සත්සියක් මල් දම් රැගෙන
එන්නී කුවේණි
කුවේණි...
වේදිකාවට ආවේ වසර ගණනාවකට පෙරය. හෙන්රි ජයසේනයන්ගේ නිර්මාණයේ
කුවේණිය ලෙස මානෙල් ජයසේන රඟපෑවාය.
කුවේණි තවමත් වේදිකාවේ සිටින්නීය. එදා හෙන්රි ජයසේනයන්ගේ
"කුවේණි" අද යමුනා, ජීවනී කරුණානන්දගේ නව නිෂ්පාදනයකි.
"කුවේණි" සමගින් යමුනා රඟහල දොරකඩට ආවාය.
"කුවේණි" දරුණු අත්දැකීම්
වගේම ජවය ගෙන දුන්නා
යමුනා ජීවනී කරුණානන්ද
ඔබ ..... කුවේණි ගෙන එන්නේ කොතරම් කාලයක ඉඳලාද?
මම මේ නාට්‍යය කරන්න ගත්තේ දෙදහස් හයේදි....
ඇයි මේ නාට්‍ය කළේ?
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදි මම මගේ ස්වාධීන නිබන්දය විදිහට
තෝරා ගත්තේ "කුවේණි" ඒත් විශ්වවිද්‍යාලයෙන් පිටවුණාට පස්සෙ එය
කරන එක නතර වුණා. ඒත් ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලටත් කුවේණි
ඉදිරිපත් කළා. ඉන්පස්සේ 2009 දී ජූඩ් ශ්‍රීමාල්ගේ
මූලිකත්වයෙන් නව නිෂ්පාදනයක් ලෙස කළා.
කුවේණි ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනගේ නිර්මාණයක්. මේ
නාට්‍ය දෙක වෙනස්ද?
නෑ.... පිටපත එකමයි. ඒත් රංග ක්‍රමය වෙනස්.
මොකක්ද රංග ක්රමයේ තිබෙන වෙනස?
හෙන්රි සර්ගේ කුවේණි... නාට්‍යයේ තියෙන්නේ ග්‍රීක නාට්‍යවල
කෝරස් එකේ ආභාෂය. ඉන්පසු ඒ කෝරස් එකම තීව්ර කරලා මම මගේ
නිෂ්පාදනයට එය සජීවීව යොදා ගන්නවා. ඒ වගේම මගේ නිෂ්පාදනයේ රංග
වින්‍යාසය සහ ඇඳුම් වෙනස්. කුවේණි නව නිෂ්පාදනය සියලු දෙයින්
සම්පූර්ණ කියා මම හිතනවා. නව සංගීත සංයෝජනයක් යොදාගත්තා.
නාට්‍යයේ අන්තර්ගතයට ඔබ හානියක් කරලා නැද්ද?
කිසිම හානියක් කරලා නැහැ. හෙන්රි ජයසේන මහත්මයා ඒ බව ජීවත්ව
සිටියදීම තහවුරු කළා. තම පිටපත තුළ ඔහුවත් නොදුටු දේ මා විසින්
ස්පර්ශ කර ඇතැයි ඔහු පැවසුවා. මගේ නාට්‍යය බලලා ඔහු සතුටු
වුණා. "මට කරන්න බැරිවුණුq දේ නව නිෂ්පාදනයෙන් කරලා තියෙනවා"
කියා හෙන්රි ජයසේන මහතා පැවැසුවා.
ඔබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නැටුම් නාට්‍ය සහ රංග කලාව
පිළිබඳ උපාධිය ලබාගෙනත් ඇයි අලුත් නාට්‍යයක් නොකළේ.?
මම ආර්ථික මට්ටමින් පහත් තැනක සිටි නිසා අලුත් නිර්මාණයක්
කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හෙන්රි ජයසේන මහතාත් මමත්
එක්ව නාට්‍යයක් රචනා කළා. ඒත් එය අතරමඟ නැවතුනා. මා විවාහ වූ
නිසා අදටත් ඒ නාට්‍යය වේදිකා ගත කරගන්න බැරිවුණා. එය වේදිකා
ගතකිරීම මගේ හීනයක්. තව වසරකින් විතර ඒ හීනය සැබෑ වේවි. මම
පානදුර සුමංගල බාලිකාවේ ගුරුවරියක්. පාසල් මට්ටමින් නම් මම
නාට්‍ය නිර්මාණ කරනවා.
ඔබ කාන්තාවක්... කොහොමද නාට්‍ය ක්ෂේත්රයේ අභියෝගවලට මුහුණ
දෙන්නේ.
ඔව්... මෙය ඉතාම කටුක අත්දැකීමක්. කුවේණිත් කාන්තාවක්නේ.
මමත් මගේ ජීවිතේ හැම දේකටම කුවේණි තුළින් පන්නරය ලබා ගත්තා.
කුවේණි නිසා මම දරුණු අත්දැකීම්වලට මුහුණ දුන්නා. ඒත් කුවේණි
නිසාම ධෛර්යය ලැබුණා. කලකිරීම් තිබුණා. නැත්තේ නැහැ. කුවේණි
නතර කරන්නත් උත්සාහ කළා. ගැබිනියක්ව සිටිද්දි මා ප්‍රශ්න
රැසකට මුහුණ දුන්නා. නමුත් අපේ කණ්ඩායම ලොකු ශක්තියක් වුණා.
හෙන්රිගේ "කුවේණි" කිසි
වරදක් කර නැහැ
නිමල් ජයසිංහ
මම තමයි විනිශ්චයකාරයා. හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි" නාට්‍යයේ
මම කළේ දෙවැනි නීතිඥයාගේ චරිතය. එදා නාට්‍යයේ සංවිධාන කටයුතු
හෙන්රි ජයසේනයන් භාර දුන්නේ මටයි.ඒ පිටපතයි මේ පිටපතයි වෙනස්
නැහැ. නමුත් රංග වින්‍යාසය වෙනස් කළා. ඒ වෙනසට හෙන්රි
ජයසේනයන් පවා කැමැති වුණා. ඔහුගේ කුවේණිට මේ නාට්‍යයෙන්
හානියක් නෑ. අබමල් රේණුවක වරදක් වී නැහැ. මම රඟපාන්නේ
සතුටින්.
කුවේණි නාට්‍යයට මම
හුඟක් ආදරෙයි කළා
අනිල් කේ. විඡේසිංහ
හෙන්රි ජයසේනයන්ගේ නාට්‍යයක රඟපාන්න මම පුදුමාකාර කැමැත්තකින්
හිටියේ. "කුවේණි" හැමදාමත් පවතින නාටයHක්. එතුමා ජීවත්ව
සිටිද්දීම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න මම පින් කරලා තිබුණේ
නැහැ. "කුවේණි" මම වඩාත් ආදරය කළ නාට්‍යයක්. මම රඟපාන්නේ
දඩයක්කාරයාගේ චරිතය.
කුවේණි වෙන්න ලැබෙයි
කියා හිතුනෙම නැහැ
ප්‍රභා දිසානායක
මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක්. ගිය
අවුරුද්දේ තමයි කුවේණි චරිතයට තෝරා ගත්තේ. මම රන්වල පදනමේත්
ඉන්නවා. මම හීනෙකින්වත් හිතුවේ නෑ කුවේණි චරිතය රඟපාන්න. මම
කෝරස් එකට ගියේ. ඒත් මාව "කුවේණි" චරිතයට තෝරාගත්තා. මට
පුදුමාකාර සතුටක් දැනුනා. මම ඒ එක්කම කුවේණි ගැන අධ්‍යයනය
කළා. මේ චරිතය මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක්.
අජිත් අලහකෝන්
Divayina
Archives
-
▼
2012
(376)
-
▼
May
(61)
- ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
- තාල 2012 ප්‍රසංගයේ මිහිර..
- "මං අහිංසක ගැහැණියක් බොලව්"
- සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැ...
- තිළිණ කඳුළු
- ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ
- දමිතා ඩුබායි- මැලේසියා
- ෂෙරිල් ගමේ කෙල්ලෙක්ලු
- අංජුලාගේ ජීවිතේට වෙනසක් ඕනෑලු!
- උඩින් යන්න කැමති චමුපා
- Menakaaaaaaaaaaaaaaaaaaaa............................
- මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක
- චේතනා රණසිංහ Live in Concert
- සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්"
- හෘදය සාක්ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්"
- මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව
- සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රිය...
- Dilini Lakmali
- Super Six
- සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි
- මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ
- ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා
- විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ
- ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
- ‘සොකරි සිය අභිමානවත් 200 වැනි දැක්ම 20 වැනිදා ටවර් හි
- ටෙලි විෂනයට 23 දා හිරු උදා වෙයි
- රොඩ්නිට ලණුවක්
- ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා
- මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.
- උදාරි සෙන්තොසාවේ සන්තොසින්
- සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ
- ඒ කතාව අමූලික බොරුවක්
- බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?
- ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී
- රන්ජන් ගැහැනු චරිතයක
- ගැහැනු විතර ද චපල ?
- නර්තන පූජාවක් 12 වැනිදා
- මේ අරගල බඩගෝස්තරවාදීයි
- සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා
- මං පොලිසියේ තණකොළ ගැලෙව්වා
- බහිරවයෙක් කාර් එකේ නිදි
- සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර
- ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’
- ගයත්රිට ආදරය කරන අහසක් තියෙනවලු
- MOKAK.....??? Gossip News Ekak....?
- මේ වෘත්තිය ස්ථිර නැහැ.ඒත් අපි ජිවත් වෙන්නේ මේකෙන්
- ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද?
- මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි
- ලංකා ආර්ට් වෙතින් නාට්‍ය e පුස්ථකාලයක්
- අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට
- ළමා හඬින් බොදු බැති ගී
- රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි
- මෙන්න කොට්ටම්බා ස්ටාර්
- ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද?
- මොකටද බය වෙන්නේ. ඕවට බෙහෙත් තියෙනවා. -
- සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි.
- ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන
- ‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන...
- දයාන්ගේ නිවස ගිනි අරන්
- ලංකා ආර්ට් තහනමට ලක්වෙයිද...???
- ලෙස්ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය....
-
▼
May
(61)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Second chances - මේක අලුත් ඇරඹුම් ගැන කතාවක්.මම යන එන මඟ තැනක අලුතින් කැෆේ එකක් විවෘත කළා. මුල ඉඳන්ම ඒක බොහොම සාරෙට පෙනුණා, මාත් ඉඳහිට ඒකට ගොඩ වැදුණා. පටන් ගනිද්දී මේ කැෆේ ...43 minutes ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි
Monday, May 21, 2012
Subscribe to:
Post Comments (Atom)
1 comments:
...දැන් කුවීණිට කඩේ යනවා වගේ....මගේ හිතේ ඕක පාඩු ඇති පෙන්නන එක,,,,,පුළුවන් නම් කුවේණිගේ ඇට කටුත් විකුණගෙන කයි ඔබතුමාලා
Post a Comment