----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ශේෂා පලිහක්කාර

Sunday, July 11, 2010

ශේෂා පලිහක්කාර 1928 - 2009

සිංහල සිනමාවේ නොමැකෙන මතකයන් තැබූ රංගවේදියකු, නර්ථන අධ්‍යක්ෂකවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සේම වේශ නිරූපණ ශිල්පියකු ද වේ.

1928 ජූනි 05 වැනිදා කඩවත දී උපත ලැබූ ඩේවිඩ් සිඩ්නි ලොකු පලිහක්කාර (ශේෂා) අහංකාර ස්ත්‍රිය චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිස ඉන් පසු ලෝක පූජිත බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරයකු වූ ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ Bridge on the River Kwai චිත්‍රපටයේ සහාය වේශ නිරූපණ ශිල්පියකු ද විය.

ඔහු රංගන ශිල්පියකු ලෙස වඩාත් ජනප්‍රිය වූයේ මාතලන් චිත්‍රපටයේ කළ ද්විත්ව රංගනයෙනි. ඉන් පසු රේඛාව චිත්‍රපටයේද අපූර්ව රංගනයක් කළ ඔහු නිෂ්පාදකවරයකු ලෙස මයික් විල්සන් සමඟ එක්ව පළමු වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව චිත්‍රපටය නිෂ්පාදනය කළේය.

ඉන් පසු මයික් විල්සන් සමඟින් සෙරන්ඩිබ් චිත්‍රපට සමාගම ආරම්භ කළ ඔහු එයින් සාරවිට, ගැටවරයෝ නිෂ්පාදනය කළේය. ලක්ෂෙට කොඩිය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණයට ද පිවිසි ශේෂා, මායා, සාගරයක් මැද, විරාගය, ක්‍රිස්තු චරිතය වැනි චිත්‍රපටවල වේශ නිරූපණ ශිල්පියා ලෙස ද කටයුතු කළේය.

සාගරයක් මැද වේශ නිරූපණය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු ජීවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලබා පසුගිය වසරේ (2009) ජූලි 12 වැනිදා මෙලොවින් නික්ම ගියේය.


READ MORE - ශේෂා පලිහක්කාර

අද කාලේ අය දන්නවද මූ. අරුක්ගොඩ ගැන...???

මූ. අරුක්ගොඩ 1935 - 1988

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු නිෂ්පාදකවරයකු, ගුවන් විදුලි ශිල්පියකු හා නවකතා, කෙටි කතා රචකයකු ලෙසින් ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයකු වූ මූ. අරුක්ගොඩ, මුවන් පැලැස්ස, මොනරතැන්න ඇතුළු චිත්‍රපට කීපයක සහාය අධ්‍යක්ෂවරයා ද විය.

අරලිය මල් ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. අනතුරුව තාත්තයි පුතයි, අම්මයි දුවයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අරුක්ගොඩයන් චන්නයි කෙල්ලො දෙන්නයි අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය ද කළේය.

ඊට අමතරව හිඟන්නෝ, සත්ව වතගොත ඇතුළු නවකතා සහ කෙටි කතා පොත් රැසක් ද කතා විස්ස නමින් ශ්‍රී ලංකාවේ උගතුන්ගේ චරිත කතා ඇතුළත් පොත් පෙළක් ද සිංහල සාහිත්‍යයට එක් කළේය.

පළමු ශ්‍රේණියේ ලඝු ලේඛකයෙක් ලෙස අමාත්‍යාංශ කීපයකම සේවය කළ අරුක්ගොඩයන් විශ්‍රාම ලබා දැව සංස්ථාවේ කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී 1988 ජූලි 11 වැනිදා පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු විය.

එදා සිට කිසිදු තොරතුරක් දැන ගැනීමට නැති අරුක්ගොඩයන්ට සිදු වූයේ කුමක්දැයි තවමත් ප්‍රහේළිකාවකි.


READ MORE - අද කාලේ අය දන්නවද මූ. අරුක්ගොඩ ගැන...???

හදිසි අනතුර ඉරණම විසඳන්න දෙවියෝ දුන්න තෑග්ගක්

විකට රංගනයෙන් ඔබ හමු වූ මහේෂ් ජයසිංහ

වැඩිය සද්ද බද්ද නැති විධියට අඩිය තියන්නේ
හිටපු ගමන් නොපෙනී යන්නේ
අඩිය අඩිය යයි පෙරටම කඩිසර ගමනේ
කම්මැලිකම ගෑවී නෑනේ
කවුද මෙයා කවුද මෙයා
ඩියර් ඩියර් කඩියා කඩියා
මයි ඩියර් කඩියා කඩියා

ගීතය හරහා ඉමහත් රසික ප්‍රසාදයක් දිනා ගත් ඔහු දශක තුනක් පුරා කලා ක්ෂේත්‍රයේ රැඳෙමින් රංග ශිල්පියෙකු ලෙසින් ද ප්‍රේක්ෂක ප්‍රසාදය දිනූ ප්‍රසංග වේදිකා ශිල්පියකු ලෙසින් ද ජනප්‍රියය. සිනමා තිරයේ කවටයා ලෙසත් ප්‍රසංග වේදිකාවේ කඩියා ලෙසත් අනවර්ථ නාමයෙන් හැඳින් වූ ඔහු මහේෂ් ජයසිංහය.

දශක තුනකටත් අධික කාලයක පටන් සිනමා අඹරේ ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටින මහේෂ් කලකට පසු පෙරළිකාර රංගන දිවියේ රස මුසු තැන් සොයා ගිය පිළිසඳරකට එක් වූයේ මේ අයුරින්.

මහේෂ් මේ දවස්වල ඔබේ කලා තොරතුරු කොහොමද?

හැත්තෑව දශකයේ සඳා චිත්‍රපටයෙන් රංගනයට අවතීර්ණ වූ මා මේ වන විට චිත්‍රපට එකසිය හැත්තෑවක රඟපාලා තියෙනවා. අනූව දශකයේ ‘මුතුලන්ද’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනය ඇරඹූ මම ටෙලි නාට්‍ය කීපයක් සඳහා මේ වන විට රංගනයෙන් දායක වී තිබෙනවා.

ගායකයකු ලෙසින් ප්‍රසංග වේදිකාවට එක් වූ මා ගීත ඇල්බම් හතරක් තුළින් රසිකයන් අතරට එක් වී තියෙනවා. මෑත කාලයේ දීර්ඝ විරාමයකින් පස්සේ වැඩ බැරි ටාසන් අංක 2 චිත්‍රපටයටත් සිල් ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.

ඒ අතරේ ඉදිරියේදී රූපගත කිරීමට බලාපොරොත්තු වන චිත්‍රපට කීපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා.

* නළුවකු ලෙස මෙන්ම ගායකයකු ලෙසින් කලා ක්ෂේත්‍රයේ නමක් දිනූ ඔබ අද ගායන ක්ෂේත්‍රයට සමු දීලද?

මට ජීවත් වෙන්න මගක් කියලා දුන්න කෙනෙකුට ජීවත් වෙන්න මාර්ගයක් නිර්මාණය වෙච්ච කිසිම දේකට පයින් ගහන කෙනෙක් නෙමේ මේ මහේෂ් ජයසිංහ. නළුකමට වගේම ගායනයටත් මම හරි ආදරෙයි. මහේෂ් කියන නමට වඩා මාව කඩිය කියල ප්‍රසිද්ධ වුණේ මේ ගායනයට පිං සිදු වෙන්න.

එදා මම කඩිය ගැන කිව්ව සිංදුව තමයි මාව ප්‍රසංග වේදිකාවේ නොමැකෙන චරිතයක් බවට පත් කළේ. මේ වෙන කොට මම කැසට් පට හතරක් එළි දක්වා තියනවා.

‘ඔබ මට කඳුළක්’, ‘කඩියා’, ‘හද වේදනා’, ‘තුරුලිය ගොමුවේ’. මේ ගීත ඇල්බමයන් හරහා මම රසිකයන් අතර අදත් ඉන්නවා. ආරාධනා ලැබෙන පරිදි ප්‍රසංග වේදිකා සඳහාත් දායක වෙනවා.

* එදා මෙදාතුර ඔබ සිනමාවේ විකටයා චරිතය තුළ කොටු වෙලා නේද?

ඔව්, චිත්‍රපට 170 ක රඟපෑවා. ඒ හැම එකකම ජෝකර් මම. මම කළ ජෝක්ස් හැටට හැටේ නැගලා ගියා මටත් නොදැනී. ඒ අතරේ මාවත් ප්‍රේක්ෂකයන් අතරේ හොඳට නැගල ගියා. හැම චිත්‍රපට නිෂ්පාදකයෙක්ම, අධ්‍යක්ෂවරයෙක්ම මාව ගත්තේ ජෝක්ස් කරන්න. මම කොච්චර එයින් පිට පනින්න උත්සාහ කළත් ඒ කිසිම කෙනෙක් ඒකට මට ඉඩ දුන්නේ නෑ.

* සිනමා අඹරේ දිදුළන නළු නිළියන් සමඟ ඔබට දශක තුනක් පුරා රංගනයේ නියැලෙන්න ලැබුණා නේද?

ඔව්. දශක තුනක් කියන්නේ් පොඩි කාලයක් නෙමේ. ඒ කාලය තුළ චිත්‍රපට එකසිය හැත්තෑවක් කියන්නේ සුළු පටු ගණනක්ද? ෆෙ‍්‍රඩී සිල්වා, බන්දු සමරසිංහ, නිහාල් සිල්වා, දොන් සිරිසේන, ජෝසප් සෙනෙවිරත්න, හියුගෝ මාස්ටර්, ටෙනිසන් කුරේ මේ හැම කෙනෙක් එක්කමත් ජෝක්ස් කරන්න මට භාග්‍ය ලැබුණා.

ඔබට ජීවිතයේ අවාසනාව ගෙනා රිය අනතුර ගැන අද ඔබ තෘප්තිමත්ව කතා කරන චරිතයක් බවට පත්වෙලා කියලයි මට හිතෙන්නේ?

අද මම ඉන්න තත්ත්වය මම ලබන සැප සම්පත් දිහා ආපසු හැරිල බලන කොට මට එදා අපා දුක් දුන්නු රිය අනතුර තමයි අද මට මේ විඳින හැම සැප සම්පතක්ම දුන්නේ කියන විශ්වාසය මට තියෙනවා. එදා වගේ බිහිසුණු අනතුරක් නොවන්න මේ එක සැපක්වත් මට අද නොලැබෙන්න තිබුණා.

රෝයි ද සිල්වාගේ ටෙලි නාට්‍යයක් සඳහා රූපගත කිරීම්වලට යන කොට කඳානේදී වෑන් එකක මගේ මෝටර් සයිකලය හැප්පුණා. හැප්පෙන කොට මාව බඹ ගාණක් අහසට විසි වුණා. පාස්පෝට් වීසා නැතිව අහසේ පාවෙන කොට කොයි රටට වැටෙයිද කියලත් පොඩි ආතල් එකක් අහසෙදි දැනුණා.

ඒත් එක්කම ආත්තල් එක යන්නත් එක්ක තාර පාරේ ජබොක් ගාල ඇදගෙන වැටුණා විතරයි මතක. සිහිය එන කොට හිටියේ කොළඹ ජාතික රෝහලේ හැත්තෑ දෙකේ වාට්ටුවේ ට්‍රොලියක. කකුල් දෙකම කැඩිලා මාරාන්තික තුවාල ලබල එක තැන වින්ඳ දුක් අප්‍රමාණයි.

මම අහල තියෙනවා දුකක් වින්ෙඳාත් සැපක් ලැබෙනවා කියන එක. අද වෙන කොට මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා හොඳ ස්ථාවරයක ඉන්නවා.

* ඔබ කියන දෙවියො දුන්න වාසනාව මොකක්ද?

ඇත්තටම අද මම මේ ඇවිත් ඉන්න ගමන් මග හීනයක් වගේ. රිය අනතුරට පස්සේ මම වැටිල හිටිය අසරණ තත්ත්වයත් එක්ක දවසක් පුටුවක් එළියට දාගෙන කොස් ගහක් යටට වෙලා කැඩිච්ච කකුල් දෙක උඩින් තියාගෙන ඉන්න කොට වාහනයකින් කෙනෙක් ඇවිත් මහේෂ් අයියා ඉතාලියේ ගිය කෙනෙකුට ඉඩමක් හොයනවා. ඉඩමක් මේ හරියේ තියනවා කියලා හෝඩුවාවකට ආවේ. ඒත් තියන තැන හොයා ගන්න බැරි වුණා. පුළුවන්ද සපෝට් එකක් දෙන්න කියලා. කකුල් දෙකම කැඩිල ඉන්න ඇවිද ගන්න බැරි මම හොයල බලන්නම් කියලා පොරොන්දු වුණා.

පස්සේ යාළුවෙක්ගේ මෝටර් සයිකලයක නැගලා මේ ඉඩම තියෙන තැන හොයා ගෙන ගිහින් ඉඩම ගන්න තැනට වැඩ කළා. ඒ වෙලාවේ මම නොහිතුව විදියට ඉඩම ගන්න කෙනයි, ඉඩම වික්ක කෙනයි මට විශාල මුදලක් අතට දුන්නා. ඒකෙන් මම වෙලා තිබුණ ණය බේරලා ඉතිරි ටික බැංකුවේ දාගෙන දෙවියො ගෙදරටම ගෙනත් දුන්න වාසනාව ඔස්සේ මම ඉඩම් ව්‍යාපාරයට පෙළඹුණා. ඒ කියන්නේ බ්‍රෝකර් වැඩේ හිතුවටත් වඩා සාර්ථක වුණා. ඉතාලියේ ගිහින් හිටිය මේ ප්‍රදේශයේ ගොඩක් අයට මම ඉඩම් අරන් දුන්නා.

විශ්වාසවන්තව මගේ කාර්ය මම කරපු නිසා දවසින් දවස මගේ කස්ටමස්ලා වැඩි වුණා. දේශීය වගේම විදේශ රටවල රැකියාව කරන අයත් මාව හොයාගෙන ආවා. නිතර කතා කළා. ඒ අයට විශ්වාසවන්තව මගෙන් සේවය ලැබුණා.

මගේ් අතටත් විශාල මුදලක් ලැබුණා. මේ වෙන කොට කියන්න වෙන්නප්පුවේ පල්ලියෙ වත්තයි, මිනී පිට්ටනියයි විතරයි මගෙන් බේරිලා රැකිලා තියෙන්නේ. අනිත් ඔක්කොම ඉඩම් මගේ ගැනුම්කරුවන් අතරට මම පත් කරලා ඉවරයි.

ඔන්න බලන්න කැඩුන කකුල් දෙකේ බලේ. අද මම මේ ඉන්න තත්ත්වය ගැන හිතෙන කොට මට හිතෙනවා එදා මාව හප්පපු වෑන් අයිතිකාරයා හොයා ගෙන ගිහින් තෑග්ගක් දෙන්න. එහෙම හප්පල හරි මගේ කකුල් දෙක එදා කඩල නොදමන්න මම අද මේ තත්ත්වයට පත් වෙන්නේ කොහොමද?

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

ලොකු පුතා ඉරාන් ජයසිංහ ගායකයකු ලෙසත්, නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කරනවා. දෙවැනි දියණිය ඉෂානි ජයසිංහ ගායිකාවක් වගේම පෞද්ගලික බැංකුවක රැකියාවක නිරත වෙනවා. බාල දුව ඉරෝමා තාරුකා තවම පාසල් යනවා. ඇය නර්තනයට දක්ෂයි. බිරිය ඉරේෂිකා එදත් අදත් මට සෙවනැල්ලක් වගේ මාව දිරිමත් කරමින් මට ශක්තියක් වී සිටිනවා.

* එදා රිදී තිරයේ ඔබ ජෝකර්, අද ඔබ සැබෑ ජීවිතයේ බ්‍රෝකර්. මේ දෙන්නගෙන් ඔබ කාටද වඩාත් කැමති?

මේ දෙන්නටම මම එක වගේ ආදරෙයි. මගේ ජීවිතයේ ජයග්‍රහණයේ පිටුපස සිටින සෙවනැලි දෙක තමයි ජෝකර්, බ්‍රෝකර්. ටික කාලයක් කඩිය වගේ සද්ද දැම්මා. තව කලයක් කැස්බෑවා වගේ බිත්තර දාලා ටික කාලයක් පැටවු එනකන් නිහඬව හිටියා. අපල කාලේ කකුල කැඩිලා ගෙවිල ගියා. බ්‍රෝකර්කම දෙවියො දෙපතුළටම ගෙනත් දුන්න කලාවෙන් හොයපු මුදලටත් වඩා සිය දහස් ගුණයක් මගේම උත්සාහයෙන් කැපවීමෙන් මගේ ව්‍යාපාරවලින් මම හොයා ගත්තා. මේ හැම දෙයක්ම ලැබෙන තුරුත් මම ළඟ හිටියෙ හැමදාම දුක සැප එක්ව විඳ දරා ගත් මගේ බිරියත්, දරු තිදෙනාත් විතරයි.

රිදී තැල්ල, වෙන්නප්පුව මහේෂ් ජයසිංහගේ ලිපිනයයි.

READ MORE - හදිසි අනතුර ඉරණම විසඳන්න දෙවියෝ දුන්න තෑග්ගක්

එළඹෙන අගෝස්තුව වන විට ඉරහඳ ය

මේ දිනවල ආකර්ෂණීය සුවඳ දැණුනා ජීවිතේ චිත්‍රපටය තිරගත කෙරෙන ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල් එළඹෙන අගෝස්තුව වන විට ඉරහඳ යට චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

එය බෙනට් රත්නායකගේ අධ්‍යක්‍ෂණයකි. ඉනික්බිතිව ප්‍රදර්ශනයට සූදානම්ව ඇත්තේ සුනිල් අරුණ වීරසිරිගේ ටිකිරි සුවඳ සිනමා සිත්තමයි. ටිකිරි සුවඳට පසු ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කළ කිංග් හන්තර් අප හමුවීමට සූදානම්.

කිංග් හන්තර් රිදී තිරයෙන් බැස යද්දී උදයකාන්ත වර්ණසුරියගේ රන් කෙවිට 2 සහ උදයගේම චැලෙන්ජස් පැමිණෙන අතර අනතුරුව පිළිවෙළින් ටෙනිසන් කුරේ සහ රියර් අද්මිරාල් සරත් වීරසේකර අධ්‍යක්‍ෂණය කරන ලද තැන්කියු බර්ට් සහ ගාමණී චිත්‍රපට වෙනුවෙන් ඊ. ඒ. පී මණ්ඩලයේ සිනමාහල්වල දොරගුළු විවර වනු ඇත.

ඉරහඳ යට හරහා නවක නළු උදාර රත්නායක හා දකුණු ඉන්දියාවෙන් හෙළ සිනමාවට ලද තිළිණයක් වන තාෂා දර්ශනී ප්‍රධාන චරිත තුළින් දොරට වඩිති.

ටිකිරි නම් කුඩා පිරිමි දරුවා වටා ගෙතෙන ටිකිරි සුවඳ චිත්‍රපටයේ ප්‍රවීණ නළු නිළි පිරිසක් සමඟ ටිකිරිගේ ප්‍රබල චරිතයට පණ පොවන මලීෂ සමරතුංග (හඳුන්වා දෙන) අප හමුවේ.

කිංග් හන්තර් ප්‍රවීණ නළු විජය නන්දසිරි වෙනස්ම හාස්‍යෝත්පාදක රංගනයකින් අප හමුවන තවත් අවස්ථාවකි. අනර්කලී ආකර්ෂා එහි ප්‍රධාන නිළිය වන්නීය.

නිෂාම් සම්සුදීන් සහ හරිත් සමරසිංහ රන් කෙවිට – 2 චිත්‍රපටයේ ප්‍රබල රංගනයන්හි නියැළෙති. චැලෙන්ජස් සිංහල සිනමාවේ නව යොවුන් සිහින කුමරා රොෂාන් රණවන සමඟ සුරූපී නිළි ශේෂාද්‍රි ප්‍රධාන චරිත රැඟූ චිත්‍රපටයකි.

ප්‍රේක්ෂකයින් සිංහල සිනමාවේ සිනහ සයුරේ ගිල් වූ ටෙනිසන් කුරේ – බන්දු සමරසිංහ දෙදෙන දිගු කලෙකට පසු එක්ව ප්‍රධාන චරිත රඟන චිත්‍රපටය තැන්කියු බර්ටි ලෙස නම් කර තිබේ. අති දක්‍ෂ චරිතාංග නළු නිළි යුවළක් වන දිල්හානි අශෝකමාලා සහ බිමල් ජයකොඩි ප්‍රධාන චරිත රඟමින් ගාමණී චිත්‍රපටයේ දී හමුවෙති.


READ MORE - එළඹෙන අගෝස්තුව වන විට ඉරහඳ ය

දිල්හානි හිමාලි සහ නිරෝෂාත් සඳළියෙන් සමුගනී

මීට පෙර කාංචනාත් ඉවත් වුණා

* දුක් විඳින කාන්තාවන්ට පිහිට වෙන්න බැරි නම් රැඳී සිටීම තේරුමක් නෑ - දිල්හානි

* අපෙන් දෙයක් හරියට නැත්නම් වැඩක් නෑ - නිරෝෂා

* නමට පමණක් රැඳී සිටීම අනවශ්‍යයි – හිමාලි සයුරංගි

2009 වසරේ මාර්තු මස ‘සඳලිය’ පදනම ආරම්භ වූයේ අප රටේ කාන්තාවන් මුහුණ පානා සාමාජීය ආර්ථික මෙන්ම විවිධ ගැටලු සඳහා සහන සලසන, උපදෙස් ලබා දෙන ස්වේච්ඡා සංවිධානයක් ලෙසනි. එදා එය එලෙස ආරම්භ වූයේ විශේෂ මාධ්‍ය හමුවක් පවා පවත්වමින්ය.

මෙම පදනම මගින් කාන්තා සුබ සිද්ධිය උදෙසා ක්‍රමවත් වැඩ පිළිවෙළක් දියත් වෙතැයි එදා බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළහ. ජනප්‍රිය සිනමා නිළියන් වන දිල්හානි ඒකනායක, කාංචනා මෙන්ඩිස්, හිමාලි සයුරංගි ,ඕෂදී හේවාමද්දුම මෙන්ම ගායිකා නිරෝෂා විරාජිනී ද සඳලිය පදනමේ අධක්ෂිකාවන් ලෙස ඊට සම්බන්ධ වූයේ මෙරට පීඩිත කාන්තාවන්ට පිළිසරණක් වීමේ උතුම් අරමුණ පෙරටු කොට ගනිමිනි.

එහෙත් පෞද්ගලික හේතූන් මත තමන් එම පදනමෙන් ඉවත් වන බව කාංචනා මෙන්ඩිස් ටික කලකට පසුව ප්‍රකාශ කර සිටියාය. ඇය එසේ ‘සඳලිය’ට සමු දුන්නද සෙසු කලා ශිල්පිනියන් තවදුරටත් එහි අධ්‍යක්ෂිකාවන් ලෙස රැඳී සිටියහ.

පසුගිය දිනෙක ඕෂදී හැර සෙසු අය සඳලිය පදනමෙන් ඉවත් වූ බව අපට දැනගන්නට ලැබිණ. ඒ පිළිබඳ විමසූ විට ඔවුන් ‘සරසවිය’ ට තම අදහස් ප්‍රකාශ කළේ මෙසේය. මුලින්ම අප සමඟින් එක් වූයේ දිල්හානිය.

‘සඳලිය’ පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් පසුගියදා මමත්, නිරෝෂාත්, හිමාලිත් ඉවත් වුණා. අපේ රටේ අසරණ, දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කිරීමේ අරමුණ ඇතිවයි මා මේ පදනමට සම්බන්ධ වුණේ.

නමුත් ඊට පටහැනිවයි පසු කාලෙක මේ පදනමේ වැඩ කටයුතු සිදු කෙරුණේ. මේ පදනමට මම සම්බන්ධ වුණේ මුදල් බලාගෙන නෙවෙයි. නමට විතරක් ඉඳලා වැඩක් නැහැ. එතකොට රසිකයන් පවා වැරදි ආකල්පයක් ඇති කර ගන්න පුළුවන් අපි ගැන.

හැබැයි මේ රටේ අසරණ කාන්තාවන්ට යම් සහනයක් සලසන්න, ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න මම කවදාවත් පසුබට වෙන්නේ නැහැ. ඒ වගකීම හැකි පමණින් ඉටු කරන්න මම ඉදිරියේදීත් කැප වෙනවා.

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී තම සමු ගැන්ම පිළිබඳ කළේ මෙවැනි ප්‍රකාශයකි.

මම ‘සඳලිය’ ට එක්වුණේ පුළුල් පරමාර්ථ ඇතිව. නමුත් පසු කලකදී මට වැටහුණා අපෙන් දෙයක් හරි විදිහට සමාජයට සිදු නොවන බව. මෑතකදී මේ පදනමෙන් මාසික සඟරාවක් නිකුත් කළා. අපට ඒවායේ කරන්න දෙයක් නැහැ.

අසරණ වෙච්ච කාන්තාවන්ට උදවු වෙන්න හිතාගෙනයි මම මේකට සම්බන්ධ වුණේ. ඇතැම් කාන්තාවන්ට රැකියා පවා සොයා දෙන්න අපට පුළුවන් වුණා.

ඒත් සමහර අවස්ථාවල සමහරු අපට කරන්න බැරි දේවල් පවා කියනවා.

මේවා ඉෂ්ට කරන්න බැරි වුණාම අපි බොරුකාරයෝ වෙනවා.

අනෙක මම පසුගිය කාලේ විභාග කිහිපයක්ම කළා. ඒකට යොමු වුණ නිසා විවේකයත් ගොඩක් අඩු වුණා. ගීත කිහිපයකුත් පටිගත කළා. මේ අවිවේකී බවත් එක්ක තවදුරටත් ‘සඳලිය’ පදනම සමඟ රැඳී සිටීම අසීරු කරුණක් බව මට වැටහුණා. ඔය සේරම කරුණු සලකා බලලයි මම එයින් ඉවත් වුණේ.

අනතුරුව අප ජනප්‍රිය නිළියක හා නිවේදිකාවක ද වන හිමාලි සයුරංගි ගේ අදහස් වෙත සවන් යොමු කළෙමු.

අපි බලාපොරොත්තු වුණ අරමුණු, ඉලක්කවලට යන්න බැරි නිසා ‘සඳලියෙන්’ ඉවත් වුණා. මූලිකව අපේ අරමුණ වුණේ සමාජයේ නොයෙක් ප්‍රශ්න ගැටලුවලට මැදි වුණ කාන්තාවන්ට යම් පිළිසරණක් වෙන්න.

ඇත්තෙන්ම මෙවැනි ආයතනයකින් කරන්නට බැරි බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා නමට පමණක් එහි රැඳී සිටීම අනවශ්‍ය දෙයක් කියා සිතුණා. ඒ නිසා මම ඉවත් වුණා.

එම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවන්ගෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඕෂදී හේවාමද්දුම පමණකි.

READ MORE - දිල්හානි හිමාලි සහ නිරෝෂාත් සඳළියෙන් සමුගනී

ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්

සම්පූර්ණ රූගත කිරීම රන්මිහිතැන්නේ

මහේන්ද්‍ර පෙරේරා නම් වන සොඳුරු රංගන සිත්තරා කලා ලොවට ආගන්තුක චරිතයක් නොවේ. රංගනය හරහා රටක් සැනසූ නැළැ වූ ඔහු රංගනය පිළිබඳ ගුරුවරයකු ලෙස තමා සතු දැනුම තවත් පරපුරකට දායාද කරනු ලබන ඇදුරෙකි.

මහේන්ද්‍රගේ දයාබරිත ආමන්ත්‍රණය.

මේ සියල්ල අතරේ කල්ගෙවන මහේන්ද්‍ර හැබෑම සොඳුරු මිතුරු සිතැත්තෙකි.

මේ අනගි නිර්මාණකරුවාගේ අලුත්ම ගමන පසුගියදා අරඹන ලද්දේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයෙනි. ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්’ ලෙස නම් කරන ලද වෙනස්ම ආරක් ගත් ටෙලි නිර්මාණයේ ඇරැඹුම සනිටුහන් කරමින් මහේන්ද්‍ර දැන් අධ්‍යක්ෂවරයකු වී සිටියි.

අමුතුම ආකාරයක කතා තේමාවක් රැගත් ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලි නිර්මාණය සඳහා ප්‍රධාන චරිතය ලෙස මහේන්ද්‍ර පුංචි තිරයට කැඳවා ගෙන එන්නේ සුබුද්ධි ලක්මාලිය. සුබුද්ධි, නෙළුම් නමැති කටකාර, හැඩකාර, සංගීතයට ළැදි ගැමි තරුණියක කරමින් ඈ වටා ගෙතෙන ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්’ සම්පූර්ණයෙන්ම අපේ රටේ රියැලිටි වැඩසටහන් තේමා කොට ගත් කතා පුවතකි.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සම්පූර්ණයෙන්ම රූගත කිරීමට නියමිත මහේන්ද්‍රගේ කුළුඳුල් ටෙලි සිතුවම සඳහා අපේ ප්‍රවීණ මෙන්ම නවක නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.

සනත් විමලසිරි, අසේල ජයකොඩි, දයාදේව එදිරිසිංහ, ගයාන් වික්‍රමතිලක, රොනී ලීච්, නිල්මිණි කෝට්ටේගොඩ, නිරෝෂන් ඉලේපෙරුම, චතුරංග දසුන්, විශ්වනාත් කොඩිකාර, භාග්‍ය හෙට්ටිආරච්චි සේම අපේ අසංක දේවමිත්‍ර පෙරේරා ද ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක් හි චරිත මවති. කලකට පසුව ප්‍රියංකර පෙරේරා ද මහේන්ද්‍රගේ කුලුඳුල් නිර්මාණය සමඟ රංගනයට එක්වීම ද සුවිශේෂත්වයකි.

ධම්මික රත්නායකගේ කැමරාකරණයෙන් ද, ඉරේෂ් ලොකුª බණ්ඩාරගේ සංස්කරණයෙන් ද, හර්ෂ ආරියසිංහගේ සංගීතයෙන් ද හැඩ වන ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්’ සුරංග ගුණතිලකගේ කලා අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වෙයි. වේෂ නිරූපණය ඉන්දික උදාර ලංකාගෙනි. රුවන් කරුණාරත්න විධායක නිෂ්පාදකවරයා ලෙස සවිය දෙන ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්’ දිලීප අබේසේකරගේ තිර පිටපතකි. වෙනුර චිත්‍රපට සමාගම වෙනුවෙන් ජයලත් පීරිස් නිෂ්පාදනය කරනු ලබන ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්’ හි සහය අධ්‍යක්ෂණය වාසල බණ්ඩාර සහ රුවන් බණ්ඩාර විසිනි. මනෝජ් බණ්ඩාර නිෂ්පාදන කළමනාකාරවරයායි.

රියැලිටි වැඩසටහනක් මූලික ආකෘතිය කර ගනිමින් රූගත කෙරෙන ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්’ වෙනුවෙන් රන්මිහිතැන්නෙහි අලුත්ම පසුතල මේ වන විට ඉදිවෙමින් පවතින අතර රන්මිහිතැන්නෙහි පමණක් රූගත කෙරෙන පළමු නිර්මාණය ලෙසින් මහේන්ද්‍රගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ලෙසත් ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්’ ඉතිහාසයට එක් වෙයි.

ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක් අරඹමින් මංගල පහන් ප්‍රදීප දල්වන නීතිඥ නිශාන්ත සඳබරණ, පසෙක මහේන්ද්‍ර, ප්‍රියංකර, නිරෝෂන්, අසේල හා නිල්මිණි.


මහේන්ද්‍රගේ රංගන ශක්තිය – ප්‍රියංකර, නිරෝෂන්, විශ්වනාත්, දසුන්, අසේල, එරංග සහ ඉන්දික රත්නායක.

රේඛීය නිෂ්පාදක රුවන් කරුණාරත්න, දම්මික, දිලීප අබේසේකර, මහේන්ද්‍ර, නිෂ්පාදක ජයලත් පීරිස් සහ මහේෂ්.

හර්ෂ ආරියසිංහ, රුවන් බණ්ඩාර, ඉන්දික උදාර ලංකා, මහේන්ද්‍ර, ජයලත් පීරිස්, වාසල බණ්ඩාර, සුරංග ගුණතිලක, ඉරංග බර්නාඩ් ගේ හමුව.

කල්පනා, සනත්, වෙලේගෙදර රණසිංහ, මහේන්ද්‍ර, නිල්මිණි, ශ්‍රියාණි දිසානායක, චේතනා ප්‍රනාන්දු සහ තේජා හර්ෂනි එක් වූ සොඳුරු මොහොත.

READ MORE - ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්

‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ ‘මකරා’

රංගනය හරහා විශිෂ්ටත්වයට පත් ලක්ෂ්මන් මෙන්ඩිස් කියයි

‘ජනප්‍රිය’ හා ‘විශිෂ්ට’ යන විශේෂණයන් සෑම රංගන ශිල්පියකුගේම නම ඉදිරියේ සඳහන් කළ නොහැකිය. ඇතැමුන් කෙතරම් විශිෂ්ටයන් වුවද ජනප්‍රියත්වයෙන් දුරස්ය. එමෙන්ම ජනප්‍රියත්වයට හිමිකම් කියූ පමණින් කෙනෙකු විශිෂ්ටයකු වන්නේ ද නැත.

එහෙත් අද අප සමගින් කතාබහට එක්වන ලක්ෂ්මන් මෙන්ඩිස් ජනප්‍රියත්වයෙන් මෙන්ම විශිෂ්ටත්වයෙන් ද පිරිපුන් රංගන ශිල්පියෙකි. ඔහුගේ දැවැන්ත රංග පෞරුෂයේ අපූර්වත්වය වේදිකාව, පුංචි තිරය හා සිනමාව ඔස්සේ ප්‍රේක්ෂක මතකයේ සෙනෙහසින් ලැගුම් ගෙන ඇත්තේ එබැවිනි.

මේ දිනවල ලක්ෂ්මන් ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්ව හිඳින්නේ ‘වහින්න මුතු වැස්සක්’ ටෙලි නාට්‍ය හරහාය. ඔහුගේ විශිෂ්ට රංග ප්‍රතිභාවේ තවත් සුවිශේෂී පැතිකඩක් ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ මකරාගේ චරිතය තුළින් ද අපට දැක බලා ගත හැකිය.

අද මෙසේ අප හා සංලාපයට එක්වන්නේ ඒ ජනප්‍රිය හා විශිෂ්ට රංගන ශිල්පියායි.

මෑතකදී ඔබ ටෙලි නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ පිළිබඳ කතා කළොත්?

පසුගිය මාස හයක විතර කාලයක් මම සම්බන්ධ වෙලා හිටියේ ෂර්ලි පී. දෙලංකාවලගේ ‘රන්ගිර’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට. කොටස් අසූ පහක් පමණ දීර්ඝ මේ ටෙලි නාට්‍යයට පාදක වුණේ සෝමා ජයකොඩි මහත්මිය ගේ ‘රන්ගිර’ නවකතා පොත් තුන. මෙහි රූගත කිරීම් සිදු කළේ නුවර ප්‍රදේශයේ.

ඔබ රඟපාන්නේ කොයි වගේ චරිතයක්ද?

එක්තරා ධනපති පවුලක පියකු විදිහටයි මම මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ. රන්ගිර ට පසුබිම් වෙලා තියෙන්නේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක ජීවන රටාව, ඔවුන්ගේ සිතුම් පැතුම් ආදියයි. 1989 භීෂණ සමයේ එවැනි පවුල්වල දරුවන් ඒ ව්‍යාපාරයට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා මවුපියන් කටයුතු කරපු ආකාරය මේ ටෙලි නාට්‍යයේ දිග හැරෙනවා. මිනිස් ජීවිතයේ සංකීර්ණ බව විදහා දැක්වෙන අපූර්වතම ටෙලි නාට්‍යයක්.

රූගත කිරීම් සිදු කළේ නුවර ප්‍රදේශයේ කිව්වා?

ඔව්. මේ කතාවට ගැළපෙන විදියට සුඛෝපබෝගී, අලංකාර නිවාස කිහිපයකයි මේ රූගත කිරීම් සිදු කළේ. නුවර මාළිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතාගේ නිවසේත් අපි රූගත කිරීම් සිදු කළා. ඔහු කොළඹ රාජකීය විදුහලේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත මිත්‍රයෙක්.

ෆිම්රෝස් කන්ද මුදුනේ තමයි ඒ අලංකාර නිවස පිහිටලා තියෙන්නේ. මාස තුනක් විතර එහෙ රූගත කිරීම් තිබුණා. ඩබ්ලිව්. ජයසිරි මෙහි ඇමතිවරයකුගේ චරිතයක් රඟපානවා.

ඔහුගේ නිවස හැටියට යොදා ගත්තේ් එස්. බී. දිසානායක ඇමැතිතුමාගේ හඟුරන්කෙත පිහිටි නිවස. හරි ලස්සන ගෙයක් ඒකත්.

ප්‍රවීණයන් සමඟ වගේම නව පරපුර සමඟත් ඔබට මේ ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා?

මගේ බිරිඳ හැටියට රඟපාන්නේ ශ්‍රියානි අමරසේන. නව පරපුරේ සුරාජ් මාපා, ධනංජය සිරිවර්ධන, තුමිඳු දොඩන්තැන්න වගේ දක්ෂ පිරිසකුත් රංගනයෙන් දායක වෙනවා.

ක්‍රිස් හැරිස් කියලා බටහිර ජාතිකයෙකුත්, ජපන් ජාතිකයෙකුත් මේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒ දෙන්නටම සිංහල කතා කරන්න පුළුවන්.

ඒ වගේම දෙන්නම හරිම දක්ෂයෝ. ළඟදීම මේ ටෙලි නාට්‍යය ඔයාලට බලන්න පුළුවන වේවි. වසන්ති චතුරානිගේ අලුත් ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වුණා.

ඒ ගැනත් කතා කරමු?

‘කවි කඳුර’ කියන මේ ටෙලි නාට්‍යයේ පිටපත සුනේත්‍රා රාජකරුණාගේ. ලංකාවේ අවසන් රජතුමා අල්ලා ගැනීම සඳහා ජෝන් ඩොයිලි ලංකාවට ආ කාල වකවනුවේ අපේ රටේ සිංහල හා මුස්ලිම් ජනතාවගේ හැසිරීම්, ඔවුන්ගේ ජීවන රටාවන් ඔස්සේ තමයි මේ ටෙලි නාට්‍යය දිග හැරෙන්නේ.

ජෝන් ඩොයිලිගේ දින පොතේ මේ කරුණු සවිස්තරාත්මක ලියැ වී තිබෙනවා. මම රන්ගිරට සම්බන්ධව සිටි කාලයේ නෙරන්ජන් විජේරත්න මහතා ළඟ තිබී ඩොයිලිගේ දින පොත කියවන්න ලැබුණා. එහි සිංහල පරිවර්තනයකුත් තිබුණා.

මම මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ නිලමේ කෙනෙකුගේ් චරිතයක්. ක්‍රිස් හැරිස් ඩොයිලිගේ චරිතය රඟපානවා. මිනිහා මගේ හොඳ මිත්‍රයා. මම හිතන්නේ ලංකාවේ වැඩ වැඩිම නළුවද මන්දා.

මෙවැනි ඓතිහාසික පසුබිමකින් යුත් ටෙලි නාට්‍යයකට රංනයෙන් දායකවීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තෙන්ම සතුටු වෙනවා. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ තුසිත ද සිල්වා කියන දක්ෂ අධෂ්‍යක්ෂවරයා. ග්‍රේස් ආරියවිමල් ප්‍රථම වතාවට මගේ් බිරිඳ හැටියට රඟපානවා. මේ ටෙලි නාට්‍යයටත් ඉතාම දක්ෂ නළු නිළියන් පිරිසක් සම්බන්ධ වෙනවා. තාම රූගත කිරීම් ඉවර නැහැ.

ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ ‘මකරා’ විදිහටත් ඔබ ප්‍රේක්ෂකයා අතරට එනවා . . . .?

මේක සර්වකාලීන නාට්‍යයක්. මේ නාට්‍යය එක්දාස් නවසිය හතළිස් ගණන්වල රුසියාවේ බිහි වුණ නිර්මාණයක්. හැම සමාජ තලයකටම ගැළපෙන, ඕනෑම කාලෙකට ඔබින අපූර්ව නිර්මාණයක් විදිහටයි මම ‘මකරාක්ෂයා’ දකින්නේ.

තමන් ගැන තමන්ට හිතන්න බල කරන ස්වභාවයක් මතුවෙනවා ඒ නාට්‍යයේ පිටපතෙන්. ඒක සුරංගනා කතාවකුත් එක්ක බද්ධ වෙලයි යන්නේ. දැනට මම දර්ශන පහයි රඟපාලා තියෙන්නේ මකරා හැටියට. 23 වැනිදා තව දර්ශන දෙකක් ලුම්බිණි රඟහලේ වේදිකාගත වෙනවා. අගෝස්තු මාසයේත් තියෙනවා.

‘මකරා’ වීමට පෙරාතුවත් ඔබ මේ නාට්‍යයට අසීමිතව ඇළුම් කළ රසිකයෙක්?

මේ නාට්‍යය මුලින්ම මම නැරඹුවේ එක්දාස් නවසිය අසූ ගණන්වල. මම කහවත්තේ මැණික් වෙළෙන්දෙක් වෙලා හිටපු අවධියේ. ඒ කාලේ මම ඒක බැලුවේ අර අපූර්ව සුරංගනා කතාවත් එක්ක බද්ධ වෙලා.

ඊට වඩා යමක් නාට්‍යයේ තිබුණා කියලා හැගුණට මම ඒ ගැන වැඩිය කල්පනා කරන්න ගියේ නැහැ. පස්සේ ධර්මසිරි මේ චරිතය මට බාර දුන්නට පස්සේ දේශපාලනමය වශයෙන් මෙහි තිබෙන බැරෑරුම්කම මම මතු කරන්න පටන් ගත්තා.

කොහොමද ‘මකරා’ ට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර?

හුඟාක් හොඳයි. ලයනල් වෙන්ට්ඩ් එකේ තිබුණ දර්ශන දෙක ඉතාම සාර්ථකයි. අපි සුමාන හයක් විතර අඩු කාලයක් තමයි මේ පුහුණුවීම් කළේ. හැබැයි උදේ 9.00 ඉඳන් රෑ 9.00 වෙනකල්ම කළා.

එවැනි කැප කිරීමක් කරන එක මම හිතන්නේ ඕනැම නළු නිළියකට අමාරුයි අද තියෙන තත්ත්වයක් එක්ක. ඒවටත් අපිට හැඩ ගැහෙන්න වුණා.

‘මකරා’ මුලින්ම මම දැක්කේ වින්ස්ටන් සේරසිංහ කියන ශූර නළුවා රඟපෑ ආකාරය. නමුත් පසු කලෙක ඔහු ඉවත්වීම නිසා තමයි මට ‘මකරා’ වෙන්න ලැබුණේ. වික්ටර් රාමනායක කියන මගේ මිත්‍රයා තමයි ධර්මසිරි බණ්ඩාරනායක ළඟට මාව එක් කර ගෙන ගියේ.

සේරසිංහ ‘මකරා’ගෙන් ඉවත්වීම තුළ අපේ නළු නිළියන්ට ගත හැකි විශාල පාඩමක් තියෙනවා?

සර් ලෝරන්ස් ඔලිවියර් කියන මහා නළුවා කියා තිබෙනවා ‘කවද හරි දවසක ඔබට ඔබේ දෙබසක් අමතක වුණෝතින් ඔබ එදාට වේදිකාවෙන් සමුගන්න ඕනෑ’ කියලා. ඉතින් සේරසිංහයන්ටත් ඒ දේ සිද්ධ වෙලා තමයි ඔහු වේදිකාවෙන් සමු අරගෙන තියෙන්නේ.

ඔහු බොහොම කැපවීමෙන් ඉංග්‍රීසි වේදිකාවේ රඟපෑ නළුවෙක්. අපි දෙන්නම රාජකීය විදුහලේ නිසා මම ඒ බව හොඳින් දන්නවා. අහම්බෙන් තමයි ඔහු සිංහල වේදිකාවට යොමුවෙලා තියෙන්නේ.

වත්මන් රාජකීය සිසු දරුවන්ට මෙවැනි විශිෂ්ට නාට්‍යය නිර්මාණයක් නරඹන්නට අවස්ථාවක් උදා වුණොත් එය ඔබටත් අභිමානයක් වේවි?

රාජකීය විද්‍යාලයට වසර එකසිය හැත්තෑ පහක් සපිරෙනවා මේ වසරේ. ඒ නිමිත්තෙන් විශේෂ කලා සහ සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ කමිටුවේ සභාපතිවරයා විදිහට පත් කර තිබෙන්නේ මාව. මට දැන් හිතෙනවා ‘මකරාක්ෂයා’ නාට්‍යයත් මේ උළෙලේදී වේදිකාවට ගෙන එන්න. මොකද අපි මේ නාට්‍යය රඟ දැක් වූ දින පහේදීම අපට වැඩිම ප්‍රතිචාර ලැබුණේ කුඩා ළමයින්ගෙන්.

ආරම්භයේ පටන් අවසානය දක්වා ඔවුන් විනාඩි පහෙන් පහට හිනා වුණා. සුරංගනා කතාවක් විදිහට තමයි ඔවුන් එය රස වින්දේ. මම හිතනවා මෙවැනි දේවලට ළමයි හුරු කළොත් එය ඔවුන්ගේ රසඥතාවය මතු කර ගැනීමට අවස්ථාවක් වෙයි කියලා.

ඒ වගේම රාජකීය විදුහලේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාරිනී රත්නා ලාලනී ජයකොඩි රඟන ජයලත් මනෝරත්නගේ ‘ගුරු තරුව’ත් මේ කලා උළෙලට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙගා ටෙලි නාට්‍යය ගැන ඔබේ මතය දැන ගන්න මම කැමැතියි?

බොහෝ දෙනෙක් මෙගා ටෙලි නාට්‍ය විවේචනය කරනවා. ඒත් මොනවද මේ මෙගා කියලා බලන්න හරි ඒවායේ රඟපාන්න ඕනෑ.

දැන් ‘රන්ගිර’ වගේ ටෙලි නාට්‍යයක් එතකොට ‘මෙගා’ ගණයට වැටෙන්නේ නැතිද?

කෙනෙකුට එහෙමත් තර්ක කරන්න පුළුවන්. ඒ මෙහි කොටස් ප්‍රමාණය තරමක් වැඩි නිසා. නමුත්’රන්ගිර’ බොහොම සංයමයකින් රූගත කළ ටෙලි නාට්‍යයක්.

දවසකට රූගත කළේ දර්ශන හතරක්, නැතිනම් පහක් විතරයි. නමුත් මෙගා නාට්‍යයවල දවසකට දර්ශන දහය, පහළොව රූගත කරනවා. එතකොට නිර්මාණකරුවන්ට වඩා ටෙලි නාට්‍යය කම්කරුවෝ කිව්වොත් හරි.

තවම ඔබ ඒ තැනට වැටිලා නැහැ?

නෑ ඉතින් මමත් ඒ අත්දැකීම විඳිමින් ඉන්නවානේ. හැමෝටම වගේ මටත් එයින් අත් මිදෙන්න බැහැ.

මෙගා නාට්‍යයවලට අද වැඩිපුර යොමු වෙලා ඉන්නේ තරුණ පරපුර. නමුත් ඔබ වැනි අත්දැකීම් බහුල, ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඒ තැනට පත්වෙනවා කියන්නේ?

මෙගා නාට්‍යය කියන්නේ මොකක්ද කියලා මට නිකං විස්තර කරන්න බැහැ. එක අත්දැකීමක් හරි තියෙන්න ඕනෑ. ඒ නිසා තමයි මම මේ මෙගා නාට්‍යයට සම්බන්ධ වුණේ.

‘වහින්න මුතු වැස්සක්’ මේ දවස්වල විකාශය වෙනවා. ඒකෙ මම රඟපාන එඩ්වඩ් කියන චරිතය ප්‍රේක්ෂකයන් අතරේ බොහෝම ජනප්‍රියයි. මට නම් ඒ චරිතයේවත්, ටෙලි නාට්‍යයේවත් විශේෂත්වයක් පේන්නේ නෑ.

නමුත් ජනතාව පුදුම විදිහට ඒකට ආකර්ෂණය වෙලා තියෙනවා. සමහර විට අපි බොහෝම සුළුයි කියලා අතාරින දේ තුළ යම් යම් වටිනාකම් තියෙන්න පුළුවන්. මටත් පුදුමයි ඒක.

මම හිතන්නේ අවුරුදු විසි පහක් පුරා ඔබ ටෙලි නාට්‍යය සෑහෙන සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. නමුත් ඇගයීමට ලක් වුණේම නැති තරම්?

1985 වසරේ ධර්මසේන පතිරාජගේ ‘ගඟුළෙන් එගොඩට’ ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම මම රඟපෑවේ. මේ වෙන කොට ටෙලි නාට්‍යය හැට නවයක මම රඟපා තියෙනවා. ඔබ කිව්වා ඇත්ත. මාව ඇගයීමට නම් ලක් වුණේ නැහැ.

මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ කෙටි කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ ‘කරත්තය’ ඒකාංගික ටෙලි නාට්‍යයට මට රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමි වුණා.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. එච්චරයි මට ලැබුණ සම්මානය. ඒත් මගේ හිතේ ඒ ගැන කනස්සල්ලක් නැහැ. නළුවකු වශයෙන් මම තෘප්තිමත්.

නමුත් සිනමා නළුවකු හැටියට නම් ඔබ කුලුඳුල් චිත්‍රපටයෙන්ම සම්මානයට පාත්‍ර වුණා?

ඔව්. 1995 වසරේ ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම නවක නළුවාට හිමි සරසවිය සම්මානය ලැබුණා. ඊට පස්සේ 2006 වසරේදී ‘අංජලිකා’ චිත්‍රපටයේ පියදාසගේ චරිතය වෙනුවෙන් මට කුසලතා සම්මානයක් ලැබුණා. ජනාධිපති සම්මාන උළෙලේ ජූරියේ විශේෂ ඇගයීමට ලක් වුණා.

මා අසා තිබෙනවා ඔබ බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් ගේ රංගන රීතියට ඉතා ප්‍රිය කරන නළුවෙක් කියා. රංගනය පිළිබඳ ඔබ කිසියම් විධිමත් හැදෑරීමක් කර තිබෙනවා ද?

කුඩා කාලේ ඉඳලම රංගනය පැත්තට මගේ නැඹුරුවක් තිබුණා. ඒ කාලේ සති අන්තයේ දවසක තාත්තා මට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටයක් පෙන්නනවා. සිංහල චිත්‍රපටත් පෙන්වනවා.

රීගල් සිනමාහල එක්දාස් නවසිය හැට ගණන්වල ඉඳලා මට හරි පුරුදු තැනක්. මගේ ළමා කාලේ අවුරුදු දහයක් විතර එක දිගට චිත්‍රපට බලන්න මට අවස්ථාව ලැබුණා.

ඒ නැරඹීම තමයි අධ්‍යයනයක් විදිහට වෙනම පැත්තකින් මතු වෙලා ආවේ. පාසල් වේදිකාවත් හොඳ තෝතැන්නක් වුණා. එදා තාත්තා ඒ පැත්තට මාව යොමු කළ නිසා තමයි මට රංගන ශිල්පියෙක් වෙන්න අවශ්‍ය පරිසරය සකස් වුණේ.

එතකොට ඔබ රංගනය පිළිබඳ විධිමත් හැදෑරීමක් කර නැහැ?

ඔය විදිහට තමයි මගේ නළුකම ඔප මට්ටම් වෙන්නේ. එතකොට මම රංගනය හා රංගන ශිල්පීන්, රංගන ශිල්පිනියන් ගැන ලියැවුණ පොත් රාශියක් කියවා තියෙනවා.

ඇත්තෙන්ම පොත පත පරිශීලනය තුළින් අපට පුළුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. බ්‍රෙෂ්ට් කියන්නේ මොකක්ද, ස්ටැනිස්ලොව්ස්කි කියන්නේ මොකක්ද මේ හැම දේ ගැනම අවබෝධයක් තියෙනවා නම් අපට ඒක කවදා හරි ප්‍රයෝජනවත් වෙනවා.

මට කියන්න බෑ වේදිකාවට ගිහින් අද මම රඟපාන්නේ බ්‍රෙෂ්ට් ගේ සම්ප්‍රදාය කියලා. දර්ශන තලයට ගිහින් කියන්න බෑ මේ කරන්නේ ස්ටැනිස්ලොව්සකිගේ රංගන විධි ක්‍රමය කියලා. නමුත් ඒවායින් සන්නද්ධ වෙලා එතනට යනකොට තමන් ලොකු විශ්වාසයක් ඇතුව ඒ වැඩේ කරන්න පුළුවන්.

එහෙම නොවන කෙනෙකුට හොඳ නළුවෙක් වෙන්න බැරිද?

අපි දැකලා තියෙනවා සමර නළුවෝ දර්ශන තලයට ආවාම ඒ අවශ්‍ය දෙබස හරියට කියා ගන්න බැහැ. අංග චලනයන් හරියට හසුරුව ගන්න බැහැ. ඒ අර සන්නද්ධ බව නොමැති නිසයි.

රංගනය කියන්නේ බොහෝ වටිනා, ගරු කළ යුතු කලාවක්. අපි මේ කරන්නේ රංගනය තුළින් සමාජයට වටිනා හරපද්ධතීන් එකතු කිරීම. මම හැමදැම උදේට නොවැරදීම පත්තරේ ගන්නවා. මේ ක්ෂේත්‍රයේ හැමෝම දන්න දෙයක් ඒක.

ඒත් සමහරු පත්තරයක්, පොතක් බලන්නේ නැහැ. මට හිතෙනවා මේ අය මොනවද කරන්නේ කියලා. රඟපානවා කියන්නේ් මේ නිකං පිටපතක් අරගෙන කියවන එක නෙවෙයිනේ. රටේ, ලෝකේ මොනවද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනෑ.

පී. බී. ඉලංගසිංහ කියන සොඳුරු මිනිසා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා හමු නොවුණා නම් ඔබ මම හිතන්නේ සමහර විට නළුවෙක් නොවන්නත් තිබුණා?

ඔව්, අනේ් ඒක හරි වැදගත්. විජය කුමාරතුංග හිටියේ අපේ ගමේ තලකොටුවේ වත්තේ. අපි කොල්ලෝ ටික හැන්දෑවට ක්‍රිකට් ගහනවා. විජය කුමාරතුංග ඔතනින් පයින් ඇවිදගෙන යනවා කළු ටී ෂර්ට් එකයි, කළු කලිසමයි ඇඳගෙන පාර්ක් රෝඩ් එකට.

හරි ලස්සන ඉලන්දාරියෙක්. අපි ක්‍රිතට් ගහන එක නවත්වනවා එයා පාරේ යනකොට. අපේ කොල්ලෝ හතර පස් දෙනෙක් දුවනවා එයා පස්සෙන්. විජය තමා එතකොට ලංකාවේ ජනප්‍රියම නළුවා.

විජය වගෙ නළුවෙක් වෙන්න ඕනෑ කියලා එදා හිතුණේ නැද්ද?

නැහැ, නැහැ ඒ වෙන කොටත් මගේ එහෙම හිතක් තිබුණේ නැහැ. මම තව ටිකක් ලොකු වෙනකොට සරුංගල් අරින්න තලකොටුවට යනවා. ඔය පී. බී ඉලංගසිංහ, දයා තෙන්නකෝන්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, විජය කුමාරතුංග, වික්ටර් රත්නායක, ධර්මසේන පතිරාජ, සෝමසිරි දෙහිපිටිය, ලයනල් ප්‍රනාන්දු වගේ පුදුමාකාර රෑනක්. නම් කියන්න ගියෝතින් මාව අමාරුවේ වැටෙයි.

මේ සේරම එකතු වෙන්නේ පී. බී. ගේ කාමරේ. මට විජය මුණ ගැහෙන්නේ් එතනදී තමයි මිතුරෙක් විදිහට. ඔහු මහජන පක්ෂය පිහිටවපු වෙලාවේ නිවිතිගල ආසනයේ සම්බන්ධිකරණ නිලධාරියා වුණේත් මම.

ධර්මසේන පතිරාජගේ හමුවීම තමයි ඔබේ රංගන දිවියේ ආරම්භය?

පතිරාජගේ චිත්‍රපට රූගත කිරීම්වලට පවා මම යනවා ඒ කාලේ. කවදාවත් මම කියලා නෑ රඟපාන්න තැනක් දීපං කියලා. සොල්දාදු උන්නැහේ, පාර දිගේ, සිර කඳවුර රූගත කරනවා බලන්න මම ගියා.

සොල්දාදු උන්නැහේගෙන් පස්සේ පතිරාජ කාලයක් නිහඬව හිටියා. 1985 දී ඔහු පළමුවැනි ටෙලි නාට්‍යය ගඟුලෙන් එගොඩ නිර්මාණය කළා. නළු නිළියෝ ස්ථාන ගත කරද්දී පතීම එක පාරටම කිව්වා ‘අඩේ උඹ වරෙන් අර සිරිසේනගේ් චරිතයට කියලා. ඔහොම තමයි මම නළුවෙක් වුණේ.

READ MORE - ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ ‘මකරා’

පූජා නමින් ටෙලි නාට්‍යයක් කාංචනා යළි රංගන චාරිකාවේ

එය රිදී තිරය හරහා සම්මානනීය වූ ධර්මසිරි ගමගේ ගේ පූජා නොවේ

පූජා රිදී තිරයට සමීපතම නමකි. එසේම එය සම්මානනීය චිත්‍රපටයකි. යස ඉසුරු චිත්‍රපටයෙන් සම්මානනීය වූ ධර්මසිරි ගමගේ රිදී තිරයට තිළිණ කළ දෙවැනි චිත්‍රපටය පූජා.

එහෙත් එකී කතාව නොවුවද පූජා නමින් ටෙලි නිර්මාණයක් පුංචි තිරයට සැදීමේ වැඩ කටයුතු ඉකුත් 01 දා කොළඹ ඉන්ටර්කොන්ටිනල් හෝටල් පරිශ්‍රයේදී ඇරැඹිණි.

පුංචි තිරයට එක් වන මේ පූජා ප්‍රදීප් රත්නායකගේ අධ්‍යක්ෂණයකි. ප්‍රදීප් මීට ප්‍රථම සසර සරන්නී නමින් නම් වූ ඒකාංගික පොහොය නාට්‍ය මාලාවක් නිර්මාණය කොට තිබේ.

මේ පූජා හී පූජා ජානකී විජේරත්නයි. කලකට පසුව ජානකී ප්‍රධාන චරිතයකින් ඔබ හමු වන්නේ ද පූජා සමඟිනි. පූජාගේ පෙම්වතා ධනංජය සිරිවර්ධනයි.

මවු පදවිය නිසා තාවකාලිකව රංගනයෙන් සමු ගත් සම්මානනීය නිළි කාංචනා මෙන්ඩිස් යළි රංගන කාර්යය ඇරැඹීමට නියමිතව ඇත්තේ පූජා හරහාය.

ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, සනෝජා බිබිලේ, මානෙල් වානගුරු, ගයාන් වික්‍රමතිලක, රුවන් වික්‍රමසිංහ, චින්තක පීරිස්, පුබුදු ගමගේ, උද්දික ප්‍රේමරත්න, ශෂිකා පීරිස්, මේනකා මධුවන්ති සමඟ සුලෝචනා වීරසිංහයන නළු නිළියන් රැසකගෙන් පූජා ඔපවත් වී තිබේ.

පූජා හී තෙවැනි ඇස මෙහෙයවීම සුරේෂ් ධම්මිකගෙනි. රුවන් කුමාරනායක අතිරේක කැමරා ශිල්පියාය. සංස්කරණය සමිත් ප්‍රනාන්දුගේය.

නිෂ්පාදන කළමනාකරණයට ජයන්ත විජේරත්න එක් වෙති. චමින්ද පෙරේරා සහය අධ්‍යක්ෂවරයා වේ. සුමිත් හිරාන් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් පූජා හැඩ කරති. රුචිර සංජීව දායක වන්නේ අංග රචනයෙනි.

ලාංකේය සංගීත කලාව නව මාවතකට යොමු කළ සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ නියමු තුසිත් නිරෝෂණගේ සංගීත ස්වර රටාවෙන් සහ සමිතා එරන්දතීගේ මියුරු හඬ මුසුවෙන් පූජා තවත් වර්ණ ගැන් වී තිබේ.

නොබෝ දිනකින් රූගත කිරීම් ඇරැඹෙන මේ සොඳුරු ටෙලි නිමැවුමේ නිෂ්පාදන බරපැන අයි – මැක්ස් එන්ටර්ටේන්මන්ට් ආයතනයෙනි.

READ MORE - පූජා නමින් ටෙලි නාට්‍යයක් කාංචනා යළි රංගන චාරිකාවේ

ආදරේට පෝර..........

"හෙට ඉඳලා අපේ ආදරේ දළුලා වැඩෙයි අනුලා” හවස් යාමයේ මුහුදු වෙරළට වී තම පෙම්වතිය සමඟ පෙම්බස් දොඩමින් සිටි වසන්ත කීවේය.

"ඒ මොකද වසන්ත?” අනුලා ඇසුවේ තරමක විමතියෙනි.

"හෙට ඉඳලා මං පෝර සංස්ථාවේ වැඩට යනවා." වසන්ත කීවේ පී‍්‍රතියෙනි.

READ MORE - ආදරේට පෝර..........

ආදරණීය ජෝති

රෝස මල් ඇතිරූ මාවතක
පිය නැගූ රාජ කුමාරයකු නොවුණ ඔබ
කටු අකුලින් පිරි මාවතක සපැමිණ
දස දහසක් රසික සිත්
මධුර හඬකින් නළවා
ගී ලොවේ සතපා
සමුගෙන ගියත්

මෙලොවින්
ගී ලොවේ සිහසුන
දරා ඉන්නේ
අදත් ඔබමයි


හදේ රැවු දෙන
ඔබේ ගීත රාවය
සමඟ මුසු වන
සැබෑ මිනිසත්කමේ සුවඳද
සදා ඔබ ජීවත් කරයි
අප හදවත් තුළ.

ධර්මා ඒකනායක
මාතලේ.

READ MORE - ආදරණීය ජෝති

‘වේදිකාවේ අසඩක්’

‘වේදිකාවක් මත පළමුවරට නාට්‍යයක් රඟ දැක්වෙනු දැකීමෙන් මගේ සිත් සතන් බොහෝ සේ සසල වී යයි කීම නොකියමනකි. ඒ නිසා මගේ සිත සම්පූර්ණ උඩු කරණමක් ගැසුවා සේ වී යැයි කීම වඩාත් උචිතය’.

සත පනහේ ගැලරියේ ටිකට් එකකින්, පොල් අතු රඟහලකදී ‘සැඟවුණු පිළිතුර’ නම් තම මුල්ම නාට්‍ය අත්දැකීම විඳ ගත් ආකාරය පිළිබඳ හෙන්රි ජයසේනයන් පසුකාලීනව සටහන් කර තැබුවේ එසේය. එකී නාට්‍ය බැලීමෙන් තමන් ද නළුවකු විය යුතු යැයි සිතූ ඔහු ඊළඟට කළේ ලිපියක් ලිවීමය.

‘ගම්පහදී ඔබ සැම රඟ දැක් වූ නාට්‍ය බලා මම බොහෝ සේ සතුටු වුණෙමි. මම ද කවි කීම, සින්දු කීම ආදියෙහි දක්ෂකම් ඇති ළමයෙක්ය. මට අවුරුදු දහයක් විතර වේ.

ඔබේ කණ්ඩායමට බැඳී අර වාගේ වේදිකාවේ රඟපෑමට මම ද කැමැතිය. මම තවම රඟපා නැත. ඒත් හොඳට රඟපෑමට පුළුවන් කියා සිතමි. ඔබ කැමැති නම් බස් එකක නැඟී මට මීගමුවට එන්න පුළුවන්’.

එහෙත් මේ ලියමන තැපැල් කර යවන්නට අවැසි සත හයක් සොයා ගැනීමටත්, පරණ ලියුම් කවරයක් කණ පිට හරවා ගැනීමටත් කාලය අවශ්‍ය වූයෙන් එතෙක් එකී ලියුම හෙතෙම ඇඳුම් අල්මාරියේ සඟවා තැබීය.

අක්කාට හසු වූ ඒ ලියමන ගියේ මීගමුවට නොව තාත්තාගේ අතටය. අලි අමාරුවක වැටෙන්නට ගිය හෙන්රි එදා බේරුණේ ලොකු අයියාගේ පිහිටෙනි. ටික දොහක් ගෙවී යද්දී මලනුවන්ගේ ‘කලා’ වුවමනාව වටහාගෙන සිටි ලොකු අයියාගෙන් හෙන්රිට අදහා ගන්නවත් අමාරු ආරාධනාවක් ලැබිණි.

‘චන්ද්‍රසෝම හෙට ලැහැස්ති වෙයන් මාත් එක්ක කොළඹ යන්ඩ’.

‘මොනවටද ලොකු අයියේ?’

‘ඔයාට හොඳ චාන්ස් එකක් අරං දෙන්ඩ මං යන්නෙ, ඔයාට රේඩියෝ එකේ සිංදු කියන්ඩ පුළුවන්. ඔය අනිත් විගඩං ඕනෑ නෑ’.

‘සිරි අයියේ මේ තමයි අර මම කියාපු මගේ මල්ලි’.

‘කෝ බලමු, ඔයාට පුළුවන් නේද චන්ද්‍රසෝම අපට ඇහෙන්ඩ කවියක් කියන්න?’

‘පුළුවන්, ඒත් අපි පුරුදු වුණේ සීපද’.

හෙන්රිගේ ගායනය සාවධානව අසා සිටි සිරි අයියා ‘හොඳයි, බොහොම හොඳට කිව්වා. ඒත් ඔච්චර හයියෙන් උස් හඬින් කියන්ඩ ඕනෑ නෑ’.

එතැන් සිට ළමා තීරයට සහභාගී වෙන්නටත්, ගායනය රංගනය ඉගෙන ගන්නටත්, කීයක් හරි හොයා ගන්නටත් හෙන්රිට අවස්ථාව ලැබිණ. එලෙස ගුවන් විදුලියේ ළමා තීරයෙන් තම අනාගත ගමන් මඟ සැකසුණු වග හෙන්රි ජයසේනයන් පසු කළක සටහන් කර තැබුවේය.

ගුවන් විදුලි වැඩ සටහන්වලට සහභාගීවීමෙන් ද, වේදිකාව මත ගීත රඟ දැක්වීමෙන් ද ලද පුහුණුව නිසා පසු කලෙක නාට්‍යවල රඟපෑමේදී මට කිසිදු සබකෝලයක් හෝ වේදිකා භීතියක් නොදැනිණ. හෙන්රි වේදිකාවට ඇලුම් කළේ හුදු නළු ආශාව නිසා පමණක් නොව එය ඔහුගේ ආත්මය වූ නිසාවෙනි. ඒ වග අපට පසක් කර දෙන්නේ ඔහුගේ මේ වචන පෙළය.

‘මගේ පුද්ගලික ලෝකයේ එක් පැත්තක වේදිකාවක් පැවැතියේය. අනෙක් පැත්තෙන් මා සමඟ පමණක් කතාබහ කරන, අඬන දොඩන සිනාසෙන චරිත රාශියක්ම විය. මගේ් වේදිකාවේ සිට මම ඔවුනට නිරතුරුවම කතා කළෙමි. උන්ගේ දුක්ඛ දෝමනස්සයන් ගැන විචාළෙමි. කරුණු මෙසේ තිබියදී ශාලාවක නියත වේදිකාව මට අරුමයක් නොවීය’.

හෙන්රි ජයසේනයන් කුඩා කල සිටම තම පාලුව, කාන්සිය අකා මකා ගන්නා අටියෙන් ගස් වැල් සමඟ ද, මේස පුටු සමඟ ද සංවාදවල පැටලී සිටි වග වරක් මා සමඟ ද කීවේය.

එකී පුරුද්දත් රංගනයට ඇති ලැදියාවත් ඇතිව නාලන්දයට ඇතුළු වූ හෙන්රිට, සිරි අයියා යටතේ ‘හරිශ්චන්ද්‍ර’ නාට්‍යයේ රඟන්නට වරම් ලැබිණ.

එහිදී පුංචි රෝහිත ගේ චරිතයට පණ පෙවූ හෙන්රිගේ රඟපෑම දුටු ගුණපාල මලලසේකරයන්, බොහොම හොඳයි, බොහොම හොඳයි කියමින් පුංචි හෙන්රිගේ හිස අත ගා අනාවැකියක් ද කීවේය.

‘මේ ළමයට නළුවෙක් හැටියට හොඳ අනාගතයක් තියෙනවා’. ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවක රඟපෑ දවසේම මෙරට පහළ වූ විශිෂ්ට බුද්ධිමතකු වූ මලලසේකරයන්ගෙන් පැසසුම් ලද හෙන්රි, ගම්පහ පොල් අතු ශාලාවේ රුක්මණී දේවිය වේදිකාවේ රඟනු දැක සිත් සතන් හී ඇති වූ චමත්කාරය ද එකී මංගල රංගනයෙන් අත් වින්ඳේය.

ඒ අනුව ජේ. එස්. සී පන්තියේ ශිෂ්‍යකුව සිටියදීම තම නළු සිහිනය සැබෑ කර ගත් හෙන්රි පාසල් හිත මිතුරන් අතර ‘රෝහිත පුතා’ නම් ආදරණීය ආමන්ත්‍රණයේ හිමිකරුවා වීමට තරම් වාසනාවන්ත විය.

එහෙත් ගෙදර දී වාසනාව අකරතැබ්බයකට පෙරළින. ඒ හරිශ්චන්ද්‍ර නාට්‍යයේ රෝහිත පුතා ගයන පද පේළියක් දෙකක් තාත්තාගේ සාප්පුවේ කවුන්ටරයේ කුරුටු ගාන්නට යාමෙනි.

‘කෑම නැතිව සිටින මගේ

වෙහෙස නිසා දෙපය ගැහේ’

එය දුටු තාත්තා වහා හෙන්රිව තමා වෙත කැඳ වීය.

‘උඹ අද දවල්ට කෑම කෑවද?’

‘ඔව්, මම කෑවා’.

‘එහෙනම් මොනවද උඹ මේ ලියල තියෙන වල් බූත?’

අන්දුන් කුන්දුන් වී ගිය හෙන්රි මඳකින් සිහි එළවාගෙන පිළිතුරු දුනි.

‘මේක මං නිතර කියන සිංදුවක පේලි දෙකක්’.

‘සිංදුවක්? මොන රුදාවකටද උඹ මෙහෙම සිංදු කියන්නෙ? කාගෙද මේ ජරා සින්දුව’.

‘මේක අපේ හරිශ්චන්ද්‍ර නාට්‍යයේ සිංදුවක්. මම ඒක නිතර කියනවා. කවුන්ටරේ ඉන්න අතරේ මා අතින් මේ කොල කෑල්ලෙ ලියවෙන්ඩ ඇති’ හෙන්රි උත්තරයක් ගැට ගහ ගත්තේය.

‘කවුද උඹට නාට්‍ය නටන්ඩ අවසර දුන්නෙ? මං උඹව ඉස්කෝලෙ යවන්නෙ ඉගෙන ගන්ඩ. නඩලං නටන්ඩ නෙවෙයි. උඹ ලියුමක් ගේන්ඩ ඕනෑ, උඹලෑ සිරි අයියගෙන්, මේක ඔය කියන මොකක්ද නාට්‍යයේ සිංදුවක කෑල්ලක් ය කියලා.

මේ සාප්පුවත් දැන් පිස්සු මඩුවක් වෙලා. කුරුටු ගාන්නෙ නැතිව අත් දෙක නිකන් තියන් ඉන්න බැරි නම් උඹ මීට පස්සෙ කවුන්ටරේ වැඩට යන්ඩ එපා’.

හෙන්රිගේ නාට්‍ය වුවමනාව යළිත් වතාවක් මතුව ආයේ ශිෂ්‍ය අවධිය නිමවා පිටිසරබද පාසලක ඉංග්‍රීසි උප ගුරුවරයකු වූ පසුය. ඒ අසරණ ළමයින්ට පිහිට වෙන්නටය. ඔහු ගුරු සගයන්ට තම අදහස හෙළි කළේය.

‘අපි නාට්‍යයක් කරමු’.

‘ඒ මොකටද ඉංගිරිසි මහත්තයෝ’

‘ළමයින්ට පොත් පත්, ගල්ලෑලි, ගල්කූරු, එක්සයිස් පොත් එහෙම අරං දෙන්ඩ’

‘නාට්‍යයක් නටලා?’

‘ඔව්, අපි නාට්‍ය පෙන්නන්නේ ටිකට් ගහලා. සල්ලි අය කරලා. එකතු වෙන සල්ලිවලින් අපි ළමයින්ට අඩුපාඩු අරං දෙමු’.

‘අනේ මහත්තයෝ, එදා වේල අමාරුවෙන් ගැට ගහ ගන්න මේ මිනිස්සුන්ට මොන නාට්‍යයද? ටිකට් ගන්ඩ ඒ ගොල්ලන්ට කොහෙන්ද සල්ලි?’

‘කවුද රඟපාන්නේ?’

‘රඟපාන්නෙ ළමයිනුයි අපියි, වෙන කවුද?’

‘කෝ ඉස්ටේජ් එකක්?’

‘ඒක සුළු දෙයක්. අපට පුළුවන් දිග බංකු එකට බැඳලා ස්ටේජ් එකක් හදා ගන්ඩ’.

එකී කඩුළු එකින් එක පැන්න හෙන්රි ජයසේන ඉංගිරිසි මහත්තයා අතින් අවසන නාට්‍යයක් ලියැවිණ. ඒ ‘ජානකී’ය. එකී නාට්‍යයේ ප්‍රචාරය සඳහා හෙන්රි අතින් පත්‍රිකාවක් ද ලියැවිණි.

‘අමතක නොවන රාත්‍රියක්!’

‘රාමායනයේ උද්වේගතර ජවනිකා!’

‘ඔබේ ළමා ළපටියන්ගේ

දස්කම් දැක ගන්න!’

“ජානකී”

ඓතිහාසික නාට්‍ය

දෙහිපේ විද්‍යාල ශාලාවේදී

අගෝස්තු 26 දා

ප. ව. 6.30 ට සහ 9.30 ට

අය කිරීම ශත 50 සහ රු: 1.00

සිය ගණනින් රොක් වෙත්වා!’

ප්‍රචාරයේ ප්‍රතිඵල කාට කාටත් දැක ගන්නට ලැබිණ. ගම්මු පාසල කරා ඇදෙද්දී ඒ සුබාරංචිය ඉස්කෝල මහත්තයාගේ කනේ තිබ්බේ හයේ පන්තියේ කොලු පැටියෙකි.

‘ටිකට් ඉවරයි!’

‘එහෙම නම් පටන් ගමු!’ සතුට සඟවා ගත් ඉංගිරිසි මහත්තයා කීවේය. ප්‍රතිඵලය සතුටුදායකය. කවුරුත් හොඳ කියන්නට වූහ.

‘ඉංගිරිසි මහත්තයා හොඳ එකා, ඒකා අපේ ඉස්කීලෙට ආඩම්බරයක්’.

ඒ නාට්‍යයෙන් රුපියල් දෙසිය හැට දෙකයි ශත පණහක ලාභයක් ලැබිණ. එය පාසලේ අරමුදලක් වී අඩුපාඩු ඇති ළමුන්ගේ පිහිටට එන අරමුදලක් විය.

එහෙත් ගමේ ගොඩේ මිනිසුන් අතරත් ගෙදර උදවිය අතරත් ‘චන්ද්‍රසෝම’ ලෙසින් සිටි මේ ඉංගිරිසි ගුරුවරයා, ගුරු වෘත්තියෙන් මිදී කොළඹ ආයේය. ඒ හෙන්රි ජයසේන නමිනි. ඒ නැවතත් නාට්‍යත් සමඟ වේදිකාවට ගොඩවීමේ අදහස ඇතුවය.

ඒ ආ ගමනෙන් පසු ගත් උත්සාහයත් හිත්‍ර මිත්‍ර උපකාරයත් නිසාවෙන් ටී. බී. ඉලංගරත්නගේ ‘හඳහන’ වේදිකා නාට්‍යයේ රඟපෑමේ අවස්ථාව හෙන්රි ජයසේනට හිමි විය.

ඊළඟට හෙන්රි ජයසේනයන් අත ගැසුවේ ‘මනමාලයෝ’ නාට්‍යයටය. 1954 නොවැම්බර් මස බොරැල්ලේ වයි. එම්. බී. ඒ හිදී එකී නාට්‍ය වේදිකා ගත කරන්නට ඔහුට හැකි විය. ඉන් පසුව ‘වැදගත්කම’ වේදිකාවට එක් විය. අනතුරු මහ ඇදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ කුමරු වෙන්නට ද හෙන්රි ජයසේනයන්ට හැකි විය.

පසු කලෙක ලාංකේය වේදිකාව අර්ථයෙන් ද, රසයෙන් ද පෝෂණය කළ ‘හුනුවටයේ කථාව’, ‘දිරිය මව’, ‘කුවේණි’, ‘ජනේලය’, ‘මකරා’ ඇතුළු සුවිශේෂ වේදිකා නාට්‍ය රැසක් සමඟ රංග පෞරුෂයක් ද දේශිය වේදිකාවට එක් කළ හෙන්රි ජයසේනයන්ට ඒ හපන්කම් කරන්නටත්, වේදිකාවේ ස්වකීය අණසක දශක ගණනාවක් පතුරවන්නටත් හැකි වූයේ ඔහු ලද අනන්ත අප්‍රමාණ අත්දැකීම් සම්භාරය නිසාය.

එසේම ඔහු අවසන් හුස්ම හෙළන තුරුම දැනුම සොයා ගිය, කයින් මිස සිතින් කිසිදා වයසට නොගිය තරුණයකු විය. එදා ඔහු වැර වෑයමෙන් උපයා ගත් දැනුම අත්දැකීම එක් කොට තැනූ නාට්‍ය අදත් රඟ දැක්වෙයි.

‘වේදිකාවේ අසඩක්’

‘සිනමාවේ පියල්’

ටෙලි නළුවේ සුදු සීයා ලෙසින් සිය රංග මුද්‍රාව තබා ගිය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවකු වූ හෙන්රි ජයසේන නම් සහෘදයා වෙනුවෙන් සරසවියේ තබන මේ සටහන ඔහුගේම උපුටනයකින් අවසන් කරනු කැමැත්තෙමි. ඒ මෙසේය,

වේදිකාවට ප්‍රවිෂ්ට වෙම්ද, නොවෙම්දැයි එහි අන්ධකාර මායිමේ සිට ඇඟිල්ලක් නිකට මත රඳවාගෙන කල්පනා කරන තරුණයෙකු තරුණියක මගේ මේ කථනය මත තීරණයකට එළඹෙන්නට බැරි නැත. එම නිසා සිත ගොළුවීමට පෙර, අත අකීකරුවීමට පෙර මා මෙය ලියා තැබිය යුතුය.

ප. ලි.

මේ සමරු සටහනට පාදක වූයේ ද හෙන්රි ජයසේනයන් එසේ ලියා තියා ගිය සටහන් ය.

READ MORE - ‘වේදිකාවේ අසඩක්’

සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

අඩ සියවසකට ආසන්න කාලයක් මෙරට චිත්‍ර කලාවේ උන්නතිය වෙනුවෙන් මහගු මෙහෙවරක් කළ ප්‍රවිණ චිත්‍ර ශිල්පී සීවලී ඉලංගසිංහයන්ගේ මීළඟ සිතුවම් දැක්ම මෙම මස 9 වැනිදා සිට 16 වැනි දා දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වේ.

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 9 වැනිදා සවස 3.30 පැවැත්වීමට නියමිත වේ.

සීවලී ඉලංගසිංහයන් මෙරට බොහෝ කලාගාරවල මෙන්ම ප්‍රංශය, ඇමෙරිකාව, ඉතාලිය, ස්වීඩනය ඇතුළු විදේශ රටවල් කිහිපයක චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් ජාත්‍යන්තර කීර්තියට පත් අයකි.

READ MORE - සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සිය දැනුම බෙදයි

ප්‍රවීණ ගායන ශිල්පියකු මෙන්ම සංගීතවේදියකු වන ඩබ්ලිව්. ඩී. ආරියසිංහයන් සහ ලලිත කලාවේදිනී සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මෙහෙයවන සංගීත පාඨමාලාවක් දැන් ඇරැඹී තිබේ.

මෙය කටහඬ පුහුණුව, ගායනයේදී ස්වර අලංකාරය සමඟ සංගීත රචනය ඇතුළත් අංග සම්පූර්ණ පාඨමාලාවකි.

මෙහි පංති පැවැත් වෙනුයේ සෙනසුරාදා දිනවල සවස 3 – 5 දක්වා මීගමුව බෞද්ධ මන්දිරයේ සහ ඉරිදා දිනවල උදෑසන 10 – 12 දක්වා මරදාන එල්ෆින්ස්ටන් හිදී වේ.

READ MORE - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සිය දැනුම බෙදයි

නාට්‍ය කලා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

ජාතික තරුණ සේවා සභාව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ කොළොන්නාව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය සංවිධානය කරනු ලබන නාට්‍ය හා රංග කලා පාඨමාලාවට අයැදුම්පත් මේ දිනවල කැඳවනු ලැබේ. රංගනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය, දේශීය හා විදේශීය නාට්‍ය කලාව, කලා රසාස්වාදය සහ අනුෂාංගික අංශයන් යටතේ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පාඨමාලාවක් වන මෙහි කාලය සය මසකි.

වයස අවුරුදු 15 ට වැඩි ක්ෂේත්‍රයට එක්වීමට උනන්දුවක් දක්වන අය සඳහා විවෘතව ඇති මෙම පාඨමාලාව සඳහා පහත ලිපිනයට තමා විසින්ම සකස් කළ අයැදුම්පතක් එවා සම්බන්ධ විය හැකියි.

තරුණ සේවා නිලධාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළොන්නාව,

READ MORE - නාට්‍ය කලා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

ලයිලා

ස්වර්ණවාහිනී කොමඩි ස්ටාර් නන්දන හෙට්ටිආරච්චිගේ කුලුඳුල් වේදිකා නිර්මාණ කාර්යය ලයිලා ලෙස නම් කොට තිබේ. එහි මුහුරත් උළෙල පසුගියදා තලාහේනේ බෝධිරුක්කාරාම විහාරයේදී නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

කතා කරන සුනඛයකු ආශ්‍රිතව තිර පිටපත සකස් කර තිබෙන ලයිලා ප්‍රහසන වේදිකා නාට්‍යකි.

දමයන්ත පෙරේරා, සුසිලා කෝට්ටගේ, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සුමිත් ගෝමස්, නුවන් දික්වැල්ල සමඟ නන්දන හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වෙති.

එළඹෙන අගෝස්තුවේදී වේදිකා ගතවීමට නියමිතව ඇති ලයිලා රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය නන්දන හෙට්ටිආරච්චිගෙනි.

ස්වර්ණවාහිනී කොමඩි ස්ටාර් නන්දන හෙට්ටිආරච්චිගේ කුලුඳුල් වේදිකා නිර්මාණය “ලයිලා “ මුහුරත් උළෙල ට එක් වූ දමයන්ත පෙරේරා, සුසිලා කෝට්ටගේ, දුලීකා මාරපන, නන්දන හෙට්ටිආරච්චි, විල්සන් කරු ඇතුළු පිරිස.

READ MORE - ලයිලා

අපේ සමහර ඇත්තෝ ඉන්නවා...........

Wednesday, July 7, 2010

READ MORE - අපේ සමහර ඇත්තෝ ඉන්නවා...........

නිදහස් රංගකලා සාමූහිකය Blog ලෝකයට පිවිසේ

නිදහස් රංගකලා සාමූහිකය Blog ලෝකයට පිවිසේ
Freedom Theater Group Launched Official Blog

http://www.ftgblog.tk


READ MORE - නිදහස් රංගකලා සාමූහිකය Blog ලෝකයට පිවිසේ

හෙන්රි ජයසේන නාට්‍ය උළෙල ලුම්බිනියේදී......

පැමිණ නරඹත්වා
හේතුව හෙන්රි ජයසේනයන්
,
වේදිකා නාට්‍ය කලාව තුළ,
තවමත් ජීවත්ව සිටින බැවිනි.
READ MORE - හෙන්රි ජයසේන නාට්‍ය උළෙල ලුම්බිනියේදී......

to ROCK your musical soul and break your heart

Monday, July 5, 2010


Date:
Saturday, August 21, 2010
Time:
6:00pm - 10:30pm
Location:
at LUMBINI HALL , GAMPAHA
City/Town:
Gampaha, Sri Lanka
READ MORE - to ROCK your musical soul and break your heart

ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි

Sunday, July 4, 2010


ජෝතිපාල ගැන දැන් හුඟක් කතා වෙනවා. ජීවත් ව සිටි ජෝතිපාලට වඩා මියගිය ජෝතිපාල හුඟක් ජනප්‍රිය යි.

අවුරුදු ගණනාවකට ඉස්සර ජෝතිපාල හමුවෙලා විශේෂාංගයක් කරන්න මම මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ ඔහුගේ නිවාසයට ගිය දවස මට අද වගේ මතක යි.

ඒ දවස්වල මම දිවයින ඉරිදා සංග්‍රහයේ ශාස්ත්‍රීය පිටුවක ‘කාලීන සංවාද’ නමින් විශේෂාංග පෙළක් සම්පාදනය කරමින් සිටියෙ. විවිධ කලාකරුවන්... විද්වතුන්... තම තමන්ගේ ක්ෂේත්‍ර ගැන අදහස් දැක්වූවා.

ප්‍රබුද්ධ යැයි කියා ගන්නා වූ ගායක ගායිකාවන් කිහිප දෙනකු සමඟ ම සාකච්ඡා කළාට පසු ජෝතිපාලත් එක්ක කතා කරන්න මට සිතුණේ ඇයි ද කියන එක මට අදටත් හිතාගන්ඩ බැහැ. ඒ වෙනකොට පුවත්පත්වල ජෝතිපාලට හිමිවෙලා තිබුණේ සිනමා පිටු විතරයි. එහෙමත් නැත්නම් සිනමා පුවත්පත් විතරයි. ඉරිදා පත්තරේක ශාස්ත්‍රීය පිටුවක ජෝතිපාලට තැනක් ලැබේවි කියල හිතන්ඩත් බැරි කාලයක්.

විශ්ව විද්‍යාලයක් පැත්තකින් වත් යන්ඩ බෑ හූ කියනවා. සංගීත සංදර්ශනවල දී හූ කියනවා. ප්‍රබුද්ධ යැයි කියාගන්නා උදවිය ජෝතිපාලව තුට්ටු දෙකට දානවා. බොළඳ හරසුන් හින්දි කොපි ගායකයෙක් කියලා.

ඒත් මගෙ හිතේ ජෝතිපාල ගැන ඒ කාලෙත් මොකක්දෝ ආසාවක් තිබුණා. ඒ නිසා තමයි මම ඔහු හොයාගෙන ගියේ.

ඡායාරූප ශිල්පී ගාමිණී මෙන්ඩිස් මිත්‍රයාත් මා සමඟ ගියා. ඒ වෙනකොට මම ජෝතිපාල එක්ක එක වචනයක්වත් කතා කරලා තිබුණේ නැහැ. කොටින් ම ළඟට දැකලාවත් නැහැ.

අපි යන කොට ජෝතිපාල නිදි... ඔහුට ආවතේව කරපු සහෘදයා ගිහින් ජෝතිපාලට අපි ගැන කියන්ඩ ඇති.

ඇස් පොඩි කර කර හොඳ ලොකු ඈනුමකුත් අරිමින් ජෝති අපි ඉදිරියට ආවා.

ගාමිණී මෙන්ඩිස්, ජෝතිපාල ඊට පෙර දන්නවා. ඔහු කලාකරුවන් පිළිබඳ විශේෂාංග සඳහා ඡායාරූප ගන්නවා.

“දිවයින ඉරිදා පත්තරේට ජෝති අයිය එක්ක සාකච්ඡා කරල ලිපියක් හදන්නයි ආවෙ...”

ගාමිණී එහෙම කියන කොට ජෝති ගෙ මුහුණ එකපාරට බැරෑරුම් එකක් වුණා.

“මල්ලි අද පාන්දර හයයි ගෙදර එනකොට... ඊයෙ රෑ පුරාම මියුසිකල් ෂෝ... කතා කරගන්ඩ බෑ... පේන් නැද්ද මූණ එම්බාම් කරල වගේ. පිංතූරයක් ගන්ඩත් බැරි සයිස්. අනිත් එක අඳින්ඩ කියල හරි හමන් ෂර්ට් එකකුත් නෑ.... එහෙම නෙමේ මල්ලිල එන සඳුදට එන්ඩ. මම මල්ලිල වෙනුවෙන් උදේ නමයෙ ඉඳල ඉන්නවා...”

ගාමිණිත් මමත් හිස වනා ඒක පිළිගත්තා.

“දැනට පොඩි අඩියක් ගහමු...”

“තාම උදේ අට හමාරයිනෙ ජෝති අයියෙ... කන්තෝරුවෙ වැඩ වගයකුත් තියෙනවා.”

එදා අපි එහෙම කියාගෙන ආපහු ආවා. ඊළඟ සඳුදා හරියටම අට හමාරට විතර ගියා. ඒත් ජෝති හිටියෙ නැහැ.

ඒත් නමය හමාර විතර වෙන කොට කඩාගෙන බිඳගෙන ඇවිත් එක දිගට සමාව ඉල්ලන්ඩ පටන් ගත්තා පමාව ගැන...

අපි සාකච්ඡාව පටන් ගත්තා... ජෝති එක තැනකදී මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

“දැන් මල්ලි ඉන්නවනෙ ප්‍රබුද්ධ ගායකයො කියල කොටසක්. එතකොට අපි කවුද?”

ඒ ප්‍රශ්නයෙන් මම අන්දමන්ද වෙලා ගියා.

“ජෝති ජනප්‍රිය ගායකයෙක්...”

“නැහැ... ඒ ගොල්ලොත් ජනප්‍රියයිනෙ...”

මම නිරුත්තර වෙලා බලාගෙන හිටියා... එතකොට ජෝතිම උත්තර දුන්නා.

“මල්ලි ඒ ගොල්ලො ප්‍රබුද්ධ ගායකයො... අපි පීචං ගායකයො.”

ඔය ප්‍රකාශය ඊළඟ ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ’් කාලීන සංවාද ශාස්ත්‍රීය සංග්‍රහයේ ලොකු සිරස්තලයක් වශයෙන් පළවුණා.

ප්‍රබුද්ධ - පීචං සංවාදය පටන් ගත්තෙ ඔය විදියට. හැබැයි ඔය ලිපිය පළවෙලා දවස් දෙකකින් මට නිහාල් නෙල්සන් කතා කළා.

“මොකක්ද කසුරි... ජෝතිපාලට පිස්සුද? එයා කොහොමද පීචං ගායකයෙක් වෙන්නෙ...”

ජෝතිපාල වගේ ම නිහාල් නෙල්සන් කියන්ඩ යන්නෙත් මොන වගේ දෙයක් ද කියලා හිතාගන්ඩ බැරුව මම නිහඬවෙලා හිටියා.

“කසුරි... ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල ලා සුප්‍රබුද්ධයි.”

පස්සෙ දවසක නිහාල් නෙල්සන් එක්කත් සංවාදයක යෙදුණා. ඒ ලිපියේ සිරස් තලය වුණේ “ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි” කියන එක.

ඔවුන්ගේ ජීවිතයේ පළමු වතාවට ඉරිදා පුවත්පතක ශාස්ත්‍රීය පිටු ජෝතිපාලලා, නිහාල් නෙල්සන්ලා වෙනුවෙන් වෙන්වුණේ ඔය විදිහට.

පස්සෙ දවසක නන්දා මාලිනී සමඟත් සුනිල් එදිරිසිංහ සමඟත් කාලීන සංවාද දෙකක් පැවැත්වූවා. ඒ දෙන්නාම ජෝතිපාල ගැන කතා කෙරුවෙ මහ ඉහළින්.

“දවසක් මරදාන හරියේදී මගෙ කාරෙක හැප්පුණා... තවත් වෑන් එකක... වෑන් එකේ මිනිස්සු බැහැලා මට දොස් කියන්ඩ පටන්ගත්තා.

එතකොට මිනිස්සු පිරුණා... එතකොට කොහෙන් ආවද මන්දා ජෝතිපාල ආවා...

“නන්දක්කා මොකද මේ?”

“කාරෙක වෑන් එකේ හැප්පුණා...”

“සුළු දෙයක්නෙ මල්ලී...”

ජෝතිපාල එහෙම කිව්වා විතරයි වෑන් කාරයෝ යන්ඩ ගියා.

සුනිල් එදිරිසිංහ කිව්වේ අමුතුම කතාවක්.

“එංගලන්තෙට ගියාම අපේ කලාකාරයො නවතින්නෙ දන්න අඳුනන ශ්‍රී ලාංකිකයන්ගෙ ගෙවල්වල. හැබැයි ඔය ගෙවල්වල නවතින සමහර දෙනා ඒ ගෙවල්වලින් එක දිගට ටෙලිෆෝන් කෝල් ගන්නවා. එහෙම ගන්නේ නැති එක්කෙනෙක් හැටියට ජෝතිපාල හරි ප්‍රසිද්ධයි. ඔහු ඒ ශ්‍රී ලාංකිකයන්ට කිසිම කරදරයක් නොවූ කලාකරුවෙක්...”

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජෝතිපාල ගැන කතා කෙළේ බොහොම ගෞරවයෙන්.

“ජෝතිපාල සංගීතය හදාරලා නැහැ... ඔහු ගී ගැයුවේ ‘ඉයර් එකට’ (ඇසීම අනුව) ජෝතිපාල තරම් ඉයර් එකට සන්දු කියන්ඩ පුළුවන් කිසි කෙනෙක් තව නැහැ...”

ජෝතිපාල ගැන මේ අදහස් පළවුණේ ඔහු ජීවත්ව සිටියදී.

ඒත් එදා ඔහුට සමහරු හූ කිව්වා. ඒත් අද සුපර් ස්ටාර්ස්ලා ගයන්නේත් ජෝතිපාල ගේ සිංදු.

මොනව වුණත් ඉරිදා ජාතික පුවත්පතක ශාස්ත්‍රීය පිටුවක ජෝතිපාලට ඡායාරූප සහිතව ඉඩක් ලබාදෙන්නට හැකිවීම ගැන මගේ හිතේ පුංචි ආඩම්බරයක් තියෙනවා. එහෙම සංවාදයක් එහෙම පිටුවක ගිය පළමු අවස්ථාව කියලයි මම හිතන්නෙ.

READ MORE - ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි

රාවන් - Raavan Film - Article

භාරතයේ සුපිරි මෙන්ම සුවිශේෂී සිනමාකරුවකු ද වන මනී රත්නම්, හින්දි, දෙමළ හා තෙළිඟු යන භාෂාවන්ගෙන් නිම වූ රාවන් චිත්‍රපටය සමඟ ලංකාවේ සිනමා රසිකයන් හමුවටද පැමිණ සිටී. මේ ඔහු තම නිර්මාණ කාර්ය පිළිබඳ වෙබ් අඩවියක් වෙනුවෙන් කළ සාකච්ඡාවක සිංහල පද පෙරළියකි.

Raajneeti නිර්මාණය කරන්න ප්‍රකාශ් ජාට මහ භාරතය උත්තේජනයක් වුණා වගේ, Raavan නිර්මාණය කරන්න ඔබට රාමායනය උත්තේජනයක් වුණාද?

රාවන් කියන්නේ රාමායනයෙන් ගත්තු එකක් නෙවෙයි. රාවන් කියන්නේ අද කාලය මත පදනම් වුණු කතාවක්. මෙහි බීරා නම් චරිතය අභිෂේක් කරන්නේ. ඒ චරිත ලක්ෂණ ඔබ තුළ වගේම මා තුළත් තියෙන්න පුළුවන්.

මේ චරිතය දිහා ඔබට ඕනෑම කෝණයකින් බලන්න පුළුවන්. එහෙත් ඒ තුළ අලුත් යමක් ඇති වග ඔබට වැටහේවි. ඒ තමයි දුෂ්ටයෙක් නිර්මාණය කරන ගුණාංග.

මගේ කථාවත් ඒ වගේ එකක්. ඇත්තම දේ මේ චිත්‍රපටයේ තෙළිඟු එකට අපි නම තිබ්බේ Villain කියලා. දෙමළ චිත්‍රපටය නම් කළේ ‘රාවනන්’ කියලා.

Yuva, Guru සහ දැන් Raavan කියන චිත්‍රපටවලින් නළුවෙක් හැටියට අභිෂේක්ගෙන් ගත හැකි හොඳම දේ ඔබ එළියට අරන් තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

චිත්‍රපට හදන්නෙක් හැටියට මම ආත්මාර්ථකාමියෙක්. ඒ නිසා මගේ චිත්‍රපටයට සම්බන්ධ කර ගන්න නිසාම නළුවෙක් මට සුවිශේෂි වෙන්නේ නෑ.

මට හිතෙනවා නම් මගේ චිත්‍රපටයක චරිතයක් අභිෂේක් හොඳට කරාවිය කියලා, ඒ වගේම ඒ චරිතය කරන්න එයාගේ කැමැත්තක් තියෙනව නම් නිසැකයෙන්ම මම මගේ චිත්‍රපටයේ ඔහුව චරිතයක් කර ගන්නවා.

රාවන් චිත්‍රපටයේ මගේ කලින් චිත්‍රපටවල අභිෂේක් රඟ නොපෑ ආකාරයේ වෙනස්ම චරිතයකයි රඟපාන්නේ. අභිෂේක් කියන්නේ එයාගේ හැම චිත්‍රපටයක් එක්කම වැඩෙමින් එන නළුවෙක්.

* අභිෂේක්ගේ රාවන් රංගනය ඔබ තක්සේරු කරන්නේ මොන විදිහටද?

රාවන් චිත්‍රපටයේ ඔහු රඟපාන Beera ගේ චරිතය ගත්තොත් අභිෂේක් ඒ චරිතයේ සාරය හකුලා ගන්න සමත් වෙලා තියෙනවා. රාවන් චිත්‍රපටයේ ඔහු රඟන චරිතය සැබෑ ජීවිතයේ චරිතයකට වඩා විශාල චරිතයක්.

ඒ නිසා ඒ චරිතය නිරූපණය කරන්න එහෙමත් නැත්නම් ජීවමාන කරන්න ඒක අලංකාර කරන්න විශාල හැකියාවක් ජවයක් නළුවා ඇතුළෙ තියෙන්න ඕන.

* සාමාන්‍යයෙන් ඔබ දේශපාලාන චිත්‍රපට තනන්නෙක් වෙලත් රාවන් චිත්‍රපටයේ දේශපාලනය අතහැරලා දැම්මේ ඇයි?

ඒක වැරැදි අදහසක්. මම රෝජා, බොම්බේ, දිල් සේ, යුවා, වගේ චිත්‍රපට හදපු නිසාම මම හදන හැම චිත්‍රපටයක් ම දේශපාලන ස්වරයක් තියෙන එකක් කියලා හිතන්න අවශ්‍ය නෑ. මම චිත්‍රපටයක් කරන්නේ නිශ්චිත එක් අදහසක් ඇතුවයි.

මට රාවන් හදන්න ඕන වුණේ ඒ අදහසත් එක්ක අවුරුදු තුන හතරක් ජීවත් වුණු නිසයි. ඒ කථාව ඔබව ඒකට අදාළ ගමනේ අරගෙන යාවී, ඒක අනායාසයෙන් ගලා ගෙනත් යාවි.

* රාවන් දෙමළ චිත්‍රපටයේ දැන් ප්‍රීතිවිරාජ් රඟපාන චරිතයටත් අභිෂේක් යොදා ගන්නයි ඔබට ඕන වුණේ?

ඔව් ඒක ඇත්ත. රාවන් දෙමළ චිත්‍රපටයේ දේව් ගේ චරිතය මට කරවන්න ඕන වුණේ හින්දි චිත්‍රපටයේ රාවන් චරිතය කරන අභිෂේක් ලවා. නමුත් අවසානයේ ප්‍රීතිවිරාජ් යොදා ගත්තා.

නමුත් දැන් මට හිතෙනවා අභිෂේක් දෙමළ රාවන් වෙනුවෙන් අර චරිතයට යොදා නොගත්ත එක බුද්ධිමත් තීරණයක්ය කියලා. හේතුව ඒ තරම් කෙටි කාලයකින් ඔහුට ඒ සඳහා අවශ්‍ය දෙමළ ඉගෙන ගන්න බෑ වගේම, ඒ චරිතෙට සුදානම් වෙන්නත් කල් මදි.

ඔහුව ඒ චරිතයට යොදා ගත්තා නම් එහෙම තවමත් චිත්‍රපටය හදලා ඉවර නොවෙන්නත් තිබුණා.

* රාවන් දෙමළ හින්දි දෙකේම රාගිනි චරිතය රඟපාන්නේ ඓශ්වර්යා. ඇයත් දෙමළ ඉගෙන ගත්තද?

ඇගේ දෙමළ වගේම මගේ හින්දි දැනුමත් හොඳයි. මට මතකයි මගේ ‘ඉරුවර්’ දෙමළ චිත්‍රපටය . නිළියක හැටියට ඇය රඟපෑ පළමු චිත්‍රපටයත් ඒකයි. ඒකෙදි ඇය දෙමළ බසින් දීර්ඝ සංවාද එක වරම රූගත කළ හැකි මට්ටමෙන් ඉදිරිපත් කළ ආකාරය.

දැන් ඇයට දෙමළ බසින් ඕනෑම දෙයක් කළ හැකියි. ඔබ එය විශ්වාස කරනවා ද? ඔබ දෙමළෙන් නීංග එප්පුඩි ඉරුක්කිරීංග (ඔබට කොහොමද?) කියලා ඇහුවොත් ඇය දෙමළෙන් ඔබට උත්තර දේවි ‘නාන් නල්ලා ඉරුක්කේන්’ (මම හොඳීන් ඉන්නවා) කියලා.

රාවන් හා රාවනන් වෙනුවෙන් වික්‍රම්ව ඔබ වෙනස් චරිත සඳහා යොදා ගන්නේ ඇයි?

රාවන් එකට මම වික්‍රම යොදා ගන්නේ අලුත් නළුවෙකුට කරන්න යමක් එතන තිබුණු නිසා. චිත්‍රපටයකට අලුත් දේ එකතු කරන එක හොඳ දෙයක්.

වික්‍රම් හින්දි ප්‍රේක්ෂකයාට අලුත් විය හැකියි. නමුත් දකුණු ඉන්දියාවේ ඔහු තරුවක් වගේම ඉතා හොඳ නළුවෙක්. ඒ වගේම ඒ චරිත දෙකේ අභියෝගය ඔහුට භාර ගන්න පුළුවන් වුණා.

* එකිනෙකට වෙනස් භාෂාවන්ගෙන් නිර්මාණය කරන එක මොන වගේ අත්දැකීමක් ද?

මම කලින් සැලසුම් කරලා චිත්‍රපට හදන චිත්‍රපටකරුවෙක් නොවන හන්දා භාෂා දෙකකින් එකවර වැඩ කිරීම තරමක ලොකු වැඩක්. මම කරන්නේ අවශ්‍ය තැනට නළු නිළියන් ගෙන්වලා චිත්‍රපටය ගොඩ නගන එකයි.

එකවර වෙනස් භාෂා දෙකක් එක්ක එකට වැඩ කරද්දී එකම හැඟීමකින් ඒක කරගෙන යන්න බැරි වෙනවා. හේතුව ඒවායේ රිද්මයන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා භාෂා දෙකට අවශ්‍ය විදිහට රූපය සහ රංගන රිද්මය ප්‍රති නිර්මාණය කර ගන්න සිද්ධ වෙනවා.

අන්තර් ජාලයෙනි පරිවර්තනය

READ MORE - රාවන් - Raavan Film - Article

රාවන් - Raavan Film Trailer


READ MORE - රාවන් - Raavan Film Trailer

ඔබේ නම අමරණීයයි

හිතවත් ජෝති,

ජෝති මිතුර සමුගෙන විසිතුන් වසරයි
සුමියුරු ගීත තවමත් ගුවනේ රැව්දෙයි
තවමත් රසිකයන් නිරතුරු ඔබ සමඟයි
මේ සඳ නැති කලා ලොව අදටත් අඳුරුයි

වැළපෙන සිතට සැනසුම ගෙන දුන්න නිති
ඔසුවකි සවන් පින වූ ගී වැලක එතී
පොදු ජන හදවතේ තෙරපෙන විටදී ගෙතී
ඔබෙ නම අමරණීයයි හිතවත ජෝති

ගී ලොව ජෝතිමත් කළ ඔබ ඒ කාලේ
සියලු රසිකයන් හට පෑවා ආලේ
මෙලෙස පුදමි අප උත්තම උපහාරේ
මේ ලක් දෙරණේ ඉපදේවා ඔබ ආයේ

රවීන්ද්‍රලාල් අතුකෝරල

ජෝති මිතුරු සමාජය

READ MORE - ඔබේ නම අමරණීයයි

ධර්මප්‍රිය විශිෂ්ටයි

ඔබ ඉමහත් ජනප්‍රිය සේම ඉතාම ප්‍රතිභාපූර්ණ නළුවෙකි. ලැබෙන ඕනෑම චරිතයක් ඉතාමත් තාත්ත්විකව රංගනයේ යෙදීමට හපනෙකි. වේදිකාව, පුංචි තිරය, සිනමාව යන අංශ ත්‍රිත්වයේම ඔබ පෙන්වා ඇති දක්ෂතා ඉහළ මට්ටමක පවතී.

ඉතිං ඊට පස්සේ චරිතයද එසේමයි. සම්මානනීය ඔබ අපට තරුවකි.

සුජාතා ගුණවර්ධන

කඩවත.

READ MORE - ධර්මප්‍රිය විශිෂ්ටයි

මංගලිකාට සුබ පැතුමක්

සැබෑ දක්ෂයන් කලා ලොවට හඳුන්වා දුන් තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවෙන් සංගීත ලෝකය ජය ගත් ශිල්පි ශිල්පිනියන් අතරින් විශාරද මංගලිකා තෙන්නකෝන් ගායනවේදිනියට පැහැබර අනාගතයක් ඇති බව පෙනේ.

සමන් ගාල්ලගේ - කැටපල.

READ MORE - මංගලිකාට සුබ පැතුමක්