ඒ ජවසම්පන්න අතැඟිලි තත් අතර වේගවත්ව එහෙත් නිහඬව සැරිසරයි. ක්ෂණයකින් හෙතෙම වාදනය නැවැත් වීය. ‘ඇයි දිනේෂ්?’ ඒ හඬ මගේය. මට කේමදාස මාස්ටර් මතක් වුණා. ඔහුගේ හඬ තරමක් හැඟීම්බරය. දිනේෂ් සුබසිංහ කියන සංගීතඥයා හැදුනේ වැඩුනේ මාස්ටර් ගාව. ඔහු තමා මට සංගීතය කියන්නේ මෙන්න මේකයි කියලා දරුවෙකුට වගේ කියා දුන්නේ. ඔහු තවත් එලෙස වචන ගලපයි. ඒ මතක තුල සැරිසරමින් තවත් බොහෝ දේ දැනගන්නට මට වුවමනා විය. බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේ දකුණු පැත්තට වෙන්න තමයි කේමදාස මාස්ටර්ගේ සංගීත සිප්හල තිබුණේ. කේමදාස මාස්ටර්ව මට හමුවුණේ 2001 වසරේදී. එතැන් පටන් මං ඔහුගේ බොහෝ පටිගත කිරීම්වලට වාදනයෙන් සහය වුණා. ඔහුගේ අවසන් කාලයේ කළ රෙකෝඩිං තිබෙන දවස අනිවාර්ය කළේ මං ඉන්නවා නම් පමණයි. ඒ තරමට එතුමාට මාව අවශ්‍ය වුණා. කේමදාසයන් සතු සංගීතමය ඥානය නොඅඩුව ගෝලයන් වන අපට ලබා දුන්නා. 2007 දී මාස්ටර් අවසාන වතාවට කළ පේරාදෙණියේ ප්‍රසංගයෙහි සංගීතය මෙහෙය වූයේ ද මම. ඒක මට ජීවිතයට අමතක වෙන්නේ නැහැ. ඔබේ සංගීත දිවියේ යටගියාව ගැන දැනගන්නට මා කැමැතියි? සංගීතකාරයෙකු වෙන්න ඕනෑ කියලා තදින්ම උණක් තිබුණේ පුංචි කාලයේ ඉඳලා. ඒක හරියට සුව නොවන අමාරුවක් වගේ. වෙනත් මාධ්‍යවලට යොමු වන්නට කොච්චර උත්සාහ කළත් අවසානයට සිත නතර වන්නේ ස්වර හත ළග. මගේ ගම මීගමුවේ. ඒ පළාතේ රාත්‍රී සමාජ ශාලාවල මං සංගීත කණ්ඩායමක් හදාගෙන ප්ලේ කළා. ගෙදරින් ඒ ගැන නම් එතරම් පැහැදීමකින් නෙවෙයි හිටියේ. මොකද ඒ අය බය වුණා මං සමාජ ශාලවලට ගිහින් නරක් වෙයි කියලා. ඒත් මං දන්නවා මගේ අරමුණ. ඒ වෙනුවෙන් මං කුමන නරක ක්‍රියාවකටවත් යොමු වුණේ නැහැ. ඒ අතරතුරදී මං සංගීතය හැදෑරුවා බී. වික්ටර් පෙරේරා, මහින්ද සෙනෙවිරත්න, අශෝක ජයවර්ධන සහ ආනන්ද දාබරේ යන ගුරුවරුන් යටතේ. 1999 අවුරුද්දේ මගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ සංයුක්ත තැටියක් එළි දැක්වූවා. එකේ තමයි ග්‍රේෂන් ආනන්ද සහ නිරෝෂා විරාජිණී පළමු වතාවට යුග ගීයක් ගායනා කළේ. මේ කාලයේදී ඇන්ජලින් ගුණතිලක මහත්මියව මට හමු වෙනවා. ඇයයි මාව රූපවාහිනී මාධ්‍ය වෙත ගෙන ගියේ. 2002 දී මං ඩී. ආර්. සී. මෙම්බර්ස් නැමැති සංගීත කණ්ඩායම හැදුවා. අපි කරපු මොනලිසා ගීතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔබේ සංගීත දිවියේ පෙරළියක් සිදු කළ හුම්මානය ගැන කතා නොකළොත් ඒක අඩුවක්? චන්ද්‍රරත්න මාපිටිගමගේ හුම්මානය ටෙලි නාට්‍ය හරහායි මං ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. එතෙක් මට විවිධ වැඩසටහන්වලට ප්ලේ කරලා ලැබුණු බිංදු තුනේ මුදල බිංදු හතර වෙන්නේ හුම්මානය නිසයි. ඉන් පසුව මේ දිනවල විකාශය වන හිතට වහල්වීමි සහ දුලංගනා සමඟ සිහින වසන්තයක්, සිරිසිරි මල්, අහංකාර නගරේ, සුන්දරයි ප්‍රේමය, සරා සහ සුබා ඇතුළු නාට්‍ය 31 ක පමණ සංගීත අධ්‍යක්ෂණය කළා. රාවණා හත්ත ගැන දැනගන්න ආසයි? මෙහෙමයි, මේ සංගීත භාණ්ඩය මා මුලින්ම දුටුවේ ඉන්දියාවේදී. රාම, රාවණා යුද්්ධයෙන් පසුව හනුමා ඉන්දියාවට එන විට මෙය අතෙහි තිබුණා කියලා ජනප්‍රවාදවල සටහන් වෙනවා. රාවණා හත්ත, රාවණා ස්ට්‍රෝන් සහ රාවණා හස්තවීණා යනුවෙන් ද හැඳින් වෙනවා. මේකේ බඳ හදලා තියෙන්නේ එළු සමින් වසා ඇති පොල් කටුවකින් සහ උණ බම්බුවලින්. මෙහි ප්‍රධාන තත් දෙකයි. එකක් වානේ. අනික අශ්ව කෙන්දක්. විවිධ පර්යේෂණ කටයුතු සඳහා මෙරට තුලදී මං මෙය උපයෝගී කර ගත්තා. අපේ රටේ බොහෝ රසිකයන්ට නම් රවණා හත්ත කිව්ව සැණින් මතක් වෙන්නේ මාව. මෙය දුටු ඕනෑම කෙනෙකු මෙයින් නැගෙන ශබ්දයට පුදුම වෙනවා. ඒ පෙනුමට වඩා මෙහි තත් පිරිමැදීමෙන් නැගෙන හඬ බොහොම සෞම්‍යයි. තවමත් භද්‍ර යෞවනයේ සිටින සංගීතඥයන් අතර දිනේෂ් හරිම වාසනාවන්තයෙක්. ඒ, ඒ. ආර්. රහ්මාන්ගේ සංගීත විද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍ය හිමි කර ගත් පළමු ලාංකික ශිෂ්‍යයා ඔහු වන නිසා. අපි කතා කරමු ඒ ගැන. ඇත්තටම ඒක මගේ වයසේ කෙනෙකුට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. ඒ. ආර්. රහ්මාන් කියන්නේ මගේ ලෝක අමුතු අත්දැකීම් ලැබීමට මෙන්ම අමුතුª මිනිසුන් ගණනාවක් මට ඉන්දියාවේදී ඇසුරු කරන්නට ලැබුණා. සංගීතමය දේශනවලට සවන් දුන්නා. හඬින් පමණක් ඇසුරු කළ හරිහරන් බාලසුබ්‍රමනියම් යන ගායනවේදීන්ව සියැසින් බලා ගත්තා. මේ අතරේ දකුණු ඉන්දීය සිනමා වාදකයන්ගේ සංගමයට බැඳුනා. ඒ අත්දැකීම් හරිම සුන්දරයි. ඒ. ආර්. රහ්මාන් මානුෂික ගුණාංග අතින් ඉතාම පොහොසත් ගුරුවරයෙක්. ඒ වගේම ඔහුට ඇත්තේ අති ප්‍රබල සංගීතමය ඥානයක්. ඒ ගැන මට ඔහුව ඇසුරු කරද්දී හොඳින් දැනුණා. මේ අතරේ තෙළිගු ද්‍රවිඩ චිත්‍රපටවලට මෙන්ම මනි රත්නම්ගේ රාවණා චිත්‍රපටයට ද වාදකයකු වශයෙන් සම්බන්ධ වුණා. කෙටි නිවාඩුවකට දිනේෂ් ලංකාවට ඇවිත් ඉන්නේ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන්? මං මගේ අලුත්ම පර්යේෂණ සංගත තැටිය කරුණා නදී නමින් නිකුත් කළා. ඒක ඔරිටොරියෝවක්. සරල භාෂාවකින් පැවසුවොත් ඔරිටෝරියෝවක් කියන්නේ ආගමික කතා පුවතක් සංගීතමය අයුරින් ඉදිරිපත් කිරීමකට. බුදුරජාණන් වහන්සේගේ චරිතයයි මෙමගින් මං රසික රසිකාවන්ට ඉදිරිපත් කරන්නට උත්සාහ කළේ. මෙය සංගීතය විඳීන්නන්ට පමණයි. ඉදිරි වැඩ කටයුතු ගැන පවසමින් මේ කතාවට විරාමයක් තබමු. මේ වන විටත් මං සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තියනවා. සුපර්මෑන්, රකුන්සැරය, රොසලිනා ඉන් කිහිපයක්. තිරගත වීමට ඇති චන්ද්‍රරත්න මාපිටිගමගේ උයනට මල් ගේන්න චිත්‍රපටයෙත් සංගීත නිර්මාණය මගේ. මේ අතර මහා සංගීතඥ යානි වෙනුවෙන් යානි හොලිඩේ සෙලිබ්‍රේෂන් ටීම් නැමැති කණ්ඩායමට ගීත තුනක් නිර්මාණය කළා. ඉන් එකක් හැදුවෙ මම. එයත් නොබෝ දිනකින්ම අසන්න ලැබේවි. තව නොබෝ කාලයකින් ජිනීවා නුවර ප්‍රසංගයක් කරන්නත් ආරාධනා ලැබ තිබෙනවා. විදෙස් චිත්‍රපයටකටත් සංගීතය නිර්මාණය කරන්න කතා කළා. ඒත් තවම පැහැදිලි පිළිතුරක් දුන්නේ නැහැ.ඒ. ආර්. රහ්මාන් යටතේ සංගීතය හදාරන අපේ තරුණයා
ගිය සඳුදා දොරමඩලාවෙන් ඔබ හමුවූ ඒ තරුණයා ඔහුයි
දිනේෂ් සුබසිංහ ගෙන් අසමු
ඔහු වාදනය කරන රාවණ හත්ත නම් සංගීත මෙවලමේ රිද්මය මගේ සවනට වැටේ. ඒ සත්ස්වරය තුළ ඇත්තේ වචනවලින් කිව නොහැකි ආනන්දයකි. වටපිටාවේ කුමක් සිදු වුවත් මේ තරුණ සංගීතඥයාට වගක් නැත.
මෙ අතරතුරදී ඩී. ආර්. සීලට ලුක්ස් ලයික්, හංසවිල, සිකුරාදා රෑ, මාත්‍රා, හා හා පුරා වැනි රූපවාහිනී සංගීත වැඩසටහන්වල සංගීතය මෙහෙය වන්න ලැබුණා. ඔන්න ඔහොම තමයි මේ ගමන ආවේ.
යේ හිටපු වීරයෙක්. ඒ වගේම ඔහු ඉන්දීය සංගීතයේ පතාක යෝධයෙක්. අබ්දුල් හමීඩ් කියන මිතුරා සහ අතුරලියේ රතන හිමි නිසාත් අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, රාජා මහේන්ද්‍රන් මහතාත් මගේ වියදම් ගැන සොයා බැලූ නිසාත් තමයි මං ඒ විද්‍යාලයට යන්න තරම් භාග්‍යවන්ත වුණේ.
\ සරසවිය'සජීවජාල පුවත්පත
Archives
-
▼
2011
(205)
-
▼
February
(17)
- FM frequency Assignments
- ශිල්පියකුට ලැබෙන ඇගැයීම
- ග්‍රේෂන්, මතක සටහනක්
- 39 වැනි ජාතික නාට්‍ය උළෙල
- ග්‍රේෂන් ගී එකතුව
- Janelen Paninnada......???
- "මා, මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්"
- සමාධි ලක්සිරි
- ඇන්ටිගනි
- "සැබෑ මුහුණේ වෙස් මුහුණු"
- මහ කම්පිත වලව්වෙන් ඇරඹි අපූරු නිර්මාණකරුවෙක්
- ජැක්සන් – කුමාරි යළි එක් වී යුග ගී ගයතිජැක්සන් ඇන්...
- මට කේමදාස මාස්ටර් මතක් වුණා
- පෙබ.16 වෙනස් කළ හැකිනම්
- ගැහැනු ළමයි
- කාසියේ වාසිය අහිමි වූ නිළිය
- අධ්යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා පිළිතුරු දෙයි
-
▼
February
(17)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Blogs of the Month
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
RADIO
මට කේමදාස මාස්ටර් මතක් වුණා
Monday, February 21, 2011
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment