----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ග්‍රේෂන්, මතක සටහනක්

Tuesday, February 22, 2011

ග්‍රේෂන් අවුරුදු 16 දී. යුග දෙකක්. ජෝතිගේ ගායනයට ග්‍රේෂන්ගේ සංගීතය ‘දිනුම’ චිත්‍රපටයේ සිය වැනිදා

සරසවිය සම්මාන උළෙලකදී එවකට අගමැති අතිගරු ජනාධිපතිතුමන් හමු වූ මොහොත. පසෙකින් බුද්ධික කීර්තිසේන.

ජැක්සන්, යමුනා රාණී සමඟ ග්‍රේෂන්

‘ආදරයේ එක දවසක්’ ග්‍රේෂන් සිය පවුල සමඟ මර්වින් පෙරේරා, ඡායාරූප ශිල්පි සුදත් මලවීර සමඟ ග්‍රේෂන්

ග්‍රේෂන්, ලතා ඩිං ඩොං ඕ බේබි සින්ග් අ සෝන් . . .

මතක සටහනක් - සුනිල් සෝම, සෝනියා, මායා දමයන්ති, සරත් ද අල්විස්, අජන්තා රණසිංහ, වික්ටර් විජයන්ත, දැරියක වූ කුෂානි සමඟ ග්‍රේෂන් ගී ගයමින්. පසෙකින් සෝනියා දියණිය හර්ෂණී දිසානායක (බූටි) සමඟ

READ MORE - ග්‍රේෂන්, මතක සටහනක්

39 වැනි ජාතික නාට්‍ය උළෙල

39 වැනි ජාතික නාට්‍ය උළෙල පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී සම්මාන දිනුවෝ මෙපරිද්දෙන් නිර්දේශිත නාම අතරින් කළු පැහැ ගන්වා ඇත්තේ සම්මාන දිනූවන්ය.

දිගු නාට්‍ය 2010 වසරේ හොඳම නාට්‍ය නම්:

කළම්බෝ කළම්බෝ - ඉන්දික ෆර්ඩිනැන්ඩු

සුළඟ මට කතා කරයි – ජනක කුඹුකගේ - අශෝක ආතාවුදහෙට්ටි

ඩෙත් ඔෆ් අ සේල්ස්මන් – ජෙරොම් එල්. ද සිල්වා

වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය:

ඉන්දික ෆර්ඩිනැන්ඩු - කළම්බෝ කළම්බෝ

ජෙරොම් එල්. ද සිල්වා - ඩෙත් ඔෆ් සේලස්මන්

ජනක කුඹුකගේ – අශෝක අතාවුදහෙට්ටි - සුළඟ මට කතා කරයි

වසරේ ස්වීය රචනා:

ඉන්දික ෆර්ඩිනැන්ඩු - කළම්බෝ කළම්බෝ (වෙනත් නිර්දේශිත නම් නැත)

වසරේ ප්‍රශස්ත ස්වීය නොවන පිටපත:

මැටි කරත්තය : පියදාස නිශ්ශංක (වෙනත් නිර්දේශිත නම් නැත)

වසරේ ප්‍රශස්ථ රංගනය (පිරිමි):

ජයන්ත මුතුතන්ත්‍රි - මැටි කරත්තය (ශකාර)

ජනක කුඹුකගේ - සුළඟ මට කතා කරයි

වසරේ ප්‍රශස්ථ රංගනය කාන්තා: වත්සලා රණසිංහ - ඩෙත් ඔෆ් සේල්ස්මන් (ලින්ඩා)

අනුසුයා සුබසිංහ – කළම්බො කලම්බෝ (ව්‍යංගා)

චාන්දනී සෙනවිරත්න - සුළඟ මට කතා කරයි (මෝක්ෂා)

ප්‍රශස්ථ සහය රංගනය පිරිමි: පාලිත අබේරත්න - ඩෙත් ඔෆ් අ සේල්ස්මන්

ප්‍රශස්ථ සහය රංගනය කාන්තා: රොනිකා චාමලි - මැටි කරත්තය

ප්‍රශස්ථ රංගාලෝකය- රයන් හොල්සින් - ඩෙත් ඔෆ් අ සේල්ස්මන්

ප්‍රශස්ත රංගවස්ත්‍ර නිර්මාණය: ස්විනීතා පෙරේරා - මැටි කරත්තය

ප්‍රශස්ත පසුතල නිර්මාණය: එස්. චන්ද්‍රසිරි - ඩෙත් ඔෆ් අ සේල්ස්මන්

ප්‍රශස්ථ අංග රචනය: පාලිත අබේලාල්

ප්‍රශස්ථ වේදිකා පරිපාලනය: හිමාෂි විතානගේ, අනුෂ්කා විතානගේ, දිස්න දිලන්ත කළම්බෝ කළම්බෝ

ප්‍රශස්ත සංගීත නිර්මාණය: තේජ බුද්ධික රුද්‍රිගු - කළම්බෝ කළම්බෝ

ප්‍රශස්ථ රංග වින්‍යාසය: මනුබන්ධු විද්‍යාපති – කළම්බෝ කළම්බෝ

දිගු නාට්‍ය කුසලතා සම්මාන

ජගත් චමිල – කළම්බෝ කළම්බෝ

ප්‍රදීප් චන්ද්‍රසිරි – කුමාරවරු ඇවිත් –

පසුතල නිර්මාණය

චන්දන ලියනගේ- සුළඟ මට කතා කරයි නාට්‍යයේ සංගීතය

තුෂාන් ඩයස් - කළම්බෝ කළම්බෝ නාට්‍යයේ රංගාලෝකය

දෙමළ දිගු නාට්‍ය

හොඳම නාට්‍ය නැත වසරේ හොඳම අධ්‍ය්‍යක්ෂණය නැත

හොදම රංගනය පිරිමි:

අජන්තන් ශාන්ත කුමාර් – ‘චෙක්කු’ නාට්‍යයේ රාළ

වසරේ හොඳම රංගන කාන්තා:

ප්‍රියා ජයන්ති – ඔලිප්පොම්

වසරේ හොඳම සහාය රංගනය පිරිමි:

ආර්. වසන්තන්- බිනික්කු වේන්ඩුම් හී බිනී

හොඳම රංගනය පිරිමි ජූරියේ විශේෂ සම්මානය:

රංජිත් සුමිත් – චෙක්කු නාට්‍යයේ ‘ගෝල’ චරිතය

හොදම රංගාලෝකය: එම් සෆීර් – බිනික්කු වේන්ඩුම්

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය: ලයනල් බෙන්තරගේ - චෙක්කු

හොඳම වේදිකා පසුතල නිර්මාණය: එම්. සෆීර් – බිනික්කු වේන්ඩුම්

හොඳම අංග රචනය: පාලිත අබේලාල් - චෙක්කු සිංහල කෙටි නාට්‍ය

ප්‍රශස්ත කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය:

ගයාන් දේශප්‍රිය – කූඩුවට එනකං

දෙවැනි ස්ථානය - සබන් පෙණ – නලින් ලුසේනා

තෙවැනි ස්ථානය - බොක්ස් - චාලක රණසූරිය

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රචනය :

ප්‍රථම ස්ථානය – දුවන උන් දෙන්නෙක් – ධනංජය කරුණාරත්න

දෙවැනි ස්ථානය - පෙම් යුවළක් සහ පෙම් යුවළක් – චාමර දේශප්‍රිය

තෙවැනි ස්ථානය - බොක්ස් - චාලක රණසූරිය

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංගනය කාන්තා:

ප්‍රථම ස්ථානය - සුදාරා රන්දිනි - බොක්ස් නාට්‍ය

දෙවැනි ස්ථානය – තක්ෂිලා නිල්මිණි – කූඩුවට එනකං

තෙවැනි ස්ථානය – අමන්දා උදානි - පෙම් යුවළක් හා පෙම් යුවළක්

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංගනය පිරිමි:

ප්‍රථම ස්ථානය - සරත් කරුණාරත්න - බොක්ස්

දෙවැනි ස්ථානය – නලින් ලුසේනා - සබන් පෙණ

තෙවැනි ස්ථානය - ස්ටෙෆාන් ඩිලුක්

තිරිමාන්න - සබන් පෙණ

ප්‍රශස්ත කෙටි නාට්‍ය රංගාලෝකය: රංග සමරකෝන් – අපේ ගෙදර යං

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංග වස්ත්‍ර නිර්මාණය: අමන්දා උදානි රුද්‍රිගු – පෙම් යුවළක් සහ පෙම් යුවළක්

ප්‍රශස්ථ කෙටි නාට්‍ය රංග භූමි නිර්මාණය: ගයාන් දේශප්‍රිය සහ ධනුෂ්ක ඩයස් - කූඩුවට එනකං

ප්‍රශස්ථ කෙටි නාට්‍ය අංග රචනය: රුක්මන් තිලකරත්න - බොක්ස් නාට්‍ය

ප්‍රශස්ථ වේදිකා පරිපාලනය: බොක්ස් - දර්ශන ගයාන් – මාලක ඒකනායක

ප්‍රශස්ථ කෙටි නාට්‍ය සංගීත නිර්මාණය: පාලිත අබේරත්න - පෙම් යුවළක් සහ පෙම් යුවළක්

ජූරියේ විශේෂ සම්මාන ලැබූවෝ:

නලින් ලුසේන - ස්වීය රචනය - සබන් පෙණ

ධනංජය කරුණාරත්න – දුවන උන් දෙන්නෙක්

චාමල් රණසිංහ – නාට්‍ය ත්‍රිත්වයක විවිධ භූමිකා වෙනුවෙන්

කුසලතා සහතික ලැබූවෝ (කෙටි නාට්‍ය)

අත්තානං නාට්‍යයේ හාමුදුරුවෝ චරිතය නීරූපණය කළ - නිලංක සේපාල දහනායක

කොන්ක්‍රිට් ආදරය නාට්‍යයේ මිනිසාගේ චරිතය නිරූපණය කළ එස්. අයි. සමරක්කොඩි

කූඩුවට එනකං නාට්‍යයේ බල්ලාගේ චරිතය නිරූපණය කළ අනුෂ්ක ඉරෝෂ්

පෙම් යුවළක් හා පෙම් යුවළක් නාට්‍යයේ ජයේගේ චරිතය නිරූපණය කළ දිනාල් අසංක

අස්වැන්න නාට්‍යයේ ඩිංගිරි මැණිකාගේ චරිතය නිරූපණය කළ කුමාරි අමරසූරිය

අපේ ගෙදර යං නාට්‍යය රචනා කළ දිනාල් අසංක

කොන්ක්‍රිට් ආදරය රචනා කළ චාමික හත්ලහාවත්ත

පුංචි ජනේලය රංගාලෝකය වෙනුවෙන් සංජීව උපේන්ද්‍ර

බොක්ස් නාට්‍යයේ පසුතල නිර්මාණය සඳහා සංජුන මහේන්ද්‍ර

දුවන උන් දෙන්නෙක් නාට්‍යයේ රංග වස්ත්‍ර නිර්මාණය වෙනුවෙන් ධනංජය කරුණාරත්න

සබන් පෙණ නාට්‍යයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ස්ටෙෆාන් ඩිලුක්

Resources From Sarasaviya
READ MORE - 39 වැනි ජාතික නාට්‍ය උළෙල

ග්‍රේෂන් ගී එකතුව

රජ දරුවෝ

බිළිඳුනේ – දරුවනේ
පැලෙත් රජ මැදුරේ
අම්මා පෙවු කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
අම්මා පෙවූ කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙවු කිරවල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
බිලිඳුනේ දරුවනේ . . . .

පුර හද පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක හිඳ
පුතුනේ කියා මට අමතන්න
එන්නම් සොයා
බිලිඳුනේ දරුවනේ . . .

පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද
(ග්‍රේෂන් සරසවිය සම්මාන දිනුවේ
රජ දරුවෝ චිත්‍රපටයේ එන මේ ගීතයෙනි)

ඈත දුරක දෑස පාවෙලා

ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනි වෙමු
පාළු ලොවක ඈත දුරක
දෑස පාවෙලා

පාසැල් යාමේ බැඳිලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
මා සිත යාවී සදා

ඒ සිහිනේ වී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
මේ දිවියේදී
යාවෙමි දෑතේ ඔබේ

පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ
නීලා වික්‍රමසිංහ (සරල ගීතයකි)

ආත්මා

පි - හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

ගැ - රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතුª රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ

පි - මධුපානයක් සේ වෑහිලා
යනවාද දෙතොලේ ගෑවිලා
ගැ - මනමාලයන්ගේ චේතනා
නොකියාද පාලා සිනා

ගැ - මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
පි - මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ ලතා වල්පොල

බයිසිකලය

තරුයායේ ඈතින් ඈතට දිදුලන
රන්තරු යුවළක් සේ
කිසි දිනයක නොමියෙන
සොහොයුරු පෙමකින්
ඔබ අප බැඳුනාවේ
හද දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමුවේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

යන එන හැම තැන සෙවනැලි විලසේ
කිසි මොහොතක හෝ
වෙන්නොම වේවා - හැමදාම එකටයි ඉන්නේ
සෙනෙහෙ පුදා - සෙනෙහෙ පුදා
ජීවිතෙ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

ඔබ අප අතරට කිසියම් දිනයක
නොසිතූ ලෙසකින් – මරු ලං විනි නම්
ඒ මගද එකටයි යන්නේ
සෙනෙහෙ පුදා – සෙනෙහෙ පුදා
ජීවිතේ පුරා
මතු බවයෙන් බවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද

(ග්‍රේෂන් චිත්‍රපටයකට ගැයූ මුල්ම ගීතය. මෙම රූප රාමුවලට පෙනී සිටියේ රෙක්ස් කොඩිප්පිලි, ප්‍රේමසිරි කල්පගේ සහ නිහාල් සිල්වායි)

නැවත හමුවෙමු

සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රුංචු ගැහිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිගු සේනා
රොන් රස ඉල්ලා පෙම් හැඟුම්

සිහිලැල් පවනේ ගී හඬ විසිරී
මතකයෙ ඈත ඉමේ
ග ීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ ඔය හඬ වාගේ
සවනේ රැව්දේ

මග එළි මවනා තරු කැන් ඔබවේ
තනි වූ කතර ඉමේ
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්‍රණාමේ

පද රචනය – උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද
(ග්‍රේෂන් සමඟ මේ ගීය ගයන්නට එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක හවුල් විය. සනත් ගුණතිලක වෙනුවෙන් ග්‍රේෂන් මුල් වරට පසුබිම් ගී ගැයුවේ මේ චිත්‍රපටයේය)

සසර චේතනා

පි - හිම කඳු යහනේ
වළා සදැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ

ගැ - මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී
අපේ සිහින උයනේ

පි - දෙසිතක බැඳි - රැකවල් ගිලිහී යයි
තනි වූ සිත් අද - නොතනි වෙලා

ගැ - ඒ හසරැල් විල – මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

පි - කඳුලක් නැගි මොහොතක
ඔබ නෙතඟින්
ලංවෙමි සිටිය ද කොතැන ලොවේ
ගැ - හිනැහෙමි එසෙඳහි
කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ නිරංජලා සරෝජිනි

මමයි රජා

සිනහ කඳුළු එනවා - යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා - යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි
භවයෙන් භවේ . . .

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා – පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද

ජය අපටයි

සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
මේ ඇසුරින් මිදීල ඉගීලියන්
කුරුල්ලෝ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොඳම කතා විනෝදයට
ඕං අසා ගන්නකො

කුරුලෙකු සිර කරලා තබනු බෑ
නොවැ කිසිදා..//
ඌ ලොවේ සුව සොයා ඉගිල්ලුනේ
සැනසීමෙන් ඉඳලා මැරුනත්
කම් නැහැ කියල-//
ඒ මිහිර සුව විඳින්න සොඳුරු නැවුම්
ලොවට යන්න
සතුටින් පියාඹන්න රූ කියා නිදහසේ
සතුට පතා හිතා මතා - හොඳම කතා
කියමි ගොතා - හොඳට කතා විනෝදයට
ඕං අසා ගන්නකො

සිත සවියෙන් පුරවා සිටින අය ජය ලබනා
නැහැ ලොවේ කිසි දිනේ පැරදුනේ
ඇයි සෝකෙන් තැවිලා මොකටද
අයියෝ අඬලා-//
ඒ මිහිර සුව විඳින්න – පැතූ පැතුම්
සඵල වෙන්න
සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ
සතුට පතා . . .

පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද

දිනුම

ගීත ගයා ගීත ගයා
පළදන්නේ මා ඔබට
පෙම් මල් මාලා
සංගීතේ මා වේවා සංසාරේ
හැම වාරේ හමුවේවා - සුපෙම් පා

රන් කිංකිනි රාවේ පෙම් සිත්යාවී
මින් රළ මෙන් සාගරේ නිම් නැති වේවා
ලං ලං වෙලා පෙම් සිත් මවා
ලංවේවා
සුපෙම් පා . . .

තරු නෙතු මල් මාවතේ සන්සුන් යාමේ
මන්මත් වූ මා හදේ ඔංචිල්ලාවේ
අපි පැද්දෙමු නිති රැන්දෙමු
පා සෙනෙහේ . . .
සුපෙම් පා . . .

පද රචනය – ආනන්ද බණ්ඩාර විජේතුංග
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද


Resources Form Sarasaviya
READ MORE - ග්‍රේෂන් ගී එකතුව

Janelen Paninnada......???

Monday, February 21, 2011

READ MORE - Janelen Paninnada......???

"මා, මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්‌"

2010 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නිළිය සමාධි ලක්‌සිරි

නාට්‍ය හා රංග කලාවේදී නළු නිළියන් ප්‍රේක්‍ෂකයා සමග සන්නිවේදනය ඇතිකර ගනු ලබන්නේ මුලික වශයෙන්ම ඔවුන්ගේ ශරීරවලිනි. මානව දේහය සන්නිවේදනයේ කැඩපත යෑයි සඳහන් වන්නේ එහෙයිනි. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය සහ ආහර්යාංගික අභිනයන් ඔස්‌සේ ශරීරයේ සෑම කොටසක්‌ම ප්‍රයෝජනයට ගන්නා රංගන ශිල්පියා තමා නිරූපිත චරිතයට ජීවය එක්‌කරයි. මිනිසා සතු දෙතිස්‌ අංගයන් මනාවට ප්‍රගුණ කොට, කලාව තුළ පිහිටා තිබේ නම්, ඔහු හෝ ඇය පරිපූර්ණ රංග ශිල්පියකු බව අවිවාදිතය.

අද අප කතා නායිකාව වූ ඇය ඉහත ලක්‍ෂණයන් මනාකොට පිළිබිඹු කොට සම්මානයන් රැසකට පාත්‍ර වූ නව පරපුරේ යොවුන් රංගන ශිල්පිනියන් අතර ඉහළ නාමයකට හිමිකම්කියන්නියකි. නිමා වූ 2010 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේද ඇයයි. වේදිකාවෙන් ලද පන්නරය සවියක්‌ කොටගත් ඇය, අද පුංචි තිරයට සහ සිනමාවට ද පිවිස සිටින්නීය.

මේ දිනවල ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන, ප්‍රවීන සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ රජිව් ආනන්දයන්ගේ "කඩ දොර" ටෙලි වෘතාන්තයේ "රන්මලී" චරිතයට ජීවය එක්‌කරමින්, ප්‍රබල රංගන දායකත්වයක්‌ සපයමින් 1915 තරම් වූ ඈත අතීතයේ සිදුවූ සත්‍ය සිද්ධිදාමයක නැවත පුණරූපනයට අප කැඳවාගෙන යන මේ රංගන ශිල්පිනිය සමාධි ලක්‌සිරියි.

අනේකවිද වූ දුක්‌ ගැහැටයන්ට නතුව දින 60 ක්‌ පමණ සිංහරාජ වන අසබඩ දැරණියගල දික්‌ඇල්ල මහ වනාන්තරය තුළදී රූපගත කිරීම් සිදු කළ ඉහත නිර්මාණයෙහි වනගත දර්ශන තලය තුළ සිටින එකම කාන්තාව වූ ඇය සිය සොඳුරු මෙන්ම කටුක අත්දැකීම් ද පාදක කොට ගනිමින් "දිවයින" සිනමා කලා" හා එක්‌ව පැවැත්වූ සංවාදයෙහි තොරතුරුත්, ඇගේ කලා දිවියෙහි අතීතය සහ අනාගතය පිළිබඳ තතුත් මතු පෙළගස්‌වමු.

ඔබේ කලා දිවියෙහි ආරම්භය ගැන සඳහන් කිරීමක්‌ සිදු කළොත්?

බදුල්ල විහාරමහදේවි සහ ඇඹිලිපිටිය ජාතික පාසල් මාතාවන්ගෙන් අධ්‍යාපනය හැදෑරූ මා නර්තනය ඔස්‌සේ ඉදිරියටම ගොස්‌ නර්තන ගුරුවරියක්‌ වන්නට අදහස්‌ කළා. කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වූ මා එහිදී නාට්‍ය හා රංග කලාව තෝරාගත්තා. විශේෂවේදී උපාධියට තේරුණු 9 දෙනා අතරට මා ද ඇතුළත් වුණා. නයෝමි සමුදුකා සහ විරාග අධ්‍යක්‍ෂණය කළ "මුහුදු ළිහිණියෝ" වේදිකා නාට්‍ය තුළින් මුල්වරට වේදිකාවට ගොඩ වූ මා ඊඩිපස්‌, "මාස්‌ටර් බිල්ඩර්", "රයිනෝසිරස්‌", "සිහින හොරු අරන්", "ඔබ ආපසු යන්න", "සඳ ගිණි අරන්", "වීරයා මැරිලා", "ඇන්ටිගනී" යන වේදිකා නාට්‍ය තුළට සම්බන්ධ වී මගේ රංගන කෞෂල්‍යයන් විදහා පෑවා.

ඔබ වේදිකාවේ නිරූපිත රංගනයන් නිසා සම්මාන

රැසකට හිමිකම් කියන්නියක්‌. ඒ පිළිබඳ මතකය මොනවගේද?

2007 වසරේදී "ඔබ ආපසු යන්න" වේදිකා නාට්‍ය සඳහා හොඳම සහය නිළිය (රංගන සහ දව්පධි අධ්‍යක්‍ෂණය කළ) 2008 දී පැවැති යොවුන් නාට්‍ය උළෙලේ "සඳ ගිණි අරං" රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙසත්, (අධ්‍යක්‍ෂණය දුමිඳු දොඩංතැන්න) 2010 යොවුන් නාට්‍ය උළෙලේ "ජනේලයෙන් පනින්නද" වේදිකා නාට්‍යයේ මගේ චරිතය වූ "කුමුදු" වෙනුවෙන් හොඳම නිළිය ලෙසින් ද මා සම්මාන ලැබුවා. ධනුෂිකා නයනකුමාරි "ජනේලයෙන් පනින්නද" අධ්‍යක්‍ෂිකාවයි.

ඔබේ වැඩි කැමැත්ත වේදිකාව යෑයි කීවත්, පුංචි තිරයට සහ රිදී තිරයටත් යොමු වීමට සිදු වුණා. මේ පිළිබඳ පැවසිය හැක්‌කේ කුමක්‌ද?

ඇත්තටම මා වේදිකාවට හුඟක්‌ කැමැතියි. එහි කැපකිරීම් සහ නිරූපණයන් තාත්විකව සිදුකළ යුතු නිසා එහිදී ලබන්නා වූ පන්නරය පුංචි තිරයට සහ සිනමාවට පිවිසීමට ඉතා හොඳ ප්‍රවේශයක්‌ ලෙසයි මා දකින්නේ. "අසිනි වැසි", "සූරිය දරුවෝ", "මායා අග්නි", "වසන්ත කුසලාන", (අධ්‍යක්‍ෂ ජනක සුරංජන්) ජයලත් මනෝරත්නයන්ගේ "රාත්‍රිය මනරම්" යන ටෙලි නිර්මාණ සඳහා මා රංගනයෙන් දායක වන්නේ එම නිසයි.

"කඩදොර" මේ දිනවල ඔබ ගැන කතාබහට ලක්‌වූ තවත් විශේෂිත වූ ටෙලි නිර්මාණයක්‌. මේ ගැනත් පැවැසිය යුතු විශේෂ යමක්‌ තිබෙනවාද?

සැබැවින්ම "කඩදොර" හි රංගනය මගේ රංගන දිවියට ආලෝකයක්‌ එක්‌කළා යෑයි පැවසුවොත් එය අතිශයෝක්‌තියක්‌ නොවෙයි. මේ දිනවල ලැබෙන ප්‍රතිචාර මතින් මා කළ කැපකිරීම් සහ මහන්සියේ ප්‍රතිඵලය නිරහංකාරව අත්විඳිනවා. එහි නිෂ්පාදන සහ රංගන ශිල්පී රෝෂාන් රවින්ද්‍රත්, මගේ රංගන දිවියෙහි ගුරු පියාණන් වූ ප්‍රියංකර රත්නායක මහතාණන් මාර්ගයෙන් අධ්‍යක්‍ෂ රජිව් ආනන්දයන් මුණගැසුණා. ඔහු මට සෙනෙහෙබර පියෙක්‌ හා සමානයි. ඔහු ලබා දුන් පිටපතට අනුව ඒ හිතේ ඇඳුණු චරිතයට (රත්මලී) මා කැමැත්තෙන් සහ ශක්‌තිමත්ව මුහුණ දී බොහෝ දුෂ්කරතා මැද සාමූහිකව ජයගනිමින්, මේ නිර්මාණය සාර්ථක නිමැවුමක්‌ ලෙස තිරයට ගෙන එන්නට දායකත්වය ලබා දුන්නා. මගේ "චරිතය" ගොඩනැඟීමේදී අනුපමේය සහයක්‌ ලබා දුන්, අධ්‍යක්‍ෂ රජිව් ආනන්ද, නිෂ්පාදක රොෂාන් රවින්ද්‍ර, ප්‍රියංකර රත්නායක, රජිත් හිරාන්, මංජු නදිමිනි දිසානායක දැරිය සහ කඩදොර සඳහා දායක වූ සෑම සියලු දෙනාමත් රූපගත කිරීම් සිදු කළ ප්‍රදේශයන්හි ගම්වාසීන් විශේෂිතව සිහිපත් කරන්නට මෙය අවස්‌ථාව කරගැනීමට කැමැතියි.

සිනමාවට දැක්‌වූ දායකත්වයත්, මේ දිනවල ඔබේ තොරතුරුත් පිළිබඳ පැවසුවොත්...?

ප්‍රසන්න විතානගේගේ "ආකාශ කුසුම්" චිත්‍රපටයේ කුඩා චරිතයකුත්, සෝමරත්න දිසානායක මහතාගේ "සිරි රජ සිරි" හිත් මා දැනට රංගන දායකත්වය සැපයුව ධර්මප්‍රිය ඩයස්‌ මහතාගේ නව නිර්මාණයක්‌ වූ "ජුලියස්‌ සීසර්" වේදිකා නාටකයේ "පෝෂියා" ගේ චරිතය රඟදක්‌වන අතරතුර, නාට්‍ය සහ රංග කලාව පිළිබඳ දර්ශනවේදී උපාධිය ලබාගැනීමට සූදානම් වෙනවා. සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන අතරතුර තමයි කලා කටයුතු සඳහා එක්‌වන්නේ. ඉදිරියේදීත් හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණොත් විශේෂ අවසරය මත ඒ සඳහා සහභාගි වන්නට අදහස්‌ කරමින් පසුවෙනවා.

ඒ කියන්නේ කලාවෙහි රැඳී සිටීමට නම් කිසියම් වූ තෝරාගැනීමක්‌ කළ යුතුයි කියන එකද?

සැබැවින්ම කලා ක්‍ෂේත්‍රයට පැමිණීම පහසු වුවත්, එහි රැඳී සිටීම විශාල අභියෝගයක්‌. දක්‍ෂතාවත්, වාසනාවත්, උනන්දුව සහ කැපවීමත්, එකසේ වැදගත්.

මා මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්‌. සම්භාව්‍ය හෝ වාණිජ කියා බෙදීමක්‌ නැතත්, යමක්‌ කළ හැකි උසස්‌ ගණයේ නිර්මාණ සඳහා දායකත්වය ලබා දීමට කෙසේ හෝ ඉඩ හසර වෙන්කර ගතයුත්තේ එම නිසයි.

ඔබේ කලා දිවියට උපකාර කළ සිහි කළ යුතු පිරිස පිළිබඳවත් සිහිපත් කළොත්...?

මගේ දෙමාපියන්, සහෝදරියන් සිව්දෙනාත්, අනාගත සහකරු සාරංග මොරගොඩත් මගේ කලා දිවියට දක්‌වන සුවිශේෂී දායකත්වය වෙනුවෙන්, රජීව් ආනන්ද, ප්‍රියංකර රත්නායක, රොෂාන් රවින්ද්‍ර, නයෝමි සමුද්‍රිකා, විරාග නඳුන්, චාමික දුමිඳු දොඩන්තැන්න, ඉන්දික ෆර්ඩිනැන්ඩ්ස්‌, රාජිත දිසානායක, මුල් අවධියේ මා සමග ළමා නාට්‍ය කළ කැලණියේ මිතුරු කැළ සහ නම් සඳහන් කිරීමට නොහැකි වූ මා හට දිරියක්‌ සහ සවියක්‌ වූ සෑම සියලු දෙනාත්, නිබඳව මට ප්‍රතිචාර දක්‌වන දයාබර වූ රසික ජනතාවත් කෘතවේදීව සිහිපත් කරන්නට මෙය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ කරගැනීමට කැමැතියි.

ගැමි සුවඳ විහිදුවමින් කලාවට ප්‍රවිශ්ඨ වූ ඇය පැමිණි කෙටි කාලපරාසයකදී දැක්‌වූ දක්‍ෂතා මතින් දිනාගත් සම්මාන සහතික මෙන්ම ජනතා ආදරයද, ඇගේ ඉදිරි කලා දිවිය ශක්‌තිමත් කරනු ලබන බව අපගේද විශ්වාසයයි. අපි ඇගේ කලා දිවියට මෙලෙස සුබපතමු.



සංවාද සටහන - සුජීව තත්සර
ඡායා - වාසල සේනාරත්න


READ MORE - "මා, මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්‌"

සමාධි ලක්සිරි

මෙවර යෞවන සම්මාන නිළිය හමු වෙමු

සමාධි ලක්සිරි

මෙවර යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය ඇයයි. ‘ජනේලයෙන් පනින්නද?’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් ‘හොඳම නිළිය’ ලෙස අභිෂේක ලැබූ සමාධි ලක්සිරි සමඟ කළ කතාබහක්.

යෞවන නාට්‍ය උළෙලේදී මේ සමාධි සම්මානයට පාත්‍ර වූ තෙවන අවස්ථාවයි. 2007 වසරේදී හොඳම සහාය නිළිය ලෙස තම කුළුඳුල් සම්මානය ලබා ගත් අතර 2008 දී ‘සඳ ගිනි අරන්’ නාට්‍ය උදෙසා හොඳම නිළිය වන්නට වරම් ලැබුවාය.

‘2010 හොඳම නිළිය විදිහට මං යෞවන සම්මාන දිනුවෙ ධනුෂිකා නයෝමිගෙ ‘ජනේලයෙන් පනින්නද’ නාට්‍ය වෙනුවෙන්. ඇත්තටම ඒ නාට්‍යය වර්ක්ෂොප් එකකදි කරපු නිර්මාණයක්. ධනුෂිකා, තුමිඳු, කෞශල්‍යා, ප්‍රසාදිනී, අමා, පනා, ලෙමන් ඇතුලු අපේ නාට්‍ය කණ්ඩායමේ කැපවීම, සහයෝගය නිසා තමයි මේ අවස්ථාව ලැබුණෙ.’

ඇඹිලිපිටිය ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සමාධි පාසල් කාලයේදී රංගන කටයුතු වෙනුවෙන් දායක නොවූවාය.

‘පාසල් කාලේදී මගේ ප්‍රධාන විෂය වුණේ නැටුම්. මම විශ්ව විද්‍යාලයට එන්නෙත් නර්තනය වෙනුවෙන්. නමුත් එහි නාට්‍යවලට තිබූ තැන නිසාම මටත් ඒ විෂයට ඇල්මක් ඇති වුණා. අපිව ඒ විෂයට තෝරා ගත්තෙ මහා පුදුම විදිහට.

අපි එක්ක සුහදව කතා කරපු ඒ අය බැලුවෙ මේ විෂයට අපි තුළ තියෙන ඇල්ම විතරයි. රංගනයට පිවිසෙන්න කිසිම කැමැත්තක් නොතිබුණ මම විශේෂවේදී උපාධියට හිටපු 9 දෙනාට ආවෙ 400 ක් අතරින්.

විශ්ව විද්‍යාලයේදී ප්‍රියංකර රත්නායක සර්ගෙන් ලැබුණ මඟ පෙන්වීම මගේ රංගන ජීවිතයට සාර්ථක අත්වැලක්. ඇත්තටම මම විශ්ව විද්‍යාලයට ආවේ නැත්නම් නිළියක් වෙන එකකුත් නැති වෙයි.’

පැහැදිලි වදනින් තම රංගන දිවිය පිළිබඳ කතා කරන සමාධි මුව මත මගේ දෑස් රැඳුණි. සත්තකින්ම ඈ තුළ ඇත්තේ් සොඳුරු පෙනුමකි. ඒ සොඳුරු බව රූපවාහිනියටත්, සිනමාවටත් අපූර්වත්වයක් ගෙන දෙන්නට සමත් ලක්ෂණයක් බව මට හැඟුණි.

‘මගේ කැමතිම මාධ්‍ය වේදිකාව. සිනමාවටත් මම කැමතියි. ඒත් ඒ කැමැත්ත තිබුණට මං ලැබෙන හැම දේම භාර ගන්නෙ නැහැ. ප්‍රසන්න විතානගේ මහතාගෙ ‘ආකාස කුසුම්’ සහ සෝමරත්න දිසානායක මහතාගෙ ‘සිරි රජ සිරි’ චිත්‍රපටවලට මම සම්බන්ධ වුණා. චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් විවිධ හේතු නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා.

ටෙලි නාට්‍යවලත් මම ගොඩක් හොඳ නිර්මාණයකට දායක වෙන්න කැමතියි. ඒ කැමැත්තෙ ප්‍රතිඵලයක් තමයි මේ දිනවල විකාශය වෙන ‘කඩදොර’ ටෙලි නාට්‍යය. රජීව් ආනන්ද අධ්‍යක්ෂණය කළ රොෂාන් රවීන්ද්‍ර නිෂ්පාදනය කළ ‘කඩදොර’ මගේ රංගන ජීවිතයේ කඩඉමක් විදිහටයි මං පිළිගන්නේ.’

සංස්කෘතිත හා කලා කටයුතු අමාත්‍යාංශයේ, ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන සමාධි, තම රැකියාව උතුම් කොට සලකන්නීය.

‘මම රටට සේවයක් කරන රැකියාවක් කරන කෙනෙක්. මගේ ජීවිතයේ පළමු තැන ලැබෙන්නෙ රැකියාවට. මම ජීවත් වෙන්නෙ රැකියාවෙන්. රස්සාවත් එක්ක මට ලැබෙන සීමිත කාලය මම ඉතාම හොඳ නිර්මාණයකට යොදවන්නයි කැමති.’

සමාධිට තම රංගන කටයුතු වෙනුවෙන් තම මවගෙන් ලැබෙන සහයෝගය සුළුපටු නොවේ.

‘මගේ පවුලේ මාත් එක්ක කෙල්ලොම පස් දෙනෙක්. පොලිස් නිලධාරියෙක් වූ මගේ තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. අම්මා තමයි අපේ ශක්තිය.

මගේ අම්මා කලාවට සම්බන්ධ නොවුණට, ඈ තුළ කලාව කෙරෙහි ඇති ඇල්ම මට පිටිවහලක් වුණා. ඇඹිලිපිටියෙ ඉඳන් කොළඹ ඇවිත් රඟපෑවට, අම්මාට එයාගෙ දූ විශ්වාසයි. ඒ විශ්වාසයයි මගේ ශක්තිය.’

සමාධි සමඟ කතා බහ අතර මගෙන් පැනයක් නැගුණා.

රංගන ශිල්පිනියව ඔබ නිර්වචනය කරන්න කැමති මොන විදිහටද?

‘තමන්ගෙ ජීවිතයෙදි විඳින්න සහ දකින්න ලැබෙන අත්දැකීම් නිර්මාණයකදී මනාව හසුරුවන කෙනා තමයි රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්නෙ. ඒ වගේම හොඳ හැදෑරීමක් තිබිය යුතුයි.

හැදෑරීම කියන්නෙ ආයතනයකට ගිහින් ඉගෙන ගෙන සහතිකයක් ගන්න එක නෙවෙයි. තමා ජීවත් වන සමාජය තුළ සිටින මිනිසුන්ව, අපේ ප්‍රවීණ ශිල්පීන්ගේ රංගනයන් පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි මම හැදෑරීම කියලා අර්ථවත් කළේ’.

සිහින හොරු අරන්, ඇන්ටිගනී, ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය, මේ දිනවල සමාධිගේ රංගන ප්‍රතිභාව විදහා පාන නිර්මාණයි.

චරිතාංග රංගනවේදිනියක ලෙස රංගන ක්ෂේත්‍රයේ රැඳෙන සමාධිගේ රංගන හැකියාව පිළිබඳව වැඩිදුර කතා කරන්නට ඉඩ ලැබෙන කාලය වැඩි ඈතක නොවේ යැයි ඇගෙන් සමුගන්නා විට මට දැනුණි.

READ MORE - සමාධි ලක්සිරි

ඇන්ටිගනි

ඇන්ටිගනි| ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ|
ප්‍රියංකර රත්නායක සමග කතාබහ
•ක්‍රි.පූ. 500-400 වැනි යුගයක නිර්මාණය වුණු ඇන්ටිගනි නාට්‍යය, දේශපාලනික භාවිතයන් අද්‍යතන සමාජ දේශපාලනික කාරණා තේරුම් ගැනීම සඳහා ඔබ යොදා ගන්නේ කොහොමද?

නාට්‍ය රචකයින් විසින් රචනා කරන නාට්‍ය වර්ග දෙකක් ලෝකයේ තිබෙනවා. ඉන් පළමු වර්ගය තමයි නාට්‍ය රචකයා තමා ජීවත් වන සමාජයේ දේශපාලන මතුපිට ස්පර්ශ කරමින් ඒ පිළිබඳ රචනා කරපු නාට්‍ය. තවත් පිරිසක් නාට්‍ය රචනා කිරීමේදී පවත්නා දේශපාලනයේ මතුපිට ස්පර්ශ කරනවා වෙනුවට මිනිස් සමාජය සහ ජීවිතය-
-ඉතාමත් සියුම් ලෙස ගවේෂණය කිරීමට උත්සාහ ගන්නවා. ග්‍රීක නාට්‍යකරුවා ගත්තාම ඔහු තුළ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ඔවුන් රාජ්‍ය තන්ත්‍රය කෙරේ තියෙන බල අරගලයේ මතුපිට ස්වභාවය දකින ගමන්, ඒ ස්වභාවය ඇතුළේ ඇති මිනිස් ජීවිතය, මිනිස් සිත සහ මිනිස් ඥානය පිළිබඳව සියුම් ගවේෂණයකට යෑම.

ඇන්ටිගනී නාට්‍ය ගත්තාම ඒකෙදි මතුවන කරුණක් තමයි බලය පිළිබඳ නීතිය සහ දේවත්වය පිළිබඳ නීතිය කියන ගැටුම අතරේ මනුෂ්‍යයා කොහොමද පීඩාවට පත් වෙන්නෙ කියන එක. මෙසේ මනුෂ්‍යයා මූලික කොට බිහි කළ නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නෙ මානව හැඟීම්. ඒ අනුව මානව හැඟීම් කියන කරුණ තුළ එදා සහ අද අතර විශාල සාම්‍යයක් දක්නට තිබෙනවා. ආදරය සහ ඊර්ෂ්‍යාව වගේ කරුණු ගත්තාම ලෝකයේ සෑම මනුෂ්‍යයාටම එදා සහ අද ඒ හැඟීම් දැනෙන්නෙ එකම විදිහකමයි. මේ වගේ තත්ත්වයක් එක්ක ගත්තාම ග්‍රීක නාට්‍යවල තියෙන ස්වභාවය තමයි ඒවා විශ්ව සාධාරණීය වීම. ඒ හේතුකොටගෙන ඒවා රෝම නාට්‍යයට බලපානවා. රෝම නාට්‍ය ශේෂ්ක්පියර් නාට්‍යවලට බලපෑවා. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය නූතන නාට්‍ය සඳහා බලපෑවා. නමුත් දේශපාලන මතුපිට තලය පමණක් ස්පර්ශ වුණු නාට්‍ය, එකී මතුපිට දේශපාලන කරුණු සමාජය කෙරෙන් විතැන්වීමත් සමග ඉතා ඉක්මනින් අවලංගු වෙනවා. ඒ අනුව නිර්මාණ ස්වභාවය ඉක්මවාගිය ග්‍රීක නාට්‍යය හැමදාම එකසේ වලංගුයි.


ස්පිල් බර්ග්ගේ 'ඇවටර්' වගේ චිත්‍රපටියක් ගත්තාම, තව වසර ගණනක අනාගතය තුළ ක්‍රියාත්මක වන, ස්වභාව ධර්මය එමෙන්ම දෙවියා සහ මනුෂ්‍යයාගේ සිතුවිලි අතර මෙන්ම, නීතියේ බලය සහ රාජ්‍ය බලය වැනි කරුණු අතර ගැටුමනෙ. ඒ අනුව එවන් අනුභූතියක් පාදක කොට බිහිවන නිර්මාණ සදාකාලිකයි. මේවායේ හැඩතල සියුම් ලෙස වෙනස්වීම විතරයි සිදුවිය හැක්කේ.

• ඇන්ටිගනී නාට්‍යය දයලෙක්තිකව කියැවීමට උත්සාහ දැරීමත් එක්ක එය ලොව පවතින හොඳම ඛේදාන්ත නාට්‍යය ලෙස හේගල් වැනි විචාරකයෝ හඳුන්වනවා. ඇන්ටිගනී සම්බන්ධයෙන් ඔබගේ තක්සේරුව මොකක්ද?

ඇරිස්ටෝටල් තම නාට්‍ය ක්ෂේත්‍රයේ පරමාදර්ශී නාට්‍ය විදිහට ගන්නේ ඊඩිපස්. ඊඩිපස් නාට්‍ය ගත්තාම එයත් බලය පිළිබඳ සංකල්පය ඇතුළේ පුද්ගල ඛේදවාචකයක් නිරූපණය කරන්නෙ. ඇන්ටිගනී නාට්‍ය ගත්තාම එය එහි තවත් දිගුවක් ලෙස සලකන්න පුළුවන්. එහි මිනිසා තමාව පාලනය කර ගැනීමට නිර්මිත නීතිය සහ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරගත් නීතිය අතර ගැටුමක්නෙ තියෙන්නෙ. නමුත් ඊඩිපස් නාට්‍යයේ ගැටුමට සහ වස්තුවිෂයට වඩා ඇන්ටිගනී නාට්‍යයේ වස්තුවිෂය ඉතා සංකීර්ණයි. සරල උදාහරණයක් ගතහොත් ඊඩිපස් නාට්‍යයේ ඛේදාන්ත වීරයා කව්ද කියන කාරණය ඉතා පැහැදිලියිනෙ. නමුත් ඇන්ටිගනී නාට්‍ය තුළ කවුද සැබෑ ඛේදාන්ත වීරයා කියන එක පැහැදිලි නෑ. එය ඉතාමත් සංකීර්ණයි.


මං අහලා තියෙනවා බ්‍රෙෂ්ට් මේ නාට්‍යයේ ක්‍රියොන් හිට්ලර්ට උපමා කරලා ප්‍රතිනිර්මාණය කළා කියලා. ඒක බ්‍රෙෂ්ට්ගේ ඉතාමත් අසාර්ථක කියවීමක් කියලයි මම නම් හිතන්නෙ. ක්‍රියොන් කියන්නේ හුදෙක් ඔහුගේ උවමනාවට අනුව බලය ක්‍රියාත්මක කරන කෙනෙක් නෙමෙයි. සම්ප්‍රදාය විසින්ම ඔහුට පවරලා තියෙනවා රාජ්‍යයේ බලය රැකගැනීම සඳහා මේ ක්‍රියාමාර්ග ඉටු කිරීමට. ඒ නිසා ක්‍රියොන් කියන්නෙ එක පැත්තකින් රාජ්‍ය බලය කියන නීතියේ ගොදුරක්. ඇන්ටිගනී ගත්තාම ඇයත් එක්තරා ගොදුරක්. ඇය ස්වභාවධර්මය හෙවත් අපි දෙවියන් ලෙස හඳුන්වන නීතියෙන් මනුෂ්‍ය නීතියත් අතර අරගල කරනවා. ඒ අනුව ඇන්ටිගනි නාට්‍යයේ ඛේදාන්ත වීරයා ක්‍රියොන් ද ඇන්ටිගනී ද කියල හිතන එක සංකීර්ණ කටයුත්තක්.

ඇත්තටම ඇන්ටිගනී නිෂ්පාදනය කළාට පස්සෙ මටත් හිතුන දෙයක් තමයි මෙය එක්තරා විදියකට පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය කරන කෙනෙකුට කරන්න පුළුවන් අන්තිම නාට්‍යයද කියලා. මොකද ආපසු තවත් නාට්‍යයකට යනවා නම්, මින් එහා ගිය මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරක් ඇති නාට්‍යයක් තියෙන්න ඕන. නමුත් එහෙම එකක් නැද්ද කියලා හිතෙනවා ඇන්ටිගනී බලනකොට. අනික තමයි මේ නාට්‍යය කියවද්දී, එය නිෂ්පාදන කිරීම සඳහා නළුවන් සමග ගනුදෙනු කරද්දී, එහි ප්‍රාසාංගික ගුණය ගොඩ නගා ගනිද්දී, සංගීතය ගොඩ නගා ගනිද්දී අපිට තවදුරටත් පරිපූර්ණ නාට්‍යයකට යන්න බෑ. ඒ අනුව ඇන්ටිගනී තුළ කථා කරන මනුෂ්‍යයා පිළිබඳ යථාර්ථය අපිට මැරෙනකම් ග්‍රහණය කරගන්න බැරිවෙයි. එය ඒ තරමට අරුත් බර, දවසින් දවස විවිධ කියැවීම්වලට භාජනය කළ හැකි සර්වකාලීන නාට්‍යයක්. ඒ අනුව ඔබ කිව්වා වගේ හේගල් ඇන්ටිගනී පිළිබඳ කළ තක්සේරුව ඉතාමත් සාධාරණ එකක් කියලා කියන්න පුළුවන්.


• ග්‍රීක නාට්‍ය බොහෝමයක් ගත්තම ඒවා අයත් වන්නේ 'ලිරික් ඩ්‍රාමා' ගණයට. ඒවා තුළ බොහෝ විට නාට්‍යෝචිත ක්‍රියාවන් සහ ගැටුම් අවමයි. එවන් නාට්‍යයක් නූතන වේදිකාව තුළට ගෙන එද්දී අත්විඳීමට සිදුවන තත්ත්වයන් මොනවාද?

කාව්‍යමය ගුණය කියන එක බොහෝවිට ලෝකයේ තියන හොඳ නාට්‍ය සියල්ලම තුළ පාහේ තියෙන ලක්ෂණයක් කියලයි මම නම් හිතන්නේ. උදාහරණයක් විදිහට ඉබ්සන්ගේ නාට්‍යය බැලූ බැල්මට ස්වාභාවිකයැයි පෙනුණත් ඒවා ඉතාමත්ම කාව්‍යාත්මකයි. මොකද එක්තරා අතකට ඉබ්සන්ගේ භාෂාව හරි සංක්ෂිප්තයි. ඒවා තුළ තියෙන ව්‍යංගාර්ථ බහුලයි. ඊට අමතරව ඒ වායේ යටිපෙළ ඉතාම ගැඹුරුයි. ඔහුගේ නාට්‍ය පෙළක් ගත්තාම ඒක අපිට දිගින් දිගටම විග්‍රහ කරන්න පුළුවන්.

ඔබ කිව් විදිහට කාව්‍යාත්මක බව එක්තරා අභියෝගයක් තමයි. නමුත් නූතනය වන විට නාට්‍ය කලාව දියුණුයිනෙ. ග්‍රීක නාට්‍යකරුවා නාට්‍ය කළේ දිවා ආලෝකය තුළ. ඒ අනුව ග්‍රීක නාට්‍යකරුවාට ආලෝකය කියන කරුණ මිනිස් ජීවිතය සහ හැඟීම් සොයා යන ප්‍රබල භාවිතයක් ලෙස යොදා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් අද වන විට අංගරචනයන් දියුණුයි. රංග තාක්ෂණයත් දියුණුයි. ඒ නිසා නාට්‍යයක් තුළ තිබෙන කාව්‍යාත්මක භාවය නිසා ඇතිවිය හැකි අර්බුදය ජයග්‍රහණය කරන එක අද වන විට තරමක් පහසු කරුණක්.

අනෙක් කරුණ තමයි, පරිවර්තනය කෙරෙන නාට්‍යයක් එහි මුල් ස්වභාවයෙන් තැබීම. එසේත් නැතිනම් එයට අයත් මූලික සමාජ දේශපාලන මතම පමණක් නොතබා පරිවර්තනය කෙරෙන සමාජයේ මිනිස් ජීවිත සමග ගොනු කළ හැකිනම් එතනදි ඔබ කියූ බොහෝමයක් ගැටලු විසඳා ගැනීමට අසීරු වෙන්නෙ නෑ.

• කෝරස් එක සහ වේදිකාව අතර පවතින දැඩි සම්බන්ධතාව ග්‍රීක නාට්‍ය තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණයක්. ඔබේ ගොඩනැගීම තුළ මේක වැදගත් වෙන්නෙ කොහොමද?

ඇත්තටම ග්‍රීක නාට්‍ය තුළ එදා කෝරස් එක නිවැරදිව යොදාගන්නෙ කොහොමද කියලා පැහැදිලි නෑ. ඒ සම්බන්ධයෙන් විවිධ විචාරකයින් දක්වන්නෙ විවිධ අදහස්. නමුත් ග්‍රීක නාට්‍ය තුළ ඇති විශේෂ කරුණක් තමයි ඒවායේ කෝරස් එක නියෝජනය කරමින් සාමාන්‍ය ජනතාව, මහල්ලන්, වැනි අය බොහෝ විට සිටීම. නමුත් අපි අපේ නාට්‍ය තුළ දී මේ සඳහා යොදා ගන්නේ බොහෝ විට තරුණ පිරිස්.


ග්‍රීක නාට්‍යයක් තුළ කෝරස් එක එක් පැත්තකින් අවශ්‍යතා ගණනාවක් පිරිමසනවා. ඉන් එකක් තමයි චරිත තුළින් උත්කර්ෂයට නංවන සිද්ධියක යටි පෙළ කෝරස් එකේ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම. එය එක්තරා විදියකට තවත් ගැඹුරු සංවාදයක් කරා නාට්‍ය යොමු කිරීම සඳහා වන අන්තර් විරාමයක් ලෙස ද භාවිත වෙනවා. චරිත අතර තියෙන වාද විවාද ගැඹුරු සංවාද ආදියෙහි බර ප්‍රේක්ෂකයා තුළට නොදී ඔහු ඊළඟ අවස්ථාව කරා සකස් කිරීමත් තවත් විටෙක කෝරස් එකේ කාර්යයක් වෙනවා. ඊට අමතරව ප්‍රාසාංගික කොටස් ඉදිරිපත් කිරීමේදී ඒ සිද්ධියේ ඇති ගැඹුර මඟහැරී යා නොදී ප්‍රේක්ෂකයා හට දැන්වීම සහ ඔහු සිද්ධිය කෙරේ බඳවා තබා ගැනීමත් කෝරස් එකේ තවත් කාර්යයක් වෙනවා.

• විශේෂයෙන් තාක්ෂණික කරුණු කාරණා කිහිපයක් පදනම් කොටගත් වෙස් මුහුණු භාවිතයත් අනිවාර්ය අංගයක් ලෙස ග්‍රීක නාට්‍ය කලාව තුළ තියෙනවානෙ. මේක කොහොමද ඔබේ නාට්‍ය තුළට ගන්නෙ? මේ කවර අරමුණු ඇතිවද?

ඔබ කිව්වා වගේ, ග්‍රීක නාට්‍ය තුළ වෙස් මුහුණු භාවිතා කෙරුණේ ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයින් තිස් හතළිස් දාහක් ආවරණය කරමින් ඔවුන්ට චරිතයෙහි මුහුණ පෙන්වීම කියන කරුණ උඩනෙ. ඊට අමතරව ප්‍රේක්ෂකයා කරා හඬ සම්ප්‍රේෂණය කිරීමටත් වෙස් මුහුණ තුළ සැකසුණු සුවිශේෂී නාට්‍යයකුත් භාවිත වුණා. නමුත් අපි නාට්‍ය කරන්නේ ග්‍රීසියේ වගේ දහස් ගණනක් සෙනගකට නෙමෙයිනෙ. අපි නාට්‍ය කරන්නෙ ප්‍රේක්ෂකයින් තුන් හාරසියයක් සඳහා. ඉතින් නූතන නාට්‍ය තුළ නළුවන්ගේ මුහුණ හරි වැදගත්. අපිට ආලෝක භාවිතය තුළින් ඒ මුහුණ හා ඒවායේ පවතින හැඟීම් ඉතාමත් සියුම්ව මතු කරලා ගන්න පුළුවන්.

ඔබ ඇහුව වගේ මගේ නාට්‍ය තුළ වෙස් මුහුණු භාවිත වෙන්නෙ ග්‍රීක නාට්‍යකරුවා භාවිත කළ අරමුණු සපුරා ගැනීමට හෙවත් ප්‍රේක්ෂකාගාරයට නාට්‍යය පැහැදිලි කිරීමේ උපකරණයක් විදිහට නෙමෙයි. අපි ප්‍රධාන වශයෙන් මේ තුළ වෙස් මුහුණ භාවිත කරන්නේ මනුෂ්‍යත්වයේ දෙබිඩි ස්වභාවය පැහැදිලි කරන්න. වැරදි කරන අය වැරදි කරනවානෙ. තමන්ගෙම මුහුණ කැටපතක් කරගෙන. අපේ ඇත්ත ජීවිතයේ පිටුපස හැම වෙලේම වෙස් මුහුණක් තියෙනවා. මේ සමාජය තුළ දේශපාලනික වශයෙන් සිදුවිය යුත්තේ කුමක්ද කියලා අද හැමෝම දන්නවා. නමුත් ඔවුන් සැබෑ ජීවිතයේදී ඒ සඳහා අරගල කරන්නේ නෑ. ඒ ඔවුන් ඉතා දෙබිඩි නිසා.


මගේ නාට්‍යයේ ක්‍රියොන් එක්ක ඉන්න සෙනට් එක තමන්ගේ මුහුණ පිටුපස හැමවෙලේම වෙස් මුහුණක් තියාගෙන ඉන්නෙ. ඔවුන් අවශ්‍ය වෙලාවට විතරක් ඒ වෙස් මුහුණ පැළඳ ගන්නවා.

ඊට අමතරව මේ නාට්‍ය තුළ එක් අවස්ථාවක් තියෙනවානෙ ඇන්ටිගනී මරණයට පත්වීමට පෙර ඇය මළවුන්ගේ ලෝකය පරිකල්පනීයව දකින. ඇය දකින එම මළවුන්ගේ ලෝකය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අපි වෙස් මුහුණු භාවිත කරනවා. ඒ අනුව මේ නාට්‍ය තුළ විවිධත්වයකින් යුතුව, එහි ගැඹුරු තැන් උද්දීපනය කිරීමට වෙස් මුහුණ සංකේතාත්මකව භාවිත කෙරෙනවා.

• ඔබ ඇන්ටිගනී සඳහා යොදා ගන්නෙ ප්‍රවීණ ලේඛක ආරියවංශ රණවීරයන් විසින් පරිවර්තනය කරන ලද ඇන්ටිගනී නාට්‍ය පිටපත. ඔබේ නිෂ්පාදනය ඇතුළේ ඒ පිටපත වෙනස් වෙන්නෙ කොහොමද?

ඇත්තටම මෙතනදි මං ගත්තෙ රණවීර මහතා විසින් කරන ලද ඇන්ටිගනී දෙවැනි පරිවර්තනය. රණවීරයන් තුළ තිබුණු අදහසක් තමයි ග්‍රීසියේ නාට්‍යයක් පැය තුන හතරක් රඟ දැක්වුවත් නූතන නාට්‍යයක් එවන් දීර්ඝ කාලයක් ගත යුතු නෑ කියන එක. එමනිසා එම නාට්‍යය සියුම් වෙනස්කම්වලට බඳුන් විය යුතුයි කියලා එතුමා විශ්වාස කළා. පරිවර්තකයා තුළින්ම එවැනි නිදහසක් ලැබෙන එක හරිම පහසුවක්නෙ නාට්‍ය කරුවෙකුට. ඉතිං මගේ නාට්‍ය තුළ ඇතැම් අවස්ථාවල රණවීරයන්ගේ නාට්‍ය පිටපතේ තිබුණු දේවල් නාට්‍යෝචිත පරිදි වෙනස් වුණා.

[රාවය පුවත්පතෙන් 2010.07.25]
කලු සුදු සේයාරූ- රසික සූරසේන


Resoures From Boondi
READ MORE - ඇන්ටිගනි

"සැබෑ මුහුණේ වෙස් මුහුණු"

"සැබෑ මුහුණේ වෙස් මුහුණු"| ලංකාවේ 'මේක් අප් ආර්ටිස්ට්'ලාගේ කතන්දරය
පාරේ ගමන් කරන ත්‍රී වීලයකි. ඒ ඇතුළේ නාට්‍ය නිෂ්පාදක සිටී.

''හලෝ මචං.... කොහෙද යන්නෙ?'' අතරමග නතරකර හමුවෙන මිතුරාගෙන් නිෂ්පාදක අසයි.
''මං මේ යාළුවෙක්ගෙ ගෙදර යන ගමන් ඇයි?''
නිෂ්පාදකගේ මුහුණට සතුටක් දැනෙයි.

''හොඳ වෙලාවට ආවෙ. නැගපංකො ත්‍රී වීල් එකට... උඹලගෙ ගෙදරට ගිහින් ටක්ගාල මේක් අප් බොක්ස් එක ගනිං...''
''මොකටද?'' විමතිය.
''කතා වැඩක් නැහැ.. උඹටත් සම්තිං එකක් ගන්න පුළුවන්. අද මගෙ ෂෝ එකනෙ මචං..''
''නෑ ඉතිං මං මොකටද උඹට... ලාබෙට පොරවල් ඉන්නවනෙ...''

''හරි හරි... ඕවට කේන්ති ගන්න එපා... ඌ රණ්ඩුවෙලා ගියා... හරිද? දැන් උඹ වැඩේ දෙන්න ඕන ඌට උණ ගන්න එක්ක.. ටක් ගාලා වරෙන්....''
මේ අපේ රටේ සාමාන්‍යයෙන් අංගරචකයෙක් නැත්තං ''මේක් අප් ආටිස්ට්'' කෙනෙක් හොයාගන්නා විදිහයි. හැමෝම නොවෙයි. නමුත් බොහෝ වෙලාවට... ඊට පසුව සිදුවීම් මේ ආකාරයයි.

ස්ථානය- නේපථ්‍යාගාරය

''කෝ... කාටද දාන්නෙ?'' අංගරචකයා අසයි.
''මෙන්න මෙයාට දාන්න. මෙයා රඟපාන්නෙ හමුදාවෙ චරිතයක්...'' නිෂ්පාදකයා කියයි.
''ආ... එන්නකො මෙහාට...''
නළුවා පැමිණෙයි....
''අනේ අය්යෙ... හොඳ උඩු රැවුලක් දාන හොඳේ...''
අංග රචකයාට ටිකක් තද වෙයි.
''මොකද්ද? හමුදාවෙ කිව්වට මං දන්නවයැ මොන හමුදාවෙදකියලා''
''අය්යෙ මං දෙවන ලෝක යුද්ධ කාලෙ ජර්මන් සෙබලෙක්.....''
අංග රචකයාට තව ටිකක් තද වෙයි.
''ඒ කාලෙ සොල්දාදුවන්ට උඩු රැවුල නැහැනෙ; වවන්න තහනම්නෙ...''
''ඒ වුනාට කමක් නෑ අය්යෙ ඕව මේ රටේ එවුන්ට තේරෙන්නෙ නැහැ. ඔන්න ඔහෙ දාන්න...''
''එහෙම බැහැ මල්ලි මමත් නිකං නෝන්ඩි වෙන්න කැමති නැහැ...''
නළු කොලුවා නැගිටියි; නිෂ්පාදක වෙත දිවයයි. රණ්ඩු වෙයි.
අංග රචනා ශිල්පියා බඩු අස්කරන්නට පටන් ගනී. මුහුණ අඳුරුයි.
''මංච මේ මං උඹට අච්චර ගානක් දුන්න මතකනෙ; නාට්ටියට...''
නිෂ්පාදක අන්දුන් කුන්දුන් වෙන්නේ නළුවාගේ දොස් ඇසීමෙන්ය.
''ඉතින්?''
නළුවා කියාගෙන කියාගෙන යයි.
''ඉතිං එහෙම මට කියන එක හරිද අනිත් නළුවො ඉස්සරහා? මමත් ඉංග්ලිෂ් බුක්ස් ගොඩක් කියවලා තියනවා. අපේ ගෙදරට ඇතුළ් වෙනකොටම පේන්න තියෙන්නෙ පොත් රාක්කෙ...''
''ඉතිං මොකද වුනේ කියනවකො''
''අරය එනවා මට උගන්නන්න.. පඩිය.... උගෙ කට වැඩියි... මට උඩු රැවුල දාන්න බැරිලු. මචං මං කොහොමද මෙහෙම මුහුණ දෙන්නෙ. උඩුරැවුලක් තිබ්බනං නෙ ලස්සන....''

නිෂ්පාදක නළුවා සමග අංගරචනා ශිල්පියා වෙත යයි. ශිල්පියා ගණනකට නොගෙන ඉඳී. ඔහුගේ ගෝලයා ද ළඟ සිටී. තරමක් ව්‍යාකූල මුහුණු.
''අනේ මචං මෙන්න මේ අපේ කොල්ලෙක් උඩු රැවුලක් දාහං..''
අංග රචකයා කුලප්පු වෙයි.
''මචං මං යන්නං... උඹලා වගේ එවුන් එක්ක ඉන්න බැහැ... මං කියන දේ උඹලට තේරෙන්නෙ නෑ. ජර්මන් සොල්දාදුවො රැවුල වැවුවෙ නැහැ. ඒකට හේතුවක් තියනවා... ඉතිං මූ කියනවා උඩු රැවුලක් දාන්නලු...''
නිෂ්පාදක ෂේප් න්‍යායට එයි.
''ඉතිං මචං ජර්මනියෙන් එන්නෙ නැහැනෙ නාට්ටිය බලන්න...''

අනෙකුත් නළු නිළියන්ද වටවෙයි. නළු නිළියන්ට අවශ්‍ය පරිදි මූණු පාට කරගන්න විදිහක් නොමැති වූයෙන් සියළු දෙනාම දැන් අංග රචකයාට එරෙහිව ආඩපාලි කියයි. අංග රචකයා නොසැලෙයි.

''මං යනව මචං මට බැහැ මේ වගේ කණ්ඩායම් වල ඉන...''

අංග රචකයා බඩු ටිකත් පොදි බැඳ ගෙන පිටවෙයි. ඔහු ගියාට පසු සියළු නළු නිළියන් ඔහුට බැණ වදියි.
''ඌ ටිකක් පණ්ඩිතයා නේද?'' යනාදී වශයෙන්... මෙතෙක් නොබැන සිටි එවුන්ද අතනටම එකතු වේ. එහෙම වෙන්නේ එකතු නොවුනොත් නාට්‍ය කණ්ඩායමේ තව දුරටත් ඉන්නට නොහැකි වන නිසයි.

පසුව දින කිහිපයක් ගත වෙයි. නාට්‍ය කරුවන් අතර ප්‍රචාරය වෙන්නේ වෙනත් දෙයකි.

''ඌට මිනිස්සු එක්ක ඉන්න බැහැ. ඇරගන්නව ඌට මේ ෆීල්ඩ් එකේ තව ටික කාලයයි.''

මේ කතාව පැතිරවීමට; විශේෂයෙන් මෙතෙක් අර ශිල්පියා යටතේ ඉගෙන ගත් ගෝලයා ද එකතුවෙයි. නාට්‍යයේ ඊළග දර්ශනය අංගරචනා කරන්නේ ගෝලයායි. කලින් රුපියල් සියයය්ට මේක් අප් කළා නම් මෙයා පණහට කරයි. ලාභයත් නිෂ්පාදකට.

ඊළග නාට්‍ය උළෙලේ දී ගෝලයාට හොඳම අංගරචකයාට හිමි සම්මානය හිමිවෙයි. ඒ එක පැත්තක් පමණි.

අංගරචනා ශිල්පියෙක්, මේකප්කාරයෙක් කියූගමන්ම තවමත් අපේ සමාකයේ බොහෝ දෙනෙකු සිතන්නේ නපුංසකයෙක් යනුවෙනි. බොහෝ පිරිමි අංගරචනා උපකරණ සහිත පෙට්ටි පා්රෙ අරගෙන යන්න ලැජ්ජා වෙන්නෙ ඒ නිසාවෙනි. වර්තමානයේ ඔය හැඟීම ටිකෙන් ටික ඉවත්වී ගියත් ඒ සිතිවිල්ලට හේතුවක් මූලාශ්‍රයක් අපේ සමාජයේම දැකිය හැක.

පාර්සි, බලිවාලා නාට්‍ය කණ්ඩායම් ලංකාවට පැමිණීමත් සමග ලාංකේය නාට්‍ය කලවේ බොහෝ වෙනස්කම් සිදු වී ඇත. ජා, මුස්ලිම්, හින්දුස්ථානී, මැලේ වැනි ජාතිකයන් බොහෝ දෙනෙක් මේ නාට්‍ය වලට සම්බන්ධ වී ඇති අතර අංගරචකයින්, ඇඳුම් නිර්මාණ කරුවන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් බොහෝ දෙනෙක් මේ අතර දැකිය හැක. එයින් සමහරු ලංකා කාන්තාවන් සමග විවාහ වූ අතර කොළඹ, මරදාන යන ප්‍රදේශ වල පදිංචි වෙනම නාට්‍ය (ටීටර්, ජෝගි) නැටීම කර ඇත. ජෝගි නාට්‍ය වලදී ජනප්‍රිය වී ගිය නැටුම් ක්‍රමයක් ද ඇත. වරින් වර ඇඳුම් උනා දමමින් අවසානයේ යට ඇඳුම් දක්වා පිළිවලින් උණා දමන්නට සකස්කර ගත් නැටුම්; සමහරු පොන්න ඩාන්ස් යනුවෙන් ද මේ නැටුම් හඳුන්වති. මෙසේ සකස්වුනු කලාවක් නැත්නම් නාට්‍ය කලාවේ උප සංස්කෘතියක් අප ලාංකේය සමාජයේ වෙනමම දැකගත හැකි අතර අද වන විය එය ක්ෂය වෙමින් පවතියි.......

එම උප සංස්කෘතිය තුළ ''මේක්-අප් දාන්නෙ පොන්නයෝ'' යන හැඟීම තදින් ව්‍යාප්ත වූවකි. සමහර නිළියන්ව ඔවුන්ගේ දෙමාපියන් භාරදී යන්නෙ කොණ්ඩා මෝස්තරකරු හෝ අංගරචකයාටයි. නිළියන් ලජ්ජාවක් නැතිව ඒ අංගරචනා ශිල්පීන් ඉදිරියේ ඇඳුම් උනා දමා තවත් ඇඳුමක් ඇඳ ගනී, කුඩා කල මම පොල්කොටන් නාට්‍ය (ටීටර්, ජෝගි) නටන ස්ථානවල මෙවැනි බොහෝ දේ අනන්තවක් දැක ඇත්තෙමි..........

1960 දශකයේදී පමණ ටිකෙන් ටික අංගරචනය කිරීම පමණක් නොව මුළු නාට්‍ය කලාවටම අයත් බොහෝ අංශ වෘත්තීයමය නොවුනත් යම්කිසි මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් වූවා මෙන්ම, යමක් ඉගෙන ගත් පිරිසකගේ වැඩ කොටසක් බවට පත් විය........

ජයලාල් රෝහණගේ "සැබෑ මුහුණේ වෙස් මුහුණු"(1999)- අංග රචනා අත් පොතේ පෙරවදනෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයකි.
READ MORE - "සැබෑ මුහුණේ වෙස් මුහුණු"

මහ කම්පිත වලව්වෙන් ඇරඹි අපූරු නිර්මාණකරුවෙක්

‘ස්වයංජාත’ තැනූ සුදත් රෝහණ කේ. ඒ. ධර්මසේන ගැන කියන මතක සටහන්

‘කේ. ඒ. ධර්මසේන මිය ගොසින්’ මේ පුවත ඇසුණු මොහොතේ මම තරමක් තුෂ්නිම්භූ®ත වීමි. ඔහු ගිලන්ව සිටියත් මෙතරම් ඉක්මනින් අප අතහැර යනු ඇතැයි සිහිනෙකින් හෝ මට සිතුණේ නැත.

ධර්මසේනයන් සහ මා අතර ඇති සබඳතාවය දිගු ඉතිහාසයකින් යුතු එකකි. එය ඇරැඹෙන්නේ 1985 වසරේ පමණය. බලපිටිය මහකප්පින වලව්වේ තිස්ස අබේසේකරයන් විරාගය රූගත කරමින් සිටියේය. ධර්මසේන එහි සහය කැමරා ශිල්පියාය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ ලාල් වික්‍රමආරච්චිය. ඔහු දින කිහිපයකට සිය පෞද්ගලික වැඩ කටයුත්තකට නික්ම ගියේය.

චිත්‍රපටයේ වැඩ කටයුතු ගෙන යාමට ධර්මසේනයන්ට බාර විය. මා චිත්‍රපටයට සම්බන්ධ වූයේ සහය අධ්‍යක්ෂවරයකු සහ සහය සංස්කරණ ශිල්පියකු වශයෙන්ය. මම එවකට වයස අවුරුදු දහ අටක කොලු ගැටයෙක්මි.

ධර්මසේනයන් මගේ ආධුනිකත්වය සත පහකටවත් මායිම් කළේ නැත. වසර ගණනාවක් සබඳකම් පැවැත් වූ සහ මීට ප්‍රථම හමු වී ඇති කෙනෙකු පරිද්දෙන් මා සමඟ ඔහු ඉතාම සුහදව කතා කළේය. එතැන් පටන් අප මිතුදම මහමේරු පර්වතය සේ නොසෙල් වී තිබුණි.

ඒ මිත්‍රත්වයේ පවුර මත හිඳගෙන අපි බොහෝ නිර්මාණයන් කළෙමු. ඒවාහි සාර්ථකත්වය දෙය බලා නිහඬ නිහතමානී ආඩම්බරයකින් ධර්මසේනයන් මා සමඟ කතා කළ වදන් අදටත් දෙසවනේ දෝංකාර දෙන්නේ නෙතට කඳුළු නංවමිනි.

පසුකාලීනව මම වෘත්තීමය අධ්‍යක්ෂවරයකු වුණෙමි. ඔහු මගේ වෘත්තීමය ජීවිතය පසුපස සෙවනැල්ලක් මෙන් සිටියේය. ඔහුගේ වැඩ කටයුතුවල මනා පිළිවලක් තිබිණි. එමෙන්ම ඔහුගේ සර්වාංගයම අති සංවේදී මානුෂීය හැඟීම්වලින් පොහොසත්ය.

මේ මොහොතේ ඒ මානුෂීය හැඟීම් දහර ගැලූ එක් අවස්ථාවක් මගේ මනසේ සිතුවම් වෙයි.

මා දන්නා පරිදි ඔහු අවසන වැඩ කළේ මා අධ්‍යක්ෂණය කළ ස්වයංජාත ටෙලි නාට්‍යයේය. එහි ජගත් චමිල අතින් ගසා කැඩපතක් බිඳින දර්ශනයක් තිබිණ. ඒ දර්ශනය රූගත කර අවසන් වූ පසු මා කට් යන වචනය කියූ සැනින් ධර්මසේනයන් දිව ගියේ ජගත් ළඟටය. ඔහු ජගත්ගේ අත අල්ලා බැලීය. ජගත්ගේ අත තරමක් තුවාල වී ඇත. එය දැක ධර්මසේනයන් ජගත්ට ප්‍රථමාධාර ලබා දුන් අයුරු අදටත් මට මැවී පෙනේ. ඒ මානුෂිකත්වය අද කොහේදෝ සැඟව ගොසිනි.

මිල්ලෙ සොයා, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ, සක්මන් මළුව වැනි චිත්‍රපට සඳහා ඔහු සිය නිර්මාණශීලීත්වය නොඅඩුව ලබා දුන් බව ඒවා නරඹද්දී අපට දැනිණ.

එමෙන්ම මා නිර්මාණය කළ උතුවන්කන්දේ සරදියෙල්, කළුවර ගෙදර වැනි නිර්මාණවලට ඔහු ලබා දුන් අනගි සහය මගේ නිර්මාණ දිවිය ඇති තාක් කල් අමතක වන්නක් නොවේ.

පසුගිය කාලයේ ධර්මසේනයන් බොහෝ සේ රෝගාතුර විය. එහෙත් ඔහුගේ සිත තිබුණේ කැමරාව ළඟය. කතා කළේ ද නිර්මාණ ගැනය. නිවාඩු මොහොතක් බලා ඔහුත් සමඟ වැඩ කළ සහෘදයන් වන අපි ධර්මසේනයන්ව අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධිය වන්දනා කිරීම සඳහා රැගෙන යාමට තීරණය කළෙමු. එහෙත් එදින උදෑසන ගමන අවලංගු විය.

කෙසේ හෝ පන්සලක ශාන්ත පරිසරයක් තුළ මොහොතක් සිටීමට ඔහුට අවශ්‍ය වුණේය. එහෙයින් ඊට පහුවැනිදාම අපි ඔහුව කැළණි පන්සල වෙත ගෙන ගියෙමු. එය වැඳ පුදා ගත් ඔහු ආපසු එන අතරමගදී අසනීපය තරමක් උත්සන්න විය.

අපි දන්නා තැනක් වූ කැළණියේ සරසවි චිත්‍රගාරයට ධර්මසේනයන්ව ගෙන ගියෙමු. එතැන්දී ඔහුගේ සිතට නැගුණු සතුට මුහුණින් විරාජමාන වනවා අපි දුටුවෙමු. මට දැනුණ අයුරින් සරසවි චිත්‍රගාරය අප මිතු සමාගමේ සුපුරුදු නවාතැන් පොළක් වූ බැවින් පෙර මතකයන් ඔහුගේ සිතට නැගෙන්නට ඇති.

ඔහුගේ අසනීප තත්ත්වය යළි වැඩි විණි. අපි ළඟ ඇති පෞද්ගලික රෝහලකට ඔහුව වහාම ඇතුළු කළෙමු. එහෙත් දෛවය අපට හරස් විය. එතැන්දී ධර්මසේනයන්ගේ සුසුම් පොඳ මඳ සුළඟ හා මුසු වුණේය.

කිසි දිනෙක එළි නොදුටු මංමුලා වැල් බලංගොඩ දූවිලි ඇල්ලේ රූ ගන්වද්දී

වෙලේගෙදර රණසිංහ (සහාය කලා අධ්‍යක්ෂ), සන්ධ්‍යා මෙන්ඩිස් (දර්ශණ සම්බන්ධතා), වසන්ත විට්ටච්චි (සහාය වේෂ නිරූපණ), ඇන්ටන් (කැමරා සහාය), ශේෂා පලිහක්කාර (ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පි), එරල් කෙලී (කලා අධ්‍යක්ෂ), කේ. ඒ. ධර්මසේන (සහාය කැමරා ශිල්පි), තිස්ස අබේසේකර (අධ්‍යක්ෂ), දයාරත්න රටගෙදර (ප්‍රධාන සහාය අධ්‍යක්ෂක).

ස්වයංජාන ටෙලි නාට්‍යය දවස් එකසිය තිස් අටක් එක දිගට රූ ගැන්වීමේදී ඔහු වැඩ කළේ ඉතාම ජවසම්පන්නවය. අද ඒ ජවසම්පන්නකම ජයරත්න මල් ශාලාව තුළ නිහඬ වී සිටී. මේ කඳුළු සටහන් ඔබ කියවන මොහොතේත් ඔහු සදහටම නික්ම ගොසිනි.

ශාලාවේ දොරකඩ ළඟට වී ඔහුගේ නිසල දේහය දෙස බලා සිටිද්දී ධර්මසේනයන් ගැන මගේ මතකය චිත්‍රපටයක දර්ශන පෙලක් සේ දිග හැරිණ. ඒ බොහෝ තැන්වල මම සිටියෙමි. ඒ මා ඔහුගේ ඉතාම සමීපතමයකු බැවිනි.

එක් එක් යුගයන් වෙනස් වුවද කේ. ඒ. ධර්මසේනයන් සහ මා කලා ජීවිතය ඇරඹුවේ බලපිටිය මහ කප්පින වලව්වෙනි. ඒ වලව්වේ අතීත මතක අතර අපි දෙදෙනා හමුවන වාරයක් වාරයක් පාසා මතක් කරමින් ඇති වනතුරු සිනහ වුණෙමු. එතරම්ම ඒ කාලය සුන්දරය. අද ඉතිරි වී ඇත්තේ මා පමණි. ඒ ගැන සිතද්දී ම’සිත වාවන්නේ නැත. ඉකි බිඳිමින් හඬා වැටෙයි.

අවසන් වශයෙන් මෙලෙස සඳහන් කරන්නට කැමැත්තෙමි. කේ.ඒ. ධර්මසේන නොහොත් අප හිතවත් ධර්මෙ අයියාට මම කෙදිනකවත් නිවන් සුව නොපතන්නෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු වැනි අය මේ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය බැවිනි.

පෙර වාගේ නිදහසේ ඉගිලී යන විහඟකු වී අප කුරුළු රෑනට යළිත් එකතු වන්නට ඔබ අප අතරේම ඉපදේවා. ඒ මගේ එකම පැතුමයි.


READ MORE - මහ කම්පිත වලව්වෙන් ඇරඹි අපූරු නිර්මාණකරුවෙක්

ජැක්සන් – කුමාරි යළි එක් වී යුග ගී ගයති

ජැක්සන් ඇන්තනී – කුමාරි මුණසිංහ එකට එක්වී සැබෑ ජීවිතයේ යුග ගීය ගයා වසර ගණනාවක් වුවද, මේ දෙපළ කලා ජීවිතයේ එකට එක් වී යුග ගීයක් ගැයුවේ පසුගිය දවසකය. ඒ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සුමිත් කුමාරගේ නවතම ටෙලි නිර්මාණය වන ‘මායා මන්ත්‍රී’ හී තේමා ගීතය ගයමිනි.

ජැක්සන් – කුමාරි ගැයූ ගීතය ආචාර්ය අජන්තා රණසිංහගේ පද රචනයක් වන අතර සංගීත නිර්මාණය ආනන්ද ගමගේගෙනි.

පාලිත සිල්වා, ජනක කුඹුකගේ,, අනුරුද්ධිකා පාදුක්කගේ, හිමාලි සයුරංගි ඇතුළු ශිල්පීන් චරිත නිරූපණය කරන ‘මායා මන්ත්‍රී’ පිටපත කේ. බී. හේරත්ගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි ඟයක වන අතර සංස්කරණය ජගත් වීරතුංගගෙනි.


ශ්‍රියන්ත වේදිකාවේ ගැබ්බර මිනිසකු වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් නිර්මාණය කරනු ලබන නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය ‘ගැබ්බර මිනිසා’ හි මුහුරත් උළෙල පසුගියදා පවත්වනු ලැබීය.

ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, සරත් කොතලාවල, වසන්ත විට්ටච්චි, මල්කාන්ති ජයසිංහ, සුජීව ප්‍රියලාල් ඇතුළු ශිල්පීන් රැසක් චරිත නිරූපණය කරන මෙහි සංගීත නිර්මාණය සංගීත අධ්‍යක්ෂ ඇන්තනී සුරේන්ද්‍රගෙනි. උපේඛා නිර්මාණි ගායනයෙන් දායක වන අතර අංග රචනය වසන්ත විට්ටච්චිගෙනි.

ඩබ්ලිව්. එස්. විජේසිංහගේ ‘ගැබ්බර මිනිසා’ කෘතිය ඇසුරෙන් අජිත් මෙන්ඩිස්ගේ අනුවාදයක් වන මෙහි ඉදිරිපත් කිරීම සහ සංවිධානය ජූඩ් ශ්‍රීමාල්ගෙනි.


ඔබේ නාට්‍ය කලා තොරතුරු, නියමිත දිනට දින 10 කට පෙර ලැබෙන සේ
’නඳුන් උයන’ - සරසවිය, ලේක්හවුස්, කොළඹ, ලිපිනයට එවන්න

'සරසවිය'සජීවජාල පුවත්පත
READ MORE -

මට කේමදාස මාස්ටර් මතක් වුණා

ඒ. ආර්. රහ්මාන් යටතේ සංගීතය හදාරන අපේ තරුණයා

ගිය සඳුදා දොරමඩලාවෙන් ඔබ හමුවූ ඒ තරුණයා ඔහුයි

දිනේෂ් සුබසිංහ ගෙන් අසමු

ඔහු වාදනය කරන රාවණ හත්ත නම් සංගීත මෙවලමේ රිද්මය මගේ සවනට වැටේ. ඒ සත්ස්වරය තුළ ඇත්තේ වචනවලින් කිව නොහැකි ආනන්දයකි. වටපිටාවේ කුමක් සිදු වුවත් මේ තරුණ සංගීතඥයාට වගක් නැත.

ඒ ජවසම්පන්න අතැඟිලි තත් අතර වේගවත්ව එහෙත් නිහඬව සැරිසරයි.

ක්ෂණයකින් හෙතෙම වාදනය නැවැත් වීය.

‘ඇයි දිනේෂ්?’ ඒ හඬ මගේය.

මට කේමදාස මාස්ටර් මතක් වුණා.

ඔහුගේ හඬ තරමක් හැඟීම්බරය.

දිනේෂ් සුබසිංහ කියන සංගීතඥයා හැදුනේ වැඩුනේ මාස්ටර් ගාව. ඔහු තමා මට සංගීතය කියන්නේ මෙන්න මේකයි කියලා දරුවෙකුට වගේ කියා දුන්නේ.

ඔහු තවත් එලෙස වචන ගලපයි. ඒ මතක තුල සැරිසරමින් තවත් බොහෝ දේ දැනගන්නට මට වුවමනා විය.

බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේ දකුණු පැත්තට වෙන්න තමයි කේමදාස මාස්ටර්ගේ සංගීත සිප්හල තිබුණේ. කේමදාස මාස්ටර්ව මට හමුවුණේ 2001 වසරේදී. එතැන් පටන් මං ඔහුගේ බොහෝ පටිගත කිරීම්වලට වාදනයෙන් සහය වුණා.

ඔහුගේ අවසන් කාලයේ කළ රෙකෝඩිං තිබෙන දවස අනිවාර්ය කළේ මං ඉන්නවා නම් පමණයි. ඒ තරමට එතුමාට මාව අවශ්‍ය වුණා. කේමදාසයන් සතු සංගීතමය ඥානය නොඅඩුව ගෝලයන් වන අපට ලබා දුන්නා. 2007 දී මාස්ටර් අවසාන වතාවට කළ පේරාදෙණියේ ප්‍රසංගයෙහි සංගීතය මෙහෙය වූයේ ද මම. ඒක මට ජීවිතයට අමතක වෙන්නේ නැහැ.

ඔබේ සංගීත දිවියේ යටගියාව ගැන දැනගන්නට මා කැමැතියි?

සංගීතකාරයෙකු වෙන්න ඕනෑ කියලා තදින්ම උණක් තිබුණේ පුංචි කාලයේ ඉඳලා. ඒක හරියට සුව නොවන අමාරුවක් වගේ. වෙනත් මාධ්‍යවලට යොමු වන්නට කොච්චර උත්සාහ කළත් අවසානයට සිත නතර වන්නේ ස්වර හත ළග.

මගේ ගම මීගමුවේ. ඒ පළාතේ රාත්‍රී සමාජ ශාලාවල මං සංගීත කණ්ඩායමක් හදාගෙන ප්ලේ කළා. ගෙදරින් ඒ ගැන නම් එතරම් පැහැදීමකින් නෙවෙයි හිටියේ. මොකද ඒ අය බය වුණා මං සමාජ ශාලවලට ගිහින් නරක් වෙයි කියලා. ඒත් මං දන්නවා මගේ අරමුණ. ඒ වෙනුවෙන් මං කුමන නරක ක්‍රියාවකටවත් යොමු වුණේ නැහැ.

ඒ අතරතුරදී මං සංගීතය හැදෑරුවා බී. වික්ටර් පෙරේරා, මහින්ද සෙනෙවිරත්න, අශෝක ජයවර්ධන සහ ආනන්ද දාබරේ යන ගුරුවරුන් යටතේ. 1999 අවුරුද්දේ මගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ සංයුක්ත තැටියක් එළි දැක්වූවා.

එකේ තමයි ග්‍රේෂන් ආනන්ද සහ නිරෝෂා විරාජිණී පළමු වතාවට යුග ගීයක් ගායනා කළේ. මේ කාලයේදී ඇන්ජලින් ගුණතිලක මහත්මියව මට හමු වෙනවා. ඇයයි මාව රූපවාහිනී මාධ්‍ය වෙත ගෙන ගියේ. 2002 දී මං ඩී. ආර්. සී. මෙම්බර්ස් නැමැති සංගීත කණ්ඩායම හැදුවා. අපි කරපු මොනලිසා ගීතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා.

මෙ අතරතුරදී ඩී. ආර්. සීලට ලුක්ස් ලයික්, හංසවිල, සිකුරාදා රෑ, මාත්‍රා, හා හා පුරා වැනි රූපවාහිනී සංගීත වැඩසටහන්වල සංගීතය මෙහෙය වන්න ලැබුණා. ඔන්න ඔහොම තමයි මේ ගමන ආවේ.

ඔබේ සංගීත දිවියේ පෙරළියක් සිදු කළ හුම්මානය ගැන කතා නොකළොත් ඒක අඩුවක්?

චන්ද්‍රරත්න මාපිටිගමගේ හුම්මානය ටෙලි නාට්‍ය හරහායි මං ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. එතෙක් මට විවිධ වැඩසටහන්වලට ප්ලේ කරලා ලැබුණු බිංදු තුනේ මුදල බිංදු හතර වෙන්නේ හුම්මානය නිසයි. ඉන් පසුව මේ දිනවල විකාශය වන හිතට වහල්වීමි සහ දුලංගනා සමඟ සිහින වසන්තයක්, සිරිසිරි මල්, අහංකාර නගරේ, සුන්දරයි ප්‍රේමය, සරා සහ සුබා ඇතුළු නාට්‍ය 31 ක පමණ සංගීත අධ්‍යක්ෂණය කළා.

රාවණා හත්ත ගැන දැනගන්න ආසයි?

මෙහෙමයි, මේ සංගීත භාණ්ඩය මා මුලින්ම දුටුවේ ඉන්දියාවේදී. රාම, රාවණා යුද්්ධයෙන් පසුව හනුමා ඉන්දියාවට එන විට මෙය අතෙහි තිබුණා කියලා ජනප්‍රවාදවල සටහන් වෙනවා. රාවණා හත්ත, රාවණා ස්ට්‍රෝන් සහ රාවණා හස්තවීණා යනුවෙන් ද හැඳින් වෙනවා. මේකේ බඳ හදලා තියෙන්නේ එළු සමින් වසා ඇති පොල් කටුවකින් සහ උණ බම්බුවලින්. මෙහි ප්‍රධාන තත් දෙකයි. එකක් වානේ. අනික අශ්ව කෙන්දක්.

විවිධ පර්යේෂණ කටයුතු සඳහා මෙරට තුලදී මං මෙය උපයෝගී කර ගත්තා. අපේ රටේ බොහෝ රසිකයන්ට නම් රවණා හත්ත කිව්ව සැණින් මතක් වෙන්නේ මාව. මෙය දුටු ඕනෑම කෙනෙකු මෙයින් නැගෙන ශබ්දයට පුදුම වෙනවා. ඒ පෙනුමට වඩා මෙහි තත් පිරිමැදීමෙන් නැගෙන හඬ බොහොම සෞම්‍යයි.

තවමත් භද්‍ර යෞවනයේ සිටින සංගීතඥයන් අතර දිනේෂ් හරිම වාසනාවන්තයෙක්. ඒ, ඒ. ආර්. රහ්මාන්ගේ සංගීත විද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍ය හිමි කර ගත් පළමු ලාංකික ශිෂ්‍යයා ඔහු වන නිසා.

අපි කතා කරමු ඒ ගැන.

ඇත්තටම ඒක මගේ වයසේ කෙනෙකුට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. ඒ. ආර්. රහ්මාන් කියන්නේ මගේ ලෝකයේ හිටපු වීරයෙක්. ඒ වගේම ඔහු ඉන්දීය සංගීතයේ පතාක යෝධයෙක්. අබ්දුල් හමීඩ් කියන මිතුරා සහ අතුරලියේ රතන හිමි නිසාත් අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, රාජා මහේන්ද්‍රන් මහතාත් මගේ වියදම් ගැන සොයා බැලූ නිසාත් තමයි මං ඒ විද්‍යාලයට යන්න තරම් භාග්‍යවන්ත වුණේ.

අමුතු අත්දැකීම් ලැබීමට මෙන්ම අමුතුª මිනිසුන් ගණනාවක් මට ඉන්දියාවේදී ඇසුරු කරන්නට ලැබුණා. සංගීතමය දේශනවලට සවන් දුන්නා. හඬින් පමණක් ඇසුරු කළ හරිහරන් බාලසුබ්‍රමනියම් යන ගායනවේදීන්ව සියැසින් බලා ගත්තා. මේ අතරේ දකුණු ඉන්දීය සිනමා වාදකයන්ගේ සංගමයට බැඳුනා.

ඒ අත්දැකීම් හරිම සුන්දරයි. ඒ. ආර්. රහ්මාන් මානුෂික ගුණාංග අතින් ඉතාම පොහොසත් ගුරුවරයෙක්. ඒ වගේම ඔහුට ඇත්තේ අති ප්‍රබල සංගීතමය ඥානයක්. ඒ ගැන මට ඔහුව ඇසුරු කරද්දී හොඳින් දැනුණා. මේ අතරේ තෙළිගු ද්‍රවිඩ චිත්‍රපටවලට මෙන්ම මනි රත්නම්ගේ රාවණා චිත්‍රපටයට ද වාදකයකු වශයෙන් සම්බන්ධ වුණා.

කෙටි නිවාඩුවකට දිනේෂ් ලංකාවට ඇවිත් ඉන්නේ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන්?

මං මගේ අලුත්ම පර්යේෂණ සංගත තැටිය කරුණා නදී නමින් නිකුත් කළා. ඒක ඔරිටොරියෝවක්. සරල භාෂාවකින් පැවසුවොත් ඔරිටෝරියෝවක් කියන්නේ ආගමික කතා පුවතක් සංගීතමය අයුරින් ඉදිරිපත් කිරීමකට.

බුදුරජාණන් වහන්සේගේ චරිතයයි මෙමගින් මං රසික රසිකාවන්ට ඉදිරිපත් කරන්නට උත්සාහ කළේ. මෙය සංගීතය විඳීන්නන්ට පමණයි.

ඉදිරි වැඩ කටයුතු ගැන පවසමින් මේ කතාවට විරාමයක් තබමු.

මේ වන විටත් මං සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තියනවා. සුපර්මෑන්, රකුන්සැරය, රොසලිනා ඉන් කිහිපයක්. තිරගත වීමට ඇති චන්ද්‍රරත්න මාපිටිගමගේ උයනට මල් ගේන්න චිත්‍රපටයෙත් සංගීත නිර්මාණය මගේ.

මේ අතර මහා සංගීතඥ යානි වෙනුවෙන් යානි හොලිඩේ සෙලිබ්‍රේෂන් ටීම් නැමැති කණ්ඩායමට ගීත තුනක් නිර්මාණය කළා. ඉන් එකක් හැදුවෙ මම. එයත් නොබෝ දිනකින්ම අසන්න ලැබේවි. තව නොබෝ කාලයකින් ජිනීවා නුවර ප්‍රසංගයක් කරන්නත් ආරාධනා ලැබ තිබෙනවා. විදෙස් චිත්‍රපයටකටත් සංගීතය නිර්මාණය කරන්න කතා කළා. ඒත් තවම පැහැදිලි පිළිතුරක් දුන්නේ නැහැ.

\



සරසවිය'සජීවජාල පුවත්පත
READ MORE - මට කේමදාස මාස්ටර් මතක් වුණා

පෙබ.16 වෙනස් කළ හැකිනම්

Friday, February 18, 2011

සිංහල සිනමා ඉතිහාසය සපුරා ලියන්නෙකුට එහි පැසසුම්, ගෞරවය, කීර්තිය ගැන, දින වකවානු සහිතව නොලියාම බැරි බව ඇත්තය. එහි ජීවත් වූ, ජීවත් වන අති ගෞරවාර්ථ නිර්මාණකරුවන්ගේ චරිත පිළිබඳ නොලියාම බැරි බව ඇත්තය.

කොටින්ම එහි ස්වර්ණමය යුගයන් පිළිබඳ ද නොලියාම බැරි බව ඇත්තය. එහෙත් මගේ මතය නම් එම අතීතය ලියන්නෙකුට එය අංග සම්පූර්ණ වන්නට නම් එහි අඳුරු දින වකවානු පිළිබඳව ද ලිවිය යුතු බවය.

ඒ හැම විටම මගේ මතකයේ එබඳු දින දෙකක් පිළිබඳව සිහියට එයි. එයින් එකක් වනුයේ 1983 ජූලි කලබල සමයයි. එයින් කවර වරදකින් හෝ අපේ හොඳම චිත්‍රාගාර දෙක සම්පූර්ණයෙන් විනාශ වූ අතර සිනමා ශාලා රාශියක් සහමුලින් එක රැයින් විනාශ වී ගියේය. එය බරපතළ ඛේදවාචකයක් වූ අඳුරු දිනයක් වූයේය. දෙවැන්න එයින් පස් වසක් ගෙවෙන්නට මත්තෙන් එනම් 1988 පෙබරවාරි 16 වැනිදා සිදු වූයේය. ඒ වූ කලී විජය කුමාරතුංගයන්ගේ ඝාතනයයි. 83 ජූලි කලබල සමයේ වූ විනාශයට වඩා යමක් විජයගේ ඝාතනය නිසා වී යයිි කෙනෙකු තර්කයක් නැගුවහොත් එය පුදුමයක් නොවේ.

83 දී විනාශ වූ බොහොමයක් දෑ එනම් සිනමාව සංස්කෘතික දායාදයක් යන ප්‍රංශ තර්කය සමඟ යම්තාක් දුරට එකඟ වන බැවින් සහමුලින් විනාශ වූ අපේ පැරණි චිත්‍රපට නැවත නිර්මාණය කළ නොහැකි බව ඇත්තය. එහෙත් නොපසුබට උත්සාහයත් දුර දක්නා ඥානයෙන් යුත් පිරිසක් සිනමාව මෙහෙයවීමට සිටියා නම් එකී ඛේදවාචකයට යම් ප්‍රමාණයකට මුහුණ දීමට හැකියාව තිබුණි. එනම් අහිමි වූ බොහෝදේ යළි ගොඩ නගා ගත හැකිව තිබිණ. එහෙත් විජය ඝාතනය එබන්දක් නොවීය. විජය වැන්නකු නැවත ඉපැද විය නොහැක. ගොඩ නැගිය නොහැකිය. ගසකට මලක් පළඳවා ගත නොහැකිය.

ගස විසින්ම ඒ මල උපද්දවනු මිසක යැයි විජය කුමාරතුංගයන් ඝාතනය කළ පුවත මෙරටට දැනුම් දී එයින් වසරකට පසුව එබඳුම ආකාරයට ඝාතනය වූ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාණන් විසින් කලකට ඉහත සිය ‘නොසැලෙන් ඉන්ද්‍රඛීලය’ කාව්‍ය සංග්‍රහයෙහි සඳහන් කළ වග මට මතකය. එයට වඩා ගැලපෙන මිනිසුන් අතර විජය කුමාරතුංගයන් ඉදිරියෙන්ම සිටින්නෙකි. (ප්‍රේමකීර්ති ද අල්විස් සම්බන්ධයෙන් ද එය එසේමය).

විජය ඝාතනය වන්නට දස වසරකට පෙර රුක්මණී දේවිය හදිසි අනතුරකින් මිය ගිය මොහොතේ ඇයගේ රසිකයෝ වැළපෙන්නට වූහ. ඒ වන විට ඇයට සිනමා කර්මාන්තය කෙරෙහි බලපෑම් කළ හැකි දැඩි ශක්තියක් නොවීය. එහෙත් විජය ගේ ඝාතනය වන විට මෙරට සිනමා කර්මාන්තයේ ප්‍රබලතම ජනප්‍රිය සාධකය වූයේ ඔහුයි. විජයගේ දේශපාලනය වැළඳ නොගත් කෙනෙකු පවා ඔහුගේ ප්‍රබලතම රසිකයකු වන තරමට ඒ ජනප්‍රියතාවය ඉහ වහා ගොස් තිබිණ.

ටෙලිවිෂනය ගෙයින් ගෙට යෑම අරඹා තිබූ එකල එයට අභියෝග කළ හැකි බලවත්ම සාධකය වූයේ විජයයි. ඔහුගේ ආකර්ෂණීය සිනහව, ඕනෑම කෙනෙකු වසඟ කළ හැකි පෞරුෂය හා ඔහුටම ආවේණික රංගන ශෛලිය විජයගේ බලවත්ම සාධකය වූයේය. විජය ඉගෙනුම ලැබූයේ කොටහේන ශාන්ත බෙනඩික්ට් සහ කඳානේ ද මැසිනඩ් යන විද්‍යාලයන්හිය. මේ විද්‍යාලයන් දෙකම මෙරට සිනමාව සම්බන්ධ කැපී පෙනෙයි.

එය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූවකි. එම විද්‍යාල දෙකෙන් තරම් (විශේෂයෙන් ශාන්ත බෙනඩික්ට්) සිනමා කර්මාන්තයට සම්බන්ධ පිරිස් බිහි වූ වෙනත් පාසල් නොමැති තරම්ය. ඔහු 1965 දී ශේෂා පලිහක්කාරගේ සෙරන්ඩිබ් ආයතනයට බැඳී නර්තනයත්, පී. වැලිකල හා ජේ. එච්. ජයවර්ධන යටතේ නාට්‍ය රංගනයටත් පිවිසෙයි. ඔහු මුලින්ම සිනමාවට පිවිසෙනුයේ මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකිනි. මේ පෙනී සිටීම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රේඛාවේ කළ පෙනී සිටීමට වඩා වෙනස් නොවෙයි.

ඔහු සෙරන්ඩිබ් ආයතනය මගින් නිර්මාණය කිරීමට සැරසුණු පුරන් අප්පු චිත්‍රපටය සඳහා ද තෝරා ගැනුණු නමුත් මේ චිත්‍රපටය නිෂ්පාදනය වූයේ නැත. ඔහු නළුවකු වනුයේ සරසවිය පුවත්පත හේතුවෙනි. එහි පළ කළ දැන්වීමකට අනුව සම්මුඛ පරීක්ෂණයකට යන විජය කුමාරතුංගයන්, සුගතපාල සෙනරත් යාපා විසින් හන්තානේ කතාව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයට තෝරා ගනු ලබයි. එබැවින්ම විජය සිනමාවට දායාද කර දීමේ ගෞරවයේ කොටසක් සරසවියට ද හිමි වෙයි. චරිතයක් නිරූපණය කළ චිත්‍රපට අතරින් මුලින්ම තිරයට එනුයේ ජී. ඩී. එල්. පෙරේරාගේ රෝමියෝ ජුලියට් කතාවයි. මේ අවදියේම ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිතිජය ගීත නාටකයේ ගායනයට ද ධර්මසිරි වික්‍රමරත්නගේ ඔන්න බබෝ ඇතින්නියා නාට්‍යයෙන් වේදිකා රංගනයට ද ඔහු පිවිසෙයි.

එහෙත් ඊළඟ දශකය පුරා ඔහු ගොඩ නැගෙනුයේ සිනමා නළුවකු ලෙසිනි. හැත්තෑව දශකයේ පිබිදෙන මෙරට නව පරපුරේ සිනමාවේ මහ ගෙදර වූ හන්තානේ කතාවේ සිට විජයට මුල් අවදියේ රඟන්නට ලැබෙන බොහෝ චරිත ඔහුගේ කඩවසම් ගැටවර බව විදහාපාන චරිතයන් විය. හන්තානේ කතාවේ මෙන්ම ඔහු සුපිරි තරුවක බවට පත් කරන තුෂාරා පවා ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නියෝජනය කරයි. වසන්ත ඔබේසේකරගේ දියමන්ති චිත්‍රපටයේ ද ඔහු විශ්ව විද්‍යාල තරුණයා විය.

ඔහු ජනප්‍රිය සාධකයක් බවට පිවිසීම ඇරඹෙනුයේ හතර දෙනාම සූරයෝ සමඟය. කලකින් දැකගන්නට නොලැබෙන පරිමාණයේ අංග සම්පූර්ණ චිත්‍රපටයක් වූ එහි ඔහු රඟනුයේ ගාමිණී ෆොන්සේකා සමඟය. එහි රඟන හතර දෙනාගෙන් එවකට එහි සිටි ළාබාලතම ගැටවරයා වනුයේ ද විජයමය.

ඊළඟ දශකය ඇතුළත විජය – මාලිනී නම් යුගය ඇරඹෙයි. ඔහු ජීවත් වනුයේ අවුරුදු 43 කි. ඔහුගේ ප්‍රථම චිත්‍රපටය ලෙස මනමාලයෝ සැලකුවහොත් ඔහු සිනමාවට පිවිසෙනුයේ විසි දෙහැවිරිදි වියේදීය. ඔහු විසි එක් වසරක් සිනමාවේ රැදී සිටියි. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් අවසන් වරට තිරගත වනුයේ ඇය ඔබට බාරයි චිත්‍රපටයයි. ඒ ඔහුගේ ඝාතනයෙන් දස වසරකට පසුවය. හැත්තෑව දශකයේ ගොඩ නැගුණු සෑම තරුණ සිනමාකරුවකුටම විජය නළුවකු වූයේය. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට අත ගැසුවේ නැත.

නිෂ්පාදනයට දායක වූයේ වරදට දඬුවම් චිත්‍රපටයෙනි. එය තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. තවත් නිෂ්පාදනයක් වූ සමාව කිසි කලක තිරගත වූයේ නැත. එමෙන්ම මා දන්නා තරමින් චිත්‍රපටය ඔහුට ඇවැසි පරිදි සකස් කර ගන්නට උත්සාහ කළේ ද නැත.

ඔහු සිනමාවේ සදාකාලික ආදරවන්තයා වුව ද, නොබියව ප්‍රතිවීර රංගනයෙහි ද යෙදිණ. අභිරහස, කැඩපතක ඡායා වැනි චිත්‍රපට එබඳු අවස්ථා වෙයි. පසු කලක ඔහු ජනප්‍රිය ප්‍රවාහයේ චිත්‍රපට ගොන්න මත කොටු වුව ද ඉන් බැහැර චිත්‍රපටවලට හැම විටම දායකත්වයක් පළ කළේය. ඇත්තම කරුණ නම් ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මෙන්ම ධර්මසේන පතිරාජට ද, වසන්ත ඔබේසේකරට ද, යසපාලිත නානායක්කාරට ද වුවමනා වූ නළුවකු විය. මේ දුර්ලභ අවස්ථාව විජය හැර ලද එකම ඉහළ පෙළේ නළුවා ජෝ අබේවික්‍රමයන් පමණක් විය.

මිය යන විට විජය මෙරට ජනප්‍රියම නළුවා විය. ඔහුගේ අවමගුල දා රැස් වූ මහ ජනකාය එතෙක් මෙතෙක් මෙරට කෙනෙකුගේ අවමඟුලක් සඳහා රැස් වූ අති විශාලම ජනකාය ලෙස සැලකේ. ඒ වෙනුවෙන් මෙරට සිනමා ශාලා සියල්ල වසා දැමිණ. ඔහුගේ මරණය දරා ගත නොහැකිව එක් අයෙක් සිය දිවි නසා ගත්තේය. ඔහුගේ මරණයෙන් පසු සදහටම සිංහල චිත්‍රපට නැරඹීම අතහැර දැමූ රසිකයෝ ද මෙරට වෙති. ඔහු ගායකයකු ලෙස කීර්තියට පත් වන්නට ගත්තේ අවසන් භාගයේය. නළුවකු ලෙස මෙන්ම ගායකයකු ලෙස ද ඔහු සම්මානයට පාත්‍ර විය. පිට පිටම සය වරක් ඔහු මෙරට ජනප්‍රිය නළුවා ලෙස අභිසෙස් ලද්දේය.

ඔහු ඝාතනය කොට වසර 23 කි. එය ඔහුගේ රංගන ජීවිතයට වඩා දෙවසරක් වැඩිමහල්ය. ජීවත්ව සිටියා නම් විජය ගේ රංගනය කවර දිසාවකට පරිවර්තනය වන්නට ඉඩ තිබුණි ද? ඇතැම් විටක මට සිතේ. පෞද්ගලිකව ගත් කළ එසේ ජීවත් වූවා නම් රසිකයකු ලෙස ඔහු දැන හඳුනා ගන්නට මට ඉඩ තිබිණ. මට කිසි කලක විජය කුමාරතුංගයන් පෞද්ගලිකව දැන හඳුනාගැනීමට අවස්ථාව ක් නොවීය.

එහෙත් 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් ඒ සියල්ලම පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවෙක් විසින් හමාර කර දමනු ලැබුවේය. අද මෙන් පුළුල් සන්නිවේදන ජාලයක් නොවූ එකල ඉන් මිනිත්තු කිහිපයකට පසු එනම් හරියටම දහවල් 12.45 දිවා ප්‍රවෘත්ති ගුවන් විදුලිය ඔස්සේ විකාශය වෙමින් තිබිණ. එක වරම ප්‍රවෘත්ති ප්‍රකාශය නතර විණ. ඒ වන විට ප්‍රවෘත්ති කියමින් සිටි නිවේදිකාවකගේ හඬ වෙනුවට දඩි බිඩියේ විකාශන මැදිරියට පැමිණි ප්‍රේමකීර්තිගේ හඬ නැඟිණ. විජය කුමාරතුංගයන් ඝාතනය කළ බැව් පැවසිණ.

අනේ ඒ දවස වෙනස් කළ හැකිව තිබුණා නම්?

READ MORE - පෙබ.16 වෙනස් කළ හැකිනම්

ගැහැනු ළමයි

ගැහැනු ළමයි

1979. 3. 17 වැනි දින තිරගත කළ ගැහැනු ළමයි චිත්‍රපටය සුමිත්‍රා පීරිස් ගේ සිනමා කෘතියයි.

කරුණාසේන ජයලත්ගේ ජනප්‍රිය නවකතාව පාදක කොට ගෙන තැනුණ එම චිත්‍රපටයේ වසන්ති චතුරානි, අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද, ජෝ අබේවික්‍රම, ට්‍රිලීෂියා ගුණවර්ධන, චිත්‍රා වාකිෂ්ට, නිමල් දයාරත්න, පද්මසේන අතුකෝරාල, දමයන්ති ජයසූරිය ඇතුළු නළු නිළියන් රැසක් චරිත මැවූහ.

මෙහි නිෂ්පාදනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනි.

ගැහැනු ළමයි

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවි
මගේ කඳුළු හංගා මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා

අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ
මගෙ පැලේ තනි වී මා
සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා


රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – නිමල් මෙන්ඩිස්
ගායනය – නීලා වික්‍රමසිංහ

READ MORE - ගැහැනු ළමයි

කාසියේ වාසිය අහිමි වූ නිළිය

චිත්‍රපටයක ප්‍රධාන චරිතයට තෝරා ගැනීම සඳහා නිළියන් දෙදෙනකු අතර කාසියේ වාසිය උරගා බැලූ ඉතා විරල අවස්ථාවක් සිංහල සිනමා ඉතිහාසයෙන් වාර්තා වෙයි. කාසියේ වාසිය උරගා බැලුවේ සන්ධ්‍යා කුමාරි හා විජිත මල්ලිකා අතෙර්ය.

ඒ ‘ධීවරයෝ’ චිත්‍රපටයේ රොසලින්ගේ චරිතය රඟපෑම සඳහාය. මෙයින් කාසියේ වාසිය අත්පත් වූයේ සන්ධ්‍යා කුමාරිටය. විජිත මල්ලිකාට සහාය චරිතයක් ලැබිණි.

1943 දී මීගමුවේ උපන් විජිත මල්ලිකා (ඇගේ මුල් නම විජිතා ද සිල්වාය). මූලික අධ්‍යාපනය ලැබුවේ නිවුස්ටඩ් බාලිකා විදුහලෙනි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ පවා නාට්‍ය කලා ගුරුවරයකු වූ සී. බෙන්ජමින් ප්‍රනාන්දු (බෙන්ජමින් මාස්ටර්) විජිත මල්ලිකාගේ මාමා වූයේය. ( ‘සත් සමුදුර’ චිත්‍රපටයේ රඟපෑ ලීනා ද සිල්වා මොහුගේ දියණියකි).

විජිත මල්ලිකා සිනමාවට පිවිසියේ ‘සූරයා’ චිත්‍රපටයෙනි. එහි ඇය සුළු චරිතයක් රඟපෑවාය. ඉන්පසු ඇය චිත්‍රපට කීපයකම රඟපෑවේ විකට නළුවාගේ පෙම්වතිය ලෙසය. ‘සොහොයුරෝ’, ‘පුරුෂ රත්නය’, ‘නළඟන’, ‘වීර විජය’, ‘සුවිනීත ලාලනී’, ‘අදට වැඩිය හෙට හොඳයි’, ‘සුහද සොහොයුරෝ’, ‘මංගලිකා’, ‘කළ කළ දේ පල පල දේ’ ඇය මුල් යුගයේ රඟපෑ චිත්‍රපට කීපයකි. ‘වීර විජය’ චිත්‍රපටයේ ඇය ‘මේවා තමයි ජිල් ජිල් ජිල්’ නම් වූ ගීතය ගයමින් කළ රංගනය එදා එම චිත්‍රපටය නැරඹූ රසිකයන්ට තවමත් මතක ඇතැයි සිතමි.

විජිත මල්ලිකා ප්‍රධාන චරිතයක් රඟපෑ මුල්ම චිත්‍රපටය වූයේ ‘සුවිනීත ලාලනී’ය.

ජිත මල්ලිකාගේ කැපී පෙනෙන චරිතාංග නිරූපණයක් දක්නට ලැබුණේ ‘හඳපාන’ චිත්‍රපටයේය. එවක සිංහල සිනමාවේ ජනප්‍රියම නිළිය වූයේ ජීවරාණි කුරුකුලසූරිය ය. එසේ වුවත් 1966 ‘සරසවිය’ සම්මාන උළෙලේදී ‘හඳපාන’ චිත්‍රපටයේ රඟපෑම සඳහා විජිත මල්ලිකාට ප්‍රියතම නිළි චරිතය යන නමින් හැඳින්වෙන අලුත්ම සම්මානයක් ප්‍රදානය කෙරිණි. (කෙසේ වුව ඒ වසරේත් ජනප්‍රියම නිළිය වූයේ ජීවරාණිය).

එකල ජනප්‍රිය සිනමාව තුළ ගාමිණී – ජීවරාණි, ගාමිණී - සන්ධ්‍යා, ගාමිණි – අනුලා යනාදී වශයෙන් යුග නිර්මාණයව තිබිණි. ‘රෑන ගිරව්’ චත්‍රපටයේ ගාමිණී – විජිත මල්ලිකා එකට රඟපෑවත් එය යුගයක් නිර්මාණය කිරීමට තරම් උපස්ථම්භක වූයේ නැත. ක්ලැරිස් ද සිල්වා සම්බන්ධයෙන් ද කිව හැක්කේ් එයමය. ඇය ‘ආත්ම පූජා’ චිත්‍රපටයේ ගාමිණී සමඟ රඟපෑවත් ගාමිණී – ක්ලැරිස් යුගයක් සිංහල සිනමාවේ බිහි නොවූයේය.

‘සැමියා බිරිඳගේ දෙවියාය’, ‘සුජාගේ රහස’, ‘ළා දළු’, ‘හතර මහා නිධානය’, ‘හිතට හිත’, ‘ස්විප් ටිකට්’, ‘සැඟවෙන සෙවණැල්ල’, ‘සැඟවුණ මැණික’, ‘ළඳක මහිම’, ‘සුදු දුව’, ‘සඳ නැග එද්දී’, ‘සැනසිලි සුවය’, ‘ඔක්කොම හරි’, ‘සිඟිති සුරතල්’, ‘ලන්ඩන් හාමු’, ‘දෙහදක දුක’, ‘ඔබ නැතිනම්’, ‘අමතක වුණාද’, ‘කපටිකම’ එකල විජිත මල්ලිකා රඟපෑ තවත් චිත්‍රපට කීපයකි.

ප්‍රවීණ වේදිකා නාට්‍යවේදී සුගතපාල ද සිල්වා හා ඩී. බී. නිහාල්සිංහ එක්ව අධ්‍යක්ෂණය කළ ‘සමනළයෝ’ චිත්‍රපටයේ විජිත මල්ලිකා ටෝනි සමඟ ප්‍රධාන චරිතය රඟපෑවාය. එහෙත් අවාසනාවකට මෙන් මේ චිත්‍රපටයේ වැඩ නිම වූයේ නැත.

එය මුළුමනින්ම නිෂ්පාදනය වී තිරගත වූවා නම් එය විජිත මල්ලිකාගේ සිනමා රංගන ජීවිතයේ වෙනසක් සනිටුහන් කෙරෙන අවස්ථාවක් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණි.

විජිත මල්ලිකා පසු කලෙක චිත්‍රපට නිෂ්පාදනයට ද යොමු වූවාය. ඒ ‘සුලි සුළං’ චිත්‍රපටයෙනි. ඇතැම් විට ඇය මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘ධීවරයෝ’ චිත්‍රපටයේදී තමාට ගිලිහී ගිය අවස්ථාව නැවත ලබා ගැනීමටදැයි සැක සිතේ. ‘සුළි සුළං’ චිත්‍රපටයේ ඇය රඟපෑවේ ‘ධීවරයෝ’ චිත්‍රපටයේ රොසලින් බඳු ධීවර ගැහැනියකගේ චරිතයකි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ විජිත මල්ලිකාගේ පළමු සැමියා වූ ඇන්ටන් ප්‍රනාන්දුය.

එකල අන් නළු නිළියන් මෙන්ම විජිත මල්ලිකා ද රංගනය පවත්වාගෙන ගියේ වෘත්තියක් ලෙසිනි. එහෙයින් ඇතැම් චිත්‍රපටවල ඇය කළ කැපවීම් අපේ ඇගැයීමට ලක් විය යුත්තකි. ‘හතර මහා නිධානය’ චිත්‍රපටයේ ඇය ඇතැම් ජවනිකා රඟපෑ ඇත්තේ අධික ලෙස උණ රෝගයෙන් පෙළී සිටි අවස්ථාවලදීය.

දක්ෂ චරිතාංග නිළියක බවට ලකුණු ඇතැම් චිත්‍රපටවලින් පළ කළ ද විජිත මල්ලිකාගේ අති සුවිශේෂ චරිතාංග නිරූපණයක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. ක්ලැරිස් ද සිල්වා ‘මාතලන්’ චිත්‍රපටයෙත් සන්ධ්‍යා කුමාරි ‘ධීවරයෝ’ චිත්‍රපටයේත් කළ රංගන මට්ටමට සමපාත ආකාරයේ රංගනයක් කිසිදා විජිත මල්ලිකාගෙන් මතු නොවූයේය.

හැත්තෑව දශකයේදී විජිත මල්ලිකා රඟපෑවේ චිත්‍රපට දෙක තුනක පමණි. Qඛ්ාරත හතර’, ‘ආශා’, ‘හොඳින් ඉන්න’ එවැනි චිත්‍රපටය.

මීගමුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගාමිණී මුණසිංහ සමඟ දෙවන වරට විවාහ වූ විජිතා ඉන් පසු චිත්‍රපට රංගනයෙන් ඉවත් වූවාය.

1992 දී විජිත මල්ලිකා පිළිකාවකට ගොදුරු වීමෙන් ජීවිතයෙන් සමු ගත්තාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 50 වත් පිරී නොතිබිණි.

READ MORE - කාසියේ වාසිය අහිමි වූ නිළිය

අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා පිළිතුරු දෙයි

‘සිංහාවලෝකනය’ දේශීය සිනමා වංශයට එක් වූ නවතම චිත්‍රපටයයි. එය මේ දිනවල ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ. ‘සිංහාවලෝකනය’ සමගින් නවක අධ්‍යක්ෂවරයකුගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවීම ද විශේෂත්වයකි. ඔහු සුනෙත් මාලිංග ලොකුහේවාය.

ප්‍රාමාණික හැදෑරීමකින් යුතුව සිනමාකරණයට පිවිසි සුනෙත් සිය කුලුඳුල් චිත්‍රපටයෙන්ම ඔහගේ නිර්මාණශීලිත්වය හා අනන්‍යතාව ප්‍රකට කර ඇතැයි සිතේ. එය අපේ අනාගත සිනමාව පිළිබඳ යම් සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි කරුණකි.

මුලින්ම ඔබේ සිතේ සිනමාකරුවකු වීමේ සිහිනය ඇති වෙන්නේ කොහොමද?

මම ඇත්තටම සිනමා අධ්‍යක්ෂවරයකු වෙන්න හීන මවපු කෙනෙක් නෙවෙයි. නමුත් පුංචි කාලේ ඉඳන්ම මට සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒක එන්නේ අපේ අම්මාගෙන්. ඇය හොඳ සිනමා රසිකාවක්. විශේෂයෙන්ම හින්දි චිත්‍රපට. මට මතකයි බලපු චිත්‍රපට හා නොබලපු චිත්‍රපට ලයිස්තුවක් ඇය වෙන වෙනම පොතක සටහන් කර තිබුණා. සිනමාව ගැන මුලින් මගේ සිතේ ඇල්මක්, උනන්දුවක් ඇති වුණේ ඒ විදිහට.

ඔබ මනෝ විද්‍යාව හැදෑරූ අයෙක්. මම හිතන්නේ බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් එය?

ඔව්. මම මනෝ විද්‍යාව විෂයයක් හැටියට හැදෑරුවා. මේ වෙන කොට මම මනෝ විද්‍යාව සම්බන්ධ පොත් පහක් ලියා පළ කර තිබෙනවා. නමුත් එහෙමයි කියා සිනමාව ගැන මට තිබුණ ඇල්මේ අඩුවක් වුණේ නැහැ. ඒ නිසාමයි මම පුවත්පතක තිබූූ දැන්වීමක් දැකලා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් පවත්වපු සිනමා පාඨමාලාවක් පවා හැදෑරුවේ.

පාඨමාලාව අවසන් වෙන්නත් කලින් මම කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා, මගේම තිර පිටපතක් ‘එරර් ඔෆ් ජජ්මන්ට්’ කියලා. ඒක කරන්න මගේ පන්තියෙම මිතුරු, මිතුරියෝ තමයි උදවු කළේ. පාඨමාලාව අවසානයේදී මට ඉතා ඉහළින් ලකුණු ලැබී තිබුණා.

අධ්‍යක්ෂවරයකු වීමේ මුල් පියවර තබන්නේ එතනින්?

තිර පිටපත් රචකයකු විදිහට යමක් කරන්නයි මුලින් මට ඕනෑකම තිබුණේ. මොකද මුලින් මම ආසා කළේ ඒ පැත්තට. නමුත් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නැරඹූ කෙනෙකු විදිහට මට හැකියාවක් තිබුණා නළු, නිළියන්ගේ රඟපෑම් සම්බන්ධයෙන් යම්, යම් විනිශ්චයකට එළඹෙන්න.

ඒ කියන්නේ?

ඔවුන්ගේ රඟපෑම්වල හොඳ හෝ නරක සම්බන්ධව. එතනදි මා දුටු දෙයක් තමයි අපේ රටේ නිර්මාණය වූ බොහෝ චිත්‍රපටවල නළු, නිළියන්ගේ රංගනයේ තිබූ දුර්වලකම නැතිනම් අඩුපාඩු.

මොකක්ද ඔබේ මිණුම් දණ්ඩ?

ඇත්තම කියනවා නම් හින්දි චිත්‍රපටවලින් හදා ගත් මිණුම් දණ්ඩක්. නමුත් අපි ඇත්තෙන්ම අපේ මිණුම් දණ්ඩ හැටියට ගත යුත්තේ් හොලිවුඩ් සිනමාව. මොකද බොලිවුඩ් සිනමාවේත් මිණුම් දණ්ඩ වෙන්නේ් හොලිවුඩ් සිනමාව. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපි තවමත් බොලිවුඩ් සිනමාව මට්ටමටවත් ගිහින් නැහැනේ. එතකොට අපට ඒ පඩිය නැගලා තමයි ඊළඟ මිණුම් දණ්ඩ දිහා බලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම සමහර දෙනාගේ විරෝධතාව මැද තවමත් භාවිත කරන්නේ බොලිවුඩ් සිනමාව තමයි අපේ මිණුම් දණ්ඩ හැටියට.

යුද්ධය පසුබිම් කර ගනිමින් චිත්‍රපට නිර්මාණය වීමේ ප්‍රවණතාවක් අප පසුගිය කාලය පුරා දැක්කා. නමුත් ඔබ තෝරා ගත්තේ ඊට හාත්පසින් වෙනස් වූ විෂයයක්?

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිකට් පිළිබඳ චිත්‍රපටයක් ඕනෑ කියලා මට හිතුණා. එහි තිර පිටපත ලියා මම ව්‍යාපෘති වාර්තාවකුත් හැදුවා. මට තේරුණා මේ වගේ චිත්‍රපටයක් කළොත් ලොකු ප්‍රේක්ෂක පිරිසක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි කියලා. හේතුව ක්‍රිකට් කියන්නේ ජනප්‍රිය විෂයක්. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ පවා මෙහි රඟපානවා. ඒ නිසා මම නවකයෙක් කියන එක පවා මට දැනුණේ නෑ මේ චිත්‍රපටය කරන කෙට.

ක්‍රිකට්, අපේ රටේ මේ තරම් ජනප්‍රිය නිසා ද ඔබ මෙවැනි තේමාවක් යටතේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ?

අපි දැන් ඉන්නේ ලෝක කුසලාන තරගාවලිය අභියස. ලෝක කුසලානය යළිත් වරක් අපේ රටට රැගෙන ඒමේ බලාපොරොත්තුවත්, ප්‍රාර්ථනාවත් අපේ සිත්වල තියෙනවා. ඒ නිසා ලොකු ක්‍රිකට් උණුසුමක් ඇති වෙලා තියෙනවා මේ වෙන කොට. මෙවැනි කාලයක ක්‍රිකට් පිළිබඳ තැනුණ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළොත් කොයි තරම් ප්‍රේක්ෂක පිරිසක් මේක ග්‍රහණය කර ගනීවිද කියා අප හිතුවා. මෙතනදි අපි ‘ක්‍රිකට්’ යොදා ගන්නේ වෙළෙඳ භාණ්ඩයක් හැටියට. ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්න උපක්‍රමයක් විදිහටයි අපි ක්‍රිකට්මෙහි භාවිතා කරන්නේ.

ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නෙත් ඒ වාණිජ අරමුණු සපුරා ගැනීම සඳහාද?

අපේ රටේ නැතත් මේ කාලෙදි පෙන්විය යුතුමයි කියා ඇතැම් රටවල චිත්‍රපට හැදෙනවා. ඊ. ඒ. පී. ආයතනය ‘සිංහාවලෝකනය’ චිත්‍රපටය පසුගිය ජනවාරි 14 වැනිදා ඉඳන් ප්‍රදර්ශනය කරන්න තීරණය කලේත් ලෝක කුසලානයට පෙර එය කළ යුතුයි කියන තැන ඉඳන්. අපේකම, ජාතික අභිමානය ගැන යම් කිසි විදිහක හැඟීමක් මේ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා තුළ ඇති බව මට විශ්වාසයි.

ඩෙලෝන් ජයසිංහ හා රයිනි චාරුකා කියන නවකයන් දෙපළ තමයි ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් සඳහා යොදා ගෙන තියෙන්නේ. එය අභියෝගයක් වුණේ නැතිද?

මෑතකදී අපේ රටේ තිරගත වුණ චිත්‍රපට දිහා බැලුවම අපි දකින්නේ එකම නළු, නිළි පිරිසක්. අපට ඕනෑ වුණේ අලුත්ම මුහුණු දෙකක් ප්‍රධාන චරිතවලට යොදා ගන්න. ඒ කාලේ අහම්බෙන් රයිනි චාරුකා ලංකාවට එනවා. රූකාන්ත ගුණතිලක මහත්තයාගේ් දුව. ඇය අමෙරිකාවේ ජීවත් වුණත් සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඇයට හොඳින් සිංහල කතා කරන්න පුළුවන්කම තිබුණා. ඇයට 1947 ගැමි තරුණියකගේ් චරිතයක් රඟපෑමේ හැකියාව තිබුණා.

නමුත් ප්‍රධාන නළුවාගේ කතාව මීට වෙනස්?

කලින් වසරේ තිරගත වූ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ නළුවකු තමයි අපි මේ චරිතයට මුලින් තෝරා ගෙන තිබුණේ. ඔහු ඒ වෙන කෙට විදෙස්ගතව හිටියේ. නමුත් රූගත කිරීමට දින පහළොවකට කලින් ඔහු අපට කිව්වා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න නොහැකි බව. ඒ වෙන කොට අපි තිර පිටපත පවා ඔහුට යවලයි තිබුණේ. කොහොම හරි රූගත කරන්න දවස් පහළොවකට කලින් අපට ප්‍රධාන නළුවා නැතිව යනවා. ඒ කාලෙදිම ඩෙලෝන් ඇමරිකාවේ ඉඳන් ලංකාවට එනවා. ඒකත් අහම්බයක්. ඔහු අමෙරිකාවේ පදිංචිව සිටි කෙනෙක්. ඒ නිසා ඔහුට සිංහල කතා කරන්න අමාරුයි. නමුත් ඔහුගේ් මුහුණේ් තිබුණා සිංහල පෙනුමක්. 1947 තරුණයකුගේ් චරිතය ඔහුට රඟපාන්න පුළුවන් කියලා අපට වැටහුණා. මෙතනදි ඩෙලෝන් ලොකු කැපවීමක් කළ බව කියන්න ඕනෑ. ඔහු සිංහල දෙබස් ඉංග්‍රිසියෙන් ලියා ගෙන තමයි මේ කටයුත්ත කළේ. අමෙරිකාවේ නිව්යෝක් නුවර ඉතා සුඛෝපභෝගී දිවියක් ගත කරන ඔහු වගේ කෙනෙක් අපිත් එක්ක තණ කොළ ගොඩේ වාඩි වෙලා ඉන්න තත්ත්වයට පත් වුණ එක ගැන අපි ඇත්තටම අගය කරන්න ඕනෑ.

’සිංහාවලෝකනය’ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක අනුකරණයක් බව ඇතැම් විචාරකයන් පවසනවා?

ක්‍රීඩා කරන පිරිසක් කාලය හරහා ගමන් කරලා ඒ ක්‍රීඩාව ප්‍රගුණ කරලා නැවත කාලය හරහා අවිල්ලා තරගයකින් ජයග්‍රහණය කරන කතාව ලෝක සිනමාවේ මේ විදිහට නිර්මාණය වුණේ ප්‍රථම වතාවට. ඒක මම ඉතාම වගකීමෙන් කියනවා. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් නෙවෙයි හොංකොං සිනමාවේවත් මේ වගේ් කතන්දරයක් මීට කලින් හැදිලා නෑ. සිංහල දෙපිරිසක් අතර මේ ක්‍රිකට් තරගය පැවැත් වුණා නම් එය එතරම් හැඟීමක්, උද්වේගයක් ඇති නොවන දෙයක් වෙන්න තිබුණ නිසා තමයි අප එය සිංහල, ඉංග්‍රිසි ජාතින් අතර පැවැති ක්‍රිකට් තරගයක් බවට පත් කළේ. අන්න එතනදි නම් යම් කෙනෙකුට පුළුවන් ඉන්දියානු චිත්‍රපටයක අනුකරණයක් තියෙනවා කියලා ඇඟිල්ල දිගු කරන්න. ඒ අයගෙන් මම අහන්නේ් ඉන්දියාවට විතරද ක්‍රිකට් ගැන කියැවෙන චිත්‍රපට හදන්න අයිතිය තියන්නේ කියලා. අපි ලෝක කුසලානය පවා දිනූ රටක්.

READ MORE - අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා පිළිතුරු දෙයි

2010 ජාතික නාට්‍ය උළෙල

Saturday, November 6, 2010

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන 2010 ජාතික නාට්‍ය උළෙල නොවැම්බර් 01 දින ආරම්භ විය.


නොවැම්බර් 01 දින සිට 16 වන දින දක්වා දිනපතා පස්වරු 6.30ට කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රගහලේදී ‍මෙම නාට්‍ය උළෙල පැවැත්වෙන අතර මෙම උළෙලට සමගාමීව නොවැම්බර් 06 දින සිට 12 වන දින දක්වා පෙ.ව.9.00 සිට 12.00 තෙක් අ.පො.ස උසස් පෙළ නාට්‍ය හා රංගකලාව හදාරණ සිසු සිසුවියන්ට පාසැල් විෂයධාරාවට අදාලව නාට්‍ය කලාව පිළිබද දේශන මාලාවක් නොමිලේ පැවැත්වීමට රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය කටයුතු යොදා ඇත.

මෙවර ජාතික නාට්‍ය උළෙල සදහා කෙටි නාට්‍ය 19ක්, දිගු නාට්‍ය 07ක්, දමිළ නාට්‍ය 03 ක් හා ආරාධිත නාට්‍යයක් ඇතුලත් වේ.


නොවැ. 01 -

අත්තානං -හර්ෂ මධුසංක,

අතීතයට තව දවසක් - වාසනා බණ්ඩාර විජේකෝන්,

තිරිසන් රාත්‍රිය - චන්දිම දෙල්පචිත්‍ර,

මරණයට අත්තිකාරමක් - ඉන්දික ප්‍රසාත්

නොවැ. 02 -

කූඩුවට එනකං - ගයාන් දේශප්‍රිය,

කොන්ක්‍රීට් ආදරය - එස්.අයි.සමරක්කොඩි ,

අපේ ගෙදර යං - දිනාල් අසංග නිල්දියවර,

හද ගිනිගෙන සඳ කුමටද - සමිත සුධීශ්වර පෙරේරා

නොවැ. 03 -

අස්වැන්න - සිසිර තඩිකාර ,

පුංචි ජනේලය - ලංකා බණ්ඩාරනායක,

වෙන කවුරුවත් නොවේ - සම්පත් වීරරත්න,

පෙම් යුවළක් සහ පෙම් යුවළක් - චාමර දේශප්‍රිය ගුරුගේ

නොවැ. 04 -

ඒ සඳත් ඈවරයි - ඇන්ටනි ජයලත්,

ක්‍රිකට් ගහන්න එන්න - චමිල ප්‍රියංක,

සීගිරි කාෂ්‍යප - නෙරංජන් චන්ද්‍රාදිත්‍ය,

දුවන උන් දෙන්නෙක් - ධනංජය කරුණාරත්න

නොවැ. 05 -

සබන් පෙන - නලින් ලුසේනා,

බොක්ස් - චාලක රණසූරිය,

රාත්‍රිය-මොහමඩ් ඉල්මි හසීම්

===============================

දිගු නාට්‍ය පෙළ දිනපතා පස්වරු 7.00 ට

වේදිකාගත වීමට කටයුතු යොදා තිබේ.

නොවැ. 06 පරාක්‍රම නිරිඇල්ලගේ මැටිකරත්තය

නොවැ. 07 හේවගේ බන්දුල ගේ කුමාරවරු ඇවිත්

නොවැ. 08 ජෙරොම් එල් දසිල්වාගේ ඩෙත් ඔෆ් අ සෙල්ස්මන්

නොවැ. 09 ඩග්ලස් සේනකගේ ආපසු හැරෙන්

නොවැ.10 ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ කලම්බො කලම්බො

නොවැ.11 ජනක කුඹුකගේ/අශෝක අතාවුදහෙට්ටි සුළඟ මට කතා කරයි

නොවැ.12 බුද්ධික දමයන්තගේ සුරඟනක් ඇවිත්

නොවැ.13 ත්‍යාගරාජා සිවනේසන් ගේ චෙක්කු

නොවැ.14 රාජිත දිසානායකගේ ආපසු හැරෙන්න බෑ (ආරාධිත)

නොවැ.15 එස්.දයාලන්ගේ බිනික්කු වේන්ඩුම්

නොවැ.16 රාජරත්නම් කිංස්ලිගේ ඔලිප්පු

READ MORE - 2010 ජාතික නාට්‍ය උළෙල