----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

භාග්‍යාගේ පරණ මතකය

Friday, June 14, 2013

භාග්‍යාගේ පරණ මතකය
භාග්‍යා හෙට්ටිආරච්චි ජනප්‍රිය යොවුන් නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කලා ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් නොදන්න කරුණක් තමයි ඇය ගායනයට බොහෝ සෙයින් දක්ෂ බව.
භාග්‍යා සංගීතය ප්‍රගුණ කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේයි. කේමදාස මාස්ටර් ගේ ඔපෙරාවන්හිත් භාග්‍යා සිය දක්ෂතා විදහා පෑවා.
පසුගිය දිනෙක ඇගේ සංගීත දිවියේ අපූරු මතකයක් ගැනත් භාග්‍යා අපිත් එක්ක පවසා සිටියා. “කේමදාස සර් හැමදාමත් කැමැතියි වෙලාවට වැඩ කරන්න. අපේ සංගීත පන්ති පැවැත්වුණේ කොළඹ ජනකලා කේන්ද්‍රයේ දීයි.
ඇත්තටම කේමදාස සර් යටතේ ගෙවුණු ඒ කාලය හරිම සුන්දරයි. විනෝදජනකයි. සර් කැමති නැහැ. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පරක්කු වෙලා පන්තියට එනවට. මං හැමදාමත් පන්තියට එනකොට පරක්කු වෙනවා. ඉතින් මාව දැක්කහම සර් බනිනවා. ඒ හින්දා පස්සේ පස්සේ මම කරන්නේ ජනකලා කේන්ද්‍රයේ පන්ති පැවැත්වෙන හෝල් එකේ ජනේලයෙන් පැනලා පන්තියට ඇතුල් වෙන එක. පන්තියේ ළමයි වටවෙලා ඉන්න විට සර්ට ජනේලය පේන්නේ නැහැ.
ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. ‍ෙප්‍ර්මසිරි කේමදාස වැනි මහා සංගීතඥයෙකු ගෙන් සංගීතය හදාරන්න ලැබීම මං ලැබූ වාසනාවක් ලෙසයි මම සලකන්නේ. එතුමා ලබාදුන් සංගීත ඥානයෙන් ඉදිරියේ දී උපරිම ප්‍රයෝජන ලබාගෙන ගායන අංශයෙනුත් ඉදිරියට යන්නට මම උත්සාහ කරනවා.

0 comments:

Post a Comment