කවුරු කොහොම කිව්වත් අදටත් ජනතාවට සමීප වේදාකව සහ සිනමාවයි
ප්‍රියංකර රත්නායක බොහෝ දෙනෙක් හදුනාගෙන ඇත්තේ චිත්‍රපටි ටෙලි නාට්‍යය හා වේදිකා නාට්‍යය රංගන ශිල්පියකු ලෙසයි. මීට අමතරව හේ වේදිකා නාට්‍යය පිටපත් රචකයකු නිෂ්පාදක වරයකු පමණක් නොව නාට්‍යය හා රංග කලාව පිළිබඳව විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයකු ද වෙනවා. ප්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍ය නිර්මාණය යි. "අද වගේ දවසක ඇන්ටීගනී" පරිවර්තන වේදිකා නාට්‍යයක් වන මෙහි දර්ශන
රැසක් ඉදිරියේදී වේදිකා ගත වීමට නියමිත යි. ඔහුගේ එම නාට්‍යය නිර්මාණයත් කලා ජීවිතය පිළිබඳවත් අප කළ කතා බහකි මේ.
මොකක්ද අද වගේ දවසක ඇන්ටිගනී" නාට්‍යයට තේමා වන්නේ?
ග්‍රීක නාට්‍යයකරුවන් අතර ඉදිරියෙන් ම සිටි කෙනෙක් තමයි සොෆොක්ලීස් ඔහුගේ නාට්‍යය අතුරින් ඇන්ටිගනී නාට්‍යය තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මෙහිදී කතා කරන්නේ. එකල රජ ගෙදරක ක්‍රියාත්මක වුණ සිද්ධි දාමයන් හා රටේ නීතිය ගැනත් මානුෂ්‍ය නීති ගැනත්. ඊට මැදිවන්නේ කාන්තාවන්. 1971, 1988 හා වසර තිහක යුද්ධය තුළ මේ නීති රිති මනුෂ්‍ය බැදීම් ගැන අපි අත්දැක්කා. අපේ කාන්තාවන් ඊට මුහුණ දුන්නා. එය එදා වගේම අදටත් ජාති භේදයකින් තොරව පොදුයි. ඒ නිසයි අපි මේ අත්දැකීම් බෙදා හදා ගන්න මේ වගේ උත්සහයක් ගත්තේ.
කරලියට ඔබේ ආගමනය සිද්ධ වුණේ කොහොම ද?
පාසල් වියේ සිටම නාට්‍යය ක්ෂේත්රය කෙරෙහි මගේ ඇල්මක් තිබුණා. ඒ ඇල්ම හුණුවටයේ කතාව, දුන්න දුනු ගමුව වැනි නාට්‍යය බැලීමෙන් වැඩි දියුණු වුණා. ඒ නිසාම නාට්‍යය චිත්‍රපටි බැලීමේ පුරුද්දක් මට ඇති වුණා. සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා හා යොවුන් රංග පීඨයෙන් මෙන්ම රාජ්‍ය නාට්‍ය පාසලෙන් මම බොහෝ දෑ ඉගෙන ගත්තා. ඊට පස්සේ කාලෙක රාජිත දිසානායකගේ නාට්‍යය කණ්ඩායමට එකතු වුණා. එහෙම තමයි මගේ ගමන ඇරැඹුණේ.
අද කලාවට ලැදි බොහෝ දෙනෙක් කියන්නේ තමන්ට ඉගෙන ගන්න රාජ්‍ය ආයතනයක් නැහැ කියලයි. ඔබ කියන රාජ්‍ය නාට්‍ය පාසල කුමක් ද?
සංස්කෘතික අමාත්‍යාංශය යටතේ රජය විසින් නාට්‍ය පාසලක් ආරම්භ කළා. මම එහි ඉගෙන ගත් සාමාජිකයෙක්. ඒ පාසල තිබුණේ වසර දෙකයි. ඊට පසු කාලීනව ටවර් හෝල් රංග පාසල යොවුන් නාට්‍ය පාසල ආදියට රාජ්‍ය නාට්‍ය පාසල පූර්වා දර්ශ වූ බවයි මගේ විශ්වාසය. ඉගෙන ගන්න කෙනෙකුට ඒවායෙන් යහපත් දෙයක් ඉගෙන ගත හැකියි.
ඔබ චිත්‍රපටි හා ටෙලි නාට්‍යය වලටත් සම්බන්ධයි.
සංඛ්‍යාත්මක අඩු සංඛ්‍යාවක් චිත්‍රපටි හා ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණා. මම හිතන්නේ වේදිකාවේ හා සිනමාවේදී කරන්න පුළුවන් දේවල් ටෙලි නාට්‍යවලදී කරන්න බැහැ. ටෙලි නාට්‍යවලට වඩා ජනතාවට සමීප වේදිකාව හා සිනමාවයි.
නමුත් ඒ ක්ෂේත්‍ර දෙකෙන්ම ජනතාව ඈත් වෙලා නේද?
මෙහෙමයි බැලූ බැල්මට එහෙම පේනවා තමයි. බලන්න හොද සිනමාවකට හොද වේදිකා නාට්‍යයක් බලන්න රසිකයන් එන විදිහ. ටෙලි නාට්‍යය බලනවා නෙවෙයි රසිකයන්ට බලෙන් පෙන්වනවා. දැන් බලන්න, චිත්‍රපටියක් බලන්න අපි ඒ සඳහාම සූදානම් වෙලා සිනමා ශාලාවකට යනවා. නාට්‍යයක් බලන්න සතියකටවත් කලින් සූදානම් වෙනවා. එය රස විදින්න සූදානම් වෙනවා. ඒත් ටෙලි නාට්‍යයක් එහෙම ද? අඩු ගානේ අද රෑට අපි අසවල් ටෙලිය බලනවා කියලා කතා වෙන කෙනෙක් ඉන්නව ද? ඒකයි මම ටෙලිනාට්‍යයට වඩා වේදිකාව හා සිනමාව ජනතාවට සමීපයි කියලා කියන්නේ.
ඔබ මොනවා කිව්වත් අද ටෙලිනාට්‍යය නළු නිළියන් සිනමා හා වේදිකා නළු නිළියන්ට වඩා ජනප්‍රියයි.
අද රූපවාහිනි නාලිකාවල පෙන්වන්නේ මෙගා ටෙලි නාට්‍යය යි. මේවා කොටස් සියය ඉක්මවනවා. දිනපතාම පෙන්වනවා. ඉතිං උදේ හවස දකින කොට ඒ රූපය කෙනෙකුගේ හිතේ ඇදෙන්න පුළුවන්. ඔබ හරි. එහෙම හිතන කොට. අද සියල්ල මුල්‍යකරණය වෙලා. ඒ මත සිද්ධ වෙන බොහෝ නිර්මාණ හා ඊට දායකවන්නන් ක්ෂණිකව ක්‍රියාකරන දේවල්. අද හැම තැනම නළු නිලිsයෝ ඒත් එදා එහෙම නැහැ. එදත් අමරසිsරි කලංසූරිය වැනි අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් බස් වල ගමන් කරා. ඔවුන් නිහතමානීව මහජනතාව සමග කටයුතු කළා. ජෝතිපාල වැනි ගායකයන් මහජනයා එක්ක සමීපව කටයුතු කළා. එදා ඔවුන්ගේ ජනප්‍රියත්වය යි අද ඔබ කියන නළු නිලියන්ගේ ජනප්‍රියත්වය යි පැහැදිලිව දැකිය හැකියි. ඒ නිසා නියම ජනප්‍රියත්වය කියන්නේ මොකක්ද කියලා අපි වටහා ගත යුතුයි.
ඔබේ නවතම නාට්‍යය නිර්මාණයට දායක වූවන් ගැන කතා කළොත්.
අද වාගේ දවසක ඇන්ටිගනී, ආරියවංශ රණවීරගේ පරිවර්තනයක්. එහි රංගනය විශ්වජිත් ගුණසේකර , ප්‍රසාදිනි අතපත්තු ඖෂධී වික්‍රමසිංහ, ප්‍රියන්ත සිරි කුමාර , කෞෂල්‍යා මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, සමාධි ලක්සිරි, සමන් මලලසේකර, නලින් ලුසේනා , සංගීතය ප්‍රමිත් දහනායක, පසුතල නිර්මාණය වසන්ත වැලි අංග, ඇදුම් නිර්මාණය හර්ෂිකා රත්නායක, ආදීන් දායක වෙනවා.
සුගත් ශාන්ත මොරගහකුඹුර
ඡායා - සුජාතා ජයරත්න
Archives
-
▼
2010
(172)
-
▼
July
(53)
- හොඳ රස වින්දනයක් ලබා දීම අපේ අරමුණයි
- නිවේදකයකුට හොඳ හඬක් සහ චතුර බවක් තිබිය යුතුයි
- Three ‘Best Play’ winners come alive at the Wendt
- රාජගිරියේ බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙල 28 වැනිදා සිට
- හම්බන්තොට ජාතික පාසලට ‘හරි අපූරු දවසක්’ එයි
- Black Box Theater Festival [ II ]
- Black Box Theater Festival [ I ]
- ප්‍රවීණ නාට්‍ය ශිල්පි රාජිත දිසානායක
- කවුරු කොහොම කිව්වත් අදටත් ජනතාවට සමීප වේදිකාව සහ ස...
- විනිශ්චය ගැන කියන්න බැරි නම් විනිශ්චයකරුවන් කුමටද?
- රජරට වැසියන්ගේ කතාව "සඳගිරපව්ව"
- බොඳ මීදුම් රූ ගැන්වේ
- දයාත් එක්ක ගෙවපු ජීවිතය මට සදා අමරණීයයි
- රූකාන්තගේ දුව චිත්‍රපට රංගනයට
- මගෝ ඩිගො ඩයි නැවත
- මෙරංගා කලා ආයතනයේ නර්තන පාඨමාලාවට අයැදුම්පත් භාරගැනේ
- අරකාවිල නර්තන පදනමේ පාඨමාලාවන්ට අයැදුම්පත් කැඳවේ
- ශේක්ස්පියර් කේන්ද්‍රයේ නාට්‍ය වැඩමුළුවක්
- ප්‍රියංකර රත්නායකගෙන් - අද වගේ දවසක ඇන්ටිගනී
- ඇන්ටිගනී........ලගයි බලන්න එන්න හැමෝම
- ශේෂා පලිහක්කාර
- අද කාලේ අය දන්නවද මූ. අරුක්ගොඩ ගැන...???
- හදිසි අනතුර ඉරණම විසඳන්න දෙවියෝ දුන්න තෑග්ගක්
- එළඹෙන අගෝස්තුව වන විට ඉරහඳ ය
- දිල්හානි හිමාලි සහ නිරෝෂාත් සඳළියෙන් සමුගනී
- ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්
- ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ ‘මකරා’
- පූජා නමින් ටෙලි නාට්‍යයක් කාංචනා යළි රංගන චාරිකාවේ
- ආදරේට පෝර..........
- ආදරණීය ජෝති
- ‘වේදිකාවේ අසඩක්’
- සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී
- ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සිය දැනුම බෙදයි
- නාට්‍ය කලා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි
- ලයිලා
- අපේ සමහර ඇත්තෝ ඉන්නවා...........
- නිදහස් රංගකලා සාමූහිකය Blog ලෝකයට පිවිසේ
- හෙන්රි ජයසේන නාට්‍ය උළෙල ලුම්බිනියේදී......
- to ROCK your musical soul and break your heart
- ඒ ගොල්ලො ප්රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි
- රාවන් - Raavan Film - Article
- රාවන් - Raavan Film Trailer
- ඔබේ නම අමරණීයයි
- ධර්මප්‍රිය විශිෂ්ටයි
- මංගලිකාට සුබ පැතුමක්
- බල්ලොත් එක්ක බෑ - රවීන්ද්‍ර ආරියරත්න
- නාට්‍ය තරගයට අයැදුම්පත් කැඳවයි
- රුහුණු විස්කම් ජුලි 14 සිට 16 දක්වා
- අපේම නාට්‍ය බිහිකරන්න නම් අනුන්ගේ නාට්‍ය රස විඳිය ...
- කූඩුවට එනකං, පෙම් යුවලක් සහ පෙම් යුවලක්, අත්තානං
- රැප් යනු අපි‍්‍රකානු වහලුන්ගේ සටන් පාඨයක්
- නාට්‍ය ගී පෙම් බඳින්නන්ට "මනොරම්‍ය ගී"
- SHADOWS OF SILENCE by Pradeepan Raveendran
-
▼
July
(53)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
President Reviews CBSL Salary Hike Decision - In a country where the average monthly household income is modest, the CBSL staff’s proposed salary hike surprises many. President Ranil Wickremesinghe, al...3 months ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
-
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...16 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-
#10 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස12 years ago
-
අපේ ලෝකය....13 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
-
-
-
-
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
-
-
-
-
-
-
-
-
-
-
RADIO
කවුරු කොහොම කිව්වත් අදටත් ජනතාවට සමීප වේදිකාව සහ සිනමාවයි
Thursday, July 22, 2010සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:55 PM
Labels: ජීවිත විත්ති, පුවත්, වේදිකාව
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment