Archives
-
▼
2012
(376)
-
▼
July
(53)
- හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26 | Streets Ahea...
- ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ
- පෙම්වතා ඉන්නෙ පිටරට
- දුවගේ ආරක්ෂාවට
- මහාචාර්ය සරත් අමුණුගම කැළණියට
- Henry Jayasena
- Tribute to the maestro
- මකරන්ද සාහිත්‍ය උළෙල 2012
- රාජේශ් ඛන්නා නික්ම ගිය වග....
- "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....
- සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!
- නාට්‍යවලටත් බද්දක් ඕනෑ
- මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී
- මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද?
- කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්
- රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා
- මහනුවර මහ උළෙලට මුල පුරයි
- පැණි වළලු
- මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා
- වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා
- ‘ස’ප්‍රසංගයේ රස කතා
- ‘ස’ මතක සැමරුමක්...
- Victor
- ශලනි - උද්දික මහ මඟ පෙම් රැඟුම්
- රෝහණ සිරිවර්ධනගේ සරල ගී 24 වැනි දා ස්වදේශීය සේවයෙන්
- ඒක අලුත් අත්දැකීමක්.
- 'භාව විරේක'|ජුලි 29 සවස 7 ට | සුදර්ශි ශාලාවේ දී
- මාලනීගේ නංගිලා
- හත්තොටුවේගම සමග වීදි බැසීම | Streets Ahead with Ha...
- වේදිකාවෙන් මහපොළොවට
- ශ්වේත රාත්‍රියේ අවසාන රාත්‍රිය
- ‘කොටඋඩ ගෙදර’
- හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා
- කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්...
- මුල් පිටු
- විරු තරු අද අවසන් සටනේ
- අපේ ලෝකය සැහැල්ලුයි
- ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......
- ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !
- පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය
- විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය
- විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්
- ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්
- www.srilankayouthnews.com
- සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දුවගේ කිරිවේල මට වැදගත්
- විජය-කුවේණි අධ්යක්ෂගෙන් පික්චර් පිස්සාට පිළිතු...
- මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා
- ‘කලර්’ සී. ඊ. එල්. එයි
- කාර්යබහුල යුවතියක් වෙලා
- පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ
- නොමිලේ ගීත අහන්න කොළඹ කමතේ ඉඩක්
- විජය කුවේණි දින පනහ පනී
- උහුලාගත නොහැකි ලිංගික ඉරිසියාව
-
▼
July
(53)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...8 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...10 years ago
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"8 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴11 years ago
-
-
-
-
-
-
-
-
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
RADIO
‘ස’ප්‍රසංගයේ රස කතා
Thursday, July 19, 2012
තල් රා ටිකක්...
අධික ජනප්‍රසාදයක් දිනා ගත් ‘ස’ ප්‍රසංගය එතෙක් සිංහල ගී ප්‍රසංගයක පහස නොලැබූ යාපනයේ සුප්‍රකට වීරසිංහම් ශාලාවේ දී ද පැවැත්වීම සඳහා වරම් ලැබිණ. ශිල්පීන් ඒ සඳහා පිටත් වූයේ ඊට පෙර දින රාත්‍රියේ ය. මධ්‍යම රාත්‍රිය ඉකුත් වන තෙක් සිනා කතාවෙන් පිරුණු බස් රථය කෙමෙන් නිහඬ වූයේ එකා දෙන්නා නින්දට වැටුණු බැවිනි. මද වේලාවකින් රියැදුරු සහ රථයේ සහායකයා හැරෙන්නට බස් රථයේ සිටි සෙසු සියල්ලෝ ම තද නින්දක ගිලී සිටියෝ ය.
ඔවුන් යළිත් ඇහැරෙන්නට පටන් ගත්තේ වටින් ගොඩින් එළිය වැටෙන්නට හෝරාවකට පමණ පෙර ය. බසයේ ජනෙල් පියන් අතරින් එළිය බැලූ ශිල්පීන් හට අඳුරේ වුව ද කෙමෙන් කෙමෙන් වෙනස් වන පරිසරය දර්ශනය විය. බැලූ බැලූ අත පෙනෙන, තමන්ට නුහුරු නුපුරුදු තල් ගස් දැකීමෙන් අමුතු ප්‍රබෝධයක් ලද ශිල්පීන් රථයේ රියැදුරු හට කථා කොට රථය නවත්වා ගත්තේ වඩාත් හොඳින් පරිසරය විඳ ගැනීමේ අපේක්ෂාවෙනි. කඳු ගැටයක මුදුනේදී බස් රථය නැවැත්විණ.
මඳ අඳුරේම බසයෙන් බැසගත් සංගීත ශිල්පීහු අවට සිරි නරඹන්නට වූහ. හීන් සිසිලසක් දැනී දෑත් පොරවා ගෙන වටපිට බැලූ එක් සංගීත ශිල්පියකු හට පාරේ මඳක් ඉදිරියෙන් හිසේ තලප්පාවක් දවටා ගත් කිසිවකු වාඩි වී සිටිනවා පෙනුණි. යාපනයේ වැසියකු දැකීමෙන් හිතට නැඟුණු අදහසක් ද ඇතිව ඔහු වෙත ගිය සංගීත ශිල්පියා තමාට පිටුපා වාඩි වී සිටි තැනැත්තා දෙස බලා උගුර පාදා මෙසේ ඇසීය.
“ලොකු උන්නැහේ, අපිට බැරිවෙයි ද මෙහෙන් හොඳ තල් රා ටිකක් හොයා ගන්ඩ? ඔහේ මෙහෙ කෙනෙක් නිසා ඒ ගැන තොරතුරු දන්නවා ඇතිනෙ.”
වාඩි වී සිටි තැනැත්තා නැගිට්ටේ තලප්පාව ගලවා අතට ගනිමිනි. හේ සංගීත ශිල්පියා දෙස බලා සාවඥ සිනාවක් මුවඟට නංවා ගත්තේ ය.
“ඇයි මහත්තයා... මම මහත්තයලා ආපු මේ බස් එකේ ඩ්‍රැයිවර්නෙ.” එසේ කියූ රියැදුරා බස් රථය වෙත ගොස් රියැදුරු අසුනට ගොඩ වුණේ ය.
ලාභයි වට්ටක්කා
ඒ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය අම්පාරේ හාඩි ටෙක්නිකල් ආයතන ශාලාවේ පැවැත්වූ දිනයයි. ඊට පෙර දින රැයේ කොළඹින් පිටත් වූ ශිල්පීන් රැගත් බස් රථය අම්පාරට ළඟා වූයේ ප්‍රසංගය දින හිමිදිරියේ ය.
උදේ ආහාරයෙන් පසු අම්පාර නගරයේ ඇවිදින්නට ගිය සංගීත ශිල්පීන් හට නගර මධ්‍යයේ පොළක් දකින්නට ලැබුණි. එක් සංගීත ශිල්පියකු ගේ වැඩි අවධානය යොමු වූයේ පොළේ එක් කෙළවරෙක අහස උසට ගොඩ ගැසූ වට්ටක්කා තොගයක් අලෙවි කරමින් සිටි වෙළෙන්දෙකු වෙත ය. ඔහු එම වෙළෙන්දා වෙත ගොස් වට්ටක්කා ගෙඩියක මිල විමසීය. ලොකු වට්ටක්කා ගෙඩියක මිල රුපියල් පහකි. සංගීත ශිල්පියා හට එය අදහාගත නොහැකි විය. තමා පදිංචි කොළොන්නාවේ හන්දියේ වට්ටක්කා ගෙඩියක මිල රුපියල් සියයකට ආසන්න බව සිහිකළ හෙතෙම දෙවරක් නොසිතා වට්ටක්කා ගෙඩි දෙකක් ම මිලදී ගත්තේ ය. ඉතා අසීරුවෙන් ඒවා බස් රථය වෙත ගෙනැවිත් එහි මුල්ලක තැන්පත් කළේ ය.
සාර්ථක ප්‍රසංග වාර දෙකකින් පසු රාත්‍රි ආහාරය ද නිමවී අම්පාරෙන් පිටත් වූ බස් රථය කොළඹට ළඟාවෙද්දී පසු දිනට එළි වී තිබුණි. සාමාන්‍යයෙන් ශිල්පීන් නිවෙස්වලට ඇරලවන්නේ රාත්‍රියේදී බස් රථය කොළඹට ළඟා වුවහොත් පමණි. ඒ අනුව ශිල්පීන් එදින පිටකොටුවෙන් බැස යා යුතු විය. බස් රථය පිටකොටුවේ නවත්වද්දී අප සංගීත ශිල්පියාට තරු පෙනුණේ තමා හට එතැන් සිට කොළොන්නාව දක්වා තම සංගීත භාණ්ඩය, ඇඳුම් බෑගය සහ වට්ටක්කා ගෙඩි දෙක ගෙන යා යුතුව ඇති බව සිහිපත් වීමෙනි. ඔහු කළ යුතු අන් පිළියමක් නොදැක ටැක්සියක් නවතා තම ආම්පන්න සියල්ල ද එහි පටවා ගෙන තම නිවෙස බලා පිටත් විය.
ඔහු කොළොන්නාවේ තම නිවෙස අසලදී ටැක්සියෙන් බැස, තම ආම්පන්න සියල්ල ද බිමට බා, ටැක්සි ගාස්තුව ලෙස රුපියල් දෙසීයක් ද ගෙවා නිවෙසට පිය මැන්නේ තමාට ම සිතින් සාප කර ගනිමිනි. අප සංගීත ශිල්පියා හට වට්ටක්කා ගෙඩි දෙක සඳහා රුපියල් එකසිය අනූ පහක් වැය වී තිබිණ.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:40 PM
Labels: අදහස, මතක සැමරැම්, සංගීතය
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment