----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මිනිසුන්ට පමණයි

Thursday, April 21, 2011

ඔමර් ඛයියාම්ගේ - රුබායියාට්‌ කවි පොත ඇසුරින්


ඉංග්‍රීසි පරිවර්තනය- එඩ්වරිඩ් පිට්‌ස්‌ජෙරල්ඩ්ගේ
සිංහල පරිවර්තනය- ජී. බී. සේනානායක / විනී විතාරණ

ඛයියාම්ගේ ජීවන දර්ශනය

ජීවිතය එකත් පසකින් කුරුටු ගානා විට මිනිසාට තවත් පසකින් තර්කය සහ ඥනය ඒකාබද්ධ වන බව ලියොටාඩ්ගේ තර්කය විය. එකී ජීවිතයේ මිනිසා විසින් අවශෝෂණය කරගනු ලබන තම රුචි අරුචිකම් මත පරිකල්පනය තුළින් නිර්මාණය වන බව රහසක්‌ නොවේ. ඛයියාම්ගේ (ඔමර් ඛයියාම්ගේ) රුබායියාට්‌ කවි පොතද එසේම ය. එනම් ඔහු වටා පරිකල්පනය වූ සමාජ වස්‌තූන්ද, සිතිවිලි ද ඔහුගේ පන්හිඳෙන් ප්‍රතීයමාන විය. එනම් ගී පොත, මීවිත, රෝසමල් සහ ස්‌ත්‍රිය යි. ඛයියාම්ගේ රුබයියාටය වැදගත් වන්නේ ඕනෑම සමාජ ස්‌ථරයක ජීවත් වන ඕනෑම කෙනෙක්‌ට කියවා රස විඳිය හැකි සමාජය අනාවරණය (discovery/finding) ඒ තුළින් ගම්‍ය වන බැවිනි. සරලව කියන්නේ නම් "කාලක්‌ ගහන මිනිසුන්ටද කාලක්‌ නොගහන මිනිසුන්ටද" ඛයියාම් සමීප විය.

ඛයියාම්ගේ ජීවිත දර්ශනයේ මූලාංකුර වැපිරෙන්නේ තර්කය, ඥනය ප්‍රතිබද්ධ පරිසරයක නොව ඒ වටා ගෙතී ඇමුණුන පුද්ගල යථාර්ථයෙන් බව බොහෝ විචාරකයන්ගේ ප්‍රධාන තර්කයක්‌ විය. එනම් විඥනවාදී තර්කනයෙන් බැහැර වූ පරිකල්පීය ජීවිතය යි. එය ආගණනය (computation) වූ කතාන්දරයකි. (story) හුදෙක්‌ එය සුඛපරමවාදී යෑයි අපට තර්ක කළ නොහැක. ඔහුගේ ගී පොත ඒ අතරින් සමාජමය පරිකල්පනය විවර කරවාලයි. ඔහු මරණය දකිනුයේ වැළඳ ගත යුතු සදාතනික මිහිරියාව ලෙස වුවද ඒ සඳහා කැප කළ යුතු සුඛපරමවාදී බවක්‌ නොමැති වූ විලසයි. ඔහු තම ගී පොත තුළින් මතුපිටින් තවරනුයේ මෙකී යථාර්ථයයි.

ගසක සෙවණෙහි පූපයක්‌ ගෙන

සුරා බඳුනක්‌ හා කවි පොතක්‌ ගෙන

ළංව හිඳී මට

ඔබ වනයෙහි,

ගී ගයන කල්හි,

වනය දෙව් ලොවකි.

(සේනානායක, XI- P 28)

ඛයියාම් අමතනුයේ ඔහු වටා ඇති සමාජයටය. එය පූපයක්‌, සුරා බඳුනත්, කවි පොතක්‌ රැගෙන ආ ඔහු දුටු ඇය යි. ඛයියාම් කතා කරයි ඔහු නිහඬව විඳියි. ඉපදුණේ කැපවී මිථ්‍යාවටද... ඔහු අසයි. එනිසාම ඔහුගේ කවි පොතේ ඇති අලංකාරෝක්‌තිය (rhetoric) ගසක සෙවණක්‌ සේ වැතිරෙයි. මේ ඛයියාම්ගේ නිහඬ දැක්‌ම වේ. ඔහු මෙසේ ලියයි.

මෙන්න

මා නුවණ බිජුවට ගෙන

මිනිසුන් හා එක්‌වූ ගෙන

වපුරා ගෙන

කය වෙහෙසා

වසාගෙන

ලබාගත් අස්‌වැන්නක සැටි

දිය මෙන් අවුත් සුළඟ මෙන් යමි.

(සේනානායක, XXVIII- P 37)

ඛයියාම් ප්‍රකාශ කරන ජීවිත හරය ගී පොත තුළ අතීයමාන වෙයි. ඔහු තම දර්ශනයෙන් හුවා දක්‌වන්නේ ඥනය තර්කය අභියස දියාරු වී යන පුද්ගල අභිරුචීන්ය. එය නූතන මනෝ විද්‍යා පරිකල්පනය හා ප්‍රතිබද්ධ කරන විට ඉඩ් (Id) පිනවීම හා සුපර් ඊගෝ (Supper Ego) අතර ඇති අවිඥනික බලරෝධනය මවාපායි. ඛයියාම් දක්‌වන ජීවිත යථාර්ථය මෙයයි. එනම් "සුළඟ මෙන් අවුත් දිය මෙන් යාමේ" ක්‍රියාවලිය (Process) යි.

ඛයියාම් දක්‌වන ප්‍රධානම ආලිප්තය මීවිතයි. මිනිසකු උපත ලැබුවේ සුඛපරම ලෝකය තුළය. ඔහු උරුම කර ගන්නේ තමා රැගෙන ආ ජීවිතයද? නොඑසේ නම් තමාට හිමිවූ ජීවිතයද? ඛයියාම් විසන් තර්ක කරයි. චිත්තරූපය (mental image) සොලවයි. ඔහු මධුවිත අමුර්තය ලෙස දක්‌වන්නේ මෙනිසාය. එය හුදෙක්‌ "සුරා සොඬකු" ප්‍රතීයමාන නොකරයි. ඔහු විසින් මවාදෙන පරිදර්ශනය ඉතා වැදගත් වෙයි.

ජීවන උල්පත දැනගන්න

මැටි බඳුන වෙත ගිය මට

මගෙ තොල මත තොලට

ළං කළ විට ඒ මැටි බඳුන කී

"මැරී නොඑන නිසා යළි

දිවි තිබෙන තුරු බොන්න සුරා..."

(සේනානායකල xxxiv-p 40)

ඉහත පද්‍ය ආකෘතිය මඳක්‌ විමසන විට අපට ගම්‍ය වන ප්‍රධානම ඛයියාම්ගේ සුරාවිත තර්කනය ඉතා පැහැදිලිව ප්‍රතීයමාන වේ. එනම් ඛයියාම් ජීවිතයේ ආරම්භය දැන ගැනීමට සොයා යා යුතු එකම හරය සුඛ විහරණය බව ප්‍රකාශ කරයි. එය හුදෙක්‌ මැටි බඳුන්ක පමණක්‌ නොව ප්‍රාණ වායුවෙන් සැදුම්ලත් මිනිසා සමඟ ආත්මීයව ප්‍රතිබද්ධ වූ සුරා බ\qනක්‌ බව ඛයියාම් විසින් ප්‍රකාශ කරයි. "මැරී නොඑන නිසා යළි දිවි තිබෙන තුරු බොන්න සුරා..." යෑයි මැටි බඳුන ප්‍රකාශ කරන තර්කය ඛයියාම්ගේ ජීවිතය යි. පුද්ගලයා උපත ලැබුවේ මියයැමට නම් මියගිය පසු යළිත් මෙම ආත්මය ලබාගත හැකිද? ඉන් නැවත ලබාගත නොහැකි තෘප්තිකර ආශාවත්, සුරා බඳුන් මිනිසාට හිමි නොවේ. ඛයියාම් අසන්නේ කියන්නේ තාවකාලිකව හෝ ඔහුගේ සිතුවිලි අවරෝධනය කරදෙන බවය. එනිසා ඔහු පණ්‌ඩිතයන්ගෙන් අසයි. සුරාව නොබොන පණ්‌ඩිතයාද සුරාබී මියගිය පුද්ගලයා ද වළලනු ලබන්නේ එකම හිස්‌ පස්‌ බිමක බවයි.

ඛයියාම් කාලානුක්‍රමය (Chronology) මිට මොළවයි. මධු විතින් සොලවන ඔබේ බුද්ධිය සදාචාරය තුළ කැටි කරන්නේ රෝස මලිනි. ඔහු සුරා සොඬකු නොවන්නේ මෙනිසාය. ඔහු සුරාවෙන් මත් නොවීමටත් ලෝකය දැකිය යුතු බවත්, ඒ තුළින් විනිවිද දකින සෞන්දර්යත් ප්‍රතිබද්ධ කරයි. ඛයියාම්ගේ මීවිත තර්කය පූර්ණය වන්නේ රෝස මලිනි.

බලන්න

හිර නැඟුණ විට

එක දහසක්‌ මල් පිපී,

තව දහසක්‌ මල් වැටී

ගිය සැටි.

ගිම් කල මේ මුල් මසෙහි

රෝස මල් පිපෙන්ට වෙයි.

එහෙත් මේ මසෙහි ජම්සිද් සමග තයිකොබොද් මෙලොවින් පැහැර ගැනෙයි.

සේනානායක ( VIII-P-27)

ඛයියාම් මීවිත පුරවන්නන්ගේ පාර්ශ්වයට එක මොහොතක පැමිණෙයි. ඔහු ඔවුන්ගේ වීරයා වෙයි. දැන් ඔහු ඔවුන්ව සොලවයි. ඔවුන්ට කතා කරයි. මීවිත පුරවන්නන් ඔහුට ඇහුම්කන් දෙන්නේ ඔහු ඔවුන්ගේ යථාර්ථය දුටු නිසාය. දැන් ඔහු කියන මේ යථාර්ථයද භාග්‍යයක්‌ බව මීවිත පුරවන්නන්ට පැහැදිලි වෙයි. ඔහු තම පරිකල්පන මධ්‍ය යොදාගනු ලබන්නේ හුදෙක්‌ සියුමැලි වර්ණවත් රෝස පෙති අතරින් දිග හරින ජීවිතයේ ශෘංගාරාත්මක ඉසව්වකට නොව ඒ තුළින් ගම්‍ය කරනුයේ පුද්ගලයාත්, මරණයත්, තර්කයත් අතර ඒකාබද්ධ වූ සනාථන සත්‍යයි. "ගිම් කල මේ මුල් මසේ - රෝස මල් පිපෙන්නට වෙයි..." යෑයි ඔහු ප්‍රකාශ කරන්නේ මෙනිසාය. එය හුදෙක්‌ රෝස මලට පමණක්‌ සිදු කිරීමට හැකි වූ ඒකපාර්ශ්වීය ක්‍රියාවක්‌ නොව "බලන්න හිර නැඟෙන විට එක්‌ දහසක්‌ මල් පිපී..." යෑයි ඔහු තර්කනයට හසුකර පෙන්වන ජීවන දෘෂ්ටිය ඉතා වැදගත් වේ. ඔහු පෙන්වයි. ජම්ඩිද් ද තයිකොබාද් ද අද නැත. ඔහුගේ පදාර්ථය (matter) ද පරමාදර්ශය (ideal) දැන් අවදි වේ. මධුවිත පිරූ මධුවිත ලෝලීන් ඇස්‌ ඇර බලයි. මෙනිසාම ඛයියාම් සුරා සොඬුන් නිර්මාණය කළා නොව ඔවුන්ට කතා කළා පමණි.

ඛයියාම් මෙකී ජීවන දර්ශනය ප්‍රධාන හර පද්ධතීන් ගලපා දක්‌වන වැදගත් පද්‍ය ආකෘතියක්‌ ලෙස පහත පද්‍ය නිදසුන් දේ.

මා දොරකඩ පැමිණියද

යතුර සොයාගත නොහැකි විය

මා නිරයට පැමිණියද

එය පලා දක්‌නට නොහැකි විය

අප කතා කළාක්‌ මෙන් දැණුනි

කථාවක්‌ එහි නොවීය



ඉක්‌බිති අප දෙදෙන

තොපිත් මමත්

දෙදෙන නැතිවිය.

(සේනානායකල XXXII-P-39)

ඛයියාම්ගේ ජීවන හරය ප්‍රධාන සංකල්ප රූප තුළ හුවා දක්‌වමින් ඔහු ඉදිරිපත් කළ හරය ඉහත පද්‍ය පාඨයෙන් මනා ලෙස ප්‍රතීයමාන වෙයි. ඔහු දක්‌වන පරිදි පුද්ගලයාගේ ඉපදීමේ මුල සොයාගත නොහැකි විය. මරණය ඇති බව පෙන්වන නමුත් එය පළා යා නොහැක. එය නියතාර්ථය (precision) වේ. රෝස මල මීවිත, ස්‌ත්‍රිය මෙන්ම කවිපොත එක්‌ පාර්ශ්වයකින් සුඛවිවරණය ගෙන ඔහුට මිදී යා ගත හැකිදැයි සහෘදයාගේ ඥනය තර්කනයට ලක්‌ කරයි. නමුත් ඛයියාම් දක්‌වන්නේ සුඛපරමවාදී දෘෂ්ටියේම අතකොළුව ජීවිතය නොවන බවයි. කාලය විහඟෙකි. ජීවිතය මකුළු හුයකි. ගමන සුන්‍යතාව කරා ඇදී යන තවලමයි. ලෝ වැස්‌සන් පෙණ පිඬකි, තර්කය වඳ මැහැලියයි, දෛවය ජීවන ගමන ලියා ලූ ඇඟිල්ලකි. රෑ දහවල ටැම් ය. මේ ඔහුගේ පරිදර්ශනයයි. එනිසා ඔහුගේ මීවිත, රෝසමල්, ස්‌ත්‍රිය මෙන්ම කවි පොතද පණ්‌ඩිතයන්ද අමතයි. මෙනිසා ඔහුගේ දැක්‌ම හා පද්‍ය කුමන අංශය නියෝජනය කරන්නේ දැයි සහෘදයාට තර්කයක්‌ ලැබෙයි.

ද්‍රව්‍ය වාදයද? (materialist)

දෛවවාදයද? (fatalist)

ශුන්‍ය වාදයද? (nihilist)

අදේවවාදීද? (athiest)

සුඛ පරමවාදීද? (hedonist)

මේ නිසාම ඛයියාම්ගේ පද්‍ය ආකෘතිය කවිපොත, ස්‌ත්‍රිය, මීවිත, රෝසමල් ලෙස ලොව බැලීම අනුචිත වේ. ඒවා එකිනෙකට ස්‌වාධීනව කථිකාවට ලක්‌වේ. ආවේදක (affective) අක්‍රීය කරයි. විටක උපකල්පනය (assumption) මවයි. ඥනය වඳ මැහැලියක්‌ ලෙස දකින්නේ මෙනිසාය.

පෙන්ලෙවි වහරට සමීපව µsට්‌ස්‌ගෙරල්ඩ් මෙය පරිවර්තනය කරන්නේ දෛවවාදී මෙන්ම සුඛපරමවාදී ප්‍රපන්චයක්‌ ඛයියාම්ගේ සංකේත තුළ ඒකාබද්ධ වන බැවිණි. ජීවන දෘෂ්ටියට මෙන්ම සමාජ දෘෂ්ටියටද ඔහු කතා කරයි.



රූපක (metaphors)

දෘෂ්ථාන්ත (all egories)

සංස්‌පර්ශ (impact)



මෙනිසා ඉහත අංශ තුනම ඛයියාම්ගේ පද්‍ය තුළ ප්‍රතීයමාන වේ. ව්‍යාජ ආගමික දෘෂ්ඨාන්තයෙන් මිදී මාක්‌ සේ පරාරෝපණය මධුවිතින් පිරිමැද්දා යෑයි සහෘදයාට සිතෙන්නේ මෙනිසාය.

විනී විතාරණයන් සිය පරිවර්තනයේ තැනක මෙසේ සනිටුහන් කරයි.

"කම්කටොලින් බර සංකීර්ණ නිර්මාණයන් වන ලෞකික යථාර්ථය දෙස ඔමර් ඛයියාම් නෙත් යොමු කරයි. විටින් විට වෙනස්‌ වන මනෝභාව සමූහයක්‌ ඉන් ගම්‍ය වේ. වරක මෙය විසඳිය නොහැකි ගැටලුවක වෙලී සිටින්නන් ගැන ඔහු දුක්‌ වෙයි. වරක සිනාසෙයි. වරක, මොහොතක තැවෙයි. ඒත් ඒ සියල්ල සිසාරාම ඔහු විද්‍යමාන දෘෂ්ටිය වන්නේ අපරිමිත අනුකම්පාවයි..." (රුබෙයියාට්‌ - විනී විතාරණ පරිවර්තනය)

මෙනිසාවෙන් ඛයියාම්ගේ රුබෙයියාටය "කාලක්‌ ගහන මිනිසුන්ටත්, කාල නොගහන මිනිසුන්ටත්" නැවත තම සිතුවිලි ප්‍රති නිර්මාණය (recostruction) කරදෙයි. කවි ලියන මිනිසුන්ද, කවි නොලියන මිනිසුන්ද රුබෙයියාටය කියවන්නේ ඒ නිසාමය.


ආශ්‍රිත ග්‍රන්ථ

සේනානායක ජී.බී., රුඛයියාට්‌ පරිවර්තනය, (1993), එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන පාර, කොළඹ.

වෙනුර සනත් කුමාර
සමාජ විද්‍යා අධ්‍යයන අංශය,
රුහුණ සරසවිය


© Copy Rights - Divayina "Watamadala"

READ MORE - මිනිසුන්ට පමණයි

මහරජ ගැමුණු

Saturday, April 16, 2011

මහරජ ගැමුණු නවකතාව තුළ මා භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා
ආචාර්ය ගුණදාස අමරසේකර

ඓතිහාසික නවකතාව අපට හුරු පුරුදු සාහිත්‍යාංගයක්‌. ගිය සියවසේ සිව්වන සහ පස්‌වන දශක තුළ එය ඉතා ජනප්‍රිය සාහිත්‍යාංගයක්‌ව පැවැති බව අපි දන්නවා. ඩබ්ලිව්. ඒ සිල්වා මහතා අතින් විජයබා කොල්ලය, අවිචාර සමය ආදී වූ කෘති නිර්මාණය වූයේ මේ යුගයේදී. මාර්ටින් වික්‍රමසිංහ අතින් අතිශයින් ජනප්‍රිය වූ "රෝහිණී" නවකතාව ලියෑවුණේ මේ යුගයේදී. හේමපාල මුණිදාස අතිනුත් මේ අවධියේ ඓතිහාසික නවකතා ලියෑවුණු බවයි මගේ වැටහීම. මේ යුගයේදී මේ දශක දෙක තුළ මෙවැනි ඓතිහාසික නවකතා ලියෑවුණේ කුමන හේතුවක්‌ නිසාද යන්න අප විසින් සොයා බැලිය යුතුයි. එයට නියත හේතුවක්‌ තිබෙනවා. ඒ අවධියේදී තමයි නිදහසට පෙර පැවැති අපගේ ජාතික සටන කිසියම් උච්ච අවස්‌ථාවකට පත්ව තිබුණේ. අනගාරික ධර්මපාලතුමා විසින් ගිය සියවසේ මුල් දශකයේ ඒ ආරම්භ කළ ජාතික සටන තාවකාලිකව යටපත් වී ගොස්‌ යළි මතු වුණේ මේ සිව්වන හා පස්‌වන දශකයේදීයි. එසේ මතුවුණු ජාතික සටනේ ප්‍රතිඵලයක්‌ වශයෙනුයි 56 දේශපාලන විපල්වය සිදුවුණේ. ඒ ජාතික සටනේදී ජනතාවගේ ජාතික විඥනය පුබුදු කිරීමට ඉහතින් සඳහන් කළ නවකතාකරුවන් විශාල සේවයක්‌ කළ බව අප විසින් පිළිගත යුතුයි.

ජයන්ත චන්ද්‍රසිරි

මේ නයින් බලනවිට ඒ ජාතික සටනේ තෙවන අවස්‌ථාව සනිටුහන් කරන වත්මන තුළ ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" යන මේ නවකතාව බිහිවීම අපට අවබෝධ කරගත හැකියි. ඒ අතින් බැලුවම මේ නවකතාව යුගයේ ඉල්ලීම උඩ බිහිවූ නිර්මාණයක්‌ ලෙස සලකන්නට පුළුවන්.

මේ නවකතාව ගැන කතා කිරීමට පළමු නවකතාවත්, ඉතිහාසයත් ඒ දෙක අතර ඇති සමානත්වයත් එමෙන්ම වෙනසත් ගැන කරුණු කීපයක්‌ සඳහන් කළොත් ප්‍රයෝජනවත් වෙතියි සිතනවා. විශේෂයෙන්ම නවකතා නමින් බාලයන්ගේ මනසේ බිහිවන කල්පිතය, "කෙප්ප", සම්මානයෙන් පිදෙනු ලබන මේ යුගයේදී එවැනි අදහස්‌ දැක්‌වීමක්‌ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්.

හැම නවකතාවක්‌ම මූලික වශයෙන් ඓතිහාසික වාර්තාවක්‌ය කියන්න පුළුවන්. සමාජ ඓතිහාසික ලේඛනයක්‌ය කියන්න පුළුවන්. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව ක්‍රිස්‌තු පූර්ව පළමු වෙනි සියවසේ අනුරාධපුරය ආශ්‍රිත ඓතිහාසික වාර්තාවක්‌ වන්නා සේම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය දහනව වන සියවසේ ලංකාවේ දකුණු පළාත පිළිබඳ ඓතිහාසික වාර්තාවක්‌ වෙනවා. මේ නිර්මාණ දෙකටම නියත දේශයක්‌, නියත කාල වකවානුවක්‌, නියත ඓතිහාසික පසුබිමක්‌ ඇති බව අපට පෙනෙනවා.

මෙය නවකතාව පිළිබඳ මූලික ලක්‍ෂණයක්‌. නවකතාව යනු නියත ඓතිහාසික සමාජ ගර්භාෂයක්‌ තුළ බිහිවන්නක්‌. එසේ නැතිව අවකාශයක්‌ තුළ එසේ නැත්නම් කිසිවකුගේ මනෝ ලෝකයක්‌ තුළ බිහි වන්නක්‌ නොවෙයි. ඕපපාතික මනස්‌ පුතෙකු නොවෙයි.

මේ කාරණය මා අවධාරණය කළේ අද මේ රටේ නවකතා නමින් බිහිවන ඊනියා සම්මානවලට පාත්‍රවන නවකතා සලකා බලායි. මේවා ඇත්ත වශයෙන් හැඳින්විය යුත්තේ නවකතා නමින් නොව කල්පිත කතා නැත්නම් "කෙප්ප" ලෙසයි. මෙය මගේ හිතේ, අප පේරාදෙණි නවකතාවෙන් ලබාගත් දායාදයක්‌. එයට මුල් වූයේ සරච්චන්ද්‍රයන් ගේ චින්තනය ය කියා මා හිතනවා. මොකද සරච්චන්ද්‍රයන් නවකතාව දුටුවේ ඓතිහාසිකය සමාජ සත්තාව නමැති ගර්භාෂය තුළින් බිහිවන්නක්‌ ලෙස නොවෙයි. නවකතාවක ඇති සමාජ ඓතිහාසික තොරතුරු ඔහු දුටුවේ පාඨක විශ්වාසනීයත්වය දිනා ගැනීම සඳහා යොදාගනු ලබන බාහිර ආලේපයක්‌ ලෙසයි. ඔහු පියදාස සිරිසේන නොවැදගත් නවකතාකරුවකු ලෙස බැහැර කළේ මේ විශ්වාසනීයත්වය නමැති කෝදුවෙන් මැන බලායි. මේ හානිකර පේරාදෙණි උරුමයෙන් ගැලවීමට අපේ නවකතාකරුවනුත්, විචාරකයනුත් තවම සමත් වී ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ තත්ත්වය ස්‌ථාපිත වීමට තවත් හේතුවක්‌ තමයි පසුගිය ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ මෙන්ම දැනුත් බටහිර ලෝකය තුළ බිහිවන නවකතා, බටහිර තුළ බිහිවූ මේ නවකතාව මේ යුගය තුළ බටහිර වසා පැතිරුණු ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස සලකන්න පුළුවන්. ඒ ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වූයේ "පුද්ගලවාදය" (ෂබාසඩසාමකසිප) ඒ ධනවාදය තුළ වැසුණු සාහිත්‍යකරුවන් අතින් සිදුවූයේ මේ "පුද්ගලවාදයට" ආවැඩීමයි. මේ ධනවාදී සමාජය තුළ වැඩුණු පුද්ගලයා ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස නොව සමාජයෙන් විනිර්මුක්‌ත වූ සමාජය ඉක්‌මවා සිටීමේ ශක්‌තිය ඇති පුද්ගලයකු ලෙස නිරූපණය කිරීමටයි මේ සාහිත්‍යකරුවන් තැත් කළේ. මේ යුගයේ බිහිවූ කාµaකා, ලොරන්ස්‌, කැමූ, ජීඩ් ආදී නවකතාකරුවන් අතින් සිදුවූයේ මෙයයි. ඒ නවකතාකරුවන් ධනවාදී සමාජය විසින් ශේ්‍රෂ්ඨ සාහිත්‍යකරුවන්, දාර්ශනිකයන්, චින්තනකයන් ලෙස හුවා දැක්‌වීම අපට අවබෝධ කරගන්නට පුළුවන්. අද වන විට මේ තත්ත්වය පෙරටත් වඩා දරුණු වී ඇති බවයි මගේ වැටහීම. අද පශ්චාත් නූතනවාදය හමුවේ නවකතා පුද්ගලවාදය කේන්ද්‍ර කොටගත් සමාජය ඉතිහාසය නොතකා හරින නිර්මාණයක්‌ වී ඇතුවා පමණක්‌ නොව නවකතාවේ ස්‌වභාවය ද අභියෝගයට ලක්‌ කරන තත්ත්වයක්‌ උදාවී තිබෙනවා. එයට ඇති හොඳම උදාහරණය තමයි මිලාන් කුන්දීරා විසින් ලියා ඇති මේ රටේ ඉන්නා දීන අනුකාරකයන් විසින් ද පුදනු ලබන .ඔයෑ aරඑ දෙ එයෑ භදඩැක. නමැති කෙප්පය. ඒ කෙප්පය නිරුවත්කර එළි දැක්‌වීමේ සමත් විචාරකයන් අද බටහිර ලොව තුළ නැත. අද බටහිර විචාරකයන් වශයෙන් ඉන්නේ මහාචාර්ය ග්‍රැහම් හµa (ඨර්ය්ප Hදමටය) දක්‌වා ඇති පරිදි පොත් වෙළෙන්දන් විසින් පෝෂණය කරනු ලබන µqල් බ්‍රයිට්‌ මහාචාර්යවරුනුයි. මේ µqල් බ්‍රයිට්‌ මහාචාර්යවරුන් පිරිසක්‌ ලොවට මුදා හැරියොත් ඕනෑම තුට්‌ටු දෙකේ නවකතාකරුවකු ටොල්ස්‌ටෝයි කෙනකු ඩෙස්‌ටර්වස්‌කි කෙනකු කළ හැකි යෑයි ග්‍රැහැම් හµa පැවැසුවේ මෙයට විසි වසකට පෙරයි. අද සිදුවෙමින් පවතින්නේ මෙයයි.

මේ දීර්ඝ විස්‌තරයෙන් මා හෙළි කිරීමට තැත් කළේ නවකතාව නමැති සාහිත්‍යාංගය ඓතිහාසික සමාජ සත්තාව පදනම් කරගත් ඒ ගර්භාසය තුළින් බිහිවන නිර්මාණයක්‌ බවයි. වෙන වචනයෙන් කියනව නම් නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ විය යුතුයි. එය ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකරන නිර්මාණයක්‌ විය යුතුයි.

මෙහිදී ඔබ තුළ ප්‍රශ්නයක්‌ මතුවන්න පුළුවන්. නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ නම් කුමකට ද අපි නවකතා කියවන්නේ? ඉතිහාස ග්‍රන්ථ කියෙව්වාම ප්‍රමාණවත් නොවේද? ඉතිහාසඥයන් ගෙන් විනා නවකතාකරුවන්ගෙන් වැඩක්‌ ඇද්ද?

මෙයට පිළිතුරු සැපයීමට නම් අපි ඉතිහාසයත් නවකතාවත් අතර ඇති සමානත්වය දකින අතරම ඒ දෙක අතර ඇති වෙනසක්‌ දැකගත යුතුයි. නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වන්නේ කෙසේද කියා දැකගත යුතුයි.

නවකතාකරුවා දෙයාකාරයකින් ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වෙනවා. මේ දෙදෙනා ඉතිහාසය දෙස බලන ආකාරය සහ ඉතිහාසයට දෙන අර්ථ කථනය උඩයි මේ වෙනස ර¹ පවතින්නේ.

ඉතිහාසඥයා ඉතිහාසය දෙස බලන්නේ එදා පැවැති තත්ත්වය ඒ සමාජය ඒ යුගය තුළ සිටගෙනයි. ඒ යුගයෙන් ඒ තත්ත්වයෙන් බැහැරව සිටගෙන නොවේ, වර්තමානයේ සිටගෙන නොවෙයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ එයට හාත්පසින් වෙනස්‌ ස්‌ථාවරයක තැනක ඉඳගෙනයි. නවකතාකරවා ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ සිටගෙනයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව එයට කදිම උදාහරණයක්‌.

ජයන්ත චන්ද්‍රසිරි ඒ ගැමුණු යුගය දෙස බලන්නේ අද අප මුහුණ දෙන වර්තමානයේ සිටගෙනයි. වර්තමානය නමැති කණ්‌ණාඩිය තුළිනුයි ඔහු ඒ දෙස බලන්නේ. කොටින් කියතොත් පසුගිය කාලය තුළ අප ගොදුරු කරගත් ප්‍රභාකරන් ගේ මිලේච්ඡ ත්‍රස්‌තවාදය මේ රට තුළ නොතිබෙන්නට චන්ද්‍රසිරි අතින් මෙය නොලියවෙන්නට ඉඩ තිබුණාය කියා මට හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකර ආරක්‍ෂා කරන අතරම අපගේ වර්තමානය ඒ මතට ආරූඪ කර ඇතැයි කිසිවකුට පෙනී ගියහොත් එය සාධාරණයි.

නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වන දෙවන කරුණ නම් ඔහු ඓතිහාසික සමාජ සත්තාව මුල් කරගෙන ඉදිරිපත් කරන අර්ථ කථනයයි. ඉතිහාසඥයා එහෙම අර්ථ කථනයක්‌ දීමට තැත්කරන පුද්ගලයෙක්‌ නොවෙයි. ඔහු කිසියම් අර්ථ කථනයක්‌ දීමට තැත් කළත් එය බාහිරින් ගන්නා ලද අර්ථ කථනයක්‌ නොවෙයි. ඒ ඉතිහාසය තුළින්ම සකසා ගන්නාලද අර්ථ කථනයක්‌. ඒ අතින් ඔහු නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු වෙනවා. නවකතාකරුවා එසේ නොවෙයි. නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු නොවෙයි. ඔහු තම අදහන දර්ශනය චින්තනය අනුව ඒ තමා අබියස ඇති ඉතිහාසය නව අර්ථ කථනයකට භාජන කරනවා. නව අයුරකින් බැලීමට අපට සලස්‌වනවා. මෙයින් නවකතාකරුවා දරන දර්ශනය චින්තනය ආගමික දර්ශනයක්‌ වෙන්න පුළුවන්. ටෝල්ස්‌ටෝයි සිය නවකතා නිර්මාණය කළේ එවැනි දර්ශනයක පිහිටායි. වෙනත් නවකතාකරුවකුගේ දර්ශනය සමාජවාදය මාක්‌ස්‌වාදය මුල් කරගත් දර්ශනයක්‌ වෙන්න පුළුවන්. අපගේ ශේ්‍රෂ්ඨ නවකතාකරුවා වන මාර්ටින් වික්‍රමසිංහ සිය දර්ශනයට පදනම් කරගන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියයි. ඒ සභ්‍යත්ව විඥනයයි.

මෙහිදී ජයන්ත චන්ද්‍රසිරි සිය දර්ශනය, චින්තනය ගොඩනඟාගෙන ඇත්තේ සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය උඩ බව මට පෙනෙනවා. ඔහු ගැමුණු මහරජුගේ සිතුම් පැතුම්, ආකල්ප, ක්‍රියාකාරකම් ආදී වූ සියල්ල අර්ථ කථනය කරන්නේ සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥනයේ පිහිටායි. ඒ නිසා මේ නිර්මාණය අන්තය ඉක්‌මවා සිටින වත්මන් අපට අතිශයින් අදාළ නිර්මාණයක්‌ ලෙස මා දකිනවා.

ඒ ගැන කතා කිරීමට පළමු මේ නවකතාවේ සන්දර්භය ගැනත් කෙටියෙන් සඳහන් කිරීමට මා කැමතියි. මෙහිදී චන්ද්‍රසිරි යොදාගෙන ඇත්තේ අපට හුරු පුරුදු ගතානුගතික සන්දර්භයට වඩා වෙනස්‌, චිත්‍රපට-සිනමා සන්දර්භය බව පෙනෙනවා. ඒ නිසා ඇතැමකු මෙය නවකතාවක්‌ නොව තිර නාටක රචනයක්‌ ලෙස බැහැර කරන්නට පුළුවන්. එය අසාධාරණයි. වත්මන් නවකතාකරුවා වත්මන් ජන විඥනයේ ඇති සන්නිවේදන මාර්ග යොදා ගැනීම වරදක්‌ ලෙස මා දකින්නේ නැහැ. එය වරදක්‌ නොවෙයි. අපගේ නවකතාවේ පරිනාමයට ඉවහල් වන්නක්‌. අවසානයේදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඒ නව සන්දර්භය සාර්ථක ද නැද්ද යන්නයි. මේ සන්දර්භය අනුකාරකයන් යොදා ගන්නා "ඉන්ද්‍රජාල තාත්විකත්වය" වැනි බහුබූතයක්‌ නොවේ.

සෑම උසස්‌ සාහිත්‍ය නිර්මාණයක්‌ තුළම නොකියා කියන පණිවිඩයක්‌, අනාගත දැක්‌මක්‌, මාර්ටින් වික්‍රමසිංහයන් ගේ වචනයෙන් කීවොත් භවිෂ්‍යත් විදර්ශනාවක්‌ ගැබ්වී තිබෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය තුළත් මම එවැනි භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා. චන්ද්‍රසිරි මෙහිදී ඉඟියෙන් දක්‌වන්නේ අපගේ අනාගත ගමන් මග කෙබඳු එකක්‌ විය යුත්තක්‌ද යන්නය කියා මා සිතනවා. යම් සේ අප ප්‍රභාකරන් නමැති ආක්‍රමණිකයාගේ ත්‍රස්‌තවාදයෙන් ගැලවුණේ, ගැමුණු මඟ, සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥන මත ගොඩනැඟුණු ගැමුණු මග අනුගමනය කිරීමෙන් නම් අපි අපගේ අනාගතය ගොඩනඟාගත යුත්තේ ඒ ගමන්මග අනුව යමින් බවයි මේ නවකතාව මගින් පෙන්නුම් කරනු ලබන්නේ. ඒ භවිෂ්‍යත් විදර්ශනාවයි මේ නවකතාව තුළ ඇත්තේ.

මෙය අප විසින් මේ අවස්‌ථාවේ ඉතා ගැඹුරින් වටහා ගත යුත්තක්‌ බවයි මා හිතන්නේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුල් වූයේ දෙමළ ජාතිවාදය පමණක්‌ නොවේ. අප දිගින් දිගටම නිදහස ලැබීමෙන් පසුවත් අනුගමනය කළ දීන අනුකරණයි. ඒ දීන අනුකරණයේ ගැළුණු අප කළේ ස්‌වාධීන දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ජාතියක්‌ විසින් ගත යුතු සිය අතීත උරුමය සොයා යැම නොව විජාතිකයා අප විනාශ කිරීම පිණිස තනා දුන් ඊනියා පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසු පස්‌සේ යැමයි. ඒ පක්‍ෂ ක්‍රමය බහුතර ජනතාව වන සිංහලයා බෙදා වෙන් කර නිෂ්ක්‍රීය කිරීමට මුල්වූ බව, ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ට, අධමයන්ට නිවහනක්‌ සාදා දී ඇති බව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අප තලා පෙළා යටත් කිරීමට විදේශිකයන්ට කෙවිටක්‌ වී ඇති බව දැන්වත් අපට පෙනී යා යුතුයි. එබැවින් මේ දීන අනුකරණය නවත්වා අප අපගේ උරුමය වෙත වහ වහා ගමන් නොකළොත් අප ආසියාවේ ආශ්චර්යය වීම කෙසේ වුව අපට අනාගත පැවැත්මක්‌ තිබිය හැකිද යන්න මට නම් ප්‍රහේළිකාවක්‌. ජයන්ත චන්ද්‍රසිරි ගේ මේ කෘතියෙන් කරනු ලබන්නේ අපට මෙය මතක්‌ කර දීමය කියා මා හිතනවා.

ජයන්ත චන්ද්‍රසිරි විසින් විරචිත "මහරජ ගැමුණු" ඓතිහාසික නවකතාව දොරට වැඩීමේ සහෘද සම්භාෂණයේදී ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් පවත්වන ලද මුඛ්‍ය දේශනය ය.

ඡායාරූපය- සුරංග කුරුප්පුආරච්චි



Copy Rights - Divayina

READ MORE - මහරජ ගැමුණු

නිරෝෂාගෙන් සංගීත ඇකඩමියක්

‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන් විනිශ්චයට සම්බන්ධ වී සිටින ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී ආධුනික ගායක ගායිකාවන්ට ප්‍රයෝජනවත් වන සංගීත ඇකඩමියක් ආරම්භ කිරීමේ මූලික කටයුතු වල මේ දිනවල නියැලී සිටී. නිරෝෂා ඒ පිළිබඳ පැවසුවේ මේ අයුරු ය.

“මේක තවත් සංගීත පන්තියක් හෝ විදුහලක් නම් නොවෙයි. විවිධ සංගීත විලාසිතා අපේ රටේ වරින්වර මතුවෙලා නැති වී යනවා. ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දී අඛණ්ඩ පැවැත්මක් ඇති කරගෙන සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවරව රැදෙන්න පුහුණු කිරීමටයි මම මගේ මේ ඇකඩමියෙන් අපේක්ෂා කරන්නේ.

අද ප්‍රාසාංගික ගායන විලාසිතාවක් පවතින්නේ. ඒ අනුව ගායනය මෙන් ම වේදිකාව භාවිතා කළ යුතු අයුරු ආදී අවශ්‍ය බොහෝ ගුණාංග මේ ඇකඩමියෙන් උගන්වනවා.

Copy Rights - silumina
READ MORE - නිරෝෂාගෙන් සංගීත ඇකඩමියක්

ආත්මාත් රියැලිටි වෙයි

ආත්මාත් රියැලිටි වෙයි

’ලියතඹරා’, ‘කඳු පාමුල සිට’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ආත්මා ලියනගේ ඔබට මතක ඇති. පසුගිය කාලය පුරාම ඔහු ගැන ආරංචියක්, තොරතුරක් තිබුණේ නෑ. ඔහු ගැයූ පැරණි ගී හැරෙන්නට අලුත් ගී නිර්මාණ අපට අසන්නට හෝ රූපවාහිනී මාධ්‍යයකින් ඔහු දකින්නට ද අවස්ථාවක් තිබුණේ නෑ.

එහෙත් පසුගිය දිනක සිරස රූපවාහිනී ආයතනයේදී ඔහු අහඹු ලෙස අපට මුණගැසුණා. ඒ ඔහු පිළිබඳ අලුත් පණිවුඩයක් ද සමඟයි. සිරස ආයතනය සංවිධානය කරන නවතම සංගීත වැඩසටහනකින් තව නොබෝ දිනකින් ඔහු ඔබ හමුවට පැමිණෙනවා. පුරා වසර 10ට ආසන්න කාලයක් ඔහු මේ ක්ෂේත්‍රයේ නිතර දකින්න ලැබුණේ නෑ.

ඔහු මෙවර අප හමුවන්නේ අලුත්ම ආකාරයේ රියැලිටි වැඩ සටහනකින්. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් කිහිපදෙනෙක් ප්‍රමුඛ කරගත් කණ්ඩායම් කිහිපයක් තරගවදින ගායන තරගයක කණ්ඩායම් නායකයකු වශයෙන් ඔහු ඉදිරියේදී අප හමුවෙනවා.


Copy Rights - Silumina

READ MORE - ආත්මාත් රියැලිටි වෙයි

ලොකුම බලාපොරොත්තුව හොඳ ගෘහිණියක් වීම

සචිනි අයේන්ද්‍රා

‘මිස් ශ්‍රී ලංකා’ තරගය ජයග්‍රහණය කර කලා ලොවට පිවිසි ඇය තමා එක්වූ පළමු චිත්‍රපටය වන ‘වස්සාන සිහිනය’ චිත්‍රපටයෙන් සම්මානයට පාත්‍රවීමට තරම් වාසනාවන්ත වූවාය. ‘සංකාරා’ ඇයගේ රංගන

හැකියාව මනාව පෙන්නුම් කළ චිත්‍රපටයකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වීඇති ඇය මේ වන විට චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ද සමත් වී ඇත. ඇය සචිනි අයේන්ද්‍රා ය. අද ‘සතුටු සාමීචිය’ ඇය සමඟ කළ කතාබහ වෙනුවෙනි.

මේ දවස්වල ඔබ ඉන්නෙ බොහොම සතුටින් නේද?

ඇත්තෙන්ම ඔව්. මීට මාසෙකුත් සති දෙකකට විතර කලින් මට දුවක් ලැබුණා. මට මව් පදවිය හිමිවීමේ සතුටයි දුව පවුලට එකතුවීමේ සතුටයි එක්ක මම මේ දවස්වල ඉන්නෙ හරිම සතුටින්.

දුව ලැබුණු නිසා මේ දවස්වල කලා කටයුතුවලින් ඉවත් වෙලාද?

නැහැ. අදත් මම ටෙලිනාට්‍යයක රූපගත කිරීම්වලට සහභාගි වුණා. හෙටත් දවසම තියෙනව. ඒ ටෙලිනාට්‍යය ස්වාධීන රූපවාහිනිය මඟින් කරන ටෙලි නාට්‍යයක්. අධ්‍යක්ෂවරයා ජයරුවන් අබේවික්‍රම. ඊට අමතරව මගෙ සැමියයි (ඉසංග) මමයි නිෂ්පාදනය කළ ‘අඟර දඟර’ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩවලට සහභාගි වෙනව.

ඔබ රඟපෑ ‘සංඛාරා’ චිත්‍රපටය ඔබට වෙනස් අත්දැකීමක් වුණා නේද?

ඇත්තෙන්ම ඔව්. ඊට පෙර මම රඟපාල තිබුණේ කෙළිලොල්, දඟකාර බටහිර පන්නයේ චරිත. ‘සංඛාරා’ චිත්‍රපටයේ මම කළේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්.

‘සංකාරා’ නිසා රංගනය ගැන විශාල අත්දැකීමක් මට ලැබුණා. ඒ චිත්‍රපටයේ මගේ රංගනයට කිසියම් වටිනාකමක් ලැබුණ නම් ඒ ගෞරවය හිමිවෙන්නෙ අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මහතාට, ඉදිරියේදීත් මම කැමැතියි. මෙතෙක් රඟපාල තියෙන චරිතවලට වඩා වෙනස් ගැමි චරිතයක් නිරූපණය කරන්න.

ඔබේ සැමියාගෙන් ඔබේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය මොන වගේද?

කෙටියෙන්ම කියනව නම් මගෙ සැමියාගෙන් ලැබෙන සහාය උපරිමයි. මාසෙකුත් දවස් ගානක දරුවෙක් ඉන්න කෙනකුට රඟපාන්න යන්න දෙන්නෙ මොන සැමියාද? ඉසංග දන්නව මගෙ සැමිය හැටියට එයාටත් මගෙ දරුවටත් අසාධාරණයක් නොවන විදියට මගෙ රංගන කටයුතු කරන බව. ඒ නිසා ඔහු මට උපරිම සහයෝගය ලබා දෙනව.

ඔබේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ වැඩ කටයුතුවලට ඔබේ සහාය ලබාදෙනවද?

මමත් උපරිම විදියට එයාගෙ වැඩවලට සහාය වෙනව. මගෙ සැමිය ඇඟලුම් කම්හල් හිමියෙක්. ඒ වගේම අපිට ඇඳුම් සාප්පු 5ක් තියෙනව. සතියේ දවස් 4ක් විතර මම ඒ වැඩකටයුතු සොයා බලනව.

විවාහයෙන් පසුව ඔබ රඟපෑම සීමා කරලද?

මගෙ රංගන කටයුතු නවත්වන්න හෝ සීමා කරන්න කියල මගෙ සැමිය කවදාවත්ම කියල නෑ. ඒත් මටම පනවගත්ත සීමා කීපයක් නිසා පසුගිය කාලෙ රඟපෑමෙන් ටිකක් දුරස්වුණා. ඒ; පවුල් ජීවිතයට මුල් තැන දුන් නිසා. රඟපෑම දැන් මම රැකියාවක් හැටියට කරන්නෙ නෑ.

හැබැයි මම කවදාවත්ම රඟපෑමෙන් ඉවත්වෙන්නෙ නෑ. පසුගිය කාලෙ කතාවක් පැතිරුණා විවාහයෙන් පසුව මම රඟපෑමෙන් ඉවත්වෙනව කියල. පස්සෙ කිව්ව දරුව ලැබුණට පසුව රඟපෑමෙන් ඉවත් වෙනව කියල.

ඒව සේරම බොරු. මට මේ හැමදේම ලැබුණේ කලාව නිසා. අනෙක කලාව කියන්නෙ ලෝකෙ තියෙන උසස්ම දෙයක්. ඒ නිසා මම කලාව එක්ක හැමදාම ඉන්නව.

ඔබේ අම්මගෙන් තවමත් ඔබට විශාල සහයෝගයක් ලැබෙනව නේද?

එදත්, අදත්, ඉදිරියටත්, මගෙ අම්මගෙන් මට විශාල සහායක් ලැබෙනව. අපි මේ කරන වැඩකටයුතුවලින් භාගයක්වත් කරන්න ලැබෙන්නෙ නෑ දෙමව්පියන්ගෙ සහයෝගය නැතිනම්. විශේෂයෙන්ම විවාහ වුණාට පසුව.

’අඟර දඟර’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙලඹුණේ ඇයි?

’අඟර දඟර’ වයස අවුරුදු 16ක දැරියක් වන ඉසංකා මධුවන්ති ලියූ නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නලීන් රාජපක්ෂ මගෙ සැමියගෙ පැරණි මිතුරෙක්.

ඔහුගේ ඉල්ලීමට තමයි අපි මේ චිත්‍රපටය නිෂ්පාදනයට අත ගැහුවේ. “අඟර දඟර”, ළමයෙක් ළමා ලෝකයේ සුන්දර බව විස්තර කිරීමට ලියූ කතාවක් ඇසුරින් කළ නිර්මාණයක්. මේ චිත්‍රපටය පසුගිය පළමුවැනිදා සිට තිරගත වීම ආරම්භ වුණා.

ඒඩ්ස් රෝගය ගැන කියවෙන චිත්‍රපටයකට ඔබ දායක වෙනව නේද?

ඔව් එහි ශිල්පීන් සියලුම දෙනා ඒකට දායක වෙන්නෙ සමාජ සද්කාර්යයක් හැටියට. එහිදී අපට ලැබෙන මුදලින් කොටසක් යොදවනව, ලංකාවේ ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින අයගේ ජීවිත උසස් කරන්න.

ඒ චිත්‍රපටය නම් කරල තියෙන්නෙ “ජර්නි ඔෆ් හෝප්ස්” නමින්. නිෂ්පාදකවරයෙක් සොයාගැනීමේ අපහසුව නිසයි තවමත් ඒ චිත්‍රපටයේ වැඩ ප්‍රමාද වෙලා තියෙන්නෙ.

ඔබ දැන් ව්‍යාපාරිකාවක් ද කලාකාරිනියක්ද?

දෙකම.

ටෙනිස් ක්‍රීඩාවේ දැන් යෙදෙන්නෙ නැතිද?

ටෙනිස් තමයි මම කැමැතිම ක්‍රීඩාව. මට හොඳට ටෙනිස් ගහන්න පුළුවනි. ඒත් පසුගිය කාලෙ මට දුව ලැබෙන්න හිටිය නිසා ක්‍රීඩාවෙන් තරමක් ඈත් වෙන්න සිද්ධ වුණා.

මොනවද ඔබගේ කලා කටයුතුවල සහ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?

හැකිතාක් කාලයක් කලා කටයුතුවල රැඳිල ඉන්න තමයි මගෙ ලොකුම බලාපොරොත්තුව. මගෙ සැමියට සහ මගෙ දරුවට මගෙන් විය යුතු යුතුකම් කරගෙන හොඳ ගෘහණියක් වීමයි මගෙ ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව.

ඡායාරූපය-ඉන්දික මල්ලවආරච්චි

Copy Rights - Silumina
READ MORE - ලොකුම බලාපොරොත්තුව හොඳ ගෘහිණියක් වීම

චන්නගේ කෙල්ල වැඩ අල්ලයි

Adopted From Sri Lanka Mirror Web Site
185712 112918195451321 100001994220713 108484 2132613 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos
චන්න පෙරේරා හා හාපුරා කියා රිදී තිරයට හඳුන්වා දුන් අලූත්ම තරුව චයිත‍්‍රා චන්ද්‍රනාත්ට කණ්ණඩය.

ඇයගේ පළමු චිත‍්‍රපටය තිරගත වීමටත් පෙර ඇගේ දක්‍ෂතාවලට වෂීවූ කණ්ණඩ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් ඇයට චිත‍්‍රපට තුනක රඟපෑමට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා වේ.

ඇය චන්න පෙරේරාගේ අලූත්ම සිනමා නිර්මාණය වූ ”කල්පාන්තේ සිහිනයක් ” චිත‍්‍රපටයට නිළියක ලෙස එක්වූයේ බැංගලෝරයේදී උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදීය.

චන්න විසින් චයිත‍්‍රා නිළියක ලෙස අභිශේක කිරීමත් සමග කණ්ණඩ චිත‍්‍රපට තුනක කතා නායිකාව වීමේ මහඟු වරම ලැබී තිබේ.

චයිත‍්‍රා බැංගලෝරයේ කණ්ණඩ ජාතික පවුලක තරුණියකි.

තවමත් අවුරුදු 19 ක් වන චයිත‍්‍රාට තවත් සහෝදරියක සිටී.


189808 118967134846427 100001994220713 147913 2919713 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos189218 118976444845496 100001994220713 147949 5509995 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos189218 118976431512164 100001994220713 147945 1232016 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos189218 118976434845497 100001994220713 147946 1850327 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos189218 118976438178830 100001994220713 147947 4824328 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos189307 114961468580327 100001994220713 123909 4956721 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos188680 114727291937078 100001994220713 122516 1850749 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos185712 112918195451321 100001994220713 108484 2132613 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photos189218 118976441512163 100001994220713 147948 537041 n Chaitra Chandranaths Photos   few workin stillz o ma movie kalpanthaye sihinayak... :) Sinhala Movie Film Kalpanthaye Sihinayak Chaitra Chinnu Chaitra Chandranath  chaitra chandranath image photoshttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhel9WBhyphenhyphenCfGR6Dq-ztkq0WQPqBalft8m7WZSIbPjXRwu7wd2ZpHQJ_C7AvsyA0Lu7txaeHtRDT4IeEVfldi5Oy7kX1dbZSB9U7QvS_VZq5WLHF90dIrFnYJkrNoe36rw4WrWORozKKRBFZ/s1600/chaitra+new+sri+lanka.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCLMGeICCeHWdcKN7n5J12aehIu6ZiKaVKurEg1-vbPTThRV4gbS7YLWZ_hc70bnr4J0qlA3lrv4ACa5qp4tampRZKEdH1dyX_lkBajkQmQMjnKsNbGf2iYltLzCSsxp0QDrQULyGYtpLa/s1600/channa+perera+and+chaitra.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1LE9zAoa2Pio0ILVh65KW0wCr4Zxka2UQNOQHOCl6rC4ak7CEDvmBZ3-9B6v3U-mwJH1UnutKEsJopb3CtuJPj-71SCfmv9WqNhVT-4CpOTpPiK1ymQ5ae_cp08woUsImHc0xIbrzdvDl/s1600/chaitra+sri+lanka.jpg
62486 157166100971019 100000328914178 334793 1946754 n Miringu Yathra Film, had been renamed as Kalpanthaye Sihinayak Movie by Channa Perera and Chaitra Chandranath Sinhala Movie Film Kalpanthaye Sihinayak Sinhala Film Miringu Yathra Sandun Wijesiri Sanath Gunatilake Sanath Gunathilake Iranganie Serasinghe Channa Perera Chaitra Chandranath  sinhala film image photos63303 157164287637867 100000328914178 334782 1663660 n Miringu Yathra Film, had been renamed as Kalpanthaye Sihinayak Movie by Channa Perera and Chaitra Chandranath Sinhala Movie Film Kalpanthaye Sihinayak Sinhala Film Miringu Yathra Sandun Wijesiri Sanath Gunatilake Sanath Gunathilake Iranganie Serasinghe Channa Perera Chaitra Chandranath  sinhala film image photos46292 156996160988013 100000328914178 333891 4122853 n Miringu Yathra Film, had been renamed as Kalpanthaye Sihinayak Movie by Channa Perera and Chaitra Chandranath Sinhala Movie Film Kalpanthaye Sihinayak Sinhala Film Miringu Yathra Sandun Wijesiri Sanath Gunatilake Sanath Gunathilake Iranganie Serasinghe Channa Perera Chaitra Chandranath  sinhala film image photos13668 103017846385845 100000328914178 67880 4913683 n Miringu Yathra Film, had been renamed as Kalpanthaye Sihinayak Movie by Channa Perera and Chaitra Chandranath Sinhala Movie Film Kalpanthaye Sihinayak Sinhala Film Miringu Yathra Sandun Wijesiri Sanath Gunatilake Sanath Gunathilake Iranganie Serasinghe Channa Perera Chaitra Chandranath  sinhala film image photos
READ MORE - චන්නගේ කෙල්ල වැඩ අල්ලයි

එය සරසවියයි.












වසර 48 ක් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීම පහසු කටයුත්තක් යැයි මම නොසලකමි. එහෙත් එය පුරා වසර 48 ක් ගෙවා දමා අවසානය. මට දැනෙන්නේ එය මගේ ජීවිතයේ කොටසක් බවය.

ගීතය ගැයූ පණ්ඩිත් අමරදේව

මා එහි කොටස්කරුවකු වන්නේ 1989 වසරේ සිටය. එයට පෙර පහළොස් වසරකට එපිට සිට මම එහි රසිකයකු වීමි. මට පෙර ද,, මට පසු ද, මතු ද ඒ වටා රොක් වන රසිකයන් එමටය. එය සරසවියයි.

සරසවිය බිහි වූයේ 1963 අප්‍රේල් 10 වැනිදාය. සිනමා කර්මාන්තය අඩ්ඩඩ්ඩාරේ යන රටක සිනමා පුවත්පතක් දීර්ඝ කාලයක් තබා ගැනීම මහත් විශ්ව කර්මයකි.

ඇතැම් රටවල අතිශය ජනප්‍රිය වූ සිනමා ප්‍රකාශන මේ වන විට අසන්නටවත් නැත. අපේ රටේ බිහි වූ නම් දැරූ සිනමා ප්‍රකාශන ද එපරිදිය. සරසවිය 49 වන වසරට පා තබන්නේ එවන් අවදියකය.

ආරම්භක කර්තෘ
මීමන ප්‍රේමතිලක

සරසවිය බිහි වන විට මෙරට සිනමාව අලුත් යුගයකට නැතහොත් සැබෑ දේශීය සිනමාවක අරුණලු දකිමින් සිටි අවදිය විය. එහි වඩා ස්වර්ණමය යුගයන්ගේද, එහි අඳුරු යුගයන්ගේද අත් නොහැර ගිය එකම ගමන් සගයා බඳු විය.

එය එසේ කළ හැකි වූයේ කරුණු රැසක් නිසාවෙනි. එකක් එහි මුල හොඳ වූ බැවිනි. අනෙක සරසවිය සෙසු සිනමා පුවත්පත්වලට වඩා එයටම අනන්‍ය වූ ලක්ෂණ ගොඩ නඟා ගත් බැවිනි.

බොහෝ ඉක්මන් ජනප්‍රිය සිනමා පුවත්පත්වලට තේමා වූ හුදු ඕපාදූප මෙන්ම සිනමා ශිල්පීන් එකිනෙකා අතර ඇති කරන වෛරයෙන් සරසවිය දුරස් විය. සරසවිය කාගේත් පත්තරයක් වූයේය.

සරසවිය සිනමා පුවත්පතක් ලෙස බොහෝ සිනමා ශිල්පීහු ස්වකීය ප්‍රාණ භූ®ක්තිය ලෙස සලකා සිටිති. එහි කිසිදු වරදක් මා දකින්නේ නැත. එහෙත් සරසවිය නැතහොත් සරස්වතිය වැඩ සිටින්නා වූ පින්බිම සියලු කලාකරුවනට මෙන්ම කලාවට ද අයිතිය.

සරස්වතිය කලාකරුවන්ගේය. කලාවේය. එබැවින් එකී දෙවඟන වැඩ සිටිනා දෙවොළ මේ සියල්ලන්ටම පොදුය. එය ආරම්භ වූයේ ද එලෙසයි.

සරසවිය ආරම්භ වූයේ සියළු කලාවනට පොදු වෙමිනි. 1964 වසරේ ඇරැඹුණු සරසවිය සම්මාන උළෙල මෙරට සිනමා උළෙලයන්ගේ ජාතික අනන්‍යතාවයට උර දුන්නේය.

එහි ජනප්‍රිය ලක්ෂණ මෙන්ම සම්භාව්‍ය සිනමා ගුණයෙන් ද අනූන ලෝකයේම එකම එක වර්ගයේ සිනමා උළෙල ලෙස මා සනිටුහන් කරනුයේ නොබියවමය. පාඨකයන්ගේ මනාපයත්, විද්වත් විචාරක ජූරි සභාවේ තේරීමත් එකිනෙකට සංකලනය වූ වෙනත් සිනමා උළෙලක් සොයා ගත හැකිද?

සරසවිය ගොඩ නැඟු විමලසිරි පෙරේරා


සරසවිය ආරම්භ වූයේ සියලු කලාවන් වෙනුවෙනි. සියලුදෙනා වෙනුවෙනි යැයි මුලින්ම සටහන් කළෙමි. පසු කලක පත්තර මහ ගෙදරින්ම පැන නැඟුණ තරුණී, මිහිර, සුබසෙත පුවත්පත් ත්‍රිත්වයම සරසවිය හරහා පැණ නැගුණ ඒවා වෙයි.

සරසවිය ආරම්භයේ ඒ සියල්ලටම පොදු පුවත්පත විය. එය සිනමාව කේන්ද්‍ර කොට ගෙන සෙසු කලා මාධ්‍යයන් සඳහා වඩාත් කැප වී ඉදිරියට යන්නට පටන් ගත්තේ ආරම්භයෙන් හය, හත් වසරක් ගෙවුණු තැනය.

අද බොහෝ කලා උත්සවයන්හි මුලින්ම වැයෙන සරස්වතී අභිනන්දන ගීතය නම් පණ්ඩිත් අමරදේවයන් ගයන ජගන් මෝහිණී – මධුර භාෂිණී ගීතයයි. එහෙත් මේ ගීය සරස්වතී අභිනන්දනය උදෙසා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුණේ සරසවිය වෙනුවෙන් යැයි අද බොහෝ දෙනා නොදනිති.

සරසවිය එදා සිටම සියලු කලාකරුවන්ට පොදු වූ පුවත්පත යැයි හඟින්නට මේ ගීතයම සෑහේ. සරසවිය පත්තර මහ ගෙදර ලේක්හවුස් ප්‍රකාශනයකි.

ගීතය රචනා කළ මානවසිංහයන් සේවය කළේ තරගකාරී ආයතනයක්ව පැවැති ටයිම්ස් ආයතනයේ ලංකාදීප පුවත්පතේය. එහෙත් මානවසිංහයන් අතින් මෙබඳු යුග යුග පවතින්නා වූ ගීයක් රචනා කරන්නට සීමා මායිම් නොවීය. මානවසිංහයන් ද එවන් වූ අග්‍ර නිර්මාණයක් සරසවිය හරහා දැයට තිළිණ කළේය.

සරසවිය සම්මාන උළෙල ආරම්භයම සමකාලීනව සම්මතයට වඩා යමක් එහි වූ වග අපට පසක් කර දෙයි. නොඑසේ නම් එකල සම්මත සිනමා රස වින්දනයෙන් ඔබ්බෙහි වූ ගම්පෙරළිය වැනි අග්‍රගණ්‍ය නිර්මාණයක් හොඳම චිත්‍රපටය ලෙස අබිසෙස් කරවන්නට එයට හැකි වන්නේ නැත.

මේ හිතුවක්කාර ගතිය සරසවියේ අගනා ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට මම කැමැත්තෙමි. මෙරට බොහෝ කලාකරුවන් නිර්මාණශීලී ජීවිතය මුල් වරට රටට හඳුන්වා දුන්නේ සරසවියයි. නිර්මාණ රස විඳීම උදෙසා පරම්පරා කිහිපයක්ම උගත්තේ සරසවිය හරහාය.

ගීතය රචනා කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සරසවිය නිසාවෙන් කලා ලොවට පිවිසි බොහොමයක් අද වැජඹෙති.

නම තැබූ
පී. කේ. ඩී. සෙනෙවිරත්න

සිනමාවේ අති දුෂ්කරම මොහොතේද සරසවිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී නැඟී සිටියේ එබැවිනි.

සරසවිය පුවත්පතට නම යොදන ලද්දේ ප්‍රවීණ කවියකු, ලේඛකයකු වූ පීි. කේ. ඩී. සෙනෙවිරත්නයන්ය. නම් කිහිපයකින්ම පසුව සරස්වතිය වැඩ වසනා ස්ථානය අරුතැති සරසවිය තෝරා ගත් බව පැවසේ.

ඉතිහාසය පුරා එය, එයට හිමි ස්ථානය රැක ගත්තේය. මේ කාලය ඇතුළත මෙරට රසික පරම්පරාව වෙනස් වූයේය

. අදහස් උදහස් සමාජීය සිතුවිලි ආකල්ප කලින් කලට වෙනස්ව ගියේය. බොහෝ සතුටුදායක සිදුවීම් මෙන්ම කණගාටුදායක සිදුවීම් ද වූයේය. එක්වීම්ද, බිඳීම්ද තිබිණ. මේ සියල්ල නිරන්තරයෙන් සරසවිය සහ ජීවමාන වස්තුවකැයි අදහන්නට මා පොළඹාවාලූ කාරණාවන්ය.

මෙරට කලාකරුවන්ගේ පමණක් නොව ජනතා සිතුම් පැතුම් ද සමඟ ජීවත් වීමට ද සරසවිය වග බලා ගත්තේය. ගංවතුර උවදුරුවලදී ද, සුනාමියේදී ද කලාකරුවන් සමඟ පෙරට එන්නට එබැවින් දෙවරක් සිතන්නට සරසවියට වුවමනා නොවීය.

බොහෝ දැවැන්තයන් ඉතිහාසයට එක් වී ඇද වැටෙන්නේ කාලානුරූපව වෙනස් නොවීම මතය.

විපර්යාසයන් හඳුනා නොගෙන වැනසී යා යුතුය. නැත්නම් අලුත් සම්ප්‍රදාය රැල්ලට හසු විය යුතුය. එහෙත් වර්තමානයේ සරසවිය අනු දත් මානය වනුයේ රැල්ලට හසු වී යාම නොව හැම විටම අලුත් රැල්ලක් ගොඩ නැඟිය යුතු බවය.

තවත් අනුකාරකයක් වීමට වඩා තරගකාරී මාවතේ අලුත් සම්ප්‍රදායක් බිහි කිරීම එහි ලකුණ වෙයි. එබැවින් ලෝකය පුරා සියලු කලා තොරතුරු ගෙන එනුයේ අපේ අභිමානය හැම විටම සිහිපත් කරමිනි.

අතීත වකවානුව පුරා සරසවිය ගොඩ නැඟුඑය එතෙක් මෙතෙක් පාඨක සිත්සතන් මත රැන්ද වූ සියලු කතුවරුනට මෙරට සියලු කලාකරුවනට ද මේසා කාලයක් මුළුල්ලේ ඒ හා බැඳුනු අති මහත් වූ පාඨක ඔබටද සරසවිය කෘතවේදීත්වය පළ කරයි. සරසවිය ගොඩ නැගුණේ ද, වැජඹුණේද මේ ඔබ හැමගේම දායකත්වයෙනි, ආදරයෙනි.

ඉඳීන් හැම විටම නොව පැරණි වන රමණී සරසවිය මතු මතු ද මෙරට සෞන්දර්ය හිතකාමී ඔබ වෙනුවෙන් ඔබට ඉදිරියෙන් මඟ පෙන්වනු ඇත.

අරුණ ගුණරත්න



සිරි සරසවිය ඔබට දිගාසිරි - Admin - Lanka Art Diary

READ MORE - එය සරසවියයි.

ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ

නදිනි - මධුර පති කුළයට පිවිසි දා ටෙනිසන් එදිරිසිංහගේ කැමරා ඇසට හසුවූ අයුරු

ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ කාටවත්ම. ඒ තරමටම නදිනි අපේ රටේ ජනපි‍්‍රය චරිතයක්. සිරස සුපිරි තරු ගොන්න වර්ණවත් කළ දීප්තිමත් තාරකාවක වූ මේ යොවුන් රුවැත්තිය අපේ ගායන ලොවේ අපූර්ව පෙරළියක් සිදුකළ දක්ෂ ගායිකාවක් කිව්වොත් නිවැරැදියි.

ඇගේ මියුරු හඬ, ගායන ලාලිත්‍ය සේම සොඳුරු රූ සපුවද රසික සිත්වලට එක්කළේ නොමැකෙන මතකයක්. මේ තරම් දුරට ඇයට කලා ලොවේ පියමං කරන්නට සැබෑ ශක්තියක් සහ ආශිර්වාදයක් වුණේ ඒ රසික ප්‍රසාදය.

ගායන දිවියේ එසේ සාර්ථකත්වයට පත් වූ ඈ සිය දිවිමං කලාවේ තවත් සොඳුරු ඉසව්වකට පා තැබූවේ විකසිත පෙම් පැතුම් හදවතේ පුරෝගෙන.. බක්මහේ අසිරිය මැද මේ සුවඳ සුකුමළිය, සිය පෙම්බරයාගේ අතිනත ගෙන ඔවුන්ගේම ලෝකයට පිය නැඟුවේ කාගේත් උණුසුම් සුබපැතුම් හා ආශිර්වාදය මැද්දේ. සිය දයාබර මවුපියන්ගේ සහ ළබැදි සොයුරිය ගේ සෙවනින් මිදී ඒ අලුත් ලෝකයට පාර සොයා ගෙන යන මොහොතේ ඇගේ සිතේ තෙරපුණ කඳුළු දෑස් කෙවෙහි මතින් එක සීරුවට ගාලා හැලුණේ නොහිම් සෙනෙහසක මතකය අවධි කරමින්.

නදිනි ගෙ මවුපියන්ගේත්, සොයුරියගේත් ඇස්වල කඳුළු වෙන්ව යාමේ සංතාපය හදවතට රිදුම් දුන්නත් ඒ ඇස්වලින් ගළා හැළුණේ සතුටු කඳුළුම වෙන්නැති.

මවුපියන්, සොහොයුරිය, නෑදෑ හිතවතුන්, සම්භාවනීය අමුත්තන් කලාකරුවන් හැමෝම පසුගිය අපේ‍්‍රල් 08 වැනිදා බත්තරමුල්ල “වොටර්ස් එජ්” හි “බෝල් රූම්” ශාලාවට එක්වුණේ නදිනිගේ ඒ වාසනාවන්ත දිනයට තමන්ගේ හෘදයාංගම සුභාශිංසනය එක් කරන්න.

දෑ කුල සිරිතට මුල්තැන දෙමින් පැවැති මේ අභිමානවත් මංගල උළෙලට නදිනි සැරසී සිටියේ රන් පැහැයෙන් වැඩ දැමූ සුදෝ සුදු සාරියකින්. “නදිනිගේ සැබෑම ලස්සන දැක්කේ අදනේ” ඈ වටකරගත් මිතුරු මිතුරියන් එසේ පවසද්දී ඈ පියකරු සිනාවකින් ඒ හැමෝටම ප්‍රතිචාර දැක්කුවේ ඉතාමත් නිහතමානීව.

නදිනිගේ අතගත් ඒ වාසනාවන්තයා මධුර අබේසිංහ. ඔහුත් ඉතාම කඩවසම් යෞවනයෙක්. “ෂ.. නියෙමට කැපෙන ජෝඩුව“ ඔය වගේ කතාත් එහෙන් මෙහෙන් ඇහුණා. මුවින් නොකිව්වත් එතනට ආපු හැමෝටම එහෙම හිතෙන්න නම් ඇති. මතුපිටෙන් තියෙන ඒ ගැළපීම ඔවුන්ගේ හදවත්වලත් ඇති බව අපට විශ්වාසයි.

ඉතින් නදිනි... මධුර...

හැමෝමත් එක්ක එකතුවෙලා දේශයේ කලා පුවත්පත “සරසවිය”ත් මේ වෙලාවේ ඔයාලට සුබ පැතුම් එක් කරනවා. මේ සංසාර ගිරි දුර්ගයේ රළු ගල් බොරළු මැඩගෙන සුසිනිඳු මල් ඇති රූ මාවතක සෙනෙහසින් අත්වැල් බැඳ යන්න ඔයාලට හැකිවේවා...

වාසනාවන්...වාසනාවන්... ඔබේ දිවිමග වාසනාවන්...

* දියණියේ නුඹට ආසිරි . . .
මව වේල් පට පළඳවමින්

මල් කළඹ පිළිගන්වමින්

විවාහ සාක්ෂියට අත්සන් තැබූ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

සනත් - මල්කාන්ති යුවළගේ ආශිර්වාදය

නදිනිගේ පවුලේ ආශිර්වාදය

මධුර ගේ පවුලේ ආශිර්වාදය

කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ’ නදිනිගේ
හැඟුම්බර ගායනය

අමිලා නදීෂානි, සිය පුතු සමඟින්. නයනා කුමාරි හා ගයනි මධූෂා පසෙක

විශාරද නන්දා මාලිනිය – ඇන්ජලින් ගුණතිලක මංගල උළෙලට සැපැමිණ

නදිනි සමඟ ‘සුපිරි තරු’ මාවත හැඩ ගැන් වූ ගාමිනී සුසිරිවර්ධන සහ මංජුලා නිවන්ත




© Copy Rights - Sarasaviya
READ MORE - ඈ කවුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ

පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු












පකිස්තානු කණ්ඩයමේ නායක සහීඩ් අෆ්රිඩි කියා සිටියේ පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු සිටිනවා නම් ජය ගන්නට තිබූ බවයි.

නවක නිළියක් එක් රැයකින් ජනකාන්ත තරුවක් වන්නේ සිනමා රංගනයකිනි. එහෙත් මේ නියමය වෙනස් කළ නිළියක බොලිවුඩ් පුරවරයේ සිටින්නීය. ඇය පූනම් පාණ්ඩේයි.

ලෝක කුසලාන තරගයේ උණුසුම දිනෙන් දින වැඩි වෙද්දී, පූනම් ක්‍රිකට් ශූරතාව දිනා ගන්නේ ඉන්දියාව බව පැවසුවාය. ඒ ඉන්දියාව ගැන උපන් දැඩි සෙනෙහසකින්මයි.

‘මං ක්‍රිකට් පිස්සියක්. ඉන්දියානු කණ්ඩායමට උපරිම සහයෝගය දෙනවා. මේ විදියට කණ්ඩායමට සහයෝගය දෙන්න මං තීරණය කළා’ තරගයට දිනක් තිබියදී ඇය පැවසුවාය.

මීට පෙර 2010 ලෝක පාපන්දු ශූ®රතාවලියේදී පැරගුවේ ලැරිස්සා රික්වෙලම්, පැරැගුවේ ජය ලැබුවොත් නිරුවතින් දුවන බව ප්‍රකාශ කළාය. ‘පැරගුවේ වර්ණයෙන් මගේ සිරුර පාට කරගන මාවත් පුරා දිව යනවා’ ඇය ප්‍රකාශ කළේ සතුටින් ඉපිල ගොසින්ය.

විසි හතර හැවිරිදි මෝස්තර නිරූපණ ශිල්පිනිය සහ නිළිය කී වචනය අකුරටම ඉටු කළාය.

ඒ පාපන්දු තරගාවලියේදීම ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනියක, නිළියක, ගායිකාවක වූ ලුසියානා සල්සාර් ද ආජන්ටිනාව වෙනුවෙන් නිරුවතින් දුවන්නට ඉදිරිපත් වූවාය.

පූනම් පාන්ඩේ ඔවුන් අනුකරණය කළ පාටය. එහෙත් සමහරු පවසන්නේ ඇය මෙය ජනතා අවධානය යොමු කර ගැනීමට කළ දෙයක් බවයි.

ඉන්දියානු පිලේ ජයග්‍රහණයට පසු පූනම්, ව්විටර් වෙබ් අඩවියට ප්‍රකාශ කර සිිටියේ වුණු පොරොන්දුව තමා අකුරටම ඉටු කරන බවයි. එහෙත් ඇය එසේ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණොත් පමණි.

මේ වන විට පූනම්ගේ කළමනාකරු විපින්ට ද නිදහසක් නැත.

ඔහු පවසන්නේ පූනම්ට තර්ජනාත්මක ඇමැතුම් එන නිසා දැන් ඇය ඇමැතුම්වලට පිළිතුරු දීමෙන් සහ පොදු ස්ථානවල පෙනී සිටීමෙන් වැළකී සිටින බවයි.

ක්‍රිකට් පොරොන්දුව නිසා අන්තර් ජාතික අවධානයට ලක් වුව ද තවමත් ඇය දහනව හැවිරිදි නව යෞවනයකි. මේ වසරේදී පූනම්ට ලැබෙන ජනප්‍රියතාවෙන් නම් අඩුවක් නැත.

2011 කින්ග් ෆිෂර් මෝස්තර නිරූපණ ශිල්පිනියක සේ පෙනී සිටීම නිසාත් ඇය කාගේත් ආකර්ෂණය දිනා ගත්තාය.

ඒ වගේම ඇයට එල්ල වන අභියෝග රැසකි. මවුබිම ජයගත් පසු පූනම් රෝහල්ගත කෙරුණි.

ඒ වකුගඩුවල ගල් ඉවත් කිරීමටයි.මෙ අතර භාරතීය ජනතා පක්ෂයේ කාන්තා කණ්ඩායමක් නිරුවතින් යාමට ඇය ගත් තීරණයට එරෙහිව මහිලා මෝචා ජනපදයේ පොලිස් කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.

අද අන්තර් ජාලයෙන් වැඩිදෙනා තොරතුරු සොයන චරිතයක් බවට ද අඩි පහක් සහ අඟල් හතක් උස මේ යුවතිය පත්ව ඇත.

පකිස්තානු කණ්ඩයමේ නායක සහීඩ් අෆ්රිඩි කියා සිටියේ පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු සිටිනවා නම් ජය ගන්නට තිබූ බවයි.

පූනම් උපන් ඇඳුමෙන් යාමට වැඩි මනාපයක් දක්වන්නේ මවු බිමේ නො වෙයි. ඇය ප්‍රංශයේදී ඉන්දියානු පිල ඉදිරියේ එසේ සිටීමට කැමැතියි. ඇයගේ කැමැත්ත ඉටුවේද? ඉදිරියේදී අපට ඊට පිළිතුරු ලැබෙනු ඇත.

READ MORE - පකිස්තානයටත් උපන් ඇඳුමෙන් යා හැකි පූනම් පාන්ඩේ කෙනකු