----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ඇන්ටිගනි’

Friday, March 18, 2011

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක

ප්‍රියංකර රත්නායක කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. රූපණවේදියෙකි. නාට්‍යවේදියෙකි. සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වෙමින් වේදිකාවට ප්‍රවිෂ්ට වූ ඔහු ‘කෙකින්න’, ‘අසිනමාලි’ ප්‍රමුඛ වේදිකා නාට්‍ය රැසක රංගනයෙන් ද සකලජන, මූදු පුත්තු වැනි නාට්‍යවල වේදිකා කළමනාකරණයෙන් ද දායක වූයේ ය.

ෆ්‍රිට්ස් බෙනවිට්ස්ගේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍යයෙහි ද රැඟූ ඔහු රෝගියා, වන සරණ (තිසාහාමි) පිටගම්කාරයෝ (නිහාල්) වනස්පති (රන්කිරා), ප්‍රමුඛ ටෙලි නළු රාශියක ද තුන්වැනි ඇහැ, ඉරැස්මා, ප්‍රභාකරන් ඇතුළු චිත්‍රපට රාශියක ද ප්‍රමුඛ චරිත රඟපෑවේ ය. ‘දොරකඩ මාරාව‘ චිත්‍රපටය සඳහා ප්‍රියංකර සම තිරරචනයෙන් දායක විය.

කලකට පෙර ‘ඊඩිෆස්’ නාට්‍යය නිර්මාණය කළ ඔහු ‘අද වගේ දවසක ඇන්ටිගනි’ සමඟ යළිත් වේදිකාව ආක්‍රමණය කර ඇත.

සොෆර්ක්ලීස්ගේ ‘ඇන්ටිගනී’ ග්‍රීක නාට්‍යය 60 දශකයේ මහාචාර්ය රංජනී ඔබේසේකර ඉංග්‍රීසි භාෂාවෙන් ද 1994 සෝමලතා සුබසිංහ සිංහල භාෂාවෙන් ද නිෂ්පාදනය කළා. ඔබ වසර 7 කට පමණ ඉහත ‘ඊඩිෆස්’ නාට්‍යය නිර්මාණය කළා. ‘ඇන්ටිගනී’ නාට්‍යය කෙරෙහි ඔබේ අවධානය යොමු වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන් යැයි මට සිතෙනවා.

ඔව්. ‘ඇන්ටිගනී’ සොෆර්ක්ලීස් නමැති විශිෂ්ට නිර්මාණකරුවාගේ නාට්‍ය ත්‍රිත්වයකින් එකක්. මේවා නාට්‍ය ත්‍රිත්වයක් ලෙස හැඳින්වුවත් මේ නාට්‍යවල චරිත අතර සම්බන්ධයක් තිබුණා. නමුත් මේවා වෙන වෙනම කතන්දර තුනක්. පළමුවැන්න ‘ඊඩිෆස්’. මේ නාට්‍යය මම වසර 7 කට පමණ පෙර නිර්මාණය කළා. ඊඩිෆස් නාට්‍යය නිෂ්පාදනය කළ සමයේ හා එය හැදෑරූ සමයේ මා ග්‍රීක නාට්‍ය බොහෝ ගණනක් කියැවූවා. ඒ අතරට ‘ඇන්ටිගනී’ නාට්‍යයත් අයිතියි. සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘ඇන්ටිගනී’ නාට්‍යයත් මා නැරඹුවා. නමුත් එය මගේ නිෂ්පාදනයට බලපෑමක් වුණේ නැහැ. මා කෙරෙහි බලපෑවේ වෙනත් කරුණක්. මා ‘ඇන්ටිගනී’ නාට්‍යය කියැවූවේ 1988 - 1989 කාලයේ. එය ඉතා අර්බුදකාරි, ඛේදජනක සිදුවීම් රාශියක් අසන්නට දකින්නට ලැබුණු භීෂණ යුගයක් බව මා අමුතුවෙන් කිව යුතු නැහැ.

එදා බාල, තරුණ, මහලු භේදයකින් තොරව ජීවිත ගණනාවක් ඉතා ඛේදජනක ආකාරයට මිය ගියා. මෙය අපගේ හෘද සාක්ෂියට බලපෑ ප්‍රශ්නයක්. ඒ සමඟ ‘ඇන්ටිගනී’ නාට්‍යය කියවන විට අපට වැටහෙනවා. මේ ඛේදවාචකය ඉතා බරපතළ ලෙස දිගින් දිගටම අපේ සමාජයෙහි සිදු වූ බව. නිසි ගෞරවය නොලැබී මේ පොළොවේ වැලළුණු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම වර්ගයකම පුරවැසියන් සිටියා. තවත් සමහරු තම ඥාතියා මිය ගොස් නැතැයි සිතා සොයනවා. අතුරුදන් වූවන්ගේ සංවිධාන අපේ රටේ බිහිවුණා. ‘ඇන්ටිගනී’ නාට්‍යය නිෂ්පාදනය කිරීමට මට බලපෑවේ මේ කරුණයි.

එසේ නම් මේ එළි දුටුවේ දශකද්වයක කාලයක් ඔබ නිර්මාණය කිරීමට තැත් දැරූ නාට්‍යයක්.

මේ නාට්‍ය නිර්මාණය කිරීම ප්‍රමාද වීමට හේතුවක් තිබෙනවා. නාට්‍යයක් නිර්මාණයේදී එය ගුණාත්මක අතින් පෝෂණය කර ගැනීමට නම් එමඟින් ගොඩනැඟෙන වටපිටාවත් පොහොසත් විය යුතුයි. එනම් මෙය සාර්ථකව ඵල දරන්න මුදල් ඕන. ඒ නිසා මේ නිර්මාණය පමා වුණා. නාට්‍යයක් කිරිමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලැබුණාට පසුව මා තෝරාගත්තේ කාලාන්තරයක් පුරා මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණු ‘ඇන්ටිගනී’. FLICT නමැති ආයතනය අපට මුදල් අනුග්‍රහය දැක්වූවා. ඒ හැරුණු විට කැලණිය විශ්වවිද්‍යාලයේ අප (නාට්‍ය හා රංග කලා) අධ්‍යයන අංශයත් මීට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.

මෙරට නාට්‍ය කලාවට විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් ඉටුවූ මෙහෙවර අමතක කළ නොහැකියි. මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම, මහාචාර්ය රංජනී ඔබේසේකර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය තිස්ස කාරියවසම් මේ අතරින් සුවිශේෂයි. එහෙත් මේ සියලු සරසවි ඇදුරන් නියෝජනය කළේ සිංහල, ඉංග්‍රීසි හා ජනසන්නිවේදන අධ්‍යයනාංශ. නාට්‍ය හා රංග කලා විෂයයෙහි ම නියැළී නාට්‍ය තැනූ ප්‍රමුඛ සරසවි ඇදුරා ඔබයි .

මා උගන්නන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයනාංශයේ. මගේ ශාස්ත්‍රීය පර්යේෂණාගාරය තමයි රඟහල. පුරාවිද්‍යා ආචාර්යවරයකුට පුරාවස්තු නටබුන් පිහිටි ස්ථානත්, භූගෝල විද්‍යා ආචාර්යවරයකුට භූගෝලීය සාධක තිබෙන තැනුත් එසේ ම විද්‍යා ආචාර්යවරයකුට විද්‍යාගාරයත් පර්යේෂණාගාර බවට පත්වෙනවා. මගෙන් දැනුම ලබන විද්‍යාර්ථින්ගේ පර්යේෂණාගාරයත් රඟහලයි. අලුත් විදියට අප සිතිය යුත්තේ මෙතැනදීයි. ‘අද වගේ දවසක ඇන්ටිගනි’ නාට්‍යය එක් අතකින් ආචාර්යවරයා වන මටත්, අප අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින්ටත් පර්යේෂණාගාරයක්.

ඊඩිෆස්’ නාට්‍යය නිෂ්පාදනයෙන් පසුව ඔබ සොෆර්ක්ලීස් ගේ නාට්‍ය ත්‍රිත්වයේ තෙවැන්න වෙත යොමු වෙනවා. සොබාදහම සහ මිනිසාගේ සබඳතා ග්‍රීක නාට්‍යවල මූලික ලක්ෂණයක්. සොබාදහමේ නීතිය සහ රාජ්‍ය නීතිය අතර ගැටුම මේ නාට්‍ය ත්‍රිත්වයේ ම සියුම් හුයක් ලෙස බැඳී තිබෙනවා.

‘ඇන්ටිගනි’ සොෆර්ක්ලීස්ගේ ප්‍රකට නාට්‍ය ත්‍රිත්වයේ තුන්වැන්නයි. ‘ඊඩිෆස්’ සහ ‘කොලෝ නස් හි ඊඩිෆස්’ හි ඇතුළත්වන්නේ ඔහුගේ පුරාවෘත්තය. ඊඩිෆස් රජු තමාගේ මවු බව නොදැන ඇය බිසව කොටගත් නිසා එය දැනගැනීමෙන් පසුව ඇස් අන්ධ කරගන්නවා. පළමු නාට්‍යය එතැනින් නිමයි. ‘කොලොනස් හි ඊඩිෆස්’ නාට්‍යයට ඇතුළත් වන්නේ ඇස් අඳ ඊඩිෆස් රජු පිටුවහල් වී ගිය පසු ඔහුගේ මරණය සිදුවීම දක්වා වූ කතා පුවතයි.

‘ඇන්ටිගනි’ නාට්‍යයේ දැක්වෙන්නේ මෙවැන්නක්. රාජ්‍යයේ අයිතිය දිනාගැනීම සඳහා ඊඩිෆස් රජුගේ පුතුන් දෙදෙනා අරගල කරනවා. මින් එක් පුතෙක් පැනගොස් වෙනත් රාජ්‍යයක් එකතු කොටගෙන තම සොහොයුරාගේ රාජ්‍යයට එරෙහිව කැරැලි ගහනවා. මෙහි ප්‍රතිඵලය ලෙස මේ දෙදෙනාම මිය යනවා. ඉන්පසු බලයට පත්වන්නේ ඉඩිෆස් රජුගේ ඥාති සොහොයුරා. එනම් ඔහුගේ බිරියගේ සොහොයුරා. රජකම ලැබූ පසු බාප්පා නීතියක් පනවනවා. එනම් රට වෙනුවෙන් සටන් කළ පුත්‍රයාට නිසි රාජ්‍ය ගෞරව දී ආදාහනය කළ යුතුයි. නමුත් රටට විරුද්ධව කැරැලි ගැසූ පුත්‍රයාට ඒ ගෞරවය ලබාදීම සපුරා තහනම්. යම් පුද්ගලයකු එසේ කළහොත් ඔහුටත් මරණීය දණ්ඩනය හිමිවිය යුතුයි. මෙය රටේ නීතියක්. ඊඩිෆස් රජුට පුතුන් දෙදෙනකු පමණක් නොව දූවරු දෙදෙනෙක් ද සිටිනවා. ඉන් එක් දුවක් තමයි ‘ඇන්ටිගනී’. ඇය මේ නීතියට විරුද්ධව නැඟී සිටිනවා.

තමාගේ එක් සහෝදරයකුට අවශ්‍ය ගෞරවය ලබාදුන්නා වගේම අනෙක් සහෝදරයාටත් අවසාන ගෞරවය ලබාදිය යුතු බවත් නැත්නම් එක් සහෝදරයකුට අසාධාරණයක් සිදුවන බවත් ඇය පවසනවා. මේ නාට්‍යයේ එක් තැනක ඇන්ටිගනී ලේ ඥාතිත්වය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. එනම් සැමියෙක් නැතිවුණොත් එක්කෙනෙක් නැත්නම් තව කෙනෙක් ලබාගත හැකියි. පුතෙක් නැතිවුණොත් වෙනත් සැමියකු ලවා හෝ පුතෙක් ලබාගත හැකියි.

සහෝදරයෙක්, මවක්, පියෙක් නැතිවුණොත් නැතිවුණාමයි. නැවත ලබාගත නොහැකියි. ඇන්ටිගනී මේ ප්‍රශ්නය මතු කරනවා. එක් සොහොයුරකුට නිසි ගෞරවය නොදුන්නොත් තමා මියගිය පසු මළවුන්ගේ ලෝකයේදී සොහෙයුරා, මව, පියා හමුවූ විට මා ඔවුනට මුහුණදෙන්නේ් කෙසේද? මිනිසාගේ ජීවත්වීම සඳහා සොබාදහමෙන් නීතිපනවා තිබෙනවා. උපත, විවාහය, මරණය ආදී මිනිස් ජීවිතයේ ප්‍රමුඛ සිද්ධීන් මේ සොබාදහමේ නීතියට අනුව සිදුවෙනවා. මරණයෙන් මතු ලෝකය බොහෝදෙනාගේ විශ්වාසයක්. විශ්වාස නොකරන අය තුළ පවා මරණයෙන් මතු ලෝකය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මනුෂ්‍යයා ශිෂ්ටාචාරගත වූ පසුව ශිෂ්ටාචාරය විසින් ඇති කරන ලද සිරිත් විරිත් සම්මත රැකගන්න වෙනම නීතියක් හැදුණා.

සමාජයේ අර්බුදකාරී වන්නේ රාජ්‍ය පවත්වාගෙන යාමට සකස් කළ නීතියත් සොබාදහමේ පැවැත්ම සඳහා බිහිවූ නීතියත් එකිනෙක ගැටීම නිසා. සොබාදහමේ නීතිය විසින් බිහිකරන ලද මනුෂ්‍යයා විසින් තමයි රාජ්‍යයේ නීතිය සකස් කොටගෙන තිබෙන්නේ. මනුෂ්‍යයා සිටින්නේ මේ නීති දෙකට අතරමැද. ඇන්ටිගනී මුහුණදෙන හෘද සාක්ෂියේ ප්‍රශ්නයයි. ඇගේ බාප්පා මුහුණ දෙන රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නයයි දෙකම බැලුවම සාධාරණයි. නමුත් එක් නීතියක් ඉටුකරගන්නාවිට අනෙක් නීතිය බිඳෙනවා.

නාට්‍යයේ හැටියට මේ දෙදෙනාම ඛේදවාචක දෙකකට මුහුණපාන අයුරු පෙනෙනවා. බොහෝ දේශපාලනික දේවල්, මනුෂ්‍යයා සම්බන්ධ දේවල් අද මේ මොහාතෙත් අපගේ ජීවිතය ඇතුළේ, සමාජය ඇතුළේ සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා මේ නාට්‍යය වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි. මේ සංවාදය පියා පුතු අතර, පියා දියණිය අතර, සහෝදර සහෝදරියන් අතර ගොඩනැඟෙනවා. එනම් නාට්‍යය ගොනුවන්නේ රාජ්‍යයේ ප්‍රධාන පුරවැසියෝ පස්දෙනා අතර.

අප රටේ සමාජ දේශපාලන, ආර්ථික, සංස්කෘතික ගැටලු පාදක කරගැනීමේදී බහුතර නාට්‍යකරුවන් එහිලා විදෙස් සම්භාව්‍ය නාට්‍ය කෘතීන්ගේ් පරිවර්තන කෙරෙහි යොමුවන්නේ එදා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් දැක්වූ පරිදි සෞන්දර්යාත්මක පරතරය (Aesthetic Distance) නමැති සංකල්පය නිසාද?

ස්වතන්ත්‍ර වුවත් පරිවර්තන වුවත් නාට්‍ය, නාට්‍යමයි. ස්වතන්ත්‍ර නාට්‍යකරුවෝ බහුලව බිහිවෙන්නේ නැහැ. අපේ රටේ වුණත් හොඳ ස්වතන්ත්‍ර නාට්‍යකරුවෝ හතර පස්දෙනයි බිහිවුණේ. හැබැයි මේ ස්වල්පය බිහිවෙන්න නම් හොඳ පරිවර්තන නාට්‍ය සාහිත්‍යයක් අපට තිබිය යුතුයි.

නාට්‍ය කලාවේ ගැඹුරට ගියාම ලෝකයේ සෑම තැනකම නාට්‍ය එකයි. ග්‍රීක නාට්‍ය දෙවියන් සමඟ බැඳී තිබෙනවා. සමහර දෙවිවරු පෙරදිග රටවලින් බටහිරට ගිය අය. ග්‍රීසියේ ඩයොනීසියස් පර්සියාවෙන් එරටට ගිය දේව ඇදහිල්ලක්.

ශේක්ස්පියර්ගේ ඇතැම් නාට්‍යයක්, බ්‍රෙෂ්ට්ගේ සමහර නාට්‍යයක් විවිධ තැන්වලින් උකහාගත් කතාවස්තු පාදක කොටගනයි, නිර්මාණය වුණේ.

බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව අපගේ උම්මග්ග ජාතකයේ එන කතාවකට සමානයි. උසස් නාට්‍යකරුවෝ තමන්ගේ නාට්‍ය සඳහා මූලාශ්‍ර තෝරා ගැනීමේදී පෙරදිග අපරදිග බේදයක් සැලකුවේ නැහැ. ඕනෑම හොඳ නාට්‍යයක් වින්දනාත්මක වීමත් ප්‍රේක්ෂකයනට සමීප වීමත් ඉතා වැදගත්.

අනෙක එහි මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබිය යුතුයි. හොඳ ස්වතන්ත්‍ර නාට්‍යයක් ලිවීම සඳහා ලෝක නාට්‍ය සාහිත්‍යය හැදෑරීමෙන් ලැබෙන පරිචය වැදගත් වෙනවා.

READ MORE - ‘ඇන්ටිගනි’

නළුකම කලාවක් කර ගත් ආණ්ඩුවේ කන්තෝරුකාරයා

‘රුක්මණීලා ගම්පහට එනවා’.

ඒ ගම පුරා පැතිර ගිය ආරංචියකි. එය මෙරට තුළ ටීටර් නාට්‍ය බෙහෙවින් ජනප්‍රියව පැවති යුගයක් විය. මිනර්වා නාට්‍ය, සිරිසේන විමලවීරගේ නාට්‍ය එම ටීටර් අතර වැඩි ජනකාන්ත බවක් හිමි කර ගෙන තිබිණි.

හෙන්රි ජයසේන ජීවිතයේ මුල් වතාවට නාට්‍යයක් දුටුවේය. ගමේ පොල් අතු වේදිකාවක් මත රඟ දැක් වුණු ඒ නාට්‍යය වූයේ රුක්මණී දේවි ප්‍රධාන චරිතය රඟපෑ ‘සැඟවුණු පිළිතුර’ය. එම නාට්‍යය නැරඹීමෙන් හෙන්රි ලැබුවේ අමන්ද චමත්කාරයකි. ජීවිතය ඇත්තේ එතැන බව ඔහු පසක් කර ගත්තේය.

ජංගම නාට්‍ය කණ්ඩායමකට තමාටත් එක් වන්ට ඇත්නම් යැයි හෙන්රි සිතුවේය. ඒ සිතුවිල්ලෙන් ඔහු මිනර්වා කණ්ඩායමට ලියුමක් ද ලීවේය.

‘ගම්පහදී ඔබ හැම රඟදැක් වූ ‘සැඟවුණු පිළිතුර’ නාට්‍යය බලා මම බොහෝ සේ සතුටු වුණෙමි. මා කවි කීම, සින්දු කීම ආදියෙහි දක්ෂ ළමයෙක්ය. මට අවුරුදු දහයක් විතර වේ. ඔබේ කණ්ඩායමට බැඳී අර වගේ වේදිකාවේ රඟපෑමට මා ද කැමැතිය. මා තවම රඟපා නැත. ඒත් හොඳට රඟපෑමට පුළුවන් කියා සිතමි. ඔබ කැමැති නම් බස් එකක නැඟී මට මීගමුවට එන්න පුළුවන්’.

එහෙත් හෙන්රිට මේ ලිපිය තැපැල් කිරීමට ලැබුණේ නැත. ඊට හේතු වූයේ එය තැපැල් කිරීමට ශත 6 ක මුද්දරයක් ගැනීමට මුදලක් ඔහු සතුව නොතිබීමයි.

එදා ඒ ලියුම ලියූ හෙන්රි ජයසේන පසු කලෙක රුක්මණී දේවි සමඟ එකට රඟපෑවේය. එය මොන තරම් ආශ්චර්යවත් සිද්ධියක් යැයි සිතා බලනු වටී.

හෙන්රිට පළමු වතාවට නාට්‍යයකට සම්බන්ධ වන්ට ලැබුණේ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදීය. එම විදුහලේ ආචාර්යවරයකු වූ යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා) ‘හරිශ්චන්ද්‍ර’ නමින් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේය. එම නාට්‍යයේ රෝහිත කුමාරයා වූයේ හෙන්රිය.

හෙන්රි මුලින්ම නාට්‍යයක් නිෂ්පාදනය කළේ පදියපැලැල්ලේ දෙහිපේ නමැති ගමේ සිංහල ප්‍රාථමික පාසලේ ඉංගිරිසි උප ගුරුවරයකුව සිටියදීය. නාට්‍යයේ නම ‘ජානකී’ ය. මේ නාට්‍යය ගැන හෙන්රි වරක් මා සමඟ මෙසේ කියා සිටියේය.

‘දෙහිපේ කියන්නේ ජයලත් මනෝරත්නගේ ගමනේ. ඒ කාලේ මම නාට්‍ය කරන කොට මනෝරත්න ඇවිත් බලන් ඉන්නවලු. මට මිනිහව නිච්චි නැහැ. හැබැයි මනෝගේ අක්කට නම් මං උගන්වපු බවක් මතකයේ තියෙනවා’.

ආපසු කොළඹට ආ හෙන්රි වේදිකා නාට්‍ය කීපයක රඟපෑවේය. ටී. බී. ඉලංගරත්නගේ පිටපතක් ඇසුරෙන් ආර්නෝල්ඩ් වික්‍රමසූරිය නිෂ්පාදනය කළ ‘හඳහන’ ඉන් එක් නාට්‍යයකි.

කොළඹදී හෙන්රි මුලින්ම නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යය වූයේ ‘මනමාලයෝ’ ය. ‘වැදගත්කම’, ‘ඇත්ත කුමක්ද’ යන නාට්‍ය ඔහු ඉනික්බිතිව නිපද වූයේය.

‘පව්කාරයෝ’ හෙන්රි නිෂ්පාදනය කළ තවත් නාට්‍යයකි. එකල සිංහල වේදිකාවේ බල පැවැත් වුණේ ශෛලිගත නාට්‍යයන්ය. එබඳු පසුබිමක ‘පව්කාරයෝ’ වැනි සංවාද නාට්‍යයකට සාර්ථක පැවැත්මක් නොතිබිණි. හෙන්රිම කියා ඇති පරිදි එකල තාත්වික (සංවාද) නාට්‍ය ඇද වැටුණේ තටු සිඳුණු කුරුල්ලකු පරිද්දෙනි.

‘මගේ ‘පව්කාරයෝ’ නාට්‍යය කොළඹ විශ්ව විද්‍යාලයේ පෙන්වන කොට ශිෂ්‍යයෝ නාට්‍යය පෙන්වන්නම දුන්නෙ නැහැනේ. මුල ඉඳලම ‘හූ’ කිව්වා. මේ නාට්‍යයේ සංගීතය අමරදේවගේ. ඉන්ටවල් එකෙන් පස්සේ අමරදේව බලන කොට මිනිහා නැහැ. ‘හූ’ වට බයේ මාරු වෙලා ගිහින්’.

තමා වේදිකාව දෙසට බැඳුණේ හදවතේ වූ කිසියම් පාළුවක්, තනිකමක්, හුදකලා බවක් තුනී කර ගනු පිණිස බව හෙන්රි කොතැනක හෝ කියා තිබුණා මට මතකය. මම වරක් ඔහුගෙන් ඒ ගැන ඇසීමි.

‘ඔව් ඒක ඇත්ත. එක්තරා කාලයකදී අම්මත් මමත් තනි වුණා. අපිට සෑහෙන කාලයක් තනිව ජීවත් වෙන්න සිද්ධ වුණා. මම ගහ කොළ එක්ක කතා කළා. තනියමත් කතා කළා. මුල් යුගයේදී මම නාට්‍ය කළේ කාන්සිය දුරැලීමට මිසක් ඊට වැඩි ගැඹුරු අරමුණකින් නෙමෙයි. බෙන් සිරිමාන්නගෙන් පසු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ ‘මනමේ’ කුමරු වූයේ හෙන්රිය. ඔහු ටික කලක් ‘මනමේ’ කුමාර භූමිකාව රඟපෑවේය.

‘හස්තිකාන්ත මන්තරේ’, ‘මැටි කරත්තය’ හා ‘රත්නාවලී’ හෙන්රි ඉන් පසු රඟපෑ නාට්‍යයන්ය. ‘ජනේලය’ හෙන්රි නිෂ්පාදනය කළ නාට්‍ය අතරින් විචාරක ප්‍රශංසාව දිනූ මුල්ම නාට්‍යය විය.

හෙන්රි මානෙල් හා විවාහ වූයේ ද ‘ජනේලය’ නාට්‍යය නිපද වූ වකවානුවේය.

‘මම ඒ දවස්වල වැඩ කළේ රෙජිස්ටර් ජනරාල් කාර්යාලයේ. කසාද බඳිද්දී මට සල්ලි තිබ්බෙ නැහැ. මං කන්තෝරුවෙන් ආපදා ණයක් ඉල්ලුවා. ඉල්ලුම් පත්‍රයේ මම ලිව්වා මේ ණය ඉල්ලන්නේ කසාද බඳින්න කියලා. පස්සේ ණය අනුමත කරන ලිපිකරුවා මගේ ඉල්ලුම් පත්‍රයත් එක්ක සටහනක් එවලා තිබුණා ‘විවාහය කියන්නේ ආපදාවක් නෙමේය’ කියලා. ඇත්ත කියන්න ගිහින් මට ඒ සල්ලි ටික හම්බ වුණේ නැහැ. හෙන්රි ‘කුවේණි’ නාට්‍යය ලියා නිෂ්පාදනය කළේ විවාහයෙන් පසුවය. එය ගැහැනිය දෙස සානුකම්පිත දෘෂ්ටි කෝණයකින් බැලූ විශිෂ්ට නාට්‍යයක් වූයේය.

හෙන්රි වේදිකාව ඔස්සේ සිනමාවට ද පිවිසුණේය. මා නිවැරදි නම් හෙන්රි මුලින්ම රඟපෑවේ ‘ගැහැනු ගැට’ චිත්‍රපටයේය. එහෙත් පළමුව තිරගත වූයේ ඉන් පසු රඟපෑ ‘ශ්‍රී 296’ ය. සිනමා රංගනයට පිවිසීම ගැන හෙන්රි මා සමඟ මෙසේ අදහස් දක්වා ඇත.

‘ඒ කාලේ මම වැඩ කළේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. ‘ලේක්හවුස්’ එකේ හිටපු ප්‍රවීණ පුවත්පත් කලාවේදී සිසිර කුමාර මාණික්කආරච්චි දවල්ට කෑම කන්න එන්නේ අපේ කැන්ටින් එකට. (එකල ජනප්‍රිය නළුවකු වුණු ආනන්ද වීරකෝන් පවා මෙතැනට කෑම කන්න එනවා මට මතකයි). ඔය මානික්කආරච්චි තමයි මාව සිනමාවට යොමු කළේ’.

හෙන්රි කියූ ආකාරයට ‘ගැහැනු ගැට’ චිත්‍රපටයේ කතාව, දෙබස්, ගීත රචනය ද මාණික්කආරච්චිගෙනි. ‘සුහද සොහොයුරෝ’, ‘හෙට ප්‍රමාද වැඩියි’, ‘වෙන ස්වර්ගයක් කුමටද?’, ‘සීගිරි කාශ්‍යප’ හෙන්රි ඉන් පසු රඟපෑ තවත් චිත්‍රපට කීපයකි.

වාණිජ චිත්‍රපටවල මල් පාත්ති වටේ දුවන පෙම්වතාගේ චරිතයට හෙන්රි ගැළපුණේ නැත. හෙන්රි ‘සීගිරි කාශ්‍යප’ චිත්‍රපටයේ පෙනී සිටි එබඳු දර්ශනයක් මට මතකය. හෙන්රි නිළියක සමඟ ගී ගයමින් නටයි.

‘පිරුණා හද සන්තානේ
පිපුණු දෑ සමන් මල් යහනේ
මැවුණා සුබ සිහිනේ’

එය හරූන් ලන්ත්‍රා හා සුජාතා අත්තනායක ගයන යුග ගීතයකි. මේ ගීතය වෙනුවෙන් හෙන්රි පෑ රැඟුම් දකින විට අපේ කට කොණකට සිනාවක් නැඟෙනු වැළැක්විය නොහැකිය. ඒ හෙන්රි එවන් රංගනයකට නුසුදුසු බැවිනි.

වාණිජ චිත්‍රපටවල තමන්ගේ අසාර්ථකත්වය ගැන හෙන්රි වක්‍රාකාරයෙන් අදහස් ප්‍රකාශ කර ඇත. ඒ මෙපරිදිය.

‘එකල තිබුණු නළු සම්ප්‍රදායයට මං අයිති වුණේ නැහැ. දවස් තුන හතරකින් රැවුල කපන සාමාන්‍ය කන්තෝරුකාරයෙක් මම. මට තරු ගුණය (STAR QUALITY) කියලා දෙයක් තිබුණෙම නැහැ.හෙන්රි ගේ සිනමා රංග කලා ජීවිතය වෙනස් කළේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය බව කීම විවාද රහිතය. එහි පියල් වූයේ ඔහුය. වාණිජ සිනමාවේදී අසාර්ථක වූවත් කලාත්මක සිනමාවේදී හෙන්රි දක්ෂ චරිතාංග නළුවෙක් වූයේය.

‘ඒ දවස්වල මම පදිංචි වෙලා හිටියේ දෙහිවල වෛද්‍ය පාරේ ගෙදරක. ලෙස්ටර් හිටියෙත් මං හිටපු ගෙවල් ළඟ. ඔහු කෙනකුගේ අතේ පණිවුඩයක් එවලා තිබුණා ඇවිත් හම්බ වෙන්න කියලා. ‘ගම්පෙරළියේ’ පියල් ගේ චරිතයට මාව තෝරා ගෙන තියෙනවයි කියලා ඔහු කියන කොට මම පුදුම වුණා. මම මේ නවකතාව පස් හය වතාවක් විතර කියවලා තිබුණා. මම මාර්ටින් වික්‍රමසිංහවත් ටිකක් හඳුනනවා. මොකද ඔහු මගේ නාට්‍ය බලන්න ඇවිත් තියෙනවා’.

මට ‘ගම්පෙරළිය’ චිත්‍රපටය සිහිපත් වෙයි. එහි එක් තැනෙක පියල් නන්දාට ඉංගිරිසි උගන්වයි.

නන්දා - ‘ඉතිං අන්තිමෙට එයා කුමාරිව බඳිනවද?’

පියල් - ‘ඔව්’

නන්දා - ‘බොරු! නිකම් මිනිහෙක් කුමාරියක් බඳීන්නේ කොහොමද?’

පියල් - ‘සල්ලි තියෙනවා නම් කුමාරියක් වුණත් බඳින්න බැරිද?’

‘ගම්පෙරළිය’ නවකතාවේ පියල් කජු පුහුලමක් වැනි නාසයක් ඇති අයකු බව එහි කතුවර මාර්ටින් වික්‍රමසිංහ කියා ඇත. හෙන්රි මේ චරිතයට තෝරා ගෙන ඇත්තේ ඔහුට ද කජු පුහුලමක් වැනි නාසයක් ඇති නිසා බව එකල කියැවිණි. ඒ ගැන මම වරක් හෙන්රිගෙන් විමසූ විට ඔහු සිනාසුණේය.

‘ගම්පෙරළිය’ බලලා වික්‍රමසිංහ මහත්තයා හුඟාක් සතුටු වුණා. මං පියල්ගේ චරිතයට සාධාරණය ඉටු කිරීම ගැන’.

‘ගම්පෙරළිය’ රූපගත කරන දිනවල ලෙස්ටර් හෙන්රිට නාට්‍ය පොතක් කියවන්ට දුන්නේය. එය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය එකතුවකි. ‘හුණුවටයේ කතාව’ නාට්‍යය ද ඊට ඇතුළත්ව තිබිණි. හෙන්රි පසු කලෙක මේ නාට්‍යය පරිවර්තනය කොට නිෂ්පාදනය කළේය. ‘හුණුවටයේ කතාව’ සිංහල නාට්‍ය කලාවේ ස්මාරකයකි.

හෙන්රිට යුනෙස්කෝවෙන් ලද අධි ශිෂ්‍යත්වයක් මත සෝවියට් දේශයට යෑමට අවස්ථාව ලැබුණේ 1964 දීය. ඔහු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් මුලින්ම දුටුවේ එම සෝවියට් ගමනේදීය.

‘මම සෝවියට් දේශයට යෑමට පෙර මාර්ටින් වික්‍රමසිංහයි මහාචාර්ය සරච්චන්ද්‍රයි මට උණුසුම් ඇඟලුම් තෑගි කළා. වික්‍රමසිංහ එදා මට තෑගි කළ කළු පාට උණුසුම් කමිසය තවමත් මම සිහිවටනයක් විදියට ආරක්ෂා කරගෙන ඉන්නවා’

හෙන්රි කීවේය.

‘ගම්පෙරළියෙන්’ පසු හෙන්රි ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයේ ද රඟපෑවේය. එය ඇතුළු හදට නැමුණු තරමක සංකීර්ණ චරිතයකි. එසේම මෙය නිතරම සිගරැට් බොන චරිතයකි. මේ චරිතය උදෙසා හෙන්රිට සිගරැට් 19 ක් බීමට සිදුව ඇත.

හෙන්රි එම දිනවලදී තවත් නාට්‍ය කීපයක්ම ලියා නිෂ්පාදනය කළේය. ‘තවත් උදෑසනක්’, ‘මනරංජන වැඩ වර්ජන’, ‘අහස් මාළිගා’ එවැනි නාට්‍යයය. ඔහු ‘හුණුවටයේ කතාව’ තැනුවේ ඉන් පසුවය. විචාරකයන් කියන පරිදි හෙන්රි එතෙක් මෙතෙක් නිපද වූ හොඳම නාට්‍යය ‘හුණුවටයේ කතාව’ යි. කලින් ද සඳහන් කළ ආකාරයට එය පසුගිය සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම නාට්‍යවේදියා ලෙස පිළිගැනෙන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක පරිවර්තනයකි. බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක් සිංහලෙන් වේදිකා ගත වුණු පළමු අවස්ථාව එය විය. ‘හුණුවටයේ කතාව’, ‘මනමේ’, ‘සිංහබාහු’, ‘දුන්න දුනු ගමුවේ’, ‘සුභ සහ යස’ වැනි නාට්‍ය සේම චිරස්ථායි කලා කෘතියකි. මෙය පොදු ජන රසිකයන් අතර අති මහත් සේ ජනප්‍රිය වූ නාට්‍යයක් බවට ද පත් වූයේය. 1968 දී නිෂ්පාදනය වූ ‘හුණුවටයේ කතාව’ අඛණ්ඩව 25 වසරක් සිංහල වේදිකාවේ රඟ දැක්විණි. පුරා විසි පස් වසරක් අඛණ්ඩව වේදිකා ගත වූ ලෝකයේ එකම බ්‍රෙෂ්ට් නාට්‍යය ‘හුණුවටයේ’ සිංහල නිෂ්පාදනය බව නාට්‍ය කලා විද්වතකු වන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු කියා ඇත.

‘හුණුවටයෙන්’ පසු හෙන්රි ‘අපට පුතේ මඟක් නැතේ’, ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’, ‘මකරා’, ‘සරණ සියොත් සේ පුතුනි හඹා යන’ නාට්‍ය නිෂ්පාදනය කළේය. හෙන්රි අවසානයට රංගගත කළේ ‘සිරිසඟබෝ’ යැයි මම සිතමි. එය පැරණි නූර්ති නාට්‍යයක නවීකරණයක් විය. එය වේදිකා ගත වූයේ 1978 දීය. එදා මෙදාතුර අවුරුදු 30 ක පමණ කාලයක් ගෙවී ගොස් ඇත. ඒ අතරවාරයේ හෙන්රි අතින් අලුත් නාට්‍යයක් ලියා හෝ පරිවර්තනය කොට නිෂ්පාදනය නොවුණේ ඇයි? මම එම ප්‍රශ්නය වරක් හෙන්රිට යොමු කරද්දී ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙපරිදිය.

‘ප්‍රධානම කාරණාව ආර්ථික ප්‍රශ්න. එදා අපි ‘හුණුවටයේ කතාව’ නිෂ්පාදනය කළේ රුපියල් එකොළොස් දාහකින්. අනික එකල නාට්‍ය නිෂ්පාදන සඳහාම පවත්වාගෙන ගිය බැංකු ගිණුමකුත් අපිට තිබුණා. අද නාට්‍යයක් කරන්න ලක්ෂ ගාණක් ඕනෑ. ඒ වියදම් කරලත් නාට්‍යයක් කෙරුවයි කියමු. ඒත් කොහොමද ඒක පවත්වාගෙන යන්නේ? ඉස්සර නම් දුර පළාතක නාට්‍යයක් කරලා රෑ නිදි වරාගෙන ඇවිත් උදේට රැවුල කපාගෙන කන්තෝරු යනවා. දැන් එහෙම කරන්න බැහැ. දැන් අපි වයසයි’.

හෙන්රි හැත්තෑව අසූව දශකයේදී චිත්‍රපට කීපයකම රඟපෑවේය. ‘මරුවා සමඟ වාසේ’, ‘හඳයා’, ‘හංස විලක්’, ‘බැද්දේගම’, ‘තණ ගිරවි’ ඉන් කීපයකි. එහෙත් හෙන්රි වැනි චරිතාංග නළුවකුගෙන් ඊට වැඩි මෙහෙවරක් සිංහල සිනමාව විසින් ගත යුතුව තිබුණාය යන්න මගේ විශ්වාසය වෙයි.

හෙන්රි පසු කලෙක වාණිජ මට්ටමේ චිත්‍රපටවල රඟ නොපෑ හෙයින් ඔහු පොදු ජන රසිකයන් අතරට වඩාත් සමීප වූයේ ටෙලි නාට්‍ය ඔස්සේ යැයි කීම නිවැරදිය. විශේෂයෙන් ‘දූ දරුවෝ’ ටෙලි වෘත්තාන්තයේ සුදු සීයාගේ චරිතයෙනි.

‘ජීවිතය දිහා ආපසු හැරිලා බලද්දී මිස්ටර් ජයසේනට මොනවද හිතෙන්නේ?’

හෙන්රි හමු වී ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වූ මොහොතක මම ඔහුගෙන් එසේ විමසීමි. ඔහු මේ අයුරින් පිළිතුරු දුන්නේය.

‘මම මොහොතකටවත් හිතන්නේ නැහැ, මං වෙන කවුරු හරි වුණා නම් කියලා. මාව ආයෙත් මුලට ගෙනැල්ලා කවුරු හරි කිව්වොත් මෙන්න උඹට පාරවල් කීපයක් තියෙනවා. උඹ කැමැති පාරක් තෝර ගනින් කියලා කිව්වොත් මම ඒ අවස්ථාවේ තෝරා ගන්නෙත් මේ ආපු පාරම තමයි’.

තම ප්‍රියාදර බිරිය වන මානෙල් ගේ වියෝවෙන් පසු හෙන්රි අද ජීවත් වන්නේ තම එකම පුතු හා ලේලි සමඟ ගල්කිස්ස කලාපුරයේ නිවෙසකය. හෙන්රි මානෙල් මුලින් විසුවේ නුගේගොඩ පැපිලියාන පාරේ නිවෙසකය. මා ගොස් ඇත්තේ එම නිවෙසටය.

‘බැන්දයින් පස්සේ අපි අවුරුදු ගාණක් ජීවත් වුණේ කුලී ගෙවල්වල. මේ ගෙයි ගලක් ගලක්, වැලි කැටයක්, සිමෙන්ති කොට්ටයක් කොට්ටයක් පාසා තියෙන්නේ අපි වේදිකාවේ හළපු ලේ, කඳුළු, දහඩිය. අපි පොහොසත් මිනිස්සු නෙමෙයි. අපි මේ විදියටත් ඉන්නේ බුද්ධිය හා ශාරීරික ශ්‍රමය වගුරුවමින් ඉපැයූ මුදලින්’.

හෙන්රි තම නිවෙස ගැන කතා කරමින් එදා මා සමඟ එසේ කීවා මට මතකය.

හෙන්රි වරක් මීට් බෝල් දැන්වීමක පෙනී සිටියේය. මා දන්නා හෙන්රි මස්, මාළු නොකන අයෙකි. එහෙත් ආර්ථික හේතු මත හෘදය සාක්ෂියට විරුද්ධව වුව මෙබඳු දැන්වීම්වලට පෙනී සිටීමට සමහරුන්ට සිදු වෙයි.

‘ඔබට ජීවත් වෙන්න විශ්‍රාම වැටුපක් ලැබෙනවානේ. ඉතින් ඇයි මේ වගේ වැඩ කරන්නේ?’

‘ඒ ලැබෙන විශ්‍රාම වැටුපෙන් ජීවිතය ගැට ගහ ගන්න බැහැ දරුවෝ. එයින් කරන්න පුළුවන් මහලු මඩමකට යන එක විතරයි. වතුර බිලයි, ලයිට් බිලයි, ටෙලිෆෝන් බිලයි ගෙව්වම ඒක ඉවරයි. සමහරු මට බනිනවා රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටිනවය කියලා. එත් අපි මොනව කරන්නද? එපිසෝඩ් 50 කින් යුතු ටෙලි නාට්‍යයක රඟපානවට වඩා ආදායමක් එක දැන්වීමක පෙනී සිටීමෙන් ලබන්න පුළුවන්. අපිට නිකම් ගෙදර ඉඳගෙන ආදායම් ලබන්න පොල් වතු, රබර් වතු නැහැනේ’.

හෙන්රි එසේ උත්තර දුන්නේය. මා ඉහත සඳහන් කළ දැන්වීම රූපවාහිනියෙන් ඉදිරිපත් වූ වකවානුවේ හෙන්රි ‘හුණුවටයේ කතාව’ නාට්‍යයේ දැක්මක් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ‘වළේ’ පැවැත්විණි. ශිෂ්‍යයන් පූර්ව සූදානමකින් සිටියේ නාට්‍ය අතරවාරයේ හෙන්රිට ‘හූ’ කීමටය. එහෙත් නාට්‍යය සාර්ථකව රඟ දැක්වුණු බැවින් ශිෂ්‍යයෝ එසේ නොකර නාට්‍යය රස වින්ඳාහ.

කලකට ඉහත දී හෙන්රි බලවත් සේ රෝගාතුර වූයේය. ඔහුට වැළැඳී තිබුණේ පිළිකා රෝගයයි. එහෙත් රෝගය කල් ඇතිව හඳුනා ගැනීම නිසාත් නිසි ප්‍රතිකාර ලැබීම නිසාත් හෙන්රි සුවපත් වූයේය. ඒ අවස්ථාවේ හෙන්රි ළඟම සිට උවටැන් කළේ දයාබර බිරිය මානෙල්ය. හෙන්රි - මානෙල් අන් අයට ද ආදර්ශයක් වන සේ හොඳින් පවුල් ජීවිතයක් ගත කළ නළු නිළි යුවළක් සේ කලා ක්ෂේත්‍රයේ පිළිගැනීමක් තිබිණි. හෙන්රි ‘හුණුවටයේ කතාව’ විසි වැනි සංවත්සරයේදී ඒ සුවිශේෂී රැඟුම පුද කළේ මානෙල්ටය. ඔහු මෙසේ ලියා ඇත.

මේ විසි වසර තුළ ඇතැම් විට හෙම්බත්ව සිටියදී පවා එක ද දසුනක් හෝ නොපැහැරක දිගටම දසුන් දහසෙක ගෲෂා පණ පෙවූ පසු කලෙක හුණුවටයේ මුළු බර කර පින්නා ගත් ඔබට පුදමි මේ රංගය ලක්ෂ්මී මානෙල් මා දයාබර බිරිඳ එහෙත් කිසිවකු සිහිනෙකින්වත් නොසිතූ පරිදි මානෙල් හෙන්රි තනි කර දමා මෙලොවින් සමු ගත්තේය.

‘මානෙල් මාව බේරා ගන්න හුඟාක් උත්සාහ කළා. ඒත් මට ඇයව බේරා ගන්න බැරිව ගියා’.

හෙන්රි බොහෝ අවස්ථාවල එසේ කියයි. හෙන්රි රෝගීව සිටියදී පොතක් ද ලීවේය. ඒ ‘බාල ගිලානෝ නොහොත් රෝගියකුගේ කතාවක්’ ය.

READ MORE - නළුකම කලාවක් කර ගත් ආණ්ඩුවේ කන්තෝරුකාරයා

සරසවි Radio

Tuesday, March 15, 2011







































The Campus radio station is owned or controlled by a non-profit organization associated with the University. The Campus community Radio station is experimenting the integration with web-based forms of radio broadcasting, podcasting and FM broadcasting. The Campus station is programming produced primarily by volunteers who are either students or members of the community at large. The training of professional broadcasts is its primary objective. The primary role of this station is to provide a training ground for students in broadcasting courses. The station will also provide their audience with alternative programming. Alternative programes include music, especially campus music, not generally heard on commercial stations, in-depth spoken word programming and some formal educational programming.

The campus radio station will bring together researchers, lecturers, media professionals and representatives of voluntary organizations in different parts of the inland, all of whom have devoted their creativity and energies to the development of education and media participation- ultimately vital contributions to the maintenance and enhancement of democratic society. It is a task of facilitate students to develop and exercise their judgment and to be selective about what they partake of in the flood of content the media make available. It is a task not only of theoretical knowledge, but of practical skills. Actual participation in media production is assigned great importance. Combining analysis and production experience gives young people a much better basis for evaluating what they see and hear, and production, skills enable them to take action to change and correct media stereotypes and images and find suitable employment in relevant fields. It is our hope that the radio station will be a source of inspiration for all who are concerned with how people respond to mass media as cultural phenomena - for many today 'culture' is largely a matter of electronically mediated culture.

The campus radio will link up the University and other marginalized groups with the new information technologies. A combination of radio, CD. ROM, on line computer service such as Internet, and satellite dishes could be very powerful in empowering rural and other marginalized groups.

The Campus radio will make students discuss prospects and share experiences of their educational efforts, provide timely information and allow net working with other University Communities who have similar experiences and opportunities.

Aims

  • Contribute to human resources development for the broadcasting industry and related industries.
  • Innovation and experimentation in alternative programming for creating diversity of voices and opinion.
  • Serve the communities that live in the surrounding area and widening the access to the media and a space for activism and social movements.

Objectives and Strategy

  1. To create and reinforce an editorially independent Campus radio, station that would enhance the conceptual understanding of the media.
  2. To support Media and Performing Arts educational activities in the student community by providing them with plans and the steps of production processes, making safe and efficient use of resources.
  3. To analyse and understand the functions and techniques of commercial radio in modern society.
  4. To promote social and intercultural harmony.
  5. To provide on the job training to students following Media and performing studies.
  6. To train a team of trainers / lecturers who could promote the community radio objectives
  7. Reduce Digital Divide
  8. Creating educational resources for research, studies, specific campus projects, primary and secondary school teachers and students.
  9. Building meaningful relationship with the rural community Promote information technology and its applications at campus level.
  10. Facilitate information exchange between leading research institute higher Education Institute, cultural & media institute, and regional /International institution.

Benefits to the community

      1. It would give opportunity to develop special talents in the Campus Community such as singing, speaking, music and drama
      1. By facilitating open discussion of community issues, culturally rich, socially meaningful, peaceful and modern Campus life.

      1. In finding a route to participation through freedom of expression and access to the media, rising generations are able to build concepts of citizenship and responsibility.
READ MORE - සරසවි Radio

පාසල් කාලයේ සංගීතය කළේ පිස්සුවෙන් වගේ

http://www.navaliya.com/2011/01/10/7-page.jpg
READ MORE - පාසල් කාලයේ සංගීතය කළේ පිස්සුවෙන් වගේ

මම විශ්‍රාම නොයමි

මම විශ්‍රාම නොයමි
දුලීකා මාරපන


වර්තමානයේ අපට සිටින චරිතාංග රංගන ශිල්පිනියන්ගෙන් ඉදිරියෙන් ම සිsටින තැනැත්තියකි, දුලීකා මාරපන. පසුගිය දිනක ඇය අපත් සමඟ කතා බහකට එකතු වුණා. එහිදී අප ඇසූ පැනවලට දුලීකා දුන් පිළිතුරුයි මේ.

* පළමු ටෙලි නාට්‍ය කුමක්‌ද?

ගුරුමාතාව - ආනන්ද අබේනායකගේ. නමුත් පළමු ප්‍රසාංගික ටෙලි නාට්‍යය වූයේ සඳ අමාවකයි. මං මුලින් ම ටීවී එකෙන් පෙනුනේ නම් ජයන්ත චන්ද්‍රසිරි කළ පර්ල් වයිට්‌ සබන් දැන්වීමෙන්.

* එතකොට වයස කීයද?

විසි දෙකයි

* දැන් වයස?

මොකටද බොරු කියන්නේ තිස්‌ හතරයි

* බඳින වයස නේද?

ගැහැනු ළමයකුට වයස අවුරුදු 18 පිරුණු ගමන්ම ඔය ප්‍රශ්නය අහනවානේ.

* ගෙදරින් හොයනවා ඇති නේද?

ගෙදරින් හොයනවා.. මට ගැලපෙන කෙනෙකුත් වෙන්න එපෑය. බඳින්න ඕන කියන හැඟීම මට තවම ඇතිවෙලා නැහැ.

* මීට පෙර ආදරය කරලා තියෙනවද?

අපොයි ඔව්.. ඒ සම්බන්ධය දැන් නැහැ.

* කාටද කියලා කියන්න පුළුවන්ද ?

එතකොට එයා මගේ ක්‍ෂේත්‍රයේ නෙවෙයි.

* ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැ?

ඒක ඇත්ත. ප්‍රේමය විතරක්‌ නොවෙයි. සංවේදීව ලැබුණු කිසිම දෙයක්‌ එහෙම අමතක වෙන්නේ නැහැ. මගේ අම්මා මට තෑගි දුන්න පුංචි බෝනික්‌කෝ පවා මං ළඟ තියෙනවා.

* නිළියෙක්‌ වුණාම රූප ශෝභාව වටිනව නේද?

මං හිතන්නේ නැහැ. මෙහෙමයි, වැදගත් වෙන්නේ ශිල්පීය කුසලතාවයි. නමුත් ප්‍රියමනාප බව තියෙන්න ඕන. ඒක රූපයේ නෙවෙයි තියෙන්නේ.

* ඉස්‌සරට වඩා ඔබ දැන් තරබාරුයි.

ඔව්. මම ටිකක්‌ මහත්වෙලා හෝර්මෝන අසමතුලිතතාවක්‌ ඇතිවෙලා. මට ඕනෑනම් මහත්වෙන්නත් කෙට්‌ටු වෙන්නත් පුළුවන්.

* කේන්ති යනවා නේද?

ඔව්.. හැබැයි අසාධාරණය වෙනුවෙන් . ඒක මා වෙනුවෙන්ද වෙන කවුරුන් වෙනුවෙන්ද කියලා නැහැ. අසාධාරණකම් මට පෙන්වන්න බැහැ.

* ඔබට තරහා ගියාම අනිත් අය දැන ගන්නේ කොහොමද?

වේගයෙන් කතා කරනවා. බාහිර ස්‌වරූපය ටිකක්‌ වෙනස්‌ වෙනවා. සමහර වෙලාවට හයියෙන් හිනාවෙනවා. නැත්නම් නිහඬවම ඉන්නවා.

* දැනුත් කේන්ති ගිහින්ද?

අපොයි නැහැ.

* ඔබට ලැබුණු වටිනාම තෑග්ග කුමක්‌ද?

මගේ අම්මා හා මගේ ආත්ම ශක්‌තිය

* ක්‍ෂෙත්‍රයේ අකමැතිම කෙනා කවුද?

කෙලින් කතා කරන්න බැරි කොන්ද කෙලින් තියාගෙන වැඩ නොකරන අයට මම අකමැතියි.

* කැමතිම කෙනා?

කෙලින් වැඩකරන හොඳ පෞරුෂයක්‌ තියෙන අයට. ඒකට ගැහැනු පිරිමි භේදයක්‌ නැහැ.

* ඔබ සමහර අවස්‌ථාවලදී වැඩ අතර මඟදී දාලා යනවා.

ඔව්... මට අසාධාරණකම් පෙන්වන්න බැහැ. පොරොන්දු වෙන විදිහට වැඩ කරන්නේ නැති ඒ වැඩේදී අපි ගැන නොබලන අයත් එක්‌ක කොහොමත් වැඩ කරන්න බැහැ.

ප්‍රශ්න තියාගෙන වැඩ කරන්න බැහැනේ. කාටවත් කරදරයක්‌ නොවී යන එක නේද වඩා හොඳ.

* ඔබේ රැකියාව රඟපෑම ද?

මම කලින් චිත්‍ර ගුරුවරියක්‌ විදිහටත්, කථිකාචාර්ය වරියක්‌ විදිහටත් වැඩ කරලා තියෙනවා.

* යම්කිසි දවසක රැකියාවෙන් විශ්‍රාම යන්න සිද්ධ වෙනවා?

ඔව්. ඒත් මම විශ්‍රාම යන්නේ නැහැ. මැරෙනකම්ම වැඩ කරනවා. ඒ ශක්‌තිය මට ලැබේවි.

* රඟපෑමට නාවානම්,

අනිවාර්යයෙන් ම දේශපාලනයට යොමුවෙනවා. එහෙම වුණානම් සමහර විට මැරුම් කන්නත් තිබුණා.

සමහර අය අසාධාරණයට විරුද්ධ වෙනවට කැමති නැහැනේ.

* සමහරු කියනවා දේශපාලනයට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැහැ කියලා.

ඒක බොරු ඩී.එස්‌. සේනානායක, ඩඩ්ලි සේනානායකලා වැඩ කළේ හොඳ අධ්‍යාපනයක්‌ ලබලා. තම බලය වැඩි කර ගන්න මුදල් උපයන්න දේශපාලනයට එන අයට අධ්‍යාපන සුදුසුකම් නැතිව ඇති. ඒත් රටට වැඩක්‌ කරන්න එන අයට නම් අධ්‍යාපන සුදුසුකම් ඕනේ.

* ප්‍රේමය බිඳ වැටුණාම හුඟක්‌ කාන්තාවන් හිතනවා ජීවිතය ඉවරයි කියලා. එවන් අයට දෙන උපදේශනය කුමක්‌ද?

ජීවිතයට ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව ප්‍රේමය අවශ්‍යය යි. හැමදේකට ම අවශ්‍ය ආත්ම ශක්‌තියයි. ආත්ම ශක්‌තිය වඩවන්න කියලා හොර බොරු කරන්න එපා. නිතර ම තම සිතට එකඟව වැඩ කරන්න. ජීවිතය කියන්නේ ප්‍රේමය විතරක්‌ ම නොවේ. කියලා හිතන්න පුරුදු වෙන්න.

* එහෙම කළොත් හරිද?

හරියටම හරි


සුගත් ශාන්ත මොරගහකුඹුර

ඡායා - සමන් අබේසිරිවර්ධන

Copy Rights - Nawaliya
READ MORE - මම විශ්‍රාම නොයමි

මගේ මහත්තයා හරිම නිදහස්‌ පුද්ගලයෙක්‌

මගේ මහත්තයා හරිම නිදහස්‌ පුද්ගලයෙක්‌
ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ බිරිය කුසුම් නවලිය සමඟ


ඇය කුසුම් රේණු. ඔහු ශ්‍රියන්ත මෙන්ඩිස්‌. මේ දෙන්නාම අපේ රටේ ජනප්‍රිය චරිත දෙකක්‌. ජනප්‍රිය චරිත වුණාම ඒ අය ගැන මිනිස්‌සු හොයලා බලනවා. ඒ හොයා බැලීම නිසාම හුඟාක්‌ දේවල් මිනිස්‌සු දන්නවා. ඔබ හුඟාක්‌ දේවල් දන්නා ශ්‍රියන්ත ගැන ඔබ නොදන්න දේවල් ටිකක්‌ කතා කරන්න අපි සූදානම්"

ඒ සඳහා අපි තෝරා ගන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ ආදරණීය බිරිඳ කුසුම් රේණුවයි. මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ වේදිකා රංගන ශිල්පිනියක ලෙසයි. ඒ දවස්‌වල මම ලක්‌ෂ්මන් ආරච්චිගේ නාට්‍යයක වැඩ කළා. අපේ කණ්‌ඩායමේ කට්‌ටිය ශ්‍රියන්තගේ වේදිකා නාට්‍යයක්‌ බලන්නට ගියා. ඒ නාට්‍යයේ නම "දෙයියන්ගේ පුංචි අක්‌කරය." එදා තමයි මම ශ්‍රියන්තව මුලින් දැක්‌කේ. මට මතක විදිහට ඒ නව රඟහලේදී. මම රංගන ශිල්පිනියෙක්‌ වුණාට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්‌ථාවේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළා. ඒ කාලේ ශ්‍රියන්ත ගුරුවරයෙක්‌. මම විවාහ වෙන වයසේ සිටියේ. ඔහු ගෙනා යෝජනාවට මම කැමති වුණා. කැමති වීමට හේතුවක්‌ තිබුණා. එකක්‌ ඔහු ගුරුවරයෙක්‌. අනික කලා කරුවෙක්‌. මම කලාවේ දිගින් දිගටම නිරත නොවුණත් කලා කටයුතු ගැන කතා කරන්න. හැන්දැවට වේදිකා නාට්‍යයක්‌ බලන්න යන්න වගේ පුංචි පුංචි ආසාවල් තිබුණා. ඒවා ඉටුකරන්න හොඳම කෙනා ශ්‍රියන්ත බව මට දැනුණා හිතුණා. මට මතක විදිහට ශ්‍රියන්ත යෝජනාව ගෙනාවේ 1985 අප්‍රේල් වලදී. අපි 1986 ඔක්‌තෝබර් 25 විවාහ වුණා.

විවාහයෙන් පස්‌සේ මම

රැකියාවෙන් අස්‌වුණා. කලාවෙන් ඒ කියන්නේ රඟපෑමෙන් ඉවත් වෙන්න කියලා ශ්‍රියන්ත කිව්වා. දුකින් වුණත් මම ඒකට කැමති වුණා. හැබැයි අර පුංචි ආසාව නම් මගේ හිතේ තිබුණා. ඒකට ශ්‍රියන්තත් කැමතියි.

ශ්‍රියන්ත මෙන්ඩිස්‌ කියන්නේ එදා ජනප්‍රිය චරිතයක්‌ නොවෙයි. ඔහු තුළ තිබුණු කුසලතා නිසා ජනප්‍රිය වෙයි කියලත් දිගු ගමනක්‌ යයි කියලත් එදා මම දැනගෙන හිටියා. ඒ වගේම ශ්‍රියන්ත එයා රඟපෑ පළමු ටෙලි නාට්‍යය වූ පලිඟු මැණිකේ හි සුරසේනගේ චරිතයෙන් එක රැයින් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය අදත් ඔහුට තියෙනවා. එයාගේ බිරිඳ විදිහට ඒ ගැන මට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්‌. මොකද ජනප්‍රියත්වය රැකගැනීම ලෙහෙසි නැහැ. ඒත් ශ්‍රියන්ත ගැන මම මුලින් හිතාගෙන හිටිය දේවල් වෙනස්‌ වුණා. ඔහු ජනප්‍රිය වුණ නිසා වැඩ වැඩි වුණා. ගුරුවරයකු ලෙසත් ඔහු සේවය කරන නිසා ඒ කාර්ය බහුලත්වය ඉහළ ගියා. මම ගෙදර. ඔය අතරේ මට ලොකු දුව ලැබුණා. එයා දුවෙක්‌ වුණත් පුතෙක්‌ වුණත් අපේ දරුවා කියන තැන හිටියේ. දරුවට නම දැම්මේ ශ්‍රියන්ත. නිපුනි ප්‍රේක්‌ෂිකා කියලා. දුව ලැබුණු ඒ කාලේ අපේ රටේ කලබල තිබුණා.

ඔය අතරේ ශ්‍රියන්ත වේදිකා නාට්‍යයක්‌ හැදුවා. එහි රංගන ශිල්පිනියට එක දවසක්‌ එන්න බැරිවුණා. ඒ අඩුව පුරවන්න තමයි මම යළිත් රංගනයට එකතු වුණේ. ඒ ඊට පස්‌සේ මහාචාර්ය සරත්චන්ද්‍රයන් ගේ නාට්‍යය වලට සම්බන්ධ වුණා. ඒ සඳහා ශ්‍රියන්ත අවසර දුන්නා. නිතර නිතර ශ්‍රියන්තට පිටරට යන්න වුණා. රංගන ශිල්පියෙක්‌ නිසා. දෙවැනි දුව ලැබෙන කොට එය සවුදිවල. දෙවැනියාට නම දැම්මෙත් එයා. මායාවක්‌ නොවුණ තරුව. තේරුම ඇති තාරුකි ඕමායා.

හැබැයි එයා දරුවෝ දෙන්නට සලකන්නේ දෙවිදිහකට. වේලාවකට මට දුකත් හිතෙනවා. ලොකු දුවට සලකන්නේ පුතෙක්‌ විදිහට. දෙවැනියා දුවෙක්‌ විදිහටයි. ඒකට හේතුව ඒ ළමයි ශ්‍රියන්ත හමුවේ හැසිරෙන විදිහ. ලොකු දුව හරි අපි කරමු. ඒක තමයි හරි කියලා ඉක්‌මන් වෙනවා. දෙවැනියා එපා. එහෙම නෙවෙයි මෙහෙම කරමු. තව ටිකක්‌ හිතමු. කියලා නිවිසැනසිල්ලේ වැඩ කරන්නෙ.

ශ්‍රියන්ත දැන් හුඟාක්‌ නිවුණු කෙනෙක්‌. ඒ දවස්‌වල නම් ආවේග කාරියි. දඩබ්බරයි. ඒත් ඒ කේන්තියාමත් ටක්‌ගාලා නිවෙනවා. ශ්‍රියන්ත බොහෝම පුංචි තැනකින් ජීවිතය පටන් ගත්තේ. ඔහුට අතීතය අමතක නැහැ. මං ඒකට කැමතියි. විශේෂ යාළුවෝ කියලා නැහැ. මං හිතන්නේ එයත් එක්‌ක ඉස්‌සර ළඟින් හිටපු අයත් ශ්‍රියන්තවගේම දැන් කාර්ය බහුලයි. කමල් අද්දරආරච්චි ජැක්‌සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි තමයි එයාගේ යාළුවෝ.

කාලකාරයෝ වුණාම. මත්පැන් බොනවා සමහරු එහෙම හිතනවා. නමුත් ශ්‍රියන්ත එහෙම නැහැ. ඒකත් මට ලොකු සතුටක්‌. මං හිතන්නේ යාළුවෝ අඩුත් එයාට ඒ නිසා.

පවුලට එයා මුල්තැන දෙනවා. ලැබෙන පුංචිම කාලය හරි දරුවොත් එක්‌ක ඉන්නයි උත්සාහ කරන්නේ. දරුවෝ දෙන්නට යාළුවෙක්‌ වගේ.

මම මුලින් කිව්වනේ ශ්‍රියන්තට යාළුවෝ නැහැ සමීපයි කියලා කියන්න. මම තමයි එයාගේ හොඳම යාළුවා. සමහර විට හිටපු ගමන්. මට මචං කියලත් කතා කරනවා.

අපේ ගෙදර වැඩවලට උදව්වට කෙනෙක්‌ ඉන්නවා. ඒත් ගෙදර ඉන්න දවසක නම් ශ්‍රියන්ත උදෙන් නැගිට්‌ටොත් එයා අපිටත් එක්‌ක තේ හදනවා. රසට තේ හදන්න පුළුවන්. ඒ වගේම තමයි අත්හදා බැලීම් කරලා රසට සලාද හදන්නත් පුළුවන්. විශේෂ දවසකට ශ්‍රියන්ත තමයි සලාද හදනනේ අපේ ගෙදර.

එයා හුඟාක්‌ ආසයි නිසංසලව ඉන්න. ඒ නිසා නිවාඩු තිබුණොත් අපි සියලුම දෙනා එක්‌ක එහෙම තැන්වලට යනවා. සිංදු අහන්නත් හරිම ආසයි.

ජීවිතේ හරිම සැළසුම් සහගතයි. ඒ එයා ගුරුවරයෙක්‌ නිසා වෙන්න ඇති. එයා කතෝලික. මම බෞද්ධ. අපේ ගෙදර බුදු පහන දැල්වීමත් යාඥ කිරීමත් කරනවා. ශ්‍රියන්ත උදේට ගෙදරින් යන්නේ බුදුපහන දල්වලා. කීයට ගෙදර ආවත් ඔහු දවස මෙනෙහි කරලා යාඥd කරනවා.

පංගු පේරුවක්‌ ඔහු තුළ නැහැ. ඒ නිසා අපේ ගෙදර වැඩ බෙදාගෙන නැහැ. කරන්න තියෙන දේ අපි දෙන්නාගෙන් කවුරු හරි කරනවා හැබැයි. ශ්‍රියන්ත මුදල් ගැන හිතනවා මදියි කියලා මට හිතෙනවා.

ශ්‍රියන්ත නිතරම කියන්නේ අනුන්ට කරදරයක්‌ නොවුණ තරමට තමන්ගේ හිත නිදහස්‌ කියලා. ඇත්තටම ඔහු නිදහස්‌ පුද්ගලයෙක්‌.


සුගත් ශාන්ත මොරගහකුඹුර
පිංතූර - සමන් අබේසිරිවර්ධන

Copy Rights - Nawaliya
READ MORE - මගේ මහත්තයා හරිම නිදහස්‌ පුද්ගලයෙක්‌

මං ගැන කිසිම කටකතාවක් හැදිලා නැහැ

මං ගැන කිසිම කටකතාවක් හැදිලා නැහැ

නදිශා අලහප්පෙරුම

අපට සිටින යොවුන් රංගන ශිල්පිනියන් අතර ඇය දක්ෂතම රංගන ශිල්පිනියක් ලෙස හැඳින්වීම නිවැරැදිය. ඇයගේ නම නදීශා අලහප්පෙරුම වුවද ඇය බොහෝ දෙනකු හඳුන්වන්නේ ‘ගායනා’ ලෙසය. ඒ; මීට කලකට පෙර ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍යයේ ඇය නිරූපණය කළ ‘ගායනා’ නම් යුවතියගේ චරිතය නිසාය. අද රසඳුන ‘සතුටු සාමීචිය’ වෙන් වන්නේ නදීශා සමඟ කළ කතාබහ වෙනුවෙනි.

මොනවද ඔබගේ අලුත් තොරතුරු.

මේ දිනවල රවීන්ද්‍ර විජේරත්න ගේ ‘රුවන් මාලිගා’ ටෙලි නාට්‍යයේ සහ සඳරුවන් ජයවික්‍රමගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව ගෙදර වැඩ කටයුතු කරගෙන සැමියත් එක්ක සතුටින් ඉන්නවා.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය සිහිපත් කළොත්...?

පෞද්ගලික රූපවාහිනී ආයතනයක නිවේදිකාවක් ලෙස තමයි මම මුලින්ම කලා ක්ෂේත්‍රයට පැමිණියේ. එතැන මම අවුරුද්දක් විතර සේවය කළා. පසුව මම ජාතික රූපවාහිනියෙත් සේවය කළා. මගේ නිවේදන කටයුතු දුටු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් කීප දෙනෙක්ම ටෙලි නාට්‍යවල රඟපෑමට මට ආරාධනය කළා. ඒ අනුවයි මම රඟපෑමට පිවිසුණේ.

‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යය ඔබේ කලා ජීවිතය වෙනස් කළා නේද...?

ඇත්තෙන්ම ඔව්. මුළු රටේම ඉන්න රූපවාහිනිය නරඹන අය මාව හඳුනගන්නේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යය නිසා. එහි ගායනා නම් යුවතියගේ චරිතය නිසා. ගායනාට ගොඩක් දෙනෙක් ආදරය කළා. අදත් මඟතොටේ හමුවෙන බොහෝ දෙනෙක් මාව හඳුන්වන්නෙ ගායනා කියලා. ‘ජීවිතය ලස්සනයි’ මගෙ ජීවිතය ලස්සන කළා කීම ඉතාම නිවැරැදියි.

රංගනය පිළිබඳව හදාරන්න ඔබේ කැමැත්තක් නැත්ද?

රංගන හැකියාව උපතින්ම අරගෙන එන්න ඕන දෙයක් කියලයි මට හිතෙන්නෙ. ලංකාවෙ රංගන ශිල්පීන් ඉගෙන ගෙන රංගනයේ යෙදෙනව කියල මම හිතන්නෙ නෑ. තමන් එදිනෙදා මුහුණ දෙන අත්දැකීම් ඇසුරු කරගෙන තමයි බොහෝ දෙනෙක් තමන් නිරූපණය කරන චරිතයට ගොඩනඟා ගන්නේ. ඒකට කැපවීමක්, දක්ෂතාවයක් තියෙන්න ඕන. හැබැයි රංගනය පිළිබඳව හැදෑරීමක් කරන එක වඩාත් හොඳයි.

කොහොමද ඔබගේ විවාහ ජීවිතයේ තොරතුරු...?

මගෙ සැමියා අමිල නුවන්. ඔහු පෞද්ගලික රූපවාහිනී ආයතනයක විධායක නිෂ්පාදකවරයෙක්. අපි හරිම සතුටින් අපේ කැදැල්ලෙ ජීවත් වෙනවා. සමහර විට මේ අවුරුද්ද අවසාන වන විට අපේ කැදැල්ලට පුංචි අමුත්තෙක් එකතු වේවි. එහෙම පුංචි බලාපොරොත්තුවක් තියෙනව. මගෙ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුව මම. මීට කලකට පෙර තාත්ත නැති වුණා. දැන් අම්ම ඉන්නෙ අපිත් එක්ක.

කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නවද?

මවක් වුණාම වැඩියෙන් දරුවන් ගැන සොයා බලන්න තියෙන නිසා කලා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙන්න සිදු වේවි. නමුත් කලා කටයුතුවලින් සමුගන්න මගෙ අදහසක් නෑ.

සැමියාගෙන් ඔබේ කලා කටයුතුවලට සහයෝගයක් ලැබෙනව ද?

ඇත්තෙන්ම ඔව්. දිගටම රංගන කටයුතුවල යෙදීමට අවසර දීම තමයි මගෙ සැමියගෙන් මට ලැබුණු ලොකුම සහයෝගය. බොහෝ දෙනෙක් කැමැති නෑනෙ තමන්ගෙ බිරිඳ රඟපානවට. ඒත් අමිල මේ ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක් විදියට එයාට හොඳ අවබෝධයක් තියෙනව මා ගැනත් මගෙ කලා කටයුතු ගැනත්. හැබැයි ඔහු නිෂ්පාදනය කරන වැඩසටහන්වලට නම් මාව සම්බන්ධ කරගන්න උත්සාහ ගන්නේ නෑ.

ඉඩ ලැබෙන වේලාවට විනෝදාංශ හැටියට ඔබ මොනවද කරන්නෙ...

පොත් කියවීම තමයි මගෙ ප්‍රධානම විනෝදාංශය. ඊට අමතරව කොම්පියුටරය සමඟ තමයි මගෙ වැඩි කාලයක් ගෙවෙන්නෙ. ඊටත් අමතරව අමිල ගෙනත් දෙන විදේශීය චිත්‍රපටත් ඉඩ ලැබෙන වේලාවට නරඹනවා.

විලාසිතා පිළිබඳව ඔබේ මතය කුමක් ද?

කාන්තාවන් විලාසිතාවලට යොමු වීමේ කිසිඳු වරදක් නෑ. ඒ; ලස්සනට ඉන්න ඕන නිසා. හැබැයි අප තෝරා ගත යුත්තේ අපේ වයසට, තරාතිරමට සහ තැනට ඔබින විලාසිතා. අපේ තියෙන ලොකුම වරද තමයි අපිට නොගැළපෙන විලාසිතා තෝරා ගැනීම. එයින් සිදුවන්නේ අප සමච්චලයට ලක්වීමක්.

කටකතාවලට ඔබ බය ද?

නැහැ. මම නම් බය නෑ. කලා ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයක ජනපි‍්‍රය පුද්ගලයන්ට කට කතා හැදීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවායින් අපි සැලෙන්න හොඳ නෑ. බොහෝ දෙනකුට හැදෙන කටකතාවලට කිසිම පදනමක් නැති බව පැහැදිලියි. හැබැයි මේ කාලය තුළ මා දන්නා තරමින් මා ගැන කිසිම කට කතාවක් හැදිල නෑ.

කලා ක්ෂේත්‍රයේ ඔබේ අනාගත බලාපොරොත්තු...?

දිගටම රංගන කටයුතුවල යෙදී ඉඳිමින් හොඳ නිර්මාණවලට දායක වීමයි මගෙ බලාපොරොත්තුව. මට මෙතෙක් කරන්න ලැබිල තියෙන්නෙ නාගරික චරිත. ගැමි යුවතියකගේ චරිතයක් නිරූපණය කිරීමේ ආශාව මට තියෙනව. ඒ වගේම මගෙ සැමියා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවානම් ඒ සඳහා ඔහුට සහයෝගය දෙන්න කැමැතියි.

READ MORE - මං ගැන කිසිම කටකතාවක් හැදිලා නැහැ

එදා ළමා ගායිකාවක වූ ශිරෝමාලා අද ‘ආච්චි’ කෙනෙක්

හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
විලේ උන්නු ඉබ්බා දැකලා වතුරෙ නෑවිලා
ඉබ්බා දැකපු හාවා ඉවුරෙ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමු ද
ඇහුවා ළංවෙලා...!

(පද – කරුණාරත්න අබේසේකර)

දශක හතරකට පමණ පෙර වයස අවුරුදු හතක් වත් නොවුණු දැරියක් ප්‍රසංග වේදිකාවෙන් සහ ගුවන් විදුලියෙන් ගායනා කළ ”හිංචි පිංචි හාවා” ගීතය එදා මෙන්ම අදත් ළමා පරපුර අතරේ ජනපි‍්‍රය ගීතයකි.

මෙරට ළමා ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් වූ එම කාලයේ ඇය ගායනා කළ “චූටි දුවේ සුදු රන් කැටියා” – “මුල් අකුරට මගෙ හෝඩි පොතේ” – “රණ මොනරෝ” – “කොටු වැටිච්ච පුංචි සරම” සහ “ලස්සනයි පි‍්‍රයංකරයි උපන්න රට මගේ” වැනි ගීතද යුගයෙන් යුගයට පවතින ළමා ගීතාවලියේ අමතක නොවන ‘ගී මුතු’ ලෙස හැඳින්වීමට හැකිය.

එම ගීත එදා ගයද්දී පුංචි දැරියකව සිටි ශිරෝමාලා ප්‍රනාන්දු අද මිත්තණියකව “ස්වර වර්ණ” මෙවර වර්ණ ගන්වන්නට එක් වූවේ මෙසේ ය.

”මං පුංචිම කාලේ මගේ පියා බොහෝ කැපවීමෙන් නිර්මාණය කරලා දුන්නු ගීත මම ගායනා කළේ. පියාගේ වියෝවෙන් පසුව මට ඔහුගෙන් ලැබුණු රැකවරණය සහ මඟ පෙන්වීම අහිමි වූ නිසා දිගටම සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින්න නොහැකි වුණා.

පසුගිය කාලයේ කිසිදු විමසුමකින් තොරව මගේ ගීත විවිධ අයුරින් දරුවන් යොදා ගායනා කරවා මුදල් උපයන සටකපට පුද්ගලයන් වගේම මගේ ගීත ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් ආදියෙන් ගායනා කරන නමුත් මෙම ගී ගායනා කළේ මා බව කීමට තරම් වත් සදාචාර සම්පන්න නොවන අයුරු මා අත්දැක්කා.

මට පමණක් නොවේ මේ අසාධාරණය ඒ කාලේ ළමා ගීත ගායනා කළ හැමෝටම වාගේ සිදුවෙනවා. මේ ක්‍රියාදාමය අපේ ළමා ගීත ක්ෂේත්‍රයට වගේම අනාගත ළමා පරපුරටත් යහපතක් නොවේ. යුතුකම් වගකීම් නොදන්නා පුද්ගලයින් ඉන්න ක්ෂේත්‍රයක ‘වල් බිහි වෙන්නාක් මෙන් ළමා ගායක ගායිකාවන්’ බිහි කළාට පමණක් යහපතක් සිදුවෙන්නේ නැහැ.”

”ඔබ කතා කරන්නේ කලකිරීමෙන්ද?”

”ඔව්, අද ළමා ගීත ක්ෂේත්‍රය ගැන විමසා බලන කා හට වුවත් මේ කලකිරීම ඇති වෙන්න ඕනා. අද දරුවෝ ගායනා කරන්නේ වැඩිහිටියන්ගේ ගීත. දරුවන්ට ගායනා කිරීමට සුදුසු ළමා ගීත නැහැ. වැඩිහිටියෝ තම දරුවන්ව ඔරොත්තු නොදෙන තරමේ තරගකාරී ස්වභාවයකට පත් කරලා. ඔවුන්ට

ශිරෝමාලා ළමාවියේ

යහපත් මානසිකත්වයක් ඇතුව අලුත් ළමා ගීත නිර්මාණය කරන්න නිසි මඟ පෙන්වීමක් නැහැ. වගකිව යුත්තන්ගේ අවධානය ළමා ගීත පිළිබඳව යොමු වෙන බවක්ද පෙනෙන්න නැහැ.”

චූටි දුවේ සුදු රන් කැටියා
දොයියන්නකෝ මගෙ කිරි කැටියා
කියමින් මා නැළවූ අම්මා
දෝත නගා වඳිනෙමු අම්මා...!

(පද – ක්ලෝඩ් ද සොයිසා)

ළමා ගීත ක්ෂේත්‍රයට ගීත ගායනයෙන් අගනා මෙහෙවරක් ඉටු කර ඇති ශිරෝමාලා “චූටි දුවේ සුදු රන් කැටියා” ගීතය ගුවන් විදුලියේ “හඳමාමා” ළමා වැඩ සටහනින් මුලින්ම ගායනා කර ඇත්තේ වයස අවුරුදු හයේදී ය.

සිය පියා වූ කැමිලස් ප්‍රනාන්දුගේ තනුව අනුව එම ගීතය ගැයීමෙන් පසු ඇයට ගී ලොවේ දොරටු විවෘත වීමට වැඩි කාලයක් ගත වී නැත. එවකට ජනපි‍්‍රයව පැවති ගී තැටි නිෂ්පාදනයක් වූ “සරස්වතී” ලේබලය යටතේ ගීත හතරක් ගායනා කිරීමට ශිරෝමාලාට අවස්ථාව ලැබී ඇත. ඒ මතක ඇයට තවමත් අසිරිමත් ය.

”දළුගම තිබූ සරසවි ශබ්දාගාරයේදී තමයි ගීත පටිගත කළේ. රෑ එළිවෙන තුරුම මට දුක් විඳගෙන ඒ ගීත ගයන්න වුණා. මට නිදිමත වෙනකොට තාත්තා මගේ ඇස් දෙකේ වතුර ගානවා. කොහොම හරි ඊට පස්සේ සංගීත සංදර්ශනවල ගීත ගයද්දී ඒ ගීත වලට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තම හරිම සතුටක් දැනුණා. එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, ලතා වල්පොල වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් ලැබුණු අගය කිරීම සහ ආදරය ඒ දවස්වල මට විශාල ශක්තියක් වුණා.”

”ඔබ ගායිකාවක් ලෙස ආ ගමන නැවතුනේ කොහොමද?”

”ඒ ගමන සම්පූර්ණයෙන්ම නැවතුනේ නැහැ. ඉඳහිට තෝරා ගත් ප්‍රසංගවල ගීත ගායනා කළා. එහෙත් පූර්ණ කාලීනව ගායනයටම කැපවී ඉන්න නොහැකි වීමට ප්‍රධාන හේතුව වුණේ මගේ පියාගේ වියෝව තමා. ඉන්පසු ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස වෙලින්ටන් ප්‍රනාන්දු සමඟ 1980 මැයි 17 වැනිදා මගේ විවාහය සිදු වුණා. එතකොට මගේ වයස අවුරුදු දාසයක් විතර ඇති.

විවාහ ජීවිතයේ බිරිඳකගේ වගකීම් සමඟ ගායිකාවක ලෙස කටයුතුත් සමබරව කරගෙන යන්න තරම් මේරුකමක් ඒ වනවිට මට තිබුණේ නැහැ. එයත් හේතුවක් වුණා ගායිකාවක් ලෙස ආ ගමන අතරමඟ නවත්වන්න.

දරු මුණුබුරන් සමඟ

චමිලා, චමීර, යුරංග මගේ දරුවෝ. චමිලා දුව විවාහ වී සිටින්නේ දුලන්ත සමඟ. ඔවුන්ගේ ;මනුලි සහ ලිසාරා දුවලා දෙන්නා නිසා මම දැන් මිත්තණියක් වෙලා.”

එහෙත් අසූව දශකයේ අග භාගයේදී නැවත ගීත ගායනයට එක් වෙමින් “මල් වසන්තයේ” නමින් ගීත ඇල්බමයක් ශිරෝමාලා නිකුත් කළා ය. එහි අඩංගු වූ ඇය ගායනා කළ “වාසනා සිනා” – “සුමුදු පෙති තලා” සහ “මල් වසන්තේ හිඳින්න මා ළඟින් ඔයා” වැනි ගීත එවකට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ නිතර ඇසුණු ගීත විය.

විදේශීය මාර්ග උපදේශකයෙකු ලෙස කටයුතු කරන සැමියා නිතර විදේශ ගත වීම නිසාත් ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කරන සිය ව්‍යාපාරයේ කටයුතු බහුල වීම නිසාත් නැවතත් ශිරෝමාලාට ගීත ගායනයෙන් ඈත් වීමට සිදුවිය.

මේ දිනවල ඇය සිය ව්‍යාපාරයේ කටයුතුවල නියුතු වී සිටින අතර සිය මිණිබිරිය වන මෙනුලි සමඟ සුවිශේෂ කටයුත්තකට සූදානම් වෙමින් ද සිටී. ඒ පිළිබඳ ශිරෝමාලා “රසඳුන” සමඟ පැවසුවේ මෙලෙසින් ය.

”මා ගායනා කරපු ළමා ගීත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා ගීත බව මේ රටේ හැම කාලෙකටම අයත් ගීත රසික ජනතාව පිළිගෙන තිබෙනවා. මුදල් කෑදරකමින් එම ගීත විකෘති කර විනාශ කරන පිරිසක් ඉන්නවා. මා තවම ජීවත්ව ඉන්නා බව වත් ඔවුන් හිතන්නේ නැහැ.

මගේ මිණිබිරිය මෙනුලි මගේ ගීත හොඳින් ගායනා කරනවා. මෙනුලි ගායනා කරන මා ගැයූ ළමා ගීත සියල්ල සමඟ අලුත් ළමා ගීත කිහිපයක් ඇතුළත් ගී ඇල්බමයක් නිකුත් කිරීමට කටයුතු මේ දිනවල කරගෙන යනවා.

සැබැවින්ම දරුවන්ට ගායනා කිරීමට හැකි ඔවුන්ට සුදුසු ළමා ගීත පමණක් ඇතුළත් වන මෙම ගීත ඇල්බමයේ අපේ ප්‍රවීණ පද රචක කරුණාරත්න අබේසේකර ලියූ ගීත මෙන්ම සංගීතවේදී වික්ටර් දළුගම තනු නිර්මාණය කළ ගීත සමඟ රසබර ළමා ගීත රාශියක් වීම විශේෂයක් වේවි. ඒ වගේම ඉදිරියේදී මගේ පුතා යුරංග සමඟ ගයන ගීතයක මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුලකම නිසා පූර්ණ කාලීනව ගීත ගායනය නොකළාට ලැබෙන ආරාධනා අනුව සුදුසු අවස්ථා තෝරා ගෙන තවමත් මම ගීත ගායනා කරනවා. මට මේ හැකියාව පුංචි කාලයේදීම දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක්. ඉතින් ජීවත් වනතුරු ගීත ගයන්නේ නැතුව ඉන්න නම් කවදාවත් මට බැරි වේවි.”

ජෝජ් රොබ්සන් ද සිල්වා

Copy Rights - Silumina
READ MORE - එදා ළමා ගායිකාවක වූ ශිරෝමාලා අද ‘ආච්චි’ කෙනෙක්

නාමෙල් මාලිනී කැදැල්ල

නාමෙල් මාලිනී කැදැල්ල

දරුමුණුබුරන් හැමදාම ස්කයිප් එකෙන් මුණගැහෙනවා - නාමෙල්

නාමෙල්ගෙන් අහන්නේ නැතුව කිසිම තීරණයක් ගන්නේ නෑ -මාලිනී

ගිනිගහන මද්දහනක වුණත් ගතට දැනුණේ සුවදායක සිසිලසක්. හතරවටින් ආපු සුළං රැළි නිවසේ විශාල දොර කවුළු තුළින් නිවෙසට ඇතුළුවෙනවා. අපි හිටියේ හරියටම බොරැල්ල මංසන්ධියේ පිහිටි ගොඩනැඟිල්ලක තුන්වැනි මහලේ. මේ කොන්ක්‍රීට් පුරවරය මැද සුවදායක සිසිලසක් කොයින්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

ඒත් ඒක සත්‍යමයි. නාමෙල් - මාලිනී පුංචි තියටර් හි තුන්වැනි මහල වෙන්වුණේ මේ යුවළගේ නිවහන වෙනුවෙන්. නිවෙසට පිවිසුණාම අපටත් හිතාගන්න බෑ අපි ඉන්නේ මේ බොරැල්ල මංසන්ධියේ ද කියල.

අපේ ආලින්දය සරසන්නේ පුරා දශක ගණනාවක් කලාවේ රැඳුණු සහ අදටත් කලාවේ සිටින අඹු සැමි යුවළක් වෙනුවෙන්. ඒ නාමෙල් වීරමුනි සහ මාලිනී වීරමුනි. මේ සුසංයෝගය කලාවට කොයිතරම් ගැළැපුණාද කියනවා නම් අද අපේ රටේ ප්‍රසිද්ධ අලංකාර කලාගාරයකුත් මේ නමින් තිබෙනවා. ඒ නාමෙල්- මාලිනී පුංචි තියටර් එක.

කවදත් ඉහළින්ම ආගන්තුක සත්කාරයන්ට කැප වී සිටින මාලිනී අපේ පැමිණීම වෙනුවෙන් කල් ඇතුවම සූදානම්ව සිටියා. ඇගේ ජීවිතේ පිළිවෙළ කෙතරම් ද කියනවා නම් අපි නිවෙසට යන මොහොත වන විටත් මේ යුවළ සූදානම්ව, මේක් අප් දාගෙන අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා.

මහල් සතරකින් සැදි පුංචි තියටර් හි පළමු සහ දෙවන මහල වෙන් වෙන්නේ කලා කටයුතු වෙනුවෙන්. සිවුවැනි මහල ද නාට්‍ය පුහුණු කිරීම්, චිත්‍ර පන්ති පැවැත්වීම ආදිය සඳහා විවෘතයි. තුන්වැනි මහල නාමෙල් - මාලිනී යුවළගේ අලංකාර කැදැල්ලයි. කැදැල්ල කිව්වට දැන් මේ කූඩුවෙ ඉන්නේ කුරුල්ලයි කිරිල්ලියි විතරයි. දරුවන් සියලු දෙනාම තම තමන්ට වෙන්වුණු පුංචි කැදලි තනාගෙන මේ නිවෙසින් පිටත්ව ගිහින්.

වෘත්තියෙන් නීතිඥවරයකු වන නාමෙල් බොහෝ කාලයක් විදේශගතව සිටිය බැවින් දරුවන් සමඟ මාලිනී ද ජීවත්වූයේ විදේශයන්හිය. මේ යුවළගේ දරුවන් තිදෙනා වැඩිපුරම හැදුණේ විදේශයන්වලය. අද මේ දරුවන් තිදෙනාම දූදරුවන්ගේ සුරතල් බලන මවුපියන්.

”අපේ වැඩිමලා දියණියක්. ඇය සලස්නා වීරමුනි. එයා දොස්තරවරියක්. ඇයට නැවකදී මුණගැසුණු විදේශිකයකු සමඟ විවාහ වී දැන් නවසීලන්තයේ පදිංචිව සිටිනවා.

දෙවැනියා පුතා හේෂාන් වීරමුනි. එයා වෙබ් ඩිසයිනර් කෙනෙක්. ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ. සුදු ජාතික කාන්තාවක් සමඟ විවාහ වෙලා එයාටත් බබාලා දෙන්නෙක් ඉන්නවා.

බාල පුතා ධාරිත වීරමුනි. එයත් ළඟදි විවාහ වෙලා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නවා. එයා ඉන්නේ නවසීලන්තයේ. ලෙෆ්ටිනන්ට් කෙනෙක් විදියට රාජකීය නාවික හමුදාවේ කටයුතු කරනවා.

තුන්දෙනාම විවාහ වුණේ විදේශීය ජාතීන් සමඟ. ඒකට අපි හරිම කැමැතියි. අපේ දරුවෝ ඒ අය ආදරෙන් බලාගන්නවා නම් මව්පියන් හැටියට අපි වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ.

නාමෙල් - මාලිනී යුවළ මුණුපුරු මිණිපිරියන්ගේ හුරතල් විඳින්න වසරකට වතාවක් දූ දරුවන් බලන්න යනවා. ඒත් එක්කම හැමදාම ඔවුන් සියලුදෙනා අම්ම- තාත්තා බලන්න නිවහනට එනවා කියලයි ඔවුන් කිව්වේ. ඒ ස්කයිප් එක ඔස්සේ.

මේ නිවෙසේ තීන්දු තීරණ සියල්ල ගන්නේ දෙදෙනා සාකච්ඡා කිරීමෙන්. එහෙත් මාලිනි කිව්වෙ ඇය කිසිම තීරණයක් නාමෙල්ගෙන් අහන්නෙ නැතුව ගන්නෙ නෑ කියලයි.

මාලිනී – නාමෙල් විවාහ වී දශක හතරකට වැඩි කාලයක් මේ වෙනකොට ගතවෙලා ඉවරයි. එහෙත් මේ දෙන්නගේ හැසිරීමෙන් කතාබහෙන් තවමත් අපට පේන්නේ ආදරේ, සෙනෙහස උතුරන අලුත්ම අලුත් යුවළකගේ හැසිරීම් රටාව. මාලිනී ආදරේට නාමෙල්ව අමතන්න නම් කිහිපයක්ම කියනවා අපට ඇහුණා. ‘තාත්ති’, ඩාලිං වගේම වෙලාවකට ‘ඩලෝ’ කියලත් කියනවා. නාමෙල් නම් මාලිනී අමතන්නේ එක්කො ‘මාලිනී’ කියලා නැත්නම් ‘අම්මි’ කියලා.

’ඇත්තටම අපි දෙන්නා අදටත් එදා වගේම සතුටින් ජීවත්වෙනවා. වෙලාවකට දෙන්නා රණ්ඩු කරගන්න අවස්ථා ආර්ගිව්මන්ට්ස් යන අවස්ථා තිබෙනවා. හැබැයි ඒ හැම දේම වෙන්නේ කලාව ගැන කතාකරන්න ගිහින්.” මාලිනී කියනවා.

මාලිනීගේ අත් උදව්වට කලක පටන්ම ඉන්න විශ්වාසවන්ත කෙනෙක් මේ නිවෙසේ ඉන්නවා. ඒ වුණත් උයන්න හිතුණම ඇය කුස්සියට වැදිලා උයනවා. ඒ වගේම තමයි මාලිනීට හැම දෙයක්ම ක්‍රමානුකූලව පිරිසුදුවට තියෙන්න ඕන. ඉතින් ගේ දොර අස්පස් කරන්න, පිරිසුදු කරන්නත් ඇයට සෑහෙන වෙලාවක් යනවා.

”මම උදේ නැගිට්ට ගමන් කරන්නේ ඇල්වතුර එකක් බීලා මගේ මල් පැළ ටික සහ අනෙක් පැළ වර්ග ටිකට සාත්තු සප්පායම් කරන එක.

මේ නිවෙස වටේ තිබෙන ඉඩ ප්‍රමාණය තුළ පිරී පවතින්නේ පෝච්චිවල ඉන්දපු පැළවලින්. මල් පැළ වර්ග වගේම, අඹ, දෙහි, දොඩම්, ජම්බු, කරපිංචා කතුරුමුරුංගා, උගුරැස්ස වැනි පලතුරු සහ නිවෙසේ කටයුතු සඳහා අවශ්‍ය වෙනත් පැළ වර්ග ද වවා තිබෙනවා.

මේ අවට පරිසරය වසා තිබෙන ශාක නිසාම නිවෙසට රැගෙන එන්නේ සිසිල් සුවයක්. නාමෙල් ගේ කියවීම් කාමරය අද්දර ඇය පෝච්චිවල සිටුවා ඇත්තේ ඇට්ටේරියා මල් ගස්. රාත්‍රියේ පිපුණු ඇට්ටේරියා මල් සුවඳින් අපි යන විටත් ඒ කාමරය පිරී තිබුණි.

මාලිනී රංගනයට දක්ෂයෙක් වගේම උයන්න පිහින්නත් දක්ෂය. ඇය සිය මුණුපුරුන් බලන්නට ගිය විට සිංහල ක්‍රමයට බත් මාළු උයා මුණුපුරන්ට කවනවාලු. මිරිස් තුනපහ දාපු මාළුත් එක්ක ඒ පුංචි පැටව් ‘හායි හූයි’ ගගා ආච්චි උයපු බත් කන්න ආසයි කියලයි මාලිනී කිව්වේ.

”මේ නිවෙසේ මුදල් පරිපාලනය සියල්ල කෙරෙන්නේ නාමෙල් අතින්. එහෙත් පසුගිය කාලයේ නාමෙල් විදේශ ගත වූ බැවින් මාස කිහිපයක් මාලිනී ඒ වැඩෙත් හරියට කළ බව අපිට දැනගන්න ලැබුණා.

දරු මුණුපුරෝ බලන ආච්චිලා සීයලා වුණාට නාමෙල් - මාලිනී යුවළ තවමත් සිය ඇඳුම් පැලඳුම් ගැන මෝස්තර ගැන සෞඛ්‍යය ගැන උනන්දු වෙනවා. නාමෙල් නම් උදේට හැමදාම ඇවිදින්න යනවා. මාලිනී නිවෙසේදී ව්‍යායාමවල යෙදනවා. මාලිනීට ඉතා පිළිවෙළට අඳින්න ඕන කෙනෙක්. ඇය නිවෙසට අමුත්තන් පිරිසකට ආරාධනා කළොත් එදාට නිවෙස සරසන දේට, කෑම බීම සඳහා යොදාගන්නා පිඟන් කෝප්පවල පාටට ගැළපෙන අන්දමින් තමයි ඇයත් සැරසෙන්නේ.


Copy Rights - Silumina
READ MORE - නාමෙල් මාලිනී කැදැල්ල

ලෝක කුසලානයෙන් ගීත සාහිත්‍යයට එක්වූ ක්‍රිකට් සින්දු

ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් මේ එක්වී සිටින්නේ ක්‍රිකට් වසන්තය සමඟයි. වසර හතරකට පසුව එළඹෙන මේ ක්‍රිකට් වසන්තය සමරන්නට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ සැදී පැහැදී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා කිසියම් වූ සැණකෙළි ස්වරූපයක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබේ.

කොළඹ ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය, වීරවිල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්ම පල්ලෙකැලේ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගණය ද මේ වෙනුවෙන් මෙරට මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ගෙන් ද පිරී ඉතිරී පැවතුණි. මේ සැණකෙළි සමයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ම බිහිවුණු සංස්කෘතියක් ඇතිවුණ ආකාරයක් දක්නට ලැබුණි.

නගරයක් නගරයක් පාසා දක්නට ලැබුණේ ක්‍රිකට් වසන්තය වෙනුවෙන් නැඟුණු දැවැන්ත කටවුට් හා පෝස්ටර්ය. කොළඹ නගරය අවට ගතහොත් සෑම වටරවුමක්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහ ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමට සුබපතා නැඟුණු ධජ පතාකවලින් සැරසී තිබුණි. අපේ රටේ ජනමාධ්‍ය හැසිරවීමේදී ද වැඩි අවධානයක් යොමුවී තිබුණේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි.

විශේෂයෙන් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා නිරන්තර අපේ දෙසවනට රැගෙන ආවේ ක්‍රිකට් වසන්තය පිළිබඳ පණිවුඩයි. මේ වෙනුවෙන් වැඩිම ගීත ප්‍රමාණයක් නිර්මාණය වූ රටත් සමහර විට අපේ රට වන්නට පුළුවන. පසුගිය කාලය ඇතුළත ඔබත් නිරන්තර ජනමාධ්‍ය සමඟ සම්බන්ධ වී හෝ ජනමාධ්‍ය ඇසුරේ සිටියා නම් කොපමණ ගීත සංඛ්‍යාවක් ඔබටත් ඇසෙන්නට ඇත්ද?

මේ ක්‍රිකට් ගීත සාහිත්‍යයට ද ඉතිහාසයක් ඇත. අපි මුලින්ම වඩ වඩාත් මේ පිළිබඳ උනන්දු වූයේ 1996 වර්ෂයේ දී අපේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායම ජගත් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ අපේ රටේ නම රැන්දූ ඓතිහාසික ආශ්චර්යවත් මොහොතින් පසුවය. එවකට ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය අපේ රටට රැගෙන ඒමෙන් පසුව ඒ පිළිබඳ වන උනන්දුව, උද්යෝගය අපේ රටේ ජනතාව තුළ ද වැඩි වැඩියෙන් ඇති වන්නට විය.

ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වන්නට ප්‍රථමයෙන් ක්‍රිකට් ක්‍රීඩා ගැන ලියවුණු ජනප්‍රිය ගීතයක් අපේ ගීත සාහිත්‍යයේ විය.

’තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා දෙස යොමු වෙනවා
සිත මා පිරිලා...”

ජනප්‍රිය ගායන ශිල්පී සමන් ද සිල්වා ගැයූ මේ ගීතය ඔබට තවමත් මතක ඇති.

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ශූරයන් වූ පසු අතිශයින්ම ජනප්‍රිය වූ බයිලා ගීතයක් අපේ ගීත සාහිත්‍යයට එක්විය.

”පුන්සඳ පායා මගේ රට දිලෙන්නා
ප්‍රීති ඝෝෂා නිතර ඇසෙන්නා
ලංකාවට ක්‍රිකට් කිරුළ ලැබුණදා
ලංකාවම ඩාන්ස් කරන්නා...”

ඇන්ටන් සිල්වා විසින් ගායනා කරන ලද මේ ගීතයට එකල මුළු රටම එක්වී සිටියහ.

ඒ අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුම එක්කර ගනිමින් එකට ගයන්නට හැකි ගීතයක් යැයි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ගීතය ලෙස පසුගිය කාලයේ එළිදැක්වූයේය.

2011 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී එක ජාතියක් ලෙසින් අත්වැල් බැඳ ගනිමින් එකම ජයග්‍රාහී ඉලක්කය වූ ක්‍රිකට් කිරුළ යළි ශ්‍රී ලංකා මාතාවගේ හිසෙහි පලඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවනට ශක්තිය ධෛර්යය, පතා එක්වෙමු යන්න මෙම ගීතයේ තේමාව විය. නව පරපුරේ පොප් ගායකයෙකු වූ ළහිරු පෙරේරා ගායනා කළ මෙම ගීතය ගීත රචක මනුරංග විජේසේකර ගේ පබැඳුමකි.

”කොදෙව් රටේ පොල්ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු ගලවන්න
ඉන්දියාවෙ කඳුවල හිම දියකරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න...
එන්න..
රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න...

ක්‍රිකට් නිල ගීතය වශයෙන් නම්කර තිබූ මේ ගීතය පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් අතින් අත්හිටුවීමට නියෝග ලැබුණේ මේ ගීතයේ පද රචනයෙන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන රටවල් කිහිපයකට අවමානයක් සිදුවන නිසාවෙන් බව අපට දැනගන්නට ලැබුණි.

ඒ වෙනුවට ක්‍රිකට් නිල ගීතය වශයෙන් නන්දන වික්‍රමගේ රචනා කළ රූකාන්ත ගුණතිලක ගායනා කරන පහත ගීතය නම් කෙරිණ.

මේ ජාතියේ උපහාරයයි
මේ අපේ ප්‍රණාමයයි
අත් වැල් බැඳන්
එමු සිවු දෙසින්
සොයුරන් ලෙසින්
මිතුරන් ලෙසින්...

මෙහි ගී තනු නිර්මාණය රූකාන්ත ගුණතිලකගේ වන අතර ගායනයට එක්වනුයේ රූකාන්ත සමඟ චන්ද්‍රලේඛාය.

ක්‍රිකට් නිල ගීතයේ ගී පද රචක නන්දන වික්‍රමගේ ක්‍රිකට් නිල ගීතයට අමතරව තවත් ක්‍රිකට් ගීත දෙකක් රචනා කර ඇත.

”මුළු ලෝකෙ ජගතුන් පරදා
අපිමයි ජයගන්නේ
ලක්දෙරණේ සැවොම එක්වී
ජය දද ලෙළ දෙන්නේ.....

මෙහි සංගීත නිර්මාණය රොමේෂ් සුගතපාල ගේ වන අතර ගී තනුව සචින්ත දේවනාරායන ගේය. ගායනයෙන් එක්වනුයේ සචින්ත දේවනාරායන, චින්තක ජයසිංහ සමඟ රොමේෂ් සුගතපාලයි.

ඔහු රචනා කළ අනෙක් ගීතය
”දහසක් තරු පායලා
දස දෙස උණුසුම පැතිරිලා
ජනයා එක්රොක් වෙලා
පිබිදිලා සිත් පිබිදිලා...

ගිතයයි එය තනුව සංගීතය හා ගායනය මහින්ද බණ්ඩාර පුත්‍ර සමාගමෙනි.

මේ අතරම තවත් අපේ ජනප්‍රිය ගායකයකු ගායනා කරන්නට යෙදුණු ක්‍රිකට් ගීතයක් පසුගියදා අපට අසන්නට ලැබුණි. ඒ ඉමාන් පෙරේරා ගයන පහත ගීතයයි.

උස් උස් උස් හඬින්
කෑ කොස්සන් ගසමු මලේ
අත් අත් අත්වැල් බැඳන්
ලක් ධජයට රොද බඳිමු මලේ...

මේ ගීතයේ ගී පද රචනය චාමින්ද රත්නසූරියගේය.

මීට ප්‍රථම ජනප්‍රිය ගීත රැසක් රචනාකර ඇති චාමින්ද බොහෝ විට නව අදහස් පෙරටු කොට යමින් නව ආකාරයේ නිර්මාණ ඉදිරිපත් කිරීමට වෙර දරන ගීත රචකයෙකි.

ගීතයේ සංගීත නිර්මාණය නදීක ගුරුගේ ගෙනි. ඉමාන් චාමින්ද සහ නදීකගේ අදහස වූයේ ‘පපර බෑන්ඩ්’ ක්‍රිකට් ගීත ඉක්මවා ගිය ජවයක් සහ ගැඹුරක් ඇති නිර්මාණයක් කිරීම තමන්ගේ අරමුණ වූ බවයි. ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙකු වශයෙන් අපේ සංගීත ක්ෂේත්‍රයට අගනා නිර්මාණ රැසක් දායාද කළ බන්ධුල නානායක්කාරවසම් අතින් රචනා වූ අපූරු ක්‍රිකට් ගීතයක් ද පසුගියදා අසන්නට ලැබුණි.

”කොයි අතකින් නැඟුණත් මහ කඳු මුදුනට
එක දසුනයි දිස්වන්නේ
කොයි දෙසකින් ආවත් ඔබ අප කවුරුත්
එක අරමුණකයි ඉන්නේ
කොයි නමකින් ගැලුවත් ගංගා සහසින්
සයුරයි අප හඳුනන්නේ
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ
එකම ලෙයයි දිව යන්නේ...
අපි ලකුණු හඹා ඇදෙමු
අපි කඩුලු දවා ගනිමු
ජය පරාජය ද විඳීමු
ආදරය බෙදා ගනිමු...”

රංග දසනායකගේ සංගීත රචනයට මේ ගීතය ගායනා කරනුයේ නිමන්ත හේෂාන්ය. මෙහි රූප රචනය රනිඳු හංවැල්ලගෙනි.

මෙතෙක් ඇසූ ක්‍රිකට් ගීතයන්ට වඩා එහා ගිය කුමක්දෝ ආදරණීය බවක් මේ පදවැල් ඔස්සේ අපේ හිත් තුළට ගලන බව මට දැනුණි.

ඒ මේ පද පෙළ යට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව කොයි මොහොතකවත් ඉස්මතු නොවන නිසාවෙනි. ඔහු පවසන්නේ ජය ද පරාජය ද එක ලෙස විඳගෙන ආදරය බෙදාගන්නා ලෙසයි.

මේ අතරම නව පරපුරේ තනු නිර්මාණ ශිල්පියකු සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම ගායකයකු ලෙස අපේ රටේ තරුණ පරම්පරාවේ ආදරය දිනාගත්, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ රිද්මය ජාත්‍යන්තරයට ගෙනයන්නට වෙහෙසුණු ඉරාජ් වීරරත්න ද ක්‍රිකට් ගීතයක් ‘සිංහ සෙයියාවෙන්’ (Lion Nation) නමින් පසුගියදා නිකුත් කළේය.

වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල රචනා කළ මේ ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය ඉරාජ්ගේ ම ය. ඔහුගේ Ill Noize ශබ්දාගාරයේ පටිගත කළ මේ ගීතයේ සංගීත සංයෝජනය සඳහා ඔහු තෝරාගත්තේ රංග දසනායකය. ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ජයශ්‍රී සංගීත කණ්ඩායම ඉරාජ් සමඟ මේ ගීතය ගයන්නට එක්වේ.

සිංහ සෙයියාවෙන් වැජඹෙනවා නම්
දෑ අනුරාගෙන් රට ගැන සිතා
ළය අත තබා ජයගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන්
සක්වල සොයා ....

ඒ ගීතයයි.

ජාතික වශයෙන් වැදගත් අවස්ථාවලදී අපේ ජාතික ධජය, සිංහ කොඩිය අභිමානයෙන් ගුවනේ ලෙළ දෙන අන්දම අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. මේ සුපුරුදු දසුන මින් පෙර නොවූ දැවැන්ත ආකාරයෙකින් යොදා ගනිමින් නිර්මාණය කරන ලද රූප රාමු ඇතුළත් ක්‍රිකට් ගීතයක් අපි නිතර දකින්නෙමු.

මෙහි විශේෂත්වය වනුයේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සිටි, එම ජයග්‍රහණයට ප්‍රබලතම දායකත්වය දුන් සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා, ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ, කුමාර් ධර්මසේන, උපුල් චන්දන, සමඟ රූපවාහිනී මාධ්‍යයේ ප්‍රබල භූ®මිකා නිරූපණය කළ ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ, ඕෂධී හේවාමද්දුම, ධනංජය සිරිවර්ධන, සුජානි මේනකා, මංජුලා කුමාරි, ඉරාජ් වීරරත්න සමඟින් ක්‍රිකට් ලෝලීහු දසදහස් ගණනක් මේ සඳහා එක්වී සිටිති.

එකමුතුවේ සුබ ලකුණු මතින් අපි
සිනහව ආයෙමු ගෙනෙමු අපී
අභිමානෙට යළි තුරුළු වෙමූ අපි
කප් එක ආයෙමු ගෙනමු අපි...

අජිත් ගලප්පත්ති විසින් රචිත මේ ගීතයට තනුව නිර්මාණය කරන ලද්දේ සංගීතඥ මහේෂ් දෙනිපිටිය විසිනි. ප්‍රධාන ගායන ශිල්පීන් වන්නේ ජානක විතානගේ සහ රුවන් වීරසේකරයි. මෙහි අලංකාර රූප රචනය ජානක තිලකරත්නගේය.

සමස්ත අයි.සී.සී. ක්‍රිකට් තරගාවලියේ නිල ක්‍රිකට් ගීතයේ සිංහල ගීතය ලෙස සඳහන් වූයේ මෙයයි.

”දිලේ අපේ තරු ලෝකේ ලෝකේ
දිනේ අපේ විරු ආයේ ආයේ
පැහැදේ පැහැදේ (සිංහ උදානේ)
පහරේ පහරේ (සිංහ උදානේ)

එකම තනුවකට ගැයෙන මේ ගීතය සිංහල හින්දි හා බෙංගාලි භාෂාවලින් ලියැවී ඇති අතර බොලිවුඩ් චිත්‍රපට සඳහා සංගීතය සපයන සංගීත වේදීන් තිදෙනෙක් වන ශංකර්, හේෂාන් සහ ලෝයි විසින් මෙහි තනුව නිර්මාණය කරනු ලැබ ඇත. මෙහි හින්දි ගීතය ගායනය කරනුයේ ශංකර් මහදේවන්ය. සිංහල ගීතය ගයනුයේ ගායන ශිල්පි රනිඳු ලංකාගේය. මෙය පදරචනය කළේ ෂෙහාන් ගලහිටියාවය.

”මෙන්න ආයේ ඇවිල්ලා
ක්‍රිකට් උණුසුම ඇවිල්ලා
එකතු වීලා ගයාලා
බලමු මැච් එක සෙට් වෙලා...

’ලා කප්’ නමින් හැඳින්වෙන මේ ගීතයත් පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණි. ගීතය ගායනා කරනුයේ ධනෝද්‍යා යාපා ඇතුළු ඇගේ මිතුරු ඳතුරියන් පිරිසක්. ඔවුන් විසින්ම රචනා කරනු ලැබ ඇති මේ ගීතය සංගීතවත් කර ඇත්තේ දුමිඳු ජයවර්ධනය.

ඒ අතරම ජනප්‍රිය ගායිකා චාන්දනී හෙට්ටිආරච්චි සහ ඇගේ දියණිය ජැකලයින් විසින් ගායනා කරන ලැබූ ක්‍රිකට් ගීතයක් ද පසුගියදා මාධ්‍යයට නිකුත් විය.

සිංහ නාදය රැව්දේ
සැමගේ සිත් හී හෙළයේ
හිටියේ සොයුරෝ එක්වෙලා
සැම කණ්ඩායමක් පරදා
ජය ටැඹ වෙත යයි සැමදා
ලංකා මාතා ජයවේ....

චාන්දනීට මෙම ගීතය රචනා කර ඇත්තේ අරුණ කිත්සිරිය. සංගීත නිර්මාණය කර ඇත්තේ කසුන් කල්හාරය. ගී තනු නිර්මාණය තිළිණ රුහුණගේ ගේය.

මේ අප දන්නා සහ අපට ඇසුණු ක්‍රිකට් ගී නිර්මාණය. මෙයට අමතරව තවත් ක්‍රිකට් ගීත මෙරට සංගීත කණ්ඩායම් අතර හෝ නිර්මාණය වන්නට ඇති.

ක්‍රිකට් සංස්කෘතිය අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට කොපමණ නිර්මාණ රැසක් දායාද කර ඇත්ද? ඉන් නියම රුචිකත්වය කුමක්ද යන්න ගැන තෝරා බේරා ගැනීම අපේ රසික රසිකාවියන්ගේ වගකීමයි.

READ MORE - ලෝක කුසලානයෙන් ගීත සාහිත්‍යයට එක්වූ ක්‍රිකට් සින්දු

‘කොයින්ස්’ සිනමා උළෙල එළැඹෙන අප්‍රේල් මාසයේ

Sunday, March 13, 2011

‘කොයින්ස්’ සිනමා උළෙල එළැඹෙන අප්‍රේල් මාසයේ

ඉදිරියේදී පවැත්වීමට නියමිත 2009/2010 රූපවාහිනී හා සිනමා ඩිප්ලෝමා සිසුන් සංවිධානය කරනු ලබන COINS FILM FESTIVAL 2011 ප්‍රථම අන්තර්ජාතිත ශිෂ්‍ය චිත්‍රපට උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ශශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම චිත්‍රපට උළෙල ශශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය සහ ශශ්‍රී ලංකා පදනම් ආයතනයේ දායකත්වයෙන් එම පරිශ්‍රයන්හි දී අප්‍රේල් මස 08 සහ 09 යන දෙදින පුරා පෙ.ව. 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මේ උළෙලේදී සිනමාකරණය පිළිබඳ අධ්‍යාපනය හදාරන්නන්ට තමන්ගේ හැකියාවන් උරගා බැලීමේ අනගි අවස්ථාවක් උදාකර ඇති අතර කෙටි චිත්‍රපට උළෙලට ඉදිරිපත් වන්නන්ට මෙම මස 20 වැනිදා දක්වා තම කෙටි චිත්‍රපටය රූපවාහිනී අභ්‍යාස ආයතනය වෙත භාරදීමේ හැකියාව ඇත.

මෙසේ දේශීය හා විදේශීය ශිෂ්‍යයන් ඉදිරිපත් කරනු ලබන චිත්‍රපට අතරින් කෙටි චිත්‍රපට 30 කට අධික ප්‍රමාණයක් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් යටතේ තෝරාගනු ලබන අතර එම චිත්‍රපට 8 සහ 9 යන දෙදින පුරා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතය.

එදිනට පැවැත්වීමට නියමිත චිත්‍රපට සම්මාන උළෙලේදී ප්‍රබන්ධ, වාර්තා සහ පර්යේෂණාත්මක අංශයන්ගෙන් ඉදිරිපත් වන නිර්මාණ සඳහා විශිෂ්ටතම සම්මාන 03 ක් සහ අනෙකුත් චිත්‍රපට සඳහා ජූරී සම්මාන 12 ක් ද පිරිනැමීමට කටයුතු කරයි.

අන්තර්ජාතික චිත්‍රපට උළෙල පැවැත්වෙන මෙම දෙදින තුළ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර එහි විවිධ අංග රාශියක් ඇතුළත්ය. ඒ අතරින් රූපවාහිනී ක්ෂේත්‍රයේ දැනට නියැලෙන්නන් හා මෙම ක්ෂේත්‍රය කෙරෙහි ඇල්මක් දක්වන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට නව තාක්ෂණික මෙවලම් භාවිතය සහ තාක්ෂණික දැනුම මෙම ප්‍රදර්ශනය තුළින් ලබාගත හැකිය.

එමෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙහෙයවන වැඩමුළු ඔස්සේ දේශීය හා විදේශීය සිනමා භාවිතයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාවද හිමිවෙයි.

මේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව සඳහා රූපවාහිනී පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර, රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ උදාර පල්ලියගුරු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් මහ දිවුල්වැව, ශිෂ්‍ය සම්බන්ධීකාරක ධනුෂ්ක ගුණතිලක හා උළෙල සංවිධායක කමිටුවෙන් ප්‍රධාන සම්බන්ධීකාරක සමන් විජේතුංග, අතුල ජයසිංහ යන අය සහභාගී වූහ.

මෙම හමුවේදී චිත්‍රපට උළෙල සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ නිල වෙබ් අඩවිය චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැවගේ අතින් www.coinsfilmfest.com නමින් විවෘතවීමද සිදුවීම විශේෂත්වයකි.

READ MORE - ‘කොයින්ස්’ සිනමා උළෙල එළැඹෙන අප්‍රේල් මාසයේ

නරිබෑනා ස්වර්ණ ජයන්තිය ගැන පළමු ගම දුව සිහිපත් කරයි

නරිබෑනා ස්වර්ණ ජයන්තිය ගැන පළමු ගම දුව සිහිපත් කරයි

ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා’ වේදිකා නාට්‍යයට වසර 50 ක් සපිරෙන මොහොතේ, පැරණි මතකය යළි සිහි ගන්වන්නට අප සමඟ එක්වන්නේ ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේනයි. ඇය ‘නරිබෑනා’ හි ගම දුවගේ චරිතය රැඟූ පළමු රංගන ශිල්පිනියයි.

ඇත්තටම නරිබෑනා මගේ කලා ජීවිතයේ ලොකු පරිවර්තනයක් කරපු නිර්මාණයක්. කලාවේ ඉදිරියට යන්න නරිබෑනා මට ලොකු පිටිවහලක් වුණා. ගම දුවගෙ චරිතය රඟපෑවට පස්සේ තමයි හුඟක් නිර්මාණවේදීන් මාව එයාලගෙ නිර්මාණවලට ගත්තෙ. නරිබෑනා ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එද්දී එහි ගම දුව ලෙස රඟපාන්න ලැබීම මගේ වාසනවක්.

‘නරිබෑනා’ වේදිකා නාට්‍යයෙ රඟපාන්න ඔබට අවස්ථාව ලැබුණෙ කොහොමද?

මම ඉගෙන ගත්තේ මරදාන ගෝතමී බාලිකාවෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම කලාවට ලොකු කැමැත්තක් දැක්වූවා. මගේ දෙමව්පියන්ගෙන් ඒ වෙනුවෙන් මට උදව් ලැබුණා. වෙනත් නාට්‍යයක පුහුණුවීම්වලට ගියහම බීට් කුමාර පතිරණ තමයි මාව දයානන්ද ගුණවර්ධන මහතාට හඳුන්වලා දුන්නෙ. ඒ තුළින් තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.

කුමටද සොබනියෙ කදුළු සලන්නෙ

හේතුව මම නොදනිම්

ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට

මම ඔබ ගෙන යන්නම්

ඔබ හට හැම සැප එහි දෙන්නම් . . .

ගම දියණියගේ රැඟුම් රඟද්දී මතකයේ රැඳුන දේ පවසමින් ඇය නැවත සිය හඬ අවදි කළාය.

ඒ නිර්මාණය මතක් වෙන හැම මොහොතකම හිතට දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මාත් එක්ක රඟපෑ සාලමන් ෆොන්සේකා (නරියා), පුෂ්පා අබේකෝන් (මවගේ චරිතය) වගේම සංගීත නිර්මාණය කළ ලයනල් අල්ගම මහතා, නරිබෑනා නිර්මාතෘ දයානන්ද ගුණවර්ධන මහතාත් මගේ මතකෙට නිරායාසයෙන්ම නැගෙනවා.

ඒ අතරින් සාලමන් විශේෂයි. ඔහු උපතින්ම රංගන හැකියාව රැගෙන ආපු කෙනෙක්. නරියා ලෙස ඔහු ඉදිරිපත් කළ ඒ අපූරු රංගනය පරදවන්නට වෙන කිසිවකුට නොහැකි වුණා කියලා කීම මම කාටවත් කරන අසාධාරණයක් නෙවෙයි.

නරිබෑනා රඟපාන අතරතුරේ තමයි මගේ විවාහය සිද්ධ වුණේ. සාලමන් තමයි මගේ මංගල කේක් ආකෘතිය නිර්මාණය කරලා දුන්නෙ. නාට්‍ය රඟපාද්දී අපි තුළ තිබුණ සාමුහික බව හරි සුන්දරයි.

ශ්‍රියානිගේ සොඳුරු රැඟුමින් සපිරි ගම දියණියගේ චරිතයට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාරද අසීමිතය.

එහෙත් ශ්‍රියානි ගම දියණිය ලෙස ප්‍රේක්ෂකයා වෙත ආවේ වසර 4 ක කාලයක් පමණි.

මට ඉනෝකා දුව ලැබෙන්න ඉන්න කොට තමයි නාට්‍යයෙන් අයින් වුණේ. මට පස්සේ ගම දියණියගේ චරිතය රඟපාන්න පැමිණි ශිල්පිනියට මම පුහුණුවීම් පවා ලබා දුන්නා. දුව ලැබුනට පස්සේ දුවගෙ වැඩ කටයුතු නිසා මම නැවත නරිබෑනා නාට්‍යයට සම්බන්ධ වුණේ නැහැ.

ඒ ගිලිහී යාම ගැන දුකක් ඇති වුණත්, නරිබෑනා නිර්මාණය ගැන කතා කරන හැම මොහොතකම, එතනදි මා ගැනත් කතා කරන තරමටම, එහි කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මා තුළ තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

READ MORE - නරිබෑනා ස්වර්ණ ජයන්තිය ගැන පළමු ගම දුව සිහිපත් කරයි

ඒ අද්දැකීම මට වචනයෙන් විස්තර කරන්න බෑ

ධවල පවුර හරහා සිනමාවට ආ චමිලා නිශාන්ති

මේ වනවිටත් ටෙලි නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබිලා තියෙනවා.

බාධක පවුරු රැසක් මැද රිදී තිරයට සිත්තම් වූ ‘ධවල පවුර’ සිනමා සිතුවමට එක් වූ අලුත් තාරකාව ඇයයි. ඔබේ නෙතු අද්දරට පුංචි තිරයෙන් සමීප වූ ඇය රිදී තිරය හා එක් වූයේ ‘ධවල පවුර’ හරහායි.

ඇය නමින් චමිලා නිශාන්ති . . .

මේ දිනවල තිරගත වන සිනමා කෘති අතරට එක් වූ ‘ධවල පවුර’ හි කතා නායිකාව මධුවන්ති ලෙසින් කරළියට බට ඇය ඔබට සමීප වූයේ පුංචි තිරයේ කලක් ජනප්‍රියත්වයේ කිරුළු දැරූ ටෙලි සිතුවමක් හරහායි. ‘ඉතින් ඊට පස්සේ’ ටෙලි නිර්මාණයෙහි ‘ශෙරීන්’ නම් වූ අපූරු යුවතියගේ් රුව ප්‍රති නිර්මාණය කළේ ඇයයි. ‘තිමිර’ ටෙලි නිර්මාණය සඳහා ද රංගනයෙන් දායක වෙමින් ඇය පුංචි තිරයෙන් ඔබ වෙතට සමීප විය.

‘මං පුංචි කලෙ ඉඳලම කලාවට හරිම කැමතියි. පාසල් යන කාලෙත් පාසල් වේදිකාවෙ රඟපෑවා. මගේ අම්මා තමයි මාව කලාවට යොමු කළේ. අම්මා වගේම මගේ තාත්තත් හරිම කැමැත්තෙන් හිටියේ මං කලා කටයුතු සමඟ සම්බන්ධ වෙනවට.

ඒත් අවාසනාවකට වගේ මට අවුරුදු 13 දී විතර මගේ තාත්තා නැති වුණා. එතැන් පටන් අද දක්වා ම මගේ අම්මා තමයි මගේ හෙවනැල්ල වගේ මගේ ළඟින් ම හිටියේ. අද වෙනතුරුත් මගේ හැම කලා කටයුත්තකටම මාත් එක්ක යන්න එන්න ආවේ මගේ අම්මායි’.

පාසල් යන අවදියේ පටන් කලාවට බොහෝ ඇලුම් කළ ඇය පාසල් වේදිකාවේද රැඟුම් දැක් වූ රංගන ශිල්පිනියකි. රංගනය මෙන් ම නර්තන හැකියාව ද ඇයට සහජයෙන් උරුම වූ අපූරු හැකියාවකි.

එලෙසින් ම ඇය අභියෝගවලට ද කිසිදු බියක් දක්වන්නියක නොවේ. ට්‍රේල් බයිසිකල් පැදීම ආදී විවිධ දක්ෂතා ඇය පුංචි සන්ධියේ පටන්ම හුරු පුරුදු වූ අපූරු හැකියාවන්ය.

ඇයට ධවල පවුරු සමඟ සම්බන්ධවීමේ කදිම අවස්ථාව හිමි වූයේ ද ඇය සතු මෙවන් දක්ෂතා රැස නිසාමය. එහි ප්‍රධාන චරිතයට පණ පොවමින් ඇය රසික රසිකාවන් වෙත තමා සතුª විවිධ හැකියාවන් සහ දක්ෂතාවන් රැසක් අපූරු ලෙස ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

‘ධවල පවුර’ ඇයගේ ප්‍රථම සිනමා සිතුවම නිසා ම එහිදී ඇය ලැබූ අත්දැකීම් විමසන්නට අපි අමතක නොකළෙමු.

‘ඇත්තටම කියනව නම් මට මෙතනදි ලැබුණු අත්දැකීම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මොකද මේ මගේ ප්‍රථම චිත්‍රපටය.

මා රංගනයට පිවිසිලා දිගු කාලයක් නැති වුණත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම මට මේ ක්ෂේත්‍රයේ දී ලැබුණු ලොකු අවස්ථාවක් විදිහටයි මම ඒ දේ සලකන්නේ. චිත්‍රපටය බලන කොට මට මගේ ඇතැම් අඩුපාඩු දැනුණා.

අපි ඒ චිත්‍රපටය කළෙත් බොහෝම කෙටි කාල සීමාවක් ඇතුළත. නමුත් එහි අධ්‍යක්ෂවරයා ලක්ෂ්මන් ආරච්චිගේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයෙන්ම මට ලැබුණෙ හොඳ සහයෝගයක්.

අධ්‍යක්ෂවරයා මගේ දක්ෂතාවන් සහ හැකියාවන් හොඳින් තේරුම් අරගෙන ඒ දක්ෂතාවලින් ප්‍රයෝජන අරගෙන මගේ හැකියාවන් රසික රසිකාවන්ට පෙන්නන්න උපරිම උත්සාහයක් ගත්තා. මගේ සියලුම හැකියාවන් මේ චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙනවා. නර්තනය, සටන්, ට්‍රේල් බයික් ධාවනය කිරීම ඇතුළු විවිධ හැකියාවන් මා සතු වූ නිසා මේ චරිතය කරන එක මට පහසුවක් වුණා.’

චමිලා සතු විවිධ දක්ෂතා අතරේ කැපී පෙනෙන ම දක්ෂතාව වූයේ ඇය සතු නර්තන හැකියාවයි. රංගනයට පිවිසීමට පෙර සිටම ‘චාමි ශ්‍රී’ නමින් නර්තන කණ්ඩායමක් ද ඇය සතු විය. එලෙසින්ම ‘චාමි ශ්‍රී’ නමින් කලායතනයක් ද පවත්වාගෙන ගිය ඇය එහි නර්තන උපදේශිකාව ලෙසින් ද කටයුතු කර තිබේ.

නර්තනය කුඩා කල සිටම ප්‍රගුණ කළ ඇය පාසල් අවධියේ පටන්ම කලා ලොවින් ඉදිරියට යෑමට පෙරුම් පිරුවාය.

ඒ නිසාම ඇයට වේදිකාවේ ද දොරගුළු විවර විය. චන්ද්‍රසිරි කොඩිතුවක්කුගේ ‘සක්වා ළිහිණි’ වේදිකා නාට්‍ය, ‘හෙප්පුව’ වැනි වේදිකා නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වී ඇති ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ද මනාලියන් දැක්ම රැසකටම සහභාගී වී තිබේ.

මේ වන විට ඇය වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියකි. ඇය දැන් ඇගේම කියා සැලෝන් එකක් පවත්වාගෙන යයි.

‘මං රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමු වුණේ නර්තන කණ්ඩායමේ සිටින කාලේදීයි. එහි මේකප් කටයුතු සඳහා රූපලාවන්‍ය ගැන දැන සිටීම අවශ්‍ය නිසා රූපලාවන්‍ය කටයුතු ඉගෙන ගත්තා. දැන් මම මගේ ඒ හැකියාවත් වර්ධනය කරගෙන මේ කටයුතු දිගටම කරගෙන යනවා. මම ඉස්සර ඉඳල ම රංගන කටයුතු කළේ වෘත්තියක් වශයෙන් නම් නොවෙයි. ඉදිරියටත් ඒක එහෙම්මමයි.

අදත් මගේ හොඳම විචාරකයා මගේ අම්මා. ඒ වගේ ම මගේ සැමියාත් මගේ කලා කටයුතුවලට හොඳ සහයක් ලබා දෙනවා. මං කලාවට බොහෝම ඇලුම් කරන කෙනෙක්. නමුත් මං කලා නිර්මාණ සඳහා දායක නේනේ හුඟක් හිතලා මතලා.

ඒ වගේ ම වෘත්තියේ කටයුතුත් සමඟින් ඉදිරියට යනකොට වැඩි වැඩියෙන් නිර්මාණවලට දායක වන්න ලැබෙන ඉඩකඩත් අඩුයි. මේ වන විටත් ටෙලි නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉඩකඩ ලැබෙන විදියට මං ඒවා සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.’

දක්ෂතා රැසක් දෝත දැරූ චමිලාගේ ඉදිරි ගමනට අපගෙන් සුබපැතුම්.

ඇයගේ ලිපිනය - නො: 48/1,
පොල්හේන, යක්කල.

READ MORE - ඒ අද්දැකීම මට වචනයෙන් විස්තර කරන්න බෑ

නාන ඇඳුමට බැහැ කියා රටට කීර්තිය ගෙනා

පුණ්‍යා හීන්දෙණිය

සරසවිය සම්මාන දිනූ ප්‍රථම නිළිය

සිනමාවේ සිංහල බෞද්ධ ගැමි කාන්තා ප්‍රතිරූපය

ආචාර්ය සරත් අමුණුගම කලකට ඉහත ලියූ එක්තරා ලිපියක ’ගම්පහ සිනමා කණ්ඩායමක්’ ගැන සඳහන් කර තිබිණි. ‘

ගම්පහ සිනමා කණ්ඩායම’ යනුවෙන් ඔහු අදහස් කළේ ගම්පහ හා ඒ අවට ප්‍රදේශයන්හි උපන් ගම්කාරයන් වූ සිනමා කලාකරුවන් පිිරිසකි. පී. කේ. ඩී. සෙනෙවිරත්න, ජෝන් අමරතුංග, එස්. ඒ. ජේම්ස්, මහගමසේකර, චිත්‍රා බාලසූරිය, ආරියවංශ වීරක්කොඩි මෙන්ම සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ අති දක්ෂ චරිතාංග නිළියක වන පුණ්‍යා හීන්දෙණිය ද එම ගම්පහ සිනමා කණ්ඩායම නියෝජනය කරන්නියකි.

පුණ්‍යාගේ ගම වූයේ මීරිගමය. මේ ගම්පහ සිනමා කණ්ඩායමෙන් සිංහල සිනමාවට මහානර්ඝ සේවාවක් ඉෂ්ට සිද්ධ වූ බව අප අවිවාදයෙන්ම පිළිගත යුත්තකි.

පුණ්‍යා උපන්නේ 1938 දීය. මූලික අධ්‍යාපනය ලැබුවේ මීරිගම මහා විද්‍යාලයෙනි. එකල එම විදුහලේ නැටුම් ආචාර්යවරයා වශයෙන් කටයුතු කළේ ප්‍රකට නැටුම් ශිල්පී පණීභාරතය. සිරිසේන විමලවීරගේ ‘අසෝකා’ චිත්‍රපටයේ නැටුම් ජවනිකාවක් ඉදිරිපත් කිරීමට වරක් පණීභාරතට ඇරියුම් ලැබිණි. ඔහු ඒ සඳහා පාසලේ කලාකාමී ශිෂ්‍යාවක වූ පුණ්‍යා ද සහභාගි කර ගත්තේය. ඒ අනුව පුණ්‍යා ‘අසෝකා’ චිත්‍රපටයේ සමූහ නැටුම් දෙකකට පෙනී සිටියාය. එකක් ගැමි නැටුමකි. අනික මනිපුරි නැටුමකි.

කෙසේ වෙතත් පුණ්‍යා ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසියේ ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයෙනි. එහි කැතරින් වූයේ ඇයය. එහි පුණ්‍යා, සේනාධීර කුරුප්පු සමඟ එක්ව ‘රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි’ ගීතය ගැයූ ආකාරය එම චිත්‍රපටය නැරඹූ පැරැණි ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතිනු ඇතැයි සිතමි.

‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයේ රඟපෑම සඳහා පුණ්‍යාට රුපියල් එක්දහස් පන්සීයක මුදලක් ලැබිණි. ඉන් පසු ඇය ‘සුනීතා’, ‘ශ්‍රී 296’ යන චිත්‍රපට දෙකේ ද රඟපෑවාය. මෙම චිත්‍රපට දෙකම තම ජීවිතයෙන් අමතක කර දමන්ට තමා කැමැති බව පුණ්‍යා පසු කලෙක කියා සිටියාය.

‘ඒ වගේ චිත්‍රපටවල රඟපෑම මම මගේ් ජීවිතයේ කර ගත්තු ලොකුම මෝඩකමක්. මොකද මම ඒ අවස්ථාවේ රඟපෑම කියන්නේ් මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයේත් මම පඹයෙක් වගේ හිටියා මිසක් රඟපෑම කියලා දෙයක් කළේ නැහැ.’

පුණ්‍යා වරක් එසේ කියා සිටියාය.

පුණ්‍යා ගම්පහ සිනමා කණ්ඩායමට මුල් වරට එක් වූයේ ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයෙනි. එය මීරිගම ජෝන් අමරතුංග ගේ නිපැයුමක් විය. තිර නාටකය ලීවේ හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නය. ‘කුරුලු බැද්දේ’ පුණ්‍යා රඟපෑවේ රන් මැණිකා නම් වූ ගැමි යුවතියකගේ චරිතයකි. එය ‘කැලෑහඳ’, ‘දෙයියන්ගේ රටේ’ වැනි ප්‍රබන්ධ කතාවල ආ ප්‍රධාන කතා නායිකාවගේ චරිතය බඳුම පැතලි චරිතයකි.

පුණ්‍යා ‘ගම්පෙරළිය’ට තෝරා ගැනුණේ ඇය ‘කුරුලු බැද්ද’ චිත්‍රපටය් රඟපානු දැකීමෙනි. මාර්ටින් වික්‍රමසිංහ ‘ගම්පෙරළිය’ නවකතාවේ මවා තිබූ නන්දාගේ චරිතය පුණ්‍යා විසින් ඉතාම විශිෂ්ට ආකාරයෙන් මූර්තිමත් කරන ලද්දීය. මේ චිත්‍රපටය නැරඹු කල්හී ‘මේ නම් නවකතාවේ එන නන්දාම තමයි’ වැනි හැඟීමක් සිනමා රසිකයන් තුළ ඇතිවනු වැළැක්විය නොහැකිය.

වරක් ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මා සමඟ කියා සිටියේ පුණ්‍යා ‘ගම්පෙරළියේ’ කළ රඟපෑම සිංහල සිනමාවේ මෙතෙක් කිසිදු නිළියකට කළ නොහැකි ආකාරයේ අද්විතීය රඟපෑමක් බවයි. එය සපුරා සත්‍යයකි. ‘ගම්පෙරළියෙන්’ පසු පුණ්‍යා තවත් චිත්‍රපට කීපයක රඟපෑවද ‘ගම්පෙරළියේ’ රංගනය අභිබවා යන ආකාරයේ රංගනයක් ඇයගෙන් ඉදිරිපත් වූ ආකාරයක් නම් පෙනී නොයයි.

සිංහල බෞද්ධ ගැමි කුල කතගේ ආඪ්‍ය සම්පන්න වූ ප්‍රතිරූපය පුණ්‍යා විසින් ‘ගම්පෙරළියෙන්’ මතු කර දක්වන ලදී. මෙහි රඟපෑම උදෙසා ඇයට රුපියල් හයදාහක් ගෙවනු ලැබ ඇත. ‘ගම්පෙරළිය’ තිරගත වූ විට එහි කතුවර මාර්ටින් වික්‍රමසිංහ චිත්‍රපටය නරඹා ඒ ගැන ස්වකීය ප්‍රතිචාරය දක්වා සිටියේය. එහි එක් දර්ශනයක් කෙරෙහි ඔහුගේ දෝෂාරෝපණය එල්ල වී ඇත. ඒ නන්දා, පියල් විසින් ගෙන එනු ලැබූ මෝල්ටඩ් මිල්ක් කෝප්පය විසි කරද්දී අනුලා කී දෙයින් කෝපයට පත්ව හඬා වැටෙන අවස්ථාවය.

1964 පැවති ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම නිළිය වූයේ පුණ්‍යා ය. ඒ ‘ගම්පෙරළියේ’ රඟපෑම් උදෙසාය. එසේම ‘ගම්පෙරළිය’ හා Qසිකුරු තරුව’ චිත්‍රපට දෙකේම රඟපෑම් සඳහා පුණ්‍යාට එක්සත් ලංකා රසික සංගම් සම්මාන උළෙලේ දී හොඳම නිළිය සම්මානය ලැබුණාය. ‘ගම්පෙරළිය’ නිසා පුණ්‍යාට මෙක්සිකෝවේ පැවති අන්තර් ජාතික චිත්‍රපට උළෙලටද සහභාගි වීමේ භාග්‍යය ලැබිණි. හෙන්රි ජයසේන හා සුමිත්‍රා පීරිස් සමඟ ඇය එම උළෙලට සහභාගි වූවාය. මෙම උළෙල නියෝජනය කළ චිත්‍රපටවල රඟපෑ ප්‍රධාන නිළියන්ට නාන ඇඳුමෙන් සැරසී ඡායාරූපයකට පෙනී සිටීමට සංවිධායකවරුන්ගෙන් ආරාධනා ලැබිණි. එහෙත් පුණ්‍යා එසෙ පෙනී සිටීම තරයේ ප්‍රතික්ෂේප කළාය. එහිදී ඇය ඉතාම සවිඥානාත්මකව සිංහල බෞද්ධ ගැමි කාන්තා ප්‍රතිරූපය ආරක්ෂා කර ගත්තාය.

එම සිද්ධිය පිළිබඳ හෙන්රි ජයසේන තමාගේ ‘නිම් නැති කතාවක්’ පොතේ මෙසේ සඳහන් කර ඇත.

‘අපේ දිනය ළංවත්ම, අප චිත්‍රපටයෙහි ප්‍රධාන නිළියගේ එනම් පුණ්‍යා හීන්දෙණියගේ ඡායාරූප ගැනීම සඳහා සෑම පුවත්පතකින්ම පාහේ ඡායාරූප ශිල්පීහු සහ වාර්තාකරුවෝ අප සොයා ආහ. ඔවුන් වැඩි දෙනෙකුට අවශ්‍ය වූයේ පුණ්‍යා නාන ඇඳුමින්, ඒ කියන්නේ බිකිනි ඇඳුමින් සැරසුණු ඡායාරූප ගැනීමටය. පුණ්‍යා එකහෙළාම ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළාය.

‘මට එසේ කළ නොහැකියි’ ඇය තරයේම කියා සිටියාය.

‘ඒ ඇයි?’ මවිතයට පත් වාර්තාකරුවෝ ඇසූහ.

‘එවැනි නිරුවත් ඇඳුමකින් පෙනී සිටීම මගේ රටේ සංස්කෘතියට හා සදාචාරයට එකඟ නෑ!’ ඇය යළිත් තරයේ කියා සිටියාය.

පසුදා පුවත්පත් සියල්ලම පාහේ පුණ්‍යාගේ ඡායාරූපවලින් පිරී තිබිණි.

‘ලංකාවේ නිළිය අඩ නිරුවත ප්‍රතික්ෂේප කරයි’

‘පුණ්‍යා හීන්දෙණිය බිකිනි ඇඳීමට බෑ කියයි’

‘කිසි දිනෙක මගේ රටට අවනම්බු වන විදියට මා හැසිරෙන්නේ නෑ!’

මෙවන් පොල් ගෙඩි සිරස්තල සමඟ පුණ්‍යා රෙද්දෙන් හැට්ටයෙන්, ඔසරියෙන්, සාරියෙන් සැරසුණු මනස්කාන්ත ඡායාරූප සෑම පුවත්පතකම පාහේ පළ විණි. ඇත්ත වශයෙන්ම ඇගේ් මෙම ප්‍රතිපත්තිය නිසා ඇය උළෙලට පැමිණි වෙන කිසිදු නිළියක් නොලත් ප්‍රචාරයක් ලද්දාය.

‘සිකුරු තරුව’ පුණ්‍යා රඟපෑ තවත් චිත්‍රපටකි. එයද ගම්පහ සිනමා කණ්ඩායමේ නිපැයුමක් විය. මෙහි පුණ්‍යා රඟපෑවේ අනුලා නමැති ගැමි තරුණියගේ් චරිතයකි.

‘පරසතු මල්’ ඇය ඊළඟට රඟපෑ චිත්‍රපටයයි. එයද ගම්පහ සිනමා කණ්ඩායමේ නිෂ්පාදනයකි. ‘පරසතු මල්’ මුල් තිර නාටකය ලියැ වී තිබුණේ පුණ්‍යා රඟපෑ කමලාගේ චරිතය කේන්ද්‍ර කර ගෙන බවක් අප අසා ඇත. (පී. ;ක්. ඩී. ඉනික්බිතිව ‘රන්සළු’ චිත්‍රපටයේ කතා පිටපත ලීවේද පුණ්‍යා සිහියේ තබාගෙනය). ‘පරසතු මල්’ පුණ්‍යාගේ රංගනය විශිෂ්ට වුවත් නෝනේගේ චරිතය රඟපෑ අනුලා කරුණාතිලක ද ඇයට නෙදෙවැනි ආකාරයෙන් චරිතාංග නිරූපණයේ යෙදෙන්නීය. 1968 පැවති එක්සත් ලංකා රසික සංගම් සම්මාන උළෙලේදී පුන්‍යා මෙහි රඟපෑම් සඳහා හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

‘චණ්ඩියා’ හා ‘සීතල වතුර’ යන චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා මුලින්ම තෝරාා ගැනුණේ පුණ්‍යා වුණත් ඇය යම් යම් හේතු මත ඒ චිත්‍රපටවල රඟපෑම ප්‍රතික්ෂේප කළාය. පුණ්‍යා කිසිදාක වාණිජ අරමුණු පෙරදැරි කරගෙන චිත්‍රපටවල රඟපෑ නිළියක නොවීම සුවිශේෂත්වයකි. කෙතරම් ආර්ථික අපහසුකම් මැද වුව ඇය මුදල් තකා රඟපෑමේ නොයෙදුණාය. ඒ සම්බන්ධයෙන් අපි අපේ ගෞරවය මේ විශිෂ්ට නිළියට පුද කළ යුතු වන්නෙමු.

‘රන්සළු’ පුණ්‍යා රඟපෑ තවත් සිනමා පටයකි. ඇය ප්‍රථම වතාවට ඉංග්‍රීසි කතා කරන නාගරික ප්‍රභූ පන්තියේ චරිතයකට ප්‍රවිෂ්ට වූයේ මේ චිත්‍රපටයෙනි. සුජාතා රත්නසූරිය එම චරිතයේ නම විය. 1968 පැවති ‘සරසවිය’ සම්මාන උළෙලේදී මෙහි රඟපෑම් සඳහා පුණ්‍යා හොඳම නිළිය සම්මානය ලැබුවාය.

මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රන්වන් කරල්’ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයේ ද පුණ්‍යා රඟපෑවාය. 1968 දී වෛද්‍ය මෙල්රෝයි නානායක්කාර සමඟ විවාහ වූ පුණ්‍යා සිනමා රංගනයෙන් සමු ගත්තාය. පුණ්‍යා යළි අවුරුදු ගණනාවක ඇවෑමෙන් චිත්‍රපටයක රඟපෑවේ ‘ගම්පෙරළිය’ දෙවැනි කොටසේය. එනම් ‘කලියුගයේ’ය. එය ද ‘ගම්පෙරළියේ’ ආ නන්දාගේම මැදි වයසේ චරිතයයි. පුණ්‍යාගේ රඟපෑම් සියලු විචාරකයන් බුහුමනට ලක් කළත් ප්‍රවීණ සිනමා නළු ටෝනි රණසිංහ පමණක් එම රඟපෑම් විවේචනය කර ඇත. නියරක් දිගේ පොල් අත්තක් ඇදගෙන යෑම රඟපෑමක් නොවන බව ඔහු කියා තිබිණි.

එබඳු දර්ශනවලට බෙහෙවින් පෙනී සිටියේ පුණ්‍යා බැවින් ටෝනිගේ ඒ දෝෂාරෝපණය එල්ල වන්නේ පුණ්‍යාට යැයි සැකයෙන් තොරව සිතිය හැකිය.

ගමේ ගැහැනු පොල් අතු බිම දිගේ ඇදගෙන යනවා මිසක් උඩ තියාගෙන යන්නෙ නැහැනේ.’

පුණ්‍යා ඊට පිළිතුරු වශයෙන් පවසා තිබිණි.

2000 වසරේ පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී පුණ්‍යා ස්වර්ණ සිංහ සම්මානයෙන් පිදුම් ලද්දීය.

පුණ්‍යා එංගලන්තයේ ටෙලිවිෂන් ට්‍රේනිං සෙන්ටර්හී සිනමාව හා රූපවාහිනිය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇත. ඇය වරක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වුවත් එය මෙතෙක් ඉටු වී නොමැත.

READ MORE - නාන ඇඳුමට බැහැ කියා රටට කීර්තිය ගෙනා

බූරුවා මහත්තයා කැටුව එන මනෝ

බූරුවා මහත්තයා කැටුව එන මනෝ

එදිනෙදා ජීවිතයේදී අපි මුහුණ දෙන දේවල් අනුව වෙලාවකට අපට හිතෙනවා බූරුවෙක් මහත්තයෙකුට ඇඳලද, එහෙමත් නැත්නම් මහත්තයෙක් බූරුවෙකුගෙ තත්ත්වයට වැටිල ද කියලා. එහෙත් ඒ ගැන ප්‍රශ්න කරන්න හෝ විවරණය කරන්න සාමාන්‍ය ජනතාවට නම් අවස්ථාවක් ලැබන්නෙ නැති තරම්. නමුත් ප්‍රතිනිර්මාණය තමන්ගේ මාධ්‍ය කොට ගත් කලාකරුවා සමාජයේ ඕනෑම දෙයක් තම නිර්මාණ ප්‍රතිභාවෙන් ප්‍රශ්න කරන්න අවස්ථාව සලසා ගන්නවා. ප්‍රවීණ නිර්මාණකරුවකු හා රංගන ශිල්පියකු වන ජයලත් මනෝරත්න ‘බුරුවා මහත්තයා’ නම් තම නවතම නාට්‍යයත් සමඟ මේ මස 11 – 12 යන දිනයන්හිදී ලුම්බිණියට ගෙඩ වදින්නෙ ඛේදාන්ත ප්‍රහසනයක් ඔබ හමුවේ දිග හරින්නයි. මේ කතා බහ ඒ නිමිත්තෙනුයි.

* මෙවර ඔබේ නවතම වේදිකා නාට්‍යයට පදනම වැටෙන්නෙ අලුත්ම තැනකින්?

ඇත්තෙන්ම ඔව්. ක්‍රිෂාන් චන්දර් කියන උර්දු ලේඛකයාගේ ‘Mr Donkey’s Autobiography’ නව කතාව ගුණතිලක මැටියගනේ සිංහලයට පරිවර්තනය කළා ‘සත් ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය’ කියල. මෙන්න මේ නව කතාව කියවද්දී මට හැඟී ගියා මේ කතා වස්තුවට සාහිත්‍යයෙන් ඔබ්බට යන්න පුළුවන්ය කියලා. වචනවලට සීමා වෙලා ඇති දේ රූප බවට පත් කරන්න පුළුවන්ය කියලා. ඒකට හේතුව මේ පරිවර්තනය ඒ තරම්ම සජීවියි. නවකතාව කියවද්දී හිතෙනවා චිත්‍රපටයක් ද මේ බලමින් ඉන්නෙ කියලා. ඒ නිසා මම හිතුවා මේක වේදිකාවට ගේන්න ඕනය කියලා. අනිත් අතට වඩාත් දුෂ්කර සේකරගේ ප්‍රබන්ධ කාව්‍ය ‘ලෝකය තනි යායක්’ කියන නමින් වේදිකා රංගයක් හැටියට සාර්ථක කරන්න අපට පුළුවන් වුණු නිසා තාත්ත්වික ගණයේ නවකතාවක් වේදිකාවට ගේන්න පුළුවන්ය කියන විශ්වාසය නිසයි මම මේ වැඩේට අත ගැහුවෙ. ඒ වගේම මම දන්න තරමින් මෑත කාලයේ නවකතාවක් මත පදනම් වෙලා වේදිකා නාට්‍යයක් කෙරිලා නෑ. මේ නිසාත් මේක අපට වගේම රසිකයාටත් අලුත්ම අත්දැකීමක් කියලයි මම හිතන්නේ.

* නවකතාව නාට්‍යයක් බවට පෙරළීමේ කටයුත්ත කොහොමද සිද්ධ වුණේ?

මේ නාට්‍ය ගොඩ නැගීමේදී මම කළේ නවකතාවේ තියෙන නාට්‍යයට උචිත සාධනීය දේවල් අරගෙන නාට්‍ය මාධ්‍යයට නොගැළපෙනවයි කියලා දැනුණු දේවල් ඉවත් කරලා, සමහර තැන් ගලප්පා ගැනීමේ පහසුව සඳහා පූරකයකුත් යොදාගෙන සමස්තයක් වශයෙන් නවකතාවේ ඇති නාට්‍යමය අවස්ථා බහුල කොටස් ටික මම මගේ නාට්‍ය නිර්මාණයට යොදා ගත්තා.

* නවකතාවක් නාට්‍යයක් බවට පත් වෙද්දී ඒ සඳහා උචිත ආකෘතිය තීරණය වුණේ මොන විදිහටද?

පූර්ව නිශ්චිත ආකෘති හැටියට ගැනෙන නාඩගම්, නූර්ති ශෛලිගත වගේ එක ආකෘතියකට අනුගත වෙලා ඒක ඇතුළට අපේ වස්තු විෂය ඔබනවද එහෙමත් නැත්නම් උචිත ආකෘතියක් හොයා ගෙන යනවද කියන ප්‍රශ්නය මෙතෙන්දි අපටත් ඇති වුණා. එනිසා අපි කළේ නාට්‍ය පුහුණුවීම් කාලයේදී නිදහසේ ආකෘතියක් ගොඩ නැගෙන්න ඉඩ ඇරීමයි. අවසානයේ ප්‍රේක්ෂකයාට කම්මැලිකමක් හෝ රස විඳින්න බාධාවක් ඇති නෙවන විදිහේ ආකෘතියක් ඉබේම ගොඩ නැගෙනවා. මේ නාට්‍යයෙ තියෙන්නෙත් ඒ විදිහට නාට්‍යයත් එක්ක ගොඩ නැගුණු ආකෘතියක්.

මේ නාට්‍ය ආකෘතියත් මේ දක්වා අපි කරගෙන ආපු පර්යේෂණාත්මක අත්හදා බැලීම්වලම දිගුවක් වේවි.

* මෙවර ‘බුරුවා මහත්තයා’ වේදිකාවට ගෙන්න යම් විශේෂ හේතු කාරණාවක් තියෙනවද?

මේකට පදනම් වෙන්නෙ නේරු අගමැතිතුමාගේ කාලයේ ඉන්දීය පසුබිමක ගොඩ නැගුණු ඓතිහාසික කතාවක් වුණත් මේ සමකාලීන ශ්‍රීී ලාංක්ය සමාජයටත් ඒ කියන කතාව ඉතා හොඳින් ගැළපෙනවා.

බුරුවෙක් කන්තෝරුවකට ගියහම මුහුණපාන අත්දැකීම් ඇසුරෙන් ධනේශ්වර පංතිය වාසි ගන්න බූරුවෙකුව වුණත් පාවිච්චි කරනවය කියන කාරණය තමයි මෙයින් ඉස්මතු කෙරෙන්නෙ.

අදේවවාදී, සමාජවාදී අකල්ප දරපු නාට්‍ය, නවකතා, කෙටි කතා හා තිර කතා රචනා නිර්මාණය කළ නිර්මාණකරුවෙක් හැටියට ක්‍රිෂාන් චන්දර්ගේ තියුණු නිර්මාණශීලී දැක්ම මේ නිර්මාණය පුරාවටම උත්ප්‍රාසයෙන් යුතුව ගැඹුරින් සටහන් වෙලා තියෙනවා මේ තෝරා ගැනීමට ඒකත් හේතුවක්.

* මේ තෝරා ගැනීමට කලාවේ අරමුණ ගැන ඔබේ ආකල්පයත් බලපානවාද?

පැහැදිලිවම, සතුට, විනෝදය ලබන අතරෙම කලාව ඇසුරු කරන්නාට එයින් නව අත්දැකීමක්, දැක්මක්, ප්‍රඥාවේ වර්ධනයක් ඇති වෙන්න ඕන. අපේ ජීවිතය අලුත් විදිහට දකින්න අලුතෙන් හිතන්න පොළඹවන්න පුළුවන්කමක් කලා කෘතියකට තියෙන්න ඕන. අපි අද ගෙවන්නෙ වේගවත් ජීවිතයක්. කොටින්ම අපි සියල්ලෝම දඩිබිඩියේ දුවමින් ඉන්නේ. මේ විදිහට අපි දුවන්නෙ කොහාටද? ජීවිතය උදෙසාද? මරණය උදෙසාද? මෙන්න මේ ගැන කල්පනා කරන්න පෙළඹවීමක් කලාවෙන් කෙරෙන්න ඕනය කියලයි මම විශ්වාස කරන්නෙ.

* ඔබේ නාට්‍ය නිර්මාණවලට දයක වෙන්න තෝරා ගත් නිශ්චිත පිරිසකට විතරයි දොර ඇරෙන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි?

අපි හැම වෙලාවෙම අලුත් අයට අවස්ථාව දෙන්න සූදානම් වගේම කැමැත්තෙන් ඉන්නෙ. නමුත් මේ පුංචි රටේ අපේ නිර්මාණ සඳහා දායක කර ගත හැකි මට්ටමේ දක්ෂා තියෙන, ඒ වගේම කැප කිරීම් කරන්න පුළුවන්කම තියෙන පිරිස ඉතාම සීමිතයි.

මාස පහක් හයක් නොමිලේ පුහුණුවීම්වලට කී දෙනෙක් එයිද? අපි නිර්මාණයක් කරද්දී අපට තියෙන ආර්ථික හා සමාජීය ප්‍රශ්නත් එක්ක අපට බැහැ බිංදුවෙ ඉඳල යන්න. ඒ නිසා අඩුම තරමින් අපට සිද්ධ වෙනවා 50 න් වත් පටන් ගන්න. ඒකට සුදුසු අපේ මේ ගමනට පොඩි හරි හයියක් ශක්තියක් වෛන්න පුළුවන් අයව අපි එකතු කර ගන්නවා මිසක් එතන කල්ලිවාදයක් කොහෙත්ම නෑ කියන එකත් කියන්න ඕන.

* මේ නාට්‍යයේදී ඔබත් සමඟ එකතු වෙන පිරිස?

මාත් සමඟ ගිහාන් ප්‍රනාන්දු, මාදනී මල්වත්තගේ, සරත් චන්ද්‍රසිරි, අජිත් ලොකුගේ, සුසිල් වික්‍රමසිංහ, නිමල් යටිවැල්ල, මාලි ජයවීර රංගනයෙනුත්, රංග සමරකෝන් රංගාලෝකරණයෙනුත්, ස්විනීතා පෙරේරා රංග වස්ත්‍ර නිර්මාණයෙනුත්, උපාලි හේරත් රංග භූ®මි අලංකරණයෙනුත්, ජගත් පද්මසිරි අංග රචනයෙනුත්, චන්දන නිශාන්ත වේදිකා පරිපාලනයෙනුත් දායක වෙනවා. නර්තන වින්‍යාසය රවි බන්දු විද්‍යාපති. සංගීතය ප්‍රදීප් මුතුකුඩආරච්චි, උදේනි අල්විස් ඇතුළු අසූවේ කණ්ඩායම තමයි මෙවරත් නාට්‍ය ඉදිරිපත් කරන්නෙ.

* මේ වගේ පිරිසක් තමන්ගේ නිර්මාණ කාර්ය වෙනුවෙන් හැඩ ගස්වන අතරතුරේම ඔබත් එහි භූමිකාවක් බවට පත්වීම කියන සුවිශේෂී තත්ත්වයත් එක්ක ඔබ ගනුදෙනු කරන්නෙ මොන විදිහටද?

එක නම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් මම මුලින්ම නළුවෙක්. නිර්මාණකරුවෙක් වෙන්නෙ දෙවනුව. මේ නිසා නළු වෘත්තියේ තියෙන ආශ්වාදයට නාට්‍යයක රඟපෑමෙන් ලබන තෘප්තියට මම ගොඩක් කැමැතියි. නමුත් අපේ වගේ් රටක රඟපෑම කියන අමාරුම කාර්යයට ඉන්නෙ ඉතාම සීමිත පිරිසක්. ඒ සීමිත පිරිසෙන් එක් කෙනෙක් මම කියලයි මම විශ්වාස කරන්නෙ.

යම් චරිතයක් ක්‍රමානුකූ®ලව අවශ්‍ය පරිදි ගොඩ නැගීමේ හැකියාව මට තියෙනවය කියලත් මම විශ්වාස කරනවා. මේ නිසා මුලින් මම රඟපාන්නෙ නැතුව අධ්‍යක්ෂණය විතරක් කරනවය කියලා හිතාගෙන පටන් ගන්න නාට්‍යයක වුණත් දවස් කිහිපයක් පුහුණුවීම් ඉදිරියට යද්දී මට හිතෙන්න ගන්නවා අපරාදේ රඟපාන්න හැකියාව තියෙද්දිත් මමත් මේකේ චරිතයක් නොකරන්නෙ කියලා.

ඊට පස්සේ දවස් කිහිපයක් යද්දී ඉබේම මමත් මගේ නාට්‍ය තුළ නළුවෙක් බවට පත් වෙලා. එහෙම වුණාට පස්සේ හරියට ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් බැටිං, බෝලිං, කීපිං කියන ප්‍රධාන කාර්ය භාරයන්ගෙන් එකක් කරමින්ම කණ්ඩායමක් නිවැරැදි අවසානයක් කරා ක්‍රමානුකූ®ලව මෙහෙය වනවා වගේ මෙහෙයවීමයි කරන්නේ.

නමුත් මගේ නාට්‍යයේ මමත් නළුවෙක් විදිහට රඟපාද්දී අනිත් නළුවො හරියට රඟපානවද, සංගීතය හරියට එනවද, අවශ්‍ය කරන දේවල් වේදිකාවේ හරියට ස්ථානගත කරලා තියනවාද වගේ දේවල් ගැන හිත හිතා ඉන්න පුළුවන්කමක් නෑ.

මම ඒ දේවල් ගැන හිතමින් ඒ බැරෑරුම් මුහුණ ප්‍රේක්ෂකයා හමුවේ පෙන්නන්නෙ නැතුව, අඩුපාඩු හෝ වෙනත් හේතු නිසා නාට්‍යයේ මම රඟපාන අතරතුර මට මොන තරම් කෙන්තියක් ගියත්, නිවැරැදි සාත්වික අභිනයෙන් මගේ භූ®මිකාව හරියට කරලා නළුවෙක් හැටියට කරන සහ කළ යුතු රඟපෑම හරියට කළාට පස්සෙ තිරය පිටුපසට ගිහිල්ලා අවශ්‍ය නිවැරැදි කිරීමක් හෝ මඟ පෙන්වීමක් කරනවා. නාට්‍ය කලාවේ එදා සිට පැවතෙන අවධානය සහ අවධාරණය කියන ගුණාංග මේ වගේ වෙලාවට අපේ පිහිට එනවා කියලයි මට හිතෙන්නේ.

* මේ නවතම නාට්‍ය ප්‍රේක්ෂකයාට වැදගත් වෙන්නෙ මොන විදිහටද?

මේක එක පැත්තකින් ගුණතිලක මැටියගනේ ගේ ඉතා ප්‍රශස්ත පරිවර්තනයක්. අනිත් පැත්තෙන් නවකතාවක් වේදිකා නාට්‍යයක් බවට පත්වන සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා රසිකයන් මේ නවකතාව කියවීම හා ඒ මතින් ගොඩ නැගුණු ‘බූරුවා මහත්තයා’ නාට්‍යය නැරැඹීමෙන් ඛේද සුඛාන්ත නාට්‍යයක නවමු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ අත්දැකීම විඳගන්න අපත් එක්ක එකතු වෙන්නය කියලා නාට්‍යය රසිකයන්ට ආරාධනා කරනවා.

READ MORE - බූරුවා මහත්තයා කැටුව එන මනෝ

මනීෂා නංගියේ අපි ඔයාට ආදරෙයි

අනේ මිනිසුනේ අපි මනීෂාට පිහිට වෙමු
රැපියලකින් හරි කමක් නෑ - Lanka art Diary

































Bank Account Number
C. N. T Hettiarachchi
0750-20054966
HNB (Buththala)

Tel - 0728400501


READ MORE - මනීෂා නංගියේ අපි ඔයාට ආදරෙයි

මේනකාට මන්තී‍්‍රවරයෙකුගෙන් බලපෑම් ?

Saturday, March 12, 2011

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශය වන ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ තරගකාරියක ලෙස නර්තනයේ යෙදෙන මේනකා මධුවන්ති ඉන් ඉවත්කරන ලෙස ප‍්‍රාදේශීය දේශපාලඥයකුගෙන් බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප විටක් උත්සාහ කළ ද ඔහු රැස්වීමකට සහභාගි වී ඇති බව ඔහුගේ ලේකම්වරිය පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂවරයා දැනුවත් කර පිළිතුරක් සැපයීමට ලේකම්වරිය එකඟවුවද පුවත පළ කරන අවස්ථාව දක්වා ඊට පිළිතුරක් නොලැබිණි.

කෙසේවුවද නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ මේ වන විට මේනකා සෙසු නර්තන ශීල්පිනියන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි.

මේ වනවිට ස්වර්ණවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස ද සේවය කරන ඇය සිරස නාලිකාවේ ඩාන්සින් ස්ටාර් - 2 වැසටහනින් ජනපි‍්‍රයත්වයට පත් විය.

ප‍්‍රදීප් රත්නායක විසින් අධ්‍යක්‍ෂණය කළ මේ දිනවල සිරස නාලිකාවෙන් විකාශයවන ‘පූජා’ ටෙලිනාට්‍ය සඳහාද මේනකා රංගනයෙන් දායක වී සිටී.

Menaka Maduwanthi

http://s4.hubimg.com/u/3269879.jpg
























Copy Rights - Sri Lanka Mirror



READ MORE - මේනකාට මන්තී‍්‍රවරයෙකුගෙන් බලපෑම් ?

පොත්පත් ඩොට්කොම්

“කියවීම, මිනිසා සම්පූර්ණ කරයි” යන්න අර්ථ ගැන්වීම සඳහාද කාර්ය බහුල වටාපිටාව තුල වුවද පහසුවෙන්, ලෝකයේ ඹ්නෑම අන්තයක සිට, ඹ්නෑම මොහොතක සිංහළ මාධ්‍යයේ පාඨකයන්ට, කියවීමට අවස්ථා ගොඩනැංවීමත් සිංහළ පොත්පත් ලබා ගැනීමට අපහසු පිරිස් වෙත ඒවා ලබාගැනීමට මංපෙත් විවර කිරීමත් ඔවුන් ඊ-කියවීම (e-reading) හා ඊ-පොත් (e-book) යන සංකල්ප වෙත හුරු කිරීමත් පොත්පත් සම්බන්ධ විවිධ සේවා එකම ස්ථානයකින් සිදුකර ගැනීමේ පහසුකම් (One Stop Shop) ලබාදීමත් පොත්පත් ඩොට්කොම්’හි (pothpath.com) මෙහෙවරයි.

http://www.pothpath.com/
http://www.pothpath.com/images/events/publish.jpg

http://www.pothpath.com/images/events/100mini%20library.jpg

Contact Us

PO BOX. 2249,

COLOMBO, SRI LANKA.

READ MORE - පොත්පත් ඩොට්කොම්