ජැක්සන් – කුමාරි යළි එක් වී යුග ගී ගයති
ජැක්සන් ඇන්තනී – කුමාරි මුණසිංහ එකට එක්වී සැබෑ ජීවිතයේ යුග ගීය ගයා වසර ගණනාවක් වුවද, මේ දෙපළ කලා ජීවිතයේ එකට එක් වී යුග ගීයක් ගැයුවේ පසුගිය දවසකය. ඒ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සුමිත් කුමාරගේ නවතම ටෙලි නිර්මාණය වන ‘මායා මන්ත්‍රී’ හී තේමා ගීතය ගයමිනි.
ජැක්සන් – කුමාරි ගැයූ ගීතය ආචාර්ය අජන්තා රණසිංහගේ පද රචනයක් වන අතර සංගීත නිර්මාණය ආනන්ද ගමගේගෙනි.
පාලිත සිල්වා, ජනක කුඹුකගේ,, අනුරුද්ධිකා පාදුක්කගේ, හිමාලි සයුරංගි ඇතුළු ශිල්පීන් චරිත නිරූපණය කරන ‘මායා මන්ත්‍රී’ පිටපත කේ. බී. හේරත්ගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි ඟයක වන අතර සංස්කරණය ජගත් වීරතුංගගෙනි.
ශ්‍රියන්ත වේදිකාවේ ගැබ්බර මිනිසකු වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් නිර්මාණය කරනු ලබන නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය ‘ගැබ්බර මිනිසා’ හි මුහුරත් උළෙල පසුගියදා පවත්වනු ලැබීය.
ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, සරත් කොතලාවල, වසන්ත විට්ටච්චි, මල්කාන්ති ජයසිංහ, සුජීව ප්‍රියලාල් ඇතුළු ශිල්පීන් රැසක් චරිත නිරූපණය කරන මෙහි සංගීත නිර්මාණය සංගීත අධ්යක්ෂ ඇන්තනී සුරේන්ද්‍රගෙනි. උපේඛා නිර්මාණි ගායනයෙන් දායක වන අතර අංග රචනය වසන්ත විට්ටච්චිගෙනි.
ඩබ්ලිව්. එස්. විජේසිංහගේ ‘ගැබ්බර මිනිසා’ කෘතිය ඇසුරෙන් අජිත් මෙන්ඩිස්ගේ අනුවාදයක් වන මෙහි ඉදිරිපත් කිරීම සහ සංවිධානය ජූඩ් ශ්‍රීමාල්ගෙනි.
0 comments:
Post a Comment