හා සමාජ බලය
ලබාගත් අතරමැදි සමාජ ස්ථරයන්හි සංස්කෘතික ප්රාග්ධනයේ මූලික
සංරචක බවට පත්වී තිබෙන නිසාය. මෙම සංකේත ප්‍රාග්ධන අත්කරගැනීම
හරහා බලයේ හා ආධිපත්‍යයේ සුජාත බව මෙන්ම අභිමතාධිපත්යය වැඩි
කර ගත හැකි බව ඔවුහු විශ්වාස කරති. එම සංස්කෘතික ප්රාග්ධනය
බොහෝවිට පවතින්නේ බලය හා ආධිපත්‍ය හා බැඳී සංකේතාත්මක
ප්‍රාග්ධනයක් ලෙසයි. මෙම වර්ධනයන් සමාජ - ඓතිහාසික රාමුවකට
ගොනුකර තේරුම් කර ගන්නේ කෙසේද? එය වැදගත් වන්නේ එමඟින් ශ්‍රී
ලංකාවේ සංස්කෘතික විජිතහරණ ක්‍රියාදාමය තේරුම් ගැනීමටත්
විශේෂයෙන්ම එහි ගති ලක්ෂණ, ගතිකත්වයන් හා අභ්‍යන්තර
ප්රතිවිරෝධතා දැකීමට එය කවුළුවක් වන බැවිනි. සිංහබාහු නාටකයට
වත්මන් සංස්කෘතික වපසරියේ හිමි වන ඉඩකඩ හා එදිරිවීර
සරච්චන්ද්‍රයන්ගේ භූමිකාවේ වැදගත්කම ගැන සැබෑ ඇගයීමක් කිරීමට
ඔහු හා ඔහුගේ නිර්මාණ පසුවිජිත ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන
වියමන තුළ ස්ථානගත කිරීම අවශ්‍ය වේ. මක් නිසාද යත්
සරච්චන්ද්‍රයන් මෙන්ම ඔහුගේ සිංහබාහු නාටකයද සමාජ, දේශපාලන
නිර්මිතයන් වන බැවිනි. මෙයින් කිසිවිටෙක ආධානග්රාහී ඓතිහාසික
නියතිවාදයක් අදහස් නොකෙරේ. මෙයින් අවධාරණය කෙරෙන්නේ තත්කාලීන
සමාජ, දේශපාලන ගතිකත්වයන් හා මානව චින්තනයේ නිර්මිතයන් වන කලා
කෘතීන් අතර අනිවාර්යයෙන්ම පවතින අන්තර්භාෂණය ග්‍රහණය කරගත
යුතුය යන්නය.
සරච්චන්ද්‍රයන් හා ඔහුගේ නාට්‍ය, විශේෂයෙන්ම පැරැණි නාඩගම්
සම්ප්‍රදායෙන් පෝෂිත වූ මනමේ හා සිංහබාහු ඉදිරියට එන ඓතිහාසික
සන්දර්භය කුමක්ද? මනමේ නාටකය පළමුවෙන්ම රඟ දක්වන ලද්දේ 1956
නොවැම්බර් මාසයේදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදීය. සිංහබාහු
නාටකය පළමුවරට රඟ දක්වන ලද්දේ ඊට වසර 5 කට පසුව එනම් 1961
සැප්තැම්බර් මස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රඟ මඬලෙහිය.
මෙම වර්ෂ දෙක මෙන්ම ලයනල් වෙන්ඩ්ට් රඟ හලේ සිට පේරාදෙණිය
එළිමහන් රඟමඬල වෙත පැමිණීම පසු- විජිත ශ්‍රී ලාකාවේ සංස්කෘතික
විජිතහරණ ක්‍රියාදාමය මෙන්ම ඔහුගේ නිර්මාණ තත්කාලීන සංස්කෘතික
ප්‍රාග්ධන අවකාශය තුළ ස්ථානගත වීම තේරුම් ගැනීමට යතුරක්
සපයයි. විජිතහරණ ක්‍රියාදාමය මෙන්ම කලා කෘතීන් සංස්කෘතික
ප්රාග්ධනයේ සංරචක බවට පත්වීම කිසිසේත්ම නිර්දේශපාලනික බල
දේශපාලන ආධිපත්‍යයේ ගතිකත්වයන්ගෙන් පරිබාහිර පිරිසිදු හා
අහිංසක ක්‍රියාදාමයන් නොවේ. ඒ හා පිටුපසින් ඇති බලය සහ
ආධිපත්‍යය එය හැසිරෙන ආකාරය ඒ හා බැඳෙන සමාජ පෙළගැස්ම තේරුම්
නොගෙන මෙම ක්‍රියාදාමය ග්‍රහණය කර ගත නොහැක. 1962 පළ කළ
සිංහබාහු නාට්‍ය පිටපත ග්රන්ථයට සිංහයා සුප්පාදේවි සිංහබාහු
යන මාතෘකාව යටතේ පෙරවදනක් ලියමින් සරච්චන්ද්‍රයන් මෙසේ කියයි.
සිංහයා මෙහි නිරූපණය කොට ඇත්තේ මධ්‍යම පන්තියේ පියෙකු වශයෙනි.
තම දූපුතුන්ට ඉඳුම් හිටුම්, කෑම බීම් ආදිය සපයා දෙන පියා
සිතන්නේ ඔවුනට වෙන වුවමනාකම් නැතිය කියාය. එහෙයින් ඉඳුම්
හිටුම් මෙන්ම අඹුවන් හා සැමියන්ද ඔවුන්ට සපයා දෙන්නට තැත්
කරයි. තමා සපයන ඉඳුම් හිටුම් මෙන්ම මේ දේ ද ඔවුන් පිළිගත
යුතුය. ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළහොත් මහත් සිත්තැවුලට පත්වේ.
සරච්චන්ද්‍රයන් සඳහන් කරන මධ්‍යම පාන්තික පියා ඕපපාතික වූවෙක්
නොවේ. ඔහු නිශ්චිත සමාජ ඓතිහාසික තත්ත්වයන් යටතේ ඉදිරියට ආ
සමාජ ප්රපංචයක් වේ.
සංස්කෘතික විජිතහරණ ක්‍රියාදාමය
නූතන යුගයේ ආරම්භයත් සමඟ අදියරින් අදියර පියවරින් පියවර ලෝක
පරිමාණයෙන් දියත් වූ විජිතකරණ ක්‍රියාදාමය මෙන්ම එහි අනික ලෙස
විහිදුණු විජිතහරණ ක්‍රියාදාමය ද පුළුල් ඓතිහාසික සංසිද්ධියක්
ලෙස ග්‍රහණය කර ගත යුතුය. විජිතහරණ ක්රියාදාමයේ ඓතිහාසික
ගතිකත්වයන් විසිවැනි සියවස ආරම්භයේ පටන්ම ක්‍රමයෙන් බලාත්මක වූ
නමුත් එය දැනෙන බලවේගයක් ලෙස ලෝක දේශපාලනය තුළ ඉදිරියට
ඇදෙන්නේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසුවයි. ඒ ඒ සමාජ, දේශපාලන
වපසරියන්හි ඓතිහාසික වර්ධනයන්ගේ ස්වරූපයට අනුව විජිතහරණ
ක්‍රියාදාමය විවිධ මුහුණුවරින් ඉදිරියට ඇදී ආ අතර ඒ හා බැඳුණු
සමාජ, දේශපාලන බලවේගයන්ගේ පෙළගැස්ම ද එකිනෙකට වෙනස් විය. එය
එක රාමුවකට හැමවිටම ගොනුකළ නොහැකිය. එනමුත් විජිතහරණය යනු හුදු
දේශපාලන ක්‍රියාදාමයක්, එනම් යටත්විජිත ස්වාමීන්ගෙන්
ස්වදේශිකයන් වෙත බලය පැවරීම පමණක් නොවේ. එය දේශපාලන මෙන්ම
ආර්ථික හා සංස්කෘතික ක්රියාදාමයකි. එය නිශ්චිත ඓතිහාසික
ලක්ෂ්යයක සිදුවූ එක් සිදු වීමක් නොව නිරන්තරයෙන් ඉදිරියට
ඇදී එන ක්රියාදාමයකි. ඒ අනුව විජිතහරණය යනු යටත්විජිත පාලනය
යටතේ ඓතිහාසිකව වර්ධනය වූ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික
ව්යqහයන්, ආකල්ප, ප්‍රතිමාන හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය
වෙනස්වූ ඓතිහාසික තත්ත්වයන්ට අනුකූල ලෙසින් ප්‍රතිව්‍යqහගත
කිරීමේ ක්රියාදාමයයි. එය බහුමානයන්ගෙන් යුතු ක්‍රියාවලියක්
වන අතර බලය සහ ආධිපත්‍යය ලබා ගැනීමට එය ස්ථාපිත කර ගැනීමට හා
එයට සුජාත බවක් ලබාදීමට ඒ ඒ සමාජ කාණ්ඩ දරණ උත්සාහය හා
අෙන්‍යාන්‍ය වශයෙන් බැඳී ඇත.
මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ විජිතහරණ ක්රියාදාමයේ දේශපාලන
හෝ ආර්ථික පැතිකඩ කෙරෙහි නොව එහි සංස්කෘතික පැතිකඩ කෙරෙහිය.
මෙහිදී සංස්කෘතිය තේරුම් ගන්නේ පුළුල් අර්ථයෙනි. එනම් සමාජීය
වශයෙන් සම්ප්‍රේෂණය කරනු ලබන සියලු හැසිරීම් පද්ධතීන්ගේ.
කලාවන්ගේ, විශ්වාසයන්ගේ මෙන්ම ඒ හා බැඳුණු නිල හා නිල නොවන
ආයතනික රටාවන්ගේ සමස්තය ලෙසටයි. ඒ අනුව සංස්කෘතිය යනු මානව
චින්තනය විසින් නිර්මාණය කරනු ලබන සෑම ගොඩනැඟීමකම සමස්තයයි.
එබැවින් සංස්කෘතිය හිස් අවකාශයක පවතින්නේ නැත. එය දේශපාලන,
ආර්ථික හා සමාජ බල ව්යqහයන් හා එම තලයන් සමඟ අෙන්‍යාන්‍ය
වශයෙන් එකට බැඳී ඇත. විජිතහරණ ක්රියාදාමයේ ඉතා වැදගත්
පැතිකඩක් වූයේ යටත්විජිත දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය හා බැඳී
ඉදිරියට ආ යටත්විජිත සංස්කෘතියයි.
එය පූර්ව යටත්විජිත සංස්කෘතියේද යටත්විජිත සංස්කෘතිය
කි¹බැසීම්වලද සංකීර්ණ සංකලනයක ප්රතිඵලයකි. මේ අනුව සංස්කෘතික
විජිතහරණ ක්රියාදාමයේ මූලික ගති ලක්ෂණ අතර (යටත්විජිත යුගය
තුළ සම්භාවනයට පත් නොවුණු) දේශීය උරුමය "අපේ උරුමය" නැවත සොයා
යැම, නව සංස්කෘතික මානයන් සකස් කිරීම, නව සංස්කෘතික
පරමාදර්ශයන් හා ඇගයීම් ලCෂ්‍යයන් ගොඩනගා ගැනීමට තැත් කිරීම හා
වඩාත් වැදගත් ලෙස බලය හා සංස්කෘතිය අතර ඇති සබඳතාව නවක ලෙසින්
ව්යqහගත කිරීමට දරන ප්රයත්නයන් කැපී පෙනේ. අවසාන විග්රහයේදී
මෙය බලය හා ආධිපත්‍යය මෙන්ම බලය සමාජගත කිරීම හා බැඳෙන
ක්‍රියාදාමයක් වන බැවින් දේශපාලන ප්රපංචයක් වේ. එබැවින් බලය
හා ආධිපත්‍යය සකස්වන ආකාරය හා හැසිරෙන ආකාරය තේරුම් නොගෙන
සංස්කෘතික විජිතහරණ ක්‍රියාදාමය ඉදිරියට ඇදෙන ආකාරය පැහැදිලි
කළ නොහැක.
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන බලය පැවරෙන්නේ 1948
වුවද සංස්කෘතික විජිතහරණ ක්රියාදාමයේ නව නැම්මක් සලකුණු
වන්නේ 1950 දශකයේ මැද භාගයේය. එය එකවර හදිසියේ වූ සිදුවීමක්
නොව කාලයක් තිස්සේ හිමිහිට වැඩුණු ඓතිහාසික බලවේගයන්
මුහුකුරායැමේ ප්රතිඵලයකි. 1956 මහජන එක්සත් පෙරමුණ බලයට
පත්වීම මෙම ක්‍රියාවලියේ එක් සිදු වීමක් පමණි. එස්. ඩබ්.
ආර්. ඩී. බණ්ඩාරනායක නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ මේ වන
තෙක් පාලක පක්ෂය ලෙස සිටි එක්සත් ජාතික පක්ෂය පරාජය කොට
මහජන රජයක් ඇති කිරීම සමග මෙතෙක් දේශපාලන බලයේ අද්දර සිටි
නමුත් බලය හසුරුවන තීරණ ගැනීම සිදුවන බලයේ ආලින්දයට ගොඩවීමට
නොහැකිව සිටි සමාජ ස්ථරයන්ට බලයට ළඟාවීමට හැකිවීමක් ලැබිණි.
මාර්ටින් වික්‍රමසිංහයන් 1956 ආණ්ඩු පෙරළියෙන් පසුව බමුණු
කුලය බිඳවැටීම යනුවෙන් සඳහන් කළේ මෙම සංසිද්ධියයි. බමුණු කුලය
බිඳවැටීම සමඟ දේශපාලන බලය හැසිරවීම තම අතට ගත් බමුණු කුලයට
අයත් නොවන සමාජ ස්ථරයන්ගේ ස්වරූපය තේරුම් ගැනීමට එහි
ඓතිහාසික පෙකණිවැල තේරුම්ගත යුතුය.
සංස්කෘතික විජිතහරණ ක්රියාදාමයේ ඓතිහාසික පෙකණිවැල
විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවේ දේශපාලන තලයේ වැදගත් වන සමාජ
ස්ථරයන් නවක ලෙසින් පෙළගැසීම ආරම්භ වන්නේ 19 වැනි සියවස තුළ
බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සිදුවූ ව්යqහාත්මක
වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙසටයි. බ්‍රිතාන්‍ය විසින්
හඳුන්වාදුන් යටත්විජිත ධනේශ්වර ආර්ථික සබඳතාවයන්ගේ
ප්‍රතිඵලයක් ලෙස නව සමාජ ස්ථර ඉදිරියට ඇදී ආ අතර මෙහිදී අපගේ
අවධානය යොමු වන්නේ ගම තුළ ඇති වූ වෙනස්කම් හා අනුසාරයෙන්
ඉදිරියට ආ සමාජ ස්ථරයන්ය. වතු වගාව හා ඒ හා බැඳි අනිකුත්
ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ජාතික මට්ටමින්
විහිද යන ආර්ථික සබඳතාවන් සහිත නව සමාජ ස්ථර පෙළගැසුණු අතර
ඔවුන් සමාජ, දේශපාලන අවකාශය තුළ තම ආධිපත්‍යය ක්‍රමයෙන්
ස්ථාපිත කර ගනිමින් යටත්විජිත ආධිපත්‍යය යටතේ කැපීපෙනෙන සමාජ
කොටසක් ලෙස යටත්විජිත අධිකාරිත්වය සමඟ දේශපාලන ගනුදෙනුවකට
ඉදිරිපත් විය. විසිවන සියවසේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ
සමාජ, දේශපාලන අවකාශයේ ආධිපත්‍යය දැරුවෝ ඔවුහු වෙති. ඒ සමගම ගම
තුළ ඇති වූ ව්යqහාත්මක වෙනස්කම් අනුසාරයෙන් ඉදිරියට ආ සමාජ
ස්ථරයන් ද ඒ හා සමාන්තරව තමන්ගේම වූ සමාජ සංස්කෘතික අවකාශයන්
තුළ තම ආධිපත්‍යයන් ගොනු කරන්නට විය. බ්‍රිතාන්‍යයන් ගමට
හඳුන්වා දුන් ඉඩම් වෙළෙඳපොළ, නව වාණිජ සම්බන්ධතා, හුවමාරු
සම්බන්ධතා, නව රැකියා අවස්ථා ප්‍රයෝජනයට ගෙන ඉදිරියට ඇදුණු
මෙම සමාජ ස්ථර ග්‍රාමීය ලෝකයේ නායකත්ව රටාවන් නිර්මාණය කළේය.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගම කිසිවිටක නිහඬ නිසල ඒකක ලෙස පැවතියේ
නැත. ගම නිරන්තරයෙන් දේශපාලන, සංස්කෘතික ගතිකත්වයන්ගෙන් සලිත
වූ අවකාශයක් විය. ගම දේශපාලනීකරණය වීමේ පළමු අදියර 19 වන
සියවසේ මැද භාගයේ සිට 1915 දක්වා කාලයයි. ග්‍රාමීය හා අර්ධ
ග්‍රාමීය දේශපාලන ප්රවාහයේ පළමු එළිදැක්ම ඉදිරිපත් වන්නේ
සංස්කෘතික හා ආගමික මුහුණුවරකිනි. සිංහල පුවත්පත්වල ප්රභවය
ගමේ ආගමික හා සංස්කෘතික සමිති සමාගම් බිහිවීම, ආගමික භාෂාමය,
කුලමය සාධක මුල්කරගෙන වාද විවාද පැතිරීම (නිදසුන්
සව්සත්දම්වාදය, පානදුරාවාදය) තුළින් මෙම දේශපාලනයේ මුල්
පෙරහුරුව දකින්නට ලැබිණි. මෙම ප්‍රවාහය තවදුරටත් දේශපාලනීකරණය
වීම අමද්‍යප ව්‍යාපාරය තුළින් පිළිබිඹු විය. දොන් බැස්ටියන්,
ජයවීර බණ්ඩාර, ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වැනි අයගේ නාට්‍ය
පළමු පරම්පරාවේ චින්තනයේ දායාදයන්ය. 1911 සංගණන වාර්තාව ලියන
ඩෙන්හැම් ගම තුළ ඇතිවන මේ වෙනස්කම් පිළිබඳ කදිම චිත්‍රයක්
ඉදිරිපත් කරයි.
ලංකාවේ ළදරු ජාතික ව්‍යවසායක පංතියේ ප්‍රථම ප්‍රකාශකයා වූයේ
අනගාරික ධර්මපාලය. ඔහු වෙළෙඳ පොළ පාසලෙන් ජාතික වාදය පිළිබඳ
මුල් පාඩම ඉගෙනගෙන තිබුණි. එබඳු ශික්ෂණයක් නොලත් ශ්‍රී
ලංකාවේ ප්‍රභූ සමාජ ස්ථර සමග ඔහු නිරන්තරයෙන් ගැටුණි. ගම
තුළින් දේශපාලනීකරණය වී ඉදිරියට එන ප්‍රථම පරම්පරාවටද අනගාරික
ධර්මපාලට ශක්තියක් ලබාදීමට තරම් දේශපාලනිකව වැඩී සිටියේ නැත.
එම නිසා අනගාරික ධර්මපාල 1915 න් පසුව හුදකලා විය. 1912-15
කාලයේ වූ අමද්‍යප ව්‍යාපාරයේ දෙවැනි රැල්ලේ නායකත්වය දීමට
පැමිණි එµa. ආර්. හා ඩී. එස්. සේනානායක හා ඩී. බී. ජයතිලක
නායකත්වයට තම දේශපාලන අභිමතාධිපත්යය ගොඩනගා ගන්නට හැකි වූයේ
මෙම පසුබිම යටතේය. 1915 සිංහල මුස්ලිම් කෝලහාලයෙන් පසුව මෙම
දේශපාලන ප්රවණතාවයේ තාවකාලික පසුබෑමක් ඇති විය. ඇත්තවශයෙන්ම
සේනානායක ජයතිලක දේශපාලන නායකත්වය ස්ථාපිත වූයේ අනගාරික
ධර්මපාලගේ දේශපාලන මළගම උඩිනි.
තිස් ගණන්වල ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇතුළු වූ වාමාංශික
ව්‍යාපාරයටද ගමේ දේශපාලනයට නායකත්වයක් දීමට නොහැකි විය. බටහිර
උසස් අධ්‍යාපනය ලබා ලක්බිමට පා තැබූ මේ මාක්ස්වාදී
තරුණයන්ට ග්රාමීයව සුළු ධනේශ්වරයේ සංස්කෘතික හා ආගමික
ඉල්ලීම්වලට සිය දේශපාලන න්‍යාය පත්‍රයේ ප්රමුඛත්වයක් ලබාදීමට
අවශ්‍ය වූයේ නැත. වාමාංශික ව්‍යාපාරය ග්‍රාමීය සුළු ධනේශ්වරය
සංවිධානය කිරීමට උත්සහ නොදැරුවේ නොවේ. ගම්පති ක්රමයේ වැරැදි
පිළිබඳව ඔවුන් කළ විවේචන, ගොවිජන ප්‍රශ්න ඇතුළු ග්‍රාමීය ලෝකයේ
අනෙකුත් දුෂ්කරතා පිළිබඳව ඔවුන් නැඟූ හඬ වාමාංශික ව්‍යාපාරය ගම
අමතක නොකළ බවට නිදසුන්ය. නමුත් සමස්තයක් වශයෙන් ගත් කල ගම
ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ඓන්ද්‍රීය අංගයක් නොවීය.
'ගමේ' දේශපාලන ප්රවාහයේ දෙවැනි පරම්පරාව ඉදිරියට එන්නේ 1930
ගණන්වල සිටය. 1931 සර්ව ජන ඡන්ද බලය ප්රදානය කිරීමත් සමගම ගම
වේගයෙන් දේශපාලනීකරණය විය. මෙම දේශපාලන ප්රවාහයේ දෙවැනි රැල්ල
සිංහල භාෂා ව්‍යාපාරයේ නැඟීම හා බැඳී ඇත. ඇත්තෙන්ම සිංහල භාෂාව
රාජ්‍ය භාෂාවක් කිරීම සඳහා ව්‍යාපාරය මුලින්ම ආරම්භ වූයේ දෙමළ
භාෂාවට එරෙහිව නොව පංති ව්‍යාපාරයක් ලෙස ඉංග්‍රීසි භාෂාවේ
ආධිපත්‍යය දරන සමාජ ස්ථරයට අභියෝගයක් වශයෙනි.
මතු සම්බන්ධයි
Divayina
Archives
-
▼
2012
(376)
-
▼
May
(61)
- ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
- තාල 2012 ප්‍රසංගයේ මිහිර..
- "මං අහිංසක ගැහැණියක් බොලව්"
- සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැ...
- තිළිණ කඳුළු
- ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ
- දමිතා ඩුබායි- මැලේසියා
- ෂෙරිල් ගමේ කෙල්ලෙක්ලු
- අංජුලාගේ ජීවිතේට වෙනසක් ඕනෑලු!
- උඩින් යන්න කැමති චමුපා
- Menakaaaaaaaaaaaaaaaaaaaa............................
- මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක
- චේතනා රණසිංහ Live in Concert
- සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්"
- හෘදය සාක්ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්"
- මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව
- සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රිය...
- Dilini Lakmali
- Super Six
- සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි
- මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ
- ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා
- විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ
- ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
- ‘සොකරි සිය අභිමානවත් 200 වැනි දැක්ම 20 වැනිදා ටවර් හි
- ටෙලි විෂනයට 23 දා හිරු උදා වෙයි
- රොඩ්නිට ලණුවක්
- ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා
- මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.
- උදාරි සෙන්තොසාවේ සන්තොසින්
- සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ
- ඒ කතාව අමූලික බොරුවක්
- බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?
- ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී
- රන්ජන් ගැහැනු චරිතයක
- ගැහැනු විතර ද චපල ?
- නර්තන පූජාවක් 12 වැනිදා
- මේ අරගල බඩගෝස්තරවාදීයි
- සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා
- මං පොලිසියේ තණකොළ ගැලෙව්වා
- බහිරවයෙක් කාර් එකේ නිදි
- සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර
- ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’
- ගයත්රිට ආදරය කරන අහසක් තියෙනවලු
- MOKAK.....??? Gossip News Ekak....?
- මේ වෘත්තිය ස්ථිර නැහැ.ඒත් අපි ජිවත් වෙන්නේ මේකෙන්
- ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද?
- මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි
- ලංකා ආර්ට් වෙතින් නාට්‍ය e පුස්ථකාලයක්
- අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට
- ළමා හඬින් බොදු බැති ගී
- රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි
- මෙන්න කොට්ටම්බා ස්ටාර්
- ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද?
- මොකටද බය වෙන්නේ. ඕවට බෙහෙත් තියෙනවා. -
- සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි.
- ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන
- ‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන...
- දයාන්ගේ නිවස ගිනි අරන්
- ලංකා ආර්ට් තහනමට ලක්වෙයිද...???
- ලෙස්ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය....
-
▼
May
(61)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය
Monday, May 21, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment