අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
Sri Lanka Customs to Require Digital Signatures from 19 October - Importers and declarants face a digital signature deadline as Sri Lanka Customs moves further towards paperless processing. Here is what the announcement c...4 days ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...9 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්යය - රොම්ලින් හෙවත් දිව්ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...10 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...11 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...14 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...15 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...16 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...16 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.16 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"9 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස9 years ago
-
-
#10 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස12 years ago
-
ආදරය විදින්න..........13 years ago
-
අපේ ලෝකය....14 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්රපටිය (142)
- චිත්රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...8 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
නාට්යවේදී විජේරත්න වරකාගොඩ සහ නිමල් ජයසිංහ
Saturday, August 17, 2019සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:46 PM 0 comments
සරසවි දෙව් ලොව සිට මා දයාබර දූ පුතුන්ට ලියන වග නම්...
Friday, November 11, 2016
පසුගිය නොවැම්බර් 3 වැනිදා මම පින් කෙත හෙළ රන් දෙරණෙන් සදහටම සමුගෙන අසූ අට වසරකට පෙර මා සිටි දෙව් ලොවටමැ පැමිණියෙමි. සකල කලාවටම අධිපතිනිය වූද, 1964 දී සරසවිය පුවත්පත වෙනුවෙන් මා ගැයූ ‘ජගන් මෝහිනී’ ගීතයෙන් අභිවන්දනයට පාත්ර කළා වූද සරස්වතී දෙවඟන ඇසුරට යළිදු පත්වීමේ භාග්යය අත්වින්ඳෙමි. පින්කෙත හෙළ රන් දෙරණත් එහි මට අනන්ත අපරිමිත ලෙස ආදරය කළ, සම්භාවනාවට ලක් කළ ප්රමාතෲ ජනතාව සදහටම හැර දමා පැමිණෙද්දී මසිත ශෝකයෙන් භරිත වූ බැව් අමුතුවෙන් කිව යුතු නැත. එපමණක් ද? අඩසියවසකටත් වැඩිකලක් පුරා මගේ සෙවණැල්ල මෙන් මා පසුපස සිටි, කුඩා දරුවකු පරිද්දෙන් මා රැකබලා ගෙන නිර්මාණ කාර්ය පයුරුපාසනයට මුළු සිතෙන්ම මුළු කයෙන්ම ඊට දැහැන්ගත වැ ව්යාවෘත වීමට දිරි දුන් විමලාවන් හැර දමා පැමිණි ශෝකය තවමත් තුරන් වී නොමැත. මා එකල ඕ වෙනුවෙන් ගෙතූ පෙම් කව සේම විමලාවන් මට මන නදන සවියක්මැ විය. එහෙත් මෙකී ශෝකී මමෝභාවය මා හට තුනී කොට ගත හැකි මිත්ර සන්ථවයක් මේ දෙව් ලොවදී මට යළිඳු සම්මුඛ විය. කිමද මේ ආශ්චර්ය. කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, චිත්රසේන, මහගම සේකර, ශ්රී චන්ද්රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, විමල් අභයසුන්දර, අරීසෙන් අහුබුදු, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්රම, ඩී. බී. ධනපාල, එම්. ජේ. පෙරේරා, මා ගුරු මොහොමඩ් ගවුස් මාස්ටර් වැනි සරස්වතී දෙවඟනගේ ‘වරදායක හස්තයේ’ ආශීර්වාද ලැබූ, මට නිබඳවමැ සවියක් වූ උත්තම ගණයේ අප්රමාණ කලාකරුවන් දෙව්ලොවදී යළිත් හමුවීම කෙතරම් නම් ආහ්ලාදයක්ද? පුදුමයෙන් ඔවුන් දෙස මා බලා සිටිනු දුටු සරස්වතිය මෙසේ පැවසුවාය.
‘ඉමහත් වූ ඊප්සිතාර්ථයෙන් මනුලොවට යැවූ මේ මහා කලාකරුවන් මා නැවතත් දෙව්ලොවටමැ ගෙන්වා ගත්තේ ඔවුන් මා අපේක්ෂා කළ කාර්යභාරය මනුලොවදී අකුරටම ඉටු කළ නිසා. සාධුගුණෝපේතව බිහි කළ මේ උත්තම කලාව මොන හේතුවක් නිසාවත් ඔවුන් මනු ලොවදී කෙලෙසුවේ නැති නිසා. මගේ වරදායක හස්තයෙන් පින් ඇති සරසවි වරම් දුන් සියල්ලම එහි ගෞරවය දිවි හිමියෙන් රැක ගත යුතුයි. එය යන්තමින් හෝ කෙලෙසූ කිසිවකුට මේ දෙව් ලොවට පය තබන්නට වරම් නැහැ. ඊළඟ භවයේ කලාව උරුම කොට කලාකරුවකුව ඉපදෙන්ටත් එබන්දන්ට බැහැ. ඇයි මට සරසවිය කියන්නේ? සතරසවිය නිසා. මගේ අත් හතරේ මොනවද තියෙන්නේ. එක අතක වීණාව හෝ සිතාරය. උසස් රසඥතාව ඉන් කියැවෙන්නේ. තව අතක පුස්තකයක්. ඉන් කියවෙන්නේ බුද්ධිය, දැනුම, බහුශ්රැත බව. තවත් අතක ගිරවා. මෙයින් අදහස් වන්නේ ගිරවුන් ලෙස වාචාලව දෙඩවීම නම් නොවෙයි. ‘වශ්යවචෝභාවය’ ඒ කියන්නේ ස්ථාමෝචිත වදන් ඇති බව හා ඕනෑම මනෝභාවයක් නිරවුල්ව නිවැරදිව සන්නිවේදනය කළ හැකි භාෂා කුසලතාව, කථිකත්වය. මේ මොනවා තිබුණත් වැඩක් නැහැ, විනයානුකූල පැවැත්මක් ඇති සත් පුරුෂයෙක් නොවුණොත්. ඒ නිසයි මගේ තවත් අතක නවගුණ වැලක් තියෙන්නේ. මනු ලොව සමහරු සිතා සිටින්නේ කලාව සෙල්ලමක්, පිස්සුවක්, වෙළදාමක් කියලා. කලාවේ නාමයෙන් අයහපත් දෑ සිදු කරන, ජනතාවගේ මනස අවුල් කරන, රසය මොට කරන, ඔවුන්ට මිථ්යාව වපුරන ‘කලාවේශධාරීන්’ මරණින් මතු නිරයට යන වග බුදුන් වහන්සේ තාලපුට ගාමීණී නළුවා අමතා දෙසූ බව මේ දිව්ය සභාවේ කවුරුත් දන්නවා.’
සරස්වතී දෙවඟන පැවසූ මේ කතාව සත්යයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම කලාකරුවා අසපුවක විරාජමාන වන මුනිවරයකු සදිසිය. මනුලොවදී මට හමු වූ සහෘද ජනතාව වගේම මා ද පුහුදුන් මිනිසෙකි. පුහුදුන් මිනිසුන් පරිපූර්ණ නොවේ. එහෙත් එහි ජීවත් වූ අවුරුදු අසූ අට වසරක මා ජීවන සමයේ සරස්වතිය කී ලෙසම කලාවේ ගෞරවය රැක ගනිමින් අසපුවක මුනිවරයකු සේ ජීවත් වීමට උත්සුක වූ බවට මනු ලොව සියලු ජනතාවෝ සාක්ෂි දරති. මේ වූ කලී කෘතපුණ්ය වාසනා මහිමයකි. දෙව්ලොව සිට මා මේ ලිපිය ලියනුයේ මගෙන් හා දෙව්ලොව සිටින සෙසු මහා කලාකරුවන්ගෙන් හිස් වූ රික්තයන් පුරවා ගැනීමට නව පරපුරේ දූ පුතුන්ට මඟ පෙන්වා දෙනු පිණිසය.
මා පියාණන්ගෙන් සංගීතයට ඇල්මත්, බුදු දහමත් මට උරුම විය. ලාංකික සභ්යත්වය, සංස්කෘතිය මුළුමනින්ම ගොඩනැඟු බෞද්ධ අධ්යාත්මය මම මැනවින් වටහා ගතිමි. විශිෂ්ට බුදු ගුණ ගී රාශියක් මා හට බිහි කළ හැකි වූයේ එබැවිනි. මගේ මවු මෙතෝදිස්ත ආගමික කාන්තාවකි. මේ දෙමුහුන් බව නිසා කිතුනු සමයට, කිතුනු ගීතයට ද මම ඇලුම් කළෙමි. කිතුනු ගී ආරෙන් ද ආභාසය ලැබ මම ගීත නිර්මාණය කළෙමි. මා දයාබර දූ පුතුනි, ඔබ ශ්රේෂ්ඨ කලාකරුවකු, කලාකාරියක වීමට සිතන්නේ නම් පළමුව තම මවු බස වන සිංහලය හොඳින් උගත යුතුය. කුමරතුඟු මුනිදසුන් ඇසුරෙන් මේ යථාර්ථය මම පසක් කොට ගතිමි. අප පළමුව සිතන්නේ මවු බසින් බැවින් එහි ධාරිතාව වර්ධනය වෙත්ම අපගේ නිර්මාණ කෞශල්යය, චින්තනය පෘථුල වේ. මෙකී භාෂා සංවේදීතාව නොමැති කිසිවකු හට උසස් ලාංකේය කලාකරුවකු විය නොහැකිය. ඉක්බිති පාලි, සංස්කෘත භාෂා භාෂාන්තර ඥානය ද පෙරදිග සාහිත්යයේ උත්තමාංග වටහා ගැනීමට මා හට ඉමහත් රුකුලක් විය. ඊට සමගාමීව මා ඉංගිරිසි බස ද මැනවින් උගත්තේ හීනමානයෙන් ආවේශිිතව වෙනම පන්තියක බමුණකු ලෙස වැජඹීමට නොවේ. ඉන් උකහා ගන්නා අන්තර්ජාතික ඥාන උල්පත්වලින් මගේ මවු දෙස, බස, රැස සුපෝෂණය කරනු පිණිසය. මාර්ටින් වික්රමසිංහ, එදිරිවීර සරච්චන්ද්ර, චිත්රසේන වැනි විශිෂ්ට කලාකරුවෝ ද මටත් ඉහත පෙන්වා දුන්නේ ඒ දහම නොවේද? පිරුණු කළයක දිය කිසිදා නොසැලෙන බව මම ළමා කල සිටම පසක් කොටගෙන සිටියෙමි.
මොහොමඩ් ගවුස් මාස්ටර් වචනයේ පරිසමාප්ත අරුතෙහිම ගුරු දෙවියෙකි. මා කෙදිනක හෝ එතුමාව අතික්රමණය කරන ශිෂ්යයකු වන බව ගුරු ගවුස් මාස්ටර් වටහා ගෙන සිටියේය. එහෙත් එතුමා හැකි සෑමවිටම මට මඟ පෙන්වා දිරි ගැන්වූවා මිස මා කපා දමන්නට මඟ අවුරන්නට උත්සුක නොවුයේය. එබඳු ගුරු දෙවිවරුන් මගේ දේශයට වාසනාවන්. සංසාරය නමැති විෂ රුකෙහි අමෘත ඵල ද්වයක් වූ උසස් කලා රස විඳුම හා සත් පුරුෂ ජනයා ඇසුරු කිරීමේ භාග්යය මම ලැබුවෙමි. මහාචාර්ය සරච්චන්ද්ර, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, චිත්රසේන, ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි ශ්රේෂ්ඨ කලාකරුවෝ එකිනෙකාට ආවේණික වූ ස්වාධීන මහා පෞරුෂයකින් හා බහුශ්රැතබවකින් විරාජමාන වූහ. ඔවුහු එකිනෙකාට බිය නොවූහ. එකිනෙකා අබිබවා වැජඹීමට උත්සුක නොවූහ. අනෙකාට බිය වී කිසිවකු කපා කොටා දැමීමට උත්සුක වන්නෝ අල්පශ්රැතයෝය. මා හා සමකාලීනවමැ දේශීය සංගීත ආරක් සොයා ගිය එහෙත් මට වඩා දෙටු සුනිල් සාන්තයන් මා වැඩිදුර සංගීත අධ්යාපනය ලැබීමට භාරතයට යැවීම සඳහා පිහිට වූ ශිෂ්යත්ව අරමුදලට සක්රීය ලෙස දායක වීම කෙබඳු නම් ආශ්චර්යක්ද? බුදුන් වහන්සේ දෙසූ පරිදි අන් දක්ෂයකුගේ දියුණුවකදී සතුටු වීමේ ‘මුදිතාව‘ මෙයම නොවේද?
‘සන්නාලියනේ’ ගීතය මා නිර්මාණය කළේ චාරුකේශි රාගයෙනි. ‘ජගන් මෝහිනී’ බිහාග් රාගයෙනි. ‘රත්නදීප ජන්ම භූමි’ ගෞඩ සාරංග රාගයෙනි. ගීත නිර්මාණයේදී මා නිබඳවමැ උත්තර හෝ දක්ෂිණ භාරතීය රාග ඇසුරු කළාට මේවා ඉන්දියානු ගීත යැයි ඔබට කිව හැකිද? මේ ගීතාවලියෙන් උද්වහනය වූයේ සිංහල සභ්යත්වයෙහි ගුණ සුවඳ නොවේද? චිත්රසේනයන්ගේ නල දමයන්ති මුද්රා නාට්යයට මා නිර්මාණය කළ ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය සඳහා මා අනුප්රාණය ලැබුවේ අපරදිග සංධ්වනියෙනි. (SYMPHONY) දෙලොවක් අතර චිත්රපටයෙහි නෙවිල් ප්රනාන්දු ගැයූ ‘ගයන ගැයුම්’ ගීතය සඳහා ස්පාඤ්ඤ හා රොක් ඇන්ඩ් රෝල් සංගීතය මම සේවනය කළෙමි. එහෙත් ඒවා ඔබට ඇසුණේ බටහිර ගීත ලෙසින්ද? කොහෙත්ම නැත. මේවා සිංහල ගීත වේ. අප විවිධ සංගීත ප්රවණතා ඇසුරු කිරීමේදී ඒවාට යටපත් නොවිය යුතුය. විවිධ සංගීත රැලිවලින් යටපත් වන්නේ තමාට අනන්යතාවක්, උපන් දේශයෙහි සභ්යත්වය හා සම්ප්රදාය අරභයා නිවැරදි අවබෝධයක්, විඥානයක් නොමැති කල්හිය. මා දයාබර දූ පුතුන් සංගීත ලෝකයේ නව්ය අත්හදාබැලීම් සිදු කරන විට ප්රවේශම් විය යුත්තේ මෙතැනදීය. මහත්මා ගාන්ධිතුමා කළ ප්රකාශය ඔබට මතකද? ‘ඔබේ නිවසේ දොර කවුළු විවර කර තබන්න. එවිට ලොව නන් දෙසින් එන සුළං රැලි ඔබ පිස හමා යනු ඇත. එහෙත් ඒ කිසිවකින් ඔබ සෙලවීමට ඉඩ දෙනු එපා’.
මා රන්මුතු දූව චිත්රපටය සඳහා ‘පිපී පිපී රේණු නටන’ ගීතය නිර්මාණය කළේ බයිලා, බජව් ගීත ශෛලියෙනි. පෙරදිග සංගීතයට අනුව ඛෙම්ටෝ තාලයෙනි. අපරදිග සංගීිතයෙහි මෙය හැඳින්වෙන්නේ සික්ස් එයිට් රිද්මය ලෙසිනි. රන්වන් කරල් විත්ති කථා චිත්රපටයට මා තැනූ ‘ආලෙ බැන්ද මාගෙ පණේ’ මුළුමනින්ම රසනුසුන් බජව් ශෛලියේ ගීතයකි. එහෙත් මෙහි උත්තර භාරතීය පීලු රාගයෙහි ඡායාව තිබෙන බව ඔබ දන්නවාද? මේවා තරුණ දූ පුතුන්ට අවිචාරයෙන් නැටීමට හැදූ ‘චොකා බයිලා’ නොවුණේ එබැවිනි.
මට ඉහත ශ්රේෂ්ඨ කලාකරුවෝ දෙදෙනෙක් ලාංකේය සංගීත සම්ප්රදායක් බිහි කිරීමට ප්රයත්න දැරූහ. ආනන්ද සමරකෝන් පළමුවැන්නාය. ඔහු බෙංගාල (වංග) සංගීතය හා දේශීය ජනනාද රටා මුසු කොට දේශීය සංගීත සම්ප්රදායක් ගොඩනඟනු පිණිස සාරවත් අත්හදා බැලීම් සිදු කළේය. සමරකෝනුන් අකාලයේ අපෙන් සමුගත් බැවින් ඒ ගමන අතරමඟ ඇනහිටිණ. දෙවැන්නා සුනිල් සාන්තය. ඔහු හෙළ ගී ආරෙන්, කතෝලික ගී ආරෙන් හා අපරදිග සංගීතය ඇසුරෙන් දේශීය සංගීත සම්ප්රදායක් බිහි කරලීමට අත්හදාබලමින් සුලකළ කුරු මියුරු ගී ඵල අපට ඉතිරි කළේය. ප්රතිපත්තිමය හේතුවක් මත ගුවන් විදුලියෙන් කලකිරී සුනිලුන් මේ සියල්ලෙන් දුරස්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් විය. මේ අනුව ලාංකේය සංගීතයක් බිහි කිරිමේ භාරදූර කාර්යය නිරායාසයෙන්ම හුදෙකලාවම මා අතට පත් විය. ලාංකේය අප ප්රාචීන හෙවත් පෙරදිග ජාතියකි. අපරදිග මහා සංගීත සම්ප්රදායට වඩා පෙරදිග මහා සංගීත සම්ප්රදාය මෙහිදි මා තෝරා ගත්තේ එබැවිනි. බුදු දහම ඇතුළු අප සභ්යත්වයේ සෑම අංගයක්ම වැඩුණේ භාරතයේ ආභාසයෙනි. දේශීය ජන සංගීතයෙහි යා හැකි උපරිම දුර දක්වා මම ගමන් කළෙමි. එය චූල සම්ප්රදායකි. මේ චූල සම්ප්රදායේ ස්වර පරාසයේ සීමා ජය ගනු වස් මම පෙරදිග උත්තර භාරතීය සංගීතය නමැති මහා සම්ප්රදායේ පිහිට ලැබුවෙමි. අපරදිග මියුස් දෙවියන්ට වඩා පෙරදිග සරස්වතී දෙවඟන අපට සමීපය. පෙරදිග අප ආධ්යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් උපන් ජාතීන්ය. අපරදිග ජනයා මුල්තැන දුන්නේ භෞතික සංවර්ධනයටය. පෙර අපර දෙදිග අතර මිත්රසන්ථව තිබුණත් මේ දෙමඟට කිසිදා එක් විය නොහැකි විය. ‘WEST WILL NEVER MEET EAST’ යන කියුම බටහිර විචාරකයන් ද පිළිගෙන ඇත.
පෙරදිග පණ්ඩිත් රවි ශංකර් හා අපරදිග යෙහුඩි මෙනුහින් ද පෙරදිග පණ්ඩිත් රවි ශංකර් හා අපරදිග ද බීට්ල්ස් කණ්ඩායමේ ජෝර්ජ් හැරිසන් ද එක්ව වාද්ය ප්රසංග පැවැත්වීමෙන් වරෙක උත්සුක වූයේ පෙර අපර දෙදිග සංගීත සම්ප්රදායන් යා කළ හැකි දුර සෙවීමටය. එහිදී එක්තරා දුරකට පැමිණ මේ විශිෂ්ට කලාකරුවන්ට නතරවීමට සිදු විය. තිරස් පෙරදිග සංගීතය හා සිරස් අපරදිග සංගීතය කිසිදා යා නොවේ. ජෝසප් මැක්ලීස් ලියූ ‘THE ENJOYMENT OF MUSIC’ නමැති මාහැඟි ග්රන්ථය අවිචාරයෙන් අපරදිග සංගීත ප්රවණතාවලට ගොදුරු වී සිටින මා දයාබර දූ පුතුන් කියවා බැලිය යුත්තකි. එහිදී මේ දෙමඟේ වෙනස පිළිගෙන ඇත. අපරදිග සංගීතයේ ආත්මය ප්රසංවාදයයි. (HARMONY) පෙරදිග සංගීතයේ ආත්මය ප්රසංවාදය ප්රතික්ෂේප කළ රාග ස්වර සංගතියයි. මම අපරදිග සංගීත ඇසුර මේ සීමාව තෙක් ලැබුවෙමි.
පෙර සසරේ පටන්ම රැගෙන ආ ප්රතිභාවත් සරු නිසරු තැන් වෙන් කොට ගත හැකි ව්යුත්පත්තියත් සතතාභ්යාසයත් ඔස්සේ මෙබඳු කලා ප්රාතිහාර්යයක් පෑමට ඉවහල් වූයේ මා තුළ පැවැති නිරවද්ය චින්තනය හා දර්ශනය යැයි මට සිතේ. මා සංගීත ක්ෂේත්රයට ප්රවිෂ්ට වූදා සිට සමුගන්නා තෙක්ම එක ලෙස නොවෙනස්ව කිසිදු ව්යාජ සංගීත ප්රවාහයන්ට හසු නොවී සිටින්නට මා මෙහෙයවන ලද්දේ ලාංකේය අනන්යතාව මුල් කොට ගත් සංගීත චින්තනය විසිනි.
එදා පූජාවලිය නමැති ශ්රේෂ්ඨ සාහිත්ය කෘතියට දඹදෙණි යුගයේ පැරකුම්බා රජු පුද පූජා හරසර දැක්වූයේය. මෙරට ඉතිහාසය පුරා පහළ වූ මහා ගාන්ධර්වයාණන් ලෙස විද්වත් පර්ෂදයෙහි ඇගැයුම් මට ලැබිණ. මගේ ආදාහනය සිදු කෙරුණුදා පෙරවරුවේ සිට සවස් වනතුරු සොබා දහම වැසි නැමති කඳුළු සලමින් මා වෙනුවෙන් ශෝක වූ බව ඔබ දුටුවාද? එහෙත් සවස ආදාහනය සිදු කරන අවස්ථාවේ කා හටවත් හිරිහැරයක් නොවන්නට වැස්ස තුරල් විය. මගේ ආදාහනයෙන් පසුව රාත්රියේ යළිත් සොබා දහම හිතේ දුක නිවෙන තුරු වැසි වසමින් හැඬුවේය. ස්වභාව ධර්මය මෙලෙස කම්පා වනුයේ මේ ලක් මවට සැබෑවටම ආදරය කරන ශ්රේෂ්ඨ මිනිසුන් උදෙසා පමණක් බව ඔබ සැම දැන ගත යුතුය.
වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මගේ දේහයට ගෞරවය දැක් වූ ආකාරය මම දෙව්ලොව සිට බලා සිටියෙමි. මාතෘ භූමියෙහි රාජ්ය නායකයාගෙන් එබඳු ගෞරවයක් ලබන්නට තරම් භාග්යයක් ලැබුවේ ‘මාගේ දේශය අවදි කරන හඬ’ බවට මා පත් වූ බැවිනි.
පිලිපීනයේ රැමෝන් මැග්සේසයි සම්මානය එදා පිරිනැමුණේ මා අපරදිග හෝ ඉන්දියානු සංගීතයට මෙහෙයක් කළාට නොව ලාංකේය සංගීත ලකුණ අන්තර් ජාතික තලයට ගෙන ගිය බැවිනි. මා නිවැරැදිව කියවීමෙන්, හැදෑරීමෙන් මේ යථාර්ථය මගේ දූ දරුවන් වටහා ගනු ඇත.
මට මෙවන් පෙළහරක් පෑ හැකි වූයේ එකල ජන මාධ්ය යාන්ත්රණය ප්රශස්ත තලයක පිහිටා තිබූ බැවිනි. මාගේ අනාගතය දුරදක්නා නුවණින් දුටු එවකට ලංකාදීප පුවත්පතේ අග සකසු මහා පත්ර කලා ගුරු ඩී. බී. ධනපාල සූරීන් අමරදේව ශිෂ්යත්ව අරමුදල පිහිටුවා මා හට මුදල් රැස් කර දුන්නේය. ජනතාවගේ මුදලෙන් භාරතයට ගොස් සංගීතය උගෙන ඒ ණය ගෙවා දැමීමට යළි මෙරටට පැමිණි පසු මගේ සංගීත අත්හදා බැලීම්වලට ඉඩකඩ ලබා දුන්නේ එවකට ගුවන් විදුලිය මෙහෙය වූ පසුව ජාතික රූපවාහිනියේ ප්රථම සභාපතිවරයා වූ එම්. ජේ. පෙරේරා සූරීන්ය. ඔහු සිංහල, පාලි, සකු, ඉංග්රීසි විශාරදයෙකි. එබඳු මාධ්ය බලධාරීන් නොසිටියා නම් අමරදේව උපන් ගෙයිම මියැදෙන්නට ඉඩ තිබුණි. මෙකල හා මතු දින ඉපදීමට ඉඩ තිබෙන අමරදේවලා උපන් ගෙයි මියැදීමට ඉඩ නොතැබීම වත්මන් සියලු මාධ්ය යාන්ත්රණයෙහි වගකීමකි. රටක ජනමාධ්ය ක්රියාවලියට මොන තරම් විශිෂ්ට සේවාවක් ලබා දිය හැකිද? ධනපාල, එම්. ජේ. වැනි මහත්වරුන් දක්ෂ තරුණ පරපුරක් විවිධ කලා මාධ්යයන්ට හඳුන්වා දෙමින් නිහඬ මෙහෙවරක්, දේශීය සංස්කෘතික විප්ලවයක් සිදු කළ මාධ්ය ලෝකයේ පතාක යෝධයන්ය. නූතන ජන මාධ්ය යාන්ත්රණය ඔවුන්ගේ ආභාසය ලබත්වා!
මාගේ වියෝව පිළිබඳ ශෝක නොවන්න. මා පසක් කළේ ලොව නොවෙනස් ධර්මතාවයි. මගේ කාර්යභාරය මම ඉටු කොට අවසන් කළෙමි. දැන් පැමිණ ඇත්තේ දයාබර දූ පුතුන්ගේ කාර්යභාරය ඉටු කිරීමේ කාලය බැව් සිතමි. මට සිදු කරන විශාලම ගෞරවය නම් මා ඉමහත් පරිශ්රමයෙන් ඉදි කළ ලාංකේය අනන්යතාවයෙන් හෙබි සුභාවිත ගී මඟ දිවි හිමියෙන් සුරක්ෂිත කිරීමය.
මා මිය ගිය පසු ‘ආයෙත් එවැන්නෙක් පහළ වෙන්නේ නැහැ... නැහැ... නැහැ... කියා ප්රකාශ කිරීම, ඒ සෘණාත්මක සිතුවිල්ල කෙබඳු රටක වුව ද දියුණුවට අහිතකරය. අපෙන් පසු ඒ යෂ්ටිය අතට ගත හැකි දූ පුතුන් වඩාත් බිහි කිරීමට අවැසි සමාජ පසුබිම සාදා දීම ඊට වඩා උසස් නොවේද?
මා වැනිම මහා ගාන්ධර්වයන් මේ පින් කෙත හෙළ රන් දෙරණේ ඉදිරියටත් පහළ විය යුතුය. එහිලා අනුබලය සපයන කලාව, ජන මාධ්ය, අධ්යාපනය පිළිබඳ ජාතික රාජ්ය ප්රතිපත්තියක් ප්රමිතිකරණයක් ඉතා අවැසිය. ඉදිරියේ ඉදි කිරීමට යෝජිත අමරදේව සංගීත අසපුවෙහි පළමු කාර්ය එය වුවහොත් ඊටත් වඩා සන්තුෂ්ටියක් තවත් මට නැති. ඊට මගේ නිබඳ ආශීර්වාදය හිමි වේ.
දයාබර දූ පුතුන්ට දෙව් ලොව සිට ලියන මේ දීර්ඝ ලිපිය දැන් මම අවසන් කරමි. මනු ලොවදී මා කළ අවසන් ප්රකාශය අනුව මට දැන් අවැසි බුදු හිමි සෙවණේ සිහිල ලැබීමටය. එස්. මහින්ද හිමිගේ පබැඳුමක් සංගීතවත් කරමින් එදා මා ගැයූ මේ ගීත ඛණ්ඩය මගේ දූ දරු පිරිස යළි යළිත් සිහිපත් කරත්වා!
‘ජාතිය රන් විමනක් වේ
ආගම මිණිපහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ’
මීට
ශ්රී ලංකා මාතෘ භූමියට
සදා හිතැති
අමරදෙව්
සරසවි දෙව්ලොවින් මාතෘ භූමියට පතිත වූ මේ ලිපිය ඉමහත් ගෞරවයෙන් සියලු ජනී ජනයා වෙත ලියා දැක්වූයේ
ආචාර්ය නුවන් නයනජිත් කුමාර
සේයාරුව - සරත් පෙරේරා
අනගාරික ධර්මපාලතුමන්ගේ ආභාසය ලැබ යූස්ටස් රෙජිනෝල්ඩ් එදිරිවීර සරච්චන්ද්ර බවටත් මොරිස් ඩයස් චිත්රසේන බවටත්, ජෝර්ජ් විල්ෆ්රඩ් ආනන්ද සමරකෝන් බවටත් ජෝසප් ජෝන් සුනිල් සාන්ත බවටත් පත් වෙද්දී සරච්චන්ද්රයෝ මා හට සදුපදේස ලබා දෙමින් ඉන්දියාවට යෑමට පෙර මගේ ‘ඇල්බට්’ නාමය වෙනුවට ‘අමරදේව‘ නම තැබූහ. ශ්රේෂ්ඨ කලාකරුවා අන්තර් ජාතික තලයට පිවිසිය යුත්තේ මාතෘ භූමියේ අනන්යතාව, ප්රෞඪත්වය විදහාපාමින් බව සරච්චන්ද්රයෝ මට කියා දුන්හ. දේශීය අක්මුල් නොහඳුනන කළු සුද්දන්ට ලංකාවේ කළ හැකි විප්ලවයක් නොමැත. මා දිවි හිමියෙන් සුරැකි මේ දහම මගේ දයාබර දූ පුතුන් වටහාගෙන තිබේද? නොතිබේ නම් අද සිට හෝ වටහා ගත යුතුය. උපන් පොළවේ ශක්තිමත් ලෙස සවි වූ දෙපාවලින් යුතුව මම විශ්වය දෙස හිස ඔසවා බැලීමි. කුඩා සිරුරකින් හෙබි මා පතාක යෝධයකු ලෙස ලාංකේය ජනතාවට පෙනෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. තමා උපන් පොළවේ සම්ප්රදාය, සභ්යත්වය සාකල්යයෙන් වටහා නොගෙන කිසිදා යෞවනයකුට සැබෑ නූතනවාදියකු විය නොහැකිය. සම්ප්රදායට, සභ්යත්වයට හානි සිදු නොකර එය කාලානුරූපව වෙනස් කොට ගත හැකි වන්නේ සම්ප්රදාය මහත් පරිශ්රමයෙන් හදාළ නූතනවාදියකුට පමණි. ගීතය ගේය කාව්ය රචනය, ස්වර සංරචනය හා සුගායනය ඈ අංගත්රයෙන් සුසැදුණු වෙසෙස් කලා මාධ්යයකි. එනම් ගීතය සාහිත්යයේත්, සංගීතයේත් මනා සංසර්ගයෙන් උපන් සුජාත ප්රත්රයෙකි. ගේය කාව්ය රචනයෙන් ගීතයේ භාෂාත්මක අනන්යතාව සුරැකේ. සිංහල භාෂාවෙන් පබැඳුණේ නම් එය සිංහල ගීතයකි. මේ බස සංකර කිරීමෙන් ගීිතයෙහි අනන්යතාව පලුදු වන බැව් මා අමුතුවෙන් කිව යුතුද? අනන්යතාවක් නැති ගීතය විකෘතියකි. සංගීතය විශ්ව භාෂාවක් බව සැබවි. එනම් භාෂා භේදයකින් තොරව මමෝභාවයන් ජනිත කරවන ඉසියුම් කලාවකි. එහෙත් මේ උසස් සංගීත භාවිතාවෙහි දිස් වන අනන්යතාව ද ස්වරූප ද්වයකින් සමලංකෘත වේ. සංගීතවේදියා උපන් දේශයෙහි අනන්යතාව ඉන් එකකි. දෙවැන්න ලොව මිනිසුන් යා කෙරෙන අනන්යතාව වේ. මා සියලු ගීත නිර්මාණය කළේ මෙකී ද්විවිධ අනන්යතාවන් සුගෝපිත කිරීමෙන් බව දයාබර දූ පුතුන්ට නොපෙනේද?
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:44 AM 0 comments
ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි
Saturday, September 6, 2014
විතය නැවත පටන් ගනිමු
ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි
http://sarasaviya.lk/2014/09/04/?fn=sa14090447
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:33 PM 0 comments
මකුළු දැල්
මුද්රා පුහුණුවීම්
මහාචාර්ය ආරියරත්න කළුආරච්චි
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:32 PM 0 comments
මල් වඩම් අනවශ්යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:30 PM 0 comments
ප්රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන
ප්රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:30 PM 0 comments
* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත්
Tuesday, August 19, 2014
විනූ සිරිවර්ධන “ඇහැළේපොළ කුමාරිහාමි” අත්දැකීම් සමඟ...
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:01 AM 0 comments
මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ
මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ
- Published on Saturday, 16 August 2014 16:29
- Hits: 802
දරුවගේ වැඩකටයුතු එක්ක නිදහසේ කාලය ගත කරන්න නම් වේලාවක් නැහැ. පුතාගේ වයස දැන් අවුරුදු දෙකයි මාස හතයි. එයාගේ නම පෘථිවි. දැන් දඟයි. දරුවා ලැබුණට පස්සේ වැඩිපුරම එයා එක්ක කාලය ගතකරනවා.
අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් සන්තුස ලියනගේ ගේ ටෙලි චිත්රපට දෙකකට සම්බන්ධ වුණා. තාත්තා සහ පුනරාගමනය කියන නිර්මාණ දෙකට. ඒ නිර්මාණ දෙකේම ලස්සන කතා තේමාවක් තියෙනවා. නිර්මාණාත්මකයි. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. තෝරා බේරාගෙන ඒවාටත් සම්බන්ධ වෙනවා.
නිතරම නොදකින්න හේතුව විවාහය කියන සංකීර්ණ බැඳීමේ සීමා මායිම් ද?
අනේ නැහැ. මගේ හස්බන්ඩ් නාලක විජේවර්ධන ශ්රීපාලි විශ්ව විද්යාලයේ මාධ්ය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. මගේ මහත්තයා මට නීතිරීති දාන්නේ නැහැ. ඉස්සර ඉඳලම මම සම්බන්ධ වුණේ ගුණාත්මක නිර්මණවලට විතරයි. මට හුඟක් ඇරයුම් එන්නේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ඒ වගේ ගැටලු තවම මතුවෙලා නම් නැහැ.
රූපවාහිනී තිරයේ නිතරම නොදැකීම ජනප්රියත්වය අඩුවෙන්න හේතුවක් කියලා හිතෙන්නේ නැද්ද?
නිතරම නොදැක්කොත් ජනප්රියත්වයේ අඩුවීමක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු පහකට වතාවක් හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණත් ඇති. ඒ චරිතය හා නිර්මාණය මිනිසුන්ගේ හදවතට දැනෙනවා නම් රඟපෑවත් නැතත් මිනිස්සුන්ට නම කිව්ව ගමන් මතක් වෙනවා මේ අහවලා කියලා. එහෙම නිර්මාණ එකකට දෙකකට සම්බන්ධ වුණ අදටත් ජනප්රිය ප්රවීණ කලාකරුවෝ ඕනතරම් ඉන්නවා. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මාව ප්රේක්ෂකයින්ට අමතකයි කියලා මම හිතන්නෙත් නැහැ.
වේදිකා නාට්ය රඟපෑමෙන් ඈත්වෙලාද ඉන්නේ?
ඈත්වෙලා නම් නැහැ. ඒත් ලොකු කාලයක් ඒ සඳහා වැය කරන්න ඕන. හොඳ නිර්මාණයක් නම් කාලය කැප කරන්න බැරිකමකුත් නැහැ. ඒත් දැනට වේදිකාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ දරුවගේ වැඩ නිසයි.
අනුරුද්ධිකා පාදුක්කගේ මෙගා නාට්ය විරෝධියෙක් ද?
විරෝධයක් නැහැ. ඒත් මම අද වනතුරුම මෙගා ටෙලි නාට්යවලට සම්බන්ධ වෙලා නැහැ. මෙගා කියන්නේ වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය වන ඒවා. මම මුදල් මත යැපෙන නිළියක් නමෛයි. මම වටිනාකම හා මගේ කාලය දෙන්නේ ගුණාත්මක නිර්මාණවලට විතරයි.
අනුරුද්ධිකාට චෝදනාවක් තියෙනවා සම්මාන බලාපොරොත්තුවෙන් රඟන නිළියක් කියලා. ඒක ඇත්තක්ද?
මම නම් සම්මාන බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය චෝදනාව මට අදාළ නැහැ. නමුත් මම සම්බන්ධ වුණ බොහෝ නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ වුණා. සමහරක් ඒවාට සම්මාන ලැබුණා. මට ඒ ගැන සතුටුයි. සම්මානය ලැබුණත් නැතත් නිර්දේශ වීමම වටිනවා.
විකාශය වීමට නියමිත නිර්මාණ හුඟක් තියෙනවා නේද?
චිත්රපට කිහිපයක් තියෙනවා. තේජා, කරදිය, අපරාධය හා දඬුවම නවකතාවේ අනුවර්තනයක්, ඩස්ට්, මායා කියන නිර්මාණවලින් ඉදිරියේ දී දකින්න පුළුවන්.
අනුරුද්ධිකා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා රාවයක් පැතිරෙනවා?
මට කරන්න පුළුවන් හොඳම රැකියාව රඟපෑම. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් දැන්ම ඉවත් වෙන්නේ නැහැ. ඉස්සර වගේම අදටත් රඟපාන්න මම ආසයි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - චමිල කරුණාරත්න
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 6:00 AM 0 comments
තව නූලෙන් ජීවිතය ඉවරයි
Monday, August 18, 2014
අයිරින් ලියනගේ ගේ රස මතක අහුර
සත්සරණී 17 වැනිදා ටවර් රඟහලේදී
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:18 PM 0 comments
‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’
සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව අවසාන කොටස
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:18 PM 0 comments

