----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

||| යං ||| ඔව්, අපි කුණුහරුප පත්තරයක් |||

Friday, June 14, 2013

යං

ඔව් ! අපි කුණුහරුප පත්තරයක් 

http://www.mawbima.lk/82-0-news-list.html 
අපිට දැන් ගොඩක් දේවල් පේන්නෙ කුණුහරුප විදියට. ඒ මේ සිස්ටම් එකේ හැටි. සොසේජස් ඉස්සරහ, කොස් කුණුහරුපයක්, අභීත දියණිය ඉස්සරහ ගමේ රේණුකා කුණුහරුපයක්. ඒක හරි ස්වාභාවිකයි.

පරණ භාවිතාවන් ඉස්සරහ, අලුත් දේවල් සමාජගතවෙන කොට ඒක ගොඩක් අයට පේන්නෙ කුණුහරුපයක් විදියට. යං කියන්නෙත් එහෙම ආඛ්‍යානයක්. මීට අවුරුද්දකට ඉස්සරහ අපි ඒ ආඛ්‍යානයට බොහෝ දේ සොයා බැලුවා. ලංකාවේ තාරුණ්‍යයට තිබෙන මුද්‍රිත මාධ්‍ය අතරෙ අපි කොහොමද අපේ ඉඩ වෙන්කරගන්නෙ කියලා. මුලින් මුලින්, ෆෝටි නෝටි ඇන්ටිලාගෙනුත් හදවතින් විතරක් නෙවෙයි කේශනාලිකාවලින්, ඇටමිදුළුවලින්ම වයසට ගිය අන්කල්ලාගෙනුත් කනපැළෙන්න බැනුම් තිබුණත් අපේ යං සමාජය අපේ ආඛ්‍යානය වැලඳ ගත්තේ පට්ට ආදරේකින්. කෙල්ලන්ට රේන්ද මහන්න - මල් මහන්න ඇන්තූරියම් වගා කරන්න කියන කාරණාවලට එහා ගිය කොල්ලන්ට සිල්ලර කතා ලියනවට එහා ගිය වෙන ලියවිල්ලක් අපි ගොඩනැඟුවා. කොටින්ම කියනවානම් අපිට වුවමනා වුණේ භාෂාවේ පොරිටික. එහෙමත් නැත්නම් රැස් ටික අපේ කුලකයට අරන්යන්න. ඉලෙක්ට්‍රොනික් මීඩියා, මෙච්චරටම හිට් කාලෙක අකුරුවලට තියෙන වටිනාකම් වැඩි වුණේ ඒ රැස් නිසා. අපිට ආපු සියලු බැරියර්වලට මුහුණ දෙන්න අපිට ශක්තියක් වුණේ අපේ ප්‍රධාන කර්තෘ වන තුෂාර ගුණරත්න මහත්මයා. ඒ වගේම උපුල් ජෝශප් ප්‍රනාන්දු මහත්මයා. ඒ දෙන්න නැත්නම් ජාතික පුවත්පතක අපට මෙච්චර හිතුවක්කාරකම් කරන්න බැරි වෙනවා.


කවුරු කොහොම කිවුවත් කවුරු කොහොම හිතුවත් අපේ යං සමාජය ගැන අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම කවදාවත් අපි අමතක කරන්නෙ නෑ. මඟහරින්නෙත් නෑ. වෙළෙඳපොළ ඇතුළෙ කොල්ලො කෙල්ලො කියන්නෙ මාරම මාර්කටින් බේස් එකක්. ටෙලිවිෂන් එක දිහා පැයක් වාඩිවෙලා බලා හිටියොත් තරුණයා නිර්මාණය වන විදිය හිතාගන්න පුළුවන්. උගේ ඇඳුම් පැලඳුම්, කනබොන විදි, හෙයා ස්ටයිල්, වෙඩින් එක ගන්න විදි, ලව් කරන විදිය, පරණ කෑල්ලට වඩා ඊළඟ කෑල්ල රසයි කියන විදිය, අපිට බලාගන්න පුළුවන්. ඒ නිසාම ලස්සන ශරීර අපිට හැම තැනම දකින්න පුළුවන්. දැන් කොල්ලො කෙල්ලො පට්ට විදියට පැෂන් කරනවා. උන් ඇත්තටම ලස්සනයි. නමුත් අපිට වුවමනා වුණේ ඒ ලස්සන ශරීරයට අලුත් ඔළුවක් බද්ධ කරන්න. කෙටියෙන්ම කියනවනම් තමාගේ ප්‍රේමවන්තියට තරමට අනිත් සමාජයටත් පට්ට විදියට LOVE කරන සමාජයක් බිහිකරන්න අපට අවශ්‍යයි. ටෙලිෆෝන් නම්බරයක් විතරක් බවට පත් වුණු ජීවිතේ, අලුතෙන් මානව සම්බන්ධතා හදාගන්න කුලකයක් නිර්මාණය කරන්න අපට අවශ්‍යයි. ඒ සඳහා යං ජෙනරේෂන් එක අපි සූදානම් කරනවා.

ඒ අරගලයේ අලුත්ම ක්‍රියාදාමය තමයි අපේ Class එකට යං Program එක. Class එකට යං තුළත් ලංකාවෙ කෙල්ලො කොල්ලො ලක්‍ෂයකට අපි සෘජුවම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පටන් ගත්තෙ ගාල්ලෙන්. ඒ මැයි 21. ඊට පස්සෙ ජුනි මාසෙ 22 අපේ දෙවැනි Class එකට යං වැඩසටහන නුවර උපුල් ශාන්ත සන්නස්ගලගෙ Class එකේ සුහුඹුල් මානව මානවිකාවන් දෙදහසකගේ සහභාගිත්වයෙන් සිදුකරනවා. අපි එතැනදී LOVE ගැන, මානව සම්බන්ධතා ගැන, කවි, ගීත ගැන කතා කරනවා. ඒ වැඩසටහන කොතරම් ජනප්‍රියද කිව්වොත් ජූලි මාසෙ තිස්සමහාරාමයටත්, අගෝස්තු බළන්ගොඩත් පැවැත්වීමට දැනටමත් දින වෙන් වෙලා ඉවරයි. ඒ තැන්වලට ගියාම අපේ යං සමාජය අපිට කියන්නෙ ඔයාල පත්තරයක් නෙවෙයි ජීවිතයක් කියලා. ඒ තරමටම ඔවුන්ට අපි ළංවෙලා.


ඔව්... අපි දේශපාලනිකයි. ඒ දේශපාලනයේ පරමාදර්ශය ආදරය පමණයි. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අරගල කරනවා. ලංකාවේ බහුතරයක් අම්මල තාත්තලාට වැටහෙන්නෙ නැති බහුතරයක් සුචරිතවාදීන්ට වැටහෙන්නෙ නැති මේ කුණුහරුපය අපේ යං සමාජය ආදරයෙන් වැලඳගන්නවා. අපේ කුලකය අපිත් එක්ක යං.


ජයවේවා!
සංජක ප්‍රසාද් ‍ෙදාලේවත්ත


0 comments:

Post a Comment