----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

’අභීත දියණිය’

Tuesday, June 18, 2013

පුංචි කුමාරයාට වෙන දේ හරියට මට වෙනවා වගෙයි

‘අභීත දියණිය’ පුංචි කුමාරයාට හඬ කවන
යොං සෝ කුමරු
මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ’අභීත දියණිය’ මාලා නාටකය වයස් භේදයකින් තොරව ලොකු පොඩි කා අතරත් එකසේ ජනපි‍්‍රය යි. ‘දොං යී’ ගේ පුංචි පුත් කුමරු ‘යොං සෝ’ ට කුඩා දුවා දරුවන් දක්වන්නේ ඉමහත් ආසාවකි. මේ පුංචි කුමරු ගේ චරිතය මෙතරම් ජනපි‍්‍රය වීමට එම චරිතයට පණ දෙන කට හඬ ඉවහල් වී තිබේ. ‘යොං සෝ’ ට හඬ කවන්නේ තවමත් පාසල් වියේ පසුවන පුංචි පුතෙකි. ඔහු නමින් නිරෝෂ් ලක්ෂාන් ද සිල්වායි. පොකුණුවිට සිරිමෙවන් මහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ පුංචි පුතු කලා හැකියාවන්ගෙන් ඉදිරියෙන් ම සිටින්නේය. ලක්ෂාන් තමා හඬ කවන පුංචි පුත් කුමරුගේ චරිතය ගැන අපිත් එක්ක කතා කළේ මේ විදිහට.
”දොං යී ගෙ පුංචි පුතා හරිම හුරතල්. ඔහුට මගේ හඬ ලබාදෙන්න හැකිවීම ගැන මම හුඟාක් සතුටු වෙවා. එය ඉතාම සංවේදී චරිතයක්. මම හඬ කවන කොට දැනෙන්නේ පුංචි කුමාරයට වෙන දේ හරියට මට වෙනව වගේයි. ඉතින් සංවේදී තැන්වල දී මටත් ඇත්තටම එයා අඬන කොට ඇඬෙනවා.
ලක්ෂාන් ගේ කලා හැකියාවන් හඳුනාගෙන ඔහුව දිරිමත් කරන අය බොහෝයි.
”මම පුංචි දවස්වල ඉඳලම කථික තරග, ගායනා ආදියට දක්ෂයි. කොහොමින් හෝ පොකුණුවිට ශ්‍රී විනයාලංකාර අපේ පන්සලේ දහම් පාසලේ වැඩසටහනක් කරන්න ජාතික රූපවාහිනියෙන් පැමිණියා. එහිදී මම ස්තූති කතාව කළා. මෙතනට පැමිණ සිටියා ජාතික රූපවාහිනියේ ප්‍රධානියකු වන අතුල රන්සිරිලාල් මාමා. එතුමා තමයි මාව ජාතික රූපවාහිනියට ගෙනැවිත් හඬ කැවීම් ඇතුළු කලා කටයුතුවලට දායක කර ගත්තේ. එතුමාගේ මඟ පෙන්වීම නොවන්නට අද මට මෙතරම් දුරක් එන්නට ලැබෙන්නේ නැහැ.
අද වන විට හුඟාක් කාටුන් වැඩසටහන්වලට මම හඬ කවලා තිබෙනවා. ඒ අතර ‘අතුරු මිතුරු’, ‘දුනුවලිගා’ විශේෂයි. ඒ වගේම ඒකාංගික ටෙලිනාට්‍යකත් චරිත නිරූපණය කරන්න අවස්ථාව මට හිමි වුණා. මගේ අනාගත බලාපොරොත්තුවත් කලා අංශයෙන්ම ඉදිරියට යාමයි.
මුලදී යම් චකිතයක් හිතේ තිබුණත් දැන් නම් එයට හුඟාක් හුරුයි. ඒ වගේම හුඟාක් ආසාවෙන් තමයි හඬ කැවීම් කටයුතු කරන්නේ. මට හිතෙන්නේ ‘යොං සෝ’ කුමරු මගේ ඇඟේ ජීවත් වෙනවා කියලයි.
සහෝදරියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වන ලක්ෂාන් කලාවේ නිරතවීමට අත හිත දුන් සැමටම තම ස්තූතිය පුද කර සිටිනවා.
”අභීත දියණී” නාට්‍යය නරඹන හුඟදෙනෙක් මට දුරකථනයෙන් අමතා ඔවුන් ගේ සුබ පැතුම් පිරිනමනවා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, යහළු යෙහෙළියන් වගේම පන්සලේ ධම්මානන්ද හිමියන් ඇතුළු හැමදෙනෙක් ම මට ආශිර්වාද කරනවා. ඒ ගැනත් නිහතමානීව මම සතුටු වෙනවා.”
සිරිමෙවන්ගම, පොකුණුවිට ලක්ෂාන් ගේ ලිපිනයයි.

0 comments:

Post a Comment