අයෝම් ශානිකාගෙන් අපේ පාඨකයන්ට රස හෝරාවක්
* සුදු නංගිට හැමදාමත් ආදරෙයි
* මිරංගාගෙන් රෝස මලක්, අයෝමිගෙන් හාද්දක්
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tG2g0-bn3Ha67EUPlp0NCz35JS6b5qYvjgs8b-vn6gLiw8lJ5JJvYRMbNdnjMHE32jqsz5O59SMixHkjRHBXgfNoWHwt_QUXFi0wUnioFA0nkIHeUXWq1rfSq6QCSG=s0-d) | ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_ueY7wH6fT_jiZtkY8sshBkvUeGHZZE9RdMjfJO5NtbcvoyVH_K54fwqaT-dzyzINSR8ss3iO8rV4Vi3zJv_ZWxKukxbZl5dEmCKpvOD20eB9fY7QB0P15qQouOdg7D5Q=s0-d) |
දැන් සිංදුවක් කියමු. | පුංචි මිරංගාගෙන් සුදු නංගිට සුරතල් ප්‍රශ්න පත්තරයක්. |
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_v7O6DE0Gs35TnHErFbHz59u0pZyaInGwtrlYjBeHfyIiXhqbGzq07u_GFeJeltsvuZ1Tx5_SeVj4zfBfQ2f3QfYE0WYTLZciFfBeDPPgFtX0LlOYvuona0xexfUfcN=s0-d) | ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sxAu3RYxOVsWpL6BXaCT7xg4JJkiFCCkj3tBmBXxpwd2Nm_8AbHSsye2LrpqVRnAScfUEG02c20toh0JenMj2zqhz1pvJcD9AKTAw2evXaE874FpOuBAzQqISf1SuwmQ=s0-d) |
එදා වැඩියෙන් සේයාරූ ගන්නටත් සුදු නංගී අමතක නොකළාය. | සැවොම එක්වී කේක් කපමින්. |
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_t3wlznOarht7mVGlqsyb50ccn7qRixtnP6U4TugJOpehtil7jmS3QxD8AptAzgxXLcj5Omk-chBBnmesklQ1eMUgWTqK9D9-Rmqrd7Htl9FIJcM6IZEAs6GO7yG4aM=s0-d) | ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_toJtvWVbIKSpqQSwfDGzHRo2sXabxFr7EPfDE-gacIalWI0gqvqEIkbFVsFxC1gqcx8VYW67h0YJxE1xU6pRV-cW3LQYZtuppwN1L5xXisAnXuIdUyw0HNHbktNPHdGw=s0-d) |
ධනුෂ්කාගෙන් ඇතෙක් බරට තෑගි. | ධනුෂ්කාගේ පියා |
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uxpBEcAz04CFVCgUV_JAvc4NXa7LWzQPw0vfbSodjWnjxbo4f59yF_ghE-AM5bzDDZ4kofGv6RVHDBHNX6_t57AcAainWXVXh03iKVDs1tb1VXsAwMJ37JCXzsTRajwg=s0-d) | ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vCyRI-K8uAf-mvUPavZkmd4LENHfgHcof5Wj90UDZwijrR5G3-QDhQjoBfsbAW52LrQKPAdD5WJ25LjC2JYRV1MUcbq9Wyl9BG4bJgtsM-6WteGn_noAOpRaQZMySGzB0=s0-d) |
රත්නායක | අනිල් |
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vZ4EWsDr8uxQ5YKmZ6pLY6_mtpxdr5oKZ1j7vI2eSQ3i1GS0ehALrp0enZ1L1p6JhnAcoSdKtw1zD3nwS_Jc8NV_p0PZLf20M06W5wwsjNpnJaC7um3xs9yrAN-BLCZDs=s0-d) | ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vGuH1NBgdZisCtJ6hDuUUSmxR5VwQiqPNmZuagiZAGR8wO6ZcgpU9SzVbzZ08mp6VCmZGmbNZPQsHNmGvdoDXCkoVvn42kpxQuwIdxlcdC1XAc8Ii5rQJQ9VNBvgrdQw=s0-d) |
උදය කුමාරි | ධනුෂ්කා |
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uzsQ_oe0Ozc3SkXEnWJHk9dbC5REITxCMEj233pgYoso3gnUWjXxMwtvhMoQlL3GFkd-FMREeO9mZSGqBREcaKeYxdYm7kZTnCZ0rbMk2eGvOxJp2Uek-Bbc9g_zTUGg=s0-d) | ![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_ueXOX-PCQ5b-ZCCUO6pmXheHpDFak133f250_33QtQs1U4dLOwiYTYkpJUuHF0A_HyCHkH2w0SnAin2Ts9dcSNXI8Ky3SvlJHG5NpTmhXvFZOUvry5NemniiM_lSsf7P8=s0-d) |
මිරංගා | සජීවනී |
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vO5xiWFzJqBHYyvquvShDg2vw0mvkErIpknU11SgOooysqgcsXLlgQcYRbmtjPwSo6abo3ZA88C3jSkZMJZ4lDWwQ_78_zXVMDSMZpk44XcmiLs81uoio7z6O4jx6B=s0-d) |
ලක්සළුසලෙන් තෑගි. |
කලා ලොවේ ආකර්ෂණීය තරු හමුවන්නට සරසවිය පාඨකයන් දක්වන්නේ පුදුමාකාර උනන්දුවකි. ඒ උද්යෝගිමත් පාඨකයන් අතරින් මෙවර තරු මිහිරේ පහස පිළිගන්න වාසනාව උරුම වූයේ,
ගැටහැත්ත - එම්. එම්. උදය කුමාරි,
දෙහිවල - දිලිනි මිරංගා,
මිදිගම - ජී. ජී. අනිල්
හෙට්ටිපොළ - ධනුෂ්කා ඒකනායක හා
අනුරාධපුර - සජීවනී රත්නායක යන වාසනාවන්තයින් පස් දෙනායි.
හෙට්ටිපොළ සිට පැමිණි ධනුෂ්කා උදෑසනම සරසවිය ඡායාරූපාගාරයට පැමිණියේ මේ රස මොහොත හදවතින්ම විඳින්නටය. ඕ අත තෑගි භෝග රාශියක් ද විය. දෙහිවල දිලිනි මිරංගා තම නැන්දනිය සමඟ ඊළඟට පැමිණියේ රතු රෝස මලක් ද රැගෙනයි. ඊළඟට පිළිවෙලින් උදය කුමාරි, සජීවනී හා අනිල් ද පැමිණියේ බරටම තෑගි භෝග කදමළු පිටින් රැගෙනයි.
මොහොතක් ඔවුනොවුන් අගිය තොරතුරු කතාබස් කරමින් සිටින අතරතුරදී මිරංගා විමසුවේ ‘අංකල් කෝ තවම සුදු ආන්ටි නෑනෙ?’ යනුවෙනි.
නිර්ව්‍යාජ සිනාවත් ඊටම ගැළපෙන වතකමලත් පුබුදු කරමින් අපේ කතා නායිකාව පිවිසියාය. ඕ මෙවර තරු මිහිර මනමත් කරනට කලක් බලා සිටි අපේ සිදු නංගීය. එහෙමත් නොමැති නම් කවුරුත් දන්නා අයෝමි ශානිකාය. දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මනබඳින රූසපුවක් හිමි මේ රුවැත්තිය අපේ පාඨක පිරිස පිළිගත්තේ උණුසුම් අත්පොළසන් නදකුත් එක්කරලමිනි.
‘මේ සුදු නංගීී ඇත්තටම සුදුයි නේද?’
පුංචියට හිටියට මිරංගා එහෙම ඇසුවේ සුදු නංගිගේ අතක එල්ලෙන ගමන්ය.
‘ඉතිං කොහොමද? මට ඔයාලව හඳුන්වලා දෙන්නකෝ . . .’ එහෙම කියපු අයෝමි හැමෝම හඳුනා ගත්තාය.
ඔයා ප්‍රථමයෙන් රඟපෑවේ ජීවිතේ ලස්සනයි නාට්යයෙද? ප්‍රථම පැනය සජීවනීගෙනි. ‘නෑ මම පාසල් යන කාලේ නාට්‍ය බොහෝමයක රඟපෑවා. ඊට පස්සේ නිවේදිකාවක් විදියට ටික කාලයක් වැඩ කළා. ඊටත් පස්සේ තමයි ජීවිතේ ලස්සනයි නාට්‍යයට එක් වුණේ.’
එතකොට ඉලක්කය වැඩසටහන කළේ . . .?
ඒ ධනුෂ්කාය.
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vTP-aKUD1xPdK4mtRrGVo0RE_9Ic6XbaVZzKr17dgXrwLQEfjgxGiUeDBKl5s3P-qSjnMYDlI3Sw0hrPS5ImjXy9oJqZCA-9__Q8Hl8hkY8i-ZMYvTqW7NJui9dpAh=s0-d)
ආ . . . මේ ධනුෂ්කා නේද මට හැමදාම කතා කරන්නේ . . . අදනේ මම දැක්කේ . . . හරි මම පාසල් යන කාලේ ඉඳන්ම ධනාත්මකව හිතපු කෙනෙක්. රූපවාහිනියේ ඩබින්වලට වගේම, වෙළෙඳ දැන්වීම් හඬ කවන්නත් ආවා. ඒ කාලේ තමයි මට ඔය අභියෝගය ලැබුණේ 2001 වසරේදී.
‘ඔයා ඩොක්ටර් කෙනෙක් කියන්නේ ඇත්තද?’
ඒ අනිල්ගේ පැනයයි.
වසර පහක් පමණ ආයුර්වේ වෛද්‍යවරියක් වෙන්න හිතලා ඉගෙන ගත්තා. දැන් සීමාවාසික වෛද්‍යවරියක් විදියට වැඩ කරනවා.
‘නැන්දෙ මොනාද අර බෑග් එකේ . . .’ ඒ පුංචි මිරංගාගේ පැනයයි.
හානේ මට අමතක වුණා. ඒ ඔයාලට මම ගෙනාව චොක්ලට් වගයක් . ම් . . ම් . . තව බිස්කට්, අනේ ඉන්න ඔක්කෝටම ඉස්සෙල්ලා ඒ ටික දෙන්න ඕනෑ . . .’
එසේ කියූ අයෝමි සැමටම බිස්කට් හා චොක්ලට්වලින් සංග්‍රහ කළා. සරසවිය පත්තරේ ගානේ කේක් ගෙඩියකුත් ලැබුණනේ. ඒකත් දැන්ම කපමු . . . කෝ මේ මිරංගා . . . එසේ කියූ අයෝමි, මිරංගා සමඟ එක්ව කේක් ගෙඩිය කපා හැමෝටම සංග්‍රහ කළා.
ඔයා රඟපාපු චරිත අතර වැඩියෙන්ම ආස මොන චරිතෙටද? ඒ පැනය උදය කුමාරිගෙන්.
‘ආයේ කතා දෙකක් නෑ සුදු නංගිට.’
ඔයා අයි. ටී. එන්. එකට සම්බන්ධ වෙන්නේ . . .?
ඒ පැනය ධනුෂ්කාගෙන්.
මම ජාතික රූපවාහිනියේ ඉලක්කය කරන අතරතුරේදීම අයි. ටී. එන්. එකෙනුත් ආරාධනයක් ආවා . . . ඉතින් මම දෙපාරක් නොහිතා අයි. ටී. එන්. එකටත් ගියා. ඇත්තටම මට පළමුවෙන්ම තිබුණේ නුවර සූර්ය මංගල්‍ය සජීවීව නිවේදනය කරන්න.
සිහින පුරය, කෝරළේ මහත්තයා 2 ටෙලි නාට්‍යවල වැඩ කරන කොට වෛද්‍ය වෘත්තියට බාධා නොවන විදියට වැඩ කරන්නේ කොහොමද?
අනිල්ගෙන් නැවතත් පැනයකි.
‘හරි විදියට කාලය කළමනාකරණය කරගත්තාම හරි.
වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවද? ඒ සජීවනීයි.
පාසල් යන කාලේ නම් රඟපෑවා. උඩරට, පහතරට, සබරගමු නැටුම් කළා. දැන් නම් ඒවට වේලාව අඩුයි. නමුත් ඉදිරියේදී වේදිකා නාට්‍යයකට ආරාධනා කරලා තියෙනවා. නැට්ටුක්කාරී නාට්‍යයෙත් රඟපෑවා. පැත්තකට වී සිටි මිරංගා එකවරම අයෝමි දෙසට පැමිණියා. ඇය අත තිබූ රෝස මල ඇය අයෝමි වෙත දුන්නා. ‘මේක මගෙන් ඔයාට’. අයෝමි එය ලබා ගත්තේ මිරංගාට උණුසුම් හාද්දකින් ද සංග්‍රහ කරමිනි.
එවිට තම තමන් රැගෙන ආ තෑගි බෝග අයෝමි වෙත ලබාදීීමට හැමෝම ඉදිරිපත් වුණා. තරු මිහිර වැඩසටහන් ඉතිහාසයේ වැඩිම තෑගි ප්‍රමාණයක් ලද වාසනාවන්තිය වීමට අපේ සුදු නංගිට හැකි වුණා.
පෙරළා සුදු නංගී ද ඔවුනට තෑගි දීමට අමතක කළේ නැහැ.
දැන් සිංදුවක් කියමු. යෝජනාව අනිල්ගෙනි.
එහෙනම් අප්සරා ද සිල්වාගේ ‘ඉවාන් පවුලුෂා’ සිංදුව කියමු.
හැමෝම එක් වී සතුටන් ගීය ගායනා කළා.
ඒ අතරතුර නර්තනයක් ඉදිරිපත් කරන්නට ද හැමෝම එක් වුණා.
‘මේ මම ළඟදී ආයුර්වේදය ගැන හොඳ සඟරාවක් එළි දක්වනවා. ඔයාලගේ සහයෝගය ඕනේ හරිද?
හැමෝම මේ සඟරාවේ අඩංගු දේ පිළිබඳත්, එය එළි දක්වන දිනය පිළිබඳත් ඇයගෙන් තතු විමසුවේ ඇය උනන්දු කරවන ගමන්ය.
නොයෙක් මාතෘකා ඔස්සේ පැය තුනකට අධික කාලයක් ගෙවුණේ තරු මිහිරේ මිහිරි මතක ඉතිරි කරමිනි. ලක්සළුසල තෑගි වවුචර් ලබා දෙන අතරතුරේ එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී රෝමා රෝෂිව මතක් කිරීමටත් අයෝමි අමතක නොකළාය.
‘හානේ මට අමතක වුණා, තව චොකලට් ගොඩාක් තියෙනවා . . . ඒවා සරසවියේ හැමෝටම මගේ ගානේ’
‘මටත් අමතක වුණා . . . මම අනිත් හැම පාඨක හිතවතුන්ටම තෑගි ගෙනාවා . . . කියමින් අනිල් ගෙනා තෑගි පාර්සල් ඔහුගේ අනෙක් හිතවතුන්ටත් ලබා දුන්නේ හද පිරි සතුටිනි.
වැඩිම තෑගි භෝග ප්‍රමාණයක් හුවමාරු වූ සොඳුතම තරු මිහිරක සමු ගැනීමට කාලය එළැඹ තිබිණි. මේ සුන්දර මොහොත ගත කළ ඔවුන් එකිනෙකා වැළඳ ගනිමින් තවත් තරු මිහිරකින් හමුවන්නට පතමින් සමු ගත්තේය . අයෝමි ද කර වටක් උස් වූ තෑගි කන්දරාව ද රැගෙන සරසවිය ඡායාරූපාගාරයෙන් නික්ම ගියේ හද පිරි සතුටිනි.
Sarasaviya
0 comments:
Post a Comment