----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මිනිසුන් මිනිසුන්ට කතා කරන ලෝක නාට්‍ය දිනය

Monday, March 28, 2011

මිනිසුන් මිනිසුන්ට කතා කරන ලෝක නාට්‍ය දිනය

පනස් වැනි සැමරුමට සැරසේ

‘රංග කලාව යනු වඩාත් ඥාණාන්විත ලෝකයක වැදගත්කම සංජානනය කිරීමේ ක්‍රියාවලියකි. එබැවින් රංග භූ®මිය දෙවියන් හා මිනිසුන් උනුන්ට කතා කර ගැනීමේ පුද බිමක් නොව, මිනිසාම එකිනෙකා හා සංවාදයේ යෙදෙන ස්ථලයකි. එය මිනිස් අභිලාෂයේ ආලෝක ප්‍රකූප්යකි.’

මේ එක් වසරක ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් ලෝක ප්‍රකට නාට්‍යවේදියකු විසින් ප්‍රකාශ කරන ලද පණිවුඩයේ කොටසක එන අදහසකි. වසර පුරා විවිධ සංසිද්ධීන් වෙනුවෙන් ස්මර්ණ දින පවත්වනු අපි අත්දකිමු. එහෙත් ලෝක නාට්‍ය දිනය ඒ බොහෝ දිනයන්ට වෙනස් වූද මනුෂ්‍යත්වයේ අනාගතය වෙත පල කරනු ලබන සියුම් සිහි ගැන්වීමක් බවද උක්ත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

මෙය වඩාත් පැහැදිලි කර ගනු වස් ලෝක නාට්‍ය දිනය කුමක්ද යන්නත් වසරක් පාසා එයින් එලි දැක්වෙන සංකථනයන් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙයි. සෑම වසරකම මාර්තු 27 වැනි දින ලොව පුරා නාට්‍යවේදීන්, රසිකයින් හා අන්තර් ජාතික ප්‍රජාව විසින් ලෝක නාට්‍ය දිනය විවිධ ක්‍රියාකාරකම් සහිතව උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එහෙත් එය හුදු ස්මරණයක් නොව ‘තමාගේම ඉරණම පිළිබඳ වගකිව යුතු මිනිසා, මනුෂ්‍යත්වය පිළිබඳ දක්වන විශ්වාසය ප්‍රදර්ශනය කිරීමකි’. එය බොහෝ ස්මෘති දිනවලින් වෙනස් වන්නේ එබැවිනි.

ලෝක නාට්‍ය දිනයක් පළමුවරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 1961 ජූනි මාසයේ හෙල්සින්ක් නුවරදී අන්තර් ජාතික නාට්‍ය ආයතනයේ 9 වැනි ලෝක සම්මේලනයේදීය. අන්තර් ජාතික නාට්‍ය ආයතනය පිහිටුවා ගන්නා ලද්දේ 1948 දී යුනෙස්කෝව හා ලෝක ප්‍රකට ප්‍රසංග කලාවේදීන් එක් වූ හමුවකදීය. එය ප්‍රසංග කලාව පිළිබඳ රාජ්‍ය නොවන අන්තර් ජාතික සංවිධානයකි. වර්තමානයේ අන්තර් ජාතික නාට්‍ය ආයතනය ලොව පුරා විසිරුණු මධ්‍යස්ථාන 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාප්තව තිබේ. මේ සෑම මධ්‍යස්ථානයක් මගින්ම විවිධ සජීවි වැඩ සටහන් මගින් ලෝක නාට්‍ය දිනය සමරනු ලැබේ. මෙහිදී පැවැත්වෙන විවිධ නාට්‍ය දර්ශන, සංවාද, දේශන හා සමුළුවල අරමුණ වන්නේ රංග කලාව, සාමය, සහජීවනය හා මනුෂ්‍යත්වය පිළිබඳ දක්වන සංවේදිතාවය සන්නිවේදනය කිරීමයි.

මෙම ක්‍රියාකාරකම්වලින් ඉතාමත් වැදගත් වන්නේ සෑම වසරකම රංග කලාවට මාහැඟි සේවයක් කරමින් විශ්ව කීර්තියට පත් කලාකරුවෙකු විසින් නාට්‍ය කලාව හා මනුෂ්‍යත්වයේ අනාගතය, අන්තර් ජාතික එකමුතුවද පිළිබඳ කරනු ලබන ලෝක නාට්‍ය දින පණිවිඩයයි. ලෝක නාට්‍ය දිනයේදී මෙම පණිවිඩය ලොව පුරා ප්‍රකාශයට පත් කරනු ලැබේ.

පළමුවෙන් මෙවැනි ප්‍රකාශයක් කරන ලද්දේ 1961 දී ප්‍රංශ ජාතික ෂෝන් කොක්ටෝ විසිනි. එතැන් පටන් මෙම වසර ද ඇතුළුව වසර 50 ක් පුරා විවිධ නාට්‍යවේදීන් විසින් ලෝක නාට්‍ය දින පණිවිඩ නිකුත් කරනු ලැබ තිබේ.

ඔවුන් අතර ලෝක ප්‍රකට නාට්‍යකරුවන් වූ ආතර් මිලර්, පීටර් බෲක්, ඉයුජින් අයනෙස්කෝ, වොලේ සොයින්කා, මාටින් එග්ලින්, එඩ්වර්ඩ් ඇල්බි, ගිරිල් කර්නාර්ඩ්, ඔගස්ටෝ බොආල් ආදීහු වෙති. මෙවර ලෝක නාට්‍ය දින පණිවිඩය නිකුත් කර ඇත්තේ නාට්‍ය ආචාර්යවරියක්, නිළියක් මෙන්ම නිෂ්පාදිකාවක් ද වන උගන්ඩාවේ ආචාර්ය ජෙසිකා කාහ්වා විසිනි. ඇගේ පණිවිඩයෙන් අවධාරණය කරනු ලබන්නේ සාමය සහ සහජීවනය සඳහා රංග කලාව විස්මය ජනක බලවේගයක් ලෙස යොදවා ගත හැකි බවය. 2005 ලෝක නාට්‍ය දින පණිවිඩයේ මෙසේ සඳහන් වෙයි.

‘සකිසඳ නාට්‍යය! වහා පැමිණ මා බේරා ගන්න. මම අඳුරේ අතරමංව සිටිමි. ඉටිපහනක් දෙසට හෝ මට මඟ පෙන්වනු මැනවි.

READ MORE - මිනිසුන් මිනිසුන්ට කතා කරන ලෝක නාට්‍ය දිනය

"නරිබෑනා" 50 වසරක්‌ කරළිය මත

"නරිබෑනා" 50 වසරක්‌ කරළිය මත
සමරු උළෙල අප්‍රේල් 04 ජෝන් ද සිල්වා හිදී

1961 මාර්තු මස පළමු වැනිදා ප්‍රසිද්ධ වේදිකාවට නැඟුණු දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරි බෑනා" මේ වන විට සිය 50 වස්‌ කඩඉම පසුකරමින් සිටී.

එය සමරනු වස්‌ 2011 අප්‍රේල් මස 04 දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී සවස 6.45 ට නරිබෑනා නාට්‍යයේ විශේෂ දර්ශනයක්‌ හා මහාචාර්ය තිස්‌ස කාරියවසම් සහ ප්‍රවීණ වේදිකා හා සිනමා ශිල්පී ජැක්‌සන් ඇන්තනි යන මහත්වරුන්ගේ දේශනයන් පැවැත්වීමට නළු කීර්ති සභාව කටයුතු කර ඇත.

මෙම සමරු උළෙලේ දොරගුලු සහෘද නාට්‍ය රසික රසිකාවියන්ට විවෘත අතර ඔබ සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්‍ෂා කරන බව නළු කීර්ති සභාපතිනි අයිරාංගනී ගුණවර්ධන මහත්මිය පවසන්නීය. "දයානන්ද ගුණවර්ධනයනගේ අකල් වියෝවට පෙරත් පසුත් නොකඩවා වසර 50 ක කාලයක්‌ නාට්‍යය වේදිකාගත කිරීමට හැකිවී ඇත්තේ හිටපු සහ දැනටමත් නාට්‍යයට සම්බන්ධවී කටයුතු කරන නළු නිළියන්, ගායන - වාදන ශිල්පීන්, වේදිකා පරිපාලන ශිල්පීන් හා නාට්‍ය සංවිධායකයන්ගේ නොමසුරු කැපවීම හේතුවෙනි." යෑයි ඇය තවදුරටත් පැවැසීය.

කෑගලු විද්‍යාලයේ භූගෝල විද්‍යා ගුරුවරයා ලෙස සේවයේ යෙදී සිටි කාලයේදී ගැමි ජනකතා දෙකක්‌ ආශ්‍රයෙන් නරි බෑනා රචනා කළ දයානන්ද ගුණවර්ධනයන්, පසුව ලයනල් අල්ගමයන්ගේ තනු නිර්මාණයෙන් ද බැසිල් මිහිරිපැන්නයන්ගේ නර්තනයෙන් ද හැඩගන්වා 1960 නොවැම්බර් 4 වැනිදා තර්ස්‌ටන් විද්‍යාලයේදී පාසල් දර්ශනයක්‌ ලෙස වේදිකාගත කළේය. ඉන්ඉක්‌බිති ආධුනික නාට්‍ය සංගමය විසින් 1961 දී නරිබෑනා ප්‍රසිද්ධ වේදිකාගත කොට වසර එකකුත් මාස අටකින් (1962 නොවැ( 24) ශතක ජයන්තිය ද සමරනු ලැබීය.

එකල දිවයිනේ සෑම 125 දෙනකුගෙන්ම එක්‌ අයෙක්‌ නරිබෑනා නරඹා ඇති බව පුවත්පත් වාර්තා කළ අතර 60 දශකයේ ජනප්‍රියතම නාට්‍ය ලෙස කිරුළු පැළඳීය. 1963 දී "නරිමාපුලේ" නමින් දෙමළ භාෂාවෙන් වේදිකාගතවුණු නරිබෑනා 1973 දේශපාලන අර්ථකථනයක්‌ සහිතව ද 1978 දී ජර්මන් භාෂාවට පරිවර්තනය කොට බටහිර ජර්මනියේ නළු නිළියන් යොදවා සංස්‌කෘතික හුවමාරුවක්‌ යටතේ ද දයානන්ද ගුණවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලදී. නරිබෑනා පාසල් විෂය පෙළ පොත්වලට ද ඇතුළත් කර ඇති නාට්‍යයකි.

මෙදින රංගනයන් හා ගායනයෙන් බන්දුල විෙ-වීර, රොඩ්නි වර්ණකුල, නීල් අලස්‌, සරත් කුලාංග, රත්නශීලා පෙරේරා, feර්නි රෝෂිණි, කුමාර ලියනගේ, ඉන්දික ජයසිංහ, ඉන්දික රාමනායක, ශාලිකා වනිගරත්න, කාන්ති ජයවික්‍රම, සුජානි නිසංකා, මහේෂ් අමරකෝන් සහභාගි වන අතර සංගීතය මෙහෙයවීම පුබුදු රොෂාන් වල්පිටගෙනි. ප්‍රකාශ් ගල්ගේවෙල වේශ නිරූපනයෙන්ද, වසන්ත කුමාරගේ වේදිකා ආලෝකයෙන්ද එකලු වන නරිබෑනාගේ වේදිකා පරිපාලනය හා රංග අලංකරණ අසෝක ජයසිංහගෙනි

copy Rights - Diwayina
READ MORE - "නරිබෑනා" 50 වසරක්‌ කරළිය මත

මම නිල් චිත්‍රපට හදන කෙනෙක්‌ නෙමෙයි

මම නිල් චිත්‍රපට හදන කෙනෙක්‌ නෙමෙයි

රටම කැළඹූ නිදි යහන ගැන අධ්‍යක්‌ෂ කියන කතාව

සුනිල් සෝම පීරිස්‌ගේ පුත්‍රයා. පියාගේ අඩිපාරේ යමින් සුදේශ් වසන්ත පීරිස්‌ චිත්‍රපට ක්‍ෂේත්‍රයට එන්නේ කුඩා වියේ සිටියි.

සුනිල් සෝම පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ බොහෝ චිත්‍රපටවල සම අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වසන්ත ඩී. බී. නිහාල්සිංහ නිර්මාණය කළ කෙළි මඬල චිත්‍රපටයේ සහය අධ්‍යක්‌ෂවරයා ලෙස කටයුතු කර ඇත.

සුදේශ් වසන්ත පීරිස්‌ චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කළේ වයස අවුරුදු 17 දීයි. ඒ රත්තරං මිනිහෙක්‌ නම් චිත්‍රපටයයි.

එහෙත් සුදේශ් වසන්ත පීරිස්‌ මේ වනවිට චිත්‍රපට හතක්‌ අධ්‍යක්‌ෂණය කර ඇත. ඒ අතර දරු උපත, මමත් ගැහැනියෙක්‌, පිංපොං, අන්ඩවල්ඩ් තිබෙනවා. සුදේශ්ගේ නවතම චිත්‍රපටය නිදියහන කැලඹෙයි. මේ අප සුදේශ් වසන්ත පීරිස්‌ සමග කළ කතාබහක සටහනකි.

ඇයි ඔබ චිත්‍රපට ක්‍ෂේත්‍රයට පැමිණියේ?

මගේ පියා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌. මේ රටේ ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට හැදූ සුනිල් සෝම පිරීස්‌ගේ පුතා ක්‍ෂේත්‍රයට පැමිණීම අමුත්තක්‌ නොවෙයි. මම මගේ රැකියාව ලෙස තෝරා ගත්තේ චිත්‍රපට කර්මාන්තයේ අධ්‍යක්‍ෂ කියන තනතුරයි.

ඔබ සාර්ථකයි කියලා හිතනවද?

අනිවාර්යෙන්ම මම මේ රටේ පිළිගත්ත අධ්‍යක්‍ෂවරුන්ගේ සහය අධ්‍යක්‌ෂවරයා ලෙසත් සම අධ්‍යක්‌ෂවරයා ලෙසත් විශාල චිත්‍රපට සංඛ්‍යාවක වැඩ කරලා තියෙනවා. ඒ අත්දැකීම් අනුසාරයෙන් මම නිර්මාණය කළ චිත්‍රපට සියල්ලම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම අලුත්ම චිත්‍රපටය වූ නිදියහන කැලඹේ චිත්‍රපටයත් සාර්ථක ලෙස තිරගත වෙනවා.

ඔබ හැදූ චිත්‍රපට වැඩි ප්‍රමාණයක්‌ වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේයි තිරගත වෙන්නේ?

වෙන්න පුළුවන්.... හැබැයි ඔය ඇඟිල්ල දික්‌කරන්නේ මං වගේ පොඩි මිනිහෙකුටයි. ඒකයි කනගාටු. මට ළමයින්ටත් වැඩිහිටියන්ටත්, වැඩිහිටියන් හා ළමයින්ටත් බලන්න චිත්‍රපට හදන්න පුළුවන්. මගේ ළඟ ඕනතරම් කතාවස්‌තු තියෙනවා.

බොහෝ දෙනෙක්‌ කියනවා චිත්‍රපට ක්‍ෂේත්‍රය කඩාවැටෙන්න ඒක හේතුවක්‌ තමයි පසුගිය කාලේ තිරගතවුණු කාමරැල්ලේ චිත්‍රපට කියලා.

මුලින්ම කියන්න ඕන මම නිල්චිත්‍රපට හදන කෙනෙක්‌ නොවෙයි. මගේ චිත්‍රපට නොබලා කියන කතා මට වලංගු නැහැ. චිත්‍රපට බලන්න මිනිස්‌සුන්ට විවේකය ඕන. නරඹන්න ක්‍රමවත් චිත්‍රපට හදන්න ඕන. එහෙම නැතිව කාටවත් බැනලා වැඩක්‌ නැහැ. පසුගිය කාලේ චිත්‍රපට හදපු සමහර අයට තමන්ගේ වාහනයට තෙල් ගහන්න සල්ලි නැහැ.

තමුන්ගේ ලෙඩකට බෙහෙත් ගන්න සල්ලි නැතිව ඉන්නවා. එහෙම චිත්‍රපට කරන්නේ මොකටද, අපි හැමෝම කරන්නේ රක්‌ෂාවක්‌. ඔය කෑගහන අයගේ චිත්‍රපට සාර්ථකවෙලා තියෙනවාද, අඩුම ගානේ නිෂ්පාදකයා වියදම් කරපු මුදල් ටිකවත්.

ඔය කියන්නේ ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට කිරීම සාර්ථක ව්‍යාපාරයක්‌ කියලද?

නැවතත් කියන්න ඕනේ මම ලිංගික චිත්‍රපට හදන නිර්මාණකරුවෙක්‌ නොවෙයි. චිත්‍රපට හැදීම මගේ රක්‌ෂාව. මම රක්‌ෂාව හරියට කළොත් තමයි තව අයට රැකියා අවස්‌ථා ලැබෙන්නේ. චිත්‍රපටයකට ලිංගික දර්ශනයක්‌ ඇතුළත් කළ යුතුනම් එය එක්‌ කිරීමට මම මැලිවෙන්නේ නැහැ.

නිදියහන කැලඹෙයි ලිංගික දර්ශන ඇතුළත් නැහැ කියලද ඔය කියන්නේ.

මම දරු උපත චිත්‍රපටය කළා. චිත්‍රපටයේ දරු උපතක්‌ නොපෙන්වා දරු උපතක්‌ ගැන කතා කරන්නේ කොහොමද? නිදියහන කැලඹෙයි චිත්‍රපටය තුළින් මම කතා කරන්නේ සමාජ රෝගයක්‌ ගැන. සාර්ථක පවුල් ජීවිතයක්‌ ගතකරන අඹුසැමි යුවලක්‌ මුහුණදෙන ගැටලුකාරී තත්ත්වයක්‌ ගැන. මට කියන්න ඔබ මෑතකදී සනත් ගුණතිලක නිර්මාණය කළ එකමත් එක රටෙක චිත්‍රපටයේ ලිංගික දර්ශනයක්‌ තිබුණා. ඒත් ඒ චිත්‍රපටය කාමරැල්ලේ චිත්‍රපටයක්‌ කියලා කවුරුවත් කිව්වාද? නැහැනේ. ඇයි මට විතරක්‌ මේ චෝදනා කරන්නේ..... මගේ චිත්‍රපට බලන්න සෙනඟ එන නිසාද?

එතකොට නිදියහන කැලඹේ චිත්‍රපටයේ පෝස්‌ටර් වැඩි ප්‍රමාණයක්‌ පාසල් ආසන්නයේ අලවා තිබුණ බවටත් සමහරු චෝදනා කරනවා.

ඒක වැරැදි කතාවක්‌. කොළඹ පෝස්‌ටර් අලවන්න තියෙන ස්‌ථාන හරිම අඩුයි. අනික පෝස්‌ටර් ගහන්න අපි කොන්ත්‍රාත් දෙනවා. ඉතිං ඒවා අලවන්නේ කොහෙද කියලා හොයන්න මට යන්න වේලාවක්‌ නැහැ. මෙහිදී කියන්න ඕන නිදියහන කැලඹෙයි චිත්‍රපටය යම් කිසි පිරිසක්‌ ඉලක්‌කකොටගෙන නිර්මාණය කළේ නැහැ. මේ තුළින් යමක්‌ ඉගෙන ගන්න කැමති අයට ඒ අවස්‌ථාව තියෙනවා.

මේ පෝස්‌ටර් දැක්‌කාම හිතන්නේ මෙය කාම චිත්‍රපටයක්‌ බවයි.

පෝස්‌ටර් අලවන්නේ චිත්‍රපටය ප්‍රචාරය කරන්න. චිත්‍රපටය බලන්න. පිටින් බලලා තීරණවලට එළඹෙන්න එපා. මෙය හොඳ චිත්‍රපටයක්‌. ඉගෙන ගන්න යමක්‌ තියෙනවා. ඒත් නිල් චිත්‍රපටයක්‌ කියන හැඟීමෙන් මෙය බලන්න එපා.

නිදියහන කැලඹේ චිත්‍රපටය උදෙසා රන්රුවන් කුමාරතුංග, නිශාන්ති ගමගේ, නදීකා ගුණසේකර, සුසන්තා චන්ද්‍රමාලි, රෙක්‌ස්‌ කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු ඇතුළු නළු නිළි පිරිසක්‌ රංගනයෙන් දායක වී ඇත.


සුගත් ශාන්ත මොරගහකුඹුර


Copy Rights - Diwayina

READ MORE - මම නිල් චිත්‍රපට හදන කෙනෙක්‌ නෙමෙයි

මට හැදුන කටකතාව ඇත්තක්‌



තරුණ කාලෙදි විවාහය අවශ්‍ය
නොවුණත් පස්‌සෙ ඕන වෙනවා


අමිෂා කාවින්දී තරුණ රංගන ශිල්පිනියක්‌. අමිෂා පාසල් කාලයේ පටන් පෙන් වූ නර්තන දක්‌ෂතාවය නිසාම ඇයට චිත්‍රපට ලෝකයට සම්බන්ධවීමට වාසනාව උදා වුණා. මුලින්ම චිත්‍රපට දෙකක පමණ පසුබිම් නර්තන ශිල්පිනියක්‌ ලෙස කටයුතු කළ අමිෂාට "සඳ දෙව් දෝණි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්ට ආරාධනා ලැබුණා. එදා පටන් මේ දක්‌වාම ටෙලි නාට්‍යවල රංගනයට වඩා චිත්‍රපට රංගනයට ප්‍රමුඛතාවය ලබාදෙන්නට ඇයට හැකියාව ලැබුණා.

අමිෂා කොහොමද?

හොඳයි......... හොඳින් ඉන්නවා.

අමිෂා මේ දවස්‌වල මොනවද කරන්නේ.....

මේ දවස්‌වල ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්නවා. "විහඟ ලඳුන්" චිත්‍රපටයේ ෂූටිං ඉවර වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තුෂාර සම්පත්.

තිරගත වෙන්නට නියමිත චිත්‍රපට තියෙනවාද?

කිහිපයක්‌ම තියෙනවා. මගේ පළමු චිත්‍රපටය "සඳ දෙව් දෝණි" තවම තිරගත වුණේ නැහැ. ඒක මම රඟපෑවේ 2005 වසරේදී. මේ අවුරුද්දේ තිරගත වෙනවා කියලා ආරංචියක්‌ තියෙනවා. මම දෙවෙනියාට කළ "සදා කල් ඔබ මගේ" චිත්‍රපටයත් තිරගත වෙන්නට නියමිතය. "විහඟ ලඳුන්" චිත්‍රපටයේ වැඩ ඉවරයි.

අමිෂා රංගනයට යොමු වුණේ කොහොමද?

පාසලේදී මම විෂයක්‌ වශයෙන් නර්තනය ප්‍රගුණ කළා. බාහිරවත් මම නර්තනය ඉගෙන ගත්තා. ඒ නිසාම පාසල් යන කාලෙදිම චිත්‍රපටවල පසුබිම් නර්තන ශිල්පිනියක්‌ ලෙස කටයුතු කරන්න අවස්‌ථාව ලැබුණා.

ඒ අතරතුරේදී තමයි නිශාන්ත වීරසිංහ ඔහුගේ "සඳ දෙව් දෝණි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා මට ආරාධනා කළේ. ඒ කාළේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්‌. විශේෂයෙන්ම කවදාවත් රඟපාලා නැති කෙනකුට ඒ වගේ අවස්‌ථාවක්‌ ලැබෙනවා කියන්නේ ඉහේ මලක්‌ පිපුණා වගේ වැඩක්‌. මම ආරාධනාව බාරගෙන රඟපාන්න ආවා.

ටෙලි නාට්‍ය කරලා නැද්ද?

තියෙනවා. "කාව්‍ය" ටෙලි නාට්‍යයේ කාව්‍යාගේ යෙහෙළිය තිමානිගේ චරිතය සහ "නිලංජනා" ටෙලි නාට්‍යයේ නිලංජනා ගේ යෙහෙළිය සමන්තිගේ චරිතය. ඊටපස්‌සේ ටෙලි නාට්‍යවල රඟපෑවේ නැහැ. චිත්‍රඵටවල විතරයි රඟපෑවේ.

අමිෂා ඉගෙන ගත්ත පාසල

ජාඇල නිමල මරියා බාලිකා මහා විද්‍යාලය

අමිෂා පවුලේ තොරතුරු

අපි ඉන්නේ ජාඇල. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්‌කයි. අක්‌කා විවාහවෙලා ඉන්නවා. එයාට දුවක්‌ ඉන්නවා.

අමිෂා විලාසිතා කරන්න කැමති කෙනෙක්‌ද?

ඔව්....කවුද අකමැති විලාසිතා කරන්න. මම සාමාන්‍යයෙන් තැනට ගැළපෙන විදිහට අඳින කෙනෙක්‌

ආදරය ගැන කතා කළොත්...

ආදරය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්‌. ජීවිතය තුළදි ආදරය විඳින්න ඕන කියලා මම විශ්වාස කරනවා.

විවාහය ගැන මොනවද හිතන්නේ.

තරුණ කාලේදී සමහරකුට විවාහය අත්‍යාවශ්‍ය නොවන දෙයක්‌ කියලා හිතෙන්න පුළුවන්. නමුත් වයසට යන විට දැනෙන තනිකම. පාළුව ගත් තීරණ වැරදි බවට පෙන්වා දෙන්න පුළුවන්. මගේ සිත තුළ විවාහය ගැන සුන්දර බලාපොරොත්තු තියෙනවා. තව අවුරුදු 2 කින් මම අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.

අමිෂා කටකතාවලින් සැලෙනවද?

අපෝ නැහැ. ඕනම කෙනෙකුට කටක්‌ තියෙන නිසා තවත් කෙනෙකු ගැන හොඳ හෝ නරක කටකතාවක්‌ හැදිය හැකියි. නැත්නම් පොඩි දෙයක්‌ ලොකු කරලා සමාජය පුරාම පතුරවා යවන්නත් පුළුවනි.

මට කාගේ හරි ගැන කටකතාවක්‌ කියන්න ආවොත් මම ඒක සාවදානව ඇහුම්කන්දීලා එක කණකින් අහලා අනෙක්‌ කණෙන් පිටකරලා දානවා. සාමාන්‍යයෙන් මම වැඩ කරන්නේ මට ඕන විදියටයි.

ඔයා ගැන කතාවක්‌ පැතිරුණොත්. අමිෂා මොකද කරන්නේ.....

ගණන් ගන්නේ නැහැ. මට නම් කටකතා අඩුයි. සමහරු කටකතාවක්‌ නම් හැදුවා. හැබැයි ඒ කටකතාව නම් ඇත්තක්‌.


හරින්දි ලියනගේ
ඡායා - දිනේෂ් ගමගේ


Copy Rights - diwayina

READ MORE - මට හැදුන කටකතාව ඇත්තක්‌

පණ තිබෙනකම් වේදිකාවේ ඉන්නවා

නිතරම පෙනි පෙනි ඉන්නකොට අපිටම එපාවෙනවා
චමිලා පීරිස්‌

පණ තිබෙනකම් වේදිකාවේ ඉන්නවා

චමිලා පීරිස්‌ මෙරට වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ ප්‍රතිභා පූර්ණ නිළියන් අතළොස්‌ස අතරින් ඇය ඉදිරියෙන් සිටින්නීය. ඒ තමා සතු සහජ හැකියාවට අසාධාරණයක්‌ නොකරනවා යෑයි කියන්නාක්‌ මෙනි. දශක දෙකකට ආසන්න කාලයක්‌ වේදිකාවේ රැඳී සිටිමන් ඔබ සාපේක්‍ෂයි, මට එරෙහිව මම, විකෘති, මට වෙඩිතියන් නැද්ද, සඳ ළඟ මරණය ආදී ඇය රඟපෑ නාට්‍ය රැසකි. අනතුරුව ටෙලිනාට්‍ය රංගනයෙහිද විශිෂ්ට කුසලතා දැක්‌ වූ අපගේ කතා නායිකාව චමිලා පීරිස්‌ පසුගිය දිනකදි අප හා කතා බහකට එක්‌වූයේ මෙලෙසිනි.

බොහෝ කළකට පසුව පුංචි තිරයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ තුළින්ම කතා බහ ආරම්භ කළොත්?

සිරස රූපවාහිනියේ සිහින පවුරු සහ ස්‌වර්ණවාහිනියේ ඕලු ටෙලිනාට්‍ය දෙක තමයි දැනට විකාශය වෙන්නේ.

නිර්මාණ අතරේ ඇයි ඔබව නිරන්තරයෙන් දකින්න නොලැබෙන්නේ?

ප්‍රධානම හේතුව තමයි අද නිර්මාණ බිහිවෙන්නේ බොහෝ විට තරණ පරපුර නියෝජනය කරමින්. මම මැදිවිය පසුකරමින් සිටින නිසා ඒවට සම්බන්ධ වෙන්න බැහැ. අනිත් පැත්තෙන් රඟපාන්න දෙයක්‌ තියෙන චරිතයකට හැරෙන්න සරළව කෙරෙන නිර්මාණවලට මම සම්බන්ධවෙන්න කැමති නැහැ. නිරන්තරයෙන් දකින්න නොලැබෙන නිසා වාසියකුත් තියෙනවා. නමුත් මේ සියල්ල අතරේ අනෙත් අයට සාපේක්‍ෂව මම නිරන්තරයෙන් වැඩ කරමින් ඉන්න කෙනෙක්‌.

නිතර ප්‍රේක්‍ෂකයා ඉදිරියේ පෙනි නොසිටීමේ වාසිය කුමක්‌ද?

පෙනි පෙනී ඉන්නකොට ඒක සාමාන්‍ය දෙයක්‌ වෙනවා. එතකොට අපිටම එපා වෙනවා. විවිධ චරිත අතරින් එන්න තමයි කැමති.

මෙය වේදිකාවෙන් පැමිණි ප්‍රබල චරිතවල ලක්‍ෂණයක්‌ද?

ඔබ ඇසූ ප්‍රශ්නයට එහි අදාළ තාවක්‌ තියෙනවා වෙන්නත් ඇති. නමුත් මුල පිරුම වේදිකාවෙන් ලැබිලා තියෙන නිසා හොඳ දැනුමක්‌ ඔවුන් හැම කෙනා තුළම තිබෙනවා. හිතලා වෙනසක්‌ නොකළත් ඒ ආභාෂය තියෙන නිසා චරිතය ගොඩනගාගන්න පහසුයි.

ක්‍ෂේත්‍රයේ සෙසු රංගන ශිල්පීන්ට සාපේක්ෂව ඔබට තිබෙන්නේ හුදකලා ජීවිතයක්‌ නේද?

ඒක මම හිතල කරන දෙයක්‌ නෙමෙයි. මොකද වේදිකාවේ හෝ රූගත කෙරෙන පසුතලය හැරුණු කොට මම නිළියක්‌ කියලා කැපිලා පෙන්න හදන කෙනෙක්‌ නෙමෙයි. ඒ නිසා උත්සව, ප්‍රියසම්භාෂණවල දි මගේ රූපේ දකින්න නැති නිසා අනිත් අයට ඒ වෙනස දැනෙනවා ඇති.

නමුත් රංගන ශිල්පිණියක්‌ ලෙසට එය අවාසියක්‌ නොවේද?

ජනප්‍රිය කියන නාමයට මම කැමති නැහැ. මට අවශ්‍ය යමක්‌ රසවිඳිමින් රංගනයේ යෙදෙන්න මිසක්‌ හැල්මේ දුවන්න නෙමෙයි. ඒ නිසා ජනප්‍රිය මාවතේ නොගියා කියලා මට පාඩුවක්‌ නැහැ.

වේදිකාවේ නවතම තතු මොනවාද?

1991 දී මම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවැදුණු බර්නාඩාගේ සිපිරිගෙය වේදිකානාට්‍යයේ නැවත නිෂ්පාදනය ප්‍රියන්ත සිරිකුමාර විසින් ඊයේ සහ අද ලයනල් වෙන්ඩ්ට්‌ හීදී වේදිකා ගත කරනවා. ඒ වෙනුවෙන් තමයි මේ දවස්‌වල පූර්ණකාලීනව නියෑලිලා ඉන්නේ.

මෙතෙක්‌ බිහිවුණු වේදිකා නිර්මාණ හා මෙම නිර්මාණය අතර තිබෙන වෙනස කුමක්‌ද?

වේදිකාව තුළ බිහිවෙන හැම නිර්මාණයක්‌ම එකකට එකක්‌ වෙනස්‌. වසර විසි එකකට වඩා වැඩි අත්දැකීම් සම්භාරයක්‌ මා සතුව තිබුණත් නිර්මාණ දහයක්‌ තරම් සුළු ප්‍රමාණයකට තමයි මම සම්බන්ධවෙලා තියෙන්නේ. මගේ අත්දැකීම් අනුව නම් රසාස්‌වාදයක්‌ තුළ උපරිම සතුට ගෙනදෙන නිර්මාණයක්‌ කියන්න පුළුවන්.

මේ නිර්මාණය ඔස්‌සේ ඔබේ රංගන කෞෂල්‍යය තුළ කරන්නට ලැබුණු වෙනස මොකක්‌ද?

හොඳ අවස්‌ථාවක්‌. මනුෂ්‍යයෙක්‌ගේ හැඟීම්වල නොතිබිය යුතු හැඟීමක්‌ වන ඊර්ෂ්‍යාව සාමාන්‍ය මට්‌ටම වඩා උපරිමයෙන් ගිය විකෘති වූ චරිතයක්‌. මගේ පැත්තෙන් උපරිම සාර්ථකත්වයක්‌ චරිතය වෙනුවෙන් දුන්නා කියලා හිතනවා.

ඔබ යම් නිර්මාණයක්‌ තෝරාගැනීමේ දී සැළකිලිමත් වන කරුණු මොනවාද?

මට රඟපාන්න දෙයක්‌ තියෙනවද කියන කාරණාව ප්‍රධානයි. වේදිකාවේ නම් එහෙම නැහැ. මොකද ආර්ථික මට්‌ටමින් වාසියක්‌ නැහැ. රසවින්දනය විතරයි උපරිමයෙන් ලබන්න පුළුවන්. අනික ලස්‌සනට ඇඳලා ලස්‌සනට ඉන්න චරිත රඟපාන්න ලැබුණොත් ප්‍රතික්‍ෂේප කරනවා. නිර්මාණයකදි වැඩකරන්න ලැබෙන අනෙක්‌ අය දක්‍ෂ නම් කරට කර අලුත් දෙයක්‌ එක්‌කරන්න පුළුවන් වීමත් හොඳ අවස්‌ථාවක්‌.

දශක දෙකකට ආසන්න කාලයක්‌ වේදිකාවේ රැඳී සිටි ශිල්පිණියක්‌ ලෙසට වේදිකාව ශක්‌තිමත් කිරීමට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුවූවාද?

ලංකාවේ ජීවත් වෙමින් ලංකාවේ මානසික මට්‌ටම තුළ ඉඳගෙන කතා කරනවනම් මම හිතනවා මම යුතුකම් ඉටු කළා කියලා. මොකද මම වේදිකාව වෙනුවෙන් යුතුකම් පැහැර හරිනවා අඩුයි. පණ කඳ තියෙනකම් රැඳී ඉන්න එකම තැන තමයි වේදිකාව.

එසේ වූවානම් ඔබ විසින් නිර්මාණයක්‌ බිහි කරන්න ඇයි ප්‍රමාද?

ඇත්තටම ආසයි. නිර්මාණයක්‌ ගැන හිතමින් ඉන්න කාලෙදි තමයි බර්නාඩාර්ගේ සිපිරි ගෙයට නැවත සම්බන්ධවෙන්න ලැබුණේ.

බිරිඳක්‌, මවක්‌ ලෙසට කතා කළොත්?

විශේෂ බරක්‌ නැහැ. දුවෙක්‌ ඉන්න නිසා ජීවිතේ ටිකක්‌ වෙනස්‌ වෙලා. එයා වැඩෙනවා දකින එක මට තෘප්තියක්‌. ඒ ඇරෙන්න පරණ ජීවිතේ ඒ විදිහටම විනෝදෙන් ගත කරනවා. නාමල්ගෙන් ජීවිතේ ගෙනියන්න හොඳ සහයෝගයක්‌ ලැබෙනවා.


ලක්‌මිණි අතුකෝරල
ඡයා - සුජාතා ජයරත්න


Copy Rights - Diwayina

READ MORE - පණ තිබෙනකම් වේදිකාවේ ඉන්නවා

ආදරය ඉදිරියේ බොළඳ නොවෙන්නෙ කවුද ?

ආදරය ඉදිරියේ බොළඳ නොවෙන්නෙ කවුද ?
සාරංග දිසාසේකර

සාලිය වගේ චරිත දකින්නවත් ලැබෙන්න එපා...

මේ දිනවල බොහෝ දෙනා මේ රුව ගැන කතාබහ වෙනවා. ඒ වගේම ඔහු ගැන පවසන විමසන දේ බොහෝය. සාරංග දිසාසේකර නම් වූ මේ අපූරු යෞවනයා ගැන අමුතුවෙන් සඳහන් නොකළ යුතු වන්නේ බොඳ මීදුම්හි ධනුකගේ චරිතයෙන් ඔහුව රටම හඳුනන නිසාය. සැබෑ ජීවිතයේදීත් සාරංග ධනුක වගේද ? මේ දිනවල ගොඩක්‌ දෙනාගේ සිත් තුළ නැගෙන ප්‍රශ්නයක්‌. ඒ ගැන දැනගන්න අපි ඔහුට කතා කළා.

සාරංග කියලා කතා කරනවාටද කැමැති නැතිනම් ධනුක කියලා කතා කරනවාටද?

සාරංග කියලා. මොකද ධනුක කියන්නේ මම රඟපාන තවත් එක්‌ චරිතයක්‌ විතරයි.

ධනුකගේ ආදර කතාව මොන විදිහට කෙළවර වෙයිද?

හැමෝම කැමැති විදිහට කෙළවර වෙයි කියලා හිතනවා. ඒ ගැන ලොකු විස්‌තරයක්‌ කියන්න අමාරුයි. ඒ හින්දා ප්‍රේක්‍ෂකයන්ට ධනුකගේ ආදරය දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා තමයි කියන්න වෙන්නෙ.

ධනුකගේ ආදරයට සාලිය හරස්‌වීම මොන විදිහටද දැනෙන්නෙ...

විවිධ චරිත සමාජයේ ඉන්නවා. සාලිය කියන්නෙත් ඒ වගේ චරිතයක්‌. ඒ ගැන ලොකු දෙයක්‌ කියන්න නැහැ. ආදරයට විවිධ බාධා එනවා. අපි දෙන්නගෙ ආදරයටත් සාලිය එක බාධාවක්‌.

සැබෑ ජීවිතයේදීත් සාරංගට, ගයාන් හතුරුකම් කරනවාද?

අපොයි නැහැ. ඒක ඉතිං තිර පිටපතට විතරක්‌ සීමාවුණු හතුරුකමක්‌. සැබෑ ජීවිතයේ අපි හොඳ යාළුවො.

ධනුක ආදරය ඉදිරියේ හරි බොළඳයිනේද?

ආදරය ඉදිරියේ රජවරු පවා බොළඳ වෙලා තිබෙනවා. ආදරයට උගත්කම, බුද්ධිය වැදගත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්නේ පුළුවන් ධනුකගේ ආදරය බොළඳයි කියලා. හැබැයි මට නම් හිතෙන්නේ ඒ ආදරය ධනුකට විතරක්‌ තිබෙන ලක්‍ෂණයක්‌ නොවෙයි කියලා.

සාරංගත් ආදරය කරන්න ගියහම ධනුක වගේද?

සියයට සියයක්‌ම නොවෙයි යම්තාක්‌ දුරට එහෙම වෙන්න පුළුවන්. නමුත් සමහර සිදුවීම් ධනුකගේ ආදර කතාවට සමාන වෙන වෙලාවලුත් තිබෙනවා.

මේ ලැබෙන ජනප්‍රියත්වය මොන විදිහටද විඳින්නේ ?

ප්‍රේක්‍ෂකයන්ගෙන් නම් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. නමුත් ඒවා ලොකුවට හිතට ගන්නේ නැහැ. ඒ වගේම වැඩි තැකීමක්‌ කරන්නෙත් නැහැ.

ධනුකගේ ආදර කතාව වගේ සාරංගගේ ආදර කතාව කියන්න අකමැතිද?

මගේ සැබෑ ආදර කතාව මටම කියා ගන්න තමයි කැමැති. ඒ ආදර කතාව පෞද්ගලික වෙනතරමට කැමතියි.

ඇයි ඒ ?

ඒක මම දන්නෙ නැහැ. අනික එහෙම කියන්න තරම් මට වුවමනාවක්‌ ආසාවක්‌ නැහැ.

ඒ කියන්නේ ධනුකගෙ වගේ සාරංගගෙ ආදරයෙත් අවිශ්වාස බවක්‌ තිබෙනවා කියලාද?

නිශ්චිත අවිනිශ්චිත බව පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි එතන තියෙන්නෙ. පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්‌.

ඇය විරුද්ධ නැතිද ඔබ නිළියන් සමඟ වැඩකරනවට?

අපොයි එහෙම නැහැ. මොකද මම ටෙලි නාට්‍යයෙන් නාට්‍යයට එක එක චරිත රඟපාන්නේ කියාල තේරුම් ගන්න තරම් බුද්ධියක්‌ එයාට තිබෙනවා.

නළුවෙක්‌ වීම ගැන මොකද හිතන්නේ ?

නළුවෙක්‌ වීම සුවිශේෂී වරප්‍රසාදයක්‌ කියලා තමයි හිතෙන්නේ. ඒකට හේතු කිහිපයක්‌ තිබෙනවා. අපිට අවස්‌ථාවක්‌ ලැබී තිබෙනවා තමන්ගෙන් මිදිලා වෙන කෙනෙක්‌ වෙන්න. අනිත් එක කලාකරුවෙක්‌ විදිහට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර, ආදරය වැනි දේවල්. මේ සියල්ලම ජීවිතයට වටිනවා. නළුවෙක්‌ වීම ගැන ඒ විදිහට තමයි මම දකින්නේ.

සාරංගට මේ දේවල් ලැබුණේ පියාගේ ජනප්‍රියත්වය මත කිව්වොත් ?

කොහෙත්ම නැහැ. ඒක එහෙම නෙවෙයි. එහෙනම් මේ රටේ ඉන්න හැම ජනප්‍රිය ගායකයෙකුගේම දරුවන් නළුවො වෙන්න ඕනෑ. තාත්තා ගායකයෙක්‌ වුණා කියලා මම කොහොමද නළුවෙක්‌ වෙන්නේ.

සාලිය වගේ අය සාරංගට හමුවෙලා නැතිද?

මට නම් හමුවෙලා නැහැ. සාලිය වගේ අයත් සමාජයේ ඇති.

එවැනි කෙනෙක්‌ ඇසුරු කරන්න ලැබුණොත් ?

සාලිය වගේ චරිත සැබෑ ජීවිතයේ ඇසුරු කරන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

යළිත් ඔබව සිනමාවෙන් දකින්න පුළුවන් කියලත් ආරංචියි ?

ඔව්. මම සුපර් සික්‌ස්‌ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. සුපර් සික්‌ස්‌ කියන්නේ ලංකාවේ මෙතෙක්‌ බිහි වූ චිත්‍රපටවලින් වැඩිම වියදමක්‌ දැරූ චිත්‍රපටයක්‌. ඒ වගේම හොඳ ගීත දර්ශන කිහිපයක්‌ සහ සටන් ජවනිකා තිබෙන චිත්‍රපටයක්‌. මෙය අපේ රටේ ප්‍රෙAක්‍ෂකයන්ට අලුත් අත්දැකීමක්‌ වේවි. සුපර් සික්‌ස්‌ කියන්නේ මගේ රංගන ජීවිතයේ විශේෂ සංධිස්‌ථානයක්‌.

ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක්‌ දෙනෙක්‌ කියන කතාවක්‌ තමයි අද ඉන්න නළුවන් අඩුමුදලට විකිණෙනවා කියලා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්‌ද?

ඒක ඉතිං මම නම් දන්නේ නැහැ. එහෙම කියන අයගෙන්ම තමයි ඒ ගැන දැනගන්න වෙන්නෙ. මොකද අනෙක්‌ නළු නිළියන්ගේ ගණන් හිලව් මම හොයන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. ඒවායින් මට වැඩකුත් නැහැ. මගේ රංගනයට සරිලන මුදලක්‌ මට ලැබෙනවා නම් මම හිතන්නේ ඒ ගැන විතරයි.


දිනේෂ් විතාන
ඡායා - ඉන්දික මල්ලවආරච්චි


Copy Rights - Diwayina

READ MORE - ආදරය ඉදිරියේ බොළඳ නොවෙන්නෙ කවුද ?

මම කාගෙවත් පවුල් කඩලා නැහැ

මම කාගෙවත් පවුල් කඩලා නැහැ
ආක්‍ෂා සුදාරි

නදීෂා මගේ අක්‌කා වගේ

මේ දිනවල පුංචි තිරයේ දිස්‌වන ඩයලොග්, සීක්‍රට්‌, සෙලින්කෝ ලයිෆ්වගේම සම්පත් බැංකුව වෙළෙඳ දැන්වීම්වලත් ඇයව අපට නිතර මුණ ගැසෙනවා. ඒ වගේම ඉරාඡ් වීරරත්නගේ ගිරුඩා ගීතයේ රූප රචනයේද දක්‌නට ලැබෙනවා. මේ සියල්ලට වඩා ඇයව ගොඩක්‌ දෙනා දකින්නේ ඩාන්ස්‌ ස්‌ටාර් වේදිකාවේ නර්තන හැකියාවෙන්. ඇය නමින් ආක්‍ෂා සුදාරි. ආක්‍ෂා ගොඩක්‌ දෙනා හඳුන්වන්නේ නදීෂා හේමමාලිගේ සහෝදරියක්‌ විදිහට. සැබෑවටම ආක්‍ෂා කවුද? මේ සටහන කියවන විට ඔබට ඇය කවුද කියලා වැටහේවි.

ආක්‍ෂා කවුද කියලා හැඳින්වුවොත් ?

මගේ අම්මා ඉන්දියාවේ. තාත්තා ලංකාවේ. මට මල්ලි කෙනෙක්‌ ඉන්නවා. පාසැල් ගියේ වත්තල සෙනෑන්ස්‌ විදුහලට.

ආක්‍ෂා ඉගෙනගත්තේ මොනවගේ අරමුණක්‌ හිතේ තියාගෙනද?

පොඩිකාලේ මම හිතාගෙන හිටියේ ගුවන් සේවිකාවක්‌ වෙන්න. ලොකු වුණාට පස්‌සේ ඒ අදහස වෙනස්‌ වුණා. එතකොට හිතුණේ නිළියක්‌ වුණානම් හොඳයි කියලා.

මේ දවස්‌වල මොනවගේ වැඩකටයුතුවලද නිරතවෙලා ඉන්නේ ?

මේ දවස්‌වල නම් ලංකාවේ චිත්‍රපට දෙකක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒවගේ නම් දැන්ම සඳහන් කරන්න අමාරුයි. මොකද තවමත් රූගැන්වෙන නිසා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සහභාගි වුණා. ඒ වගේම ඩාන්ස්‌ ස්‌ටාර් ඩාන්ස්‌ වැඩසටහනටත් දායක වෙලයි ඉන්නේ.

ආක්‍ෂාට නර්තනය ගැන මොනවගේ හැදෑරීමක්‌ද තියෙන්නේ ?

පොඩිකාලේ සිට නර්තනය හදාරාලා තිබෙනවා. නර්තනය මම හරිම ආසාවෙන් කරන දෙයක්‌. ඒකයි මට මේ වැඩසටහනටත් ආරාධනා ලැබුණේ. මම හිතනවා ඩාන්ස්‌ ස්‌ටාර් වේදිකාවේ ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා.

විලාසිතා ගැන මොන විදිහටද හිතන්නේ ?

විලාසිතාවලට මම ගොඩක්‌ ආසයි. හැම වෙලාවෙම අලුත් දෙයක්‌ කරන්න තමයි කැමති. ඕනම ගැහැනු ළමයෙක්‌ විලාසිතා කරන්න ආසයිනෙ.

විලාසිතා කරන්න හොඳ සිරුරක්‌ තිබෙන්න ඕනෑනේද?

අනිවාර්යයෙන්ම. මමත් මේ දවස්‌වල සිරුර ගැන ගොඩක්‌ හිතනවා. මොකද ඉදිරියේදී රූගත වෙන චිත්‍රපටයට කිලෝ තුනක්‌a බර අඩුකරගන්න කිව්වා. ඒ හින්ද සිරුර ගැන සැළකිලිමත් වෙනවා. කෑමබීම වලින් පවා පරිස්‌සම් වෙමින්.

ඔබට ලස්‌සන සිරුරක්‌ තිබෙනව කියලා ඔබ හිතනවාද?

අනිවාර්යයයෙන්ම. මට ලස්‌සන සිරුරක්‌ තිබෙනවා. මම ඒ නිසා චුට්‌ටක්‌වත් බය නැහැ.

තරුණයන් සමග තිබෙන්නේ මොනවගේ බැඳීමක්‌ද?

මම ගොඩක්‌ යාළුවො ආශ්‍රය කරනවා. කවුරු දැක්‌කත් කතා කරනවා. හැබැයි පිරිමි සමග කතා කරන්න ටිකක්‌ බයයි. මොකද එක දෙක කරලානේ කියන්නේ.

දැන් ඉතිං ආදරයක්‌ ඕනෑ කියලා හිතෙන්නේ නැතිද?

ආදරය කියන දෙය ඕනෑ. මම නැහැ කියන්නේ නැහැ. මමත් හරිම ආසයි ආදරයට. නමුත් මට ඒකට වෙලාවක්‌ නැහැ.

අනුන්ගේ ආදරයක්‌ බලෙන් උදුරාගන්න යනවා කියලා අපිට ආරංචියි ?

ඔව් මං ගැන එහෙම කට කතාවක්‌ එක්‌තරා වෙබ් අඩවියක සඳහන් කර තිබෙනවා. මම කාවිංග පෙරේරා සමග යාළුයි කියලා. එයාගේ බිරිඳගෙන් එයාව උදුරගන්න යනවා කියලා එහි සඳහන් වෙලා තිබ්බා. ඇත්තටම ඒ කතාව සම්පූර්ණ බොරුවක්‌. මම මේ සම්බන්ධයෙක්‌ කාටවත් බැනවලවත් ඕන කියන විදිහේ වැඩ කරලාවත් නැහැ. මම මේ බොරු ප්‍රචාරය කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. හැබැයි මමයි කාවිංගයි අතර ලොකු හිතවත්කමක්‌ තිබෙනවා. ඒකට තමයි මෙහෙම කතන්දරයක්‌ හැදිලා තියෙන්නේ.

ආක්‍ෂා නදීෂා හේමමාලි ගේ නංගි කියන කතාව ඇත්තක්‌ද?

අපි දෙන්න එකට වැඩකරන හින්දා ගොඩක්‌ අය හිතාගෙන ඉන්නේ අක්‌කයි නංගියි කියලා. ඒ ගැන අපි දෙන්නත් වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් නදීෂා මගේ අක්‌කා නෙමෙයි. ඒත් එයා මගේ ජීවිතයේ අක්‌කා වගේ ආශ්‍රය කරනවා.


දිනේෂ් විතාන


Copy Rights - Diwayina

READ MORE - මම කාගෙවත් පවුල් කඩලා නැහැ

අයි ඇම් ශ්‍රී ලංකා ඕයි !

Sunday, March 27, 2011

ටෙනිසන් කුරේ අලුත්ම වේදිකා නාට්‍යයක්‌ සමඟ

උත්පත්තිය - විපත්තිය අතර
ප්‍රතිපත්තිය නැතිනම් නස්‌පැත්තිය

සිනහව ඇති තැනක "ටෙනිසන් කුරේගේ" නම නැතිනම් එය විය නොහැක්‌කකි. එපමණකටම ඔහු සිනාව හා බද්ධව සිටී. "මිනිස්‌ සිත" පිරිසිදු කරන්නට හැකියාව ලැබීමම තමන් ලද භාග්‍යයක්‌ බව "ටෙනී" නිතර කියන්නේ ඒ නිසාය. බොහෝ අටුවාවන් රහිතවම ඔහු පිළිබඳව හඳුන්වා දෙමින් මේ කතා බහට එළිපන්නේ "ටෙනී" සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු කිහිපයක්‌ ඇති හෙයිනි. කලකට පසු හමුවන මොහොතෙහි, "මේ දවස්‌වල මොකද කරන්නේ" යි, යන පැනයට ඔහුගේ කෙටි පිළිතුර වූයේ.... "මම මේ දවස්‌වල දිනේෂ් ප්‍රියසාද්ගේ, ඇද්ද ලණුව - දැම්ම කොඩිය චිත්‍රපටයේ හඬ කැවීම්වලට සහභාගි වෙනවා...." යන්නයි. මේ සරසවි චිත්‍රාගාර බිමෙහිදීය. පිළිතුරෙන් සෑහීමකට පත්වන්නට අපට බැරිය....

නැහැ එහෙම නොවෙයි.... අලුත් ආරංචියක්‌ තියෙනවා....

ආ.... ඒක මෙහෙමයි.... මට ටිකක්‌ මුල ගැන කතා කරන්න ඕන.... මම චිත්‍රපට රාශියකට දෙබස්‌ තිර රචනය ආදී අංශවලින් සහභාගි වුණා. නොම්මර එකයි, පෙරළිකාරයෝ, වරදට දඬුවම්, කම් ඕ ගෝ චිකාගෝ, හොඳ හොඳ සෙල්ලම්, දෙමෝදර පාලමේ කතා තේමාව, කොලොම්පූර් වැනි චිත්‍රපට රැසක්‌ම දිනේෂ් ප්‍රියසාද් සමඟ එකතුවෙලා කළා.

කොච්චර ෆිල්ම් කළත් මට ලොකු ආශාවක්‌ තිබුණා අධ්‍යක්‍ෂණය කරන්න. ඕක ගැන කිව්වම යාළුවෝ මට කිව්වේ "උඹට අධ්‍යක්‍ෂණය කරගන්න කොහොම හරි පුළුවන් වෙයි, උඹ රඟපාපං" කියලයි. දිනේෂ් ඒ දවස්‌වල කිව්වා මම කවදාහරි අධ්‍යක්‍ෂණය කරන දවසක උඹව රඟපෑමට ගන්නවා කියලා, ඔහුගේ පළමු අත්හදාබැලීම් චිත්‍රපටයට මාව රඟපාන්න ගත්තා.... ඒකේ මමත් බන්දු සමරසිංහත් රඟපානවා. ඒ දවස්‌වල බන්දු මගේ සිනමා වීරයෙක්‌, ඔහු සමඟ පොඩි කෑල්ලක්‌ රඟපානවා කිව්වත් ආසයි. විජය කුමාරතුංග තමයි දිනේෂ්වත් මාවත් පොළඹවා ගත්තේ, කොපි නැති අපේම පිටපතක්‌ සහිත චිත්‍රපටයක්‌ කරන්න.... මම චිත්‍රපටය ලියන්නත් දිනේෂ් අධ්‍යක්‍ෂණය කරන්නත් ඒ අනුව තීරණය වුණා. "වරදට දඬුවම්" බිහිවෙන්නේ ඒ අනුවයි.

වරදට දඬුවම් චිත්‍රපටයෙන් ඔබ ජනතාව අතරට ගියා.

ඇත්තටම... එතනදී මට ලොකු ආශාවක්‌ ඇතිවුණා රඟපාන්නම ඕන කියලා. ඒ අනුව මට චිත්‍රපට කතා ලියන්නත් රඟපාන්නත් ලැබුණා.

අධ්‍යක්‍ෂවරයාගේ චරිතය එතැනින් ඉවරද?

නැහැ.... නැහැ.... මට රඟපානකොට හිතෙනවා යම් යම් රඟපෑම් මෙහෙම වුණා නම් කොච්චර හොඳද? මෙහෙම වුණා නම් හොඳ අදහසක්‌ ඒවි කියලා.... ඒත් මට අධ්‍යක්‍ෂවරයාට බලපෑම් කරන්න බැරි නිසා සද්ද නැතුව හිටියා.

මෙහෙම ඉන්නකොට මට ඊ. ඒ. පී. එකේ අසංක එදිරිසිංහ මහත්තයා මුණගැසුණා... ඔහු මට ඉතා කෙටි කාලයකදී අත්තිකාරම් මුදලක්‌ පවා දීලා, චිත්‍රපටයක්‌ කරන්න කතා වුණා. නමුත්..... ඒක එහෙමම නතර වුණා. ඊළඟට ඒකට මදිහත් වුණේ චිත්‍රපට සංස්‌ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජයන්ත ධර්මදාස මහත්තයයි. ඒකත් මොකක්‌දෝ හේතුවකින් නතර වුණා. යම් යම් බලපෑම් පවා ඇතිවෙලා තිබුණා.

මේ කාලයේ මගේ හිතවතෙක්‌ හිටියා, කුරුණෑගල "ජගත් එම් යාපා" කියලා. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්‌. ඔහු සහ පවුලේ උදවිය මගේ රඟපෑම් සහිත චිත්‍රපට නිතර බලන, මාව අගය කරන අයයි. මම නිෂ්පාදනය කළ නාට්‍ය පවා ඔහු කුරුණෑගල දෙතුන්වතාවක්‌ පෙන්නුවා. ඔහු මට නිතර ඇවිටිලි කළා චිත්‍රපටයක්‌ කරන්න.... ඒත් මම එක්‌වරම ඊට කැමැති වුණේ නැහැ.

ඒත් එක මොහොතකදී ඔහු කිව්වා "ටෙනී මම චිත්‍රපටයක්‌ කරනවා... හැබැයි ඒ ඔයා එක්‌ක විතරයි" කියලා... කොච්චර මිනිස්‌සු ආවත් එයා ඒ මතයේම හිටියා. ඒ අනුවයි මගේ "තෑන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය හදන්න මුල පුරන්නේ.

මේ මොහොතේ "ජගත්" ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන... නළු නිළියන්ට පහසුකම් සැපයීමේ සිට සිනමා පටයට අවශ්‍ය සියලුම දේ සඳහා ඔහු ඉතා හොඳින් නිෂ්පාදනයෙන් දායක වුණා.

ඔබ හැරුණු විට රංගනයෙන් චිත්‍රපටයට දායක වෙන්නේ කවුද?

දිල්හානි අශෝකමාලා (මගේ මතය හැටියට දිල්හානි තමයි ලංකාවේ කොමඩි චරිතවලට දක්‍ෂ හොඳම නිළිය) නිලන්ති ඩයස්‌, බන්දු සමරසිංහ, සුසිලා කෝට්‌ටගේ, සුසිලා කූරගම, ආනන්ද වික්‍රමගේ, මහේන්ද්‍ර පෙරේරා, ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, රොනී ලීව්, විමල් කුමාර ද කොස්‌තා, මහින්ද පතිරගේ, මානෙල් වානගුරු, සමන්ති ලැනරෝල් මේ ආදී වශයෙන් විශාල නළු නිළි කැළක්‌ මීට සහභාගිත්වය දැක්‌වුවා. ලලිත් තෝමස්‌ කැමරාකරණයෙන් සහභාගි වුණා.... මගේ "ගුරෙක්‌" වන නිමල්සිරි රෝසාත් මට උදව් කළා. කොහොම හරි මෙතැනදී නම් ගම් නොකියවුණු හැමෝම මේ මොහොතේ සිහිපත් කරන්න ඕන... අගෝස්‌තු මාසය වන විට චිත්‍රපටය තිරගත කරන්න නියමිතයි... ආරංචිය මුලින්ම දුන්නෙත් ඔයාලාටම (මීවිතට) තමයි.

එතකොට නාට්‍යයක්‌ කරන්න පටන් අරගෙන තිබුණ නේද?

ඒක චිත්‍රපටය නිසා අතරමඟ නතරවෙලා තිබුණේ. දැන් ඒක ආපහු පටන් ගත්තා. නාට්‍යයේ නම "අයි ඇම් ශ්‍රී ලංකා ඕයි"ෘ හැමෝම ශ්‍රී ලංකා නම් මට ශ්‍රී ලංකා වෙන්න බැරිද? නාට්‍යයේ අවසන් දෙබස වෙන්නේ ඒක. මුළු කතා සාරාංශය මේ වචන ටිකේ තියෙනවා. "උත්පත්තිය - විපත්තිය අතර ප්‍රතිපත්තිය නැතිනම් නස්‌පැත්තියෘ නාට්‍ය මැයි මාසයේ 27 වැනිදා මීගමු නගර ශාලාවේදී වේදිකාගත කිරීමට නියමිතයි. ඒ මෙතෝදිස්‌ත දෙව් මැඳුරට ආධාර පිsණිසයි. ඉතිං අපි ටෙනීගේ නාට්‍ය හා චිත්‍රපටය සමඟ හමුවෙමු.


උදේශ ගමගේ
ඡායා - කමල් බෝගොඩ

Copy rights - Diwayina
READ MORE - අයි ඇම් ශ්‍රී ලංකා ඕයි !

ලොවම වසඟ කළ එළිසබෙත් ටේලර් මියයයි

ලොවම වසඟකළ හැකි දම් පැහැති නෙත් සඟලකටත්, රූප සෝභාවයටත් උපතින් ම උරුමකම් කියූ එලිසබෙත් ටේලර් (Elizabeth Taylor) මිය ගොසින්.

1932 වසරේ පෙබරවාරි 27 වෙනිදා ලන්ඩනයේ හම්පාස්‌ටට්‌ හිදි උපත ලද ඇය මියගියේ ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිපෝනියාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නුවරදී ය. ඇගේ සම්පූර්ණ නම වූයේ එළිසබෙත් රෝස්‌මන්aඩ් ටේලර්. ඇයව ලීස්‌ ,කිට්‌න් යන ආදරණීය නාමයන්ගෙන් ද හඳුන්වා ඇත.

උස අඩි 5 යි අඟල් 2 ක්‌ වන එළිසබෙත් ගේ දෙමාපියන් ඇමරිකානුවන් ය. ඇගේ මව වේදිකා නාට්‍ය නිළියකි. නමුත් මව විවාහයෙන් පසුව රංගනයෙන් සමුගෙන ඇත. කුඩා එළිසබෙත් වයස අවුරුදු 7 සිට ජීවත් වී ඇත්තේ ලන්ඩනයේ යි. දවසක්‌ ඇගේ නිවසට පැමිණි ඔවුන්ගේ පවුලේ හිතමිත්‍රයෙකු සැබවින් ම හුරුබුහුටි කුඩා එළිසබෙත් දැකීමෙන් ඇයව චිත්‍රපට තිර නිරූපණ පරීක්‌ෂණයකට කැඳවාගෙනයාම සඳහා අවසර ඉල්ලා තිබේ. දෙමාපියන්ගෙන් ලැබුණු අවසරයෙන් ඇයව යුනිවර්සල් පික්‌චර්ස්‌ නමැති ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන ආයතනය වෙත කැඳවාගෙන ගොස්‌ තිර පරීක්‌ෂාවට යොමු කර තිබේ.

ඒ අනුව ඇයට 1942 දී එම ආයතනයෙන් නිෂ්පාදනය කළ There's one Born Every minute හි රඟපෑමේ අවස්‌ථාව උදාවිය. එය තිරගත වූයේ එළිසබෙත්ට වයස අවුරුදු 10 යේ දිය. ඉන් පසු ඇයට චිත්‍රපට සඳහා යොමු වීමේ වාසනාව උදාවිය. MGM නමැති හොලිවුඩ් චිත්‍රපට ආයතනය වසරක්‌ පුරා ම චිත්‍රපට රඟපෑම සඳහා ඇයත් සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ ඔවුන් විසින් 1943 දී කළ Lassie come home චිත්‍රපටය සාර්ථක වීමත් සමඟයි.

එසේ සිනමා ගමන ආරම්භ කළ ඇය නොනවත්වා හොලිවුඩ් චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙමින් හොලිවුඩයට නැතිවම බැරි සුරූපිනිය බවට පත්විය. ඇය 1950 මැයි 6 වෙනිදා "කොන්රඩ් හිල්ටන්" සමඟ ප්‍රථම වරට විවාහ විය. ඉන් පසු කලින් කලට දික්‌කසාද වෙමින් 8 වතාවක්‌ පුද්ගලයන් 7 දෙනෙකු සමඟ එලිසබෙත් විවාහ විය. ඇයට දරුවන් 4 දෙනෙකු වේ. ඇය දෙවෙනි වරට විවාහ වූ මිචෙල් විල්ඩින්ට දාව දරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ම පිරිමි දරුවන්ය. ඇය තුන්වෙනි වරට විවාහ වූ මිචෙල් ටොඩ් ට දාව දියණියකි. ඇය පස්‌වෙනි වරට විවාහ වූ රිචඩ් බූටෝන්ට දාව ද දියණියක්‌ වේ. ඇය 2 වරක්‌ ඔස්‌කා සම්මානයෙන් පිදුම් ලබා ඇත. 2004 නොවැම්බර් මාසයේ දී එලිසබෙත් හෘද රෝගයෙන් පෙළෙනා බව අනාවරණය විය. නමුත් ඇය ඒඩ්ස්‌ රෝග නිවාරණ අරමුදල වෙනුවෙන් මුදල් ලබා දීම නොනවත්වා සිදු කළාය. ඇය සුන්දරත්වය නිසා හොලිවුඩය මෙන් ම ලෝකය ම වසඟයට ගත් එළිසබෙත් ටේලර් නමැති අතිදක්‌ෂ රංගන ශිල්පිනිය මියයන විට 79 වන වියේ පසුවුවාය.

ඇය රඟපෑ චිත්‍රපටවල මතකය ඇය මියගියද ජනතාව අතරෙන් මැකී නොයනු ඇත.


(අන්තර්ජාලය ඇසුරෙන් )
හරින්දී

Copy Rights - Nawaliya
READ MORE - ලොවම වසඟ කළ එළිසබෙත් ටේලර් මියයයි

දැන් පෙන්වනවා

READ MORE - දැන් පෙන්වනවා

බර්නාඩාගේ සිපිරි ගෙය - The House of Bernarda Alba

Tuesday, March 22, 2011






































"Bernadage Sipirige"
A Translation of Garcia Lorca's
THE HOUSE OF BERNARDA ALBA.

Cast:
Kaushalya Fernando,
Chandani Senevirathne,
Chamila Pieris,
Nadee Kammallaweera,
Duleeka Marapana,
Samadhi Laksiri,
Malkanthi Jayasinghe,
Nilmini Buwaneka,
Yamuna Weerasinghe,
Sudharshani Galanigama
Translated by Ranjani Obesekara

Directed by Priyantha... Sirikumara


The House of Bernara Alba Trailer 1


The House of Bernara Alba Trailer 2


"The House of Bernarda Alba" has been produced in Sri Lanka 3 times prior to the present production. The first 2, known as "Bernadage Sipirige" was Directed by Ranajani Obesekara. The Third one known as "Thatu Awaith" was Directed by Priyankara Rathnayake in 2007. All 3 productions and the present one is based on the translation by Ranjani Obesekara.


















Bernadage Sipirige - 1991 Production
Cast: Somalatha Subasinghe, Chandani Senevirathne, Kaushalya Fernando, Malkanthi Jayasinghe, Nayana Hettiarchchi, Chamila Pieris, Hansamala Janaki, Lalani Fernando, Lanka DeSilva, Deepika Kodikara, Renuka Amarasinghe, Praba Sandasili
Translated & Directed by Ranjani Obesekara























Thatu Awith - 2007 Production
Cast: Kaushalya Mendis, Prasadini Attapattu, Sandhya Navarathne, Nadini Ranasinghe, Dhawpathi Wickramasinghe, Sudharshani Wijetunge, Samadara Swarnagothami, Sandamini Diganage, Gayan Randeera, Gayani Chathurika, Iranthi Prabodhani

Translation by Ranjani Obesekara
Directed by Priyankara Rathnayake


Garcia Lorca's 'House of Bernarda Alba'
has been translated in to many languages andbeing produced in many countries as theater productions, musicals and films

Face Book
http://www.facebook.com/pages/The-House-of-Bernarda-Alba/146768082047657
READ MORE - බර්නාඩාගේ සිපිරි ගෙය - The House of Bernarda Alba

විශ්වවිද්‍යාලයීය නා‍ට්‍ය උළෙල - 2011

Monday, March 21, 2011
























කොළඹ විශ්‍ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය මගින් ඉදිරිපත් කෙරෙන ප්‍රථම විශ්ව විද්‍යාලයීය නාට්‍ය උළෙල මාර්තු මස 28 සිට 31 දක්වා ශ්‍රී පාලි මණ්ඩපයේ, අරුන්දතී රංග ශාලාවේදී පැවැත්වේ.

මාර්තු 28 - ජනේලෙන් පනින්න ද? (කැළණිය විශ්ව විද්‍යාලය)

මාර්තු 29 - කෙටි නාට්‍ය දැක්ම : අත්තානං / එස්.එම්.එස්. / මගේ කාලයේ වීරයෙක්

මාර්තු 30 - පුටු (සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය)

මාර්තු 31 - අඳුර ඇඳි මිනිස්සු - (ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය)


උළෙල සමගාමීව චිත්‍ර හා සැලසුම්කරණ විද්‍යාර්ථීන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය, පොත් ප්‍රදර්ශන, ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.

සංවිධානය: ප්‍රසංග කලා අධ්‍යයනාංශය සමග ශ්‍රී පාලි තරුණ නා‍ට්‍යකරුවෝ (SYD), ශ්‍රී පාලි මණ්ඩපය.

ඔත්තුව - බූන්දි ගෙන් සහ Priyantha Fonseka
READ MORE - විශ්වවිද්‍යාලයීය නා‍ට්‍ය උළෙල - 2011

සියක් ආයු ලැබූ සිත නිවන කතා

දයාරත්න රටගෙදර සමඟ කතාබහක්

සියක් ආයු ලැබූ සිත නිවන කතා

සිත් පහන් කරවන ඒ ගී හඬ ඔබේ සවනතට හොඳීන් හුරු පුරුදු බව නිසැකය. සෑම පොහෝ දිනකම නිවසේ ආලින්දයට සදහම් රසය රැගෙන එන ‘සිත නිවන කතා’ මාලා ටෙලි නාට්‍යයේ තේමා ගීතය ඒ තරමටම අපේ හදවතට ද සමීපය.

වියැකී, විසිරී ගිය මිනිසත්කම් යළිත් එක්තැන් කොට වඩාත් යහපත් සමාජයක් තනන්නට කැප වූ ඒ පිංබර ඇසිදිසි මාධ්‍ය මෙහෙවරට මේ වන විට ශතකයක් සපිරී තිබේ. අඳුරට ශාප නොකොට එක් පහනක් හෝ දැල්වීමට ගත් මේ වෑයම බොහෝ දෙනෙකුගේ සිත් සුවපත් කළ බව රහසක් නොවේ. ඒ පසුපස බොහෝ පිරිසක් අත්වැල් බැඳ සිටි බව අප දනිමු. එළඹෙන මැදින් පොහෝ දින ‘සිත නිවන කතා’ සිය වැනි කතාංගය විකාශය කෙරෙන්නේ ඒ බැතිබර දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම ගැන මුලින්ම ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත විය යුතුයි. මේකේ සියලුම බර ඇද්දේ ජාතික රූපවාහිනිය. මෙවැනි ගුණාත්මක දේවල් අපේ ජන සමාජයට හැම අතින්ම අවශ්‍යය යුගයක් මේක.

අපි ‘සිත නිවන කතා’ පටන් ගත්තේ 2001 වසරේදී. මම හිතන්නේ දිගටම අපට ප්‍රේක්ෂක අවධානය දිනා ගන්න පුළුවන්කම ලැබුණා. කොටස් සියයක් දක්වා අපට මේ වැඩසටහන කරගෙන එන්න හැකියාව ලැබුණේ ඒ නිසයි.

අප සමඟ පිළිසඳරට එක් වූ දයාරත්න රටගෙදර නම් වන ඔහු මේ පිංබර සමාජ සද්කාරයේ එක් නියමුවෙකි.

ජාතික රූපවාහිනියේ වත්මන් වැඩ සටහන් අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන්නේ ඔහුය.

ආරම්භයේ පටන් දිගු කාලයක් ‘සිත නිවන කතා’ අධ්‍යක්ෂණය කළේ මම. සෝමවීර සේනානායකයන් තමයි වැඩිම කතාංග ප්‍රමාණයකට තිර පිටපතෙන් දායක වුණේ. නමුත් නිහැඬියාවකින් පස්සේ මේ සිය වැනි කතාංගයත් එක්ක තමයි අපි යළිත් මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. රංග බණ්ඩාරනායකත් ‘සිත නිවන කතා’ කලක් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම කුෂානි අබේසේකර, නිමල් නවරත්න, සරත් ධර්මසිරි ආදීන් පිටපත් රචනයෙන් වරින්වර දායක වුණා. ඒ හැමෝමත් මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරනවා. විශේෂයෙන්ම මෙහි තේමා ගීතය ගැනත් යමක් කියන්න ඕනෑ.

එය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට විශාරද එඩ්වඩ් ජයකොඩි සහ අනෝජා ජයවර්ධන ගීතය ගායනා කළා. ‘සිත නිවන කතා’ ජනප්‍රියත්වයට මේ ගීතයත් ප්‍රබල පිටුබලයක් වුණා.

වර්තමානයේ පවතින ජනප්‍රිය ටෙලි නාට්‍යය සංස්කෘතිය තුළ එතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් ‘සිත නිවන කතා’ වටා එක් රොක් වී ඇතැයි ඔබ සිතනවාද?

තරුණ පරපුරත්, වැඩිහිටි පරපුරත් එක සේ මේ ටෙලි නාට්‍යය නරඹනවා. බණ අහනවා වගේම සැදී පැහැදී ඉන්නවා මේක බලන්න. මොකද මසැසට වගේම මනසටත් හරවත් යමක් මෙයින් ලැබෙන බව ඔවුන් දන්නවා.

ඒ නිසා අපට වෙනත් ටෙලි නාට්‍යය එක්ක කිසිම තරගයක් නැහැ. රේටින්ස්වල ඉහළම තැන අපි ඉන්නේ. මාසයකට සැරයක් විකාශය වුණාට අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. සමාජයේ හැම තලයක්ම, පංතියක්ම නියෝජනය වන විදිහටයි අපි මේ මාලා නාටකය ඉදිරිපත් කරන්නේ.

ප්‍රවීණයන්ට වගේම නව පරපුරේ නළු නිළියන්ටත් ඔබ සිත නිවන කතා ඔස්සේ රංගන වරම් ලබා දී තිබෙනවා?

ඔව්. සියයට පනහට පනහ වගේ අපි මේ දෙපිරිසකටම අවස්ථා ලබා දී තිබෙනවා. ඉදිරියටත් එසේමයි. විශේෂයෙන්ම නව පරපුරේ රඟපෑමට හැකියාව තියෙන ඔළුවක් සහිත අයට තමයි අපි අවස්ථාව ලබා දෙන්නේ.

මේ කොටස් 100 තුළ හැම මට්ටමකම නළු නිළියන් රංගනයෙන් අපට දායක වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්, සීතා කුමාරි, නයනා කුමාරි, රංගන ප්‍රේමරත්න, චන්ද්‍රසේන නවලිමුණි, ජනක් ප්‍රේමලාල්, සුමිත් මුදන්නායක, නිලන්ති විජේසිංහ, ස්ටැන්ලි පෙරේරා වැනි ප්‍රවීණ නළු නිළියන්ගේ දායකත්වය නිතරම පාහේ අපට ලැබුණා.

වසර දහයක කාලයක් පුරාවට එක සේ ජනප්‍රියත්වයක් කිසියම් ටෙලි නිර්මාණයක් වෙත හිමි වීම සුවිශේෂත්වයකි. ඒ ප්‍රේක්ෂක ආකර්ෂණය පිළිබඳ රටගෙදර තුළ ඇත්තේ මෙබඳු ආකල්පයකි.

අපේ පරමාර්ථය යහපත්. අපේ චේතනා අවංකයි. පිරිසුදුයි.

මාකටින් පැත්ත ගැනම නෙවෙයි අපි බලන්නේ. හරවත් යමක් ප්‍රේක්ෂකයාට ලබා දී වඩාත් යහපත්, මනුෂ්‍යත්වය රජයන සමාජ වටපිටාවක් බිහි කිරීමයි අපේ ප්‍රධාන අරමුණ.

මෙහි ආරම්භක අවධිය ගැන මඳක් සිහිපත් කළොත්?

චැනල් අයි නාළිකාවේ ආරම්භයත් සමඟයි අපි ‘සිත නිවන කතා’ මාලා නාටකය ආරම්භ කළේ. මෙහි කතා සංකල්පය මගේ. රූපවල වගේම අන්තර්ගතයේත් කිසියම් ආකර්ෂණයක් හරවත් බවක් තිබිය යුතුයි කියලයි මම කල්පනා කළේ. මේ අදහස තමයි මම සෝමවීර සේනානායක මහත්මයාට කිව්වේ. එහි ආකෘතිය සහ සන්දර්භය ඔහු සකස් කළේ ඒ අදහසට අනුකූලවයි. නිමල් ඒකනායක මහතා අපේ නිර්මාණ කාර්යය එළි දක්වන්න ඉතා හොඳ සහයෝගයක් දුන්නා. ඒ වගේම එදා සිටි අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් ලක්ෂපතිආරච්චි මහතාත් අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

මහාචාර්ය ආරියරත්න ඇතුගල, තිස්ස කොතලාවල වගේම වත්මන් සභාපති සරත් කෝන්ගහගේ, අධ්‍යක්ෂ ජෙනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන්ටත් අපේ ස්තුතිය මේ මොහොතේ පුද කරන්න කැමැතියි. හැමෝගෙන්ම මේකට ලැබුණේ යහපත් වූ ප්‍රතිචාර. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් වරක් එක්තරා උත්සවයකදී ප්‍රකාශ කර තිබුණා, පොහොය දිනට එතුමා රූපවාහිනියෙන් නරඹන්නේ අපේ නාට්‍යය විතරයි කියලා. එතුමාගේ ඒ ප්‍රකාශය අපව දිරි ගැන්වීමක්.

කෙටස් සියයේ සීමාවෙන් පසු මේ මාලා ටෙලි නාටකයේ යම් යම් වෙනස්කම් කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවාද?

මේකේ ජිමික්ස් මොනවත් නැහැනේ. ඒ නිසා කතා ආකෘතිය සහ සන්දර්භයේ වෙනසක් අපි සිදු කරන්නේ නැහැ. බුදු දහම ආශ්‍රිතව සමාජයට නව අර්ථකතනයක් සැපයීම අපි අඛණ්ඩව කරගෙන යනවා. මිනිස්සු හරි පහන් සිතෙන් පෝය දවසට ගෙදර සාලයේ ඉඳන් මේක බලන්නේ. ඒ නිසා අපි විනාශකාරී දෙයක් කරන්නේ නැති බව කවුරුත් දන්නවා.

අප ජීවත් වන්නේ නිරන්තරයෙන් බුදු බණ අසන රටකයි. එළි වූ පැයේ පටන් රෑ නින්දට යන තෙක්ම විවිධ මාධ්‍යයන් ඔස්සේ මේ දහම් රසය නිරන්තරයෙන් අප දෙසවන්හි රැව් පිළිරැව් දේ. එහෙත් තවමත් දැහැමි දිවි පෙවතකට හුරු වී ඇති ජන සමාජයක් අපට පෙනෙන්නට නැත.

මෙවැනි පසුබිමක ‘සිත නිවන කතා’ තුළින් සමාජයට කිසියම් යහපත් බලපෑමක් ඇති වී දැයි යන්න පිළිබඳ අප අවසන් වශයෙන් රටගෙදරයන්ගෙන් විමසුවෙමු.

සාම්ප්‍රදායික රටාවෙන් මිදිලා බෞද්ධ තේමාවක් යටතේ වර්තමානයට ගෝචර වෙන පරිදියි අප මේ කතාංග ඉදිරිපත් කරන්නේ. ටෙලි නාට්‍යය කලාවේ උසස් ප්‍රමිතීන් රැකගෙන, පවුලේ හැමීටම එකට සිට නැරැඹිය හැකි ආකාරයට මේ වන තෙක් අපි එම නාට්‍යය මාලාව කරගෙන ආවා.

සමාජයේ ආකල්පමය වෙනසක් සිදු කිරීම එතරම් පහසු කාර්යයක් නෙවෙයි. නමුත් ප්‍රේක්ෂකයන් අපට දක්වන ඇතැම් ප්‍රතිචාර නිසාවෙන් ඒත්තු යන්නේ කිසියම් ආධ්‍යාත්මික දියුණුවක් මේ මගින් ඇති වී තිබෙන වගයි.

පොහොය දවසට මේක පෙන්නුවත් පොදුවේ ආගම් බේදයකින් තොරව සමාජයේ සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ‘සිත නිවන කතා’ වැළඳගෙන අවසානයි.

READ MORE - සියක් ආයු ලැබූ සිත නිවන කතා

අනේ අදත් ඔබ සිටියානම්

ජීවත්ව සිටියා නම් මේ 21 වැනිදාට ගාමිණී ෆොන්සේකාට අවුරුදු 75 කි. ඔහු උපන්නේ 1936 වසරේ මාර්තු 21 වැනිදා දෙහිවලදීය. ගාලු පාරේ අදටත් යන විට ඔහු උපන් හැදුණු වැඩුණු නිවහන වල් බිහිවෙමින් තිබෙනු පෙනෙයි. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් රැසක් මීට 28 වසරකට පෙර සහමුලින් විනාශ විය.

තව සමහරක් වරින් වර කතිර මැස්මවලින් යුතුව ටෙලිවිෂන තිරයේ දිග හැරෙයි. එහෙත් ඔහු තවමත් ජීවමානව සිටින වගක් හැඟෙයි. එවන් අය දුර්ලභය.

1936 නම් ඈත වකවානුව අපේ රටේ සිංහල චිත්‍රපට තනන්නට ඇතැමුන් විළි ලද සමයයි. ඔහු උපන්නේ් එහෙම වකවානුවකය. ඔහු පාසල් යන සමය වන විට මෙරට ප්‍රථම චිත්‍රපටය තිර ගත වෙයි.

දෙහිවල එවකට පැවැති පුෂ්පා ශාලාවේ කඩවුණු පොරොන්දුව නරඹන්නට ගිය ආකාරයත්, රුක්මණී දේවිය මුල් වරට දුටු අන්දමත් ඔහු මට කදිමට විස්තර කර දී තිබිණ. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී මුල් මරට මයුරි නාට්‍යයෙන් ඔහු කරළියට පිවිසෙයි. මේ නාට්‍යයේ ඔහු රඟපානුයේ කාන්තා චරිතයකි.

ඒ ඩී. එස්. ජයසේකර ගුරුතුමන්ගේ මඟ පෙන්වීම යටතේය. අරිසෙන් අහුබුදු වැනි හෙළ හවුලේ මහා නයුවන්ගේ ඇසුර සාන්ත තෝමසයේ ඔහු ලබන මහ දායාදයක් වෙයි. හිටි අඩියේ පාසල හැර යන ඔහු සිනමාවට පිවිසෙනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව සමඟය. ඒ එහි සහාය ශිල්පියකු හැටියටය.

එහි එක් ජවනිකාවක පෙනී සිටීමෙන් පමණක් රංගනයට අවතීර්ණ වන ගාමිණී ඉන් අනතුරුව සිංහල සිනමාව පුරා නළුවකු, අධ්‍යක්ෂවරයකු යන නාමයන් ඉක්ම වූ දැවැන්ත යෝධයකු සේ නැගී සිටියේය. ඔහු පූර්වාදර්ශයක් කොට ගන්නට බොහෝ දෙනා කැමති වූ සේය.

මෙයින් වසර පහළොවකට පමණ පෙරාතුව මෙබඳුම එක් උපන් දිනයක චිරං ජයතු ගාමිණී (මට මතක හැටියට එහි මැය එයම විය ) යන මැයෙන් මම ලිපියක් ලීවෙමි. එය ලියැ වුණේ අන්වර්ථ නාමයකිනි. එහෙත් මේ අන්වර්ථ නාමය සොයා ගැන්මට ඔහු සමත්ව තිබිණ. එපමණක් නොව මගේ දුරකතන අංකය ද සොයා ගැන්මට ඔහු සමත්ව තිබිණි.

ඔහු මා අමතා කතා කළේ ඒ පිළිබඳව ස්තූ®තිය පළ කරන්නටය. එයට පෙර සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි ඒ. ඩී. රන්ජිත් කුමාර මහතානන්ට පින් සිදු වන්නට ගාමිණී ෆොන්සේකා නම් දැවැන්තයා හමු වන්නට මට වරම් ලැබිණ. එවක් පටන් ඔහු ජීවත්ව සිටියදී සෑම උපන් දිනයකටම ලිපියක් ලිවීම මම සිරිතක් කොට ගතිමි.

එබැවින් 75 වන උපන් දිනය වෙනුවෙන් ලිපියක් ලිවීම මම මගේ වගකීමක් කොට ගතිමි. වෙනත් ලිපියක් මෙන් නොව දින කිහිපයක්ම ඒ පිළිබඳව මා පේ වුණා යැයි පැවසුවොත් නිවැරැදිය. එහෙත් මෙවර මේ ලිපිය ලිය වුණේ වෙනදා මෙන් නොව හත් අට වරක්ම මුල පිරීමෙන් පසුවය.

මේ මහා පුරුෂයාණන් කෙරෙහි ලිපියක් ලිවීම මෙවර මට දුෂ්කර වූයේ ඇයි දැයි මම මගෙන්ම අසා ගන්නට කැමැත්තෙමි. ඔහුගේ අභාවයෙන් වසර 6 ක් ගෙවී ගොසිනි. එහෙත් ඔහු තවමත් සිනමා ක්ෂේත්‍රය ඇතුළත බල සම්පන්නය.

නිළි රැජණ මාලිනී ෆොන්සේකා කියන පරිද්දෙන් ගාමිණී ෆොන්සේකා පිළිබඳ කවර හෝ කටයුත්තකට තත්පරයක්වත් එහා මෙහා නොකර යන්නට තරම් ඇය තවමත් ප්‍රවේශම්ය. තත්පරයේ වටිනාකම හොඳින් දන්නා සිනමා සක්විති ගාමිණී, නිළි රැජනට සිය වෘත්තීය ජීවිතයේදී එය මනාව වටහා දී ඇත්තේය.

පසුගිය වකවානුව ඇතුළත ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපට රාශියක් මෙරට ටෙලිවිෂන ඔස්සේ පට්ටා ගැසිණි. මේ චිත්‍රපට බොහොමයක් ඔස්සේ ගාමිණීගේ ප්‍රතිරූපය අංග විකල කෙරිණ. ගාමිණී යනු මෙරට සිනමාවේ ප්‍රතිරූපයක් පමණක් නොවේ. විලාසිතාවක් ද වූයේය. මෙහි ඊළඟ විලාසිතාව වූයේ විජය කුමාරතුංගයන්ය. එහෙත් එය එකම කාසියක දෙපැත්තක් නොව, දෙදෙනාටම අනන්‍ය වූ විලාසිතාවකි.

ඔහුගේ රංගනය මෙරට ප්‍රේක්ෂකයන් මුල් වරට දුටුවේ ‘දෛවයෝගය’ චිත්‍රපටය හරහාය. මේ චිත්‍රපට දකින එවකට සිටි සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ පවසන්නේ මානමූල, මුගලන් හා විදුරඟ යන කොටස් රඟපෑ නළුවන් වෙනුවට පඹයින් යොදා පසුබිමින් වචන කතා කර විය හැකිව තිබූූණි. එකම වෙනස චිත්‍රපටයේ වියදම අඩු වීම පමණි යනුවෙන් සඳහන් කරයි.

එහි මානමූල ලෙස රඟපෑවේ ගාමිණීය. එහෙත් මේ චිත්‍රපටය නැවත නරඹන්නෙකුට එකල සමකාලීන නළු නිළියන්ගේ විලාසයට වඩා ගාමිණී වෙනස් බැව් පෙනී යයි. එය ඔහු මනාව ගොඩ නඟනුයේ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන සංදේශය හරහාය. සමස්ත දෛවයෝගය චිත්‍රපටයේම තිබූ දුර්වලකම්වල කොටසක් කර ගසන්නට ගාමිණීට සිදු වෙයි. එහෙත් ඔහු සංදේශය චිත්‍රපටයේ සිය චරිතය ඉස්මතු කර ගනී.

සංදේශය චිත්‍රපටය නැරඹූ හැම විටම (එය මා මුල් වරට නැරඹුවේ 1981 වසෙර්ය) ගාමිණීගේ රංගනය මා තුළ ඇති කළේ එක් පැනයකි. නළුවකුට තමන්ගේ චරිතය ගොඩ නැගීම සඳහා තිර නාටකය අභිබවා යා නොහැකි ද යන්නයි. ගාමිණී ෆොන්සේකා නම් මහා රංගවේදියාණන්ගෙන් ඒ සඳහා මට ඊළඟ පිළිතුර ලැබුණේ ගම්පෙරළිය සහ වැලිකතර නැරැඹීමෙනි. මේ චිත්‍රපට දෙකම ඔහු ගොඩ නගනුයේ ඔහුට තිර නාටකය ඇතුළත ලැබෙන සීමිත ඉඩකඩ උපයෝගී කර ගෙනය.

මේ රංගනය ඇතුළත විශිෂ්ට ගනයේ ආකර්ෂණයක් විය. එහි වෙන්ව දැකිය හැක්කේ ඔහු සිනමාවට අවතීර්ණ වන සමයේ මෙරට අරක් ගත් ඉන්දීය රංග විලාශයෙන් වෙන්ව ගිය නිසාම නොවේ. පසු කලක රංගනය පිළිබඳ එයින් බැහැරව බිහි වූ පරම්පරාව අභියස ද ඔහුගේ එකී ආකර්ශනීය රංගනය විද්‍යාමාන විය. එමෙන්ම එය කේන්ද්‍ර ගත වනුයේ සිනමා රංගනය නම් විෂය ක්ෂේත්‍රය ඔස්සේමය.

නිධානය, රන්මුතු දූව, ගැටවරයෝ, ධීවරයෝ, පරසතු මල්, චණ්ඩියා, ඔබ දුටු දා, රෑන ගිරව්, සූර චෞරයා, සූරයන්ගෙත් සූරයා, ආත්ම පූජා, ඔහොම හොඳ ද, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, සදහටම ඔබ මගේ, හොඳම වෙලාව, හොඳට හොඳයි, කස්තුරි සුවඳ, ආශා දෑසින්, නිල්ල සොයා, හිත හොඳ මිනිහෙක්, රත්තරන් අම්මා, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, කවුද රජා, හුලවාලි, දෙවියනි ඔබ කොහිද, චණ්ඩි පුතා, සරුංගලේ, අමල් බිසෝ, උතුමාණනි, සාගරයක් මැද, යුගාන්තය, ආදී විවිධ වූ සිනමා කෘතීන්හී එදා ඔහු රඟපෑ චරිත විවිධාකාර විය.

මේ ඇතැම් චරිතයන් බිහි වූයේ දකුණු ඉන්දීය චිත්‍රපට කේන්ද්‍ර කොට ගෙනය. එහෙත් එහි හැව ඇර ඔහු එය මේ රටේ මස් ලේ ඇති මිනිසකු බවට පත් කරයි. ඒ හැම චරිතයකම ගාමිණී ෆොන්සේකා නම් රංගධරයා බිහි වේ.

ගම්පෙරළියේ නියාලු ජිනදාස ද, යුගාන්තයේ ප්‍රතාපවත් සවිමන් කබලානත් වූයේ ගාමිණීය. මේ චරිත කෙතරම් සමාජ ගතවීද? එය අද මෙන් එක රැයින් රූපවාහිනී හරහා බිහිවන තරු මෙන් නොවේ. ඊටත් වඩා යාවත්කාලීන ගුණයන්ගෙන් යුක්තය. එමෙන්ම එය රූප වාහිනී තිරය මත විඳ ගැනීමට අපහසු තරම් පුළුල් එකකි. ඔහු රඟපෑ

සිංහල චිත්‍රපට සංඛ්‍යාව 98 කි. කප්රුක හා මුහුදින් ගෙදරට වාර්තා චිත්‍රපට යුගළ එක් කළ විට එය 100 වෙයි. නෝබොඩි ඉස් පර්ෆෙට්, රැම්පේජ්, ද ක්‍රිස්ටල් බුක්, සීතා දේවි, ඉලය නීලා, නීල කඩලින් ඕරන්තිලයි වැනි චිත්‍රපට එක් කළ විට එම සංඛ්‍යාව තවත් ඉහළ යයි. මයි ෆෙයා ලේඩි, ජුලියස් සීසර් නාට්‍ය ද ඔහු රංගන ඉතිහාසයට එක් කළ යුතු වෙයි.

ඔහුගේ සිනමාකරණය සෙසු අත්දැකීම්වලින් බැහැරව යයි. පරසතු මල්, උතුමාණෙනි, මයුරිගේ කතාව, සාගරයක් මැද, බාඳුරා මල්, රෑ මනමාලි, සක්විති සුවය, කොටි වලිගය, නොමියන මිනිසුන්, අන්තිම රැය ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තැනුණ චිත්‍රපට වෙයි.

මේ හැරත් ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සිටියේ නාමිකව පමණි. එකී ඇතැම් අධ්‍යක්ෂවරු තැනූ වෙනත් චිත්‍රපට ගාමිණී රඟපෑ චිත්‍රපටවලින් සෘජුවම වෙන් කොට ගත හැකි බව පිළිගත් සත්‍යයකි. ඔහු පරසතු මල් තනනුයේ 26 හැවිරිදි වියේදීය. ඔහු පරසතු මල්, උතුමාණනි, සාගරයක් මැද වැනි චිත්‍රපට නිර්මාණකරුවා යනු පෙර ගමන්කරුවකු බව ඉස්මතු කරවන්නකි. පරසතු මල් චිත්‍රපටය අධ්‍යක්ෂණය නොව, බොනී මහත්තයා ගේ චරිතය රඟපෑමට සූදානම් වීම අද පවා අභියෝගයකි. උතුමාණනි චිත්‍රපටයේ එන සමාජ ගැටළුව මෙරට ජනතාව පොදුවේ කතා කරන්නට ගත්තේ එයින් වසර ගණනකට පසුවය.

නිර්මාණකරුවකුගේ සාර්ථකත්වය පසුපස බොහෝ කරුණු ඇත්තේය. ඉන් වඩා වැදගත් වනුයේ ඇසූ පිරූ තැන් ඇති බවය. ඇතැම් මැදියම් රැයක් ගෙවන තුරාවට ඔහු හා සංවාදයේ යෙදුන මට ඔහු තෝරා ගන්නා විෂය පුරාවට එක් කළ දැනුම අප්‍රමාණ බැව් වැටහෙයි. මෙ අතර වාරයේ අලුතින් බිහිවන නවකතාකරුවකු පිළිබඳව, චිත්‍රපටයක් පිළිබඳව ද ඔහු කතා වෙයි. සරත් ධර්මසිරි නම් නවකතාකරුවා පිළිබඳව මා මුල් වරට ඇසුවේ ද ගාමිණී ෆොන්සේකාගෙන්මය.

සිනමා කර්මාන්තයේ නියැලි පිරිස වෙනුවෙන් ඔහු නැගී සිටියේ ද එකී කර්මාන්තයට පිවිසි මුල් දශකය ඇතුළතය. පළමු චිත්‍රපටයේ නිෂ්පාදන සහායකයකු වුව ද ඉන් දශකයක් ගත වන්නට මත්තෙන් ඔහු සිනමා කර්මාන්තයේ සෙස්සන් අභිබවා ගියේය. ඒ සඳහා කළ කැප වීම විශාල එකකි. එය වාසනාවට ළං වූ දෙයක් නොවේ.

ඔහු වාසනාව සොයා ගියේය. මෙකී යුගය ඇතුළත සමාජයෙහි ඉහළ ස්ථාවරයේ සැලකුණු සිනමා නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට චිත්‍රගාරවලින් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. එයින් ඔවුන් මුදවා ගැනීම වෙනම අරගලයක් විය. ගැටවරයෝ චිත්‍රපටය තනන්නට යන නිෂ්පාදක ශේෂා පලිහක්කාරට චිත්‍රාගාර බලධාරීන්ගෙන් ලැබෙනුයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. එයට එකම හේතුව ගාමිණී සෙසු ශිල්පීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කිරීමය .

එහෙත් ඒ වන විට ගාමිණී යනු චිත්‍රගාරවලට අත්‍යවශ්‍ය සාධකයක් වූයේය. ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා වරක පැවසුවේ සූර චෞරයා රඟපාන්නට යන විට ලද අත්දැකීමකි. චිත්‍රපටයේ බොහෝ කාර්මික ශිල්පීන්ට, අතිරේක නළු නිළියන්ට ඇති නවාතැන් දුෂ්කරතා පිරි ඒවාය. ගාමිණී චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කර කොළඹ එයි. ගාමිණී ගෙන් තොර චිත්‍රපටය ගැන සිතන්නට නිෂ්පාදකවරුනට බැරිය. අවසානයේ ගාමිණී යළි එනුයේ සෙස්සන්ගේ ප්‍රශ්න විසඳීමෙන් පසුවය.

එක් මිනිසකු ඇතුළත දහසක් හැකියාවන් වූයේය. බොහෝ දෙනා නොදන්නේ නමුදු ගාමිණී චිත්‍ර ශිල්පියකු වූයේය. සාර්ලිස් මාස්ටර් ගේ අවසාන ගෝලයා මෙන්ම ඔහුගේ පුත් සුසිල් ප්‍රේමරත්නගේ මුල්ම ගෝලයා වූයේ ද ගාමිණීය.

සහනය චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතය නිරූපණය කර එහි චිත්‍ර නිර්මාණය වූයේ ද ගාමිණී අතින්මය. ඔහුගේ කවීත්වය වර්ධනය වූයේ පාසල් වියේදීමය. මිය යන පියෙකු මැයෙන් ගාමිණී එකල ලියූ කවි පංතියකින් උපුටා ගත් කවියක් මෙපරිද්දෙනි. මෙම කවි පංතිය එකල විද්‍යාලයයේ පැවැති තරඟයකින් හොඳම නිර්මාණය ලෙස තෑගි දිනුවේය.

මගෙ ආදරය කැටි කොට

වැඩු පුතා මගේ

පැරකුම් ගැමුණු. ගජබා නර

නිඳුන් වගේ

මිනිසතු වුණොත් රට ජාතිය

කරන අගේ

මා මිය නොගිය බව මට

ඒ තුළින් හැඟේ











මේ අවධියේ ගාමිණී තබ්ලාවත්, පියානෝ වාදනයත් උගත්තේය. පසු කලෙක බඹරිඳු බඹරිඳු, සැතපුම් දහසක්, සුදෝ මම ආදරෙයි, අහිමි වුනොත් නුඹ වැනි ගී ලියැ වුණේ ඒ පරිචය මතය. එපමණක් නොව ගාමිණී දස්කොන් චිත්‍රපටයට රුක්මණී දේවි සමඟ ද, ගී තැටියකට ක්‍රිස්ටි ලෙනාඩ් සමඟ ද ගී ගැයුවේය.

වරක එක්තරා නළුවකු ටෙලි නාට්‍යයක රූගත කිරීමකදී යෙදුණ දුෂ්කරතාවයන් පිළිබඳ හෙළිදරව්වක යෙදුණේය. ගාමිණී එය අසා සිටියේ විස්සෝපයෙනි.

‘තමුසෙලාට ඔහොම නොවෙන්ඩ මං මහන්සි වුණා. ඒත් තමුසෙලා ඒක විනාශ කර ගන්නවා.’

මේ අපූර්වතමයා පිළිබඳ බොහෝ දේ ලියැ වී ඇත. ලියන්නට තවත් බොහෝ දේ එමටය. කොහෙන්දෝ සමන් පිච්ච මල් සුවඳක් හතර අත හමා යයි.

‘යන ගමන් ඔය මල් වැලෙන් මලක් අරගෙන යන්න’

රාත්‍රිය නිමා වන්නට ආසන්න සමයේ ඔහුගේ නිිවසෙන් පිටව එන අප පසුපසින් එන ඔහු පවසන හඬ ඇසෙයි. එපමණකින් නොනවතින ඔහු එකී මල් වැලෙහි මල් නෙළා අප දෝතට තිළිණ කරන්නේය. ස්වභාව ධර්මයේ පරිදි මල් පර වුණත් සදාතනිකව සුවඳ අප හා රැඳෙන්නා සේය. ‘මා නැති කලෙක උන් සුවඳක් දැනුණා වේ.’

පරසතු මල් අවසාන ජවනිකාවේ ඇසෙයි.

මේ 75 වැනි උපන් දිනය දාත් එසේම නොවන්නේද?

READ MORE - අනේ අදත් ඔබ සිටියානම්

මම තවමත් ඉගෙනගන්නවා!

මම තවමත් ඉගෙනගන්නවා!
ප්‍රවීණ අංග රචනා ශිල්පී රංගධර - වසන්ත විට්‌ටච්චි

"තියරිය" ටිකක්‌ බර වැඩියි. ඒත් තියරිය ගැනත් යමක්‌ දැනගන්න ඕන.... ඉතිං "තියරිය සරලව කියන" කතාබහට කිසිවකු හෝ සම්බන්ධ කරගැනීමේ වුවමනාව අපට තිබ්බා. අංගරචනය කියන විෂයය ගැන මතක්‌ වුණේ එතකොට. "රචනා" ලිවීම කොහොම වෙතත් "අංගයක්‌ රචනා" කරන එක එතරම්ම පහසු දෙයක්‌ නොවෙයි. අතක්‌ පයක්‌ කැඩුණොත්, කැඩුම් බිඳුම් වෛද්‍යවරයකුට ඒ අංගය කොහොමහරි "රචනා" කරලා දෙන්න පුළුවනි. ඒත් ඒක විෂයයක්‌ විදියට නාට්‍යයට සිනමාවට බද්ධ වෙන්නේ කොහොමද?

මේ කාරණය ගැන "තියරිය සරව" කතාකරන්න වසන්ත විට්‌ටච්චි අපි සමඟ එකතු වුණේ මෙහෙමයි. විට්‌ටච්චි ගැන දිගු හැඳින්වීමක්‌ කරන්න අවශ්‍ය නැහැ. ඒත් ඔහු මේ වෙනකොට සිනමාව - වේදිකා - නාට්‍යය - රූපවාහිනිය ත්‍රිත්වයේම සම්මාන ගණනාවක්‌ හිමිකර ගත්ත ප්‍රවීණයෙක්‌ බව අමතක කරන්නට හොඳ නැහැ. අදාළ විෂයයෙහි ඒ වගේ දස්‌කමක්‌ කරපු එකම කෙනාත් වසන්ත විට්‌ටච්චි බවයි අපේ හැඟීම.

ඔබ මේ ක්‍ෂේත්‍රය තෝරාගත්තේ කුමන පසුබිමක සිටද කියන කාරණය අපි මුලින්ම දැනගන්න කැමැතියි.

මම ඉගෙනගත්තේ වැල්ලම්පිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ. පාසල් යන වියේ සිටම රසවින්දනය ගැන මට පොඩි ඉවක්‌ තිබුණා. චිත්‍රපටයක්‌ බැලුවත් ඒක ගැන තව කෙනෙක්‌ එක්‌ක බුද්ධිමය සංවාදයක යෙදීමේ උවමනාව මට තිබුණා. අපි කිහිපදෙනෙක්‌ ඒකට එකතු වුණා. 1975 දී මම සෝවියට්‌ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයට බැඳෙන්නේ රුසියානු භාෂා ඩිප්ලෝමාවක්‌ හදාරන්න. ඒ මගේ හීනය රුසියාවට ගිහින් ඉගෙනගන්න එක නිසා. මට ඇත්තෙන්ම මොස්‌කව්වල නාට්‍ය හා රංග කලාව හැදෑරීමේ අවස්‌ථාවත් හිමිවුණා. නමුත් ඒ අවස්‌ථාව මගෙන් ගිලිහුණා. මම ඒ යුගයේම මගේ මිතුරකුගේ "රත්තෝ" කියන නාට්‍යයට සම්බන්ධ වුණා. ඒත් මේ ගැන විධිමත්ව හැදෑරීමේ වුවමනාව නිසා මම ලයනල් වෙන්ට්‌ඩ් රංග ශිල්ප ශාලිකාවට බැඳුණා. ධම්ම ජාගොඩ, මහැදුරු එදිරිවීර, සරත්චන්ද්‍ර ප්‍රවීණයන් යටතේ මම නාට්‍ය හැදෑරුවා. හැදෑරීමේ වුවමනාව මට තදින්ම තිබුණා. ඒ වකවානුවේම මට රංජිත් වික්‍රමසිංහ කියන අංග රචනා ශිල්පියා මුණගැහෙනවා. මේ 80 දශකයේ විතර.... රංජිත් මගේ මුල්ම ගුරුවරයා.... ඔහු ඔහුගේත් ගුරුවරයා වන ශේෂා පලිහක්‌කාර මට මුණගස්‌සනවා. ඒක තමයි මට ලැබිච්ච ලොකුම තෑග්ග. ශේෂා පලිහක්‌කාර ඇදුරුතුමන් යටතේ මම සිනමා අංග රචනයට යොමුවෙනවා. ඒක තමයි මගේ ගමනේ ආරම්භය.

අංගරචනා ශිල්පියකු හැටියට ඔබට "වේදිකාව" ගැන ඇත්තේ මොන වගේ අදහසක්‌ද?

"වේදිකාවට" ගොඩවෙලා කරන හැම දේම "වේදිකා නාට්‍ය" නොවන බව මුලින්ම කියන්න ඕන. බොහෝම ග්‍රාම්‍ය දේවල් පවා වේදිකාවට පටවපු පමණින් ඒවා වේදිකා නාට්‍ය වෙන්නේ නැහැ. නාට්‍යයක්‌ බලනකොට අපිට "රසය" දැනෙනවා. එය ස්‌මරණය කරමින් අප රස විඳිනවා.

අන්තර්ගතය වේදිකාව මත චිත්‍රණය කරන විදිය, චරිත සමබරතාවය, කතාව හෝ චරිත විහිදී යන විදිය කොයිතරම් මිහිරිද - රසයක්‌ දනවනවාද? හැබැයි වේදිකාවේ හතර කොන නොදැන ඉලඇට ඇදෙන දෙබස්‌ ටිකක්‌ වේදිකාවට ගොඩ බාපු පමණින් එය නාට්‍යයක්‌ වෙන්නේ නැහැ. වේදිකාවටත් වඩා "රඟමඩල" කියන වචනය මම භාවිත කරන්න කැමැතිsයි. "රඟමඩලේ" කුමන හෝ තැනක්‌ භාවිත කළ යුත්තේ අර්ථාන්විත යමක්‌ සඳහා පමණයි.

මේ තරම් අපූරු වේදිකාවට "අංගරචනය" සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කළොත්.....

අංග රචනය කියන මේ විෂයය අතීතයේදී වේශ නිරූපණය යනුවෙන් හඳුන්වපු අවස්‌ථාත් තිබුණා. වේෂ නිරූපණයට හිසේ සිට දෙපතුළ දක්‌වා කරන්නා වූ සියලු වෙනස්‌කම් ඇතුළත්. ඇඳුම් ආයිත්තම් - ආභරණ මේ සියලු දේ ඊට අයත්. අංග රචනය ඊට වඩා පුළුල් අර්ථයක්‌ දෙනවා. අපේ මුහුණෙහි ඇතිවන ඉරියව් සුවිශේෂී ලෙස මතුකොට දැක්‌වීම ඉන් හැඟවෙනවා. "ඉරියව්" තමයි අපි අංග හැටියට හඳුන්වන්නේ. එහෙම නම් මුහුණෙහි ඉරියව් ප්‍රේක්‍ෂකයාට ප්‍රක්‌ෂේපණය කිරීම සඳහා රචනා කිරීම අංග රචනය ලෙස හැඳින්වීමට හැකියි. මම හිතන්නේ වේදිකාවේදී තමයි මෙය වඩාත් හොඳින් කළ යුතුවන්නේ, මොකද සිනමාවේ හෝ රූප රාමුවේ දකින සමීප රූපයකට වඩා එය වඩාත් ආකර්ෂණය හා සෞන්දර්යාත්මක විය යුතුයි. ඈත වේදිකාවේ රංගනයේ යෙදෙන අයගේ සියලු ඉරියව් වේදිකාවේ කෙළවරට පෙනෙන්න නම් වේදිකාව තුළ අංගරචනය කොතරම් ප්‍රබල විය යුතුද කියන එක ගැන වෙනත් විග්‍රහයක්‌ අවශ්‍ය වන්නේ නැහැ.

ඒත් තමන් වේෂ නිරූපණය හා අංග රචනය පටලවා ගන්න අවස්‌ථා තිබෙනවා...

ඔව්... මම අර මුලින් කිව්වා වගේ වෙස්‌ ගැන්වීමට කිහිපදෙනකුගේ සහභාගිත්වයක්‌ තිබිය හැකියි. සම්පූර්ණ ඇඳුම් ආයිත්තම්වලින් රංගන ශිල්පියකු වෙස්‌ ගැන්වීම හා අංගරචනය අතර වෙනස පැහැදිලි කරගත යුතුයි.

අංග රචනය එතරම් ප්‍රබල විෂයයක්‌ වුණෙත් එය අපේ රටේ බොහෝ විට හුදු සායම් තැවරීමට පමණක්‌ සීමා වන බවයි කියෑවෙන්නේ.

ඇත්තටම එතැනදී මේ වචන භාවිතයේ වරදක්‌ තියෙනවා. අපි කතාවට කියන්නේ මේක්‌අප් (ඵ්නැමච) කියල නේ. මනාලියන්ට ඇන්දවීම, මෝස්‌තර නිරූපණය සහ සාමාන්‍ය ජන ජීවිතයේ සමහරු එළියට බහිනකොට වුණත් පොඩි මේක්‌අප් එකක්‌ දාගන්නවා. දැන් ඒවාත් අංග රචනය හැටියටයි අර්ථ ගන්වන්න යන්නේ. අපි ඒක වේදිකාවේ අංගරචනය හැටියට ගත්තොත්. සරල අංග රචනය, චරිතාංග අංග රචනය, මායාකාරී අංගරචනය ආදී විවිධ කොටස්‌වලින් කතා කරනවා. සරල අංග රචනය හා චරිතාංග අංගරචනය කියන එක ඒ වචනවලින්ම අර්ථ ගැන්වෙනවා. මායාකාරී අංග රචනය, විශේෂ අංග රචනා ගණයට අයත් වෙනවා. ඒ කියන්නේ මනඃකල්පිත හෝ මේ භූමිය මත නොහිටපු චරිතයක්‌ වෙන්න පුළුවන්.... ඒ වගේ සංකීර්ණ ක්‍රියාදාමයක්‌ ඇත්තටම "සායම් ආලේප කිරීම" හැටියට පමණක්‌ අර්ථ දැක්‌වීම වැරදියි. මේ සියල්ලටම ඇඳුම් නිර්මාණය - ආලෝකකරණය ආදී විෂයය පථයනුත් එකට බද්ධ වෙනවා.

එය යම් පමණකට පැහැදිලි කරන්න පුළුවන්ද?

ඇඳුම් නිර්මාණයට ගැළපෙන පරිදි අංගරචනය සිදුවිය යුතුයි කියන කාරණේ ගත්තොත් වර්ණ ගැළපීම ඉතාම ප්‍රශස්‌ත විය යුතුයි. නැතිනම් ඇඳුමේ වර්ණය එකක්‌ හෝ අංගරචනයේදී යොදාගන්න වර්ණ භාවිතයන් වෙනස්‌ වුණොත් ඒ වෑයමෙන් ඵලක්‌ නැතුව යනවා. එහෙම නැතිනම් අපි පැතලි ආලෝක තත්ත්වයක්‌ යටතේ අංග රචනය නිසියාකාරව සිදුනොවී තිබුණොත් "ඉරියව්" හරි හැටි පෙනෙන්නේ නැතිව යනවා.

ක්‍ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට හෝ ක්‍ෂේත්‍රයන්ට පිවිස මෙය "හදාරන" අයට ඔබට කියන්නට යමක්‌ තිබෙනවද?

ඇත්තෙන්ම ඔව්.... අර ඔබ කිව්වා වගේ හැදෑරීම තරම් වටින දෙයක්‌ නැහැ. නමුත් අවාසනාවකට වගේ අද වෙනකොට හදාරනවාට වඩා ඉතාම ඉක්‌මණින් ක්‍ෂේත්‍රයේ ඉහළට යන්න උත්සාහ දැරීමක්‌ තියෙනවා. කිසිවෙකුත් සහාය ශිල්පියකු ලෙස කටයුතු කරන්න කැමැත්තක්‌ දක්‌වන වගක්‌ පේන්න නැහැ. හැමෝගෙම එකපාර "ප්‍රධාන ශිල්පියා" බවට පත්වෙන්නයි සූදානම. විෂය පිළිබඳව හැදෑරීමක්‌ නැතුව එක්‌වරම එහෙම සිතීමත් ප්‍රධාන ශිල්පියා වීමත් ඔවුනට බොහෝ දේ අහිමි කරනවා. බාගෙට දැනගෙන ප්‍රධාන ශිල්පියා වුණොත් කෙනෙකුට හදාරන්න තරම් කාලයක්‌ නැති වෙන්නත් පුළුවන්. දැන් මගෙත් එක්‌ක සහාය ශිල්පියෙක්‌ හැටියට වැඩ කරන "උපුල් මහානාම" වසර විස්‌සක්‌ පමණ මා සමඟ වැඩ කරනවා. ඔහු ප්‍රධාන ශිල්පියකු හැටියටත් නිර්මාණවලට සහභාගි වෙනවා.

ඒත් මා සමඟ වැඩකරන එක ඔහු නවත්වලා නැහැ. මොකද ඔහුට හැදෑරීමක්‌ අවශ්‍ය නිසා. මම හිතන්නේ නවකයන් මෙවැනි දේ පූර්වාදර්ශ කරගත යුතුයි. මොකද මමත් තවම ඉගෙනගන්නවා.


උදේශ සංජීව ගමගේ
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

READ MORE - මම තවමත් ඉගෙනගන්නවා!

ඔව් අපි මාස්‌ටර්ගේ ගෝලයෝ තමයි



Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

READ MORE - ඔව් අපි මාස්‌ටර්ගේ ගෝලයෝ තමයි

මංජුලා රිය අනතුරක

මංජුලා රිය අනතුරක

මේ දිනවල රූගත කෙරෙමින් පුංචි තිරයේ විකාශය වෙන හඳ පාන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණපොවන කාගෙත් සිත් දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණියක්‌ වන මංජුලා කුමාරි පසුගිය අඟහරුවාදා රිය අනතුරකට ලක්‌වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මංජුලාගෙන් කළ තොරතුරු විමසීමකදී අපට දැනගන්නට ලැබුණු කරුණු මෙසේයි.

කිරිබත්ගොඩ අවට රූගත කිරීම් සිදුවන හඳපාන ටෙලිනාට්‍යයට සම්බන්ධවීම සඳහා පසුගිය අඟහරුවාදා හිමිදිරි උදෑසන මංජුලා ඇගේ ආච්චි අම්මා සමග පෞද්ගලික රථයකින් නිවසින් පිටත් වී කිරිබත්ගොඩ නගරයට පැමිණෙන අතර වාරයේ උදෑසන 6.00 ට පමණ ඔවුන් ගමන්ගත් වාහනයට ඉදිරියෙන් පැමිණි ත්‍රී රෝද රථය හැපී තිබෙනවා.

අනතුරින් පසුව මංජුලා නවලෝක රෝහලට ඇතුළත් කෙරුණේ ඇගේ මුහුණේ නහය ප්‍රදේශය සුළු තුවාල ලබා තිබූ නිසා. නමුත් මේ අනතුරින් ඇගේ ආච්චි අම්මාට කිසිදු තුවාලක්‌ සිදු වී නැහැ. මංජුලා ගමන්ගත් වාහනයේ ඉදිරි පස ප්‍රදේශයට තරමක්‌ හානි සිදු වී ඇති අතර ඔවුන්ගේ වාහනයේ හැපුණු ත්‍රී රෝද රථයට නම් බරපතල හානි සිදුවෙලා.

කෙසේ වෙතත් මේ අනතුර නිසා දින කිහිපයකට මංජුලාට තම රංගන කටයුතුවලින් ඈත්වන්නට සිදුවෙලා. හැකි ඉක්‌මණින් සුවය ලබා නැවත රූගත කිරීම් සඳහා එක්‌වීමට මංජුලා බලාපොරොත්තු වෙනවා.


ලක්‌මිණී


Copy Rights - Divayina

READ MORE - මංජුලා රිය අනතුරක

අලුත් ඇල්බමයක්‌ ළඟදීම

අලුත් ඇල්බමයක්‌ ළඟදීම

මේ කාලය ප්‍රසංග වේදිකාව තරමක්‌ විවේකීව ගෙවන යුගයක්‌ ලෙසට හැඳින්වීමට පුළුවන්. මේ නිසාම සංගීත කණ්‌ඩායම් තරමක්‌ නිහඬයි. ලාංකීය සංගීත ක්‍ෂෙත්‍රයේ ජනප්‍රියත්වයක්‌ දිනාගත් සංගීත කණ්‌ඩායමක්‌ නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස්‌. මේ නිසාම නලීන්ගෙන් අපි අලුත් තොරතුරු ගැනත් සොයා බැලුවා.

මාස කිහිපයක්‌ විදේශගත වී සංගීතයේ තාක්ෂණික අවබෝධය ලබාගනිමින් මීට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණියේ මීට පෙර ඔහු පදිංචිව සිටි ස්‌ථානයත් වෙනස්‌ කරගනිමින්. ඒ නලීන් තම පවුල සමග මීගමුවේ අලුතින් ඉදිකළ නිවසට පදිංචියට පැමිණීමත් සමග. ඒ ආවේ හිස්‌ අතින් නොවේ. සවුන්ඩ් ඔෆ් මේරියනස්‌ නමින් නවීන් තාéණයෙන් යුතුව නිර්මාණය වුණු ශබ්ධාගාර දෙකකින්, සංගීත ඇකඩමියකින් හා ගීත බැංකුවකින් අංග සම්පූර්ණ සංගීත ආශ්‍රමයක්‌ ද රුගෙනයි.

ගීත පදරචනය, තනු නිර්මාණය, සංගීතවත් කිරීම, පටිගත කිරීම්, පුහුණු කිරීම්, සංස්‌කරණ කටයුතු ආදී ඇමරිකානු තාක්ෂණික ක්‍රම යටතේ සමන්විත මෙම සංගීත ආශ්‍රමය ලබන අප්‍රේල් මසයේ දී විවෘත වීමට නියමිතයි.

ඒ වගේම වසර පහකට පසුව නලීන් නිර්මාණයකරන ගීත ඇල්බමයේ වැඩකටයුතුවලටත් මේ දිනවලදී නිරත වී සිටිනවා.


ලක්‌මිණී

Copy Rights - Divayina
READ MORE - අලුත් ඇල්බමයක්‌ ළඟදීම

කවදාවත් නළුවෙක්‌ව නම් කසාද බඳින්නෙ නෑ

කවදාවත් නළුවෙක්‌ව නම් කසාද බඳින්නෙ නෑ
ලෝචනා ඉමාසි

පෙම්වතෙක්‌ සොයාගන්න තරම් අත්දැකීම් නැහැ



අහිංසකාවියන්ට වගේම දඟකාරියන්ටත් ඇළුම් කරන ප්‍රේක්‍ෂකයන් , මෑතකාලයේ ලද නැවුම්ම නැවුම් පිළිතුර ඇයයි. ලෝචනා ඉමාෂි සිනාදොළක්‌, කතා ගඟුලක්‌, මොහොතක්‌වත් ඉස්‌පාසුවක්‌ නැති දඟ මල්ලක්‌.... බොහෝ දෙනා ඇය හඳුනන තරම තමයි ඒ........ ඒත් යමෙක මතුපිටින් පෙනෙන ස්‌වභාවය යථාර්ථය යෑයි අදහන්න තරම් ඉක්‌මන් නැති ඔබ වෙනුවෙන් අපි ලෝචනාට සමීප වුණා.......

"මම චංචලා තරම්ම දඟකාර නැහැ.... හිරු තරම්ම නපුරුත් නැහැ. ඒත් නිතරම සැහැල්ලුවෙන් දඟ කරමින්, සිනහවෙන් ගත කරන්න තමයි කැමැති. චංචලා කොතරම් දඟ උනත් අපි අපි වගේ" විකාශය වන කාලේ චංචලා නිසා ප්‍රේක්‍ෂකයෝ මට ගොඩක්‌ ආදරය කළා. මහමඟ, බස්‌ එකේ යත්දී අපේ ප්‍රේක්‍ෂකයො මට කතා කළේ චංචලා විදියටයි...... දැන් "සඳ සඳ වගේ" හි හිරු නපුරු උනත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා....."

ඒත් ලෝචනා ඔබ දඟකාර චරිත රැල්ලකට හසුවෙලා කියලයි

මට හිතෙන්නෙ.

"පහුගිය කාලෙ දිගටම මට ඇරයුම් ලැබුණේ දඟකාර චරිතවලටමයි. සමහර ඒවා ප්‍රතික්‍ෂේප කරන්නත් සිද්ධ වුණා. ඒත් මගේ දින ප්‍රශ්න නිසා සමහර වෙලාවට වෙනස්‌ විදිහේ චරිත බාරගන්න ඒ වෙනුවෙන් කොළඹින් පිට ගත කරන්න අපහසු වූ අවස්‌ථා තියෙනවා.

ඔබ දැනටමත් එතරම්ම කාර්ය බහුල කෙනෙක්‌ද....... මම සිරස ආයතනයේ නිවේදිකාවක්‌. ඉතින් මම ඉදිරිපත් කරන වැඩසටහනට දිනපතා මම සූදානම් වෙන්න හා ඉදිරිපත් කිරීම කරන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් වෙන් කරන කාලයට අමතරවයි මම රඟපාන්න වෙලාව හදාගන්නෙ.

ලෝචනාගේ වෘත්තීය...

මම නිවේදිකාවක්‌..., ඒ වගේම දැන් රඟපෑමටත් සම්බන්ධයි. ඉතින් නිවේදන වෘත්තයට වැඩිපුර කාලයක්‌ වෙන් කරන්න මට සිදුවෙලා තියෙනව. කොහොම වුණත් මේ ක්‍ෂේත්‍ර දෙකටම මම එකවගේ කැමැතියි

"ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ..."

"මම ඉස්‌කෝලෙ හයේ පන්තියෙ ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම රූපවාහිනි වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්‌ථාව ලැබුණා. තාත්ත තමයි මාව ඒ සඳහා ඉදිරිපත් කළේ ඒ කාලේ තාත්තගේ හිතවතුන්ගෙ නාට්‍යවල ළමා චරිත රඟපෑවා ඔහොම කාලය ගතවෙලා. උසස්‌ පෙළ කළාට පස්‌සේ මම නිවේදිකාවක්‌ විදිහට සිරස ඔගඪග ආයතනයට සම්බන්ධ වුණා. ඊට පස්‌සෙ තමයි කාව්‍යා, අපි අපි වගේ, සඳ සඳ වගේ නිර්මාණවල රඟපාන්න ඇරයුම් ලැබුණේ."

ලෝචනා කලාවට සම්බන්ධ පවුලක සාමාජිකාවක්‌ ද?

මගේ තාත්තා තරුණ කාලේ රඟපාලා තියෙනව. දැන් නම් කලාවට සම්බන්ධ නැහැ. අම්මයි තාත්තයි දැන් ව්‍යාපාරවලටයි සම්බන්ධ.

රංගන ක්‍ෂේත්‍රය ලෝචනාට අනුව සුභවාදී තැනක්‌ද?

පැහැදිලිවම. මේ ක්‍ෂේත්‍රය ගැන කවුරුන් මොනවා කීවත්. මට නම් රංගන ක්‍ෂේත්‍රය හොඳ තැනක්‌. අපි හොඳින් කටයුතු කරනව නම් අපට කොතැනකවත් අනිසි බලපෑම් නැහැ.

රූපවාහිනියෙන් සිනමාවට එන්න ඔබට බලාපොරොත්තුවක්‌ නැතිද?

මගේ ලොකු ම බලාපොරොත්තුව වුණේ සිනමාවට සම්බන්ධ වෙන එක තමයි. දැන් මගේ ඒ බලාපොරොත්තුවත් ඉටුවෙලා. මේ දවස්‌වල මම සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කරන "අභිනික්‌මන" කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා.

මේ ක්‍ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු

මොනවාද?

මම දැනට කරල තියෙන චරිතවලින් මට ලැබෙන විවිධ ප්‍රතිචාර ඇගයීම් ලැබෙනව. ඒ අනුව මම තේරුම් අරගෙන ඉන්නව. මා තුළ රංගනයට කිසියම් හැකියාවක්‌ ඇති බව. මම ආසයි විවිධ චරිත රඟපාමින් ඒ හැකියාව දියුණු කරගෙන ක්‍ෂෙත්්‍රයේ වැඩි කාලයක්‌ රැදෙන්න. ඒත් අම්ම නම් කියන්නෙ විවාහ උනාට පස්‌සේ රඟපෑමෙන් ඉවත් වෙන්න කියලයි.

ලෝචනා විවාහ වෙන්නෙ මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ සමඟ ද?

අනේ නැහැ. මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ සමඟ නම් විවාහ වෙන්න මගේ කොහෙත්ම අදහසක්‌ නැහැ. මොකද අපි දැකල අහල තියෙන දේවල් අනුව මම හිතන්නෙ ක්‍ෂේත්‍රයෙන් පිට කෙනෙක්‌ එක්‌ක විවාහ වෙන එක හොඳයි කියලයි. ඒත් ඉතින් ඉදිරිය කොහොම වෙයිද කියල අපිට නිශ්චිතවම කියන්න බැහැනෙ."

ලෝචනා ඔබේ ප්‍රේමය?

මට පෙම්වතෙක්‌ නැහැ. මට හැඟෙන විදිහට ආදරය කරන්න කෙනෙක්‌ තෝරාගන්න මට අත්දැකීම් මදි. ඒ නිසා මම ඒ කාරණය අම්මටයි තාත්තටයි බාරදීලයි තියෙන්නේ. ඒ ගොල්ලො මට විවාහ වෙන්න සුදුසු කෙනෙක්‌ හොයමින් ඉන්නෙ.

ලෝචනා ජීවිතයේ කවදාවත් ආදරය කරන්න කෙනෙක්‌ තෝරාගන්න උත්සාහ කරල නැතිද?

"මම කෙනකුට ආදරය කළා. ඒක මම ගත්ත වැරදිම වැරැදි තීරණයක්‌ වුණා. ඒ නිසයි. මම ඒ වගකීම ආයෙත් දරන්න අකැමැති.

ලෝචනා ඉක්‌මනින් විවාහ වෙන්න කැමැතිද?

හොඳ කෙනෙක්‌ මුණගැහුනොත් මම ඉක්‌මනින් ම විවාහ වේවි. මගේ අක්‌කත් විවාහක නිසා අම්මල කියන්නේ මමත් දැන් ඉක්‌මනින් ම විවාහ විය යුතුයි කියලයි.

ඔබේ පවුලේ තොරතරු-

මගේ ගම කිරුළපන. අපේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි, ආච්චියි, අක්‌කයි, මමයි, නංගියි..

ලෝචනා ළඟින් ම ඇසුරු කරන්නෙ?

මගේ යාළුවො නෑදෑයන් ඔවුන් සමඟ විවේකයෙන් විනෝදයෙන් ඉන්න තමයි මම කැමැති. ක්‍ෂේත්‍රය තුළ නම් මම ළඟින් ආශ්‍රය කරන අය නැහැ. මගේ ඉස්‌කෝලෙ යාළුවො තමයි නිතරම මට සමීපව ඉන්නෙ.

ඔබේ විලාසිතාව?

රඟපාත්දි නිවේදන කටයුතුවලදී විලාසිතා කලාට බොහොම සරලව චාම්ව තමයි මම මගේ පෞද්ගලික දිවියේ විලාසිතා තෝරාගන්නේ.


ධම්මිකා සුරංජි පතිරණ
ඡායා සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

READ MORE - කවදාවත් නළුවෙක්‌ව නම් කසාද බඳින්නෙ නෑ

බන්දුල "රෝමය ගිනි ගනී 2" සමඟින්

බන්දුල "රෝමය ගිනි ගනී 2" සමඟින්


ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ හා කෘතහස්‌ත රංගවේදී රොජර් සෙනෙවිරත්න සුසංයෝගයෙන් බිහි වූ "රෝමය ගිනිගනී 2" මංගල දැක්‌ම මාර්තු මස 23 සහ 24 දිනවල සවස 6.30 ට මරදානේ , එල්ෆින්ස්‌ටන් රඟහලේදී වේදිකාගත වීමට නියමිත ය.

ශූර ප්‍රහසන නාට්‍යකරුවකු ලෙස නමක්‌ දිනූ බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යවේදී රේ කුනි විසින් ලියන ලද "Run for your wife" හි අනුවර්තනයක්‌ ලෙස "රෝමය ගිනි ගනී" 1996 වසරේදී බන්දුල විතානගේ විසින් සිංහල වේදිකාවට තිළිණ කරන ලදී. එම නාට්‍යයට ඒ වසරේ ජාතික නාට්‍ය උළෙලේදී වසරේ හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම සහය නළුවා යන ප්‍රධාන සම්මාන හිමි විය.

"රෝමය ගිනිගනී" ප්‍රථම වරට වේදිකාවට පැමිණ වසර 15 ක ඇවෑමෙන් බන්දුල විතානගේ මෙවර වේදිකාවට ගෙන එන "රෝමය ගිනිගනී 2" රේ කුනි ගේ "Caught in the net" නාට්‍යයේ අනුවර්තනයකි.

බන්දුල විතානගේ වේදිකා නාට්‍ය කලාවට එකතු වන්නේ පී. වැලිකල නිෂ්පාදනය කළ "රත්නාවලි" නාට්‍යයත් සමඟයි. ඒ 1963 වර්ෂයේදීයි.

1965 දී "මේඝ ගර්ජනා" නාට්‍යය නිර්මාණය කරමින් නිෂ්පාදකයකු බවට පත් වූ ඔහු 1971 දි රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ "ගංගාවක්‌ , සපත්තු කබලක්‌ හා මරණයක්‌" නාට්‍ය බෙහෙවින් ප්‍රසාදයට පත් සම්මාන දිනූ නිර්මාණයකි.

අනුවර්තන නාට්‍ය කෙරෙහි වැඩි කැමැත්තක්‌ දැක්‌ වූ බන්දුල වෙතින් "බෙකට්‌, වැනිසීයේ වෙලෙන්දා, දොලොස්‌ වැනි රාත්‍රිය, මැක්‌බත්, හැම්ලට්‌, සෙනෙහෙබර ඩොලී, හිරු දහස, රෝමය ගිනි ගනී. සිකුරු සැණකෙලි" නමින් නාට්‍ය රැසක්‌ ප්‍රේක්‌ෂකයන් වෙත තිළිණ කෙරිණි.

"බුමුතුරුණු, අසල්වැසියෝ" ටෙලි නාට්‍ය ඔහු වෙතින් බිහි වූ අතරම, ටෙලි නාට්‍ය රැසකටම රඟපෑමෙන්ද ඔහු දායක විය.

ඔහුගේ අලුත්ම වේදිකා නාට්‍ය වන" රෝමය ගිනි ගනී 2 " හි, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනි ජයකොඩි, බන්දුල විතානගේ, අයේෂා දිසානායක, උපාලි බණ්‌ඩාර, තිළිණි ප්‍රියංවදා සහ ඉෂාර වික්‍රමසිංහ රංගනයෙන් දායක වේ. රොජර් සෙනෙවිරත්න නිෂ්පාදනය කරන මෙම නාට්‍යය සඳහා වජිර කුමාරි විතානගේ වේදිකා පාලනයෙන්ද, වසන්ත කුමාර රංගාලෝකයෙන් ද ජගත් පද්මසිරි වේෂ නිරූපණයෙන්ද දායක වේ. "රෝමය ගිනිගනී 2" නිෂ්පාදන කළමනාකරණය එඩ්වඩ් චන්ද්‍රසිරිගෙනි.


චාමරි බණ්‌ඩාර

Copy Rights - Nawaliya
READ MORE - බන්දුල "රෝමය ගිනි ගනී 2" සමඟින්

ලංකා කලා දිනපොත තහනම් කරයිද ??

Saturday, March 19, 2011
































READ MORE - ලංකා කලා දිනපොත තහනම් කරයිද ??