----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නළුවකුට හෝ නිළියකට විවේකය අවශ්‍යයයි

Friday, September 10, 2010

වාහනයකට සර්විස් එකක් අවශ්‍යයි වගේම

නළුවකුට හෝ නිළියකට විවේකය අවශ්‍යයයි

ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම

ශෝධා විමලධර්ම ඇයටම සුවිශේෂ වූ අනන්‍යතාවක් සටහන් කළ රංගන ශිල්පිනියක්. ඇගේ නිර්මාණ කෞෂල්‍යයෙන් වේදිකාව, රූපවාහිනිය මෙන්ම සිනමාවද නිරතුරුව පෝෂණය වූවා. පුංචි තිරයේ අහිංසකාවිය ලෙස නම් ලද යශෝධාගේ රංගනය පසුගිය කාලය තුළදී දකින්නට නොලැබීම ඇගේ රසිකයන් තුළ ඇති කළේ කනගාටුවක්. වසර දෙකක නිද්‍රාව අවසන් කරමින් ඇය ‘දිනමිණ’ හා මෙලෙස කට හඬ අවදි කෙළේ ගෙවුණු දෙවසර තුළදී ඇය කළ කී දේ ගැන හා ඇයගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳවය.

* පසුගිය කාලය තුළදී ඔබ රංගනයෙන් ඈත්ව සිටියේ ඇයි ?

රංගනය මගේ ආත්මයේ තිබෙන දෙයක්. ඒ නිසා මම කවදාවත් රඟපෑමෙන් ඉවත් වෙන්නේ නැහැ. සමහර විට මම ඉදිරියේදී කලා ක්ෂේත්‍රයේම වෙනත් දිශාවකට ගමන් කරන්න පුළුවන්. ඒ වුණත් මේ ක්ෂේත්‍රයෙන් සහමුලින්ම ඉවත් වන්නේ නැහැ. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘සතර දෙනෙක් සෙන්පතියෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වූවාට පසුව ගතවූ අවුරුදු දෙක තුළදී මම වෙනත් කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ.

ඒ සඳහා බලපෑ එකම හේතුව හොඳ නිර්මාණයකට ආරාධනා නොලැබීමයි. ඉස්සර එක වතාවකට රඟපෑම සඳහා හොඳ පිටපත් තුන හතරක් ලැබෙනවා. මොකක්ද තෝර ගන්නේ කියලා ගැටලුවක් තිබුණේ. මේ යන විදිහට නම් මම හිතන්නේ නැහැ ඒ වගේ යුගයක් නැවත ඇති වෙයි කියලා. මේ තත්ත්වය තුළ තෝරාබේරා ගෙන රඟපෑම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මතු කරනවා. ඒ වුණත් සිතට එකඟව නිරූපණය කළ නොහැකි චරිත සඳහා ලැබෙන ආරාධනා භාර ගැනීම කළ නොහැක්කක්. අවර ගණයේ නිර්මාණ සඳහා මා සම්බන්ධ නොවන්නේ ඒ නිසයි.

* රංගනය පිළිබඳ ඔබේ අදහස් දැන ගැනීමට ප්‍රථමයෙන් රඟ නොපා සිටි කාලය ගැන දැන ගන්න කැමතියි

වාහනයකට සර්විස් එකක් අවශ්‍යය වෙනව වගේ රංගන ශිල්පියෙකුට විවේකයක් අවශ්‍යයි. රංගන ශිල්පියාගේ වැදගත්ම මෙවලම ශරීරය හා මනසයි. තමන් ආ ගමන් මගේ අඩු පාඩු සකස් කර ගැනීමටත් තමන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් මම ඒ විවේකය යොදා ගත්තා. සමහර ක්ෂේත්‍ර තව තවත් මුවහත් කර ගත්තා. හොඳ නාට්‍ය චිත්‍රපටි බැලුවා. වැඩමුළුවලට සහභාගි වුණා. ඉගෙන ගත්තා. නිකන්හිටියේ නැහැ. කවි ලිව්වා. පොත පත කියෙව්වා. ඒ තුළ මම ගොඩනැගුණා. නිහඬතාවය නිසා ප්‍රේක්ෂකයාට මා දැකීමේ ආශාව තව තවත් වැඩි වුණා. ඒ හින්දා නරකක් වුණයි කියලා කියන්න බැහැ.

* අඛණ්ඩව රංගන කටයුතුවලට සම්බන්ධ නොවීම ජනප්‍රියත්වයට බාධාවක් නොවේද ?

මම එක දිගට වසර හයක් ජනප්‍රියම නිළිය වුණේ නාට්‍යය රාශියක රඟපෑමෙන් හෝ හැම නාලිකාවකම පෙනී සිටීමෙන් නෙවෙයි. ගතවූ වසර විසි පහක කාලය තුළදී නිරූපණ ශිල්පිනියක් ලෙස මම රංගනයෙන් සම්බන්ධ වී තිබෙන්නේ නිර්මාණ 17 කට පමණයි. ආරම්භයේ සිට අද දක්වා මම ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක වැඩ අවසන් වන තුරු වෙනත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ආර්ථික වශයෙන් පාඩුවක් නෙවෙයි. ටෙලි නාට්‍යය රාශියක රඟපෑවයි කියලා ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් වෙන්න බැහැ. ප්‍රේක්‍ෂකයා තුළ සදා නොමැකෙන මතකයක් අවදි කළ රංගන ශිල්පියෙකුට පමණයි ජනප්‍රියත්වය රඳවා තබා ගත හැක්කේ. රංගන ශිල්පියෙකුට ජනප්‍රියත්වය වැදගත්. ඒ වුණාට මම ජනප්‍රියත්වය ලුහුබැඳ යන්නේ නැහැ.

* පශ්චාත් උපාධිය දක්වා ලබාගත් හින්දි භාෂා ශාස්ත්‍ර ඥානය අධ්‍යාපන ආයතනයකට ලබා දෙන්න කැමති නැද්ද ?

පියාගෙන් ලැබුණු මඟපෙන්වීම නිසා තමයි මම රංගනයට මෙන්ම හින්දි භාෂා අධ්‍යයනයටත් යොමු වුණේ. ඉගෙන ගැනීම ආරම්භ කළේ විභාග ඉලක්ක කරගෙන නෙවෙයි. තෘප්තිය උදෙසායි. නිර්මාණ කටයුත්තකට සම්බන්ධ නොවූ පසුගිය අවුරුදු දෙක මම යෙදෙව්වේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහායි. ඒ මටත් නොදැනී සිදුවුණු දෙයක්. ජීවිතය අත්විඳින්න හුඟක් දේවල් තේරුම් ගන්න දැනුමක් අධ්‍යාපනයෙන් ලැබෙනවා. අධ්‍යාපනය තමයි මාව පෝෂණය කෙළේ. ඒ දැනුම මම අනෙක් අයටත් ලබා දෙන්න කැමැතියි.

නමුත් දැනුම් තේරුම් වයසේ සිටම මම ආයතනගතවීම ප්‍රතික්ෂේප කළා. මම නිදහස භුක්ති විඳින්න කැමති කෙනෙක්. රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණොත් එහි තමන්ගේ හැකියාවන් නිදහසේ වර්ධනය කර ගන්න හැකියාවක් තිබෙන නිසයි. ආයතනික විදිහට නොවුණත් දැනටත් මගේ සේවය අවශ්‍යය අයට වැඩි ප්‍රචාරයක් නොකර ඒ දැනුම ලබා දෙනවා.

* සාර්ථක රංගන ශිල්පියෙක් බිහිවීමට නිසඟ හැකියාව පමණක් ප්‍රමාණවත්ද ?

රංගනය ගැඹුරින් හැදෑරිය යුතු විෂයක්. එයට වෙනම තාක්‍ෂණයක් තිබෙනවා. සාර්ථක රංගන ශිල්පියෙක් බිහි වීමට නිසඟ හැකියාව හෝ රංගන විධි පිළිබඳ ලබන පුහුණුව පමණක් ප්‍රමාණවත් නැහැ. තිර පිටපතක් තුළ තිබෙන්නේ චරිතයක් පිළිබඳ දළ සැකිල්ලක් පමණයි. ඒ තුළ චරිතයේ නොලියවුණු මානයන් සොයා යෑම රංගන ශිල්පියාගේ කාර්යයක්. සමාජ දේශපාලන දැනුම අපිට වැදගත් වෙන්නේ මෙතැනදී. ඒක කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අධ්‍යාපනය නළු වෘත්තීයට බාධාවක් කරගත යුතු නැහැ. චරිතයක නව ඉසව් සොයා ගෙන යාමට සමාජ අවබෝධය වගේම අධ්‍යාපනයෙන් ලැබෙන දැනීමත් වැදගත්. ඒ නිසා මම මේ දෙකින් එකක් වත් බැහැර කරන්නේ නැහැ.

* අද නිර්මාණය වන ටෙලි නාට්‍ය ගැන ඔබ හිතන්නේ කුමක්ද ?

අද වන විට රූපවාහිනී මාධ්‍යයේ සීඝ්‍ර පසුබෑමක් ඇතිවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න අඩුම තරමේ රාජ්‍ය මාධ්‍යය ආයතන දෙක හෝ මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට නිර්මාණ හරහා අනන්‍යතාවයක් ගොඩනගා ගත හැකි වුණේ ඒ අවධියේ ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ රැසක් බිහිවුණ නිසයි. අද ඒ වගේ නිර්මාණ බිහි වෙන්නේ බොහොම කලාතුරකින්. මේ නිසා දක්ෂතා තිබෙන බොහොමයක් තරුණ නිර්මාණකරුවන් අද ඔවුන්ගේ නිර්මාණ එළිදක්වා ගත නොහැකිව අතරමංව සිටිනවා.

රූපවාහිනිය වෙළෙඳ මාධ්‍යයක්. නමුත් ඒ තුළ හරවත්, ප්‍රේක්ෂකයාගේ රසිකත්වය ඉහළට ඔසවා තබන නිර්මාණයන්ටත් ඉඩ තිබිය යුතුයි. දැන් උවදුරක් බවට පත්ව තිබෙන මෙගා නම් ටෙලි නාට්‍යය විශේෂය තුළ මම නම් කිසිම දැවැන්ත බවක් දකින්නේ නැහැ. නිර්මාණයක අන්තර්ගතය තුළ දැවැන්ත බව තිබෙනවා නම් එහි කොටස් ගණන සංඛ්‍යාත්මකව වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ.

* මෙගා ටෙලි නාට්‍යය බිහිවීම සඳහා පාර සකස් කළ දීර්ඝ ටෙලි නාට්‍යවල ඔබත් කාලයක් රඟපෑවා නේද ?

අනෙක් ටෙලි නාට්‍යයන්ට වගේම මම සංඛ්‍යාත්මක වශයෙන් දීර්ඝ ටෙලි නාට්‍යය කිහිපයකටත් දායක වුණා. ඔබ ඔය සඳහන් කරන්නේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යය ගැන විය යුතුයි. එම ටෙලි නාට්‍ය විකාශය වූයේ සතියේ එක දිනකයි. කොටස් 235 විකාශය වීමට 1990 සිට 1995 දක්වා වසර පහක් ගත වුණා. මේ නිර්මාණය හරහා අනෙක් නිර්මාණවලට බාධාවක් වුණේ නැහැ.

අද වෙන්නේ මොකක්ද බලන්න. 7.30 සිට 9.30 දක්වා මුළු සතිය තුළම එක නාලිකාවකින් විකාශය කරන්නේ ටෙලි නාට්‍යය තුනක් පමණයි. මේ තත්ත්වය නිසා බාහිරව නිෂ්පාදනය වන ටෙලි නාට්‍යය විකාශය කිරීමට කාලයක් නැහැ. මේ විකාශන කාලය කණ්ඩායම් කිහිපයක් වෙන් කරගෙන සිටිනවා. ‘දූ දරුවෝ’ නාට්‍යයේ නිෂ්පාදනය කළේ පිළිවෙළක් අනුවයි. ඒ නිසා ශිල්පීන්ට තමන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව ලැබුණා. කතාව ගලාගෙන යන ආකාරය ඔවුන් දැන සිටියා. මෙගා ටෙලි නාට්‍යයවල මොනවද වෙන්නේ කියලා ප්‍රේක්ෂකයෝ තියා ඔවුන්වත් දන්නවයි කියලා මම හිතන්නේ නැහැ.

* ඔබ නිර්මාණ කටයුතු සඳහා සහභාගී වෙන්නේ එකම පිරිසකගේ නිර්මාණ සඳහා නේද ?

නෑ එහෙම නෑ. මම තරුණ නිර්මාණකරුවන් අතරින් අශෝක හඳගම සහ බෙනට් රත්නායක සමග පමණයි වැඩ කර නැත්තේ. සුමිත්‍රා පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි වැනි නිර්මාණකරුවන් සමග වැඩ කොට තිබෙනවා. ඉතින් ඇයි මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ. . .

* නාලන් මෙන්දිස් මහතාගේ සහ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණයන්හි ඔබ වැඩිපුර දක්නට ලැබෙනවා නේද ?

ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණවලට සම්බන්ධ වෙන කණ්ඩායමක් සිටිනවා. ශ්‍රියන්ත, කමල්, ජැක්සන් වැනි අය ඒ තුළ අනිවාර්යෙන්ම නියෝජනය වෙනවා. කාලයක් තිස්සේ එකට වැඩ කිරීමෙන් ලබාගත් අවබෝධය මත එහෙම වෙනවා ඇති. 1999 සිට මමත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. නාලන් මෙන්දිස් මහතාගේ නිර්මාණ වලින් හුඟක් වෙලාවට මම වගේ අයිරාංගනී සේරසිංහ හා චාන්දනී සෙනෙවිරත්න මහත්මියත් සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේ මතයක් ඇති වෙන්න ඇත්තේ මම ඔහුගේ දීර්ඝ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධවීම නිසා වෙන්න ඇති. මොකද ඒ ටෙලි නාට්‍යය සතියකට එක දවසක් විකාශය වුවත් සෑහෙන කාලයක් ප්‍රදර්ශනය වෙන වනේ.

* ඉදිරියේදී ඔබව ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ලැබෙනවාද ?

ඔව් ළඟදීම. මම කිව්ව ආකාරයේ ඒකාකාරී නොවන ප්‍රේක්ෂකයන්ට හරවත් යමක් ගෙන එන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. දැන් එහි වැඩ කටයුතු සෑහෙන දුරකට අවසන් වෙලා තිබෙන්නේ. ප්‍රේක්ෂකයන්ට එම නිර්මාණය ළඟදීම දැක ගන්න ලැබේවි.

READ MORE - නළුවකුට හෝ නිළියකට විවේකය අවශ්‍යයයි

දීපිකා ප්‍රියදර්ශනීගෙන් ඔබට "සුදු හංසිනී"

Thursday, September 9, 2010


ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියක වන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ගේ නවතම ගීත ඇල්බමය "සුදු හංසිනී" සැප්තැම්බර් 18 වැනිදා සවස 6.30 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ එළිමහන් පෙරටු පරිශ්‍රයේදී එළිදැක්‌වේ. දීපිකා විසින් ගායනා කරන ලද නවතම ගීත 16 ක්‌ මෙම ගී එකතුවට ඇතුළත් කර ඇති අතර එහි සුවිශේෂතා පිළිබඳව අපි ඇයගෙන් ම විමසුවෙමු.


"මෙහිදී එදා මෙදාතුර මා වෙනුවෙන් ගීත ලියූ ප්‍රතිභාපූර්ණ ගීත රචකයින් පස්‌ දෙනෙක්‌ මම තෝරා ගත්තා. ඒ අයගේ අලුත් ම ගීත මගේ "සුදු හංසිනී" ගී එකතුවට ඇතුළත් වෙනවා. මහාචාර්ය සුනිල් ආරයරත්න, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රී, සුනිල්


ආර්. ගමගේ සහ බන්දුල නානායක්‌කාරවසම් යන ගී පද රචකයින්ගේ මම මෙහිදී තෝරා ගත්තා. "සුදු හංසිනී" ගී එකතුවේ තනු නිර්මාණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසින් සිදු කළා. නවීන තාක්‌ෂණ ඔස්‌සේ සංගීත සංයෝජනය කළේ සුරේෂ් මාලියද්ද යි. යුග ගායනයෙන් දායක වූයේ අමල් පෙරේරා සමග භාතිය හා සංතුෂ් දායක වුණා. වැඩි කාලයක්‌ අරගෙන හොඳම දෙයක්‌ කරන්නයි මට අවශ්‍ය වුණේ."


දීපිකා මීට පෙර " සිනා පොදක්‌" , "සරෝජා", "මල් වරුසා" , "නුඹට ඉන්නෙ මං විතරද" යනුවෙන් ගීත ඇල්බම හතරක්‌ ද එළිදක්‌වා ඇති අතර ඊට විශාල ඉල්ලුමක්‌ අදටත් පැවතිම විශේෂත්වයකි.


"මගේ ගායන ජීවිතය ආරම්භ වුණේ කළුබෝවිල ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙනුයි. දහම් පාසලේ හැම ගායන තරගයකටම මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. රත්නපුරේ සීවලී ස්‌වාමින් වහන්සේ සහ අතුල රන්සිරිලාල් මහතා දහම් පාසලේ ආචාර්යවරු ලෙස එදා මගේ හැකියාවන් හදුනාගෙන මට දිරිය දුන්නා. ගුවන් විදුලි වැඩසටහන් වලට සම්බන්ධවෙන්නත් මට අවස්‌ථාව ලැබුණා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ මම ඉගෙන ගත්ත කාලය කවදාවත් අමතක කරන්න බැහැ. පාසල් කාලයේදී කරන්න බැහැ. පාසල් කාලයේදී ගායන අංශයෙන් සමස්‌ත ලංකා ජයග්‍රහණ රැසක්‌ මම ලබාගෙන තිබෙනවා. ඊට පස්‌සේ විශාරද නන්දා මාලනී, ඩන්ස්‌ටන් ද සිල්වා, රෝහණ වීරසිංහ යන ගුරුවරු යටතේත් මම සංගීතය ප්‍රගුණ කළා."


විජය ධර්මශ්‍රීගේ භාග්‍ය ටෙලි නාට්‍ය සඳහා ආනන්ද වීරසිරි සමග දීපිකා ගැයූ "ආජුතපර ලාහිලා" ගීතය ගැයීමෙන් පසු විශාල ජනප්‍රියත්වයක්‌ දීපිකාට හිමි විය. ගුවන් විදුලියේ ඒ ශේ්‍රණියේ ගායිකාවක වන ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රවේදී හා ශාස්‌ත්‍රපති උපාධි ලබාගෙන ඇති අතර භාත්කණ්‌ඩ සරසවියෙන් ගායනය පිළිබඳ ප්‍රථම පංති විශාරද උපාධිය හා සංගීත ඩිප්ලෝමාව ද ලබාගෙන තිබේ. පානදුර ගොරකාන, නුගේගොඩ අනුලා යන විද්‍යාවල සංගීත ගුරුවරියක ලෙස කටයුතු කළ විශාරද දීපිකා මේ වන විට කොළඹ විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය වන්නීය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක පසුබිම් ගීත ගායනා කර ඇති ඇය ශ්‍රී ලංකාවේ ඉහළම සම්මාන


රැසක්‌ ද ලබාගෙන සිටින්නී ය. එපමණක්‌ නොව ශ්‍රී ලාංකික සංගීතය උදෙසා සිදු කළ මෙහෙවර උදෙසා 2000 වසරේ සම්භාව්‍ය ජපාන බුන්කා සම්මානය ද ඇයට හිමි විය.


වල් බිහිවි ඇති සංගීත ක්‍ෂේත්‍රයේ උඩුගං බලා පිහිනා යන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ වැනි ශිල්පිනියන් සංගීත ක්‍ෂේත්‍රයට පමණක්‌ නොව අපේ රටට ද මහත් ගෞරවයක්‌ ගෙන දෙන අගනා පහන් තාරකාවක්‌මයි ඇයට අපි සුභ පතමු.

තුෂාරී කළුබෝවිල
ඡායා - නාරද අමරතුංග



Source
- නවලිය
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
READ MORE - දීපිකා ප්‍රියදර්ශනීගෙන් ඔබට "සුදු හංසිනී"

ඉර හඳ යට

Wednesday, September 8, 2010

‘අසීරු මාතෘකාවක් කාව්‍යාත්මකව, සංවේදීව ඉදිරිපත් කිරීම නිසයි මේ සම්මානය පුද කරන්නේ’. ඉතාලියේ පවත්වන අන්තර්ජාතික සිනමා උළෙලකදී ලොව හොඳම චිත්‍රපටයට හිමි සම්මානය අපේ රටට දෙවැනි වරට දිනා දුන් බෙනට් රත්නායකගේ ඉර හඳ යට චිත්‍රපටයට සම්මානය පුද කරමින් ඉතාලියේ අයිඩෙන්ට්ටා (Identita) සිනමා උළෙල පුරා රාව ප්‍රතිරාව නැංවූ හඬේ ගැබ්ව තිබුණේ එම අරුතයි.

බෙනට් රත්නායකගේ ඉර හඳ යට චිත්‍රපටයට පෙර ඉතාලි සිනමා උළෙලකදී මෙරටින් හොඳම චිත්‍රපටය වශයෙන් සම්මානයට පාත්‍රව ඇත්තේ ටයිටස් තොටවත්තයන්ගේ හඳයා නම් වූ අති විශිෂ්ට චිත්‍රපටය පමණකි. ඒ ඉතාලියේ ගිෆොනි සිනමා සම්මාන උළෙලේදීයි.

එසේම ‘ඉර හඳ යට’ චිත්‍රපටයට තේමා පාඨ ගන්වා ඇත්තේ ද ‘පෙම්වත් සිත සුවපත් කළ මිනිසත්කම’ වශයෙනි.

එය අයිඩෙන්ට්ටා සිනමා උළෙලට තේමා කර ගන්නා ‘ආදරය සහ මානව දයාව’ අරුත් ගන්වන චිත්‍රපටයක් බවට ඉඟි පළ කරන්නකි.

පෙර ඉඟියෙන් පමණක් නොව චිත්‍රපටයේ අන්තර්ගතයෙන්ම ඒ බව පැහැදිලි කරන්නට සමත් වූ මීට උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී අරගලය පැවැති යුගයේ එක් ත්‍රස්තවාදී සිර කඳවුරක සිරකරුවන් ලෙස මුණ ගැසුණු රජයේ සොල්දාදුවන් දෙදෙනකුගේ සහෝදරත්වය, ඔවුනොවුන්ගේ ජීවිත අත්දැකීම් අතර වූ සුන්දර ආදර අත්දැකීම් අනුවේදනීය වූත් සෞන්දර්යාත්මක වූත් කතා ධාරා දෙකක් තුළින් එකවර රිදී තිරයට සිතුවම් කරයි.

පසුගිය ජූලි මස ඇමෙරිකාවේදී පැවැති ලොස් ඇන්ජලීස් සිනමා උළෙලේ වෘත්තාන්ත චිත්‍රපට අංශයෙන් ජූරියේ විශේෂ සම්මානය නම් වූ එහි ප්‍රමුඛ සම්මානයක් දිනා ගන්නටත් ඉර හඳ යට චිත්‍රපටය සමත් විය. එපමණක් නොව මීට මාස ගණනාවකට ඉහත දී සිංගප්පූරුවේදී නිමාව දුටු 23 වැනි සිංගප්පූරු අන්තර් ජාතික සිනමා උළෙලේ දී පරිපූර්ණ රංග කුසලතා (Best Performance) වෙනුවෙන් පිදෙන සම්මානය සතු කර ගත්තේ ද මෙම චිත්‍රපටයමයි.

මෙවර කොරියාවේ ‘පියොන් යැංග් ‘සිනමා උළෙල නියෝජනයට වරම් ලද ලාංකේය චිත්‍රපටය වන්නේ්ද ඉර හඳ යට යි.

අන්තර් ජාතික සිනමාවේදී පෑ සුවිශේෂී විශිෂ්ටතා නිසාවෙන් සේම යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සිත් සතන් සුවපත් කිරීමට පිදෙන තිළිණයකැයි මේ සිනමා පටය පිළිබඳ එහි අධ්‍යක්ෂවරයාගේ අරුත් ගැන්වීම නිසාවෙන් ලාංකේය පේ‍්‍රක්ෂකයින් කලෙක පටන් මෙම සිනමා කෘතිය නැරඹීමේ ආශාවෙන් පසු වූහ. ඔවුන්ගේ පැතුම් සඵල කරමින් අද (2) දා පටන් E A P මණ්ඩලයට අයත් සිනමාහල්වලින් චිත්‍රපටය තිරගත කිරීම ඇරඹේ.

නවක සුරූපී නළු නිළි යුවළක් වන උදාර රත්නායක සහ ටාෂා දර්ශනී මෙහි ප්‍රධාන චරිත රඟති. දිල්කි නෙත්මිණි මෙහි ප්‍රබල චරිතයකට පණ පොවණ නවක ළමා නිළියයි.

සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, සුවිනීතා වීරසිංහ, දර්ශන් ධර්මරාජ්, පාලිත සිල්වා, බිමල් ජයකොඩි, ෂෙරිල් රොමේන්, දමිතා අබේරත්න, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, නඩරාජා ශිවම්, රංගන ප්‍රේමරත්න, සෙල්වම් කුමාර්, රොජර් සෙනෙවිරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුමින්ද සිරිසේන, දි. ග සෝමපාල, ජගත් බෙනරගම, අජිත් ලොකුගේ, සම්පත් ජයවීර, සමන් හේමරත්න, කුමාර තිරිමාදුර, සුදාර චන්ද්‍රසිරි, භාග්‍යා රත්නායක ඇතුළු තවත් නළු නිළියන් රැසක්ම මෙහි රඟති.

බෙනට් රත්නායක අස්වැසුම, සුළඟ ආදී සම්මානනීය චිත්‍රපටවලට පසු අධ්‍යක්ෂණය කළ තෙවැන්න ඉර හඳ යට යි.

මෙහි නිෂ්පාදකත්වය සමන්මලී හේවාමාන්න, ඔලිවර් ප්‍රනාන්දු, රුවන් ජයසිංහ, විජිත හේරත් සහ ඩිලාන් ප්‍රනාන්දුගෙනි. කතාව, දෙබස් තිර රචනයට බෙනට් සමඟ සරත්චන්ද්‍ර ගම්ලත් එක් වී ඇත.

සහාය අධ්‍යක්ෂණය රන්ජන් ප්‍රසන්නගෙනි. කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. අංග රචනය ප්‍රියන්ත දිසානායකගේය. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහයන්ගෙනි.

අජිත් රාමනායකගේ සංස්කරණයකි. කලා අධ්‍යක්ෂවරයා සුජීව ගුණරත්නය. ඇඳුම් නිර්මාණ කුමාර කරව්දෙනියගෙනි. නිෂ්පාදන කළමනාකරණය දීප්ති වීරසූරිය සහ අනුර ගාම්භීරආරච්චිගෙනි.


Source
- සරසවිය 2010 - 09 - 02

උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
READ MORE - ඉර හඳ යට

කලාකරුවන්ගේ පදනමක් ඇරැඹේ

Sunday, September 5, 2010

ශ්‍රී ලාංකීය කලා ක්‍ෂෙත්‍රය තුළ දේශීයත්වයට උරුමකම් කියන සියලු පළාත්වලට ආවේණික වූ උඩරට, පහතරට, සබරගමු හා වෙනත් නැටුම් මෙන්ම නාට්‍ය හා රංග කලාව, සංගීතය, ජන ගී ඇතිව ජාතික මට්ටමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික හා සුබසාධක පදනම කටයුතු යොදා ඇත.

මේ අනුව විවිධ ජාතීන් අතර පවතින ආගමික හා වෙනත් සංස්කෘතීන් සුරක්ෂිතවන ආකාරයෙන් සකස්කර ඇති මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී එයට දායකත්වය ලබාගැනීම සඳහා සියලු ජාතීන් නියෝජනය වන පරිදි ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීමටද මෙම සංවිධානය කටයුතු කරයි.

මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කලා ක්‍ෂේත්‍රයේ නියැලී සිටින කලාකරුවන්ගේ දායකත්වය ලබාගනිමින් ඔවුන් ඒකරාශී කොට සාමාජිකත්වය පිරිනැමීමට සංස්කෘතික හා සුබ සාධන පදනම මේ දිනවල කටයුතු කරයි.

ලේකම්, සංස්කෘතික හා සුබසාධන පදනම, 52.ඒ, දිනපතා පෙළ වෙළෙඳ සංකීර්ණය නුවර පාර, නුවරඑළිය යන ලිපිනයට මුද්දර ඇලවූ දිගු ලියුම් කවරයක් එවීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

READ MORE - කලාකරුවන්ගේ පදනමක් ඇරැඹේ

ඩබ්ලිව්. බී. මකුලොලුව 1922 - 1984

ඩබ්ලිව්. බී. මකුලොලුව 1922 - 1984

1922 පෙබරවාරි 17 වැනි දා හරිස්පත්තුවේ ඉඩමේගම ග්‍රාමයේ දී උපත ලැබූ විලියම් බණ්ඩාර මකුලොලුව සංගීත ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් සිදුකළ මහා ගාන්ධර්වයකු වූයේය.

භාරතයේ ශාන්ති නිකේතනයේ දී ගායනය, වාදනය, නර්ථනය, හදාරා සියරට පැමිණ මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සංගීත විෂය මුසු කොට විවිධ ආයතනවල පරිපාලන තනතුරු දරා ජන සංගීතයේ මං පෙත් හෙළි පෙහෙළි කර 1984 සැප්තැම්බර් 08 වැනි දා දැයෙන් සමු ගත්තේය.



Source - සරසවිය 2010 - 09 - 02

උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

READ MORE - ඩබ්ලිව්. බී. මකුලොලුව 1922 - 1984

ජී. ඇස්. බී. රාණි පෙරේරා 1930 –2004

ජී. ඇස්. බී. රාණි පෙරේරා 1930 –2004

මෙරට ගුවන් විදුලියේ සහ සිංහල සිනමාවේ ‘ජනපි‍්‍රය ගායිකවක වූ ජී. ඇස්.බී. රාණි පෙරේරා ගී ලොවින් සමුගෙන මෙම 07 වැනිදාට වසර 06 ක් සපිරේ.

1930 අගෝස්තු 20 වැනි දා උපත ලැබූ ජී. ඇස්. බී. රාණී පෙරේරා, ජේ. ඩී. ඒ. පෙරේරාගේ වේදිකා නාට්‍ය හරහා කලා ලොවට පිවිසියාය. සිරිසඟබෝ නාට්‍යයේ සඟබෝ රජුගේ බිසව ලෙසත් දස්කොන් නාට්‍යයේ ප්‍රෙමිලා බිසව ලෙසත් රොඩී කෙල්ල නාට්‍යයේ රොඩී කෙල්ල ලෙසත් රඟපාමින් ගීත ද ගැයූ රාණි පසුව සිරිසේන විමලවීරයන්ගේ ‘අශෝකා’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය. එහිදී පෙම් පහන නිවී, ආදරේ සාගරේ වැනි ජනපි‍්‍රය ගීත කීපයක්ම ගැයූ ඇය පසුව සුරංගනාවී චිත්‍රපටයේ රඟපාමින් ගීත ද ගැයුවාය. ඉන් පසුව දුප්පතාගේ දුක ඇතුළු චිත්‍රපට රැසක ගී ගයමින් රංගනයේද යෙදුණ රාණි, සාමාන්‍ය සරළ ගීත හාරදහස ද ඉක්මවා ගයනා කළාය.

ගීත තරංගනී, ප්‍රබුද්ධ ගී, ජන ප්‍රසංග වැනි වැඩ සටහන් ගුවන් විදුලිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇය ‘කහ බලල්ලු, සුදු නංගී, සුරලොව මිහිර’ වැනි දෙබස් කැවූ විදෙස් චිත්‍රපට ගණනාවක නිළියන් වෙනුවෙන් තම කට හඬ මුසු කළාය.

මෙරට ගීත ක්‍ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ මෙම අසහාය ගායිකාවගේ සහ නිළියගේ භූමිකාව වෙනුවෙන් 1995 සරසවිය සම්මාන උළෙලේදී රණතිසර සම්මානයෙන් පිදුම් ලැබූ රාණී පෙරේරා 2004 සැප්තැම්බර් 07 වැනිදා ගී ලොවෙන් සමුගෙන අවසන් ගමන් ගියාය.


Source - සරසවිය 2010 - 09 - 02
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
READ MORE - ජී. ඇස්. බී. රාණි පෙරේරා 1930 –2004

පූජිත මෙන්ඩිස් 1934 –2001

පූජිත මෙන්ඩිස් 1934 –2001

විශාල ඇස් දෙකකින් සිංහල රිදී තිරිය හැඩ ගැන්වූ පූජිත මෙන්ඩිස් එම ඇස් දෙක නිසාත් ඔහුටම ආවේනික රඟපෑම් ශෛලීයක් තිබීම නිසාත් හැට හැත්තැව දශකවල සිංහල සිනමාවේ ජනපි‍්‍රයම නළුවකු බවට පත්ව සිටියේය.

1934 මැයි 27 වැනි දා මොරටුව කල්දෙමුල්ලේ දී උපත ලැබූ පූජිත කුඩා අවධියේ සිට දක්‍ෂ බොක්‍ෂින් ක්‍රීඩකයකු වුයේය. කුඩා කාලෙදීම සුව කළ නොහැකි රෝගයකට මුහුණ දුන් ඔහුගේ දීප්තිමත් ඇස් දෙක මුළුමනින්ම විකෘති ස්වභාවයක් ගත්තේය. තමා තරම් අවාසනාවන්තයකු ලෝකයේම තවත් නැතැයි සිතමින් සිටි පූජිතට චිත්‍රපට නළුවෙකු වීමේ වාසනාව රැගෙන ආවේ ද එම විශාල වූ නෙත් දෙකය.

හියුගෝ මාස්ටර් හා බෙන්ඩික් ප්‍රනාන්දු ගේ හඳුනා ගැනීමෙන් රම්‍යාලතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු පූජිත සොහොයුරෝ, පුරුෂ රත්නය, සීගිරි කාශ්‍යප, සත පනහ, හොඳට හොඳයි, සුරයන්ගෙත් සූරයා, ඔහොම හොඳද, නිධානය ඇතුළු චිත්‍රපට අසුවක පමණ රඟපෑවේය. මුළු දිවියම තනිකඩව ගෙවූ පූජිත අවසන් කාලයේ සිහි මඳ ගතියෙන් පෙලුණේය.

ඉබාගාතේ ඇවිදිමින් අසරණව සිටි මේ කලාකරුවා 2001 සැප්තැම්බර් 05 වැනිදා අවසන් ගමන් ගියේය. නමුත් ඔහුගේ් දේහයට ගෞරව කරන්නට මෙතරම් විශාල සිංහල සිනමාවේ පැමිණ සිටියේ කලාකරුවන් දෙතුන් දෙනෙකු පමණකි. තමන්ට කියා කිසිවක් ඉතිරි නොකළ පූජිත සිංහල සිනමාව වෙනුවෙන් විශාල දෙයක් ඉතිරි කළේය. ඒ ඔහුගේ අසාමාන්‍ය වූ මුහුණයි.


Source
- සරසවිය 2010 - 09 - 02
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි
READ MORE - පූජිත මෙන්ඩිස් 1934 –2001

ලාල් සේනාධීර 1948 – 1997

ලාල් සේනාධීර 1948 – 1997

‘කෝපි කඩේ’ රත්නෙ ළමයා ලෙසින් මුළු රටක් ආදරය කළ ලාල් සේනාධීර මිනිස් කමින් පිරී ගිය උදාර හදවතක් තිබු සුන්දර කලා කරුවකු විය.

පුරා වසර එකොළහකට අධික කාලයක් ‘අන්නාසි වත්තේ රත්නෙ ළමයා’ ලෙසින් ප්‍රේක්‍ෂක ජනතාවගේ් ආදරය ලබා සිටි ලාල් කෝපි කඩේ කතාංග 549 ක පමණ රඟපෑවේය. 1948 අප්‍රේල් 16 වැනි දා අතුරුගිරියේ දී උපත ලැබූ ලාල් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා බත්තරමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ගබඩා පාලකවරයකු ලෙස රැකියාව ආරම්භ කළේය. පසුව එම රැකියාවට ආයුබෝවන් කියා නළුකම සිය වෘත්තිය බවට පත් කර ගනිමින් 1967 දී ජී. ඩී. එල් පෙරේරාගේ ‘ඉහට වහල නිල් අහසයි’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේය.

1978 දී සුදාස් මාස්කෝරාලගේ ‘කුමර කුමරියෝ’ චිත්‍රපටයෙන් සිනමා ගමන් ඇරඹු ඔහු පාලම යට, ඇර සොයිසා, සිල්වා, රණබිමේ වීරයා, මම බය නෑ ශ්‍යාමා, ඇසල සඳ, සඳ මඬල වැනි චිත්‍රපට රැසක චරිත නිරූපනය කළේය.

ලොක්කෙ මාමා ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ වූ ලාල් පටලැවිල්ල, පියාඹන අස්සයා, හිරුට මුවාවෙන්, දියසේන ආදී ටෙලි නාට්‍ය කීපයකම රඟපෑව ද කෝපි කඩේ රත්නෙ ළමයා ඔහු රඟපෑ ජනපි‍්‍රයම චරිතය විය. 1997 සැප්තැම්බර් 05 වැනි දා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලොවින් සමුගන්නා විට ලාල් 49 වැනි වියේ පසු වූයේය.


Source - සරසවිය 2010 - 09 - 02
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

READ MORE - ලාල් සේනාධීර 1948 – 1997

අංග රචනය කියන්නේ ඇඟ පාට කිරීම නෙවෙයි

අද සරසවිය වේදිකාවට ගොඩ වෙන්නේ ලාංකේය වේදිකාවට නැතුවම බැරි ප්‍රවීණ අංග රචනා ශිල්පියකු හා රංගන ශිල්පියකු ද වන වසන්ත විට්ටච්චි. මේ සුදර්ශියේ නුග ගහ යට වසන්ත සරසවිය සමග කළ කතා බහක්.

අතීත මතකයෙන් කතාව පටන් ගමු.

හැත්තෑව දශකෙයේ මැද භාගයේ සෝවියට් සංස්කෘතික මන්දිරයේ රුසියන් භාෂාව හදාරන්න ගිය මට එතැනදී මුණ ගැහුණු නිමල් පතිරණ සහෝදරයා තමයි නාට්‍ය පැත්තට යොමු වෙන්න අවස්ථාව උදා කරලා දුන්නෙ. ඔහු නිර්මාණය කළ ‘රත්තෝ’ නාට්‍යයෙන් තමයි මම මුලින්ම වේදිකාව හඳුන ගත්තෙ.

ඒ නාට්‍යයෙන් පස්සෙ මට හිතුනා මේක කරුණු කාරනා දැනගෙන යන්න ඕන ගමනක්ය කියලා. ඒ නිසා ලයනල් වෙන්ටඩ් රංග ශිල්ප ශාලිකාවට බැඳිලා මහාචාර්ය සරච්චන්ද්‍රයන්, ධම්ම ජාගොඩයන් වගේ ප්‍රවීණ නාට්‍ය ඇදුරන් යටතේ නාට්‍ය විෂයක් හැටියට හදාරමින් මූලික අවබෝධයක් ලබා ගත්තා.

ඊළඟට සාලමන් ෆොන්සේකා මහත්තයගෙ නාට්‍ය වැඩ මුළුවලට සම්බන්ධ වුණා. ඊට අමතරව විදේශීය නාට්‍යකරුවන්ගෙ වැඩමුළු වලටත් සම්බන්ධ වුණා.

එතකොට අංග රචනා කලාව පැත්තට ඔබ යොමු වෙන්නෙ?

නවසිය හැත්තෑ නවයෙදි විතර, ප්‍රවීණ අංග රචනා ශිල්පී රංජිත් වික්‍රමසිංහ මගෙ මිත්‍රයෙක්. ඔහු අංග රචනා කරමින් සිටි නාට්‍යවලට සම්බන්ධ වෙලා අංග රචනා කටයුතුවලට සහය වෙමින් ඒ ශිල්පය ඉගෙන ගත්තා. මගේ පළමු අංග රචනා ගුරුවරයා හැටියට මම සලකන්නෙත් රංජිත් වික්‍රමසිංහවයි.

ඔහු මාර්ගයෙන් ඔහුගෙත් ගුරුවරයකු වුණු ශේෂා පලිහක්කාර මහතා හඳුනගෙන එතුමා යටතේ වැඩ කරමින් ඉගෙන ගත්තා. අංග රචනා කලාව කියන්නේ මොකක්ද කියන එක මම හරියාකාරව හඳුන ගත්තෙ එතුමන්ගෙන්.

එතුමන්ගෙ සහය අංග රචනා ශිල්පියකු හැටියට මම මුලින්ම සම්බන්ධ වුණේ චිත්‍රපට අංග රචනයටයි. ඒ ලබපු පන්නරය නිසාම මම අංග රචනා ශිල්පියකු හැටියට ප්‍රමාණාත්මක පැත්තට වඩා ගුණාත්මක පැත්තෙන් ඉස්සරහට ඇවිත් තියෙනවා.

කිසිම කල්ලියකට කණ්ඩායමකට බැඳෙන්නෙ නැතිව හොඳ නිර්මාණයක් නම් එතනට මගේ දායකත්වය අවශ්‍ය නම් දායක වීම තමයි මගේ් පිළිවෙත වෙන්නෙ. මේ නිසා තමයි මේ රටේ නිර්මාණ රැසකටම දායක වෙන්නත් දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නත් මට පුළුවන් වෙලා තියෙන්නෙ.

ඔබට දැනෙන විදිහට මේ ක්ෂේත්‍රයට එන්න පෙළඹවීමක් ඇති වුණේ මොන වගේ හේතුවක් නිසාද?

ප්‍රධානම බලපෑම ආවේ සාහිත්‍ය රස වින්දනයෙන් කියන එකයි මගේ හැඟීම. අප තුළ තියෙන ආකල්ප හා හැකියා මතු කරලා එළියට ගන්නෙ සාහිත්‍ය රස වින්දනයයි.

අද වෙන කොට නිර්මාණයක්ය කියලා කියන්න බැරි තරම් හරසුන් දේවල් බිහි වෙන්නෙ මෙන්න මේ රස වින්දනය නැති නිසයි. තමන් හොඳ රසිකයෙක් නෙවෙයි නම්, තමන්ට හොඳ රස වින්දනයක් නැත්නම් ඒ වගේ කෙනෙක් කොහොමද ප්‍රේක්ෂකයාට උසස් රස වින්දනයක් දෙන්නෙ.

අපේ රටේ ඇති වුණ සමාජ විපර්යාසයත් එක්ක හැම දේම පහසුවෙන් ළඟා කර ගන්න ගිය නිසයි කියවීම හා රස වින්දනය කියන දේවල් සමාජයෙන් ඈත් වුණේ.

එතකොට ඔබ රංගන ශිල්පියෙක් වෙන්නෙ?

අපට නම් බලපෑවෙ අපට කලින් පරම්පරාව. අපට කලින් රඟපාපු ශිල්පීන්ගෙ රඟපෑම් දැකලා, ඒවට ආශා කරලා, ආදරේ කරලා තමයි අපි රංගනයට යොමු වුණේ. අපට ඕන වුණේ මෙන්න මෙයා වගේ රඟපාන්න පුළුවන් නම් හොඳයි කියන තැනකට එන්නයි.

නමුත් අද වෙන කොට ඒ තත්ත්වය එහෙම පිටින්ම වෙනස් වෙලා. කලින් පරම්පරාවල හොඳ නිර්මාණ රස විඳින්න අපට තරම් අලුත් පරම්පරාවන්ට අවස්ථාව නොලැබීමේ ඛේදවාචකය නිසා මෙහෙම වුණාය කියලයි මට නම් හිතෙන්නෙ.

නිර්මාණකරුවෙකු බිහි වෙන්නෙ නිර්මාණ ඇසුරෙන්නෙ. එහෙම නම් ඒ ඇසුරක් නැති කොට නිර්මාණකරුවන් බිහිවෙන්න විදිහක් නැහැනෙ.

වේදිකාවක් මත කෙරෙන ඕනෑම දෙයක් නාට්‍යයක්ය කියලා පෙන්නන්න හදන ස්වභාවයක් දැන් දැන් දකින්න තියෙනවා. ඒ ගැන ඔබ හිතන්නෙ කොහොමද?

වේදිකාවක් මත කෙරෙන සියලුම දේ නාට්‍ය හෝ නාට්‍යයට අදාළ හෝ වෙන්නෙ නැහැනෙ. නාට්‍යයක මූලික වශයෙන් නාට්‍යමය රසය තියෙන්න ඕන. නාට්‍යමය ගුණාංග තියෙන්න ඕන.

නාට්‍යමය අත්දැකීම් තියෙන්න ඕන. මේ කිසි දෙයක් නැත්නම් ඒක නාට්‍යක් වෙන්නෙ නැහැනෙ. නිර්මාණකරුවෙක් නම් පළමුවෙන්ම ඔහු ඔහුට සුදුසුම ප්‍රකාශන මාධ්‍ය මොකක්ද, ඒ කියන්නෙ කෙටි කතාවද, කවියද, නාට්‍යය ද, චිත්‍රපටයක් ද කියන එක නිවැරැදිව අවබෝධ කර ගන්න පුළුවන්කමක් නිර්මාණකරුවෙකුට තියෙන්න ඕන.

නමුත් අද මේ කිව්ව දේ වෙනුවට බලන්නෙ තමන්ට ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන් මාධ්‍ය මොකක්ද කියලයි. අද හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්න දෘෂ්‍ය මාධ්‍යවලට එන්නයි. නමුත් ඒක දෘෂ්‍ය මාධ්‍යයට නොගැළපෙන නිර්මාණයක් නම් එතැනින්ම එයාගෙ ගමන නවතිනවා. මේ තත්ත්වය තුළත් යමක් හරියට කරන්න වෙර දරන අතලොස්සක් තරුණ නිර්මාණකරුවන් ඉන්න වගත් කියන්න ඕන.

යමක් කරන්න හදන තරුණ නිර්මාණකරුවන් ප්‍රවීණයන්ගෙ දැඩි විවේචනයට ලක් වෙනවා නේද?

ඒක වෙන්නෙ මෙහෙමයි. විදේශීය නිර්මාණ ආභාශය ඇසුරෙන් සිද්ධ වෙන නිර්මාණවල අපේකම කොතරම් දුරට මේ නව නිර්මාණ තුළ තියෙනවද කියන ප්‍රශ්නය බරපතළ විදිහට මතු වෙනවා.

දැන් උදාහරණයකට දයානන්ද ගුණවර්ධන මහත්තයා ගත්තම ඔහුගේ නිර්මාණ වැඩි හරියක් කෙරිලා තියෙන්නෙ වේදිකාවෙ. ඒවා අපේකම, අපේ කලාව, අපේ ගැමි කලාව මත පදනම් වූ නිර්මාණ. ආර්. ආර්. සමරකෝන්ව ගත්තොත් ඔහු පදනම් කර ගන්නෙ අපේම සාමාන්‍ය ජන ජීවිතය.

මේ විදිහට අපේ වේදිකාවේ සාර්ථක වුණු නිර්මාණකරුවන් බහුතරයක් අපේ සමාජයට ගෝචර කර ගන්න පුළුවන් දේ තමයි තමන්ගෙ නිර්මාණ සඳහා පාදක කර ගත්තෙ. මෙන්න මේ ලක්ෂණය ගිලිහී යාම තමයි අර කිව්ව චෝදනාවට ලක් වෙන්න ප්‍රධාන හේතුව.

තමන් ‘කාපු කට්ට’ ගැන සමහරු බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. ඔබට ඒක අදාළ වෙන්නෙ කොහොමද?

අපේ කාලෙ නම් කට්ටක් කන්න පුළුවන්ය කියන්නෙ නාට්‍ය කලාවට ලොකු සුදුසුකමක්. අද වෙන කොට නාට්‍යයක හැම දේටම වෙනමම පිරිසක් බිහිවෙලා ඉන්නවනෙ.

නමුත් අපේ කාලෙ එහෙමත් නැත්නම් එදා නාට්‍යයට සම්බන්ධ නළු නිළියන් ඇතුළුව නාට්‍ය කණ්ඩායම තමයි පෝස්ටර් ලිවිල්ලෙ ඉඳලා ඇලවිල්ල දක්වා හැම දේම කරන්නෙ.

මේ දේවල් කරන්න අද වගේ පහසුකම් හෝ මුදල් එදා තිබුණේ නෑ. ඒ නිසා දවස් ගණන් රෑ නිදි මරාගෙන වැඩ කරන්න වෙනවා. මෙන්න මේ කැපවීමත් එක්ක නාට්‍ය කණ්ඩායම ඇතුළෙ පුදුම බැඳීමක් ඇති වෙනවා. ඒ නිසාම මේක අපේ වැඩක් කියන හැඟිමත් ඇති වෙනවා.

අද හැමෝම බලන්නෙ තමන්ට අදාළ කොටස ගැන විතරයි. මෙන්න මේ නිසා තමයි එදා ශිල්පීන්ගේ කැපවීම කට්ට කෑමක් හා වටිනා දෙයක් බවට පත් වෙන්නෙ. අද තියෙන ක්ෂණික සමාජයේ ස්වභාවය නිසා තමයි එදා තිබුණු කැපවීම ලොකු දෙයක් වෙන්නෙ.

පුංචි උදාහරණයක් කියනව නම් එදා ධර්මසිරි බණ්ඩාරනායක ගේ යක්ෂාගමනය මාස අටකට වැඩි කාලයක් දිනපතා පුහුණුවීම් කළා. ශිල්පීන් හිටිය පනහක් විතර හිටියා. නමුත් අද නාට්‍ය හැදෙන්නෙ කොහොමද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

රංගනයටත් සම්බන්ධ කෙනෙක් හැටියට රඟපෑම හා නළුකම කියන දේ ගැන ඔබ බලන්නෙ කොහොමද?

රංගන ශිල්පියා සහ නළුවා කියන දේ පටලව ගන්න අවස්ථාත් අපි දකිනවා. නළුවා කියන්නෙ අද වෙන කොට මොඩල් එක්ක ආදේශකයක් වෙලා තියෙනවා. රංග කාර්ය පිළිබඳ පුහුණුව වැඩි වන තරමට තමයි නාට්‍යයත් රඟපෑමත් කියන දෙකම සාර්ථක වෙන්නෙ. සතත අභ්‍යාසය කියන දේ රංගන ශිල්පියකුයට අත්‍යවශ්‍යයි. තමන්ගේ රංගන හැකියා මුවහත් වෙන්නෙ මේ අභ්‍යාසයෙන්.

රංගන ශිල්පියාට තමන්ගෙ ශරීරය, මනස, හඬ කියන කාරනා ගැන දැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මේ නිසා තමයි එදා රංගන ශිල්පියා වැඩමුළුවලින් බිහිකෙරවෙ. මට හිතෙන හැටියට නම් නළුවා කියන සංකල්පයට වඩා රංගන ශිල්පියා කියන සංකල්පය තමයි හොඳ. සුදුවට පෙනුමට ඉන්න කෙනෙක්ව දැක්කමත් මිනිස්සු කියනවනෙ ෂා නළුවෙක් වගෙයි කියලා.

රංගන ශිල්පියා කියන්නේ පිටට පෙනෙන රූපකායක් තියෙන කෙනෙක් විතරක් නෙවෙයි. කායික මානසික ක්‍රියාවලින් ඔස්සේ අවශ්‍ය රංගන හැඩතල මතු කර ගත හැකි, ඒ සඳහා වන දීර්ඝ හා අඛණ්ඩ අභ්‍යාසයක නියුතු කෙනා තමයි රංගන ශිල්පියෙක් වෙන්නෙ. රඟපෑම එකම විදිහේ කියලා අපට පෙනෙන්නෙ මේ කිව්ව ගුණාංග අදාළ රංගන ශිල්පියා තුළ නැති නිසයි.

අංග රචනය හැමෝටම කරන්න පුළුවන් දෙයක් ද?

අංග රචනය කියන්නේ කළු සුදු කරන දෙයක් නෙවෙයි. චරිතයක අභ්‍යන්තර චෛතසිකය, ගති ස්වභාවය මතු කරන මාධ්‍යයක්. එතැනදි පදනම් වෙන්නෙ හමේ වර්ණය. හමේ වර්ණය නිවැරැදිව හඳුන ගන්න බැරි කෙනෙකුට හොඳ අංග රචනා ශිල්පියෙක් වෙන්න බැහැ. අපේ රටට ආවේනික හමේ වර්ණය තලෙළු වර්ණය.

ඒ කියන්නෙ දුඹුරු මිශ්‍ර වර්ණය. ඒක හරියට හඳුණගන්න ඕන. සිනමාවෙ නම් අංග රචනය කාර්මික විෂයක්. එතනදි ඒ ශිල්පියා දළ සේයා පට, කාච පෙරහන් ආලෝකය, අඳුර මේ ආදී සෑම දෙයක් ගැනම අවබෝධයක් දැනුමක් ඇති කෙනෙක් වෙන්න ඕන.

මෙන්න මේ දැනුම එදා ශේෂා පලිහක්කාර මහත්මයා ඇතුළු මේ අංග රචනා කලාවේ ප්‍රවීණයො හොයා ගෙන ගිහින් ඒ දැනුම පසු පරම්පරාවට බෙදා දුන්නා. එතෙක් අපි ලබා තිබුණු දකුණු ඉන්දියානු ආභාශයෙන් හා බලපෑමෙන් මිදුණු ස්වභාවික අංග රචනයක් සොයා මතු කර ගන්නට මේ අයට පුළුවන් වුණා.

එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටේ ස්වභාවික අංග රචනා කලාවක් ස්ථාපිත වුණේ. මේක දියුණු කරන්න බටහිර රටවල ආභාෂයත් අපට ලැබුණා. නමුත් අද වෙන කොට ශිල්පීය වශයෙන් දියුණු ශිල්පීන් නෙවෙයි අංග රචනා කටයුතුවලට යොමු වෙන්න් මේක කොච්චර පල්ලෙහට වැටිලද කිව්වොත් සැලුන් කරන කට්ටියත් අද අංග රචනා කරනවා.

සැලුන්වල කරන්නේ මේක් අප් කරන එකනෙ. අනිත් අය අතරින් කැපිලා පේන්න සරසන එක අංග රචනා කලාව නෙමෙයි. අද වෙන කොට හමේ වර්ණය තේරුම් අරගෙන අංග රචනා කරන්නෙ කීයෙන් කී දෙනාද? අපි දකින අපේ නිර්මාණ දිහා බැලුවාම ඒවයෙ වැඩි හරියක් ඉන්නෙ සෙංගමාලය හැදුනා වගෙ කහ පාට වර්ණයක් ගාපු අය. එහෙම නැත්නම් සුදු. සුදු ලස්සනයි කියල හිතනවනෙ.

සුදු ලස්සනයි කියලා එකක් නෑ. එහෙම නම් මේ ලෝකෙ වැඩියෙන්ම ලස්සන වෙන්න ඕන සුද්දියොනෙ. එහෙම නම් නයිජීරියාව වගේ රටවලින් ලෝක රූප සුන්දරියො බිහි වෙන්නෙ නැහැනෙ.

ඒ නිසා මූණක තියෙන ඉරියව් නිවැරැදිව මතු කර ගැනීම තමයි අංග රචනාවේදි වැදගත් වෙන්නෙ. එහෙම නැතිව මුහුණේ පාටට හරි යන්න බෙල්ලයි, අත පයයි, ඉනයි, කකුලයි ඔක්කොම පාට කරන එක සරල කාර්යක්. ඒක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්.

නමුත් හමේ වර්ණය තේරුම් අරගෙන අදාළ චරිතයේ අභ්‍යන්තරික ගති ස්වභාවය මතු වන විදිහට හමේ වර්ණයෙන් මතු කළ හැකි හැඩ තල මතු කර ගන්න පුළුවන් කෙනා තමයි නියම අංග රචනා ශිල්පියෙක් වෙන්නෙ. මේ වගෙ අය අතලොස්සක් තමයි අද අපට ඉන්නෙ.

මේ අයගනෙුත් බහුතරය අර ප්‍රවීණයන් යටතේ් දැනුම ලබපු අයයි. ඒකට පරිභාහිරව ඉන්න අය අංග රචනය කියල කරන්නෙ අපි හැටේ දශකයේදී අතෑරලා දාපු එක නැවත මතු කරමින් ඉන්න එකයි. එදා අතෑරපු ඉන්දීය අංග රචනය වෙත තමයි අද අපි නැවත යමින් ඉන්නෙ.

කොයි වෙලාවෙ මඟුල් ගෙක යන්න කතා කරයිද දන්නෙ නෑ කියලා ඒකට සූදානම් වෙලා ඉන්නව වගේ නළු නිළියන්ව අපට අද දකින්න ලැබෙන්නෙ අංග රචනා කලාව විෂයක් හැටියට නොදන්න අය නිසයි. මේ නිසා චරිතාංග අංග රචනය කියන එක පවා අද මේ තත්ත්වයෙන් යට වෙලා.

කළු අයත් අද වෙන කොට සුදු කරලා පෙන්නන්නෙ ඒ නිසයි. අංග රචනයේදී ප්‍රධාන වශයෙන් මතු කළ යුතු ඇස්, නාසය, කම්මුල්, තොල් කියන දේවල් මතු කරන්නෙ කොහොමද කියන එක ගැනවත් නොදන්න අය අද මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.

වේදිකාව ස්වභාවිකත්වය කියන අන්තයටත්, අනෙකුත් මාධ්‍ය කෘතිම අන්තය කියන පැත්තටත් සීමාව ඉක්මවා තල්ලු වී යාමක් තමයි අද අපට අංග රචනයේදී දකින්න ලැබෙන්නෙ. නිර්මාණය, අංග රචනය හා ආලෝකය එකට යන දේවල් විත්තියවත් අද ඉන්න සමහරු දන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

යම් නිර්මාණයකට දායක වන අංග රචනා ශිල්පියකු දැනගෙන ඉන්න අවශ්‍ය කාරනා මොනවාද?

යම් නිර්මාණයකට අංග රචනා ශිල්පියෙක් සම්බන්ධ වෙනවා නම් එතනදි භූගෝලීය පරිසරය, ඒ කියන්නෙ කුමන පරිසරයකද නිර්මාණය ගොඩ නැගෙන්නෙ, ඒ නිර්මාණයේ ඓතිහාසික පසුබිම මොකක්ද? සමාජ හා කාල වකවානුව කුමක් ද අදාළ නිර්මාණය සිද්ධ වෙන්නෙ මොන ශෛලියකට අනුවද, කුමන ආකාරයේ ආලෝක තත්ත්වයක් හා කුමන ආකාරයේ ඇඳුම් නිර්මාණයක් ද සිද්ධ වෙන්නෙ කියන කාරනා ගැන මැනවින් දැනගෙන ඒ සඳහා පූර්ව සූදානමක් ඇතිව සිටිය යුතු වෙනවා. සරලව කිව්වොත් හිඟන්නෙක්ව මනමාලයෙක් වගේ හැඩ කරලා තියලා හරි යන්නෙ නැහැනෙ.

ප්‍රවීණ අංග රචනා ශිල්පියකු වන ඔබ රංගන ශිල්පියා කියන භූ®මිකාවට මාරු වෙද්දී ඔබව අංග රචනා වෙන්නෙ මොන විදිහටද, ඔබ ඒකට මුහුණ දෙන්නෙ මොන විදිහටද?

ඔව් සමහර නාට්‍යවලදී මම රංගන ශිල්පියා බවට පත් වෙද්දී ඒකට සම්බන්ධ වෙලා ඉන්න අංග රචනා ශිල්පියා සමස්ත නිර්මාණය දිහා බලන විදිහට, ඒකේ තවත් එක් රංග ශිල්පියෙක් හැටියට මාව අරගෙන මට අංග රචනය කරද්දී මගේ කෝණයෙන් ඒ දිහා බලලා ඒක එහෙම නෙවෙයි මෙහෙම කරමුය කියලා කියන්න මට කිසිම අයිතියක් නෑ.

නමුත් අදහසක් හැටියට මෙහෙම වුණොත් හොඳයි නේද කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම නම් ඒකට කිසිම බලපෑමක් කරන්නෙ නෑ. නමුත් යම් නිර්මාණයක මම අංග රචනා ශිල්පියා වගේම රංගන ශිල්පියා ත්වෙන වෙලාවල මගේ අංග රචනයත් මමමයි කර ගන්නෙ. මගේ ඇහැට පේන්නෙ නැති කොටසක නම් මගේ සහය ශිල්පියා උදව් වෙනවා.

අංග රචනා ශිල්පියෙක් හැටියට හිතා ගන්නවත් බැරි තරමෙ වෙනස්කමක් කරන්න පුළුවන්කමක් තියෙනවද?

ඒකට මම මගේ් මේ අත්දැකීම උත්තරයක් හැටියට කියන්නම්. රංගන ශිල්පියෙකුගේ ගමන් මග වෙනස් කරන්න පුළුවන්ය කියලා මට දැනිච්ච එක අවස්ථාවක් මේක. අසූව දශකයේ නිර්මාණය වුණු ‘පුන්තිලා’ නාට්‍යයේ පුන්තිලා හැටියට රඟපාපු නිහාල් සිල්වා කියන ශ්‍රේෂ්ඨ නළුවා, රංගධරයා උරහිස දක්වා කොණ්ඩෙ වවාගෙන හිටිය කෙනෙක්. ඒ වෙන කොට එයා නාට්‍ය 264 ත රඟපාලා තිබුණා කියලා මට කිව්වා.

ඒක විශාල සංඛ්‍යාවක්. නිහාල්ගේ රූපය මම වෙනස් කළා චරිත ස්වභාවය අනුව. පුන්තිලා කියන්නෙ බීපු වෙලාවට උග්‍ර සමාජවාදී මත දරන ඉතා හොඳ මනුස්සයෙක්. නමුත් නොබීපු වෙලාවට උග්‍ර ධනවාදියෙක් හා අන්‍යයන් තලා පෙළා දමන කෙනෙක්. මේ චරිතයේ නිරූපණය සඳහා මම නිහාල්ට කිව්වා, නිහාල් මේක ඔයාගෙ 265 වෙනි නාට්‍ය කර ගන්නෙ නැතිව මේක ඔයාගෙ පළවෙනි නාට්‍ය කර ගමුය කියලා.

ඒකට මම වර්තමානයේ මගේ රූපෙට සමාන එකක් මම සැලසුම් කළා. මැද තට්ටෙ වටේම කොණ්ඩේ, උඩු රැවුල, මැදි වයස. නිහාල් ගත් කකටම කිව්වෙ පිස්සුද මම කොල්ලෙක්නෙ. මම තට්ටෙ ගාගෙන ඉන්නෙ කොහොමද කියලා.

මම කිව්වා නිකමට ඒකත් කරලා බලමුය කියලා. පින්ලන්ත ජාතික හෙලේනා ලෙන්තිමතිත් මගේ ඩිසයින් එකට ගොඩක් කැමැති වෙලා ඒක කරන්නම ඕනය කියලා කිව්වා. පස්සෙ නිහාල්ව මම එක්ක ගිහිල්ලා පියවරෙන් පියවර පිංතූරත් අරගෙන තට්ටෙ ගෑවා.

අද වෙන කෛාට නිහාල් සිලවාගෙ කාබන් කොපි මෙච්චර බිහි වෙන්නේ මම එදා දාපු තට්ටෙ නිසා. නිහාල් මැරෙනකනුත් ඒක ඒ විදිහටම තිබ්බා. නිහාල් ගේ කලා ජීවිතයෙන් නිහාල් වෙනමම පුද්ගලයෙක් බවට පත් වුණා එදා මම එයා වෙනුවෙන් කරපු අංග රචනය නිසා.

දැන් බලන්න අද වෙන කොට කාටවත් නිහාල් සිල්වා කියන්නෙ කොණ්ඩෙ වවාගෙන හිටපු කෙනෙක්ය කියන මතකයවත් තියෙනවද කියලා? පුද්ගල ස්වභාවය වෙනස් කිරීම ඔහුගේ මුළු ජීවිත කාලයෙම ගමන් මග වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. පරාක්‍රම නිරිඇල්ල, ජයන්ත චන්ද්‍රසිරි, ධර්මසිරි බණ්ඩාරනායක, ජයලත් මනෝරත්න වගේ අය මගේ මේ අංග රචනා හැකියාව උරිමයෙන් තමන්ගෙ නිර්මාණවලට දායක කරගෙන තියෙනවා.

READ MORE - අංග රචනය කියන්නේ ඇඟ පාට කිරීම නෙවෙයි

ටොරානා වෙතින් සංයුක්ත තැටි ත්‍රිත්වයක්

සුවිශේෂී සංයුක්ත තැටි ත්‍රිත්වයක් පසුගිය දිනෙක එළිදැක්විණ, උසස් රසාස්වාදයෙන් යුත් හරවත් ගී නිර්මාණ කවදත් ශ්‍රී ලාංකේය ගීත ලෝලීන් වෙත පිරිනමන “ටොරානා” ආයතනය මගින් මෙම සංයුක්ත තැටි වෙළෙඳ පොළට නිකුත් කළේ විරාම සමයකට පසුවය.

දේශයේ අග්‍රේෂ්වර ගාන්ධර්වයාණන් වන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ මනෝරම්‍ය ගී දහසයක් ඇතුළත් “බඹරෙකු ආවයි” ගීත සමුච්චයත්, වත්මන් ගී ලොවේ ජනපි‍්‍රයතම ගායිකාවන වන නෙලූ අධිකාරිගේ “කඳුළු” ගීත එකතුවත්, දිවයිනේ ජනපි‍්‍රයතම බටනලා වාද්‍ය ශිල්පී ජානක බෝගොඩගේ “ සුසර ගී” අනුවාදන එකතුවත් ඒ සංයුක්ත තැටි අතර වේ.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත “ජගන්මෝහිනී” (ප්‍රථම සරසවිය සම්මාන උළෙල සඳහා නිර්මාණය කළ සරස්වතී ගීතය) ගීතයෙන් ඇරැඹෙන අමර ගීතාවලිය මහගමසේකරයන් රචනා කළ “ඈත කඳුකර”, “මළ හිරු බසිනා”, “ඇසේ මතුවන”, “ඔබේ දෑසයි”, “මා තුරුළේ” යන ගීතවලින් වඩාත් රසාලිප්ත වේ.

මඩවල එස්.රත්නායකයන්ගේ “බඹරෙකු ආවයි” මෙන්ම ඩෝල්ටන් අල්විස් ලියූ “පෙම්බර මා පුතණුවනේ” ගීතද මෙම සංයුක්ත තැටියට අන්තර්ගතය.

“ දස්කොන් සකිසඳ” හා “පසළොස්වක සඳ” යන මියුරු යුග ගී ද අමරදේවයන්, නීලා වික්‍රමසිංහ සමඟ යළි ගයා තිබීමද විශේෂත්වයකි.

මතු කී ගීත රචකයන්ට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ඩබ්ලිව් අබේසිංහ, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, යමුනා මාලිනී පෙරේරා, උදයසිරි පතිරණ සෙසු ගී රචනා කොට තිබේ.

මින්පෙර කිසිදු සංයුක්ත තැටියක අඩංගු නොවූ “දළඳා ගීතය” ට විශාරද නන්දා මාලිනීය ඇතුලු පිරිසක් ගායනයෙන් දායක වේ.

සරත් ද අල්විස්, හා මහින්ද බණ්ඩාර යන සංගීතවේදීන්ගේ අධීක්ෂණයෙන් යුතුව හේමලාල් ගීතදේව, විද්‍යා මුණසිංහ හා රංග දියබලනගේ “බඹරෙකු ආවයි” ගීතාවලිය පටිගත කර ඇත.

“කඳුළු” නෙලූ අධිකාරිගේ නවතම ගීත එකතුවයි. “සයුරේ රළ සේ” සහ “ මං නැතිදා” ගීත සමුච්චයන්ට පසුව ටොරානා සමඟ එක්ව ඈ එළිදැක්වූ ගීත එකතුව එය වේ.

අලංකාරවූත්, නම්‍යශීලී වූත් නෙලූ ගේ රන්ස්වරය විවිධ ගායන විලාශයන් හා අවස්ථා සඳහා සංගීතඥයෝ රිසි සේ යොදා ගනිති. එය නෙලූටද නව්‍ය අත්දැකීමක් හා ගායන පරිචය ලැබීමට කදිම මං පෙතක් විවර කර දී ඇති බව පෙනේ.

ප්‍රවීණ මෙන්ම නවීණ ගී පද රචකයන්, සංගීතවේදීන් කිහිප දෙනෙකුගේම නිර්මාණ සම්මාදමෙන් එළි දකින “කඳුළු” නෙලූ ගේ සතුටු කඳුළු රසිකයන්ගේ ඇස් මත පළඳවන සුබ පැතුමයි. ඇගේ අනන්‍ය ගායනවේදය “කඳුළු” තුළින් ප්‍රකට කෙරේවා යන්න අපගේ පැතුමයි.

සාමාන්‍යයෙන් ගී අනුවාදන ඇතුළත් සංයුක්ත තැටියක් එළි දැක්වෙන්නේ කලාතුරකිනි.

ඒ අඩුව පිරිමසාලමින් දශක දෙකහමාරක් තිස්සේ බටනලා වාදකයකු ලෙස සංගීත ලොවේ රැඳී සිටින ජානක බෝගොඩ “සුරස ගී අනුවාදන” ටොරානා ලේබලය යටතේ

ඉදිරිපත් කර තිබේ.

මෙරට මුල්ම බටනලා අනුවාදන සංගත තැටිය වන මෙහි ජනපි‍්‍රය හින්දි ගීත නවයක් සහ සිංහල ගීත හතක් මියුරු වද්දඬු රාවයෙන් වැයේ.

කේමදාසයන්ගේ “ මානසවිල”, වික්ටර් රත්නායකයන්ගේ “ස”, රෝහණ වීරසිංහයන්ගේ “ ආදරණීය රෝහණ”, සුනිල් එදිරිසිංහයන්ගේ “ අලුත් වැස්සක්”, දයාරත්න , අමරා යුවළගේ “උදුම්බරා” ප්‍රසංගවල බටනලා වාද්‍ය ශිල්පියා වූයේද ජානකය.

1988 වසරේදී ගුවන් විදුලි සංස්ථාවේ ස්ථීර සේවයට බැඳුණු ජානක ගමගේ තවමත් එහි වාද්‍ය ශිල්පියකු සේ කටයුතු කරයි.

කැසට් හා සංයුක්ත තැටි නිෂ්පාදනය බෙහෙවින්ම අවදානමට ලක්ව ඇති මෙවන් යුගයක ඒ අභියෝග ඉදිරියේ නොසැලී ටොරානා අධිපති සරත් කොතලාවලයන් තැබූ මේ යෝධ පියවර කාටත් ආදර්ශයකි.

READ MORE - ටොරානා වෙතින් සංයුක්ත තැටි ත්‍රිත්වයක්

ජෝති අතීත මතකයෙන් ඇසෙන අපූරු කතාවක්

දින කිහිපයකට පෙර ජෝති ගේ කකුලෙහි ඇති වූ ආබාධය මේ වන තුරුත් සුව වී නොතිබිණි. ඒ හේතුව නිසාම අජන්තා පැමිණියේ ජෝතිව ගීත පටිගත කිරීමකට රැගෙන යාමටය. මාලිගාවත්තේ නිවෙසට වී මඳ වේලාවක් බලා උන් අජන්තා ජෝතිගේ පැමිණීමත් සමඟ ගමන පිටත්වීමට සූදානම් වූයේ සතුටිනි.

‘මහත්තයා අද මට රෙකෝඩින් එකට යන්න බෑ වගේ’.

‘ඇයි ඒ?’

‘මේ කකුලෙ අමාරුවත් එක්ක මට ටිකක් අපහසුයි’.

‘ඉතිං සින්දු කියන්නේ කකුලෙන් නෙවෙයිනෙ මහත්තයා’.

‘ඒක ඇත්ත මට නිකං බෑ වගේ’.

‘ඒක හරි යන්නෙ නෑ. සුජාතා නංගිත් ඉන්නව බලාගෙන’.

‘ඒකත් එක ප්‍රශ්නයක් තමයි. සුජාතා නංගිට තනියම සින්දුවේ කෑල්ල කියල යන්න කියමු. අපි පස්සෙ ගිහිං මගේ කෑලි ටික කියල දාමු’.

‘එහෙම බෑනෙ මහත්මයා, මේ සින්දුවල හැඟුම්බර බව එන්නෙ දෙන්නම කියද්දී.

අජන්තාට උවමනා වූයේ කෙසේ හෝ ජෝතිව ගීත පටිගත කිරීමට රැගෙන යාමටය.

‘මේකයි මහත්මයා සුජාතා නංගිත් එක්ක සින්දු කියද්දී බේරෙන්න බෑ බනිනවනෙ. පොඩ්ඩක් වැරදුණොත් කෑ ගහනවා. අනෙක මට කතා කරන්නෙ ළමයො කියලනෙ’.

‘ඉතිං ළමයො කිව්වම මොකද?’

‘නෑ ඉතිං මට වැඩිය සුජාතා නංගි බාලයිනෙ’

‘ඔව්, ඒ තමයි සුජාතාගෙ හැටි. මට කතා කරන්නෙත් ළමයො කියල’.

‘ඒ වුණාට මචං මට නිකං මදිකමක් වගේනෙ ළමයො කිව්වම’.

‘නෑ, නෑ සුජාතා එහෙම කියන්නෙ ආදරේට’.

කෙසේ හෝ අජන්තා ජෝතිව කැමැති කරවා ගනිිමින් පටිගත කිරීමට යාමට පිටත් වූයේය. ඉන් පසුව මරදානට පැමිණි මිතුරන් දෙදෙනා කොළඹ ආනන්ද විද්‍යාලයට ඉදිරියෙන් පිහිටුවා තිබෙන පිරවුම්හලට ගොඩ වැදුණේ රථයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහාය. රථයට ඉන්ධන පුරවාලන අතරතුර යාබද මෝටර් රථයේ සිටින ධර්මදාස වල්පොලයන් අජන්තාට කතා කළේ මිතුදම නිසාමය. අජන්තා සමඟ කතා කරමින් උන් ධර්මදාස, ජෝති දුටුවේ මඳ ප්‍රමාදයකට පසුවය.

ධර්මදාස වල්පොල දුටු ජෝති රථයේ හිඳගෙනම ඔහු සමඟ කතා බහ කළේය. ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව ධර්මදාස වල්පොලයන් මරදාන දෙසට ගමන් කළ අතර අජන්තා ගමන ඇරැඹුවේ පුංචි බොරැල්ල දෙසටය. පුංචි බොරැල්ලේ පාලු ස්ථානයක රථය නැවැත් වූ අජන්තා ජෝති දෙස බැලුවේ දැඩි කේන්තියෙනි.

‘උඹ නං මාර බඩුවක් තමයි’

‘ඇයි ඒ?’ ධර්මදාස අයිය මහත්තයට වැඩිය කොච්චර සීනියර්ද?’

‘ඉතිං . . .’

‘ඉතිං කියන්නෙ ඒ මිනිහ කොච්චර නිහතමානිද’

‘මොකක්ද මහත්තයා ඒ කතාවෙ තේරුම?’

‘නෑ . . . මහත්තයට තිබුණා ධර්මදාස අයිය එක්ක නැගිටල බැහැල ගෞරවයෙන් කතා කරන්න’

‘ඔව් ඒක ඇත්ත’

‘ඇයි ඉතිං එහෙම නොකළේ?’

‘එහෙම නොකළෙද . . . එහෙම නොකළේ් මෙන්න මේක නිසා’

ජෝති උළුක්කු වී ඉදිමී තිබූ කකුළ අජන්තාට පෙන් වූයේය. අජන්තාට ඒ මොහොතේ තරු විසි විණි.

තමාගේ අතපසුවීමට සමාව ඉල්ලූ අජන්තා නැවත කතා කරන්නට පටන් ගත්තේ ශබ්දාගාරයේදීය. ජෝති ඉතාමත් අපහසුවෙන් ශබ්දාගාරයට ගොඩ වූයේය.

‘මේ මහත්මයා . . . සුජාතා නංගි ඉන්නවා. පොඩ්ඩක් වැරදුණොත් ඉවරයි. ඒකනෙ මං කිව්වෙ වෙනම වොයිස් කරමු කියලා’.

සුජාතා දුටු ජෝති උන්නේ තැතිගැන්මෙනි.

ජෝතිත් අජන්තාත් ශබ්දාගාරයට ගොඩ වෙද්දී හිඳගෙන උන් සුජාතා මොකද ළමයො උනේ’ කියමින් ජෝති වෙතට පැමිණියේ සහෝදර ළැදියාව නිසාමය. ‘ඕකනෙ මං කිව්වෙ ළමයො කියනව කියල’.

ජෝති අජන්තාගේ කණට කෙඳිරුවේය.

‘එහෙනං මං කියන්නද ළමය කියන්න එපා කියල’.

අජන්තා ජෝතිගෙන් ඇහුවේ මුමුණමිනි.

‘අම්මෝ එපා, මට බයයි’.

ජෝති අජන්තාට කිව්වේ සිනාසෙමිනි.

එසේ ඇරැඹුණු ජෝති - සුජාතා යුගය අදට ද අමරණීය සිහිවටන තබමින් අප අතරේ පවතී.

මේ එදා ජෝති - සුජාතා ගැයු යුග ගීයයි.

ජෝති – විල මැද ඕලු නෙළුම් පාට රුවින් රඟන රැඟුම්

පිපුණා සේ මහදේ ප්‍රේම හැඟුම්

සුජාතා - මේ වාගේ මිහිරි දවස්

ගෙනාවේද කුමන පොතකින් කවි පෙළකින්

කලිනුත් අසා තිබේ මෙවැනි කියුම්

ජෝති – නිලුපුල් නීල නුවන් පුර හඳ වන් මුහුණ ඔබේ

සුජාතා - කිවිඳුන් ඔය උපමා පුරාණයේ කියා තිබේ

ජෝති - මොණරුන් පිල් කළඹේ රුව සැරසූ මුහුණ ඔබේ

සුජාතා - කිවිඳුන් ඔය උපමා පුරාණයේ කියා තිබේ

ජෝති – තිසරුන් උකුළු විලේ රඟන රඟේ ලලිත ලතා

සුජාතා - පාඩම් පොතක තියේ ඔහොම කතා

READ MORE - ජෝති අතීත මතකයෙන් ඇසෙන අපූරු කතාවක්

හඬ ඇසූ පමණින්ම රටම හඳුනන මර්සි එදිරිසිංහ සමඟ කතා බහක්

මර්සි රංගනයට අති දක්‍ෂ රංගනවේදිනියකි. හාසෝ‍යීත්පාදක නාට්‍ය හරහා සුවහසක් ප්‍රේක්‍ෂක සිත් අමන්දානන්දයට පත් කළ මර්සි අද ද සිය අති විශිෂ්ට වූ ප්‍රතිභාව හරහා ප්‍රේක්‍ෂක සිත් මත අපුරූ සිතුවම් අඳීන්නීය. එදා ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන්ම වෙන් වූ කලා කෘතීන්හි ප්‍ර‍්‍රධාන භූමිකාවන් හෙබ වූ අපේ කතා නායිකාව ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ තමා වෙනුවෙන්ම පිටුවක් වෙන් කරගනු ලැබුවේ උප්පත්තියෙන්ම ගෙනා ඒ අති විශිෂ්ට හැකියාව නිසාමය.

හඬ ඇසෙද්දී ලංකාවම හඳුනන මේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනිය තමාගේ රංගන කෞෂල්‍ය හරහා වේදිකාවත්, පුංචි තිරයත් සැරසූ වාර අනන්තය.

ඒ හැකියාවන් ඔස්සේ රටක් නැළැ වූ, සැනසූ මර්සි අද අපේ කතා නායිකාවයි. හරබර චරිත හරහා ප්‍රේක්‍ෂයින්ට යමක් දැනෙන්ට කතා කරන මේ විශිෂ්ට රංගනවේදිනිය අද මෙසේ සරසවිය හා එක් වී ඔබ හමුවන්නීය.

එහෙම නම් එදත් අදත් ලාංකේය කලා තරු අතරේ කාන්තිමත්ව බබලන මර්සි එදිරිසිංහ නම් තාරකාවේ කාන්තිය සමඟ අපි දැන් එක් වෙමු.

මුලින්ම මම ඔබව කැඳවාගෙන යන්නේ මෙනෙහි කරමින් සතුටු විය හැකි ඔබේ ආදරණීය අතීතය වෙතටයි. අවම පහසුකම් යටතේ රංගන දිවිය දික්විජය කළ ඒ අතීතයෙන් මේ කතාබහ අරඹමු.

ඇත්තටම ඒ අතීතය මතක් කරලා ඕනෑම වේලාවක සතුටු වෙන්න එදා සිටි හැමෝටම පුළුවන්. අපි අපේ වේදිකා නාට්‍ය අරගෙන රට වටේම ගිය කාලෙ හරිම සුන්දරයි. ඒ දවස්වල වේදිකා නාට්‍ය වලට රටේ ලොකු පිළිගැනීමක් තිබුණා.

ගම් දනව්වලට අපි යද්දී නාට්‍ය කණ්ඩායම් පිළිගන්න මිනිස්සු මග බලාගෙන හිටියා මට අද වගේ මතකයි. නිෂ්පාදකයා කවුරු වුණත්, අධ්‍යක්ෂවරයා කවුරු වුණත් අපි නිතරම හිතන්න පුරුදු වෙලා තිබුණේ මේ නාට්‍ය මගේ කියලා. ඒ නිසාම අප අතරේ ලොකු බැඳීමක් තිබුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් ඒක හැබෑම සහෝදර බැඳීමක්.

ඒ දවස්වල හිටිය නළු නිළියන්ගේ ඔළුවේ කුණු තිබුණෙ නැහැ.

දවස් හතර පහේ ගමන් යන කොට අපි විවේක ගත්තේ එකම කාමරේ. එහෙම ඉන්න තරම් බැඳීමක් එකිනෙකා පිළිබඳ අවබෝධයක්, එකිනෙකා පිළිබඳ විශ්වාසයක් අපට තිබුණා. ඇත්තටම ඒ කාලේ හරි ලස්සනයි. අපි කොච්චර දුක් වින්දත් ඒ දුක ඇතුළේ ලොකු සතුටක් පිරිලා තිබුණා.

මට මතකයි අපි ඉස්සර නුවර යන හැටි. නුවර යන්න තිබුණේ කඩුගන්නාව ගල් උමග යටින්. අපි යන බස් එකේ වහලේ වේදිකා පසුතලවලට අවශ්‍ය දේවල්, ලයිට් වගේම දවස් හතරකට පහකට අපට වුවමනා දේවලුත් පටවලයි තියෙන්නේ. දැන් බස් එක යනවා.

නාට්‍ය ඉන්න හැමෝම යන්නේ් මේ බස් එකේ. හැබැයි මේ බස් එක ගල් උමගෙන් ඇතුළු කරන්න බැහැ. එච්චරට බස් එක උඩ බඩු පිරිලා. අපි හැමෝම බස් එකෙන් බැහැලා බස් එක උඩ තියෙන බඩු බාලා බස් එක උමගෙන් එහා පැත්තට යවලා ආයෙමත් බඩු ටික ගෙනිහින් බස් එකට පටවනවා.

ඒ හැම දේම කළේ නළු නිළියන්, අධ්‍යක්ෂවරයා, කාර්මික ශිල්පීන් ඔක්කොම එකතු වෙලා. අපිට හදිස්සියක් තිබුණේ නැහැ. ලොකුකම් ඔළුවේ තිබුණේ නැහැ. ඔළුවේ තිබුණේ මේ වැඩේ අපේ කියන එක විතරයි. ඒ හින්දා වෙන්න ඇති එදා කැපවීමෙන් වැඩ කළ හැමෝම අද කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්නේ.

එදා වේදිකා නාට්‍ය බලන්න මිනිස්සුන්ගේ තිබුණෙ ඉහළ කැමැත්තක්. අපි ඒ ප්‍රතිචාර ගැනත් කතා කරමු?

එදා කලාව කැප වෙලා තිබුණේ මිනිස්සුන්ගේ වින්දනය වෙනුවෙන්. ඒ නිසාම මිනිස්සුත් කලාව වෙනුවෙන් කැප වෙලා හිටියා. මට මතකයි දර්ශන වාර දෙක පෙන්වන්න ගිය තැන්වල දර්ශන වාර තුන හතර පෙන්වන්න අපට සිදු වුණා. ජනතාවගේ් කැමැත්ත වෙනුවෙන් අපි කාලය කැප කළා. ඒ නිසාම ජනතාව අපටත් ආදරය කළා.

තාරාවෝ ඉගිලෙති, රන්කඳ, දුන්න දුනු ගමුවේ, ඉඩම, අල්ලපු ගෙදර, මූදු පුත්තු වගේ නාට්‍ය රඟපාලා ලබපු ප්‍රේක්ෂක ප්‍රතිචාර මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

එදා වේදිකාව සහ අද වේදිකාව ඔබ දකින්නේ කොහොමද?

මට නම් දැනෙන්නේ අහසට පොළව වගේ කියලා. හැබැයි අදත් වේදිකා නාට්‍යවලට හොඳ පිළිගැනීමක් තියෙනවා. හොඳ නාට්‍ය බිහි නොවෙනවාත් නොවෙයි. මා හිතන්නේ අද වේදිකා නාට්‍ය නළුවෝ අතර කැපවීමෙන් වැඩ කරන අය ඉන්නේ අඩුවෙන්. ඇතැම් වෙලාවට අද වේදිකා නාට්‍ය සම්මාන උළෙලවලට විතරක් සීමා වෙලා.

රසාස්වාදයට වඩා මුදල්වලට නැඹුරු වෙලා. ඇතැම් නාට්‍ය සාමාන්‍ය ජනතාවට නොතේරෙන තරමටම පැටලුම් සහගතයි. ඒ නිසාම තවමත් රසාස්වාදය සපිරි පැරැණි නාට්‍යවලට ජනතාවගේ කැමැත්තක් තිබෙනවා.

ඊළඟ මොහොතේ අපි විනෝද සමය ළග මොහොතක් නවතිමු.

විනෝද සමය කියන්නේ මගේ ජීවිතයේ අහඹු සන්ධිස්ථානයක්. දවසක් මම ගුවන් විදුලි කොරිඩෝවෙන් ඇතුළු වෙලා ටික දුරක් යද්දී ඇනෙස්ලි මහත්තයා කතා කළා.

එතුමා මගෙන් උදව්වක් ඉල්ලුවා. එදා විනෝද සමය කතා මාලාවේ ගැහැනු චරිතයට පණ පොවන හඬ කැවීමේ ශිල්පියා අසනීපයක් නිසා පැමිණ සිටියේ නැහැ.

ඇනෙස්ලි මහත්තයා ඒ චරිතය කරන්න මට ආරාධනා කළාම මාව කරකවල අතහැරියා වගේ දැනුණා. පුංචි කාලේ ඉඳලම අභියෝග භාර ගන්න පුරුදු වෙලා හිටිය මම එදා ඒ අභියෝගයත් භාර ගත්තා.

මට ඇනෙස්ලි මහත්තයා පිටපත දුන්නේ හරියටම 11.30 ට. වැඩ සටහන සජීවීව විකාශය වන්නට තිබුණේ 12.00 ට.

හැම දේටම තිබුණේ පැය භාගයක්. ඒ පැය භාගයේදී මම පිටපත කියවලා අඩුවක් නැති වෙන්න මගේ චරිතයට හඬ කැව්වා.

එදා විනෝද සමයට ඓතිහාසික දිනයක් වුණා. විනෝද සමය පළමු වතාවට කාන්තාවකගේ හඬක් කාන්තාවක් නියෝජනය කළ දවස එදා.

ඊට පස්සේ තමයි හන්දියෙ ගෙදර නාට්‍යයේ මිස් ඩූලිට්ල් චරිතය මට ලැබුණේ. ඒ චරිතය ලංකාවේ මිනිස්සුන්ට අදටත් මතකයි. ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ යමක් කරන්නට ලැබීම ඇත්තටම මට සතුටක්.

එදා ගුවන් විදුලි නාට්‍යවලට තිබුණු තැන අදටත් එහෙමමයි කියලා ඔබ හිතනවාද?

ගුවන් විදුලිය කියන්නේ ශ්‍රවණ මාධ්‍යයක්. ගුවන් විදුලි නාට්‍ය අහන ගමන් මිනිස්සු තම තමන්ගේ වැඩ කටයුතුත් කර ගත්තා. නමුත් රූපවාහිනිය එහෙම නෙවෙයි.

ඒක වෙනමම මාධ්‍යයක්. රූපවාහිනිය නරඹන්නට ඒ වෙනුවෙන්ම කාලය කැප කළ යුතුයි. මා හිතන්නේ මේ හේතුව නිසා අදටත් ගුවන් විදුලි නාට්‍ය ඉතා ඉදිරියෙන් තිබෙනවා.

නමුත් අවාසනාවකට අද හොඳ ගුවන් විදුලි නාට්‍ය රචකයින්ගේ හිඟයක් පවතිනවා.

ඔබ ලංකාවේ වේදිකාව තුළ ගායනයෙන් පෙරළියක් ඇති කළ රංගන ශිල්පිනියක්.

තාරාවෝ ඉගිලෙති වගේ නාට්‍යවල මා ගැයූ ගී එක රැයකින් ජනප්‍රිය වුණා.

එදා ප්‍රේක්ෂකාගාරයෙන් මගේ ගීතය ඇතුළු සියලුම ගීත වලට අත්පොලසන් වැයුණා. මා ගැයූ මේ සියලු ගීත එකතු කරලා ‘ගයයි මර්සි ගී’ නමින් සී. ඩී. පටයක් නිකුත් කළා. පුංචි කාලේ මට වුවමනා වෙලා තිබුණේ ගායිකාවක් වෙන්න. නිළියක් වීම හරහා ඒ හීනය සැබැ කර ගැනීම සතුටක්.

අපි මේ කතාබහ වර්තමානයට වෙතට ගෙන එමු.

මේ දවස්වල වැඩ කටයුතු කිහිපයක් නිසාම කාර්ය බහුල වෙලා ඉන්නේ. හෙක්ටර් විජේසිරිගේ දෙව්ලෝ දෝණි නම් වන අතිශය ජනප්‍රිය වූ නාට්‍යය යළි නිෂ්පාදනය කිරීමේ කටයුත්තට යොමු වුණා. එය ඉතාම සාර්ථකව මේ දිනවල සිදු කෙරෙනවා. දෙව්ලෝ දෝණි ගැහැනු චරිතයක් වටා ගෙතෙන රසවත් කතාවක්. ඒ චරිතය රඟපෑමේ වගකීම ද මා බාර ගත්තේ බොහොම කැමැත්තෙන්.

ඒ වගේම මර්සි එදිරිසිංහ රසික නිවහන සම්බන්ධයෙන් මේ දිනවල කටයුතු කරනවා.

මර්සි එදිරිසිංහ රසික පදනම නිසා මම ඉන්නේ සතුටෙන්. මා වටා සිටින රසික පිරිස සමඟ සම්බන්ධ වීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. මෙම නිවහන ඕනෑම කෙනෙකුට විවෘතයි. දෙහිවල පිහිටුවා තිබෙන මගේ රසික නිවහනට ඕනෑම කෙනෙකුට ගොඩ වෙන්න පුළුවන්. මාව මුණ ගැහෙන්නත් පුළුවන්. හැමෝටම එකතු වෙලා සමාජයට යහපතක් කරන්න තමයි මේ නිවහන ඉදි වුණේ.

මේ දිනවල විකාශය වන අමන්දා ටෙලි නාට්‍ය මේ කතාබහේදී අමතක කරන්න බැහැ.

ඇත්තටම අමන්දා හි පොඩි නෝනා මට ලැබුණු වෙනස්ම චරිතයක්. ඒ නිසාම ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි. පොඩි නෝනා වෙනුවෙන් මං බාහිර ස්වරූපය පවා වෙනස් කර ගත්තා. ඒ තමයි මගේ් රංගනය වෙනුවෙන් කැපවීමේ ස්වභාවය.

අතීතය, වර්තමානය මෙන්ම එළඹෙන අනාගතයේත් ඔබ රටට හොඳ සම්පතක්. ආයෙත් හැරිලා බලද්දී ඔබට මොනවද හිතෙන්නේ?

අපි කලාවෙන් සල්ලි හම්බ කළේ නැහැ. නමුත් මිනිස්සු හඳුනා ගත්තා. ඒ මිනිස්සුන්ගේ ආදරය, සෙනෙහස, ගෞරවය දිහා බලද්දී නිළියක් වීම කොච්චර නම් වාසනාවක් ද කියලා මට හිතෙනවා.

අවසානයේ කියන්න ඔබ මෙන්ම ඔබේ රසික නිවහනට ගොඩ වදින්නට කැමැත්තෙන් සිටින අයට ඔබේ දුරකතන අංකය.

0777576277

0718275098

READ MORE - හඬ ඇසූ පමණින්ම රටම හඳුනන මර්සි එදිරිසිංහ සමඟ කතා බහක්

ලංකා කලා දිනපොතේ නව පිටුවක් දිගහැරේ.....???

Thursday, September 2, 2010


ලංකා කලා දිනපොත බ්ලොග් අඩවිය නරඹන ඔබට දැන් සජීවීව ගීත ඇසීමට හැකියාවක් ලැබී ඇති බව
සතුටින් දැනුම් දෙමු..
ඔබේ අදහස් අපට ලියන්න

lankaart1@gmail.com

http://www.facebook.com/profile.php?id=100001166921933&ref=ts

Admin ~ Lanka Art
READ MORE - ලංකා කලා දිනපොතේ නව පිටුවක් දිගහැරේ.....???

ධර්ම ශ්‍රී මුනසිංහ 1930 - 2004

Sunday, August 29, 2010

හුලවාලී චිත්‍රපටයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ දක්ෂ රගපෑමක යෙදෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ධර්ම ශ්‍රී මුනසිංහයන් නළුවෙකු මෙන්ම අති දක්ෂ තිරනාටක රචකයකු ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු හා හඬ කැවීම් ශිල්පියකු ලෙසද ක්ෂේත්‍ර කීපයකම විශිෂ්ටත්වයට පත් වූ කලා කරුවෙක් විය.

1930 මාර්තු 01 වැනිදා මහනුවරදී උපත ලැබූ ධර්ම ශ්‍රී 1952 දී ලංකා ගුවන් විදුලි සේවයේ ලිපිකරුවෙක් ලෙස සේවයට බැඳී ළමා පිටිය, ග්‍රාමීය සන්ධ්‍යාව, ගුවන් විදුලි රඟමඩල වැනි වැඩසටහන්වලට සම්බන්ධ වී පසුව මොනරතැන්න, මුවන් පැලස්ස, ගජමුතු, මුදලි මංකඩ, ආදී අතිශය ජනප්‍රිය නාට්‍ය මාලා 23 ක් පමණ රචනා කළේය.

බිනරමලී චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඔහු හුලවාලි චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා හඳුනා ගැනීමත් සමඟ සිනමා තිරනාටක රචනයට ද පිවිසෙමින් මයුරිගෙ කතාව, මුවන් පැලැස්ස, තවලම, බාඳුරා මල්, රෑ මනමාලි, ඇතුළු 1982 දී මහත් ආන්දෝලනයකට තුඩුදුන් සාගරයක් මැද චිත්‍රපටයේ තිර කතාවද ලීවේය. එම වසරේ හොඳම තිර රචනයට හිමි සරසවිය සම්මානය ද හිමිකරගත් ධර්ම ශ්‍රී රූපවාහිනියේ ප්‍රථම ප්‍රාසංගික ටෙලිනාට්‍යය වූ දිමුතු මුතු නාට්‍යය රචකයාද විය.

එතැනින් නොනැවතුණු මුනසිංහයන් නයිල් නදී කුමාරි, සැප දුක හාරන මීයෝ, පරිසරයේ හිත මිතුරෝවැනි කාටුන් වැඩසටහන් ගණනාවක්ද රූපවාහිනියට පරිවර්තනය කළ අතරම පිනෝකියෝ, මල්ගුඩි දවස, ඔෂීන්, රොබින්සන් ආන්දරය වැනි නාට්‍ය රැසක සිය හඬ මුසු කළේය.

එකම නාට්‍යයේ විවිධ චරිත වලට විවිධ හඬවලින් හඬදීමේ උපන් හැකියාවක් තිබූ මේ අසහාය කලාකරුවා 2004 අගෝස්තු 28 වැනිදා සියලු කලාවන්ට විරාමය තැබීය.


READ MORE - ධර්ම ශ්‍රී මුනසිංහ 1930 - 2004

සින්තටික් තාප්පය කැලණියේදී

චිත්‍ර ශිල්පී වසන්ත නමස්කාරගේ හැත්තෑ පස් වැනි කලා ප්‍රදර්ශනය සින්තටික් තාප්පය මෙම මස 29, 30 සහ 31 යන දිනයන්හී කැලණිය දිප්පිටිගොඩ පාරේ අංක 175 දරන ස්ථානයේ පැවැත්වේ.සොඳුරු කලා නිර්මාණයන් රැසකින් සමන්විත මෙම ප්‍රදර්ශනය www.wasanthanamaskara.blogspot.com යන වෙබ් පිටුවෙන් ද නැරැඹීමට හැකි වේ.

READ MORE - සින්තටික් තාප්පය කැලණියේදී

සංගිලි වෙනුවෙන් වෙබ් අඩවියක්

ළඟදීම තිරගතවීමට නියමිත සංගිලි චිත්‍රපටයේ සියලු තොරතුරු අඩංගු වෙබ් පිටුවක් www.filmsangili.lk නමින් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී විවෘත විය.

චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ, උපදේශක ටී. එම්. සංඝදාස, සංගිලි චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් පන්නිපිටිය සහ රංගනයෙන් දායක වන සනත් ගුණතිලක, සාරංග දිසාසේකර, දුලානි අනුරාධා මේ අවස්ථාවට සහභාගි විය.

ඒ සොඳුරු මොහොත අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නගේ උපනෙතෙහි ඇඳුණ අයුරුයි මේ.

Source - සරසවිය 2010-08 - 26

READ MORE - සංගිලි වෙනුවෙන් වෙබ් අඩවියක්

අගම් ලිහිණි

Saturday, August 28, 2010


ඒ සුන්දරත්වයෙන් අනූන ඉබ්බාගමුව ගම් පියසයි. හිරු කුමාරයාගේ රන් කෙඳි දහරේ සලුව පොරවා ගත් ඉබ්බාගමුව මුරුතොට කන්ද දැන් දිස් වන්නේ සුපැහැදිලි සිතුවමක් පරිද්දෙනි.

එයටම නොදෙවැනි වූ බතලේගොඩ වැව් ඉස්මත්ත නිහඬ බවේ අපූරු සංකේතයක් බඳුය.

මේ චමත්කාරජනක සොබා දහමේ පවුරින් වට වූ ගම් පියසෙහි කෙළවර පුංචි ඉස්කෝලයකි. ගමේ ප්‍රභූ පවුලක උපන් මැණිකෙත්, වළං කර්මාන්තය ජීවිකාව කොට ගත් දිළිඳු පවුලක සුරූපී තරුණියක වූ සීදේවිත් ඉගෙනුම ලබන්නේ මේ අපූරු පාසලේ ඇදුරු ශාලාවේ එකම පංතියකය.

එදින පාසල් දිනයකි. හෝරා ගණනාවක් පංති කාමරය තුළ සිර වී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවේක කාලය එළඹිණි. මෙතෙක් පරිසරයේ රජ කරමින් සිටි නිහැඬියාව ක්ෂණයකින් බිඳී ගියේ දරු දැරියන්ගේ නිදහසේ ප්‍රීති ඝෝෂාවෙනි.

ක්‍රීඩාවට උපන් හපනියක් වූ සීදේවි නෙට්බෝලයක් ද ගෙන සිය යහළුවන් පිරිවරා පිට්ටනියේ එක් කෙළවරක සෙල්ලම් කරමින් සිටියාය. සීදේවි වැනි අඩු කුලයක අයකු සමඟ පෑහෙන්නට යාම තමා වැනි අයකුට නොගැළපෙන බව දත් මැණිකේ සිටියේ වෙනත් කල්පනා ලොවකය.

ස්වල්ප වේලාවකට පසු සීදේවිගේ අතින් ගිලිහුණ නෙට්බෝලය අසළ මඩ ගොඩක තැවරී නතර වූයේ මැණිකේ ගේ කිරි සුදුවන් ගවුමෙහි දරුණු පැල්ලමක් තවරමිනි.

ගත වූයේ නිමේෂයකි. තමාට සිදු වූ දෙයින් ලද කෝපයත්, සීදේවි වැනි අඩු කුලයේ අයකු තමා වැනි වලව්කාරියකට කළ නින්දාවත් නිසා සීදේවි ළගට පැමිණි මැණිකේ ඇයට වැරෙන් කම්මුලට පහරක් ගැසීය. අහිංසකත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ සීදේවි දෙනෝ දාහක් ඇස් ඉදිරියේ තමාට සිදු වූ අවනම්බුව විඳ ගත්තේ පොළවෙහි වැලි කැට දෙස බලා උපේක්ෂා සහගතවය.

කම්මුල් පහරින් නොනැවතුන මැණිකා දරුණු වචන කිහිපයකින් සීදේවිගේ මුහුණට ගසා දැමීය. ඒත් සීදේවි බිම බලා ගත් ගමන්මය. මැණිකේ නැවත අත එස වූයේ සීදේවිට නැවතත් පහරක් ගැසීමේ අපේක්ෂාවෙනි.

ඕ කේ, ෆයින්, ෆයින්, කට්, කට්.

පසෙකින් ඇසුණේ සුපුරුදු කට හඬකි. ඒ ගිහාන් රෝහණගේය.

ඔහුගේ සිතෙහි මැවුණ රූප රාමුව ඒ අයුරින්ම කැමරාවේ සටහන් වූ බැවින් කැමරාව මෙහෙය වන නිශාන්ත ප්‍රදීප් පටිගත කිරීම නතර කළේය.

ගිහාන් රෝහණයන්ගේ නවතම ටෙලි සිතුවම වන අගම් ලිහිණි දර්ශන තලයේ ගත කළ සොඳුරු නිමේෂයකි ඒ.

අගම් ලිහිණි යන නාමයේ තේරුම ඉස්තරම් මැටි යන්නයි. මැටි කර්මාන්තය ජීවිකාව කර ගත් පිරිසක් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව යන වලව් පැළැන්තියක් අතර ඇති වන සිද්ධි දාමයක් ඔස්සේ අගම් ලිහිණි දිග හැරීමට නියමිතය.

පුංචිනාටත් එතනාටත් දාව උපන් සීදේවි සුරූපී බවින් අග තැම්පත් තරුණියකි. ඉහළ පැළැන්තියක තරුණයකු වන නිශංක සීදේවි කෙරෙහි ප්‍රේමණීය බලාපොරොත්තු තබාගෙන සිටී. නමුත් පංති බේදය ඔවුන්ව සුපෙම්වතුන් කිරීම පමා කරයි.

මැණිකා, නිශංකගේ ඇවැස්ස නෑණායි. ඇය නිශංක පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වෙයි. නිශංක ආදරය කරන්නේ සීදේවිට බව දැන ගත් මැණිකා ඇයට වෛර කරන්නත්, පාසලේදී නොයෙක් කෙනෙහිලිකම් කරන්නත් පටන් ගනී.මේ ප්‍රේම වෘතාන්තය අතර මැටි කර්මාන්තයේ නිියැළෙන්නන්ගේ ශෝචනීය පැතිකඩත් පෙන්නුම් කිරීමද අගම් ලිහිණි තුළින් ගිහාන් උත්සාහ දරයි.

අගම් ලිහිණි හී සීදේවි ලෙස තම ස්වරූපය වෙනස් කරගෙන සිටින්නේ අංජලී ලියනගේ (මල්ලවආරච්චි)ය . නිශංක ලෙස සනත් විමලසිරි තුන් කොන් ප්‍රේමයක පැටලී සිටී. පියුමි ශානිකා මැණිකේ ගේ චරිතයට පණ පොවයි. විජේරත්න වරකාගොඩ, නිහාල් ප්‍රනාන්දු, ලයනල් වික්‍රම, මොරීන් චාරුණී, චිත්‍රා වරකාගොඩ, ශ්‍රීමාල් වෙඩිසිංහ, ඇන්ටන් ජූඩ්, චන්දික නානායක්කාර, ප්‍රභාත් වීරසිංහ, නදීෂා අලහප්පෙරුම, කුමුදු නිශාන්ත, ගයාත්‍රී රාජපක්ෂ, ජනිත් වික්‍රමගේ, සුසිලා කෝට්ටගේ, අංජු බණ්ඩාර, දමයන්ත පෙරේරා, තනුජා දිල්හානි, ගාමිණී ජයලත්, චන්ද්‍රසේන වලිමුණි, සුදන්ත තිලකසිරි, අසේල ජයකොඩි, නයනි සිරිවර්ධන, චමිල අත්තනායක, ශෂිකා රුක්ෂානි, ඉන්දික රත්නායක, මධූ නිත්‍යානී ඇතුළු පිරිස අගම් ලිහිණි රංගනයෙන් වර්ණ ගන්වති.

අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයෙන් අපූරු වට පිටාවක් නිර්මාණය වී ඇති අයුරු අනර්ඝය. රුචිර සංජීව අංග රචනයෙන් දායක වෙති.

නන්දලාල් ජයසිරි අගම් ලිහිණි හී විධායක නිෂ්පාදකවරයාය. නවරත්න ගමගේ සංගීතමය ස්වර රටා මවා තිබේ.

කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සැරිසරමින් අත්දැකීම් බහුල, මායා සොලියුෂන් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චම්පික විජේසූරිය මෙහි නිෂ්පාදන බර පැන දරයි.

අගම් ලිහිණි හී රූපගත කිරීම මොහොතෙහි ලද නිමේෂයක අප ඡායාරූප ශිල්පි කෝසල සෙනරත්ගේ උපනෙතෙහි ඇඳුණ මනරම් සේයාරූ කිහිපයකි මේ.

READ MORE - අගම් ලිහිණි

බෝනිකි ගෙදර (Doll’s House)

රෝහිත සහ චමිලා සමඟ කතාබහක්

හෙන්රික් ඉබ්සන් ගේ බෝනිකි ගෙදර (Doll’s House) මින් පෙරත් අවස්ථා කිහිපයකදී අපේ වේදිකාවේ දිග හැරී තිබෙනවා. වේදිකාව මත අඹු සැමි ජීවිතයේ බල සම්බන්ධතාවයන් දෙස එබී බලන්නට දරන මේ නාට්‍යමය වෑයම ඔබ හමුවට ගෙන එන්නේ කොළඹ විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ ඉදිරිපත් කිරීමක් සහ ජගත් බණ්ඩාර පතිරගේ අධ්‍යක්ෂණයක් ලෙසිනි. සැප්තැම්බර් 2, 3 දිනවලදී ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවීමට නියමිත මේ පරිවර්තන නාට්‍යයේ පරිවර්තනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ගෙනි. මේ එහි රංග කාර්යට එක්ව සිටින රෝහිත කරුණාරත්න හා චමිලා පීරිස් සමඟ කළ කතා බහකි.

මේ නාට්‍ය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

රෝහිත:

මේක දහ නම වැනි සියවසේ නාට්‍යයක්. මේ නාට්‍යයේ විශේෂත්වය තමයි මේකේ කතා කරන දේවල් එදා අද වගේම හෙටත් වලංගු වීම. ඒ නිසාම තමයි මේක විශ්ව නාට්‍යයක් වෙන්නේ.

චමිලා:

මෙහි ‘නෝරා’ කියන චරිතය මුළු ලෝකෙම නාට්‍ය කලාව දන්න කාගෙත් අවධානය දිනා ගත්තු ගෑනු චරිතයක්. මේ නාට්‍යයේදී මට ඒ චරිතය රඟපාන්න ලැබීම නිළියක හැටියට මට ලැබුණු භාග්‍යයක්. ඒ චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න තමයි මම මේ දවස්වල වෙහෙසෙන්නේ.

මම මේ දක්වා වේදිකාවේ කරපු චරිත අතලොස්ස අතරින් සංකීර්ණම චරිතය ‘නෝරා’ කියලයි මට හිතෙන්නේ. 1879 දී රචනා වුණු මේ නාට්‍ය අද සමාජයටත් වලංගුවීමෙන්ම මේ නාට්‍ය කොතරම් ප්‍රබලද කියන එක ඔප්පු වෙනවා.

නාට්‍යයේ පෙළ සහ නාට්‍යමය ගොඩ නැගීම ගැන කතා කළොත්?

රෝහිත:

මේ නාට්‍යයේ හැම චරිතයකටම සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ නාට්‍ය ගොනුවෙලා තියෙන්නේ ප්‍රධාන දර්ශන තුනක එකතුවක් හැටියටයි. ඒ ඒ දර්ශන වලදී අදාළ චරිත වෙනස් වෙන්න ඕන තැන් ඉතා පැහැදිලිවම ගණනය කරලම දීලා තියෙනවා. මේක තාත්වික රංගනයට විශාල පහසුවක්.

යම් කිසි සීමිත ආකෘතියක රඟපානවාට වඩා චරිතය නිසි ලෙස තේරුම් ගැනීම තමයි මේ වගේ තාත්වික රංගනයකදී වැදගත් වෙන්නේ. ආයාසයෙන් රඟපාන්න දෙයක් මේකේ නෑ.

මේ පිටපතේ සංවාද විසින්ම අවශ්‍ය රංගනය මතු කරලා ගන්න පුළුවන් සමත්කමක් ඇතුවයි මේක රචනා වෙලා තියෙන්නේ. රංගන ජීවිතයේ අපේ අත්දැකීම් අපේ චරිතවලට මුසු කළාම හොඳ රංගනයක් එළියට එන විදිහටයි මේක ගොඩ නැගිලා තිබෙන්නේ.

චමිලා:

මට තවම නෝරා මුණ ගැහිලා නෑ. ඒ නිසා මම මගේ් අතීත රංගන අත්දැකීම් ඇසුරෙන් නෝරාව තවම හොයමින් ඉන්නවා. මේ චරිතයේ විවිධ පැතිකඩ හඳුනා ගන්න උත්සාහ කරනවා. හේතුව නෝරා කියන්නේ ජීවිතය යථාර්ථවාදීව දකින්න උත්සාහ කරන ගැහැනියක්. මගේ් අවට සමාජයෙන් ලබපු සහ මගේ ජීවිත අත්දැකිම් මේකට මම මුසු කරනවා. මේ චරිතය අපේම ජීවන අත්දැකීම් මතින් වඩා හොඳින් ගොඩ නගන්න පුළුවන්ය කියන එකයි මගේ අත්දැකීම.

රංගන ශිල්පීන් හැටියට අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය ඔබට දැනෙන්නේ කොහොමද?

රෝහිත:

නාට්‍ය අධ්‍යක්ෂවරයා හැටියට තමන්ට අවශ්‍ය තැනකට මේ නාට්‍ය අරගෙන යන අතරෙම මේ නිර්මාණයේ මුල් හිමිකරුවා වන ඉබ්සන් ගේ බලාපොරොත්තු රැක ගන්නත් සමත් වෙලා තියෙනවා.

ඒකට මේ නාට්‍යයත් එක්ක ජීවත්වෙමින් එය හදාරමින් ජගත් ලොකු වෙහෙසක් ගන්න බවත් අපට අත්දකින්න ලැබෙනවා.

ඔහු දෙන උපදෙස් නාට්‍යයේ යටි පෙළ මතු කර ගන්න විශාල ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. අධ්‍යක්ෂවරයා හැටියට ජගත් එක්ක සිද්ධ වෙන දීර්ඝ අදහස් හුවමාරුව මේ නාට්‍යයත් එක්ක අද අපි ඉන්න තැනට එන්න ලොකු පිටිවහලක් වුණා.

චමිලා:

අධ්‍යක්ෂවරයෙක් හැටියට ජගත් ගේ මේ පළමුවැනි නාට්‍යය. නමුත් ඒ ගැන ඔහු හොඳ අධ්‍යයනයක් කරලා තියෙන විත්තිය පේන්න තියෙනවා.

රෝහිත:

මේ නාට්‍යයේ චරිත අටක් විතර තමයි තියෙන්නේ. නමුත් මේක සමස්තයක් හැටියට ගත්තම අති දැවැන්ත නාට්‍යයක්. මේකේ් සෙට් එක, මියුසික්, කොස්ටියුම්, නැටුම් මේ හැම එකක්ම සම්බන්ධයි පිටපතත් එක්ක.

ඒවා යෙදෙන්නේ පිටපත විසින් එය ඉල්ලා හිටින නිසයි. ඒකෙන් පිට නළුවෙකුට නිළියකටවත් වචනයකින්වත් පිට පනින්න බැහැ.

රඟපෑම කොටු කරලා නැති වුණාට පිටපත විසින්ම පනවන ලද සීමා අවබෝධ කරගෙනයි මේ රඟපෑම් කරන්න වෙන්නේ. මොකද මේක ලෝකෙම දැකලා තියෙන නාට්‍යයක් නිසා. මේකේ සුළු අඩුපාඩුවක් පවා දැනුවත් රසිකයාට පහසුවෙන් දැනෙනවා. ඒ නිසා ඒ වගේ් අතපසුවීමකටවත් ඉඩක් මේකේ නෑ.

චමිලා

චරිත අටක් තිබුණට ප්‍රධන චරිතය නෝරා. නමුත් නෝරව මතු කරලා එළියට ගන්න මේකේ සෙසු චරිත අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සෙසු චරිත සමඟ ගැටෙන ප්‍රමාණයට තමයි නෝරා එළියට එන්නේ. ඒක මේ චරිත නිරූපණයේ විශේෂ දෙයක් හැටියටයි මට පෙන්නේ.

අද වෙන කොට ප්‍රේක්ෂකාගාරයේ රස වින්දන තත්ත්වය ඔබ තේරුම් ගන්නේ මොන විදිහටද?

රෝහිත:

අනූව දක්වාම වගේ මේ රටේ නාට්‍ය කලාවේ යම් පිබිදීමක් තිබුණා. නමුත් පසුකාලීනව ඇති වුණු සමාජමය හේතු මත වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය යම් පසුබෑමකට ලක් වුණා. නැවතත් අපේ පැරණි නාට්‍ය ප්‍රතිනිර්මාණය වෙමින් තියෙන පසුබිමක තමයි මේ නාට්‍ය කරළියට එන්නේ.

ප්‍රේක්ෂකාගාරය බලෙන් පුරවන්න බැහැ. ඒක අවබෝධ කරගෙන නාට්‍යයක් රස විඳින්න සූදානමින් එන රසිකයාට හොඳ නාට්‍ය රස වින්දනයක් දෙන්න පුළුවන් නාට්‍යයක් මේක. නාට්‍ය රස විඳලා හුරුවක් තියන ප්‍රේක්ෂකයන්ටයි මෙවැනි නාට්‍ය විඳින්න පුළුවන්.

චමිලා:

අවංකවම කියනවා නම් අද අපි ජීවත්වන මේ සමාජයට තියෙන්නේ අන්තිම අඩු මට්ටමේ රසිකත්වයක්නෙ. වෙන එකක් තියා සිංදුවක් ගත්තත් ඒවයෙ ගන්නම දෙයක් නැහැනෙ.

ගවුම ගැනයි සාය ගැනයිනෙ අද සිංදු ලියවෙන්නේ.

රසිකත්වය හිස් වෙච්ච සමාජයකනෙ අපි ජීවත් වෙන්නේ. ඒ වගේ සමාජයක නාට්‍යයක් තේරුම් ගන්න තරම් රසිකත්වයක් තියෙන සුළු පිරිසක් තමයි අපට රසිකයො හැටියට අපේක්ෂා කරන්න වෙන්නේ.

මේක කනගාටුදායක තත්ත්වයක් වුණත් මේක මට හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න හොඳ අවස්ථාවක් වේවිය කියන විශ්වාසය උඩ තමයි මම මේක භාර ගත්තේ. කලාකාරයෙක් හැටියට අපි දුක් මහන්සියෙන් ගොඩ නගන දේ රස විඳින්න, ඒ ගැන සංවාද කරන්න රසිකයාට තියෙන වගකීම තේරුම් ගත්තු රසික සමාජයක් අද අපට නැහැ.

ඒ නිසා විශාල රසික පිරිසක් බලාපොරොත්තුවෙන් නාට්‍යයක් කරන්න ගියොත් නිර්මාණකරුවා අමාරුවක වැටෙනවා. රසික සමාජයේ තියෙන මේ පසුගාමී තත්ත්වය ගැන රංගන ශිල්පිනියක් හැටියට මට නම් තියෙන්නේ කනගාටුවක්.

රෝහිත:

මමත් පිළිගන්නවා අද වෙන කොට අපේ සමාජයේ රස වින්දනයේ පසුබෑමක් තියෙන විත්තිය. ඒත් එහෙමය කියලා සීරියස් නාට්‍ය රස විඳින අය නැහැ කියලා අපි මේක පටන් ගන්නෙ නැත්නම් හැමදාම එක තැනනෙ. ඒ නිසා අපි මේ වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕනෑ. අද මේ නාට්‍යයත් එක්ක ඉන්න අපි යම් කිසි දෙයක් මේකට එකතු කළේ නැත්නම් කවුද ඒක කරන්නෙ?

හැමදාමත් ප්‍රේක්ෂකාගාරයට බැන බැන හිටියයි කියලා සිද්ධ වෙන සෙතක් නැහැනෙ. මම නම් හිතන්නේ අපි හොයා බලන්න ඕන මිනිස්සු නාට්‍යවලට එන්නෙ නැත්නම් ඒකට හේතු මොනවාද, ඒවා හරි ගස්සන්නේ කොහොමද කියලා. මේ උත්සාහය අපි හරි කරල බලන්න ඕනෑ.

මේ නාට්‍යයට අනුග්‍රහය දක්වන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය. ඒ අයගෙ බලාපොරොත්තුවත් නාට්‍ය කාලවේ සිද්ධ වෙන්න ඕන වෙනස්කම් මේ නාට්‍ය ඔස්සේ සිද්ධ කරන්න පුළුවන්ද කියන එක අත්හදා බලන්නයි. අපි බලමු මේකට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා.

ජනමාධ්‍ය කලාව හා රසික ජනතාව අතර සම්බන්ධය ඔබ බලන්නේ මොන විදිහටද?

රෝහිත:

මේ රටේ ජනතාවට කලා රස වින්දනය ලබා ගැනීීමේදී යා යුතු මඟ කියාදීමේ වගකීම මාධ්‍යවලට තියෙනවා.

නමුත් මාධ්‍ය ඒ වගකීමෙන් බැහැර වෙලා එයාලට වාණිජ පැත්තෙන් වාසිදායක සරළ රස වින්දනය පැත්තට බර වෙලයි තියෙන්නේ. අපට ආවේනික කලාව හඳුනා ගන්න අත්වැලක් ලබාදීම මාධ්‍යවල යුතුකමක් කියලයි මට හිතෙන්නේ.

චමිලා:

අනිවාර්යයෙන්ම හරවත් දේ ජනතාවට හඳුන්වා දෙන්න අඩුම තරමින් සුළු ඉඩක් හෝ වෙන් කිරීමේ වගකීම මාධ්‍යවලට තියෙනවා. මම එහෙම කියන්නේ මාධ්‍ය හැම එකකක්ම යැපෙන්නේ මහජනතාවගේ මුදල්වලින් නිසා. බොරු උඩ පැනිලි, ගේම් ෂෝවලට ඉඩක් වෙන් කරන මාධ්‍ය සමාජයට හරවත් රස වින්දනයක් දෙන්න මැලි වෙන්නේ ඇයි. සමාජ වගකීමක් දරන හැමෝටම තමන් කරන වැඩේ හා තමන්ගෙන් ඉටු වෙන්න ඕන දේ ගැන හිතන්න තරම් ඥානයක් තියෙන්න ඕන. එහෙම නැතිව මේවාට යන්නන් වාලේ යන්න ඇරියොත් තව තවත් පරිහානියට පත් වෙනවා. මේ රටේ දරුවන් මොකවත්ම නොදන්න පිරිසක් නොකිරීමේ වගකීම අමතක කරන්න මාධ්‍යවලට පුළුවන්කමක් නෑ.

මේ කටයුත්තට ලැබෙන දායකත්වය ගැන කියන්න යමක් තියෙනවාද?

රෝහිත:

මේ නාට්‍යයට නෝර්වේ තානාපති කාර්යාලයෙන් ලැබෙන අනුග්‍රහය ඉතා වැදගත්. නිර්මාණකරුවන් දිරි ගන්වලා, ඒ අයගේ නිර්මාණ එළි දක්වන්න ලබා දෙන අත්වැල අගය කරන්න ඕන.

මේ වගේ කාලෙක මේ වගේ නාට්‍යයක් කරළියට ගේන්න කොළඹ සරසවියේ ආදි සමාජ විද්‍යා විද්‍යාර්ථීන්ගේ සංගමය දරන උත්සාහයත් අගය කළ යුතුයි.

ඒ වගේම මේ නාට්‍ය රට වටා ගෙන යන්නත් ඉදිරියේදී කලා රසය හඳුනන යම් පිරිසක් ඉදිරිපත් වෙනවා නම් වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.

චමිලා:

රෝහිත, මම, මල්කාන්ති ජයසිංහ, පාලිත සිල්වා, අජිත් සිරිමාන්න, ඉෂාරි සමරසිංහ, සුමිත් සමරසිංහ ඇතුළු රංගන ශිල්පීන් එකතු වෙලා පැය දෙක හමාරක කාලයක් රඟ දක්වන නාට්‍යක් මේක. කලා ක්ෂේත්‍රයේ ඉන්න කලාව ගැන කතා කරන හැමෝම බලන්න ඕන නාට්‍යයක් මේක.

මේකේ තියෙන හැම වචනයක්ම, හැම සිද්ධියක්ම අපි දිහාම ආපහු හැරිලා බැලීමක්. අපේම ජීවිත දිහාට කන්නාඩියක් අල්ලනවා වගේ් වැඩක්.

මේ නිසා එන්න පුළුවන් හැමෝම මේ නාට්‍ය බලන්න එන්න. ඒක ඔබේම ජීවිතයට එබී බැලීමක් වෙනවා නො අනුමානයි. ඒ අත්දැකීම ලබන්න නම් සැප්තැම්බර් 2 සහ 3 හවස 6.30 ට ලුම්බිණියට එන්න

READ MORE - බෝනිකි ගෙදර (Doll’s House)

කරුණාසේන ජයලත් 1928 - 1994

Wednesday, August 25, 2010

කරුණාසේන ජයලත් 1928 - 1994

‘ගොළු හදවත’ නවකතාවෙන් තරුණ හදවත්වලට නැවුම් අත්දැකීමක් එක් කළ ජනප්‍රිය නවකතාකරුවකු වූ කරුණාසේන ජයලත් කෘතහස්ත සිනමා ලේඛකයකු, විචාරකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ලෙස ද අමරණීය මතක සටහනක් ඉතිරි කළ විශිෂ්ටයකු විය.

1928 ජනවාරි 10 වැනිදා හොරණ කුඹුකේදී උපත ලැබ, හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ජයලත් ‘සිංහල ජාතිය’ පුවත්පතින් පත්‍ර කලාවට පිවිසියේය.

1962 දී ‘ගොළු හදවත’ නව කතාව රචනා කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ජයලත් මුව දඩයම, ලස්සන ඇස්, බඹා කොටූ හැටි, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි, හතුරු සිතක්, රිදී නිම්නය ඇතුළු අකුරු හයේ නවකතා 14 ක් පමණ රචනා කළේය. මින් ‘ගොළු හදවත, ගැහැණු ළමයි, බඹා කෙටූ හැටි, රිදී නිම්නය හා යහළු යෙහෙළි සිනමා කෘති බවට ද පත් විය. 1994 අගෝස්තු 24 වැනිදා රාත්‍රීයේ මේ විශිෂ්ට කලාකරුවා රෝහල් ඇඳක් මත දී දෙනෙත් පියා ගත්තේය.

උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19


READ MORE - කරුණාසේන ජයලත් 1928 - 1994

පී. බී. අල්විස් පෙරේරා 1917 - 1966

පී. බී. අල්විස් පෙරේරා 1917 - 1966

කොළඹ යුගය ආලෝකමත් කළ ප්‍රධාන පෙළේ කවියකු, ලේඛකයකු, සමාජ ශෝධකයකු වූ පී. බී. අල්විස් පෙරේරා 1917 මාර්තු 03 වැනිදා කොල්ලුපිටිය පල්ලිය වත්තේ දී පිලදූව බෝගමගේ අල්විස් පෙරේරා ලෙසින් මෙළොව එළිය දුටුවේය. පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු හෙළදිව පුවත්පතේ් ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරමින් සිංහල ජාතිය, ස්වදේශ මිත්‍රයා, ලංකාදීප, දිනමිණ ආදී පුවත්පත් රැසකට ලිපි සම්පාදනය කළේය.

දේදුන්න කවි සඟරාවෙන් ආධුනිකයන්ට අත හිත දෙමින් අගනුවර තරුණ කවි සමාජය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ ඔහු කවි පොත් තිහක් පමණ ලියා දේශපාලන පොර පිටියේද තරග වැදී 49 වැනි වියේදී 1966 අගෝස්තු 21 වැනිදා අවසන් ගමන් ගියේය.


උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19


READ MORE - පී. බී. අල්විස් පෙරේරා 1917 - 1966

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා 1926 - 2006

දේශීය සිනමාවේ පතාක යෝධයකු වූ කලාසූරී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා කලාකරුවාණන් දැයෙන් සමුගෙන වසර හතරක් සපිරේ.

1926 අප්‍රේල් 15 වැනිදා කොන්දුල් ආරච්චිගේ විල්සන් පෙරේරා ලෙසින් මෙලොව එළිය දුටු හෙතෙම දශක පහකට අධික කාලයක් පුරා මෙරට සිනමා කර්මාන්තය ඒකාලෝක කළ අපේ රටේ බිහි වූ විශිෂ්ට අධ්‍යක්ෂවරයකු සහ තිර නාටක රචකයකු ලෙස හැඳින් විය හැකිය. 1960 පිරිමියෙක් නිසා චිත්‍රපටයේ දෙබස් ලියා සහාය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු පසුව සුහද සොහොයුරෝ, හෙට ප්‍රමාද වැඩියි, කළ කළ දේ පළ පළ දේ වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියක තිර නාටක ලීවේය.

1966 දී සැනසුම කොතැනද චිත්‍රපටය නිර්මාණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසි කේ. ඒ. ඩබ්ලිව්. කපටිකම, බයිසිකල් හොරා, කතුරු මුවත්, ලොකුම හිනාව, දුලීකා, ළසඳා, නෑදෑයෝ, ජනක සහ මංජු, හිඟන කොල්ලා ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය.

උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19


READ MORE - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

රිජ්වේ තිලකරත්න 1932 - 1981

රිජ්වේ තිලකරත්න 1932 - 1981

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයක් ඇති කළ විශිෂ්ට ගණයේ පාලකවරයෙක් වූ රිජ්වේ තිලකරත්නයන් රටේ දේශීය සංස්කෘතියේ අගය වටහා ගත් කලාකාමී හදවතක් තිබූ සුන්දර මිනිසෙකු වූයේය.

1932 අගෝස්තු 08 වැනිදා උපත ලැබූ වාද්දුවගේ රිජ්වේ පෙරේරා තිලකරත්න කොළඹ නාලන්ද හා ආනන්ද විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලබා ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් සංස්කෘත භාෂාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත්තේය. එම කාලයේ සිටම කවි, කෙටි කතා ආදිය පුවත්පත් සඟරා ආදියට සැපයූ හෙතෙම 1973 සිට 1977 දක්වා කාලය තුළ ගුවන් විදුලියේ ප්‍රධානියාව සිටියේය.

රටට, ජාතියට, භාෂාවට, සංගීතයට හා ජනතාවට අමරණීය සේවයක් ඉටු කළ මේ නිහතමානී මිනිසා හෘදයාබාධයක් හේතුවෙන් 1981 අගෝස්තු 19 වැනිදා අකාලයේ ජාතියෙන් සමු ගන්නා විට 49 වැනි වියේ පසු වූයේය.

උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19

READ MORE - රිජ්වේ තිලකරත්න 1932 - 1981

අති විශිෂ්ට රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු කියයි

බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක්
මටත් වාසනා.... හෙටත් වාසනාවන්......

තාරුණ්‍යයේ නොදැමුණු ආශාවන්ට අවනත වී, අසම්මත ප්‍රේමයක මිහිරෙන් මත්ව ඈ එදා එලෙස ගැයුවේ ආදරයේ හංස ගීතයයි.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.....

සිය ආදරණීය සැමියාගේ සෙනෙහසට පිටුපා සල්ලාල පෙම්වතකුගේ ප්‍රේම මායා දැලේ පැටලුණු ඈ අවසන නතර වූයේ කඳුළු සයුරක් මැදය.

එදා “දුහුළු මලක්” චිත්‍රපටයේ “නිලූපා” ලෙසින් රිදී තිරයට අපූර්වත්වයක් එක් කළ ඒ සොඳුරු රුවත්තියගේ කඳුළු කතාව තවමත් අපට අමතකව නැත.

ඒ නිලුපා අපේ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු බව “දුහුළු මලක්” නැරඹු කිසිවකුටත් රහසක් නොවේ. මේ දිනවල “බඹර වළල්ල” චිත්‍රපටයෙන් ඈ අප හමුවට එන්නේ උම්මත්තක ගැහැනියකගේ චරිතය රඟමිනි. එය ඇගේ රංගන දිවියේ වෙනස්ම මගක් ගත් චරිතයකැයි මට සිතේ.

ඇත්තෙන්ම මෙවැනි චරිතයක් රඟපෑමේ ආසාවක් කාලෙක ඉඳලා මගේ හිතේ තිබුණා. මට කරන්න තිබුණේ සීන්ස් දෙක තුනක් වුණාට මෙය ප්‍රබල සහ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතයක්. මීට කලින් “පවුරු වළලු” චිත්‍රපටයේ වයලට් ගේ චරිතයෙනුත් මම කාන්තාවකගේ සියුම් මානසිකත්වයක් නිරූපණය කළා.

ඒත් “බඹර වළල්ල” උමතු ගැහැනිය මම දකින්නේ නූතන පටාචාරවක් විදිහට. දියණිය ගෙළවැළලාගෙන මියයාමත්, පුතා සිරගෙට නියම විමත් නිසා ඇතිවුණ තදබද මානසික කම්පනයෙන් තමයි ඈ මෙවැනි තත්ත්වයකට පත් වෙන්නේ.

නීටා අක්කාගේ රංගනය දැක්කට පස්සේ මට හිතුණේ “ටිකයි, හොඳයි” කියලා. ප්‍රවීණ නිළියක් වුණත් ඔයා මේ සුළු චරිතය ආසාවෙන් රඟපෑවා....?

මම හිතන්නේ අසංක, රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම බලන්න ඕනෑ චරිතයේ විශාලත්වය නෙවෙයි, තමන්ට ඒ රංගනයෙන් යමක් ඉදිරිපත් කරන්න පුළුවන් ද කියන එකයි.

ලැබෙන ඕනෑම සුළු චරිතයක් රඟපානවා කියලා නෙවෙයි මේ කියන්නේ, මම එහෙම චරිත ප්‍රතික්ෂේප කරපු අවස්ථාවත් තියෙනවා. නමුත් සුළු චරිතයක වුණත් කරන්න දෙයක් තියෙනවා නම් ඒක සතුටෙන් බාර ගන්නවා. රඟපාන චරිතයත් එක්ක අපි මානසිකව වගේම අධ්‍යාත්මිකවත් බැඳෙන්න ඕනෑ.

මේ චරිතයේ ඒ බැඳීම තිබුණ ද....?

පිටපතක් නැතුව මම මේ චිත්‍රපටයේ රඟපෑවේ. අතුල මේ චරිතය විස්තර කරද්දී මට එය මැවී පෙනුණා. ඒ මනස් චිත්‍රය තුළින් තමයි මම මේ චරිතයේ ජීවත් වුණේ. අනෙක මට අතුල ගැන ලොකු විශ්වාසයක් තිබුණා.

චිත්‍රපටය නිෂ්පාදනයේ දී මම මුදලින් පවා දායකත්වයක් දුන්නේ ඒ නිසයි. ඇත්තටම මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අතුල ඇතුළු අපි කීප දෙනෙක්ම එකතු වෙලා. හොඳ නිර්මාණයකට දායක වුණා කියන සතුට මට තියෙනවා.

අතුල වගේ නිර්මාණශිලී තරුණයෙක් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීම ගැන.....?

මේ වගේ තරුණ, නිර්මාණශීලි අධ්‍යක්ෂවරුන් අපේ සිනමාවට වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕනෑ කාලයක් මේ. ඔහුගේ සිනමාරූපී හැඟීම් හරි ප්‍රබලයි.

ඒ වගේම ඔහු නළු, නිළියන් එක්කත් කටයුතු කරන්නේ ලොකු බැඳීමකින් හා විශ්වාසයකින්. අතුල පුදුම ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්. ඔහු ලේසියෙන් පසු බහින්නේ නෑ. ඒ ආත්ම විශ්වාසයම තමයි මම හිතන්නේ අතුලට ශක්තියක්, ධෛර්්‍යයක් වුණේ.

මේ මම ශි‍්‍රයන්තයි, මනෝරත්නයි එකක් රඟපාපු මුල්ම වතාව. එතකොට මහේන්ද්‍ර, සරත්, දමිතා, බිමල්, අතුල, අනුරුද්ධිකා, සචින්, දසුන් වගේ විවිධ නළු නිළයන් එක්ක රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක්.

මේ අය අතරින් ඔයාගේ හදවතට වැඩියෙන්ම දැනෙන රඟපෑම ඉදිරිපත් කළේ කවුද?

මාර ප්‍රශ්නයක් නේ අසංක ඇහුවේ. කොහොමද එහෙම එක් කෙනෙක් කියලා කියන්නේ.....

නෑ මම ඇහුවේ ඔයත් ප්‍රේක්ෂකයෙක් විදිහට හිතලා....?

මම හිතන්නේ මහෙන්ද්‍ර රඟපෑ “ මැල් මහත්තයා” ගේ චරිතය ඉතාම හොඳයි. ශි‍්‍රයන්ත වුණත් ඉතාමත් සියුම් විදියට මේ චරිතය කරලා තියෙනවා. අර මිනී එම්බාම් කරන මනුස්සයාගේ චරිතයටත් මම හරිම කැමැතියි. හරිම තාත්විකයි.

ඒ චරිතයත් මට හරියට හිතට වැදුණ. දමිතාගේ රංගනයත් ඉතාමත් උසස් මට්ටමක තියෙන්නේ, හැමෝම ගැන ආසයි. ඒ අතරින් මහේන්ද්‍ර විශේෂයි. ඔහු මැල් මහත්මයාම තමයි. ඒ වගේම පොඩි එකා පොඩි එකාමයි.

ඔයත් ජාත්‍යන්තර සම්මාන දිනූ නිළියක්, නිෂ්පාදිකාවක්, නමුත් ක්ෂේත්‍රයේම ඇතැමුන් මේ සම්මාන ගැන අවඥාවෙන් කතා කරන අවස්ථා අප දැක තියෙනවා. නීටා අක්කට මොකද මේ ගැන හිතෙන්නේ.....?

අපි චිත්‍රපට හදන්නේ් අපේ රටට. අපේ මිනිස්සුන්ට. ඒත් අපට ඒවායෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් නම් හොඳයි. ඒක රටට ලොකු ගෞරවයක්. අපේ දක්‍ෂකම්වලට දිරිගැන්වීමක්. ජාත්‍යන්තරයට නොගියා කියලා චිත්‍රපට හොඳ නෑ කියන්න බෑ. “දුහුළු මලක්” වගේ චිත්‍රපටයකට අදටත් මිනිස්සු ආදරේ කරන්නේ ඒකයි. නමුත් ජාත්‍යන්තරයට ගියාම අපේ සිනමාවට වැඩි වටිනාකමක් එක් වෙනවා.

එතකොට ඒ වගේ සම්මාන අවතක්සේරුවකට ලක් කරන අයට මොකද කියන්නේ....?

ඒ සම්මාන වැඩක් නෑ කියල කාටවත් කියන්න බෑ. ඒවා ගැන අවතක්සේරුවෙන් කතා කරන්නේ මම හිතන්නේ ඊර්ෂ්‍යාකාරයෝ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා කියන්න. අපේ රටේ එක එක විදියට තමයි සම්මාන ගන්න අයට සලකන්නේ.

ඒක සෝමරත්න දිසානායකටත්, අතුල ලියනගේටත්, බෙනට් රත්නායකටත් එහෙම නැතිනම් තව කාට හරිත් එකම විදිහක් වෙන්න ඕනෑ. එහෙම සම්මානයක් ගෙනාවම සමහරුන්ව මහ ඉහළින් අගය කරනවා. ඒත් තව කෙනෙකුට කුඩම්මාගේ් සැළකිල්ල, ඒක හොඳ නෑ.

නීටා අක්කටත් එවැනි අසාධාරණයක් සිදු වී තියෙනවාද?

නැහැ. මම ගැන නෙවෙයි කියන්නේ. මට එහෙම පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා නැහැ. මට ජාත්‍යන්තර සම්මාන පිරිනැමුණ වෙලාවේ අපේ මවුබිමෙනුන් ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් පොදුවේ ගත්තම හැමෝටම එක වාගේ සැලකිල්ලක් අවශ්‍යයි කියන දේ තමා මම කිව්වේ.

ඔයා ප්‍රබල චරිතයක් නිරූපණය කළ “තේජා” චිත්‍රපටය තිරගත වෙනතුරු ප්‍රේක්ෂකයෝ මඟ බලා ගෙනයි ඉන්නේ...?

මටත් ඒ ආසාවම තියෙනවා. ඒත් තාම ඒක ප්‍රදර්ශනය කෙරෙන දිනයක් ගැන නම් නිශ්චිත තොරතුරක් නෑ. හැබැයි දැනටමත් ප්‍රේක්ෂකයෝ හුඟ දෙනෙක් දන්නවා මම එවැනි චරිතයක් රඟපෑ බව.

එයත් සුවිශේෂී චරිතයක්....?

ඔව්, තේජා කියන මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. ඇය ඇඟළුම් සේවිකාවක්. තමන්ට සිදුවන අසාධාරණකම් ඉදිරියේ ඇය වෘත්තීය සමිතියක් හදාගෙන සේවක අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා. මෙතනදී මගේ උපදේශිකාව වෙන්නේ අයිරාංගනී සේරසිංහ.

ඇත්තෙන්ම ඈ රඟපාන්නේ කලක් අපේ රටේ වාමාංශික දේශපාලන කරළියේ සිටි වීරෝධාර කාන්තාවකගේ චරිතය. අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නිළියක් එක්ක ඒවගේ සමීපව රඟපාන්න ලැබීමත් ලොකු සතුටක්. මහේන්ද්‍ර පෙරේරා තමයි මගේ සැමියා විඳිහට රඟපාන්නේ. චිත්‍රපටය ආවට පස්සේ අපි ඒ ගැන වැඩි දුරට කතා කරමු.

තවත් චිත්‍රපට තිරගත වෙන්න තියෙනව ද...?

ජෝශප් වාස් පියතුමාගේ් චරිත කතාව ඇසුරින් සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. මවකගේ් චරිතයක් මම රඟපාන්නේ. දැනට නම් එච්චරයි. අවුරුද්දකට එක හොඳ චිත්‍රපටයක රඟපෑවත් ඇති කියන තැනයි දැන් මම ඉන්නේ.

සිනමාවේ තවමත් රැදී ඉන්න ඔයාට වරම් ලැබිලා තියෙන්නේ ඔයාගේ කැමැත්ත නිසාද, නැතිනම්, ඔයාට ප්‍රේක්ෂකයෝ කැමැති නිසා ද, එහෙමත් නැතිනම් නීටා ප්‍රනාන්දුගේ තැන කාටවත් පිරිවිය නොහැකි නිසා ද....?

මම හිතන්නේ අසංක, ඔය කාරණා කීපයම බලපාන්න ඇති. මම සිනමාවට ආදරෙයි. චරිතවල ජීවත් වෙන්න ආසයි. රඟපාන්න ගියාම මාව අමතක කරලා ඒ චරිතයේයි මම ජීවත් වෙන්නේ. නැවත ගෙදර යන්න වෙලාව ආපුවාම හිතට දැනෙන්නේ දුකක්.

මම කලාවෙන් ජීවත් වෙන කෙනෙක් නෙවේ. කලාව වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. අතින් තමයි කෑම බීම. පුළුවන් තරම් කාලයක් සිනමාවේ රැඳිලා ඉන්නවා. සිනමාව කියන්නේ මට කවදාවත් අත් මිදෙන්න බැරි දෙයක්. ඔව්.....මම මැරෙනකල්ම රඟපානවා.

“හැමදාම රඟපාන්න බෑ. එයින් ඉවත් විය යුතු කාලයක් තියෙනවා” කියන පිරිසකුත් ඉන්නවා. අත්තෙන්ම නළුවකුට හෝ නිළියකට පුළුවන් ද එහෙම හැමදාටම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න....?

තමන් කැමැති නම් පුළුවන් මැරෙනකල් වුණත් රඟපාන්න. දැන් රඟපෑමෙන් විශ්‍රාම ගන්න ඕනෑ කියලා නියමිත කාලයක් නෑ. හොඳ උදාහරණය දෙනවක හාමිනේ, එතකොට හියුගෝ මාස්ටර්, මේ අය තමන්ගේ අවසාන කාලයේ පවා රඟපෑවා. ප්‍රේක්‍ෂකයෝ කිසි දිනෙක ඒ අය ප්‍රතික්ෂේප කළේ නෑ.

එදා ඒ වගේ අය ඉවත් වුණා නම් වයසයි කියලා අපේ සිනමාවට, ප්‍රේක්ෂකයන්ට කොයි තරම් අසාධාරණයක් වෙනවද? දැන් ජෝ අයියා අදට වුණත් පිටපතක් නොබලා රඟපායි. ඒ වගේ අය හොයන්න නෑ. මගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා මම තවම සිනමාවේ රැඳිලා ඉන්නවා. ඒ අය තමයි මගේ ශක්තිය, ධෛර්්‍යය.

සිනමා නිළියක් වීම ගැන අද ආපහු හැරිලා බලද්දී නීටා අක්කට මොකද හිතෙන්නේ....?

සෑහීමකට පත් වෙන්න පුළුවන් වගේම ඒක මට ලොකු සතුටක්. මම බොහොම දුක් කම්කටුළු මැද්දේ මේ ගමන ආවේ. ඒ නිසා ලොකු තෘප්තියක්, හිතට දැනෙනවා.

සිනමා නිළියක් නොවුණා නම්.....?

එහෙනම්, අනිවාර්යයෙන්ම නැටුම් ගුරුවරියක්. ඒ කාලේ මගේ හිතේ තිබුණා හේවුඩ් එකට ගිහින් නර්තනය හදාරන්න. ඒත් ඊට කලින් මට සිනමාවේ දොර හැරුණා.

දෛවය එදා ඒ වෙනස ඇති නොකළා නම් අද අපට කියන්න වෙන්නේ “ නර්තන ආචාරිනී” නීටා ප්‍රනාන්දු කියලයි....?

ඔව් ඒක එහෙම වෙන්න තිබුණා.



උපුටා ගැනීමකි.

සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ සද්සිතිවිල්ලෙනි

Source සරසවිය 2010 - 08 - 19
READ MORE - අති විශිෂ්ට රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු කියයි

දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා

Thursday, August 12, 2010


දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා
----ආර්. ආර්. සමරකෝන්----
*--අත්‍යාවශ්‍ය විමසුමක්--*



රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් කවුරුත් දන්නා ආර්. ආර්. සමරකෝන් හෙවත් කැළණි පාලම හැදු ආර්. ආර්. සිය 71 වෙනි උපන්දිනයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී දිවි රඟ මඩලින් බැස ගියේය. කෙතරම් බැලූවත් එපා නොවෙන අතළොස්සක් සිංහල නාට්‍ය අතරින් හුණුවටය හෝ සුභ සහ යස හැරුණු විට වැඩිම පේ‍්‍රක්ෂක සම්භාවනාවට පාත‍්‍ර වූ නාට්‍යය කැළණි පාලමයැයි සිතමි.

කැළණි පාලමයැයි කියූ විට බොහෝ දෙනෙකුට සිහියට එන්නේ් අර අපූරු ”මැම්බර් මහත්තයා”වය. අපේවේදිකාව නිපද වූ විශිෂ්ටතම රංගධරයෙකු වන ජේ. එච්. ජයවර්ධන විසින් නිරූපණය කරන ලද එකී චරිතය පමණක් නොව චුට්ටේ (නීල් අලස්), මැටිල්ඩා (රම්‍යා වනිගසේකර), රූපවතී (මැණිකේ අත්තනායක), සරණපාල (සිරිල් ධර්මවර්ධන), සුරංගනී (ගීතා කාන්ති ජයකොඩි) වැනි පාලම උඩ ලෝකයේ චරිත ද පේ‍්‍රක්ෂක සන්තානයේ සදා රැඳුණෝ වෙති. ඔවුන් එහි ලා ප‍්‍රකට කළ රංගන කෞශල්‍යයත් ඔවුන් කරළිය මත හසුරුවා ගන්නට ආර්.ආර්. දැක්වූ බුහුටි බවත් නොවන්නට කැළණි පාලම කෙතරම් අපූර්ව පෙළක් වුවද එ් සා සාර්ථකත්වයක් අත් කර නොගන්නට ඉඩ තිබිණි.
තිරය පිටුපස යෝධයෙකු වූ සමරකෝන් ඉන් බැහැර ජීවිතයේදී නිහඬ මිනිසෙකු විය. නාට්‍ය අරික්කාලක් කිරීමෙන් පසු ටෙලි නාට්‍ය උමතුවට ගොදුරු වීමෙන් කාලයත් හොඳ නිර්මාණයකට යොදවා ගත හැකි ශක්තියත් අපතේ් යවන අපේ කාලයේ තරුණ නාට්‍යකරුවන්ට වඩා වෙනස් ලෙස, ආර්. ආර්. ද ඇතුළත් හැටේ දශකයෙන් ගමන් ඇරඹූ නිර්මාණකරුවෝ අද පවා අපට කතා කළ හැකි බොහෝ හොඳ නිර්මාණ බිහි කළහ.

කැළණි පාලම යනු එබඳු එක් කඩ ඉමකි. විවිධ පර්යේ්ෂණ මැද අසාර්ථක දරු උපත් පෙරහැරකට පසුත්, හසරක් නැතිව මග සොයමින් සිටි සිංහල නාට්‍යය නිසි ලෙස ගැබ් ගැන්වෙන්නේසරච්චන්ද්‍ර අතිනි. එහි ඵලය 1956 දී ”මනමේ” බිහිවීමය. ඉනික්බිති, සිදු වූයේ හැමෝම සරච්චන්ද්‍රලා වීමට යෑමෙන් ”කට්ටියම හොඳටම නා ගැනීමය”. එසේ, මනමේ යෝධ සෙවණැල්ල යට අනුකාරකවාදීන් අතින් ගෙල සිර කරන ලදුව හුස්මක් සොයමින් සිටි සිංහල ස්වභාවික නාට්‍යයට නැවත ඔක්සිජන් දෙන්නේ් සුගතපාල ද සිල්වා ය. ඒ සුගත් 1962 දී ”බෝඩිංකාරයෝ” කරළියට ගෙන ඒමෙනි. ඉන් අනතුරුව එන යුගය පුරාවට මෙකී සම්ප‍්‍රදායන් ද්වයම බොහෝ දක්ෂයන් අතින් දැඩි ලෙස පරීක්ෂණයට බඳුන් වන අතර, 1978 දී සමරකෝන් විසින් කැළණි පාලම වේදිකාව මතට ගෙන එනු ලැබීමෙන්, ලාංකේය යථාර්ථවාදී රංග ව්‍යාපාරයේ තවත් එක් විශිෂ්ට කඩ ඉමක් සටහන් කරනු ලබයි.

සමරකෝන් ස්වතන්ත‍්‍ර රචකයෙකු විය. ලෙඩක් නැති ලෙඩෙක් (1965), චරිත දෙකක් (1967), අහසින් වැටුණු මිනිස්සු (1971), ඉඩම (1975), කැළණි පාලම (1978), ජේලර් උන්නැහේ් (1986), මිනිහෙක් (කෙටි නාට්‍යය- 1979), දුවිලි (1990), රජ කතාව (1991), කපුටු බෝ (2003), කකුල් හතරේ ඉලන්දාරියා (2009) යන ඔහුගේ සියළු නාට්‍ය නිර්මාණ ස්වතන්ත‍්‍ර රචනා ය. නාට්‍ය නිෂ්පාදකයෙකු තමන් විසින්ම ලියන ලද පිටපත් ඇසුරෙන්ම සිය නාට්‍ය චාරිකාවේ නියැලීම අපූර්වත්වයකි.

”හොඳ” නාට්‍ය පෙළක් තමන්ගේම අමු ද්‍රව්‍ය වලින් ගොඩ නගා ගැනීම ”හපන්කම”කි. හොඳ විදෙස් නාට්‍ය පරිවර්තනය කිරීම මෙන්ම හොඳ ස්වීය නිර්මාණ කිරීම ද රටක නාට්‍ය කලාවේ උන්නතියට හේතු වෙයි.

සමරකෝන් ”වේදිකාව” සිය පරම ප‍්‍රකාශන මාධ්‍යය බව ඇදහුවේය. තමා අතින් ලියැවෙන පෙළ තමා අතින් නිෂ්පාදනය වීමෙන් පමණක් සාර්ථකත්වයට එළැඹිය හැකි බව ඇදහුවේය. අපේ් පරම්පරාවේ (අනූව දශකයේ) නාට්‍යකරුවන්ගෙන් එමග ගත් අය අතුරින් වඩාත්ම අවධානයට ලක් වෙන නාට්‍යකරුවා රාජිත දිසානායකය. සක්වාදාවලේසිට සිහින හොරු අරං දක්වා රාජිත ලියා නිපැයූ නාට්‍යාවලිය විමසන කල අනූ හතරේ සිට අද දක්වාම රාජිත විසින් කරනු ලැබ ඇත්තේ ද සමරකෝන් මෙන්ම ”වේදිකාව” ස්වකීය ප‍්‍රකාශන මාධ්‍යය ලෙස භාවිතා කළ හැකි උපරිම සීමාව සොයා යාම බව පැහැදිලිය. ඉන්දික ෆර්ඩිනැන්ඩු ද එමග ගන්නා බවට පෙර ලකුණු පහළ ව ඇතත්, ඔහුගේ ඉදිරි මග කෙබඳු වේදැයි කියන්නට තවමත් කල් වැඩිය.

සමරකෝන් නාට්‍යාවලියෙහි තවත් සුවිශේ්ෂ ලක්ෂණයක් වන්නේ, ඔහු අන් නිෂ්පාදකයන් විසින් බහුල ලෙස යොදා ගන්නා බොහෝ ආනුශංගික අංග සම්බන්ධයෙන් දක්වන ”දැනුවත්” නොසැලකිල්ලයි. ඔහුගේ් කිසිම නාට්‍යයක ඔහු සංගීතය යොදා නොගනී. ගීත යොදා නොගනී. මෙකී අංග මගින් නාට්‍යයක ඉටු කරනු ලබන කාර්්‍යය වන්නේ පැහැදිලි ලෙසම රංගන ශිල්පීන්‍ෙභාව ප‍්‍රකාශන සෞන්දර්යාත්මකව පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කිරීමත්, එමගින් පෙළ විසින් ඉල්ලා සිටිනු ලබන නාට්‍යමය සන්දර්භයේ රිද්මය නඩත්තු කිරීමත්ය. සමාන්‍යයෙන් ලංකාව බඳු රටවල රසික සමූහයා වැළඳ ගන්නේ ගීත සහ සංගීතය ද අනුපාන ලෙස ගත් නාට්‍යයය. ඉතාම ජනප‍්‍රිය වූ සුභ සහ යස වැනි ව්‍යතිරේකයක් හැරුණු විට අන් සියල්ලෙහි අඩු වැඩි වශයෙන් සංගීතය සහ ගීත යොදා ගෙන තිබෙයි. එසේ් වී නම්, කිසිදු ගීයක් හෝ සංගීත ඛණ්ඩයක් යොදා නොගන්නා කැළණි පාලම, අර තරම් ”දිව්වේ” මන්ද යන්න සොයා බැලිය යුතුය. (එය දිවයින පුරා දර්ශන වාර 3000කට වඩා වැඩියෙන් රඟ දක්වා තිබේ.)

ඇත්තෙන්ම, ආර්.ආර්. එම”හපන්කම” පෑවේ ”දෙබස්” මගින් ය. (ඔහු අපේ වේදිකාවට මෙතෙක් පහළ වූ ශූරතම දෙබස් රචකයා වේ ය යන ඇස්තමේන්තුව සමග කැළණි පාලමේ දෙබස් අවධානයෙන් සලකා බැලූ කිසිවෙකු හෝ විරුද්ධ නොවෙනු ඇත.* ඔහු රිද්මයක් සහිත පේ‍්‍රක්ෂාවක් නිපයූවේ චරිත අතර හුවමාරු වන දෙබස් (වචන) වල අන්තර් සංඝටනාව මගිනි. එක දෙබසකින් පසු අනෙක් දෙබස පැන නගින්නේ්, සාමාන්‍ය ”නැරඹීමක” දී අවිෂයය වන්නා වූ එහෙත් සමීප නැරඹීමකින් පමණක් හෙළිදරවු වන එක්තරා රිද්මයානුකූල පිළිවෙළකටය.

සුගතපාල ද සිල්වා මෙසේ් කියා තිබෙයි. ”ආර්. ආර්. ගේ බස එදිනෙදා භාවිත බස ලෙස කණට ඇසුන ද නාට්‍යයට අවශ්‍ය කාව්‍යමය ගුණය එහි ගැබ් වෙයි. අපි බොහෝ දේ්වල් මතක තබා ගන්නේ කවියෙනි. අප්ත පද වලිනි. මතකයේ් රැඳෙන කියුම් මගිනි. ආර්. ආර්. මේ රහස අවබෝධ කර ගත් නාට්‍ය කරුවෙකි. ඔහු ටිකකින් හුඟක් කියන්නේ එහෙයිනි.”

මේ සම්බන්ධයෙන් යම් අදහසක් දීම පිණිස මැටිල්ඩා සහ සරණපාල අතර පහත එන දෙබස උපුටමි.

සරණපාල- (ඇතුල් වෙමින්) අම්මේ, දාන්ඩකෝ ප්ලේන් ටී පාරක්.

මැටිල්ඩා- (ඉදිරියට පැමිණ) මම දෙනව උඹට හොඳවැයින් කම්මුල් පාරක්. කොහෙද යකෝ එළිය වැටිච්ච වෙලේ ඉඳන් අර බල්ලගෙ පස්සෙයි - මේ බැල්ලිගෙ පස්සෙයි වීදියක් වීදියක් ගානෙ සවාරි ගහන්නෙ. හරියට වීදියෙ බණ්ඩාර වාගෙ. උඹ හිතනවද ඔය එකෙක්වත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඇවිත් හුළැගිල්ලවත් දික් කරයි කියල. එහෙම නං ඉතිං කැළණි ගඟත් හිඳෙන්න ඕන. කොහෙන්ද උඹට ඔය කමිසෙ.

සරණපාල- යාළුවෙකුගෙන් ඉල්ල ගත්තා.

මැටිල්ඩා- ඇයි උඹ ඊයෙ රාත්තිරියෙ ගෙදර ආවෙ නැත්තෙ?

සරණපාල- මේ බිංගේ් ඇතුලෙ තුන්දෙනෙකුට නිදා ගන්න පුළුවන්ද?

මැටිල්ඩා- ආව් අම්ම. මදැයි උඩ ගිහින් තියෙන තරම. කියාපන්කො තාත්තට කිරි ගරුඬෙන් මාළිගාවක් හදල දෙන්ඩ කියල. පණුවො කාපු දතක් වාගෙ මුළු ගේම හෙල්ලූම් කනවා. ඊයෙ ? ගහපු හුළං පාරට තව පොඞ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොට්ට බහින්න බෑ ඉහේ කෙස් ගානට ණය වෙලා. එ්වා ඔන්නෑ උඹ පලයං රෝන්දෙ. ඇයි ඉතිං මම හිඟා කාල හරි තුන් වේලම බොක්ක පුරවනවනෙ. අර බෙළෙක්කෙ ඇති තේ කහට ටිකක් ගිහිං වක්කර ගෙන බීපන්. ඇයි පාවඩ එලනකල්ද බලාගෙන ඉන්නෙ? ගිහින් වක්කරගෙන බීපන්.

සරණපාල- මට ඕන්නෑ.

මැටිල්ඩා- උඹට මං සුද්ද සිංහලෙන් කියන්නෙ. ඔය පිප්ප්ලි ගෙරවිලි වලට එන්ඩ එපා මාත් එක්ක ඕං ඇහුනද? උඹලට රාජ බෝජන දෙන්ඩ අපට හයිය නෑ.


මේ දෙබසෙහි කිසිදු උච්චාරණ පලූද්දක් නැත. එනම්, දෙබස රංගනයේදී සුඛනම්‍ය ලෙස හසුරවා ගත හැක. වෙනත් නාට්‍යයක සෘජු ලෙස දෘශ්‍යමාන වන ආනුශංගික අංගවලින් කුළු ගැන්වෙන සෞන්දර්යය, මේ නාට්‍යය තුළ උත්පාදනය වන්නේ් චරිත වල හැසිරීම් මගිනි. හැම චරිතයක්ම සියුම් ලෙස විග‍්‍රහ කෙරේ. රූපවතීගේ ශරීර මාංශය පතමින් ප‍්‍රයෝග යොදන මැම්බර් ඇයගේ කතාව ඇසූ පසු තමන් ගැනම කලකිරෙන අන්දමත්, ගනුදෙනුව පිණිස ගෙන ආ මුදල් විසි කර යන අන්දමත් විමසන්න. වර්ග චරිතයක් බවට පත් වී ඝාතනය වන්නට ඉඩ තිබූ මැම්බර්ගේ් චරිතය යට සැඟවුනු සුන්දරකම සමරකෝන් පෙන්වන්නේ් එක දෙබස් ඛණ්ඩයකිනි.

රූපවති- කන බොන දේවල් සල්ලිය බාගෙ පයට පෑගෙන්ඩ වීසි කරන එක පව් දෙය්යනේ

මැම්බර්- එ්ක තමා යකෝ ඇහිඳගන්ඩ කිව්වෙ. මං යනවා මාටින්කාරය ආවොත් කියාපන් මං ගියා කියල. කියාපං මං කෑවට බිව්වට රෝන් සයිඞ් එකෙ යන මිනිහෙක් නොවෙයි කියල.

ආර්.ආර්.ගේ් නාට්‍ය වලින් කැළණි පාලම හැරුණු විට පේ‍්‍ර්ක්ෂකයන් විසින් දැඩිව වැළඳ ගත් අනෙක් නාට්‍ය වූයේ් ”අහසින් වැටුනු මිනිස්සු” (1971) සහ ”ඉඩම” (1975) යි. ආර්. ආර්. සිය නාට්‍ය ව්‍යාපාරයෙහි ලා වඩාත්ම රුචි කළේ සමාජයේ පීඩිත මිනිසුන්ගේ් ජීවිත ඉරණම විමසීමය. ඔහුගේ් මුල්ම සාර්ථක නිර්මාණය සේ සැලකෙන අහසින් වැටුණු මිනිස්සු සිංහල වේදිකාව මත එබඳු සෘජු දේ්ශපාලනික මැදිහත්වීමක් සහිත පළමු කෘතිය ලෙස සැලකිය හැක.

ඔහු ස්වකීය නාට්‍ය සඳහා යථෝක්ත තේ්මාව විවිධ ලෙස භාවිතා කොට ඇති අයුරු, ඔහුගේ් එක් එක් නාට්‍යයේ් තේ්මා ඇසුරින් වටහා ගත හැක.

අහසින් වැටුණු මිනිස්සු-
නාගරික මුඩුක්කු පවුලක් වටා ගෙතුනු නාට්‍යයකි. දරීද්‍රතාවය විසින් මිනිසුන් තමන් තුළ ඇති මිනිස් වටිනාකම් කෙරෙන් පිරිහෙලනු ලැබ ඇති අන්දම විෂයය කර ගනියි.

ඉඩම-
නිර්ධනීන් ගේ් ඉඩම් ප‍්‍රශ්ණය සාකච්ඡා කරයි. පසු වැඩවසම් ලක්ෂණ සහිත සමාජයන්හී දක්නට ලැබෙන ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව සලකා බැලෙයි.

කැළණි පාලම-
නිවාස අහිමි, කීර කොටු ආශ‍්‍රිත නිර්ධනීන් ගේ් ජීවිත විෂයය කර ගනියි. පාලක පංතිය එකී ගැටළු විසඳීම වෙනුවට කැරට් අල පෙන්වා රැවටීමේ සදාතනික ගැටළුව සාකච්ඡා වෙයි.

ජේ්ලර් උන්නැහේ්-
අපරාධකරුවන් මුර කරන බන්ධනාගාර නිලධාරියෙකු ගැන කතාවකි. අපරාධකරුවන් ද ඔවුන් බලා ගැනීමට යොදවා සිටින මුරපල්ලන් ද යන මේ සියල්ලෝ එකම පංතියකට අයත් පීඩිතයෝ ය යන්න සාකච්ඡුා වෙයි.

සමාජ දේශපාලනික ගැටළු ස්පර්ශ කළ ද ආර්. ආර්. ස්වකීය නිර්මාණකරණයේ දී සෘජු දේශපාලන ප‍්‍රචාරකවාදයකට යට නොවෙයි. සමාජ යථාර්ථයේ සැබෑව නිර්දය ලෙස වේදිකාව මත විවර කොට දී එතැනින් එහාට සිතිය යුතු දේ ඔහු පේ‍්‍ර්ක්ෂකාගාරයට භාර දෙයි. ආර්.ආර්. ස්ථානගතව හිටියේ අමරසේකර විසින් 1976 නාට්‍ය උළෙල අවසානයේ දී පපඩම් නාට්‍ය ලෙස ගර්හාවට ලක් කරන ලද නාට්‍ය ව්‍යාපාරය තුළ නොවේ. (එම අමරසේකරම මේ වන විට ජාතික චින්තන පපඩම තුළ කරවටක් ගිලී ඇති අන්දම වෙනම කතා කළ යුතු දෙයකි!) ගුණදාස අමරසේ්කරම කැළණි පාලම මංගල දැක්ම බැලීමෙන් පසු තමන්ව පසෙකට කැඳවා බෙහෙවින් ප‍්‍රශංසා කළ අන්දම ආර්.ආර්. කැළණි පාලම පිටපතේ පෙරවදනේ සඳහන් කරයි. නාට්‍යය පිළිබඳ පළමු විචාරය ඬේලි නිවුස් පත‍්‍රයට ලියා යවා ඇත්තේ ද අමරසේ්කර ය. පසුකාලීනව 1981 දී අමරසේ්කර ”කැළණි පාලම සිංහල නාට්‍ය ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් බව මම තවමත් පිළි ගනිමි”යැයි සඳහන් කෙරුවේය.

කැළණි පාලම ගැන විමසුමක් කළ ධර්මසේ්න පතිරාජ සමරකෝන්ට පමණක් නොව වෙනත් ඕනෑම නාට්‍ය නිෂ්පදකයෙකුට දෙබස් නාට්‍යයේ ආකෘතිය මින් එහාට වර්ධනය කළ හැකි වේයැයි නොසිතන බව කියයි. ඇත්තවශයෙන්ම සිදු වූයේද එයයි. සමරකෝන්ටම පවා තමන් නිපැයූ කැළණි පාලමෙන් එහාට යා ගත නොහැකි විය!

අවසාන වශයෙන්, සමරකෝන් ගොඩ නැගූ නාට්‍ය සම්ප‍්‍රදාය ලාංකේය නාට්‍ය කලාව තුළ ස්ථානගත වන්නේ කවර තැනක ද යන්නත් එමගින් මතු පරපුරට ලබා ගත හැකි යහපත් අගෝංපාග කවරේ ද යන්නත් පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු විය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. එමෙන්ම මෙතෙක් පළ නොවූ සමරකෝන්ගේ පිටපත් මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට යම් වැඩ පිළිවෙළක් දියත් වන්නේ නම් එය ද ඔහුගේ නාට්‍ය මග හදාරන සිසුන්ට ද නාට්‍ය ලැදි පොදු පාඨක ප‍්‍රජාවට ද මහත් පිටිවහලක් වනු නියතය.

මාෂා ජයසේන
2010.08.09



ඇමිණුම-1
ආර්. ආර්. සමරකෝන් පිළිබඳ තොරතුරු කිහිපයක්-

උපන් දිනය- 1939 අගෝස්තු 14
උපන් ගම- නාවලපිටිය, දෙකිඳ
නියැලූනු වෘත්තිය- සතොස ආයතනයේ ලිපිකරුවෙක් ලෙස භාෂා පරිවර්තකයෙක් ලෙස සහ පසුව කළමනාකරුවෙක් ලෙස.
බිරිඳ- රම්‍යා වනිගසේකර

එළි දැක්වූ පොත්- දෙහදක් අතර, ගැහැණියකගේචරිතයක්, ගේකුරුල්ලෝ, එක කුසේ උපන් එවුන් යන නවකතා

ගුවන් විදුලි නාට්‍ය- සුදු වළාකුළු

ලැබූ සම්මාන-
අහසින් වැටුණු මිනිස්සු සඳහා-
1971 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නව නිර්මාණ පිටපත, හොඳම (නව නිර්මාණ) නිෂ්පාදනය, හොඳම නළුවා (රංජිත් යායින්න) හොඳම සහාය නිළිය (චන්ද්‍රා කළුආරච්චි).
ඉඩම සඳහා-
1975 උළෙලේ් හොඳම ස්වතන්ත‍්‍ර රචනය, හොඳම නිළිය (චන්ද්‍රා කළුආරච්චි*.
”ගේ කුරුල්ලෝ” ප‍්‍රබන්ධය සඳහා-
රාජ්‍ය සාහිත්‍ය සම්මානය.


ඇමිණුම-2
කැළණි පාලම ලියූ හැටි
කැළණි පාලම” මුද්‍රිත පිටපත- ආර්. ආර්. සමරකෝන්ගේ පෙරවදනෙන්

අහස නොකඩවාම දින දහයක් දොළහක් හඬා වැටිණ. වැහි වතුර පාර තොට පුරා දෝරේ යන්නට විය. වැස්සේ් හැඩ රුව අනුව එය කොළඹට පමණක් නොව මුළු රටටම ඇද හැලෙන්නක් බව මට තේ්රුම් ගියේ්ය. එක් සෙනසුරාදාවක හවස් වරුවේ තවත් වගුරුවන්නට කඳුළු නැති බැවින්දෝ හිටි හැටියේම වැස්ස තුරල් වී කහ පැහැති අව් රැල්ලක් ද එබිකම් පාන්නට විය. මම කලින් නියම කරගත් ගමනකට සැරසී එළියට බැස්සෙමි. ගල්කිස්සෙන් කිරිබත්ගොඩට යන බසයකට ගොඩ වූ මට දෙමටගොඩට යාගත නොහැකි විය. අහස ගුගුරා යළි මහ වැස්සක් ඇද හැළිණ. කුඩ කබලක්වත් රැගෙන ඒමට අමතක වූ බැවින් මම හිත යටින් වෙව්ලා ගියෙමි. කැළණි පාලම පසු කරත් දී අන් කවරදාකවත් නොදුටු දසුනින් මම අන්ද මන්ද වීමි.

පාලම දෙපැත්තේ තැනින් තැන පොල් අතු කූඩාරම් කීපයක් අටවා තිබිණ.

මම යන්නට ගිය ගමන අමතක කොට ඊළග බස් නැවතුම්පොළෙන් බැස මහ වැස්සේ්ම තෙමි තෙමි යළි පාලම පැත්තට ආවෙමි. පොල් අතු කූඩාරම් තුළ ගැහැණු පිරිමි ගුලි ගැසී සිටියහ. එක් කූඩාරමක් එක පවුලකට අයත් බව මට පසක් විය. ඔවුන් කමින් බොමින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් කෙළිදෙළෙන් කල් ගෙවන බව තේ්රුම් ගන්නට මට අපහසු නොවීය. කිසිවෙකු තුළ කණස්සල්ලක් පීඩාකාරී හැඟීමක් නොවූ බව ඔවුන්ගේ් මුහුණේ ඉරියව් වලින් පැහැදිලි විය. ඇෙඟ් නූල් පොටක්වත් නැති අවුරුදු දෙකේ තුනේ කුඩා ළමුන් මහ වැස්සේ පදික වේදිකාව උඩ එහෙ මෙහෙ දුව පනිමින් කොක් හඬලා සිනා සෙමින් කෙළි සෙල්ලම් කළහ. අපි යාන්තම් සිරි පොදක් පින්නක් වැටෙන විටක වුවද අපේ් දරුවන් එළිමහනට නොයවා ගෙය තුළ සිර කර ගෙන සිටිමු. මොවුනට මේ තරම් රළු පරිසරයකට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලැබුනේ කවර වරමකින් දැයි සිතත්ම මගේ සිත සසලව ඉරි තලා ගියේ්ය.

”මහත්තයා කාවද හොයන්නේ” එක් මහළු මිනිසෙක් වැස්සේ තෙමී ගෙන මා අසලට විත් ඇසීය.

”කවුද මේ මිනිස්සු?” මම ඇසීමි.

”අපි කීර කොටුවල පදිංචි උදවිය. ගංවතුර හින්ද පාලම උඩට ආව. හැම අවුරුද්දෙම මෙහෙම තමයි.” ඔහු කීයේ බාගෙට සිනා සෙමිනි.

මේ සිද්ධිය මාස කීපයක් මුළුල්ලේ මගේ සිත තුළ හොල්මන් කරන්නට විය. ඉන් මිදෙන්නට බැරිම තැන මම ”කැළණි පාලම” නාට්‍යය ලියන්නට පෙළඹුනෙමි. ”කැළණි පාලම” සම්පූර්ණයෙන්ම ලියා අවසන් කරන්නට මට මාස හයක තරම් කාලයක් ගත විය. මා දැනට නාට්‍ය අටක් පමණ ලියා නිෂ්පාදනය කර ඇත. ඒවා අතුරින් වඩාත්ම රසික ප‍්‍රසාදයට ලක් වූයේ ”කැළණි පාලම”යි.


ඡායාරූප සහ ආශ‍්‍රිත මූලාශ‍්‍ර-

1. රාජ්‍ය නාට්‍ය උළෙල සමරු කලාප
2. රාජ්‍ය නාට්‍ය උළෙල රජත ජයන්ති සමරු කලාපය
3. අභිනය 7 කලාපය- 60 දශකයේ නාට්‍යකරුවෝ
4. කැළණි පාලම මුද්‍රිත පිටපත (රන්ජන ප‍්‍රකාශන)
5. කැළණි පාලම (රූපවාහිනී) පටිගත කිරීම (මුල් නිෂ්පාදනය)
6. කැළණි පාලම සමරු කලාප



READ MORE - දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා