----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මගේ ජීවිතය වෙනස් කළේ SB

Friday, November 15, 2013

මගේ ජීවිතය වෙනස් කළේ SB

බර්ලුස්කෝනිගේ සුරතලියක් කියයි

ලෝකප්‍රකට නායකයෝ තහනම් අඩවි වෙත පිවිස තහනම් ගෙඩි කෑහ. ඉන් එක් අයකු වූ ඉතාලියේ හිටපු අගමැති හා කෝටිපති සිල්වියෝ බර්ලුස්කෝනිගේ කෙරුම් ගැන ලියැවෙන ලිපි පෙළක තෙවැන්නයි මේ.
ඉතාලි සම්භවයක් ඇති මාරියා බෙලේන් රොඩ්‍රිගුරයස් කොසානි නර්තන හා නිරූපණ ශිල්පිනියක, ගායිකාවක , නිළියක හා රූපවාහිනී ශිල්පිනියක වූ අතර ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී ඇය උපන්නේ 1984 සැප්තැම්බර් 20 දාය. ආර්ජන්ටිනාවෙන් ඉතාලියට ආ සුරූපී මාරියා ඉතාලියේ ප්‍රකට නිළියක බවට පත්වූවාය.
සිල්වියෝ බර්ලුස්කෝනිගේ මන්දිරයක ඇය එක් රැයක් හෝ ගෙවූ බව පැවසෙයි. එහෙත් බර්ලුස්කෝනි තම මිතුරකුට පවසා තිබුණේ තමන් ඇයව තම යහනට නංවා නොගත්තේ ඇය තමන් සතු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ පෙම්වතිය වූ නිසාය කියායි.
බර්ලුස්කෝනිගේ මන්දිරයන්හි සෑම රැයකම පාහේ සාද පැවැත්විණි. ඒවාට ඔහුගේ ධනපති මිතුරන් සහභාගි වූ අතර ඔවුන් පිනවීමට ඉතාලියේ හා විවිධ රටවල සුරූපිනියන් ගෙන්වීම ද බර්ලුස්කෝනිගේ පුරුද්දක් විය. බොහෝ විට ඔහුගේ පෙම්වතියන් බවට පත්වුයේ ද එසේ පැමිණි සුරූපිනියන්ය. දේශපාලන බලය මෙන්ම මාධ්‍යයන් ගේ බලය ද බර්ලුස්කෝනිට තිබිණි. රූපවාහිනී ආයතන ඔහු සතු වූයේය. එහෙයින් මාධ්‍ය ලෝකයේ හා දේශපාලන ලෝකයේ දුර ගමන් යාමට මේ සුරූපිනියන් බර්ලුස්කෝනි ගේ සුරතලියන් වන්නට ඇත.
සබීනා බෙගෙනවික් යන නම ද බර්ලුස්කෝනිගේ නම හා පැටලු‍ණකි. බොස්නියා සම්භවයක් සහිත වූ ජර්මන් පුරවැසිභාවය ලැබූ ඇය ජීවත්වූයේ ඉතාලියේය. ඇගේ එක් පාදයක වළලුකරේ සමනලයකුගේ රුවක් සමඟ මෙම වැකිය පච්චා කොටා ති‍බිණි. “මගේ ජීවිතය වෙනස් කළ පුද්ගලයා එස්.බී‍” ස්කයි ඉටලියා යන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ වැඩ සටහනකදී සබිනා පැවසූවේ එම පච්චයේ එස්.බී. යන අකුරුවලින් හැඟවෙන්නේ සිල්වියෝ බර්ලුස්කෝනි යන්න බවයි. සබිනා බර්ලුස්කෝනිගේ ‘බුන්ගා බුන්ගා’ සාදවලට නිතර සහභාගි වූ තැනැත්තියකි.
2012 දී අත්අඩංගුවට ගැනුණු ගියම්පැඕලෝ ටරන්ටිනිට නැඟී තිබූ එක් චෝදනාවක් වූයේ හිටපු අගමැති ගේ සාදවලට ගායිකාවන් හා සුරූපිනියන් සැපයීමයි. තමාගේ එම කටයුතුවලට සබිනාගේ උදව් උපකාර ලැබුණු බව ඔහු පැවසුවේය.
“මම බර්ලුස්කෝනිට හුඟාක් ආදරෙයි” සබිනා වරෙක පවසා තිබිණි. “මට එයාගෙන් දරුවකු අවශ්‍යයි”
ඇය එසේ කීවේ 2012 මැයි මාසයේ දී ය. ඊට මාස තුනකට පසු ඇය පැවසුවේ මෙවැන්නකි.
“මම සිල්වියෝ නිසා ගැබ් ගත්තා. මම ඔහුගේ දරුවකුට උපත ලබා දීමේ ආසාවෙනුයි හිටියේ. ඒත් අවාසනාවකට ගබ්සාවක් සිදුවුණා.
ඇය පැවසූයේ සත්‍යයක් ද යන්න ඇයම මිස අන් කිසිවකු දන්නේ නැත.
අගමැති ධූරයෙන් පහ කෙරුණායින් අනතුරුව සිල්වියෝ බර්ලුස්කෝනිගේ මන්දිරයන්හි පැවැත්වුණ ‘බුන්ගා බුන්ගා’ සාද පිළිබඳ නඩු විභාගයක් ද සිදුකෙරිණි. අධිකරණයේ දී හෙළිවුයේ එම සාදවලදී බර්ලුස්කෝනි අඩුම තරමින් සුරූපිනියන් 34 දෙනකු තම යහනට නංවා ගෙන ඇති බවයි. සිය ජීවිතයේ මුල් දශක හය හත සාමාන්‍ය ආකාරයට ගත කළ සිල්වියෝ ඉන්පසු මහලු වියේ දී එකවර අධි කාමභෝගී ජීවිතයකට යොමු වූ‍ෙය් මන්ද?
තම දෙවැනි බිරිය වෙරෝනිකා ලැරියෝගෙන් නීත්‍යානුකූලව වෙන්වීමෙන් අනතුරුව බර්ලුස්කෝනි පැවසුවේ තමන්ට ස්ථිර පෙම්වතියක සිටිනවා කියාය. එහෙත් ඔහු එම පෙම්වතියගේ නම හෙළිදරව් කළේ නැත. එහෙයින්ම විවිධ කටකතා පැතිරිණි. මාධ්‍යය ද බර්ලුස්කෝනිගේ නිත්‍ය පෙම්වතිය කවුරුන්දැයි සොයා බලන්නට අපමණ වෙහෙසක් දැරුවේය. අවසානයේ මාධ්‍ය ප්‍රකාශ කළේ එම පෙම්වතිය අන් කවරකුවත් නොව ඉතාලියේ ටියුරින් හි උපත ලැබූ රොබර්ටා බොනාසියා කියාය. ඉතාලි රූ රැජන තරගයට සහභාගි වූ රොබර්ටා කිසි විටෙක තමන් බර්ලුස්කෝනිගේ පෙම්වතියය යන්න පිළිගත්තේ හෝ ප්‍රතික්ෂේප කළේ නැත. 2011 වසරේ මාස ගණනක් ඇගේ නම පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයන්ට එක්වූ නමුත් ඇය කිසි විටෙක ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවට බර්ලුස්කෝනි සමඟ පැමිණියේ නැත. අවසානයේ බර්ලුස්කෝනිගේ නිත්‍ය පෙම්වතිය ෆ්‍රැන්සෙස්කා පැස්කාලේ යැයි පැවසෙන විට සියලු දෙනාට රොබර්ටා අමතකව ගියේය.
බර්ලුස්කෝනිගේ පෙම්වතියන්ගේ නම් ලැයිස්තුව ඉතා දීර්ඝ වූවකි. එවෙලිනා කාර්මෙලා රෝමයේ උපන්නියක වන අතර ප්‍රකට වූයේ රූපවාහිනී නිළියක ලෙසිනි. ඇයට ප්‍රධාන චරිත ලබා දෙන ලෙස දුරකථනයෙන් බර්ලුස්කෝනි විවිධ රූපවාහිනී මාලා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකවරුන්ට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව ඉතාලි පොලිසිය පවසයි. ඔවුන් එම දුරකථන සංවාද කිහිපයක් පටිගත කර අධිකරණයට ද ඉදිරිපත් කර තිබිණි.
ඇමෙරිකාවේ ප්‍රකට ‘ප්ලේ බෝයි’ සඟරාවට උඩුකය නිරුවත් ඡායාරූප ලබා දුන් ‍එවෙලිනා එම ඡායාරූප සමඟ පළ වූ සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණේ බර්ලුස්කෝනිට සත්‍ය වශයෙන් ම හදපත්ලෙන්ම ආදරය කරන්නේ තමාය කියායි.
බර්ලුස්කෝනි සිය දේශපාලන කටයුතුවලට ද කාන්තාවන් හා ඔවුන්ගේ රූමත් බව ඈඳා ගත්තේය. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු හා විවාහ වී සිටි ඩැනියෙලා සැන්ටාන් චේ හා බර්ලුස්කෝනි අතර පෙම් සබඳතාවක් තිබූ බවක් කිසි විටෙක පැවසෙන්නේ නැත. ඇය බර්ලුස්කෝනිගේ පක්ෂය නියෝජනය කළ ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූවාය. රූපවාහිනී වැඩ සටහන් බොහොමයට සහභාගි වෙමින් ඇය බර්ලුස්කෝනි ආරක්ෂා කරමින් අදහස් දැක්වූවාය. වරෙක බර්ලුස්කෝනි තම පක්ෂයේ මන්ත්‍රීවරියන් ගැන කීවේ මෙ‍වැන්නකි.
“අපේ පක්ෂයේ කාන්තාවන් රූමතියන්. විරුද්ධ පක්ෂයට කිසිම රසඥතාවක් නැහැ. අඩු තරමින් කාන්තාවන්ගේ රූමත් බව විඳින්නවත් ඔවුන් දන්නේ නැහැ. ජනතාව ඩැනියෙලා සන්ටන්චේට ඡන්දය දුන්නේ ඇයට සුන්දර තට්ටම් යුගලක් හිමි නිසා...”
බර්ලුස්කෝනිගේ සාදවලට සහභාගි වූ රූමතියන්ට ඉතා වටිනා තිළිණ මුදල් හා දේශපාලනමය වරප්‍රසාදද හිමිවූ බව මේ වන විට හෙළි වී තිබේ. 2010 සැප්තැම්බරයේ රැයක පැවැති ‘බුන්ගා බුන්ගා’ සාදයකට සහභාගි වූ ෆ්‍රැන්සෙස්කා සිප්‍රියානි ඩිඅල්ටෝරියෝ තම මිතුරියකට යැවූ එස්.එම්.එස් පණිවුඩයක සඳහන්ව තිබුණේ ඇය බර්ලුස්කෝනි වෙතින් ලැබූ තිළිණ පිළිබඳව.
“ඔහු මට රත්තරන් අත් පලඳනාවක් දුන්නා. හැම කෙල්ලකටම යූරෝ දෙදහස ගණනේ ගෙව්වා.”
පසු කලෙක ෆ්‍රැන්සෙස්කා පිළිගත්තේ බර්ලුස්කෝනි ප්‍රකට හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝපෙස් ගේ පියයුරුවලට ප්‍රිය කළ හෙයින් තමාද ඒ හා සමාන පියයුරු ලබා ගනු පිණිස ප්ලාස්ටික් සැත්කමකට භාජන වූ බවයි. එහෙත් එම සැත්කමින් නිසි හැඩයේ පියයුරු ලබා ගත නොහැකි වූ නිසා ඇය ප්ලාස්ටික් ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගෙන් යූරෝ ලක්ෂ 150ක් වන්දි ඉල්ලා නඩු පැවරුවාය.
අවසන් කොටස ලබන සතියේ

0 comments:

Post a Comment