----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මීට පස්සේ මෙගාවල මම නෑ

Sunday, March 24, 2013


මීට පස්සේ මෙගාවල මම නෑ

- ශලනි තාරකා

ශලනි තාරකා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. පුංචි තිරය හරහා පසුගිය කාලයේ ඇය ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් ළං වූවාය. මේ දිනවල ඇය කාර්ය බහුලව සිටින්නේ සිනමා රංගනයට ශලිනි වැඩි දායකත්වයක් ලබාදෙන නිසාය. ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට අද අප ශලිනි තාරකා කැඳවා ගත්තේ් ඇයගේ නවතම තොරතුරු පිළිබඳ විමසා බලන්නටය.

මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඔබේ කාලය ගතවෙන්නේ?
මම රංගනයෙන් දායක වුණු ‘ස්පන්දන’, ‘මායාවි’ කියන චිත්‍රපට දෙකේ රූපගත කිරීම් අවසන් වුණේ මීට දින කීපයකට පෙරයි. ඊට අමතරව “සඳ පිණිදියක”, “හේඩි”, “තරු අහසට ආදරෙයි”, “හිරුට මුවාවී”, “දියමත ලියමි” ටෙලිනාට්‍යවල රූපගතකිරීම්වලට දායක වෙනවා.
ඒ නිසා මේ දිනවල තරමක් කාර්ය බහුලයි.

”ස්පන්දන” චිත්‍රපටයේ ඔබ මොනවගේ චරිතයක්ද නිරූපණය කරන්නේ?
එහි මගේ චරිතය මයුමි. මෙය අද්භූත බලවේග හොල්මන් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන කතාව යටින් ආදර කතාවක් ද කියවෙනවා.
මයුමි ඉතාම ධනවත් පවුලක ගෑනු ළමයෙක්. එයා හෘද රෝගයකින් පෙළෙනවා.
මේ සිදුවීම් ඇසුරින් තමයි ‘ස්පන්දන’ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙය ඉතාම නිර්මාණාත්මක චිත්‍රපටයක්.

එතකොට “මායාවි” චිත්‍රපටය මොනවගේ ද?
”මායාවි’ චිත්‍රපටය මම නිරූපණය කරන්නේ වර්ෂා කියන මන්ද මානසික යුවතියගේ චරිතය. මෙහි කතාවත් කුතුහලය පිරුණු අපූරු කතාවක්. “මායාවි” සහ “ස්පන්දන” චිත්‍රපට දෙක මෑත කාලයේදී මට රඟපාන්න ලැබුණු ඉතාම හොඳ නිර්මාණ දෙකක්. සරල ආදර කතාවලින් බැහැරව මෙවැනි චරිත නිරූපණය කරන්න මම කැමැතියි.

චිත්‍රපට වලට වැඩි කාලයක් යොදවන නිසා ටෙලිනාට්‍ය වලින් ඔබ බැහැර වෙලා ද?
නැහැ එහෙම කියන්න බැහැ. මේ දිනවල මට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබිල තියෙන නිසා ඒ රූපගත කිරීම්වල නිරත වුණා. ඒ නිසා ටෙලිනාට්‍ය වැඩිය බාරගන්නේ නැහැ. පසුගිය කාලේ මම ටෙලිනාට්‍ය බොහොමයක රඟපෑවා. ඉතින් දැන් චිත්‍රපටවලට ප්‍රමුඛතාවයක් දෙනවා. හැබැයි ඉදිරියේදි ටෙලිනාට්‍ය බාරගැනීමේදී තෝරා බේරාගෙන රඟපාන්න මම හිතාගෙන ඉන්නවා.

ඔබ මෙගා ටෙලිනාට්‍ය වලට දායක වෙලා නැතිද?
එක් මෙගා ටෙලිනාට්‍යකට මම දායක වුණා. ඒ; මීට කලකට පෙර. ඉන්පසුව මම මෙගා ටෙලිනාට්‍ය බාරගන්නේ නෑ.

ඇයි ඔබ මෙගා ටෙලිනාට්‍යවලට අකැමැති?
එකදිගට එකම නිර්මාණයක රඟපාන්න සිදුවීම එක කාරණයක්. මෙගා ටෙලිනාට්‍යවලට මම අකැමැති වෙන්න හේතුවුණු අනෙක් කාරණය තමයි බොහොමයක් මෙගා නාට්‍යවලට ස්ථිර ටෙලි පිටපතක් නොතිබීම. ගොඩක් මෙගා ටෙලිනාට්‍යවල පිටපත ලියවෙන්නේ එදාට, එදාට. කිසියම් නිර්මාණයක මූලික කතාව එහි චරිතවල හැසිරීම නොදැන රඟපෑම අසීරුයි. ටෙලිනාට්‍ය ආරම්භයේදී චරිතය ගැන කියන දේ නෙමෙයි ටෙලිනාට්‍ය මැදදී සිදුවෙන්නේ.

ඔබ දැන් වඩාත් කැමැති ටෙලිනාට්‍යවල රංගනයට ද? චිත්‍රපටවල රංගනයට ද?
මේ දෙකටම මම කැමැතියි. මේ දෙක මාධ්‍ය දෙකක්. සිනමා රංගනය ඉතාම සියුම් රංගනයක්. චිත්‍රපටයක කෙටි කාලයක් තුළ රංගනයෙන් විශාල දෙයක් කරන්න පුළුවනි. ඒ වගේම ටෙලිනාට්‍යවලින් ඉතාම කෙටි කාලයක් තුළ මුළු රටේම ප්‍රේක්ෂකයින්ට ළංවෙන්න පුළුවනි. කෙසේ හෝ මේ මාධ්‍ය දෙකේ හොඳ නිර්මාණවලට පමණයි මම ඉදිරියේදී දායක වෙන්නේ. ඉදිරියේදී මම ටෙලිනාට්‍යවල රඟපෑම තරමක් දුරට සීමාවේවි.

නර්තනය අමතක කරලද?
නැහැ. නර්තනය මම කවදාවත් ම අමතක කරන්නෙ නැහැ. පසුගිය කාලයේ නර්තන ප්‍රසංග ගණනාවකට දායක වුණා. හැබැයි රියැලිටි නර්තන තරගවලට යන්නේ නෑ කියන මතයේ මම ඉන්නවා.

ඔබේම නර්තන ප්‍රසංගයක් කරන්න බලාපොරාත්තුවක් නැතිද?
නැහැ. මම තාම හිතල නෑ.

ඔබේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක් නේද?
ඔව්; මගෙ අම්මා නිර්මා සුරාජි. මම සිරස කුමරිය වෙන්නත් කලින් ඉඳල ම මගෙ අම්ම රංගනයේ සිටියා. අම්ම තමයි මාව රංගන ක්ෂේත්‍රයට යොමු කළේ. මුලදි මගෙ කැමැත්තක් තිබුණේ නෑ රඟපාන්න. අම්මගෙ උනන්දු කිරීම නිසයි මම රඟපාන්න පෙලඹුණේ. දැන් මගේ රංගනයන් ගැන හොඳ නරක කියා දෙන්නේ අම්මා ඇතුළු පවුලේ අය.

දැන් ඔබේ වයස කීයද?
මට තාම අවුරුදු 22 පහුවුණා විතරයි.

දැන්ම පිළිවෙළක් වෙන්න අදහසක් නැතිද?
තවත් අවුරුදු 2 ක් 3 ක් විතර මෙහෙම ඉන්නයි හිතාගෙන ඉන්නේ.

ජීවිතයට සමීප කෙනෙක් එහෙම ඉන්නවාද?
තාම නෑ.

0 comments:

Post a Comment