----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label සංස්කෘතික. Show all posts
Showing posts with label සංස්කෘතික. Show all posts

මහනුවර මහ උළෙලට මුල පුරයි

Thursday, July 19, 2012



2012 ජූලි මස 19 18:30:24 | ලලිත් වලිසුන්දර

තෙවරක් ප‍්‍රදක්ෂිණා කැර පහන් දල්වා සුවඳ දුම් ඇල්ලීමෙන් පසු දේවාලයේ ප‍්‍රධාන කපුරාල කප සිටුවයි.
ලබන 23 සිට 2 දක්වා පැවැත්වෙන මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි සිව් දේවාලයන්හි කප් අද සිටැවිනි.

READ MORE - මහනුවර මහ උළෙලට මුල පුරයි

2011 ජාතික නාට්‍ය උළෙල

Friday, January 20, 2012

2011 ජාතික නාට්‍ය උළෙල
මෙ මස 31 දා දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී දිනපතා පස්වරුවේ පැවැත්වේ.

මෙවර ජාතික නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය 7ක්, කෙටි නාට්‍ය 24ක් හා ආරාධිත නාට්‍ය 2ක් ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇත.

ඒ අනුව, හෙට (20) ධනුෂිකා නයන කුමාරි ගේ ‘ජනේලයෙන් පනින්නද’ , 21 ජගත් බණ්ඩාර ගේ ‘බෝනිකි ගෙදර’ , 22 උදයසිරි වික්‍රමරත්න ගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ , 23 ජෙහාන් ශ්‍රීකාන්ත ගේ ‘හැපි ජර්නි’ ද වේදිකා ගතවේ.

කෙටි නාට්‍ය වේදිකාගතවන දිනයන්,

ජනවාරි 24 සුදත් අබේසිරිවර්ධන ගේ ‘මගේ කාලයේ වීරයෙක්’ , ටී කයුරියා ගේ ‘ඒකලයිවන්(දමිළ) , රෝහන් ද සිල්වා ගේ ‘අපි’ , කේ.තිරිච්චේන්දුරන් ගේ ‘කඩලින් අක්කරෙයි පෝවෝර් (දමිළ)

ජනවාරි 25 බැසිල් රත්නවීර ගේ ‘උන්වහන්සේ’ , එන්. කුලරත්න හා ඒ සනත් කුමාර ගේ ‘කල්යාණ කදෙයි(දමිළ), එස්.ඒ සම්පත් චතුරංග පෙරේරා ගේ ‘ඇයි උඹලා ආවේ’ , එම්.සී.නජිමුඩීන් ගේ ‘සලෝමි’

ජනවාරි 27 උපුල් සංජීව ගේ ‘ගැබ්බර’ , එස්.ලීලවතී හා ආර්.චමලි ගේ ‘පයනිහල්’ , නුවන් දර්ශන ලියනාරච්චි ගේ ‘ඩයිනෝසර ප්‍රේමය’ , කේ මොහාන් කුමාර ගේ ‘පවක්කරයි(දමිළ)’

ජනවාරි 28 ආසිරි උදාකර ජයරත්න ගේ ‘සද එල්ලා මරයි’ , කේ.ශ්‍රී කන්දවේල් ගේ ‘සීලම්බින් කනල්(දමිළ), සජීව රෝෂාන් ගේ ‘ඩීසන් දෙන්නෙක්’ , නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය ‘බර්දනුම් සීදෛයුම්(දමිළ)

ජනවාරි 29 අමිතා රබ්බිඩිගල ගේ ‘පේ‍්‍රමය නම්’ , පී.සිවනේෂන් ගේ ‘තාගම්(දමිළ), චාලක රණසූරිය ගේ ‘හෙලෝ’, කේ.සුනෙත් දේශප්‍රිය ගේ ‘අඳුර සහ එළිය

ජනවාරි 30 රුවන් හෙට්ටිආරච්චි ගේ ‘මැරෙන්න විදියක් කියන්න’ , ;නරන්ජන් චන්ද්‍රාදිත්‍ය ගේ ‘රියලිටි’ , කේ.ඒ.කේ.ජයසිංහ ගේ ‘ඩාක්නස්’ , කේ.ඒ.ජී. ආනන්ද චන්ද්‍රකුමාර ගේ ‘බල්ලෝ දෙන්නෙක්’ , ගයාන් දේශප්‍රිය ගේ ‘කූඩුවට එනකම් (ආරාධිත)

ජනවාරි 31 ඉන්දික ෆර්ඩ්නැන්ඩු ගේ කලම්බො කලම්බො (ආරාධිත)

2011 ජාතික නාට්‍ය උළෙල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා එක් ව ජාතික නාට්‍ය අනු මණ්ඩලය විසින්


READ MORE - 2011 ජාතික නාට්‍ය උළෙල

ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය

Wednesday, May 11, 2011



පැරැණි සෙල් අවි යුගයට අයත් මිනිසා, දඩයම් කරුවකු හා ආහාර රැස්‌ කරන්නකු ද වූයේ සංචාරක ගණයට අයත් ඉතා කුඩා ජන කණ්‌ඩායම් අතරෙහි විසීමෙන් පසුවය. කල්යත්ම හේ ගිනි දල්වන්නටත්, හම් පට්‌ටා කොළ ආදියේ ආධාරයෙන් සිය සිරුරු Rතු පීඩාවෙන් ආරක්‌ෂා කැර ගන්නටත් ඔහු ගේ, කඳවුරු ගිනි මැලයට ඉව වැටී ගත් වල් බල්ලා හීලෑ කැර ගන්නටත් උගත්තේය.

(මහාචාර්ය බෂාම්, අසිරිමත් ඉන්දියාව,පිටු 18)

ඉතිහාසය පරීක්‌ෂා කිරීමේදී මුල්ම මිනිසා ඇඳුම් භාවිතා කළේ සෞඛ්‍ය හා ආරක්‌ෂාව වැනි කාරණා මුල් කර ගෙන බව විශ්වාසිතය. අධික ශීතල, වර්ෂාව, ලෙඩ රෝග එA සඳහා බලපාන්නට ඇති බව අනුමාන කළ හැකි අතර, පෘථිවියෙහි ඇති වූ ඉමහත් දුෂ්කරතාවයන් සහිත භූගෝලීය වෙනස්‌කම් හමුවේ, සාර්ථකව අනුවර්තනය වීමට ආදි මානවයන්ට හැකි වූ බවත්, අනෙකුත් සත්ව කොට්‌ඨාස ද ඔවුන් අනුගමනය කරමින් ජයග්‍රහණ අත්පත්කර ගත් ආකාරයත් පිළිබඳව මානව විද්‍යාඥයින් අපූර්ව තොරතුරු ලොවට හෙළිකර ඇත.

සුදුසු හැම ආහාරයක්‌ ම කෑමට ගැනීමට මිනිසා පුරුදු වන්නාසේ ම ඕනෑම දේශගුණයක ජීවත්වීමටද ඔහු ඉගෙන ගත්තේය. සිය හැකියාව යොදා, ජීවත්වීමට හැකි සෑම පෙදෙසකම වාසය කිරීමට මිනිසා ඉදිරිපත් විය. මෙසේ කිරීමට ස්‌වාධීන ශක්‌තියක්‌ ඇති එකම සත්ත්වයා මිනිසා පමණකි. අනිකුත් සතුන් සියලු දේශගුණවල වාසය කිරීමට ඉගෙන ගත්ත ද, එසේ කළේ ස්‌වාධීනව නොවේ. මිනිසා පසුපසින් යමිනි. හීලෑ සතුන් සහ පරපෝෂිතයින් ද එසේය. මුල් වාසස්‌ථානය වූ එක සමාන උෂ්ණ දේශගුණයක සිට අවුරුද්ද ශීත හා ගිම්හාන කාලවලට බෙදා වෙන් කර ඇති ශීත කාලගුණයක්‌ ඇති පෙදෙස්‌වලට මිනිසාගේ වාසභූමිය පරිවර්තනය වීමත් සමගම නව අවශ්‍යතාවයන් බිහිවිය. ශීතලෙන් හා තෙතමනයෙන් බේරීම සඳහා වාසස්‌ථාන හා ඇඳුම් අවශ්‍ය විය. මිනිසා සතුන්ගෙන් වෙන් කරන ශ්‍රමයේ නව ක්‌ෂේත්‍රයක්‌ද, එA අනුව ක්‍රියාකාරිත්වයේ නව ආකාරයන් ද ඇති විය. (මාක්‌ස්‌ සහ එංගල්ස්‌, කෘති, 20 වෙළුම, 493 පිටුව) මේ සම්බන්ධව පර්යේෂණාත්මකව කරුණු දක්‌වන එම්. නෙස්‌තූර්හ් පවසන්නේ, චාතුර්තික යුගයේ විවිධ කාලගුණවලට අනුවර්තනයවීම මිනිසාගේ සීඝ්‍ර පරිණාමයට එක්‌ හේතුවක්‌ වූ අතර, නිෂ්පාදනයේ සංවර්ධනයටද, මිනිසාගේ කායික සංවිධානයටද එයම හේතුවිය. (මිනිසාගේ සම්භවය, පරිවර්තනය, දැ.වී.රුද්‍රිගු, මොස්‌කව්, ප්‍රගති ප්‍රකාශක මන්දිරය, 1981) යනුවෙනි.

මනුෂ්‍යයා ඇඳුම් අඳින්නට වූයේ ලඡ්ජාව නිසා විළි වසා ගැනීමට නොව. ඇඟ උණුසුම් කර ගැනීමටය. ලඡ්ජාව ඇඳුම් නිසා උපන් හැඟීSමකි. ඇස්‌කිමෝ මිනිස්‌සු. ශීත වැළැක්‌වීමට ගෙයින් පිටත ඇඳුම් ඇඟලා ගනිතත් ගෙයිදී ඇඳුම් උනා ඉවත ලා නග්නව සිටිති. හෙළුවෙන් ඇවිදින ඕස්‌ටේ්‍රලියාවේ වනචාරීහුq තමන්ගේ රහස්‌ අංගයන් වඩාත් පෙනෙන සේ සායම් තවරා ගනිති. පීජී දූපත්වල වැදි තරුණයෝ හෙළුවෙන් ඇවිදිති. එසේ වුවද ලිඟු අග කැපීමෙන් පසු තරුණයෙකූ එය වසා ගත යුතූය. අප්‍රිකාවේ තරුණයෙකූ රහසඟ කෙළවර සිප්පි කටුවකින් හෝ රහසඟ රෙදි කඩකින් හෝ වසා ගන්නේ උපනයනයෙන් පසුය.

( මාර්ටින් වික්‍රමසිංහ, පුරාණ සිංහල ස්‌ත්‍රීන්ගේ ඇඳුම පි.18 )

ලංකාවේ පූර්ව සමාජ පරීක්‌ෂා කළ සමාජ හා මානව විද්‍යාඥයින්, දේශජයන් කෙරෙහි, ප්‍රාග් ඉන්දීය ආර්ය. ද්‍රවිඩ ආර්මේනියානු මැලේසියානු මධ්‍යධරණි නීග්‍රෝ මොන්ගෝලියානු හා යුරෝපීයයන් ගේ, සංස්‌කෘතිකාංග බලපාන ලදැයි කරුණු දක්‌වති.

ශාක කොටස්‌ සහ සත්ව සම් භාවිතා කළ පූර්වජයින් සංස්‌කෘතික පරිණාමයේ වර්ධනයත් සමග ක්‍රමයෙන් ඇඳුම් (ෙඩ්‍රස්‌) වලට පරිවර්තනය විය. ඇඳුම යන වචනයට අරුත් සපයන වෙනත් වචන වශයෙන්,Ñ කඩ, කඬ, (රෙද්ද, වස්‌ත්‍රය) හා අඳින වස්‌ත්‍රය ලෙසද, රෙදිවල නොයෙක්‌ පැහැති නූල්වලින් කරන විසිතුරු මැහුම් වැඩ සැරසිලි මැහුම් වලින් නිම කළ පසු ඇම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුම් වශයෙන්ද ව්‍යවහාර කෙරෙයි. ( සිංහල ශබ්දකෝෂය, සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව) පාලි භාෂාවෙන් අච්ඡාදන (ඇඳුම, වස්‌ත්‍රය) වත්‍ර (වස්‌ත්‍රය) (පාලි සිංහල අකාරාදිය, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි) යනුවෙනුත්, සංස්‌කෘත භාෂාවෙන් වස්‌ත්‍රං යනුවෙනුත් දමිළ භාෂාවෙන්, උඩෙයි, ආඩෙයි, (කාන්තා ඇඳුම්, පෙන්ගල් උඩෙයි, පිරිමි ඇඳුම් ආන්ගලින් උඩෙයි) උඩඩුප්පු, තුනි, යනුවෙන් ද (ඇඳුම් ආයිත්තම් සඳහා තුනිමනිහල්) යනුවෙන් ව්‍යවහාර වෙයි. ප්‍රාග් ඉන්දීය දමිළ කාන්තාවන් සිය ඉණට කොළ අතු ඇඳි බවත් පසු කාලීනව මෙහි විකාශයක්‌ ලෙස කාන්තාවන් මේඛලාර්මය පැළඳි බවත් මෙය අලංකරණය උදෙසා කරන ලද්දක්‌ ලෙසත් ප්‍රකට කෙරෙයි. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අභිධානප්පදීපිකා ටීකාව උපුටා දක්‌වමින් මෙවුල්දම වනාහි ස්‌ත්‍රී නිමිත්ත අලංකාර කරන්නට පැළඳි ආභරණයක්‌ ලෙස පෙන්වා දෙයි. ඇඳුමේ විකාශනය පිළිබඳ කරුණු සොයා බැලීමේ දී මිනිසා විවිධ අභිචාරයනට යොමු වීම, යෞවනත්වය අභිමතය වැනි කාරණා ද දේශගුණික හා ස්‌වභාවිකත්වය මත සිදුවූ බලපෑමට පසුව බලපාන ලදැයි අනුමාන කළ හැකිය. සෞඛ්‍යාරක්‌ෂාව පිළිබඳ උනන්දුවට වඩා අද බහුලව යොමු වී ඇත්තේ, විලාසිතාවනට බව සමාජ විමර්ශනයේදී පැහැදිළිවන කරුණකි.

මිණි මෙවුල, ( මේඛලාභර්මය) ස්‌ත්‍රී ඇඳුමක්‌ ද, ආභරණයක්‌ ද, එA දෙකම ද යන්න විවිධ අවස්‌ථාවල සාකච්ඡාවට භාජනය වූ කරුණකි. මයුර, හංස හා කෝකිල යන සන්දේශයන්හි මිණිමෙවුල ගැන සඳහන් වෙයි.

මේ දිය කෙළින උන් ඉණැ මිණි මෙවුල් සුබා Z(මයුර)

මසෙක්‌ ගොදුරු පතා මෙවුල් මිණී ගතාZ (හංස)

තුළ සිකි පිල් වරලස බැඳ සුවඳැති මල් පටිනා

දුල ඉණැ මිණී වැල දිස්‌ වන දුහුලැඳ මන නදනා

නල ලෙළ රන් ලිය සේ රූ සිරි සියුමැලි ලියනා

බල එ විලෙහි කෙළිනා ඉපිලිපිලි දිය මුදුනා ( කෝකිල) මෙම කාව්‍යය විමසීමේ දී, දිය ක්‍රීඩා කරන ලලනාවන් ඉණට සළුවක්‌ ඇඳි බවත් එය ඉතා තුනී බවත්, ඒ, සළුව විනිවිද මිණි මෙවුල පෙනුණ බවත් තුනී සළුව දියෙන් පෙඟු=ණු විට මනාව මිණි මෙවුල දර්ශනය වුන බවත් ය. තවද, උම්මග්ග ජාතකයෙහි එන, චූලනී බ්‍රහ්ම දත්ත රජු සිය මෑණියන් වන තලතා දේවිය ගේ නුගුණයක්‌, හේරි නම් පරිභ්‍රාජිකාවට කියන තැන, දැක්‌වෙන්නේ, රජ සිය අමාත්‍ය මණ්‌ඩලය සපිරිවරා සිටිද්දී, තලතා දේවිය, එතැනින් එහා මෙහා යද්දී ඇය, පැළැන්දු මණිමේඛලාභර්නයෙහි ශබ්දය සියලු රජ ගෙයි එAකන්නාද කරමින් සිටින්නීය. යනු, ඇය එය පැළඳි බව නොපෙණුනත් ශබ්දය පැතිරෙන්නට ඉඩ හැරීම, අපට රචකයා පවසන්නේ කුමක්‌ ද විමසිය යුතුය. සසදා වත කෘතියෙහි එනදිසි මිණි මෙවුල් යනුවෙන් සඳහන් වන්නේ, අදිසි ඇඳුමක්‌ ලෙස එය, හැඳි බවත්, ඒ තුළින් තත් යුගයේ දී ස්‌ත්‍රීන් චාම් රෙදි හැඳ මිණි මෙවුල නොපෙනෙණ සේ ඇඳුම් ඇඳි බවත්ය. මේ අනුව අලංකාරය උදෙසා මෙය භාවිත කිරීමට ප්‍රථම මුල් යුගයේ, භාරතීය කාන්තාවන් මලින් කළ සැරසිල්ල දියුණු කිරීමක්‌ ලෙසත් ඊටත් පැරණියන් විසින් භාවිත පුරුද්දක පරිණාමයක්‌ වශයෙනුත් සිතන්නට අප පොළඹවන බව කිව යුතුය.

ලක්‌දිවට ආසන්න රට වූ භාරත දේශයෙහි පූර්ව සමාජ සංස්‌කෘති විමසන විද්වතුන් ඔවුන් ගේ ආගමික හා සංස්‌කෘතික නෂ්ටාවශේෂ තුළින් පිළිබිඹුවන කරුණු හා ලක්‌දිව සංස්‌කෘතිය සමග ඇති නෑ සබඳකම් අධ්‍යයනය කර කරුණු දක්‌වා ඇත,

ආදිම යුගයේ ආර්ය, ඉරාන, ග්‍රීක, රෝම, ජර්මන්, ස්‌ලාව් හා කෙල්ට්‌ ආදි ජනයා ගේ ආදිතමයින්ට පැවතියේ එක සමාන යෑයි කිව හැකි ආගමකි, එහෙත් පසු කාලීනව මේ තත්ත්වය වෙනස්‌ විය, ආර්යයන්ට ඉන්ද්‍ර දෙවියාත් ග්‍රීකයන් හා ජර්මන් වරුන් අතර තෝර් දෙවිඳුන් ආදි වශයෙන් පෙර අපර දෙදිග දෙවිවරුන් විවිධ නම් ගත්තද කාර්යභාරය එක සමාන බවක්‌ පෙන්වන බව කිව යුතුය, දෙවියන් නිර්මාණය කළ මිනිසාම ඔවුන් ගේ ඇඳුම් පැළඳුම් ද නිර්මාණය කළේය. එමෙන්ම යාතු කර්ම වලදී එන යකුන් යක්‌ෂණියන් පිළිබඳවද එලෙසමය. එපමණක්‌ ද නොව ජනයා ගේ සංජානනයට ඔවුන් බෙහෙවින් බලපෑම් කල අතර මානව හැසිරීම් වලට ද බොහෝ බලපාන ලදී. මිනිසා සමාජ පසුබිමට අනුව හැසිරීමේ දී සංස්‌කෘතිය, කුලය, රැකියාව, පැළැන්තිය ආදී කරුණු පිළිබඳව පසුකාලීනව දැක්‌වූ උනන්දුව ඉතිහාස සටහන්වලින් මනාව තහවුරු වෙයි. ලක්‌ ඉතිහාසයේ ඇඳුම් පැළඳුම් භාවිතය ඉතා ඈතට ගමන් කරන අතර ලිත ඉතිහාසයේ, විජය ගේ සම්ප්‍රාප්තිය සමග ප්‍රකට වන කුවේණිය ගේ කපු කැටීම ද, එකල රෙදි නිෂ්පාදනය පිළිබඳ හැඟීමක්‌ අපට සපයනු ඇත. එමෙන්ම පසුකාලීනව පේෂකාර්මිකයින් ගේ ගම්මාන පැවති බවට ද සාක්‌ෂි පුරාණ සෙල්ලිපි මගින් ද ප්‍රකට කරනු ලබයි.

තතවය} පුගහ ලෙණෙ ( තන්තු} වාය ( පේෂ කාරකයින් ගේ සංස්‌ථාවට (අයත්) ලෙණ ) , සිධම් } පෙහෙකර } ගමකහි සුමග ලෙණෙ මළ තිසහ ලෙණෙ වදු } සිසය බිකු සගහටය නියතෙ ( යහපතක්‌ වේවාෘ පෙහෙකාර ගමක ( නම් ස්‌ථානයේ ) සුම්ම ගේ ලෙණ ( සහ) ( ඔහු ගේ ) මලණු තිස්‌ස ගේ ද ලෙණ සතර දිග භික්‌ෂු සංඝයාට පමුණුවන ලදී. ( සිංහල ශිලා ලේඛන සංග්‍රහය, මහාචාර්ය නන්දසේන මුදියන්සේ,2000,( 696, 1145 ) ගොඩගේ )

තතවය ( සං තන්තුවාය) පෙහෙකර (පා පෙසකාර) යනු පේෂකාරයන් සඳහා යෙදුණු වචනය බව පෙන්වා දෙන මහාචාර්ය මුදියන්සේ ශූරීන්, එළු බෝධිවංශය උපුටා දක්‌වමින් සඳහන් කරන්නේ, මහ බෝ මඟුල සඳහා පෙරහන, ලනු, කඹ, ආදිය සපයන ලද්දේ, පේෂ කාර්මිකයින් බවය. මේ අනුව ජනප්‍රවාද සහ ලිත ඉතිහාසය තුළින් ද පේෂ කර්මාන්තය, බුදු සමය ලක්‌දිව පහළ වීමට පෙර පැවති බව මනාව ප්‍රකට කරයි.

ලංකාවෙන් පමණක්‌ නොව දකුණු ආසියාවෙන් හමු වී ඇති පැරණිම රෙදි කැබැල්ල හමු වී ඇත්තේ, කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ රඹුක්‌කන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි දැලිවල කොටවෙහෙර කැණීම්වලින් බව පුරා විද්‍යාඥයින් මේ වනවිට තහවුරු කර ගෙන ඇත. එහි තැන්පත් ධාතු කරඬුවක්‌ පබලු ගෙත්තම් කළ රෙදි කැබැල්ලක ඔතා, එය මැටි භාජනයක තැන්පත්කොට තිබී ඇත. මෙම චෛත්‍යය දඹදිව සාංචි ස්‌තූපයට නෑකම් කියන බවත් කැණීම්වලින් මතුකර ගත් බ්‍රාහ්මීය අක්‌ෂර සහිත ගඩොල් අනුරාධපුර යුගයට නෑ කම් කියන බවත් එය ලංකාවේ චෛත්‍ය කර්මාන්තයේ ප්‍රාථමික අවධිය සිහිගන්වන බවත් පුරාවිද්‍යා මතය වී ඇත. ඕස්‌ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන ජූඩිත් කැමරන් ගේ පර්යේෂණ වාර්තාවලට අනුව එම රෙදි කඩ වසර 2200 ක්‌ තරම් ඉපැරණි බව තහවුරු කරයි. මේ අනුව ලක්‌දිව පේෂ කර්මාන්තය පිළිබඳ ඉතිහාසය ක්‍රිස්‌තු පූර්ව යුගය දක්‌වා දිවයන බව තහවුරු වනු ඇත. එපමණකුදු නොව, ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සියවස තරම් පැරණි යුගයේ චීනය වැනි රටවල් සමග පවා ලංකාව සබඳතා පවත්වා ඇති බවට පුරාවිද්‍යාඥයින් තහවුරු කර සිටී.

ලොව විවිධ සමාජ අධ්‍යයන කළ මානව හා සමාජ විද්‍යාඥයින් ගේ වාර්තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිළි වන්නේ, ප්‍රාථමික සමාජවල මිනිසුන් ශරීරය උණුසුම්ව පවත්වාගන යැම ආරක්‌ෂාව වැනි කාරණා හේතුකොට ගෙන ඇඳුම් භාවිතා කළ බවය. සභ්‍යත්වය, සදාචාරය වැනි කාරණා පිළිබඳ මිනිසා උනන්දු වන්නේ ඇඳුම් සඳහා රෙදිපිළි භාවිතය පැමිණීමෙන් පසුවය යන්න පිළිගත හැකිය. ආගමික සංකල්ප හා සබැඳි චාරිත්‍ර මත ඇඳුම අරුත් ගන්වා ඇති ආකාරයට නිදසුන් වශයෙන්, සිංහල බෞද්ධ ළමයින් සඳහා ළමා සාරිය මෙන්ම ද්‍රවිඩ හා මුස්‌ලිම් ළමුන් ගේ ඇඳුම ද සුවිශේෂී බවක්‌ පෙන්නුම් කරයි. ඉස්‌ලාම් ධර්මයට අනුව ප්‍රසිද්ධියේ, අඟ පසඟ නිරාවරණය කිරීම තහනම් ක්‍රියාවක්‌ වන අතර, ආගමික නීතිරීතීන් ගේ බලපෑම සංස්‌කෘතිය අභිබවා පෙනීසිටින ආකාරය ද සමාජ නිරීක්‌ෂණයේ දී පැහැදිළි වනු ඇත.

වංශවතුන් කුලවතුන් ලෙස මෙන්ම දුගී දුප්පතුන් මෙන්ම කුල හීනයන් සමාජ සම්මතයනට අනුව පුරාණ ශ්‍රී ලංකාවේ ඇඳුම් පැළඳුම්වලින්ද කැපී පෙනුණ බව ප්‍රකටය. අධිපතීන් ලෙස නම් දැරූවන් පිළිබඳව රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරන්නේ, Ñනිල්වන් කපු වස්‌ත්‍රයෙන් කළ කබායක්‌ හැඳ, යටට සුදු වතක්‌ හැඳ, එA මත තුප්පොට්‌ටිය හැඳ, යළි පොට කීපයක්‌ ඇති වන ලෙස රැළි දමා සුදු පිළියන් ඉන වට ඔතා එA සියල්ල මත නිල්වන් හෝ රතුවන් පටියක්‌ බඳිති, ( එ හෙළදිව,පි.262)

ආභරණ පැළඳීම පිළිබඳව නොක්‌ස්‌ වාර්තා කරන්නේ, පිරිමින් රිදියෙන්, තඹ හෝ පිත්තලවලින් මෙන්ම වංශවතුන් රනින් කළ මුදු පැළඳි බවත් ස්‌ත්‍රීන් සිය නිවෙස්‌වලදී ඇඳුම් පැළඳුම් ගැන එතරම් සැලකිලිමත් නොවුනත් අලංකාරවත්ව ඇඳුම් ඇන්ද බවත්ය. එකල පාවහන් පැළඳීමේ අයිතිය රජුට පමණක්‌ පැවති හෙයින් ස්‌ත්‍රී පුරුෂ කිසිවෙකු පාවහන් නොපැළඳි බව හෙතෙම සඳහන් කරයි. එකල කුල සිරිත් අතර මනාලයා මනාලියට ඇඳුම් සැපයිය යුතුය. කුලය හා යහ ගුණ පිළිබඳව සැලකූ පූර්ව සමාජය රූපය හා ධනය ගැන එතරම් උනන්දුවක්‌ නොදැක්‌ වූ බව නොක්‌ස්‌ පෙන්වා දෙයි.

උඩු කය නිරාවරණව සිටින පිරිමින් උත්සව අවස්‌ථාවන්හිදී සම්පූර්ණ ඇඳුම් අඳිති. කෙටි හැට්‌ටයකින් සැරසීම එකල සිරිතය. ලේන්සුවක්‌ හිසෙහි බැඳීම සිරිතක්‌ වුවද විශේෂ වරප්‍රසාද ලද්දෝ තොප්පියක්‌ පැළඳි බවත් ස්‌ත්‍රීහු මන්තය සහිත හැට්‌ටා ඇඳ වළලු සහ තෝඩු පැළඳි බවත් රජුන් ගෙන් රන් ආභරණ තෑගි ලද්දන් පමණක්‌ රන් ආභරණ පැළඳි බවත් එකල පුද්ගලයකු ගේ තත්ත්වය හා ධන සම්පත්තිය ප්‍රදර්ශනය වූයේ ඇඳුම් වර්ගයේ උසස්‌කම හා සංඛ්‍යාව අනුව බවත් වෛද්‍යාචාර්ය ජෝන් ඩේව් ගේ සටහන්වල වෙයි. සීගිරි සිතුවම් මෙන්ම කව් සිළුමිණ ද උපුටා දක්‌වන හෙතෙම පුරාණ ලංකාවේ උඩුකය නොවැසූ කාන්තාවන් විසූ බවට සාක්‌ෂි පෙන්නුම් කරයි.

අනුරාධපුර යුගයේ රචිත සිඛවළඳ හා සිඛවළඳ විනිසට අනුව සතුන් ගේ සමින් කළ පාවහන් තත් යුගයේ භාවිත බව සනාථ කෙරෙයි.

චාරිත්‍ර වාරිත්‍ර මෙන් දේශගුණය ද ඇඳුම් සකස්‌ කරවයි.මේ කරුණු අනුව මෙන්ම, පොත පතින් පුරාණ ගල් රූපයෙන් සහ සිතුවම්වලින් ලැබෙන සාක්‌ෂ්‍ය අනුව ද පුරාණ සිංහලයන්ගේ ඇඳුම් පැලඳුම් දකුණු ඉන්දියාවේ ජනයා ගේ ඇඳුම් පැලඳුම් ව්‍යවහාරයට අනුගුණව සකස්‌ කරනු ලැබීයයි කල්පනා කළ හැකි ය ( පුරාණ සිංහල ස්‌ත්‍රීන් ගේ ඇඳුම්- මාර්ටින් වික්‍රමසිංහ, පි.38 )

මිනිසුන් අභිචාර විධි, විවිධ ඇදහිලිs විශ්වාස මෙන්ම එA හා බැඳුණු දෙවි දේවතාවුන් ද නිර්මාණය කර ගත්හ.එසේ ගත් දෙවිවරුන්ගේ ඇඳුම් පැළඳුම් ද ඔවුන් විසින්ම නිර්මාණය කරන ලදී. භාරතීය අජන්තා සිතුවම් වගේම සීගිරි සිතුවම්, මෙන්ම පුරාණ දේව රූප හා වෙනත් සිතුවම් පරීක්‌ෂා කළ විද්වතුන්ට අනුව කලින් කල පැවති මානව සමාජ හැසිරීම් ඇඳුම් පැළඳුම් පිළිsබඳව අවබෝධයක්‌ එයින් ලබා ගත හැකිය. පුරාණ පොත පත හා සිතුවම් පරීක්‌ෂා කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පෙන්වා දෙන්නේ, නවවන ශත වර්ෂය පමණ වන තුරු කුලීන සිංහල ස්‌ත්‍රීහු පවා උඩුකය නොවැසූහ යි නිශ්චය කළ හැකි සාක්‍ෂි පුරාණ සිතුවම්වලින් මෙන්ම පොතපතින්ද ලැබෙන බවය.

වංශවතුන් කුල හීනයන්, දුප්පතුන් මෙන්ම පොහොසතුන් මධ්‍ය කාලීන ලංකාවෙහි රෙදි පිළි භාවිතයේ දී වටිනාකමින් වෙනස්‌කම්වලින් යුතුව භාවිත කළ බව ප්‍රකටය. සාමාන්‍ය මිනිසුන් හිස්‌ වැසුම් හෝ පාවහන් නොමැතිව ගමන් ගත් බවත්, පාවහන් අලංකාරය සඳහා භාවිත වූ බවත්, රජ තුමා අලංකාරය සඳහා හිස වටා බඳින ලද රෙද්ද, zදුකුල පට්‌ටZ සැරසිල්ලක්‌ ලෙසත් රාජකීය ඇඳුම් කට්‌ටලයට අයත් එකක්‌ ලෙසත්, එකල නළÍනන් ගේ හිස්‌ සැරසිල්ල zමකුටZ යනුවෙනුත් හඳුන්වා ඇති අතර රාජ ලීලාව ඔපවත් කළ ඔටුන්න (මොලි, මකුට) යනු වෙනුත් හඳුන්වන ලදැයි ( ගයිගර්) සඳහන් කරයි. එකල සමාජයේ, සාමාන්‍යයෙන් භාවිත වූ ඇඳුම කොටස්‌ දෙකකින් සමන්විත විය. එනම් උඩුකය හා යටිකය වැසීම සඳහාය. චිත්‍ර හා මූර්ති පදනම් කරගෙන ඇඳුම ගැන සාමාන්‍ය අදහසක්‌ ඇති කරගත හැකිය. කාන්තාවන් උඩුකය නොවැසූ බවට සාධක ඇත. සීගිරි සිතුවම්වල රාජකීය කාන්තාවන්ගේ උඩුකය නග්නව මෙන් දක්‌වා ඇති අතර පරිවාර කාන්තාවන්ගේ උඩුකයෙහි තනපටක්‌ දක්‌නට ලැබේ. පුරුෂයන් ද ප්‍රධාන වශයෙන් භාවිත කළේ, යටිකය ආවරණය කිරීමට වස්‌ත්‍රයක්‌ පමණක්‌ වුව ද උතුරු සළුවක්‌ ද බොහෝවිට පැළඳීමට පුරුදුව සිටියහ. හිස්‌ පළඳනාවක්‌ වශයෙන් තලප්පාවක්‌ පැළඳීම සිරිත විය. ආභරණ පැළඳීම ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂය අතරම පැවතිණ. කර්ණාභරණ හා මාලය, පැළැඳි ආභරණ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගෙන ඇත. රන් රිදී වර්ග හා මුතු හා මැණික්‌ වර්ගත් ඇතැම් විට කැස්‌බෑ කටු වැනි වූ කිරි ගරුඬ වර්ගත් ආභරණ අලංකාර කිරීම සඳහා යොදා ගනු ලැබීය. භික්‌ෂූන්ට පාවහන් පූජා කරන ලද බව දැක්‌වේ.ZZ ( ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය- මහාචාර්ය,එච්.ටී. බස්‌නායක,1995,පිටු අංක,188)

සීගිරි සිතුවම් පරික්‌ෂා කළ විද්වතුන් අපේ ඇසට ලක්‌වන කාන්තා රූපයන්හි සාමාන්‍ය ඉරියව්, බැල්ම,සිනහව,පමණක්‌ නොව ඇඳුම් පැළඳුම් සම්බන්ධව ද අදහස්‌ පළකොට ඇත මල් පල පැළඳි කාන්තාව,මල් පිපුණු කොළොම් ගසක්‌ සේ මීතල් නැමැති කවියා දකී ZZ( 446 වැනි ගීය)

උඩුකය වැසූ මෙන්ම නොවැසූ සර්වාභරණයෙන් සැරසුන මෙන්ම ආභරණ රහිත මල්පල පැළඳි සීගිරි ලලනාවන්, සමකාලීන සමාජ තතු, විශද කරන බව විද්වත් මතය වෙයි.

වහවත වහමහ (මෙ)සෙයනිඅ(ප) සිති වියි (න)

(නො) රෙනද වෙනෙ සිනපට බෙ (එ) රනවන (මෙ) පිළිසනට

වාවාගත යුතු නම් අප වාවාගත යුත්තේ මේ අන්දමට කල්පනා කිරීමෙනි. සිනිඳු සුමුදු පට සළු හැඳි එA රන්වන් තැනැත්තිය මේ වනයෙහි සැඟැවී සිටීමට රැඳී සිටින්නී නො වේ.ZZ ( සීගිරි ගී සිරි,2002, වි.ජ.මූ.ලොකුබණ්‌ඩාර,පි. 83 )

පට සළු හැඳ සුඛෝපභෝගී දිවියක්‌ ගෙවන ඇය, වනයට පැමිණ ඇති අතර සෞන්දර්යයෙන් මත්ව සිටින්නියන් අතර රැඳී සිටී. එය කවියා ගේ පරිකල්පනය පෙර සඳහන් කළ පරිදි ,තත්කාලීන සමාජ පරිසරය පිළිබිඹුq කරන්නක්‌ ලෙස පෙනෙයිs.

පළමුවන කාශ්‍යප ( ක්‍රි.ව. 473-491 ) රජු සීගිරියෙහි ඉතිහාසය වෙනස්‌ කරමින් රාජ්‍ය විචාල බව ඉතිහාසය ඔප්පුකර සිටී. සිත්තම් හැරුණකොට ලක්‌දිව විවිධ පෙදෙස්‌වලින් සීගිරි පැමිණි ජනයා සීගිරි පව්වෙහි තබා ඇති සටහන් ද සාහිත්‍යමය අතින් පමණක්‌ නොව සමාජ හා මානව විද්‍යාත්මක අතින් ද වැදගත්කමක්‌ උසුලන බව කිව යුතුය. තත් යුගයේ එනම් අනුරාධපුර යුගයේ ශිෂ්ටාචාරයේ දෙවන භාගයේ, ලංකාවෙන් පිටරට යවන ලද භාණ්‌ඩ අතර මුතු, විනිවිද පෙනෙන ගල්, සිනිඳු රෙදි , කැස්‌බෑ ලෙලි, යනාදිය වශයෙන් කොස්‌මස්‌ගේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම හියුංසාන්, ටොලමි මෙන්ම රාජතරංගනී කෘතියෙන් ද ලංකාවෙන් රෙදිපිළි පිටරට යෑවූ බව සනාථ කරන සාක්‌ෂි වෙති. තවතද පෙරිප්ලස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී ZZග්‍රන්ථයෙන් චීනයෙන් ලංකාවට රෙදිපිළි ගෙන ආ බව චීන වාර්තාකරුවන් සඳහන්කර ඇතැයි මහාචාර්ය බස්‌නායක සූරීන් සඳහන් කරයි.

අතීත සිංහල ජනයා කෘෂිකාර්මික ජීවිතයක්‌ ගත කරමින් මනාව සිය කුටුම්භය ආරක්‌ෂා කළ බවත් සිය සමූහය තුළ පරමාදර්ශී දිවියක්‌ ගතකළ බවත් ප්‍රකටය. එකල සභ්‍යත්වය, සදාචාරය යන මානයන් කිසිසේත් ඇඳුමට සීමා නොවුනි. කුලය අනුව වෙනස්‌කම් පැවති බව ඉතිහාස සටහන් අනුව පිළිගත හැකිය. සිංහල මිනිසුන් ගේ උඩුකය ඇඳුම කපු හෝ හණ පිළියෙන් කළ හැට්‌ටයකි. ඔවුහු සරුවාලයක්‌ මෙන් දවටා ගනු ලැබූ වස්‌ත්‍රයක්‌ ඉණෙන් පහළට අඳිති. කුලවත් ජනයා හිසෙහි රතු හිස්‌ වැස්‌මක්‌ දමති. ඔවුන් එය භාවිතා කරන්නේ, මහත් අභිමානයකිනි. නොයෙක්‌ මැජික්‌ ගල් එබ්බූ කර්ණාභරණවලින් ඔවුන් කන් සරසා ඇත. ඔවුහු රිදී, ඇත්දත් හෝ රන් මිටි සහිත පිහි ඉණේ ගසා ගනිත්, පහත් කුලවල ජනයා ඔවුන් ගේ ඉඟටිය ඔස්‌සේ දැවටූ කුඩා රෙදි කඩක්‌ පමණක්‌ ඇතිව සම්පූර්ණයෙන්ම වාගේ නග්නව හැසිරෙත්. ගෑනු පියයුරු නොවසා ඔබ මොබ යති... ඔවුහු ගෙලෙහි රන් හෝ රිදී මාලත් අතැඟිලි හා පයෑඟිලිවල මුදුත් දමති. Z( µරිලිප්පු බල්දේයුස්‌ ගේ ලංකා විස්‌තරය 1672) උපුටා ගැනීම 2002 ඔක්‌ 15 දෙසතිය)

පුරාණ ලංකාව හා එහි වැසියන් පිළිබඳ අධ්‍යයනයක්‌ කළ වෛද්‍යාචාර්ය ජෝන් ඩේව් ගේ ඉතිහාස සටහන් මෙන්ම රොබට්‌ නොක්‌ස්‌, එමර්සන්ට්‌ ටෙනන් වැනි විද්වතුන් ගේ වාර්තා ද ලාංකිකයන් ගේ අතීත තොරතුරු ඉගෙනුමට මනා පිටුබලයක්‌ ලබාදෙන බව සඳහන් කළයුතුය සිංහල පවුලක සංවිධානය බෙහෙවින් චාම්ය. එක්‌ එක්‌ සාමාජිකයා ගේ කටයුතු= මොනවට පැහැදිළි ය. සී සෑම, නියර බැඳීම ආදි ගොවිතැන් පිළිබඳ වෙහෙස ගෙන දෙන කටයුතු පිරිමි පක්‌ෂයට හිමි වන අතර නෙළීම හා ගොයම් කැපීමට සහය වීම වැනි පහසු කටයුතු ස්‌ත්‍රී පක්‌ෂයට නියමිත ය. ගෙදරදොර බලාගැනීම හා එහි කටයුතු පිළිබඳ පාලනය සම්පූර්ණයෙන් ස්‌ත්‍රී පක්‌ෂයට අයත් වන්නේ, ඔවුන් ගේ විශේෂ යුතුකම් වශයෙන් ගැනෙයි. ගෙදරදොර පිරිසුදු ලෙස තබා ගැනීම, ඉවුම් පිහුම්, කිරි දෙවීම හා නූල් කැටීම ඔවුන් ගේ යුතුකම්ය. මේ විස්‌තර වැඩි වශයෙන් ගැළපෙන්නේ මධ්‍යම පන්තියටයි. උසස්‌ පවුල්වල කුමාරිහාමිලා සම්පූර්ණයෙන් ම වාගේ වැඩක්‌ නැති ජීවිතයක්‌ ගත කරන අතර දුගී පවුල්වල ස්‌ත්‍රීහු පරම වාල් ජීවිතයක්‌ ගත කරත්.ZZ( ඩේව් දුටු ලංකාව ඡ් පරිවර්තනය,ඇල්ලෙපොල එච්.ඇම්.සෝමරත්න, විසිදුණු ප්‍ර. පිටු අංක 251)

බෞද්ධ ජනයා පිරිකර වශයෙන් පූජ්‍ය පක්‌ෂය උදෙසා චීවර පූජාවත්, ගෞරව නමස්‌කාර පූර්ව ගෞරව කිරීම මූලික කර ගෙන පිරුවට ( සුදු රෙදි) භාවිතයත් බුදු සමය ලක්‌දිව පහළවීමත් සමග, සමාජගත චාරිත්‍රයකි. එමෙන්ම සියÀ උත්සව අවස්‌ථාවන්හි ප්‍රධානීන් අසුන්ගත් ආසනවලට සුදුරෙදි ඇතිරූ බව මහාවංශයෙහි සඳහන් වෙයි. තවද මිහින්තලා ස්‌තූප පූජොත්සවයේ දී, අනුරාධපුර සිට පෙරහැර මාර්ගය සැතපුම් හතක්‌ පිරුවට එළන ලද බව රාජාවලියෙහි සඳහන් වෙයි.

ක්‍රි.ව.1153 පමණ කාලයේ, රාජ්‍ය විචාළ පළමුවන පරාක්‍රමබාහු රජු ප්‍රථම වරට කඨ§න පිංකම් පැවැත්වූ බව රාජරත්නාකරයෙහි සඳහන් වෙයි. මහාවංශයෙහි ද සඳහන් තොරතුරු අනුව, උදයේම ගස්‌වලින් කපු කඩා පිරිසිදු කර නූල් අඹරා රෙදි වියා පඬු පොවා සිවුරු සකස්‌ කොට ඉර බැසීමට පෙර නිම කිරීම, කඨ§න පිංකමේ චාරිත්‍රයක්‌ බව ප්‍රකට කරයි.

zzඉතා ආදි යුගයකදී ලංකාවේ ජනතාවගෙන් විශාල කොටස කෘෂිකාර්මික වූහ. වෙනත් කටයුතුවල නියුක්‌ත වූ ජනගහනයේ ප්‍රමාණයට හස්‌ත කර්මාන්තයෙහි යෙදුණු ස්‌වල්ප සංඛ්‍යාව අයත් වූහ. සභ්‍යත්වය සහ සංස්‌කෘතිය දියුණුවීම හෙමින් සිදු වූ එA සමාජයෙහි බහුතර වැසියන්ට දිනපතා ආහාර ද්‍රව්‍ය හැර වෙනත් අවශ්‍යතා වූයේ, ස්‌වල්පයක්‌ වන්නට ඇත.ZZ (ඇසූ දුටු ලංකාව,එමර්සන් ටෙනන්ට්‌ ,පරිවර්තනය,2001,සෝමපාල ජයවර්ධන,)

සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර මේ පිළිබඳව මුලින්ම අදහසක්‌ සමාජ ගත කළ ඇල්ප්‍රඩ් වේබර් විද්‍යාත්මක හා කාර්මික දැනීම හා එA අනුව ස්‌වාභාවික උපායන් පාලනය කළ හැකි බලය ශිෂ්ටාචාරය වශයෙන්ද, සමාජයේ කලාත්මක, ආගමික දාර්ශනික හා ඊට සමාන නිෂ්පාදන සංස්‌කෘතිය වශයෙන්ද හඳුන්වා ඇත. ( සමාජ හා මානව විද්‍යාව, ආචාර්ය දයා අමරසේකර, 2005, පි.75 )

Ñමහනුවර රාජධානි සමයෙහි මෙරට භාවිත වූ ඇඳුම් පිළිබඳ තොරතුරු සමකාලීන යුරෝපීයයන් ලියා ඇති විස්‌තරවලින් හා ඇඳ ඇති චිත්‍රවලින් බොහෝ දුරට හෙළිවෙයි. මෙකල විසූ රජුන් විසින් විවිධාකාර ඇඳුම් අඳින ලද බව පෙනේ, අපට දක්‌නට ලැබෙන ආදිම සිංහල රාජ චිත්‍රය zයෝරිස්‌ මෑන් ස්‌පිල්බර්ජන් Z නැමැති ඕලන්ද ජාතික අද්මිරාල් වරයා ගේ ඓතිහසික සංග්‍රහයෙහි (1605) එන මහනුවර විමලධර්මසූරිය රජුගේ (1592 - 1604 ) රූපයකි. එහි විමලධර්මසූරිය රජු උඩුකයට කර වටා ලු මන්තයක්‌ සහිත මැජික්‌ කටුව දක්‌වා අත් දිග බුරුල් දිග හැට්‌ටයක්‌ නොහොත් කබායක්‌ ද යටිකයට බොලට දක්‌වා වැටුණු රන් කවනි සළුවක්‌ ද ඇඳ, හිසෙහි ඔටුන්නක්‌ ද මිරිවැඩි සඟලින් තොර පයෙහි පාද ජාලා ද දමා දෙකන ගෙලෙහි හා බාහුවෙහි ආභරණ පැළඳ සිටිනු දක්‌වයි. (දෙසතිය, 2002,ඔක්‌තෝම්බර්)

ලක්‌ ඉතිහාසය පිළිබඳ විවිධ ඉතිහාසඥයින් සහ විද්වතුන් ගේ ඉතිහාස සටහන් අනුව ඔවුන් තත්කාලීන තොරතුරු ඔස්‌සේ අතීතය කරා පිය මැන පරිණාමය සොයන්නට වෙහෙසී ඇතැයි සිතාගත හැකිය. මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතිය පිළිබඳව කරුණු සඳහන් කරන මහාචාර්ය ගයිගර් පවසන්නේ, Ñ මධ්‍යතන යුගයේ ස්‌ත්‍රී පුරුෂයින් ඇඳි වස්‌ත්‍ර (වත්ථ) පිළිබඳ නියම විස්‌තරයක්‌ දීමට අපොහොසත් වෙමු. සමහර විට එදා ඇඳි ඇඳුමත් අද ඇඳුමත්, ලංකාව බ්‍රිතාන්‍යයන් යටතට වැටුණු පසු, පසු ගිය ශත වර්ෂය මුලදී භාවිත වූ ඇඳුමත් යන ඇදුම් අතර ලොකු වෙනසක්‌ නොතිබෙන්නට ඇත., පිරිමින් ගේ ඇඳුම සාමාන්‍යයෙන් ම ඉණ වට දැවටි රෙදි කෑල්ලකට වඩා යමක්‌ නොවූ බවත්, මේ රෙදි කඩෙහි ප්‍රමාණයත් වර්ගයත් අඳින්නා ගේ තත්ත්වයට අනුකූල වූ බවත්, කෝඩිනර් පවසයි. යනුවෙනි. ( මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතිය, මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්, පරිවර්තනය, ආචාර්ය ඇම්.බී.ආරියපාල, 1969, පිටුව 63,ප්‍රථම මුද්‍රණය, ගුණසේන) සද්ධර්මාලංකාරයෙහි එන දිළිඳු ස්‌ත්‍රියක්‌ නිර්වස්‌ත්‍රව භික්‌ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම පිළිබඳ පුවත යථෝක්‌ත සඳහන සනාථ කරන්නට සමත් වනු ඇති.

සමාජ හා මානව විද්‍යාඥයින් ගේ අරුත් දැක්‌වීමට අනුව ශිෂ්ටාචාරය උපකරණ අරුතිනුත්, සංස්‌කෘතිය භාවිත අරුතිනුත් විමසන කල්හි සංස්‌කෘතිය එA එA ජන සමූහයා තුළින් දැකිය හැක්‌කකි. මෙහිදී ආහාරපාන, අභිචාර, සිරිත් විරිත් මෙන්ම ඇඳුම් පැළඳුම් මගින් ද සංස්‌කෘතික අනන්‍යතාවය ප්‍රකට කරන බව කිව යුතුය. චර්යාව සමග ඇඳුම තුළින් අනෙකාට කරන බලපෑමට කදිම උදාහරණයක්‌ ලෙස ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් බටහිර ජාතික ක්‍රීඩා ලෝලීයක විසින් තම ඇඳුම් උනා දමා නිරුවතින් ක්‍රීඩාංගණය තරණය කිරීම විවිධ ජන සංස්‌කෘතීන් අතර සංවාදයට බඳුන් වූයේද විවිධ හැඩරුවකිනි. එA පිළිබඳව අපේ ප්‍රකට මාධ්‍යවේදිනියක්‌ සඳහන් කළේ, අන්තර්ජාලය අපේ කාන්තාව ගේ මොළය වෙනස්‌ කරන මෙවලමක්‌ ලෙසය. ප්‍රකට ඇමරිකන් ජාතික මානව විද්‍යාඥයෙකු වූ ඩෙස්‌මන් මොරිස්‌ට අනුව ආකර්ෂණය කාන්තාවගේ සවිධානයේ සැඟව ක්‍රියා කරන බව විශ්වාස කළහැකිය. අඩ නිරුවත හා නිරුවත පිළිබඳව කලාව හා සෞන්දර්ය විෂය තුළ කෙරෙන සාකච්ඡාව සංස්‌කෘතිය සමග විමසීමේදී ගැටලු සහගත වුවද, ඕනෑම ජන සමූහයක්‌ ඔවුන් ගේ බහුතරය අනුමත කරන දෑ සිදු කිරීම විසංවාදයට හේතු නොවූවද, වෙනත් චර්යාවන් සමග සිටින වෙනත් සමූහයකට එය විසංවාදයට තුඩු දෙන්නක්‌ විය හැකිය.

විලාසිතා හෙවත් පැෂන් ෂෝ, තරු පහේ හෝටල්වල ජනප්‍රිය අංගයකි. එහෙත් එම දැකුම්, ක්‍රම වේද, සාමාන්‍ය ජීවිතයේදී භාවිතයට නොගැළපෙන බව විලාසිතා ශිල්පීන් විසින්ම පිළිගනී. ( ද්‍රව්‍ය වශයෙන් භාවිතා වන්නේ, පරිසරයෙන් ලබා ගන්නා, පන් වර්ග, කඩදාසි, සම්, කෙඳි වර්ග හා ගෝනි ආදී ද්‍රව්‍ය නිසා ද්‍රව්‍ය භාවිතය ගැට`ථ සහගත වීම ) එAවා, විචිත්‍ර බව, වින්දනය, වගේම විචිත්‍ර සංකල්පනා මවන්නට සමත් වන එAවා බවත් ඉහළ ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ලැබෙන බවත් ඔවුන් ම පෙන්වා දෙන කරුණකි. මෙහිදී සිදුවන ශරීර අඟ පසඟ අනාවරණය කිරීමේ නිදහස හා ප්‍රතිචාර අතර පවතින සබඳතාවය අන්තර්ජාතික මට්‌ටමට යායුතු නොවන බව ඇතැම් නිරූපණ ශිල්පීන් පවා පිළිගන්නා කරුණකි. මෙම තත්ත්වය සමාජගත වීම සභ්‍යත්වය සදාචාරය වැනි සමාජ අගයන් හා විළිබිය යන කාරණා සමග කල්පනා කළයුතුය.

ප්‍රකට නිරූපණ ශිල්පිණියක්‌ වරක්‌ සඳහන් කළේ, z ලස්‌සන ඇඟක්‌, දෙපා යුවලක්‌ තිබෙනවා නම්, කිසියම් කාන්තාවක්‌ කෙටි සායක්‌ සහ බ්ලවුසයක්‌ ඇඳීමේ වරද මොකක්‌ද, එAක සංස්‌කෘතියට සහ සභ්‍යත්වයට හානියක්‌ යෑයි කියා මා සිතන්aනේ නැහැ, ලස්‌සන දේ දකින විට එය සංයමයෙන් විඳින්න හෝ තමාට අදාළ නැත්නම් උපේක්‌ෂාවෙන් සිටීම දියුණු මිනිස්‌ ගතියක්‌, කෙටි සායක්‌ ඇන්ද ගැහැනියක්‌ දුටු සැනින් ආවේග අවදි කරගෙන එA කාන්තාවට කායික මානසික හිරිහැර කරන්නට යනවා නම් මොකක්‌ද එA සභ්‍යත්වයZ යනුවෙනි. මෙහිදී ඇය ප්‍රශ්න කර සිටින්නේ, දියුණු මනුෂ්‍යයෙක්‌, සමාජයක්‌ එලෙස නොවිය යුතු බවය. ප්‍රශ්නය පවතින්නේ ද එතැනය, එවැනි ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ සමාජගතව පවතින්නේ ද, වෙළඳපළ තීරකයින් ගේ ක්‍රියාකාරකම් හමුවේ අපේ කාන්තාවගේ අධ්‍යාත්මය විචල්‍ය වීම ද සංවාදයට කරුණකි. මේ වෙනස්‌කම් හා සීමාවන් පිළිබඳ අවබෝධය අද අනිවාර්ය දෙයක්‌ වන්නේ, මෙතෙක්‌ අප පැමිණි දිගු ගමන වෙනුවට, කෙටි මගකින් යළි නිරුවත කරා ගමන් කරන්නේ ද යන කාරණය පිළිබඳ සිතන්නට තරම් සමාජ පෙළඹවීමක්‌ දෘෂ්‍යමාන වන බැවිණි.

යටත් විජාතික ආක්‍රමණයත් සමග යුරෝපීයයන් ගේ ඇඳුම් විලාසිතා එවක ලාංකීය සමාජයේ තත්වය හා බලය සංකේතවත් කළ සාධකයක්‌ ලෙස ප්‍රබලව සමාජගත විය. මානව පරිණාමය මෙන්ම විලාසිතාවන් ගේ ද වෙනස්‌වීම නොවැළැක්‌විය හැකි දෙයකි. මිල අධික ඇඳුම් භාවිතය වගේම විලාසිතා රැළි අනුකරණය ද තමා නොදැනුවත්වම සිදුවන තරමට අද ප්‍රායෝගික වී ඇතැයි ද මතයකි. අද අන්තර්ජාතික වෙළඳපොළේ ප්‍රදර්ශනය වන ඇඳුම් ලංකාවේ අඩු මිලකට විකිණෙන බව සුලභ සිද්ධියක්‌ මෙන්ම වෙළඳපළ ඇගයුමට ලක්‌ව ඇති කරුණකි. බාල, මහලු, තරුණ, ස්‌ත්‍රී, පුරුෂ වෙනසක්‌ නැතිව අද විලාසිතාවන්ට නැඹුරුව සිටින අතර ඇතැම් විට බොහෝ මනාලියන්, විලාසිතා ශිල්පීන් ගේ zඩමිZ බවටද පත්වන අතර, ධනය, බලය, සමාජ තත්ත්වය, රැකියාව සියලු සාධක අභිබවා එA සියලුම ක්‌ෂේත්‍ර පුරා විලාසිතා රැළි හමා යමින් පවතින බවද සමාජ නිරීක්‌ෂණයේ දී මනාව ප්‍රකට වෙයි. අධ්‍යයනයේ දී, එක්‌ මනාලියක්‌ පැවසුවේ, zමම එA මෝස්‌තරයට එච්චරම කැමති වුණෙත් නෑ, එAත් හස්‌බන් විරුද්ධ වුණෙත් නෑZ අන්දවපු එක්‌කෙනා කිව්වෙ දැන් පැෂන් එක කියල..Z යනුවෙනි, විලාසිතා අගයන්නන් ප්‍රීණනය කරන්නට, ඔරෙත්තු නොදෙන තරම් මුදලක්‌ වැය කිරීමට සිදුවීමෙන්, ඈ පසුව එදෙස බැළුවේ අතෘප්තිකර ආකාරයකින් යෑයි මට සිතුණි. ඇතැමෙකු පවසන්නේ, ඇඳුමට තහංචි නොපැමිණවිය යුතු බවත් එය පූර්ණ නිදහස තුළ භාවිත වියයුතු බවත්ය. එහිදී පුද්ගල අධ්‍යාත්මය හා සමාජ ඇස පිළිබඳව අවබෝධය තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සැබැවින්ම ඇඳුම භාවිතා විය යුත්තේ විලි වසා ගැනීමටය. සදාචාරාත්මක වටිනාකම් පිළිබඳව සමාජ විමසුමක දී ප්‍රකට වන්නේ, අද බොහෝ දෙනකු විලාසිතාවනට වහල් වීම නිසා ස්‌ථානයට, අවස්‌ථාවට අනුව ඇඳුම භාවිතා කිරීමට යොමු නොවන බවය, තම දරුවාගේ පාසලට යන මව, සිසුන් ගේ උසුළු විසිළුවට ලක්‌ වීමෙන්, විවේචනයට හා ගැරහුමට පාත්‍රවීම, දරුවාගේ මානසික තත්ත්වයට කරන බලපෑම ගැනවත් කල්පනා කළ යුතුය. නිරුවත මෙන්ම අඩ නිරුවත සමාජගත කරන වාණිජ්‍යය, අලෙවිය ලාභය වැනි කරුණු ගැන පමණක්‌ කල්පනා කිරීම ෙ€දජනක කරුණකි. නිසි පරිදි විළි නොවැසෙන ඇඳුම් භාවිතයට මෙතෙක්‌ බලපා ඇති කරුණු පිළිබඳ අධ්‍යයනයේ දී බොහෝ දෑ අපට සමාජ සාධක ලෙස පිළිගත හැකිය.

ඇතැම් විට මිනිසා ගේ අභ්‍යන්තරයෙහි කොතෙකුත් හිස්‌ බව තිබුණ ද, ධනය, කුලමල, ජයග්‍රහණ, පමණක්‌ නොව මහා වේදනාවන් මෙන්ම විවිධ ව්‍යසනයන් කොතෙකුත් පැවතිය ද විලාසිතා හා ඇඳුම් පැළඳුම් එAවා අකාමකා කර දැමීමටත් ඇවැසි පරිදි ඉස්‌මතු කර පෙන්වීමටත්, මිනිසා උපයෝගී කර ගන්නා ආකාරය සමාජ නිරීක්‌ෂණයේ දී ප්‍රකට කරයි.

ලොව විවිධ සමාජ අධ්‍යයන කළ මානව හා සමාජ විද්‍යාඥයින් ගේ වාර්තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිළි වන්නේ, ප්‍රාථමික සමාජවල නම් මිනිසුන් ශරීරය උණුසුම්ව පවත්වාගන යැම ආරක්‌ෂාව වැනි කාරණා හේතුකොට ගෙන ඇඳුම් භාවිතා කළ බවය. සභ්‍යත්වය, සදාචාරය වැනි කාරණා මිනිසා උනන්දු කරවන දිසානතිය ඇඳුම් සඳහා රෙදිපිළි භාවිතය පැමිණීමෙන් පසුව එය, පැහැදිළි මාවතකට පිවිසි බවය. ආගමික සංකල්ප හා සබැඳි චාරිත්‍ර මත ඇඳුම අරුත් ගන්වා ඇති ආකාරයට නිදසුන් වශයෙන්, සිංහල බෞද්ධ ළමයින්, සඳහා ළමා සාරිය මෙන්ම ද්‍රවිඩ හා මුස්‌ලිම් වරුන් සඳහා ද ඇඳුම සුවිශේෂී බවක්‌ පෙන්නුම් කරයි. ඇතැම් විට ආගමික නීති රීතින් ගේ බලපෑම ද සංස්‌කෘතිය අභිබවා පෙනීසිටින බවක්‌ පෙන්නුම් කළද, නාගරික සමාජය තුළ සභ්‍යත්වය පිටු දකිමින් පසුගාමී සලකුණක්‌ සටහන් කිරීම ග්‍රාමීය සමාජයට වගේම අනාගත පරපුරට බෙහෙවින් බලපාන අඳුරු සලකුණක්‌ ලෙස සඳහන් කළ හැකිය.

පුරාණ ස්‌ත්‍රීන් ගේ, ඇඳුම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ඇති මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඉදිරිපත් කර ඇති විවිධ දිසාවන්ට අනුව, ඇඳුම කලින් කල වෙනස්‌ වෙවී පැමිණි බව මනාව පැහැදිළි වෙයි. එනම්, උඩුකය නොවැසීම, සළුවකින් යටිකය වසාගෙන තවත් රෙදි කඩකින් උඩු කය වැසීම, තනපට බැඳීම, තනපට බැඳ රෙදි කඩකින් උඩු කය වැසීම, හැට්‌ටයෙන් උඩු කය වැසීම, හැට්‌ටය හැඳ සාරි පටින් උඩු කය වැසීම ( පුරාණ සිංහල ස්‌ත්‍රීන් ගේ ඇඳුම, පිටුව 16,17) වශයෙනි.

තත්කාලීන කාන්තාවන් ගේ ඇඳුම් පැළඳුම් ගැන සැළළිහිණි සන්දේශයෙන් ද ලැබෙන තොරතුරු වැදගත් ලෙස සැලකිය හැකිය.

Ñඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි නිති.

( පද්‍ය 8)

Ñබැඳහළ රුවන් තනපට කියෙලිය පවුර

( පද්‍ය 9)

Ñගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල

Ñසළසා උකුළු වට රසදුළ මිණි මෙවුල

සකසා දෙ තන හර සඳුනෙන් කර සිහිල

( පද්‍ය 44)

Ñතවර කර කොකුම් සඳුනෙන් තුඟු සියල

ඵවර සුවඳ මල් දම් පැළඳ මන කල

( පද්‍ය 58)

Ñ පුලා සුවඳ මලවුල් කර වරල් බැ`ඳ

දූලා රන් පතින් සරසා සවන් සොඳ

නූලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ

( පද්‍ය 73)

තත් යුගයේ, කාන්තාවන් පට සහැ`දි බවත් මෙවුල් දම් පැළඳි බවත් කඩුපුල් මලින් මෙන්ම විවිධ සුවඳ මලින් හා සුවඳින් කේශ කළාපය සැරසූ බවත්, මල් දම් පැළඳි බවත්, එසේම තනපට බැඳීම කොකුම් සඳුන් ඇඟ තැවරීම පියයුරු සඳුන් ආලේපයෙන් සිසිල් කිරීම යනාදිය කළ බවත් ඉහත පද්‍යයන් තුළින් පැහැදිළි වෙයි. සන්දේශ සාහිත්‍ය ප්‍රකට කරන මෙවැනි තොරතුරු පිළිබඳව ද නොසලකා හැරිය නොහැකිය.

ඇඳුම් විලාසිතා පිළිබඳව පොදුවේ සලකා බැලිය යුතු තවත් පැත්තක්‌ ලෙස, සිනමාව ද සැලකිය හැකිය. සමාජ විපර්යාසයේ එක්‌ නියෝජිතයෙකු වශයෙන් චිත්‍රපටය පිළිබඳ විමසීමේ දී, එය හුදෙක්‌ තරුණ පරම්පරාවේ සිතුවිලි, ආකල්ප වෙනස්‌ කරන්නට සමත් ප්‍රබල මාධ්‍යයක්‌ වශයෙන් හඳුනා ගැනේ, ලාංකීය සිනමාව එහි පසුගාමී සලකුණක්‌ සටහන් කළද, ලෝක සිනමාව බේදයකින් තොරව පෙර අපර දෙදිග යෞවන යෞවනියන් ගේ විලාසිතාවන්ට බලපෑම් කිරීමට සමත්ව ඇත.

Ñකොත්රුවල ඉන්න අයියන්නා කියන සන්නාලියා නිතරම චිත්‍රපට බලන්නෙකි. ඔහු සමාජ පර්යේෂකයන් ගේ ප්‍රශ්නාවලියක දී ප්‍රකාශ කර ඇත්තේ, zමට මේ නගරෙ කිට්‌ටුවට එන හැම චිත්‍රපටයක්‌ම බලන්න වෙනව Z කියාය. මේ පිළිබඳව මවිතයට පත් පර්යේෂකයින් තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී, හෙළි වි ඇත්තේ, ඔහු ජීවත්වෙන නගරය වටා ඇති නගර සියල්ලෙහිම සිනමා ශාලාවලට එන චිත්‍රපට නොබැලුව හොත් ඔහු ගේ වෙළඳ ව්‍යාපාරයට පාඩු සිදුවන බවත්ය. එනම් කොත්රු නගරයේ හා එහි වටා ජීවත්වන බොහෝ කාන්තාවන්, තමන් ගේ හැට්‌ට මස්‌සවන්නේ, මේ චිත්‍රපටවල නිළියන් ගේ විලාසිතා වන්ට අනුව බවය. එවැනි ඇණවුමක්‌ සිදු කරන්නේ, මොඩර්න් ගර්ල් චිත්‍රපටයේ, ඉඩම් අයිතිකාරයගෙ පුතත් එක්‌ක පැනල යන වෙලාවෙ වෛජයන්ති මාලා ඇඳගෙන හිටිය වගේ හැට්‌ටයක්‌ මට මහල දෙන්න පුළුවන්ද. යනුවෙනි. මේ අනුව චිත්‍රපටය නගරයේ වෙසෙන්නෙකු ගේ ජීවිතය පවත්වාගන යාමට මෙන්ම කාන්තා විලාසිතා වන්ට සිදු කරන බලපෑම සමාජ පර්යේෂක යන්ගේ අවධානයට ලක්‌ව ඇති ආකාරය ද පැහැදිළිය. ( සිනෙසිත්, 1988, ඇසුරෙනි)

විවිධ කරුණු ඇසුරින් පෙනීයන්නේ කාලයත් සමග වෙනස්‌ වූ ලෝකයෙහි මිනිසා, ඇඳුම් විලාසිතාවන් වශයෙන් පමණක්‌ භාවිතා කිරීමට පෙළඹීම විවේචනයට බඳුන්වන කරුණක්‌ වී ඇති බවය. විවිධ විලාසිතා දකින සමාජය තුළ ඇතැමුන් අනුකරණයට යොමුව ඇති අතර, බොහෝ විලාසිතා සමාජයෙහි දෝශ දර්ශනයටද ලක්‌වන බවත් සෘණාත්මක චලන සමාජගත කිරීමට ද හේතුවන බවය. බැලු බැල්මට කෙනෙකු හඳුනා ගත නොහැකිය යන කියමන මෙන්ම, ඇඳුමෙන් ද පුද්ගලයෙකු මෑනිය නොහැකි බවද, ප්‍රකට කියමන් අතර වෙයි. බොහෝ අපරාධ සහ අපචාර සිදු කරන්නන් ඇඳුමෙන් සාධු ගුණයක්‌ පෙන්වීමට උත්සාහ කරන අය බව නිරීක්‌ෂණවලදී පැහැදිළිවන කරුණකි. මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්, පික්‌ පොකට්‌කරුවන්, මිනීමරුවන් වගේම විවිධ අපචාර සිදු කරන්නන් සමාජ ඇස වසන්නට දරන එක්‌ උත්සාහයක්‌ ලෙස ඇඳුම් භාවිතා කරන බවද නොරහසකි. දුරාතීතයේ විවිධ පීඩාවන් ගෙන් මිදීමට සෞඛ්‍ය සඳහා භාවිත ඇඳුම හෝ ශනිරාවරණය, පසුකාලීනව විලාසිතාවක්‌ ලෙසත් මිනිසා ගේ විනාශයටත් උපයෝගී කර ගැනීමට පෙළඹී ඇත.

ඇඳුම් භාවිතයේ දී කාන්තා පාර්ශ්වයට මෙම තත්ත්වය බෙහෙවින් බලපාන කරුණක්‌ බවත් සමහර විලාසිතා භාවිතයන් අපචාරවලට ද හේතු සහගත වන බවත් සමාජ නිරීක්‌ෂකයින් ගේ අවධානයට ලක්‌ව ඇති කරුණකි. එම තත්ත්වයන්ට බොහෝවිට බලපෑහැකි කරුණු අතර, පෙර අපර දෙදිගම සිනමාව තුළින් විලාසිතා අනුකරණය කිරීමෙන්, ටෙලි නාට්‍යවල එන චරිත අනුකරණය කිරීම, අනුකරණය කරන්නන් අනුකරණය කිරීම, එය නවතම විලාසිතාවක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ කිරීමත් ඊට නව අගයක්‌ ලබා දී පෙළඹවීමත් අනෙකා ආකර්ෂණය කර ගැනීමට, ආදි වශයෙන් හඳුනා ගත හැකි කරුණු අතර මූලික වෙයි. නාගරික සමාජයෙන් ගමට ඇතුල් වූ මෙම තත්ත්වය එන්න එන්නම වැඩිවෙමින් පවතින ස්‌වභාවයක්‌ ලෙසද සඳහන් කලහැකි අතර එය සමාජ අවධානයට ලක්‌ව ඇති නමුදු ආධ්‍යාත්මික නැඹුරුවකින් යුතු ධනාත්මක සමාජ චලනයන් සිදු නොවීම ද ගැටලු සහගත බව කිවයුතුය.

සුනිල් කුමාරසිංහ අතුකෝරල


Copy Rights - divayina

READ MORE - ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය

එය සරසවියයි.

Saturday, April 16, 2011












වසර 48 ක් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීම පහසු කටයුත්තක් යැයි මම නොසලකමි. එහෙත් එය පුරා වසර 48 ක් ගෙවා දමා අවසානය. මට දැනෙන්නේ එය මගේ ජීවිතයේ කොටසක් බවය.

ගීතය ගැයූ පණ්ඩිත් අමරදේව

මා එහි කොටස්කරුවකු වන්නේ 1989 වසරේ සිටය. එයට පෙර පහළොස් වසරකට එපිට සිට මම එහි රසිකයකු වීමි. මට පෙර ද,, මට පසු ද, මතු ද ඒ වටා රොක් වන රසිකයන් එමටය. එය සරසවියයි.

සරසවිය බිහි වූයේ 1963 අප්‍රේල් 10 වැනිදාය. සිනමා කර්මාන්තය අඩ්ඩඩ්ඩාරේ යන රටක සිනමා පුවත්පතක් දීර්ඝ කාලයක් තබා ගැනීම මහත් විශ්ව කර්මයකි.

ඇතැම් රටවල අතිශය ජනප්‍රිය වූ සිනමා ප්‍රකාශන මේ වන විට අසන්නටවත් නැත. අපේ රටේ බිහි වූ නම් දැරූ සිනමා ප්‍රකාශන ද එපරිදිය. සරසවිය 49 වන වසරට පා තබන්නේ එවන් අවදියකය.

ආරම්භක කර්තෘ
මීමන ප්‍රේමතිලක

සරසවිය බිහි වන විට මෙරට සිනමාව අලුත් යුගයකට නැතහොත් සැබෑ දේශීය සිනමාවක අරුණලු දකිමින් සිටි අවදිය විය. එහි වඩා ස්වර්ණමය යුගයන්ගේද, එහි අඳුරු යුගයන්ගේද අත් නොහැර ගිය එකම ගමන් සගයා බඳු විය.

එය එසේ කළ හැකි වූයේ කරුණු රැසක් නිසාවෙනි. එකක් එහි මුල හොඳ වූ බැවිනි. අනෙක සරසවිය සෙසු සිනමා පුවත්පත්වලට වඩා එයටම අනන්‍ය වූ ලක්ෂණ ගොඩ නඟා ගත් බැවිනි.

බොහෝ ඉක්මන් ජනප්‍රිය සිනමා පුවත්පත්වලට තේමා වූ හුදු ඕපාදූප මෙන්ම සිනමා ශිල්පීන් එකිනෙකා අතර ඇති කරන වෛරයෙන් සරසවිය දුරස් විය. සරසවිය කාගේත් පත්තරයක් වූයේය.

සරසවිය සිනමා පුවත්පතක් ලෙස බොහෝ සිනමා ශිල්පීහු ස්වකීය ප්‍රාණ භූ®ක්තිය ලෙස සලකා සිටිති. එහි කිසිදු වරදක් මා දකින්නේ නැත. එහෙත් සරසවිය නැතහොත් සරස්වතිය වැඩ සිටින්නා වූ පින්බිම සියලු කලාකරුවනට මෙන්ම කලාවට ද අයිතිය.

සරස්වතිය කලාකරුවන්ගේය. කලාවේය. එබැවින් එකී දෙවඟන වැඩ සිටිනා දෙවොළ මේ සියල්ලන්ටම පොදුය. එය ආරම්භ වූයේ ද එලෙසයි.

සරසවිය ආරම්භ වූයේ සියළු කලාවනට පොදු වෙමිනි. 1964 වසරේ ඇරැඹුණු සරසවිය සම්මාන උළෙල මෙරට සිනමා උළෙලයන්ගේ ජාතික අනන්‍යතාවයට උර දුන්නේය.

එහි ජනප්‍රිය ලක්ෂණ මෙන්ම සම්භාව්‍ය සිනමා ගුණයෙන් ද අනූන ලෝකයේම එකම එක වර්ගයේ සිනමා උළෙල ලෙස මා සනිටුහන් කරනුයේ නොබියවමය. පාඨකයන්ගේ මනාපයත්, විද්වත් විචාරක ජූරි සභාවේ තේරීමත් එකිනෙකට සංකලනය වූ වෙනත් සිනමා උළෙලක් සොයා ගත හැකිද?

සරසවිය ගොඩ නැඟු විමලසිරි පෙරේරා


සරසවිය ආරම්භ වූයේ සියලු කලාවන් වෙනුවෙනි. සියලුදෙනා වෙනුවෙනි යැයි මුලින්ම සටහන් කළෙමි. පසු කලක පත්තර මහ ගෙදරින්ම පැන නැඟුණ තරුණී, මිහිර, සුබසෙත පුවත්පත් ත්‍රිත්වයම සරසවිය හරහා පැණ නැගුණ ඒවා වෙයි.

සරසවිය ආරම්භයේ ඒ සියල්ලටම පොදු පුවත්පත විය. එය සිනමාව කේන්ද්‍ර කොට ගෙන සෙසු කලා මාධ්‍යයන් සඳහා වඩාත් කැප වී ඉදිරියට යන්නට පටන් ගත්තේ ආරම්භයෙන් හය, හත් වසරක් ගෙවුණු තැනය.

අද බොහෝ කලා උත්සවයන්හි මුලින්ම වැයෙන සරස්වතී අභිනන්දන ගීතය නම් පණ්ඩිත් අමරදේවයන් ගයන ජගන් මෝහිණී – මධුර භාෂිණී ගීතයයි. එහෙත් මේ ගීය සරස්වතී අභිනන්දනය උදෙසා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුණේ සරසවිය වෙනුවෙන් යැයි අද බොහෝ දෙනා නොදනිති.

සරසවිය එදා සිටම සියලු කලාකරුවන්ට පොදු වූ පුවත්පත යැයි හඟින්නට මේ ගීතයම සෑහේ. සරසවිය පත්තර මහ ගෙදර ලේක්හවුස් ප්‍රකාශනයකි.

ගීතය රචනා කළ මානවසිංහයන් සේවය කළේ තරගකාරී ආයතනයක්ව පැවැති ටයිම්ස් ආයතනයේ ලංකාදීප පුවත්පතේය. එහෙත් මානවසිංහයන් අතින් මෙබඳු යුග යුග පවතින්නා වූ ගීයක් රචනා කරන්නට සීමා මායිම් නොවීය. මානවසිංහයන් ද එවන් වූ අග්‍ර නිර්මාණයක් සරසවිය හරහා දැයට තිළිණ කළේය.

සරසවිය සම්මාන උළෙල ආරම්භයම සමකාලීනව සම්මතයට වඩා යමක් එහි වූ වග අපට පසක් කර දෙයි. නොඑසේ නම් එකල සම්මත සිනමා රස වින්දනයෙන් ඔබ්බෙහි වූ ගම්පෙරළිය වැනි අග්‍රගණ්‍ය නිර්මාණයක් හොඳම චිත්‍රපටය ලෙස අබිසෙස් කරවන්නට එයට හැකි වන්නේ නැත.

මේ හිතුවක්කාර ගතිය සරසවියේ අගනා ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට මම කැමැත්තෙමි. මෙරට බොහෝ කලාකරුවන් නිර්මාණශීලී ජීවිතය මුල් වරට රටට හඳුන්වා දුන්නේ සරසවියයි. නිර්මාණ රස විඳීම උදෙසා පරම්පරා කිහිපයක්ම උගත්තේ සරසවිය හරහාය.

ගීතය රචනා කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සරසවිය නිසාවෙන් කලා ලොවට පිවිසි බොහොමයක් අද වැජඹෙති.

නම තැබූ
පී. කේ. ඩී. සෙනෙවිරත්න

සිනමාවේ අති දුෂ්කරම මොහොතේද සරසවිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී නැඟී සිටියේ එබැවිනි.

සරසවිය පුවත්පතට නම යොදන ලද්දේ ප්‍රවීණ කවියකු, ලේඛකයකු වූ පීි. කේ. ඩී. සෙනෙවිරත්නයන්ය. නම් කිහිපයකින්ම පසුව සරස්වතිය වැඩ වසනා ස්ථානය අරුතැති සරසවිය තෝරා ගත් බව පැවසේ.

ඉතිහාසය පුරා එය, එයට හිමි ස්ථානය රැක ගත්තේය. මේ කාලය ඇතුළත මෙරට රසික පරම්පරාව වෙනස් වූයේය

. අදහස් උදහස් සමාජීය සිතුවිලි ආකල්ප කලින් කලට වෙනස්ව ගියේය. බොහෝ සතුටුදායක සිදුවීම් මෙන්ම කණගාටුදායක සිදුවීම් ද වූයේය. එක්වීම්ද, බිඳීම්ද තිබිණ. මේ සියල්ල නිරන්තරයෙන් සරසවිය සහ ජීවමාන වස්තුවකැයි අදහන්නට මා පොළඹාවාලූ කාරණාවන්ය.

මෙරට කලාකරුවන්ගේ පමණක් නොව ජනතා සිතුම් පැතුම් ද සමඟ ජීවත් වීමට ද සරසවිය වග බලා ගත්තේය. ගංවතුර උවදුරුවලදී ද, සුනාමියේදී ද කලාකරුවන් සමඟ පෙරට එන්නට එබැවින් දෙවරක් සිතන්නට සරසවියට වුවමනා නොවීය.

බොහෝ දැවැන්තයන් ඉතිහාසයට එක් වී ඇද වැටෙන්නේ කාලානුරූපව වෙනස් නොවීම මතය.

විපර්යාසයන් හඳුනා නොගෙන වැනසී යා යුතුය. නැත්නම් අලුත් සම්ප්‍රදාය රැල්ලට හසු විය යුතුය. එහෙත් වර්තමානයේ සරසවිය අනු දත් මානය වනුයේ රැල්ලට හසු වී යාම නොව හැම විටම අලුත් රැල්ලක් ගොඩ නැඟිය යුතු බවය.

තවත් අනුකාරකයක් වීමට වඩා තරගකාරී මාවතේ අලුත් සම්ප්‍රදායක් බිහි කිරීම එහි ලකුණ වෙයි. එබැවින් ලෝකය පුරා සියලු කලා තොරතුරු ගෙන එනුයේ අපේ අභිමානය හැම විටම සිහිපත් කරමිනි.

අතීත වකවානුව පුරා සරසවිය ගොඩ නැඟුඑය එතෙක් මෙතෙක් පාඨක සිත්සතන් මත රැන්ද වූ සියලු කතුවරුනට මෙරට සියලු කලාකරුවනට ද මේසා කාලයක් මුළුල්ලේ ඒ හා බැඳුනු අති මහත් වූ පාඨක ඔබටද සරසවිය කෘතවේදීත්වය පළ කරයි. සරසවිය ගොඩ නැගුණේ ද, වැජඹුණේද මේ ඔබ හැමගේම දායකත්වයෙනි, ආදරයෙනි.

ඉඳීන් හැම විටම නොව පැරණි වන රමණී සරසවිය මතු මතු ද මෙරට සෞන්දර්ය හිතකාමී ඔබ වෙනුවෙන් ඔබට ඉදිරියෙන් මඟ පෙන්වනු ඇත.

අරුණ ගුණරත්න



සිරි සරසවිය ඔබට දිගාසිරි - Admin - Lanka Art Diary

READ MORE - එය සරසවියයි.

රන්වල බලකාය Three (‘ත‍්‍රී’)

Thursday, April 14, 2011

ත‍්‍රීසිංහලයේ
ත‍්‍රිවිධ සම්ප‍්‍රදායේ
තුන්කල් යා කෙරුම උදෙසා
රන්වල බලකාය ඉදිරිපත් කරන
‘ත‍්‍රී’ ප‍්‍රසංගය




READ MORE - රන්වල බලකාය Three (‘ත‍්‍රී’)

ගැමි නාට්‍ය සම්ප්‍රදායයේ මහිමය විදහාපාන මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම

Wednesday, April 13, 2011



ඩබ්ලිව්. ඇන්ටනි ප්‍රනාන්දු (බෙලිචෝර් රජ) සංගීත් පෙරේරා (බල්තසාර් රජ) මිල්රෝයි ප්‍රනාන්දු(ගස්බාර් රජ) ජෝශප් මාටින් ප්‍රනාන්දු (හෙරෝද් රජ) ටී. රොම්ලස් කුරේරා (සේසරු රජ) ඇතුළු නළු නිළියෝ සිය ගණනක් රජතුන් කට්ටුවේ නාඩගමට ද රංගනයෙන් එක්වෙති. මීගමු දූවේ ජනරංග කේන්ද්‍රය මේ පැරැණි නාඩගම නිෂ්පාදනය කරයි.

පැරැණි සිංහල නාඩගම මේ වනවිට අභාවයට ගොසිනි. එපමණක් නොවේ; සොකරි, කෝලම් වැනි පැරැණි ජනසම්මත නාට්‍ය පවා අද රංගගත වන බවක් අසන්ට නොලැබේ. එබඳු පසුබිමක ඉඳහිට හෝ පැරණි නාඩගමක් නැටවෙන සිංහල කතෝලික ධීවර ගම්මානයක් ඇත. ඒ මීගමු දූව ය.

එහි රඟදැක්වෙන නාඩගමද ඓතිහාසික වශයෙන් සුවිශේෂත්වයක් ගනී. මන්දයත්; එය ශ්‍රී ලංකාවේ මුල්ම සිංහල නාඩගම ලෙස ඇතැම් නාට්‍ය කලා ඉතිහාසඥයන් විසින් සලකනු ලබන බැවිනි. ඒ නම් ’රජතුන් කට්ටුවේ’ නාඩගමය.

පැරණිම රජතුන් කට්ටුවේ නාඩගම රංගගතව ඇතැයි පැවසෙන්නේ හලාවතය. ඒ 1700 ගණන්වලය. එසේම මීගමු දූවේ නැටවෙන රජතුන් කට්ටුවේ නාඩගමට ද අවුරුදු 200 ඉක්ම වූ ඉතිහාසයක් ඇත.

අවුරුදු 23 කට පසු මීගමු දූවේ පැරණි ‘රජතුන් කට්ටුවේ නාඩගම’ ඒ මුල් ස්වරූපයෙන්ම රංගගත වූයේ 1977 දීය. ඒ අවස්ථාවේදී මේ නාඩගමේ නළු නිළියන් පුරුදු කරන ලද්දේ එම්.එස්. මොයිසස් ප්‍රනාÁදු අන්නවි මහතා හෙවත් මොයිසස් ගුරුන්නාන්සේ විසිනි. එම නාඩගම නැරඹීමට පන්දහසක පමණ ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණි බවට වාර්තාවී ඇත.

රජතුන් කට්ටුවේ නාඩගම සාමාන්‍යයෙන් වාර්ෂිකව රඟ දැක්වෙන්නේ ජනවාරි මාසයේදීය. විශේෂයෙන් පුංචි නත්තල ලෙස හැඳින්වෙන රජතුන් කට්ටුවේ මංගල්‍යය පසුබිම් කර ගෙනය. එම මංගල්‍යය නිල වශයෙන් යෙදෙන්නේ ජනවාරි මස 6 වැනිදාටය. එහෙත් මේ මංගල්‍යය ද අද වනවිට අභාවයට යමින් පවතී.

මිගමු දූවේ සංක්‍රමණික ධීවරයෝ ද බෙහෙවින් වෙසෙති. ඔවුන් අවුරුද්දෙන් වැඩි කොටසක් ගත කරන්නේ උතුරුකරයේ මන්නාරම, මුලතිව්, නයාරු, කෝකිලායි වැනි ධීවර ප්‍රදේශවලය. මේ සියලු දෙනා යළි ගමට පැමිණෙන්නේ එක්කෝ නත්තලටය; නැත්නම් පල්ලියේ මංගල්‍යය දවසටය. නත්තලට ගමේ හැමෝම සිටින බැවින් නාඩගමක් නැටවීම පහසුය.

”අපේ මිනිස්සු කවුරුත් නාඩගම් රාග තාල දන්නවා. අහවල් දවසේ නාඩගම නටන්ඩ යමවු බොල කියලා කිව්වම ඔක්කොම එක්සත් වෙනවා. රෑට රෑට නැටුම් පාට් පුරුදු වෙන්ඩ කවුරු කවුරුත් ලාම්පු ලන්තෑරුම් අරගෙන එනවා.

බෙරකාරයෝ හොයාගෙන එන්ඩ තවත් කොට්ඨාශයක් යනවා. ඔය විදියට අපේ මිනිස්සු කාණ්ඩවලට බෙදිලා ඒ වැඩේ කරනවා. කාටවත් අමුතුවෙන් කියලා දෙන්ඩ දෙයක් නෑ”

ඒ ඉහත දැක්වූයේ නාඩගම් කලාව පිළිබඳ අපේ රටේ සිටින ඉහළම විද්වතකු වන මහාචාර්ය එම්.එච්. ගුණතිලකයන්ට මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම නැටූ මොයිසෙස් ගුරුන්නාන්සේ 1973 දී කළ ප්‍රකාශයකි.

1986 දී දූවේ රජතුන් කට්ටුවේ නාඩගම නැරඹීමේ භාග්‍යය මට ද ලැබිණි. එම නාට්‍ය දැක්ම නැරඹීම සඳහා කොළඹින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ද පැමිණ සිටියහ.

රජතුන් කට්ටුව නාඩගම දින තුනක් තිස්සේ රඟදැක්වෙන්නකි. මෙම නාඩගමෙන් කියැවෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ උපන් අවස්ථාවේ එතුමන් බැහැ දැකීමට පෙරදිගින් රජවරුන් තිදෙනකු පැමිණි කතාවය. පළමු දින කොටසින් ක්‍රිස්තුන් වහන්සේගේ උපත දැක්වෙන අතර දෙවැනි කොටස වෙන්වන්නේ රජ තිදෙනගේ පැමිණීමටය. හෙරෝද් රජ බිළිඳු දරුවන් ඝාතනය කිරීම තුන්වැනි කොටසට ඇතුළත් වෙයි.

දිනපතා සවස 6 ට පමණ නාඩගම් නැටීම ඇරඹෙයි. දිනකට පැය දෙකතුනක් නාඩගම රඟ දක්වයි.

’රජතුන් කට්ටුව‘ සඳහා යොදා ගැනෙන නාඩගම් කරළිය තැනෙන්නේ කවාකාර හෙවත් වෘත්තාකාර ලෙසිනි. වේදිකාව පිදුරු සෙවිලි කරන ලද දාරුමය එකකි. එහෙත් සෙසු නාඩගම් වේදිකාවට මඳක් වෙනස් ස්වරූපයකි රජතුන් කට්ටුව වේදිකාවේ දක්නට ලැබෙන්නේ. එය රූකඩ හා පාස්කු නාට්‍ය වේදිකාව මෙන් ත්‍රිභාග ය. මධ්‍ය වේදිකාව භාවිතා වන්නේ ක්‍රිස්තු උප්පත්තිය නිරූපණය කිරීම සඳහා ය.

වම්පස වේදිකාව හෙරෝද් රජ මාළිගාව සඳහා ද දකුණු පස වේදිකාව සේසරු රජු ගේ මාළිගාව සඳහා ද යොදා ගැනේ. ඊට අමතර ව අඩි 25ක උසින් යුත් පොල් අතු සෙවිලි කළ පරිවාර වේදිකාවක් ද දක්නා ලැබේ. එය සැකසෙන්නේ ප්‍රධාන වේදිකාවට දකුණින් පිහිටාය. එය සුරදූතයා ගේ ආගමනය දැක්වීම සඳහා භාවිතයට ගැනේ.

රජතුන් කට්ටුවේ චරිත සිය ගණනක් වෙති. රජවරුන්, ඇමැතිවරුන්, සේනාධිපතිවරුන්, එඬේරුන්, දාසයන්, මවුවරුන්, ප්‍රසාදිවරුන්, අණබෙරකරුවන්, දේවදූතයන් යනාදී වශයෙනි. ඇතැම්විට මේ චරිත රඟපාන සමහර නළුවෝ මළ පොතේ අකුරක්වත් නොදත් අයය. එහෙත් ඉතා දීර්ඝ සංවාද පවා ඔවුහු කට පාඩමෙන් කියති.

දූවේ රජතුන් කට්ටුව නාඩගම රඟදැක්වීමේ දී අනු දකිනු ලබන සාම්ප්‍රදායික චාරිත්‍ර කීපයක්ම පවතී. සාමාන්‍යයෙන් නළු නිළියන් නිවෙස්වල සිට නාඩගම් මඩුව වෙත කැඳවාගෙන එන්නේ හේවිසි, හොරණෑ තූර්ය වාදන මධ්‍යයේ මහත් උත්සවශ්‍රීයෙනි. නෑදෑහිතවතුන් විසින් රතිඤ්ඤා පත්තු කර, රබන් ගසා මල් මාලා පලඳා නළු නිළියන් පිළිගනු ලබයි.

‘රජතුන් කට්ටුවේ නළුවකුට අඳිනවයි කිව්වම ඒක ඒ පවුලට බොහෝම ආඩම්බරයක්. ඒකයි ඔය පිළිගන්නේ’ කෙනෙක් කියති. රංගනයට පෙර ප්‍රේක්ෂකයන්ට ආචාර කිරීම නළු නිළියන් ගේ චාරිත්‍රයකි. නාඩගම හමාරවීමෙන් පසු නළු නිළියන් ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම දේවස්ථානයට ගොස් ආගමික වතාවත් ඉටු කර දේවාශිර්වාදය ලබා ගනිති.

මීළඟට රජතුන් කට්ටුව නාඩගමේ රංග වින්‍යාසය කෙබඳු දැයි විමසා බලමු. නාඩගම ආරම්භ වන්නේ පොතේගුරු ප්‍රමුඛ අත්වැල් ගායක කණ්ඩායම විසින් ගයනු ලබන මූලාරම්භක විරිඳුවෙනි. (මෙබඳු නාඩගමක කිසියම් නළුවකුට පොතේගුරු ගේ චරිතය ප්‍රදානය කිරීම ඔහුට කරන්නා වූ ගෞරවයක් ලෙස සැලකෙයි) අනතුරු ව පූර්ව රංගනය ඉදිරිපත් කරේ. මුලින් ම කරළියට එන්නේ බහුභූ®තයන් හෙවත් කෝලමුන් දෙදෙනා ය.

ඒ චරිත දෙකේ අභිප්‍රාය හාස්‍ය රස උත්පාදනය යි. පොතේ ගුරුගේ ආඛ්‍යානය හැරුණු කොට නාට්‍යය විකාශනය වන්නේ ඒ චරිත දෙකේ කථෝපකථනයෙනි. ඒ සඳහා ඔවුන්ට ස්ථිර (ලිඛිත) දෙබස් මාලාවක් නොමැත. ඔවුන් කියන්නේ හිටිවන දෙබස් ය.

අනතුරුව වේදිකාවට ප්‍රවිෂ්ට වන්නේ සබේ ළමෝ, සෙල්ලන් ළමෝ, ගණිතයෝ, දිවැස් ප්‍රසාදිවරු යන චරිත සමූහයයි. ඒ චරිත ඕනෑ ම නාඩගමක එන ස්ථාවර චරිතයෝ වෙති. ඒ සෑම චරිතයක ම රංග ප්‍රවේශය පොතේ ගුරු විසින් ගායනයකින් දක්වනු ලබන අතර සෑම චරිතයකට වේදිකාව පරික්‍රමණය කරමින් කියා නටන සින්දුවක් ඇතුළත් ය. මේ පූර්ව රංගනයෙන් ඉනික්බිති ව ය මූලික නාට්‍ය සංසිද්ධිය නිරූපණය කරන්නේ.

රජතුන් කට්ටුවේ නාඩගම සඳහා සංගීතය ද භාවිත කැරේ. ඒ සඳහා උපයුක්ත කර ගැනෙන්නේ මද්දල් බෙර දෙකක් සහ තාලම් පොටක් පමණි. පසුබිම් වේදිකාව සඳහා චිත්‍රවස්ත්‍ර යොදා ගැනේ. ඉන් පෙනීයන්නේ නාඩගම ලද නූර්තියේ ආභාසය යි.

රජතුන් කට්ටුවේ නාඩගම සාමාන්‍යයෙන් රඟදැක්වෙන්නේ ශාන්තිකර්මයක් වශයෙනි. මහාචාර්ය තිස්ස කාරියවසම් දක්වා ඇති ආකාරයට රජතුන් කට්ටුව රඟපාන්නේ ලෞකික සුබසාධක පිණිස දෙවිවරුන් ගේ වරම් ලැබීමට ය. අපගේ මුතුන්මිත්තන් විසින් රජතුන් කට්ටුව නාඩගම රඟදක්වන ලද්දේ ජනතාවටත් පාලකයන්ටත් ආශිර්වාද ලබාදීමේ ශාන්ති කර්මයක් වශයෙන් බව දූවේ ධීවර ජනරංග කේන්ද්‍රයේ සභාපති එම්.ජෝශප් මාටින් ප්‍රනාන්දු සඳහන් කර සිටී.

ධීවර දිළිඳු දරුවන්ගේ ආරක්ෂාව පතා සිදුකෙරෙන ශුද්ධ වූ පඬුරු පූජාවක් වශයෙන් ද රජතුන් කට්ටුව සැලකෙන බව එක්තරා ලිපියක දැක්වී ඇත.

READ MORE - ගැමි නාට්‍ය සම්ප්‍රදායයේ මහිමය විදහාපාන මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම