----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label ගායිකාවෝ. Show all posts
Showing posts with label ගායිකාවෝ. Show all posts

සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී

Tuesday, March 26, 2013


සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී
2013 මාර්තු මස 11 15:48:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි.

මගේ දෝනිට බඩගිනිද පුතේ...”
නිළිය වහාම අර බිළිඳිය දෝතින් ගෙන ඇයට කිරි පොවන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ තිස්සෙ බිළිඳිය මවගේ ලැමදෙන් කිරි උරා බිව්වාය. ඇයට තවත් බඩගිනිය. තවත් කිරි අවශ්‍යය. අම්මා අනෙක් පියවුර බිළිඳියගේ දෙතොල් අතර තබන්නට සැරසුනා පමණි.
”ඊළඟ සීන් එකට වෙලාව හරි...”
නිළිය වෙත ආ නාට්‍යයේ නිෂ්පාදක කීවේය.
මං ගිහින් එන්නන් දෝණි. කී විමලා බිළිඳිය කාන්තාව අත තබා ආපසු වේදිකාවට ගියාය.
විමලා සමග රඟපෑවේ රොම්ලස්ද සිල්වා නම් නළුවෙකි. ඔහුට සහෝදර නිළියගේ හැට්ටයේ බොත්තම ගැලවී ඇති බව පෙනිණි.
හැට්ටෙ බොත්තම... හැට්ටෙ බොත්තම
ඔහු රහසින් මෙන් නිළියට කීවේය. එහෙත් චරිතයට සම වැදී සිටි නිළියට රොම්ලස් රහසින් සහ අභිනයෙන් කී දේ තේරුණේ නැත.

 
සුජාතා හා රංජනී..
ඇය තවමත් රඟපාන්නේ හැට්ටෙ උඩ බොත්තම නැතිවය.
හැට්ටෙ ඇරිලා.
රොම්ලස් එවර ටිකක් සද්දයට කීවේය.
විමලා වහාම පසෙකට හැරී හැට්ටයේ බොත්තම පියවා ගත්තාය.
ඒ විමලා කාන්තා වූ කලී එවකට ටවර් නාට්‍ය කණ්ඩායමේ සිටි ප‍්‍රවීණ ශිල්පිණියකි. රැඟුමට මෙන්ම ගැයුමට ද හපනියකි. එදා ටවර් රඟහලේ පසු පස දොරකඩට වී ඇනුම් ඇර ඇර සිටි බිළිඳිය සුජාතාය. එදා සුජාතා පෙරේරා වූවත් පසු කලෙක සුජාතා අත්තනායක ලෙසින් ජනප‍්‍රිය ශිල්පිනියක බවට පත් වූ ගායිකාවය.
දැන් ඒ සුජාතා අත්තනායක මා ඉදිරිපිටය. නුගේගොඩ විමලවත්ත පාරේ පිහිටි ඇගේ සොඳුරු කැදැල්ලේ විසිත්ත කාමරයෙහි මම වාඩිවී සිටිමි.
ඇයට ලැබුණු විවිධ සම්මාන රාශියක් පසෙක ඇති මේසයක් මතය.”
”ඒ සියල්ල නිහඬව කියා පාන්නේ සුජාතාවගේ දක්ෂකමය.”
”මේ තියෙන්නේ සුජාතා කළ පොත”
සුජාතාගේ ආදරණීය සැමියා නවරත්න මාහට පොතක් ගෙනවිත් දෙයි. ටවර්හෝල් නූර්ති ගී නම් වූ එම පොත මම අතට ගතිමි. එහි කතුවරිය සුජාතා අත්තනායකය.
සුජාතා අත්තනායක ගැන අප දැන සිටියේ දිවයිනේ අග‍්‍රගණ්‍ය ගායන ශිල්පිණියක ලෙසිනි. ඇගේ මාධූර්යවත් හඬ තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැත. ”පුතුනේ මේ අහගන්න පුතුනේ, සඳ බැස නෑ වෙසක් සඳ, සාධු දන්ත දා, මල් සරාට පේ‍්‍රම ලෝකෙ මාළිගා තනා, ඇතුළු ගීත සිය දහස් ගණනක් පිළිබඳ මියුරු මතකය හිතේ අවදිවෙයි.
එහෙත් ඒ ගැන නොඅසමි.
ඔය දවස්වල කොහෙද පදිංචි වෙලා හිටියෙ.
මම සුජාතාගේ බාල කාලය ගැනම අසමි.
‘‘කැලණියෙ වෙදමුල්ලෙ
ඔය කාලෙ ටවර් රඟහලේ නාට්‍ය තිබුණෙ සති අන්තයෙද?
”නෑ සතියෙ දවස්ලත් තිබුණ. ටවර් රඟහලේ විතරක් නෙමේ. ටවර් හෝල් නාට්‍ය අරගෙන අම්මලා රට වටේමත් ගියා...”
මේ වනවිට සුජාතාගේ අක්කා ප්ලොරිදේවි ද ටවර් හෝල් කණ්ඩායමේ නාට්‍ය ශිල්පිනියකි. මේ නිසා පුංචි සුජාතාටද රංගනය ගායනය සහ නර්තනය යනු අමුතු දේවල් නොවේ. ටවර් රඟහලේ දකින නාට්‍යය ගෙදර ඇවිත් රඟපාන්නටත් හින්දි චිත‍්‍රපටියක් බලා ඇවිත් එහි ගීතය ගයමින් නටන්නටත් සුජාතාට උපන් හපන්කම් තිබිණි.
”ප්ලෝරිදේවි අක්කා මට වැඩියෙ අවුරුදු දොළහකින් වැඩිමල්.” සුජාතා කියයි.
අක්කටත් හොඳට නටන්න පුළුවනි. ඒ ආභාෂය මටත් තිබුණා. ඒ හින්ද පුංචි කාලෙදිම මමත් නැටුම් පන්තියකට ගියා. ශාන්ති කුමාර් තමා මගේ ගුරුවරයා. එයාගෙ පංතියෙ මගෙත් එක් ඒ කාලේ ඉගෙන ගත්තු හුඟාක් අය පස්සේ කාලෙදි හුඟාක් ජනප‍්‍රිය වුණු ශිල්පීන් බවට පත් වුණා. ශ්‍රීමතී රසාදරී, කාන්ති ලංකා, ගීත බාලි වගේ අය ඒ පංතියෙ ඉගෙන ගත්තා
ඉතින් අම්මයි අක්කයි වගේ ඔබත් ටවර්හෝල් නාට්‍යවල රඟපෑවද!
මම සුජාතාට තවමත් ටවර් ශාලාව තුළම රඳවා තබාගනිමින් ඇසුවෙමි.
ඔව්, මං ටවර් හෝල් නාට්‍යයක රඟපානකොට මගේ වයස අවුරුදු නමයයි.
‘මතකද ඒ නාට්‍යයෙ නම?
විදුර නාඩගම, මම කළේ ඒකෙ ළමා චරිතයක්.
වයස අවුරුදු නමයේදී නාට්‍යයක රඟපෑ පුංචි සුජාතා ඊට වසර දෙකකට පසුව ගීතයක් ගායනා කරමින් ගායිකාවක බවටද පත් වූවාය. ඇය මුලින්ම ගැයූ ගීතය සාධු දන්ත දා නම් වූ බොදු බැති ගීතයකි.
 
”ඒ ගීතය ගුවන් විදුලි තැටියකටත් නැගුණා. තැටිගත වුණු මගේ පළමුවැනි ගීතය ඒක”
මේ ගීතය ඇසූ චිත‍්‍රපට නිෂ්පාදකවරු සුජාතාගේ කටහඬෙහි අපූර්වත්වය දැනිණි.
ඔවුහු සුජාතා ලවා චිත‍්‍රපටවලට පසුබිම් ගීත ගායනා කරවා ගත්හ.
මම මුලින්ම ගීත ගයපු චිත‍්‍රපටිය සොහොයුරෝ. සුරතල් මගේ පොඩි මුව පැටියා කියන ගීතය. මේ ගීතයට රඟපෑවේ ලීනා ද සිල්වා.
පුංචි සුජාතා ඒ අයුරින් ඇරඹූ කලා ගමනේ ඉදිරිය බොහෝ අලංකාර විය. ඇය කථක් වැනි ශාස්ත‍්‍රීය නැටුම් සම්ප‍්‍රදායක්ද උගත්තාය. නර්තනය, ගායනය, වාදනය, යන සෑම අංගයක්ම සුජාතාට අතැඹුලක් වැනිය. සිංහල, හින්දි දෙමළ මෙන්ම බෙංගාලි ගී ද  ඕනෑම එකක් නිවැරැදි ශ‍්‍රැතියට ගැයීමේ දුර්ලභ හැකියාව මේ ශිල්පිනිය සතුය. ඇය ඉදිරිපත් කළ ඇසි මිහිර ප‍්‍රසංගත් ඉන්දියාවේ නාග්පූර් නුවර දී ඉදිරිපත් කළ සුජාතා ස්වර සංගීත් ප‍්‍රසංගවලදීත් ඇය විවිධ භාෂාවලින් ගී ගැයුවාය. මේ මොන බසකින් ගැයුවත් ඒ ගී වෙන කාගේවත් ගී නොවීමද විශේෂත්වයකි.
මේ තරම් හපන්කම් කළ සුජාතා අත්තනායක වෘත්තියෙන් අධ්‍යාපනයට සම්බන්ධය. ඇය අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස මහඟු සේවයක් සංගීතය වෙනුවෙන් ඉටුකර තිබේ.
”ඔය කාලෙ මට තේරුණා පැරැණි නූර්ති ගී කිසිවක් නිවැරදි නැති බව. හුඟාක් දුර්ලභ නූර්ති ගීත් තිබුණා. මේවා වැළලී යාමට ළංවෙලයි තිබුණෙ. ඒ නිසා මේවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම මට තේරුණා. මම අසූගණන්වල අම්මත් එක්ක එකතුවෙලා මේ නූර්ති ගී  පිටපත් කරන්න පටන් ගත්තා. අම්මා ළඟට ගිහින් සර්පිනාවෙන් මේ නූර්ති ගී වාදනය කළා. අම්මා ඒවා ගායනා කළා. මම අදාළ ස්වර ලියාගෙන ස්වර ප‍්‍රස්තාර හැදුවා. ඔය විදිහට එක්රැස් කළ ගීත දෙසීයක් විතරම තියෙනවා. එයින් කොටසක් තමයි මේ විදියට පොතක් බවට පත් කෙරුණේ.” 
අසූ ගණන්වල ආරම්භ කළ කටයුත්තක් අවසන් කිරීමට මේ තරම් කාලයක් ගත වූයේ කෙසේදැයි මට ප‍්‍රශ්නයකි.
”මගේ අම්මා 1993 දී නැතිවුණා. ඔය අතරෙ අපි අවුරුදු විස්සක් විතරම හිටියෙ ඇමරිකාවෙ. මේ වෙද්දි හැම දෙයක්ම එපා වෙලා මං හිටියෙ. හේතුව වුණේ මගේ පුතාගෙ වියෝගය. මේනිසයි මේ පොත එළියට ඒම මේ තරම් ප‍්‍රමාද වුණේ.
කෙසේ හෝ වේවා සුජාතාගේ නූර්ති ගී පොත ඉකුත් ජනවාරි 28 වැනිදා ටවර්හෝල් පදනමේදී දොරට වැඩියේය. ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ප‍්‍රමුඛ කලාකරුවන් ඉදිරිපිට කෙරුණු මේ උළෙලේදී නූර්ති ගී ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
මේ ප‍්‍රසංගයේදී නූර්ති ගී ගායනා කළේ මගේ පවුලෙ අය. නංගි රංජනී, මල්ලි සුසිල්, හේලි අත්තනායක, සංදේශ් තිසෙත් ඉන්දික කියන මගේ මුණුබුරු බිරියන්. ඒ වගේම අනෝජා වීරසිංහයි ජගත් වික‍්‍රමසිංහයි එදා නූර්ති ගී ගායනා කළා.”
සුජාතා අත්තනායක මට එසේ කියා ගිටාරය වයන්නට පටන් ගත්තාය. තාමත් ඇගේ සංගීත වාදන අතිශයින් මිහිරිය.
”මම මගේ ප‍්‍රසංගවලදීත් සිතාරයත් පියානෝවත් වාදනය කරනවා.” ඇය කීවාය.
ඇගේ අතැඟිලි තුඩුවලින් පිරිමැදෙන සිතාරයේ තත් අතරින් මතු වූ මියුරු හඬ හැරදා නික්ම යන්නට අපහසු තරම්ය. එහෙත් යා යුතුය.


සටහන - ශාන්ත කුමාර විතාන 

ඡායාරූප හා ඡායාරූප පිටපත් කිරීම - පුෂ්පා වීරසේකර 


සුජාතා අම්මා සමග....

සුජාතා ප්ලෝරිදේවි සහ ලලිත්.

READ MORE - සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී

සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

Wednesday, January 2, 2013


සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

ආචාර්ය වික්ටර් රත්නායක,විශාරද අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ගී ගයන ‘සුගීතා’ ස්වර දැහැන ජනවාරි මස 05 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කැලණිය විශ්ව විද්‍යාලයීය 78 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙය සංවිධානය කරයි.
 Silumina
READ MORE - සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

Saturday, December 8, 2012

අනුපමාගේ නිල් නුවන් පින්බරයි

ඇය අනුපමා ගුණසේකර. රටම ඇය හඳුනාගන්නේ මෙරට රියැලිටිකරණයේ පූර්වාදර්ශය ගොඩනැඟු ‘සිරස’ සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහිකාවක් විදිහට. සංගීත පසුබිමක් හදාගනිමින් ක්ෂේත්‍රයට ආ අනුපමා වසර හයකට පසු සිය කුලුදුල් සංගීත වීඩියෝව ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතයත් සමඟ මේ දිනවල නැවතත් කරළියට ඇවිල්ලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ කර්ණාටක සංගීත විෂයය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස අද ක්‍රියාකාරී අනුපමා හා පසුගිය දවසක කළ පිළිසඳරයි මේ.
ඔබේ සමාජගත වීම සිදුවුණු තැනින්ම මේ කතාබහ ඇරැඹුණොත් හොඳයි කියලා හිතෙනවා.
බොහෝ දෙනෙක් මාව දැන හඳුනාගත්තේ ‘සුපර් ස්ටාර්’ තරගය හරහා. විශේෂයෙන් ‘නිල් නුවන් පින්බරයි’ කියන වැලැන්ටයින් ගීතයත් එක්ක තවත් කතාබහ වැඩිවුණා. නමුත් දැන් මම ස්වාධීනව වැඩ කරන ගායිකාවක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා.
ඇයි ඔබ එවැනි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුවේ.
මම හිතන්නේ අපේ යෞවනය ආරම්භක කාලේ හැකියාව කියන දේ උරගා බලන්න ලොකු ඕනකමක් තිබුණා. නමුත් මම එය ගෙවා දමා අධ්‍යාපනය තුළ යම් සංයමයක් ගොඩනඟාගෙන ඉවරයි. ඒත් සුපර් ස්ටාර්කරණය පිළිබඳ කතා කරන්න මම කැමැති නැහැ.
ඇයි ඔබ කතා කරන්න අකැමැති. ඔබත් එහි ආරම්භක සාමාජිකයෙක්නේ.
ඒ ගැන තවදුරටත් කතා කරන එක ඵලදායක නැහැ කියලා මම හිතනවා. තරු කියන දේ රියැලිටි හරහා පායනවා ඇත්ත. ඒත් ඒ දිස්නේ කාලයක් පුරා රඳවා ගන්න හැකියාව ලැබෙන්නේ තමන්ගේ සංගීත භුමිකාව තුළ යම් අධ්‍යාපනික රාමුවක ඉන්න පුළුවන්නම් හැමදාම තරුවක් වගේ ඉන්න පුළුවන් කියලයි මම හිතන්නේ. එහෙම වුණොත් හොඳ රඳා පැවැත්මක් හදාගන්න පුළුවන්.
මම හිතන්නේ ඔබ යම් හිත් රිදීමකින්, පසුතැවීමකින් කතා කරනවා කියලයි.
නැහැ එහෙම පසුතැවීමක් දැන් නැහැ. මුල් කාලයේ තරු බිහිකරපු තැන්වලින් මදිපුංචිකම් නොතිබුණා නෙමෙයි. නමුත් දැන් ඒ ගැන හිතන්නේ නැහැ. මොකද මුළු රටම මාව දැනගත්තේ ඒ හරහා. විශේෂයෙන්ම මගේ හැකියාව දැන හඳුනාගත්තා. බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තා මට ඉහළ ස්වරවල ගයන්න පුළුවන් කියලා. අද ඒ හැකියාව ඔස්සේ මට පුළුවන් වෙලා තියෙනවා සමාජයට යමක් තිළිණ කරන්න.
හොඳයි අද බිහිවන තරු හෙට නිවිලා යන්න හේතුව මොකක්ද?
මම හිතන්නේ ඒකට එක හේතුවක් කියලා කියන්න අමාරුයි. බොහෝ දෙනෙකුට හැකියාව තිබුණට ජීවිතේ පිළිබඳ, සමාජය පිළිබඳ අත්දැකීම් අඩුයි. මේ තරගවලට වැඩි හරියක් එන්නේ ගම්බද ළමයි. ඒ නිසා හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි. අනෙක් දේ තරුවක් මොන තැනින් බිහිවුණත් ස්වාධීන වෙන්න ඕන. දෙරණෙන් හෝ ජාතික රූපවාහිනියෙන් හෝ සිරසෙන් බිහිවුණත් ඔහුට ඇයට රටම ආදරය කරනවා. ඒ නිසා ස්වාධීන වෙන්න ඕන වගේම රටටම ඔහු හෝ ඇය පොදු කලාකරුවෙක් වුණොත් පැවැත්මක් තියෙයි.
අද වෙලා තියෙන්නේ තමන්ට ස්වාධීනව ගොඩනැඟෙන්න බැරිවෙලා. උණුසුම් ප්‍රතිචාර ලැබෙනකොට, ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙනකොට අලුත් දෙයක් කරන්න අමතක වෙනවා. ඒ නිසා අනන්‍යතාවක් ගොඩනඟාගන්න බැරුව අද මේ අය අතරමං වෙනවා.
අද වෙනකොට ඔබ කර්ණාටක සංගීතය හදාරන්න පෙලඹිලා. මොකක්ද ඒකට හේතුව.
ඉතාම හොඳ සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායක්. ඊට විශේෂ වුණු අනන්‍යතාවයක් තියෙනවා. ගායනා ක්‍රම, ශෛලි තියෙනවා. ස්වරනාම දාසයක් තියෙනවා. සංකීර්ණ සංගීත සම්ප්‍රදායක් වගේම විශේෂ වුණු වෙන සම්ප්‍රදායන්වල නැති අනන්‍ය ගුණාංග තියෙනවා කියන එක මම කියන්න ඕන. එය හදාරන්න මට අවශ්‍ය වුණේ හොඳ සංගීත කටහඬක් හදාගන්න මට ඕනකමක් තිබුණා. වසර හතරක් තිස්සේ මම ඒ ගැන හැදෑරීම් කළා. තමන්ගේ හැකියාව දියුණු කරගන්න ඕනෑම සංගීත සම්ප්‍රදායයක යෙදෙන්න ඕන. මට ඒ සඳහා ගුරුහරුකම් දුන්න කලාශූරි අරුන්දති ශ්‍රී රංගනාදන් වගේම අරුණපි‍්‍රය අරුරත් ගුරුවරුන් මතක් කරන්න ඕන.
වසර හයක් වගේ දිගු කාලයකට පස්සෙයි ඔබ ඔබේ පළමු ගීත වීඩියෝව කරන්නේ.
මෙතරම් කාලයක් මම කළේ අධ්‍යයනය කළ එක. දෙමළ ජන ගී සම්බන්ධව හැදෑරීම් කළා. විවිධ රටවල ජන ගී ගයන්න මම කැමැතියි. පසුගිය කාලයේ ලංකාවේ පැවැත්වුණා මහද්වීප පහක ජන ගී සංදර්ශන ප්‍රසංගයක්. එතැනදි අරාබි ජන ගීයක් මට අහන්න ලැබුණා. ඔහුත් සමඟ මම කතා කළා. ඒ අනුවයි ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතය නිර්මාණය වුණේ. තිළිණ රුහුණගේ සංගීතයට එය රඛිත වාකිෂ්ඨ පද රචනය කළේ. ඉදිරියේදී ලාංකේය රසිකයින්ට මෙවැනි ජන ගී මූලාශ්‍ර හරහා අපූරු සංගීත රසයක් ලබා දෙන්න වගේම අධ්‍යාපනයක් ලබා දෙන්නයි අද මගේ බලාපොරොත්තුව.
READ MORE - අනුපමාගේ නිල් නුවන් පින්බරයි

සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා

Friday, November 30, 2012

Sarasaviya

සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා
 

බුද්ධිමා මධුශානි ගේ කුළුඳුල් ගීතය
බුද්ධිමාගේ ගීතය:

* සිත මාගේ හඬවලා ඔබ ඈත දුර ගියා
මුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියා
පෙරදාක කී කතා මගෙ ළඟට වී ඔයා
ඔබෙ සුවඳ දැනෙනවා ළඟ නැතත් අද ඔයා
 
* ඒ කී කතා පිළිගන්න වුණ නිසා
ඔබ මා හැර ගියා
ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා
 
* පෙරදාක සීත රෑ මට තුරුළු වී ඔයා
දුන් හාදු නෑ මෙදා පාළුවේ තනි වෙලා
මගෙ හිතට දැනෙනවා ඔබ එන්නේ නෑ කියා
ඔබ එන්නෙ නැති නිසා මගෙ හුස්ම නැවතුනා
ඒ කී කතා . . .
‘සිත මාගෙ හඬවලා ඔබ ඈත දුර ගියා
මුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියා’
වර්තමානයේ ගුවන් විදුලි නාළිකාවන්හී ප්‍රචාරය වන මෙම ගීතය ඔබ අසා ඇති. යොවුන් සිතට වඩාත් සමීප අර්ථයක් මුසුව ලියැවුණු ඒ පදමාලාවට හඬින් ජීවය ලබා දී තිබෙන්නේ බුද්ධිමා මධුශානි. ඇය සිරස සුපර් ස්ටාර් හතරවැනි අදියරෙන් එකොළොස් වෙනි තැනට පත් වූ තැනැත්තියයි.
මේ එළිදක්වා ඇත්තේ බුද්ධිමාගේ කුලුඳුල් ගීතයයි.
කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?
මේක විරහ ගීතයක්. ඒ වගේ ගීතයක් වැඩිපුර දැනෙන්නේ තරුණ තරුණියන්ට. ඒ අයගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. සමහරු කතා කරලම මට ඒක කියලා තියනවා.
ඇයි පළමු ගීතය විරහවට නිර්මාණය කළේ?
විශේෂයක් නැහැ. මේක මගේ අත්දැකීමක් එහෙම නෙවෙයි. මෙහි පද රචනය සහ සංගීත නිර්මාණය කළේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙන් කලඑළියට ආ මා මිත්‍ර කසුන් මධුසංක. මෙහි වචන දුටු සැනින් මගේ හිතට තදින් දැනුණා. මෙම ගීතය සුපර් ස්ටාර් සහ ඩ්‍රීම් ස්ටාර් එකමුතුවෙන් නිර්මාණය වූ ගීතයක් කිව්වොත් නිවැරදියි.
බුද්ධිමාගේ සංගීත චාරිකාව ඇරැඹෙන්නේ සුපර් ස්ටාර් සමඟින්ද?
මෙහෙමයි, මං එයට කලින් තුරුණු ශක්ති,, හෙට පිපෙන මල් වැනි තරගවලට සහභාගි වුණා. රියැලටි තරගයක් කියලා පළමුව සහභාගී වූයේ සුපර් ස්ටාර්. ඒකෙනුයි මං වඩාත්ම ජනප්‍රිය වුණේ.
කාගේ ගීත ද එහිදී ගැයුවේ?
ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි මහත්මීන්ගේ පැරැණි ගීත තමයි වැඩිපුර ගැයුවේ.
බුද්ධිමාගේ පෞද්ගලික විස්තර ටිකක් කියමු?
මං පාසල් ගියේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට. ගම මීගොඩ. පවුලේ මමයි නංගියි, අම්මයි, තාත්තයි. පුංචි කාලෙ ඉඳලම සංගීතයටයි වැඩිපුරම ආස කළේ.
ජීවිතයේ ඉදිරියත් ගෙවෙන්නේ සංගීතයත් එක්කද?
අනිවාර්යයෙන්ම මගේ වෘත්තීය සංගීතය. විශාරද උපාධියත් ලබන්නත් ලැහැස්තියි.


READ MORE - සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා

එක ගෙදරක හිටියත් අපි මුණ නොගැසෙන දවසුත් තියෙනවා

Thursday, October 11, 2012


-කුමාරි මුණසිංහ
කුමාරි මුණසිංහ විදියට ඔබේ පවුල් පසුබිම ගැන සඳහන් කරනවද?
මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අපි පදිංචිවෙලා හිටියේ ගණේමුල්ලේ. සාමාජිකයින් අටදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා මම. ගැහැනු හතර දෙනෙක් සහ පිරිමි හතරදෙනෙක් තමයි අපේ පවුලේ ඉන්නේ.
ඔබ ජැක්සන් ඇන්තනීව හඳුනාගන්නේ කොහොමද?
අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට තමයි මුලින්ම හඳුනාගත්තේ. ජැක්සන් උසස් පෙළ කලා පංතියේ හිටියේ. මම උසස්පෙළ විද්‍යා පන්තියේ හිටියේ. ඒ වුණාට පාසලේ නාට්‍ය වැඩසටහන්වලදී, සංගීත වැඩසටහන්වලදී අපි දෙන්නා නිතරම මුණ ගැසුණා. ඒ වුණාට ඒ කාලේ අපි දෙන්නා අතර ප්‍රේමයක් ගොඩනැගිලා තිබුණේ නෑ. ලොකු හිතවත්කමක් විතරයි තිබුණේ.
ඒ කාලේ හිටපු හිතවත් ජැක්සන්ගේ ගතිගුණ කොයි වගේද?
බොහොම කෙළිදෙලෙන් ජීවිතය ගෙනියපු කෙනෙක්. ඒ වුණාට අපේ පුංචි පුංචි ප්‍රශ්න සඳහා බුද්ධිමත් විසඳුම් ලබාදුන්න කෙනෙක් ඔහු. ඒ කාලේ ඉඳන්ම ලස්සන, උස, සුදු කෙනකුට මගේ ප්‍රේමය හිමිවෙන්න ඕන කියන බලාපොරොත්තුවක් මගේ තිබුණෙ නෑ. ඊට එහා ගිය අමුතු ගති පැවතුම් තිබුණ කෙනෙක් ගැන තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. මම බලාපොරොත්තු වුණ ගති පැවතුම්වලට ලොකු සමීපතාවයක් ජැක්සන්ගේ ගති පැවතුම්වල තිබුණා. අපි දෙන්නට දෙන්නා අපි දෙන්නගේ ප්‍රශ්නවලදී උත්තර හොයන්න උදව් වුණා. ඒ හින්දා තමයි අපි දෙන්නටම දෙන්නා විශේෂ වුණේ.
ඔය දෙන්නගේ ප්‍රේම සම්බන්ධය ඇතිවුණේ කොහොමද?
අහවල් දවසේ කියලා දිනයක් කියන්න බෑ. සමීපව ඇසුරු කරනකොට ඉබේටම ඇතිවුණා. මම දවස් දෙක තුනක් දැක්කෙ නැත්නම් ජැක්සන් හොයලා බලනවා. ජැක්සන් කතා කළේ නැත්නම්, දැක්කේ නැත්නම් මම හොයනවා. ඔය වගේ අපි දෙන්නට දෙන්නා නැතුව බැරිව ගියා.
එතකොට ආදරය ප්‍රකාශ කළේම නැතිද?
අපි දෙන්නා යාළුවෝ විදියට සමීපව ඇසුරු කරත්දී ජැක්සන්ටත් වෙන ප්‍රේමවන්තියක් හිටියා. මටත් වෙන ප්‍රේමවන්තයෙක් හිටියා. අපි දෙන්නම මේ ප්‍රේමයෙන් බැට කාලා හිටියේ. අපි අතර වැඩිපුර කතා බහට ලක් වුණෙත් මේ ගැනමයි. අපි දෙන්නට දෙන්න මේ ප්‍රශ්න විසඳගන්න උදව් කර ගන්නකොට අපි දෙන්නම හිතුවා අපි දෙන්නා එකතු වුණොත් මේ ප්‍රශ්න ඉවරයිනේ කියලා.
ඊට පස්සෙ ඔය දෙන්නා ප්‍රේමවන්තයෝ වුණා. එහෙම නේද?
නෑ. තවදුරටත් යාළු මිත්‍රකම් පවත්වත්දී සම්බන්ධයක් නොමැතිවත් අපි දෙන්නට පද හැදෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි හිතුණේ එහෙම වුණාට වරදක් නෑ කියලා.
මේ ප්‍රේම සම්බන්ධයට මවුපිය ආශිර්වාදය ලැබුණද?
අපෝ නෑ. දෙපාර්ශ්වයෙන්ම දැඩි ලෙස විරෝධතා මතු වුණා. ජැක්සන් කතෝලික. මම බුද්ධාගමේ. නමුත් අපේ අප්පච්චි මේ සම්බන්ධය දිහා වෙනස් විදිහකට බැලුවා. මිශ්‍ර නොවුණු පවුල්වල විවාහයෙන් බුද්ධිමත් දරුවන් බිහිවෙනවා කියලා අපේ අප්පච්චි දැඩි ලෙස විශ්වාස කළා. ඒ නිසා අපේ සම්බන්ධයට අප්පච්චි යම් තරමක ළිහිල් ප්‍රතිපත්තියක් දරුවා.
විවාහයට මවුපිය කැමැත්ත ගත්තේ කොහොමද?
අපේ සම්බන්ධයට කොච්චර විරුද්ධ වුණත් අපි දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි වුණා. අපි ගෙදරට හොරෙන් කොහොම හරි මුණ ගැහුණා. අන්තිමේ අම්මල තාත්තල තීරණය කළා කොච්චර කිවුවත් මේක නවත්වන්නේ නැති නිසා කැමැත්ත දෙන්න. ඊට පස්සේ අපිට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ලැබිලා විවාහ වුණා.
විවාහයෙන් පස්සෙ ජැක්සන් වෙනස් වුණාද?
විවාහවෙන්න කලින් තිබෙන ගතිගුණ ඒ විදියටම විවාහයෙන් පස්සෙත් පවත්වාගෙන යන්න කාටවත්ම බෑ. පවුල් බර දැනෙනකොට, දරු මල්ලො ලැබෙනකොට මේ වටපිටාව තුළ ඕනම මනුෂ්‍යයෙක් වෙනස් වෙනවා. මම හිතන්නේ නෑ කාටවත්ම එහෙම ඉන්න පුළුවන් කියලා. ඒ වුණත් පාටියකට වගේ ගිහින් ජැක්සන් ළිහිල් වෙච්ච ගමන් පරණ ජැක්සන් මතු වෙනවා.
ජැක්සන් වෙනත් නිළියන් එක්ක රඟපාද්දී ඔබට ඊර්ෂ්‍යා හිතෙනවද?
කවදාවත් නෑ. මම දන්නවා ඒක රඟපෑමක් විතරයි කියලා. මමත් නිළියක් විදියට වෙනත් කෙනකුට ප්‍රේම කරන විදියේ රංගනයන් කරන්න වෙලා තිබෙනවා. කලාවට සම්බන්ධ නැති කෙනෙක් වුණා නම් සමහරවිට මට එහෙම හිතෙන්න තිබුණා.
කලා ක්ෂේත්‍රයේ සිදුවන දේවල් ඔබ දෙදෙනා සාකච්ඡා කරනවද?
වෙලාවක් තිබුණොත් කතා කරනවා. ඒත් බොහෝවිට අපිට එහෙම කරන්න වෙලාවක් නෑ. සමහරදාට දෙන්නට දෙන්නා මුණ ගැහෙන්නෙත් නැති තරම්. මම නින්දට ගියාම ජැක්සන් එනවා. ආපහු උදේට උයලා පිහලා මම ඔෆිස් එනවා. අපි ගෙවන්නේ කාර්ය බහුල ජීවිතයක්.
ජැක්සන් සමඟ ගෙවන විවාහ ජීවිතේ පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම. ජැක්සන් කියන්නේ මතු මතුත් මගේ ස්වාමියා ලෙසින් ප්‍රාර්ථනා කරන පුද්ගලයෙක්. ජැක්සන්ගේ වරදක් දකිනවා නම් මම දකින්නේ එයා දරුවන්ට අසීමිතව ආදරය කරන නිසා ඔවුන්ගේ වැරැදි බොහෝවිට වරදක් ලෙසින් දකින්නේ නැති එක විතරයි.
ජැක්සන් දඩබ්බර ගතිගුණ තිබෙන හිතුවක්කාර චරිතයක්ද?
නෑ. ඔහු දඩබ්බරත් නෑ. හිතුවක්කාරත් නෑ.
ජැක්සන් ඇන්තනි කියන පුද්ගලයාව ඔබ දකින්නේ කොහොමද?
ඔහු හරියට හඳුනාගත් ඕනම ගැහැනියක් ඒ වගේ පුරුෂයෙක් තමාගේ සැමියා කරගන්න කැමැතිවෙයි. එහෙම කැමැති වුණත් වැඩක් නෑ. එයා මගේයි.
READ MORE - එක ගෙදරක හිටියත් අපි මුණ නොගැසෙන දවසුත් තියෙනවා

කාටවත් නොපෙනුනාට මමත් අඬනවා

Friday, September 7, 2012

ලබන ආත්මයක්‌ ගැන හිතන්නේ නෑ...
නිරෝෂා විරාජිනි

බීට්‌ස්‌ ඔෆ් හාර්ටිස්‌ නිරෝෂා විරාජිනිගේ සංගීත ඇකඩමියේ පළමු ශිෂ්‍ය කණ්‌ඩායම විසිර යනවා. ඒ මෙම 02 වැනිදාට බිෂොප් විද්‍යාලයීය රඟහලේ සිට, රියෑලිට්‌ වැඩසටහන්වලින් පසුගිය කාලයේ නිරෝෂාව දුටුවේ විනිසුරුවරියක ලෙස ඒත් ඇකඩමියේ වැඩකටයුතු නිසා නිරෝෂා රියෑලිට්‌ වැඩසටහන්වලින් මඳකට ඉවත් වෙලා. කලකට පසු නිරෝෂා මීවිත සමග කතා කළේ ඇකඩමිය ගැන සංගීතය ගැන වගේම ජීවිතය ගැනයි.

ඔබ අනෙක්‌ ගායිකාවන්ට අභියෝගයක්‌ද?

ඔව්... මම මගේ මේ රටේ හැම කෙනෙක්‌ටම අභියෝගයක්‌... තරගයක්‌. අභියෝගයක්‌ ලෙස හිතුවාම තමයි මට මගේ අඩුපාඩු හදාගත හැක්‌කේ. මම විතරක්‌ නොවේ අපි හැමදෙනාම හිතන්න ඕනේ තමන් අනෙක්‌ හැම කෙනාටම අභියෝගයක්‌ වෙනවා කියලයි. අපි අපේ දරුවන්ටත් කියලා දෙන්න ඕනෑ අනෙකා සමග තරග කරන්න... පැරදුම වෙනම දෙයක්‌ ඒත් දිරිමත් කළ යුත්තේ දිනන්න මිස තරගයකට සහභාගි වෙන්න විතරක්‌ නොවේ.

ඔබ රියෑලිට්‌ වැඩසටහන් විනිශ්චය කළා තරුණ පරපුර ගැන.... ඔවුන්ගේ විනය ගැන හිතෙන්නේ කොහොමද?

අද අපේ රටේ විනයක්‌ හැදිලා නෑ.... මම සමාජයේ විවිධ අය ඇසුරු කරනවා. මම හොයනවා. ඒ අය ඒ තත්ත්වයට ආවේ කොහොමද කියලා. හේතුව ඒ අය විනය ගරුකයි. කුමන රැකියාවක්‌ කළත් පෞරුෂත්වය වැදගත්. මම පිටරටවලට ගියාට ඒ අය නිරෝෂා විරාජිනිව දන්නේ නැහැනේ. ඒත් මම ඒ රටවලදි කැපී පෙනෙන චරිතයක්‌ බවට පත්වෙනවා. ඒ මම හැසිරෙන, කතාබහ කරන ආකාරය අනුව... ඉතිං මම අපේ නව පරපුරට දෙන අවවාදයත් තමයි විනය ගරුක වෙන්න තමන්ගේ පෞරුෂත්වය පවත්වා ගන්න කියන එක...

ඔබේ ඇකඩමියේ සිසුන්ට මේවා උගන්වනවාද?

ඔව්....අපි මේ හැම දෙයක්‌ම උගන්වනවා. ගායනය සහ ඊට අවශ්‍ය ටෙක්‌නික්‌ එක, කටහඬ පුහුණුව, ප්‍රාසාංගික බව පෞරුෂත්ව වර්ධනය මේ හැමදෙයක්‌ම අපේ බීට්‌ස්‌ ඔෆ් හාර්ට්‌ස්‌ ඇකඩමියේ උගන්වනවා. කිෂූ ගෝමස්‌, මහාචාර්ය සුනිල් ආරියරත්න, රෝසි සේනානායක වැනි ඒ ඒ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් රැසක්‌ තමයි මේ සිසුන්ට ශිල්පය ලබා දෙන්නේ. දැන් පළමු ශිෂ්‍ය කණ්‌ඩායමේ පාඨමාලාව අවසන්...... ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් බීට්‌ස්‌ ඔෆ් හාර්ට්‌ස්‌ ප්‍රසංගය සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මේ 02 වැනිදා හවස 6.00 ට බිෂොප් විද්‍යාලයීය රඟහලේ පැවැත්වෙනවා. වයස අවුරුදු අටේ සිට හැට දක්‌වා අයත් මේ සිසුන් අතර ඉන්නවා. සෑම ශිෂ්‍යයෙක්‌ම එදාට තමන්ගේ දස්‌කම් පෙන්වනවා.

ඔබේ ගායන හැකියාව ගැන ඔබ ආඩම්බර වෙනවද?

ඔව්.... නිහතමානිව. කටහඬ කියන්නේ ස්‌වභාවයෙන්ම ලැබුණ දෙයක්‌. ඒත් ඒක තත්පර ගණනින් නැති වෙන්න පුළුවන්.... මම මේ වෙද්දි මගේ හැකියාවෙන් යමක්‌ කරලා තිබෙනවා. යම් කිසි විදිහට මට ගයන්න බැරි වුණොත් මම දුක්‌ වන්නේ නැහැ. මැරෙනතුරා අපි හැම කෙනාගෙම අතපය, මුහුණ, රූපය, කටහඬ මේ විදිහටම තියෙනවා කියා කිව හැකිද? ඒ නිසා මේ හැකියාවන් ලැබීම ගැන මම මේ මොහොතේදී ස්‌තුති කළ යුතුයි. දශමයක අඩුවක්‌ හෝ නැතිව මට මේ හැකියාවන් ලැබී තිබෙනවා. එයට කොතරම් තුති පිදිය යුතුද මම නිතරම ප්‍රාර්ථනා කරන්නේ මට වඩා දක්‌ෂ අය බිහි විය යුතුයි කියා.

කෙනෙකු ගැයූ ගීයක්‌ තවත් කෙනෙක්‌ ගැයීම වරදක්‌ නොවේද?

වසර තිහකට හතළිහකට පෙර ගැයූ ගීයක්‌ ඒ කාලෙට ගැලපුනාට තාක්‌ෂණයේ දියුණුව අනුව වෙනස්‌ වෙනවා. ඕනෑම කෙනකුගේ හඬෙ තිබෙන ආකර්ශනය වයසට යද්දී එන්න එන්න අඩුවෙනවා. එතකොට ඔහු හෝ ඇය මීට පෙර ගැයූ ගීය නොමැරී පවතින්න නම් අලුත් විය යුතුයි. සෙලින් ඩියොල්, මයිකල් ජැක්‌සන් පවා අන් අයගෙ ගීත ගයා තියෙනවා. ඒත් එය නිසිලෙස අවසර ඇතිව කෙරිය යුතුයි. අදනම් සීයට අනූවක්‌ විතර ක්‍රමවත්ව මෙය සිදු වෙනවා. රුක්‌මණි දේවියගේ පරණ ගීත තියෙන්නේ පරණ තැටියේ නව නිර්මාණයක්‌ එළිදක්‌වන්න ඇය නැහැ. ඒ ගී අලුත් පරපුර වෙත ගෙන යා යුතුයි. දැන් ගීත කොල්ලකෑමක්‌ වන්නේ නෑ. නීත්‍යානුකූලව එය කෙරෙනවා.

ඔබේ සිත හඬයි ගීය රිමික්‌ස්‌ කළේ ඒ අනුවද?

ඔව්. සිත හඬයි මා ගැයූ පළමු ගීය එය ගයද්දී මම ආධුනිකයි. පොඩි ළමයෙක්‌... ගීයේ හැඟීම් මතුකරන්න තරම් මහන්සියක්‌ ගත්තේ නෑ. දැන් මට තේරෙනවා ඒ ගිය තුළ මා ජිවත්විය යුතුයි. හැඟිSම් මතු කළ යුතුයි කියා. ඒ අනුව මට වුවමනා වුණා. මෙතෙක්‌ නොගැයු ශෛලියකට ඒ ගීය ගයලා අලුත් පරපුරට දෙන්න. එය හිතාගන්න බැරි තරමට ජනප්‍රිය වුණා. හැබැයි සමහරු කැමැති පැරැණි ගීයට... ඉතින් මම මේ පැරැණි ගීයත් අලුත් ගීයත් දෙකම ගායනා කරනවා.

ඔබේ ජීවිතය ගැන ඔබට මොනවද හිතෙන්නේ

සීයට අනූ නවයක්‌ම මගේ ජීවිතය ගෙවෙන්නේ ඇකඩමියේ වැඩකටයුතු සහ ප්‍රසංග සමග... මගේ මනස බොහොම පැහැදිලියි කොහෙන්වත් කාගෙන්වත් බාධාවක්‌ නැහැ. මානසික පීඩාවක්‌ නෑ. මම ළමයින්ට උගන්වන්නේ හරිම ආදරෙන් මා උගත් දේ කියලා දෙද්දි මට ලෝබ කමක්‌ හිතෙන්නෙම නෑ.

ලංකාවේ ගායිකාවක්‌ වීම...

අවංකවම සතුටු වෙනවා. මගේ හොඳට හෝ නරකට මම මේ රටේ ඉපදුනා. ඒ අනුව මම අද සතුටු විය හැකි තැනක ඉන්නවා. මිනිසුන් මට ආදරෙයි. ඒ ආදරයට වයස්‌ භේදයක්‌ නෑ. මම හරියට පිං කරලා ඇති..... ඒ ආදරය ලබන්න. මම කැමැතියි නිහතමානි මනසකින් මිය යන්න හෙටක්‌ ගැන කියන්න මට දන්නේ නැහැ.....අදටත් මට කිසිම තරහකාරයෙක්‌ නෑ. මගේ හුස්‌ම ගැන මට තක්‌සේරු කළ හැක්‌කේ මේ මොහොතේදී විතරයි ඊළඟ තත්පරය ගැන කියන්න බෑ.

මියගිය පසු ජීවිතයක්‌

නෑ... මැරුණට පස්‌සේ ආපහු පණ ගහලා ආපු මිනිස්‌සු මම දැකලා නැහැ. එහා ලෝකෙක මිනිස්‌සු මට ඒ ආත්මෙ ගැන කියලාත් නෑ. මම ලබන ආත්මයක්‌ ගැන හිතන්නේ නැහැ. මට අත්විඳින්න නොලැබෙන දේ ගැන මට විශ්වාසයක්‌ නෑ. මම පුනරුප්පත්තිය නක්‍ෂත්‍රය රේඛා සාස්‌තර විශ්වාස කරන්නේ නෑ. ඒත් තාරකා ශාස්‌ත්‍රය යම් තරමකට විශ්වාස කරනවා.

ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද?

මිනිස්‌සු හිතනවා මට ඕනෑම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන් කියා. නෑ. මමත් මනුෂ්‍යයෙක්‌ මමත් අඬනවා මටත් රිදෙන තැන් තියෙනවා. ඒත් මම අඬන හේතුව මගේ දුක පෞද්ගලික ගැටලු නොවෙයි මිනිසුන්ට අවශ්‍ය මගේ ගීත මොන ප්‍රශ්න ආවත් මම මනසින් වැටෙන්නේ නැහැ. දුක පෙන්වන කෙනාට වඩා එය සඟවාගෙන සිටින කෙනාට දුක වැඩියි. ඒත් ඒක අනෙක්‌ මනුෂ්‍යයාට වැදගත් නෑ. දුකක්‌ වේදනාවක්‌ ආවාම මම සින්දු අහනවා. චිත්‍රපට බලනවා. එහෙම තමයි පීඩනය පිට කරන්නේ නැතිනම් මගේ ළඟම යහළුවෙකු සමග දුක කියලා ඇති තරම් අඬනවා. ඒක තමයි ඇත්ත.

අජිත් අලහකෝන්

Divayina
READ MORE - කාටවත් නොපෙනුනාට මමත් අඬනවා

මම ඇත්තටම සතුටින් ඉන්නේ

Thursday, September 6, 2012


මම ඇත්තටම සතුටින් ඉන්නේ
2012 සැප්තැම්බර් මස 02 15:21:01 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
හදවතේ රිද්මය ඇය හොඳින් හඳුනන්නීය. සප්ත ස්වරයේ රටාව හදවතේ රිද්මයට මුසුකොට ළයාන්විතව ගයන්නීය. ශෘංගාරයද, පේ‍්‍රමාන්විත බවද ඒ හඬ වෙතින් ස්පර්ශ වන්නේය. ඇය නිරෝෂා විරාජිණිය බව වටහා දීමට ඒ සියල්ල වෙතින්  ඕ සමත් වන්නීය. මේ සියල්ල ගැයුමට පමණක් සීමා නොකළ ඇය, මේ දක්වා ගැයුමට ළබැඳිව උකහා ගත් පෙරාගත් සාරයෙහි අරුත තවත් පිරිසකට ලබාදීමට සමත්ව සිටින්නීය. පසුගිය ජනවාරි මාසයේ ඇරඹි ඒ හඬ පුහුණුවෙහි රිද්මය අභ්‍යාස ලෙස හැදෑරූ පිරිස සමඟ එක්ව මේ මොහොතේදී ඇය සූදානම් වන්නේ එහි අරුත සමාජයට ප‍්‍රකාශ කිරීමටය.

‘හදවතේ රිද්මය’ ගෙනෙන නිරෝෂා


බීට්ස් ඔෆ් හාර්ට්  (Beats of Heart) නම් වූ නිරෝෂා සතු හඬ පුහුණු ආයතනය ඉදිරිපත් කරන මේ කටයුත්තට සාපේක්‍ෂව අපි ඇය සමඟ පිළිසඳරකට එක්වෙමු.
නිරෝෂා ඔබ විසින් කටහඬ පුහුණු කිරීමේ ආයතනයක් පටන් ගත්තෙ මොන අරමුණකින්ද? මොන කාලයේදීද? කොහොමද එහි කටයුතු සිදුවන්නේ?
මේ රටේ රියැලිටි වැඩසටහන් පටන් ගත්ත දවසේ ඉඳලා යම් විදියකට මට නිරන්තරයෙන්ම වාගේ ඒවාට දායක වෙන්න ලැබුණා. ඒවාට දායක වූ කෙනෙක් ලෙස අපේ අලූත් පරම්පරාව වෙතින් මා දුටු බොහෝ දේ තිබුණා. ඔවුනට බොහෝදුරට හඬ පුහුණුව සඳහා ලැබී ඇති අවකාශය අල්පයි. එය අපේ රටේ සිදුවන්නෙ ඉතා අල්ප වශයෙන්. එක්කෝ විභාග සඳහා, නැත්නම් වෙනත් සරසවි මට්ටමින් හෝ ආයතන මට්ටමින්. ඒත් ප‍්‍රධානව ගායනය සඳහා කටහඬ පුහුණුව ලැබිය හැකි ආයතනයක් නැහැ. වෙනත් රටවල ලෝක පූජිත ශිල්පීන් ලෝක චරිත බවට පත්ව සිටින්නේ මෙවැනි හඬ පුහුණුව නිරන්තරයෙන්ම ලබන නිසයි.

ඇයි ගායනයට හඬ පුහුණුව වැදගත්?
කෙනෙකුට විවිධ ශෛලීන් හඳුනාගෙන වඩාත් නම්‍යශීලීව ගැයීමට නම් හඬ පුහුණුව අභ්‍යාස ලැබිය යුතුමයි. එහෙම නොවනවා නම්  ඕනෑම ශෛලියක ගී ගැයීමේ හැකියාව අසීරු වෙනවා. මේ මඟින් අපේ අරමුණ තනිකරම හඬ පුහුණුව ලබාදී එය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය රිද්මය ලබාදීමටයි. මේ නිසා තමන්ට ගායනය කිරීමේ පහසුව ලැබෙනවා. ඊට අමතරව ප‍්‍රාසාංගිකව වේදිකාවේ ගී ගැයීමේදී පෞරුෂය කියන දේ වැදගත් වෙනවා. මොකද අද බොහෝ විට සිද්ධ වෙන්නෙ ගීත අසනවාට වඩා ගීත බැලීම නොහොත් නැරඹීමයි.
මේ නිසා ප‍්‍රාසාංගික වේදිකාවේදී ගායනය කරනු ලබන විට පේ‍්‍රක්‍ෂකයා තමා කෙරෙහි ඇද බැඳ නතුකර තබා ගැනීමට ආකර්ශනයක් අත්‍යවශ්‍යයයි. ප‍්‍රාසාංගික බව රැුඳෙන්නෙ එවිටයි. අන්න ඒ ප‍්‍රාසාංගික බව උදෙසා පෞරුෂය මෙහෙයවීම වැදගත්. වේදිකාවේදී අපි හැසිරෙන්න කොහොමද කියන දේ ගැන. මෙකී සියල්ල ඒ ඒ අංශ වලට නිපුණ ප‍්‍රවීණයින් ලවා මහාචාර්ය සුනිල් ආරියරත්න, කිෂු ගෝමස්, රෝසි සේනානායක වැනි ප‍්‍රවීණ චරිතවල ගුරු හරුකම් යටතේ ලබා දීම සිදු වෙනවා.

මේ ප‍්‍රසංගය කුමක්ද?
මගේ ප‍්‍රමුඛත්වයෙන් බිහිකළ ‘‘බීට්ස් ඔෆ් හාට්’’ ආයතනය සිසු සිසුවියන් එලෙසින් අභ්‍යාස ලබා හැකියාවන් පෙන්නුම් කරන ප‍්‍රාසාංගික මොහොත හැටියට එය හඳුන්වන්න පුළුවනි. එය පැවැත්වෙන්නෙ මෙම 2 වැනිදා (අද) බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී සවස 6.00 ට මේ ළමුන්ගේ දක්‍ෂතා ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම හරිම අපූරුවට සිදුවේවි. ඉන්පසු ඔවුනට සහතිකපත් බෙදාදෙන මේ මොහොත සඳහා අපි විවිධ ක්‍ෂේත‍්‍ර වලට අයත් විශාල පිරිසකට ඇරයුම් කර තිබෙනවා.

මේ සියල්ල අතරේ ගෙවෙන ඔබගේ ජීවිතය මොන වගේද?
සත්තකින්ම හරිම කාර්ය බහුල කාලයක්. මට මං වෙනුවෙන් වඩා මම ආසාවෙන් හිතාගෙන හිටපු දෙයක් මේ. ඒ නිසා ඒකට වැඩිපුර කාලය යොමු කරවන අතරේ දේශීය විදේශීය ප‍්‍රසංග වලට සහභාගී වෙමින් කාලය ගෙවනවා. ඊට අමතරව එදා සිට කළ සමාජ සත්කාර නවතා නැහැ. පිළිකාවට ගොදුරු වී ඇති ළමුන් බේරා ගැනීමේ මෙහෙවරේ සහායිකාවක ලෙසද, ශූර ගොවියා පළාත් නියෝජිතවරියක කටයුතු කරනවා. මේ සියල්ල නිසා ජීවිතය ගෙවන්නේ හරිම සතුටින්.

ගෙවී ගිය ජීවිතයේ සිදුවූ සියල්ලට සාපේක්‍ෂව දුක්වූ සතුටු වූ අවස්ථා තියෙනවද?
හැමෝගෙම ජීවිත වලට සතුට එනවා. ඒ වගේම දුකත් එනවා. එය ස්වාභාවිකයි. ඒ සියල්ල අපට අහක් කරන්න බැහැ. ඒ සියල්ල අතරේ මොන දේ හෝ වේවා ජීවිතය දිහා සුබවාදීව සහ යහපත් දැක්මක් ඇතිව බලන්න පුළුවනි නම්? හිතන්න පුළුවන් නම්? යහපත් ජීවිතය කියන්නෙ එයටයි. අනෙක ජීවිතේ කියන්නෙ හරි කෙළින් ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නොවෙයි. වෙනස් වීමට නිරන්තරයෙන් ලක් වෙනවා. ඒ සියල්ල හොඳට ගෙන උපේක්‍ෂාවෙන් බැලීම තමයි හොඳම දේ.

නිරෝෂා මේ ගෙවී ගිය කාලයේදී ඔබ ගීතයෙන් කළ කී දේ ශ‍්‍රාවකයින්ට හදවතට දැණුනා කියලා හිතනවාද?
සත්තකින්ම ඔව්. මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. එදා ඉඳලා අද දක්වා මට ලැබෙන ප‍්‍රතිචාර සහ ගායනය සඳහා ලැබෙන ආරාධනා අනුව මට එය කියන්න පුළුවනි. ඔව්. සහතිකයි. මම හදවතට දැනෙන්න ගායනා කළා. ඒ නිසාම මම සමාජයේ ආදරයට නිරන්තරයෙන් යොමු වු බව කියන්න පුළුවනි.

ඒ විදියට ඔබ ගැයූ ගීත අතරින් ඔබගේ හදවතට ස්පර්ශ වූ ගීතය ගැනත් සඳහනක් කළොත්? ඇයි ඒ ගීතය සමීප කියලත් කිව්වොත්?
මා ගැයූ ගී සියල්ලටම යම් යම් විදියට ආදරෙයි. කැමතියි. ඒ අතරින් ජීවිතයේ හැබෑවට සමීපව ආදරයට සමීපව ‘‘සිනාතොටක් විය’’ ගීතයටත් පුන්සඳ රෑට ගීතයටත් වඩාත් ඇල්මක් දක්වනවා. යම් කිසි දුරකට ජීවිතයේ අත්දැකීම් මුසුවූ නිසා ඒ ගීත හදවතේ රිද්මයෙන්ම ගැයෙන්න ඇති.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 අදහස්(16)  බැලූවෝ (8130)
READ MORE - මම ඇත්තටම සතුටින් ඉන්නේ

“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!


මගේ ප්‍රසංග මෙපමණ වාර ගණනක් පවත්වන්න ලැබීම ම ආශ්චර්යයක්

විශාරද නන්දා මාලිනී
“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!
විශාරද නන්දා මාලිනී ගායන ශිල්පිනියගේ සිවුවැනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගයේ අවසන් ප්‍රසංග වාරය මෙම 14 වැනිදා සවස 6.30 ට රත්මලාන, ස්ටයින් ස්ටුඩියෝහි දී පැවැත්වේ.
සිංහල සංගීත ක්ෂේත්‍රයේ ගායන ප්‍රතිභාවෙන් අනන්ත වූ ඇය අපි “හෙළයේ මහා ගායිකාව“ යයි හඳුන්වමු. ඒ ඇය ගායනා කළ සුභාවිත ගීතාවලියෙන් අපේකම ලොවට කියා පෑ නිසා ය. එපමණින් නොනැවතී ලෙයින්, මසින් නිර්මිත සැබෑ මිනිසුන්ගේ හැඟීම් සමඟ ඇය ගීතමය ගනුදෙනුවක් ආශ්චර්යවත් අයුරින් කරන්නීය. එවැනි ආශ්චර්යයන් අඩ සිය වසරකටත් වැඩි තම සෞන්දර්ය චාරිකාවේදී ඈ විසින් සිදු කරනු ලබන ඉසව්ව වී ඇත්තේ ඒක පුද්ගල ගීත ප්‍රසංග කලාවයි. මීට ඉහතදී ඇය ඉදිරිපත් කළ “ශ්‍රවණ ආරාධනා” – “සත්‍යයේ ගීතය” සහ “පවන” ඒක පුද්ගල ගීත ප්‍රසංග මෙන්ම “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය ද ආශ්චර්යයක් බවට පත් කරමින් ඈ ඉන් සමුගන්නීය. එහෙයින් මෙවර “ස්වර වර්ණ” වර්ණවත් කරන්නට අපි ඇයට ආරාධනා කරමු. ඇය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී ය.
”මගේ හතර වැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය වන ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයට පුදුමාකාර ප්‍රතිචාරයක් ගීත රසික රසිකාවියන්ගෙන් ලැබෙනවා. බොහෝ විට ප්‍රසංගය අවසන් වුණත් සමහර රසික පිරිස් තවදුරටත් රැඳී ඉන්නවා, ප්‍රසංගය නිම නොවීය යි සිතා. සුභාවිත ගීතයට කැමැති බුද්ධිමත් රසික ජනතාව දැන් මේ රටේ ප්‍රචලිත ගීත රැල්ල ප්‍රතික්ෂේප කරන බව මේ ප්‍රසංගයට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.
”ගුණාත්මක ගී පිපාසයෙන් ශ්‍රාවකයින් පෙළෙන මෙවන් වකවානුවකදී ඔබගේ “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය දර්ශන වාර විසිපහක් වැනි අඩු ගණනකින් නිමා කිරීම අසාධාරණයක් නොවේ ද...?
”ගීත ශ්‍රාවකයින්ගේ පැත්තෙන් පමණක් බැලුවොතින් අසාධාරණයි තමා. ඒත් මෙහි තව පැත්තක් තිබෙනවා. ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය මගේ මීට පෙර පැවැත් වූ අනිකුත් ප්‍රසංග වගේ අපේ පෞද්ගලික මුදලින් පැවැත්වූ ප්‍රසංගයක් නොවේ. ‘සිරස’ එෆ්.එම්. ආයතනයයි මෙම ප්‍රසංගය කළේ. ඔවුන්ට බැහැ එකම ගායිකාවකගේ ප්‍රසංගයක් දිගටම පවත්වන්න. ඒ වගේම අපි මුල ඉඳලම ගිවිස ගෙන තිබුණු අයුරු කටයුතු කරන්න ඕනේ. ඒ අනුව ප්‍රසංග වාර විසිපහකින් ‘ශ්වේත රාත්‍රිය’ නිම වෙනවා.
”ශ්වේත රාත්‍රිය” ප්‍රසංගය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
”ඔව්. මගේ ‘පවන’ ප්‍රසංගයෙන් සමුගෙන අවුරුදු විසි දෙකකට පසුව තමයි ‘ශ්වේත රාත්‍රිය’ 2010 සැප්තැම්බර් 14 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ආරම්භ කළේ. බුද්ධිමත් ගීත ශ්‍රාවකයින් වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න ‘සිරස’ මාධ්‍ය ආයතනයට ඕනෑකමක් තිබුණා සේම වෘත්තීය ගායන ශිල්පිනියක් වශයෙන් මටත් ප්‍රසංගයක් කිරීමේ වුවමනාවක් තිබුණා. මම ඉතාම වගකීමෙන් මේ කියන්නෙ – ‘සිරස’ ආයතනය ඔවුන්ගේ දීර්ඝ මාධ්‍ය භාවිතයේ අත්දැකීම් ද ඇසුරු කරගෙන ‘ශ්වේත රාත්‍රිය’ හොඳින් ඉදිරිපත් කරන්න සංවිධාන කටයුතු කළා. වාද්‍ය ශිල්පී සම්බන්ධීකරණය, ආලෝකකරණය මෙන්ම ශබ්ද පරිපාලනය ආදී සියලුම කටයුතු නිසියාකාරව සිදු කෙරුණා. ඔවුන් ගෞරවනීය අයුරින් ඔවුන්ගේ කටයුතු ඉටු කළා. මෙම ප්‍රසංගය නිසා මගේ ජීවිතය අලුත් වුණා. ගායිකාවක් ලෙස ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගය ඉදිරිපත් කිරීමෙන් මා විශාල තෘප්තියක් ලැබුවා.”
මෙම ප්‍රසංගයෙන් “සිරස” ලාභ උපයන්න ඇති නේද..?
”මම හිතන්නේ සිරසට වුවමනා වුණේ ලාභ උපයන ප්‍රසංගයක් කරන්න නෙමේ. ඔවුන්ගේ වෑයම වුණේ ගුණාත්මක ගීත ප්‍රසංගයක් ශ්‍රාවකයින්ට ඉදිරිපත් කිරීමයි. ගීත රසික රසිකාවියන්ගේ සහභාගීත්වය ඉහළම මට්ටමක පැවතියත් “සිරස” ආයතනය මේ ප්‍රසගයෙන් ලාභ ඉපයුවේ නැහැ. එක් අවස්ථාවක ප්‍රසංගයෙන් ලද මුදල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළා.
මේ වනවිට වැඩිම ඒක පුද්ගල ගීත ප්‍රසංග ප්‍රමාණයක් සමාජ ගත කළ ගායන ශිල්පිනිය ඔබයි. ඒ පිළිබඳ ඔබේ මතකය ?
”සාමූහිකව ගීත ප්‍රසංග පැවැත්වීමෙන් අපේ ගීත ශ්‍රාවකයින්ට යහපත් ප්‍රයෝජනයක් ලබා දෙන්න හැකිද කියන ප්‍රශ්නයට මගේ සිතුවිලි අතර මම පිළිතුරු සොයමින් උන්නු කාලයකදී තමයි මට අමරදේව සර් සමඟ ‘ශ්‍රවන ආරාධනා’ ද්වි පුද්ගල ගීත ප්‍රසංගය කරන්න ලැබුණේ. ටික කාලයකට පසු අමරදේව සර්ගේ දිවියේ කාර්ය බහුලකම නිසා එතුමා නැවතුණා. එතුමා වැනි දැවැන්ත ශිල්පියකු නැතුව දිගටම කරගෙන යාම මහත් අභියෝගයක් වුවත් අවසානයේ මට සිදු වුණා තනියම එම ප්‍රසංගය පවත්වා ගෙන යන්න. 1973 ජනවාරි මාසයේ ලුම්බිණි රඟහලේදී මං එම අභියෝගයට මුහුණ දුන්නා. එදා සිට පන්සිය තිස් වාරයක් ‘ශ්‍රවණ ආරාධනා’ පවත්වා 1979 මැයි මස 22 වැනිදා ලුම්බිනියෙන්ම එම ප්‍රසංගය නිමා කළා. එදා ප්‍රසංගය ‘සූරිය’ ලේබලය යටතේ එල් පී (L.P) තැටියකටත් ඇතුළත් වුණා.”
ඉන්පසු ඔබ දිගු කාලයක්ම ප්‍රසංග වේදිකාවෙන් ඈත් වී සිටියා
”අවුරුදු හතක් අටක් විතර උන්නා. මම ආසා නැහැ එළිමහන් ප්‍රසංගවල ගී ගයන්න. කවුරු කිව්වත් එළිමහන් ප්‍රසංග, මංගල උත්සව, පි‍්‍රයසාද වැනි අවස්ථාවල මං ගී ගයන්නේ නැහැ. එහෙම ඉන්න අතරේ 1981 අගෝස්තු 29, 30, 31 දින තුනේදී ලුම්බිණියෙන්ම ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය ආරම්භ කළා. නවතම ගීත යොදා ගෙන කරපු එම ප්‍රසංගයේ තේමාව වුණේ ‘ආදරයේ විරහ වේදනාවේ දුකේ සහ සතුටේ සත්‍යය කුමක් ද’ යන වගයි. සුනිල් (මහාචාර්ය සුනිල් ආරියරත්නයන්) තමයි ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ සෑම කටයුත්තක්ම ඉටු කළේ, එකම ගීත සමුච්චයක් එක දිගටම ගයද්දී මටම එපා වෙලා 1984 අගෝස්තු 29, 30, 31 යන දින තුනේ ලුම්බිණියේදීම සමුගැන්මේ ප්‍රසංග මාලාව පවත්වා එම ප්‍රසංගයත් නිමා කළා. ඒ වනවිට ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගය පන්සිය වාරයක් පවත්වා තිබුණු අතර ‘සිංග්ලංකා’ කැසට් පට යුගළයකටත් එය ඇතුළත් කෙරුණා.”
නැවතත් ප්‍රසංග වේදිකාවෙන් දුරස්වී වසර කිහිපයක්ම හිඳ “පවන” සමඟ ඔබ ශ්‍රාවකයින් ඇමතුවේ මේ රටේ ඉතාම අඳුරු යුගයකදී?
”මගේ වෘත්තිය තුළ තිබෙන්නේ දේශපාලනයයි. භීෂණයෙන් දූෂණයෙන් මේ මුළු රටම අඳුරු වී තිබුණු එම යුගයේ අවශ්‍යතාවයක් වී තිබුණා අපේ චින්තනය හා දේශපාලන අදහස් ආදි හැඟීම් පවසන්න. එවකට පැවැති තරුණ අසහනය පාදක කරගෙන භීෂණයට, දූෂණයට, අයුක්තියට එරෙහි හඬක් වෙන්න මට සුනිල් අලුත්ම ගීතාවලියක් ලියා දායකත්වය ලබා දුන් හින්දා 1987 ජුනි 26, 27, 28 දිනවලදී ලුම්බිණියෙන් ම ‘පවන’ ප්‍රසංගයත් ඇරැඹුවා. උණුසුම් ප්‍රතිචාර මැද අවුරුද්දක කාලයක් ඇතුළතදී ‘පවන’ ප්‍රසංගය දෙසිය පනස් වාරයක් පැවැත්වීමට අපට පුළුවන්කම ලැබුණා. හරියටම අවුරුද්දකට පසු 1988 ජුනි මාසයේ දිවා දර්ශන වාරයක් පවත්වා ‘පවන’ ප්‍රසංගයත් අවසන් කළා. එම ප්‍රසංගයත් සංයුක්ත තැටියකට ඇතුළත් වුණා.”
ඔබ ගැයූ ඔබේ පි‍්‍රයතම ගීත මොනවා ද?
”එහෙම ප්‍රශ්නයක් අහන එක අසාධාරණයි. මම ගයන හැම ගීතයකටම කැමැතියි. අකැමැති ගීත මම ගයන්නේ නැහැ. විවිධ කාලවකවානු අනුව සුදුසු ගීත මං ගායනා කරනවා. මා ගැයූ ‘අයන්න කියන්න’ ගීතයෙන් ලොකු ධර්මයක් දරුවන්ට කියා දෙනවා. තවත් උදාහරණ කියනවා නම් ‘මිරිවැඩි සඟලක්’ ගීතයෙන් මෙන්ම යුද්ධයක ඡායාවක්වත් නැති යුගයකදී මා ගැයූ ‘උඩඟු ලියන්’ ගීතයෙන් ද ස්පර්ශ කිරීමට හැකි වූ මානව හැඟීම් සමඟ ඒ ඒ කාල වකවානුවලදී හැම ගීතයක් ම මගේ පි‍්‍රයතම ගී බවට පත් වෙලා තියෙනවා.
ඔබ මෙතෙක් ගයා ඇති ගී පද රචනා වැඩි ගණනක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ගී සංකල්පනා වීමේ රහස කුමක්ද..?
”ඒ රහස වසර හතළිහක් අපි එකම මඟක පැමිණීමයි. එතුමාගේ ගී සංකල්පනය ප්‍රබලයි. ගුණාත්මකයි. මා ගායනා කර ඇති දහසක් පමණ වන ගීත අතර වෙනත් ගී පද රචකයින්ගේ ගී සංකල්පනා ඇත්තේ සියයක් පමණ විය යුතුයි. සුනිල් ආරියරත්නයන්ගේ ගීත කලාව තමයි මගේ ගීත කලාවට ලැබුණු ලොකුම දායකත්වය. එතුමාගේ මුල්ම ගී පද රචනය වූ ‘සකුරා මල් පිපිලා’ ගැයුවෙත් මමයි. එදා සිට අද වනතුරුත් අපි අපේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන එකම මඟක මේ සෞන්දර්ය චාරිකාවේ යෙදී සිටිනවා.”
ඔබේ ගීත සඳහා ඔබම සාර්ථක තනු නිර්මාණය කර ගත් ගායන ශිල්පිනියක ලෙසින් හැකියාව පෙන්නුම් කළ ඔබ අනිකුත් ගායක ගායිකාවන් උදෙසා තනු නිර්මාණය නොකළේ ඇයි...?
”කිහිප දෙනකුට නිර්මාණ කිහිපයක් කර දුන්නා. එමෙන්ම මා ගයන ‘මිහි මඬලේ’ – ‘සාරි පොඩිත්තක්’ – ‘සකුරා මල් පිපිලා’ වැනි ගී සියයක පමණ තනු නිර්මාණය කරගත්තේ මමමයි. ඒත් ගායනය මිස තනු නිර්මාණය මගේ කාර්යභාරය නොවේ - නේ. එම නිසා ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තිබුණේ නැහැ.
ඔබ පවත්වා ගෙන යන සංගීත ආශ්‍රමයෙන් වැඩිහිටියන්ට සුවිශේෂ පණිවිඩයක් ලබා දෙනවා නේ...?
”මගේ සංගීත ආශ්‍රමයෙන් දරුවන්ගේ මොළයට පෝෂ්‍යදායී කලාත්මක ආහාර සපයා දීමකුයි මම කරන්නේ. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයන්ට දක්ෂ නැති වුවත් බලෙන් හෝ තම දරුවන් එවැනි විෂයයන්ට යොමු කරන්න වැඩිහිටියන් වගබලා ගන්න ඕනේ. අපිට සෞන්දර්ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ යහපත් ආශ්‍රය ලැබුණු හින්දා තමයි අද මේ තරම් දුරක් මේ ගමන එන්න පුළුවන් වුණේ. අපේ දරුවන්ටත් අපි වර්තමානයේ සිටින දැවැන්ත සැබෑ සෞන්දර්යවේදීන්ගේ ඇසුර ලබා දුන්නොත් තමයි ඔවුන් යහපත් මිනිසුන් වී ප්‍රයෝජනවත් මෙහෙවරක් සමාජයට ඉටු කරන්නේ.”
දිළිඳු දැරියක, යුවතියක මෙන්ම අප්‍රමාණ දුක් ගැහැට වේදනා ඉසිලූ ගැහැනියක ද වශයෙන් ජීවිතයේ විවිධ කඩඉම් පසුකර ආ ගමන් මඟ පිළිබඳ අද ඔබට හැඟෙන්නේ කෙලෙස ද..?
”දරිද්‍රතාවයෙන් පෙළුණු දෙමව්පිය යුවළකගේ දරුවෙක් ලෙසින් සිට මේ දක්වා ආ ගමනේදී විඳි සියලුම දුක් ගැහැට මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. මගේ තාත්තා (වින්සන් පෙරේරා) කෝට් මැසූ ටේලර්වරයෙක්. අම්මා (එමලි පෙරේරා) සමඟ තාත්තා අප නව දෙනකුගෙන් යුතු පවුල ජීවත් කරවන්න විශාල වෙහෙසක් දැරුවා. තාත්තා හම්බ කරපු සුළු මුදලෙන් ණය නොවී අපව ජීවත් කරපු අයුරින් මම පාඩම් ඉගෙන ගත්තා. ආසාවට අයිස්ක්‍රීම් ඉලුල්වාම ‘අද මං ළඟ සල්ලි නැහැ’ කියා කෙළින්ම කියන්න තාත්තාට පුළුවන්කම තිබුණා. ඔහු බොරු මවාපෑම් කළේ නැහැ. අපිටත් කන්න නැතුව සිටිද්දී දවසක් ලේනුන් කාපු ගස්ලබු ගෙඩියක් දැකලා ඒක කඩා දෙන්න කීව්වාම තාත්තා කිව්වේ ‘කුරුල්ලන්ට තියමු’ කියලා. මං ඒ අපූර්ව පාඩම් ඉගෙන ගත්තේ ජීවන තක්සලාවෙන්. ඒ නිසා මා තුළ සිටින්නේ මගේ තාත්තාම විය යුතුයි.
අද මේ ගෙදර ලුණු කැටය පවා මම යහපත් කලාවකින් උපයා ගත්තේ. මම මගේ සංගීත ආශ්‍රමයේ පන්ති කරගෙන එයින් ලැබෙන දෙයින් සෑහීමට පත්වෙනවා.
මේ පුංචි දූපතේ ගැහැනියකට ඒක පුද්ගල ගීත ප්‍රසංග හතරක් මෙපමණ වාර ගණනක් කරන්න ලැබීමම ජයග්‍රහණයක්, ආශ්චර්යයක් කියලයි මට හැඟෙන්නේ.”
READ MORE - “ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!

‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා


‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා

ආනන්ද විද්‍යාලයේදී
ගීත රචක නිරිමාණ කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන ඔස්කා රිද්ම රැයක් විචිත්‍රවත් සංගීත සැඳෑව සැප්තැම්බර් 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
සංගීත් නිපුන් සනත් නන්දසිරි විශාරද නන්දා මාලනී, විශාරද අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, විශාරද සමිතා මුදුන්කොටුව සහ විශාරද නෙළු අධිකාරි යන ගායක ගායිකාවන්ගේ ගැයුමින් එදින ප්‍රසංගය වර්ණවත් වනු ඇත.
සමන්ත පෙරේරා සංගීතය මෙහෙයවනු ලබයි. නර්ථන වින්‍යාසය ජාතික තරුණ සේවා සභාවේ නර්ථන කණ්ඩායමෙනි.

Sarasaviya
READ MORE - ‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා

‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්....

Tuesday, August 14, 2012


2012 අගෝස්තු මස 05 14:57:22 | ලංකාදීප
රූකා, ලේඛා, රයිනි සහ වින්ඞ් ආයෙත් ලංකාවට ඇවිත්. රූකාගේ අලූත්ම ගීත එකතුව එළිදැක්වීම වෙනුවෙන් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමටයි. එය පැවැත්වෙන්නේ, මෙම 11 වෙනිදා රාත‍්‍රි 7 ට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදීයි. ආදරණීය රූකා හෙවත් රූකාන්ත ඇතුළු රූ පවුලේ සියලූදෙනා එක්ව කරන ප‍්‍රසංගයක් නැරඹීමේ නොතිත් ආසාවෙන් සිටින සංගීත රසකාමීන්ට මෙය සතුටටම කරුණක් විය හැකිය. රූකාන්ත - චන්ද්‍රලේඛා, රයිනි සහ වින්ඩි වායස කරන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය.

ගීත ප‍්‍රසංගය 11 වෙනිදා සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී..



එහි සිට කරන කියන සියල්ල ගැන මුලින්ම විස්තර අප විමසුවේ චන්ද්‍රලේඛා ගෙනි.
අවුරුද්දකට ඉස්සෙල්ලා අපි ලංකාවට ආවා. නමුත් ප‍්‍රසංගයක් කරන්නෙ 2009 න් පස්සෙයි. එහිදීත් ප‍්‍රසංග සහ සංගීත කටයුතුවල තමයි නිරතවෙලා ඉන්නෙ.
පසුගිය කාලයේදී යුරෝපයේදී ප‍්‍රසංග කීපයක් කළා. ඊට පස්සෙ දෝහා කටාර්වලදීත් ප‍්‍රසංග කීපයක් කළා. ඒ විදියට අපේ සංගීත කටයුතුවලට අමතරව දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙනවා.

නිව්යෝර්ක් ගෙවන ජීවිතය මොන වගේද?
ගොඩක් සුවදායකයි. නමුත් ඉතින් අධික වියදම්. මොකද ඇමෙරිකාවේ වියදම් අතින් ඉහළම තැන නිව්යෝර්ක් නගරයයි. නමුත් අපි මුලින්ම ගිහින් අපට හුරුවුනේ එතැන. ඒ නිසා නිව්යෝර්ක් දාල යන්න අමාරුයි වගේ.

කොහොමද දවස ගෙවෙන්නෙ?
උදේ අවදිවුනාම වින්ඩි පාසල් යවන්න ලෑස්ති කරවනවා. රූකාන්ත තමයි එයා එක්කගෙන යන්නෙ. රයිනිට එයාගේ උසස් අධ්‍යාපනය සඳහා වෙනත් ප‍්‍රාන්තයකට යන්න වෙනවා. ඒ නිසා එයා එහේ නේවාසිකව නතර වෙලා ඉන්නෙ. සති අන්තයේ එයා නිව්යෝර්ක් එනවා. උදේ වැඩ කටයුතු හමාර කළාට පස්සෙ මම ඉතිං ගෙදර වැඩ කරනවා. මෙහේ තියෙන සැම දෙයක්ම ඒෂියන් ෆුඞ් මාකට් එකෙන් ගන්න පුළුවනි. කරවිල, මඤ්ඤොක්කා පවා ඒ මාකට් එකේ තියෙනවා. ඉතින් ලංකාවේ විදියටම අපි කෑම පිළියෙළ කර ගන්නවා. ලංකාවේ ආධ්‍යාත්මය එක්ක මානසික හා ශාරීරිකව සුවයෙන් එහි සිට කාලය ගත කරමින් සිටිනවා. අපි හිටපු ගමන් නිව්යෝර්ක් නගරයේ හැඩ බලන්න යනවා. එය එක දවසකින් ගිහින් නිම කරන්න බැහැ.

දුවලා දෙන්නගෙ විස්තර මොනවද?
ලොකු දුව රයිනි ඩෙලවෙයාර් ස්ටේට් යුනිවර්සිටි එකේ උසස් අධ්‍යාපනය හදාරනවා. ගුවන් නියමුවරියක වීම ඇයගේ අපේක්ෂාව නිසා ඒ අංශයෙන් ඉගෙන ගන්නෙ. වින්ඩි නිව්යෝර්ක් සැට්න් අයිලන්ඞ්වල සුසෑන වැග්නර් උසස් පාසලේ ඉගෙනුම ලබන සිසුවියක්. වින්ඩිගෙ අරමුණ චර්ම රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වීමයි.

ලේඛා සිය පවුල ගැන ඒ විස්තර කියාගෙන යද්දී ඊළඟට අප යොමුවුණේ රූකා දෙසටයි. ලංකාවෙන් ඈත්වෙලා එහි ගෙවන ජීවිතය ගැන මුලින්ම ඔහු සඳහන් කළේ මේ විදියටයි.
”අවංකවම ඉතිං මම කැමති ලංකාවේ ජීවිතේ ගත කරන්න. ඒත් ඉතිං දෙමාපියන් ලෙස අපට වගකීමක් තියෙනවා. දරුවන්ගෙ අධ්‍යාපනය ගැන බලන්න. ඒ වගේම පවුලක් හැටියට අපි එකට සිටිය යුතු කාලයේදී ඊට අවංක වෙන්න  ඕනෑ. නැත්නම් අප කරන දේවල් අර්ථවත් වෙන්නෙ නැහැ.”

ඇයි ඔබ දෙදෙනා වගේ දුලා දෙන්නත් කලා ලෝකයේ තරු දෙකක් වෙනවට අකමැතිද?
”අපෝ මම හරිම ආසයි. අවංකවම කැමතියි. තරු නොවෙන්න අරමුණක් ඔවුනට නැහැ. ඔවුන් කැමතියි. ඒත් ශ්‍රී ලංකාවේ විතරක් නොවෙයි, මුළු ලෝකයේම අද ප‍්‍රවනතාවය වෙලා තියෙන්නෙ අධ්‍යාපනය සමග වෙනත් වෘත්තියක නියැලෙන අතරේ කලාව කිරීමයි. ලෝක ප‍්‍රකට තරු පවා තමුනට පෑහෙන ව්‍යාපාර හෝ කරගෙන යනවා.”

රූකා කොහොම වුනත් ඇමරිකාව කියන්නෙ හරි වේගවත් සමාජ වපසරියක් ඇති රටක්. ලංකාව වගේ සංස්කෘතික බැඳීම් සමග ජීවත්වූ ඔබගේ දියණියන්ට ඒ ඇමරිකානු පරිසරය ගැලපෙනවද?
”ඒක එච්චර ප‍්‍රශ්නයක් වුනේ නෑ. කුඩා කාලයේ ඉඳලාම, පවුලට ලැදිව, සමාජයට ලැදිව සිටින විදිය දරුවන්ට පුරුදු කළොත් එය ප‍්‍රශ්නයක් වෙන්නෙ නැහැ. නමුත් සීමාව ගැන වටහාදීම වැදගත්. මම හිතන්නෙ මේ දෙන්නා ඒ සියල්ල වටහාගෙන තමයි කටයුතු කරන්නෙ. කුඩ කල සිටම දරුවන් දැනුවත් කිරීම දෙමාපියන් සතු ප‍්‍රධාන වගකීමයි. එවිට එයාලා සීමාව වටහා ගන්නවා.

ඇයි මේ දෙන්නට රයිනි සහ වින්ඩි කියන නම් යෙදුවේ? ඒකට විශේෂත්වයක් තියෙනවද කියලත් කියන්න.
”රයිනි කියලා ලොකු දුවට නම දැම්මෙ ”වැස්ස” කියන අරුත හඟවන්නයි. රේන් කියන අදහසට රේනි කියනවාට වඩා නව තාලයට ගැලපෙන විදියට යොදාගත්තා. ඔන්න ඉතිං ඊළඟටත් දුවෙක් ඒවි කියලා ලේඛායි මමයි හිතුවෙ නැහැ. ඊළඟටත් දුවෙක් ආව නිසා වින්ඩි කියලා නම දැම්මා. වින්ඞ් කියන්නෙ සුළඟටනෙ. ඉතිං ඒක මොඩර්න් කරලා වින්ඩි කියලා නම දැම්මා. දැන් ඉතින් ”වැස්සයි x සුළඟයි” අතරට අපි දෙන්නා මැදිවෙලා.”
”රූකා තම දියණියන් දෙස බලමින් හිනාවෙවි එහෙම කිව්වා. රූකා මනකාන්ත රුකක් නම් ඒ රුක එළිය කරන චන්ද්‍රලෝකය වන්නේ චන්ද්‍රලේඛායි. ඒ දෙන්නට සිසිල දෙන්නෙ මේ වැස්සයි සුළඟයි තමයි. දුවලා දෙන්නෙක් වුනාට පුතාලා දෙන්නෙක් හදනවට වඩා අමාරු බව රූකා කිව්වා. මව් කුස සිටියදීම ප‍්‍රසංගවලට එයාලත් දායකවීම මේ දැඟලිල්ලට හේතුව හැටියට රූකා සඳහන් කළා. කොහොම වුනත් මේ දෙන්නගෙන් රයිනි වැස්ස වගේම ඉක්මනට කඳුළු පුරවා ගත්තත්, වින්ඩි සුළඟ වගේම එඩිතරව සියල්ලට පසුනොබා ජීවත්වන චරිතයක් බවත් රූකා තම දියණියන්ගෙ ස්වභාවය ගැන සඳහන් කරමින් කිව්වා.
මේ සියල්ල අතරේ ඇමරිකාවෙදි පසුගියදා මුහුණදුන් අනතුර ගැනත් රූකා අපට විස්තර කළා.
” ඇත්තටම එය අපේ වරදින් වෙච්ච අනතුරක් නොවෙයි. අපි දෙන්නා පදවාගෙන ගියේ සුරේෂ් කියන යාළුවට අයත් රථයක්. පිටුපසින් ආ රථය අපේ රථයේ ගැටී, අපේ රථය ඉදිරිපස රථයේ ගැටුණා. වා බැලූන ක්ෂණිකව ක‍්‍රියාත්මක වුණා. වාසනාවකට අපට ලොකු තුවාල නැතත්, අභ්‍යන්තර පරීක්ෂා කිරීම් සඳහා රෝහල් යන්න වුණා.
මේ විදියට රූකා ලේඛා රයිනි සහ වින්ඩිගේ හමුවට සමුදෙන්න කාලය ඇවිත්, මොකද 11 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන මේ ප‍්‍රසංගයේදී නව ගී සමග ගීත 30 ක් විතර ගයාවි. ඒ වගේම හතරදෙනාම තනි තනි වශයෙන් ගීතත් ගයාවි. සුරේෂ් මාලියද්ද ප‍්‍රමුඛ පිරිස සංගීතය සපයාවි. ඒ ප‍්‍රසංගය නැරඹීමට සූදානම් වන්න කියන ආරාධනය සමග මනරම් රූකා සහ සඳලේඛා මෙන්ම වැස්ස සහ සුළඟ වෙතින් නික්මෙන්නට අවසරයි.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



READ MORE - ‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්....

විරු තරු අද අවසන් සටනේ

Saturday, July 7, 2012

ඉහළ හරසර මැද සවිය මැන බැලූ

විරු තරු අද අවසන් සටනේ

අවසාන තරගය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

රණවිරුවන්ගේ ගායන කුසලතා ජාතික තලයට හඳුන්වා දුන් මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනාදරයට පත්වූ රියැලිටි ටී. වී වැඩසටහන වූ “රණවිරු රියල් ස්ටාර්” තරගාවලියේ දෙවැනි අදියරේ අවසාන තරගය ජූලි 06 (අද) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ජාතික රූපවාහිනියේ සජීවිකරණ දායකත්වයෙන් හා ඩයලොග් ආසිආටාහි පූර්ණ සවි බලයෙන් සංවිධාන කෙරෙන රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ගැන එහි නියමු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා දැක්වූ අදහස් මෙසේය.

l ලෝකයේ වෙනත් මිලිටරි රියැලිටි ටී.වී. වැඩසටහනක් පිළිබඳ ආදර්ශයක් නැති පසුබිමක හා දේශීය වශයෙන් මෙම මාදිලිය ගැන විවේචන පවතින අවස්ථාවක “රණවිරු රියල් ස්ටාර්” බිහිවූයේ කෙසේද ?
යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හැම කෙනෙක්ගෙම හිතේ තිබුණේ හමුදා සෙබළා කියන්නේ ඉතාමත් දැඩි හදවතක් තිබෙන සටන්කාමියෙක් කියලයි. ආරක්ෂක ලේකම්තුමාට මේ අදහස වෙනස් කරන්න අවශ්‍ය වුණා. ඔහු ඒ අවදියේ ආරම්භ කළ “අපි වෙනුවෙන් අපි” වැඩසටහන මෙම වැඩසටහනේ පූර්වගාමී කර්තව්‍යයක් විදිහට හැඳින්විය හැකියි.
“රණවිරු රියල් ස්ටාර්” වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව බිහිවූ වැඩසටහනක්. 2010 වසරේ එක්තරා සැන්දෑවක එතුමා හිටපු අතිරේක ලේකම් වික්‍රමසිංහ මහතාට, ඩයලොග් ආසිආටා සමාගමේ අධිපති ආචාර්ය හාන්ස් විජේසූරියට හා මට කතා කර මෙම අදහස ඉදිරිපත් කළා. ඩයලොග් සමාගම ඒ අදහස ඉත සිතින් පිළිගෙන අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වුවත් වික්‍රමසිංහ මහතාට ජාතික රූපවාහිනියට හා මට ආරක්ෂක ලේකම්තුමා බලාපොරොත්තු වූ දෙය ඒ ආකාරයෙන් ඉටු කිරීම විශාල අභියෝගයක් වුණා.
එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අපි 2010 ඔක්තෝ­්බර් මස පළමු අදියර ආරම්භ කළා. එහි අවසන් තරගය 2011 මැයි මස පැවත්වූවා. ආරම්භයේදීම අප අතර අදියර තුනක් යටතේ වැඩසටහන් තුනක් පවත්වන්න එකඟතාවාක් ඇතිවූවා. දෙවන අදියර 2011 ඔක්තෝබර් පටන්ගෙන එහි අවසන් අදියර අද මෙලෙස පැවැත්වෙනවා. මෙම තරගය අවසන් වූ වහාම තුන්වන පියවර සඳහා අයදුම්පත් කැඳවනවා.

l රණවිරු රියල් ස්ටාර් වැඩසටහන බලාපොරොත්තු වූ අරමුණ ජයගත් බව ඔබ විශ්වාස කරන්නේ කෙසේද ?
මෙම වැඩසටහන ආරම්භ වන විට එයට පෙර විවිධ ආකාරයේ රියැලිටි ටී.වී. වැඩසටහන් දොළහක් පමණ ක්‍රියාත්මක වෙමින් තිබුණා. නමුත් ඒවාට සම්බන්ධ වූයේ නළුනිළියන්, ක්‍රීඩකයන් හෝ ගායකයන්. මෙවැනි වැඩසටහනක් ගැන පූර්වාදර්ශයක් අන්තර්ජාතික වශයෙන් වත් තිබුණේ නැහැ. රූප මාධ්‍යයට මෙම අදහස ගෙන එන්නේ කොහොමද කියන එක ගැන ගැටලුවක් තිබුණා. නමුත් අපිට තිබුණ අභියෝගය ආරක්ෂක ලේකම්තුමාට තිබුණේ නැහැ. ඔහු අපිට කිව්වා මෙලෙස කරන්න එවිට දෙවන හෝ තෙවන වටයේදී අපි බලාපොරොත්තු වන විදිහට ඔවුන්ගේ ප්‍රසාංගික හැකියාවන් ඉදිරියට පැමිණෙයි කියලා.
පසුගිය තරගයේ ජයග්‍රාහකයන්ගේ නිර්මාණ ඇතුළත් කැසට් පටය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව
ඒ අභියෝගය අපි ජයගත්තා. පසුගිය වසරේ පැවැති රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී ලංකාවේ බිහි වූ නිර්මාණාත්මක රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන ලැබීම එයට එක සාක්ෂියක්. අනිත් සාධකය වන්නේ වැඩ සටහනට ලැබුණු කෙටි පණිවුඩ ප්‍රමාණයයි.
වෙනත් රියැලිටි වැඩසටහන්වලට මූලික වටවලදී ලැබුණු කෙටි පණිවුඩවල සාමාන්‍යය වන්නේ ලක්ෂ දෙකක්. අවසාන වැඩසටහන සඳහා ලක්ෂ 6 – 7 අතර අගයක්. නමුත් රණවිරු රියල් ස්ටාර් මූලික වටයේදී ලක්ෂ 9 ක පමණ එස්.එම්.එස්. ප්‍රමාණයක් ලැබුණු අතර අවසාන තරගයේදී මිලියන 2.2ක වාර්තාගත කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලැබුණා. අනික් වැඩසටහන්වලට මුළු කාලය ඇතුළතදීවත් ඊට ආසන්න විය හැකි මට්ටමක එස්.එම්.එස්. ප්‍රමාණයක් ලැබී නැහැ.

l සාමාන්‍යයෙන් රියැලිටි ටී.වී වැඩසටහනක දක්නට ලැබෙන නොඑකඟතාවයක් මෙම වැඩසටහනේ දකින්න නොලැබෙන්නේ ඇයි ?
මෙම වැඩසටහන අවසන් වීමෙන් පසුවද ඔවුන් නැවත තම සේවය රට වෙනුවෙන් ලබාදිය යුතුයි. ඒ නිසා හමුදා විනයට හානි වන පරිදි හැසිරීමට අපි මේ වැඩසටහනින් දිරි දෙන්නේ නැහැ. ජනප්‍රියත්වය සඳහා තරගකරුවන් හා විනිශ්චය මණ්ඩල සාමාජිකයන් අතර ඇතිවන සංවාද මේ වැඩසටහනේ නැත්තේ ඒ නිසයි. කමිසයක බොත්තම් නිසි ආකාරයෙන් පියවාගෙන සිටීම වැනි සුළු කරුණක් ගැන පවා අපි සැලකිලිමත් වෙනවා.

l ජයග්‍රහාකයන්ගේ කලා හැකියාවන් ඉදිරියට පවත්වාගෙන යන්න ඉඩක් තිබෙනවාද?
පසුගිය වර ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ජාතික මට්ටමේ හා ආරක්ෂක අංශයන්ගේ වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගීත එකතුකර කැසට් පටයක් නිකුත් කර තිබෙනවා. පසුගිය වර ජයග්‍ර­ාහකයන්ට හෙට (07) සිට ඔස්ට්‍රේලියාවේ නගර හතරක පැවැත්වෙන මසක සංදර්ශන චාරිකාවකට අවස්ථාව ලබාදී තිබෙනවා. එය සංවිධානය කරන්නේ එහි ශ්‍රී ලංකා තානාපති හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ මහතායි.

 

අසේල මනුකුලසූරිය

වයස - 33

ගම - නාරම්මල, දඹගිරිගම

මම නාරම්මල මහා විද්‍යාලයෙන් හා නක්කාවත්ත ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. යුද හමුදාවට සම්බන්ධ වූයේ උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන අතරතුරයි. මේ වන විට මම යුද හමුදාවට බැඳිලා වසර දාසයක් වෙනවා. විවාහකයි. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතා පළමු වසරේ ඉගෙන ගන්නවා.
මම යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක්. ඕගනය වාදනය කිරීමට මම වඩාත් කැමතියි. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදී ගායනය සඳහා පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණය ලබා තිබෙනවා. යුද්ධය පැවැති කාලයේදී යාපනය, කිලිනොච්චිය යනාදී සෑම ප්‍රදේශයකටම ගොස් ගායනයෙන් සම්බන්ධ වෙමින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමට දායකව තිබෙනවා. ඒ කාලයේදී යුද්ධය අවසන්ව අපේ දක්‍ෂතා මෙලෙස තරගයකින් එළි දක්වන්න පුළුවන් දවසක් එයි කියලා කිසි ලෙසකින්වත් හිතුවෙ නැහැ. ඒ නිසා වෙැනි අවස්ථාවක් ඇති කළ ආරක්ෂක ලේකම්තුමාට හා ජනාධිපතිතුමාට ස්තූති කරනවා.
මම රණවිරු රියල් ස්ටාර් මිෂන් 1 සහභාගි වුණත් මට ගමන් කළ හැකි වූයේ අවසන් 150 දක්වා පමණයි. මෙවර පසුගිය වසරට වැඩිය තරගකාරීත්වය ඉහළ ගොස් තිබියදී ඉදිරියට එන්න ලැබීම ගැන සතුටු වෙනවා.

ගයාන් අරුණප්‍රිය

වයස - 26

ගම - කුරුණෑගල, වාරියපොල

2005 වසරේදී සාමාන්‍ය වාදකයෙක් ලෙස නාවික හමුදාවට බැඳුණා. මං ඉගෙන ගත්තේ කුරුණෑගල ශ්‍රී සුනන්ද මහා විද්‍යාලයෙන්. මට නර්තනය හා සම්බන්ධ වූ පවුල් පසුබිමක් තිබෙනවා. පාදෙණිය මොරගොල්ලාගම පරම්පරාවේ සාමජිකයෙක් නිසා මට උඩරට නැටුම් වගේම පාරම්පරික වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවක් තිබෙනවා.
බෙර, දවුල්, තම්මැට්ටම වැනි වාද්‍ය භාණ්ඩ වගේම ඔක්ටපෑඩ් හා ඩ්‍රම්ස් වැනි බටහිර සංගීත භාණ්ඩත් වාදනය කරන්න පුළුවන්. රණවිරු ස්ටාර් පළමු තරගය ජයග්‍රහණය කළේ නාවික හමුදාවෙන් නිසා මගේ බලාපොරොත්තුව එම කිරුළ රැක ගැනීමයි.
මට මගේ සේනා විධායකයෙන් හා බළගණයෙන් විශාල සහයක් ලැබෙනවා.

අයෝමි පෙරේරා

වයස - 28

ගම – වාද්දුව

යුද හමුදාවට බැඳීම මගේ කුඩා කාලයේ සිට තිබුණු බලාපොරොත්තු ඉටුවීමක්. මට සහෝදරයන් නැහැ. සහෝදරියන් තිදෙනෙක් සිටිනවා. එයින් වැඩිමහල් දෙන්නා විවාහක යි. බාල නංගි ඉගෙන ගන්නවා. රට බේර ගන්න රණවිරුවන් කරන කැපවීම දැකලා ඒ වෙනුවෙන් අපේ පවුලෙන් කිසිවෙක් හෝ දායක විය යුතුය කියන අදහසින් මම 2009 දී හමුදාවට බැඳුණා.
යුද හමුදාව ගෞරවනීය වෘත්තියක්. මම එහි ඉංජිනේරු අංශයේ සෙබළියක් හැටියට සේවය කරනවා. යුද හමුදාවට බැෙඳන්න මට උදව් කළ මේජර් ජනරාල් වසන්ත කුමාරසිංහ මහතා හා ඉංජිනේරු බලකායේ මේජර් ජනරාල් මහින්ද අඹන්පොල, කර්නල් මහේෂ් පෙරේරා යන මහත්වරු දුන් ධෛර්යය අගය කරනවා.
පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවෙන් හා මෙතෝදිස්ත විදුහලින් මගේ ඉගෙනීමට හා කලා හැකියාවන් දියුණු කරන්න විශාල ශක්තියක් ලැබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු විශාරද කල්‍යාණි ධම්මිකා ගුරුතුමිය යටතේ ඉන්දීය රාගධාරී සංගීතය ඉගෙන ගත්තා.
පසුගිය වසරේ පැවැති ආරම්භක රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ඉදිරිපත් වුණත් මූලික වටවලදීම මට ඉවත් වන්නට සිදු වුණා. මෙවර අවසන් වටයට ඉදිරිපත් වන්නට ලැබීම අඛණ්ඩ උත්සාහය හා පුහුණුව නිසා ලැබුණ දෙයක්. මම අවිවාහකයි. තරගයේ දී මම ගායනා කළ ඇන්ජලීන්, ලතා, උරේෂා ගායිකාවන්ගේ ගීත වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ එකම බලාපොරොත්තුව මෙවර කුසලානය යුද හමුදාවට ලබා දීමට යි.


ඉමාලි පතිරණ

වයස - 29

ගම – ගලේවෙල, පහළ වැව

මම ගුවන් හමුදාවෙ කෝප්‍රල්වරියක් ලෙස සේවය කරනවා. හමුදාවට බැඳුණේ මෙයට වසර 8 කට පෙර 2004 අප්‍රේල්වලදී. ඉගෙන ගත්තේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන්.
බාල කාලයේ සිට සංගීතයට ඇල්මක් තිබුණු නිසා සා.පෙළ හා උසස් පෙළ දෙකටම සංගීතය හැදෑරුවා. විශ්වවිද්‍යාලයට තේරුණත් එහි නොගිහින් ගුවන් හමුදාවට බැඳුණා. ඒකට හේතුව මගේ අප්පච්චි. ඔහු වසර 21 ක් යාපනයේ පලෙයි ඇතුළු ක්‍රියාන්විත ප්‍රදේශ රැසක රාජකාරි කළා. ඔහු අපිට රට වෙනුවෙන් සේවය කිරීමේ වැදගත්කම කියලා දුන්නා. මමත් හමුදාවට බැඳුණේ ඒ අනුවයි.
මම විවාහකයි. ඔහුත් සේවය කරන්නේ ගුවන් හමුදාවෙ. වෙනත් රියැලිටි ටී.වී. වැඩසටහන්වලට සහභාගී වී නැති වුවත් මම පසුගිය වසරේ පැවැත්වූ රණවිරු රියල් ස්ටාර් වැඩසටහනටත් සහභාගි වුණා. එහිදී මට ගමන් කළ හැකි වුයේ අවසාන හැට දෙනා දක්වා පමණයි. ඒ නිසා මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවෙ නැහැ. මගේ ප්‍රියතම ගායිකාව චන්ද්‍රලේඛා පෙරේරා. ඇයගේ ගීත තුනක් මම තරගයට කිව්වා.

ක්‍රිෂාන් දුමින්ද රාජ්

වයස - 27

ගම – මතුගම, හොරවල

මම යුද හමුදාවෙ ලාන්ස් කෝප්‍රල්වරයෙක් වශයෙන් සේවය කරනවා. හමුදාවට බැඳුණේ 2010 වසරේ දී. මට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටිනවා. අවිවාහකයි.
යුද හමුදාවෙ තුන් දෙනෙක් රියල් ස්ටාර් කිරුළ අබියසට පැමිණ තිබෙනවා. ඒ නිසා මෙවර ජයග්‍රහණය යුද හමුදාවට ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. ඔවුන් අතරින් කවුරු ජයග්‍රාහකයා වුවත් කමක් නැහැ. අපේ අරමුණ යුද හමුදාවට කීර්තියක් ගෙන ඒමයි.
මම යුද හමුදාවට දායකත්වය ලබා දෙන්නේ තූ®ර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසයි. සංගීතය පාසල් අධ්‍යාපනයෙන් පසුත් විෂයක් ලෙස හැදෑරුවා. වාද්‍ය හා ගායන විශාරද නන්දා පෙරේරා මහත්මිය මගේ ගුරුතුමියයි. ඇය යටතේ මම ගායන විශාරද උපාධියේ I හා II කොටස් ඇතුළුව මුළුමනින්ම සම්පූර්ණ කර තිබෙනවා.
මෙයට පෙර මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් හා රණවිරු ස්ටාර් තරග වලට තරගකර අවසන් විසි හතර දෙනා අතරට පැමිණ තිබෙනවා. ගියවර මට තරගයෙන් ඉවත් වීමට සිදු වූෙ ය් අසනීප තත්ත්වය නිසයි. ශාස්ත්‍රිය ගායනයන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණ නිසා අවසන් තරගයේ දී එවැනි ගායන කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
.Dinamina
READ MORE - විරු තරු අද අවසන් සටනේ