----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සුදු නංගි රියැලිටි නැත්තේ ඇයි ?

Friday, May 6, 2011

ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍ය තුළින් ‘සුදු නංගී’ ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් අයෝමි ශානිකාට කිසිම නාලිකාවකින් කිසිදු දිනක රියැලිටි වැඩසටහනක් සඳහා ආරාධනයක් නොලැබුනු බව පවසන්නීය.

කෙසේවුවද උඩරට හා පහතරට නර්තනය හදාරා තිබෙන ඇය ඉන් ප‍්‍රයෝජනයක් ගත හැකි රියැලිටි වැඩසටහනක් පිළිබඳව උනන්දුවක් ඇතැයි ද සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

තරු අතර කෙරෙන රියැලටි තරගවලින් තරු අතර අසමගියක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද ඇය පවසන්නීය.

අයෝමි මේ දිනවල විකාශය වන රුවන් මාලිගා නාට්‍ය සඳහාත් රංගනයෙන් දායක වී සිටී.

ආයුර්වේද වෛද්‍යවරියක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අයෝමි පසුගිය දිනවල ආයුර්වේද වෛද්‍යවිද්‍යාලයේ අවසන් විභාගය සඳහා ද පෙනී සිටි බව වාර්තා වේ.

http://gossips.srilankaactress.info/wp-content/uploads/2010/11/ayomi.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoZZWmk1RC79jw_0YUXmkDl2CGoFjaXGdNcs15Z5KpgZItuEjPVyJTIwVgMeOVDeL0eQVF4RvaPcbn06m08K_SeKh5QLoiF9pLuAPRve9DonoO1K2wfTV9VXdW58gfHJF8WBHRmls5QMY/s1600/1456422_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXDxalGpjpa4bbQViC0HTebLIvv7NC-b9rihttdXFAEUgBSq_l1UZKPklhWr4yily9zZncbFhccgABGmmbqPD4JjogXKTqEvKdWuV1tPYcvxIf185QZsFBXuC6ppP61oS86XWMnaKtR1g/s1600/9543490_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT8ZMR-C5xmflLat69YH-F8VMIg5FkzhsGw3oZyBbXRhECqUmNSft9tsASkCDe11i_wP_uFaB7lHOVoLDRaK6x9sdqfLqGjQj3dLgZ07IWzzXI0jJZzfDGO7ibC247Q0YrgAiw6rGk32I/s1600/5254563_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgE82-3lE7cn6arqaVpGJmkWNCbzCGhEiFwZD-_72QDBrCEGdaYOtBb0dSfuCpdet9jJZoe4Cpkj_7GWMBehbG_MWn-dtgkE0I707m02wQiyOBz_emmzWjKtCCSseDPUJKihDCxLy3YSyg/s1600/3221671_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDnc6TlYRxgBZCckT7zwRVESDYB2t3j8he67P-e8NSxUTuSsGB_JW4AAL0TyhYu1-Dd1FFSlhU4bF459ieKsOigPvrKBYVMPW_KrQZYvZ0xuYIYDmtEwHfp_UOq5XiFAJ0zBME20ltU5w/s1600/6180339_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbFptrukVjrBGNclHU9nDkXS2c_CZuYMZhGJx_5I3CcsmAQP_BbtkCLaWEw1z2u-l_G2a8gJ3ZcEVNvUojuvPdYtoteR0oviu-MD47Jfdpr8FhJXJ1S7cPIJRMUmfvH-u5Oc8QAsQhpNA/s1600/5475314_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpq7UbIXf-FA6suUoy8jAbAKcwg-wdosSu09j63Iu51iaUD9xLd9JNKLAWZZ4vOwiz7ZM8SSxhUZHFtN96J507ohvjbQEqDDD9SvwPT7zzEh53IteujRfzCm580GFeDo1SUCXX5pN0KvU/s1600/Ayomi+shanika3.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf3LqXdQeXQMwbQ_tNyP9ZOcxunVemwZ95oCTuL7iUmv5qr0G_KSb8Vc7P3lUX8Cj9fY448FkSVz_Z00fKufrU_HLtMrpFAG5_SrK_LZHnJ9mJjqZpDjNgW1Z4tFBVGt8DEOQU07wyYX0/s1600/Ayomi+shanika8.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrOhyaTpmCCK1rp1EjVvUHoxEkMdzHfGmTYHMe3hociG2vLqXjkLoDj8y1QrjKEw_4uvcwiSKTQrXjjNeHwQqniIQff8FM4Dt-nkdqi1dmc8es5TLqOCL4M2VthUnFYZWU3x_PBePYkIw/s1600/Ayomi+Shanika.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBzbTVqaz1TemLnBUiYtlg5BXjtTd9GJrtLoGiWlwCkDVizUDhMYmaMkrmn9bBT7HEjbBL32h8iA_65YSqWcHyPBmxSdp1idcIslqrlKIaGXWVXwKO-JhdbS6f1Edl1ptjRaULLGRXnb0/s1600/ayomi+shanika8uyikuk.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKX4GVWnXXnjSVFA0sw37uHLiynGa9TuuwNirg3AZaECgm1z8p8P8_-rXA_I8nYyPSSA7ztDnCgtcffRbAXt-l7wgAOtQk0sYQ3Gwbg6hdypm2cVmDpK-7ZOYWjidcul1IlnIpPucu7NU/s1600/6434124_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfm6QHCDefEQ073EeCSUtvBn_Id6wMdsxDtMn-9MqNeSkFW5HxqN2ui_Ci89l3qZ2cfkqEDlwPxevu51s-c8doaTNArSUqxjWiQV05Ydy2t_hoCGPaCz4x8kMb8c0F6lTx3RBMNbQ7a_s/s1600/Ayomi+Shanika+(2).jpg

file photo
READ MORE - සුදු නංගි රියැලිටි නැත්තේ ඇයි ?

ස්වර ගමන තීරණය වන්නේ ජාතියක කතා ලීලාව අනුවයි

ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

* ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් අපටම අනන්‍ය වූ සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමේ කාර්යයට සක්‍රීයව දායක වෙමින් දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙයක් ඉටුකළ මහා සංගීතවේදියෙකි. ඔහු විසින් දශක පහකට අධික කාලයක් පුරා ගීතයෙන් හා සංගීත නිර්මාණයෙන් සුවහසක් රසිකයන් අමන්දානන්දයට පත් කළේය.

ඉන්දියානු මහා සම්ප්‍රදායෙන් තමන් ලත් දැනුම අනාගත පරපුරට දායාද කිරීමේ අපේක්ෂාවෙන් අමරදේව භාර අරමුදල බිහිව ඇත. මෙහි එක් පියවරක් ලෙස ජාත්‍යන්තර මට්ටමේ සංගීත ශිල්පීන් ඇසුරු කිරීමට අපගේ තරුණ සංගීත ශිල්පීන්ට අවස්ථාව සලසා දීමට අමරදේව පදනම මූලිකව ක්‍රියා කරයි. පහත පළවන්නේ ඒ පිළිබඳව අමරදේවයන් දැක්වූ අදහස්ය.

* කිසියම් ක්ෂේත්‍රයකට විශිෂ්ට දායකත්වයක් ලබාදිය හැක්කේ කවර හැකියාවන්ගෙන් යුත් කලාකරුවන් හටද?

කිසියම් ක්ෂේත්‍රයක කූට ප්‍රාප්තියට පත් කලාකරුවෙක් වීමට නම් ඔහුට අනිවාර්යෙන්ම ජන්මයෙන් ලබන වාසනා ගුණය තිබිය යුතුයි. සාහිත්‍ය, සංගීතය, චිත්‍රය ආදී සෑම කලා මාධ්‍යයකටම මෙය අදාළයි.

කෙනෙක් තුළ එලෙස තිසර්ග සිද්ධ ප්‍රතිභාවක් තිබුණ ද එය හඳුනා ගැනීමට විශිෂ්ට ගණයේ ගුරුවරුන්ගේ ඇසුරට යොමුවිය යුතුයි. ඊට අමතරව කලාකරුවෙක් කිසියම් ක්ෂේත්‍රයක නිරන්තර අභ්‍යාසයේ යෙදෙන්නේ නම් ඔහුට එම ක්ෂේත්‍රයේ ඉහළ තලයට පිවිසිය හැකි වෙනවා.

නව සිසු පරපුරට අවැසි එම ව්‍යුත්පත්ති සම්පත්තිය ලැබීමට උසස් තලයට පිවිසි ගුරුවරුන්ගේ ආභාෂය ලබාදිය හැකි ආයතන බිහිවිය යුතුයි.

* වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඔබ ඉන්දියාව වෙත යොමුවූ අවස්ථාවේ එහි සක්‍රීයව පැවැති ප්‍රධාන ගුරු කුලයක් ගැන කිව්වොත්?

සම්භාව්‍යය සංගීතය උගත්වන ගුරුකුල කිහිපයක් තිබුණා. ඒවා අතරින් උත්තරභාරතීය සංගීතය ඉගැන්වීමේ ප්‍රධානම මධ්‍යස්ථානය වූයේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩේ ආයතනයයි. ශාන්ති නිකේතායතනයේ වඩාත් අවධානය ලක්වූයේ වංග සංගීතය ගැනයි. හින්දුස්ථානී සංගීතය ඉගැන්වූයේ එක්තරා ප්‍රමාණයකට පමණයි.

ඉන්පසුව එහි සිසුන් භාත්ඛණ්ඩේ වෙත යොමු කෙරෙන ක්‍රමයක් තිබුණා. දක්ෂිණ භාරතීය සංගීතය හා නර්තනය උගන්වනු ලැබුවේ අඩෙයාර්හි විෂ්ණු දිගම්බරම් ආයතනයෙන්. ඩී. ඩී. පලුක්කාර්, දිගම්බරන් වැනි සංගීතඥයන් එහි කටයුතුª කළා. මේ එක එක ගුරුකුල අතර භාරතීය සංගීතයේ විවිධ ශෛලීන් උගන්වනු ලැබුවා.

* ඔබ ඉන්දියාවේ කොපමණ කලක් සංගීතය හැදෑරුවාද?

1953 ඔක්තෝම්බර්වල ගියේ. 1958 දී උපාධිය ලබාගෙන පෙරළා පැමිණියා.

* භාරතයේ ඔබේ ගුරුවරුන් කවුද?

එවකට භාත්ඛණ්ඩේ සරසවියේ විදුහල්පතිව සිටි රතන ජංකර් පඬිතුමාගෙන් හා පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද ජෝග් යටතේ ගායනය හා වයලින් වාදනය ඉගෙනීමට අවස්ථාව ලැබුණා.

* ඔබේ සංගීත කෞශල්‍ය වර්ධනය කර ගැනීමට ඉන්දීය අධ්‍යාපනය බලපෑවේ කොහොමද?

ගායනය හා වාදනය යන අංශ දෙකෙන්ම මට නියම වශයෙන් ගුරුකුල ඇසුර ලැබුණේ භාත්ඛණ්ඩේ අධ්‍යාපනයේ දී. ඉන්දියාවට යාමට පෙර ලංකාවේදී නිර්මාණ සංගීතය පිළිබඳ හොඳ ආභාසයක් මට ගවුස් මාස්ටර්ගේ ඇසුර නිසා ලැබුණා. ඔහුව මට “අශෝක මාලා” චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කිරීමට හා තනු නිර්මාණය කිරීමටත් සහය සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතුª කිරීමටත් අවස්ථාව ලබා දුන්නා.

* ඉන්දීය අනුකාරක සංගීතයෙන් සිංහල චිත්‍රපට කර්මාන්තය ගලවා ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය කොහොමද?

ගවුස් මාස්ටර් ඉන්දීය ජාතිකයෙක්. අපිට උචිත වාද්‍ය සංගීතයක් බිහිකර ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඔහුගේ තනු නිර්මාණ රසපූර්ණයි. අපට ගැලපෙන නිර්මාණ රීතියක ලක්ෂණ ඔහුගේ සංගීතයේ දකින්නට ලැබුණා.

* ඔබ ඇතුළු මෙම යුගයේ භාරතීය අධ්‍යාපනයට යොමුවුණු සංගීතඥයන් වඩා ප්‍රමුඛතාවයක් දෙනු ලැබුවේ දේශීය සංගීතයක මූල බීජ මතුකර ගැනීමට නොවේද?

ඉන්දියාවෙන් ලැබුණු අධ්‍යාපනය ඒ ආකාරයෙන්ම ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍යතාවයක් හින්දුස්ථානී සංගීත අධ්‍යාපනය ලද මට මෙන්ම ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනියන් හට තිබුණේ නැහැ.

තනු නිර්මාණයේ දී මූලික වෙන්නෙ කතා කරන භාෂාවයි. ස්වර ගමන තීරණය වන්නෙ ජාතියක කතා ලීලාව අනුවයි. දේශීය සංගීතයක් ගොඩනඟා ගත හැක්කේ එය සොයා ගත හොත් පමණයි.

* ව්‍යවහාරික සංගීතයේ දී ඔබ කිසියම් රාමුවකට කොටු නොවී විවිධ සංගීත සම්ප්‍රදායන්ගේ ආභාෂය ලබන බවක් දකින්ට ලැබෙනවා. එහි දී ඔබ සාමකාලීනයන්ගෙන් මතු කරන්නට උත්සාහ කළ මතවාදයෙන් බැහැර වූයේ ඇයි?

මම ඉන්දියාවේදී භාරතීය මහා සම්ප්‍රදායට අමතරව කර්ණාටක සංගීතය පිළිබඳවත් අධ්‍යයනය කළා.

මගේ මව හා පියා ආගම් දෙකකට අයත්වීම නිසා මට කුඩා කාලයේ සිට ම සංස්කෘතීන් දෙකක් ඇසුරේ වැඩෙන්නට අවස්ථාව ලැබුණා. නිර්මාරණාත්මක සංගීතයේ දී මම එක සම්ප්‍රදායකට සීමා නොවී විවිධ සම්ප්‍රදායන් ආභාශය කරගෙන නිර්මාණ බිහි කළා. නමුත් ඒ සෑම එකක ස්වාධීන ලක්ෂණ පෙන්වන්නේ මා මුලින් සඳහන් කළ පරිදි මෙරට ජනතාවගේ භාෂණ ලීලාව ග්‍රහණය කර ගැනීමට සමත් වූ නිසාය සිතනවා.

සමහර අවස්ථාවල දී හින්දුස්ථායි සංගීතයේ ආභාෂයට අමතරව බටහිර සංගීතයේ ආභාෂය ලබා ගත්තා. බොහෝ දෙනා නොදන්නා වුවත් ‘පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා ගීතය’ නිර්මාණය කළේ බයිලාවේ තාලයට අනුවයි. මෙතනදි වැදගත් වෙන්නේ අපි ආශ්‍රය කරන සම්ප්‍රදාය නොවෙයි. නිර්මාණයයි.

* ඔබගේ ගීත අවසරයකින් තොරව විවිධ ප්‍රසංගවලදී තරුණ තරුණියන් ගායනා කරනවා. මේ ගැන ඔබ කිසියම් පියවරක් ගැනීමට අදහස් කරනවාද?

මම මේක ගැන බලන්නේ උපේ්ක්ෂාවෙන්. තරුණයන් මගේ ගීත ගායනා කරන්නේ ඔවුන් ඒවාට ඇලුම් කරන නිසයි. ඉතින් ඒ අවස්ථාව මම වළක්වන්නේ ඇයි? ගීතයක් පවතින්නට නම් එය නැවත නැවතත් ගායනා විය යුතුයි. ඒ කාර්යයට තරුණ පිරිස යොමුවීම ගැන ඇත්තටම මම සතුටුයි.

නමුත් ඉතාම ස්වල්පයක් දෙනෙක් මේ ගීත ආශ්‍රයෙන් විකෘති නිර්මාණ බිහි කිරීමට උත්සාහ කරනවා. මම ඒකට විරුද්ධයි. එවැනි සමහර අවස්ථාවල දී ජනාධිපතිතුමා ඍජුවම මැදිහත්වෙලා ඒ තත්ත්වය නැවැත්වීමට පියවර ගත්තා.

READ MORE - ස්වර ගමන තීරණය වන්නේ ජාතියක කතා ලීලාව අනුවයි

අද තියෙන්නේ ප්‍රේක්‍ෂකයා නොව සංවිධායකයා ආධිපත්‍ය දරන නාට්‍ය කලාවක්‌

අද තියෙන්නේ ප්‍රේක්‍ෂකයා නොව
සංවිධායකයා ආධිපත්‍ය දරන නාට්‍ය කලාවක්‌
- උදයසිරි වික්‍රමරත්න


"සුද්දෙක්‌ ඔබ අමතයි" අප මෙතෙක්‌ නොලද අත්දැකීමක්‌ ලඟාකර දෙන නාට්‍යයක්‌. නාට්‍ය කලාව යළි ප්‍රේක්‍ෂකයා අතරටත්, ප්‍රේක්‍ෂකයා යළි නාට්‍යාගාරය වෙතටත් ආකර්ෂණීය ලෙස ගමන්කරන මෙවන් කාලයකදි "සුද්දෙක්‌ ඔබ අමතයි" සාර්ථක ප්‍රතිචාර ලබමින් රඟ දැක්‌වේ.

"සුද්දෙක්‌ ඔබ අමතයි" අධ්‍යක්‍ෂණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි උදයසිරි වික්‍රමරත්න සමග සිනමා කලා සංග්‍රහය කළ සාකච්ඡාවක සටහන් මෙසේ පෙළ ගැස්‌වේ. "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍ය සම්ප්‍රදායෙන් බැහැරට යමින් කළ අත්හදා බැලීමක්‌ ලෙසයි ඔබ සලකන්නේ... නාට්‍යයට වර්ෂයක්‌ සපිරෙනවා. ඔබ දකින ගැටළු මොනවාද?

"සුද්දෙක්‌ ඔබ අමතයි" බින්දුවේ සිට ආරම්භ කළ නාට්‍යයකට වඩා සෘණ මට්‌ටමේ සිට ආරම්භ කළ නාට්‍යයක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. පුහුණුවීම් කරද්දී පවා නාට්‍යය පෙන්වන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අප තුළ තිබුණේ ඉතා අඩු මට්‌ටමකින්. නළුවෙක්‌ වේදිකාවේ තනියම එක දිගට කතා කරගෙන යද්දී ප්‍රේක්‍ෂකයා අහගෙන ඉඳිවීද... සාමාන්‍යයෙන් නාට්‍යයක එක නළුවෙකුගේ දෙබසක්‌ විනාඩි හතරකට පහකට වඩා දිග් වෙද්දී බෝරිං කියලා කියනවා. ඒත් "සුද්දෙක්‌ ඔබ අමතයි..." නාට්‍යයේ එක නළුවෙක්‌ එක දිගට විනාඩි තිස්‌පහකට වඩා කතා කරනවා. ඉතින් ප්‍රේක්‍ෂකයා නැගිටලා යයි... ඔය වගේ දේ තමා පුහුණුවීම් වලදී අපට තිබුණු ප්‍රශ්න. ඒත් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා නාට්‍යය රඟ දක්‌වද්දී.

නාට්‍යයකදී චරිත අතර ගැටුමක්‌ ඇතිවිය යුතුයි. ඒත් මෙහි එවැනි තත්ත්වයක්‌ නෑ. කොහොමද "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍යයක්‌ වෙන්නේ.

ඒ ප්‍රශ්නයත් අපට පුහුණුවීම්වලදී මතුවුණා. ඒත් ඒ ප්‍රශ්නෙට සාර්ථක උත්තරයක්‌ දෙන්න ලැබුණේ නෑ. නාට්‍යයෙන් ගැටුමක්‌ මගින් ප්‍රේක්‍ෂකයා නාට්‍ය හා රඳවා තබා ගන්නේ ඊළඟට වන්නේ කුමක්‌ද යන සැකය ඇති කරමින්. ප්‍රේක්‍ෂකයා තුළ නොවිසදෙන සැකයක්‌ කුතුහලයක්‌ මතුවෙනවා. ඒත් "සුද්දෙක්‌ ඔබ අමතයි" එවැනි සැකයක්‌ මතුවන්නේ නැහැ. ඒකට හේතුව නාට්‍යය තුළ සිදුවීම් නොමැතිවීම. කතා විතරයි. එතකොට කොහොමද නාට්‍යයක්‌ වෙන්නේ කියන ප්‍රශ්නය මතුවුණා. ඒත් මේ නාට්‍යයේ තියෙන විශේෂත්වය තමයි කථකයා ඊළඟට කුමක්‌ කියයිද යන ප්‍රශ්නය ප්‍රේක්‍ෂකයා තුළ ඇතිවීම. එනිසා ප්‍රේක්‍ෂකයා නාට්‍ය සමග බැඳී සිටින බව මම හිතනවා.

"සුද්දෙක්‌ ඔබ අමතයි ප්‍රදර්ශනයේදී" ඔබට ලැබුණ අත්දැකීම්?

ඇත්තටම පළමු දර්ශන වාරයේ සිටම අපි තව තවත් ඉගෙන ගත්තා. මංගල දර්ශනයේදීම හොඳ ප්‍රතිචාර ලැබුණා. පේරාදෙණිය සරසවියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී "සුද්දෙක්‌ ඔබ අමතයි" රඟ දක්‌වද්දී ලද ප්‍රතිචාර විශිෂ්ටයි. මෙවැනි ප්‍රතිචාර ලබද්දී නාට්‍ය වෙනුවෙන් අප විඳි දුක්‌ මහන්සිය, අපට එල්ලවූ දරුණු විවේචන නිසා ඇතිවූ සිත් පීඩාවන් සියල්ල අමතක වුණා.

මේ නාට්‍යයේ ගැටුමකුත් නැහැ. ඒත් ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙන බව ඔබ කියනවා. තනි නළුවෙක්‌ට එවන් ප්‍රතිචාර ලැබේවිද?

ඔබට එක උදාහරණයක්‌ කියන්නම්. එල්පින්ස්‌ටන් රඟහලේදී ප්‍රකට විචාරකයෙකු වන විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්‌ නාට්‍යය නැරඹුවා. නාට්‍යය අවසානයේදී ඔහු අප වෙත පැමිණ කීවේ බර්නාඩ්ෂෝට අනුව ගැටුමක්‌ නැති තැන නාට්‍යයක්‌ නැත. එහෙත් මෙහි නාට්‍යයක්‌ ඇත" කියා. රුවන්වැල්ලේදී ගුරු උපදේශක මහත්මයෙක්‌, ඔහු නාට්‍ය කලාව පිළිබඳව උපදේශකයෙක්‌ පැවැසුවා සම්මත නාට්‍ය මූලධර්ම අනුව මෙය නාට්‍යයක්‌ නොවූවත් මෙමගින් අලුත් නාට්‍ය මූලධර්මයක්‌ හදන්න පුළුවන් කියලා. චරිත අතර ගැටුමක්‌ නොවූවත් නාට්‍යයේ කථකයා හා ප්‍රේක්‍ෂකයා අතර ගැටුමක්‌ තිබෙන බව තවත් විචාරකයෙක්‌ කිව්වා.

ඔබ වරෙක පැවසුවා අද තිබෙන්නේ සංවිධායකයා ආධිපත්‍ය දරන නාට්‍ය කලාවක්‌ කියා. ඒ ඇයි?

මෙය ප්‍රවේශමෙන් කිව යුතු කරුණක්‌. නාට්‍ය සංවිධායකයන් නාට්‍ය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට දායකත්වයක්‌ ලබා දෙනවා. ඒක පිළිගත යුතුයි. ඒත් අනෙක්‌ පැත්තෙන් අලුතින් බිහිවන හොඳ නාට්‍ය ප්‍රේක්‍ෂකයා වෙතට යැමට බාධාවන ලෙස සංවිධායකයන් තම ඒකාධිකාරි බලය අයථා ලෙස යොදා ගන්නවා. මේ සංවිධායකයන්ගේ අනුග්‍රහය නොලබන හොඳ නාට්‍ය දර්ශන වාර දෙක තුනකින්ම නතර වෙනවා.

ඔබේ රැකියාව නාට්‍ය කලාව නොවේ. කොහොමද රැකියාව කරමින් නාට්‍යයක්‌ අරන් රට වටා යන්නේ?

මෙහි සම්පූර්ණ ගෞරවය මා පුද කරන්නේ මා සේවය කරන පීනික්‌ස්‌ අලෙවි ප්‍රචාරණ ආයතනයේ අධිපති අර්වින් වීරක්‌කොඩි මහතාට. නාට්‍යයක්‌ කරන්න කලින් මනුෂ්‍යයෙක්‌ ජීවත්ව සිටිය යුතුයි. මට ඒ හැකියාව සහ අවස්‌ථාව ලබාදී තිබෙන්නේ මගේ ආයතනයේ ප්‍රධානියයි. රටේ කලාව වෙනුවෙන් මගෙන් මෙහෙවරක්‌ සිදුවෙනවානම් ඒ ගෞරවයේ ප්‍රධාන හිමිකරුවා වන්නේ ඔහු. සමාජයේ අසරණව සිටි මා හිස ඔසවා සිටින්නේ ඒ නිසා. "සුද්දෙක්‌ ඔබ අමතයි" කරද්දී මගේ ආයතනයේ සහෝදර කාර්ය මණ්‌ඩලයේ සහායත් සිහිපත් කළ යුතුයි.

අජිත් අලහකෝන්


Copy Rights - Diwayina

READ MORE - අද තියෙන්නේ ප්‍රේක්‍ෂකයා නොව සංවිධායකයා ආධිපත්‍ය දරන නාට්‍ය කලාවක්‌

ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ

Wednesday, May 4, 2011

මිනිබිරියගේ කතාවෙන් ආත්තම්මාටත් ගුරුවරියටත් හීන්දාඩිය දාලා

අවුරුදු හතරක් පමණ වයසැති කුඩා දිය‚ය සහ ඇගේ ආච්චි බසයේ වාඩි වූ අතර යාබද අසුණේ සිටියේ තරුණ පෙනුමැති කාන්තාවකි. ඇය කිහිප විටක් කුඩා දැරියට මදහස පා කතා කිරීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ විය. පසුව තම අතේ තිබූ සතුන්ගේ පිංතූරු අඩංගු පොතක් රැගෙන බලන්නට වූවාය. ටික වේලාවකින් දැරියද පිංතූරු පොත දෙස එබී බලන්නට විය.

මද වේලාවකින් කාන්තාව —බබා මොන්ටිසෝරි යනවාදැ˜යි ඇසුවාය. දැරිය —නැහැ මම ඉස්කෝලේ යනවා˜ කීවාය. එවිට ආච්චි —ඇයි දුව බොරු කියන්නෙ. දුව මොන්ටිසෝරි යනවා කියලා ඇන්ටිට කියන්න˜ යැයි කීවාය. දැරිය —මම බොරුවට ස්කෝලේ යනවා කියලා කීවේ. මම යන්නේ මොන්ටිසෝරියට˜ යැයි සිනහවෙමින් පැවසුවාය.

—හා කමක් නැහැ. ඔයාගේ ගුරුතුමියගේ නම මොකක්ද˜ කාන්තාව විමසූ විට දැරිය නම කීවාය. මෙසේ කාන්තාව නොයෙකුත් ප්‍රශ්න ඇසූ අතර දැරිය ඒවාට පිළිතුරු දුන්නාය. අසන්නට ප්‍රශ්න නොමැති වූ නිසා කාන්තාව නිහ~ විය. දැන් දිය‚යගේ වාරයයි. —ඇන්ටිගේ නම මොකක්දැ˜යි ඇය ඇසූ කළ කාන්තාව නම කීවාය. —ඔයා රඬාවක් කරනවාද?˜ දැරියගෙන් තවත් පැනයකි. —ඔව් මම ගුරුවරියක්˜ කාන්තාව පිළිතුරු දුන්නාය. —ඔයා ගුරුවරියක් නෙමේ. ඔයා බොරු කියන්නේ.˜ දැරිය කීවාය. —ඇයි එහෙම කීවේ˜ කාන්තාව විමසූ අතර එයට පිළිතුරු දුන් දැරිය —ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ. එයාලා අඳින්නේ සාරි.˜ යැයි කීවාය.

කාන්තාව මුවින් නොබැන සිටි අතර ඇය දෙස හොඳ විපරමින් බැලු දැරිය —ඔයා කොන්ඩේ ඩයි කරලා නේද ඉන්නේ.˜ යැයි ඇසුවාය. කාන්තාවගේ මුහුණ ඇඹුල් විය. එය දුටු දැරිය, —ගණන් ගන්න එපා ඇන්ටි මෙහෙම හිටියට අපේ ආත්තම්මාත් කොණ්ඩේ ඩයි කරලා ඉන්නේ˜ යැයි කීවාය. ආච්චිට හීන් ඩාදිය දමන්නට වූ අතර බසයේ සමහරු සිනාසෙන්නට වූහ. වහා දිය‚ය නැගිටුවා ගත් ආත්තම්මා ඉදිරියෙන් ඇති බස් නැවතුමෙන් බැස්සාය.

කි්‍රස්ටෝපර් සීපියන්
අනුරාධපුරය

Copy Rights - Lankadeepa
READ MORE - ගුරුවරියක් ඔය ඇඳුම් අඳින්නේ නැහැ

අඟර දඟර චිත්‍රපටයේ දඟකාර නපුරී


ගයනි යනු නපුරු, දඟකාර චරිතයකි. ඇගේ මේ ගති පැවතුම් නිසා පාසලේ නේවාසිකාගාරයේ නතර කරවයි. ඒත් ඇය මේ මුරණ්ඩු ගති අත් හරින්නේම නැත. මේ නිසා මව්පියන් ඇයව ආපසු ගමට ගෙන්වා ගනී. ගමේ තනි කරන්නේ යහපත් වේවි කියා සිතාගෙනය. ගමේ පාසලේදී නදී නමැති ගුරුවරිය ඇයට හමුවෙයි. ගයනි යහපත්වෙන්නේ මේ ටීචර් නිසාය.

අඟර දඟර චිත්‍රපටයේ කතා සාරංශයෙන් බිඳකි ඒ. මේ නිවාඩු කාලයේ ළමුන්ගේ සිත්ගත් මේ චිත්‍රපටයේ ගයනි ලෙස රඟපාන ඇය ගැන විස්තර ටිකක් අපි දැන ගනිමු. ඇයගේ සම්පූර්ණ නම වන්නේ ශනුද්‍රි ප්‍රියසාද්ය.
නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් විද්‍යාලයේ ඉගෙනුම ලබයි. වයස අවුරුදු 13 කි. ඇයගේ පියා චිත්‍රපට අධ්‍යඬවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන දිනේෂ් ය. ශනුද්‍රිගේ අක්කලා දෙන්නා ඔබට අමුත්තන් නොවේ. දිනඬි සහ ශේෂාද්‍රි මේ දිනවල අපට හමුවන තවත් නව පරපුරේ ශිල්පිනියන් දෙදෙනෙකි. ඒ අක්කලා ගිය මග යන ශනුද්‍රි සැබෑ ජීවිතයේදී කොහොම කෙනෙක්ද?
සමහර වෙලාවට ටිකක් කේන්ති යන දැරිවියකි. අක්කලා සහ ඔබ අතරින් වඩා නපුරු කවුද කියා අප ඇසූ විට ඇය කිව්වෙ තුන්දෙනාම සමහර වෙලාවට සැර වෙන බවය. නරක වෙලාවට නරකයි. සැර වෙලාවට සැරයි. ශනු කියන්නේ එහෙමය.

එතකොට මේ චිත්‍රපටයේ රඟපාන විට මතකයේ රැඳි දේ මොනවාද?

එක්තරා ජවනිකා වෙනුවෙන් මට ළමයෙකු බේරාගන්න ගෙඟ් පනින්න සිද්ධ වුණා. මම පැන්නා. දර්ශනය ඉවර වුණාට පස්සෙ තමයි දැනගත්තේ ඒ ගෙඟ් කිඹුල්ලූ ඉන්න වග. කලින් දන්නවා නම් කීයටවත් පනින්නෙ නැහැ.
ඒ සිදුවීම ගැන කියන ශනුට හොඳට පීනන්නට පුළුවනි. ඒ වගේම නටන්න සහ සිංදු කියන්නත් පුළුවනි. මේ කාලයේ නව යෞවනයේ හද බැඳි ලෝප්‍රකට නව යොවුන් ගායක ජස්ටින් බීබර්ගේ ගීත අහන්න ශනු වඩාත් කැමතියි. ඊට අමතරව ලහිරු පෙරේරා ගයන ළබැඳියේ කියන සිංදුවටත් ඇය කැමතියි. දිවීමටත් ආසා කරන ඇය අක්කලා දෙන්නා එක්ක එකතු වී කදේ දාගෙන ඉන්නත් කැමතියිලූ. ගෙදරදි සිංදු අසමින් ඒ තාලයට ගෙදර අය ඉදිරියේ නර්තනයේ යෙදීම ඇයගේ පුරුද්දකි. බත් සහ පැණි රස කෑමට වගේම ඇඹුල් රස පලතුරු කෑමට හරිම ආසලූ.
කුඩා කාලයේදී මෙයා මුලින්ම රඟපාලා තියෙන්නෙ තාත්තා කළ ඔන්න බබෝ චිත්‍රපටයේයි. එහි රූගත කිරීම් කරන්න ගිය මොහොතක තාත්තා මෙයාට දුවගෙන එන්න කියා කීවලූ. ඒ දර්ශනය රූගත කිරීමටයි. ඒත් මෙයා කෙලින්ම ඇවිත්
තියෙන්නෙ තාත්තා ළඟටයි. ඇයි එහෙම කළේ? කියලා ඇහුවාම ඇය තාත්තාට කිව්වෙ zzඇයි ඔයා අනෙක් ඔක්කෝටම ඇක්ෂන් කිව්වෙ.. මට කිව්වෙ නැහැනේ˜ කියලලූ. එතකොට මෙයාගෙ වයස අවුරුදු තුනහමාරක් විතර ඇති.
මේ විදියට හැසිරීම් ඇති ශනු අද අම්මාට ගෙදර වැඩවලට ගොඩක් උදව් කරන බව අම්මා කියනවා. මෙයාගේ නරක ගති මොනවද කියලා අම්මගෙන් ඇහුවාම ඇය කිව්වෙ ඕන වෙලාවක කෑම ගැන අහන එක තමයි කියලයි. කෑමට කැමතියි වගේම මෙයාගෙ කටත් වෙලාවකට සැර බව කියන්නම වෙනවා. ඒ වගේම කතාවත් ටිකක් වැඩියි.

විලාසිතා අතරින් කලිසම අඳින්න වඩා කැමති ශනුට අත්හරින්නම බැරි පුරුද්ද මොකක්ද කියා ඇසූ විට ඇයගේ අම්මා කිව්වෙ මොන දේ කළත් ඇයගේ හිත කුස්සියේ වෙන්නෙ මොනවද කියලා දැන ගැනීමේ කුතහලය බවයි. කොහොම වුණත් මේ සියල්ල අතරේ ශනුගේ ප්‍රධාන අරමුණ හොඳට ඉගෙනගෙන බැංකු රැකියාවක නිරත වීමයි.

සටහන/ ඡායාරූප
සඳුන් ගමගේ

Copy Rights - Irida Lankadeepa
READ MORE - අඟර දඟර චිත්‍රපටයේ දඟකාර නපුරී

ලා නිල් තමයි මගේ ආසම පාට..........

Tuesday, May 3, 2011


* සම්පූර්ණ නම - සුබෝධනී ප්‍රියදර්ශනී

* උපන් දිනය - 1989 ජූලි 04

* ඉගෙන ගත්ත පාසල - මැද මහනුවර මධ්‍ය මහා විද්‍යාලය

* ගම - මැදමහනුවර

* පාසලේදී කැමතිම විෂයයන් - නර්තනය, නාට්‍ය සහ රංග කලාව

* මේ දවස්‌වල මොනවද කරන්නේ ?
සුරේෂ් කුමාරසිංහගේ "සිහින සිතුවම්" ටෙලිනාට්‍යයේ රඟපානවා. ඊට අමතරව අනුර වරාගොඩගේ "අහස්‌ පව්ව" සහ බුද්ධික ගුණදාසගේ "හිරු දුටු පිණි" ටෙලිනාට්‍ය දෙකෙත් රඟපානවා. තවත් බෙනසින් ජයවීරගේ "දෑසේ දිස්‌නය" චිත්‍රපටයේත් රඟපානවා.

* අනාගතයේ කවුරු වෙන්නද කැමැත්තෙන් හිටියේ ?
දක්‌ෂ රංගන ශිල්පිනියක්‌ වෙන්න

* එතකොට සුබෝධනී රැකියාවක්‌ කරන්න කැමති වුණේ නැද්ද ?
නර්තන ගුරුවරියක්‌ වෙන්න කැමැත්තෙන් හිටියා. තවමත් ඒ කැමැත්ත අඩු වෙලා නැහැ.

* විලාසිතාවලට කැමතිද? කැමතියි.

* සුබෝධනීට ගැළපෙන විලාසිතා තෝරාගන්නේ කොහොමද ?
මම හිතනවා මට ගැළපෙන්නේ සරල විලාසිතාවන් කියල. විශේෂයෙන් කලිසමයි ටීෂර්ට්‌ එකයි අඳින්න කැමතියි.

* කැමතිම පාටක්‌ තියෙනවාද?
ඔව්. ලා නිල්. ලා නිල් තමයි මගේ ආසම පාට.

* ලස්‌සන වෙන්න මොනවද කරන්නේ ? විශේෂයෙන් මුකුත් කරන්නේ නැහැ. හොඳට කනවා. සතුටින් ඉන්නවා.

* සුබෝධනී සමාජ සේවයට කැමති තරුණියක්‌ද?
ඔව්. ගොඩක්‌ ම කැමතියි.

* ඔබට ලංකාවේ අසරණ පවුල්වලට උදව් කරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් මොනවද කරන්නේ?
මට පුළුවන් විදිහට හැකි උපරිමයෙන් ම ඔවුන්ට උදව් කරනවා. මුදල් පරිත්‍යාග කරන්න අවස්‌ථාවක්‌ ලැබුනොත් එය කරනවා. වචනයෙන් හරි එවැනි ජනතාවට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.

* ආදරය විඳින්න කැමති කෙනෙක්‌ද?
ගොඩක්‌ කැමතියි. ආදරය විඳලත් තියෙනවා. නමුත් දැන් නැහැ. හරි විදිහේ ආදරයක්‌ ලැබුණොත් ජීවිතය බොහොම සුන්දර වෙන බව දන්නවා.

* ඔබට මේ තත්ත්වයට එන්න උදව් කළේ
ගොඩක්‌ ම මගේ පාසලේ නැටුම් ගුරුවරිය වූ සන්ධ්‍යා මිස්‌. ඒ වගේම පාසලේ විදුහල්පතිනිය, අනික්‌ ගුරුවරුත් මතක්‌ කළ යුතුයි. මගේ දෙමාපියන් සහ පවුලේ අය හැම දෙයකටම උදව් කරනවා.

* පවුලේ තොරතුරු - අම්මයි, අප්පච්චියි, අක්‌කලා දෙන්නයි. අක්‌කලා දෙන්නාම විවාහකයි. සියළු දෙනාම ඉන්නේ නුවර.

* අනාගත බලාපොරොත්තු - රංගන ශිල්පිනියක්‌ ලෙස ඉදිරියට යන්නත් දැනට මා හදාරන බාහිර උපාධිය නිම කරමින් දක්‌ෂ නැටුම් ගුරුවරියක්‌ වෙන්නත් බලාපොරොත්තු තියෙනවා.


හරින්දී ලියනගේ
පින්තූර - නිශාන් එස්‌. ප්‍රියන්ත

Nawaliya
READ MORE - ලා නිල් තමයි මගේ ආසම පාට..........

ගැහැනු කයක්‌ සහිතව ඉපදී විවිධ අතවර විඳි අනෝමා

ගැහැනු කයක්‌ සහිතව ඉපදී
විවිධ අතවර විඳි අනෝමා



"අනෝමා ජනාදරී" ඔබට අලූතින් ම හඳුන්වා දිය යුතු තැනැත්තියක්‌ නොවේ. ඇයගේ රංගනයන් සිනමාවෙන්, පුංචි තිරයෙන්, වේදිකාවෙන් ඔබ ඕනෑ තරම් දැක තිබෙනවා. අපි මේ කියන්නට යන්නේ ඇයගේ රංගනය ගැන නම් නොවෙයි. අනෝමා, අලූත් වැඩකට අත ගහලා, ඒ ඇගේ ජීවිත කතාව පොතක්‌ ලෙසින් පළ කරන්නට. එහි පළවෙනි කොටස හෙට, මැයි මාසේ 03 දා ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේදී දොරට වඩිනවා.

"කුඩා ගැහැනු දරුවෙකු විදියට මම, මගේ ජීවිතයට මුහුණදෙන්නට සිදු වුණ කටුක අත්දැකීම් මැද්දේ කකුල් දෙක බිම ගහගෙන, ඉදිරියට ආවේ කොහොමද කියලා මං මේ පොතේ ලියලා තියෙනවා."

අනෝමා කතා බහ පටන්ගත්තේ එහෙමයි.

පුංචි දැරිවියකව සිටි අවදියේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක්‌ වූ කාලසීමාව ඇය මෙම කෘතියට එකතු කරගෙන ඇත.

"මම මේ පොත නම් කරලා තියෙන්නේ "පුනරුක්‌ති" නමින්. මෙහි ඇතුළත් වෙන සියලූ දේ සත්‍යයයි. මගේ කුඩා කාලයේ සිටම මට දැනුන දෙයක්‌ තමයි ගැහැනු කයක්‌ සහිතව ඉපදීම නිසා මට විවිධ අතවරයන්ට මුහුණදීමට සිදු වූ බව. ශාරීරික පීඩාව ගැන විතරක්‌ නෙමෙයි මං මේ කියන්නේ. ශාරිරික පීඩාව අභිභවා යන දෙයක්‌ මානසික පීඩාව, ශාරීරික පීඩාව අමතක වෙනවා, ඉවරවෙනවා. ඒත් මානසික පීඩාව සදාකාලිකයි. ඉතිං කුඩා දරුවෙක්‌ විදියට මං මේවාට මුහුණ දුන්නේ කොහොමද කියලා මං මේ පොතේ ලියලා තියෙනවා. පොතේ එක තැනකත් මං ලියලා තියෙනවා, "අම්මයි, තාත්තයි මාව සමාජයට විසි කළේ හරියට කුණු ගොඩකට කුණු වීසි කරනවා වගේ. මට ලේසියෙන් කුණු වෙලා යන්න තිබුණා. ඒත් ඒ හැම වෙලාවෙම මං පැළ වුණා. "මෙන්න මේ අත්දැකීම් කවදා හෝ පොතක්‌ මගින් එළිදක්‌වන්න ඕන කියලා මං හිතාගන හිටියේ.

මගේ කුඩා කාලේ හරිම සුන්දරයි, නැවුම් ඒ දරුවාට සමාජයේ වැඩිහිටියන් සිද්ධ කරන දේ තමයි මං ලියලා තියෙන්නේ.

අම්මා, තාත්තා, නෑදෑයෝ , වැඩිහිටියන් හැම දෙනාටම නිල නොලත් බලයක්‌ ලැබෙනවා. අර පුංචි දරුවාට අඩන්තේට්‌ටම් කරන්න. මේකට කියන්නේ හරියාකාරව සමාජගත කරනවා කියලා. නමුත් කරන්නේ මොකක්‌ද මානසිකව පීඩාවකට පත් කිරීමක්‌.

මට මතකයි මං වැඩිවියට පත්වෙලා ගේ ඇතුළේ ඉද්දී මට දුන් අවවාද. මං අහන්නේ මේ දේවල් ඒ ගොල්ලෝ පිළිපැද්ද ද? මං පොඩි කාලෙත් මේවා ප්‍රශ්න කළා. එයාලට කරන්න බැරි වුන දේ අනෙක්‌ අය ලවා කරවන්න උත්සාහ කරනවා. මට දෙයක්‌ එපා කිව්ව නම්, මං ඒ දේ කළා. මට කලිසමක්‌ අඳින්න දුන්නේ නෑ. බයිසිකලයක්‌ පදින්න දුන්නේ නෑ. ඒ ගෑනු ළමයෙක්‌ නිසා. මගේ අයියාට දීපු පහසුකම් මට දුන්නේ නෑ. එයාට පුළුවන් තරම් පහසුකම් සපයන අතරේ, මට ගෙදර වැඩ, රෙදි සෝදන්න, අනෙකුත් වැඩ. ඒ වුනත් අයියාට බලය තිබුණා මට ගහන්න. අඩන්තේට්‌ටම් කරන්න. ඒ පිරිමියෙක්‌ නිසා. මං අහන්නේ කොහොමද එහෙම බලයක්‌ දෙන්නේ. මටත් පුලූවන් එයාට ගහන්න. මං එයාගේ ඔළුව පැළුවා..

ළමයි කවුරුත් ළමයි. ගැහැනු පිරිමි කියලා බේදයක්‌ තියෙන්න බෑ. හැමෝම සමානයි. මෙන්න මේ ගෑනු පිරිමි වෙනස ගෙදරදීම හදන නිසා තමයි ළමයි සමාජගත වන විටත් වෙනස්‌කම් ඇතිව සමාජගත වෙන්නේ. ඊට පස්‌සේ ගෙදර ඉන්න කාන්තාවට සලකන්න ඕන කොහොමද කියලා පිරිමියා දන්නේ නෑ. සමාජයේ අනිත් කාන්තාවන්ට සලකන්න දන්නේ නෑ. මේ නිසා තමයි තමන්ගේ ශරීරය සංතෘප්ත කරගෙන ගෑනිට පිහියෙන් ඇනලා මරලා දාන්නේ. දරුවෝ අතවරයට පත් කරන්නේ.

ඉතිං, මට ඕන වුනේ කාන්තා පරපුරට විශේෂයෙන්, හෙට කාන්තා පරපුරට මෙන්න මේ දේ දැනුම් දෙන්නයි. දරුවෙක්‌ ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්‌ , තාත්තා කෙනෙක්‌ මේ පොත කියවන්න කියලා මං ඉල්ලා සිටිනවා. තමන්ගේ ගැහැනු දරුවාට වෙනස්‌කම් නොකර මානසික, පීඩාවකට ලක්‌නොකර හදා ගන්න එය උදව්වක්‌ වේවි.

මම දන්නවා, මේ පොතේ තියෙන්නේ මගේ කතාව වුනත්, මේක බහුතරයකගේ කතාව. ඒත් ඔවුන් තමන් මුහුණ දුන් අසාධාරණය හෙළි කරන්නේ නෑ. නමුත් මම ඒ දේ කළා." අපි මේවා සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ මේ අසාධාරණකම් දිගින් දිගටම සිදුවීම පමණයි.


චාමරි බණ්‌ඩාර
ඡායාරූප - සුජාතා ජයරත්න

Nawaliya
READ MORE - ගැහැනු කයක්‌ සහිතව ඉපදී විවිධ අතවර විඳි අනෝමා

ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

Thursday, April 28, 2011

මම තැපැල්හලට යමින් සිටියෙමි.

දැරියක් බළල් පැටවකු අත දරා පාර අයිනේ සිටියා ය.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’ ඇය මඟ යන එන්නන්ගෙන් ඉල්ලා සිටියා ය.

කවුරුත් ඇය දෙස බලා, ඇගේ බස ගණන් නොගෙන ම තම ගමන යන්නට වූහ.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’

ඇය මගෙන් ද ඉල්ලීම කළා ය.

මම නැවති ඇගෙන් තොරතුරු විමසිමි.

’අනේ නැන්දෙ, මම පූස් පැටියන්ට හරිම ආදරෙයි. ඒ හින්දයි මං මේ පැටියව දුර ඉඳල ගෙදර අරං ආවෙ. ඒත් අම්ම කියනව, “එපා. උගෙ නැට්ට කැතයි” කියල. අනේ නැන්දෙ මේ සතාව ඔයා අරං යන්ඩ’

ඇය බළල් පැටවා මට දිගු කළා ය.

මම බළල් පැටවාගේ වල්ගය දෙස විමසිල්ලෙන් බැලීමි. කතාව ඇත්තකි. උගේ වල්ගය අගින් දෙකට බෙදී තිබේ. හරියට පියරු මලක් මෙනි.

අහිංසක දැරියගේ ඉල්ලීමට පිටු නොපෑ හැකිය. ඒ ඇරත්, බළල් පැටවාට මගේ හිත ගියේ ය.

එතැන් පටන් ඒ බළල් පැටවා අපේ ගෙදර සුරතලා බවට පත්වූයේ ය. කෙමෙන් ඌ ලොකු මහත් වූයේ සිත් අලවනසුලු සුන්දරත්වයක් උරුම කර ගනිමිනි.

තරුණ වියට එළඹි මේ හුරතලා දිනක් හිටිහැටියේ ම අතුරුදහන් වූයේ ය. සොයා බැලුව ද හමු නොවීය. මට දැනුණේ පාළුවකි. උගේ කෝප්පය හා පිඟාන නෙත ගැටෙන විට හිතට ශෝකයක් එන බැවින් මම ඒවා නොපෙනෙන තැනක සැඟවූයෙමි.

සති කිහිපයක් ගෙවී ගියේය.

රැයක බළල් හුරතලාගේ හඬ ඇසිණ. මම දොර හැරියෙමි. ඌ මා දෙපයේ ඇතිල්ලෙන්නට වූයේය. ඌ කියන කතාව මට නොතේරිණ.

කෝප්පය හා පිඟාන යළි එළියට ගන්නට කාලය ආවේය.

බළල් හුරතලා යාබද ගෙදරක බළල් හුරතලියක හා පෙමින් වෙළී ඇති බව මට වැටහිණ.

විටෙක ඌ වත්ත පහළට ගොස් යාබද නිවසෙහි වෙසෙන බළල් හුරතලිය අමතයි. එවිට ඇය ඔහු වෙත දිව එන්නීය. දෙදෙනා මුහුණට මුහුණ ළං කරගෙන මොන මොනවාදෝ කියා ගනිති.

බළල් හුරතලිය මවක වන ලකුණු පහළ වී ඇති බව පසුදිනෙකදී මට වැටහිණ.

දවසක් රෑ වැස්සේ ය. මම කුටියෙහි පියන් පතක් පමණක් විවර කොට පොතක් කියවමින් සිටියෙමි.

කළු පැහැති සතෙක් කටින් යමක් ඩැහැගෙන කවුළුවෙන් කුටියට වැදී යහන යට සැඟවෙනු මට පෙනිණ. මම විදුලි පන්දම ගෙන එල්ල කළෙමි. කාරණය මට පසක් විය. බළල් හුරතලිය මවක වී සිටී. ඇය පැටවා ද රැගෙන පියා ගේ නිවසට ම පැමිණ ඇත.

මම පරණ තුවායක් ගෙන තෙමී සිටි පැටවා ද මව ද පිසදැමීමි. අනතුරු ව කාඩ්බෝඩ් පෙට්ටියක් සොයාගෙනැ’විත් දෙදෙනාට සුව පහසුව සැලසීමි.

මම මවට කෑම ටිකක් දුනිමි. ඇය වගේ වගක් නැතිව අඩවන් දෑසින් බලා සිටියා ය. පැටවා ඇගේ කුසට පයින් අනිමින් කිරි උරා බොමින් සිටියේ ය. ඇය ඔහු තුරුලු කොටගෙන මවු සෙනෙහස විඳින්නීය. ඉතින් ඇයට මොන කෑමක් ද?

කෙටි කලක් ගතවිය.

බළල් පියා, මව සහ දියණිය සතුටින් විසූහ.

බළල් පියා දැන් ඉස්සර මෙන් පිඟානේ කෑම සියල්ල ගිල නොදමයි. ඌ කන්නේ බාගයකි. ඉන්පසු ඌ අමුතු හඬක් නංවයි.එවිට බළල් බිරිය පැමිණ සැමියා ඉතිරි කළ කොටස මහත් කැමැත්තකින් කා දමා තම මුහුණ සැමියාගේ මුහුණට ළං කරගෙන සිටින්නී ය.

විටෙක මට එදා බළල් පැටවා දුන් දැරිය සිහිපත් වෙයි. ඇය කොතැනක සිටිනවා දැයි නොදනිමි. ඇතැම් විට තැපැල් කන්තෝරු පාරේ දී ඇය අහම්බෙන් මුණගැසෙනු ඇති. එවිට මම ආරංචිය දෙමි.

’අනේ නැන්දෙ මටත් ආසයි බලන්ඩ! ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?’ ඇය එසේ කියනු ඇත.

ඇගේ මුහුණේ පිපෙන සතුට මට විඳගත හැකි ය.

සොබාදහම අපට කෙතරම් සුන්දර දේ දී තිබේ ද? විමසුම් ඇසත්, මැදිහත් සිතත්, අවබෝධයත් ඇත්නම් අපට ඒවායේ මිහිර විඳගත හැකිය.

Copy Rights - Silumina
READ MORE - ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

සඳනි ගේ අලුත් පිම්ම

Adopted From Srilanka Mirror Web


නාලන් මෙන්ඩිස්ගේ ''වාසනාවේවා'' ටෙලි නාට්‍යයේ උත්තරාගේ චරිතය රඟපාමින් ඉහළ ප්‍රේක්‍ෂක ප‍්‍රතිචාරයක් සහ ජනප‍්‍රියත්වයක් දිනාගත් සඳනි සුලක්නා චරිත මවන අලුත්ම චිත‍්‍රපටය වන ”සුරංගනා ලොවින් ඇවිත්” චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කර තිබේ.

සීගිරිය, පාදුක්ක, අතුරැගිරිය, මීපේ හා බණ්ඩාරගම ආදී ප‍්‍රදේශ ගණනාවක මෙම චිත‍්‍රපටයේ රූග කිරීම් සිදු කිරීමට නියමිතය.

ඉසුරු ගේ ”කලර්” චිත‍්‍රපටයේ රඟපාලා රිදී තිරය කෙරෙහි පහන් සිතුවිල්ලකින් සිටි සදනිට මෙම චිත‍්‍රපටයෙන් ලැබුණු සුරංගනාවකගේ චරිතය අලුත් පිම්මක් බව ඇය ගේ අදහසයි.

දරුවන් හය දෙනෙකු සමඟ බැඳී තිබෙන එම චරිතයට තමා වඩාත් මනාප බවද ඇය පවසන්නීය.

සුරංගනා ලොවෙන් ඇවිත් සුනෙත් මාලිංග ලොකුහේවාගේ දෙවැනි සිනමා නිර්මාණය වේ.

මෙහි කතාවස්තුව ගෙතී ඇත්තේ නිවාස සංකීර්ණයක වෙසෙන පිරිමි දරැවන් තිදෙනෙකු හා ගැහැණු දරැවන් තිදෙනෙකු වටාය.

සුරලොවින් පැමිණෙන සුරංගනාවක් සමඟ මිතුරු වන දරුවන්ට දුටුගැමුණු මහරජු, වීර පුරන් අප්පු, ෂර්ලොක් හෝම්ස්, ඇලඩින් හා ඇලඩින්ගේ මුද්දේ සිටින භූතයා ඇතුළු සුවිශේෂී වූ චරිත කිහිපයක්ම දැන හදුනා ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම චි‍්‍රපටය හරහා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා දුටුගැමුණු චරිතය නිරූපණය කිරීම ද විශේෂ සිද්ධියකි.

වීපුරන්අප්පු ලෙස වසන්ත කුමාරවිලත් ඇලඩින් ලෙස මිහිරි සිරිතිලකත් භූතයා ලෙස ජනක රණසිංහත් ෂර්ලොක් හෝම්ස් ලෙස පුබුදු චතුරංගත් චරිත නිරෑපණය කරති.

READ MORE - සඳනි ගේ අලුත් පිම්ම