----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා

Friday, November 15, 2013

‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා

- ගයේෂා පෙරේරා
සංජීව පුෂ්පකුමාරගේ ෆ්ලයිං ෆිෂ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැව්වේ ගයේෂා පෙරේරායි. ඇය අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන සහ එම චිත්‍රපටය පිළිබඳ පුවත්පත් ලිපියක් ගන්න ගයේෂාව අප ඇමතුවා.
හෙලෝ ගයේෂා?
ඔව්, කතා කරනවා.
‘සරසවිය’ පත්තරෙන් කතා කරන්නේ.
ආ . . . කියන්න.
අපි මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .
මේ මේ මේ ෆ්ලයිං ෆිෂ් ඇරෙන්න ඕන දෙයක් ගැන අහන්න.
නෑ, මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .
මම දැන් සැරයක් කිව්වනේ, මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. ප්ලීස් ඒ ගැන අහන්න එපා.
එහෙනම් අපි ඒ ගැන කතා නොකර . . .
ඒත් එපා. කොහෙන් කතාව පටන් ගත්තත් ඔයාලා අවසානයේ නතර වෙන්නේ ෆ්ලයිං ෆිෂ් ගාවනේ. ඒක නිසා මේ කතාව මෙහෙම්ම නවත්වමු. බායි.
එහෙම කියලා ගයේෂා ෆෝන් එක තිබ්බා. තමන් කැමැත්තෙන් රඟපෑ චරිතයක් ගැන ඇය කතා කරන්නට අකැමැති ඇයි ද යන්න අපටත් ගැටළුවක්.


http://www.sarasaviya.lk/news/?fn=sa1311141

1 comments:

www.wasanthanamaskara.blogspot.com

Post a Comment