----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label චිත්‍රය. Show all posts
Showing posts with label චිත්‍රය. Show all posts

නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’

Sunday, April 28, 2013


චිත්‍ර දැක්මක්

යොවුන් චිත්‍ර ශිල්පිනි නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම ‘පියවර’ නමින් අද (28) හෙට (29) දිනවල කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ.
ලංකා කලා සංගමයේ චිත්‍ර කලා පාසලේ සිසුවියක් වන නිශාන්‍යාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය හා අනුග්‍රහය ලංකා කලා සංගමය විසින් දරනු ලබයි.
 
READ MORE - නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’

2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය‍

Thursday, November 1, 2012


 සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය චිත්‍ර මූර්ති අනුමණ්ඩලය මගින්  පවත්වනු ලබන 2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය හා ළමා චිත්‍ර ප්‍රදර්ශනය 2012 නොවැම්බර් 02 වන දින පෙ.ව. 10.00 ට ජාතික කලාභවනේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පෑන් ඒෂියා බැංකුවේ අනුග්‍රහයෙන් සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාශයේ උපදෙස් පරිදි මෙය සංවිධානය‍ කෙරේ.
මේ අතර 2012 රාජ්‍ය ළමා චිත්‍ර  තරගය ප්‍රාථමික (අවු.5-6) , පශ්චාත් ප්‍රාථමික(අවු.7-9), කණිෂ්ඨ (අවු.10-12), ජ්‍යෙෂ්ඨ (අවු.13-15) හා ජ්‍යෙෂ්ඨ ද්වියික(අවු.16-18) යන  අංශ පහ යටතේ පැවැත්වුන අතර මෙම උළෙල සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළු සියළු පළාත්වලින් ළමා චිත්‍ර 60 දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණු අතර තරඟ වට තුනක විනිශ්චයකින් පසුව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගෙන ඇත.
 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ දී එක් එක් වයස් කාණ්ඩයකින් පලමු, දෙවන හා තෙවන ස්ථාන තුනක් ද , සම්මාන 10ක් හා  කුසලතා 30ක් ද බැගින් තරඟකරුවන් 215කට සහතික පත් හා පදක්කම් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
මේ අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ චිත්‍ර නිර්මාණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 02 වන දින සිට නොවැ. 05 වන දින දක්වා පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා  ප්‍රදර්ශනය කෙරේ.

(කොළඹ,ලංකාපුවත්) -


READ MORE - 2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය‍

"සැබෑ මුහුණේ වෙස් මුහුණු"

Monday, February 21, 2011

"සැබෑ මුහුණේ වෙස් මුහුණු"| ලංකාවේ 'මේක් අප් ආර්ටිස්ට්'ලාගේ කතන්දරය
පාරේ ගමන් කරන ත්‍රී වීලයකි. ඒ ඇතුළේ නාට්‍ය නිෂ්පාදක සිටී.

''හලෝ මචං.... කොහෙද යන්නෙ?'' අතරමග නතරකර හමුවෙන මිතුරාගෙන් නිෂ්පාදක අසයි.
''මං මේ යාළුවෙක්ගෙ ගෙදර යන ගමන් ඇයි?''
නිෂ්පාදකගේ මුහුණට සතුටක් දැනෙයි.

''හොඳ වෙලාවට ආවෙ. නැගපංකො ත්‍රී වීල් එකට... උඹලගෙ ගෙදරට ගිහින් ටක්ගාල මේක් අප් බොක්ස් එක ගනිං...''
''මොකටද?'' විමතිය.
''කතා වැඩක් නැහැ.. උඹටත් සම්තිං එකක් ගන්න පුළුවන්. අද මගෙ ෂෝ එකනෙ මචං..''
''නෑ ඉතිං මං මොකටද උඹට... ලාබෙට පොරවල් ඉන්නවනෙ...''

''හරි හරි... ඕවට කේන්ති ගන්න එපා... ඌ රණ්ඩුවෙලා ගියා... හරිද? දැන් උඹ වැඩේ දෙන්න ඕන ඌට උණ ගන්න එක්ක.. ටක් ගාලා වරෙන්....''
මේ අපේ රටේ සාමාන්‍යයෙන් අංගරචකයෙක් නැත්තං ''මේක් අප් ආටිස්ට්'' කෙනෙක් හොයාගන්නා විදිහයි. හැමෝම නොවෙයි. නමුත් බොහෝ වෙලාවට... ඊට පසුව සිදුවීම් මේ ආකාරයයි.

ස්ථානය- නේපථ්‍යාගාරය

''කෝ... කාටද දාන්නෙ?'' අංගරචකයා අසයි.
''මෙන්න මෙයාට දාන්න. මෙයා රඟපාන්නෙ හමුදාවෙ චරිතයක්...'' නිෂ්පාදකයා කියයි.
''ආ... එන්නකො මෙහාට...''
නළුවා පැමිණෙයි....
''අනේ අය්යෙ... හොඳ උඩු රැවුලක් දාන හොඳේ...''
අංග රචකයාට ටිකක් තද වෙයි.
''මොකද්ද? හමුදාවෙ කිව්වට මං දන්නවයැ මොන හමුදාවෙදකියලා''
''අය්යෙ මං දෙවන ලෝක යුද්ධ කාලෙ ජර්මන් සෙබලෙක්.....''
අංග රචකයාට තව ටිකක් තද වෙයි.
''ඒ කාලෙ සොල්දාදුවන්ට උඩු රැවුල නැහැනෙ; වවන්න තහනම්නෙ...''
''ඒ වුනාට කමක් නෑ අය්යෙ ඕව මේ රටේ එවුන්ට තේරෙන්නෙ නැහැ. ඔන්න ඔහෙ දාන්න...''
''එහෙම බැහැ මල්ලි මමත් නිකං නෝන්ඩි වෙන්න කැමති නැහැ...''
නළු කොලුවා නැගිටියි; නිෂ්පාදක වෙත දිවයයි. රණ්ඩු වෙයි.
අංග රචනා ශිල්පියා බඩු අස්කරන්නට පටන් ගනී. මුහුණ අඳුරුයි.
''මංච මේ මං උඹට අච්චර ගානක් දුන්න මතකනෙ; නාට්ටියට...''
නිෂ්පාදක අන්දුන් කුන්දුන් වෙන්නේ නළුවාගේ දොස් ඇසීමෙන්ය.
''ඉතින්?''
නළුවා කියාගෙන කියාගෙන යයි.
''ඉතිං එහෙම මට කියන එක හරිද අනිත් නළුවො ඉස්සරහා? මමත් ඉංග්ලිෂ් බුක්ස් ගොඩක් කියවලා තියනවා. අපේ ගෙදරට ඇතුළ් වෙනකොටම පේන්න තියෙන්නෙ පොත් රාක්කෙ...''
''ඉතිං මොකද වුනේ කියනවකො''
''අරය එනවා මට උගන්නන්න.. පඩිය.... උගෙ කට වැඩියි... මට උඩු රැවුල දාන්න බැරිලු. මචං මං කොහොමද මෙහෙම මුහුණ දෙන්නෙ. උඩුරැවුලක් තිබ්බනං නෙ ලස්සන....''

නිෂ්පාදක නළුවා සමග අංගරචනා ශිල්පියා වෙත යයි. ශිල්පියා ගණනකට නොගෙන ඉඳී. ඔහුගේ ගෝලයා ද ළඟ සිටී. තරමක් ව්‍යාකූල මුහුණු.
''අනේ මචං මෙන්න මේ අපේ කොල්ලෙක් උඩු රැවුලක් දාහං..''
අංග රචකයා කුලප්පු වෙයි.
''මචං මං යන්නං... උඹලා වගේ එවුන් එක්ක ඉන්න බැහැ... මං කියන දේ උඹලට තේරෙන්නෙ නෑ. ජර්මන් සොල්දාදුවො රැවුල වැවුවෙ නැහැ. ඒකට හේතුවක් තියනවා... ඉතිං මූ කියනවා උඩු රැවුලක් දාන්නලු...''
නිෂ්පාදක ෂේප් න්‍යායට එයි.
''ඉතිං මචං ජර්මනියෙන් එන්නෙ නැහැනෙ නාට්ටිය බලන්න...''

අනෙකුත් නළු නිළියන්ද වටවෙයි. නළු නිළියන්ට අවශ්‍ය පරිදි මූණු පාට කරගන්න විදිහක් නොමැති වූයෙන් සියළු දෙනාම දැන් අංග රචකයාට එරෙහිව ආඩපාලි කියයි. අංග රචකයා නොසැලෙයි.

''මං යනව මචං මට බැහැ මේ වගේ කණ්ඩායම් වල ඉන...''

අංග රචකයා බඩු ටිකත් පොදි බැඳ ගෙන පිටවෙයි. ඔහු ගියාට පසු සියළු නළු නිළියන් ඔහුට බැණ වදියි.
''ඌ ටිකක් පණ්ඩිතයා නේද?'' යනාදී වශයෙන්... මෙතෙක් නොබැන සිටි එවුන්ද අතනටම එකතු වේ. එහෙම වෙන්නේ එකතු නොවුනොත් නාට්‍ය කණ්ඩායමේ තව දුරටත් ඉන්නට නොහැකි වන නිසයි.

පසුව දින කිහිපයක් ගත වෙයි. නාට්‍ය කරුවන් අතර ප්‍රචාරය වෙන්නේ වෙනත් දෙයකි.

''ඌට මිනිස්සු එක්ක ඉන්න බැහැ. ඇරගන්නව ඌට මේ ෆීල්ඩ් එකේ තව ටික කාලයයි.''

මේ කතාව පැතිරවීමට; විශේෂයෙන් මෙතෙක් අර ශිල්පියා යටතේ ඉගෙන ගත් ගෝලයා ද එකතුවෙයි. නාට්‍යයේ ඊළග දර්ශනය අංගරචනා කරන්නේ ගෝලයායි. කලින් රුපියල් සියයය්ට මේක් අප් කළා නම් මෙයා පණහට කරයි. ලාභයත් නිෂ්පාදකට.

ඊළග නාට්‍ය උළෙලේ දී ගෝලයාට හොඳම අංගරචකයාට හිමි සම්මානය හිමිවෙයි. ඒ එක පැත්තක් පමණි.

අංගරචනා ශිල්පියෙක්, මේකප්කාරයෙක් කියූගමන්ම තවමත් අපේ සමාකයේ බොහෝ දෙනෙකු සිතන්නේ නපුංසකයෙක් යනුවෙනි. බොහෝ පිරිමි අංගරචනා උපකරණ සහිත පෙට්ටි පා්රෙ අරගෙන යන්න ලැජ්ජා වෙන්නෙ ඒ නිසාවෙනි. වර්තමානයේ ඔය හැඟීම ටිකෙන් ටික ඉවත්වී ගියත් ඒ සිතිවිල්ලට හේතුවක් මූලාශ්‍රයක් අපේ සමාජයේම දැකිය හැක.

පාර්සි, බලිවාලා නාට්‍ය කණ්ඩායම් ලංකාවට පැමිණීමත් සමග ලාංකේය නාට්‍ය කලවේ බොහෝ වෙනස්කම් සිදු වී ඇත. ජා, මුස්ලිම්, හින්දුස්ථානී, මැලේ වැනි ජාතිකයන් බොහෝ දෙනෙක් මේ නාට්‍ය වලට සම්බන්ධ වී ඇති අතර අංගරචකයින්, ඇඳුම් නිර්මාණ කරුවන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් බොහෝ දෙනෙක් මේ අතර දැකිය හැක. එයින් සමහරු ලංකා කාන්තාවන් සමග විවාහ වූ අතර කොළඹ, මරදාන යන ප්‍රදේශ වල පදිංචි වෙනම නාට්‍ය (ටීටර්, ජෝගි) නැටීම කර ඇත. ජෝගි නාට්‍ය වලදී ජනප්‍රිය වී ගිය නැටුම් ක්‍රමයක් ද ඇත. වරින් වර ඇඳුම් උනා දමමින් අවසානයේ යට ඇඳුම් දක්වා පිළිවලින් උණා දමන්නට සකස්කර ගත් නැටුම්; සමහරු පොන්න ඩාන්ස් යනුවෙන් ද මේ නැටුම් හඳුන්වති. මෙසේ සකස්වුනු කලාවක් නැත්නම් නාට්‍ය කලාවේ උප සංස්කෘතියක් අප ලාංකේය සමාජයේ වෙනමම දැකගත හැකි අතර අද වන විය එය ක්ෂය වෙමින් පවතියි.......

එම උප සංස්කෘතිය තුළ ''මේක්-අප් දාන්නෙ පොන්නයෝ'' යන හැඟීම තදින් ව්‍යාප්ත වූවකි. සමහර නිළියන්ව ඔවුන්ගේ දෙමාපියන් භාරදී යන්නෙ කොණ්ඩා මෝස්තරකරු හෝ අංගරචකයාටයි. නිළියන් ලජ්ජාවක් නැතිව ඒ අංගරචනා ශිල්පීන් ඉදිරියේ ඇඳුම් උනා දමා තවත් ඇඳුමක් ඇඳ ගනී, කුඩා කල මම පොල්කොටන් නාට්‍ය (ටීටර්, ජෝගි) නටන ස්ථානවල මෙවැනි බොහෝ දේ අනන්තවක් දැක ඇත්තෙමි..........

1960 දශකයේදී පමණ ටිකෙන් ටික අංගරචනය කිරීම පමණක් නොව මුළු නාට්‍ය කලාවටම අයත් බොහෝ අංශ වෘත්තීයමය නොවුනත් යම්කිසි මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් වූවා මෙන්ම, යමක් ඉගෙන ගත් පිරිසකගේ වැඩ කොටසක් බවට පත් විය........

ජයලාල් රෝහණගේ "සැබෑ මුහුණේ වෙස් මුහුණු"(1999)- අංග රචනා අත් පොතේ පෙරවදනෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයකි.
READ MORE - "සැබෑ මුහුණේ වෙස් මුහුණු"

සින්තටික් තාප්පය කැලණියේදී

Sunday, August 29, 2010

චිත්‍ර ශිල්පී වසන්ත නමස්කාරගේ හැත්තෑ පස් වැනි කලා ප්‍රදර්ශනය සින්තටික් තාප්පය මෙම මස 29, 30 සහ 31 යන දිනයන්හී කැලණිය දිප්පිටිගොඩ පාරේ අංක 175 දරන ස්ථානයේ පැවැත්වේ.සොඳුරු කලා නිර්මාණයන් රැසකින් සමන්විත මෙම ප්‍රදර්ශනය www.wasanthanamaskara.blogspot.com යන වෙබ් පිටුවෙන් ද නැරැඹීමට හැකි වේ.

READ MORE - සින්තටික් තාප්පය කැලණියේදී

සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

Sunday, July 11, 2010

සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

අඩ සියවසකට ආසන්න කාලයක් මෙරට චිත්‍ර කලාවේ උන්නතිය වෙනුවෙන් මහගු මෙහෙවරක් කළ ප්‍රවිණ චිත්‍ර ශිල්පී සීවලී ඉලංගසිංහයන්ගේ මීළඟ සිතුවම් දැක්ම මෙම මස 9 වැනිදා සිට 16 වැනි දා දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වේ.

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 9 වැනිදා සවස 3.30 පැවැත්වීමට නියමිත වේ.

සීවලී ඉලංගසිංහයන් මෙරට බොහෝ කලාගාරවල මෙන්ම ප්‍රංශය, ඇමෙරිකාව, ඉතාලිය, ස්වීඩනය ඇතුළු විදේශ රටවල් කිහිපයක චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් ජාත්‍යන්තර කීර්තියට පත් අයකි.

READ MORE - සීවලීගේ සිතුවම් දැක්ම 09 සිට කලා භවනේ දී

‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

Monday, June 28, 2010

‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

පාලිත ලොකුපෝතාගමගේ තෙවන සිතුවම් දැක්ම ‘නොදුටු සඳ’ ජූලි 01 සිට 08 දක්වා මීගමුව දළුවකොටුව මේ ෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේදී ප්‍රදර්ශනය වේ.

මෙම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර 50 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙන අතර ‘සොබාදහමේ සුන්දරත්වය’ මෙවර ප්‍රදර්ශනයට තේමා කොටගෙන තිබේ.


READ MORE - ‘නොදුටු සඳ’ චිත්‍ර දැක්ම ජූලි 1 දා සිට

හර්ෂණීගේ "විචිත්‍ර" දින 3 ක්‌ කලාභවනේ දී

Friday, June 11, 2010


ලංකා කලා සංගමයේ වර්තමාන උප භාණ්‌ඩාගාරික ලෙස සේවයේ නියුතු
හර්ෂණී පඬුවාවලගේ
ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය
"විචිත්‍ර" නමින්
ජුනි මස 12,13 සහ 14 යන තෙදින තුළ
පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්‌වා
කොළඹ ජාතික කලා භවනේදී ප්‍රදර්ශනය වේ.

කොරතොට සෝමානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී දෙවන වසර බාහිර උපාධි අපේක්ෂිකාවක්‌ ලෙසත් කලා පාසලේ ප්‍රායෝගික චිත්‍ර කලාව හදාරණ ශිෂ්‍යාවක්‌ ද වන්නීය.

ජාතික උරුමයන් හා සංස්‌කෘතික කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 12 වන දින යෙදෙන සුබ මොහොතින් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පැවැත්වේ. පුරා දින තුනක්‌ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස කලාවට හිතැති සැමට ඇය ආරාධනා කර සිටී.


Source - දිවයින 2010 06 -11
READ MORE - හර්ෂණීගේ "විචිත්‍ර" දින 3 ක්‌ කලාභවනේ දී