අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
President Reviews CBSL Salary Hike Decision - In a country where the average monthly household income is modest, the CBSL staff’s proposed salary hike surprises many. President Ranil Wickremesinghe, al...4 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්‌කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...8 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...10 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...11 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...14 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...15 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...16 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...16 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.16 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"8 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස9 years ago
-
-
#10 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස12 years ago
-
ආදරය විදින්න..........13 years ago
-
අපේ ලෝකය....13 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...8 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
Friday, April 18, 2014සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:40 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි
මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි
www.Sarasaviya.lk
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:36 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ
Friday, November 15, 2013
සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 2:09 PM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
ඇය සෙනාලි
Tuesday, June 18, 2013
එංගලන්තයේ හිටපු නිසා මගේ රංගනය ගැන සැකයක් සෝමේ අංකල්ට තිබුණා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:07 PM 0 comments
Labels: Gossip, චිත්‍රපටිය
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ
Sunday, April 28, 2013
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:55 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
නිසි වෙලාවට ඒක සිද්ධවේවි
නිසි වෙලාවට ඒක සිද්ධවේවි
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:51 AM 0 comments
Labels: Gossip, චිත්‍රපටිය
පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්
Monday, April 1, 2013
පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්
එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. එම ලිපිය පළවූ ‘පියවර’ සඟරාව එකී විශ්ව විද්‍යාලයයේ ප්‍රකාශනයකි.
ඊට පසු පතිරාජ ‘තේමාව, දෘශ්‍ය රූප හා මිනිසා සහ කපුටා’ (සමකාලීන සිනමාව 1970) ‘තුංමංහංදිය’ (සරසවිය 1970 නොවැම්බර් 12) ‘මෙහෙයවීම’ (‘කෙටි චිත්‍රපට’ සඟරාව) යනාදි වශයෙන් සිනමාව අළලා ලිපි කීපයක්ම ලියා ඇත. ඉන් ලිපි දෙකක් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයත් ‘තුංමංහංදිය’ චිත්‍රපටයත් පිළිබඳ විචාර වන අතර අනිත් ලිපිය කෙටි චිත්‍රපට කලාව ගැන ලියැවුණකි.
පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ ‘සතුරෝ’ (1970) නම් වූ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. ඒ වන විට ලෝක සිනමාවේ නොයෙක් ප්‍රවණතා සිදුව තිබිණි. 1958 - 59 කාලයේ ඇරැඹුණු ප්‍රංශ නවරැල්ල (NEW WAVE) ඒ වන විට නිම වී තිබුණු අතර බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ (CINEMA NOVO) නම් වූ සිනමා ව්‍යාපාරය ආරම්භව එහි වර්ධිත අවස්ථාවක පැවතුණේය.
ඉන්දියාවේ සමාන්තර සිනමාවක් (PARALLEL CINEMA) බිහිවෙමින් තිබිණි. මේ සිනමා ව්‍යාපාරවලට අයත් ඇතැම් චිත්‍රපට පතිරාජට දක්නට ලැබුණු අතර අවම වශයෙන් එකී චිත්‍රපට ගැන පළවූ විචාරාත්මක ලිපි ඔහුට කියවන්ට ලැබුණේය.
ප්‍රංශ නවරැල්ල පතිරාජගේ සිනමා භාවිතය කෙරෙහි නොමඳ බලපෑමක් ඇතිකළ සිනමා ප්‍රවේගයකි. ‘ශ්‍රී ලංකන් සිනමා’ යන නමින් ජෙෆ් බර්ටන් ඕස්ට්‍රේලියාවේ පළවන ‘සිනමා පේපර්ස්’ නම්වූ සඟරාවට ලියු ලිපියේදී පතිරාජ තමන්ට දකින්නට ලැබුණු ප්‍රංශ නවරැල්ලට අයත් ඇලන් රෙනේ ගේ ‘ලාස්ට් ඉයර් ඉන් මාරියන්බාද්’ නමැති චිත්‍රපටය තම සිතේ සන්ත්‍රාසයක් ඇතිකළ බව කියා ඇත. (ඉහත ලිපිය 1978 පළවූ ‘සිනමානුරූප’ නම් වූ සඟරාවේ පරිවර්තනය කොට පළකර ඇත)
ශොන් ලූක් ගොඩාඩ්ගේ ‘බ්‍රෙත්ලස්’ වැනි චිත්‍රපටයකත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ වැනි චිත්‍රපටයකත් කිසියම් සමානකමක් දැක්ක හැකිය. ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයට වස්තු විෂයය වූයේ ප්‍රංශ සමාජයේ නන්නත්තාර තාරුණ්‍යයයි. මෙහි ශොන් පෝල් බෙල්මොන්ඩෝ රඟපාන මිෂෙල්ගේ චරිතයත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය රඟපාන විජේගේ චරිතයත් අපට සංසන්දනය කළ හැකිය.
කලංසූරියගේ රංගනයත් ඔහුගේ බාහිර හැඩරුවත් බොහෝ දුරට බෙල්මොන්ඩෝ ගේ රංගනයට හා බාහිර හැඩරුවට සමරූපී වූයේය. එහෙත් වරක් කලංසූරිය මා සමඟ ඉතාම අවංකව කියා සිටියේ තමා බෙල්මොන්ඩෝගේ රඟපෑම් කිසිවක් දැක නැති බවයි.
ආසියා, අප්‍රිකා හා ලතින් අමෙරිකානු වැනි තුන්වැනි ලෝකයේ රටවල විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල දේශපාලන සිනමා ව්‍යාපාරය ආරම්භ වූයේ හැටේ දශකයේදීය. එහි පුරෝගාමි අවස්ථාවක් බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ නම් වූ ව්‍යාපාරය සනිටුහන් කරයි. නෙල්සන් පෙරෙයිරා ඩොස් සන්ටොස්ගේ ’VIDAS SECAS’ (1962) රුයි ගුඒරාගේ ‘OS FUZIS’ (1963) ග්ලෝබර් රෝෂාගේ ‘BLACK GOD, WHITE DEVIL’ (1964) යන චිත්‍රපට මෙම සිනමා ව්‍යාපාරයේ පැහැදිලි නියෝජනයන්ය.
ඉහත සඳහන් චිත්‍රපට පතිරාජට අපේ රටේ දී දක්නට නොලැබුණා යැයි සිතිය හැකි වුවත් ඔහු සතු ඉංගිරිසි දැනුම මත එක් සිනමාකරුවන් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන රචිත ලිපි කියවීමට අවස්ථාවක් ලැබුණේ යැයි උපකල්පනය කළ හැකිය. 1970 පමණ වන විට බ්‍රෙසීල සිනමාව ගැන විශේෂයෙන් ග්ලෝබර් රෝෂා ගැන සිංහලෙන් පවා ලිපි පළ වූයේය.
පියසිරි නාගහවත්ත ලියු ‘සිනමා සටහන්’ නම් වූ ග්‍රන්ථයේ බ්‍රෙසීල සිනමාව ගැනත් රෝෂා ගැනත් සඳහන් වෙයි. එසේම 1971 දී පළවූ ‘සමකාලීන සිනමාව‘ නම් වූ සඟරාවේ ‘ග්ලෝබ් රෝකාගේ ‘ඔළු හතේ සිංහයා කල්ලන්ගේ විප්ලවයේ ප්‍රතිමූර්තියකි’ නමින් පරිවර්තන ලිපියක් පළවී තිබේ.
ආර්ජෙන්ටිනාවේ ෆර්නැන්ඩු සොලනාස්, ඔක්ටාවියෝ ගෙටීනෝ, බොලිවියාවේ ජෝර්ජ් සන්ජින්ස්, චිලියේ මැනුවෙල් ලීටින්, කියුබාවේ ජුලියා ගාර්ෂියා එස්පිනෝසා, මැනුවෙල් ඔක්ටාවියෝ ගෝමස්, තෝමස් ගුතිරෙස් අලියා, හම්බර්ටෝ සොලාස්, සන්තියාගෝ අල්වා රේස්, ඇල්ෆ‍්‍රඩ් ගුඒරා වැනි සිනමාකරුවන් ගැන ද පතිරාජ නොදැනුවත්ව සිටියා යැයි සිතිය හැකි ද?
එකී සාකච්ඡාවේදී පතිරාජ සොලනාස්ගේ ඉහත උද්ධෘතය ගෙනහැර පායි. ස්පාඤ්ඤයේ ලුවිස් බුනුයෙල්ගේ සිනමාව ද හැත්තෑව දශකයේ දී මෙරට සිනමා ලේඛකයන්ගේ අවධානය දිනාගත්තකි. ඔහුගේ ‘ලොස් ඔල්විදාදෝස්’ (LOS OLVIDADOS) වැනි චිත්‍රපටයක් අපට සිහිපත් කරවන්නේ පතිරාජගේ ‘අහස් ගව්වයි.’ ඊටත් වඩා ඔහුගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයයි. රැකියා විරහිත නන්නත්තාර ගැටවරයන් ප්‍රචණ්ඩත්ව ගොදුරු වන ආකාරය ‘ලොස් ඔලිවිදාදෝස්’ චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙයි.
තුන්වැනි ලෝකයේ රටවලින් අප්‍රිකාව ගැන කතා කරද්දි අපට විශේෂයෙන් සිහිපත් වන්නේ සෙම්බෙනේ උස්මාන්ගේ සිනමාවය. සෙම්බේනේ අප්‍රිකානු සිනමාවේ (විශේෂයෙන් සෙනගාල් සිනමාවේ) පියා ලෙස සැලකෙන්නෙකි. ඔහු සිනමාකරණයට එළැඹෙන්නේ හැටේ දශකය මැද භාගයේදී පමණය. එසේ වුවත් සෙම්බේනේ ගේ චිත්‍රපට පතිරාජ කෙරෙහි බලපෑ බවක් පෙනී නොයයි.
ඉන්දීය සමාන්තර සිනමාවක ආරම්භය සිදුවන්නේ 1969 දීය. විශේෂයෙන් ඉන්දීය චිත්‍රපට මූල්‍ය සංස්ථාවේ ආයෝජනයෙන් එම වසරේ බිහිවූ චිත්‍රපට තුනක් සමඟය. ඒ චිත්‍රපට තුන නම් ම්‍රිනාල් සෙන්ගේ ‘BHUVAN SHOME’ (බූවාන් ශෝමේ), මනි කවුල්ගේ ‘USKI ROTI’ (උස්කි රොටී) හා බාසු චැටර්ජිගේ ‘SARA AKASH’ (සාරා ආකාශ්) ය. මෙයින් ම්‍රිනාල් සෙන් ඉන්දිය මහා සිනමාකරු වූ සත්‍යජිත් රායිට විකල්ප වූ සිනමා මඟක් අනුගමනය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය.
ඔහුගේ කල්කටා ත්‍රිත්වය INTERVIEW, (ඉන්ටවීව්) CULCATTA 71’ (කල්කටා 71’) සහ PADATIK (පදතික්) සමඟ පතිරාජගේ චිත්‍රපට සැසඳීම වැදගත්ය. එයිනුත් ‘ඉන්ටර්වීව්’ චිත්‍රපටයේත් පතිරාජගේ ‘සතුරෝ’ නම් වූ කෙටි චිත්‍රපටයේත් අත්දැකීම එක හා සමානය. (‘ඉන්ටර්වීව්’ චිත්‍රපටය හැත්තෑව දශකය මුලදී පමණ මෙරට චිත්‍රපට විචාරක සංගමය සංවිධානය කළ අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී තිරගත විය.)
රිත්වික් ඝටක් ගේ චිත්‍රපට පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වූ මුල් අවදියේ දැක තිබුණා ද යන්න සැක සහිතය. එහෙත් ඝටක්ගේ ‘නාගරික්’(NAGARIK) වැනි චිත්‍රපටයක වස්තු විෂයයත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටයේ වස්තු විෂයයත් අතර යම් යම් සම ලක්ෂණ දක්නා ලැබේ. ‘නාගරික් චිත්‍රපටයේ කතා නායකයා ද රැකියා විරහිත තරුණයෙකි. සිනමාව හා දේශපාලනය’ හා සම්බන්ධයෙන් රිත්වික් ඝටක් සතු චින්තනයත් පතිරාජ සතු චින්තනයත් අතර ඇත්තේ ද දෘඪ සමීපත්වයකි. ඝටක් මෙසේ කියා ඇත.
“සටන් පාඨ කීම හෝ විසඳුම් ඉදිරිපත් කිරීම මගේ කාර්ය නොවේ. ප්‍රශ්නයේ යථා තත්ත්වය ඉදිරිපත් කිරීමත් ඒ ගැන සිතීමට සැලැස්වීමත් මම සිතන්නේ වැදගත්.” පහත එන්නේ ඊට ම සමාන වූ පතිරාජගේ කියුමකි. “මිනිසුන්ගේ සිත්සතන් වෙනස් කිරීමට මගේ අභිලාෂයක් නැහැ. මට මිනිසුන්ට දෙන්න පණිවුඩයක් නැහැ. දැනට පවතින නොයෙක් නොයෙක් ප්‍රශ්න, තත්ත්ව ගැන සාකච්ඡා පමණයි මට අවශ්‍ය.” (‘සිනමා පේපර්ස්’ සඟරාව)
පතිරාජ පසු කලෙක ඉන්දීය සිනමාව කෙරෙහි කෙතරම් විෂයාශක්ත වී ද කිවහොත් ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා මාතෘකා කොට ගත්තේ බෙංගාලි සිනමාවය. විශේෂයෙන් එම සිනමාව නියෝජනය කරන සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් හා ම්‍රිනාල් සෙන්ගේ සිනමාවය. පතිරාජ මෑතදී මහාචාර්ය ආරිය රාජකරුණා අභිනන්දන ග්‍රන්ථයට ලියු දීර්ඝ ලිපිය ද ඉන්දීය සිනමාව පාදක කර ගත්තකි. එම ලිපියේ මාතෘකාව මෙපරිදිය. ‘INDIANITY AND MODES OF REALISM AND MELO DRAMA IN INDIAN FILMS’.
හැත්තෑව දශකය වන විට තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ ද නව සිනමාවක් මතුවී ආවේය. ලිෆෝ බ්‍රෝකා හා ඉස්මයිල් බර්නාල් යන දෙදෙනා නියෝජනය කළේ එකී නව සිනමාවයි. එහෙත් ඔවුන්ගේ චිත්‍රපට මෙරටදී දක්නට අවස්ථා නොලැබිණි. හොලිවුඩ් සිනමාවේ ස්වාධීන මඟක් ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කීප දෙනාගෙන් කෙනකු වන ජෝන් ෂෙල්සිංගර් නිර්මාණය කළ ‘මිඩ් නයිට් කව්බෝයි’ (MID NIGHT COWBOY) නමැති චිත්‍රපටයේත් පතිරාජගේ ‘අහස් ගව්වෙත්’ යම් යම් සමානතා කිසියම් විචාරකයකුට දැක්ක හැකිය.
එහි ඩස්ටින් හොෆ්මාන් හා ජෝන් වොයිට් රඟපාන චරිත දෙකත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා රඟපාන චරිත දෙකත් අතර කිසියම් සාම්‍යයක් පවතී. එම චරිත දෙකම විරක්ෂාභාවයට පත් චරිතය. ඔවුන් මුහුණ දෙන්නේ ද එකබඳු අත්දැකීම් වලියකටය. ඉහත සාධක ඔස්සේ මා පෙන්වා දීමට උත්සාහ දැරුවේ ධර්මසේන පතිරාජ එකී විදේශීය චිත්‍රපට අනුකරණය කළ බව නොව ඇතැම් විට නිර්මාණ ආභාසයක් ලත් බවය. ඔහු එබඳු චිත්‍රපට දැක නොතිබුණත් එම චිත්‍රපට ගැන පළවු විචාර ලිපි ඔස්සේ ඒවායින් පෝෂණයක් ලද බවය.
තමා නරඹන හෝ කියවන හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂවරයකුගේ විඥානයේ රැඳී පවතී. ඔහු නිර්මාණයක් කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව එම චිත්‍රපට ඔහු කෙරෙහි සෘජුව හෝ වක්‍රව බලපායි. මතැන සිදුව ඇත්තේද එවැන්නකි.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:07 PM 0 comments
Labels: චිත්‍රපටිය
චිත්රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ
චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ
දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්‍රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව.
නමුත් අපි හිතුවා අපේ චිත්‍රපටවලට තිබෙන ඉල්ලුම නිසා අපි එකවර ලංකාව පුරාම ආවරණය වන විදියට, ලංකාවේ දුර බැහැර සිටින ප්‍රේක්ෂකයාටත් සාධාරණයක් වන විදියට අපේ පිටපත් දුර බැහැර ප්‍රදේශවලටත් මුදා හැරිය යුතුයි කියලා.
ඒක අපි ගන්න අවදානමක්. අපි වැඩිපුර පිටපත් ගහනවා කියන්නේ වැඩිපුර වියදම් කිරීමක්. එක පිටපතකට ලක්ෂ දෙකහමාරක් විතර අපි වැඩිපුර වියදම් කරනවා. එහෙම ගහල පිටපත් වැඩිපුර දුන්නම
ඒ වගේම තමයි සිනමාව අර්බුදයකට මුහුණ දීලා තිබුණා 90 දශකයේ සහ 2000 මුල හරියෙදි. සිනමා ශාලා වැහෙන්න ගත්තා. සිනමා ශාලාවලට මිනිස්සු ආවේ නෑ. සිනමාව ප්‍රතික්ෂේප වෙමින් පැවතුණා.
ඔවුන්ට රසවිඳින්න පුළුවන් චිත්‍රපට ප්‍රමාණවත් ලෙසින් නිෂ්පාදනය නොවුණු නිසයි එහෙම වුණේ. නමුත් මගේ චිත්‍රපට රැල්ල ආවට පස්සේ මම තනිකරලා කතා කරනවා නෙමෙයි.
මගේ චිත්‍රපට සමඟ තවත් ආකර්ෂණීය චිත්‍රපට හදපු නිර්මාණ කරුවෝ පිරිසක් හිටියා. අන්න ඔවුන්ගේ චිත්‍රපට බලන්න ප්‍රේකෂකයෝ ආපසු සිනමා ශාලාවලට එන්න පටන් ගත්තා. එතකොට අර වහල තිබුණ චිත්‍රපට ශාලා ඇරියා. අලුතින් සිනමා ශාලා පටන් ගත්තා.
සිනමාවේ ප්‍රබෝධයක් ඇතිවුණා. අපේ චිත්‍රපටවලට සෙනඟ ආකර්ෂණය වෙනකොට, බෙදා හැරීමේ සිනමා මණ්ඩල අපේ චිත්‍රපට ඉල්ලනකොට ආකර්ෂණයක් නොමැති චිත්‍රපට හදන අයට පොඩි මදි පාඩුවක් වෙනවා.
ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට අපි ලක්වෙනවා. ඒ නිසා ඔවුන් තමයි එකතුවෙලා නීතියක් ගේන්නේ ජනපි‍්‍රය චිත්‍රපටවල පිටපත් ගාණ සීමා කළ යුතුයි කියලා.
ඔවුන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සහ අනෙකුත් බලධාරින් කැමැති කරවාගෙන තීරණයකට ආවා. මුලින් සභාපති අපෙන් විමසා සිටියා මේ ගැන. අපි ඒකට කොහෙත්ම කැමැති වුණේ නෑ. නමුත් සභාපති ඒකපාර්ශ්වීයව කන්දීමෙන් ඒ තීන්දුව ගත්තා. දැන් අපි කියා සිටින්නේ මේ පිටපත් 35 සීමාව කියන්නේ අර ප්‍රබෝධයෙන් නැඟී සිටි සිනමාව යළි පරිහානිය කරා යොමු කිරීමක් කියලයි. මම කියනව විතරක් නොවෙයි මට ඒක සනාථ කරන්නත් පුළුවන් ඒක එහෙම වෙනවයි කියලා.
* නමුත් ඔබට ප්‍රතිවිරුද්ධ අදහස් දරන බහුතරයක් කියා සිටින්නේ පිටපත් 50 සීමාවට ගියොත් මෙය කිහිපදෙනෙකුට පමණක් සීමාවෙනවා. චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම දික්වෙනවා. එවැනි විශාල පිටපත් ප්‍රමාණයක් නිකුත් කරන්නට ප්‍රමාණවත් සිනමා ශාලා අපට නැති නිසා බහුතරයක් සිනමා නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන බවයි.
පෝලිම දික්වෙනවා කියන්නේ දැනට අවුරුදු ගණනාවකට පෙර හදපු චිත්‍රපට තවමත් ප්‍රදර්ශනය නොවීම නිසානේ. අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ කියලා. මම චිත්‍රපටයක් හදලා සිනමා ශාලාවකට හෝ මණ්ඩලයට දෙන්නත් ඔවුන් ඒක ගන්නත්, අර අනෙක් කෙනාගේ චිත්‍රපටය නොගන්නත් හේතුව මොකක් ද? ඒ චිත්‍රපටයේ අන්තර්ගතයේ තිබෙන කුමක් හෝ අඩුපාඩුවක් වෙන්න පුළුවන්.
දුර්වල, අවර ගණයේ, මහජන ඉල්ලුමක් නැති නිර්මාණ හදපුවම කාගේද වැරැද්ද? ඒක විකිණෙන්නේ නැතිකොට අර විකිණෙන බඩුහදපු නිර්මාණකරුවද වැරදි? අපි කියලා නෑනේ කාටවත් හොඳ චිත්‍රපට හදන්න එපා. ජනපි‍්‍රය චිත්‍රපට හදන්න එපා කියලා. ඕන කෙනෙකුට විවෘතයි. මේක තරගයක්.
මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාවක්. අපි කියන්නේ නෑ අහවල් අයගේ චිත්‍රපටවලට වැඩි සැලකිලි දෙන්න කියලා. අපි කියන්නේ සමස්තයක් හැටියට විවෘතව තියන්න. කැමැති කෙනෙක් ආකර්ෂණීය චිත්‍රපට හදන්න. තමන්ගේ චිත්‍රපටයට ආකර්ෂණයක් තිබෙනවා නම් ඒක යනවා. දුවන්නේ නැතිනම් ඒකට වෙන කරන්න දෙයක්නෑ. ඒක ඒ අයගේ අසාර්ථකත්වය.
* එතකොට මේ ප්‍රශ්නය නිසා වසරකට ප්‍රදර්ශනය වන චිත්‍රපට ප්‍රමාණය සීමා සහිත වීම සහ පෝලිම දිග්ගැසීම ගැන ඔබ මොනවද කියන්නේ?
පෝලිම දිග්ගැස්සවීමේ ප්‍රශ්නයක් තාම වෙලා නෑ. අපි 2000 දශකය ගත්තොත් මේ ටිකට ජනපි‍්‍රයයි කියන බැඳගෙන දුවන, දින සියය ඉක්මවන, පිටපත් 35 ට වැඩිය මුද්‍රණය කරන මෙවැනි චිත්‍රපට අවුරුද්දට එකක් නැතිනම් දෙකක් හැදෙන්නේ. දවස් 365 ක් අවුරුද්දට තිබෙනවා. අපිට සිනමා ශාලා එකසිය පනස් ගණනක් තිබෙනවා. එකසිය පනස් ගණනේම දවස් තුන්සිය හැටපහේම ඔය කියන ජනපි‍්‍රය චිත්‍රපට දුවන්නේ නෑ. ඒ අතරතුර ඉඩ තිබෙනවා. ඒ ඉඩතියෙන තැන්වලට ඔවුන්ට යන්න පුළුවන්.
* ඔය කියන අර්බුදයට තමයි චිත්‍රපට සංස්ථාව සහ ඔබ අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වුණේ?
ඔව්. ඔය චක්‍රලේඛය පිට කරන්නේ සභාපතිගේ අස්සනින්. අපි දන්නේ නෑ ඒක කාගේ යෝජනාවක් ද කොහෙන් පටන් ගත්තද කියලා. සභාපතිගේ අස්සනින් චක්‍රලේඛයක් යවනකොට අපි ඇඟිල්ල දික් කරන්නේ සභාපතිට. අපි ඔහුට එහි ආදීනව පැහැදිලි කරලා මේක කරන්න එපා කියලා කිවුවා.
ඊට කලින් පහුගිය අගෝස්තු මාසේ එයා දැන්වීමක් දාලා පුවත්පත්වල තිබුණ මෙහෙම කරන්න අදහසක් තිබෙනවා. අදහස් දක්වන්න කියලා. අපි ඒකටත් අදහස් දැක්වූවා. මම සිනමා නිර්මාණ සංසදයේ සභාපති හැටියට අදහස් දැක්වුවා. සිනමා මණ්ඩල පහෙන් හතරක් ම අදහස් දක්වලා තිබුණා. මේක කරන්න එපා කියලා.
ඒ කිසි කෙනෙකුට කන්දීමක් කරලා නෑ. එයා කන්දීලා තියෙන්නේ ආකර්ෂණීය නොවන චිත්‍රපට හදන පිරිසකට පමණයි. මම කියන්නේ වර්තමාන සභාපතිතුමාගේ මේ චක්‍රලේඛය නිසා සිනමාවට සිදුවන්නේ අයහපතක් බවයි. අපේ රටේ ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා මේ නිසා.
* චිත්‍රපට සංස්ථා සභාපතිවරයා සහ ඔබ දැන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ මතවල. නමුත් ඔය සභාපතිවරයා පත්කරන්නටත් ඔබලාම නේද මහන්සි වුණේ?
අපේ දේශපාලන ජයග්‍රහණය පසුව එක එක්කෙනා තනතුරු ඉල්ලා සිටියා. නමුත් මගේ එහෙම ඉල්ලීමක් තිබුණේ නෑ. මම වැඩ කලේ රටේ පොදු යහපත තකා. මට දුන්න තනතුරුත් මම ප්‍රතික්ෂේප කළා. නමුත් සමහරු තනතුරු බලාපොරොත්තු වුණා. එහෙම බලාපොරොත්තු වන විට ඒවාට සුදුසුයැයි කියලා හිතෙන අය අපි නිර්දේශ කළා. අසෝක සේරසිංහ මහතාත් එවැනි නිර්දේශයක්.
ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. සිනමාවට කෙසේ වෙතත් වේදිකා නාට්‍යවලට හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. අපිට හිතුණා ඔහු නිර්දේශ කළ යුතුයි කියලා. ඒ නිසා අපි දුන්න ලැයිස්තුවේ චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට ඔහුගේ නම අපි නිර්දේශ කළා. නමුත් අද අපිට පේනවා ඔහු සිනමා ක්ෂේත්‍රයේ පරිහානියට වැඩ කරනවා. ඔහු ඒ තනතුරට, නායකත්වයට සුදුසු කෙනෙක් නොවෙයි කියලා.
* ඉදිරියට චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ පිළිවෙළට නේද?
රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිළිවෙළට පෙන්වන්න කියලා චිත්‍රපට සංස්ථාව නියෝගයක් කළාට සභාපතිවරයා දන්නම දෙයක් තමයි චිත්‍රපට බෙදාහැරීම පුද්ගලීකරණය වී තිබීම. ඒ නිසා රජයට බලපෑම් කරන්න බෑ පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලට ඔබලා මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියලා.
* ඔබ පෝලිමෙන් පනිනවා කියලා තමයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ?
පෝලිමෙන් පනින්න පෝලිමක් තියෙන්න එපායැ. පෝලිමක් කියලා එකක් නෑ මේ ක්‍රමයට. චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලීකරණය කරලා නිසා අපි පෞද්ගලික මණ්ඩලයට ගිහින් අපි කතා කරලා අපේ චිත්‍රපටය ගැන කියලා මේ වකවානුවේ අපිට ප්‍රදර්ශනය කරන්න ඕන ඔබට පුළුවන්ද? කියලා අහලා බලලා තමයි අපි නිර්මාණය කරන්නේ.
ඒ අංශයේ අයිතියක් තමයි පුළුවන්ද බැරිද කියලා කියන්න. ඒක මට විතරක් සීමා වුණ දෙයක් නොවෙයි. ඕනම නිර්මාණකරුවකුට එසේ පෞද්ගලික මණ්ඩලයට ගිහින් කතා කරලා තමන්ගේ චිත්‍රපටය දාගන්න පුළුවන්. එතකොට ඒ ගොල්ල ඇවිත් චිත්‍රපටය බලනවා. බලලා තීරණය කරනවා ගන්නවද නැත්ද කියලා. සමහර ඒවා ප්‍රතික්ෂේප වුණාම කාගෙද වැරැද්ද?
* ඔවුන් කියන්නේ සියලු දෙනාටම පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලයි.
ඔව්. එහෙම තිබිය යුතුයි තමයි. එහෙම තියෙන්න නම් පළමුවෙන්ම කරන්න ඕන පෞද්ගලීකරණය අයින් කළ යුතුයි. එහෙම කරල සියලුම සිනමා ශාලා රජයේ පාලනයට ගත යුතුයි. දැන් එතකොට ආණ්ඩුවේ නීතිය මේකයි කියලා කිව හැකියි. එහෙම කමක් නෑ. රජයේ එවැනි නීතියක් තිබෙනවා නම් අපි ඒකට බැඳී සිටිය යුතුයි.
* මේ ප්‍රශ්නෙදි ඔබ වතාවක් පුවත්පත්වලට කියලා තිබුණ පිටපත් 35 ට සීමා කළොත් ඔබ සිනමාවෙන් අයින් වෙනවා කියලා. දැන් චිත්‍රපට සංස්ථාව එය ක්‍රියාත්මක කරනවා. කියූ පරිදිම ඔබ සිනමාවෙන් ඉවත් වෙනවද?
ඒක මගේ මේ චණ්ඩිකමකටවත් කාටවත් පාඩමක් උගන්වන්නවත් කරපු එකක් නෙමෙයි. මම අයින්වෙන්නේ මට මේ පිටපත් 35 සීමාව යටතේ මගේ රටාවේ චිත්‍රපට මට කරන්න බෑ. මම වියදම් කරන මුදල් මට උපයාගන්න බෑ. දැනට තිබෙන වියදම් බලපුවම පළමුවැනි වටයේ පිටපත් 35 මුදාහැරලා ආදායම් ලබාගන්න බෑ.
මේක මට විතරක් නෙවෙයි මෙවැනි ආකර්ෂණීය දැවැන්ත චිත්‍රපට කරන සියලු දෙනාටම කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි ඔවුන්ට අයින් වෙන්න වෙනවා. මට හැමදාම පාඩු විඳ විඳ චිත්‍රපට කරන්න බෑනේ. මේක මහජන සේවයක් නොවෙයිනේ. ඒ නිසා මට අයින්වෙන්න වෙනවා.
* චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔබේ බිරියත් ඉන්නවා නේද?
මගේ බිරිය ඉන්නවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මොනවා වෙනවද කියලා මට වග කියන්න බෑ. ඒ ගැන තොරතුරු මම දන්නෙත් නෑ. මම එක දෙයක් දන්නවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වැරදි තීරණයක් අරන් ඒක ජන සම්මත කළොත් ඒක අපට දැනෙනවා. නමුත් මේ පිටපත් 35 සීමාව කවදාවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කතා කරපු දෙයක් නොවෙයි. එහෙම එකක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කතා කරලා නෑ. කොහෙවත් වාර්තාවෙලා නෑ. අපි නම් දකින්නේ මේ තීරණය අදූරදර්ශී, සාකච්ඡාවලින් තොරව එක්තරා පිරිසක් සතුටු කරන්න ගත්ත තීරණයක් විදියට.
* ඔබේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට මොකද වෙන්නේ. ඒක ඔබ සිතා සිටි නියමිත කාලයට තිරගත වෙනවද?
’සිරි පැරකුම්’ චිත්‍රපටයට මම හිතන්නේ නෑ සභාපතිගේ චක්‍රලේඛයට අදාළයි කියලා.
* එහි පිටපත් 50 ක් මුද්‍රණය කරනවද?
මම දන්නේ නෑ. මම හිතාගෙන ඉන්නේ මුද්‍රණය කරනවා කියලා. මට හිතෙනවා සභාපති ඒකට විරෝධය පායි කියලා. නමුත් මම කියා සිටිනවා මම තිරගත කරනවා. මට ඒකට අයිතියක් තියනවා කියලා. මොකද මම චිත්‍රපටය හදන්න ගන්නේ අවුරුදු දෙකකට කලින්.
ඒ කාලේ සැලසුම් කරනකොට මෙහෙම නියෝගයක් රටේ තිබුණේ නෑ. ඒ නිසා මම තිරගත කරන කාලය, මුදාහරින පිටපත් ගණන සහ මණ්ඩලය තීරණය කරලා තමයි මුදල් වැය කළේ. සභාපතිතුමා විරුද්ධ වුණොත් ඉන් එහාට ගොස් අධිකරණ බලයකින් හරි ඒ පිටපත් 50 මුදාහැරීමේ අයිතිය මට තියනවා කියලා මම හිතනවා.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:06 PM 0 comments
Labels: Gossip, චිත්‍රපටිය
ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා
Tuesday, March 26, 2013
වරකාගොඩ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය පිළිබඳ තොරතුරු ‘‘මතක පොතට’’ කියන්නට සිය මතකය අවදිකළේ මෙහෙමයි.
මේ චිත‍්‍රපටය තිරගත කෙරුණේ 1965 වසරේ අගෝස්තු මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප‍්‍රවීණ චිත‍්‍රපට නළුවෙකුව සිටි ආනන්ද ජයරත්න කතාව හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත ගායනය කළා අමිතා වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප්රනාන්දු.
ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ‍්‍රියානි අමරසේන සහ වික‍්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’ සහ ‘‘නිධානය’’.
අමරදාස සිල්වා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:16 AM 0 comments
Labels: චිත්‍රපටිය, මතක සැමරැම්
'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'
Tuesday, February 5, 2013
2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේ
කලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්‌වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් කොළඹ, බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේ දී ජනගත වේ.
මෙය ආචාර්ය ඩී. බී. නිහාල්සිංහගේ අපදානය සේම, ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනයට ලක් කිරීමකි. ලාංකේය සිනමාවේ බිහි වූ ප්‍රශස්‌ත සිනමාකරුවන් අල්පයෙන් එක් අයකු ලෙස ද මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සිනමා කැමරා ශිල්පියා ලෙස ද, අග්‍රගණ්‍ය සිනමා පරිපාලකවරයා ලෙස ද, ලාංකේය ටෙලි නළු කලාවේත්, සිනමා, රූපවාහිනිය හා සබැඳුණු නව්‍ය තාක්‍ෂණය හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද, සිනමාව හා රූපවාහිනිය අරභයා දෙස් විදෙස් හි නව විද්‍යාර්ථින් පරපුරක් බිහි කළ ඇදුරුතුමකු ලෙස ද හමුවන, නිහාල් සිංහයන්ගේ පංචවිධ භූමිකා මෙහිදී නුවන් නයනජිත් කුමාරගේ විචාරාක්‍ෂියට හා පර්යේෂණාක්‍ෂියට හසුවේ.
එපමණකුදු නොව සිනමාස්‌කෝප් ක්‍රමවේදය ආසියාවට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද හස්‌තගත කැමරා ශෛලිය ආසියානු කලාපයේ භාවිත කළ දෙවැන්නා ලෙසද, දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වර්ණ රූපවාහිනි නිෂ්පාදන ප්‍රාසාංගික වර්ණ ටෙලි නාට්‍ය බිහි කළ නිර්මාණකරුවා ලෙස ද, නිහාල්සිංහ හා සබැඳුණු සියලු පුරෝගාමී කර්තව්‍යයන් මේ ග්‍රන්ථයෙන් පර්යේෂණාත්මකව තහවුරු කෙරේ.
නිහාල්සිංහගේ දෙමව්පියන් වූ මෙරට අග්‍රගණ්‍ය, අදීන පත්‍රකලාවේදියාණන්, මහා ගුරුවරයාණන් වූ ඩී. බී. ධනපාලයන්ගේ ද, සුප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පිනියක වූ රතී ධනපාලයන්ගේ ද, නිහාල්සිංහගේ සොහොයුරා නිසල රූ කලාවේ නව මං සෙවූ ඩී. බී. සුරනිමලයන්ගේ ද, අපදාන හා විචාරාත්මක අධ්‍යයන මේ ග්‍රන්ථයට ඇතුළත් වේ. මහාචාර්ය ෙ-. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ කැමරා ශිල්පී එච්. ඩී. මහින්දපාල, ප්‍රවීණ නළු ජැක්‌සන් ඇන්තනී මෙහිදී ග්‍රන්ථයට අදාළ කෙටි දෙසුම් පවත්වති. මේ හැරුණු විට ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන් රාශියක් ද මෙහි දී සන්දර්ශිත ලකුණු තැබීමට එක්‌වෙති. පූරක දායකත්වය වජිර ජයවර්ධන, සඳමාලි හේවානායක හා දිලිනි සංදීපිකා ගෙනි. උළෙලේ පිටපත උපුල් ගුරුගේ ගෙනි. Fast පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයක් වන මෙහි A 4 ප්‍රමාණයේ පිටු 630 කි. දුර්ලභ ගණයේ ඡායාරූප 1000 කට අධිකය.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:39 PM 0 comments
Labels: චිත්‍රපටිය, ටෙලි නාට්‍ය, පුවත්
ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම
Monday, February 4, 2013
හඳගමගේ විකල්ප සිනමා ප්‍රකාශනය
"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?
අජිත් ගලප්පත්ති
චර්යාව අවුල් නොකරගෙන, එනම් අක්‍රමවත් නොකරගෙන යම් ඉච්ඡාභංග අවස්‌ථාවක් පිළිගැනීමේ හැකියාවක් යමකු තුළ තිබිය යුතුයෑයි මතයක් ඇත. frustrstration tolerance යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ එම චිත්ත ස්‌වභාවයයි. විශේෂයෙන්ම හඳගම වැනි දේශපාලන සිනමාකරුවකු තුළ එම චිත්ත ශක්‌තිය තිබීම අත්‍යාවශ්‍ය වනු ඇත. සංස්‌කෘතිය පමණටම දේශපාලන සංස්‌කෘතිය ද වරින් වර, කලින් කල මුහුදු රැල්ලක් මෙන් උස්‌පහත්වීම නිරායාස ස්‌වභාවික තත්ත්වයකි. අනපේක්‌ෂිත ලෙස උදම් රළ ප්‍රහාරයක් වනුයේ වුවද මෙම සැඩ සොඳුරු රළ පෙරළීම ය. දේශපාලන සංස්‌කෘතිය ඉහල පහල යමින් අඩුවැඩි වන නියාමයකි. දේශපාලන සංස්‌කෘතිය උඩුයටිකුරු වන ස්‌වභාවයට කීකරුව දේශපාලන සිනමාකරුවකු එසේ උච්ඡාවචනය (fluctuation) විය යුතුද. ඒ කෙසේද යන අවධාරණය අප හමුවෙහි නැගෙයි. සිනමාකරුවකුගේ එබඳු උච්චාවචනයක් තුළින් අන් ආකාරව විද්‍යාමාන විය හැක්‌කේ සිය දෘෂ්ටිමය ඒකග්‍රතාවය පිළිබඳ අර්බුදයක් ද විය හැකිය. එවිට පොදු සමාජය එම නිර්මාණකරුවාව සැමදා එකසේ වැළඳ නොගැනීමට ද ඉඩ තිබේ. "ඉනියවන්" තුළින් අප දකින අද්‍යතන අශෝක හඳගමානුකූල ඉරණම පිළිබඳ ව තීරණ ගැනීමට අප ඉක්‌මන් විය යුතු නැත.
ව්‍යර්ථනය නොහොත් frustration යනු කුමක්‌ද? එය සිනමා ප්‍රකාශකයකු සතු දෘෂ්ටිමය ඒකග්‍රතාව සමග බඳවා විග්‍රහයට ගතයුතු තරම් බරපතල අර්ථයක් ගනී. මෑත කාලයේ අප අත්වින්ඳා වූ ජනප්‍රිය දේශපාලනමය හැලහැප්පීම්වල බරපතලභාවයට සාපේක්‌ෂව සිනමා ප්‍රකාශකයකුගේ දෘෂ්ටිමය ඒකග්‍රතාව දුබල කරන්නට තරම් ප්‍රබල වූවක් ලෙස ව්‍යර්ථනය යන්න විමසිය හැකිය. "ඉනියවන්" ට වස්‌තු විෂය වනුයේ ප්‍රභාකරන් මරා දැමුවාට පසු එම මුදාගත් භූමියෙහිම හිස ඔසවන අන් ප්‍රභාකරන්ලාගේ ත්‍රස්‌තවාදයයි.
ප්‍රභාකරන්ට එසේ වෙතැයි අප විශ්වාස නොකළ කාලයක් ද විය. අප බහුලව ගෙවා දමා ඇත්තේ එවන් කාලයක් නොවේද? ජනප්‍රිය යුද ස්‌මරණ දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකාරිකයින් මෙතරමින් වෙනස් වෙතැයි අප එදා සිතුවාද? මේ බලගතු ජනප්‍රිය දේශපාලකයින් යුද සමයේ කොහි වීද? සිය ගරිල්ලා වස්‌ත්‍රාභරණ උනා දමා රාජ්‍යාරක්‌ෂාව මැද එම ගරිල්ලා ත්‍රස්‌තවාදින් මෙබඳු ෆුල් සූට් දේශපාලනයකට පිවිසෙතැයි සිහිනෙන්වත් අප සිතුවේද? විරුද්ධ පාක්‌ෂිකයාගේ වේදිකාවෙන් දේශපාලන ගමන් අරඹා බලගතු වූ තොරම්බල් තාරකාවන් පාලකයින්ගේ දෑත් ශක්‌තිමත් කරන විසිතුරු ජවනිකා මෙගා ටෙලි සංස්‌කෘතියේවත් තිබේද? මෙයාකාරව සංස්‌කෘතියටත් වඩා අධිවේගයෙන් දේශපාලන සංස්‌කෘතිය වෙනස් වන විට සමාජයීය ක්‍රියාකාරී ත්‍රස්‌තවාදීහු බියගුල්ලන් බවට පත්වෙති. එසේම සමාජීය බියගුල්ලෝ ත්‍රස්‌ත වෙති. -අක්‌ෂරය, තනිතටුව" වැනි ප්‍රබල දේශපාලනමය මිසයිල තැනූ අශෝක හඳගම "විදූ" වැනි චිත්‍රපටයක් (ළමා චිත්‍රපටයක්) තනාවි යෑයි කිසිසේත්ම නොසිතූ අය වික්‌ෂිප්ත වූහ. "ඉනියවන්" උභතෝකෝටික වන්නේ මෙවන් වික්‌ෂිප්ත වූවන්ට ය. හඳගම මෙම තත්ත්වය විස්‌තර කරන්නේ 'කරකවා අතහැරි' ස්‌වභාවයක් ලෙසය.
මෙම සිනමා විප්ලවකරුවාට එසේ පැවසීමට සිදුවන්නේ ඇයි? සිය සිනමා චර්යාව වෙනස් කරගන්නේ නම් ඒ ඇයි දැයි සොයමු.
ව්‍යර්ථනය (රෙමිඑර්එසදබ) යනු බලාපොරොත්තු සුන්වීම නිසා ඇතිවන චිත්ත තත්ත්වයකි. තමා අපේක්‌ෂා කළා වූ ආධාර, අනුබල නොලැබීම හා අධෛර්යය කරනු ලැබීම, අසහනය, අතෘප්තිය නිසා ඇතිවන සිත් ස්‌වභාවය වනුයේ ව්‍යර්ථනය නොහොත් ඉච්ඡාභංගයයි. න්‍යෂ්ටාපේක්‌ෂාව යනුවෙන් දැක්‌වෙන්නේද එයයි. ව්‍යර්ථනයට පත් තැනැත්තා ආක්‍රමණකාරී විය හැක. එසේම කලකිරීමෙන් යුතු අක්‍රීයව, අකර්මන්‍ය වීමටද ඉඩ ඇත. ඉච්ඡාභංගයට පත් තැනැත්තා ආක්‍රමණකාරී හෝ පසුගාමී වන්නේ පරාජිතයකු වූ විටය. ත්‍රස්‌තවාදියකු හෝ බියගුල්ලකු වන්නේ තම අභිප්‍රායයන් කඩවීමෙන් ලද සිත් තැවුල නිසාය. තවෙකකු ඝාතනය කිරීම සඳහා අධි බලැති කාල බෝම්බ සවිකළ ඇඳුම් කට්‌ටලයක් ඇඟලා ගන්නට තරම් ආත්ම ශක්‌තියක් ලැබෙන්නේ එවන් පරාජිතයකුට පමණි. ඔවුහු මේ වෙද්දී අතුරුදහන් ව ඇත. එවන් බෝම්බකරුවන්ට අද පැවැත්මක් නැත. එහි අදහස යුද වාතාවරණයක් නැති බව නොවේ. යුද්ධයේ ස්‌වරූපය වෙනස් වී ඇත. හඳගම "ඉනියවන්" තුළින් පවසන්නේ එයයි. ත්‍රස්‌තවාදියකු නිර්මාණය කරන්නේද බියගුල්ලකු නිර්මාණය කරන්නේද මෙම නෂ්ටාපේක්‌ෂිත සමාජ දේශපාලන ස්‌වරූපයයි. ත්‍රස්‌තවාදියා බියගුල්ලන් භ්‍රාන්තකොට ස්‌ව පැවැත්ම සා¹ ගන්නේත්, ආත්මාශයෙන් (ego instinct) යුක්‌තව බියගුල්ලන් වහා ත්‍රස්‌ත වී තමා පාගාගෙන සිටින අධි බලැති බෝම්බකරුවන්ව නිෂ්ක්‍රිය කොට දමන්නේද මෙම සමාජ ස්‌වරූපය මයි."ඉනියවන්" බිහි වන සමාජය මෙපරිදිය.
"භ්‍රාන්ත" යනු භ්‍රමයට පත් හා වැරදි අවබෝධය ඇති යන අර්ථ ගනී. වේගයෙන් කැරකෙන හෝ සැලෙන යන අර්ථයෙන් (whirled) අවුල් ජාලය ලෙස ද මෙය විග්‍රහ කෙරෙයි. භ්‍රමනය, සිතෙහි හටගත් කරකැවිල්ල, හැරීම වෙස් වීම ඇඹරිල්ල (revolved or turned) යන අර්ථද මෙයට අදාළ වෙයි. වැරැද්ද, දෝෂය, ප්‍රමාද දෝෂය, වරදවා වටහා ගැනීම, වරද්දා ගැනීම (mistaken) යනුවෙන් හැඳින්වෙන්නේද මෙයයි. මුළාවීම, රැවටීම, (deluded) මංමුළාවී, අයාලේ යන, අපැහැදිලිව දොඩවන, අවුල්ව සිතන, අවධානයෙන් තොරව හිත තැන්තැන්වල යැම මාර්ගයෙන් පිට පැනීම හා නිදැල්ලේ යන වැනි අර්ථ ගන්නා wandering යන විග්‍රහයද "භ්‍රාන්ත" යන්නට ගැනේ. "ඉනියවන්" තුළ අප දකින්නේ "භ්‍රාන්ත" වූවන් ය. පුනරුත්තාපනය කෙරෙන ත්‍රස්‌තවාදීයා යනු මෙහි "භ්‍රාන්ත" වූවෙකි. සමාජයීය ත්‍රස්‌තවාදියාගේ හදිසි භ්‍රාන්තවීම කෙබඳු අර්ථ ගන්නේදැයි මෙම විවිධ අර්ථ මතින් අපට නිර්ණය කළ හැකිය. ව්‍යර්ජිකෘත (frastrated) සමාජ දේශපාලන රාමුවක් තුළ චිත්‍රපටයක හා සිනමාකරුවකුගේ වලංගුභාවය පිළිබඳ තත්ත්වය වටහා ගැනීම සඳහා ද එය ඉවහල් කොට ගත හැකිය.
සමාජය සමග යම් විරෝධයකින් පසුවන පීඩිතයකු එනම්, බියගුල්ලකු එවන් විරෝධයකට හේතු වූ කාරණාවන්ට එරෙහිව ත්‍රස්‌ත වන කවර නම් හෝ ක්‍රියාකාරියකු තම එකම ගැලවුම්කාර වීරයා ලෙස තකයි. පීඩිතයාද වීරයාද වසනුයේ එකම බල රාමුවකය. මෙවිට පීඩිතයාත්, වීරයාත් අනොන්‍ය ව එකිනෙක මත යෑපෙයි. යම් මොහොතක වීරයාද පීඩිතයෙක්. තම විරෝධය ප්‍රකාශ කරන්නට හෝ තමා අපේක්‌ෂා කරන සමාජය නිර්මාණය කරගැනීමට හෝ නොහැකි වීම මෙම පීඩිතයා හුදෙකලා කොට අසරණ කරයි. සමස්‌ත බහුතරය ම තමා හැර තමා විරෝධය පාන්නා වූ සමාජය අනුමත කරන විට ඔහු අසරණව නිහඬ වෙයි. මෙකී අසරණකම නිහඬකම බියගුළු ස්‌වභාවයක් දක්‌වා වර්ධනය වන්නේ බහුතරයකගේ පිළිගැනීම අඛණ්‌ඩව පෙරට වර්ධනය වන අතරවාරයේය. මෙම බියගුල්ලා එකවරම ත්‍රස්‌තවාදියකු බවට පත් වීමට ඉඩ තිබේ. එසේම ත්‍රස්‌ත වීම යනු බියගුළු වීමේ පෙරමග සළකුණක් ද විය හැකිය.
දේශපාලනික සිනමාකරුවකුගේ ප්‍රබල දේශපාලනමය ප්‍රකාශනයක් හමුවෙහි වහා ත්‍රස්‌ත වන බියගුල්ලකුගේa මානසික තත්ත්වය කෙබඳුද? තමා හමුවෙහි සැණෙකින් මතු වූ මෙම ක්‌ෂණික ත්‍රස්‌තවාදියා පිළිබඳව ත්‍රස්‌ත වන බියගුල්ලා විසින් යම් අහංකාරමය හැඟීම් ඇතිකර ගනී. මෙකී තත්ත්වය සහ අහංකාරය තුළ ඔහුගේ සමාජ සම්බන්ධතා පාලනය වෙයි. පීඩිතයාට වීරයා ආක්‍රමණිකයෙකි. එකී ආක්‍රමණශීලීභාවය පීඩිතයාගේ බියගුළු බවත්, පීඩාකාරී බවත්, මුලුගැන්වුණු බවත් මොහොතකට පලවා හැර පීඩිත බවම ක්‌ෂණික ත්‍රස්‌ත බවකට පෙරළෙයි. මෙතැන් සිට ස්‌වල්ප කාලයක් පුරා පීඩිතයා ත්‍රස්‌තවාදියෙකි. නන් විධ ආක්‍රමණිකයෝ සමාජය ද, එහි වසන්නන්ද තැති ගන්වති. ආක්‍රමණිකයකුගේ ස්‌වභාවය ඔහු බලහත්කාරයෙන් කඩා වදින්නෙකි. ඔහු අනෙකාව යටත් කර ගැනීම සඳහා සටන් කරන්නෙකි.
ඔහු භීතිය උපදවන්නෙකි. ඔහු බියගුල්ලන් තැති ගන්වන්නෙකි. ''අනුන් තැතිගන්වා කටයුතු කරවාගත යුතුය" යන ඇදහීම ත්‍රස්‌තවාදයයි. ත්‍රස්‌තවාදියා රාජ්‍යවිරෝධී කැරලිකරුවෙකි. එනම් ජනතාව විසින් පිළිගත් සංවිධිත දේශපාලන ඒකකයට එරෙහි වූවෙකි. නිරායුධ අබල දුබල පීඩිත ජනතාව සන්නද්ධ ත්‍රස්‌තවාදියකු ව නිර්මාණය කරන පසුබිම මෙබඳුය. බියගුල්ලන් ත්‍රස්‌ත කොට සිය ආක්‍රමණශීලී විප්ලවය සම්මත සංවිධිත ව්‍යqහයන්ට එරෙහිව අඛණ්‌ඩව පවත්වා ගැනීම අද "ඉනියවන්" තුළින් සිය සිනමා චර්යාව පෙන්වන හඳගමගේ සිනමා ව්‍යායාමය විය. ඔහුගේ චිත්‍රපටය විරෝධාකල්පයකි.
අශෝක හඳගමගේ සිනමා ප්‍රකාශන විධිය හා ඉන් සමාජය තුළ සිදු කෙරෙන බලපෑම විග්‍රහ කරන්නෝ ඒකමතික ව ගන්නා පොදු විනිශ්චය වනුයේ ඔහු විප්ලවකරුවෙක් ය යන්නයි. එනම් ඔහුගේ සිනමා කාර්යය විප්ලවීය කර්තව්‍යයක් වන බවය.
විප්ලවීය ආක්‍රමණිකයා බියගුල්ලන් ත්‍රස්‌ත කරනුයේ පවතින ක්‍රමය කනපිට හැරවීම අභිප්‍රායෙනි. සිනමා ප්‍රක්‌ෂේපන යන්ත්‍රය යනු රූපවලින් වෙඩි තැබිය හැකි තුවක්‌කුවකැයි අදහන සිනමාකරුවන් අතර අතීතයේ හඳගමද සිටියේය. ඔහු තමා ඉදිරියෙහි දෑස් අයා සිටින මෙරට පොදු ජනතාව හමුවෙහි තබන රූපාවලිය මෙම ජනතාව තුළ විරෝධයක් ඇති කළේය. බියගුල්ලා තුළ ඇතිවන විරෝධය හා තැති ගැන්ම ආක්‍රමණික සිනමා-කරුවකුගේ අභිලාශයයි. මෙකී විරෝධය සමාජ බලවේගයක් ලෙස ප්‍රබලව ඉස්‌මතු විය යුතුය. ජීවිතය වෙනස් කළ හැකි බලයක් චිත්‍රපටය තුළ තිබිය යුතුය. ජනතාවගෙන් ඈත්වූ කලාවක් තිබිය හැකි නොවේය යන්න ජනතාව සඳහා කලාව හසුරුවන්නන්ගේ ඇදහිල්ලයි. නිර්ධන පන්තිය තුළ විවිධ පීඩන හට ගනී. හඳගම මෙම පීඩනය නිමිත්ත ලෙස නිතර තම ප්‍රකාශනයට උපයෝගී කර ගත්තේය. පීඩිතයා හෙවත් නිර්ධන පන්තිකයා මුදා ගැනීම ජනතා කලාකරුවාගේ ආක්‍රමණිකත්වයට පසුබිම් අභිලාශය සකස් කරයි. විප්ලවීය ප්‍රකාශකයකුගේ විප්ලවීය ප්‍රකාශනයක් යනු බියගුල්ලන් අභිමුව නැගෙන අභියෝගයකි. මෙම අභියෝගයට බියගුල්ලන් දක්‌වන ප්‍රතිචාරයේ ස්‌වභාවය මත එම විප්ලවීය ප්‍රකාශනයේ පැවැත්ම තීරණය වෙයි. බියගුල්ලකුට ත්‍රස්‌තවාදියා වීරයකු වන්නේ සිය බියගුළුකම යටපත් කොට ත්‍රස්‌ත වීම සඳහාය. "ඉනියවන්" තුළින් අපට මෙම බියගුල්ලා මෙන්ම ත්‍රස්‌තවාදියාද මුණගැසෙයි. මෙවේලෙහි එම බියගුල්ලා හෝ ත්‍රස්‌තවාදියා සැකකරුවකු ලෙස පමණක් ගැනීම සෑහෙයි.
මුල්ම චලන චිත්‍රාවලිය දුටු ආදි කාලීන පොදු ජනයා ත්‍රස්‌ත වී එදෙස බලා සිටි වග අප අසා ඇත. ත්‍රස්‌ත කිරීම යනු "ත්‍රස්‌තවාදියා" යන ප්‍රචලිත ප්‍රතිරූප සීමාවෙන් ඔබ්බෙහි තිබෙන පුළුල් අරුත් සහිතය. මෙම පුළුල් සිත්හි කොනක තබාගත් විට අපට හඳගම හෝ පතිරාජ හෝ විමුක්‌ති හෝ ලෙස්‌ටර් හෝ අන් කවරාකාර විප්ලවීය සිනමාකරුවකු වුවද ත්‍රස්‌ත වීම හා අනෙකාව ත්‍රස්‌ත කිරීම නිර්භයව පුළුල් විග්‍රහයකට ගත හැකිය.
"ත්‍රස්‌ත" යනු මහත්සේ පුදුමයට පත්වීමකි. මවිතයෙන් විස්‌මිතව ගල් ගැසුනාක් මෙන් වීමයි. චිත්‍රපට වෙසින් සපැමිණි දැවැන්ත අභියෝග වලට මුහුණ දී තම බියගුළු ස්‌වභාවයට එරෙහි වී සක්‍රිය වන්නට හා ත්‍රස්‌ත වන්නට අප කැමතිය. මෙවිට එම චිත්‍රපටය යනු අපට නිර්දය ආක්‍රමණයකි. බියගුල්ලන් ත්‍රස්‌තවාදීන් බවට පෙරළුE සිනමාකරුවා වීරයකු බවට අගැයීම නිරායාසයව සිදුවන්නකි. "ඉනියවන්" නරඹද්දී හඳගම කොතැන සිටින්නේදැයි සොයා බලන්නට අප යොමු වන්නේ එම නිසා නොවේද?
ඇතැම් විටෙක යම් විප්ලවීය චිත්‍රපටයක් යම් බියගුල්ලකුට තම බියගුළුකමින් අත් මිදිය නොහැකි තරම් වූ බලවත් අභියෝගයක් විය හැකිය. මෙවිට ත්‍රස්‌ත වූ වීරයාගේ අනුගාමිකයින් වී සක්‍රීය වූ බියගුල්ලන් එනම්, ත්‍රස්‌තවාදීන් වූ බියගුල්ලන් නොවෙනස් වූ බියගුල්ලාව දකින්නේ කොදෙව් චිත්තධාරියකු, දුබලයකු හෝ යථාර්ථය සාවද්‍ය ලෙස අර්ථකථනය කොටගෙන එහිම මුලාවූවකු ලෙසය. මෙබඳු වූ බියගුල්ලන් හමුවෙහි ඇතැම්විට වීරයා පරාත්ම විකාරයෙන් පසුවන්නෙකි. ඔහු තම හැඟීම් සහ ආවේගයන් අන්‍යයන්ට ප්‍රක්‌ෂේපනය කරයි. "විදූ" ට පෙර හඳගමගේ චිත්‍රපට විලාසය තුළින් අප ඔහුව හඳුනා ගත්තේ ආක්‍රමණශීලීව හැසිරෙන්නෙකු (aggressive behavior) වශයෙනි. බෙබඳු ආක්‍රමණිකයකුගේ අසංඥතාවට එකම හේතුව විය හැක්‌කේ සමාජ විෂමතාවයම නොවිය හැක. සමාජ විෂමතාවය "තනිතටුව" හා අක්‌ෂරය බිහිවූ යුගයේ මෙන්ම "ඉනි අවන්" බිහිවෙන යුගයේද පෙරටත් වඩා ප්‍රබලව මතුව ඇති බව ත්‍රස්‌තවූවන්ද බියගුළුව මුළුගැන්වූවන්ද දනී.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:28 AM 0 comments
Labels: අදහස, චිත්‍රපටිය
‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්
Sunday, February 3, 2013
‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්රපටයක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 4:11 PM 0 comments
Labels: අදහස, චිත්‍රපටිය
හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා
Saturday, January 26, 2013
හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:46 AM 0 comments
Labels: චිත්‍රපටිය, මතක සැමරැම්

