----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සාරංග-උමාලි

Saturday, April 19, 2014

මංගලම්...   සුබ මංගලම්...

සාරංග-උමාලි අතිනත ගත්දා...

නව පරපුරේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහ මංගල්‍යයය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවාහයට අත්සන් තැබූ අතර කැමරා නෙතට හසුවූ විවාහ මංගල්‍යයේ ‍සුන්දර අවස්ථා කීපයකි මේ.
READ MORE - සාරංග-උමාලි

මට වෙලාවක් නෑ

නළු නිළියන් ආශ්‍රයට මට වෙලාවක් නෑ

මධ්‍යම පළාත් මහ ඇමැති
සරත් ඒකනායක
දේශපාලනඥයකුට වගකීම් බොහෝය. එසේම කලාකරුවන්ට ද ඇතිවන්නේ ලේසි පහසු ප්‍රශ්න නොවේ. එසේ තිබියදී දේශපාලනඥයින් කලාවට යොමුවීම දැකිය හැකිය. එයට හේතුව සෑම මිනිසකු තුළම පාහේ අප හඳුනන මෙන්ම නාඳුනන කලාකරුවකු සිටිනා නිසාය. ‘කලාකාර ඇමැති’ විශේෂාංගය අද වෙන්වන්නේ එවන් කලා හැකියාවන් ඇති මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ කලා සිතුවිලි විමසන්නටයි.
ඔබට කලාකරුවෙක් ලෙස ඇමතුවොත්?
මම හරිම කැමැතියි.
ඇයි ඒ?
මම ඇත්තෙන්ම කලාකරුවෙක් නිසා, අනෙක මම කලාවට ළැදි නිසා.
කලා අංශයට ඔබ යොමු වුණේ?
කුඩා කාලේ ඉඳන්ම. පාසලේ කලා කටයුතු ගැන අමතක කරන්න බෑ. අනෙක් ඒවා සිහිපත් නොකළත් ගීත ගායනයට යොමු වුණ බව නොකියාම බෑ. කැලණිය ධර්මාලෝක විදුහලේ මා එක්ක ප්‍රවීණ ගායකයකු වන සුනිල් එදිරිසිංහත් ඉගෙන ගත්තා. පද්‍ය ගද්‍ය රචනා තරගවලදීත් නාට්‍යවලිනුත් අපි විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටියා. ජයග්‍රහණය කළා.
ප්‍රධාන චරිතයක් ලෙස කරළියට නොආවාට නාට්‍යවල කටයුතු කළා. ඊට පසු ප්‍රධාන වශයෙන් කලාවට යොමු වුණේ මීරිගම ගුරු විද්‍යාලයේදී “වාරුවෙන් යන මිනිස්සු” කියලා නෙවිල් ඩයස් සුබසිංහ නම් උසස් කලාකරුවාගේ නාට්‍යයකින් තමයි අපි ප්‍රසිද්ධ වේදිකාවට ආවේ.
අපි කීවේ?
ජැක්සන් ඇන්තනි ඔහුගේ බිරිය කුමාරි, ජයන්ත චන්ද්‍රසිරි ඔය වගේ පිරිසක් ඒ නාට්‍යයෙන් පටන්ගත්තේ.
දිගටම ඒ ගමන නොගියේ?
මගේ සිහිනයක් තිබුණා ඉංජිනේරු අංශයෙන් ඉහළටම යන්න. ඒ නිසා මට අධ්‍යාපනය සඳහා අවුරුදු 8 ක් පමණ විදේශගත වන්න සිදුවුණා.
ඔබ නාට්‍ය උලෙළ සඳහා තරගවැදී නැද්ද?
සම්බන්ධ වුණා. 1980 යොවුන් නාට්‍ය උලෙළට ඉදිරිපත්ව සම්මාන ලැබූ “මානවයෝ” නාට්‍යයට මම සම්බන්ධ වුණා.
ඔබට සම්මාන ලැබුණේ නැද්ද?
නෑ. අපි හැම විටම වගේ කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වුණේ.
පිටරට ගියාට පසු කලාව කැලෑවට ගියා ද?
අපෝ නෑ. නෝර්වේ රටේ ඉගෙන ගන්න අතරේ තමයි අපි ‘නෝර්වේ - සිංහල ශ්‍රී ලංකා සංගමය පිහිටුවා ගත්තේ. එහෙදි මම හොඳ නළුවෙක් වගේම ගායකයෙක්
මෙහෙදී?
මෙහෙදි ටෙලි නාට්‍ය කීපයක තාත්තාගේ චරිතය එහෙම රඟපාලා තිබෙනවා. ‘රෝස අසපුව’ ටෙලි නාට්‍යයේ මගේ බිරියගේ චරිතය කළේ චිත්‍රා වරකාගොඩ මහත්මිය. ඒ අතර ගායන කටයුතුවල වගේම, ‘හද්දින්නත් තරු’, ‘චැට් ඇන්ඩ් මියුසික්’ වගේ වැඩසටහන්වලටත් සහභාගි වෙලා තිබෙනවා. ඒත් දේශපාලන කටයුතුවලට කාලය ගත වුණාම කලාවට යොමුවන්න කාලය හරස් වනවා.
ඔබ නිතර ගායනා කරන්න කැමැති කාගේ ගීත ද?
ඇත්තෙන්ම ගායකයාට වඩා ගීතවලටයි ප්‍රමුඛතාව දෙන්නේ. නිතරම ගයන්න කැමතියි මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා කඳුළු කතාවේ. සැඳෑ අඳුර ලොව, වගේ ගීත. ඒ වගේම ගායකයන් අතරින් පණ්ඩිත් අමරදේවයන්ට, සමකාලීන මිතුරු සුනිල් එදිරිසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක, සෝමතිලක ජයමහ ඊට පසු පරපුරෙන් කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයන් තව බොහෝ දෙනකුට කැමැතියි.
ගායිකාවන්?
නන්දා මාලනියගේ හඬ අපට අමතක කරන්න බෑ. පැරැණි පරපුරෙන් ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි අයගේ ගීතත් මගේ සිත්ගෙන තිබෙනවා. මෑත යුගයේ දීපිකා ප්‍රියදර්ශනී වැනි ගායිකාවන් මගේ සිතට දැනෙන අයුරින් ගීත ගයනවා.
ඔබේම ගීත එකතුවක් කරන්න සිතුණේ නැද්ද?
පසුගිය දිනවල මගේම ගීතයක් පටිගත කළා. එයට තවත් ගීත කීපයක්. මගේ උපන් ගමේ, මාතලේ දක්ෂයින්ගෙන් එකතු කරලා රූප රචනා කරලා තව මාස තුන හතරකින් එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ.
පොත් කියවීමටත් ඔබ රුසියෙක් ද?
මගේ වාහනේ අනිවාර්යයෙන්ම පොත් දෙක තුනක් තිබෙනවා. සාමාන්‍යයෙන් මම කැමැති චරිත කතා කියවන්න. මොකද ඒවායින් අපේ ජීවිතයට ගත හැකි දේ බොහෝයි. ළඟදී මම ආශාවෙන් කියැවූයේ “වාරීස් ඩයරි” කියලා සෝමාලියාවේ ඈත දුෂ්කර ගමක ඉඳලා ඇවිත් ලෝකේ ප්‍රධාන පෙළේ නිරූපණ ශිල්පිනියක වුණ ආකාරය ගැන ලියූ ජීවිත කතාව. ඉස්සර නම් මම නවකතා බොහොමයක් කියෙව්වා.
ඔබ පොත් ලියනව ද?
මම පොත් කීපයක් ලියන්න ආරම්භ කළා. එකක් නම් “නිදහස් සිතුවිලි” අවුරුදු නවයකට පමණ කලින් එළිදැක්වූ මානව හිමිකම් පිළිබඳ පොතක්. අනෙක් ඒවා නම් ඒ ඒ අවස්ථාවලට ගැළපෙන පරිදි දරුවන් දැනුම්වත් කිරීම ආදී අවශ්‍යතාවලට ලියු පොත් පිංච කීපයක්.
වර්තමාන නවකතා ගැන ඔබේ අදහස?
මට අද ලියන අය ගැන අගෞරව කරන්න අයිතියක් නෑ. කියවීමේ වැදගත්කම දැන් දැන් සමාජයට යනවා අඩුයි. පුවත්පතක් වුණත් කියවන්නේ මිනීමැරුම්, හොරු ඇල්ලීම් බලන්නනේ. නවකතාවට සුදුසු තැන ලැබිලා නෑ. ඒ නිසා අපි මධ්‍යම පළාතේ ලේඛකයන්ට ‘ලේඛක අත්වැල’ කියා වැඩසටහනක් අරඹා ඔවුන්ගේ පොත් මිලදී ගැනීම් ආදිය සඳහා උපකාර කරන වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.
චිත්‍රපට?
ඉස්සරනම් බැලුවා මෑතකදී නම් බැලුවේ නැහැ.
බැලුවේ නැද්ද? බලන්න තරම් එකක් තිබුණේ නැද්ද?
අවංකවම කීවොත් එහෙම ගැටලුවකුත් තිබෙනවා. උසස් මට්ටමේ හා ළමා චිත්‍රපට හෝ අපේ අභිමානය ගැන කියැවෙන චිත්‍රපට නම් කොහොමහරි වෙලාවක් හදාගෙන බලනවා. අනෙක රූපවාහිනී පෙට්ටියට ඇබ්බැහි වී සිටින ජනතාවගෙනුත් සිනමාවට සාධාරණයක් විය යුතුයි.
නළු නිළියන් අතරින් වඩා කැමැති?
ගාමිණී ෆොන්සේකාට , ජෝ අබේවික්‍රමට සම කරන්න, රුක්මණි දේවි, මාලනී ‍ෆොන්සේකාට සම කරන්න සසඳන්න අය නම් මම දන්නේ නෑ.
වර්තමාන නළු නිළියන්?
ඒ අය බොහෝ දෙනෙක් මම අඳුනනවා. නමුත් කිට්ටු ආශ්‍රයක් සඳහා වෙලාවක් නෑ. උත්සවයකදී වගේ කතා කළොත් පමණයි. කොහොම වුණත් ඒ අයටත් මම ගරු කරනවා. මොකද කලාවේ රැඳී සිටීමම අමාරු කාර්යයක් නිසා.
ඔබේ පවුලේ තව කලාකරුවන් සිටිනවා ද?
නන්දිමිත්‍ර ඒකනායක මගේ අයියා. ඔහු ටෙලි නාට්‍ය කීපයකම රඟපෑවා. ඒ හැර කවුරුත් නෑ.
ඔබේ බිරිය කලාවට සම්බන්ධ ද?
මදාරා කලාවට කැමැති වුණාට සම්බන්ධ නැහැ.
දරුවන්?
පුතා මිත්සුක තවම වයස 12 යි. පුතා නම් කලාවට කොයිතරම් යොමුවෙයි ද කියන්න බෑ. නමුත් දුව ඕෂිනී ශවින්දිකා. ජීව රසායන විද්‍යාව හදාරන්නේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක, ඇය ගියේ අන්තර්ජාතික පාසලකට එහිදී නම් උඩරට නැටුම් අංශයෙන් ජනප්‍රිය වුණා.
ඔබ සිතන ආකාරයට ඔබේ පවුලේ අය විශේෂයෙන් බිරිය කැමැති මහ ඇමැතිවරයාට ද? කලාකරුවකුට ද?
බිරිය දේශපාලනයට නම් කැමැති නෑ. ඒ නිසා මහ ඇමැති තනතුරට ඒ තරම් කැමැතියි කියන්න බෑ. හැබැයි කලාවට නම් කැමැතියි. ඒත් කලාකරුවකු වෙනවට කැමැති ද නම් දන්නේ නෑ.

http://www.silumina.lk/2014/04/06/_art.asp?fn=av1404062
READ MORE - මට වෙලාවක් නෑ

සිනමා ශාලා ධර්මශාලා බවට පත්වීමේ ආශ්චර්යය

Friday, April 18, 2014

මම මේ කළේ මහා පිංකමක්‌.කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්‌. මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර.මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්ම ශාලා බවට පත්වෙනවා.එවිට මේ ප්‍රේක්‍ෂකයෝ චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට එන්නේ ශ්‍රද්ධාව හිතේ ඇතිව. දළදා වහන්සේ කෙරෙහි අනේක වාරයක්‌ දැනුවත් වෙලා.

පැය දෙකකදී දළදා වහන්සේගේ ඓතිහාසික තොරතුරු නිර්මාණයක්‌ තුළින් මම ප්‍රදර්ශනය කරනවා. ඉතින් මම අපේ රටේ ප්‍රේ්ක්‍ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා.මේ චිත්‍රපටය නියම ගැමි සිංහලයෙක්‌ ලෙස බලන්න කියා.ඒකට හේතුව තමයි දළදා වහන්සේ කියන්නේ අපේ රටේ නිල නොලත් රජු ලෙසයි ගරු කරන්නේ.දළදා වහන්සේ ගැන ඇස්‌ දෙක වසාගෙන හිතුවත් පිං රැස්‌ වෙනවා.එහෙම නම් මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්‌ෂකයාට මොන තරම් නම් පිං රැස්‌කර ගන්න පුළුවන්ද.

---අධ්‍යක්‍ෂ- සිරි දළදා ගමනය

සිනමා අධ්‍යක්‍ෂවරයෙක් සතු දැණුම සිරි දළදා ගමනය අධ්‍යක්‍ෂවරයාගේ ඉහත සඳහන් ප‍්‍රකාශය තුලින් මැනවින් විග‍්‍රහ වේ. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදාමාලිගාවේ තැන්පපත් කිරීමෙන් පසුව මේ රටේ සුවහසක් ශ‍්‍රීලාංකිකයෝ මේ දන්තධාතූන් වහන්සේ ප‍්‍රදර්ශණය කරන කාලසීමාවන් වළදී වැළ නොකැඞී මෙය නරඹන්නට එන්නේ බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් විය යුතුය. මේ රටේ මේ වනවිටත් සිංහල බෞද්ධ ජනතාව මහනුවර දළදා මාලිිගාවෙන් මෙම දළදා වහන්සේ වැඳපුදාගෙන ඇතුවාට කිසිම සැකයක් නැත.

මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා දළදා වහන්සේ සිනමා ශාලා 50කට රැගෙන විත් තිබෙනවානම් ඒසිනමා පටයකින් මිස සැබැ දළදා වහන්සේ නෙවේ. ඉතින් මේ පිං ලබාගන්නට ජනතාව පොළඹවන්නේ මුදල් ගැරීමේ අපෙක්‍ෂාවෙන් මිසක සැබැ උවමනාවකින් නොවේ. මෙවැනි ගොං කතා කියා ජනතා රවටා බොරු භක්තියක් මවා පා මුදල් ගසා කැම මහත් ඵල මහා ආනිශංස නොව මහා පව්කාරකමකි.

ගැමි සිංහලයන් ගොනාට අන්දවන්නට මෙවැනි ප‍්‍රකාශ කළාට සිරි දළදාගමනය මේ රටේ ජනතාවගේ ගැමියන්ගේ සිංහල බෞද්ධකම රවටාලීමකි.

එක් ෆේස්බුක් සහෘදයෙකු විමසා තිබුනේ" බයිස්කෝප් මඩු ඉස්සරහ මල් වට්ටි විකිණීම/කොට ගවුම් ඇඳගෙන එන නැටිච්චියන්ට යටට ඇඳගන්න චීත්ත කෑලි කුලියට දීම/සෙරෙප්පුල සපත්තු පොඩි ගානක් අරං ආරස්සා කොරල දීම වගේ අමතර මාකටිං වැඩ කරල බයිස්කෝප්කාරයන්ට ගතමනාවක් හොයාගන්න වෙයි බොලල්ලා....ඕවැයි ඇතුළෙ තියෙන බාර් එහෙම වහන්න වෙන හංද.....ඇයි හිනා වෙන්නෙ.....දළදාවහන්සෙ වඩම්මද්දි බයිස්කෝප් මඩු ඇතුළෙ තියෙන බාර් වහන්නැද්ද....හික්ස්....හිකිස්...


බුදුන් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ මේ අධ්‍යක්‍ෂවරයා විිසින් සිනමා හෝල් 50කට කැන්දා ඇවිත් ඇති බැවින් මේ සිනමා ශාලා ධර්මශාලා බවට පත්වීම හේතුවෙන් මේ පාඨකයා විසින් කරන ලද ප‍්‍රකාශය විහිලූවක් ලෙස ගත හැකි නොවේ.

විවිධ බෞද්ධ සංවිධාන මේ පිළිබඳව වහා සිය අවධානය යොමුකළ යුතුව ඇත.

මේ තවත් ෆේස්බුක් පාඨක ප‍්‍රතිචාරයකි.

පින්වත් සනත් අබේසේකර මයා වෙත.
ඔබ විසින් නිමවන ලද'සිරි දළදා ගමනය'චිත්‍රපටය පිළිබඳවත් ඒ පිළීබඳව ඔබගේ ප්‍රකාශයනුත් මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය මයා විසින් ෆේස්බුක් සටහනක් ලෙස පළකල තිබී කියවීමි.
මෙවන් සද්කාර්යයක් කිරීමට, විශේෂයෙන් මෙවන් ග්‍රාම්‍ය වූත්, සරල හා නිරවුල් වූත් අවබෝධයකින්, දෙව්ලෝ සැප සම්පත් පතා, මෙවන් සද් කාර්යයක් කිරීමට වුවමනාව හා උනන්දුව මතු නොව, ඒ චින්තාව සාක්ෂාත් කරගැනීමේත් වරම ලැබුවකු අප අතර සිටීම පිළිබඳව අපේ නෙත් අගටත් කඳුලක් නැගෙයි.

ඒ අතරම සිතුනේ මේ නම් මේ උත්තම සිනමා සිත්තම, සිනමා හල්වලට සීමා කර දමා ඔබේ පින් කුසල් රැස්කර ගැනීමේ අවස්ථාවන් සීමා කර ගතයුතු කාලයක් නොවන බවයි.

මහත්මයාණනි, මේ වනවිට තුත්තුකුඩියේ සිට ග්‍රීන් ලන්තයේ හුදකලාම කෙළවරක පිහිටි නියාකොනැට් දක්වාම විහිදුනු අන්තර්ජාල සබදතාවලින් මිනිස් සංහතියම එකට බැඳී තිවේ.මේ මහා මිනිස් බුරුත්ත වෙතම,උන්ගේ ගෙවල්වල පරිඝණක තිර මතට, ලැප්ටොප්, ටැබ්ලට්, අයි ෆෝ, අයිපෑඩ් ආදී නානා ප්‍රකාර නම් වලින් හැඳින්වෙන යන්තර තිර මතට මහානුභාව සම්පන්න දළදා හාමුදුරුවන් වැඩම වීමේ භාග්‍යයත් ඔබට තිබේ.

කරන්න තියෙන්නේ චිත්‍රපටියේ කොපියක් යූ ටියුබ් එකට ‍හෝ වෙන යම් ටියුබ් එකක දමා ෆේස් බුක් එකේ ලින්ක් එකක් දැමීමම විතරය.
මේ ටික කිරීම නම් මට සිතෙන පරිදි නිරනුමානයෙන්ම මතු බුදුවන වරම් ලබන තරමේ පිනකි. මේ ගැනත් සලකා බලත්වායි අයදිමින් නවතිමි.

මේ සනත් අබේසේකර ගේ ආශ්චර්යමත් ප‍්‍රකාශයන්ය.

දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා, පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක්‌ කළා. ඒත් එදා රෑ නින්දේදී කිසියම් අදෘශ්‍යමාන බලවේගයක්‌ ඇවිත් සිහිනෙන් වගේ ,මේක කරන්න දෙන්න බෑ.....කියා කිව්වා. මම පසුදාම පූජ්‍ය එල්ලාවල හාමුදුරුවන්ට මේ බව කිව්වා.උන්වහන්සේ උපදෙස්‌ දුන්නා, ආයෙත් දළදා මාලිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්‌ද වූ වරද කියා අහන්න කියලා. එදායින් පසුව හැම සිද්ධියක්‌ම ආශ්චර්යයක්‌ වගේ. හිතාගන්න බැරි විදිහට මට දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක්‌ ලැබුණා.මම දඹදිව ගියා, එතනදී තවත් ආශ්චර්යයක්‌ වුණා.ස්‌විට්‌සර්ලන්්තයේ මහත්මයෙක්‌ එහිදී මට හමුවුණා.ඔහු හිමාලයට යමින් හිටියේ.ඔහු මා සමග කතා කළා. දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්‌ථාන සියල්ලම නරඹන්න ඔහු ඔහුගේ වියදමෙන් මාව ගෙන ගියා.මට කන්න බොන්න දීලා නවාතැන් පහසුකම් පවා සලසා දුන්නා.මේ ගමනේදී මට ධාතු වංශයේ තිබූ සියලුම තොරතුරු හා ස්‌ථාන දැක බලාගත හැකි වුණා.බ්‍රහ්මදත්ත මාලිගාව මම දැක්‌කා. එහි ඡායාරූප අරගෙන ඇවිත් මිහින්තලේ දී ඒ මාලිගාව මම හැදුවා.මම යළිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් මට පිංවන්ත නිෂ්පාදකයෙක්‌ ලැබේවා කියා ප්‍රාර්ථනා කළා.එදාට පසුදා මට අරලියගහ මන්දිරයට යන්න සිදු වුණා.

මම බලාපොරොත්තු වුණා පිංවන්ත නළු නිළි පිරිසක්‌.අපිට එහෙම අය සොයා ගැනීම අපහසුනේ.ඒත් චිත්‍රපටය කෙරෙන කාලය තුළදී ඒ සඳහා පේවෙලා දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න හැම කෙනෙක්‌ම එකඟ වුණා.

ජීවන් කුමාරතුංගmගීතා කුමාරසිංහල, ශ්‍රියන්ත මෙන්ඩිස්‌ල, මාක්‌ සැම්සන් වැනි ප්‍රවීණයෝත් බොහෝ් සේ කැපවුණා.හැම කෙනෙක්‌ම තමන්ට හිමි දේ කළා.

මෙවැනි ප‍්‍රකාශ පුවත් පත් තුළින් පළවීමෙන් පසු මේවා කියවන පාඨකයන් පවසනා දේවල් අසන්නට හැකිනම් කොතරම් වටිනාවාද යන්න මේ සිනමා පටයේ අධ්‍යක්‍ෂවරයාට තේරුම් ගත හැකිවනු ඇත.

'මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා.මේ චිත්‍රපටය නියම ගැමි සිංහලයෙක්‌ ලෙස බලන්න' කියා අධ්‍යක්‍ෂවරයා ඉල්ලා .ිබිණ. මේ නිසා වන්නට ඇත පහත සඳහන් ප‍්‍රතිචාර මේ ආකාරයෙන් ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබුනේ .

'ඊයේ මම දැක්කා ලිබර්ටි සිනමා අසළ කොල්ලුපිටියේ සුදු වතින් සැරසුණු උපාසකම්මලා මේ දහා ජරා ඉතිහාස විකෘතිය බලන්න පෝලිමේ . මේ රටට දේශප්‍රේමයේ නාමයෙන් කර ඇති විනාසය කොපමනද කියා මූගේ මේ කතාවෙන්ම සක්සුදක් සේ පේනවා .අනේ මේ උපාසකම්මලා අර රීගල් එකේ තිබෙන' සැමීගේ කතාව' බැළුවා නම් දුකක් නෑ.ගෑණුන්ට ගහන ගංජා උරන මදු මාධව හාමුදුරු නමක් වගේ ඇඳන් .විපක්ශයේ එකෙක් එහෙම හිටියා නම් මේ ඡන්දේ කාලේ චිත්‍රපටය තහනම් .

මේ සිනමා නිර්මාණයේ ගීතා ක-මාරසිංහ සහ මධුමාධව අරවින්දද රංගනයේ යෙදෙති. මේ දෙදෙනාම මෙවර පලාත්සභා ජන්දයේ තරග කරති. මේ අය මෙසේ සිනමා ශාලාවල ඉන්නා විට අනාර්කලී දැරිවිය ස්වර්ණවාහිනී වෙළඳ දැන්වීමක නිතරෝම පේනනට සිටින්නේ මොකද්ද ඇහුවොත් සල්ලි තමා කියමිණි.

සිරි දළදා ගමනය ට ආශ්චර්යමත් ලෙස නිසෂ්පාදකයන්ද නළු නිලියන්ද සියල්ලට ලැබී ඇත. ඒ නිසා මෙය මේ වනවිට කොළඹ ඇතුළු සිනමාශාලා 50ක ප‍්‍රදර්ශණය වෙමින් පතී. මෙය අනිවාර්්යයයෙන්ම වෙසක් පෝය කලාය අහවර වී පොසොන් පෝය ලබන තුරුද ප‍්‍රදර්ශණය වනු ඇත. සමහරවිට දළදා පෙරහැර කරණ අගෝස්තු මාසය වනතතරුද මේ සිනමාශාලා වල ප‍්‍රදර්ශණය වනු ඇත. මේ රටේ සිනමාව යනුවෙන් වර්ධනය වෙමින් පවතින මේ ආකාරයේ ප්‍රෝඩාකාරී සිනමාව ට තිත තැබිය යුතුය. මේ අධ්‍යක්‍ෂවරයා මේ වනවිට අනගාරික ධර්මපාල කතා වස්තුවද නිර්මාණය කොට අහවරය. එය මේ වනවිට අරලිය ගහමන්දිරයේ අධීක්‍ෂණයට හසුෙමින් පවතින බවද දැනගන්නට ලැබී ඇත. කෙසේවුවද මේ සිනමා රැල්ල වහාම වෙනත් දිශානතියකට හරවා මේ රටේ සිනමා පේ‍්‍රක්‍ෂකයන් ගොනාට ඇන්දවීම වහාම වෙනස් කළ යුතුව ඇත .

'මගේ මූලික හරය තමයිල දළදා වහන්සේගේ ආශ්චර්යය රටට ප්‍රකාශ කිරීම.මේ චිත්‍රපටය නැරැඹීමෙන් මිනිස්‌ හදවත් ශ්‍රද්ධාවටත්ල ආනන්දයෙන් ප්‍රඥවටත් පත්වේවි කියා මට විශ්වාසයි.රාග, ද්වේශ, මෝහ අවුස්‌සන රංගනයන් සහ නිර්මාණ ඉදිරිපත් කළොත් එය කල්ප ගණනාවක්‌ සතර අපායේ දුක්‌ විඳින්න හේතුවක්‌ වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ වගේම කිසියම් නිර්මාණයකින් ශ්‍රද්ධාවත්ල ආනන්දය හා ප්‍රඥවත් ලබා දෙනවා නම් ඒ නිර්මාණකරුවන් කල්ප ගණනක්‌ දිව්‍ය ලෝකයේ සැප විඳිනවා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඒ අනුව මම මේ කළේ මහා පිංකමක්‌.කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්'.

මේ වනවිට ලංකාවේ රහත් බව ලැබිය හැකි පාඨමාලා ආරම්භ වී තිබෙන බව දැනගන්නට ලැබී ඇත. ඒ පිටිදූවේ සිරිධම්ම හාමුදරුවෝ ගේ ප‍්‍රධානත්වයෙනි. ඒ අතර දළදා වහන්සේ සිනමා ශාලා වලට වඩම්මා ඒවාධර්මශාලා බවට පත්කර තිබේ. තව ටික කලකින් ශ‍්‍රී පාදස්ථානයේ සිරිපතුල ද සිනමාශාලාවල්වලට වඩම්මනු නොඅනුමානය. එවිට සමනළ කන්ද තරණය කර මහන්සි විය යුතු වන්නේද නැත.

ආශ්චර්ය නම් සියල්ල විනාඩි වලින් මනින රටක් බවට සියල්ල පත්වීමය. මන්ද දැන් අධිවේගී මාර්ක සැම තැනම ඉදිවෙන බැවින් ඒවා යෙහි දුර පවස්නන්ට සැතපුම් අනවශයය. ගැමි වහරින් හූ වක දුර අසන්නට උවමනාවක් නැත. ඇසිය යුත්තේ විනාඩි කීයද පැය කීයද යන්න පමණි. සංවර්ධනය වූ රටවල පාරක දුර අසන්නේ විනාඩි වළිනි. ඉතින් නුදුරේදිම දළදා වඳින්න යන්න ඕනේ මොන හෝල් එකටද? සිරිපතුල වඳින්න යන්නෙ ඕනෙ මොන හෝල් එකටද ආදී වශයෙන් ඇසීමට ඔබට සිදුවනු ඇත. මේ ආශ්චර්යකරා පිය මණින ශ‍්‍රී ලංකාවේ දියුණුවයි. තව මොනවා ඉදිරියට සිදුවේද යන්න දන්නේ අර විකාර හීනෙන් පේන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන්ටමය.

මෙවන් ප‍්‍රකාශ තුළින් මේ සිනමා අධ්‍යක්‍ෂවරයා හඳුනාගගැනීමටත් ඔහුගේ නිර්මාණ හඳුනාගැනීමටත් අපි බුද්ධිමත් පාඨකයිින්ට ආරාධනා කරමු.

http://mirrorarts.lk/
READ MORE - සිනමා ශාලා ධර්මශාලා බවට පත්වීමේ ආශ්චර්යය

අද තියෙන්නෙ ඉතිහාසය විකුනගෙන කන තක්‌කඩින්ගේ සිනමාවක්‌


ප්‍රසන්න විතානගේ ලාංකීය රසික ජනයාට අලුතින් හඳුන්වා දිය යුත්තෙක්‌ නොවේ. පුත්‍ර සමාගම, ද්විත්ව, අවි යන නාට්‍යවල අධ්‍යක්‍ෂවරයා මෙන්ම සිසිල ගිනි ගනී, ඉර මැදියම,පුරහඳ කළුවර,පවුරු වළලු, ආකාශ කුසුම් වැනි ප්‍රබුද්ධ චිත්‍රපටවල නිර්මාපකයා ද ඔහුය.එම නිර්මාණ වෙනුවෙන් දේශීය හා විදේශීය වශයෙන් සම්මානයෙන් පිදුම් ලද ප්‍රසන්න ලාංකීය සිනමාවට නව මුහුණුවරක්‌ හඳුන්වා දෙන්නට උත්සුක වූ අධ්‍යක්‍ෂවරුන් අතර කැපී පෙනෙන සිනමාකරුවෙකි.


කලාකරුවකු වීමට ඔබට පසුබිම සකස්‌ වුණු අතීතයට එබී බලන්න අපි කැමැතියි.

මම පවුලේ එකම දරුවාග ඒ නිසා කුඩා කල සිටම මම හැදුණේ තනිවම.මට සෙල්ලම් කරන්න කවුරුවත් හිටියෙ නෑ. මගේ මේ හුදෙකලාව මකන්න මගේ මවුපිය දෙදෙනා මට නිතර ළමා පොත් ගෙනැත් දුන්නා. මා ගෙදරින් පිටතට ඇදී යනවා වෙනුවට ගෙතුළ සිට කියවන ළමයෙකු බවට පත්වුණා.

ටිකක්‌ වැඩිවියට පත්වෙද්දී ඩබ්. ඒ. සිල්වාගේ නවකතාවලින් මා ආශ්වාදය ලැබුවා. නමුත් මගේ මනස පරිණත කරනු ලැබුවේ මාර්ටින් වික්‍රමසිංහ. ළමා වියේ සිටම මා සිත විශ්මයට පත්කළ වචනයක්‌ තමයි කර්තෘ කියන වචනය. පොතක කර්තෘ කියන තැනැත්තා අති විශාල මිනිසකු ලෙස මට දැනෙන්න පටන් ගත්තා. ඔහු මහා මෙහෙයුම්කරුවකු ලෙස මට හැඟී ගියා. පසු කලෙක මා පොත් කර්තෘ කෙනකු නොවූවත් වෙනත් මාධ්‍යයන් ඔස්‌සේ"කර්තෘ" කෙනකු වීමට පොතක කර්තෘ යන යෙදුම මට විශාල බලපෑමක්‌ කළා යෑයි කියන්න පුළුවන්.

ඒ එක්‌කම මට බලපෑ අනිත් පුද්ගලයා මගේ පියා.ඔහු හොඳ සිනමා රසිකයෙක්‌. සාමාන්‍යයෙන් සති අන්තයේ එන අලුත් සිංහල චිත්‍රපටය බලන්න ඔහු මාව නොවරදවාම එක්‌කගෙන ගියා.ඒ වගේම කුඩා කාලයේදීම මට ,මනමේ, බලන්න ලැබුණාග ඒකත් ලොකු ආශ්වාදයක්‌ සැපයුවා.ඒ කාලෙ බලාපු චිත්‍රපට අතරින් මගේ මනස වෙනස්‌ කළේ 'අහස්‌ ගව්ව'. ඒ කාලෙ අපි විජය කුමාරතුංගට ආස කළා. නමුත් අහස්‌ ගව්වෙ විජය කුමාරතුංග වෙනස්‌ කෙනෙක්‌ග සිනමාවේ වෙනස්‌ දිශානතියක්‌ අහස්‌ ගව්ව අපට පෙන්නුම් කළා.

නමුත් ඔබ ජීවිතය ආරම්භ කරන්නේ නාට්‍යකරුවෙක්‌ විදියට

මට 1981 දී ජයලත් මනෝරත්න හමුවෙනවා. මම ගියේ ඔහුගේ කෙටි කතාවකින් කෙටි චිත්‍රපටයක්‌ හදන්න.ඒ මිත්‍රත්වය තමයි මගේ නාට්‍ය ජීවිතයේ ආරම්භය. මනෝ මට කිව්ව හොඳ පරිවර්තන පිටපතක්‌ කරල දෙන්න කියල. ඒ අනුව මම පරිවර්තනයක්‌ කරනවා'පුත්‍ර සමාගම'නමින්. මනෝ වේදිකාගත කළේ ඒ නාට්‍යය.

මට මේ ක්‌ෂේත්‍රයට පිවිසෙන්න ඒ විදියට අත දිගු කළ මිනිසුන් අතරේ මගේ ජීවිතයට බෙහෙවින් බලපෑ පුද්ගලයකු කියවන්න ලැබුණා. ඒ තමයි ස්‌ටැනිස්‌ලවුස්‌කි. ඔහු නළු නිළියන්ගේ රංගනයල නාට්‍යයක්‌ ඉදිරිපත් කිරීමේ විලාසය ගැන අලුත්ම අදහස්‌ ඉදිරිපත් කළ කෙනෙක්‌.ඇත්තටම මම හිතනවා,නළු නිළියන්, අධ්‍යක්‍ෂවරුන් ස්‌ටැනිස්‌ ලොව්ස්‌කි කියෑවිය යුතුයි කියලා. මගේම පරිවර්තනයක්‌ ලෙස මගේ නිෂ්පාදනයක්‌ ලෙසට'අවි'නාට්‍යය එන්නේ ඒ අතරෙයි. හැබැයි අමතක කළ නොහැකියි  ටෝනි රණසිංහ. ඔහු ළඟ තිබුණු පොතපත, ඔහු මට නොමසුරුව දුන්නා. ඒ අනුව මා දැනුවත් කළ එක සාධකයක්‌ ටෝනි.

නමුත් ඔබ ඉක්‌මනින් සිනමාවට මාරු වෙනවාග සුගතපාල ද සිල්වා වැනි බොහෝ නාට්‍යකරුවෝ නාට්‍ය කලාවේම රැඳී සිටියා මිස සිනමාවට ගියේ නැහැ.

ඔවුන් නාට්‍ය රචකයෝ. මම නාට්‍ය රචකයෙක්‌ නෙමෙයි. මගේ ළමා වියේ සිහිනය තමයි හැම විටම ඉස්‌මතු වුණේ. රූපවලින් කතාන්දරයක්‌ කීමේ ආශාව මා තුළ තිබුණා. කොටින්ම කීවොත් කර්තෘ කෙනෙක්‌ වීමේ නොහොත්'සිනමා කර්තෘ' කෙනෙක්‌ වීමේ ආශාව මා තුළ තිබුණා. ඊරියගොල්ල පරිවර්තනය කළ මනුතාපය, ඇලෙක්‌සැන්ඩර් ඩූමාගේ කළු දල මල වගේ පොත් මා තුළ කතා රසය දල්වා තිබුණා. සිනමාකරුවෙක්‌ වීම පිටුපස කියෑවීම ඉතා වැදගත් වූ බවයි, මා කියන්න උත්සාහ කරන්නෙ.

රූපාවලියකින් කතාවක්‌ කියාගෙන යැම තමයි සිනමාව කියන්නෙ. නමුත් සිනමාත්මක භාෂාවක්‌ තිබේය කියන එකයි විද්වත් මතය  ඔබේ විග්‍රහය කුමක්‌ද?

අඳුරු ශාලාවක අප දකින්නෙ තිරය මත රූපාවලියක්‌. ඒ රූපවලින් අපි රසයක්‌ ලබනවා. නමුත් සිනමාව කියන්නෙ රූපවලින් එහා යමක්‌ ලබාදීම. ඒ සඳහා මිනිස්‌ ජීවිතය ප්‍රති නිර්මාණය විය යුතුයි. ජීවිතය ගැන මටත් දෙයක්‌ කියන්න තියෙනව. එය කළ යුත්තේ රූපාවලියේ ඝට්‌ටනය වීමට සැලැස්‌වීමෙනුයි.නමුත් ඒකෙ මෙහෙම දෙයක්‌ තියෙනව. කෙනෙක්‌ චක්‍රයක්‌ කරකවනවා. ඊට පස්‌සෙ තව කෙනෙක්‌ චක්‍රයක්‌ කරකවනවා. මමත් චක්‍රයක්‌ කැරකෙව්වා. හැබැයි අපි හැමෝම චක්‍රය කරකවන්නෙ කලින් තැනැත්තා කරකවපු විදිය බලාගෙනයි. නමුත් කරකවන විදියේ වෙනස මත තමයි, අපූර්වත්වය රැඳිල තියෙන්නෙ. චිත්‍රපටයත් එහෙම තමයිග පුත්තු පියවරුන්ට ආදරෙයි. ගරු කරනවා. නමුත් පුතා තාත්තට වඩා වෙනස්‌ යමක්‌ කරන්න හදනවා.මම උත්සාහ කළෙත් පෙර අධ්‍යක්‍ෂවරුන්ට ගරුසරු දක්‌වමින් ඔවුන් නොකියූ මා තුළ තිබෙන දෙයක්‌ කීමටයි.

ඔබ ඇසූ ප්‍රශ්නයට මම එන්නම්. සිනමාවේ රසයක්‌ තිබෙනවා. සෑම කලා කෘතියකින්ම පළමුව රසය ජනනය කළ යුතුයි. සිනමාවේ රසය ජනනය වෙන්නෙ රූපයක්‌ තවත් රූපයක්‌ සමග ගැටීමෙන්. සංගීතයේ දී ස්‌වරයක්‌ තවත් ස්‌වරයක්‌ සමග ගැටීමෙන් තමයි  මිහිරි නාදයක්‌ හැදෙන්නෙ.මෙය වඩාත් පැහැදිලි කරන්න අකිරා කුරොසූසාවා වරක්‌ පැවසු කතාවක්‌ කියන්නම්.

විද්වතෙක්‌ කුරොසාවාගෙන් අහනවා, සිනමාව කියන්නෙ කුමක්‌ද කියල. එවිට කුරොසාවා කියනවා මගේ මුණුබුරෙකු ලියපු වාක්‍ය රචනාවක්‌ තියෙනවා. ඒක කියවන්න අවසර දෙන්න කියල.,"මගේ බල්ලාගේ නම ජිෆ්රි. මගේ බල්ලා වෙලාවකට මුවෙක්‌ වගේ අහිංසකයි. සමහර වෙලාවට නරියෙක්‌ වගේ කපටියි. වෙලාවකට හොර පූසෙකු වගෙයි. මේ විදියට මුණුබුරා සතුන් ගණනාවකට බල්ලා සමාන කරනවා. නමුත් මුණුබුරා රචනාව අවසන් කරන්නේ මගේ බල්ලා සමාන වන්නේ බල්ලෙකුටම පමණි'

සිනමාව තව එකකට ආදේශ කරන්න බැහැ.සිනමාව කියන්නෙ කතාන්දරයක්‌ රූපවලට දැමීම නෙමෙයි. රූපවලින් කතන්දරයක්‌ කීමයි සිනමාව කියන්නෙ. සිනමාවේ වේගය රූපයක්‌ තවත් රූපයක්‌ සමග ගැටෙන්නට සැලැස්‌වීම යෑයි අප කිව්වනෙ.ඒ ගැටුම තුළින් තමයි, අප තුළ තියුණු සංවේදනා පහළ වෙන්නෙ. සත්‍යජිත් රායි වැනි සිනමාවේදීන්ට හැකියාව තිබුණ, රූපවලින් අතිශය සංවේදී ලාලසාවක්‌ මතු කරන්න. ඒ දෙය කළේ දෙබස්‌වලින් නෙමෙයි. රූපවලින්.

නමුත් චෙක්‌, පෝලන්ත වැනි සිනමාකරුවන් භාවිත කරන්නෙ රායිට වඩා වෙනස්‌ ආඛ්‍යානයක්‌. මේ කොයි විදිහෙනුත් හොඳ සිනමාකරුවන් බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය ජීවිතය විමර්ශනය කිරීමයි. රායිගේ ලාලස සිනමා රිද්මය තුළිනුත් කළේ මනුෂ්‍ය ජීවිතය විවරණය කිරීමයි. නමුත් අපේ රටේ බොහෝ විට දක්‌නට ලැබුණේ කතාන්දයකට රූප දමා තිබීමයි.

අපේ තරුණ සිනමාකරුවන් ඇතැම් දෙනාගේ චිත්‍රපට විදේශ සිනමා උළෙල වලදී සම්මානයට පාත්‍ර වන මුත් ඒවා අපේ රට අවමානයට පත් කෙරෙන චිත්‍රපට විදියටයි හංවඩු ගැහෙන්නෙ. මෙහි සැබෑ අර්ථය ඔබ දකින්නේ කොහොමද?

එහෙම එදිරිවාදී ප්‍රකාශ කරන්නෙ බොහෝ විට දේශපාලනඥයො. මම විදේශීය සිනමා උළෙලවලින් සම්මාන ලබා තිබෙනව වගේම විදේශීය සිනමා ජූරි සභාවල විනිශ්චය මණ්‌ඩලවල හිඳගත් කෙනෙක්‌.සිනමා උළෙලක විනිශ්චයේ දී සලකා බලන්නෙ ඒ කෘතිය කොතෙක්‌ දුරට සිනමාත්මකද කියන කාරණාව පමණයි. ඒ කෘතිය අපේ ප්‍රඥව අවදි කිරීමට කෙතෙක්‌ දුරට සමත් වී තිබෙනවාද කියන කාරණාව තමයි, විනිශ්චයේ දී මූලික වන්නෙ.

මේ රට අවමානයට පත් කරන්නෙ මේ රටේ දේශපාලනඥයො මිසක්‌ සිනමාකරුවො නෙමෙයි. හොර තක්‌කඩිකම් කරන, නීතිය අවනීතිය බවට හරවන, දූෂණයේ යෙදෙන දේශපාලනඥයො තමයි, රට අවමානයට පත් කරන්නෙ. සිංහල,දෙමළ, මුස්‌ලිම් හැමෝටම මේ රටේ ජීවත් වීමේ මූලික අයිතියක්‌ තියෙනව. සෑම ජන වර්ගයකටම ඒ අයිතිවාසිකම අහිමි වෙනවා නම් එය හෙළිදරව් කිරීම රට අවමානයට පත් කිරීමක්‌ ලෙස කෙනෙක්‌ සලකන්න පුළුවන්. නමුත් රට කියන්නෙ දේශපාලනඥයෝ හෝ රට කරවන පාලකයා නෙමෙයි.

අමතක කරන්න එපා සත්‍යජිත් රායිටත් මේ චෝදනා එල්ල වුණා. ඒ චෝදනාව කළේ ඉන්දියාවෙ රාජ්‍ය සභාවෙ මන්ත්‍රීවරයෙක්‌. දේශපාලනඥයෙක්‌.ඔහු කීවා රායි කරන්නෙ ඉන්දියාවෙ දුප්පත්කම විකුණන් කන එක කියල. නමුත් රායිගෙ චිත්‍රපටවලින් අපට පෙනෙන්නෙ ඉන්දියානුවො දුප්පත්කමත් එක්‌ක කරන අරගලයයි.

උදාහරණයක්‌ විදියට මගේ'පුරහඳ කළුවර'ගනිමු. රට අවමානයට පත් කිරීමේ චෝදනාව ඒකටත් එල්ල වුණා. මගේ අභිප්‍රාය වුණේ මිනිසකුගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ උත්සාහයක යෙදෙන මිනිසෙකුගේ කතාව කියා පෑමයි. ඒ මිස රට අවමානයට ලක්‌කිරීම නෙමෙයි.

නමුත් ඒ චිත්‍රපටවලින් බොහෝ විට කියෑවුණේ සිංහල සොල්දාදුවන් දමිළ තරුණියන් දූෂණය කිරීම. සිවිල් ආරක්‍ෂකයන් තරුණියන් දූෂණය කිරීම වැනි දේවල්ග රටක ජන ජීවිතය, මනුෂ්‍ය ජීවිතය නිරූපණය කිරීමට වෙනත් ප්‍රස්‌තුත ඇත්තේම නැද්ද?

යුද්ධය කියන්නෙ මනුෂ්‍ය ජීවිත විනාශ කරන්නක්‌ වාගේම මිනිසුන්ගේ හෘදය සාක්‍ෂිය තුවාල කිරීමක්‌. මගේ 'ඉර මැදියම 'චිත්‍රපටයට විෂය වුණේ එල්.ටී.ටී.ඊ. ය විසින් පැය 24 ක්‌ ඇතුළත මුස්‌ලිම් මිනිසුන්ට සිය ගම් අත්හැර යන්නට නියෝග දීමේ තේමාව. එය ජාතියක්‌ වශයෙන් තෝරාගෙන ජාතියක්‌ ශුද්ධ කිරීමක්‌.අපි අද ලෝක සිනමාව හා සමාන්තර තත්ත්වයක ඉන්නව. ආසියානු සිනමාවෙ අපි වර්ධනීය තැනක ඉන්නව. පස්‌වැනි පරම්පරාවෙ සිනමා අධ්‍යක්‍ෂවරුන් විදියට අපි හොඳ ස්‌ථානයක්‌ ලැබ සිටිනවා.

මෙයින් අදහස්‌ වන්නේ කුමක්‌ද? චිත්‍රපටයක්‌ හෝ වෙන මොනයම් හෝ කලා කෘතියක අගය රැඳී පවතින්නෙ සම්මාන මත නෙමෙයි. කාලය මතයිග අදටත් කව් සිළුමිණ පවතින්නාක්‌ වාගේම නිධානයත් පවතිනව.සත්‍යය විනිවිද දැකීමට තිබෙන සමත්කම මතයි. කලාකරුවාගේ අගය තක්‌සේරු වන්නෙ. එහෙම නැතුව ඔහු ලබන සම්මාන මත නෙමෙයි.

ඉතිහාස කතා පුවත් කියන සිනමා රැල්ලක්‌ දැන් බිහිවෙමින් පවතිනවාග අපේ රටේ ඉතිහාසයල සංස්‌කෘතිය කියාපෑම වරදකැයි කිව හැකිද?

දිය හැකි කෙටිම පිළිතුර මෙය තක්‌කඩි ව්‍යාපාරයක්‌ බවයි. මේ කරන්නේ සිනමාව නෙමෙයි. මේ චිත්‍රපටවලින් කෙරෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මය යථාර්ථවත් ලෙස දැක්‌වීමක්‌ හෝ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්‌ නෙමෙයි. මේක තනිකර යෑපුම් මාර්ගයක්‌. ඉතිහාසයේ මුවාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ අනුමැතියත් මේ චිත්‍රපටකාරයො ලබා ගන්නව. රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනව. නමුත් මගේ විශ්වාසය නම් මේ ඉතිහාසය චිත්‍රපට ධාරාව වැඩි කලක්‌ යන්නට මත්තෙන් ජනතාව ප්‍රතික්‌ෂේප කරනව. ඒක වැඩි ඈතකට යන්නෙ නෑ. මේ කෙරෙන්නෙ ඉතිහාසය හෝ පුරාවෘත ඇසුරින් සිනමාත්මක කෘති නිර්මාණයක්‌ නෙමෙයි. පසුගිය කාලෙ සිනමා ශාලාවලට ප්‍රේක්‌ෂකයන්ගේ හිඟයක්‌ ඇතිවුණා. ඒ අඩුව පුරව ගන්න කරපු තක්‌කඩි ව්‍යාපාරයක්‌ මිස අන් කිසිදු යහපත් පරමාර්ථයක්‌ ඔවුන් තුළ නැහැ. ඉස්‌සර චිත්‍රපටවලට තිබුණේ රජයේ ප්‍රමිතිය. දැන් තියෙන්නෙ දේශපාලන ප්‍රමිතිය. මේ ඉතිහාස කතා දේශපාලන ප්‍රමිතියට අනුකූලයි. ඒ නිසා තක්‌කඩි ඉතිහාසකාරයෝ මේ අවස්‌ථාවෙන් උපරිම පල නෙළා ගන්නවා.

කලාව යන්නට ඔබ දෙන අර්ථකථනය කුමක්‌ද?

පළමුව ආශ්වාදය. ආශ්වාදය කලා කෘතියකින් ජනනය විය යුතුම දෙයක්‌. හැබැයි ඒ ආශ්වාදය හරහා ජීවිතය දෙස ආපසු හැරී බැලීමට පෙළඹවීමක්‌ තිබිය යුතුයි. තවත් වචනයකින් කිවහොත් ජීවිතය නැවත කියෑවීමට කැඩපතක්‌ ඇල්ලීමක්‌ විය යුතුයි. කලාකරුවෙක්‌ කියන වචනය හැමෝටම ගැලපෙන්නෙ නෑ. ඔහුට තමන් අභිබවා ගිහින් තමන්ට අනන්‍ය වූ යමක්‌ කියන්න හැකියාව තිබේ නම් පමණයි, ඔහු කලාකරුවෙක්‌ වෙන්නෙ. ඒ තාක්‌ දුර යා නොහැක්‌කා ශිල්පියෙක්‌ පමණයි.ෆයිට්, සින්දු, නැටුම් ,ජෝක්‌ස්‌වලින් සිනමාව දිව් කාලයක්‌ තිබුණෙ. නමුත් හින්දි සහ දෙමළ සිනමාව මේ රැල්ල ඉතා දියුණු ලෙස භාවිත කරනු දුටු අපේ රටේ ප්‍රේක්‍ෂකයාගෙන් ෆයිට්, නැටුම් ,සින්දු සිනමාවේ රසය ගිලිහී ගියා. ඒ වෙනුවට තමයි"මම රජෙක්‌ නෙමෙයි ගමේ කොල්ලෙක්‌"කියන තේමා රැල්ලක්‌ ආවෙ. නමුත් රැල්ලට චිත්‍රපට හැදීම කලාව නෙමෙයි. හොඳ කලාකරුවා රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනන්නෙක්‌.

නැවත ප්‍රේක්‍ෂකයන්ට ඔබ මුණ ගැසෙන්නේ කවදද?

මම ගොගොල්ගේ කෙටිකතාවක්‌ ඇසුරින්'ඔබ නැතිව ඔබ එක්‌ක'කියල චිත්‍රපටයක්‌ කළා. ඒක කළේ ඩිජිටල් තාක්‍ෂණය ඔස්‌සේ. නමුත් ලංකාවෙ සිනමාහල් තවම ඩිජිටල් තාක්‍ෂණයට අනුගතවෙලා නැහැ. ඒ නිසා'ඔබ නැතුව ඔබ එක්‌ක'තව කාලයක්‌ ප්‍රමාද වේවි.

සාකච්ඡා කළේ -
චන්ද්‍රසිරි දොඩන්ගොඩ

http://mirrorarts.lk/
READ MORE - අද තියෙන්නෙ ඉතිහාසය විකුනගෙන කන තක්‌කඩින්ගේ සිනමාවක්‌

මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

සුපිරි අන්දරේ අධ්‍යක්ෂ මිචෙල් ෆොන්සේකා
සැඩ සුළං, නෙතු පියෙන තුරා, වල්මත වූවෝ වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ මිචෙල් ෆොන්සේකා අද සිට තිරගත වීම ඇරැඹෙන සුපිරි අන්දරේ සිනමා සිතුවම සමඟ සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්විය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන එහි ටෙනිසන් කුරේ ද්විත්ව චරිත නිරූපණයක යෙදීම විශේෂත්වයකි. අධ්‍යක්ෂවරයකු වශයෙන් මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කොට සිනමාව භාවිතයට ගනිමින් නිර්මාණකරණයෙහි යෙදෙන්නට සූදානම් වන මිචෙල්ව අප සංවාදයකට කැඳ වූයේ සුපිරි අන්දරේ ප්‍රධාන නිමිත්ත බවට පත්කර ගනිමිනි.
* මිචෙල්, කොහොමද සුපිරි අන්දරේ නිර්මාණය කිරීම ඇරැඹුණේ?
මේ කතාව මුලින්ම මගේ හිතටයි ආවේ. මං ඒක මෙය රචනා කළ සරත්චන්ද්‍ර පත්තඬුවන සහ සෙනරත් පීරිස්ට කිව්වා. ඔවුන් ඉතාම රසවත් අන්දමින් මෙහි තිර පිටපත සකස් කළා. මට එතකොටත් නිෂ්පාදකවරුන් තිදෙනෙකු මෙය සඳහා වියදම් කරන්න හිටියා. ඒ අයටත් ඕනෑ වුණේ සෑම වයසකම ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරන්නට හැකි චිත්‍රපටයක් කිරීම.
* ඒත් සුපිරි අන්දරේ අන්තිම සරල චිත්‍රපටයක් නොවේද?
ඒ සරලකම ඇති කළේ කුමන තරාතිරමක සිනමාලෝලියකුට වුවත් චිත්‍රපටය තේරුම් ගන්න. පවුල් පිටින් සුපිරි අන්දරේ නරඹන්න එන විශ්වාසය මා සිතෙහි තදින්ම තිබුණා. අනික සරලකම සුන්දරයිනේ.
* හාස්‍යෝත්පාදක සිනමාපට ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යනවා කියලා මතයක් තියෙනවා?
ඔව්. මං ඒක දන්නවා. ඉක්මනින් හිට් කරගන්න ඕනෑ නිසයි හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් කළේ. අනිවාර්යයෙන්ම සුපිරි අන්දරේ හිට් වෙනවාමයි.
* ටෙලිවිෂනයට ඔබ නිර්මාණය කරන්නේ උසස් රසයකින් යුතු මෙගා නොවන ටෙලි නාට්‍ය කිහිපයක්. ඒවා නරඹපු අය ඔබෙන් බලාපොරොත්තු වුණේ ඒ ආරෙන් යුතු සිනමාපටයක් විය හැකියි?
වෙන්න පුළුවන්. මම ඒ අයගේ බලාපොරොත්තුªª කඩ කළේ නැහැ. මේක මම සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් අලුත් පියවරක් තැබීම පමණයි. තව මා අතින් විවිධ රසාස්වාදයෙන් යුතු සිනමාපට බිහිවන්න තියෙනවා. හොඳ හොඳ සෙල්ලම එළිවෙන ජාමෙට තමා තියෙන්නේ.
* මට නම් දැනෙන්නේ ඔබ ටෙස්ට් කරලා බලන්න සුපිරි අන්දරේ නිර්මාණය කළා වගේ. ඔබ හරි යන්න හෝ වරදින්න තුරුම්පුවක් ගැහැව්වා?
නැහැ, නැහැ. මේ වන විට ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලුමක් තියෙන්නේ ළමා හෝ විකට චිත්‍රපටයකට. මං ඉතින් ඒ දෙවැන්න තෝරා ගත්තා.
* ඒ කියන්නේ ඔබ ඉල්ලුමට සැපයුම දුන්නා කියන එකනේ. බැරි වෙලාවත් වැඩිහිටියන්ට පමණයි සිනමාපට සඳහා ඉල්ලුමක් ආවොත් මිචෙල් ෆොන්සේකා එවැනි සිනමාපටයක් අධ්‍යක්ෂණය කරයිද?
එතෙන්දි මං ඉල්ලුමට සැපයුම න්‍යායට පටහැනිව කි‍්‍රයා කරනවා. හැම තිස්සේම ප්‍රේක්ෂකයන් ඉල්ලන එක දෙන්න හොද නැහැ.
* සුපිරි අන්දරේ නරඹපු ගොඩක් දෙනෙකු කිව්වේ චිත්‍රපටයෙහි කතාව හරියටම තේරුම් ගන්න පටන් ගත්තේ එහි මැද හරියට වන්නට කියලා?
ඉතින් ඒකනේ විය යුත්තෙත්. පටන් ගත්ත ගමන් ඔක්කොම තේරුම් කරලා දුන්නොත් ප්‍රේක්ෂකයින් හැරිලා යනවානෙ. හිතාමතාමයි එලෙස කළේ. මේ තත්ත්වය මත අවසානය වෙනකකම් ප්‍රේක්ෂකයා චිත්‍රපටය රස විඳිනවා.
* මෙහි ටෙනිසන් කුරේ ද්විත්ව චරිත මවනවා. බන්දු සමරසිංහවත් ගත්තා නම් චිත්‍රපටය තවත් සාර්ථක වන්නට ඉඩ තිබුණා නොවේද?
මාත් ඔය මතයේ හිටියා. ඔහුට දෙන්න චරිතයක් තිබුණෙම නැහැ සුපිරි අන්දරේ තුළ. ඉතිං මං හිතා ගත්තා මේ චිත්‍රපටයේ ටෙනිසන්, ඊළඟ චිත්‍රපටයට බන්දුව ගන්න. මට තව දෙයක් කියන්න ඕනෑ.
* කියන්න?
ටෙනිසන් කුරේගේ මං දැකපු හොඳම රංගනය තියෙන්නේ මේ චිත්‍රපටයේ.
* ඔබ කොහොමද ඒක හරියටම කියන්නේ?
මං ඔහු රඟපාපු චිත්‍රපට සියල්ලම වගේ බලලා තියෙනවා. ඒවා එක්ක සසඳද්දී ටෙනිසන් මෙහි කරන රඟපෑම අද්විතීයයි.
* කොතරම් හොඳට සුපිරි අන්දරේ සිනමාපටයේ නළු නිළියන් රඟපෑවත් අපේ රටේ සම්මාන උළෙලයන්හී හාස්‍යෝත්පාදක චිත්‍රපට ඇගැයීමකට ලක්වන්නේ නැහැනේද?
අන්න බලන්න කොතරම් අසාධාරණ ද කියලා. අපේ රටේ විතරයි මේ තත්ත්වය තියෙන්නේ. හාස්‍යෝත්පාදක සිනමා කෘතීන් සම්මාන උළෙලවල් නියෝජනය කරන්න ඕනෑ. මම කියන්නේ හොඳම විකට නළුවා, නිළිය හොයලා සම්මාන දෙන්න කියන එක නෙවෙයි. හොඳම සහාය නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂ හාස්‍යෝත්පාදක චිත්‍රපට තුළින් බිහිවන්න පුළුවන්. මේ වගේ චිත්‍රපටයක නිර්මාණකරුවන්, හොඳ යැයි සමාජය විශ්වාස කරන චිත්‍රපටයක නිර්මාණකරුවන්ව අභිබවා යන්න පුළුවන්.
* සම්භාව්‍ය චිත්‍රපට ගැන ඔබ ද්වේශ යකින්ද ඉන්නේ?
අපෝ නැහැ. සම්භාව්‍ය හෝ වේවා වෙනත් අංශයක චිත්‍රපට හෝ වේවා ඒවා බලලා ප්‍රේක්ෂකයින් වල්මත් වෙනවට මං ආස නැහැ. මිනිස්සු සල්ලි දීලා සිනමා ශාලාවට එන්නේ ප්‍රහේලිකා විසඳන්න නෙවෙයිනේ.
* සරත් වික්‍රමව ඔබ පළමු වතාවට හාස්‍යෝත්පාදක චිත්‍රපටයක සංගීත නිර්මාණය සඳහා යොදා ගන්නවා. මොකක්ද ඉන් ඔබ බලාපොරොත්තුª වූයේ?
මගේ අවශ්‍යතාව ඔහුව මෙතෙක් කොටු වී තිබූ රාමුවෙන් ගලවා ගන්න. ඔහු ඉතා සාර්ථකව චිත්‍රපටයේ සංගීත නිමැවුම් කළා. මට ඕනෑ වුණා සරත් ලව්වා හැත්තෑව අසූව දශකවල ජෝති ගැයුවා වගේ ගීතයක් නිර්මාණය කර ඒක චිත්‍රපටයට යොදා ගන්න. ඒක තමයි චිත්‍රපටයේ අඩංගු නුවන් ගුණවර්ධන ගයන යායෙන් යාය ගීතය. මං හිතන්නේ ප්‍රේක්ෂකයින් හොඳට විඳීයි.
* සුපිරි අන්දරේ පෝලිමේ ඉන්නේ නැතුව ඉක්මනින් තිරගත වුණා. කොහොමද එහෙම වුණේ?
මං හිතන්නේ මම තමයි ලංකාවේ ඉන්න වාසනාවන්තම සිනමා අධ්‍යක්ෂවරයා. වැඩ කටයුතු නිම කොට මං අවශ්‍ය තැන්වලට චිත්‍රපටය බාර දුන්නා. එම්. පී. අයි. මණ්ඩලයෙන් මට තිරගත කරන්නට දින දුන්නා. මගෙන් හෝ නිෂ්පාදක කණ්ඩායම කිසිම බලපෑමක් කළේ නැහැ.
* චිත්‍රපටය කරන්න ගිහින් වැරැදුන තැන් මොනවාද?
එහෙම වැරැදුන තැන් තිබුණේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නිර්මාණකරුවෙකු කියන්නේ තෘප්තිමත් වන කෙනෙක් නෙවෙයිනේ. ඒක නිසා ඊළඟට හදන චිත්‍රපටය මීට වඩා දස ගුණයක් හොඳට හදනවා.
* ඔබට දැන් ටෙලිවිෂනයට වඩා සිනමාවට හිත ගිහින් වගේ. ඇයි කලාවට ඇවිත් දශක දෙකක් ගත වෙනකම් හිටියේ චිත්‍රපටයක් හදන්න?
මං අධ්‍යයනය කළා. අධ්‍යයනය කළා කිව්වේ ඩිග්රි ගත්තා කියන එක නොවේ. මං හෙමින් හෙමින් වැඩ කිරීම තුළින්මයි ඉගෙන ගත්තේ. ටෙලි මාධ්‍ය තුළින් ලබාගත් ඒ අත්දැකීම් රැගෙනයි සිනමාවට ආවේ. ඔබ කිව්වා වගේ සිනමාවට මං දැන් ලොබ බැඳලා. ඉදිරියටත් සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් තමයි මගේ නම කියවනේනේ.
* අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?
සුපිරි අන්දරේ නිෂ්පාදනය ක්‍රිෂාන් දිලීප පෙරේරා, ප්ලැසිඩස් අයි. ප්‍රනාන්දු සහ සම නිෂ්පාදක ලක්ෂ්මන් ප්‍රේමතිලක යන මහත්වරන්ව මතක් කරනවා. ඒ වගේම අප නිෂ්පාදක පිරිවරට තුති පුදන්නත් කැමැතියි.
READ MORE - මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

ධර්මප්‍රිය ඩයස් - ගුටිකෑමට නියමිතයි

ගුටිකෑමට නියමිතයි

රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස්
මේ දවස්වල මම දිගටම රැඳී සිටින්නේ වේදිකාවේයි. ඒ ‘ගුටි කෑමට නියමිතයි’ වේදිකා නාට්‍යයත් සමඟයි. මේ නිසා ‘ගුටිකෑමට නියමිතයි’ වේදිකා නාට්‍යය සමඟ මම මේ දවස්වල රට වටේම යනවා. ඊට අමතරව ප්‍රියන්ත කළුආරච්චිගේ අලුත් චිත්‍රපටයකත් රඟපානවා. ඒ වගේම රෙජිනෝල්ඩ් ජයමාන්නගේ ටෙලි නාට්‍යයකත් රූගත කිරීම් ආරම්භ කළා. රාජිතගේ ළඟදීම පැවැත්වෙන නාට්‍ය උළෙලක පුහුණුවීම් ආදී සියල්ලම ආරම්භ කර ඇති නිසා තරමක් කාර්යබහුල ජීවිතයක් තමයි මම ගත කරන්නේ. ඒ කාර්යබහුල බව තවත් වැඩි වෙන්නේ ළඟදීම මම අධ්‍යක්ෂණය කරන වේදිකා නාට්‍යය නිසයි. එහි මූලික කටයුතු ආරම්භ කරලා අවසන් නිසා ළඟදීම පුහුණුවීම් පටන් ගන්නත් නියමිතයි.

http://www.sarasaviya.lk/2014/04/17/?fn=sa1404172
READ MORE - ධර්මප්‍රිය ඩයස් - ගුටිකෑමට නියමිතයි

මල්වඩම් අනවශ්‍යයි

මල්වඩම් අනවශ්‍යයි

නාට්‍ය නිෂ්පාදක, සංවිධායක ප්‍රියන්ත රංජන්
මේ සතියේ අලුත් අවුරුද්ද නිසා ගමේ නෑදෑ හිත මිතුරන් සමඟ ගත කරන්නත් කාලය වෙන් කෙරෙනවා. ලබන විසි වෙනිදා අලුත් වේදිකා නාට්‍යය වන ‘මල් වඩම් අ(න)වශ්‍යයි’ වේදිකා නාට්‍යයේ රිහසල් පටන් ගන්න සූදානම් කරලා තියෙනවා.
ඊට අමතරව අනෙකුත් නාට්‍ය වන රූකඩ රාජ්ජේ, කොළොම් පුරය, දෙව්ලොව යනකං ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම වේදිකා ගත කරන්නත් දින නියම කර ගෙන තියෙනවා.
මේ සතියේ මගේ උපන් දිනය යෙදිලා තිබුණත් එදිනත් වේදිකා නාට්‍ය රිහසල් සමඟ ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණත් එදාට බෝධි පූජාවක් පවත්වලා පුණ්‍ය කටයුත්තක යෙදෙන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා.




http://www.sarasaviya.lk/2014/04/17/?fn=sa1404179
READ MORE - මල්වඩම් අනවශ්‍යයි

මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි

මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි

ලක් ඉතිහාසයේ සහ ලක් රාජාවලියේ ඉතාම තීරණාත්මක අවදියක් වූ වර්ෂ 1798 – 1815 යන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සංකේතවත් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ සිදු වූ සුවිශේෂ සිදුවීම් අළලා සුදත් රෝහණ තිරයට ගෙන ඒමට නියමිත සෙංකඩගල රාජසිංහ සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු හෙට සවස මහනුවර ජනපති මැදුරේ පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වේ.
ආචාර්ය තිස්ස අබේසේකරයන් කලකට ඉහතදී තිර පිටපත සකස් කෙරූ මෙය සුදත්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි.
ප්‍රවීණ මෙන්ම නව පරපුරෙහි නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙන මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. අශෝක ආතවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂවරයාය.
චන්න දේශප්‍රිය කැමරාව මෙහෙයවයි.





www.Sarasaviya.lk
READ MORE - මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි

මට මගේ නොවන මගේම ආදරයක්

Tuesday, November 26, 2013


මට මගේ නොවන මගේම ආදරයක්

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී
කළු‍වරේම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක්
නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා
මට මගේම නොවන
මගේම ආදරයක් තිබුණා
 
* පද රචනය - අමිල තේනුවර
* සංගීතය - දර්ශන රුවන් දිසානායක
* ගායනය - විශාරද අමරසිරි පීරිස්
“මේ ගීතය ජයන්ත අයියා (ජයන්ත චන්ද්‍රසිරි) ගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ තේමා ගීතය. මේ චිත්‍රපටයෙන් වගේම ගීතයෙනුත් කියැවෙන්නේ තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් පිළිබඳවයි. අපි කාගේත් ජීවිත තුළ එවැනි ආදර අත්දැකීම් තියෙනවා. ජීවත් වෙන හැම මනුස්සයෙකුටම ඒක පොදුයි. මටත් එහෙම වුණා. මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුණා. ඒත් මේ සමාජ සංස්කෘතික රටාව තුළ මම වගේම පරිසමාප්තව කිසිම කෙනෙකු ඒ ආදරය විඳලා නැහැ. වින්ඳා නම් කවදාවත් මෙහෙම ලියන්න බැහැ. සමහර මිනිස්සු ඒ ආදරය හංගාගෙන තියාගෙන ජීවිත කාලයම විඳවලා මියැදෙනවා. මට ඕනෑ වුණේ ඒ ආදරය පිළිබඳ අත්දැකීමත් එක්ක මගේ තිබුණු ගනුදෙනුව අත්හැර දමා ඉන් මිදෙන්නයි.”
ගී පද රචක අමිල තේනුවර මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක්වෙමින් එලෙස හෙළිදරව් කළේ මේ දිනවල තිරගත වන “සමනල සංධ්වනිය” චිත්‍රපටයේ ඇතුළත් ගීත ශ්‍රාවකයින්ගේ සිත් ගත් “ඉකි ගසා හඬන අතීතයක” ගීතය නිර්මාණය වූ ඔහුගේ සිතුවිලි සමුදායේ පසුබිම් පිළිබඳවයි. තරුණ ගී පද රචක පරම්පරාවේ පළපුරුදු නිර්මාණකරුවෙකු වී සිටින අමිලට තවදුරටත් මෙම ගීතය නිර්මාණය වූ පසුබිම් කතාව පවසන්නට දැන් අපි ඉඩ දෙමු.
“මට වයස අවුරුදු 17 හෝ 18 පමණ සාමාන්‍ය පෙළ කරලා උන්න සංක්‍රාන්ති කාලයේ එක්තරා ගැහැනු ළමයෙක් මුණ ගැහුණා අහම්බෙන් වගේ. මට ඕනෑ වුණා ඇයට ආදරය කරන්න. ඒත් කවදාවත්ම මට බැරි වුණා මගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න. ඇත්තම කියනවා නම් අමරසිරි පීරිස් ගයන ‘අතින් වත් අත ඇල්ලුවේ නෑ’ ගීතයේ සංකල්පනාවටත් මුල් වුණෙත් ඒ අත්දැකීමම තමයි. ඒ කාලයේ මමම ලියා කවියකින් හෝ ගීතයකින් මගේ අදහස් ප්‍රකාශ කරන්න වත් මට පුළුවන් වුණේ නැහැ. ඉතින් මම කළේ මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ වැනි කවියන්ගේ කවි පොත් ඇයට දෙන එකයි.”
“තාමත් මට මතකයි, සේකරගේ ‘නොකියන ආදරේ’ කවි පන්තියේ තියෙනවා ‘නොකී මුත් වචනයෙන් - දරා ඉන්න නමුත් හිත යට - දරා ගන්න බැරිය එය මට - දෙනෙත දෙනෙතින් ගැටී ගිය විට’ යනුවෙන්. ඒ වගේ තැන්වල යටින් ඉරි ගහලා තමයි මම ඇයට ඒ කවි පොත් දුන්නේ. හැබැයි ඉරි ගැහැව්වේ කවකටුවකින්. අති සියුම් ඇහැක් තියෙන්න ඕනේ එය පෙනෙන්න නම්. ඇයට මා බලාපොරොත්තු වූ ඒ සියුම් ඇහැ තිබුණේ නැති හින්දා ප්‍රකාශයට පත් වුණේ නැහැ මගේ ආදරේ. ඉන්පසු ආදරණීය ප්‍රේම ගී ඇතුළත් කැසට් පට දුන්නා ඇයට අහන්න. ඒත් මගේ ආදරේ ප්‍රකාශයට පත් වුණේ නැහැ.”
“අවුරුදු දහයක් පමණ කාලයක් ඔය අත්දැකීම මගේ හදවතේ නිද්‍රාවට පත්වෙලා තිබුණා. මම කොහොමත් කවියක් ගීතයක් නිර්මාණය කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. විලිරුදාව හැදිලා නිර්මාණය බිහිවෙන තුරු ඉඳීම තමයි මගේ පුරුද්ද. සීසර් සැත්කම් වලින් නිර්මාණ බිහි කරන්න මං කැමැති නැහැ. මං හිතනවා තමන් විඳවලා කරන නිර්මාණ තමයි සාර්ථක වෙන්නේ කියලා. අවුරුදු දහයකට විතර පස්සේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය වෙනුවෙන් මේ ගී සංකල්පනාව අපූරුවට ගැලපුණේ ඒ නිසයි. මගේ හැම නිර්මාණයක් වගේම මම බෞද්ධ දර්ශනය තුළ ඉඳගෙන තමයි මේ නිර්මාණයත් කළේ. විශේ‍ෂයෙන් ‘අත් ඇරීම’ කියන සංකල්පය මත සිට තමයි මම මේ ගීතයේ පද බැන්දේ.
‘මට මගේ නොවන ආදරයක් තිබුණා’ යන මතුපිට අර්ථය (භෞතික අර්ථය) හැමෝම අල්ලා ගත්තත් ඊට එහා ආධ්‍යාත්මික වූ දෙයක් මට කියන්න ඕන වුණා. මම මගේම ආදරයයි, මගේම නොවන ආදරයයි දෙක එකට තියලා දිය කර හැරියාම ඉතිරි කිසිවක් නැහැ. ශුන්‍යයි. ආධ්‍යාත්මික අර්ථය එයයි. ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ කථා නායකයාත් කුඩා කල අතහැරුණු ප්‍රේමය නිසා තමයි ශුන්‍යත්වයේ ඇරියස් එකකින් කෘතහස්ත කලාකරුවෙකු වෙන්නේ. නැති දේ තමයි අපිට වටින්නේ. ඒ නිසා තමයි මේ ගීතය මිනිස්සුන්ට මේ තරම්ම දැනුණේ.”
READ MORE - මට මගේ නොවන මගේම ආදරයක්

යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

යාළුවා දුන් නිල් චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

දහ අට හැවිරිදි අසංක කහවත්ත ප්‍රදේශයේ කුඩා පාසලක උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙකි. ඔහු ගුරු භවතුන්ගේ හොඳ හිත දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක්ද වූවේය. 

ඔහුගේ දක්ෂතාවත්, හැකියාවත් නිසාම ටික දිනකින්ම අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වූයේය. 

ඒ මොහොත අසංකගේ හැදූ වැඩූ මවුපියන්ගේ දෙනෙතට රැගෙන ආවේ තුටු කඳුළකි. අසංකගේ අම්මා රංජනී කප්පරක් උසට අසංක පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටියාය. පවුලේ බඩපිස්සා වූ අසංක කෙරෙහි තාත්තා වූ රත්නායක දැක්වූවේද අපමණ සෙනෙහසකි.

අසංකගේ පවුලේ සාමාජිකයන් අසංකද ඇතුළුව සිවු දෙනෙකි. අසංකගේ වැඩිමල් සොයුරා විවාහකයකු වූ අතර ඔහු වෙනම නිවෙසක පදිංචි වී සිටියේය. 


අනෙක් පිරිමි සහෝදරයා උපතින්ම කථනාබාධිතයෙක් වූ අතර එකම සොයුරිය ඇඟලුම් සේවිකාවක වශයෙන් සේවය කළාය. ඔවුන් සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ අසංක පමණි.

"පුතේ හොඳට ඉගෙන ගනින්, විභාගෙ පාස් වෙලා විශ්විද්‍යාලෙ පලයන්, ඊට පස්සෙ හොඳ රස්සාවක් කරපන්" අම්මා නිරන්තරයෙන් එය මන්තරයක් සේ මතුළාය.

"බලාපන් මේ අත්වල තියෙන කරගැට, උඹ මේ වගේ දුක් විඳින්න ඕන නෑ පුතේ..." උදේ හවා තේ කෑල්ලේ තේ ගස් හා ඔට්ටු වී විඩාවට පත් රත්නායක තමාගේ දෑත විදහා පාමින් අසංකට පෙන්වූයේය. "මම කොහොමහරි විභාගෙ පාස් වෙලා කැම්පස් යනවා අම්මෙ"

අසංක අධිෂ්ඨානය ඇතිව වෙනදාටත් වඩා වැඩියෙන් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහන්සි වූවේය. ඒ නිසාම මිතුරු සංගම් කෙරෙහි තිබූ ආශ්‍රයද කෙමෙන් ඔහුගෙන් දුරස් වී ගියේය.

"යාළුවෝ නැතිවට කමක් නැහැ, ඔයා පාඩම් කරන්න. විභාගෙන් පස්සෙ පුළුවන් යාළුවෝ ආශ්‍රය කරන්න. අනික ඔය යාළුවන්ගෙන් ඇති වැඩක් නැහැ"

රංජනී නිරන්තරයෙන් අසංකට අවවාද අනුශාසනා ලබා දුන්නාය. අම්මාගේ සිත රිදවීමට අකැමැති වූ නිසාම අසංක යටි සිතෙහි මිතුරන් කෙරෙහි තිබූ බැඳීමද සඟවා ගත්තේය. මවුපියන්ගේ සිත රිදවීමට අකැමැති වූ නිසාම අසංකද නිරන්තරයෙන් මවුපියන් කියන දේ පමණක් කිරීමට බැඳී සිටියේය. 


අසංක උපකාරක පන්තියකට සහභාගි වුවත් යහළුවන් සමඟ රස්තියාදු නොගසා පන්තිය නිමවූ සැණින්ම නිවෙසට සේන්දු වූවේය. යහළුවන් සමඟ නිරපරාදේ කාලය කා දමනවාට අම්මා කිසිසේත්ම මනාප නොවන බව අසංක දැන සිටියේය. 

එනිසාම අසංක අම්මාගේ බසට අකීකරු වීම ඇයට කරන නිගරුවක් සේ සැලකුවේය. "යහළුවන් කෙතරම් විහිළු තහළු සරදම්වලට අසංකව ලක් කළද ඒවා සිනහ සිතින් විඳ දරා ගත් අසංක ඔවුන්ගේ හොඳ හිතද ඉතිරි කොට ගෙන ඉක්මනින් නිවෙස කරා පැමිණියේය.

පන්ති නිමවී පැමිණි පසුවත් අසංකට රූපවාහිනි නැරඹීම ආදී විනෝදාංශවලට ඉඩක් වෙන් කරගත නොහැකි විය. උසස්පෙළ ඒ තුනේ සිහිනය වෙනුවෙන් ඔහු තම හිරිමල් යෞවනයේ සිහින සියල්ල ඉවසීමෙන් යුතුව කැප කළේය.

"මොනාද බං තවමත් කෙල්ලෙක් නැද්ද?" යාළුවෝ අසංකට සරදම් කළහ. අසංකගේ සමීපතම මිත්‍රයන් ඒ වන විට ප්‍රේමවන්තයන් බවට පත් වී සිටියහ. ඔවුන් සති අන්තයේ උපකාරක පන්ති මඟහැර පෙම්වතියන් සමඟ කල් ගෙවූ ආකාරය රස කරමින් අසංක ඉදිරියේ දිග හරිද්දී අසංක 'සද්ධර්මරත්නාවලියේ" පාඩමකට සමවැදී සිටියේය. 


අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ භූමිකාවටද කිසිදු අසාධාරණයක් නොකිරීමට වග බලා ගත්තේය. තමා ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වී පාසලේ සිසුවියක් හා පෙම් සබඳතාවක් පැවැත්වීම මෙන්ම පාසල් අධ්‍යාපන කටයුතු අතපසු කර ගනිමින් මිතුරු මිතුරියන් හා කල්ලි ගැසීමද එම තනතුරට කරන අපකීර්තියක් බවට ඔහු ඇදහුවේය.

දිගින් දිගටම පොතපතටම ඇලීම නිසා අසංකට කායිකව හා මානසිකව දැඩි වෙහෙසක් දැනෙන්නට වූවේය. "චිත්‍රපටියක්වත් බලන්න තිබුණා නම්" අසංක යටි සිතෙහි මතුවූ ආශාවකට ඉඩ ලබා දෙන්නට සිතුවේය. එහෙත් අම්මා ඊට එරෙහි වන බව ඔහු සක්සුදක් සේ පැහැදිලිව දැන සිටියේය.

"අම්මාගෙන් අහලා නම් මට ෆිල්ම් බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදර කවුරුවත් නැති වෙලේවත් බලනවා" අසංක සිතුවේය.

පාසලේ සමීපතම මිතුරකු හමුවූ අසංක තමාගේ සිතෙහි ඇති ආශාව දිග හැරියේය. "අපෝ ෆිල්ම්ස්ද මං ගාව ඕන තරම් තියෙනවා. මං හැමදාම ෆිල්ම්ස් බලනවානේ. උඹට ඕන මොන වගේ එකක්ද. මම ළඟ ඕන ජාතියක ඒවා තියෙනවා" යහළුවා සරදම් සිනහවක්ද නඟමින් පැවැසුවේය.

යහළුවා අදහස් කළ දෙය වටහාගත් අසංක "මට ඕනා එහෙම ෆිල්ම් එකක් නෙමෙයි පවුලේ හැමෝටම බලන්න පුළුවන් එකක්" යැයි තම මිතුරාට පැවැසුවේය. අසංකගේ ඉල්ලීම පරිදි පසුදා උදෑසනම ඩී.වී.ඩී. පටයක් අසංක අතේ තැබූ මිතුරා "ඕක මරු ෆිල්ම් එකක්. බලලා මටත් කියපන්කෝ" කියමින් අසංකගෙන් සමු ගත්තේය.

ඩී.වී.ඩී. පටය තම පාසල් පොත් අතර සඟවා ගත් අසංක හීන් සීරුවේ නිවෙසට ඇතුළු වූවේය. අම්මාත් තාත්තාත් වත්තට දලු කැඩීමට ගොස්ය. අක්කාත් වැඩට ගොස් ඇත. පුංචි අයියා පමණක් කාමරයට වී නිදාගෙන සිටියේය.

"මේ තමයි හොඳම වේලාව" යැයි සිතූ අසංක ඩීවිඩී ප්ලේයරය අසලට ගොස් ඩීවීඩී පටය එතුළට දමා ක්‍රියාත්මක කළේය.

එහි දසුන් නැරඹූ අසංකට උන්හිටි තැන් අමතක වූවේය. එය තමා සෙවූ වර්ගයේ 'පවුලේ සැමට නැඹීමට හැකි චිත්‍රපටයක් නොවන බව අසංකට 

පසක් වූයේය. සැබැවින්ම එය වැඩිහිටියන්ට පමණක් සුදුසු එකක් විය.

චිත්‍රපටය නරඹද්දී ඇතිවූ කුතුහලය නිසා එය වසා දැම්මේ නැත. ඔහුටත් නොදැනීම එතෙක් කල් සඟවාගෙන සිටි යටි සිතේ තිබූ සියලු ආශාවන් රැලි සරැලි නඟමින් කැරලි ගසන්නට විය. එනිසාම අවසානයේ ඔහු එය බැලීමට තීරණය කළේය.

අම්මා එන්නට කලින් බලනවායි සිතූ අසංක හරි බරි ගැසී අසුනකට බර වූවේය. එහෙත් සිදුවූයේ අනෙකකි. චිත්‍රපටයට තිබූ උනන්දුව නිසාම ඔහු තමා අසලට අම්මා එන බවක් දුටුවේ නැත.

"මොනවද උඹ මේ කරන්නෙ" අම්මාගේ කෝප මිශි්‍රත බෙරිහන්දීමට බියවූ අසංක පුටුවෙන් නැඟිට්ටා නොව ඉබේටම නැඟිට්ටුණේය. තොල කට වේළී ගිය අසංක දියෙන් ගොඩ දැමූ මසෙකු මෙන් වෙව්ලන්නට වූයේය.

අම්මා ඉදිරියේ තමා නිරුවත් වූවා වැනි හැඟීමක් අසංකට ඇතිවූයේය. "උඹ මේවද පාඩම් කරනවා කියලා හැමදාම කළේ. මං හෙටම ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව හම්බවෙලා සේරම කියනවා. උඹ අපිට ලැජ්ජා කළා" රංජනී මාරාවේශයෙන් මෙන් බෙරිහන් දෙන්නට වූවාය.

"අනේ අම්මේ මේක මගේ යාළුවෙක් දුන්නේ. ගෙදර ගේනකන් මං දන්නෙ නෑ මේකෙ තියෙන දේවල්" අසංක ඉකිබිඳිමින් අම්මා ඉදිරියෙහි බැගෑපත් වූවේය. එහෙත් රංජනී එය බිඳක්වත් විශ්වාස කළේ නැත. නිවෙසට පැමිණි රත්නායකටත්, සොයුරියටත් සියල්ල හෙළි කළ රංජනී දිගින් දිගටම අසංකට දෝෂාරෝපණය කරන්නට වූවාය.

අම්මා අසංකගේ මුහුණ බැලුවේ නැත. තාත්තාගේ මුහුණෙහිද සිනහ රැල්ලක් හෝ තිබුණේ නැත. අක්කාද වැඩි කතා බහක් නැත. රාත්‍රි බත් පිඟාන බෙදා මේසය මත තැබූ අම්මා වෙනදා මෙන් කන්න පුතේ යැයි නොකීවාය. දින දෙකක් ගෙදර කිසිවකුත් ඔහු හා ‍ෙදාඩමලු වූවේ නැත. නිවෙස අසංකට මිහිපිට අපායක් බවට පත් විය. 


පොත් පත් පසෙකට විසිකොට දැමූ අසංක කාමරයට වී දින දෙකක් ගත කළේය. පසුදා උදෑසන වන විට අම්මා පාසලට ගොස් සියල්ල හෙළි කරනු ඇත. ඉන්පසු තමාගේ ශිෂ්‍ය නායක තනතුර ගැලවී යනු ඇත. තමා සල්ලාලයකුයැයි මිතුරන් සමච්චල් කරනු ඇත.

සෑම සිතිවිල්ලක්ම අසංකගේ සිතට ගෙන ආවේ දැඩි කලකිරීමකි. අවසානයේ සියල්ල අත්හැරීම ලැජ්ජාවෙනවාට වඩා හොඳ යැයි තීරණය කළ අසංක කුස්සියේ මුල්ලක තබා තිබූ තාත්තා තේ වත්තට ගැසීමට ගෙනා කෘමි නාශක බෝතලය අතට ගෙන සියලුම බැඳීම්වලට නැවතීමේ තිත තබමියි සිතා එය එක හුස්මට හිස් කොට දැම්මේය. 


එපමණක් නොව අසල තිබූ අසමෝදගම් ස්ප්‍රීතු බෝතලයද උගුරට දෙකට හමාර කර අසංක නැවත කාමරයට වැදුණේය. ටික වේලාවක් යන විට අසංකට දැඩි වේදනාවක් දැනෙන්නට විය. ඔහු වේදනාව ඉවසා ගත නොහැකිව කෑ ගසන්නට වූවේය. අසංකගේ කෑ ගැසීම අසා පවුලේ සියලු දෙනා කාමරයට ඇතුළු වූහ. 

බිම වැටී මරු විකලයෙන් දඟලන අසංකව දුටු රංජනී විලාප නඟන්නට වූවාය. වාහනයක් සොයාගෙන ආ අසංකගේ පියා ඔහුව කහවත්ත රෝහල වෙත රැගෙන ගියේය. එහෙත් අතරමඟදීම අසංක මෙලොව හැර ගොස් තිබිණි.

අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගත නොහැකිය. අසංකගේ අම්මාට ඔබ එසේ පවසනු ඇත. එහෙත් ඇගේ දෑසින් රූරා වැටෙන කඳුළුවලට අපට එසේ සරදම් කළ නොහැක. ඇගේ නූගත්කමට හැඳි මිටේ නුවණ යැයි කියමින් ගර්හා කළ නොහැක. 

මන්දයත් ඇය අසංකව මෙලොවට ජාතක කළ අම්මාය. ලේ කිරි කර පොවා කර දඬු උස්මහත් වනතුරු හැදූ වැඩූ අම්මාය. එහෙත් සියල්ල අවසානයේ "අනේ තව මොහොතක් ඇය ඉවසුවා නම් අසංක තවමත් අපි අතරේ" නේදැයි ඔබ තුළ සිතිවිල්ලක් හට ගන්නටද ඉඩ ඇත.

http://exhotandfastnews.blogspot.com/2013/09/blog-post_9855.html
READ MORE - යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)


නිරුවත්ද ද නැද්ද 
කියන එක මට 
අදාළ නෑ..

මගේ වගකීම 
මම ඉටු කළා...

සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩ සටහන හා එක්වෙමින් ගයේෂා කියා සිටියේ තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ නිරුවතින් රඟපෑ කතාව ඇත්ත බවයි.

වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ ඒචරිත වලට සාධාරණය ඉටු කිරීමේ අභියෝගය හා අයිතිය තමන්වගකීමෙන් යුතුව ඉටු කර ඇති බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසනවා. 

තව දුරටත් ඇය කියා සිටියේ රංගන ශිල්පිනියක් හැටියට චරිතය නිරුවත්ද ද නැද්ද නොවැදගත් බවත් චරිතයකට සාධාරණයක් ඉටු කරන්න හැකි නම් ඒ චරිතය බාරගැනීම සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක් බවත්ය.
http://www.hotandfastnews.com/2013/10/blog-post_9928.html

READ MORE - ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි

පොඩ්ඩෙන් මිස් වෙලා

READ MORE - පොඩ්ඩෙන් මිස් වෙලා

සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය

Sunday, November 17, 2013

චොගම් සමුළුවෙන් පස්සේ
2013 නොවැම්බර් මස 16 15:20:49 | දීපා අධිකාරී

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ  කිරුළ සඳහා තරග වදින   අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන්  තිස්තුන් දෙනෙකු  අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. 
මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත්  මැරීන් ලෝෆෙලීන් මෙනවියද  වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.
මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම්  ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර  ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි  වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී  යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.
සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය  විසින්  ගුවන්තොටුපොළ සේද මාවතේදී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.
මෙම  සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද  මෙරටට පැමිණියහ.
 යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1  ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.
මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත්  මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි  අවස්ථාව මෙය වෙයි.
ප‍්‍රංශ යුවතියන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා නිල චාරිකා  සහකරු ලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයද, නිල සත්කාරක සේවා සහකරු ලෙස සිනමන් හෝටල් හා රෙසෝට්ස් ජාලය කටයුතු කරයි.
මෙම සංචාරයේදී සිනමන් ලොජ් හබරණ හා සිනමන් බේ බේරුවල යන සිනමන් හෝටල්හි මෙම පිරිස නවතැන් ගැන්මට අපේක්ෂිතය. විශේෂයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණයට හා වනජීවී උද්‍යාන වලට මධ්‍යගතව පිහිටා ඇති සිනමන් ලොජ් හබරන ඔස්සේ අතිශය සුන්දර සංස්කෘතික විවිධත්වය හා වනජීවී සුන්්දරත්වය සංචාරයට එක්කරන අතර සිනමන් බේ බේරුවල හරහා රන් පැහැ වෙරළ තිරයක විවේකී සුන්දරත්වය ලගා කරමින්  සුර්්‍යාලෝකය විඳිමින්  මුහුද හා වෙරළ හරහා මොවුන් යොමු කිරීමට කටයුතු කර ඇත.
2014 වසරේ මිස් ෆ‍්‍රාන්ස් කිරුළ දිනාගන්නා ජයග‍්‍රාහිකාව මෙම සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිනෙන අතර එහිදි සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරමින් මෙරටදි මෙන්ම ප‍්‍රංශයේදී ද විවිද වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය.
සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම අලෙවි ප‍්‍රධානී හා උප සභාපති දිලිප් මුද්දෙනිය මහතා පැවසූවේ මෙම උත්කර්ශවත් අන්තර්ජාතික ඉසව්ව සඳහා නිල සත්කාරන සේවා සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් වන බවයි.
2014 මිස් ෆ‍්‍රාන්ස් තරගාවලිය ඔස්සේ   ශ‍්‍රී ලංකාව උසස් තත්වයේ ගමනාන්තයක්  ලෙස ගෝලීය වශයෙන් අවධානයට පත්  වන බවත් ඔහු පැවසීය.
මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරමන්නන් කරා ගෙන යා හැකි වන බවත් කීය.
 තමන් ඇතුළු සමස්ත සිනමන් කාර්‍ය මණ්ඩලයම මෙම සුන්දර යුවතියන් පිළිගෙන ඔවුන්ට හරවත් අත්දැකීමක් සමීප කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් කීවේය.












READ MORE - සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය