----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්

Thursday, April 26, 2012

‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්

සංඛ – ගයනි – උදේශ් නෙතු මානයේ රැගෙන එති

ජන 28 දා කලා කේන්ද්‍රයේ
සංඛ දිනෙත් ගයනි මධූෂා උදේශ් නීලංග මේ තුන් දෙනා නව පරපුර නියෝජනය කරන සංගීතයෙන් පෙළහර පාන උදවිය. ඒ ත්‍රිත්ව තරු සංකලනය ලබන විසි අට වැනිදා සවස බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයට පායන්නේ ‘නෙතු මානයේ’ දිග හරින්න.

‘නෙතු මානයේ’ ගී ප්‍රසංගයක් ‘නෙතු මානයේ’ ට පෙර සංඛ, ගයනි, උදේශ්ගේ අලුත් තොරතුරු මොනවද කියලා දැනගන්නට මට හිතුණා.
සංඛ - මේ දිනවල මං ටිකක් කාර්යබහුලයි. සිරස නාලිකාවේ පොඩ්ඩන්ට පුළුවන් සංගීත වැඩ සටහනේ විනිසුරු මඬුල්ලේ ඉන්නවා. ඒ වගේම සිරස සහ නෙත් ගුවන් විදුලියන්හි සති අන්ත තේමා වාදනයන් හදන්නේ මං. තවත් චිත්‍රපට කිහිපයකට සංගීත නිමවුම් සඳහා ආරාධනා ලැබිලා තියනවා. ඒ ගැනත් සිතා බලමින් කල්ගත කරනවා.
ගයනි – මම එරංග සේනාරත්නගේ අලුත්ම චිත්‍රපටය ඇතුවත් බෑ නැතුවත් බෑ හි ගීතයක් සුරේෂ් ගමගේ සමඟ ගැයුවා. සිරි දළදාගමනය චිත්‍රපටයෙත් ගීයක් ගැයුවා. ඒක තමයි මගේ අලුත්ම ආරංචිය. ඊට අමතරව ප්‍රසංග වේදිකාව සඳහා ඇරැයුම් ලැබෙනවා.
සංක, ගයනි සහ උදේශ්ට ගායන ලොවෙහි ඉදිරියට යන්න තල්ලුවක් ලැබුණේ සිරස සුපිරි තරු තරගාවලිය නිසා. ඒත් සංඛ ගයනි තරමට උදේශ් වැඩිපුර කළ එළියට ආවේ නැහැ.
උදේශ් - මේ දවස්වල මගේ සහ ගයනිගේ එක්තරා යුග ගීතයක රූප රචනාවකට සැරසෙනවා. ඒ ගීය ගැන පසුවට කියන්නම්. මං දැනට ස්වතන්ත්‍ර ගීත පහළොවක් පමණ ගයා අවසන්. වියපත් බඹරා චිත්‍රපටයේ ගැයුවට පස්සේ මට හරවත් නිර්මාණයක් සඳහා ඇරැයුම් ලැබුණේ නැහැ. තව චමින්ද සමරනායක සංගීත අධ්‍යක්ෂණය කරපු තරු වැස්ස නම් වූ සංයුක්ත තැටියකට ගැයුවා. තව නොබෝ දිනකින් එය එළි දැක්වේවි.
සංඛ ගැයූ ‘ඔබ හීනයක් හීනයක් වී හිඳින්න මාගේ නෙතු දැහැනේ’ ගීය ඉතාම ජනප්‍රියයි?
අනේ ඔව්. මමවත් හිතපු නැති විදිහක ජනප්‍රියතාවයක් ගීතයට ලැබුණා. තිළිණ රුහුණගේ තමයි ඒකේ මියුසික් කළේ. නලින් ද සිල්වාගෙ පද ගෙත්තමක්. මං හිතනවා මගේ අනෙකුත් ගීතලට වඩා වේග රිද්මයට එය නිර්මාණය වූ හින්දා එය තදින් මිනිසුන් වැළඳ ගත්තා.
සංඛට පුංචි චෝදනාවක් තියනවා. ඒ මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ‘කඳු පාර ඈත අයිනේ’ ගීතය විකෘති කොට ගැයූ බවට.
මෙහෙමයි, එම ගීයේ සංගීත නිර්මාපක සරත් ද අල්විස්ගේ පුතු සුරංග ද අල්විස්ගේ ආරාධනාවකට එහෙම ගැයුවේ. ඒත් මම ඒක විකෘති කළේ නැහැ. රැප් කරලා විනාශ කළෙත් නැහැ. අලුත් සිංදුවටත් කැමැති අය නැතුවාම නෙවෙයි. ඒ ගීතය පද රචනා කළ උපාලි ධනවලවිතාන මහතාවත් මතක් කරන්න ඕන.
පුංචි වතේ රංචු ගැහෙන
හීන මල් සොයා
සමනල තටු සලා හිමින්
සිත ඉගිල ගියා

හොරෙන් හොරෙන් අඩි තිය
තියා හදවත පුරා
ඉලංදාරියෝ සෙල්ලම් කරනවද ඔයා

ගයනි එහෙම ගැයවේ සංඛත් එක්ක. ආයෙත් ඒ වගේ ප්‍රේමණීය ගීතයක් ගයන්න.
ම් ම් ම් . . . සංඛත් එක්ක යුග ගීත කිහිපයක්ම කිව්වා.
වැඩිපුර ජනප්‍රිය වුණේ මේක. ඒ වගේම නැතත් හොඳ ඩුවට් එකක් කියන්න අපි දෙන්නා සැලසුම් සකස් කරගෙන ඉන්නවා.
උදේශ් ඇයි සද්ද නැතිව ඉන්නේ?
කියන්න නම් දෙයක් තියනවා. ඒ මා මුලින්ම නොකීව අර යුග ගීතය පිළිබඳව.
එය ‘නෙතු මානයේ’. නෙතු මානයේ කියන්නේ මගෙයි ගයනිගෙයි ගීතය. එය ගුවන් විදුලි මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. ප්‍රතිචාරත් හොඳයි. මේ වෙලාවේ ‘නෙතු මානයේ’ ප්‍රසංගය සඳහා ශක්තියක් වන ඉත්තෑකන්ද සද්ධාතිස්ස හාමුදුරුවෝ, කර්නල් ධම්මික ගුණසේකර, රිස්ලි ඉල්ලියාස්, ලයනල් එදිරිසිංහ, ශාකීර්, බ්‍රයන් සහ ශිරෝමිකා ප්‍රියදර්ශනී යන අයවත් මතක් කිරීම අපගේ යුතුකමක්.



SARASAVIYA
READ MORE - ‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්

ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම්

30 වැනි සංවත්සරය සමරයි!

ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම්


ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම ඔවුන්ගේ 30 වැනි සංවත්සරය සමරන්නයි මේ සූදානම් වෙන්නේ.
ඇන්ටන් මිහිඳුකුල, කුමුදුනී මිහිඳුකුල ඇතුළු සියලු දෙනාගේම සහයෝගයෙන් මෙවර පවත් වන්නේ යාතිකා කියන විකල්ප නාට්‍ය සංදර්ශන මාලාවක්.
ඒ වගේම නාට්‍ය වැඩමුළු මාලාවක්, මෘත ශරීරාගාරය නමින් වේදිකා නාට්‍යයක් ද වේදිකා ගත වෙනවා. යාතිකා විකල්ප නාට්‍ය සංදර්ශනය පැවැත් වෙන්නේ මේ මාසයේ 28 වැනිදා මීගමුව අක්කර පනහ සමෘද්ධිගම තරුණ ශාලාවේදී.
මේ හැම අංගයක්ම ඔබ වෙනුවෙන් වේදිකා ගත වුණත් ඔබ වෙනුවෙන්ම වෙන් වූ වැඩ මුළුවක් පැවැත්වෙන බව ඔවුන් කියන්නේ සතුටින්. ඊට ඔබ කැමැත්තක් දක්වනවා නම් වැඩි විස්තර 2/4, විජය පාර, 3 කුරණ, මීගමුව යන ලිපිනයට, ලිපිනය ලියූ මුද්දර කවරයක් හා අයැදුම්පතක් යොමු කිරීමෙන් දැනගන්නට හැකියි.වැඩ මුළුවෙන් පස්සේ ඔවුන්ගේ නිර්මාණවලට සහභාගි වීමට ද ඔබට අවස්ථාවක් ලැබෙන බවත් ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම පවසනවා.

SARASAVIYA
READ MORE - ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම්

නළු - නිළි යුවළක් අත් අඩංගුවට

නළු - නිළි යුවළක් අත් අඩංගුවට

මේ චිත්‍රපට කතාවක් නොවේ

කප්පම් ඉල්ලා නොලැබුණු නිසා නවක නිළියගේ ගෙල කපා මරලා


හොලිවුඩ් පුරවරය ගිනිගත් මධ්‍යහ්නයක් බඳුය. සර්වපිත්තල ලෝකයක ඔවුන් රසික නෙත් අන්ධ කරන්නේ බාල බොළඳ සිනමා නිර්මාණවලින් පමණක් නොවෙයි. ඉහළට නගින්න වෙර දරන නවකයන්ගේ දෙපයින් ඇදීමට ඔබ්බට ගිය අවකෙළි මතු පිටින් සෝබාව උතුරන මේ පුරවරයෙන් ඕනෑ තරම් අසන්නට, දකින්නට ලැබේ.

එහෙත් මෙතරම් නොමිනිස්කමක් . . .? සංවේදී හදක් හිමි සහෝදර කලාකරුවකු කෙසේ නම් කරන්න ද?
විසි හය හැවිරිදි මීනක්ෂි තාපා බොලිවුඩයේ අතරමං වී තටු සිඳගත් අලුත්ම තාරකාවයි. අද ඇය ගැන ඇත්තේ මතකයක් පමණි. 1984 ඔක්තෝබර් 4 වැනිදා රෝස කැකුළක් මෙන් සොඳුරු රුවක් ඇතිව මීනක්ෂි උපන්නාය. ඇය උතුරු ඉන්දියාවේ ඩෙරාදූන් නගරයේ ඉපදුණේ නේපාල සම්භවයකට උරුමකම් කියමිනි.
තවත් මනීෂා කොයිරාළ කෙනකු වන්නට මේ පුංචි සමනලිය ද සිහින මවන්නට ඇත. 2011 වසර ඇයගේ නමින්, රුවින්, සාකච්ඡාවලින් පුවත්පත් සඟර පිටු සැරසුණේ නවක තාරකාවක් පිළිබඳ බලාපොරොත්තු රසික සිත්හි දල්වමිනි. ‘404’ සිනමා පටයේ රඟපෑමෙන් ඇය බොලිවුඩයට පා තැබීමට වරම් ලැබුවාය.
‘සහීර්’ ඇයට රඟන්නට ලැබුණු තවත් සිනමා පටයකි. වෘත්තියෙන් නර්තන ශිල්පිනියක වූ ඇය බොලිවුඩ් සිත්තම් පටයක් සැරසීමට අවශ්‍ය සියලු සුදුසුකම්වලින් පරිපූර්ණ වූවාය. මීනක්ෂි වෙළෙඳ දැන්වීම කිහිපයකට ද පෙනී සිටියාය.
‘404’ රංගන වරමත් සමඟ ඇය කියා සිටියේ ‘මං හරිම වාසනාවන්තයි. නවකයකු වශයෙන් මට හොඳ චරිතයක් ලැබී තිබෙනවා.
මගේ මාපියන්ටත් හරි සතුටුයි.’ දකින සිනමාව මෙන්ම සැබෑ සිනමාව ද සොඳුරු ඇතැයි සිතූ මේ අහිංසකාව එදා එසේ හදවතින්ම ප්‍රකාශ කළාය. දෙරාදුන්වල සාන්ත ජෝශප් ඇකඩමියේ නැටුම් ගුරුවරියක ලෙස ගෙවූ දිවියට ඇය සමු දී මූම්බායි පැමිණියේ වෘත්තීය නිළියක වීමට ඇති දැඩි කැමැත්ත නිසයි. ඒ වන විට ඇය ගුවන් සේවා පිළිබද ඩිප්ලෝමාවක් ද ලබා සිටියාය.
රඟන්නට චරිත සොයා ඇය මෙන්ම බොලිවුඩ් පැමිණි අමිත් සහ ප්‍රීති යුවළ මීනක්ෂිට මුණ ගැසුණේ ‘හෙරොයින්’ දර්ශන තලයේදීය. තමන්ගේම වයසේ පසු වූ ප්‍රීති හා ඇය ඉක්මනින් මිතුරු වූවාය.
අමිත්, ප්‍රීති දෙදෙනාම පැමිණ සිටියේ අලහබාද් නුවර සිටයි. විවාහකයකු හා දෙදරු පියකු වූ තිස් හය හැවිරිදි අමිත්, තමන්ට වඩ දස වසරකින් බාල ප්‍රීති හා මිතුරු වී ඇත්තේ බිරියට හොර රහසේය.
එහෙත් බිරියට ඇත්ත හෙළි වූ පසු දෙදෙනා පැදුරටත් නොකියා, යුවළගේම එකම සිහිනය වූ සිනමා සිහිනය සැබෑ කර ගැනීමට මූම්බායිහි නවාතැන් ගත්හ. දෙදෙනා හඳුනා ගත් මීනක්ෂි මුදල් උපයා ගත හැකි යන්ත්‍රයක් බව වැටහෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. එවැනි සිතුවිල්ලක් ඔවුන් තුළ ඇති කළේ මීනක්ෂිමය.
‘මගේ මහගෙදර තියෙන්නෙ නේපාලෙ. අපිට හොඳට සල්ලි තියෙනවා. රඟපාන්නෙ සල්ලි ඕනකමකට නෙවෙයි. විනෝදාංශයට’ ඇය පුරසාරම් දෙඩූවාය.
මේ සර්වපිත්තල ලෝකයේ ඇති දෙයට වඩා නැති දෙය මවා පෑමේ යථාර්ථයක් ඇති නිසා ආධුනික තාරකාවක වූ මීනක්ෂි තමන් එසේ පැවසීම අනුවණකමක් කියා මොහොතකටවත් නොසිතන්නට ඇත. එහෙත් ඇයගේ ගෙල සිඳලන පාරාවළල්ලක් වූයේ එම වදන් පෙළයි.
අමිත් ජයිස්වාල් සහ ප්‍රීති සූරීන් මේ රන් කිකිළියගෙන්, රන් බිජු ගැනීමට අපූරු සැලැස්මක් යෙදූහ. මධූර් බන්ධර්කර්ගේ ‘හෙරොයින්’ චිත්‍රපටයේ තිදෙනාම සුළු චරිත රැගූ අතර, දිනක් අමිත් සහ ප්‍රීති මීනක්ෂි පැහැර ගත්හ.
ඔවුන් ඇයගේ මවට මීනක්ෂි ලක්ෂ 15 ක්දී නිදහස්කර ගත්තේ නැත්නම් ඇයට මත්පැන් පොවා නිල් චිත්‍රපට රංගනයට යොදන බව දැන් වූවාය. අසරණ මවට සොයා ගත හැකි වූයේ ඉන්දියානු රුපියල් 60,000 ක් (පවුම් 730 ක්) පමණි. ඇය ඒ මුදල ඔවුන් දුන් ගිනුම් අංකයට බැර කළත් දියණිය ගැන කිසිදු ආරංචියක් නොලැබුණි.
මවත්, ඇයගේ සොයුරු නව්රාජ් පොලීසියට පැමිණිලි කළේ කළ හැකි කිසිවක් නැති තැනය.
මීනක්ෂි තාපා සෙවූ මූම්බායි පොලිස් අපරාධ ඒකකයට අවසානයේදී සොය ගත හැකි වූයේ ඇයගේ හිස සුන් කෑලි කැපූ සිරුරයි. එම කවන්ද සිරුර සූරීන්ගේ අලහබාද් නිවෙසේ වතුර ටැංකියක ගිල්වා තිබුණි. ඔවුන් මීනක්ෂි මරා දමා ඇත්තේ ගොරක්පූර්වලට රැගෙන ගොස්ය. එහිදී ඇයගේ ගෙල කැපූ ඔවුන් හිස මූම්බායි එන අතරතුරේදී බසයෙන් පිටතට විසි කර තිබේ. තවමත් ඇයගේ හිස සොයා ගෙන නැත.
අත් අඩංගුවට ගන්නා විට මීනක්ෂිගේ ජංගම දුරකතනය, ඒ ටී එම් කාඩ් පත පවා තිබී ඇත්තේ සූරීන් ළඟය.
මුදල් තණ්හාව වගේම මීනක්ෂි ගැන පුංචි ඊර්ෂ්‍යාවක් ද මොවුන්ට තිබී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.
තිරයේ රැජනක වීමට සිහින මවාගෙන බොලිවුඩයට පැමිණෙන පුංචි සමනලියන් ඕනෑ තරම්ය. එහෙත් වැඩි දෙනෙක් සිහින සැබෑ කර නොගෙන එහි අතරමං වෙති. මීනක්ෂි තාපා අතරමං වූවා පමණක් නොව ජීවිතය ද අහිමි කර ගත්තාය. නිළියකගේ චරිතය වටා ගෙතුණු ‘හෙරොයින්’ දර්ශන තලයේදීම තවත් යොවුන් නිළියක පිළිබඳ ඉරණම් කතාව අවාසනාවන්ත ලෙස ලිය වුණු අන්දම පුදුමාකාරය
.
READ MORE - නළු - නිළි යුවළක් අත් අඩංගුවට

එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා

එවැනි යෝජනා එපා
මට පෙම්වතෙක් ඉන්නවා

ගයත්‍රි රාජපක්‍ෂ

තුෂාරි ආදරය නිසා පිස්‌සියක්‌ වෙලා. ඒ විතරක්‌ නෙමෙයි හිරේ යන්නත් වෙලා. තුෂාරි ගෙවන මේ ජීවිතය හරිම දුක්‌බරයි. මේ ජාතික රූපවාහිනියේ විකාශනය වන සඳට අහස තරම් ටෙලිනාට්‍යයේ තුෂාරිගේ කතාව. මෙලෙස තුෂාරි ලෙසින් ප්‍රේක්‍ෂක හමුවට එන ගයත්‍රි රාජපක්‍ෂ සමඟ අපි කතාබහක නිරත වුණා.

ගයත්‍රි මේ දවස්‌වල ගොඩක්‌ හිට්‌ලු නේද?

තුෂාරි චරිතයට මගතොටේදී ලැබෙන ප්‍රතිචාර නිසා ගොඩ දෙනෙක්‌ මං ගැන කතා වෙනවා ඇහිලා තියෙනවා.

කාලෙකට විතරක්‌ ඇයි මෙහෙම ජනප්‍රිය වෙන්නේ?

ඒකට ප්‍රධානම හේතුව තමයි දිගටම නිර්මාණවලට දායක වුණාට එක කාලෙකදි විතරයි ඒවා විකාශය වෙන්නේ.

ඇයි මේ ජනප්‍රියත්වය හැමදාමත් ර¹පවත්වා ගන්න බැරි?

කරන්නන්වාලේ හැම දෙයක්‌ම නොකර හොඳ දේ විතරක්‌ තෝරගෙන කරන නිසා වෙන්න ඇති.

ඔබ ක්‍ෂේත්‍රයට අලුත් වීමත් ඒකට හේතුවක්‌ද?

එහෙම කියන්න දන්නෙ නෑ. නමුත් හැමදාමත් අලුත් කියලා හිතාගෙන ඉන්න තියෙනව නම් කැමතියි.

නවකයන්ට කෙටි කලකින් ජනප්‍රිය වෙන්න බැරි ඇයි?

ඔවුන් ක්‍ෂේත්‍රයට ආධුනික නිසා වෙන්න ඇති.

නමුත් පළමු නිර්මාණයෙන්ම එහෙම ජනප්‍රිය වෙන අයත් ඉන්නවා නේද?

දක්‍ෂතාව අනුව වෙන්න ඇති. ඒ වගේම සමාජයට දෙමාපියන්ගෙ තත්ත්වෙට ගරු කරලා ඒ දේවල් කරනව නම් තමයි හොඳ.

ඔබ ජනප්‍රිය වෙන්න මොනවද අනුගමනය කරන ක්‍රියාපිළිවෙත?

ජනප්‍රියත්වය වෙනුවෙන් ලොකු විශේෂ දේවල් කරන්නෙ නැහැ. මොකද මම හැම දේම ගැන සරලව හිතන කෙනෙක්‌.

ගයත්‍රි දක්‍ෂ රංගනයට විතරද?

මම රඟපාන්න දක්‍ෂයි කියන තැන නැහැ. ඒ තුළ මම තාමත් හදාරනවා.

නටන්න පුළුවන් කියන කතාව බොරුවක්‌ද?

පාසලේදී විෂයයක්‌ හැටියට උඩරට නැටුම් හදාරලා තියෙන නිසා ටිකක්‌ නටන්න පුළුවන්.

රංගනය ද අද ඔබේ වෘත්තිය?

දැනට නම් රංගනය තමයි. ඒත් රඟපාන්න එන්න කලින් පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කළා.

ඇයි රස්‌සාව අත්හැරියේ?

ෂූටින්වලට නිතරම නිවාඩු ගන්න සිද්ධවුණ නිසා මටම හිතුණා රඟපාන්නයි රස්‌සාව කරන්නයි ගියොත් දෙකෙන් එකක්‌වත් හරියට කරගන්න බැරිවෙයි කියලා.

ඒ ගැන දුකක්‌ නැද්ද?

දුකයි තමයි හිතේ කැමැත්තට ඉඩ දුන්නා.

දිගටම මේ ක්‍ෂේත්‍රයේ නියෑළෙනවද?

පුළුවන් කාලයක්‌ ඉන්නවා.

රඟපෑම රස්‌සාව හැටියට තෝරගත්තට එය අස්‌ථිරයි කියලා හිතෙන්නෙ නැද්ද?

ඔව්, ඉතින් එහෙම එකකකුත් තියෙනවා තමයි.

ඒ කියන්නේ ඉදිරියේදී මේ වෘත්තිය වෙනස්‌ කරනවාද?

සමාජයේ ජීවත්වෙන්න බැරි තරමේ වටිනාකමක්‌ ලැබුණොත් යම් කාලෙකදි රැකියාවක්‌ කරනවා.

එදා හිටපු අහිංසක ගයත්‍රි අද ගොඩක්‌ ආඩම්බර වෙලා කියන්නෙ ඇත්තද?

කවුරුත් එහෙම කියනවා ඇති කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. මොකද එදාට වඩා අද මම හැමෝමත් එක්‌ක සුහදව කතා කරනවා.

එහෙනම් ගයත්‍රි කොහොම කෙනෙක්‌ද?

අහිංසකයි. තරහ යන අවස්‌ථාත් තියෙනවා.

සාමාන්‍යයෙන් දවස ගෙවෙන්නෙ කොහොමද?

ගෙදර හිටියොත් උයන පිහින වැඩ, ගෙදර පිරිසිදු කරන වැඩ කරන්නෙ මම තමයි.

ඒ කියන්නෙ රහට උයන්න පුළුවන්?

ඔව්, මට හොඳ රහට ඕනම කෑමක්‌ උයන්න පුළුවන්.

ඒ රසට රුචි වුණ විශේෂ කෙනෙක්‌ නැද්ද?

ඉන්නවා.

විස්‌තර කියන්න කැමතිද?

ඔහු මේ දිනවල විදේශගතවෙලා ඉන්නෙ. අපේ ආදරේට දෙපැත්තෙම දෙමව්පියෝ අවසර දීලා තියෙන්නෙ. දැනට ඒ ඇති. පස්‌සේ තව විස්‌තර කියන්නම්.

ඒ කියන්නෙ ළඟදි විවාහ වෙනවා?

ලබන වසරේ බොහෝ දුරට විවාහ උත්සවය ගන්නයි සැලසුම් කරගෙන ඉන්නෙ.

විවාහයෙන් පස්‌සෙ රංගනයෙන් ඉවත් වේවිද?

විවාහය නිසා කවදාවත් රංගනය අත්හරින්නෙ නැහැ. මොකද ඒ තරමට හොඳ විශ්වාසයක්‌ අපි දෙන්නා අතරේ තියෙනවා.

පුංචි තිරයේ පෙම්වතුන්ගෙන් ප්‍රේමාරාධනා ලැබිලා නැද්ද?

ලැබිලා තියෙනවා. මට බඳින්න කෙනෙක්‌ ඉන්නවා කියලා ඒ යෝජනා බොහොම මිත්‍රශීලීව ප්‍රතික්‍ෂේප කළා.


ඡායා - ලක්‌මිණි අතුකෝරල

Divayina
READ MORE - එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා

මැයි 11 ටවර් එකේ නරි බුරති Nari Burathi

Tuesday, April 24, 2012

Nari Burathi (නරි බුරති), the latest hilarious drama written and directed by Sarath Kothalawala,
will be staged on

May 11 at 3.30 p.m. and 6.30 p.m @ Tower Hall Maradana. 

 http://www.facebook.com/pages/Nari-Burathi/236808886379018

0777508050  - Chinthaka

Sarath Kothalawala, Kumara Thirimadura, Pubudu Chathuranga, Mihira Sirithilaka, Hemantha Iriyagama, Chinthaka Peiris, Janaka Ranasinghe and Wajira Kodithuwakku play the main roles in the stage play. 

Stage settings are by Premalal Liyanage, 
Music composition and stage management by Wimalajith Dombagahawatte 
while Upul Sampath, Harsha Malinda and Indika Niroshana will assist in the stage management. 
Costume designing will be by Pushpa Samanthi Kothalawal
makeup by Janaka Ranasinghe. 
 

READ MORE - මැයි 11 ටවර් එකේ නරි බුරති Nari Burathi

ඒ කාලෙ මගේ ඇඟට කවුරුවත් අත තිබ්බේ නෑ

සිංහල සිනමාවේ ගිනිසිළුව

ඒ කාලෙ මගේ ඇඟට කවුරුවත් අත තිබ්බේ නෑ


හෙලන් කුමාරි

මා පාවී යයි. මේ වෙලාවට සිහි වන්නේ ඔමාර් ඛයියාම්. ලතා වල්පොලගේ හඬ ශාලාව පුරා පැතිර යද්දී තිරයේ රඟන්නිය ඇය. ප්‍රේක්ෂකයන් එම සරාගී රංගනය දෙස දෑස්දල්වාගෙන බලා සිටියා. ඇය හෙලන් කුමාරි.
ඈ ගැන දැනගන්න මම ගියා කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයට. එහි ‘ඊ 1’ තට්ටු නිවාසයේ එක් දැකුම්කළු නිවහනක හුදෙකලාවේ ඈ පෙර මං බලා හිටියා මං එනතුරු. කතාබහ ඇරැඹුණේ එතැනින්.
අපේ ගෙවල් තිබුණේ මට්ටක්කුලිය ජින්තුපිටියේ. අයියයි, අක්කයි, නංගිය මායි අපි ඔක්කොම හතර දෙනයි. තාත්තා වැඩ කළේ වරායේ. අම්මා අපි හතර දෙනා බලාගෙන ගෙදට්ට වෙලා හිටියා. එතකොට මගෙ නම අරුල් මේරි එස්තර් ප්‍රනාන්දු.
ළගන්නා සුළු කතා විලාශයකින් ඇය දිග කතාබහකට මුල පිරුවා. මම ඒ දිහා බලාගෙන හිටියා. තවමත් ඒ වගේමයි.
මගේ මහත්තයටත් මාව අමතක කර ගන්න බැරි වුණැයි කියන්නේ මේ ඇස් නිසාලු . . . එයා කියනවා මං කතා කරන්නේ කටින් විතරක් නෙවෙයිලු . . .
එතකොට එයා වැඩ කලේ ජැෆර්ජි බ්‍රදර්ස් එකේ. ක්ලාක් කෙනෙක්. පත්තරවලට එහෙමත් ලිව්ව. එස්. පී. මෝගන්ගේ ‘කදම්බම්’ කියන ඒ කාලේ තිබ්බ සඟරාවට මගේ ඉන්ටර්වීව් එකක් කරන්න ආවා. එදා ඇවිත් ආටිකල් එක බාගෙට කළේ.
ඇගේ ආදර කතාව මගින් නවතා දෙතොල් පොපියා සිනාසුණා. මට මකක් වුණේ ජෝ දේව් ආනන්ද්ගේ සුජීවා චිත්‍රපටයේ කිස් නම් හාදුව . . . සිංදුව. රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දු, චන්ද්‍රකලා සමඟින් ඈ එච්. ආර්. ජෝතිපාලයන්ගේ මියුරු හඬට ජීවය දුන් අයරු මට මැවී පෙනෙන්නට වුණා.
ඇයි දැන් රඟපාන්නේ නැත්තේ. මට ඇහුණේ ඉබේටම. ඒ තරමට ඇය සුන්දරයි.
කොහේ හරි ගියාමත් හැමෝම අහන්නේ ඕක.
මං කසාද බැන්දේ අසූ පහේ. ඊට පස්සේ රඟපෑවෙම නෑ.
ඇය කිව්වේ ඒ ශෝකී හඬින්.
මට හරිම දුකයි. මගේ ජීවිතේම වුණේ කලාව. ඒ කාලේ මට රැයක් දවාලක් කියලා එකක් තිබුණේ නෑ.
මං රඟපාන්නෙ නෑ කියලා තීරණය කළාට පස්සෙත් හරියට ආරාධනා ආවා. සෝනියාගේ හස්බන්ඩ් කරු දිසානායක ගෙදට්ටම ඇවිත් හරියට කරදර කළා.
සෝනියා මගේ හොඳම මිතුරියක්. හොඳ චරිතෙකට කතා කළේ. ඒත් මං බෑම කිව්වා. පොරොන්දුවක් වුණාම ඒක කඩ කරන එක පව්නෙ . . . මං නිළියක් විදිහට ඉන්න කාලේ මට තිබුණේ ප්‍රසිද්්ධිය විතරයි. බැන්දට පස්සේ මට මේ හැම දේම ලැබුණේ.
මේ ගෙවල්, වාහන, රත්තරං බඩු මේ ඔක්කොම මට දුන්නේ මගේ මහත්තයා. එහෙම කරපු කෙනාගේ හිත රිද්දන්න මට බෑ. එහෙම කළොත් මට පව්. අනිත් එක මාව බඳිනවට එයාගේ ගෙදරින් කැමති වුණේ නෑ. නංගි විතරයි මඟුල් ගෙදර ආවෙත්.
හිතට එකඟවද ඔය කතා කරන්නේ?
දුකයි . . . ඇත්තටම දුකයි. මේ ළඟකදිත් ගාමිණියි, මාලිනියි ඉන්න සුදු පාට මීදුම් ගලාලා . . . සිංදුව ටී. වී. එකේ යනවා දැක්ක.
ඒවා දකින කොට ඉන්න බෑ. හිත කොහේදෝ මන්දා තැනක ගිහින් නතර වෙනවා වගේ. සමහර වෙලාවට ඇස්වලට කඳුළු පිරෙනවා.
මං නැටුම් අධ්‍යක්ෂණය කරලා තියෙනවා හරියටම චිත්‍රපට තිස් හයකට.
ඒ තිස් හයෙන් තිහක් විතර මං තනියම කරපු ඒවා. අනෙක් හය මට බටහිර නැටුම් පුහුණු කරපු රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දුයි මායි කරපු ඒවා.
ඒ කාලේ ඔබ ළඟින්ම ඇසුරු කළේ?
නීටා ප්‍රනාන්දු. අනිත් හැමෝමත් හිතවත්. මේ ළඟකදිත් මාලිනී මාව දැකලා ළඟටම ඇවිත් කතා කළා. ඒ කලේ කොයි කවුරුත් හොඳයි. මං ටැමිල් කියලා මට වෙනසක් කළේ් නෑ. හැමෝම හොඳයි.
ඒ කාලේ රඟපෑ චිත්‍රපට අතරින් ඔබ කැමැතිම චිත්‍රපටය?
සුනේත්‍රා චිත්‍රපටයේ ජෝතිපාල ගායනා කරන හද සන්තානේ . . .ඇති සන්තෝසේ . . . සිංදුව. අන්න ඒ සිංදුවට මමයි, ටෝනියි කරපු නැටුමට මං හරි කැමැතියි.
ඒ කලේ හිටපු ජනප්‍රියම සමාජ ශාලා නළඟන ඔබ . . .?
මට හිතෙන විදිහට ඒක තමයි ඇත්ත. මං වෙනුවෙන්ම චිත්‍රපට බලන්න හුරු වෙච්ච ප්‍රේක්ෂක පිරිසක් වෙනමම ඒ කාලේ හිටියා.
එවකට නැටුම් ශිල්පිනියකට සමාජයේ තිබූ පිළිගැනීම කොහොමද?
මට අනිත් අය ගැන කියන්නනම් දන්නේ නෑ. මං මේ කියන්නේ මං ගැන. සිනමාවට එන්න කලින් ඉඳලම මං වේදිකාවේ නැටුවා. එතකොටත් මං කුමාරි හෙලන් කියන නමින් විශාල ජනප්‍රියත්වයක් අරගෙන හිටියා. සිනමාවට ආවට පස්සෙයි මං හෙලන් කුමාරි වුණේ. තිබූ ජනප්‍රියත්වය දස දහස් ගුණයකින් වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. මොකද මං නිළියක් වුණේ කැමරාවට විතරයි. ඉන් බාහිර ලෝකෙදි මං හරියට පරිස්සම් වුණා.
මගේ හෙවනැල්ල මගේම අම්මා පස්සෙන් හිටියා. ඒ නිසාම කවදාවත් මං කටකතා ඕපදූපවලට ලක් වෙන නිළියක් වුණේ නෑ. මං මේ කියන්නේ වගකීමක් ඇතුව. ඒ කාලේ රූගත කිරීම්වලට ගියාම මහ රෑ ජාමේ වෙනකම් කාලා බීලා නටලා විනෝද වෙනවානේ. මං ඉන්නේ හරියට රෑ දහය වෙනකම් විතරයි. ඉන් පස්සේ මං අම්මත් එක්ක මගේ කාමරේට වෙලා නිදා ගන්නවා.
කිව්වට විශ්වාස කරන්න ඔය කිසි කෙනෙක් රූගත කිරීමකදී ඇරෙන්න මගේ ඇඟට අතක් තියලා නෑ. මොකද එහෙම දේවල් නොවෙන්න හැම තිස්සේම මං වග බලා ගත්තා.
ඔබ සිනමාවට පිවිසීම සිදු වුණේ?
මං මුලින්ම කිව්වේ මං වේදිකාවේ රඟපෑවයි කියලා. මං හුඟ වෙලාවට කලේ රාජ සභාවේ නටන එක. රාජ සභාවේ නැටුම ඒ කලේ වේදිකා නාට්‍යවල ප්‍රධාන අංගයක්. එහෙම මගේ නැටුම් දැකපු එම්. වී. බාලන් තමයි මාව සිනමාවට ගෙනාවේ. ඒ විජයපාල හෙට්ටිආරච්චිගේ ‘ඔක්කොම හරි’ චිත්‍රපටයෙන්. ජීවරාණි අන්තිමට රඟපෑවෙත් ඒකේ.
ඊට පස්සේ?
‘ඔක්කොම හරි’ කළාට පස්සේ තව චිත්‍රපට කීපයකම සුළු සුළු නැටුම් ජවනිකාවලට පෙනී සිටියත් මුල් වරට කතාබහට ලක් වෙන රඟපෑමක් කළේ විජයපාල හෙට්ටිආරච්චිගේම දෙවෙනි චිත්‍රපටයේ. ‘පේනව නේද’ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ අනුලයි, ඔස්වල්ඩ් ජයසිංහයි. එතකොට ඔය ශ්‍යාමා ආනන්ද පුංචි කෙල්ල. කුමාරි හෙලන් විදිහට හිටපු මාව හෙලන් කුමාරි කළෙත් විජයපාල හෙට්ටිආරච්චි. එයා තමයි කිව්වේ අපි සන්ධ්‍යා කුමාරි වගේ නමක් ඔයාටත් දාමුයි කියලා.
ඒ නම ඔබට වාසනාව ගෙනාවා?
ඇත්තෙන්ම ඔව්. මට රැයක් දවාලත් නැති වෙන තරමට චිත්‍රපට ගලාගෙන එන්න ගත්තා. නීල් රූපසිංහ, සරත් රූපසිංහ, ලෙනින් මොරායස් වගේ ඒ කාලේ හිටපු බොක්ස් ඔෆිස් රජවරු හැම කෙනාගේම චිත්‍රපටවල රඟපාන්න මට වාසනාව ලැබුණා.
දැන් මතකද, ආවා සොයා ආදරේ, එදත් සූරයා අදත් සූරයා, සූරයන්ගෙත් සූරයා, ඔහොම හොඳ ද වගේ චිත්‍රපටවල කරපු රඟපෑම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මට මතකයි ලෙනින් එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයට ඉන්දියාවේ හෙලන්ගේ නැටුමම මගෙන් ඉල්ලා සිටියා. ඒක තමයි ඔය ලතා වල්පොල ගායනා කරන ‘මා පාවී යාවී’ ගීතයට මං ඉදිරිපත් කළ නැටුම.
ඔබ අවසන් වරට රඟපෑවේ රහසක් නැති රහසක් චිත්‍රපටයේ?
ඔව්, පුදුමෙ කියන්නේ මාව සිනමාවට ගෙනාපු එම්. වී. බාලන්ගෙමයි ඒ චිත්‍රපටයත්.
ඔබ දෙමළ චිත්‍රපට රාශියක රඟපෑවා කිව්වා?
ඔව්, මට මතක හැටියට හතකද කොහෙද හිටියා.
එදා රටක් නැල වූ ඔබ අද මේ මැදුරෙ තනියම?
ඔව් . . . ඉතින් ජීවිතේ කියන්නේ මේකට තමයි. පුතා වික්‍රම් ඉන්දියාවේ බැංග්ලෝර් විශ්ව විද්‍යාලේ ඩිප්ලෝමා එකක් කරනවා. ලබන මාසේ නිවාඩුවට එයා ලංකාවට එනවා. දුව කාර්තිකා හැටන් නැෂනල් බැංකුවේ වැඩ. මහත්තයට කොළඹ හිල් වීදියේ වික්‍රම් ප්‍රින්ටර්ස් කියලා මුද්‍රණාලයක් තියෙනවා. එයා දැන් මුදලාලි හින්දා මටත් දැන් වැඩ වැඩියි.
ඔබේ සැමියාත් නළුවෙක්?
ඔව්, ඒක අද ඊයේ ඉඳලා ඇති වෙච්ච එකක් නෙවෙයි. එයා එදා ඉඳලම රඟපෑවා. ගාමිණී ෆොන්සේකා එක්කත් එයා ටෙලි නාට්‍යයක රඟපෑවා. තව අර ‘යුග විලක්කුව’ ටෙලි නාට්‍යයේ ප්‍රභාකරන්ගේ රෝල් එක කළෙත් එයානේ. ඒ කොහොම වුණත් දැනටත් අපි දෙන්නම වේදිකා නාට්‍යවලට නම් සම්බන්ධ වෙනවා.
කැමැතියි ඒ ගැන විස්තර දැනගන්න?
අපේ තියෙනවා ‘වෙල්ලි නිලා කලා ලයම්’ කලා සංගමයක්. ඒකේ සභාපති මං. මහත්තයා ලේකම්. අපේ කලා සංගමයෙන් කරන්නේ හුඟක්ම වේදිකා නාට්‍යය. කොටහේන සිංහ සමාජයත් එක්ක එකතු වෙලා තමයි අපි මේ දේවල් කරන්නේ. මේ නාට්‍යයවලනම් මට රඟපාන්න අවසර තියෙනවා.
E1 - ඒ1/3,
මාලිගාවත්ත N.H.S
කොළඹ 10.

READ MORE - ඒ කාලෙ මගේ ඇඟට කවුරුවත් අත තිබ්බේ නෑ

තේ කොළයා දක්ෂ ගිටාර් වාදකයෙක්

තේ කොළයා දක්ෂ ගිටාර් වාදකයෙක්


වෙලාව දහය හමාරට විතර වෙන්න ඇති. තද අව් රස්නෙන් මුවා වෙමින් අපි ගමන් කරමින් හිටියේ බම්බලපිටිය පැත්තට. පරණ පොත් වෙළෙන්දාගෙන් මිදුණු දෙනෙතෙහි රැඳුණේ පුරුදු පොතක් ළග.
අර ‘තේ කොළයා’
මට ඉබේම කියැවුණේ ඉදිරියේ යමින් සිටි ප්‍රසාද්ට. ශබ්දය ටිකක් වැඩි වුණාද මන්දා. ඒ නිසාම ‘තේ කොළයා’ හැරිල බැලුවේ මා දිහා.
ආ . . . මේ අපේ යාලුවනේ . . .
තේ කොළයා නතර වුණේ කහ ඉර ළඟ.
ඉතිං . . .
ඊළඟට ඔහු කතාවට වැටුණෙ මහන්සිය නිමවමින්.
තේ කොළයා දැන් හැමෝම දන්න නිසා මඟ දිගේ ගිය හැමෝගෙම ආචාර, සිනහා සංග්‍රහ.
අපි යමු ටිකක් කතා කරන්න. කලෙකින්නෙ හමු වුණේ.
තුන් දෙනාම පාර පැනලා මැජෙස්ටික් සිටියට ගියේ ප්‍රසාද්ගේ ආරාධනයෙන්.
සරත් කරුණාරත්න . . . එහෙමත් නැත්නම් දූවරු හි තේ කොළයා. මේ කතාවට වැටුණේ එහෙමයි.
ඉතිං කොහොමද බිස්නස්?
මම ඇහුවේ සිනාසෙමින්.
මගේ වැඩ හොඳ නිසා තේ කොළයාටත් සරුයි. ‘තේ කොළයා’ කියන්නේ වෙනස්ම විදිහක කෙනෙක්. ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ‘තේ කොළ’ පැකට් කරලා ලැබෙන මුදලින් තමයි ඔහු අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ.
‘තේ කොළයා’ සතුටට කෑ ගහලාවත් දුකට හඬා වැලපිලාවත් විඳ දරා ගන්න කෙනෙක් නෙමෙයි. ඔහු සංවෘත්ත පුද්ගලයෙක්. ‘තේ කොළයා’ වගේම ‘තේ කොළයා’ගේ පෙම්වතියත් වෙනස්. ඒ හැමදේම නිසා’තේ කොළයා’ සැබෑම වෙනස් කෙනෙක්.
ටෙලි නාට්‍යයක් තුළ කරන්නට ලැබුණ චරිත ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මට හොඳ චරිත කරන්න අවස්ථාව ලැබුණා. මම බොහෝම කැමැත්තෙන් කළ එක චරිතයක් තමයි මලී ටෙලි නාට්‍ය්‍යයේ භූතයා ගේ චරිතය.
මම ‘මලී’ එකට එනකොටම මැරිලා. පසුවට භූතයෙක් කියලා හැඳින්වූවාට සැබයින්ම ඔහු ඉන්නේ ගන්ධබ්බ අවධියක. අභව්‍ය චරිතයකට තාර්කික ප්‍රවිශ්ඨයක් දෙන්න අමාරුයි. සාමාන්‍ය හැසිරීමක් තුළ ඒ චරිතය ගොඩ නගන්නත් බෑ. සාමාන්‍ය රංගනයෙන් එහාට ගියොත් ඒක අධි රංගනයක් වෙනවා.
නිමල් රත්නායක අධ්‍යක්ෂතුමාත්, ජානක සිරිවර්ධන නිෂ්පාදකතුමාගේත් අදහස් මට ඒ චරිතය පිළිබඳ නිරවුල් අවබෝධයක් ගොඩ නගා ගන්න ඉවහල් වුණා. ‘සිහින පුරයෙත්’ ‘ද සීනා’ කියන්නෙ ප්‍රේක්ෂකයන් ගොඩාක් ආදරය කරන චරිතයක්. ‘ද සීනා’ මේ සමාජයේ නැති නමුත් සමාජයට අත්‍යවශ්‍ය චරිතයක්. මිනිසුන් වඩාත් කැමති ළඟා වෙන්න බැරි ඒවාට. ඒ නිසා තමයි ‘ද සීනා’ ට ප්‍රේක්ෂකයෝ ආදරේ.
ඊළඟට අපි ඇහුවෙ මේ ගමන් මඟ ගැන.
රළුයි. ඒ වගේම හැඩයි. රංගන ගමනේ පළමු පියවර තිබ්බේ මම පාසලේදී. පාසල් වේදිකාවේ මම හොඳම සහාය නළුවා වුණා. ඊට පස්සේ මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ ඉගෙන ගත්තා.
ඩග්ලස් සිරිවර්ධනගේ ‘සිහල වංශලා’ වේදිකා නාට්‍යයේ මම කළ චරිතයට 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා.
ඊට පස්සේ 2006 යෞවන සම්මාන උළෙලේදී ලසන්ත ෆර්ඩිනැන්ඩිගේ ‘කෝච්චිය එනකන්’ වේදිකා නාට්‍යයේ මගේ රංගනයට හොඳම සහාය නළුවා සම්මානය ලැබුණා.
ඊට අමතරව 2011 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයත් යෞවන සම්මාන උළෙලකදී හොඳම නළුවා දෙවන ස්ථානය ලබා ගන්න තරම් මම වාසනාවන්ත වුණා. අන්තිමට මම රංගනයෙන් දායක වුණේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘කලම්බු කලම්බු’ වේදිකා නාට්‍යයට. ඒ නාට්‍යයේදී මම අනිවාර්යයෙන්ම රංගනනයට අමතරව ගිටාර් වාදනයත් කරන්න අවශ්‍ය වුණා.
නමුත් ඒ වෙන කොට මට ගිටාර් එකක් වාදනය කරනවා තියා ගිටාර් එක හරියට අල්ලන්නවත් බෑ. කොහොම හරි මාස හයක පුහුණුවෙන් පසුව මමත් හොඳ ගිටාර් වාදන ශිල්පියෙක්.
සරත්ට රිදී තිරයේ කාලය උදා වෙන්නේ කවදාද?
හ්ම් . . . ඒක නම් මම හරියටම දන්නෙ නෑ. දැනට මම රඟපාලා තියෙන්නෙ මචං චිත්‍රපටයේ විතරයි. විදෙස් චිත්‍රපටයක රූප පරික්ෂණයකට සහභාගි වෙන්න ඇරැයුමක් ලැබුණා. නමුත් කාර්ය බහුලත්වය නිසා ඒ අවස්ථාව මට මඟ හැරුණා. නමුත් ඉදිරියේදී ‘වැහිලිහිණි’ සහ ‘හුස්ම සහ ඔක්සිජන්’ යන ටෙලි නාට්‍යවලින් මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් හමුවෙනවා.
ජීවන තොරතුරු ටිකකුත් කියමු?
කියමු, කියමු. මොනවද දැනගන්න ඕනෑ?
පවුලේ විස්තර?
විවාහකයි. මගේ බිරිඳ උවනි චාමිකා. ඇය ගුරුවරියක්. ඒ වගේම පිටපත් රචිකාවියක්. උවනිගෙන් මගේ රංගන කටයුතුවලට වගේම වෘත්තියටත් හොඳ සහයෝගයක් ලැබෙනවා.
වෘත්තිය, රංගනය ද?
රංගනය නම් අද පවතින තත්ත්වය ගැන හිතන කොට වෘත්තියක් විදිහට කරගෙන යන්න අමාරුයි. මම වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. පිළියන්දල ප්‍රදේශයේ ‘වෙඩින් වේ’ කියලා පෞද්ගලික ආයතනනයක් ආරම්භ කළා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මගේ ගම ගැන. ‘තේ කොළයා’ ලෙසින් රටම අඳුරන මම ඉපදුණේ අම්පාර පදියතලාවේ කෙහෙල්උල්ල ග්‍රාමේ කොළඹාන කියන පුංචි ගමේ. දැන් ඔන්න තේ කොළයා වගේම මගේ ගමත් රටම දන්නවා.
READ MORE - තේ කොළයා දක්ෂ ගිටාර් වාදකයෙක්

සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!

සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!

සඳලි සුලක්නා සහ ප්‍රවීණ් ජයරත්න නොබෝදා විවාහ දිවියට ඇතුළු උනා.

පවුල් දෙකේ පිරිස එකතු වෙලා බොහෝ චාමෙට මෙම විවාහය කළ බව තමා ආරංචිය. මෙම දෙදෙනා අතර වසරක පමණ පෙම් සබඳතාවයක් තිබිලා.

ප්‍රවීණ් කියන්නේ දක්ෂ සංස්කරණ ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්.

ප්‍රවීණ්ගේ තුම්මුල්ලේ ගෙදර දෙදෙනාම අළුත් ජීවිතය ගෙවන බවත් තව නොබෝ දිනකින් මෙම දෙදෙනාගේ මිතුරන්ට පොඩි පාටියක් දෙන්න ලෑස්තියක් තියෙන බවත් ආරංචියි.

සඳලි ප්‍රවීණ් ට සුබ මංගලම්...!!!!!
 
From - SARASAVIYA
READ MORE - සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!

අවංක ප්‍රේමය හරිම සුන්දරයි

Friday, January 20, 2012

අවංක ප්‍රේමය හරිම සුන්දරයි

ශ්‍යාමා සෆ්නා

රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලට රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසුණු ශ්‍යාමා සෆ්නා මහනුවර ප්‍රදේශයේ උපන් යොවුන් නිළියකි. ශ්‍යාමා මේ වනවිට ටෙලිනාට්‍යය 10 ක් වැනි සංඛ්‍යාවකටත් චිත්‍රපට 4 කටත් තම රංගන දායකත්වය ලබා දී ඇත. ප්‍රධාන ප්‍රබල චරිතයක් නිරූපණය කිරීමට සෆ්නාට මෙතෙක් අවස්ථාව නොලැබුණ ද, ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවල මෙතෙක් නිරූපණය කර ඇති චරිතවලට සාධාරණයක් ඉටු කිරීමට ඇය සමත්ව ඇත.

ඔබ කලාවට එන්න පෙරුම් පිරූ කෙනෙක් ද?

මම පාසල් ගියේ ගම්පොළ සහිරා විදුහලට. පාසල් යන කාලෙ රංගනයට යොමු නොවුණත් නැටුම් සහ ගායනාවලට මම යම් කිසි හැකියාවක් පෙන්වූවා. පුංචි කාලෙ මගෙ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. ඒත් ඒ සිහිනයට ළඟා වෙන්න මට බැරිවුණා. ඉන්පසුවයි මම වෙළෙඳ දැන්වීම් වලට රංගනයෙන් එක් වෙමින් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගනයට සම්බන්ධ වුණේ.

මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?

‘සිහින පියාපත’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට විටින් විට සහභාගි වෙනවා. ඉදිරියේදී තවත් ටෙලිනාට්‍ය කීපයකටම මට ආරාධනා ලැබී තියෙනව.

ඔබ මෙතෙක් රඟපෑ නිර්මාණ මොනවාද?

මට මුලින් ම රඟපාන්න ලැබුණේ සිරස නාලිකාවෙන් විකාශනය වුණු ‘හිනා ඉනා’ වැඩසටහනේ. ඉන්පසුව යසෝධරා, උත්පලා, සඳුනි, බොඳ මීදුම් වැනි ටෙලිනාට්‍ය වලත් ‘කොමන් මෑන්’, ‘සුළඟ’ ‘දාසි’ වැනි චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වුණා. හැබැයි මම මෙතෙක් රඟපා ඇති චරිත ප්‍රධාන චරිත නෙමෙයි. ප්‍රධාන චරිතයක් රඟපාමින් මගේ රංගන හැකියාව පෙන්වන්න මට ආසයි. ඒ අවස්ථාව ළඟදීම උදාවෙයි කියල මම බලාපොරොත්තුවෙනුයි ඉන්නෙ.

ඔබ රංගනය හදාරල තියෙනවද?

නැහැ. ඒත් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඒ පිළිබඳව හැදෑරීම අවශ්‍යයි. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනව රංගනය ගැන ඉගෙන ගන්න.

ඔබ සතු වෙනත් කලා හැකියාවන් මොනවද?

මට බටහිර නර්තනය පුළුවන්. ඒ වගේ ම ගීත ගායනයටත් මම දක්ෂතාවයක් දක්වනවා.

විලාසිතා වලට ඔබ කැමතිද?

මෝස්තර නිරූපණය මම නියැලිලා ඉන්න තවත් ක්ෂේත්‍රයක්. නවීන විලාසිතා වලට මම කැමැතියි. හැබැයි මට ගැළපෙන විලාසිතා පමණයි මම තෝරා ගන්නේ.

ඔබේ පවුලේ තොරතුරු මොනවද?

මගෙ තාත්ත සිංහල. අම්ම ඉන්දීය මැලේ කාන්තාවක්. මට එක මල්ලි කෙනෙක් ඉන්නව. තාත්තා වැඩ කරන්නෙ විදෙස් රටක.

ඔබට භාෂා කීයක් හැසිරවිය හැකි ද?

සිංහල දෙමළ ඉංග්‍රීසි හින්දි කියන භාෂා කතා කිරීමේ හැකියාව මට තියෙනව.

ඔබට පෙම්වතෙක් ඉන්නවද?

හිටියා. දැන් ඒ සම්බන්ධය නැහැ.

ප්‍රේමය පිළිබඳව ඔබට මොනවගේ අදහසක් ද තියෙන්නෙ?

ප්‍රේමය ඉතාම අවශ්‍ය දෙයක්. අවංක ප්‍රේමය හරිම සුන්දරයි.

නිළියක් වීම පිළිබඳව ඔබ සතුටු වෙනවාද?

ඇත්තෙන් ඔව්. රංගන ක්ෂේත්‍රයට එන්න පුංචි කාලෙ බලාපොරොත්තුවක් නොතිබුණත් දැන් මම ගොඩක් සතුටු වෙනවා මේ ක්ෂේත්‍රයට පැමිණීම ගැන. ඒ මොකද කලාකරුවෙක් හෝ කලා කාමියෙක් වෙන්න හැමෝටම අවස්ථාව නොලැබෙන නිසා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඔබට සහයෝගයක් ලැබෙනවද?

ඇත්තෙන් ම ඔව්. ප්‍රවීණයින් සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබිල තියෙනව. ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් වලට මම හොඳින් ඇහුම්කන් දෙනව. මම හැම විටම ප්‍රවීණයින්ට ගරු කරන කෙනෙක්. ඒ නිසා ඔවුන් මට ගොඩක් ආදරෙයි.

රංගනයෙන් ඉදිරියට එන්න ඔබට බොහෝ දෙනෙක් උදව් කරන්නත් ඇති?

ඔව්. රොෂාන් පිලපිටිය, ආනන්ද කුමාර, කපිල සමරකෝන්, සමන්ත වැනි අයගේ උදව් මට ලැබිල තියෙනවා.

ඔබ වඩාත් ම කැමැති නළු නිළියන් කවුද?

ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා කියන ප්‍රවීණ රංගන ශිල්පීන්ට මම ගොඩක් කැමතියි. ඔවුන්ට මම ගොඩක් ගරු කරනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කරමින් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි මගේ ආශාව බලාපොරොත්තුව.


READ MORE - අවංක ප්‍රේමය හරිම සුන්දරයි

මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ

රන්ජන් රාමනායක

මගේ ජීවිතය ආදරෙන් පිරිලා

සිනමාවේ මෙන්ම දේශපාලන සටන් බිමේ ද රන්ජන් රාමනායක පෙරළිකාර චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පසුගිය කාලයේ ඔහු රටේ පුවත් මවන්නෙකු වූයේ සිය පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් නිසාවෙනි. නමුදු ඒ සියලු අභියෝගයන්ට පෙරලා අභියෝග කළ ඔහු ජීවිතය දෙස බලන්නේ අකම්පිතවය.

‘ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වන දේට නෙවේ. අපට ලැබෙන දේට.’

ඔහු මදෙස බලමින් පවසන්නේ සිනහ මුවිනි. මා රන්ජන් සමඟ අවසන් වරට පැවැත් වූ සංවාදයේදී ඔහු පැවසූ මෙවදන් තවමත් මා මතකයේ රැඳී තිබේ. ‘මම දේශපාලනයට ආවේ ජනතාවට සේවයක් කරන්න’ අද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. කාලයත් සමඟ බොහෝ දේ වෙනස්ව ඇත. සිනමා නළු රන්ජන් රාමනායක, මහරගම ඔහු පදිංචිව සිටි කුලී නිවසින් පිටමංව අද වෙසෙන්නේ මාදිවෙල මන්ත්‍රී නිල නිවසකය.

පසුගිය කාලේ ඔබ කලා ලෝකයෙන් ටිකක් දුරස් වෙලා සිටි බවක් අපට දැනුණා?

දේශපාලන කටයුතු නිසා මම ටිකක් කාර්ය බහුල වෙලා හිටියා පසුගිය කාලේ. නමුත් ගොඩක් අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම මත මම තීරණය කළා නැවත සිනමාවට එන්න. ‘කිව්වද නහී නොකිව්වද නහී’ සාර්ථකත්වයෙන් පස්සේ එවැනි චිත්‍රපට හතක් පමණ මට ලැබුණා. ප්‍රථම චිත්‍රපටය සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයාගේ ‘ජීවිතය ලස්සනයි’ ෂූටිං ඉවරයි. ක්ලීටස් මෙන්ඩිස්ගේ ‘පරපුර’ චිත්‍රපටයේ මම ද්විත්ව චරිත නිරූපණය කරනවා. ඊට පස්සේ මම සතිස් කුමාර්ගේ ‘සිංහ’ කියන හයිබජට් ෆිල්ම් එකේ රඟපාන්න පොරොන්දු වුණා. උපුල් ජයසිංහ, සුරංග අල්විස්, ජී. නන්දසේන එයාලගේ අලුත් චිත්‍රපට සඳහා දැනටමත් මට ආරාධනා කර තිබෙනවා. ඒ වගේම බූඩි කීර්තිසේනගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රබල චරිතයකටත් මට ඇරැයුම් ලැබුණා.

අතීතයේ මෙරට විසූ යතිවරයකුගේ චරිතයකුත් ඔබට නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා?

ඔව්. ඒකත් මට සුවිශේෂයි.

කොන්ඩදෙණියේ හාමුදුරුවන්ගේ චරිතය. එහි රූගත කිරීම් ආරම්භ කරන්න නියමිතයි. මගේ පොඩි දින ප්‍රශ්නයකුයි තියෙන්නේ?

මේ චරිතවල විශේෂත්වයක් තියෙනවාද?

‘සිංහ’ චිත්‍රපටය බොලිවුඩ්, හොලිවුඩ් රීමික්ස් එකක්. දැන් එහෙම ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවනේ. එතකොට කොන්ඩදෙණියේ හාමුදුරුවෝ වෙනස්ම මාදිලියේ චරිතයක්. ඒක ඉතාම හොඳ රංගනයක් කරන්න පුළුවන් චරිතයක් කියා මට හිතෙනවා. ‘ජීවිතේ ලස්සනයි’ විනෝදාත්මක චිත්‍රපටයක්. උපුල් ජයසිංහගේ චණ්ඩියා වර්ගයේ චිත්‍රපටයේත් වෙනම රංගනයක් තියෙයි.

කලක් ඔබ හැඳින්වූවේ අපේ සිනමාවේ ‘සිහින කුමරා’ ලෙස. තවමත් ඒ විශේෂණය ඔබට සුදුසුද? නැතිනම් දැන් එය වෙන කිසිවකුට හිමිද?

මම දන්නේ නෑ ඒක ඉතින්. මාව මිනිසුන්ට පේන හැටි මට තීරණය කරන්න බැහැ. මට රසිකයන්ගේ ඔළුවට පිස්තෝලයක් තියලා කියන්න බැහැ ‘මාව සිහින කුමාරයා කරපියව්’ කියලා. ඒ තීරණය තියෙන්නේ එයාලගේ අතේ.

නෑ ඔබ හිතන විදිහ මම අහන්නේ. රසිකයන්ගේ පැත්තට ඕක දාන්න බැහැ?

ඇත්තටම ඒ විශේෂණයට මම ආසයි. නෑ කිව්වොත් ඒක බොරුවක්.

නමුත් මම දැන් හිතන්නේ නෑ ඒකට සුදුසුයි කියලා. මොකද මම මැදි වියේ පුද්ගලයෙක්. හැබැයි ඉන්දියාවේ නම් ඔය වයස කියන එක නළුවන්ට තාම ප්‍රශ්නයක් වෙලා නැහැ. හොඳම උදාහරණය රැජිනි කාන්ත්. ඔහු තමා ඉන්දියාවේ ඉහළම ගෙවීම් කරන නළුවා. ඉන්දියානු රුපියල් කෝටි විසි පහක් ඔහු අය කරනවා. ෂාරුක් ඛාන්වත් තාම එතැන නැහැ.

ඉතින් ඔහුට ‘සිහින කුමරා’ එහෙම නැතිනම් ‘සුපිරි වීරයා’ කියන ඒක තවමත් අදාලයි. අවුරුදු හැට අටක මිනිහෙක් සිහින කුමරා වෙලා තියෙනවා. අමිතාබ් භච්චන්ටත් එහෙමයි. ෂාරුක්, අමිර්, සල්මන් මේ ත්‍රිත්වයටත් දැන් වයස අවුරුදු පනහට කිට්ටුයි. එත් තවම තියටර් ඕන(ර්)ස්ලා ඉල්ලන්නේ මේ අය.

මෙහෙත් එහෙමද?

නෑ, මම ඒ තත්ත්වයට ආදේශ වෙන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් සියල්ල තියෙන්නේ රසිකයන් අතේ.

ඔබ කිව්වට මේක රසිකයන්ට බාර කරන්න එපා කියලා, ඒක කරන්නම වෙනවා. මොකද ඔවුන් හෙට මාව ප්‍රතික්ෂේප කළොත් මට විශ්‍රාම යන්න වෙනවා. ඒක කාටත් එකයි.

ජනප්‍රියත්වය කලින් කලට එහා මෙහා වෙන දෙයක්. ඔබේ දැක්මට අනුව මීළඟ සිහින කුමරා කවුරු කියලද හිතෙන්නේ?

බොහෝ අය ඉන්නවා. ඔවුන්ගේ හොඳ රංගනයන් මම දැක තිබෙනවා. චන්න පෙරේරා, රොෂාන් රනවණ, රොෂාන් පිලපිටිය, රොෂාන් රවීන්ද්‍ර, අර්ජුන් කමලනාත්, සුරාජ් මාපා, සුරේෂ් ගමගේ, පුබුදු චතුරංග, වගේ ටැලන්ට්ස් තියෙන අයට ඒ ජනප්‍රිය කිරුළට අත පොවන්න පුළුවන්. බූදලයක් වගේ අපට මේක අයිති කර ගන්න බෑ. රිලේ එකක් වගේ බැට්න් එක මාරු කර ගන්න ඕනෑ.

හැබැයි තාම අපේ තරුණ, නවක නිළියෝ අතර ජනප්‍රියම නළුවා රන්ජන් රාමනායක. මොකක්ද මේකේ රහස?

එක හොඳ සුන්දර ප්‍රශ්නයක්. මම වැඩ කරන සෙට් එකක නම් කවුරුවත් නිද්‍රාවට පත් වෙන්නේ නැහැ. විහිළු, තහළු කරලා සුන්දර වටපිටාවක් මම හදා ගන්නවා. මට එහෙම වාතාවරණයක් නැතිනම් ඒ චිත්‍රපටයෙන් අයින් වෙනවා. හිතේ තියෙන නිදහස තමයි මගේ ජීවිතේ ලොකුම දේ. මේ වෘත්තියේ මම නියැළෙන්නේ කිසිම ආතතියකින් තොරව. ඔය නිළියෝ මම හිතන්නේ ඒ දේවල් අගය කරනවා. ඒ අය මා එක්ක වැඩ කරන්න කැමැති ඒ නිසා වෙන්නැති.

තාමත් ඔබට පෙම්වතාගේ චරිත ලැබෙනවා?

පුළුවන් නම් මේක ලියන්න. දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය ශේෂාද්‍රි, ඇයව මුලින්ම පල්ලියට අරගෙන ගියේ මම. එයාගේ ගෝඩ් ෆාගදර් මම. දැන් ඇයත් සමඟ පෙම්වතාගේ චරිතයට මට කතා කර තියෙනවා. ඒක ලොකු රෙකෝඩ් එකක් වෙයි. මරු නේද . . .?

‘ලීඩර්’ චිත්‍රපටයෙන් පසුව නැවත චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීමේ අදහසක් ඔබේ නැද්ද?

මගේ චිත්‍රපටයට වුණ දේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. මම තිත්ත ඇත්ත කතා කරන පුද්ගලයෙක්. බොරුවක් කරලා මට චිත්‍රපටයක් කරන්න පුළුවන්. එතකොට ඒක මගේ චිත්‍රපටයක් නෙවේ වාගේ. මම ‘පාර්ලිමන්ට් ජෝක්ස් 01’ ‘වන්ෂොට් වන්’ සහ ‘ලීඩර් වන්’ අධ්‍යක්ෂණය කළා. ‘පාර්ලිමන්ට් ජෝක්ස්’, ‘වන්ෂොට් වන්’ චිත්‍රපටයේ දර්ශන එවකට රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ මහාචාර්ය සෝමරත්න බාලසූරිය කපා දැමුවේ නෑ.

ඔහු ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ කටයුත්ත කළා. එතුමා කිව්වේ අපි මේවා කපන්න, කොටන්න මස්කඩ කාරයෝ නෙවෙයි කියලයි. ආගමකට පහර දෙනවා නම්, කිසියම් සංස්කෘතියකට අගෞරව කරනවා නම් එහෙම නැතිනම් කිසියම් මිය ගිය පුද්ගලයකුගේ නමට හානි වෙන දෙයක් කරනවා නම් අපි එය එක හෙළා ප්‍රතික්ෂේප කරනවා. නමුත් කලාකරුවාගේ නිදහසත්, නිර්මාණ අයිතියත් කප්පාදු කරන්න අපට අයිතියක් නෑ කියන මතයේ පිහිටා තමයි එදා සෝමරත්න බාලසූරිය මහතා ක්‍රියා කළේ. ඔහු වැඩිදුරටත් කිව්වේ ‘ඔබ වැරැදි දෙයක් කර තිබෙනවා නම් මිනිස්සු පාරෙදි අල්ලගෙන ගහයි, නැතිනම් ගෙදරට ගල් ගහයි’ කියලයි.

ඒ කියන්නේ නැවත ඔබ අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්නේ නැහැ?

මම කියන්නේ අසංක, සිනමාවේ හොඳ මත ගැටුමක් තියන්න ඕනෑ. විවිධ වර්ගයේ චිත්‍රපට හැදෙන්න ඕනෑ. අපි සත්‍යය මතු කර ගන්න ඕනෑ ඒ හැලහැප්පීම් මැද්දේ. මයිකල් මුවර්, ජෝර්ජ් බුෂ්ව විවේචනය කළේ ඔහු ජනාධිපතිවරයාව සිටියදී. දැන් චිත්‍රපටයක් එනවා ‘කිල් බින් ලාඩ්න්’ කියලා.

අමෙරිකානුවෝ තිස් හතර දෙනෙක් පාකිස්ථානයට හොරෙන් ඇතුළු වෙලා බිල් ලාඩ්න් මරා දැමූ හැටි ඒකේ රඟ දැක්වෙනවා. එතකොට ‘ෆ්ලයිට් 92’ චිත්‍රපටය. එතකොට ‘ඩා වින්සිකෝඩ්’ චිත්‍රපටය. ඒක ලොකු ආන්දෝලනයක් ඇති කළා මුළු ලෝකයේම. මෙහෙ තහනම් කළ නිසා අමෙරිකාවේදී ඒ ෂෝ එක් බැළුවෙ කාංචනායි, දමිතායි එක්ක. මට තාමත් මතකයි. ඉතින් මම කියන්නේ නිර්මාණකරුවකුගේ අත් බඳින්න හොඳ නෑ. ඒ නිසා බොහෝ විට ඉදිරියේදී මම අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන එකක් නෑ.

තව නොබෝ දිනකින් ඒ කියන්න් මේ 21 වැනිදාට අපේ සිනමාවට හැට පස් වසරක් සපිරෙනවා. වර්තමානයේ තිබෙන සුබවාදී පරිවර්තනයත් එක්ක අපේ සිනමාවට ඉදිරියේ හොඳ කලක් යාවි?

මම ඔබ එක්ක එකඟ වෙනවා. ඇත්තෙන්ම අද චිත්‍රපට හැදෙනවා. ඒක හොඳ ලකුණක්. අපි අවුරුදු තිහක් යුද්දෙන් බැට කැවා.

ඒ කාලේ රාත්‍රී 9.30 දර්ශන අවලංගු වුණා. 83 ට කලින් අපේ සිනමා ශාලා තුන්සිය ගණනක් තිබුණා. ඒකෙන් එකසිය ගණනක් ජාතිවාදී කෝලාහල හින්දා ගිනි බත් වුණා. අද ඒ ශාපලත් යුද්ධය අවසන්. මේ යුද්ධය දිනන්නට දායක වූ සියලුම දෙනා අපට මිල කළ නොහැකි සාමයක් ගෙනල්ලා දුන්නා. හැබැයි දැන් චිත්‍රපට දුවන්නේ නැතිනම් ඒ වරද අපි පිළිගන්න ඕනෑ. මම හිතන්නේ සිංහල සිනමාවේ අනාගතය ඉතාම සුබයි. නමුත් ඒක අතිශයෝක්තියෙන් තක්සේරු නොකර හොඳ නිර්මාණ කළොත් වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලාවලට ගෙන්වා ගන්න පුළුවන් වෙයි. සිනමා කර්මාන්තයත් හොඳ අතට හැරෙයි.

පසුගිය කාලයේ ඔබ රියැලිටි ප්‍රසංග වේදිකාවල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙලා හිටියා. නැවත එවැනි ප්‍රසංගයකට ඇරැයුම් ලැබුණොත්?

එක්තරා අවස්ථාවක ස්වර්ණවාහිනී ආයතනයෙන් මට ආරාධනාවක් ලැබුණා පෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරන්න. ෂාරුක් ඛාන් පවා එවැනි වැඩ සටහන් මෙහෙයවා තිබෙනවා. මම කලාවේ විවිධ ඉසව් අත පත ගෑ පුද්ගලයෙක්. ඉතින් මම මේ අත්දැකීමත් ලබා ගත්තා. ඒ අතරේ යම් යම් ආන්දෝලනාත්මක දේවලුත් වුණා. මම හිතන්නේ නෑ මේ ඉදිරියේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක එවැනි දේකට නැවත කාලය මිඩංගු කරන්න හැකි වෙයි කියලා.

පෞද්ගලික ජීවිතයේ ඔබ නොයෙක් අභියෝගවලට මුහුණ දුන්නා පසුගිය කාලයේ. ඒ කටුක, අමිහිරි අතීතය ගැන මොකද හිතෙන්නේ දැන්?

ඇත්තටම අසංක, ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වන දේ නෙවෙයි, අපිට ලැබෙන දේ. ඒ ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරයි. රන්ජන් රාමනායක රජ ගෙදරට යනවද, මහ පාරේ මිය යනවද කියන එක තීරණය කරන්නේ මහ බඹු නොහොත් ස්වභාව ධර්මය. මට පහළ උසාවියෙන් නැතිනම් ඉහළ උසාවියෙන් බේරෙන්න පුළුවන්.

ඊට පස්සේ ඉන්ටර්පෝල් එකට ගිහිල්ලා ජිනීවා එකෙනුත් බේරෙන්න පුළුවන්. ලෝකයේ හොඳම නීතිඥයෝ දාලා මට බේරෙන්න පුළුවන්. ඒත් මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ. මම බයම ස්වභාව ධර්මයට. මට වින කටින්න ගිය කෙනා ප්‍රශ්න ගොඩකට මැදි වුණා. මගේ ජීවිතයේ කෙටි මාර්ග නැහැ. මම හැමදාම හෘද සාක්ෂිය සමඟ ඉන්න කෙනෙක්.

එකිනෙකාට එරෙහිව යුද ප්‍රකාශ කර ගන්නා අද ‘රට හදන තැන’ ඔබ බොහොම නිහඬ චරිතයක් විදිහටයි අපි දකින්නේ?

දැන් පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ මාධ්‍ය සංදර්ශනයක්. සමහරු හිතනවා ටී. වී. කැමරාවක් ඉස්සරහට කාට හරි අපහාස කරලා, මඩක් ගැහුවොත් පොරක් වෙන්න පුළුවන් කියලා. තමන්ට ලකුණු දාගන්න පක්ෂයේ නායකයා එහෙම නැතිනම් ව්‍යවස්ථාව පවා විවේචනය කරන්න ඔවුන් පසුබට වෙන්නේ නෑ. නමුත් මම අවුරුදු විසි පහක් තිස්සේ කැමරා දැකලා තියෙනවා. ඒ නිසා ටී. වී. කැමරාවක් දැක්කම මම කපුවෙක් වගේ පරල වෙන්නෙවත්, මයික් ටයිසන් කෙනෙක් වෙන්නෙවත් නෑ. මැද පෙරදිග විපතට පත් කාන්තාවන් ගැන මම කතා කරනවා. ඒ මම දන්න විෂයය වෙනුවෙන් පෙනී සිටිනවා. රිසානලා, ආරියවතීලාගේ අයිතීන් සුරක්ෂිත කරන්න මම මැදිහත් වුණා.

ආරියවතීට ලක්ෂ හයහමාරක් වටිනා ගෙයක් මගේ වියදමෙන් හදලා දුන්නා, මටවත් ගෙයක් නැතිව. ඒ ගෙදර හදලා දැන් මාස අටක් විතර ඇති. ඇය තාමත් මග බලාගෙන ඉන්නවා මම ඒ ගෙදරට කිරිබත් කෑල්ලක් කන්න එනකල්. මෙවැනි දේවල් මම කරන්නේ මාධ්‍යය සංදර්ශන පවත්වන්න නෙවෙයි.

දැන් හැමදාම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හැටියටම ඉන්නද බලාපොරොත්තුව?

මේ ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම. ස්ක්‍රිප්ට් එක මම ලියන්නේ නැති හින්දා ස්ක්‍රිප්ට් එක මම තාම දැකලත් නැති හින්දා මේ චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එක මොකක්ද කියලා මම තාම දන්නේ නැහැ. අවසානය දුක්ඛාන්තයක් ද, සුඛාන්තයක් ද කියලා මම දන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පේන්න නැහැ. මම නළුවා පමණයි.

ඔබ ඡ්‍යොතිෂය විශ්වාස කරන, ඒ පිළිබඳ අධ්‍යයනය කළ කෙනෙක්. කොහොමද නව වසර සුබද?

තමුන්ගේ අනාගතය ගැන දැනගන්න ජ්‍යෙතිෂ්‍යවේදියෙකුම වෙන්න ඕනෑ නෑ අසංක. උදේ නැගිට්ටම තේරෙනවා.

අපි කණ්නාඩියෙක් ගිහින් බලද්දී දවස කොහොමද කියලා අපට දැනගන්න පුළුවන්. එතකොට ලැබෙන මුල්ම දුරකතන ඇමැතුම, ගෙදර සේවකයෝ හැසිරෙන හැටි දැක්කම දවස සුබ ද, අසුබ ද කියලා මට නම් තේරෙනවා.

ඡ්‍යොතිෂය මම විශ්වාස කරනවා. අපට හඳහන වෙනස් කරන්න බෑ. ඒත් වැස්සක් ළඟ බව දැනුනොත් අපිට කුඩයක් අරගෙන පාරට බහින්න පුළුවන්. අන්ධකාරයේ යන කොට අපට විදුලි පන්දමක් ගෙන යන්න පුළුවන්. ඡ්‍යොතිෂයෙන් කෙරෙන්නේ ඒ වගේ දෙයක්. පහුගිය කාලේ මට ඒරාෂ්ටකයක් තිබුණා. දැන් ඒ සේරම ඉවරයි. ඒ කාලේ මට චිත්‍රපට රැසක් අහිමි වුණා. ඒත් මේ අවුරුද්දේ ආරම්භයේදීම චිත්‍රපට අටක් ලැබුණා.

එතකොට මේ වසර ඔබේ පෞද්ගලික ජීවිතයටත් සුබදායී වෙයි?

ගොඩක් දුරට එහෙම වෙයි.

ඒ කියන්නේ මේ වසරෙදී ජීවිතයේ එකලාසයක් වෙනවා?

ඔබ අදහස් කළේ විවාහය ගැනද?

ඔව් . . . ඔව් . . .

මගේ ජීවිතය ආදරෙන් පිරිලා. මට පාළුවක් දැනිලම නැහැ. මට හැබැයි බ්‍රිජට් කියන මාතාව තරම් ආදරය කරපු ජීවියෙක් තාම හමුවෙලා නැහැ. ඒ මගේ අම්මා. මම විවාහ වෙයිද, සමහර විට විවාහ නොවීම හිඳීද කියන්න මම දන්නේ නැහැ. හැබැයි දැනටත් මගේ ජීවිතයේ ඉතාම කිට්ටු, සමීප ඇසුරක් තියෙනවා.

ඒ සමීප ඇසුර ඔබ පවත්වන්නේ ඇය අනාගත සහකාරිය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයිද?

ඒක මම සොභා දහමට බාර දීලා තියෙන්නේ. හිතට එක එක දේවල් ගලාගෙන එනවා. ‘තනිකම වගේ සුවක් ලොවේ – මිනිසත් බවේ තවත් කොහේ’ කියලත් හිතෙනවා.

ඒකටත් මම ආසයි. හරි සුන්දර, බැඳීමක් නැති නිදහස් හැඟීමක් ඒක. අර ‘කවාලා විළඳ ජාති ඇති කළත් රන් කූඩුවේ ගිරවා දමාලා යන්නේ ඉගිලී රැව් දිදී ලබනා සේ වන සැපතා’ එහෙමත් හිතෙනවා. මගේ මුණ තියෙන, මම වගේම කොලු පැටව් හතර පස් දෙනෙක් හදාගෙන ඉන්න ඇත්නම් ඒකත් හරි ජොලි දෙයක්. මොකද මම වඩාත් ඇළුම් කරන්නේ දරුවන්ට. කාගේ හරි චීස් බෝලයක් වගේ දරුවෙක් දැක්කම මට ලෝභ හිතෙනවා, අනේ මට මේ ලෝකේ මිස් වුණ දෙයක් නේ මේ කියලා. ඒක සුන්දර බිරියක් අහිමිවීමට වඩා වැඩි වේදනාවක්.

READ MORE - මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ

කාගෙ ගෑනි කාට ගියත්>>>>>>>>>>>>>>>>>>>>


ජයශ්‍රී චන්ද්‍රජිත් තෙමෙනු ඇත

ජයශ්‍රී චන්ද්‍රජිත් වේදිකාව වෙනුවෙන්ම උපන් ප්‍රතිභාපූර්ණ රංගවේදියකු යැයි හැඳීන්වීම අතිශයෝක්තියක් නොවනා වග මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසය දන්නෝ අනුමත කරති. එදා මෙදාතුර වේදිකාව තුළ රංගනයෙන් කදිම දස්කම් විස්කම් පෑ ජයශ්‍රී මෑත භාගයේදී අපට හමු වන්නේ උමතුසං වරුසාව වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ අධ්‍යක්ෂවරයා ලෙසිනි.

හැත්තෑව දශකයේ ජයශ්‍රී රංගනයෙන් දායක වූ උමතුසං වරුසාව මෑත වකවානුවේ ජයශ්‍රී අතින් අධ්‍යක්ෂණය වීමද දෛවෝපගත සිදුවීමකි.

මේ ජයශ්‍රී චන්ද්‍රජිත් සමඟ උමතුසං වරුසාව සහ තවත් කරුණු පිළිබඳ කරනු ලැබූ සංවාදයකි.

* මුලින්ම අපි උමතුසං වරුසාවෙන් කතාව අරඹමු.

හැත්තෑව දශකයේදී උමතුසං වරුසාවේ රංගනය වෙනුවෙන් මා දායක වුණා. එදා මෙම වේදික නාට්‍ය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ පද්මසීලි ද සිල්වා මහතා. පසුව මෑත වකවානුවේදී මා තරමක විවේකීව කාලය ගත කළා.

හොඳ වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමේ අදහසක් නොතිබුණාත් නොවෙයි. මේ අතරේද උමතුසං වරුසාව අධ්‍යක්ෂණය කරන්නට ආරාධනා ලැබුණේ.

මේ ආරාධනා ලද මොහොතේම මම බොහෝ කල්පනාකාරී වුණා. මුලින්ම මේ පිටපත අදට ගැළපෙනවාද යන්න පිළිබඳ හොඳින් විමසුවා. ඉතාමත් සංයමයෙන්, සුපරික්ෂාකාරීව විමසීමේදී මේ පිටපත අදට ගැළපෙන බව මට දැනුණා. ඒ ගැළපීම නිසාම මේ නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමට බාර ගත්තා.

මේ පිටපත තුළ තිබෙන කාලීන බව තමයි නිර්මාණයට මාව පොලඹවා ගත්තේ.

අපේ රටට කලින් කලට අලුත් වැහි වැටෙනවා. මේ වැහිවලට අපේ මිනිස්සු තෙමෙනවා. ඒ කාලේ ඉඳලම එහෙමයි. ඇතැම් වෙලාවට කලාකරුවන් සාමාන්‍ය ජනතාවට පෙර අනාගතය දකිනවා. ඔවුන් අනාගතය ගැන කියනවා, නමුත් ඒ දේවල් ඒ කාලයේදී පිළිගන්න සාමාන්‍ය ජනතාව කැමැති නැහැ.

* මේ නාට්‍යයේ ඔබ රංගනයෙන් දායක වෙන්නේ නැහැ.

ඔව්. මම හිතන්නේ නළුවෙක් හෝ නිළියක් නිරතුරුවම අධ්‍යක්ෂණය විය යුතුයි. මගේ නාට්‍යයේ මම රඟපෑවොත් මාව අධ්‍යක්ෂණය වෙන්නේ නැහැ. එවිට එය අසාර්ථකයි.

මම කාටවත් දොස් කියනවා නෙවෙයි. අධ්‍යක්ෂණය නෙවෙන රංගන ශිල්පියකුගේ රංගනය පිළිබඳ මට වගකීමක් දෙන්නට බැහැ. ඒ නිසාම උමතුසං වරුසාවේ අධ්‍යක්ෂවරයා මම. ඒ නිසා එහි නළුවකු වීමට මා උත්සාහ කළේ නැහැ.

* දිගටම ලංකවේ ඉන්නද කල්පනාව?

ලෝකේ කොහේ සිටියත් ලංකාව අමතක වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ වසනා කාලයේත් නිරතුරුවම සිතින් හිටියේ ලංකාවේ. මට ඕන නිදහස තිබෙන්නේ මගේ රටේ.

ඒ නිසාම වැඩිපුර කාලයක් ලංකාවේ ජීවත් වන්නට තීරණය කළා.ලංකාවේ ඉන්න අතරේ අපේ රටේ කලාවට මගෙන් ඉටු විය යුතු දෙයක් තිබේ නම් එය ඉටු කරන්නට මා බැඳී ඉන්නවා.

* බොහෝ දෙනෙකු පවසන්නේ නවීන සන්නිවේදන තාක්ෂණය හරහා ප්‍රේක්ෂකයා වේදිකාවෙන් ඉවත් වෙලා කියායි.

නැහැ. එය මා පිළිගන්නේ නැහැ. අපි හරි දේ කළොත් නරඹන්නා ආසවෙන් පොදිකකා බලන් ඉන්න ප්‍රේක්ෂක පිරිසක් අපට ඉන්නවා. ඔවුන් නාට්‍යාගාරයට කැඳවා ගැනීමට නිර්මාණකරුවා නිවැරැදි රසවත් මෙන්ම අර්ථවත් දේ කළ යුතුයි.

* වත්මන් පරපුර ගැන මොකද හිතෙන්නේ?

කලාව කියන්නේ පරපුරෙන් පරපුරට ප්‍රගුණව ඉදිරියට යා යුතු දෙයක්. අනිවාර්යයෙන්ම පරපුරක ආරම්භය සිදු විය යුතුමයි. අද අපේ රටේ සිටින නවක නාට්‍යකරුවන් හොඳ තත්ත්වයක ඉන්නවා.

* බොහෝ දෙනකු වැඩේට අවංකව කටයුතු කරන බවකුත් පෙනෙනවා.

ඒ අයට ශක්තිමත්ව අතදී නිවැරැදි මාවතකට යොමු කිරීමට ප්‍රවීණයන් වග බලා ගත යුතුයි. නමුත් ඔවුන් සමඟ හරියාකරව සන්නිවේදනය කිරීමේ සංඝටයක් ප්‍රවීණයන්ට තිබීම ඉතා වැදගත්.

* බොහෝ දෙනකු පවසන්නේ හරියට රංගනය අධ්‍යයනය කිරීමට තැනක් නෑ කියායි.

ඔව්. තැන් ඕනෑ තරම් තිබෙනවා. හරි තැන් අඩුයි.

* ඔබ ප්‍රවීණයෙක්. අත්දැකීම් පරිපූරණ රංගන ශිල්පියෙක්. මේ තත්ත්වයට මැදිහත් වෙන්න අදහසක් නැද්ද?

ඕනෑම මොහොතකදී නවකයන්ට දැනුම ලබා දෙන්න මං සූදානම්. පන්ති පවත්වන්නට නෙවෙයි, අපේ රටේ වේදිකාව වෙනුවෙන් යමක් කරන්න මා බලාගෙන ඉන්නවා.

* ඉදිරිය කොහොමද සැලසුම් කරලා තිබෙන්නේ?

ඉදිරියේදිත් ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. නමුත් ඇතැම් පිටපත් කියවා බලා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වුණා. ඇතැම් ටෙලි නාට්‍ය භාර ගත්තා. මම නිරතුරුවම අර්ථවත් දෙයට මූලිකත්වය දෙන කෙනෙක්. ඒ නිසාම නිර්මාණ භාර ගන්නේ පරිස්සමෙන්. මා ගැන දන්න උදවිය ඒ කාරණා හොඳින් දන්නවා.

* රංගනය පිළිබඳ දැනුම අවශ්‍ය කණ්ඩායමකට නිවැරැදිව ඒ දැනුම දෙන්න ඔබ ඕනෑම වෙලාවක සූදානම්ද?

ඔව්. මා පෙර දී කීවා වගේ ඒක රංගන පාසලක ස්වරූපයෙන් කරන්න මගේ කැමැත්තක් නැහැ. නමුත් කවුරුන් හෝ සංවිධාන ගත වුණොත් මා උදව් කරනවා.

* උමතුසං වරුසාව සාර්ථකයි කියලා ඔබ හිතනවාද?

ඔව්, මට එහෙම දැනෙනවා.

READ MORE - කාගෙ ගෑනි කාට ගියත්>>>>>>>>>>>>>>>>>>>>

වයි දිස් කොලවරි ඩී


Why this Kolavari

Hello Boys . . I am Singing Song
Soup Song . . Flop Song

Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?
Rhythm Correct . . .
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Maintain This . . .
Why This Kolaveri? Dee

Distance’la Moon’nu Moon’nu
Moon’nu Color’ru White’tu
White’tu Background Night’tu Night’tu
Night’tu Color’ru Black’ku
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?

White’tu Skin’nu Girl’lu Girl’lu
Girl’lu Heart’tu Black’ku
Eyes’su Eyes’su Meet’tu Meet’tu
My Future Dark’ku . . .
Why This Kolaveri Kolaveri KolaveriDee?
Why This Kolaveri Kolaveri KolaveriDee?

Mama, Notes Eduthuko . . .
Apdiye Kaila Snacks Eduthuko
Papapa Papapapa Papapa Pa Pa
Seriya Vaasi
Super Mama Ready . . Ready 1 2 3 4,
What A Change Over Mama
Ok Mama . . . Now Tune Change’ju . . .


Kaila Glass’su, Only English’sa
Hand’la Glass’su
Glass’la Scotch’chu
Eyes’su Full’la Tear’ru
Empty Life’Fu, Girl Come’mu
Life’fu Reverse’su Gear’ru
Love’vu Love’vu Oh My Love’vu
You Show To Me Bow’vu
Cow’vu Cow’vu Holy Cow’vu
I Want You Here Now’vu
God I am Dying Now’vu
She Is Happy How’vu
This Song’gu For Soup Boys’su
We Don’t Have Choice’su

Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee
Why This Kolaveri Kolaveri KolaveriDee

Flop Song

Ni Tamil . . . Only English’su . . .

ඔවුන්ට තිබුණේ එක් මවුස බොත්තමක් තෙරපීම පමණි. යූ ටියුබය වහා ඉදිරියට පැමිණ සෙසු සියල්ල ඉටු කර දී තිබුණි. පසුගිය නොවැම්බර් 16 වැනිදා ඒ උමතුව පටන් ගැනුණි.

පළමුව ඉන්දියාවත්, දෙවනුව අනෙකුත් බොහෝ රටවල

තරුණ පරම්පරාව එකම ගීතයක් මුමුණන්නට පටන් ගති. ඒ තාලයට හිස වනමින් උමතුවේ ඉතිරි අඩ ද සම්පූර්ණ කිරීමට නියමාකාරයෙන් කටයුතු යෙදුණි. කවුරුත් කාගෙනුත් ඇසුවේ එකම සරල පැනයකි.

‘වයි දිස් කොලවරි ඩී?’

සැබවින්ම කුමක් ද මේ මිනීමරු ආශාව? ඇයි මෙතරම් ප්‍රචණ්ඩ ආශාවක්?

අතිශය ප්‍රකට දමිළ නළුවකු වන ධනුෂ් තම නවතම චිත්‍රපටය ‘3’ වෙනුවෙන් ගායනා කළ ‘කොලවරි’ ගීතය සැබැවින්ම අහම්බයකි. 18 වියැති අනිරුද් රවිචන්ද්‍ර පළමුව සංගීතය නිර්මාණය කළේය. ඒ සඳහා ඔහු භාවිත කළේ දකුණු ඉන්දියානු ජන ගායනා රටාවන් සහ බටහිර සංගීත භාණ්ඩයන්ගේ සම්මිශ්‍රණයකි. එමෙන්ම පැරැණි දකුණු ඉන්දියානු සංගීත භාණ්ඩ බොහොමයක් ද අනිරුද් භාවිතයට ගෙන තිබුණි. ඒ අතර නදාස්වරම් නම් දිගු නලාව, ශෙහානි නම් නලාවක්, උරුමී සහ තවීල් නම් බෙර විශේෂ දෙකක් මේ සඳහා යොදා ගෙන තිබුණි.

අනිරුද් විසින් ශබ්දාගාරයේ සිට තමා නිර්මාණය කළ සංගීතය ධනුෂ් හට ඇසෙන්නට සැලැස් වූ විට ධනුෂ් එක් වරම ‘වයි දිස් කොලවරි’ නමින් ගැයුම පටන් ගති. ඒ සංගීතයට නියමෙට කැපෙන වචන තිබුණේ ධනුෂ් ළඟ බව අනිරුද් ඒ මොහොතේම තීරණය කරනු ලැබීය. නළුවා ගායකයකු වූයේත්, ගීත රචකයකු වූයේත් මේ අහම්බයෙනි.

මා ගීතය ලියූ හැටි ධනුෂ් කියන්නේ මේ ආකාරයෙනි. ‘මම කොලවරි සිංදුව ලියද්දී මුලින්ම මතක තියා ගත්තේ දමිළ ශබ්ද කෝෂයේ තියෙන ඉංග්‍රීසි වචන ගැනයි. ඒ වචන ගීතයේ රිද්මෙට ගැළපෙන්න තැන් තැන්වල දාලා වාක්‍යය හදා ගත්තා. නොහිතුව විදිහට ඉතාමත් ඉක්මනින් මං සිංදුව ලිව්වා. ඒත් මේ සිංදුව මෙච්චර ජනප්‍රිය වෙයි කියලා නම් කවදාවත් හිතුවෙ නෑ. ඇත්තටම මට මේක හරි පුදුමයක් වුණා.’

ඔහු ගයන්නේ දමිළ සහ ඉංග්‍රිසි එකට අනාගත් අසම්පූර්ණ භාෂාවකිනි. එනම් ටැන්ග්ලිෂ්වලිනි.ඔහු මෙය හඳුන්වන්නේ ‘සුප් ගීතය’ නමිනි.

දමිළ භාෂාවේ යෙදෙන යෙදුම් අතර සුප් යන්න අර්ථ ගැන්වෙන්නේ පෙම් සබඳතාවක් බිඳ වැටුණු තරුණයෙක් හඳුන්වන්නටය. ‘3’ නමින් හඳුන්වන ධනුෂ්ගේ නවතම සිනමාපටයේ මුලික කතාන්දරයේ සිටින්නේ ද මෙවන් පරාජිත පෙම්වතෙකි.

ඔහු තම ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීමෙන් ඉක්බිතිව බීමතින් ගයන ‘වයි දිස් කොලවරි ඩී’ ගීතය සිනමාපටය තිරගත වීමට පෙර එළිදැක්වීමට ඔවුන් තුළ අදහසක් නොතිබූ මුත් කුමක් හෝ හේතුවක් මත එම ගීතය කවුරුන් විසින් හෝ අන්තර් ජාලයට මුදා හැර තිබුණි. ඉන් කිහිප දිනකට පසුව ධනුෂ් ඇතුළු චිත්‍රපට කණ්ඩායම කොලවරි ගීතයේ නිල වීඩියෝව යූ ටියුබ් වෙත මුදා හරින ලදී.

මොහොතකින් සියලුම සමාජ ජාල වෙබ් අඩවි, බ්ලොග් අඩවි, ඊ-මේල ආදිය මගින් කොලවරි ගීතය ලෝකයේ සියලුම අහු මුලු කරා පැතිර යාම ඇරැඹුණි. ගීතය නිකුත් කර පළමු සතිය ඇතුළත පමණක් යූ ටියුබය හරහා මේ වීඩියෝව නැරැඹූ සංඛ්‍යාව මිලියන 1.3 කි. මිලියනයකට අධික ෆේස් බුක් බෙදා ගැනීම් ප්‍රමාණයකි. 2012 වසර ආරම්භය වන විට යූ ටියුබය හරහා මිලියන 30 ක් මේ ගීතය නරඹා තිබුණි. වැඩිම වාර ගණනාවක් ජංගම දුරකතන හරහා බාගත කළ ගීතය ලෙස ‘කොලවරි ඩී’ පත් වූයේ අසුරු සැණිනි. ගීතය නිකුත් කර නොබෝ දිනකින්ම එහි වෙනත් භාෂාවල දිගුවන් ද දැක ගත හැකි විය. ජපානය, නවසීලන්තය ආදී රටවල පවා මේ ගීතය ඇති කළ බලපෑම සුලුපටු නොවේ. එය සුන්දර උමතුවක් තරමටම පැතිර යන්නට විය.

කොලවරි ගීතය නිකුත් වීමත් සමඟ ම ඉන්දියාව පුරා හෑෂ් ටැග් භාවිත කරමින් ට්වීටර් දස දහස් ගණනක් සයිබර්ගත කර තිබුණි. ටයිම් මැගසිනය සහ බී. බී. සී ය පවා ‘කොලවරි ඩී’ ගැන තම අවධානය යොමු කර තිබිණි. සත්‍ය වශයෙන්ම කිවහොත් ධනුෂ් රඟන ඉදිරියේදී නිකුත්වීමට නියමිත ඔහුගේ නවතම සිනමාපටයවත් මෙතරම් ජනප්‍රියත්වයක් හිමි කර ගනී යැයි කිව නොහැකිය.

මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන පසුගියදා යූ ටියුබය විසින් කොලවරි ගීතයට රන් සම්මානයක් පිරිනමනු ලැබීය.

‘. . . වයි දිස් කොලවරි . . . කොලවරි ඩී . . .’

ධනුෂ් අසන්නේ පැනයකි. ගීතය නිවා දමා මා නික්මෙමි. ඔබට ඒ පැනයට පිළිතුරු සැපයිය හැකිය. නැත්නම් යළිත් යූ ටියුබය හරහා ගීතය නැරැඹිය හැකිය.

‘3’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ ධනුෂ්ගේ භාර්යාව අයිශ්වර්යායි. මේ අයිශ්වර්යා යනු දෙමළ සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත්ගේ වැඩිමහලු දියණියයි. ගායිකාවක ද වන අයිශ්වර්යා ගේ මුල්ම අධ්‍යක්ෂණය ‘3’ ය. ඈ මෙන්ම තවත් සිනමාකාරිණියක වන ඇගේ නැඟණිය සෞන්දර්යා ද ‘කොලවරි’ ගීතය යූ ටියුබ් මගින් දකිද්දී ඔබට පෙනෙනු ඇත. මේ ගීතය පුරා ගීතය ගයද්දී ධනුෂ්ට සිදුවන වැරැදීම, ලැබෙන උපදෙස් සියල්ලම අසන්නට සැලැස් වේ.

READ MORE - වයි දිස් කොලවරි ඩී

ඩින්නි අහිංසකයි - පණ්ඩිතයි

ඩිනක්ෂි ප්‍රියසාද් අම්මා ශිරානි ප්‍රියසාද්

එදා දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ පැංචියො තුන්දෙනාම රාත්‍රී නින්දට වෙනදාට කලින් ගියේ නත්තල් සීයාට කාමරේට එන්න කවුළුවත් ඇරලා.

වේලාව අලුයම තුනයි. ඩින්නිගේ කාමරේ බිත්තියෙන් මතු වුණේ ඩින්නි පුළ පුළා බලා සිටිය නත්තල් සීයා. පුංචි පැංචියන්ට තෑගි බෝගත් අරගෙන නත්තල් සීයා ආවේ පිනි මුවන් බැඳි රනින් දිලසෙන අපූරු කරත්තයක.

ඩින්නි ඇඳෙන් පැන්නේ නත්තල් සීයා එක්ක පුංචි රවුමක් යන්නත් හිතාගෙන. පුංචි ඩින්නි ඇෙඳන් පැන්න සද්දෙට අම්මාට ඇහැරුණා. හරි වැඩේ නත්තල් සීයා අතුරුදහන්. ඩින්නි අම්මාට තුරුළු වුණේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. හැබැයි ඉර පායාගෙන එන කොට පුංචි ඩින්නිගේ මූණ හරියට පුංචි රෝස මලක් වගේ.

ඒ නත්තල් සීයා එයාට ලස්සන ලස්සන තෑගි ගොඩක් ගෙනත් දීලා නිසා. අදටත් ඩින්නි විශ්වාස කරනවා එයා පුංචි කාලේ ඇත්තටම නත්තල් සීයාව දැක්කා කියලා.

ගෙදරදි ආදරේට ඩින්නි කියන්නේ ඩිනක්ෂි ප්‍රියසාද්ට. ඩින්නිගේ නත්තල් සීයා ගැන කතාව අපිට කිව්වේ ශිරානි ප්‍රියසාද්. ඇය චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද්ගේ ආදරණීය බිරිඳ සහ ඩිනක්ෂිගේ මෑණියන්. පුංචි දවස්වල විශේෂාංගයෙන් ඩිනක්ෂිගේ පුංචි කලේ මතකයන් පෙළ ගස්වන්නේ ශිරානි ප්‍රියසාද්.

ඉතින්, පුදුම වැඩේ කියන්නේ පහුවෙනිදා උදේ, ඒ කියන්නේ 25 අපේ බිත්තියේ ලොකු අඩි පාරවල් තිබුණා. තව චූටි චූටි අඩි පාරවලුත් තිබුණා. ඩිනක්ෂි නම් අදටත් කියන්නේ ඒ තිබුණේ නත්තල් සීයාගෙයි පිනි මුවන්ගෙයි අඩි පාරවල් කියලාමයි.

ඩින්නි පුංචි කාලේ හරිම අහිංසකයි. අපේ දෙවෙනි දූ ඉපදුණාම මම ඩින්නිට සූප්පුවෙන් කිරි බොන්න දෙන එක නැවැත්තුවා. දුව චූටි කාලේ ඉඳන්ම හරිම කීකරුයි. මගේ කීමට සූප්පුවෙන් නොබිව්වට කෙලි පැටියා සූප්පුවෙන් කිරි බොන්න හරි ආසයි.

සමහර වෙලාවට ශේෂාද්‍රිව නිදි කරවද්දි සූප්පුව කටට දෙනවා. ශේෂාද්‍රි නිදා ගත්තාම සමහර දවස්වලදී ඩින්නි මගේ ළඟට ඇවිත් ‘අම්මෙ මම චුට්ටක් සූප්පුව උරන්නද?’ කියලා අහනවා.

මම ඉතින් පොඩි එකාගේ ආසාව නිසා එපා කියන්නේ නෑ. එසැනින් නංගිගේ කටේ තියෙන සූප්පුව අරගෙන දුවන්නේ අල්මාරිය පිටිපස්සට. අනේ ඉතින් චුට්ට වෙලාවක් සූප්පුව උරලා ආයිත් එයාම ඒක නංගිගේ කටේ තියනවා.

ඩින්නි මම කියන දෙයක් අහන්නෙ නැති එක වෙලාවක් තියෙනවා. ඒ තමයි එයාට ඉන්ජක්සන් එකක් විදින වෙලාව.

එක දවසක් දූට ඉන්ජක්සන් එකක් විදින්න ගිහින් හොස්පිට්ල් එකේ යුද්දයක් කළා. ඩින්නිව මට කිසිම විදිහකට පාලනය කර ගන්න බැරි වුණා.

ඩින්නි මේස යටිනුත් රිංගුවා. එදා එයාව අල්ලන්න ඇටෙන්ඩන්ලයි නර්ස්ලයි දිව්වා. කොහොම හරි අන්තිමේදී ඇටෙන්ඩන් කෙනෙක් මේසෙ යටින් රිංගද්දී ඔළුව හැපිලා තුවාලවෙලා මැහුණුත් දැම්මා.

එදා ඩින්නි හොස්පිට්ල් එකේදී දිව්වෙ නැති තැනක් නැති තරම්. දඟ නැති වුණාට ඩිනක්ෂි පුංචි දවස්වල චුට්ටක් විතර පණ්ඩිතයි. පණ්ඩිතයාට ඉතින් ඒදණ්ඩෙ යන්න බෑනේ. ඩින්නි පුංචි කාලේ හවසට ස්විමිං යනවා.

මම එයාව එක්කගෙන ගිහින් එයත් එක්කම ඉඳලා හැන්දෑවට එක්ක ගෙන එනවා. ඒ වෙලාවේ මගේ ඇස් දෙක හැම තත්පරේම තියෙන්නේ මගේ දෝණි ළඟමයි. දවසක් මගේ පණ්ඩිත කෙලි පැටික්කි පූල් එකේ ගැඹුරු පැත්තට පීනුවා.

එයා ඊට කලින් කවදාවත් ගැඹුරු පැත්තේ පීනලා නෑ. ‘අනේ දෙයියනේ මම එක පාරටම දැක්කා, මගේ පොඩි එකීව වතුරෙ ගිලෙනවා.’ මම කෑ ගහගෙන ස්විමිං පූල් එක පැත්තට දිව්වා.

මගේ කෑගැහිල්ලේ සද්දෙට පුහුණුකරුත් එතනට දුවගෙන ඇවිත් මගේ කෙලි පැටික්කි බේර ගත්තේ. හැබැයි එදා මමත් ස්විමිං පූල් එකට නොවැටි බේරුණේ අනූනවයෙන්. මොන දේ වුණත් ඩින්නි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදටත් හරිම අහිංකයි.

READ MORE - ඩින්නි අහිංසකයි - පණ්ඩිතයි

2011 ජාතික නාට්‍ය උළෙල

2011 ජාතික නාට්‍ය උළෙල
මෙ මස 31 දා දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී දිනපතා පස්වරුවේ පැවැත්වේ.

මෙවර ජාතික නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය 7ක්, කෙටි නාට්‍ය 24ක් හා ආරාධිත නාට්‍ය 2ක් ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇත.

ඒ අනුව, හෙට (20) ධනුෂිකා නයන කුමාරි ගේ ‘ජනේලයෙන් පනින්නද’ , 21 ජගත් බණ්ඩාර ගේ ‘බෝනිකි ගෙදර’ , 22 උදයසිරි වික්‍රමරත්න ගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ , 23 ජෙහාන් ශ්‍රීකාන්ත ගේ ‘හැපි ජර්නි’ ද වේදිකා ගතවේ.

කෙටි නාට්‍ය වේදිකාගතවන දිනයන්,

ජනවාරි 24 සුදත් අබේසිරිවර්ධන ගේ ‘මගේ කාලයේ වීරයෙක්’ , ටී කයුරියා ගේ ‘ඒකලයිවන්(දමිළ) , රෝහන් ද සිල්වා ගේ ‘අපි’ , කේ.තිරිච්චේන්දුරන් ගේ ‘කඩලින් අක්කරෙයි පෝවෝර් (දමිළ)

ජනවාරි 25 බැසිල් රත්නවීර ගේ ‘උන්වහන්සේ’ , එන්. කුලරත්න හා ඒ සනත් කුමාර ගේ ‘කල්යාණ කදෙයි(දමිළ), එස්.ඒ සම්පත් චතුරංග පෙරේරා ගේ ‘ඇයි උඹලා ආවේ’ , එම්.සී.නජිමුඩීන් ගේ ‘සලෝමි’

ජනවාරි 27 උපුල් සංජීව ගේ ‘ගැබ්බර’ , එස්.ලීලවතී හා ආර්.චමලි ගේ ‘පයනිහල්’ , නුවන් දර්ශන ලියනාරච්චි ගේ ‘ඩයිනෝසර ප්‍රේමය’ , කේ මොහාන් කුමාර ගේ ‘පවක්කරයි(දමිළ)’

ජනවාරි 28 ආසිරි උදාකර ජයරත්න ගේ ‘සද එල්ලා මරයි’ , කේ.ශ්‍රී කන්දවේල් ගේ ‘සීලම්බින් කනල්(දමිළ), සජීව රෝෂාන් ගේ ‘ඩීසන් දෙන්නෙක්’ , නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය ‘බර්දනුම් සීදෛයුම්(දමිළ)

ජනවාරි 29 අමිතා රබ්බිඩිගල ගේ ‘පේ‍්‍රමය නම්’ , පී.සිවනේෂන් ගේ ‘තාගම්(දමිළ), චාලක රණසූරිය ගේ ‘හෙලෝ’, කේ.සුනෙත් දේශප්‍රිය ගේ ‘අඳුර සහ එළිය

ජනවාරි 30 රුවන් හෙට්ටිආරච්චි ගේ ‘මැරෙන්න විදියක් කියන්න’ , ;නරන්ජන් චන්ද්‍රාදිත්‍ය ගේ ‘රියලිටි’ , කේ.ඒ.කේ.ජයසිංහ ගේ ‘ඩාක්නස්’ , කේ.ඒ.ජී. ආනන්ද චන්ද්‍රකුමාර ගේ ‘බල්ලෝ දෙන්නෙක්’ , ගයාන් දේශප්‍රිය ගේ ‘කූඩුවට එනකම් (ආරාධිත)

ජනවාරි 31 ඉන්දික ෆර්ඩ්නැන්ඩු ගේ කලම්බො කලම්බො (ආරාධිත)

2011 ජාතික නාට්‍ය උළෙල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා එක් ව ජාතික නාට්‍ය අනු මණ්ඩලය විසින්


READ MORE - 2011 ජාතික නාට්‍ය උළෙල

වේදිකාවට ආදරය කරන ජනතාවගේ රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ

Thursday, January 5, 2012


වේදිකාවට ආදරය කරන ජනතාවගේ
රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ
- ජයලත් මනෝරත්න


"ජයලත් මනෝරත්නයන්ගේ නමට ඉදිරියෙන් ලිවිය හැකි බොහෝ කරුණු කාරණා ලිවිය හැකි වුවද, ඒ ඉදිරියෙන් ලිවිය හැකි හොඳම අකුරු පෙළ වන්නේ "විශිෂ්ට රංගධරයකු" යන්නය. හේ කිසිවිටෙකත් රංගනය අත් නොහල අතර, ඒ හැරුණු විට විවිධ කලා ඉසව් ජයගත් ප්‍රවීණයකු ද වන්නේය.

ජයලත් මනෝරත්නයන් ගැන මේ සටහන තැබෙන්නේ සුවිශේෂී අවස්‌ථාවක්‌ ගැන සටහන් තබන්නටය. ඒ 2012 ජනවාරි මස 5, 6, 7 යන දිනවල ඔහු ඇගැයීමට ලක්‌වෙමින් පැවැත්වෙන නාට්‍ය උළෙලකි. ඒ අනුව ජනවාරි පස්‌වැනි දින "බූරුවා මහත්තයා" නාට්‍යයද, හයවැනිදා "සුද්දෙක්‌ ඔබ අමතයි" ද, හත්වැනිදා "අන්දරේලා" නාට්‍යය ද වශයෙන් ලයනල් වෙන්ට්‌ඩ් රඟහලේදී සවස 6.45 සිට පැවැත්වෙන නාට්‍ය උළෙලයි එය සංවිධානය කරනු ලබන්නේ "සත්ජන සහෘද සංසදය" යි.

ප්‍රශ්නය - ඔබ වෙනුවෙන් නාට්‍ය උළෙලක්‌ සංවිධානය වෙනවා. ඒ ගැන යමක්‌ දැනගන්න කැමැතියි.

පිළිතුර - ජනවාරි මාසයේ 5, 6, 7 දිනවල මේ කටයුත්ත සිදුකිරීමට නියමිතයි. ඇත්තටම වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ යම් වර්ධනයක්‌ පෙන්වන වකවානුවක මේ වගේ නාට්‍ය උළෙල පවත්වන එක ගැන සතුටු වෙන්න ඕන. අපි කොළඹින් පිට ගම් ඇතුළට යනකොට අපි දකිනවා නාට්‍ය ශාලා පිරී ඉතිරී යන තරමට සෙනඟ ඉන්නවා. මිනිසුන්ගේ රසවින්දනය හා රසඥතාව, හීනවේගෙන යන කාලවකවානුවක නිර්මාණ කරණයේ නව ඉසව් සොයා යැමට නාට්‍යකරුවා දක්‌වන උනන්දුව ගැන අගය කළ යුතුයි.

ප්‍රශ්නය - අපි මේ වේදිකාගත කරන නාට්‍ය ත්‍රිත්වයේ විවිධත්වයක්‌ දකිනවා. මොකක්‌ද මේ තෝරා ගැනීම.

පිළිතුර - ඇත්තටම විවිධ ආකෘතියේ නාට්‍ය තුනක්‌ මෙහි අඩංගු වෙන්නේ. බූරුවා මහත්තයා, සුද්දෙක්‌ ඔබ අමතයි, අන්දරේලා කියන නාට්‍ය තුන තේමාවන් අතින් වෙනස්‌. හැබැයි මේ හැම එකක්‌ම ප්‍රේක්‌ෂකයාගේ හදවතට පමණක්‌ නොවෙයි බුද්ධියටත් ආමන්ත්‍රණය කරනවා.

තවත් විශේෂ දෙයක්‌ තමයි මේ නාට්‍ය ත්‍රිත්වයේම මම ප්‍රධාන චරිතවලට ඉන්නවා. ඒත් එක්‌කම ඒ හැම චරිතයක්‌ම බොහෝම සංකීර්ණ යටිපෙළ අරුත් දනවන චරිත.

ප්‍රශ්නය - තමන්ගේ නාට්‍ය උළෙලක්‌ තමන් සංවිධානය කරනවාට වඩා වෙනත් සංවිධායකයන් පිරිසක්‌ එය මෙහෙයවීම අපූරු කටයුත්තක්‌. මේක දැනෙන්නේ කොහොමද?

පිළිතුර - ඇත්තටම මේ කිසිම දෙයක්‌ මගේ යෝජනාවක්‌ නිසා වෙච්ච දේවල් නොවේ. මේක මටත් අපූරු ආශ්වාදයක්‌ ගෙන දෙන කටයුත්තක්‌. නාට්‍ය කලාවට, වේදිකාවට ඇලුම් කරන පිරිසකගේ සහභාගිත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ.ඒ අයගේ නිර්මාණකරණයට ඇති ඇල්ම, ආදරය ගෞරවය මට දැනෙනවා. තමන්ගේ නාට්‍ය දර්ශනයක්‌වත් සංවිධානය කරන්න අපහසු මොහොතක හොඳ රංග ශාලාවක මෙවැනි නාට්‍ය උළෙලක්‌ පැවැත්වීමට ගන්නා වෙහෙසම ඒ ගෞරවයට හේතු වෙනවා.

ප්‍රශ්නය - ඔබ සඳහන් කළ වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රබෝධයට හේතුව මොකක්‌ හැටියටද දකින්නේ.

පිළිතුර - මම දශක 4 ක්‌ පමණ මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන කාලය අතරතුර වේදිකා නාට්‍ය විවිධ උච්චාවචනයන්ට හසුවෙලා තියෙනවා. මූලික වශයෙන් නාට්‍ය කලාවට විශේෂයෙන් වේදිකාව කරා පිරිස අඩුවීමට හේතු කිහිපයක්‌ දකින්න පුළුවන්. ගමනාගමන පහසුකම් නොමැතිවීම, ඊළඟට පහුගිය කාලය පුරාම පැවතුනු යුද්ධය මේ ආදී වූ විවිධ කාරණා එයට බලපෑවා. නමුත් මේ මොහොත වනවිට ජනතාව තුළ තිබුණු පීඩනය යම් පමණකට අඩුවෙලා තියෙනවා.

අපි පිට පළාත්වලට ගියාම හමුවෙන පිරිස්‌ සමඟ නාට්‍ය පිළිබඳව කතාබහ කරද්දී ඒ අය කොයිතරම් මේ ගැන දැනුමෙන් ද අවබෝධයෙන්ද ඉන්ධන කියන එක වැටහෙනවා. අනික මේ වෙනකොට රූපවාහිනියේ මිනිසුන්ට බලන්න දෙයක්‌ නෑ කියලා මැසිවිල්ලක්‌ තිබෙනවා. ඒකත් කිසියම් ආකාරයක හේතු=වක්‌ වෙන්න ඇති නාට්‍ය කලාව මෙතරම් වර්ධනයක්‌ අත්පත් කර ගන්න. විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ රසඥතාව ගැන අපි සතුටු වෙන්න ඕන. නාට්‍යයක යටිපෙළ අරුත කවරාකාරදැයි වටහා ගැනීමේ හැකියාව ඔවුනට තිබෙනවා. එය නාගරික සමාජයේ ඉතා අවම වශයෙන් දකින්න ලැබෙන කාරණයක්‌.

ප්‍රශ්නය - නමුත් ඔබේ "බූරුවා මහත්තයා" නාට්‍යය මේ ප්‍රේක්‌ෂකාගාරය හරි හැටි ස්‌පර්ශ කළේ නෑ කිව්වොත් ඔබ එකඟද?

පිළිතුර - අපි මේ වෙනකොට දකිනවා විශාල සමාජ විපර්යාසයක්‌. ඒක පරිහානියක ලක්‌ෂණවලින් යුක්‌තයි. විශේෂයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්a අතර රසවින්දන රුචිකත්වය පිළිබඳ විශාල අර්බුද තිබෙනවා. ඒ අයගෙන් ආරම්භ වුණු පරම්පරාවක්‌ මේ වගේ නාට්‍යයක්‌ ග්‍රහණය කර නොගැනීම ගැන පුදුම වෙන්න දෙයක්‌ නෑ.·

නාට්‍යයේ පමණක්‌ නොව කවියේ විශේෂයෙන් ගීතයේ යටිපෙළ අරුත ග්‍රහණය කරගන්නා පිරිස අඩුයි. මේ තත්ත්වය අපිට දශක වලින් ගණනය කරන්න පුළුවන්. හැබැයි මම අර මුලින් කිව්වා වගේ ප්‍රාදේශීයව මේ තත්ත්වයේ වෙනස්‌වීමක්‌ දක්‌නට ලැබෙනවා. ඒ අර්ථයෙන් ගත්තොත් විශාල වෙනසක්‌ දකින්න බැහැ.

- සංවාදය උදේශ සංජීව ගමගේ

READ MORE - වේදිකාවට ආදරය කරන ජනතාවගේ රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ

යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා...

යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා...



ඉකුත්දා මහරගම යොවුන් රඟහලේ පැවැති 33 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙලේ දී හොඳම කෙටි නාට්‍ය නළුවා ලෙස "ඩක්‌තස්‌" නාට්‍යයේ සම්පත් චමින්ද සහ හොඳම කෙටි නාට්‍ය නිළිය ලෙස "ෙµdaමැට්‌" නාට්‍යයේ එස්‌. එන්. නිරංජනී, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්. එල්. එස්‌. එම්. හිස්‌බුල්ලා මහතා අතින් සම්මාන ලබාගන්නා අයුරු සහ එම අවස්‌ථාවට සහභාගි වූ යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍යාංශයේ ලේකම් හේවාපතිරණ මහතාද, අනෙක්‌ ඡායාරූපයෙන් "වහළ උඩ වාදකයා" නාට්‍ය නිෂ්පාදනය තුළ එස්‌. එම්. විචිත්‍ර බණ්‌ඩාර හොඳම දිගු නාට්‍ය නිෂ්පාදනය ලෙස යෞවන කටයුතු අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා අතින්ද සම්මානය ලබා ගන්නා අයුරු ඡායාරූපයේ දැක්‌වේ. සටහන හා ඡායා මහරගම - උදේනි චන්ද්‍රසිරි

යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවා සහ නිළිය



පෙරේදා (28 දා) මහරගම යොවුන් රඟහලේ පැවැති 33 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළිය සහ නළුවා ලෙස "වාදකයා වහල උඩ" නාට්‍යයේ සලීන් ලුසේකා සහ හොඳම දිගු නාට්‍ය නිළිය ලෙස "තව ටිකක්‌ හිතන්න" නාට්‍යයේ නදීශානි තෙලියආරච්චි යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා අතින් සම්මාන ලබා ගන්නා අයුරු. එම අවස්‌ථාවට සහභාගිවූ ජාතික තරුණ සේවා සහාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුමි පෙරේරා මහතාද ඡායාරූපයේ සිටී.

මහරගම - උදේනි චන්ද්‍රසිරි

READ MORE - යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා...

Antigoni

Saturday, December 17, 2011




‎Antigone | ඇන්ටිගනී
27th January, 2012 at Lionel Wendt
[3.30pm/7.00pm]
READ MORE - Antigoni

Journalist covering the murder on the 12th Attacked!!!

Friday, November 11, 2011


Journalist covering the murder on the 12th Attacked!!!

For the full story visit Page 12


READ MORE - Journalist covering the murder on the 12th Attacked!!!

බකමූණා වීදි බසියි

Tuesday, July 19, 2011

රාජිත දිසානායක නවතම නාට්‍ය නිර්මාණය,
බකමූණා වීදි බසියි
අගෝස්තු 4,5,6 සවස 7:00ට
ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී.


Freedom Theater Group ඉදිරිපත් කිරීමක්.

Rajitha Disanayaka’s latest drama
‘Bakamuna Veedi Basee’
will be staged on August 4, 5 and 6 at 7.00 p.m.
at Lionel Wendt, Colombo.
The cast includes Priyankara Ratnayake,
Jayani Senanayake,
Sham Fernando,
Dharmapriya Dias and several others.
Music by Kapila Poogalaarchchi.






READ MORE - බකමූණා වීදි බසියි

ජනකරළිය නාට්‍ය මාලාව

Thursday, June 23, 2011

පුවත, බූන්දිගෙන්......
ජුනි මස 23 වන දා සිට ජුලි මස 13 දා දක්වා හෝමාගම දී, ජනකරළිය නාට්‍ය කණ්ඩායම මෙහෙයවන නාට්‍ය මාලාවේ, හෙන්රි ජයසේන ගේ හුණුවටයේ කතාව, සෝමලතා සුබසිංහ ගේ තොප්පි වෙළෙන්ඳා සහ පුංචි අපට දැන් තේරෙයි, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, මැටි කරත්තය, අන්දර මල්, ඉන්දික ගේ කලම්බෝ.. කලම්බෝ, ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය ආදී නාට්‍ය ගණනාවක් වේදිකාගත වේ.


Janakaraliya Drama Festival

From 23rd June to 13th July in the Janakaraliya Mobile Theatre

Installed on the New Urban Project Grounds – Homagama


Charandas

Adapted & Directed by

Parakrama Niriella

(Awarded Best Drama at the State Drama Festival 2006Winner of

09 award Represented International Drama Festival New Delhi 2008)

23rd Thursday 9.30am /6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

(Most Outstanding Drama in State Drama Festivals 1976 & 2010

Winning 11 Awards for Sinhala and Tamil productions)

24th Friday 9.30am /6.30pm


Andara mal

(Andara Flowers)

Directed by Parakrama Niriella

('Andara mal' is one of the most performed popular Janakaraliya dramas)


Short Plays

Samanthara

(Parallel)

Directed by

Rathna Pushpa Kumari

Thavama

Merila ne

(Not Yet Dead)

By the drama group of Jaffna State Security Headquarters

25th Saturday 6.30pm


Short Plays

Thaniyek Visishtai

(A Loner is Great)

Written & Directed By

Aloka Sampath

Kochchiya Enkan

(Awaiting the Train)

Written & Directed by

Lasantha Francis

Dinosaur Premaya

(Dinosaur Love)

Written & Directed By

Nuwan Dharshana

(Three of the Best Short Plays Winning number of awards

at State Drama Festivals and Youth Drama Festivals 2003 through 2010)

26th Sunday 2.30pm/6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

(Adjudicated the best non original drama in

the State Drama Festival, 2010 winning 06 awards)

27th Monday 9.30am/ 6.30pm


Soru Evilla

(Thieves are Here)

And

Devlova Gamana

(Journey to Heaven)

Children’s plays created by Janakaraliya Drama Group

('Soru Evilla' Awarded ‘Best Children’s Drama’

at State Children’s Drama Festival 2001

-Written by Sumith Samarasinghe)

28th Tuesday 9.30am/6.30pm


Seethambarapata

(Heavenly Clothes)

and

Andara Mal

(Andara Flowers)

Directed by

Parakrama Niriella

(Two of the most performed popular Janakaraliya plays

– Heavenly Clothes written by Mangala Senanayake)

29th Wednesday 9.30am/6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

(Most Outstanding Drama in State Drama Festivals 1976 & 2010

Winning 11 Awards for Sinhala and Tamil productions)

30th Thursday 9.30am/6.30pm


Charandas

Adapted & Direct red by

Parakrama Niriella

July 1st Friday 9.30am -6.30pm


Hunuwataye Kathawa

(Caucasian Chalk Circle

of Bertolt Brecht)

Adapted & Directed by

Henry Jayasena

(Most performed drama throughout more than 40 years

and a land mark in the history of the Sri Lankan drama.)

2nd Saturday 6.30pm


Short plays of Janakaraliya

Siththarage Sihinaya

(Artist’s Dream)

Andura Saha Eliya

(Gloom and the Light)

Madhura Jame

(Sweet times)

Thaham

(Thirst)

(A series of experimental short dramas and performances by Janakaraliya team)

Ape Kalaye Weerayek

(Hero of Our Time)

(Best Short Play Winning 6 awards at Youth Drama Festivals in 2010)

3rd Sunday 6.30pm


Eheth Ehemai

(There’ too like ‘Here)

By Sunil Chandrasiri

(An Adaptation of Nikolai Gogol’s Drama ‘Government Inspector’)

4thMonday 9.30am – 6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

5th Tuesday 9.30am – 6.30pm


Thoppi Welenda

(Hat Seller)

And

Punchi Apata Den Therai

(Little Us Know that Now)

Directed By

Somalatha Subasinghe

(These children’s plays have made representation at International Children’s Drama Festivals

in France, Korea, Australia and India. Two very popular and precedential Children's drams performing

for over 20 years by the ‘Children's & youth Theatre Foundation.’)

6th Wednesday 9.30am – 6.30pm


Colombo Colombo

Directed By Indika Fernando

(Adjudicated Best Drama at the State Drama Festival 2010 Winning 10 awards

Represented New Delhi Drama Festival on Asian Women – 2009

and International Drama Festival – Kathmandu, Nepal – 2010)

7th Thursday 9.30 -6.30pm


Bernadage Sipiri Ge

(House Bernada Alba)

Directed By

Priyantha Sirikumara

(Adaptation of French playwright Fredrico Gartia Loca's play)

9th Saturday 6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

10th Sunday 6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

11th Monday 9.30am/6.30pm


Soru Evilla

(Thieves are Here)

and

Devlova Gamana

(Journey to Heaven)

Children’s plays created by Janakaraliya Drama Group

12th Tuesday 9.30am/6.30pm


Charandas

Adapted & Direct red by

Parakrama Niriella

13th Wednesday 9.30am/6.30pm
READ MORE - ජනකරළිය නාට්‍ය මාලාව