----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිනමා ශාලා ධර්මශාලා බවට පත්වීමේ ආශ්චර්යය

Friday, April 18, 2014

මම මේ කළේ මහා පිංකමක්‌.කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්‌. මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර.මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්ම ශාලා බවට පත්වෙනවා.එවිට මේ ප්‍රේක්‍ෂකයෝ චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට එන්නේ ශ්‍රද්ධාව හිතේ ඇතිව. දළදා වහන්සේ කෙරෙහි අනේක වාරයක්‌ දැනුවත් වෙලා.

පැය දෙකකදී දළදා වහන්සේගේ ඓතිහාසික තොරතුරු නිර්මාණයක්‌ තුළින් මම ප්‍රදර්ශනය කරනවා. ඉතින් මම අපේ රටේ ප්‍රේ්ක්‍ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා.මේ චිත්‍රපටය නියම ගැමි සිංහලයෙක්‌ ලෙස බලන්න කියා.ඒකට හේතුව තමයි දළදා වහන්සේ කියන්නේ අපේ රටේ නිල නොලත් රජු ලෙසයි ගරු කරන්නේ.දළදා වහන්සේ ගැන ඇස්‌ දෙක වසාගෙන හිතුවත් පිං රැස්‌ වෙනවා.එහෙම නම් මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්‌ෂකයාට මොන තරම් නම් පිං රැස්‌කර ගන්න පුළුවන්ද.

---අධ්‍යක්‍ෂ- සිරි දළදා ගමනය

සිනමා අධ්‍යක්‍ෂවරයෙක් සතු දැණුම සිරි දළදා ගමනය අධ්‍යක්‍ෂවරයාගේ ඉහත සඳහන් ප‍්‍රකාශය තුලින් මැනවින් විග‍්‍රහ වේ. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදාමාලිගාවේ තැන්පපත් කිරීමෙන් පසුව මේ රටේ සුවහසක් ශ‍්‍රීලාංකිකයෝ මේ දන්තධාතූන් වහන්සේ ප‍්‍රදර්ශණය කරන කාලසීමාවන් වළදී වැළ නොකැඞී මෙය නරඹන්නට එන්නේ බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් විය යුතුය. මේ රටේ මේ වනවිටත් සිංහල බෞද්ධ ජනතාව මහනුවර දළදා මාලිිගාවෙන් මෙම දළදා වහන්සේ වැඳපුදාගෙන ඇතුවාට කිසිම සැකයක් නැත.

මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා දළදා වහන්සේ සිනමා ශාලා 50කට රැගෙන විත් තිබෙනවානම් ඒසිනමා පටයකින් මිස සැබැ දළදා වහන්සේ නෙවේ. ඉතින් මේ පිං ලබාගන්නට ජනතාව පොළඹවන්නේ මුදල් ගැරීමේ අපෙක්‍ෂාවෙන් මිසක සැබැ උවමනාවකින් නොවේ. මෙවැනි ගොං කතා කියා ජනතා රවටා බොරු භක්තියක් මවා පා මුදල් ගසා කැම මහත් ඵල මහා ආනිශංස නොව මහා පව්කාරකමකි.

ගැමි සිංහලයන් ගොනාට අන්දවන්නට මෙවැනි ප‍්‍රකාශ කළාට සිරි දළදාගමනය මේ රටේ ජනතාවගේ ගැමියන්ගේ සිංහල බෞද්ධකම රවටාලීමකි.

එක් ෆේස්බුක් සහෘදයෙකු විමසා තිබුනේ" බයිස්කෝප් මඩු ඉස්සරහ මල් වට්ටි විකිණීම/කොට ගවුම් ඇඳගෙන එන නැටිච්චියන්ට යටට ඇඳගන්න චීත්ත කෑලි කුලියට දීම/සෙරෙප්පුල සපත්තු පොඩි ගානක් අරං ආරස්සා කොරල දීම වගේ අමතර මාකටිං වැඩ කරල බයිස්කෝප්කාරයන්ට ගතමනාවක් හොයාගන්න වෙයි බොලල්ලා....ඕවැයි ඇතුළෙ තියෙන බාර් එහෙම වහන්න වෙන හංද.....ඇයි හිනා වෙන්නෙ.....දළදාවහන්සෙ වඩම්මද්දි බයිස්කෝප් මඩු ඇතුළෙ තියෙන බාර් වහන්නැද්ද....හික්ස්....හිකිස්...


බුදුන් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ මේ අධ්‍යක්‍ෂවරයා විිසින් සිනමා හෝල් 50කට කැන්දා ඇවිත් ඇති බැවින් මේ සිනමා ශාලා ධර්මශාලා බවට පත්වීම හේතුවෙන් මේ පාඨකයා විසින් කරන ලද ප‍්‍රකාශය විහිලූවක් ලෙස ගත හැකි නොවේ.

විවිධ බෞද්ධ සංවිධාන මේ පිළිබඳව වහා සිය අවධානය යොමුකළ යුතුව ඇත.

මේ තවත් ෆේස්බුක් පාඨක ප‍්‍රතිචාරයකි.

පින්වත් සනත් අබේසේකර මයා වෙත.
ඔබ විසින් නිමවන ලද'සිරි දළදා ගමනය'චිත්‍රපටය පිළිබඳවත් ඒ පිළීබඳව ඔබගේ ප්‍රකාශයනුත් මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය මයා විසින් ෆේස්බුක් සටහනක් ලෙස පළකල තිබී කියවීමි.
මෙවන් සද්කාර්යයක් කිරීමට, විශේෂයෙන් මෙවන් ග්‍රාම්‍ය වූත්, සරල හා නිරවුල් වූත් අවබෝධයකින්, දෙව්ලෝ සැප සම්පත් පතා, මෙවන් සද් කාර්යයක් කිරීමට වුවමනාව හා උනන්දුව මතු නොව, ඒ චින්තාව සාක්ෂාත් කරගැනීමේත් වරම ලැබුවකු අප අතර සිටීම පිළිබඳව අපේ නෙත් අගටත් කඳුලක් නැගෙයි.

ඒ අතරම සිතුනේ මේ නම් මේ උත්තම සිනමා සිත්තම, සිනමා හල්වලට සීමා කර දමා ඔබේ පින් කුසල් රැස්කර ගැනීමේ අවස්ථාවන් සීමා කර ගතයුතු කාලයක් නොවන බවයි.

මහත්මයාණනි, මේ වනවිට තුත්තුකුඩියේ සිට ග්‍රීන් ලන්තයේ හුදකලාම කෙළවරක පිහිටි නියාකොනැට් දක්වාම විහිදුනු අන්තර්ජාල සබදතාවලින් මිනිස් සංහතියම එකට බැඳී තිවේ.මේ මහා මිනිස් බුරුත්ත වෙතම,උන්ගේ ගෙවල්වල පරිඝණක තිර මතට, ලැප්ටොප්, ටැබ්ලට්, අයි ෆෝ, අයිපෑඩ් ආදී නානා ප්‍රකාර නම් වලින් හැඳින්වෙන යන්තර තිර මතට මහානුභාව සම්පන්න දළදා හාමුදුරුවන් වැඩම වීමේ භාග්‍යයත් ඔබට තිබේ.

කරන්න තියෙන්නේ චිත්‍රපටියේ කොපියක් යූ ටියුබ් එකට ‍හෝ වෙන යම් ටියුබ් එකක දමා ෆේස් බුක් එකේ ලින්ක් එකක් දැමීමම විතරය.
මේ ටික කිරීම නම් මට සිතෙන පරිදි නිරනුමානයෙන්ම මතු බුදුවන වරම් ලබන තරමේ පිනකි. මේ ගැනත් සලකා බලත්වායි අයදිමින් නවතිමි.

මේ සනත් අබේසේකර ගේ ආශ්චර්යමත් ප‍්‍රකාශයන්ය.

දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා, පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක්‌ කළා. ඒත් එදා රෑ නින්දේදී කිසියම් අදෘශ්‍යමාන බලවේගයක්‌ ඇවිත් සිහිනෙන් වගේ ,මේක කරන්න දෙන්න බෑ.....කියා කිව්වා. මම පසුදාම පූජ්‍ය එල්ලාවල හාමුදුරුවන්ට මේ බව කිව්වා.උන්වහන්සේ උපදෙස්‌ දුන්නා, ආයෙත් දළදා මාලිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්‌ද වූ වරද කියා අහන්න කියලා. එදායින් පසුව හැම සිද්ධියක්‌ම ආශ්චර්යයක්‌ වගේ. හිතාගන්න බැරි විදිහට මට දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක්‌ ලැබුණා.මම දඹදිව ගියා, එතනදී තවත් ආශ්චර්යයක්‌ වුණා.ස්‌විට්‌සර්ලන්්තයේ මහත්මයෙක්‌ එහිදී මට හමුවුණා.ඔහු හිමාලයට යමින් හිටියේ.ඔහු මා සමග කතා කළා. දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්‌ථාන සියල්ලම නරඹන්න ඔහු ඔහුගේ වියදමෙන් මාව ගෙන ගියා.මට කන්න බොන්න දීලා නවාතැන් පහසුකම් පවා සලසා දුන්නා.මේ ගමනේදී මට ධාතු වංශයේ තිබූ සියලුම තොරතුරු හා ස්‌ථාන දැක බලාගත හැකි වුණා.බ්‍රහ්මදත්ත මාලිගාව මම දැක්‌කා. එහි ඡායාරූප අරගෙන ඇවිත් මිහින්තලේ දී ඒ මාලිගාව මම හැදුවා.මම යළිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් මට පිංවන්ත නිෂ්පාදකයෙක්‌ ලැබේවා කියා ප්‍රාර්ථනා කළා.එදාට පසුදා මට අරලියගහ මන්දිරයට යන්න සිදු වුණා.

මම බලාපොරොත්තු වුණා පිංවන්ත නළු නිළි පිරිසක්‌.අපිට එහෙම අය සොයා ගැනීම අපහසුනේ.ඒත් චිත්‍රපටය කෙරෙන කාලය තුළදී ඒ සඳහා පේවෙලා දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න හැම කෙනෙක්‌ම එකඟ වුණා.

ජීවන් කුමාරතුංගmගීතා කුමාරසිංහල, ශ්‍රියන්ත මෙන්ඩිස්‌ල, මාක්‌ සැම්සන් වැනි ප්‍රවීණයෝත් බොහෝ් සේ කැපවුණා.හැම කෙනෙක්‌ම තමන්ට හිමි දේ කළා.

මෙවැනි ප‍්‍රකාශ පුවත් පත් තුළින් පළවීමෙන් පසු මේවා කියවන පාඨකයන් පවසනා දේවල් අසන්නට හැකිනම් කොතරම් වටිනාවාද යන්න මේ සිනමා පටයේ අධ්‍යක්‍ෂවරයාට තේරුම් ගත හැකිවනු ඇත.

'මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා.මේ චිත්‍රපටය නියම ගැමි සිංහලයෙක්‌ ලෙස බලන්න' කියා අධ්‍යක්‍ෂවරයා ඉල්ලා .ිබිණ. මේ නිසා වන්නට ඇත පහත සඳහන් ප‍්‍රතිචාර මේ ආකාරයෙන් ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබුනේ .

'ඊයේ මම දැක්කා ලිබර්ටි සිනමා අසළ කොල්ලුපිටියේ සුදු වතින් සැරසුණු උපාසකම්මලා මේ දහා ජරා ඉතිහාස විකෘතිය බලන්න පෝලිමේ . මේ රටට දේශප්‍රේමයේ නාමයෙන් කර ඇති විනාසය කොපමනද කියා මූගේ මේ කතාවෙන්ම සක්සුදක් සේ පේනවා .අනේ මේ උපාසකම්මලා අර රීගල් එකේ තිබෙන' සැමීගේ කතාව' බැළුවා නම් දුකක් නෑ.ගෑණුන්ට ගහන ගංජා උරන මදු මාධව හාමුදුරු නමක් වගේ ඇඳන් .විපක්ශයේ එකෙක් එහෙම හිටියා නම් මේ ඡන්දේ කාලේ චිත්‍රපටය තහනම් .

මේ සිනමා නිර්මාණයේ ගීතා ක-මාරසිංහ සහ මධුමාධව අරවින්දද රංගනයේ යෙදෙති. මේ දෙදෙනාම මෙවර පලාත්සභා ජන්දයේ තරග කරති. මේ අය මෙසේ සිනමා ශාලාවල ඉන්නා විට අනාර්කලී දැරිවිය ස්වර්ණවාහිනී වෙළඳ දැන්වීමක නිතරෝම පේනනට සිටින්නේ මොකද්ද ඇහුවොත් සල්ලි තමා කියමිණි.

සිරි දළදා ගමනය ට ආශ්චර්යමත් ලෙස නිසෂ්පාදකයන්ද නළු නිලියන්ද සියල්ලට ලැබී ඇත. ඒ නිසා මෙය මේ වනවිට කොළඹ ඇතුළු සිනමාශාලා 50ක ප‍්‍රදර්ශණය වෙමින් පතී. මෙය අනිවාර්්යයයෙන්ම වෙසක් පෝය කලාය අහවර වී පොසොන් පෝය ලබන තුරුද ප‍්‍රදර්ශණය වනු ඇත. සමහරවිට දළදා පෙරහැර කරණ අගෝස්තු මාසය වනතතරුද මේ සිනමාශාලා වල ප‍්‍රදර්ශණය වනු ඇත. මේ රටේ සිනමාව යනුවෙන් වර්ධනය වෙමින් පවතින මේ ආකාරයේ ප්‍රෝඩාකාරී සිනමාව ට තිත තැබිය යුතුය. මේ අධ්‍යක්‍ෂවරයා මේ වනවිට අනගාරික ධර්මපාල කතා වස්තුවද නිර්මාණය කොට අහවරය. එය මේ වනවිට අරලිය ගහමන්දිරයේ අධීක්‍ෂණයට හසුෙමින් පවතින බවද දැනගන්නට ලැබී ඇත. කෙසේවුවද මේ සිනමා රැල්ල වහාම වෙනත් දිශානතියකට හරවා මේ රටේ සිනමා පේ‍්‍රක්‍ෂකයන් ගොනාට ඇන්දවීම වහාම වෙනස් කළ යුතුව ඇත .

'මගේ මූලික හරය තමයිල දළදා වහන්සේගේ ආශ්චර්යය රටට ප්‍රකාශ කිරීම.මේ චිත්‍රපටය නැරැඹීමෙන් මිනිස්‌ හදවත් ශ්‍රද්ධාවටත්ල ආනන්දයෙන් ප්‍රඥවටත් පත්වේවි කියා මට විශ්වාසයි.රාග, ද්වේශ, මෝහ අවුස්‌සන රංගනයන් සහ නිර්මාණ ඉදිරිපත් කළොත් එය කල්ප ගණනාවක්‌ සතර අපායේ දුක්‌ විඳින්න හේතුවක්‌ වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ වගේම කිසියම් නිර්මාණයකින් ශ්‍රද්ධාවත්ල ආනන්දය හා ප්‍රඥවත් ලබා දෙනවා නම් ඒ නිර්මාණකරුවන් කල්ප ගණනක්‌ දිව්‍ය ලෝකයේ සැප විඳිනවා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඒ අනුව මම මේ කළේ මහා පිංකමක්‌.කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්'.

මේ වනවිට ලංකාවේ රහත් බව ලැබිය හැකි පාඨමාලා ආරම්භ වී තිබෙන බව දැනගන්නට ලැබී ඇත. ඒ පිටිදූවේ සිරිධම්ම හාමුදරුවෝ ගේ ප‍්‍රධානත්වයෙනි. ඒ අතර දළදා වහන්සේ සිනමා ශාලා වලට වඩම්මා ඒවාධර්මශාලා බවට පත්කර තිබේ. තව ටික කලකින් ශ‍්‍රී පාදස්ථානයේ සිරිපතුල ද සිනමාශාලාවල්වලට වඩම්මනු නොඅනුමානය. එවිට සමනළ කන්ද තරණය කර මහන්සි විය යුතු වන්නේද නැත.

ආශ්චර්ය නම් සියල්ල විනාඩි වලින් මනින රටක් බවට සියල්ල පත්වීමය. මන්ද දැන් අධිවේගී මාර්ක සැම තැනම ඉදිවෙන බැවින් ඒවා යෙහි දුර පවස්නන්ට සැතපුම් අනවශයය. ගැමි වහරින් හූ වක දුර අසන්නට උවමනාවක් නැත. ඇසිය යුත්තේ විනාඩි කීයද පැය කීයද යන්න පමණි. සංවර්ධනය වූ රටවල පාරක දුර අසන්නේ විනාඩි වළිනි. ඉතින් නුදුරේදිම දළදා වඳින්න යන්න ඕනේ මොන හෝල් එකටද? සිරිපතුල වඳින්න යන්නෙ ඕනෙ මොන හෝල් එකටද ආදී වශයෙන් ඇසීමට ඔබට සිදුවනු ඇත. මේ ආශ්චර්යකරා පිය මණින ශ‍්‍රී ලංකාවේ දියුණුවයි. තව මොනවා ඉදිරියට සිදුවේද යන්න දන්නේ අර විකාර හීනෙන් පේන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන්ටමය.

මෙවන් ප‍්‍රකාශ තුළින් මේ සිනමා අධ්‍යක්‍ෂවරයා හඳුනාගගැනීමටත් ඔහුගේ නිර්මාණ හඳුනාගැනීමටත් අපි බුද්ධිමත් පාඨකයිින්ට ආරාධනා කරමු.

http://mirrorarts.lk/

1 comments:

sarath said...

Great!

Post a Comment